Sunday 30 December 2012

ශ්‍රී පාද වන්දනා. සිරිපාදේ යමුද??????



මගේ පසුගිය ලිපියේ පැවසු පරිදි ලංකාවේ ගැහැණුන්ගේ නොපනත්කම් ගැන දෙවැනි වරටත් ලියන්නට ගත්තද, මේ අවුරුද්දක් ගෙවිල අවුරුද්දක් පටන්ගන්න අලුත් අවුරුදු කටේ එවන් දෙයක් ගෝචර වෙන්නේ නැහැ කියල හිතුන නිසා මම හිතුවා අපේ යාලුවොන්ව අපේ උතුම් පුදබිමක්වන සිරිපා වන්දනාවට එක්කන් යන්න. මොකද කියන්නේ යන්න නඩේ ලැහැස්තිද? හ්ම්ම්ම්ම් ........

ඔන්න හා හා පුරා කියල ගිය අවුරුද්දේ ලංකාවට බැස්සේ සිරිපාදේ යන්න හිතාගෙනමයි. මොකද අවස්ථා ගණනාවක ගෙදර ඉන්න කාලේ මට ඔය ගමන යන්න තිබුණු චාන්ස් එක මගහැරුනා. සිරිපාද වන්දනාව ගැන එක එක කතා අහල තිබුණු මම මේවගේ කතාවකුත් අහල තිබුනා සිරිපාදේ එක පාරක් නොගිය මිනිහත් මෝඩයෙක් එකපාරකට වඩා යන මිනිහත් මෝඩයෙක් කියලා. ඒ මොකද මට මේ ගැන වටහල දුන්නේ අපේ සීයා. ඒ කියන්නේ ඉස්සරකාලේ අද වගේ ශ්‍රීපාදස්ථානය අවට ජනාකීර්ණ නැහැ වන ලැහැබවල් රළු පාරවල් මගින් තමයි මේ ශ්‍රී පාද වන්දනාවට යන්න ඕනේ උනේ හරිම දුෂ්කර කර්තවයක් තමයි මේක ඉස්සර දවස් වල හැබැයි දැන්නම් දෙවියන්ගේ පිහිටෙන් හරිම ලේසි පහසුවට තියෙනවා කියලයි සීයානම් කිව්වේ. එක පාරක් නොගිය කෙනා මෝඩයෙක් වෙන්නේ සිරිපාදේ ගැන දැනීමක් නැති නිසා. එකපාරකට වඩා යන කෙනා මෝඩයෙක් වෙන්නේ ඒ කම්කටොළු මැද මේ ගමන යන නිසා. ඒ මොන කතාව කිව්වත් 50ස් වතාවටත් වැඩිය සිරිපා කරුණා කරපු අය අපේ වැඩිහිටියෝ අතර ඉන්නවා.

මනුස්ස ජීවිතේ කොයිවෙලේද කියල කියන්න බැහැනේ. බෞද්ධයෙක් විදියට අපේ රටේම තියෙන උතුම්ම පුදබිමක් වන ශ්‍රී පාදය වන්දනාකරගන්න එක කොයිකටත් හොඳයි කියලයි මට හිතුනේ නිවාඩු යන්න කලින්. හැබැයි මේ අදහස ගෙවල්වලට කිව්වට පස්සෙනම් ආවේ එච්චර හොඳ ප්‍රතිචාරයක් නෙවෙයි. මොකද හැම වැඩිහිටියෙක්ම රටින් පිට ඉන්න අවස්තාවක මින් පෙර සිරිපාදේ නොගියපු කොඩු කාරයෝ සෙට් එකක් සිරිපාදේ යන එකට කවුරුවත් කැමති උනේ නැහැ. එයට මුල් උන තවත් හේතුවක් තිබුනා මගේ බිරිදගේ (බනියගේ) කකුලේ අසනීපය. ඇයට මෙම ගමන යාමට හැකිවෙන එකක් නැහැ කියලයි හැමෝම කිව්වේ. එවිට මා ඔවුන්ට කිව්වේ යන්නට බැරිනම් කරේ තියාගෙන හරි යනවා කියලා. අනෙක දෙබර වද තියෙනවලු  හැමෝම හැදුවේ ගමන නවත්වන්න. හැබැයි සහෝදර වරුනි අපි කිව්වොත් කිව්වා දෙකක් නැහැ. මේ ගමනට සහභාගී උන වැඩිමල්ම කෙනාගේ වයස 27යි ඒ මගේ එක කුස නූපන් සහෝදරයා වන හැරා ගොයියා. අනෙක් ඔක්කොම පොඩි උන් තමයි මේ ගමන යන්න සෙට් උනේ.

මෙතනින් මීට පෙර වතාවක් සිරිපාදේ ගිය අය අතර හිටියා බනියගේ පුංචිගේ පුතෙක්වන තාරක.මේකා පොඩ්ඩක් මහදැන මුත්තෙක්. පුංචිලා පොරවයි නංගිවයි භාර දෙද්දී කිව්වේ දිනු පුතේ ඔයාගේ විශ්වාසෙට තමයි නංගිවයි මල්ලිවයි එවන්නේ කියලා. උන්දෙන්නයි ජනිතුයි(ඝාන්දී) 12, පසිඳු (මිකී) 13, අපේ නංගි 17, හසිත 22, බනියගේ අක්ක (සිඟිති) 23, බනියා 19, මම 22යි, ඔන්න ඕකයි අපේ නඩේ. කොහොම හරි බනියව ස්කොලේ ගෙනියපු වෑන් එකේ අයියම අපි සෙට් කොරගත්තා හයර් එක යන්න. මොකද හැරා කිව්වා විදියට සිරිපාදේ ගිහිං ඇවිත් ඩ්‍රයිව් කරන එක අමාරු නිසා. 

දැන් අපේ ගෙදර නිකන් ටෙලිකොම් එක වගේ එහෙන් කෝල් මෙහෙන් කෝල් හතර වටින්ම උපදෙස්. යන්නේ කොහොමද .....කරන්නේ මොනවද.... අරව මෙව්වා වැඩ ගොඩයි. කොහොම හරි ඔතනට සෙට් වෙනවා අපේ ඉන්දුවා. පොර ජොබ් එක කරන්නේ නම් කාලතුවක්කු රෙජිමේන්තුවේ දෙවන ලුතිනන් කෙනෙක් විදියට. පොරත් දැන් නිවාඩු ඇවිත් යනගමන් මාව හම්බවෙන්න අපේ ගෙදර ඇවිත් හිටියේ. පල්ලෙහා ගෙදර නැන්දා හදිස්සියේම ඇහුව පුතේ ඔයාල කෝඩු අග්ගලා හැදුවද කියලා. හප්පේ..... තව පොඩ්ඩේන් එකත් මිස් වෙනවා යන්තම් ඉන්දුවා ඉදිරිපත් වෙලා අග්ගලා ටික හදල දුන්නා. හැබැයි එව්වනම් කෙලින්ම කාලතුවක්කු උන්ඩ වගේම තමයි. පස්සේ හොයා ගත්ත විදියට මේකා සීනි කර කරලා වැඩියෙන්. හිකිස්...යන්න පිටත් වෙද්දී සිඟා එන්න බැහැයි කිව්වා. මොකද ඒකිගේ කොල්ල ඒ කියන්නේ තාරාවා එන්න හිටියේ නමුත් එකට එන්න වෙන්නේ නැහැලු. ඒ නිසා මේකි එන්නම බැහැලු. බනියා බල කරද්දී අනේ බැහැ නංගි බබී මම ආවොත් මට එන්න වෙන්නේ කකුල් හතරෙන්. අනේ මට බැහැ ඔච්චර දුර යන්න අරව මෙව්වා සිද්දි ගොඩයි. මම හිතින් හිතාගත්ත අනේ මම සමන් දෙවියන්ගේ හාස්කම් ගැන අහල තියෙනවා දැකල නැහැ. එහෙම දෙයක් තියෙනවනම් අනිවා මෙකි අපි යන්න තප්පරයක් හරි තියල එනවා කියලා. ඒ දේ ඒ විදියටම සිද්ද උනා. 

(සිඟා කියන්නේ ගත්ත තීරණයක් කවදාවත් වෙනස් කරන්නේ නැති කෙනෙක්)



කොහොමින් කොහොම හරි හවස 4 ට විතර ගෙදරින් පිටත් උන අපි. සින්දු කිය කිය බොහොම විනෝදෙන් ගමන ආවා. 





රෑ 10 පමණ සිරිපාදේ පහලට ආව අපි හීන් සැරේ  අපි නඩේ පොඩි උන් ටිකටත් ඇහැ ගහගෙන හීන් සැරේ සිරීපාදේ කරුනාකරනවා. පොඩි උන් ටිකත් තුන් සරණේ කවි කියන්නේ පුරුදු කාරයෝ වගේ. 









වඳින්න යන අපේ අක්කට බුද්ධන් සරණේ සරණයි.............

අපේ බනියාවත් අරන් මුන් ටික නගිනවා. මගේ චන්ඩි කෙල්ල කාගේවත් සපෝර්ට් එකක් නැතිව සිරිපා කරුණා කරන ආකාරය මම බලන් හිටියේ හරිම සන්තෝසෙන්. මේ අතර වාරෙදි තමයි සිඟාට යන්න අමාරුවෙලා අත් දෙකත් උපයෝගීකරගෙන (කකුල් හතරෙන්) මේකි යන්න ගත්තේ. අයියෝ කුණු සංසාරේ කිව්වලු. මගේ ලඟට ආව හැරා. මල්ලි පේනවද කට වරද්ද ගත්ත විදියටම යන තාලේ... කියල ඇහුවාම තමයි මට මතක් උනේ මෙයා එන්න කලින් කිව්ව එව්වා. කරන්න දෙයක් නැහැනේ මගදාලා යන්නත් බැහැනේ මමයි හරි වාරු කරන මෙයාව අරන් ගියා. ඒ මදිවට අපේ උන්දා බ්ලැන්කට් වගේකුත් අරගෙන උඩ සීතල හැදෙයි කියල පිටේ බෑග් එක පුරවල එකේ බරයි අක්කගේ බරයි දෙකම තිබුනත් මට කිසිම මහන්සියක් නම් දැනුනේ නැහැ. 

මගදී හම්බවෙන අයට බෙදන්න කැවිලි වර්ග නැති නිසා අපේ බනියා මොලේ කල්පනා කරලා ටොෆි පැකට් වගයක් දාගෙන ඇවිත් තිබුනා. ඒවත් බෙද බෙද අපි හීන් සැරේ උඩට කරුණා කළා. මෙතැනදී මතක් කරන්න ඕනේ වැදගත්ම දෙයක් තමයි මළුවට එකයි කියන සුරුට්ටුව. අයියෝ කුණු සංසාරේ........ ඒක බිව්ව වෙලාවේ ඉඳන් මටයි හසිතයටයි කැස්ස නවත්වගන්න බැහැ. කොහොම හරි බනියගේ ඇහැ වහල මළුවට එකයි පිටින් දාලා ගෝල්ඩ් ලීෆ් දෙකතුනක් නම් අපි දෙන්න ඉවර කළා. බනියත් දැක්කා නොදැක්ක වගේ හිටියේ. ඒ 


                                                    ඔය පින්තූයේ යන්නේ දුම් රැල්ලක්ම

වෙලාවේ තිබ්බ සීතල නිසා වෙන්න ඕනේ. අපේ අය කොහොමින් කොහොම හරි ඉදිකටු පානටත් ලඟා උනා කියමුකෝ....



                                                                       සීත ගඟුලේ     
                                                             
ඉදිකටුපානේ වතාවත් කරලා ටිකවෙලාවක් ගිමන් හැරිය අපි නැවතත් කරුනාකරන්න පටන් ගත්තා. විනාඩි පහලවකට පමණ පසුව මට යම් කිසි අඩුපාඩුවක් වගේ හිතට දැනෙන නිසා මම නිකමට හැරාට කිව්වා කට්ටියම ඉන්නවද කියල බලන්න කියලා. බැලින්නං තාරක මිසිං...... කාපන් හැලප කිව්වලු......... කෝ තාරක???? මට දෙවිලොව සිහි උනේ එද්දී පුංචි කිව්වා වචන සෙට් එක මතක් උන නිසයි. "දිනු පුතේ ඔයාව විශ්වාස කරලයි මේ දෙන්නව එවන්නේ" අයියෝ මම දැන් මොකද කරන්නේ..... අනෙක් යට හෙමින් එන ලෙස පවසා හැකිතරම් වේගයෙන් ම  මහගිරිදඹේ අසලට යන්නට වූනේ මෙහි පැමිණ පුරුදු ඇති නිසාවෙන් මේකා අපිට කලින් නගින්නට ඇතැයි සිතාය . එවැනි වදන් අප එද්දී දෙතුන් විටක් තාරක පවසනු සිඟාට ඇසී ඇති බවත් ඇය කී බැවින්.විනාඩි 15ක් පමණ ඉදිරියට ගියත් මට ඔහුව දැකගත නොහැකිවූයෙන්. අධික කෝපයක් මා සිතට ආවේ අපේ නංගි සහ හසිත සමගිනි. මා ඔවුන් දෙදෙනාට පොඩි උන්ගේ වගකීම භාර දුන්නේ බනියා සහ සිඟා ගැන හෙවීමේ වගකීමට අමතරව බඩු මලු එල්ලාගෙන යෑමද මට පැවරී තිබුන බැවිනි. අසල තිබු කඩේකට ගොඩවී කෝපි එකක් බේබි සිගරට්ටුවක් අදින විට අනෙක් අයද පැමිණියෙන් හැමෝම තේ කෝපි බී විඩා හරිමින් සිටියේය. එලියට ආසන්නව සිටි මිකියා අර ඉන්නේ තාරක. "තාරක....." යයි කා ගසනු ඇසී ඒ දෙස බැලු විට අඬාගෙන පැමිණෙන පොඩි එකා දුටු විට මගේ කේන්තිය පහව ගියේ මේකාගේ මූණ දිහා බලාගෙන බැනීමට නොහැකි බැවිනි. 



සිද්ධ වී ඇත්තේ ඉදිකටු පහනේදී මේකාට නින්දගොස් ඇති බැවින් නඩයෙන් මගහැරී යාමයි. එතන සිටි කරුණාවන්ත පිරිසක් සමග උඩට නැගීමට පටන්ගෙන ඇත්තේ මළුවේදී අප හා එක්වීමටයි. මේ පිළිබඳව හසිතගෙන් සහ අපේ නංගිගෙන් විමසු විට උන් දෙන්නා සිටින්නට වූයේ ඇටිකෙහෙල් කෑ උගුඩුවන් මෙනි. කෙසේහෝ පාන්දර 5ට පමණ මළුවට පැමිණීමට අපිට හැකිවිය. 















                                                            මේ ඉන්නේ ගියපු සෙට් එක

ඉරසේවයේ පින්තූරද ගත් පසු උදෑසන පූජාවටද සහභාගී වී. බනියාගේ අදහසක් මත මලුවේම මදක් විවේක ගන්නට වූයේ වෙහෙස නිවා ගැනීමටයි. 

                                  වමේ රෝස පාට ජැකට් එක සිඟා, මැද මම, අයිනේ බනියා
                                     හැරා නම් කියන්නේ ඝාන්ඳි ඉන්නේ අන්දරේ මැරුන විදියටයි කියල

පැයකට පමණ පසු අප අවදි වූයේ හැරාගේ කුන්චනාදයෙනි... හිකිස්....... නැගිටපල්ලා..... දැන් දවල් වෙලා ඉක්මනට බහිමු නැත්නම් අමාරුවෙනවා කට්ටියටම යයි පැවසු බැවින් සියල්ලන්ම ඊට අවනතව යාමට සූදානම් විය.මහගිරි දඹේ පඩි පනහක් පමණ බැසගත් පසු අප මුහුණ දුන් තවත් අසීරු අවස්තාවක් නම් බනියාගේ කකුල අමාරු වීමයි. ඇයට පඩි නැගීමට හැකිවුවත් බැසීමට නොහැක්කේ එහිදී කකුල නැවීමට සිදුවන බැවිනි. එහිදී ඇයට සහය වීමට ඉදිරිපත් වූයේ............ කවුද?????? කවුද ඉතින් ඔයාල හැමෝම දන්නා කෝරළේ ගොයියා මිසක්. මෙන්න මෙහෙමයි අපේ බනියා සිරිපාදේ බැස්සේ.කොහොම උනත් මම කිව්වා විදියටම කිලෝ මීටර් 13ක් බනියව කරෙන් අරන් ආවා.

                                                මෙන්න මෙහෙමයි බනියා බැස්සේ

 ඒ ඇවිල්ලත් මට කිසිමඅමාරුවක් නැති වෙන එක ගැන මම අදටත් පුදුම වෙනවා මොකද මීටර් 500ක් ඇවිද්දත් අමාරු මට එතරම් දුරක් බනියාවත් කරෙන් අරන් ආව එක ගැන. එද්දී නම් අනේ දිනු අයියේ එපා එපා කියා කියා ආවට මේකා ඇවිත් තියෙන්නේ ෆුල් හැපී එකේ කියල දැනගත්තේ මේ ෆොටෝ එක දැක්කමයි.



                                               අර තියෙනවා කිව්වා දෙබර කූඩුවක්



                                එද්දී කිතුල්ගලින් නාල එහෙම තමයි අපේ කට්ටිය ආවේ.








                                        මේ පින්තූරේ දැක්කම ...... මතක්වෙන්නේ නැද්ද?


                                                     මෙන්න මේකයි මූණු පොතේ තිබ්බ පින්තූරේ







මේ පොස්ටුව දැනට හිතුනු කාරණේ තමයි මේ ඊයේ පෙරේදා මගේ ෆේස් බුක් ප්‍රොෆයිල් පින්තූරේ ඒ තියෙන්නෙත් මෙතන ගත්ත පින්තූරයක්ම තමයි. ඔන්න මට බනින්න එපා පොස්ට් එක දිග වැඩියි කියල භාගෙට බාගයක්ම කපලයි පබ්ලිෂ් කලේ. ලියාගෙන යද්දී ලියවෙනවා අප්පා... තවත් කැපුවොත් පොස්ට් එකේ රසවත් බව අඩුවෙන නිසා තියෙන්නම ඕනේ කෑලි ටික විතරක් තියල අනෙක්ව අයින් කළා පොස්ට් දෙකකට දාන්න හිතුනේ නැත්තේ. එච්චර දිග් ගස්සන්න ඕනේ නැති නිසයි. මට මේ පොස්ට් එකෙන් ඕනේ කලේ ඔයාලට සිරිපාදේ අත්දැකීම ලබල දෙන්න. ගියේ නැති අයට දැනගන්නත්. ගිහිං තියෙන අයට මතකෙට නංවා ගන්නත් එක්කල තමයි මේ පොස්ටුව දැම්මේ.( මොකද දැන් සිරිපා සීසං එකනේ) එහෙනම් හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සල්ලිය බාගේ අතේමිටේ වැඩිපුර ගැවසෙන ශ්‍රී සුභ අලුත් අවුරුද්දක් වේවා!!! 








Saturday 22 December 2012

ලෝක විනාශයට පසුවදනක් සහ ෆේස්බුක් ගණිකාවන් (18+)



හ්ම්ම්ම්ම් ලෝක විනාසේ බලාපොරොත්තුවෙන් සිටියත් එවන් දෙයක් සිදුවුනේ නැහැ නේ. නොයෙක් දෙනා විවිධා කාරයෙන් මේ ලෝක විනාසේ ගැන අර්ථකථන දුන්නා, විවිධාකාර මත ඉදිරි පත් කළා. නමුත් ඒ හැම දෙකටම මුනි වත රැක්ක මම ලෝකවිනාසේට පසු වදනක් එකතු කරන්නයි මේ යන්නේ. 

ලෝක විනාසයක් වෙනවා කිව්වාම හැමෝම භය වෙනවා. ඇයි තමන් එක්රැස් කරගත් දේපල වස්තුව තමන්ගේ හිත මිතුරන් සියල්ලන්ම නැතිවෙලා යන හින්දා කෙටියෙන් කිව්වොත් සියල්ල විනාශ වෙලා යන නිසා. ප්‍රංශයේ මිනිස්සු කොටසක් මේ ලෝක විනාසෙන් බේරෙන්න කන්දක් පාමුලට වෙලා බලන් හිටියලු. පිට සක්වල යානයක් ඇවිත් තමන්ව ගලව ගනියි කියලා. ලංකාවේ උදවිය බෝධි පූජා තිබ්බලු ඉන්දියාවේ, පාකිස්තානේ වගේ රටවල් වලත් විවිධ ආගමික වතාවත් වල මිනිස්සු නිරත උනාලු. ලෝකේ අනෙක් රටවල් වලත් තත්වය මේකම තමයි. හැබැයි එක දෙයක්....  අපේ මිනිස්සුන්ට දෙවියෝ බුදුන් මතක් වෙන්නේ තමන්ට කරදරයක් වෙනකොට, ආපදාවක් වෙනකොට තමයි. එතකල් තමන්ගේ තියෙන අධර්මිශ්ට ජීවිත වල ඇලී ගැලී තමන්ගේ අදර්මිෂ්ට කම් වෙනසක් නැතිවම කරගෙන යනවා. මිනිස්සු ආගමට ධර්මෙට, මිනිසත් කම්, සදාචාරයට  වැඩිය දුවන්නේ මුදල් මත්තේ. නමුත් මට අහන්න දෙයක් තියෙනවා. මුදල් නැතිව ජීවත් වෙන්න බැහැ තමයි. නමුත් මේ ලෝක විනාසක් වගේ තත්වයක් ඇති උනොත් මුදල් වලින් ගන්න පුළුවන් ප්‍රයෝජනේ මොකක්ද......? මුදල් වලට වටිනා කමක් තියෙනවද...........?

අද කාලේ මිනිස්සු මුදල් හොයන්න ජීවත් වෙනවා මිසක් ජීවත් වෙන්න මුදල් හොයන්නේ නැහැ. ඒක රටේ ඉහලම තැන ඉඳල පහලම තැන රස්සාව කරන කෙනාටත් පොදුයි.  ඊයේ හදිස්සියේම මට නෙත් එෆ් එම් එකේ බැලුම්ගල වැඩසටහන අහන්න ලැබුනා. ඔය කොහේදෝ වෙබ් සයිට් එකක තිබිලා තාත්තා දැම්ම වෙලේ. එහි කියවුනේ ෆේස්බුක් ගෘප් එකක් මගින් ගණිකාවන් ලබාදෙන්නට පොරොන්දු වී විවිධ වයස් ඛාණ්ඩ වල පිරිමින්ගෙන් මුදල් ගසා කෑ කාන්තාවක් පිළිබඳවයි. ඇඳුම් අයන් කර කර හිටපු මමත් මගේ රබර් කන ඔය පැත්තට දැම්මේ ෆේස්බුක් එකේ තියෙන ඕනෙම කුනුගොඩක නරක පැත්ත ගැන අපේ ගෙවල් වලින් ඊට පස්සේ ලොකු ලෙක්චර් එකක් දෙන්නේ අපිට බැවින් ඊළඟ මොහොතේ කොහෙවත් යන කුණුගොඩක්  මගේ ඔලුවට කඩන් වැටෙන නිසයි. මොකද මමත් ගොඩක් දුරට ෆේස් බුක් බදු අරන් වගේනේ ඉන්නේ. හිකිස්......... 



ඉතින් මේ කාන්තාව තමන්ගේ දුරකථන අංකය මෙහි ප්‍රචාරය කර බොහෝ පිරිසකගේ මුදල් වංචාකොට ඇති බව දැනගන්නට ලැබුනා එක් අයෙකුගෙන් රුපියල් තිස්දාහට වඩා වැඩි මුදලක් මෙම කාන්තාව ගසා කා ඇති පැහැදිලි උනා. මැය මොඩලින් කරන කෙල්ලෙක්ට (ගණිකාවක්) රුපියක් 6000 හේ සිට ඉහලට අයකරන බව දන්වා මුදල් බැංකු ගිණුමට බැර කරවාගෙන පැමිණීමට ස්ථානයක් පවසා එහි නොගොස් මගහැර සිටීමයි කරන්නේ. දැනට කලකට ඉහත අසන්නට ලැබුනේ අද කාලේ කෙල්ලෙක්ට පාරේ බැහැල යන්න බැහැ මේ සමාජේ වරද කියලා. ගැහැණු ළමයින්ව ගෙවල් වලින් ගොඩක් දුරට පරිස්සම් කරන්නට යෙදුනේ රැවටිලිකාර කපටි මිනිස්සුන්ට අසු නොවී බේරා ගැනීමටයි. නමුත් අද දින එය පිරිමින්ටත් පොදු කාරණයක් වෙලා. අද ගෙවල් වලට තමන්ගේ පිරිමි දරුවත් පරිස්සම් කල යුතු තැනට පත්වෙලා ඉවරයි. මේවට බනින්න ඕනේ සමාජයටද? රවටිලිකාරයොන්ටද? රැවටීම් වලට අසුවන්නන්ටද? නැතහොත් සමාජ ක්‍රමයටද? එසේත් නැතහොත් අපි අපිටමද? 




ෆේස්බුක්, බ්ලොග් මගින් සමාජයට වෙන්නේ ලොකු මෙහෙවරක්. තමන්ට රට තොට දැනගන්න. අලුත් යහළු මිත්‍රයන් අඳුනගන්න, තමන්ගේ මතය ප්‍රකාශ කරන්න, ආදී වශයෙන් (මට නම් මගේ ජීවන සහකාරිය හොයාගන්නත් කපුකම කලේ අපේ මුණු පොත තමයි) ඒ මේවගේ හොඳ පැත්ත. නරක පැත්ත අර ඉහත සඳහන් කලා වගේ රැවටිලි කාරයොන්ට අසුවීම. අපි පාවිච්චි කරන්නේ දෙපැත්ත කැපෙන කඩුවක්. ඒ බව අපි දැනගෙන අපගේ අවශ්‍ය තාවයට එය පාවිච්චි කරනවානම් එහි ඇති ගැටළුවක් නැහැ. නමුත් එහි අනිසි භාවිතය නිසා අපට අත්වන්නේ අනිටු ප්‍රතිපලයක්ම තමයි. දැන් බලන්න රුපියක් 30000ක් කියන්නේ අද සාමාන්‍ය කෙනෙකුගේ මාසෙක වේතනය හා සමාන දෙයක්. මාසේ දවස් 26 ක් පමණ මහන්සි වෙලා උදේ ඉඳන් රෑ වෙනකල් අතිකාල පවා කරලා. තමන්ගේ ගෙදර ඉන්න තමන්ගේ බිරිඳ දරුමල්ලෝ සියල්ලම ගැන නොහිතා තහනම් ගහෙ ගෙඩි කන්නට


මොඩලින් කරන ගණිකාවක් ලඟට යාමට ගොස් සන්තකය දියකරහරින්නට සූදානම් අයවලුන් අද කාලේ සුලභ බව මෙවැනි පුවත් තුලින් අපිට වැටහෙනවා. 

ඇයි දෙයියනේ ගෙදර ඉන්න ගෑනිව දාලා මොඩලින් කරන එකක් ලඟට යන්නේ මොකද මොඩලින් කරන උන්ගේ ඒවා රත්තරන්ද? (තේරුම් ගැනීමට හැකි අයට පමණයි) 


හරි බැඳපු උන්ට ගෙදර ගෑනිඉන්නවා එතකොට නොබැඳපු උන්. ඇයි යකෝ ගෙවල්වල බොලාට ප්‍රශ්න නැද්ද? අම්මා තාත්තට සලකන්නේ නැද්ද? තමන්ගේ බාල සහෝදර සහෝදරියන්ට පොතක් පතක් අරන් දුන්නම හෙනද? ඒ ඕනෙත් නැහැ. එහෙම වගකීමුත් නැහැ කියමුකෝ  හැමදාම රෙන්ට කාර් ( Rent a car) දුවනන්ද? තමන්ගේම කියල බ්‍රෑන්ඩ් නිව් හරි (රිකන්ඩිශන් හරි තමන්ගේ කැමැත්ත රසය අනුව) වාහනයක් ගන්නේ නැද්ද? මම මේ කිව්වේ කසාදෙ ගැනයි. ඉතින් මෙහෙම කරන උදවියමයි පැණි හඳේ දී රෙද්දේ පැල්ලම් හොයන්නේ එතකොට උන්ගේ පැල්ලම් හොයන්නේ කවුද? ඉතින් මම අහන්නේ මෙහෙම අසහන කාරයෝ මේ ලෝකේ බිහිවෙද්දි අවුරුදු 4රේ පහේ පොඩි එකෙක්ටවත් ඉන්න දෙන්නේ නැති කාලයක් තමයි ඉස්සරහට බිහි වෙන්නේ. ස්ත්‍රී දූෂණ, මිනීමැරීම් දිනෙන් දින වැඩිවෙනවා. පාලකයෝ යහපත් නැහැ. අර බුදුන් දවස කොසොල් රජතුමාට පෙනුන සිහින සියල්ල සැබෑවේගන යන්නේ. අවුරුදු දහයේ දොලාහයේ පොඩි ගැහැණු ළමයි බඩවල් උස්සගෙන. ලාබාලම මවගේ වයස අවුරුදු 11ක්ද කොහේ. 



ලෝක විනාසේ උනේ නැති උනාට ඒ හා සමාන දේවල් රැසක් මේ දිනවල ලංකාව පුරා අසන්නට දකින්නට ලැබෙනවා. භූමි කම්පා. ගිලාබැසීම්, නාය යෑම්, ගංවතුර සුළිසුලං, කහ වැහි, රතු වැහි, කිඹුල් වැහි, මාළු වැහි, ස්වභාවික විපත් හේතුවෙන් සිද්ද වෙන මරණ. (අම්මා මුත්තා කලෙකවත් අහපුවද? අපිට පොඩි කාලේ ඉගැන්නුවේ ලෝකේ තියෙන වාසනාවන්තම රට ලංකාව කියලා. භූමි කම්පා නැති ස්වභාවික විපත්වලින් තොර සෞම්ය දේශගුණයක් ඇති රටක් කියලා.  ඇත්තටම එහෙම තිබුනා කලින් නමුත් මේ වකවානුවේ  සිද්ධ වෙන දේවල් දිහා බැලුවාම කල්පනා උනේ අර පෙරහැර එන්න කලින් කසකාරයෝ එන්න වගේ සිද්දියක් තමයි මේ  පසුගිය දිනවල සිදුවුනේ කියලා. මේ සටහන මම ලියන්නේ ලෝක විනාසේ උනේ නැහැයි කියල උදම් අනන පිරිසටයි. ඔය සිද්දවෙන්නේ පෙර පුහුණුවක් විතරයි. ඇත්ත දේ සැබෑ ලෝක විනාසේ ලඟාකරගන්නේ අප විසින්මයි. ඔය නාය ගිය කඳුවල ගෙවල් හදලා. වතුර බැහැලා යන්න තියෙන ස්වාභාවික මාර්ගයන් අවහිර කරලා ගස් කපලා, පසේ තිබෙන ඒ සරුබව, ඒ රඳා පැවතීමේ ගතිය නැති කල හේතුවෙන් තමයි නාය යෑම් සිද්ද වෙන්නේ. අපි සොබාදහමට හානි කරන්න, කරන්න, සොබා දහමෙනුත් අපිට කරන්නේ හානිම තමයි. ඉතිහාසය ඒවාට සාක්ෂි දේවි. 


(මට හිතෙන හැටියට 2002 පමණ) රත්නපුර ප්‍රදේශයේ සිදුවූ නාය යෑම සහ ගංවතුර තත්වයත්. 2004 සිදුවූ  සුනාමියත්, මේ දිනවල මේ සිදුවන ආපදා තත්ත්වයනුත්  අපිට සොබාදහමෙන් කරන අනතුරු ඇඟවීම් කියලයි. දෙයක් උනාට පස්සේ පසුතැවෙන්නේ නැතිව ඒ දේ සිද්දවෙන්න කලින් ඒ විපත වලක්වා ගැනීම අප අනාගත පරපුරට කරන විශිෂ්ට සේවයක් වේවි. අපි අතීතයේ ජීවත් වූන හෙළයන් ගැන කයිවාරු දොඩවමින් ආඩම්බර වෙනවා, කියවනවා. නමුත් මෑත කාලයේ එහෙම කතාකරන්නට පුළුවන් ආඩම්බරෙන් කියන්න පුළුවන් කෙනෙක් ගැන ඔබගේ මතකයට නැගෙනවාද? (රණවිරුවන් හැරුණු කොට)




තමන්ගේ ආගම කුමක් උනත් (කිසිම ආගමක කියල නැහැ වැරදි දේ කරපන් පව් කරපන් කියලා. අදහන මිනිස්සු තමයි වැරදි විදියට අදහන්නේ) තමන්ගේ දිවිපෙවෙත හදාගතහොත් යන තැනකට වැඩක් කරගත්තා කියලා අන්තිම මොහොතේදීවත් සතුටුවෙන්න පුළුවන්.

පසුගිය බදාදා මම ටැක්සියකට ගොඩ උනේ එදා ට්‍රැෆික් එක වැඩි නිසා වාහනය ගෙදර දමා ආ නිසාවෙනුයි. ටිකදුරක් පැමිණි පසු ටැක්සි රියදුරු සිංහලෙන් කතාකිරීමට පටන්ගත් බැවින් මාද ඔහු හා කතාවට වැටින. ආගිය තොරතුරු කතා කල පසු මම ඔහුගෙන් සිංහල ඉගනගත් අන්දම ගැන විමසීමක් කලවිට. ඔහු පිළිතුරු දුන්නේ ලංකාවේ ගෑනියෙක් තමයි මම තියන් ඉන්නේ මම විතරක් නෙවෙයි ගොඩක් අපේ පකිස්තාන ජාතිකයක් තියන් ඉන්නේ ලංකාවේ ගෑනු. ලංකාවේ ගෑනු හරි ඉක්මනට අල්ලගන්න පුළුවන් යනාදී වශයෙන් හෑල්ලක් කියවාගෙන ගියේය. එවිට මට ඇති වූයේ නොසෑහෙන කලකිරීමකි. ඇයි යකෝ මෙච්චර ලංකාවේ පිරිමි ඉන්නවා. මුන් මේ පක්කො එක්ක මොන මගුලකට නිදියනවද කියාය. මම පක්කොන්ට අකමැති බව මේ බ්ලොගය බලනා අය දන්නා කරුණකි. දන්නේ නැති අය මෙතනින් බලන්නකෝ. අපි මේ පිටරැටියන් ඉස්සරහ ඔලුව කෙලින් තියන් ඉන්නේ කොහොමද කියල තමයි ඒ වෙලාවේ මට හිතුනේ. මෙහෙ ජීවත් වන සම... හරක් (සියල්ලන් නොවේ) ගෘහ සේවිකා රැකියාවන් සඳහා පැමිණෙන ශ්‍රී ලාංකික කාන්තාවන් ගෙවන දිවිය සැබවින්ම ජුගුප්සාජනකය. 


බොහෝ දුරට මම දැක ඇති දෙයක් නම් අවුරුදු හතළිහේ හතලිස් පහේ ගැහැනුන් තියන් ඉන්නේ තමන්ගේ දරුවන් වයසේ පොඩි කොල්ලන්ය. නිවාඩු දවසක ප්‍රධාන වෙළඳ සංකීරණයක් (Shopping Mall) වෙත හෝ, මාර්කට් එකක් වෙත හෝ ගියවිට මෙවැනි දෑ ඕනා තරම් දැකගත හැකි වේ. ඒ ගැන මා කිසිවක් කීමට නොයන්නේ එම කාන්තාවන් ඒ තරුණයන් බලහත්කාරයෙන් රඳවාගෙන නොසිටින බැවින් සහ ඒ මොනදේ උනත් ලංකාවේ උන්නේ කියා හිතහදාගනීමට හැකි බැවිනි. ඒ මදිව බංගාලි, පකිස්තානි, මලබාරින් වෙතද ශ්‍රී ලාංකික කාන්තාවන් යන්නේ මුළු රටේ ජාතියේම ගෞරවය බල්ලට දමමිනි. ඉතින් මේ වගේ වෙලාවට තමයි හිතෙන්නේ අනේ වෙන විනාසයක් වෙලා මුන්වත් කුදලාගෙන පලෝ කියලා. 



ප.ලි. මෙම පොස්ටුව කිසියම් ආකාරයක පෞද්ගලික මඩක් හෝ අපහාසයක් නොවන අතර. රටේ තොටේ සිදුවන දෑ සහ සිදුවීම් කල්පනාකරමින් සිටින විට මා සිතට නැගුනු පැටලුනු සිතුවිලි ගොන්නකි. මෙයින් කාගේ හෝ සිත් රිදවීමක් වෙතොත් සමාව භාජනයකට දමා දෙන ලෙස ඉල්ලා සිටිනවා.  


අවසාන වශයෙන් මාගේ කිතුනු පාඨක, සහ මිතුරු ඔබ සැමට සුභ නත්තලක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා






Monday 17 December 2012

කාන්තාරෙට ගංවතුර...... ලෝක විනාසේද මේ??????





පහුගිය පොස්ට් එකදාලත් සෑහෙන්න කාලයක් උනා මයේ හිතේ. කොහෙද වසමේ රාජකාරි තත්වේ මගේ හොම්බෙනුත් උඩට නැගල මොනවා කරන්නත් කලින් පට්ටම රැකගෙන ඉන්න එපයි. මම කලින් සැරේ පොරොන්දු උනා ලියනවා කියලා ඩුබායිවල වාහන ගෙනියන්නේ කොහොමද කියලා. මගේ ඩුබායිවල ලයිසම ගන්නේ කොහොමද කියන පොස්ටුවෙන්. නමුත් එයට උවමනා කරන කරුණු පින්තූර වගේ දේවල් තවම හරියට සැට් උනේ නැහැ එකත් හැකි ඉක්මනින්ම දානම් කෝ. 

අද උදේ පාන්දරම මම උඩ ගිහිං ඇහැරුනේ මෙන්න වහිනවා කියල අම්මා කියන සද්දෙටයි. හත් ඉලව්වේ මෙන්න හොඳටම වහිනවා නේන්නම් වෙන දවසකනම් තාත්තා නාල බාත්රූම් එකෙන් එලියට ආවාම තමයි මම නැගිටින්නේ එච්චරටම කම්මැලියි උදේට නැගිටින්න නමුත් මම වැස්සට එදා ඉඳලම ආසයි මම දන්නේ නැහැ ඇයි කියන්න සමහර විට පොඩිකාලේ ඉඳලම කාන්තාරෙට කොටුවෙලා ඉන්න නිසා වෙන්න ඇති මට වහිනවා කියන්නේ බන්ඩා කොළඹ ගියාවාගේ තමයි (මේ වචනේ කියන්නේ අම්මා) දඩිබිඩි ගාල ඇඳෙන් පැනලා බාත් රූම් එකට ගියේ ඉක්මනට වැඩට යන්න මොකද ඩුබායි වලට වහිනවා කියන්නේ හරිම අජපල් කේස් එකක් ට්‍රැෆික් එක හිරවෙනවා, පාරේ වතුර පිරෙනවා, පාරවල් ලිස්සනවා, වෙනද යන විදියට යන්න අමාරුයි. කොහොමින් කොහොම හරි බනියවයි තාත්තවයි ලෑස්තිකරගෙන එලියට බහිද්දිම තුරල් කරලා තිබුණු වැස්ස දොඹ ගෙඩි වැටෙන්න වගේ වින්ඩ්ශීල්ඩ් එකට වැටෙද්දී අයියෝ කියල කිව්වට හිතයටින්නම් පුදුම සතුටක් දැනුනේ. මොකද මේ ඩුබායිවලට වහිනවා මම දැක්කේ අවුරුදු 3කට පස්සේ ඒ වැස්සේ වරදක් නිසානම් නෙවෙයි මොකද මම නිවාඩුවට ලංකාවට එන්නේ දෙසැම්බර් වලට 


මේ පාර බනියා ඉන්න නිසා ලංකාවට එනගමන කල් දැම්ම එක ගැනත් එක පැත්තකින් සතුටක් හිතුනා. ගෙදරින් එද්දී හම්බවෙන පලවෙනි කලර් ලයිට් එකේම මගේ වාහනේ අනතුරු ඇඟවීමේ පද්දතිය ක්‍රියාත්මක උනා අනේ දිනු අයියේ හෙමින් හෙමින් පාර ලිස්සනවා නේද? (ඒ බනියාගේ සද්දේ මම ඕකට කියන්නේ ෆයර් එලාම් එක කියලා) යකඩෝ වාහනේ එලවන මට වඩා මේකා දන්නවා පාර ලිස්සනවා කියලා හිකිස්. මගේ අනුමානය හරිවගේ. සෑහෙන්න ට්‍රැෆික්........ රටේම ඉන්න හත් ඉලව් කාරයෝ ටික අද වේලාසනින්ම එලියට බැහැලා. මොකද මම වගේ හිතන එකෙක්ට ඩුබායි වල ඉන්නේ මම විතරක් නෙවෙයිනේ. ඔන්න ඔය බොලින්ග් සෙන්ටර් එකලඟ signal එකේදී බනියට කියල පොටෝ කෑලි ටිකක් ගත්තා බලන්නකෝ.















ඔය බනියවයි තාත්තවයි බස්සන්න එයාපෝර්ට් එක පැත්තට යනගමන් පින්තූර වල කොලිටිය එච්චර හරිනතිව ඇති මොකද ගත්තේ ෆෝන් කටුවෙන් නිසා. පොඩි වීඩියෝ පාරකුත් දැම්මා එකත් යටින් ඇති බලන්නකෝ. හැබැයි සද්දෙනම් අයින් කරලද කොහේ ඇත්තේ. 


                          ඔය වීඩියෝ කරද්දී වැස්ස පායලා හීන් පොදයක් තමයි තිබුනේ  ආයෙම එද්දී තමයි ලොකුවටම වැස්සට සෙට් උනේ

ඔය කැමරා කරුවා තමයි අපේ බනියා. ඔයාලට පෙනෙන්න ඇති උදේ පාන්දරම ඩොජ් කාර් එකක් ඇනගෙන මේ මිනිස්සුන්ට මොලයක් නැහැනේ ඔය පාරේ සාමාන්‍ය වේගය පයට කිලෝමීටර් 100ක් නමුත් අපිට 120 ට යන්න පුළුවන් කැමරා වදින්නේ නැහැ. හැම කිලෝමීටර් 3න් 3නටම රේඩාර් කැමරා තියෙනවා. හරියටම 121 දී වදිනවා ඒ නිසා පුළුවන් තරම් පරිස්සමෙන් තමයි යන්න ඕනේ. හැමදාම ඔය පාරේම යනවනම් ඔය අටමගල තියෙන්නේ කොහෙද කියල මතක තියාගෙන එව්වා ලඟට එද්දී ස්පීඩ් එක අඩුකරගණන් පුළුවන් නේ කියල ඔයාලට හිතෙන්න පුළුවන්. ඔව් ඇත්තටම පුළුවන්. නමුත් ප්‍රශ්නේ මේ RTA එකේ එවුන් හිඩන් කැමරා තියල තියෙන එකක් මෙව්වගෙ ෆ්ලෑෂ් එක වදින්නේ නැහැ පාර අයිනේ නවත්වල තියෙන වාහන වල පාලම උඩ නැත්නම් මොකක් හරි කනුවකට මුවාකරලා තියල තමයි ගතමන්ට් එක හොයාගන්නේ එක ඇත්තටම හොඳයි මොකද කියනවනම් ඒ නිසා තමයි මිනිස්සුන්ට විනයක් ඇතිවෙන්නේ. ( ඒ උනාට ගිය අවුරුද්දේ 5600 ඩිරාම්) දඩ ගෙවද්දීනම් RTA කාරයොන්ගේ මවුතුමියන් පවා සිහිපත් කළා අපේ කෝරලේ මහත්තයා 




කොහොම අහරි යන්තමින් ඔපිසියට ආගත්තා ප්‍රධාන පාරවල් ඔක්කොම බ්ලොක් වෙලා ඒ නිසා සොර්ට් කට් කොර කොර තමයි ආවේ. ඔෆිස් එකට ඇවිල්ල බලද්දී ගූගල් දෙවියෝ කියන විදියට ඩුබායිවල දැනට උෂ්ණත්වය සෙල්සියස් අංශක 17ක් ලු සෙල්සියෂ් අංශක 55 ට ඉඳල පුරුදු මිනිස්සුන්ට 17 ට බහිනවා කියන්නෙත් තද සීතලක් තමයි. කෝට් බෑය පැත්තකින් තියලා ජැකට් එකක් දාගෙන තමයි අද දවසම ඉන්න වෙන්නේ. දැනට සති දෙකකට කලිනුත් සෑහෙන්න වැස්සක් වැටුනා වැස්සේ හොඳ කම කොහොමද කියනවනම් මගේ අසරණ වාහන කටුවත් ලෙඩ උනා එච්චරටම වතුර ඔන්න මම ගූගල් එකෙන් ගත්ත පින්තූර ටිකක් පල්ලෙහායින් දානවා ඒ වැස්සේ 








ඔය වැස්ස හැටියට මම හිතුවා ලෝක විනාසේවත් ලංවෙලාද කියලා. හත් වලාමේ එච්චරටම තද වැස්සක් ඩුබායි කියන්නේ මේ ලෝකේ තියෙන නගර වලින් ඉතාමත්ම සුඛෝපභෝගී ලස්සන නගරයක් අහස සිඹින ගොඩනැගිලි. මංතීරු විශාල ප්‍රමානයක් සහිත මංමාවත් ඇත්තටම නෙතට රසඳුනක් වගේ නගරයක් කිව්වොත් වැරදි නැහැ. ඒ දේ කියන්නේ මම විතරක් නෙවෙයි ලෝකේ ගොඩ දෙනෙක් ඒ බව කියනවා. ඔබට ජීවත් වෙන්න අවශ්‍ය ඕනෑම විදියකට ජීවත් වෙන්න අවසර තියෙනවා. කොහොම නමුත් මේ නගර සැලසුම් කරලා තියෙනෙන් විශ්ව කර්මයද කියලත් වෙලාවකට සැකයක් එනවා නමුත් මේ නගර සැලසුමේ තියෙනවා පොඩි අඩුපාඩුවක් මොකක්ද මේ? ඒ තමයි කානුපද්දතියක් නැතිකම. ඔවුන් ඒ දෙගන එතරම් සැලකීමක් දක්වලා නැත්තේ සමහර විට මේ කාන්තාරෙට මොන වැහිද? අනෙක වැහින්නේත් අවුරුද්දකට දවස් කිහිපයයි ඒ වෙනුවෙන් අතරම් පිරිවැයක් යොදවලා කානුපද්දතියක් සකස් කිරීමේ අවශ්‍යතාවක් නැහැයි  කියල ඔවුන් හිතන්නත් ඇති නමුත් වැහි දිනවල පාරට බහිනවා කියන්නේ නම් මෙලෝ රහක් නැති වැඩක් කියල තමයි කියන්න තියෙන්නේ. කොහොම නමුත් වැස්සේ තියෙන ආතල් එකත් වෙනමම කික් එකක් තියෙන බවනම් සඳහන් නොකරම බැහැ. පොස්ට් එකනම් දිග වැඩි නැහැ දිග්වෙලා තියෙන්නේ පින්තූර නිසා.







Related Posts Plugin for WordPress, Blogger...