Wednesday 29 August 2012

සිහින කුමරිය. (දෙවැනි කොටස) ජීවිතය වෙනස් කල කතාවක්.



ඉදිරි දින දෙකතුන සද්දයක් බද්දයක් නැතිව ගෙවීගියේය. දුලිගේ ක්‍රියාකලාපයෙන් කලකිරීමට පත්වසිටි මම. බුකිය භාවිතයත් තාවකාලිකව නවතාදමන ලදී. එදින උදෑසන මට පැමිණි යාහු පණිවිඩයේ සඳහන් වූයේ අයියේ ඔයා ඉන්නවාද යන්නයි. මම එවිට ඔව් යයි ටයිප් කොට යැව්වෙමි. නැවත බනි විසින් එවන ලද්දේ ඕකේ. අරව ඔක්කොම හරි දැන් ඔයා කවද්ද ලංකාවට එන්නේ යනුවෙනි. එවිට පිළිතුරු වශයෙන් මම දවස් 3කින් මම එනබව දැන්නුවෙමි. එවිට ඇය අනේ එහෙනම් එනකොට මට චෝකෝ ගෙන්නකෝ. යයි පැවසිය. ඇයගේ එම කතා බහ විලාසය දැඩිලෙස මා සිත්ගත් බවනම් පැවසිය යුතුය. එවිට මා සඳහන් කලේ ඕකේ මම ගේනම්කො.... යනුවෙනි.

   කෙසේහෝ එම දිනය උදාවිය. මාහට ලංකාවට යාමට සිදුවන ගෙදරින් ඈත් වී. එදින රෑ 7 ට පමණ. මම සූදානම් වෙත්දී. ඇය විසින් නැවත චැට් කරන ලදී. එවිට මා දැන්වූයේ නංගි මම දැන් ලැහැස්ති වෙනවා. මම ලංකාවට ගියාම මට ඔන්ලයින් එන්න වෙන එකක් නම් නැහැ. ඔයාගේ නම්බර් එකක් එහෙම තියෙනවනම් මම කතාකරන්නම් යනුවෙනි. විනාඩි 10 ට පමණ පසු නම්බර් දෙකක් ඇය විසින් එවන ලදී. ටෙලිකොම් නම්බර් එකක් සහ ඩයලොග් එකක්ය. එම නොම්බර දෙකම මගේ මොබයිලයට ඇතුලුකොටගත් මා ලැපයත් වසා පැක් කොට ගත්තෙමි. දෙමව්පියන් සමග සාර්ජා ගුවන්තොටට පැමිණි මා හට සමුගන්නට කාලය හරිය. මගේ මලයාගේ මුහුණ, කරත්තෙකට අසුවූ  කජුලේල්ලක් මෙන් විය. මක් නිසාද යත් ඔහු නිවසේ වැඩිපුරම කාලය ගතකරන්නේ මා සමග බැවිනුත් අපි දෙන්නාම විසින් නංගිව මායිම් නොකරන බැවින්. ඔහුට මගේ නික්ම යාම දුකක්ම විය. (එවකට ඔහුගේ වයස  අවුරුදු 7 යි) මා රැගත් ගුවන් යානය ලක්බිම කර පියාසර කෙරින.




   පාන්දර 4 ට පමණ බණ්ඩාරනායක ගුවන්තොටින් බැසගත් මා. එලියට පැමිණ පළමුවම සිදු කලේ පෙනහැලි පිරෙන්න තදින් හුස්මක් දෙකක් ගත් එකය. මක්නිසාද යත් ලංකාවේ හමන හුළඟත් සුවදායක වූ බැවිනි. 


කුලිරියක නැගුනු මම අම්බලන්ගොඩ බලා පිටත් විනි. මක්නිසාද යත් අතුරුගිරියෙහි පිහිටා ඇති අප නිවසෙහි දැනට කවුරුවත් වාසය නොකරන බැවින් එය වසාදමා ඇත. මා හට තනිව එහි විසීමට නොහැකි බැවින් සහ රැකවරණය මදකම බැවින් මාව ලොකු අයියාගේ භාරයට පත්කිරීමට මා දෙමාපිය දෙපල විසින් කටයුතු යොදා තිබිණ. මෙසේ යනවිට මගේ හිතට ආ එක අදහසක් අනුව මා බනි විසින් ලබාදුන් ඩයලොග් නොම්බරයට ඩයල් කොට බැලුවෙමි. හත් ඉලව්වයි වැඩ..... වැඩ..... මෙම වෙලාව කෙනෙකු ඇමතීම සඳහා නුසුදුසු බැවිනුත්, නින්දට භාදා වූ කල ඔවුන් විසින්  මගේ දෙමව්පියන් අනුස්මරණය කිරීම කල හැකි බැවිනුත්, මම මොබයිලය නැවත සාක්කුවේ දාගතිමි.
    
            ගෙදරට බට මා පිළිගනු ලැබුයේ ලොකු නැන්දා සහ මා ආදරණීය මිත්තනිය විසිනි. ඇඟ පත සෝදා උදෑසන ආහාර ගන්නාවිට ආච්චි විසින් දන්වන ලද්දේ මගේ මොබයිලයට මගහැරුණු ඇමතුමක් ආ බවය. එය දෙස බැලු කල මා දුටුවේ. මා විසින් උදෑසන රින් කොට බැලු නොම්බරයම බවය. කවුද දන්නේ දෙවියනේ මේක කාගේද කියල අද කාලේ ඉන්න කෙල්ලෝ විශ්වාස කොරන්න පුලුවන්ද? නැත්නම් කට්ටියම එකතු වී මාව ගොනාට ඇන්දීමට වෙන අයෙකුගේ නොම්බරවත් ලබදුන්නෙහිද? යනාදී ගැටළු රාශියක් මසිතට නැගිණ. කොයිකටත් කියා ගන්න ඕනේ කෝල් එකක් යයි සිතා. ඇමතු විට ඉතාමත් සුන්දර  කිංකිනි (අනේ මන්ද වෙන මොනවා කියන්නද කියල) කටහඬක් මසවනට පතිත විය. එතෙක් අප කතාකොට නොතිබුන බැවින් (චැට් කලාට කටහඬ අහල තිබුනේ නැහැ) මෙන්න ඒ සංවාදය.

මම: හෙලෝ මේ මෝහිනී නංගිද (සැබෑ නම මෝහිනී කියන නමට ටිකක් ලඟින් යන නමක්) ලොල්
ඇය: ඔව් කවුද මේ?
මම: ආ..... මේ මම මහසෝනා අයිය කතාකරන්නේ
ඇය: ආ..... අයියේ කීයටද ආවේ
මම:  උදේ 4 ට විතර නංගෝ
ඇය: හ්ම්ම් දැන් කොහෙද ඉන්නේ
මම:  නැන්දලගේ ගෙදර ආච්චි හදල තියෙන දේවල් කනගමන් අනේ.
ඇය: ආ..... කෝ මොනවද මට ගෙනාවේ. මම ගෙන්න කියපුවා ගෙනාවද?
මම: අයියෝ නංගි හරිම ප්‍රශ්නයක්නේ වෙලා තියෙන්නේ.
ඇය: ඇයි
මම: ඔයාටම කියල මම මේ ගෙනාව හැර
මිටියයි සිල් රෙද්දයි අපේ ආච්චි ඉල්ලලා පොරකනවනේ. බේරෙන්න බැහැ වදේ
එවිට නැවතත් අර රිදී සීනු සෙලවෙන්නාක්  වැනි වූ සිනහ හඬ ඇහෙන්නට විය. ඒ අතර තවත් සිනහ හඬක් ඇසුනෙන් මම ඒ පිළිබඳව විමසිලිමත් වූයෙමි.
මම: කවුද නංගි අර හිනාවෙන අනෙක් කෙනා
ඇය: ආ...... ඒ අපේ අම්මා. මම මේ ස්පීකර් දාගෙනනේ කතාකරන්නේ උදේට කන්න බතල හදන ගමන්

මට එවිට අම්මපා ආව කේන්තියක්. මේකා මේ මාත් කතාකරන්නේ රට වටෙටම ඇහෙන්නද?


මම: ආ.... කියන්නකෝ අම්මටත් හායි කියල එහෙනම් මම පස්සේ කතාකරන්නම්  

ඇය: ඕකේ අයියේ බුදු සරණයි!



      වෙහෙස නිවාගන්නට නිදාගත් මා හවස ඇහැරුනේ සෙලෙස්තිනාගේ පැමිනීමෙන්ය. සෙලෙස්තිනා නොහොත්  සිරිපිනා යනු මගේ පොඩි මාමගේ බාල දියණියයි. අර සුනාමි කතාවේ ඉන්න. අපි දැන්නම් හුරතලේට කියන්නේ සෙලා කියාය. හයියෝ ආව වෙලේ ඉඳන් කච කචේ.... කච කචේ.... ඉවරයක් නැත. පරණ ගල්මෝලක් මෙන් වුවත් එය ඇයගේ මුහුණට පැවසීමට නොහැකි වූයේ. අමනාප වුවහොත් මගේ අත්පා මෙහෙවර කිරීමට එකෙක් නොමැති නිසාය. මම ලංකාවට පැමිණියේ ඔක්තෝම්බර් 1 වෙනිදාය. මා බැහැදැකීමට පැමිණි සියලුම නෑයන් සහ වේයන් වෙත අම්මා විසින් ලබාදුන් දොලපිදේනි පුදකොට අහවර කල මම. නැවත බනි වෙත ඇමතුමක් ගත්තෙමි. එදිනත් රෑ පැය දෙකක් පමණ කතා කල පසු නිදාගැනීමට ගියද  කෙටිපණිවිඩයක ශබ්දයෙන් දුරකතනය කියවූ මට දක්නට ලැබුනේ ලැබුනේ මෙවන් පණිවිඩයකි.

ආ... ගෙම්බෝ දැන් නිදාගන්නද හදන්නේ?

එහෙනම් කොලයක් යටට වෙලා හොඳට නිදාගන්න
පරිස්සමෙන් ගෙම්බියෝ ලයින් දාවි.

    එය කියවූ මගේ මුවඟට සිනහවක් නැගුනේ නිතැතිනි.  ඇ
යටම විශේෂිත වූ තවත් දෙයක් නම් ඇය මා සමග කතාකලේ මට කිසිම බයක් හැකක් නැති මාව ගණන් නොගන්නා ආකාරයටය. මගේ ජීවිතෙට කිසිම කෙනෙක් එතෙක් ඒ විදියට මා සමග කතාකර තිබුනේ නැත. වරද දුටු තැන කෝපයට පත්වෙන බැවින් සහ කිසිවක් ගණන්ගන්නේ නැති මා හට අප පවුලේ ලැබී තිබුනේ සුවිශේෂී තැනකි. මන්ද යත්. ඉගනීම අතින් පවුලේ ළමයින්ගෙන් ඉහලම  ස්ථානයේ ඉන්නේ මම බැවින් සහ මාගේ මව් පස ගැහැනුලමයෙකු වූයේ ඇය පමණක් බැවින් අනෙක් ඔක්කොම ඇයගේ අයියල වූ බැවිනුත්, තමන්ගේ එකම නංගිගේ පුතා කියන තැන මට හිමිව තිබිණ. පිය පාර්ශවයෙන්ද පියා  බාලයා සහ අනෙකුත් සියල්ල සහෝදරියන් වූ බැවින් එම පවුලේද ඉහලම සැලකිල්ල සොයාබැලීම මට ලැබී තිබිණ. ( මම හිතුවක්කාර වෙන්න ඒ හේතුවත් බලපාන්න ඇති සමහර විට)


         එදින ඔක්තෝම්බර් 6 වැනි දින විය එය මට සිවිශේෂී දිනයක් වූයේ. එය මාගේ විසිවැනි උපන් දිනය වූ බැවිනි. පවුලේ අය  එකතු කොට හීනියට වගේ පොඩි සාදයක් පවත්වා. එහි ෆොටෝ බුකියට අප්ලෝඩ් කලෙමි. 
                               සෙලාගෙන් කේක් කෑල්ලක් :D
                                                    
විනාඩි කිහිපයකින්. මා හට ඇමතුමක් ගත් Bunny. මේ මලපෙරේතය වගේ තනියම කේක් කාල පාර්ටි දැම්මනම් අපිව අවුස්සන්න ෆොටෝ දන්නේ නැතිව ඉන්නවද.......... යනුවෙන් දෝෂාරෝපණය කරන්නට විය. හරි හරි ළමයෝ ඔයාලටත් ගෙනත් දෙන්නම් කෝ..... යනුවෙන් ඇයව ශේප් කර ගැනීමට සිදු විය. මම මාගේ නෑදෑ වෙන මාම නැන්දලාගේ ළමයින් සමග වඩාත් කිට්ටු වන්තව ඇසුරු කල . මැයටත් මම සැලකුවේ සෙලාලා හා සමානවමය. ඇගේ හුරතල් ක්‍රියාකාරකම් මා සිත් ගත්තේය. නමුත් ඈ නිතරම කියන්නේ කෝ අනේ මගේ චෝකෝ එක යනුවෙනි. ලොකු මාමගේ උදව්වෙන් මා හට ඉගැන්වීමට. කෙනෙක් හොයාගත් නමුත් මසකට අධික  මුදලක්  ඔහුට ගෙවීමට සිදු විය (මාස්ටර් ඩිග්රියක පවර් එක තමයි). අපි ඔහුට ගයාන් කියමු. මිස්ටර් ගයාන් මගේ අලුත් ගුරුවරයා විය.  කැම්පස් එකෙන් ලැබෙන්නාවූ ටියුට්ස් නෝට්ස් ඔහු ලවා තේරුම් කරවා ඉගන ගැනීමට මට සිදු විය.

     මෙසේ කාලය ගෙවීගෙන යන අතර වාරයේදී ඇය මගේ සිතට ගොඩක්ම සමීප විය. ඇය සතු නිරහංකාර ලාංකීය ගතිගුණ සැබවින්ම මා සෙවූ ආකාරයේම විය. මේ වන විට මට ඇය පිලිබඳ සිතක් පහලවීගෙන එන බව පැහැදිලි වින. නමුත් මට මෙය ඇයගෙන් ඇසීමට විදියක් නැත්තේය. මක්නිසාද යත් එවන් දෙයක් අසා මේ තිබෙන්නාවූ  ,මිතුදමත් බින්දගන්නට මට අවශ්‍ය නොවූ බැවිනි.
මොබිටෙල් වලට පින්සිද්ද වෙන්න ෆ්රීඩම් දමා එකදිගට පැයක් ලෙස දවසට තුන් හතර පාරක් කතාකලෙමි. දිනක් මම ඇයගෙන් මෙසේ ඇසීය. නංගි බබා  ඔයා එනවද මාත් එක්ක ඩුබායි යන්න. එවිට ඇය කිව්වේ හා එන්නම්. තාත්ත කිව්වා අපිව ගන්නවා කියල ඒ ආවාම කියාය. එහෙම නෙවෙයි. මාත් එක්ක හැමදාම යන්න එන්න කැමතියි? ඇසීමි. එහා පැත්තෙන් කිසිම සද්දයක් නොවූ බැවින් මම බිය වූයෙමි මක් නිසාද යත් එම කතාවෙන් ඇය අප්සට් වූවානම් අප අතර ඇති මිතුදමත් බිඳී යන බැවිනි. එබැවින් එය විහිලුවකට හෝ පරිවර්තනය කල යුතුය. මන්ද යත් මා නිතරම විහිලු කරන බැවින් මෙයත් ඒ පිටම පැටවිය හැකි බැවිනි මම ඇයට කතාකලෙමි මොකද නංගි සද්ද නැත්තේ. මාත් එක්ක තරහද? නැහැ අයියේ ඔයා අපේ අම්මට කතාකලානම් නේද හොඳ යැයි ඇය කීවේය. මම කිසිම දෙයක් කාටවත් හොරෙන් කිරීමට අකමැති බැවින් මම ඇයගේ මවට කතාකිරීමට තීරණය කලෙමි. 

      පහුවැනිදා ඉගැන්වීම් කටයුතු හමාර වී පැමිණි පසු මම ඇයගේ මවට කතාකලෙමි. ආන්ටි මම මේ කෝරලේ ගොයියා කතාකොරන්නේ යැයි කී විට මා බලාපොරොත්තු වූයේ. එම්බා දුෂ්ටය. තට කොහේ ඇති හයියක්ද මගේ සුරතල් සිඟිති දියණියට බැලුම් හෙලන්න. යැයි බැනවදිනු ඇති බවය. නමුත් ඇය මා සිතු ආකාරයේ නොවීය කරුනාවන්ත කාන්තාවක් වූ ඇය මා සමග සුහදව කතාකිරීමට විය. ආගිය තොරතුරු කිව්වත් මගේ පවුලේ උදවිය ගැන සඳහනක් නොකිරීමට මම වගබලා
ගත්තෙමි. එය මා විසින් කියනවාට වඩා ඔවුන් පැමිණි පසුව දැනගැනීමට සහ ඔවුනොවුන්ට කතාකරගැනීමට තැබුවෙමි. කතාව අවසානයෙහි ඇය කිව්වේ. පුතේ මගේ දුව දුක හඳුනන්නේ නැති කෙනෙක්.පවුලේ එකම දරුවා හින්ද බොහොම සැපට තමයි අපි හැදුවේ. අනෙක මෙයා ඉන්නේ අසනීපෙන් එයාව දුකෙන් තියන්න පුළුවන් කමක් නැහැ. මීට කලින් පිරිමි ළමයෙක් ගමේම එයා ගැන ඇහුවාම මම කිව්වේ මෙන්න මේක තමයි මම මගේ දූව දෙන්න තියෙන කොන්දේසි. (හත් ඉලව්වයි කිව්වලු) ඒ මොනවද ආන්ටි.අඩුම තරමින් රුපියල් 50000 ක් වත් පඩිය තියෙන්න ඕනේ.
           
(අතේ සත 50ක් නැති මම) හොඳ වැදගත් පවුලක වෙන්න ඕනේ (වැදගත් පවුලක නොවැදගත් ළමයෙක්) මොකද ඒ තමයි අපේ පවුල් වල තත්වේ මෙයාගේ තාත්තත් හොඳ වැදගත් රස්සාවක් කරන්නේ ඒ නිසා අපි බලනෙන් අපිට ගැලපෙන කෙනෙක්ව යැයි පැවසිය. මම එවිට සඳහන් කලේ මේකයි ඇන්ටි මම දැන් ඉගන ගන්න කෙනෙක් නමුත් ඩිග්රි එක ඉවර කලාට පස්සේ 60ක් 70ක් පඩිය ඉතින් සුවර් තමයි කියල. එවිට ඇය කිව්වේ පුතා මට ඔයාට කිසිම දෙයක් කියන්න බැහැ. මොකද මගේ දුව ඉන්නේ අසනීපෙන් ඔයා ඇවිල්ල බලල තීරණය කරන්න. එයාව දැක්කට පස්සේ මේ සම්බන්දෙ දිගට ගෙනියනවද නැද්ද කියල. හ්ම්ම් මදැයි කොලා. දැන් කාපන්කෝ හැම් බේකන් කිව්වලු. පහුවෙනිදට දමියයි ඉරේශුයි හම්බ වෙන්න ඇල්පිටි යන්න ඕනේ ඒ නිසා අද වේලාසනින් නිදාගන්නවා. 


තුන් වැනි කොටසට  මෙතනින්
 
   

Tuesday 28 August 2012

සිහින කුමරිය. (පළවැනි කොටස) ජීවිතය වෙනස් කල කතාවක්.


හ්ම්ම්ම් මේදවස් වල උදේට කරන්න දෙයකුත් නැහැනේ. අම්මලත් ලංකාවේ නිවාඩුවට ගියගමන්. තාත්තායි මමයි විතරයි ගෙදර ඉන්නේ. තාත්තා වැඩ ඇරිලා එනකම් කම්මැලිකමෙන් තමයි ඉන්න වෙන්නේ. කැම්පස් එකෙත් එක්සෑම් රිසල්ට් එනකල් නිවාඩු සමර් එකනේ. දැන් ඉතින් බලන්න ඕනේ උදේට කන්න තියෙන්නේ මොනවද කියල. හ්ම්ම්ම් තාත්තා පාන් ටෝස්ට් කරලා ගිහින් තියෙන්නේ. කිරි එකත් මයික්‍රෝවේව් එකේ දාල රත් කරගෙන පානුත් කකා සෙට් උනා අපේ සෙට් එකත් එක්ක චැටට. අද උදෙම්ම අල්ලගන්න හොඳ බයිට් එකක්. මේදවස් වල අපේ ප්‍රධානම කාර්ය උනේ ෆේස් බුක් එකේ ඉන්න ෆේක් එකවුන්ට් හොයල උන්ට ෆේස් බුක් එක අත අරින්නම වැඩේ සිද්ද කරන එක. අපේ සෙට් එකේ හිටිය ශානකගේ  අවුරුදු 7 ක් පමණ පරණ ආදර සම්බන්දෙට කරුමෙට හිටියේ ඔය ෆේක් එකවුන්ට් හදන ඉන්න උන් නිසා අපේ අයත් දැක්ක තැන එලව එලව ෆේක් අයිඩී වලට ගහන්න ගත්ත. මුලින්ම කරන්නේ ඔක්කොම කට්ටියම 20 ක් 30 ක් විතර රික්වෙස්ට් කරනවා ඇඩ් කරගෙන දවසකට දෙකකට පස්සේ පටන් ගන්නවා චැට් කරන්න එකෙක්. ඊට පස්සේ එකෙක් මුලින්ම කරන්නේ අහනවා හොඳින් මොකක්ද මේ කරන දේ තේරුම කියල නවත්වන්න කාලයක් දෙනවා. නවත්තන්නේ නැත්නම් බනිනවා බැනල ස්ක්‍රීන් ෂොට්ස් අරගෙන මෑන්ගේම ප්‍රොෆයිල් වෝල් එකේ පෝස්ට් කරනවා. පොර ඔෆ් ලයින් යනකන් ඉඳල. මේකට මුලින්ම සෙට් වෙන්නේ 5 ස් 6 දෙනෙක්. පස්සේ ටිකෙන් ටික තමා අනෙක් අය එන්නේ. බැනල කරදර කරලා නැවැත්තුවේ නැත්නම්, අපි ගහන අන්තිම තුරුම්පුව තමයි වයිරස් එකක් යවන එක. තවම සම්බන්ද උන නැති කෙනෙක් හරහා. හාර්ඩ් ඩිස්ක් එක ඩිසේබල් වෙන්න. ඔය අතර අපිට හම්බ වෙලා තියෙනවා. ඇත්තටම ගෑනු ළමයි ඉන්නවා තමන්ගේ පින්තූර නොදා ගෙදරින් අවසර නැති නිසා, සමහර විට යාළුවෙලා ඉන්න කොල්ල කැමති නැති නිසා. විවිද හේතු තිබුනා. ඒවාට අපි කවදාවත් අත තියල නැහැ. මොකද අපි හොයන්නේ ගැහැණු වෙසින් ඉන්න පොන්.. ව නිසා. ඒ දවස්වල ෆේක් කිව්වොත් වෙන දෙයක් නැහැ ඒක හරිම ජොලි වැඩක් උනා ඒක අතකට මෑන් හිතන්නේ පොර අපිව බයිට් කරනවා කියල නමුත් බයිට් වෙන්නේ මිනිහමයි උදාහරණයක් විදියට නිසංසලා සෙව්වන්දි කියන එකවුන්ට්  එක මොකද මාත් එක්ක පැයගානක් චැට් කරලා තියෙනවා අසැබි විදියට. කෙලින්ම කිව්වොත් ඉන්ටර්නෙට් සෙක්ස් කියන්නේ ඕවට තමා. මාන්දම් කාරයොනේ. 


          කොහොමින් කොහොම හරි අපි මෑන්වත් එලවල දැම්ම. මේදවස්වල තමා මට දුලි හම්බ උනේ (ඇත්ත නමෙන් කොටසක් පමණයි.) මම ශිහාන්ගේ සිංදුවකට දැම්ම කොමෙන්ටුවක් හරහා මිතුරු වුන ඇය. දිගින් දිගටම මාත් එක්ක කතාකිරීමට පටන්ගත්ත. එංගලන්තයේ වාසය කරන ඇය එහි චිචේස්ටේර් කොලේජ්හි. උසස්පෙළ හදාරමින් සිටියා. මේදවස්වල ඇයටත් තිබුණු කරදරයක් වුනේ ෆේක් යුසර්සලා. අපි කරමින් හිටිය කර්තව්‍ය පිලිබඳ පැහැදුණු ඇය මමත් සමග තවත් මිතුරු වුණා. උදෙන්ම ස්කයිප් වලට සෙට්වෙන අපි. මම, රුවන්,ශානක,නුවන්,සහන්,දමිත්,අශි,ඩේලි,ඇතුළු සෙට් එක රෑට නිදිමත එනකල්ම කලේ ලෝකේ නැති ඕපදූප කියව කියව පරණ දේවල් ගැන කතාකරකර ඉන්නවා. නමුත් දුලි කවදාවත් ස්කයිප් ආවේ නැහැ. එයා එන්නේ යාහු වලින්. අපිදෙන්න නිතරම කරන්නේ අර ස්වීට් අයිඑම්. එකේ තියෙන කැරක්ටර්ස් දෙපැත්තට පාස් කරකර ඉන්න එකයි.

 මේ අතර දුලි මට කියනවා අයියේ මගෙන් එක්කෙනෙක් යාලුවෙන්න අහනවා ඔයාට පොඩ්ඩක් එයාගන හොයලබලන්න බැරිද කියල. මම බැලුව රෝයල් ඉන්ස්ටිටියුට් එකේ ඉගනගන්න ළමයෙක්. මෙයාලගේ වයසෙමයි. නමුත් ගැහැණුලමයි එක්ක හුටපට ගොඩයි දැනටත්  ගැහැණු ළමයෙක්  එක්ක යාලුයි කියල තමයි. මම වැඩේ බාරදුන්නු කෙනා කිව්වේ. ඉතින් මම ඒ දේවල් අරයටම කියල දුලිට කියෙව්වා. මොකද එතකොට මම කේලම් කිව්වා වෙන්නේ නැති නිසා. මොකද මම කැමතිම නැති දෙයක් තමයි කේලම් කියන එකත් කේලම් අහන එකත්. පස්සේ දුලි මගෙන් ඇහුව අයියේ දැන් මොකද කරන්නේ කියල. මම කිව්වේ නැඟී මට මේ වගේ දෙකට කතාකරන්න අයිතියක් නැහැ. නමුත් චරිතේ හොඳ නැත්නම් කෙනෙක්ගේ ඒ වගේ අයගෙන් ඈත්වෙන එක තමයි නුවනට හුරු කියල. ආ මට කියන්න අමතක උනා නේ මෙයාට සිංහල කතාකරන්න විතරයි පුළුවන්. ලියන්න කියවන්න බැහැ.

      දවස් කිහිපයකට පස්සේ මෙයා මට කියනවා. අයියේ මටනම් අරයගෙන් පුදුම කරදරයක් තියෙන්නේ නිතරම චැට් කරනවා. බ්ලා බ්ලා බ්ලා....... මොකක් වුනත් මගේ හිතවතියක් නිසා මම නුවනුයි දමියයි එක්ක මෑන්ගේ ප්‍රොෆයිල් එකට ඇඩ් උනා. හැබැයි මේ බව මම දුලිට කිව්වේ නැහැ. අපි බලන් හිටියා. පොර ඔන්ලයින් එන වෙලාවක් වෙනකන්.දවසක් දවල්ට කන වෙලාවේදී මට දමියා කෝල් එකක් දීල කිව්වා මචන් අන්න පොර ඔන්ලියින් ඉක්මනට වරෙන් කියල. මමත් දඩිබිඩිගාල කාල ගියාබලන්න මොකක්ද මේ කෙහෙල්මල කියල. පොරත් එක්ක බොහොම සුහදව කතාවක් පටන්ගෙන මම බැස්සා මාතෘකාවට. මල්ලි ඔය මොකද දුලිට කරදර කරන්නේ එයා මගේ නෑකෙනෙක් ඔය අනෙක් පැත්තෙන් ඔයා එක්ක චැට් කරන්නෙත් එයාගේ අයියල දෙන්නෙක්. ඔයා එයාට එයාගේ පාඩුවේ ඉන්න දෙන්න කියල. "දුලි? මොන දුලියෙක්ද? මම එහෙම කෙනෙක් දන්නේවත් නැහැ" මම ඊටපස්සේ යැව්වා දුලිගේ ලින්ක් එක.  මෑන් කියනවා ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ හිටියට කවදාවත් කතාකරලවත් නැහැලු. අරුන් දෙන්නටත් ලියල තියෙන්නේ ඒ ටිකම තමා. අනෙක අයියේ මට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා මම මේ ඉන්නෙත් එයා එනකල් තමයි කිව්වා. අපිට ලින්ක් එක දීල කිව්වා ඒ ගෑනුලමයාව ඇඩ් කරගන්න කියල.අපිත් දැම්ම ෆ්‍රෙන්ඩ් රෙකුවෙස්ට් එකක්. ටිකවෙලාවකින් ඒ ළමය අපිට කතාකරලා කිව්වා ඒ බෝයි යාලු මාත් එක්ක එයා එහෙම කරන කෙනෙක් නෙවෙයි කියල. දැන් අපිට මේක හෙන ගැටළුවක්. ඇයි දුලි බොරු කියන්නේ කියල. නමුත් අපි කවුරුවත් දුලිට ඇගෙව්වේ  නැහැ අපි අර බෝයිට කතාකලා කියල. මොකද දමියා කිව්වා මචන් කථාකරන් පලයන් අපි බලමු මොකද වෙන්නේ කියල. 

    දුලිගේ හැසිරීමේ වෙනසක් මට ටික ටික තේරුනත් මම හිතුවේ ඒක මගේ මනෝ විකාරයක් කියල. මම තනියෙන් ඉන්න ගමන් කල්පනාකරන් ගත්ත මෙයා මා එක්ක කියපු දේවල් ගැන. මෙයා එංගලන්තෙට ගිහින් තියෙන්නේ අවුරුදු 11 දී ඒ කියන්නේ අවුරුදු හය හතකට කලින් නමුත් සිංහල කියවන්න ලියන්න බැහැ. කතාකරන්නේ මහා අමුතුවට. මගේ ජීවිතෙන් අවුරුදු 17ක්ම ඩුබායි හි ගතකල මටත් ( එවිට මට වයස 19 වූ බැවින්) ගෙදරදී හැර සිංහල භාවිතයක් තිබුනෙම නැති මටත් මෙච්චර සිංහල ලියන්න කියන්න පුළුවන් කමක් ඇති එකේ අවුරුදු 10 ක් 11 ක් ලංකාවේ ඉගනගත් කෙනෙකුට තමන්ගේ මව් බස අමතක වෙයිද? මේ පිළිබඳව අසා මට ඇයව අපහසුතාවයකට පත්කිරීමටද නොහැක. මන්ද යත් ඇය ඉතා අහිංසක වූ බැවින් සහ මිතු දම බිඳෙයි යැයි මාහට හැඟුණ බැවින්. ඇයගේ එම හැසිරීමෙන්  මට වන අවාසියකුත් නැති බැවින් මුනිවත රැකීමට මම අදහස්කලෙමි. දිනක් මාහට ආවේ මෙන්න මේ මැසේජ් එකයි 


මම එවිට  



 යැවූ විගස අනේ අයිය සොරි. මම මගේ යාලුවෙකුට යවපු එකක් අයියට ඇවිත් තියෙන්නේ යැයි පැවසුවා. නමිත් දවසින් දවස ඇයට සිදුවෙන වැරදීම ප්‍රමාණය වැඩි වුණා මිසක් අඩු උනේනම් නැහැ. රෝසමල්, හාර්ට්, ඔවැනි දෑ. මෙවද්දී කෝරලේ මහත්තයටත් ආදරය පිළිබඳව අත්දැකීම් නැති නිසාදෝ එවැනි දේකට  මගෙනුත් එතනින් එහාට විරුත්දත්වයක් ප්‍රකාශ උනේ නැත්තේ. අම්මලත් ලංකාවේ ඉඳල ආවා. දැන් තමා මට හරිම කේස් එක මොකද අම්ම නිතරම මගේ කාමරයට එබී බලන බැවින් සහ සද්දෙන් කතාකරන්න බැරි බව යන කරුණු හේතුකොට ගෙන වාරණයක් පැනවුනාසේ සිටින විට. දෙවියෝ බැලුව වගේ අම්මට ආරාධනාවක් ලැබුන ආරක්ෂක අමාත්‍යංශයෙන් අලුත් පොතක් ලියන්න. (ඇය ප්‍රවීණ ලේඛිකාවක්. නම සඳහන් නොකරමි) එවිට ඇය එම කාර්‍යය කරනවා විනා අපේ වැඩවලට ඇඟිලිගැසීමට එන්නේ නැත.කැම්පස් එකත් පටන්ගත් බැවින් ඇය සමග කතාකිරීම හවස 4 න් පසුව කිරීමට මට සිදුවිය. දිනක් මෙසේ කතාකරමින් සිටිනවිට. අයියා I really like  you do you wish too visit England? ඔව් නංග එන්නනම් ඕනේ නමුත් ඩිග්රි එක ඉවරකරලා තමයි එන්න ඕනේ යැයි පැවසීය. දැන් අපේ සම්බන්දෙ කොපමණ දුර පැමිණ ඇත්ද කිවහොත් ඇය එංග්ලන්ඩ් සිට මට ගුඩ් නයිට් මැසේජ් එක පවා එවන්නීය. නමුත් මෙතෙක් කිසිවෙක් ආදරේ ප්‍රකාශ කොට නොතිබිණ.  


   දැන් අපේ උන් මාව බයිට් එකට අරන්. මක් නිසාද යත් මෙම සම්බන්දය උන්ටත් රහසක් නොවූ බැවිනි. දිනක් ලෙක්චර්ස් ඉවර වී පැමිණෙද්දී නුවන් මගෙන් කෙලින්ම ඒ පිළිබඳව විමසුවේය. මචං දිනු... උඹල දැන් ඇත්තටම ලව් එකක්ද කරන්නේ? එයට දෙන්නට පිළිතුරක් මා ළඟ ඇත්තටම නැතිවිය. මම එයා අවංකව පැවසුවෙමි. මන්දන්නේ නැහැ නුවන් ඒත් උඹල දන්නවා මම කොහෙත්ම කැමති නැහැ වෙස්ට්‍රන් ටයිප් කෙල්ලොන්ට. මොකද උන් ජීවත් වෙන්නේ නිතරම පොලවට අඟල් දෙකතුනක් උඩින්. කෑවොත් කන්නේ KFC,කොෆි එකක් බොන්න ඕනෙඋනොත් යන්නේ COSTA . හොයන්නේ බ්‍රෑන්ඩ්ඩෙඩ් ඇඳුම්,මෙකප්ස් විකාර ලෝකයයි. මට ඕනේ ඇත්තටම පොලවේ පයගහල ජීවත් වෙන ලංකාවේ සිංහල කමට හැදිච්ච කෙල්ලෙක්. That's My Dream Girl. මචං දිනු ඔය කියන තාලේ කෙල්ලෙක් හොයන්න ගියොත් වෙන්නේ උඹට නාකිවෙන්න සිද්දවෙන එක. ඒ නිසා ඔයා හම්බුන චාන්ස් එක දිගටම අරන් පලයන් අඩුම තරමේ UK  වත් යන්න පුළුවන්නේයැයි කියා ඇසක් ගැසුවේය. මම යනවා කිව්වා දේ ගැන හිතල බලපන් යැයි පැවසිය. හ්ම්ම්ම් මෙහෙම ඉන්න අතරේදී තමයි දවසක් දවසක් තාත්තා ගෙදර ආවේ මෙන් මෙහෙම කියාගෙන. සු (ඒකියන්නේ අපේ අම්මට) සුදුට වීසා ගහන්න බැහැ දැන් එයා යුනිවර් සිටි ඉන්න නිසා එයාට ස්ටුඩන්ට් වීසා තමා ගහන්න වෙන්නේ ස්පොන්ස් කරන්න විදියක් හොයාගන්නකල් මෙයාට ලංකාවට යන්න වෙනවා කියල. එයා ඇසුණු විට මට තරමක ශෝකයක් දැනෙන්නට විය එහෙනම් තව සතිදෙකකින් මට යන්න වෙනවා ලංකාවට. 

දිනක් රාත්‍රී 8 ට පමණ මෙහෙ වේලාවෙන් ඔන්ලයින් ගියේ කම්මැලි බැවිනි. අම්මලත් තාත්තගේ යාලුවෙකුගේ ගෙදර ඇති පාර්ටියට ගොස් ඇති බැවින් නිවසේ මා පමණක් වුන් නිසාවෙන් හද්දා පාළුවක් දැනෙන්නට විය. අනෙක චකිතය. මක්නිසාද යත්. මේ සෙකන්ඩ් ඉයර් එක බැවින් පහුගිය අවුරුද්දටත් වඩා මහන්සිවීමට ඇත. ඒ අස්සේ මේ වීසා කෙහෙල්මලක් නිසා මට ලෙක්චර්ස් මගහැරීයයි. මේවා කල්පනාකරන කොටනම් ඔලුව විකාර වී යයි නමුත් මොනවා කරන්නද එන තාලෙකට මුහුණ දෙනවා. ඔලුව නිදහස් කරගැනීමට මම බුකිය වෙත මගේ සම්පූර්ණ අවදානය යොමුකලෙමි.



    එවිට මගේ චැට් ලිස්ට් එකේ පෙනෙන්නට වුයේ අපේ සස්පෙක්ට් ලිස්ට් එකේ හිටිය අපැහැදිලි ගැහැණු ළමයෙකුගේ පින්තූරය සහිත ප්‍රෝෆයිලය ඔන්ලයින් බවය.අපේ එක ගෝතයෙක්වත් ඔන්ලියින් සිටියේ නැති නිසා. කේන්තියට එක්ක මම චැට් බොක්ස් එක ඕපන් කර හායි කියා යැව්වෙමි. විනාඩි කිහිපයකට පසු හායි කියා රිප්ලයි එක ලැබිණ. මම ඉන්නේ කොහෙද ඇසූවිට ගෙවල් හෝමාගම යැයි පැවසුවේය.ඉස්කෝලේ රෙස්ලින් බාලිකාව කියල තමයි කිව්වේ.ටිකවෙලාවකට පසු මෙයා අයියේ ඔයා නිපු අක්කලව අඳුනනවද? මගේ පින්තූර බලල තියෙන හැඩයි (මට පසුකලකදී පැවසුවා එයා හරිබවට) එයාල අපේ නෑයෝ යැයි පැවසිය. නිපුල කියන්නේ අපේ හොඳ හිතවතුන් කොටසක් අපි ඩුබායි ආදා වගේ පටන් ඇසුරු  කරන පවුලක්.නමුත් නිපු යනු මගේ හතුරියක්. මූනට දෙන්නම පනදෙන්නවගේ කතාකරනවා එකිත්. ඒ වගේම මමත්. හැබැයි කපන්නේ යටින්. දුර්වල කමක් දැක්ක තැන එලවල ගහනවා දෙන්නට දෙන්නගේ. ඒකටත් එක හේතුවක් තිබුන. එය සඳහන් කිරීමෙන් මම වැළකෙනවා.නිපූලගේ නෑයෙක් කියපු ගමන් මට බිබී හිටපු බීම එක ඉස්පොල්ලේ ගියා. මොකද ඕකේ ඉන්නෙත් ඒකිමද දන්නේ නැති නිසා. ඒ නිසා මම පොඩ්ඩක් පරිස්සමෙන් කතාකරන්න ගත්ත. ටිකවෙලාවකින් මට තේරුණා මේ ඉන්නේ නිපු නෙවෙයි කියල. මොකද මේ කතාකරන කෙනා හරිම හුරතල් ඩයල් එකක් සූප්පුව කටේ තියාගෙන කතාකරන විදියට තමා කතාකලේ. එම කතාබහ මටත් ප්‍රසන්න වූබැවින් දිගින් දිගට ඇදීගෙන ගියා.නමුත් මම තවමත් කතාකරන්නේ සැකයෙන් බැවින්. මම ඇහුව. ඇයගෙන් යාහු  හරි ස්කයිප් හරි තියෙනවද කියල. යාහු තියෙනවා කිව් බැවින් මම අයව ඇඩ් කරගත්ත මම සේරටම කලින් කිව්වේ නංගි කැම් එක ඔන් කරන්න කියල. යන්තන් වදෙන් පොරෙන් කැම් එක ඔන්කළ විට මම දැක්කේ පොඩී ගැහැනුලමයෙක් වයස අවුරුදු 12 ක විතර  පෙනුමැති (කළුවරත් තිබුනලයිට් දාල නැති නිසා). වටපිටේ අරකි (නිපු) නැතිබව සැකහැර දැනගත් මම ඇය සමග කතාකරන්නට පටන් ගත්ත.

  මෙසේ ආගිය විස්තර කතාකරමින් යනවිට. ඇය කතාකරන්නේ යම්කිසි කලකිරීමකින් යැයි. මට හැඟුණ බැවින් ඒ පිළිබඳව විමසු විට ඇය ලබාදුන් පිළිතුරුවලින් මා අන්ද මන්ද වී ගියේය. ඇය පවුලේ එකම දරුවා විය. ඇයගේ පියා ඩුබායි හි හෝටලයක එකවුන්ට් අංශයේ සේවය කරනු ලබන අතර ඇය මවත් සමග. නිවසේ තනිවම කල්ගතකරයි. මෙතැන්සිට අපි ඇයව හැඳින්වීමට බනී (bunny) යැයි යොදමු. එයා ඇයට පසුකලක මාවිසින් තබන ලද සුරතල් නාමයයි. දැනට මහා පරිමාන සැත්කම් 3 කට මුහුණ දී ඇති ඇය. සමවයසේ ගැහැණුදරුවන් කරන්නාවූ දේවල්. ඔවුන්ට ඇති නිදහස තමුන්ට නැති බැවින්. ඒ පිළිබඳව කලකිරී සිටියහ. නමුත් එයට කිරීමට දෙයක් නැත. මන්ද යත් ඇයගේ අසනීප තත්වය මත එසේ කෙළිදෙලෙන් විසීමට ඇයට නොහැක. එය ඇසූ කල මගේ හදගැස්ම මොහොතකට නතර වූවා වැනි විය. මට ගොඩක් දුක හිතින.

   එවිට මම යව සිනහ ගැස්සවීමට අනේ නංගෝ ඕවා මොනවද අසනීප හැමෝටම වෙනවා මම නම් අසනීප උනාම කරන්නේ කිරිත් එක්ක සමහන් බොනවා එතකොට ඔක්කොම හරි. යැයි කීවිට ඇය ප්‍රශ්න අමතක කරදමා සිනාසීමට පටන් ගත්තේය. එතැන් සිට දිගටම අපට සිදුවූ අකරතැබ්බයන් මගේ යාලුවොන්ට සිදුවූදෙවල් ආදිය කියමින් මම අයව හිනස්සුවෙමි. ඇත්තටම එය එතෙක් මමවත් නොදැන සිටි දෙයක් විය. මට කෙනෙක් සිනගැස්සවීමට හැකිය යන්නයි. මොකද ගොඩක් දුරට මම සිටින විලාසය මගේ මිතුරන් විසින් හඳුන්වන්නේ බකුසු මේකප් එක යනුවෙනි. හිතාගන්නකෝ කොහොමද කියල. මමවත් හිනහ නොවන කල මට අන්කිසිවෙක් හිනස්සා සතුටුකල හැකිය යන්න මගේ සිතට සතුට දැන්වූ කාරණයක් විය. එදා නොයෙක් දේ කතාකරමින් සිටි අප නිදාගැනීමට ගියේ ලංකාවේ වේලාවෙන් උදේ 5 ට පමණය රෑ 8 සිට එළිවෙන 5 දක්වා අපේ සංවාදය දීර්ග විය. නමුත් එහි දිගටම මම කලේ අයව සතුටුකිරීමට නොයෙකුත් විහිලු කතා පැවසීමයි. අන්තිමට ඇය කිව්වේ අයියේ දැන් අපේ අම්මල ඇහැරෙන්න ලඟයි. මොකද අද උදේ අපේ මාමගේ දූව බලන්න මනමාලයෙක් එනවා. එයාල එන්නේ මෙහෙට මොකද මාමලාගේ ගේ හදන නිසා කියල. එතනින් අපේ සංවාදය නිමාවිය. නමුත් ඇගේ හුරතල් වදන් ඉන්පසුවත් මගේ දෙසවනෙහි දෝංකාර දෙන්නට විය. 


     පාන්දර යාමය තෙක්ම නිදානොගත් බැවින් මම ඇහැරෙනවිට දවල් 12 පසුවී තිබිණ. මම රෑටත් පාඩම් කරන බැවින් නිවසේ කිසිවෙක් මම නිදාගන්නේ කීයටද නැගිටින්නේ කීයටද යන්නේ කොහෙද, කරන්නේ මොනවාදැයි සොයාබැලුවේ නැත. ඔවුන් බලාපොරොත්තු උනේ එක්සෑම් රිසල්ට් පමණි. ඔවුන්ට සෑහීමකට පත්වීමට හැකි පමණ ලකුණු මම ලබාගත් හෙයින්. මගේ ගෙදරින් මට ලැබුනේ උපරිම නිදහසක්ය. දවල්ට කා අහවර කොට නුවන් හමුවීමට ගියේ හවස බීච් එකට යාමට කතාකරගත් බැවිනි. තාත්තගේ පරණ ජීප් කටුව මට ලබාදී තිබුන.

 ඒක මගේ වැඩවලට පහසුවක් විය.අපි නැවත පැමිණෙන විට හවස 7 ට පමණ වන්නට ඇත. මම ලැප ඔන් කලේ බුකියේ අලුත්ම තොරතුරු මොනවාදැයි දැනගැනීම සඳහායි. එවිට Bunny ඔන්ලයින් සිටින බව දුටු මම ඇයට ආචාර කොට මැසේජ් එකක් යවා කුස්සියට ගියේ කෑමට යමක් හොයන්නටය. නැවත පැමිණෙන විට මම දුටුවේ බොරුකාරයෝ එක්ක මම කතාකරන්නේ නැහැ මම ඔයා ගැන ඔක්කොම විස්තර දැනගත්ත ආයේ මට කතාකරන්න එපා යනුවෙන් දමා ඇති මැසේජ් එකකි. හත් ඉලව්වයි කිව්වලු මොකක්ද යකෝ මේ හරුපේ මොනවද මෙයා මේ මගේ ගැන දන්නවා කියල කියන්නේ. එවිට මම සන්සුන්ව ඇයට නැවත මෙලෙසින් අකුරු කළේය නංගි තරහින්නම් ඉන්නේ තරහ නිවාගෙන මට කියන්නකෝ මොනවද ඔයා මම ගැන හොයාගත්තේ?  කවුද කිව්වේ. එවිට ඇය ලියනු පෙනින. මට කිව්වේ සිගිති අක්ක. එයාට නිපු අක්ක කියල. හරිනේ දැක්කනේ අරකි මට යටින් කැපිල්ල දාල. මමත් තවත් කරුණාවෙන් මොනවද නංගි මගේ ගැන කිව්වේ ඇසූවිට අයියෝ ඕකා එකක් කතාකරනන් එපා  නංගි බබී. එයාට කෙල්ලෝ ඉන්නවා එයා බොනවා අරකයි මේකයි කේස් ගොඩයි. ඉතින් සියල්ල අසා සිටි මම. ඕකේ ඔයාට එක්කෙනානේ මගේ ගැන නරක කිව්වේ මෙන්න FB  Links වේවා ඇඩ් කරගෙන අහන්නකො මගේ ගැන එයාලට ඕවා කියල දැනගන්න මම කොයි වගේ කෙනෙක්ද කියල. යැයි මම යන්නට ගියෙමි.
මතක තියාගන්න මේ 2009 අවුරුද්දේ අග කාලය.



                                                     මතු සම්බන්දයි.

දෙවැනි කොටසට  මෙතනින්.
තුන්වැනි කොටසට මෙතනින්
සිව්වැනි කොටසට මෙතනින් 
පස්වැනි කොටසට මෙතනින් 

සයවැනි කොටසට මෙතනින්

සත්වැනි කොටසට මෙතනින්  

අටවැනි කොටසට මෙතනින් 
නමවැනි කොටසට මෙතනින් 







  මෙවන් කතාවක් ලිවීමට මෙම බ්ලොග් එක පටන් ගන්නාවිට කවදාවත් නොසිතුවෙමි.මෙවන් දේකට අත්දැකීමක්ද නොවීය.  එමනිසයි මෙය ලිවීමට පෙර මේ පිළිබඳව අදහස් විමසීමක් කලේ.  මෙම කතාව කෙටියෙන් ලියා නිමකළ නොහැක්කකි. මෙය නිම කිරීමට තව කොටස් කීයක් ලිවීමට වේදැයි මමද දන්නේ නැත. මෙය නිරසදැයි මම දන්නේ නැත. මක්නිසාද යත් කිහිප සැරයක් සංස්කරණය කල බැවිනි. පලකිරීමට නුසුදුසු යැයි සිතුන දේවල් කපාහල හෙයිනි. මෙහි යම් අඩුපාඩුවක් වෙතොත් සහ ඔබගේ අදහස් කරුණාකර පහතින් දක්වන්න.

Saturday 25 August 2012

අලුත් කතන්දරයකට ජන්ද විමසුමක් ඔබගේ අදහස කුමක්ද?

මේ දවස් වල ලියන්න දෙයක් කල්පනා කර කර ඉන්න කොට මට ආවා අමුතුම අදහසක් මම දන්නේ නැහැ හොඳයිද නැද්ද කියන්න. මගේ හිතවතෙක් ලියපු පොඩි පොස්ට් එකක් දැකල තමයි මට මේ අදහස ආවේ මට ඒක ඔයාලගෙන් දැනගන්න ඕනේ ඔයාලගේ අදහස ඒ පිළිබඳව. මේක නොයෙකුත් හැල හැප්පීම් මැදින් කියවෙන ආදර කතාවක්. දැනට අවුරුදු 3 ක කාලය ඇතුලතුල සිද්ද වෙමින් පවතින දෙයක් මෙවැනි දෙයක් ලියන ඒක සුදුසුද නැද්ද කියන ඒක ගැන මට වැටහීමක් නැහැ. කියන්න බලන්න ඔයාලට හිතෙන්නේ කොහොමද කියල.


අවංකවම ලියන්න


Thursday 23 August 2012

ලොකු ලොකු කෙහෙල් කන්න ගිහින් සිද්ධ වුනු දෙයක් (වැඩිහිටියන්ට පමණයි)





මම අද ලියන්නෙත් මටයි මගේ අතිජාත මිත්තරයෝ ටිකටයි වෙච්ච අලකලංචියක්. එතකොට කියන්න එපා බොලා ට වෙන්නෙම අලකලන්චිනේ කියල. අපේ සෙට් එකට එකතු උන අලුත්ම මෑන් තමයි රුවන්. රුවන්ගේ ගම අකුරැස්සේ. ඔයාල දන්නවා ඇතිනේ ගාල්ලෙනුත් ටිකක් දුර සුන්දර තේ වතු වලින් සහ කඳු වැටි වලින් සමන්විත පරිසරයක්  තමා අකුරැස්සේ තියෙන්නේ. අපිට ආරාධනාවක් ලැබුන රුවන්ගෙන් සති අන්තේ නිවාඩුවට රුවන්ලාගේ ගෙදර එන්න කියල. අපිත් ඉතින් කොහේහරි ගිහින් ෆන් එකක් ගන්න බලන් ඉන්න උන් ටිකක් නිසා, මේ ආරාධනාව එකපයින් නෙවෙයි හතර පයින්ම පිළිගත්තා. නමුත් මේ පාර හැමෝටම තිබුණු අවුල තමයි සල්ලි. මොකද ගෙවල් වලින් සෑහෙන තරම් බජට් එකක් ලැබුනේ නැති එක. අකුරැස්සට යන්න උනෙත් බස් එකේ. නමුත් එකෙත් පොඩි ගතියක් නැතිවමත් නෙවෙයි ෆුට් බෝර්ඩ් එකේ එල්ලිලා යන එකේ.උදෙන්ම වැල්ලවත්තෙන් පිටත් උන අපි හවස් වෙනකොට අකුරස්සෙන් බැහැගත්ත. අපිට ඇවිදින්න යන්න බයික් හතරකුත් රෙඩි කරලා තියල තිබුනේ රුවන්ගේ අයිය විසින් (ඒ වෙලාවෙනම් හිතුන අනේ අයියේ උඹනම් දෙවියෙක් නෙවෙයි දේවාලයක් කියල). ඉතින් කාල ඉවර වෙලා ආගිය තොරතුරු කතා කරලා ඉවර උනාට පස්සේ රුවන්ගෙන් ආව යෝජනාවට අපි කැමති උනා. මොකක්ද කියනවනම් ටවුම පැත්තේ ඇවිදින්න. කල් වෙලා තියෙන එකේ ඇවිදින්න බැරිනම් ලයිමක් වත් දදා ඉන්න පුළුවන්නේ කියලයි උදයනම් කිව්වේ. කොහොම හරි බයිසි මොටෝ හතරෙන් අපිත් ආව කියමුකෝ ටවුමට. රුවන අපිව කෙලින්ම එක්කගෙන ගියේ එතන තිබුන රටබීම කඩේට (18 ට අඩු අය ඉන්නවනම් කියවීමෙන් වලකින්න) කට්ටියම ඉතින් සුදු කැට බෝතල් දෙකක් ගේන්නගෙන හෙමිහිට සප්පායම් වෙන්න ගත්ත. සුදු කැට කියන්නේ මොනවද කියල දැන් අහන්න එපා White  Diamond  වලට තමා අපි සුදු කැට කියන්නේ 


මොකෝ නොදන්නා කෙනෙක්ට තේරෙන එකක්යැ. දැනට උනත් අපේ ජාතික පානේ ඉතින් සුදු කැට තමා. මොකද වදින්නේ තැපෑලේ නිසා. නමුත් එදා සුදු කැට ගත්තේ ආර්ථික සම්බාදක වැටිලා තිබුණු නිසා. ආ....... ට්‍රැක් එක පැන්නනේ ඉතින් මම කියා කියා හිටියේ සප්පයන් උනා හරියනේ ටිකෙන් ටික බෝතල් දෙක 3 උනා 3 හතර උනා දන්නෙම නැතිව. නමුත් එකෙක්වත් වැනෙන්නේත් නෑ ගානක්වත් තිබුනෙත් නෑ. අතේ සල්ලි තිබුනානම් තව බොන සයිස් එකේ තමා සෙට් එකම හිටියේ. වෙනදට පලවෙනි ෂොට් එකෙන්ම නොකවුට් වෙන කෝරලේ මහත්තයත් අද ඉන්නවා සිංහයා වගේ. මොනවද බන් මේවා... මේවත් බීමද? අරකයි මේකයි. දැන් ඉතින් කට්ටිය බිලත් ගෙවල එලියට බැස්ස. ටවුන් එක පාස් වෙලා හම්බ වෙන පලවෙනි හන්දියේ කඩයක් තියෙනවා. උදය ඒ දවස්වල ඉඳන්ම බටේට පුරුදු වෙලා හිටියේ. දන්නවනේ බට කියන්නේ සිගරට්. මේකට ඕව ගණන් ඕනේ උනා. අපිත් ඔතනින් නැවැත්තුව. දැන් ටික ටික කට්ටියටම වැදෙන්න පටන් අරන් තිබුනේ. ඒ අස්සේ අපේ සහන කඩේ එල්ලලා තිබුන කෙසෙල් කැනක් දැකල. 


අම්මට හුඩු යකෝ මේවා කෙහෙල්ද නැත්නම් වෙන මොනවා හරිද කිව්වා. බැලින්නම් ඒ වගේ සයිස් එකේ කෙසෙල් මමත් දැක්කේ ජීවිතේ පලවෙනි වතාවට. දැන් ඕක කෑමේ දොළදුකක් මටත් පහල උනා. මම සහන්ගේ දිහා බලන කොටම ඌ දැනගත්ත මගේඅදහස එළියේ ඉඳන්ම කෑ ගහල ඇහුව ඇන්ටි මේ කෙසෙල් කීයද කියල ටයි කියනවා වගේ තමයි මට ඇහුනේ. ඒක ක්ලියර් නැති නිසා මම තව සැරයක් මේක් ෂුවර් කරගන්න, සහනා කීයද බන් කිව්වේ? කියල ඇහුව? 8 යි බන් උඹේ කන් ඇහෙන්නෙත් නැද්ද එහෙම නැත්නම් උඹට වෙරිද? කියල ඇහුව. පොඩි කුකුසක් හිතට ඇතී උනත්. වෙරි වෙලා කියල නෝන්ඩි වෙන්න බැරිකමට මම කැට පියාගත්තා. හැමෝම කෙසෙල් ගෙඩිය ගානේ කෑවා කවදත් කෑමෙන් පලවෙනි තැන ගන්න උදය තව එකකටයි අපි තුන්දෙනෙක් තව එකකුයි බෙදාගෙන කෑවා. දැන් ඔක්කොම ගෙඩි 10 ක් 

කාල ඔක්කොම ගැන වෙන්න ඕනේ 80 යිනේ. මගේ අතේ තිබුනේ රුපියල් 200යි මම ඒක දුන්න. මෙන්න ඇන්ටි ගන්න කියල. හත් ඉලව්වයි බැලින්නන් මමයි සහනයයි දෙන්නම ඇන්ටි කියල තියෙන්නේ අක්ක කෙනෙක්ට එය සල්ලි ගන්න එලියට ආවට පස්සෙයි දැක්කේ. රුපියල් දෙසීය අතට ගත ඒ අක්ක තවත් අත දික්කරන් ඉන්නවා දැක්ක උදය. "අක්කේ ඉක්මනට ඉතිරි සල්ලි දෙන්න පිට පරක්කු වෙනවා" යයි කීවිට. අක්කත් ඉතිරි සල්ලි දෙනකම් තමයි මල්ලි මමත් බලන් ඉන්නේ කිව්වා. හත් ඉලව්වයි...  "අක්කේ ඔය තියෙන්නේ 200ක්ම වෙන මොන ඉතිරි සල්ලිද"?  "මල්ලිලා ගෙඩි කීයක් කෑවද"     "10 යි"   "ඉතින් ඉතිරි 400 දෙන්නේ කවුද" "මල්ලි මේ නිකන් කෙසෙල් නෙවෙයි නෙත්තරම් පලම් මෙයින් ගෙඩියක් හැටයි" හත් ඉලව්වයි කිව්වලු. මේ මොන වින්නැහියක්ද? කෙසෙල් ගෙඩියක් රුපියක් 60ක් කියන්නේ......... 

     මේ හරියටම 2005 අවුරුද්ද. ඉතින් ඔයාල හිතල බලන්නකෝ කට්ටියගෙම වෙරි හිඳුන වගේ කියල මට තේරුණා. මොකද මටත් ඒ දේම වුන නිසා. කොහොම කොහොම හරි හැමෝගෙම සාක්කු පර්ස් අහුමුලු අස්සෙන් අත පත ගාල යන්තම් 600 හොයල දුන්න. දැන් එකෙක්වත් කතා කරන්නේ නැහැ. සහනා සේරටම පිටිපස්සෙන් බයික් ඒක අරන් එන්නේ. දැන් මට මාර කේන්තියි. මූ නේ වැඩේ කෑවේ පැනපු ගමන් උලම වගේ 8 යි කියල. දැන් තේවතු මැදින් එන සීතල හුලන් පාර මූනට වදිනවා කට්ටියට ආයෙම  වදින්න පටන් අරන්. කොහොම හරි. අතපය නොකඩන් රුවන්ලාගේ ගෙදරට ආව. කට්ටිය තැන් තැන් වල. හොඳ වෙලාවට ගෙදර ලොකු අය හිටියේ නැත්තේ. එයාල කොහෙද ගිහින් නිසා තමයි අරූ අපිට එන්න කිව්වේ.කොහොම හරි ඔක්කොටම කර්පට් වෙන්න වැදිලා කබරයෝ පෝලිමයි. උදේ නැගිට්ටම තමා කට්ටියට තරු පෙනුනේ කා ළඟවත් සල්ලි නැහැ. යන්තම් රුවන්ගේ අයියගේ පිහිටෙන් ගෙවල් වලට ආව. ඔන්න එහෙනම් තවත් චාටර් උන අන්දොස් ට්‍රිප් එකක අවසානය. මේ ගැන ඔයාලට කියන්න තියෙන අදහස් ගල් මුල් මඩ සියල්ලම පහලින් ලියල යන්නකෝ.   


වැඩිහිටියන්ට පමණයි කියල කිව්වේ මත් පැන් දුම්වැටි ගැන සඳහන් දේවල් පොඩි ළමයි බලන එක හොඳ නෑනේ නේද?
 

Tuesday 21 August 2012

චූ කතාවක්. (18+ ඔන්ලි වගේද මන්ද)

දුක හිතෙන දීර්ග කතාවකට පස්සේ මට හිතුන කට්ටියට හිනාවෙන්නත් මොනවා හරි ලියන්න ඕනේ කියල. මේ අදහසනම් මට ආවේ පෙරේද අපි ගිය ට්‍රිප් එකක් නිසා දැන් ගෙදර අයත් එක්ක නිසා යන්නේ ලංකාවේ තරම් කොල්ලෝ සෙට් එක එක්ක යන තරම් සොමියක් නැහැ. මගේ අතිජාත මිත්‍රයෝ 5 දෙනාත් එක්ක සෙට් උනා කතරගම යන්න.




 දැන් හැමදාම වගේ එක එක්කෙනා බාර ගත්ත තම තමන්ගෙන් වෙන්න ඕනේ මොනාද කියන එක. හැමදාම වගේ මට පැවරුනේ ප්‍රවාහන අංශය. කෝල් දහයක් විතර දුන්නට පස්සේ දැනගත්ත යන්තන් ජයකොඩි මාමගේ වැනට් කටුව සෙට් කොරගන්න පුළුවන් කියල යන්න. සීයත් මට වාහන දීම වර්ජනය කොරල තිබ්බේ මොකද උන්දැගේ අලුත්ම සනියේ දොර කඩපු නිසා. දැන් ඔයාල බලයිනේ මුගේ ඔලුව හොඳ නැද්ද කියල කාර් එකක දොරක් කඩන්න. ඒ නිසා එකත් කියලම ඉන්නම් කෝ.... මට කාර් එක දුන්න ආච්චිව පන්සල් එක්කන් යන්න. ආච්චි නිතරම යන්නේ පන්නිපිටිය පැත්තේ තියෙන ප්‍රසිද්ධ පන්සලකට නම කියන්න බැරි.  ගිහින් එනගමන් මගේ කරුමෙකටද මන්ද ගියා ටයර් එකක්. ආච්චියි චූටි නැන්දයි විතරයි හිටියේ. මමත් වැඩ්ඩා වගේ ජැක් එක අරන් ගහන්න ගත්ත. දැන් කොහොම හරි මේ අලකලංචිය ගෙනියන්න එපැයි. මමත් ඉතින් දමාගෙන ජැක් එක ගහනවා. කිරි..... කිරි.... ගාන සද්දයක් එනවා නමුත් කාර් එක ඉස්සෙන්නේ නැහැ. ජරාස් ගාන සද්දයක් ආවා. මට ඇහුන ආච්චි කියනවා අයියෝ දොර......... හිතාගන්න පුළුවන්නේ වෙලා තියෙන දේ. ජැක් එක ගහල තියෙන්නේ දොරට. ලොල් ඉතින් ඒ වීර ක්‍රියාවෙන් පස්සේ මට වාහනයක් දෙයිද පවුලේ එකෙක්වත්? යන්තන් ජයකොඩි මාම නිවන් දැක බුදුන් දකින්න වැනට් එක හරි දුන්නේ. ඒ දුන්නෙත් දාහක් නීති දාල.




ක්ලීන් එක තමා පැහැදිලිවම මෑන්ට ඕනේ කලේ. එකනේ අපේ නැතිම දේ. කොහොම හරි දැන් ඉතින් අපි සින්දු පැල්කවි ජනකවි කියකිය යනවා. ඉස්සරහ මමයි නුවනයයි.හැමදාම ඉතින් මුන්ගේ ඩ්‍රයිවර් වෙන්නේ ඉතින් මමනේ. මේකේ ඒසී තිබුනේ ඉස්සරහට විතරක් නිසා අපි දෙන්න ෂටර්ස් වහන් ගියේ උදය, සහන්, නිශාන්, සහ නවීන් පිටිපස්සේ වීදුරු අරගෙන තමයි ගියේ. මේ කාලේ අපේ තිබුන මහා වල් පුරුද්දක්. ට්‍රිප් එකක් යනකොට අනිවා ගෙනියන දේවල් අතරට අපි එකතුකරගන්නවා ග්‍රොසරි බෑග්ස්. මොකටද? වෙන මොකටද වතුර පුරවන්න මිසක්. කවුරු හරි පාරේ අන්දොස් ඩයල් එකක් සෙට් උනොත් ඉතින් අනිවා වතුර පාර ෂුවර්.





මෙදා පොටෙත් තුන් හතර දෙනක්ටම වතුර වලින් සංග්‍රහ කරපු අපි මාතරත් පාස් කරලා යනකොට. පාර අයිනේ නතර කරපු ඩබල් කැබ් එකකින් බැස්ස තුන් හතර දෙනෙක් එයාලගේ ජීවන බර නිදහස් කරගන්නවා.




අපේ උදයටත් නිකන් ඉන්න බැරිවට මූ ඇදල ඇරින්නන් අරුන්ව නෑවෙන්න. මමත් ඉතින් වැඩේට හවුල් උනා වාහනේ ස්ලෝව් කිරීමෙන්. මොකද ඔය වගේ අල්ල කහන වැඩ කරන්න මම කොහොමත් ආසයි නේ. ලොල්...... ඉතින් මෙහෙම  ටික දුරක් යනකොට උදය කිව්වා මචෝ අර පිටි පස්සේ එනවා වගේ පෙන්නේ අර කැබ් එක වෙන්න ඕනේ පාගල පලයන් කියල. ටවුන් ඒරියා වල මම වැඩිය හයියෙන් යන්න කැමති නෑ. මොකද මට තාම බලපත්තරේ නැති නිසා. මැද කන්නාඩියෙන් දැක්ක දෙයින් මටත් සුළුදිය බරක් ලාවට වගේ ආවා ආයිබෝන්...... ලොල්. කැබ් රියදුරා රා කල හතක් බිව්ව නාලාගිරි ඇතා වගේ මගේ පස්සෙන් එන්නේ.





 මමත් ඉතින් හයියෙන් යන්න බැරි මනුස්සයෙක් නිසා, මොකක්ද එකට පෙට්‍රෝල් ගහපු මොකක්ද එකා වගේ මමත් පාගන්න ගත්ත. නමුත් වැනට් එකක් කොහේ යන්නද කැබ් එකක් එක්ක. කැබ් එකා ගහන්න තියෙන ලයිට් ඔක්කොම ගහගෙන ඕවර්ටෙක් කරන්න ට්‍රයි එක. අපේ උන් ටික කෑ ගහනවා. දෙන්න එපා මචන් දෙන්න එපා කියල. මන් අහවල් දෙයක් කොරන්නද එක වංගුවකදී මෑන් ගත්ත මට ඉස්සර කරලා ඉස්සර කරනවත් එක්කම මට ඇහුන චාස් චාස් ගාන සද්දෙකුයි අයියෝ මුගේ අම්මට..........(බලධාරියා විසින් කපාහරින ලදී)





 හප්පේ ගඳ කියලයි. දරාගන්න බැරි ගඳක් ආවේ. හිතාගන්න පුලුවන්ද මොනවද කියල. චූ........... මනුස්සයෝ චූ.  දෙවියෝ බලල වගේ අපි දෙන්නට ආබාදයක් නැහැ ෂටර්ස් වහන් හිටි නිසා.අරුන් දෙන්න තියෙන එක දීල දොබෙන්ම. උන්ට බැනලත් වැඩක් නැහැනේ. අපිනේ අහක ඉන්න අහවල් උන් අහවල් එක අස්සේ දාගත්තේ.
මෙහෙම යන්න බැරි නිසාවෙන් ඇල්ලුවා ගෙයක් ලඟට. ඒ ගෙදර හිටි අන්කල්ටයි අන්ටිටයි විස්තරේ කියල අපි වතුර ගැහුව කෑල්ල ඇරෙන්න. පොඩ්ඩක් හෝදගන්න අවසරේ ගත්ත. අනේ අර අන්කලුයි ආන්ටියි දෙන්නත් අරුන්ගේ පතුරු යන්න බනිනවා.  යන්තන් වාහනෙත් හෝදගෙන එතනින් එන්න පිටත් උනා අන්න එදාට පස්සේ අපේ උන් අදවෙනකල් ඔය වගේ කුප්ප වැඩ කිරීමෙන් නැවතුනා. මම හිතනවා ඔයාලට හිනා ගියා කියල හිනාගියේ නැත්නම් කුචිකවාගන්න මගේ ගානේ ඕන්... ලොල්

2004 සුනාමියෙන් දිවිගලවාගත් සත්‍ය කතාවක් 3 වැනි සහ අවසාන කොටස.






ගෙදරට ආව ලොකු අයිය මට බැනුම් පිට බැනුම් බැන්න ලොකු මාමල ගැන හෙව්වේ නැහැ කියල.  මේ පොඩි මම මොනවා කරන්නද මට වඩා ලොකු මිනිස්සුත් සුනාමියට පදිරි උන එකේ. මෑන් පොරගේ යාළුවො සෙට් එකක් එක්ක පිටත් උනා මාමලව හොයන්න. පොලිස් බලයත් තියෙන නිසා ඒවත් පාවිච්චිකරලා කොහොමින් කොහොමින් හරි මාමලව හොයාගත්ත. එයාල ඉඳල තියෙන්නේ බටපොල පැත්තේ පන්සලක අනාථ කඳවුරක. කොහොමින් හරි එයාලව එක්කන් ආව ලොකු අයිය එනගමන් එයාලට කියල මගේ විස්තරේ. නැන්ද ගෙට ගොඩ උනගමන්ම වැඩ ඇල්ලුවේ මට කනේ පාරක් ගහලයි. එදානම් මට මල පැන්න තමයි. නමුත් දැන් හිතෙනවා හදිස්සියේ හරි මාව සුනාමියට ගියානම් අපේ අම්මලාට උත්තර දෙන්න වෙන්නේ එයාලට නේද කියල. 

 දැන් කොහොම හරි පාරවලුත් සුද්ද කරන්න පටන් අරන්. ආධාර  දෙනවා වෙන වෙන  පැතිවලින් ආව අය. රත්නපුරේ පැත්තේ බස් එකකින් ආව කොල්ලෝ සෙට් එකක් කල බලු වැඩක් තමයි මේ දැන් කියන්න යන්නේ. ඔය දවස් වල ඒ පැතිවල මිනිස්සුන්ට අවශ්‍ය දේවල් තමා වියලි ආහාර, ඇඳුම් පැළඳුම්, සහ පානීය ජලය ඉතින් රට වටෙන්ම මේවා එකතු කරලා සත්ගුණවත් අපේ මිනිස්සු බස්වලින් ලොරි වලින් තමා අරන් ආවේ. රත්නපුර පැත්තේ බස් එකකින් ආව කොල්ලෝ සෙට් එකක් වතුර පුරවපු මෙගා බෝතල් වලින් පාරේ ඉන්න මිනිස්සුන්ට දමල ගහමින් කෑකෝ ගහමින් ගිහින් අම්බානකට ගුටි කෑව. අම්බලන්ගොඩ බලපිටිය කියන පැතිවල ඉන්නේ බොහොම දරුණු මිනිස්සු හොඳට පන උනත් දේවි නරක උනොත් ඉතින් සොරිම තමා. ටිකක් හිතල බලන්න ඕනේ අපි යන්නේ මොන වගේ දේකටද කියල. ට්‍රිප් එකක් යනකොටනම් ඒ විදියට ගියාට කමක් නැහැ. නමුත් ලොවම කම්පා වෙන විපත්තියකට මුහුණ දුන් පිරිසකට ආධාර අරගෙන යනකොට ඊට වඩා සංවර වෙන්න ඕනේ. මොකද ඒ විදියට අසරණ උනේ අඳි වත පවා නැති උනේ කාටවත් අතනොපා බොහොම වැදගත් විදියට ජීවත් උණු මිනිස්සු කොටසකටයි.  රත්නපුරෙටත් ඊට පෙර ලොකු විපතක් උනා කඳු කඩන වැටිලා ලොකු ගංවතුරක් ඇවිත් 2001 දී විතර බොහොම සුළු පිරිසක් කරන මෙවැනි වැඩ වලින් මුළු රටම පළාතම කිචවෙලා යනවා මටත් රත්නපුරේට සම්බන්දයක් තියෙනවා මගේ තාත්තගෙත් උපන් ගම කුරුවිට. මම මේ කිසිම පළාතකට අපහස කරනවවත් මඩ ගහනවා වත් නෙවෙයි. හිතේ තියෙන කලකිරීමටයි මෙහෙම ලියන්නේ සමහර උදවිය තමන්ට තියෙන ඇඳුම් වලින් හරි අඩක්ම දීල තියෙනවා බෙදන්න මම ඒවත් දන්නවා. එවැනි මිනිස්සු අතර අර වගේ වඳුරෝත් ඉන්නවා.


   මටත් වෙන වැඩක් තිබුනේ නැති නිසා මමත් කලේ බයිසිකලෙන් ඒ හරියේ ඇවිදපු එකයි මම ගියා කතාවේ කිව්වා නේද බලපිටියේ පාලම ළඟ තිබුණු කාර් එක ගැන ඒකෙ අයිතිකාරයා ඇවිල්ල එතන ගෙදර මනුස්සය කාටවත් ඉඩදීලා නෑ කාර් එකට අත තියන්න දන්නවද කාර් එක ඇතුලේ තිබිල තියෙනවා ලක්ෂ පනස් ගානක් කවුද බිස්නස් කාරයෙක්ලු. නම නම් අහන්න එපා දන්නේ නැහැ. ගෙදර මිනිහට ලක්ෂ වලින්ම 5 ක් දීල තමයි කාර් එකයි සල්ලියි අරන් ගිහින් තියෙන්නේ. පරිස්සම් කලාට තෑග්ගක් විදියට. 

  31 වෙනිදා එලි උනේ මට තවත් සවාරියක් යන්න කියන්න වගෙයි. පොඩි නැන්දලහට ගිහින් ලකී අක්කත් එක්ක කයියක් දාන්න ඕනේ කියල හිතුන නිසා ගියා ඒ පැත්තට දන්නෙම නැතිව දවල් කන්න වෙලාව ලං වෙලා මම ශේප් ඒකෙ ගෙදරට ආව ගේට්ටුව ළඟදීම මම දැක්ක නවත්වල තියෙන ඩිෆෙන්ඩරයක් හත් ඉලව්වයි අම්මලා................ මේ ඉන්නේ දිලිසි දිලිසි මගේ පියතුමා :P  හ්ම්ම් ලැහැස්ති වෙනවා ඉක්මනට යන්න කියල කිව්වා විතරයි මම උඩ ගියා. කොහෙද? අපිත් එක්ක ඩුබායි. හත් ඉලව්වයි දැන් කාපන්කෝ ටින් කිරි කිව්වලු අනේ මගේ ෆන් ලයිෆ් එක ඉවරයි ලංකාවෙන් ගියොත්. කොහොම හරි මාවත් ලැහැස්ති කරන් අම්මල ඩුබායි ආව වරදක් එහෙම වෙලා තියෙනවනම් කියන්න. හදාගෙන ඊළඟ පොස්ට් එක ලියන්නම් එහෙනම් ඔයාලගේ වටිනා කාලය කා දමපු සුනාමි අත්දැකීම මෙතනින් නිම කරනවා අලුත් පොස්ට් එකක් එක්ක හමුවෙමු ජය වේවා!

Wednesday 15 August 2012

2004 සුනාමියෙන් දිවිගලවාගත් සත්‍ය කතාවක් 2 වැනි කොටස.


 සුනාමියට මුහුණ දුන් සත්‍ය අත්දැකීමක් ඇසුරෙන් ලියන කතාවේ
දෙවැනි කොටස පලවෙනි එක බැලුවේ නැත්නම් මෙතනින් ගිහින් බලල එන්න.

මම මට ඉතිරිවෙලතිබ්බ එකම වස්තුව වුනු බයිසිකලයත් අරගෙන එතනින් එන්න පිටත් උනා.
                            මෙන්න මේ වගේ එකක් තමයි මගේ ආදරනීය බයිසිකලේ

 යන්නේ කොහෙද කියන එක ගැන හරි නිශ්චිත හැගීමක්  මගේ හිතේ තිබුනේ නැහැ ඔහේ යන්න වාලේ ගිය යාමක් තමයි ඒ ගියේ. නමුත් මම ඉබේටම ගියේ අම්බලන්ගොඩ ටවුම දිහාට. පර බ්ලොක් වෙලා. තාප්ප පාරේ බොහොම අමාරුවෙන් බයිසිකලෙත් පැදගෙන එනකොට මම ඔයාලට කිව්වා ඔය ඒරියා එකේ තමයි කියල දුරගමන් යන බස් නවත්වන්නේ. ඒ කඩවල්වල අයිති කාරයෝ හොයන්නවත් නෑ සුනාමියට බයේ දුවලද සුනාමියට අහුවෙලද කියලවත් මම දන්නේ නැහැ මම කලින් කිව්වා හෝටල් ඇතුලේ මිනිස්සු බීම කේස් පිටින් උස්සන් යනවා. මගේ ලඟින්ම දිව්වා මිනිහෙක්ගේ අතේ බෝතලේක (ඔය කඩවල්වල තියෙන ටොෆි බෝතලයක්) සල්ලි පිරිලා තියෙනවා මම දැක්කා මේක මහදවල් කල මංකොල්ල කෑමක් හා සමාන දෙයක්. මොකද මෙච්චර වින්නැහියක් රටට වෙලා ඇත්තටම එදා ඒ වෙලාව වෙනකොට ෂුවර් එකක් තිබුනේ නැහැ ඒ ආව රැල්ල අන්තිම රැල්ලද තව එකක් එන්න තියෙනවද කිසිම දෙයක් දන්නේ නැහැ. නමුත් මිනිස්සු ඒ කැඩුණු ගෙවල් වලට පනින තාලේ මම දැක්කා. ඒ අපේ මිනිස්සුන්ගේ තිරිසන් කම ප්‍රදර්ශනය කල තවත් අවස්තාවක්. බීම කේස් එකක් උස්සන් ගිය කොල්ලෙක් ඉඳා  මල්ලියා බීම එකක් බීපන් බන් මේවා ෆ්‍රී සල්ලි ගන්නේ නැහැ කියල කොකා කොළ බඩියක් මගේ අතට දුන්න. ඒ වෙලාවේ බයට සහ මහන්සියට මගේ තොල කට වේලිලා තිබුනේ මමත් ඒ බෝතලේ බිව්වා ( නමුත් අද මට මගේ හිත වැඩ දෙනවා මමත් ඒ කොල්ල කෑමකට සම්බන්ද උනාවත්දෝ  කියල තිබහට බිව්වා උනත් මමත් ඒ පාපයේ කොටස් කාරයෙක් උනා නේද කියන හැඟීම දැනටත් මගේ හිතට එනවා) ඒ අතරේ මට මල්ලි මල්ලි කියල මනුස්සයෙක් කතා කරනවා ඇහුනා බැලුව කොට අල්ලපුවත්තේ සුනිල් අන්කල්ගේ ගැරිජ් එකේ වැඩ කරන බාස් කෙනෙක් වයස 30 ක විතර ඇති. මම ඇහුවා ඇයි අයියේ කියල අනේ මල්ලි මාව ටවුන් එකට ගිහින් දන්නා මල්ලි අපේ කට්ටිය ගැන කිසිම තොරතුරක් නැහැ මම යනවා මගේ ගමට අම්පාරට කියල කිව්වා මම කිව්වා එන්න අයියේ නගින්න කියල මිනිහවත් වාඩිකරගෙන බයිසිකලේ පැදගෙන ආවා ටවුන් එකට මුළු පාරම බ්ලොක් වෙලා ගස් කඩාගෙන වැටිලා පත ලේලන්ඩ් වයිකින්ග් නොපිට පෙරලිලා මම අර මනුස්සයව ටෝවුන් එකෙන් දාල අපේ පොඩි මාමලාගේ ගෙදර යන්න පිටත් උනා අම්බලන්ගොඩ ටවුන් එකට කිසිම හානියක් වෙලා නැහැ. මොකද ටවුන් එක ගොඩක් උසයි පොඩි මාමලාගේ ගෙවල් තියෙන්නේ කන්දේ ගොඩ කියල අම්බලන්ගොඩින් කිලෝ මීටර ක් විතර ඇතුලට වෙන්න මම කුණු ගෑවිච්ච කිළුටු ඇඳුම් පිටින් ගිහින් එයාලට කතාකරන කොට ගෙදර හිටියේ නංගි විතරයි අක්ක කොහෙද ගිහින් නන්දල ගියාලු උදෙන්ම ආච්චි සිල් අරන් ඉන්න ආරාමෙට මම කලින් කිව්වනේ මේ ආරාමෙට යන්න ඕනේ අම්බලන්ගොඩ හරහා මෙයාල ගිය වෙලාව බලනකොට මෙයාලත් අනිවා සුනාමියට අහුවෙන්න ඕනේ නමුත් මට එක නංගිට කියන්න බැහැ. මොකද එතකොට ඒකගෙ වයස 13 ක් 14 ක් ඇති. මම එයාවත් ලැහැත්ති කරගෙන බයිසිකලෙන් ආයෙම එන්න පිටත් උනා මහා අම්බලන්ගොඩ හරහා ආරාමෙට යන්න වෙලාව දවල් එකට විතර ඇති. අපි ගාලු පාරෙන් බටපොල පාරට දැම්ම. ඒ පාර ගාලුපාරට වැඩ පහතයි වතුර පිරිලා අඩි දෙකහමාරක් විතර මට බයිසිකලේ පැදගන්න අමාරුයි. මම නංගිවත් බස්සගෙන පයින් වතුර මැද්දෙන් යන්න පිටත් උනා මීටර් දෙසීයක් ගියේ නෑ නංගි කෑගහන්න ගත්ත. මම ඒ පැත්ත බැලුවම මම දැක්කේ මොනාද කියල ඔයාට හිතාගන්න පුලුවන්ද? පාවෙන මල මිනි. 7 ක් විතර තිබුන මට මතක විදියට.





 පොඩි ළමයි දෙන්නෙක්ගේ මිනි දෙකකුත් අපි දැක්කා. මම නංගිවත් අරගෙන දිගටම යන්න ගත්ත. දැන් මෙයාටත් ටිකක් තේරිලා තියෙන්නේ නැන්දලා (එයාගේ අම්මල) ගැන ෂුවර් එකක් තියන්න බැහැ කියල. මගෙන් ඇහුවා සුදු අයියේ අපේ අම්මලාට කරදරයක් නැහැ නේද කියල.  මමත් ඉතින් නංගිව ශේප් කරන එක්කගෙන ගිය අර කිව්වා ආරමෙට පාරේ මනුස්ස පුළුටක් නැහැ කිලෝමීටර් 2 කට වැඩ දුරට මිනිස්සු ගෙවල් දොරවල් ඇත හැරලා දාල දුවල අපි ආරාමෙට (දෙල්ගොඩ වගේ මතක විදියට) ගිහින් සෙනග අතරින් හොයාගත්ත ආච්චිව එයාලත් බයේ ඉඳල තියෙන්නේ මගෙන් ලොකු මාමල ගැන විස්තරයක් දැනගනන් බැරි උනා නිසා ආච්චි අඬන්න පටන්ගත්ත අනේ මගේ ලොකු පුතේ කියාලා











ආච්චිවත් ශේප් කරන් එක්කගෙන එන්න ආවා අපි එනකොට අපිට මගදී හම්බ උනේ කවුද දන්නවද? පොඩි නැන්දලා එයාල දුවල ගිහින් ඉඳල ඒ හරියේ තියෙන කන්දකට. එයාලයි තව කට්ටියකුයි දැන් කට්ටිය.නැවත තම තමන්ගේ ගෙවල් තියෙන පැති බලා යන්නට පටන් අරන්. අපි කට්ටිය කොහොමින් හරි ආච්චිලගේ මහ ගෙදරට ආවා. ලොකු මාමල ගැන නම් කිසිම ආරංචියක් නැහැ. කන්න බඩගින්නකුත් නැහැ. මහන්සි වැඩිකමට නිදාගන්න ගිය නින්ද යන්නේ නෑ අර පොඩි එක්කෙනාව මැවි මැවී පේනවා ආච්චි පිරිත් කිව්වයින් පස්සේ තම මට නින්ද ගියේ.


27 December

උදේ මට ඇහැරුනේ හෝන් සද්දෙකින්. එලියට ගිහින් බලනකොට ඇවිල්ල හිටියේ ජනක් අන්කල් එයා තමයි ඒ ඒරියා එකේ ITN  රිපෝටර්. ඔයාල අහල ඇති ගොඩක් දුරට අටපට්ටම එහෙම යනකොට කියවෙන නමක් තමා ඒක ඇත්කඳුරේ ජනක් ද සිල්වා කියල. මට කිව්වා පුතේ මාම නැද්ද මම ආවේ හදිස්සි වැඩකට කොළඹ යන්න ඕනේ වීඩියෝ ටේප් එකක් දෙන්න නමුත් මම වැටිලා කකුල තුවාල වෙලා ඉන්නේ මේක අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ අදම කියල. මම කිව්වා අන්කල් මම එන්නම් හැබැයි මට ලයිසන් නැහැනේ කියල. ඔය බය වෙන්න එපා මේ කලබල අස්සේ පොලිසියෙන් ඕව චෙක් කර කර ඉන්නේ නැහැ දැන්මම ලැහැස්ති වෙන්න කියල කියපු ජනක් අන්කල් තේ ඒක බොන කොට මම අඳින්න දෙයක් බැලුව නැහැ. අතට අහු උනේ මගේ අනෙක් මාමගේ පුතාල දෙන්න ඉන්නේ ආච්චි එක්ක ලොකු අයිය වැඩ කරන්නේ අකුරු 3 නේ. ඒකගේ කැමා  ටීෂර්ට් එකක් ඇඳගෙන ඇල්පිටිය හරහා මතුගමින් දාල  කොහොම හරි මතු උනේ කළුතර නාගොඩ හන්දියෙන්. එතනින් බණ්ඩාරගම හරහා දාල අපි කොළඹටත් ඇවිත් ස්වාදීන රූපවාහිනියට ඒ වීඩියෝ පීස් ඒක දීල ආපහු ගිය පාරෙන්ම ආවා ඔයාලටමතක ඇත ඒ දවස් වල පාරවල් වල තත්වය.ඒ එද්දී තමා ජනක් අන්කල් කිව්වේ පුතා නිවුස් බලන්න අද රෑ ඔය අපේ ගාල්ලේ එක්කෙනෙක් ගත්ත වීඩියෝ එකක් කියල. ඔයාලට මතක ඇති සුනාමිය ගොඩක් ප්‍රසිද්ද උන වීඩියෝ ඒක තමයි ඒ ගාල්ල බස් ස්ටෑන්ඩ් එකේ ගැහැණු ළමයාගේ වීඩියෝ ඒක මම එතකොටයි දන්නේ අපි අරන් ගියේ මොනතරම් වටිනා වීඩියෝ එකක්ද කියල. කනිෂ්ක අයිය එදා රෑ යාලුවෙකුගේ ගෙදර ගිහින් ගෙදරට කෝල් කරලා මට එන්න කිව්වා එක්කන් යන්න. මේ ප්ලේස් එක බලපිටිය කියන ගමට ආසන්නයි මමත් ගියා මෙයාව ගන්න. පාර දෙපැත්තේ තේ බොන්න නවත්තපු ලංකා අශෝක් ලේලන්ඩ් කොලොම්බෝ රයිඩර්ස් බස් කෙලින් හිටගෙන පොල් ගස් වලට හේත්තුවෙලා. ඔයාල දන්නවා ඇති බලපිටියේ පාලම. ගාලුපාරේ යන එන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඒ පාලම දැකල ඇති ඒක තමා අම්බලන්ගොදත් බලපිටියත් අතර මායිම. එතන කලුපාට කාර් එකක් ලයිට් කණුවකට හේත්තු වෙලා පස්ස බිම ඇනිලා. ඕවත් බලාගෙන අපි දෙන්න ආව බයිසිකලේ පැදගෙන. එකම එක ලයිට් එකක්වත් නැහැ පාරෙවත් පටපිටාවෙවත්.  කණියාගේ ටෝච් එකේ එලියයි හඳ එළියයි විතරයි තිබුනේ. රන්දොබේ හෝටලය පාස් කරනවත් එක්කම අපි දැක්ක පාලු පිට්ටනියක් ඒකෙ වැටට හේත්තු වෙලා  මිනිහෙක් ඉන්නවා කණිය කිව්වා මල්ලිනවත්වපන් කියල අපි මේ සුන් බුන් මැදින් බොහොම අමාරුවෙන් යන්නේ. කණිය ටෝච් එකගහල ඒ මේ යාළුවා ඔතන මොකද කරන්නේ කියල ඇහුවා. කිසි සද්දයක් නැහැ ආන්සර් එකක් නැහැ. මූ බීලද කොහේ පිස්සු යකෙක් මූව දැන් මෙතන දාලයන්න බැහැනේ මල්ලි වරෙන් යන්න කියල කණිය ඒ පැත්තට ගියා පාරෙන් මූද පැත්තට ලං වෙනකොට අපි දැක්ක දේ මොකක්ද දන්නවද මේ මෑන් ටයි කෝටුත් දාන් ඉන්නේ. මගුල් ගෙදරක ගියා පොරක්ද මොකෙක්ද කියල අපිට මීටර් නෑ මොකක්ද කියල.හුඟක් හෙමින් තමා අපි මේ මිනිහ ඉන්න තැනට ලං උනේ.  කණිය ටෝච් එක මූනට ගහනවත් එක්කම බුදු අම්මෝ මල්ලියේ දුවපන් යකෝ මේ මල මිනියක් කියල කෑගහගෙන බයිසිකලේ පැත්තට දුවන් ගියා. 







වෙන වෙලාවක ඔය කතාව ඇහුවනම් බඩ කොර වෙනකන් හිනාවෙන්න පුළුවන්. මමත් මේ සිද්දියට මූණ දුන්නු නිසා ඒ වෙලාවේ මටත් බයක් හිතුන සුනාමි රැල්ල කොච්චර දරුණුවට වැදිලද කිව්වොත් අලුත් වල දාපු මිනියකුත් ගොඩ ගහල වැටේ ඇමිණිලා.  අර පිට්ටනිය සෝන් පිට්ටනියක් කණියාගේ වෙරි හිඳිලා. දාඩිය දාල. අපි ගෙදර ගියා හෙට යන්න ඕනේ ලොකු මාමලව හොයන්න. එයාල ගැන කිසිම ආරංචියක් නැහැ. හෙට මොනවා වේවිද කියල අපි අනෙක් කතාවෙන් බලමු මම හිතුවට වැඩිය මේ කතාව දිග උනා නීරස වේවි කියල හිතන හින්ද මම මෙය කොටස් වශයෙක් පලකරන්න හිතුවේ අනෙක තමා මම මෙය අකුරු කරන්නේ ඔෆිස් ඒකෙ වැඩ අතර නිසා, කාල වෙලා ලැබෙන හැටියට තමා කතන්දරේ ලියන්නේ අඩුපාඩු එහෙම තියෙනවනම් සමාව අයදිනවා.










Saturday 11 August 2012

2004 සුනාමියෙන් දිවිගලවාගත් සත්‍ය කතාවක්

ඔන්න මම අද ඔයාලට කියන්න යන්නේ මගේ ජීවිතේ 99.9 බේරාගත් හැටි. 2004 නොවැම්බර් මාසේ හා හා පුරා කියල ලංකාව ගොඩබැස්සේ මගේ වීසා මරුකරගන්නටයි. මට ඉතින් නවාතැන් ගන්නට සිද්ද උනේ මගේ අම්මගේ දෙවැනි අයිය නොහොත් මගේ ලොකු මාමලාගේ ගෙදර. මහා අම්බලන්ගොඩ ගාලුපාරට මායිම්
වෙලා තමා මේ ගේ තිබ්බේ. මේ ගේ ගැන පොඩි හැඳින්වීමක් කලොත් වත්තේ ඉස්සරහ මායිම ගාලු පාර පිටිපස්සේ මායිම ඉන්දියන් සාගරය. හෆ්ෆේ කියල වැඩක් නෑ ඉතින් ෆුල් ෆන් තමයි. මෙහෙ ඉන්දෙද්දී සලාක ක්‍රමයට වගේ මාසෙකට දවසක් තම බීච් එකට යන්න දෙන්නේ ඩුබායි ඉන්න කොට අම්මගෙයි තාත්තගෙයි ගෝරනාඩු මැද කල් ගෙවපු මට ලොකු මාමලාගේ ගෙදර ගිය කියන්නේ ඉතින් උපරිම නිදහස ලැබුන කියන එකයි. මොකද ලොකු මාම තමයි ඒ ඒරියා එකේ තරුණ සේවා සභාවේ නිලධාරියා යන්තම් අවුරුදු පහලවක් උණු මගේ සිතුවිලි තේරුම් ගන්න තරම් පුළුල් අවබෝදයක් අපේ ලොකු මාමට තිබුණා. හැමදාම හවසට ලොකු මාමගේ අවුරුදු 7 ක් වුනු පොඩි එකා ඒ කියන්නේ මගේ මලයනේ (සචින්) එක්ක බල්ලාවත් අරන් යනවා බීච් එකේ දුවන්න සෙල්ලම් කරන්න ඔය පැත්තේ මට යාලුවෝ කවුරුවත්  සිටියේ නැති නිසා බල්ලයි කොල්ලයි දෙන්න තමා කොයි දේකටත් කියල මට හිටියේ. ඉතින් මෙහෙම ආතල් එකේ කාගේත් සැලකිල්ල මැද කාලේ ගෙවාගෙන ඉන්නකොට මගේ තිබුණු නරක පුරුද්දක් තමයි උදේ 10 විතර වෙනකල් නිදාගන්න එක. නැන්දගෙන් අපමණවත් බැනුම් අහල ඇති ඔය පුරුද්දට. වැඩිය සැරට බනින්නේ නෑ මොකද මම තමා එයාලගේ පුතා විදියට හිටියේ බැඳලා අවුරුදු ගානක් යනකල් එයාලට බබාලා හිටියේ නෑ ඉතින් ඒ සැලකිල්ල තියෙන්නේ අදටත් මට තමා එයාලගේ ලොකු පුතා විදියට හිකිස්. ඉතින් ඔන්න නත්තලුත් ආවයි කියමුකෝ නත්තල් දා අපේ ආච්චි ආව සිල්ගන්න යන්න ඒ ළඟ තිබුණා ආරාමෙකට. රෑ 12 විතර වෙනකල් කට්ටියත් එක්ක කතා කරකර  ඉඳල නිදාගත්තා. දෙසැම්බර් 26 වෙනිදා පොයදවසට එලි උනා. උදේපාන්දර සුපුරුදු කචකචේ අහගෙන නැගිට්ට මම මූණ හෝදගෙන ආව කන්න මොකද මට පොඩි කාලේ ඉඳන් තියෙන කැත පුරුද්දක් තමයි උදේ කිරි එකත් එක්ක මොනවා හරි කන්න ඕනේ. මොකද නැතනම් බඩේ පනුවෝ ස්ට්‍රයික් කොරනවනේ අනෙත් එක පනුවෝ පවුනේ නැද්ද මන් අහන්නේ? වෙලාව කොහොම හරි 9 ත් 10 අතර වගේ තමයි. මට මතක පිටිපස්සේ බැඳලා හිටිය බල්ලා බෙල්ල කඩාගෙන කෑගහනවා. මේකා කවදාවත් එහෙම කෑගහන්නේ නැති නිසා මාමයි මමයි ගියා බලන්න ඔයාලට හිතාගන්න පුලුවන්ද මම දැක්ක දේ................ මට මගේ ඇස්දෙක අදහ ගන්න බැරි උනා. මෙන්න මුහුද කළුපාටට ගල්වැටියත්පන්නල එනවා. මම ඇස්දෙකත් පිහදාල බැලුව මේ දකින්නේ හීනයක්ද කියල. මෙන්න මේ වගේ තමයි වතුර ආවේ.










මට ඒක විස්තර කරන්න අමාරුයි. හරියට වතුර හට්ටියක. වතුර නටන කොට උතුරන්නේ අන්න ඒ විදියට වෙරළේ තිබුණු කුණු කන්දල් ඔක්කොමත් අරගෙන මගේ දණහිස හරියට විතර ගාලු පාරට වෙනකම් වතුර ටික ගලාගෙන ගියා.අපි දෙන්න ගල් පිළිම දෙකක් වගේ හිටි තැනම  උන්න. මාම කෑ ගහල "සුදු දුවල අම්බලන්ගොඩ ටවුමට ගිහින් මට ෆිල්ම් රෝල් දෙකක් අරන් එනවා" කියල කිව්වා මොකද මාම පත්තර ගණනාවකම අම්බලන්ගොඩ වාර්තාකරුවා. මම ටක් ගාල දුවල ගිහින් ඒ දවස් වල මගේ ප්‍රාඩෝ එකට (මවුන්ටන් බයික් එක)නැගල ගියා ටවුමට.ඔයාල ගාලුපාරේ යනකොට මේ හරිය දැකල පුරුදු ඇති අම්බලන්ගොඩ ටවුන් එකේ ඉඳල කිලෝ මීටර් ක් විතර ගාල්ල පැත්තට වෙන්න තමා මාමලාගේ ගෙදර තිබුනේ හරියටම කියනවනම් දුරගමන් යන බස් නවත්වන් පැරට් කියන හෝටලේ ළඟ ඉඳන් මීටර් 200 විතර දුරින්. ටක් ගාල අම්බලන්ගොඩ එඩ්වින්ස් එකට පෑගුව, මම ෆිල්ම් රෝල් දෙකත් සාක්කුවේ දාගෙන ආවට වැඩි වේගෙන් ආපහු ගෙවල් පැත්තට පාගන්න ගත්ත. මේ මුහුද ගොඩ ගැලුවා කියන ආරංචිය පැතිරිලා ගියේ සෑහෙන වේගෙකින් සිද්දිය වෙලා විනාඩි 15 ක් නෑ සෙනග වැල නොකැඩී එන්න ගත්ත බීච් එකට.  මෙන්න මුහුද එකපාරටම පස්සට යන්න ගත්ත. අපේ ඔය ගෙවල් පිටිපස්ස හරි ගැඹුරුයි කවුරුවත් නාන්න එහෙම යන්නේ නෑ මොකද ගහගෙන යනවා හුණුගල් කොරල් පර පිරිලා ජීවිතේට දකින්න ලැබෙයි කියල හිතුවේ නැති ඒ කොරල් පර හුණු ගල් මගේ ඇස පනාපිට පෙන්න ගත්ත. මාමයි මාමයි ඇවිදගෙන ගියා මීටර් 200 ක් විතර මාම හිටු කියල පොටෝ ගන්නවා. මේ වටේ මිනිස්සු පොරකනවා මාළු අල්ලනවා අර ගල්පර කොරල් පර අස්සේ මාළු උඩපනිනවා  වතුර නැති කමෙන්. මිනිස්සු මොකද කරන්නේ අර පනගහෙන මාලුන්ව අල්ලනවා පණපිටින් මෙහෙම ඉන්නකොට ඈත ක්ෂිතිජයේ අඳුරු චායාවක් වගේ දැකල මාම කෑගැහුව සුදු එනවයන්න අර කළුපාටට පේන දේ එච්චර හොඳ නෑ කියල. මමත් මාමත් එක්ක උඩට ආව අපේ ගේ තියෙන්නේ වෙරළේ රැලි මට්ටමේ ඉඳන් අඩි 8 ක්  විතර උඩින් අපි එනකොට්ටත් මිනිස්සු 50 ක් 60 කට වඩා මුහුදේ හිටියා. ලොකු මාම සචියවයි නැන්දවයි බල්ලවයි මාවයි අරගෙන ගේට්ටුවෙන් එලියට පැනල දුවන්න ගත්ත මදක් හරියේදී මට මතක් උනා මගේ බයික් එක මම ආපහු හැරිලා දුවන්නට උනා මම එයාලත් එක්ක දුවනවයි කියල හිතපු මාමල ඉස්සරහටම දුවගෙන ගියා ගොඩ කරේ පැත්තට. මම ගෙදරට දුවල බයික් එකත් අරන් ගාලු පාරට එනකොට මම දැක්ක රැල්ල එනවා. මගේ හිතට ඒ වෙලාවේ ආවේ මොනවගේ ගොන් අදහසක්ද කියල මම අදටත් කල්පනා කරනවා. අපේ ගේ ඉස්සරහ තිබුනේ ඉස්කෝලයක් කුමාර කාශ්ශප කියල ඔකේ තාප්පේ උසයි අඩි 8 ක්  විතර මම බයික් එක තාප්පෙට හේත්තු කරලා බයික් එකේ උඩ නැගල තාප්පෙන් වාඩි උනා. මගේ අදහස උනේ ගිය පාරත් අඩි දෙකතුනකට වඩා වතුර ආවේ නැති නිසා තාප්පේ උඩ වාඩි වෙලා වතුරට කකුල දාගෙන ඉන්න.මෙන් මෙහෙම










දැන් මට බනිනන් එපා මු මහා මොලේ නැති බූරුවෙක් කියල මට අදටවත් හිතාගන්න බෑ මම ඇයි එහෙම හිතුවේ කියල.පොඩි කාලේ ඉඳන් මම වතුරට ආසයි මොකද ඩුබායි වලට වැඩිය වහින්නේ නැති නිසා සහ වතුර හිඟ කම නිසා.  අදටත් පාරේ වතුර වලක් තිබුනොත් අනිවා කාර් එක ඒ පැත්තට ඇල්ලෙනවා ඉබේටම
සමහර විට ජීවිතේට සුනාමි අත්දැකීමක් නැති නිසා සහ මගේ වයස අඩු කම වෙන්නත් පුළුවන්. මොකද මට ඒ දවස් වල සෑහෙන ලොකු උණක් තිබ්බ අපේ දමිත් අයියව පරදවල ඌට වඩා දෙයක් කරලා නම හදාගන්න සහ
පොඩි මාමගේ දූලා ඉස්සරහ වීරයා වෙන්න. දැන් නම් මතක් වෙනකොටත් හිනහ යනවා ලොල්...... නමුත් රැල්ල ඇවිත් ලොකු මාමගේ කුස්සියේ වදිනකොට මම දැනගත්ත බඩුම තමයි කියල මොකද මේ සැරේ ආවේ කලින් සැරේ වගේ පොඩි උසින් අඩු සැරෙන් අඩු රැල්ලක් නොව උස තාප්පයක් වගේ මෙන්න මේ වගේ එකක්..











මට හිතාගන්වත් වෙලාවක් ලැබෙන්නට කලින් රැල්ල මම නැගල උන්න තාප්පෙත් කඩාගෙන මාවත් විසිකරගෙන ගලායනන්ට ගත්තා. මමත් දැන්  රැල්ලට අහුවෙලා ගහගෙන යනවා මගේ වෙලාවටද දන්නේ නැහැ මට අහු උනේ අර යකඩ ඔන්චිල්ලාවක්. ඔයාල දැකල ඇති ඔය ඉස්කෝල වල පොඩි උන්ට පදින්න තියෙන්නේ යකඩ බම්බු වලින් හදල. අන්න එයින් එකක්. මම ඒකෙ එල්ලිලා තදින් බදාගෙන හිටියා. නමුත් වතුර පාරේ සැරට මට අල්ලන් ඉන්න අමාරුයි. ඒ අස්සේ කොහෙන්ද මන්දා ගහගෙන ආව කොටයක් මගේ පපුවේ වැදුන. තව කොහේ අල්ලන් ඉන්නද......





මම දැන් ගහගෙන යන්නේ ඉස්කෝලේ ගොඩනැගිලි අතරින්. මට අහු උනා බිත්තියක් වගේ මම හයියෙන් අල්ලාගෙන එක දිගේ උඩට නැග්ග.ඔයාල දැකල ඇති ඉස්කෝලවල බිත්ති එක එක කැටයම් දාල තියෙන ඒ කියන්නේ සිමෙන්ති බීරළු වගේ සම්පූර්ණ කවර් වෙලා නැති. අන්න ඒවගේ එකක්. මම මක දිගේ නැගල දෙවැනි තට්ටුවේ වහලටම නැග්ග.(ඒ නැග්ගේ කොහොමද කියල මට අදටවත් හිතාගන්නවත් බැහැ) මට ඇහුන කෑගහන සද්දයක් එහාට වෙන්න මම වහල දිගේ ඇවිදන් යනකොට මම දැක්ක පොඩි එකෙක් වයස ඇති අවුරුදු 8 ක් 9 ක් විතර. මාව දැක්ක ගමන් අනේ අයියේ බේරාගන්න කියල කිව්වා මම හෙමින් සැරේ වහල දිගේ ඒ හරියට කිට්ටු කරනකොට මම හිතන්නේ පොඩි එකාට අල්ලන් ඉන්න බැරිව වෙන්න ඇති  ඒ මල්ලිව ගහගෙන ගියා මගේ ඇස්ඉදිරිපිට. මට හිතාගනවත් බැරි උනා උනේ මොකද කියල. මම එහෙමම වහල උඩට වෙලා හිටියා. වතුර බැහැල යන්න පටන් ගෙන ඉවර උනාට පස්සේ මම බැස්ස වහලින් නැග්ග එක කොහොම නග්ගද කියල මට හිතුනේ බහින්න තිබුණා අමාරුව දැකල මම ජීවිත පලවෙනි වතාවට එච්චර උඩකට නැග්ගේ කොහොමින් හරි බැහැගත්ත කියමුකෝ මුලින්ම බැලුවේ මගේ ගයික් එක අනේ මේක තියෙනවා එතන තිබුණු ගහකට හේත්තුවෙලා බයිසිකලෙත් එතනින් අරගෙන මම එනකොට දැක්කේ මම නැගල හිටියා තාප්පේ තිබුනේ සුන් බුන් විතරයි. මුලින්ම බැලුව ගෙවල් පැත්ත එතන ගෙයක් නැති තරම් එළියේ කුස්සිය සම්පූර්නෙන්ම කඩන් වැටිලා. යක්කු නටපු බංගලාව වගෙයි. මට දැන් කරන්න දෙයක් හිතාගන්නවත් බැහැ.ලොකු මාමලත් කොහෙද දන්නේ නැහැ








ඊළඟට මොකද උනේ කියල දෙවැනි කොටසින් කියවමු.
මෙය ගොතන ලද කතාවක් හෝ අසනු ලැබූ අහුලගනු ලැබූ කතාවක් නොව මගේ සැබෑම අත්දැකීමක් ඇසුරෙන් ලියන ලද්දක් බව කියන්නට ඕනේ. ඔතන කාල වේලාවන් හරියටම හරි නැති වෙන්න පුළුවන් මොකද දැනට අවුරුදු 8 කට පමණ පෙර සිදු වීමක් නිසා. සියල්ල හිතාගන්නවත් බැරි ඉක්මනින් සිද්ධ උනේ. එහෙනම් දෙවැනි කොටසෙන් හමු වෙමු.






Saturday 4 August 2012

ෆේස් බුක් මිතුදම. (Facebook Friendship)



ලොලේ ලොල් නේ. මේවගේ දේවල් ඔබට වෙන්නට පුළුවන් අවවාදයයි ෆේස් බුක් අනතුරු සහිතයි. ප්‍රවේසමෙන් පරිහරණය කරන්න. ලොල්


Wednesday 1 August 2012

හිනා වෙයන් යාලු



මෙය කිසිඳු පුද්ගලයෙකුට හෝ පක්ෂයකට අපහසකිරීමේ අදහසින් නිර්මාණය කරන ලද්දක් නොව. හුදෙක් විනෝදය සඳහා පමණක් බව කරුණාවෙන් සලකන්න





























Related Posts Plugin for WordPress, Blogger...