Thursday 27 September 2012

කුණුහර්ප කියන්නේ මේවට තමයි. (නරක වචන වලට අකමැති අය බලන්න එපා හොඳේ)

ගොඩ දවසකින් පොස්ට් එකක් ලියන්න බැරි උනා සිහින කුමරිය කතාවත් ජේද දෙකක් විතරයි ලියල ඉවර කරලා තියෙන්නේ. කාර්ය බහුලත්වය නිසාම ලියන එක මදක් අතපසුවෙලා තියෙනවා. ගෙදර ලයින් එකත් ඩිස්කනෙක්ට් කරලනේ ඔෆිස් එකේ ලියන ටිකක් විතරයි ඉතින් ලියන්න තියෙන්නේ. ඒ කතාවට කල් යන නිසා මම හිතුව මගේ වලව්වට ගොඩවදින ඔබ වෙනුවෙන් පුංචි සිදුවීමක් ලියල දාන්න.

අපේ ඔෆිස් එකේ ට්‍රේනින් ඩිපාර්ට්මන්ට් එකේ ඉන්චාර්ජ් ඉන්නේ ලංකාවේ පොරක්. අපි කියමුකෝ මෑන්ගේ නම ටිරා කියල ලීබඩු වලට ප්‍රසිද්ද පැත්තක තමයි පදිංචිය. මම තාම හොයනවා මෑන්ගේ කට කපපු නැකත මොකද ඒ වගේ චාටර් කටක් තමයි පොරට තියෙන්නේ ඔපරේෂන් එකේ
කෝඩිනේටරුත් ලංකාවේ. නම රොහාන්. මේකා ඉන්නේ තද උණකින්. ලංකාවේ අපි එක්ක උනත් කතාකරන්නේ කඩ්ඩෙන්. මේ ගිහිගහන මහා දවලෙත් සෙල්ෂියස් අංශක 55 රස්නේදීත් කෝට් බෑය දමාගෙන තමයි ඉන්නේ. අපි කඩ්ඩ නොදන්නා කමට එහෙම නෙවෙයි. අනෙක් හැම රටකම උන් තමන්ගේ ජාතියේ අය එක්ක කතාකරන්නේ තමන්ගේ මව් භාෂාවෙන් උන කොට අපි කඩ්ඩෙන් අපේම උන් එක්ක කතාකරනවා කියන්නේ අපේ භාෂාව හෑල්ලු කිරීමක් නොවන්නේද? ඔන්න පොඩ්ඩක් කතාවෙන් පිට පැන්නනේ. පහුගිය දිනක මමයි ටිරයි බ්රේක් රූම් එකේ උදේට සප්පායම් වේවි හිටියා. වාඩිවෙන්න ඉඩ නැති නිසා ඉතින් හිටගෙන තමයි පාන් පෙති දෙක තුන කෑවේ. ඔඩිට් එකේ පාලිත අන්කලුයි හර්ෂ අයියයි දෙන්නත් එතනටම ඇවිත් කයියට සෙට් උනා.  ලංකාවේ දැන් තියෙන තත්වේ ගැනයි ඔක්කොම කතා උනේ. උපතින්ම අලියට මනාපය දෙන ටිරා පොඩ්ඩක් කේන්තියෙන් තමයි ආණ්ඩුවේ වැඩ ගැන කතාකලේ. ඔය අස්සෙන් එතනට ආව රොහානය. Hi guys is everything under control ?  කියල ඇහුවා ඕක සිංහලෙන් බැලුවොත් මෙහෙමනේ හායි ගයිස්. ඊස් එව්රිතින්ග් අන්ඩ(ර්) කොන්ට්‍රෝල් ආර් එක කොහොමත් සයිලන්ට් නේ... මේ වෙනකොට මලෙන් හිටි ටිරාගේ පුෂ්ප මකරන්දය අනන්තෙටම විකසිත වෙලා. ඇයි යකෝ තෝ පොට්ටයෙක්ද? අන්ඩ කොන්ට්‍රෝල් නැත්නම් කොහොමද යකෝ හිටන් ඉන්නේ උඹ හිතුවද අපිට පෝලියෝ කියල යැයි ඇසීය. අපිට හිනහව නවත්වාගත නොහැකි තරම් විය. රොහානයා ආගිය අත හොයාගැනීමට අංජනම් එළියක් බැලීමට සිදුවිය. එයින් පසු රොහාන් අදවෙන තෙක් අප නඩේ කිසිවෙකු හා කතාවට නම් ආවේ නැත.


ප.ලි
මා දන්නා තරමින් පොර මේ බ්ලොග් එක නොබලන බැවින් මට ඔලුව බේරාගැනීමට හැකිය. යම් කිසි විදියකින් මා නොලිව්වොත් අරූගෙන් මට අකරතැබ්බයක් සිදුවී ඇතිබව වටහා ගන්න :P 


ඔන්න මම වලව්වේ තීන්ත ටිකක් ගාල පෙනුම වෙනස් කලා. කට්ටිය ඒ ගැන මොකද හිතන්නේ කියලත් කියලම යන්නකෝ
 


Monday 17 September 2012

සිහින කුමරිය. (සයවැනි කොටස) ජීවිතය වෙනස් කල කතාවක්.

පළවැනි කොටසට මෙතනින්
දෙවැනි කොටසට මෙතනින්
තුන්වැනි කොටසට මෙතනින්
සිව්වැනි කොටසට මෙතනින් 

පස්වැනි කොටසට මෙතනින්





හ්ම්ම්ම්ම් සාජා එයාර්පොර්ට් එකෙන් බැස්ස තැන සිට අම්මගෙන් ලැබුනේ කුඩම්මා සැලකිලිය. වෙනදා මා ලංකාවට ගොස් පැමිණෙන විට සියල්ලන්ටම වඩා සතුටුවෙන ඇය මා හා වචනයක්වත් කතාකලේ නැත.  (තාම හැදී වැඩෙන  කිරි සප්පයා වූ මා මෙවන් දුකක් කෙසේ දරාගන්නෙම්ද) තාත්තාද බකුසු මේකප් එක දමාගත්ගමන්මය. ගෙට ගොඩවූ විට එය අමු සොහොනක් මෙන් පාලුය. මා පැමිණෙන විට තාත්තා මා පාවිච්චිකළ වාහනයද විකුණා ඇති බැවින් එලියට යාමටද විදියක් නැත. ඉන්ටෙර් නෙට් පාස්වර්ඩ් එකද වෙනස් කොට ඇති බැවින් නෙට් ලොගින් වීමටද නොහැක. අයියෝ කුණු සංසාරේ කියන්නේ මේවට තමයි. එදින මා සමග කතාකළ එකම නිවැසියා මල්ලි විය. ඒකාද හයහතර නොතේරෙන එකා බැවිනි නැතිනම් ඒකත් කතානොකරන වග ඉරහඳ මෙන් සුවර්ය. හවස් වරුවේ නිවසට රැස්ව සිටියේ අප දන්නා හඳුනන පවුල් කිහිපයකි. මල්ලි පැමිණ මට එලියට කතාකලෙන් කටුවෙන් එලියට ඇදෙන ඉබ්බෙක් මෙන් මාද කාමරයෙන් සාලයට ආවෙමි.



වාඩි වීමට තැනක් නොවූයෙන් හිටගෙනම සිටීමට සිදුවිය. සියල්ලන්ම මාදෙස බලන්නට වූයේ අමුතු හැඟීම් සිතතුළ දරාගෙන බව ඔවුන්ගේ මුහුණු දැකීමෙන් මට පසක් විය. කිසිවෙක් කතා නොකළ බැවින් මා නැවතත් හිස ඔසවා බැලිණ. ඔවුන්ගේ බැල්ම හොරෙක්, මිනිමරුවෙක්, ස්ත්‍රී දුෂකයෙක් සමාජ විරෝදියෙක් දෙස බලන්නා වූ බැල්ම මෙන් විය. කොටින්ම කියනවනම් ප්‍රභා ගොයියව පණපිටින් දැක්කවගේ තමයි බලන් හිටියේ. මුලින්ම කටහඬ අවදිකළ පාලිත අංකල්  මොනවද පුතා ඔය මේ කරන්නේ......? අපි හිතුවේ ඔය ඉගනගන්නවා කියල නමුත් සිද්ද වෙන්නනේ මේවද? දෙමාපියන්ගේ මුනේ දැලිගාන්න හදන්න එපා. රොඩ්නි අංකල්ද මැද්දෙන් පැන ලංකාවේ වෙච්ච දේවල් අමතක කරලා දාන්න. ඔයවගේ සම්බන්ද කම් කොතෙකුත් ඇතිවෙනවා. ඔය වයසේ වැරැද්ද.... නමුත් ඕව දුර දිග ගෙනියන්න ඕනේ නැහැ. ඒ ලමයව අමතක කරන්න. ඔයාට ඔයිට වඩා හොඳ කෙනෙක් හම්බ වේවි. ඉස්සෙල්ල ඉගන ගන්න. එකනේ වැදගත්ම දේ........ එකා ඇර එකා බැගින් වරින් වර මට අවවාද දෙන්නට විය. මමත් කසාය බිව් ගොළුවා සේ ඒවා අසාසිටින්නට විය. මක් නිසාද යත් මව්පියන් දෙදෙනාම එතන සිටි බැවින් පිළිතුරු දීමට හෝ කටක් හෙල්ලිමට මා බිය විය. සියලුම අවවාද අනුශාසනා තර්ජන කිරීම් වලින් අනතුරුව සියල්ලන්ම විසිර ගිය බැවින් නැවතත් නිවසේ ශබ්දයක් නැති විය.



කාමරය තුලට රිංගාගෙන සිටි මා හිත තුලට නැගෙන්නට වූයේ බනි කුමක් කරනු ඇත්ද යන්නයි. ගෙදරට පැමිණි විගසම ඔන්ලයින් එන්නයි කීවත් ගෙදරට පැමිණ දැන් පැය දහයකටත් වඩා  ඉකුත් වී හමාරයි. මම කේබලයක් මගින් රවුටරයට සම්බන්ද වී wep key  එකා රැගෙන නැවත කාමරයට පැමිණෙන විට තාත්තා මාගේ මේසය අවුස්සමින් සිටියේය. මෙතෙක් කතා නොකර සිටි ඔහු කතාකිරීමට අර අදින බව මට පසක් වී හමාර විය. මෙතෙක් කල් දිවියේ මට ඇතිවූ සියලුම ප්‍රශ්න වලදී මා පස රැගෙන කතාකළ තාත්තාද මෙසේ මුනිවත රැකීම මට ඉවසුම් නොදෙන්නක් විය. අනෙක් අතට මා සිතට පිවිසියේ මා කරන්නේ වරදක්ද යන්නයි.උගුර පෑදු තාත්තා හ්ම්ම්ම්ම් කෑවද යැයි ඇසුවේය. මම ඔලුව පමණක් වනා නැතැයි කීවෙමි. දැන් මොකක්ද ඔය ගත්ත තීරණය.? අද වෙනකල් මම ඔයාගේ කිසිම දෙකට එපා කියලත් නැහැ නීති දාලත් නැහැ. මට පුළුවන් උපරිමෙන් මම ඔයාලට සැලකුවා. ඔයාලගේ හිත සන්තෝස කරන්න පුළුවන් උපරිම දේවල් මම කල නමුත් මම ඔයාගෙන් අදවෙනකල් ඉල්ලලා තියෙන්නේ එක්සෑම් රිසල්ට් විතරයි. ඒ ඔයාගෙම හොඳට මිසක අපි කා වෙනුවෙන්වත් නෙවෙයි. නමුත් අද මම අපේ පවුල වෙනුවෙන් ඔයාගෙන් දෙයක් ඉල්ලනවා. ඒ ඔය සම්බන්දෙ අත අරින්න  කියල මම කොහොමද සමාජෙට රටට ලෝකෙට අඳුන්වල දෙන්නේ මේ මගේ ලේලි කියල.? අම්ම කොහොමද.......? ඔය දන්නවා අපිදෙන්නගේම ගැන මල්ලිටයි නංගිටයි දෙන්නටම වඩා මටම පුදුමයි ඔයා මේ වගේ දෙයක් කලයි කිව්වම.



මට මෙය තාත්තා සමඟ විවෘතව කතාකිරීමට අවැසි නමුදු මාගේ මුව ඇරීමට නොහැකි ලෙස අගුල් වැටී ඇති ලෙසකි.මාගේ හිස යකාගේ කම්මල මෙන් විය. කිරීමට යමක් සිතෙන්නෙම නැත. එහෙන් මා අවුරුදු ගණනක් පෙරුම් පුරා අත්පත් කොටගත් ආදරය අනෙක් පසින් මා හැදු වැඩු  දෙමාපියන්ය. මා ගන්නේ කවරපසද මා කොයි පසට ගියත් යන්නට වන්නේ අනෙක් පසට ගින්දරක් දීය. දිනක් අම්මා එලියට ගොස් පැමිණෙන විට මා බනි සමග කතාකරමින් සිටියේය. කොතෙක් සැඟවීමට තැත් කලද මා  ගත් උත්සාහය ව්‍යවර්ථ වුයෙන් අම්මා සියල්ල දැක බනින්නට පටන් ගත්තේය. එවිට මට බනි කියමින් සිටියේ ආච්චිලා බනිගේ නිවසට  පැමිණ බැනවැදී ඇති බවයි. එබැවින් මගේ ඔලුවද එතරම් හරි නොවුයෙන් මාද අම්මා සමග එකට එක කියමින් ගියෙන් එම බහින් බස් වීම නතර වුයේ නිවසේ සන්තකටම තිබු ටීවී එකද බිම දැමීමෙන් අනතුරුවයි. 

මෙසේ කාලය ගෙවීම කල නොහැකි බැවින් මා කෙසේ හෝ උත්සහ කලේ රැකියාවකට යාමටයි. මක් නිසාද යත් එවිට මා ස්වාදීන වන බැවින් මා සම්බන්ද තීරණයක් මට ගත හැකි බැවිනුත්ය. කෙසේහෝ මා ඉල්ලුම් කල රැකියාවෙන් කැඳවුම් ලැබුණෙන් එහි තිබු සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුනිමි. එයින් සමත් වූ පසු ඔවුන්ගේ වීසා එකකට මෙහි පැමිණීමට මා කැමැත්ත පලකලෙන් ඔවුන් කිව්වේ සියල්ල සූදානම් කොට නැවත දන්වන බවයි. මා මෙය නිවසට රහසක් කොට තියාගතිමි. එන්න එන්නම නිවසෙන් පැමිණෙන ප්‍රශ්න වැඩි වුයේ නොසිතු අන්දමින් මාගේ මාම කෙනෙකු මෙයට අත පෙවීමත් සමගය. බනි පැවසු අන්දමට නිවසේ ගේට්ටුව ලඟින් කළු හෙල්මට් දැමු බයික් කාරයන් යන්නට විය. ඇය එලියට යන විට ඇය පිටුපසින් නන්නාදුනන මිනිසුන් පැමිණෙන්නට විය. මාමට දැනහඳුනනා චන්ඩියන් සිටියේ ඔහු කිසියම් ඒකකයක පොලිස් නිලදාරියෙකු බැවිනි. දන්නා කල සිටම මා සමග හිත හොඳ නැතිව සිටි මොහු මෙම ප්‍රශ්නයට අත දැමීම මා බියට පත්කරවිය. බනිගේ මවද නිවසේ නොසිටි බැවින් ඇය සිටියේ මවගේ පුංචි අම්මාගේ භාරයේය. මා පවුලෙන් පැමිණෙන මෙම විරෝධතා  බනිගේ මාමලට ඉහටත් උඩින් විය. හනුමා ලංකාවට ගිනිතිබ්බාක් මෙන් ඔවුන්ද මා පිටුදැකීමට මෙය අවස්තාවක් කරගනිමින් බනිටද මා සමගින් කතාකරනවාට තහංචි පැනවිය. නමුත් රාත්‍රී කාලයේ සියල්ලන් නිදාගත් පසුව චැට් කරමින් අප විස්තර කතාකරන විට. දිනක් ඇය පුංචි ආච්චිගේ අතට අසු විය. මා ඔන්ලයින් සිටියදීම ඇය බනීට පහර දෙන්නට වුයේ දොරෙහි එල්ලා ඇති පබළු වැල් කඩමින්ය. බනි කෑගසමින් අඬන ශබ්දය මට ඇසෙන්නට විය. එවෙලෙහිම මා හිතවතෙකු ඇමතු මා කෙසේ  හෝ හෙට දින ඇතුලත මා හට ලංකාවට යාමට ටිකට්ටුවක් බුක් කරදෙන ලෙස ඉල්ලා සිටියෙමි.  



ගුවන් යානයෙහි සිටි මා මනසේ නොයෙකුත් විකාර රූපී සිතුවම් ඇඳෙන්නට විය. මා මේ පැමිණියේ නිවසට නොදන්වාය. තාත්තාට ඊමේලයක් මගින් පමණක් දන්වා මා ලංකාවට යනබවත් බය නොවන ලෙසත් පවසා මොබයිලයද ඕෆ් කොට කිසිවෙකුට නොදන්ව මේ යන ගමනේ අන්තය කුමක් වෙයිද..............?  ලංකාවට ගොඩබැස්ස විගසම ලොකු අයියාට කෝල් කොට මම දැන් ගෙදර එනවගත් කොහෙවත් නොයා නිවසේ ඉන්න ලෙස දැන්වූයෙමි. නිවස දක්වා බසයෙන් පැමිණි මා ලොකු අයියා මුණ ගැසී සියල්ල සැකවින් පැවසුවෙමි. ලකී අක්කාගේ මාර්ගයෙන් බනීට ඇමතුමක් ගත් අයියා නිවසේ රණ්ඩු වෙනු  අසාසිටියාය. ලොකු අයියාගේ උපදෙස් මත අතුරුගිරිය පොලිසිය ඇමතු බනි පොලිස් ළමා හා කාන්තා කාර්යයංශයේ පැමිණිල්ලක් දැමුයෙන් නිවසට පැමිණි පොලිස් නිලධාරීන් පැමිණිල්ල විභාග කරන්නට වූ අවස්ථාවේ අපිද එහි පැමිණියෙමු. 


පුංචි ආච්චි සහ ඇයගේ පුතාව පොලිසියට රැගෙන ගියෙන් අපිද එහි ගියෙමු. එම පුතා විසින් තල්ලු කර දැමීම නිසා බනිගේ  හිසේ පැත්තක්ම තඩිස්සි වී තිබිණ. වම් අතේ පබළු වල පාරවල් ඇයට ගසා ඇති අන්දම මොනවට පැහැදිලි කෙරින. ඒවා දැකීමෙන් පසු කේන්තිය ඉහවහ ගිය ලොකු අයියා එම ඒකකයේ ඕ.අයි.සි තැන හමුවී. තමන් කවුදැයි හඳුන්වා දී  කතාබස්කොට බනීව ඔහුගේ නෑනා ලෙසත් අර දෙදෙනාට පුළුවන් උපරිමෙන් දඬුවම් කරන ලෙසත් ඉල්ලා සිටියේය. පසුව බනි විසින් ලොකු අයියාට පැහැදිලි කර  දී ඔවුන්ට ගෙවල් පෙදෙසට පැමිණීමට නොහැකිවන ලෙස පැමිණිල්ලක් දමා පොලිසියෙන් අවවාද කොට පිටත් කර හැරිණ.


ලොකු අයියා අපිව දමා නැවත ගියබැවින් බනි සමග කතාබස් කරමින් සිටියේ ඇයගේ තනියට තියන්නේ කවුරුන්ද යන්නයි. එවිට මාගේ දුරකතනයට ගෙදරින් ඇමතුමක් ආවෙන් එය මවගෙන් විය. නොසෑහෙන ලෙස බාන්න ඇය හරි උඹට අපිවත් ගෙදරවත් එපා නිසානේ  ගියේ ඔහෙම ඉඳපන් ආයේ මෙහෙ එන්න  එපා අපෙන් කිසිම උදව්වක් නැහැ තමුන්ගේ දේවල් තනියම කරගන්න එනවනම් ඔය  කෙල්ලව අත ඇරලා වරෙන් යයි පවසා ඇමතුම විසන්දි කළේය. මාගේ ඔලුව හිරිවැටීගෙන ගියා මෙන් විය. දැන් මා කෙසේද මාගේ ඉදිරි වැඩ කටයුතුකරගන්නේ. අද්‍යාපනය සඳහා වියදම් කරන්නේ කවුද? නොයෙක් ගැටළු මා සිතට නැගෙන්නට විය.   



දෙවැනි කොටසට  මෙතනින්.
තුන්වැනි කොටසට මෙතනින්
සිව්වැනි කොටසට මෙතනින් 
පස්වැනි කොටසට මෙතනින්  

 සත්වැනි කොටසට මෙතනින්  
අටවැනි කොටසට මෙතනින් 
නමවැනි කොටසට මෙතනින් 


Tuesday 11 September 2012

සිහින කුමරිය. (පස්වැනි කොටස) ජීවිතය වෙනස් කල කතාවක්.

පළවැනි කොටසට මෙතනින්
දෙවැනි කොටසට මෙතනින්
තුන්වැනි කොටසට මෙතනින්
සිව්වැනි කොටසට මෙතනින්
      




මා මෙම සම්බන්දය ඇති කර ගැනීමට පෙර සිටම මෙම මීමුන් දෙදෙනා (මාමල) මෙම පවුලේ අනසක පතුරමින් සිටියේ සක්විතිරජුන් මෙනි. මොවුන්ගේ අදහස වූයේ බනියාගේ ඇති අසනීප තත්වය උඩ ඇය කිසිදා විවාහයක් කරනොගනී සහ කරගත්තද ඔවුන්ගේ පදයට නටන්නාවූ රූකඩයක් ඇයට කරකාර බැන්දීමටය. මා එම දින වල සිටි අන්දමට ඔවුන් මා ගැන සිතා තිබුනේද එම අන්දමින්ය. ඔවුන්ගේ නුවන තේරුම් ගැනීමට මා අප අතර වූ දෙබසක් මෙහි අකුරු කරන්නෙමි.
මාමා : මොනවද තමුන් ඔය කරනවා කියන ඩිග්‍රිය.
මම : කොම්පියුටර් සයන්ස් නේ
මාමා : ඕව කරලා කාටද හරි යන්නේ...... කරනවානම් කරනවා අර හොටෙල් කෝස් එකක් වගේ එකක් ඉහලට යන්න පුළුවන් ලංකාවේ කොම්පියුටර් කරන එකෙක්ට ගෙවන්නේ 7000 ක් 8000 ක් විතර
මම : නෑ....... එහෙමද?
මාමා : අනෙක තමයි මෙහෙ ඉන්න ඕනේ අපිට ඕනේ විදියට හරි......
මම : හරි මාමේ....


තවත් දේ වුවද ඒවා මෙහි සඳහන් කිරීමට සුදුසු නැති බැවින් ඔවුන් ගැන විස්තර කීමෙන් වලකිනවා. ලූලා නැති වලට කනයා පණ්ඩිතයා වන්නා සේ මොවුන් පිරිමියෙකු නැති පවුලේ අනසක පතුරමින් සිටියි. නමුත් මාගේ අරමුණට යාමටනම් අවස්ථානුකූලව නිශ්ශබ්දව සිටීම උචිත යැයි මට සිතින. මක් නිසාද යත් අප දෙදෙනාගේ සම්බන්දයට හිතවතුන් වැඩි වීමක් මිස හතුරන් අවශ්‍ය නොවූ බැවිනි.

එදිනට එලිවූයේ මසිතට මහත් වූ චකිතයක් ඇතිකරමිනි. මා සිතු පරිදිම අම්මා පැමිණි වෙලාවේ සිට හිස් මුදුනේ සිට දෙපතුල දක්කවා දෙහිකපන්නට වූයේ මෙම සම්බන්දය අතහරිනමෙන් ඉල්ලමින්ය. එම අවස්ථාවේදී මා පත්වූයේ මහත් අපහසුතාවයකටය. මක්නිසාද යත් මා හට අයටද විරුදු වීමට නොහැකි බැවිනි. සතියක් පමණ ය ලංකාවේ සිටි බැවින් මා හට බනි සමග කතා කිරීමටද සිද්දුවූයේ කඩින් කඩය ය නිවසේ නොමැති විටදීය. අයගේ ඔලුවට තවතවත් විෂ පොවන්නට මාගේ ආදරණීය අත්තම්මා (තාත්තගේ මව) නැන්දලා ඇතුළු පිය පාර්ශවයේ නෑයින් සමත් විය. (අම්මප ඔය වෙලාවට තමයි මට හිතෙන්නේ මරාගෙන මැරෙන  කොටියෙක්ටවත් කොන්තරාතුවක් දෙන්න) කෙසේ හෝ අම්මා  පිටත්ව ගියේ හැකිතරම් ඉක්මනින් මාව ගෙන්වාගන්නා බව පවසමිනි. එය තර්ජනයක්ද අහියෝගයක්ද අවවාදයක්දැයි තේරුම් ගැනීමට මට නොහැකි විය.කෙසේ හෝ එදිනට පසු නිතරම මහගෙදරින් මාගැන සොයා බලමින් දුරකථන ඇමතුම් ලබා දීම ගැනනම් මා සතුටුවූයේ නැත. එතැන් පටන් ලොකු අයියා පවා මාගේ නිදහසට සීමා මායිම් දැමුවේ ඔවුන්ටද ඉහලින් ලැබුණු ඕඩර් අනුව විය යුතුය.


බනි සමග නිදහසේ කතාකිරීමට අවස්තාවක් සොයමින් සිටි මට ලොකු මාමා ඔහුගේ නිවසට එනමෙන් පැවසුවෙන් වහාම එහි පිටත් වූයේ මගදී හෝ බනීට කතාකිරීමටය. මද වෙලාවක් එහි රැඳී සිටි මා මගට පැමිණ බනි සමග කතාකොට සියල්ල පැවසුවෙමි. ඇයද සිටින්නේ ශෝකයෙනි. මක් නිසාද යත් අප දෙදෙනාම මෙවැනි ප්‍රතිචාරයක් මා දෙමාපියන්ගෙන් බලාපොරොත්තු නොවූ බැවිනි. කෙසේ හෝ එම ඇමතුම අතරතුර ලොකු අයියා කතාකොට ඔහු ගෙදර එන බවත් හැකි ඉක්මනින් ගෙදර එන ලෙසත් පැවසුවෙන් මා හැකි තරම් ඉක්මන් කොට යාමට පටන් ගත්තෙමි. නමුත් මාගේ වේගය බාල වූයේ ඉදිරියෙන් යන්නාවූ බස් රිය නිසාවෙනි. එයට ඉස්සර කොට ඉදිරියට ගිය මා බලපිටිය නගරයට ආසන්නව සිටියහ. පිටුපසින් පැමින්නාවූ බස් රියද මා සමග කරට කර එන නිසා බයිසි මොටෝවේ වේගය තවත් වැඩි කරෙමි. 



එය සිකුරාදා දිනයක් වූ බැවින් මුස්ලිම් පල්ලි වැඳීමට යන පිරිස් මග දෙපස විය. බලපිටිය පල්ලියට ආසන්නයේදී පොඩි ළමයෙක් පාර පැනීමට ගොස් නැවත පිටුපසට පැන්නෙන් ඔහුව බේරීමට මම බයිසිකලය පාරෙන් ඉවතට ගත්තෙමි. නැවත එය තාර පාරට දමාගැනීමට ගිය විට තාර ගැට්ට හේතුවෙන් එය අසාර්ථක වී බයිකලයේ පාලනය නැතිව යන බැවින් මම බ්රේක් ගැසුවෙමි. කලබලයට මම තද කලේ ඉදිරිපස තිරිංග බැවින් පල්ලියට යමින් සිටි මුස්ලිම් මසුස්සයෙකුද පෙරලාගෙන ඔහුගේ ඇඟ උඩට වැටුනේය.




 මාගේ දකුණු අත ප්‍රදේශය රිදුම් දුන් බැවින් එදෙස බැලු මට දැකගත හැකි වූයේ කළු ගලක් මගේ වැලමිට ප්‍රදේශයේ ඇනී ඇති බවය. නැගිට ගැනීමටවත් මා හට නොහැකි විය. ජරමර අස්සේ බරකරත්ත කිව්වාක් මෙන් අර මනුස්සය වැටි තිබුනේ සරමත් කඩාගෙනය. පාරේ උන්නවුන් පන්ති යමින් සිටි ගැටිස්සියන් පිරිසක්ද සිනාසීමට පටන්ගත් බැවින් ඔහු විගසින් සරමත් අහුලාගෙන නැගිට එතනම තිබු අතුරුපාරකින් හැරී යන්නට ගිය පසු එතන සිටි වුන් පැමිණ මාව නැගිටුවා. බයිසිකලයද ගෙන ඒ හරියෙම තිබු ඩිස්පෙන්සරියකින්  බෙහෙත් දම්මවා පිටත් කර එවීය. ඒ මොහොතේ මා බයවී සිටියේ රියදුරු බලපත්‍රයක් නැති බැවිනුත් පාරේ අයිනක ගිය මනුස්සයෙක්ව හැප්පීමෙනුත් ඔවුන් මා පොලිසියට භාර දෙනු ඇත කියාය. 

ගෙදර පැමිණි පසු ලොකු අයියගේ කාලීන දර්ම දේශනය පටන් ගත්තේ කනට නිවනක් නැති කරමිනි. යකෝ මම ආයුදයක් තිබුනත් ඔය හරියෙන් යන්නේ භයෙන්. පොලිස් කාරයොත් ඔය පැත්තට තනිවම යන්න භයයි. බලපිටියේ මිනිස්සු කියන්නේ හරිම භයානක පොරවල්. උඹේ වෙලාවටද කොහේ අර මිනිහගේ සරම කැඩුනේ නැත්නම් ඒ මිනිහ යන එකක් නැහැ. උඹට අල්ලාගෙන නෙළයි ඇක්සිඩන්ට් උනාට හපන් වෙන්න. අනෙක ලයිසන් නැහැ. උඹට කිව්වා වාහනේ ගියත් බයිසිකලෙන් යන් එපා කියල පදින්න දන්නෙත් නැතිව හරියට බැරි වැඩ නොකරන් කබරෝද මොකක්ද මන්ද කියල තමයි කිව්වේ. කෙසේ හෝ එය අපේ ගෙදරට දැන්වූ පසු මා ආදරණීය පියතුමා පැවසුවේ. ලොකු පුතා ඕකාට වාහනේක යතුරක් නෙවෙයි අල්මාරියක යතුරක්වත් අහුවෙන්න තියන්න එපයි කියාය. (කොහොමද මගේ ඩ්‍රයිවින් :P) 

කෙසේ හෝ එදින මා බනීට කතාකොට එය පැවසුවෙන් ඔවුන් ඒ විගසම පැමිණීමට සූදානම් විය. නමුත් පසුදින එහි එන පොරොන්දුව මත ඔවුන් නවතාගනීමට මට හැකි විය. ලොක්කාගෙන් ගානක් කඩාගත් මා පසුදින පාන්දරම බනීව මුණගැසීමට අයගේ නිවසට පැමිණුනේය. දවල් වන්නට බනීගේ මව තුවාලය වෙලා තිබු බැන්ඩේජ් එක අයින් කල පසු තුවාලයේ ප්‍රමාණය දැක මා හට විහිලු කරනන්ට විය එය එතරම ලොකු තුවාලයක් නොවූ බැවිනි. නමුත් මුළු අතම මගේ රිදුම් දෙමින් පැවතින.

කෙසේ හෝ බනීගේ මාමලාට ප්‍රශ්නය වූයේ මම නැවත රට නොයාම පිළිබඳවයි. බනීගේ මවද රට යාමට සූදානම්ව සිටියෙන් ඔවුන් පැවසුවේ. අක්කේ අක්ක යනකන් මෙයා යන්නේ නැති පාටයි. අලුතෙන් ගන්න විස එකකුත් ඉක්මනින් ගන්න පුලුවන්නම්. මේ ස්ටුඩන්ට් වීසා එකක් ගන්න මෙච්චර කල්යනවද කියාය. එවිට මා පිළිතුරු වශයෙන් කීවේ. ඇය විදේශගත වීමට දිනකට හෝ පෙර මා ලංකාවෙන් පිටව යනවා කියාය( වෙන මොනවා කියන්නද) මේ වන විට මාගේ මානසිකත්වය බින්දුවටම බැස තිබිණ. අප පවුල්වලින් පැමිණෙන බලපෑමත් ඊටත් වඩා බනීගේ මාමල එල්ලකරන්නාවූ අනුම්පදත්. ගැරහිලිත් මාව සෑහෙන දුරට පසුබස්සවා තිබිණ. මාගේ කේන්තිය ගැන දන්නා මටම මෙවිට පුදුම සිතුනේ පෙර දිනක  කෙනෙක් මෙවන් දේවල් කිව්වෙනම් ඔවුන්ට අත්වෙන කල ගැනය. නමුත් මා මාගේ කේන්තිය පුළුවන් තරම් තදකරගෙන සිටියේ මාගේ ජීවිතයේ අනුගමනය කරන්නාවූ න්‍යායක් හේතුවෙනි. දැන් ඔයාලට තියෙන ප්‍රශ්නේ මොකක්ද ඒ කියන එකනේ. ඒ තමයි මහත්මා ගාන්ධි න්‍යාය. ඒ යමෙක් ඔබගේ දකුණු කම්මුලට ගැසුවොත් වම කම්මුලත් ඔහුට පාන්න යනුවෙනි. හ්ම්ම්ම්.......... හැබැයි ඒකටත්  ගැහුවොත්, කරන දේ මහත්මා ගාන්ධි පවසා නැති බැවින් අන්තිම කොටස මා විසින් සංශෝදනය කොට භාවිත කරමි. එයනම් දකුණු කම්මුලට ගැසුව එකා ඔබේ වම් කම්මුලටද ගැසුවොත්  නැවත හැරී මෙන් මේ අන්දමට ඔහුට සලකන්න කියාය.




යම් දඩයක්කාරයින් හට සතෙකු එලාගැනීමට  සමහර විට දිනගණන් බලා සිටීමට සිදුවේ. එබැවින් එය මාගේ සිතට අවභෝද  කර දී මේ නෑයින්ට රිදෙන්නට යමක් දීමට කාලය මටත් පැමිණෙන බැවින්. එතෙක් ඉවසා සිටීමට තීරණය කලෙමි. මක් නිසාද යත් මමත් පෘතක්ජන මනුස්සයෙකු බැවින් පළිගැනීමේ චේතනාව මටත් පහළවන බැවින්ය.


ඔවුන් විසින් සඳහන් කල මා සිතට  ගත් තවත් දෙයක් නම්. දිනක් පන්සල්  ගොස් පැමිණෙන විට බනී දාඩියයි කියා පැවසුවෙන් ඒ පුද්ගලයා පැවසුවේ කොහෙද උඹත් ඉඳල ඉඳල යාලු උනේ වාහනයක්  තියා බක්කි කරත්තයක් වත් තියෙන එකෙක් එක්කයැ. රස්සාවක් නැති. වාහනයක් නැති එවුන්ට කෙල්ලෝ දෙනවද අම්මපා........... එය මා අදටත් මා සිත පතුලේම තැම්පත් කරගත් වචනයකි. 

එම කාලය ඇතුල තුල මා බනීට පැවසු යම් කාරණා කිහිපයක් විය. එනම් අපේ සම්බන්දෙට ගෙදරින් කැමැත්ත ගන්නවා. අනෙක මම අයව කිසිදා අතරමං කොට දමායන්නේ නැති බව සහ දැන් අපිව පාගන් ඉන්න අයට කවදා හෝ ඔවුන්ගේම ක්‍රමයට පිළිතුරු ලබාදෙන බවත්ය. කෙසේ හෝ මා හට වීසා ලැබුණෙන් ලංකාවෙන් පිටත්ව පැමිණියෙමි. මා එද්දීත් බනීගේ දෑස තෙමි ඇති බැවින් එය කිසිසේත්ම මට උහුලාගත නොහැකි විය. ඇයව සනසා ඇයවත් ගෙන්න ගන්නා බව පවසා මෙහෙට පැමිණියේය. 





දෙවැනි කොටසට  මෙතනින්.
තුන්වැනි කොටසට මෙතනින්
සිව්වැනි කොටසට මෙතනින් 
සයවැනි කොටසට මෙතනින්
සත්වැනි කොටසට මෙතනින්  

අටවැනි කොටසට මෙතනින් 
නමවැනි කොටසට මෙතනින් 


Tuesday 4 September 2012

සිහින කුමරිය. (සිව්වැනි කොටස ) ජීවිතය වෙනස් කල කතාවක්.


පළවැනි කොටසට මෙතනින් 

දෙවැනි කොටසට මෙතනින් 


තෙවැනි කොටසට මෙතනින්
 






    හවස්වරුවේ මා ඇමතු බනි. ඕව ගනන්ගන්න එපා අයියා ඔයාගේ වරදක් නැහැනේ. ඔයා කලබලේට ඔහේ ගෙනාව එකේ පණුවෙක් හිටියට කමක් නැහැ. හොඳට හොයල බලල වෙන එකක් ගෙන්නකෝ යයි පැවසීය. මගේ හිතට යන්තම්වත් අස්වැසිල්ලක් වූයේ එවිටය. නැවත දින දෙකකට පසුව බනීව බැලීමට යාමට සිදුවූයේ ඔවුන් නවගමු දේවාලයේ යනවා කිව් බැවිනි. උදෙන්ම යායුතු බැවින් පාන්දර 3 ට නැගිට 4 ට අම්බලන්ගොඩින් කතරගම කොළඹ බසයකට නැගුනෙමි. උදෑසන 7 ට පමණ අයගේ නිවසට පැමිණීමට මා හට හැකිවිය. බනීත් අයගේ මවත් සමග නවගමු ගොස් පැමිණෙන විට ඔවුන් පැවසුවේ මවගේ නැගණිය තව දින තුනකින් ලංකාවට පැමිණෙන බවත් එවිට මට පැමිණ ඇයවත් මුණ ගැසෙන ලෙසය. 




                                 මෙන්න ඒ කාලේ කෝරලේ මහත්තයයි බනියි.



 ඇයව අපි සුදු පුංචි කියා හදුන්වමු. එංගලන්තයේ වාසය කරන ඇය පුතාද සමග මෙහි පැමිණ සිටියේ දින 15 ක් වැනි කෙටි කාලයකටයි. බනි පැවසු පරිදි ඇයගේ සිත දිනාගත් හැක්කෙනම් මුළු පවුලේම ආශිර්වාදය අප හට ලබාගත හැක. කෙසේ හෝ නැවත පෙරදා පරිදිම උදෑසන ඇයගේ නිවසට පැමිණි මා හට පුංචි සමග කතා බහ කිරීමට අවස්තාව පැමිණියේය. කෙසේ හෝ මා හට ඇතිවූ එකම පැනයනම් ඔවුන් මාගේ පවුලේ විස්තර විමසීමය. එය ලබා දිය හැකිවුවත් මාගේ මාපියන්ගේ ගති පිළිවෙල දන්නා මා එය ලබාදීමට උත්සුක වූයේ නැත. මව තරමක් ප්‍රසිද්ද තැනැත්තියක බවත් පියා පරිඝනක ඉංජිනේරුවෙකු  බවත් අප සැම ඩුබායි හි පදිංචිව සිටින බවත් කෙටියෙන් පවසා මාගේ ඉගනීමේ කටයුතු පිළිබඳව කෙටි විස්තරයක් ඇය හමුවේ තැබීය.  ඇය පැවසු පරිදි බනිගේ පියාද ලංකාවේ නැති බැවින් මෙසේ පිරිමි ළමයෙකු මෙහි පැමිණීම එතරම් සුදුසු නැති බවත් මාගේ දෙමව්පියන්ද කැටිව පැමිණ මේ පිළිබඳව තීරණයකට එළඹෙන ලෙසත්ය. මක් නිසාද යත් බනිගේ මාමල දෙදෙනා තරමක් නපුරු පුද්ගලයන් වූ බැවින් ප්‍රශ්නයක් ඇති වීම වලක්වා ගැනීමට එසේ කිරීම සුදුසු බව ඇයගේ අදහස විය.


   කෙසේ නමුත් එදින මා පිටත්ව ගියපසු මාගේ බුද්ධි අංශය (Bunny) සැලකල තොරතුරනම් පුංචි ඉතාමත් ඉහලින්ම මා අගය කල බවත් ඇයගේ සිත, මා හිතුවාටත් හොඳින් දිනා ඇති බවත්ය. දින කිහිපයකට පසුව ඔවුන් කතරගම යන බැවින් ඔවුන් සමග යාමට මා හට ඇරයුම් ලැබිණ. පුංචි විසින් සංවිධානය කල මෙම ගමනෙහි අරමුණ වූයේ මාමල දෙදෙනා සමග මා මුනගස්සවීමත් ඔවුන්ට මා තේරුම් ගැනීමට ඉඩහැරීමත්ය. එදින රාත්‍රී බනිගේ ආච්චි අම්මගේ නිවසට පැමිණෙන ලෙස පුංචි පවසූයෙන් කළුතර නාගොඩ ප්‍රදේශයේ තිබු එහි යාමට මා පිටත් විය. 


මා ඔවුන්ගේ නිවසට යනවිට රාත්‍රී 8 ට පමණ ඇත. එහි ගියද මා ගියේ තරමක චකිතයක්ද හිතේ දරාගෙනය. මක් නිසාද යත් මාගේ වැරදි පැවසු සිඟිති අක්කාද එහි වාසය කරන බැවිනි. ඇය පැවසුවේ බොරුවක් වුවත් එවැනි  බොරුවකින් මාගේ ප්‍රතිරූපයට විය හැකි කැළල බොහෝ බැවින් එවැන්නක් නොවේවා යයි දෙවියන් යැද්ද මා එහි වත්තට ඇතුළුවන විටම මා පිළිගැනීමට පැමිණියේ බනි, පුංචි, බනිගේ මව සහ සිඟිති අක්කයි. කෙතරම් බොරු කියා තිබුනත් ඇය මා සමග ඇති පෙර ඇඳුනුම් කම් මත මා දුටු විගසම මා බදාගෙන හානේ මල්ලි එන්න එන්න ලංකාවට ආව කිව්වට අදනේ දැක්කේ අනේ ලොකුත් වෙලා යයි පැවසීය.(ලොකුවෙන්නේ නැතිව හිටිය ගානටම ඉන්නැයි?)  එවිට පුන්චිලාගේ මුහුණේ අමුතු සිනහවක් ඇඳෙනු දුටු මා එපිලිබන්දව පසුව විමසීමට ඉටා ගතිමි. ගමන යාමට පිටත් වූයේ රාත්‍රියේය. හයි රූෆ් වෑන් රියක් වූ එහි පොල් පැටේව්වක් මෙන් බනීගේ පවුලේ උදවිය විය. මාමල දෙදෙනා ගැන විස්තර කළහොත් චූටි මාමා නැමැත්තා ආදී 6ක් පමණ උස මහත කළු වයස 45 පමණ පුද්ගලයෙක් විය. (දැක්කත් බය හිතෙන ටයිප්) අනෙකා ජයන්ත නම් විය. නොර්මල් පොරක් ලෙස දුටුවත් වඩාත් නපුරු ඔහු බව පසුව දැනගත්තෙමි. හැකි තරම් මොවුන්ගෙන් ඈත්ව සිටීමට හිතා ගත් මා පොඩි එවුන් සහ බනි සමග පිටුපස පෙළ ආසන වලට ගියේය. මගදිගටත්  සිංහයින්ව පා කරමින් ගිය ඔවුන් මා හටද ලබාදීමටද අමතක කලේ නැත. පාන්දර යාමයේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ මාමගේ යාළුවෙකු සතු බංගලාවකට පැමිණීමට හැකි විය. එය අපේ නවාතැන් පොළයි. 


එය පාන්දර ජාමය විය එහි බනිහේ මවගේ පුංචි කෙනෙකුගේ පුතෙක් වන මාමෙක්ද විය. අපි ඔහුව චමියා කියා හදුන්වමු. මොවුන් තිදෙනා එම නිවසේ ඉදිරි පස වූ කබානාවට වී බොමින් උන්නේය. චමියා පැමිණ මා කැඳවාගෙන ගියේය. බනි බයේ ගැහෙන්නට පටන් ගෙන තිබිණ. මක් නිසාද යත් ඔවුන් තුන් දෙනාම හද්දා අන්දොස් ඩයල් වූ බැවිනි. මත්පැන් බීමට ආරාදනා ලද මුත්. වැඩිහිටියන් සමග එකට වාඩිවී හිඳ මත්පැන්  බීම මා හට නොසුදුසු බැවින් බීර බෝතලයක් පමණක් ගෙන බොන්නට ගත්තෙමි. එයත් ඔවුන්ගේ බලපෑම මතය. එකක් ඉවර වෙන්ට එකක් බීරද මොවුන් ලබාදෙමින් මාව කතාවට අල්ලාගෙන මාගෙන් ඇසුව දේවල් වලින් මා හට පසක් වූයේ මට බොන්නට දී මාව පදිරි කිරීම බවය. එය අවබෝධ වූ මාද වෙරි මෙන් රඟපාන්නට විය. ඔවුන් සිතන්නේ මා හට හොඳටම වෙරි වැඩි බවය. නමුත් අහන කරන දේවල් වලට නිවැරදි ලෙස ඇඟ බේරාගෙන උත්තර දුන් පසු ඔවුන්ගේ බලාපොරොත්තු  ටු නොවූ බැවින් ඔවුන් ඔවුන්ගේ කතාවක් පටන්ගත්තේය. ඔවුන්ගෙන් අවසර ගෙන නිදාගැනීමට ගිය මා දුටුවේ මේ සියල්ල බල සිටි බනියාය. ඇය හොඳටම බියවී සිටියේ මාමලා යනු මද හෝ වරදක් වූවානම් පහර දීමට පවා සූදානම් ජාතියක් බැවිනි. අයවත් නින්දට යවා මමත් නිදාගැනීමට අනෙක් කාමරයට ගියෙමි.


                                 පහත තිබෙන්නේ එම චාරිකාවේ පොටෝ කිහිපයකි 



                                                   මේ ඉන්නේ ගිය සෙට් එකේ අඩක්
                                                         කෝරලේ මහත්තයයි, බනියයි
                                                           බනී මල්වට්ටියක් ගෙන
                                                                පුංචිගේ පුතා
                                     චමියා වැව් මාළුවෙකු රැගෙන පැමිණෙන විට.
                                වමේ කෝරලේ මහත්තයා, මැද සිඟිති අක්කා, දකුණු පස පුංචි



   පසුවදා කතරගම ගොස් හම්බන්තොට පැමිණ පරවීවැල්ල බීච් එකෙහි දිය නෑමට ගත්තේය. කෙසේ නමුත් මෙම මාමලාගේ ක්‍රියා කලාපය මා හට රිසි වූයේ නැත. ඔවුන් නැති මාන්නයක් මවාගෙන පවුලේ අනෙක් උන් අබල දුබලයන් බැවින් උන් ඉදිරි පිට වීරයන් වීමට තැත් කිරීම ගැන මා සතුටුවූයේ නැත. නමුත් එය මා හට අදාල දෙයක් නොවන නිසා කට පියන්  සිටියෙමි. ඔවුන් එහි දීද බීමට ගත් බැවින් මමත් බීර බෝතලයකට වග කිව්වෙමි. නමුත් හිතුවාට වැඩ එය මට වැඩි විය. මා සිතන පරිදි මුහුදු සුළං නිසා විය යුතුය. සියල්ලන් ගොඩට පැමිණි පසු ජයන්ත මාමා මට කතා කොට. ආ..... ළමය ඩ්‍රයිවින්ග් පුළුවන් නේද? ආ.. යතුර මෙන්න වෑන් එක අරන් යන් යයි පැවසීය. එවිටත් බඹරෙකු මෙන් සිටි මා මේ 24 දෙනෙකු පටවාගත් (පොඩි උන්ද ඇතුළුව) වෑන් රථයක් කෙසේ ගෙනයම්ද අනුන්ගේ වාහනයකි. අනෙක මෙවැනි විශාල වාහන ගෙන ගොස් පලපුරුද්දක්ද නොවීය.( හයි රූෆ් වෑන්වලට බර වාහන බලපත්තරේ ඕනෙනේ)  වාහනේ ඉදිරියට ගත මුත් යම් හිරවීමේ ගතියක් මා හට දැනෙන්නට විය. එය හෑන්ඩ් බ්රේක් අද යන්නක් මෙන් විය. නමුත් මට හෑන්ඩ් බ්රේක් ලීවරය සොයාගත් නොහැකි විය. මාමල දෙදෙනාගේම ඇස් මා දෙස විය.

චූටි මාමා: මේ නවත්වන්න දැන් බහින්න. ජීවිතේට වාහනයක් පැදලා නැද්ද?

මම : ඇයි
චූටි මාමා: ඇයි කියන්නේ හන්ද බ්රේක් ගහල අරන් යන්නේ තේරෙන්නේ නැද්ද?
මම :කෝ මේකේ හන්ද බ්රේක් ලීවර් එකක් නැහැනේ
චූටි මාමා: මේ තියෙන්නේ මොකක්ද යැයි යට තිබෝ ලීවරයක් පහල දැමු ඔහු පැවසීය.

හුටා කිව්වලු. මා පුරුදුව සිටියේ මෙවැනි  හෑන්ඩ් බ්රේක් වලට මුත්                      









  මෙය මෙවැනි අස්සක පිහිටි අටමගලයක්  විය.






  කවුද අප්පා ඕක දන්නේ? මම මීට කලින් එහෙම වාහනයක් පැදලා නැහැනේ. වාහන පැදලා හුරුවට අරන් යනවා මිසක් දැනුමක් ඇතිව අරන් යනවා නෙවෙයිනේ නැද්ද මන් අහන්නේ? මාගේ වරදක් සොයමින් සිටි ඔවුන්ට එය ඉහටත් උඩින් විය. කෙසේ හෝ එම චාරිකාව නිමාවෙන් පසු දිනක් මාගේ සම්මුඛ පරීක්ෂණයකට මාමලා දෙදෙනා එහි පැමිණීමට පැවසුවේය. බනී පැවසු පරිදි ඔවුන් මේ පවුලට අනවශ්‍ය ලෙස බලපෑම් කරමින් සිටි. මක් නිසාද යත් එම වයසක දෙමාපියන් සහ බනී ගැහැණු ළමයෙකු බැවින් ඔවුන්ට විරුදුව වචනයක්වත් කිව නොහැකි  නිසාය. එහි  ගොස් ඔවුන් සමග කතාබස් කරමින් සිටින විට මාහට ගෙදරින් ඇමතුමක් ලැබුණෙන් ඒ මාගේ මව විය. දුම්මල වරම අතට ගත් කපුවෙකු මෙන් බැනවැදුණු ඇය. මෙම සම්බන්දය වහාම නවත්වන ලෙස තර්ජනය කොට ඇමතුම විසඳි කළේය. මා තුල වූ ගැටලුවනම් මේ දෙය ඔවුන් දැනගන්නේ කෙසේද සැතපුම් දහස් ගණනක් දුර සිටින ඔවුන්ගේ කනට මෙය ගියේ කෙසේද? සිඟිතිගේ මවගේ අයියා අප පවුලේ දීර්ග කාලීන හිතවතකු බැවින් (නිපුගේ පියා) බනිගේ මව විසින් ඔවුනට කතාකොට මාගැන විමසා ඇත. මා ගැන ගොඩක් හොඳ කියා ඇති මුත් හැරෙන තැපෑලෙන් ඔවුන් මෙය මාගේ මවට දැනුම් දී ඇත. ඒ අන්න ඔයාලගේ පුතා කකුලක් අසනීප කෙල්ලෙක් එක්ක යාළුවෙලා යැයි යනුවෙනි. නැන්දලාගෙන් දැනගත් පරිදි මාගේ මව ලංකාවට පැමිණීමට සූදානම් වෙමින් සිටියේය. ඇය පැමිණීමට නියමිත දිනය හෙටයි. හෙට වෙන්නේ මොනවද කියා දැනගැනීමට එකතුවන්න ඉදිරි පොස්ටුවෙන්. 




ඔබ සැමගේ ගල් මුල් මල් සියල්ල එක සිතින් බාරගන්න බැවින්, ගුණදොස් පවසා යන්න. එය මාගේ අඩුපාඩු වැරදි හදාගැනීමට මට රුකුලක් වේවි.


දෙවැනි කොටසට  මෙතනින්.
තුන්වැනි කොටසට මෙතනින්
සිව්වැනි කොටසට මෙතනින් 
පස්වැනි කොටසට මෙතනින් 

සයවැනි කොටසට මෙතනින්

සත්වැනි කොටසට මෙතනින්  

අටවැනි කොටසට මෙතනින් 
නමවැනි කොටසට මෙතනින් 










Sunday 2 September 2012

සිහින කුමරිය. (තුන් වැනි කොටස ) ජීවිතය වෙනස් කල කතාවක්.

පලවෙනි කොටසට මෙතනින්


දෙවැනි කොටසට මෙතනින්



ලොකු අයියාගේ නෝහා රථය රැගෙන ඇල්පිටිය බලා ගමන් ඇරඹු මා කරන්දෙනියෙන් උදෑසන ආහාරය ගෙන නැවතත් පිටත් වූයෙමි. ඒ වනවිටත් දමියා සහ ඉරේෂ් බස් ස්ටෑන්ඩ් එකට වී මා එනතුරු සිටියහ. මම ඔවුන්ට රථයට ගොඩවන්නයි කී විට ඔවුන් කීවේ. තව සෙට් එකක් එනවා පොඩ්ඩක් ඉමුයි කියාය. විනාඩි 10 කින් 15 කින් පමණ තව තුන් හතර දෙනෙකුත් පැමිණියහ. ඔවුන් ඉරේෂ්ගේ යාළුවන් බවට හඳුන්වා දෙන ලදී. ඉරේෂ් අපට වඩා අවුරුදු 3කින් බාල වූ බැවින් මෙතන ඉන්න සීනියර් සිටිසන්ලා අපි දෙන්නා තමා (මමයි දමියයි) :D ඉරේෂ් ඉබ්බා සමග බාර් එකට ගියේ එළවලු ගන්නට විය යුතුය. හිකිස්........ ඔවුන් අත කට පිරෙන්නට බෑග් පිටින් වාහනයට පටවන විට මම ඇහුවේ. මොනවටද බන් ඔච්චර නාන්නද? යැයි ඇසු විට දමියා පිළිතුරු දුන්නේ උඹ යමන්කෝ අපි නිතරම සෙට් වෙන්නේ නැහැනේ...... යනුවෙනි. එවිට සියලුම සබ්බ සකල මනාව පටවාගත් අපි දමියාගේ මගපෙන්වීම යටතේ ගමන් ඇරඹුවෙමු. 



     ඇල්පිටිය නගරයෙන් ඈතට ඇදුනු අපි තරමක් ගම්බද පලාතක් මැදින් ගමන්ගන්නට විය. කඳුගැට තේවතු අතරින් ගිය ගමන නිම කලේ යම් කිසි ගෙයක් අසලින්ය. එහි වාහනය නතරකරන ලෙස දැන්වූ ඔවුන් සියලුම බඩු බාගෙන වාහනයේ වගකීම එම නිවැසියන් වෙත භාර දී එම වත්ත මැදින් පල්ලම් බැසීමට පටන් ගත්තෙමු. මීටර් 100 ක් පමණ ගමන් කල අපිට දැකගත හැකිවූයේ සුනිල්වන් දියදහරකි. එය යම්කිසි ආරක දිය ඇල්ලක් වැනි දොළක් විය. එයට කළුදියපොකුණ කියයි යයි දමියා විසින් පවසන ලදී. සියල්ලන්ම තම තමන්ගේ බෑගයන්ගෙන් අඩුම කුඩුම එලියට ගන්නට විය. හිතුවාට වඩා සූදානමකින් ඔවුන් පැමිණි බැව් බඩු භාහිරාදිය දුටු විට පසක් විය. තම්බපු මනියොක්කා. චිකන් ඩෙවල් ආදී එකී මෙකි නොකී සියල්ල එහි විය. 



    මුලින්ම අප විසින් සිදු කලේ බෝතල් සියල්ල. දියෙහි තැම්පත් කිරීමය. එය ස්වභාවික ලෙස ශීත කිරීමක් විය. මුලින්ම සියල්ලන්ම සිදුකලේ ඇඳුම් උනා දමා දියට බැසීමය.(නාන ඇඳුම් ඇඳගෙන හොඳේ) මදක් දියෙහි ගතකල අප නැවත ගොඩට පැමිණියේ, නමෝවිත්තියෙන් සුභ කටයුත්තකට අතගැසීමටයි. මෙසේ සිංහයන් පාකරමින් සිටින විට මාගේ දුරකථනය නද දෙන්නට වූයෙන් මාගේ ඉහ මොළ රත්වන්නට විය. කෙසේ වෙතත් මා සිතු පරිදි මූලස්ථාන( ගෙදරින්) ඇමතුමක් නොවීය. මේ බනිය.. හ්ම්ම්ම්ම් මේ වෙලාවේ මොකද  ගන්නේ අද ක්ලාස් කිව්වා නේද? යැයි සිතමින් ආන්සර් කොට බැලුවෙමි. ආ...... මොකද කරන්නේ. ඇයට බොරුවක් කීමට නොහැකි බැවින් මා ඇත්තම පැවසුවෙමි. ඒ දමියා සමග පොඩ්ඩක් සෙට් වෙන බවය. අනේ අයියේ වැඩියනම් බොන්න එපා හොඳේ.... පිස්සුද නංගි මට නම් එක බියර් එකක් බොනකොට වෙරි. ආ...... එහෙනම් කමක් නැහැ. මොකද දැන් තනියමනෙ ඩ්‍රයිව් කරන යන්න ඕනේ මම මේ AAT  ක්ලාස් ආවා. හවස ගෙදර යනවා ගිහින් කෝල් කරන්නම් හොඳේ, අපේ ගෙදර තමයි ඔයාට එන්න වෙලා නැත්තේ රට වටේ ඇවිදින්නනම් වෙලා තියෙනවා යැයි පැවසීය. දැන් කොල්ලන්ට මෙය ඇසී ඇති බවට සහතිකය නමුත් මුන් එකෙක්වත් කින්ඩි දම්මේනම් නැත. අනෙක් ඔක්කොටම හරියන්නට දමියාගෙන් වචන දෙකතුනක් ලැබුනත් එය මෙහි සඳහන් කිරීමට නොහැක්කේ ගූගල් ආයතනය විසින් මෙම බ්ලොග් එක 18 වැඩි නොව 100 ට වැඩි උන්ට පමණක් සීමාකළ හැකි බැවිනි.කෙසේ හෝ අපේ පාර්ටි එක ජයටම කෙරීගෙන ගියේය. කාගේ කාගේත් අදහස් අනුව කාලෙකට පසුව ගත් සුපිරි ෆන් එකක් විය. පින්තූර ටික බලලම ඉන්නකෝ 


















 හැන්දෑවන විට කාට කාටත් හොඳටම වැඩිවේ තිබිණ. හැබැයි කබ්බෝනම් එකෙක්වත් සිටියේ නැත. දැන් එළඹී  තිබූ කාර්යය නම් මෙවැනි පිරිසකුත් දමාගෙන කඳුවංගු පල්ලම් සහිත මාර්ගයක වාහනය රැගෙන යහතින් යෑමය. මාගේ කට පොඩ්ඩක් ඉඹ බැලු දමියා, අපෝ යකෝ තබරුමකින් වත් එන්නේ නැහැ ඔච්චර අරක්කු ගඳක් ඔහොම ගිහින් වැරදිලාවත් පොලිස් මාමල ඇල්ලුවොත් උඹ අනිවා ඩෙෆා හිරේ තමා හිටපන් ඕකට හොඳ බෙහෙතක් කියන්නන යැයි පවසා ලඟම තිබු පෙට්ටි කඩයට රිංගා බුලත් විටක් රැගෙන පැමිණියේය. ඉඳා කාපන් කට රතුවෙන්නම. එතකොට පොලිසියෙන් බැලුවත් සුවඳක් එන්නේ නැහැ. අනෙක තමයි ඔය අන්දොස් මූණ දැක්කම උන්ටත් එපා වෙනවා උඹව චෙක් කරන්නයි පැවසීය. (අනේ ඇත්තද මන්ද කාරණේ නම්).


මුන්වත් ඇල්පිටියෙන් බස්සවා ගෙදර ගිය මට මලා වගේ නින්ද ගොස් ඇති බව මට තේරුනේ මට ඇහැරුනේ පහුවෙනිදා උදේ ලොකු අයියගේ කෑගැහීමෙන් බැවිනි. බලපන් උඹේ නිදියාම අම්මා කිව්වේ ඊයේ ආවා වෙලාවේ ඉඳන් ලොක් කරගෙන නිදි කියල. වාහනෙත් රුයිතෙට ගහල තියෙන්නේ මොන යකෙක් වැහිලද බං........  බීල වගේ වැඩ කරන්නේ???????. යකෝ මම බීල ආවත් ඔයිට වඩා හොඳට පාර්ක් කරනවා.( මේකා දන්නේ කොහෙද මමත් ඊයේ ආවේ කන සාක්කුවේ දාගෙනයි කියල) ලැහැස්ති වෙනවා මාත් එක්ක ගාල්ලට යන්න පොඩි වැඩකටයි පවසා ඔහු යන්නට ගියේය. චික්: විතරක් මේ ගෝතයා යැයි සිතෙන් බනිමින් නාන කාමරයට ගොස් ඇඟපත සෝදාගන්න විට මාගේ මතකයට ආවේ යකෝ මම බනීට කෝල් කලේ නෑ නේද යනුවෙනි. මොබයිලය අතට ගත් මා දුටුවේ බනිගෙන් ලද මගහැරුණු ඇමතුම් 18 ය. ඉක්මනින් පැමිණ කෝල් කලමුත් සම්බන්ද කරගත නොහැකි විය. හිත සන්තාපයට පත්වූවත්. මක් කරන්නද? ලොකු අයියා සමග ගාල්ලට පැමිණි මා ඔහුව පොලිස් ස්ථානයෙන් බස්සවා එලියට වී සිටිමි. නැවත වතාවක් බනීට කෝල් කලවිට ඇය මා හට දෝශාරෝපනය කරන්නට විය. යාන්තම් නොවඳිනා වැඳුම් වැඳ අවුල සමතයකට පත්කරගැනීමට හැකි විය. ඒ ඇයව බැලීමට එන පොරොන්දුව සමගිනි. වෙලාව බැලු විට 10 ට පමණ විය. ලොකු අයියාගෙන් එන්නේ කීයටදැයි ඇසූවිට ඔහු පැමිණීමට තව පය 4 ක් පමණ ගත වේ යැයි දංවූ විට මා වාහනය ඔහුට භාර දී කොළඹ බලා ඒමට ඉන්ටර්සිටියකට නැගුනෙමි.
  


නැවතත් බස් රියතුලත් නිදාගත් මා ඇහැරෙන විට පානදුරත් පසුකරමින් තිබිණ. හ්ම්ම්ම් යනකොට මෙයාට අරන් යන්නේ මොනවාදැයි කල්පනකරමින් යන විට මට සිහියට නැගුනේ යකෝ මේ ගියාට යන පාර දන්නේ නැහැ නේද යනුවෙනි. මෙතෙක් ලංකාවට පැමිණෙන හැම සැරේම පාහේ වාහනයෙන් කිසිවෙකුගේ මගපෙන්වීම ඔස්සේ ( මක් නිසාද යත් ලංකාවේ පාරවල් පිළිබඳව එතරම් පැහැදිලි අවභෝදයක් මා හට නොවීය) පමණක් ගමන්ගත් මාහට තනිව බස්වල ගමන් කිරීම තරමක් පැටලිලි සහගත විය. මේ මාර්ග අංක සොයා ගමන් කිරීමනම් හද්දා අන්දොස් වැඩක් විය. කිසිවෙකුගෙන් ඇසීමටද යම් ලැජ්ජාවක් ඇත. මක් නිසාද යට හෙවිට ඔවුන් මා හද්දා පිටිසර බුවෙක්යි සිතිය හැකි බැවිනි. එවිට මාගේ ටිකිරි මොලේට ආ ටිකිරි අදහස වූයේ බනීට කෝල් කොට අසාගැනීමයි. ඇයට කෝල් කල පසු ඇය විසින් අයගේ මවට දුරකථනය ලබා දිනි. මෙන්න මෙහෙමයි බනීගේ අම්මා මට පාර කිව්වේ.

බනීගේ අම්මා : පුතේ ඔය දැන් කෙලින්ම පිටකොටුවට යන්න එතනින් ගන්න 190 මීගොඩ බස් එක හරිද ඒකෙන් එන්න හබරකඩට අහවල් හෝල්ට් එකේ බහින්න
මම : හරි ඇන්ටි මම එන්නම්. 


පිටකොටුවෙන් බැසගත් මා මුලින්ම කලේ කඩ පීරා චොකලට් හෙවීමය. මක් නිසාද යත් දැන හඳුනාගත් දිනයේ පටන් ඉල්ලන්නේ චොකලට් බැවින්ය. කඩ ගානකට ගියත් හිතට හරියන අන්දමේ චොකලට් එකක් නම් නැත. හම්මපා මේ වෙලාවට තමයි හිතෙන්නේ පිටකොටුවත් මහා බංකොලොත් ප්ලේස් එකක් කියල. ෆුඩ් සිටියක්වත් නැහැනේ. හොඳටම හවස් වීගෙන එන බැවින් තව කල් මැරීමට නොහැකි නිසා ඒම කඩවල් අතරින් මිලදීගත් හැකි ලොකුම චොකලට් එක මිලට ගත් මා 190 බසයට නැගිණ. හබරකඩ නමැති නම මා අසා පුරුදු නමුත් කොහේ තිබෙනවාදැයි මා දන්නේ නැත. දැනගන්නට උවමනාවක් තිබුනේද නැත. නමුත් මේ බස්වල නැගී තනිවම පාරවල් හොයා හොයා යාමනම් මට දිරවන්නේ නැත. තව කවුරුන් හෝ සිටියානම් මෙලෙස සිතෙන්නේ නැත. ට්‍රැෆික් එක මැදින් ගාටමින් ගමන්ගත් බස් රිය රාජගිරිය, බත්තරමුල්ල, කොස්වත්ත පසුකරනවිට මට මා සිතන්නට ගත්තේ යකෝ මේ මම දන්නා ඒරියා එකක් නේ හ්ම්ම්ම්ම්ම් මාලඹේට පැමිණ අතුරුගිරියත් පසුකල බසය ඉදිරියට යනන්ට විය. අතුරුගිරියේදී අප නිවස පසුවන අයුරු මා බස් රියේ කවුළුව අතරින් බලා  සිටින්නට විය. තුෂ්නිම්භූත වූ මා මේ යන්නේ කොහිදැයි බලා සිටින්නට විය. කිව් මග සලකුණු කිට්ටුවත්දී කොන්දොස්තර මහතාගෙන් විමසු විට මා හට බැසීමට නියමිත නැවතුම ඉදිරියේ විය. අයියෝ සල්ලි...... කුණු සංසාරේ කියල හිතෙන්නේ මේ වෙලාවට තමයි. හරියටම කියනවනම් අපගේ නිවසේ සිට කිලෝ මීටර් 3 හමාරක් වූ දුර පැමිණීමට මා ගොස් ඇත්තේ පරංගියා කෝට්ටේ ගියා වැනි යාමක්ය.   නමුත් මට ඔවුන්ට දොස් පැවරීමට නොහැක්කේ මා අතුරුගිරියේ නිවාස ගැන ඔවුන්ට සඳහන් නොකළ බැවිනි.

 කොහොමින් හෝ ඔන්න නිවසේ ගේට්ටුව ලඟටත් ආවයි කියමුකෝ.... එළියේ සිටියේ බනීගේ අම්මා විය යුතුය. ඇයගේ කටහඬින් මා සිතුවේ ඇය තරමක් මිටි කාන්තාවක් වෙයි සිතාය. නමුත් ඇය එසේ නොවූවාය. වාඩි වීමට සාලයට ආරාදනා ලැබූ මා බනිගේ මව සමග ආගිය තොරතුරු කතාකරන්නට විය. ඇය සමග කතා කලත් මා දෑස මට කීකරු නොවීය එය සොයන්නට වූයේ ඇයවයි . මා දෑස කොපමණ සෙවූ මුත් ඒ මා සෙව් රුව දක්නට නොවීය. මා සිතැඟි වැටහීමෙන්දෝ බනිගේ මව එන්න ළමයෝ එලියට යැයි පැවසිය. දොර රෙද්දක් එහා මෙහා වෙමින් තිබුනත් ඇය පෙනෙන්නට නැත නමුත් එය පිටිපස මොකෙක් හෝ රට හාවෙක් සිටියි. නැතිනම් එසේ හෙළවීමට හේතුවක් නැත. අන්තිමේදී මා එතෙක් බලාපොරොත්තු වී සිටි රුව දැක ගැනීමට වාසනාව උදා විය. අයියෝ...... සැලරි කිව්වලු. ෆෝන් එකෙන් මාගේ දත් ගැලවීමට කතාකරන ඇය මා ඉදිරිපිටට ඒමට එතරම් වෙලා ගැනීම සහ මෙතරම් සබකෝලයෙන් හැසිරීම මට පුදුමයක් විය. ඒවාට කියන්නේ කටින් බතල හිටවීම කියාය. නමුත් මා ඇයට බනි කියා ඇමතීම සුදුසුයි සිතුනේ ඇයව දැකීමෙනි. අහිංසක හා පැටියෙකු වැනි වූ ඇය දුටුවිට මා දෑසට කඳුලක් නැගුනේ අසනීප තත්වය නිසාවෙනි. 




මා ගමනේ විස්තර පැවසීමෙන් ඔවුන් විමතියට පත් වූයේ මා අතුරුගිරියෙහි බැවිනි. මා වෙනුවෙන්ම පිළියෙළ කෙරුණ ඉස්සෝ ඩෙවල් එක සමග කෑ බතේ රස මතක්වන විට දැනුත් මාගේ කටට කෙල උන්නේය. එවිටත් ඔවුන් සූදානම් වී සිටියේ බනිව චැනල් කිරීමට රැගෙන යාමටය. නොරිස් කැනල් ගිය අපි දොස්තර මහතා හමුව එනවිට රාත්‍රී 9 ට පමණ විය. මාව බසයට ඇරලු ඔවුන් පිටත් විය. මගින් මගටම බනි කෝල් කොට මා සුවෙන්දැයි විමසා බැලීය. ඒ අතරම ඇය විසින් පැවසුවේ. අම්මා අහනවා දැන් ඔයාගේ කැමැත්ත මොකක්ද කියල. බනි ඔයාගේ අම්මට කියන්න ඉස්සර ඔයාට සියට සීයක් කැමතිනම් දැන් සියට 1000 ක් කැමතියි කියල. 


මා ගෙදර යන විට රාත්‍රී 12 පමණ වී තිබිණ. සියලුම දොරවල් ලොක් කර සියල්ලන්ම නිදිය. දැන් කොහොමද මෙයාලව ඇහැරව ගන්නේ ලොක්ක ගෙදර නැත්නම් ප්‍රශ්නයක් නැත. නැන්දා මා හට ආදරේ බැවින් මාගේ වැරදි ලොක්කාට කියන්නේ නැත. හැබැයි ලොක්කා හිටියොත් අද මට වැඩ වරදින්නේය. මක් නිසාද යත් හවස 6.30 වෙනකොට නිවාර්යයෙන්ම ගෙදර ඉන්න ඕනේ යැයි නීතියක් ඔහු මට පනවා තිබු නිසාවෙනි. පිටිපස්සෙන් තාප්පයට නැගගත් මා  එයින් බැල්කනියට ගොඩ වී එහි ඇති දොරෙන් මාගේ කාමරයට ගියේය. උඩු මහලෙන්ම ඇඟපත සෝදාගත් මා උදේ ඇහැරුනේ 10 ට පමණය. අද අර ගෝරිල්ල ගෙදර සිටින දවසයි. ඔව් ලොක්කාගේ නිවාඩු දවස අදයි. මූණ හෝදගෙන පහලට ගිය මා දෙස ඔහු දෑස් අයා  බලා සිටියේය. උඹ කොහෙද ගියේ? කීයටද ආවේ? කොහෙන්ද ආවේ? කොහොමද ආවේ? ප්‍රශ්න වැලක්ය. කොහේ යන්නද මම 5 ට  විතර ආවා. ඇවිත් ගේම් එකක් ගහල නිදාගත්තා ලොක් කරගෙන ඇයි මොකෝ? පොරට කියන්නට දෙයක් ඉතුරු නොවින. මට බොරු කරන්න එපා උඹ කාමරේ හිටියේ නැහැ. මම දන්නවා උඹ මොකක් හරි ජිල් මාර්ට් එකක් කරා හැබැයි මම හොයාගන්නම්. මට පුදුම උඹ ඇතුලට ආවේ කොහොමද කියන එකයි මං නොදැනුවත්ව. අදට බේරුනා කියල හිතාගනින්කෝ සාක්ෂි නැතිව මම වැඩ කරන්නේ නැහැ. යනුවෙන් මුගේ පොලිසියේ ලොකු කම ප්‍රදර්ශනය කළේය.    මූ මෙතරම් පුදුම වන්නට හේතුව මා දැනගත්තේ නැන්දාගෙනි. මේකා නිදා තිබෙන්නේ ප්‍රදාන දොරටුව අසල මෙට්ටයක්  දමාගෙන දොරවල් දෙකේම යතුරු  තමන්ලඟ තියාගෙනය. ලොලේ ලොල්




කාම කෑ අවසන් වූ මා ඊළඟට කල කාර්‍යය නම් බනිව ඇමතීමයි.
මම : හෙලෝ මොකෝ බනි කරන්නේ
බනි: සිනාසෙයි........ හයියෙන් සිනාසෙයි
මම : මොකද අනේ හිනාවෙන්නේ මම ඇහුවේ මොනවද කරන්නේ  කියල හිනහ
වෙන්න දෙයක් කිව්වද? 
බනි: අනේ සොරි මට හිනා ගියා.
මම : හ්ම්ම් ලොක්කත් එක්ක පොඩි කෙස් එකක් ගියා (ඇයට විස්තර පැවසුවෙමි) කොහොමද චෝකෝ එක කෑවද?
බනි: ඔව් අයියේ චෝකෝ එකනම් ගොඩක් හොඳයි ලොකුම එකක් නේ ඒත් කන්නනම් බැහැ
මම : ඒ මොකෝ මම කොච්චර හොයලද ඕක ගෙනාවේ ඔයාට
බනි: ඕකේ අනේ තැන්ක්ස් යු චෝකෝ එකටයි එකේ හිටිය පනුවටයි............. 


මා විසින් පිටකොටුවෙන් මිලට ගන්න ලද චොකලට් එකේ තඩි පණුවෙක් සිට ඇත. කල් ඉකුත් වී නැති එහි පනුවෙකු සිටින්නේ කෙසේදැයි මට අදහසක් නැත නිකන් පණුවෙක් නෙවෙයි පණු බිත්තරත් එක්ක පණුවෙක් ඉඳල තියෙන්නේ මදැයි කොලා කිව්වලු මාලාවෙනි ඉම්ප්‍රේෂන් එකම ඉවරයි. ඒ කොහොමද පණුවෙක් ඉන්නේ? එක්ස්පයරි ඩෙට් බලල ගත්තේ දැන් කොහොමද මම එයාට මූණ දෙන්නේ ඒ විගසම මම දුරකථනය විසන්ඳි කලෙමි.

















Related Posts Plugin for WordPress, Blogger...