Thursday 17 January 2013

සිගරට් සහ පවුල් ජීවිතය. (18+)



කාලෙකින් කොටන්න ගත්ත නිසා ටිකක් නුහුරුයි නුහුරුයි වගේ ගණන් ගන්න එපා යාලුවනේ. මෙන්න මේකයි මම අද ඔයාලට කියන්න යන්නේ. මම අතිශය පජාත ලෙස කුජීත වෙච්ච අවස්තාවක් ගැනයි. මම මෙච්චර කල් ලිව්වේ මගේ යාලුවොන්ට වෙච්ච දේවල් නේ අද මම මට වෙච්ච අවාසනාවන්ත සිදුවීමක් ගැන ලියන්න හිතුවා. මේක ලියන්න මට හිතුනේ අපේ අත්තම්මාගේ පෙට්ට ගම ලියන ලොකු ජෝන් අයියගේ ලිපියක් දැකලා. දැකල ගොඩක් දවස් උනත් මේක ලියම්දෝ නොලියම්දෝ කියා කියා හිත හිත ඉන්න කොට අන්තිමට ඔන්න ඔහේ ලියල දානවා කියල හිතා ගත්තේ.


එය 2012 වසරේ ජනවාරි මස එක්තරා වැසිබර කාලගුනයකින් පිරි දවසක් විය. මා ගතට දැනෙන සීතල තරමක් නුහුරු වූයේ උෂ්නාදික රටක ජීවත්වන බැවින් විය යුතුයි. මේ සම්භාව්‍ය විදියට ලියන්න ගත්තට කතාව සම්භාව්‍ය නැහැ. ඒ නිසා පරණ පුරුදු විදියටම ලියන්නම් කෝ පට්ට පදිරි සීතලක් එදා තිබුනේ. සිඟිති අක්කට කියල කෝපි කෝප්පයක් වක්කරගෙන බීලා පොඩි උන් ටික සෙල්ලම් කර කර ඉන්න සාලේ පැත්තට ඔලුව දැම්මේ අපේ හාමිනේ කොහෙද ඉන්නේ කියල දැනගන්න. මොකද මම මේ දැන් සැරසෙන්නේ අපේ හාමිනේට හොරෙන් මම කරන හොර  වැඩක් කරන්න නිසා පළපුරුදු කොමාන්ඩෝ සෙබලෙක් වගේ තමයි
මම ඔත්තු බැලුවේ. අපේ උන්දැත් පොඩි උන් එක්ක සාලේ ටීවී බලනවා. කල දුටු කල වල ඉහගන්න ඕනේ කියල කියමනක් තියෙන නිසා පටස් කාලා පස්ස දොරෙන් එලියට පැනගත්ත මම. කෙලින්ම ගියේ අපේ එළියේ දර ලිප තියෙන පොඩි කුස්සි කෑල්ලට. එක දැන් පාවිච්චියට ගන්නේ නැති නිසා මකුණු දැල් බැඳිලා නිකන් හොල්මන් මන්දිරයක් වගේ තමයි තියෙන්නේ. මම හොඳින්ම දන්නවා මේ වගේ වෙලාවට මේ පැත්තට කවුරුවත් එන්නේ නැති විත්තිය. ආවත් එතන ගැටගහල ඉන්න බල්ලගෙන් මට දැනගන්න පුළුවන් ඒ පැත්තට කවුරු හරි එනවනම්.

මෙන්න උදා උනා ඒ උත්කර්ශවත් අවස්තාව මම මෙච්චර වෙලා පෙරුම් පුර පුර බලන් හිටපු. හීන් සැරේ ගිනි පෙට්ටියෙන් ඇදල ගත්ත ගිනිකූර ගහල සිගරට් එකක් පත්තුකරගෙන ආපහු පෙට්ටිය වහලේම රැඳවූයේ කාට හරි අසුවුවහොත් මාගේ රෙදි ගැලවෙන බව දන්නා නිසයි. හීන් සැරේ සිගරට්ටුව බොමින්  දුම් රැලි යවමින් කෝපි කෝප්පය තොල ගාන අතර බල්ලාගේ හැසිරීමේ වෙනසක් වූයෙන් එලියට එබී බැලුව විට මා දුටුවේ කලිසම සුලුදියෙන් තෙමන දසුනකි. මොකක්ද පින්වතුනි.........? අපේ ගෙදර උන්දා මේ පැත්තට එන බවයි. කරන්නට දෙයක් කල්පනා වූයේ නැති බැවින් දර ලිපේ කේතලයක් තබා ඇත.අළුද ඇති බව දුටූ මා සිගරට්ටුව එහි දමා අළු වලින් වැසීමට තැත් කරන විටම බනියා කුස්සියට ඇතුළු විය. අහෝ දුකකි ඉරකි තිත් ගොඩකි................... බනියාගේ මුහුණ දුටු විට මා පසුතැවිලි වූයේ ඇයි බං මේ මුහුණ මා සඳට උපමා කලේ. හඳ මෙච්චර නපුරු නැහැනේ.  යකෝ හඳ දන්නවනම් මට නඩු දානවා අපේ උන්දැට අම්බා මල පැනල. එතනින් එහාට වචනයක්වත් කතා නොකර මල්ලිවත් ඇදගෙන ගෙට ගිය ඇය එදින පුරාවටම මා හා වචනයක්වත් කතා කරේ නැත. ඕන්.


මෙච්චර ආරක්ෂක විදි විධාන දාල බිව්ව සිගරට් එක මාට්ටු වූ දුක මට දැනෙන්නට වූයේ මහමෙරක් ලෙසින්ය. තව පැත්තකින් මා පුදුම වූයේ අපේ මායියා මේ ගැන මා හා වචනයක්වත් කතා නොකළ බැවින්ය. පසුදින නිවසට පැමිණියේ මාගේ මවගේ වැඩිමහල් සහෝදරයා වන මගේ ලොකු මාමා සහ ඔහුගේ පවුලේ උදවියයි. මා ලොකු මාමාට සෑහෙන්න ගෞරව කරන බව බනියාද මැනවින් දනී. වෙනත් විදියකින් කියනවනම් ලොකු මාමා ඉස්සරහ මම දෙකේ කොලේට වැටෙනවා කියල බනිය දන්නවා. තේ පානයෙන් පසුව ආගිය තොරතුරු කතාකරමින් සිටින අතර තුර මාමා අමතා කතා කල අපේ බනියා

"මාම දන්නවද ගෙදර ඉන්න කොට කාලා පිඟාන වත් හෝදන්නේ නැති අපේ දිනු අයියා. දැන් බලන්නකෝ මට කොච්චර උදව් කරනවද කියල. ඊයේ මම බලන කොට දර ලිපේ මට නාන්න වතුර නටවනවා"
අපේ ලොකු මාමාටත් ඕනා නැති රබර් බෝලයක් නැති බැවින් ඔහුද දෑස් අයා විස්තරය අසන්නට විය.
එන පොට හොඳ නැති බව වැටහුන මා මට නෙවෙයි වගේ එතනින් මාරු වී ගියත් කන පිරෙන්න ලොකු මාමාගෙන් බැනුම් ඇසීමට සිදුවූ බව ආදරයෙන් සිහිපත් කල යුතුමය. එදා සිට අද දක්වා හැම කෙනාටම ඔය සිද්දිය බනියා කියවමින් යන්නේ ලැජ්ජාවට හෝ මම මෙම පුරුද්ද නවත්වයි කියා සිතාය. නමුත් මා ලැජ්ජා නහරය කපා දමා ගොඩක් කල් ගතවී ඇති බැවින් එවැනි දෙයක් මා හට නැති බැවින්  දුම්කොළ සමාගම බංකොලොත් වෙන්න මම කටයුතු කළා කියල හිතුවද???? එහෙම නැහැ සහෝදර වරුනි අදටත් ඒ චාරිත්‍රය එලෙසින්ම ඉටුකිරීමට මා ඇප කැප වී සිටිනා බව තමුන්නාන්සේලාට මතක් කරදෙන්න කැමතියි.



බලන්නකෝඅපි වගේ තරුන පරපුරක් සිටිනකල් ලංකා දුම්කොළ සමාගම බංකොලොත් වෙනවද කියල?



          අවවාදයයි දුම් බීම පිළිකා ඇතිකරයි. 







104 comments:

  1. යන්තං ලියල තියෙන්නේ... නවත්තන්න එපා හෙන වටින කියන වැඩ නෙව ඕව... විභාගේ කලාස් ද???

    ReplyDelete
    Replies
    1. නවත්වලා කොහොමද ඒ කොම්පැනි කාරයෝ බංකොලොත් උනොත් අසරණ දරු පවුල් කාරයොනේ.:P සෙමස්ට්‍රි එක්සෑම් නිසා යන්තන් ඉවරයි. ඒ මදිවට ඔෆිස් එකේ වැඩ ගොඩ ගැහිලා දැන්:)

      Delete
  2. අඩේ උඹ සිගරට් බොනවද ? මොන රහද බන් ?

    ReplyDelete
    Replies
    1. දන්නේ නැද්ද සිරා අයියේ ඔය ඉඳල හිටලා තමයි. දැන් ගොඩක් දුරට නවත්වල තියෙන්නේ.

      Delete
  3. බොන්න එපා යකෝ ඔය කැහි කූරු..... දන්න කියන උන් මේ කොමෙන්ටුව නොදකීවා

    ReplyDelete
    Replies
    1. ලොකු කකුළුවා ඇදේට යන ගමන් පොඩි එකාට කියනවා කෙලින් යන්න කියලා. :P

      Delete
    2. අපි බොන්නේ නෑ ඩෝ ඔය ජහ ජරාව..... ලඟින් යන්න බෑ ගඳ.. ෂික්

      Delete
    3. ආ . . මීගොඩ මල්ලී . . .

      Delete
    4. කටින්ද දන්නේ නැහැ කිව්වේ නේද අයියන්ඩි?

      Delete
  4. ඇයි මන්දා මේ ගෑනුන්ට සිගරට් පේන්න බැරි . . .

    ReplyDelete
    Replies
    1. ඔකුන්ට රැවුල එන්නෙ නෑනේ එකයි.....
      නිකන් මොකෙ උඩ මීගොඩ මල්ලී කිව්වේ නක්කල් ටෝන් එකකින්

      Delete
    2. @ දුකා අයියා. අනේ මන්දන්නේ නැහැ අයියේ. ඉරිසියාව කියන්නේ ඕකනේ.

      @ මීයා. මමත් හිතන්නේ ඒක තමයි. හිකිස්.....
      අපි කිව්වද ඔයා බොනවා කියල පාවෙන තොප්පි දාගන්නේ ෆිට් වෙන නිසානේ අයියේ. :P

      Delete
    3. ඉරිසියාව නෙමෙ බං නොදන්න කම. ඔන්න බලාපං එංගලන්තේ සුද්දි සුද්දත් එක්ක ලංකාවට ඇවිල්ල තරගෙට සිගරට් බොනවා. ඒ දන්න හින්දා.. අපේ උනුත් දන්නවනං එකතු වෙලා ඕක බොනවා.. හැක්..

      Delete
    4. @ දුකා

      සිගරට් බිව්වට පස්සෙ කටින් එන පට්ට ගඳ හන්දා වෙන මොනවද ..ඒ ගඳ සමාන කරන්න කක්කුස්සියක් ගත්ත බෑ...හි හි හී

      Delete
    5. මින්ට් ටොෆියක් කෑවම වැඩේ ශේප් අක්කේ

      Delete
  5. //මෙච්චර ආරක්ෂක විදි විධාන දාල බිව්ව සිගරට් එක මාට්ටු වූ දුක මට දැනෙන්නට වූයේ මහමෙරක් ලෙසින්ය.//
    මොන ලබ්බකටද බන් ඔය කැහි කූර ඔය වගේ ආරක්ෂක විදි විධාන දාල බොන්නේ...

    ReplyDelete
    Replies
    1. නැත්නම් වැඩේ අවුල් නේ. පොඩි උන් දැක්කොත් නෝන්ඩිය නේ. කවුරුවත් දන්නේ නැහැනේ හොරෙන් බොනකොට. කාටවත් කියනවා එහෙම නෙවෙයි.

      Delete
  6. මගේ අත්දැකීම පෝස්ටුවකින්ම දාන්න හිතුවත් ඕන නැ. මෙතනම ලියනව. මම සිගරට් බොන්න පටන් ගත්තෙ ඒ ලෙවෙල් කරන කාලෙ. ඒ කියන්නෙ තුන්වෙනි වතාවට. හරියටම 2001 අවුරුද්දෙ. එදා සුළුවෙන් පටන්ගත්ත එක අවුරුදු 32ක් වෙනකල් බිව්ව. හරියටම පහුගිය සෙනසුරාද අන්තිම එක බිව්වත් හරි ආයෙත් බොන්නෙ නෑ කියල නැවැත්තුව.

    මීට කලින් සිගරට් බීම නවත්වපු වාර අනන්තවත් ඇති. අවුරුද්දට සිංහල අවුරුද්දට,... ඔය හැම විශේෂ දවසකටම නවත්තල ආයෙත් පටන් අරගෙන තියනව. ඒත් මේ සැරේ බොහොම ගැම්මක් ඇතුවයි නැවැත්තුවෙ. මාත් එක්ක එකට සිගරට්එක බොන මගේ කාර්යාල සගයගෙ තනියට කඩේට ගියත් ඔහුගෙන් සිගරට් එක ගැනීම නැවැත්තුව. සිගරට් බීම නැවැත්වීම ලෙහෙසි පහසු දෙයක් නං නෙවේ. ඒත් බැරි දේකුත් නෙවේ.

    මෙන්න වාසි.
    දවසකට සිගරට් 4ක් පිච්චුවොත් රුපියල් 100ක්. ඒක ඉතුරුයි. මේ වනවිටත් හැදිල තියන "සිගරට් කැස්ස" හොඳවෙන්නත් පුළුවන්(නොවෙන්නත් පුළුවන්). නෝනට බොරු කියන්න වෙන්නෙත් නෑ. වාසි ගොඩයි.

    හෙන්රි අයිය ලියල තිබුන ලිපිය කියෙව්වම ඒකත් මගේ හිතට වැදුන. පොඩිඑකා වෙනුවෙන් හරි සිගරට් නවත්වනව කියන අධිෂ්ඨානයට ආවෙ ඊට පස්සෙයි(තැන්කූ හෙන්රි).

    තවත් තියනව. සිගරට් කියන්නෙ ඇබ්බැහි වෙන දෙයක් නෙවේ. නිකොටින් වල ඇබ්බැහිවෙන මොනව හරි තියනව කිව්වත් මම නං පිලිගන්නෙ නෑ. මොකද මම සිගරට් බිව්වෙ ගෙදරින් එලියෙදි විතරයි. සෙනසුරාදා ඉරිදා නිවාඩුපාඩුවෙ ගෙදර ඉන්න දවසට එක සිගරට් එකක්වත් නැතුව ඉන්න පුළුවන්ද ඇබ්බැහිවීමක් තියනව නම්.

    උඹට පුළුවන් නම් ඕක නවත්තපන්. නවත්තල දාල ලබන අවුරුද්දෙ මේ සතිය වෙද්දි බලමු අපි දෙන්නගෙ තත්වෙ. අභියෝගෙට ලෑස්තිද?

    ReplyDelete
    Replies
    1. නවත්තන්න බෑ කිව්වට මේ ඉන්නේ නියම මිනිස්සු ;)

      අපේ තාත්තත් ඉස්සර සිගරට් බීලා තියනවලු. ඒ කාලේදී ඔය සිගරට් බීම හින්දා තාත්තගේ හොඳම යාළුවා නැති වෙලා. ඒකෙන් පස්සේ අද වෙනකන් එක සිගරට් එකක්වත් බීලා නැහැලු.

      Delete
    2. රාජ් උඹ සිගරට් බීම නවත්තපු එකට මගේ ආචාරය. මගේ ලිපිය උඹට කොයියම්ම හෝ බල පෑමක් ඇති කලා නම් මට ඊට වඩා සතුටක් නෑ.

      ඇත්තෙන්ම සිගරට්, අරක්කු වලට වඩා භයානකයි. අරක්කු හොඳයි කියනවා නෙවෙයි. නමුත් අරක්කු වලට වෙලාවක් කලාවක් තිබුනත් සිගරට් වලට එහෙම නෑ.

      අර කිව්වා වගේ ඕක සෞඛ්‍යට වගේම ආර්ථිකයටත් මරු පහරක්.

      සිගරට් බීම ගැනත් ජොලි කතා මා ලඟත් තියෙනවා. ඒ වුනත් කෝරළෙයො ඕක අල්ලලා දාහං. උඹ වැඩි හිටියෙක් නිසා උඹට උඹේ ජීවිතේ ගැන තීරණ ගන්න සම්පූර්ණ නිදහස තිබුනත්, මේ හිතවතෙක් හැටියට කියන්නෙ.

      Delete
    3. @ රාජ් අයියේ මෙච්චර දවස් අරගෙන මම ට්‍රයි කලේ මට අවන්කවම සිගරට් මොන එක නවත්වන්න පුලුවන්ද බලන්න. පුළුවන්.... මම භාරගන්නවා ඔයාගේ චැලේන්ජ් එක. ලබන අවුරුද්දේ ජනවාරි වෙනකං.

      ඩුඩ් අයියේ මම වැඩිහිටියෙක් උනත් ඔයාල මගෙත් වැඩිහිටියෝ. මම සියල්ල දත් කියන පහත මානසිකත්වයේ මම නැහැ. ඔයා හොඳින්ම දන්නවා මම කියන්නේ කිව්වොත් කියන දෙයක් අහන එකෙක් කියල. මම නැවැත්තුවා.

      Delete
    4. ඇත්තටම ඩූඩ් අයියගෙ ඒ පෝස්ට්‍ එක හරිම වටින පෝස්ට් එකක්.... මමත් කියෙව්වා :)

      කෝරලෙ මහත්තයා +++++++++++++

      Delete
    5. මම කියෙව්වේ නැහැනේ කෝ ලින්ක් එක?

      Delete
    6. හරිම නිහතමානී මලයෙක්..මගේ ආචාරය පිළිගන්න :)

      Delete
  7. ඊයා හලෝ... ගඳේ බැහැ...ශික්..මන් හිතුවේ නැහැ ඕවත් බොනවා කියලා...මෙකොරලයා අපිවගේ පොදිඑවුන්ව නරක කරනවා...

    ReplyDelete
    Replies
    1. අනේ පලයන් යන්න අලිපැටියා වගේ ඉඳන් පොඩි එවුන්ලු. අනේ පව්

      Delete
  8. ලයික් ම තමා මලේ තාමත් බනියට හොරෙන් ද නැත්තං පේන්නම ද

    ReplyDelete
    Replies
    1. එයා දන්නවා හැබැයි පේන්න කරන්නේ නැහැ.

      Delete
  9. අපේ එක්කෙනත් කෝරළයගේ ජාතියේ වෙන්න ඇති.. උපතින්ම ලැජ්ජා නහරේ පිහිටලා නෑ... අපේ එක්කෙනත් ඔය රාජ් කියනවා වගේ හිත හදාගෙන ඕක නවත්තනවා නම්, එයාට දීලා තියෙන්නේ තව එකම එක චාන්ස් එකක් විතරයි... හැබැයි ඉතිං තව මාස කීපෙකින් එකත් එක්ස්පයර් වෙනකම්ම හිටියොත් එයාට සදාකල් සොරි තමයි...

    ReplyDelete
    Replies
    1. අපොයි බං අක්කේ මොකද මේ ගෑනු මේ තරම් නපුරු? මම මුල ඉඳන්ම කියනවනේ අයිය කොහොමත් මගේ ජාතියේ පොරක් කියල.

      Delete
  10. අඩේ දුම් බීම ලිංගික බෙලහීනතාවය ඇති කරයි බොල.. තේරේවි කවද හරි.......................... ++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. එච්චර බරපතලේට නැහැ බං. තිබ්බ එකත් ඔන්න නැවැත්තුවා.

      Delete
  11. සිගරට් බොනවද යකෝ කෝරලේ මහත්තයෙක් උනාම , සුරුට්ටුනේ බොන්නේ :D

    ReplyDelete
    Replies
    1. දැන් මොකුත්ම බොන්නේ නැහැ යකෝ.... :)

      Delete
  12. ඕක කොහොම කලත් කොහෙන් හරි මාට්ටු වෙනවම තමයි.

    ReplyDelete
    Replies
    1. අනේ අයියේ ඕක හැංගි හොරා කරන්න බැරි නිසා අත හැරලා දැම්මා.

      Delete
  13. කෝරලේ මහත්තයෝ එක ඉල්ලීමක් කරන්නම් පුළුවන් නම් හදිසියෙන් බොන එකත් නවත්වන්න.හොඳ නැති දේ නෑ ම තමයි.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. ගයානි ඔන්න මම සිගරට් බොන එක නැවැත්තුවා.

      Delete
  14. සතුටින් කියන්නද?? දුකින් කියන්නද දන්නෙ නෑ..
    මමත් උඹේ ජාතියේ බන්...

    ReplyDelete
    Replies
    1. හිකිස්..... මචන් මම දැන් නැවැත්තුවා.

      Delete
  15. සිගරට් බීම නවත්තාපන් බං!

    ReplyDelete
    Replies
    1. නැවැත්තුවා බං දවස් ගානක ඉඳන් හැබැයි කන්ෆර්ම් කරගත්තේ අද

      Delete
  16. මේක උඹ විහිළුවකට අරන් ලිව්වට සිගරට් කියන්නෙ ශරූරයට හොඳ දෙයක් නෙමේ කියලා උඹ දන්නවනෙ මල්ලි.. තමන්ගේ මිනිහට ආදරේ ගෑණු සිගරට් බොනවට කැමති නැත්තෙ අන්න ඒ හන්දා..

    ReplyDelete
    Replies
    1. ඔන්න අක්කේ බොන එක නැවැත්තුවා බනියා ඉන්නේ මේ ගැන අප්සට් එකෙන්.

      Delete
  17. අනේ මේ මල්ලි...ඕක නම් එච්චර හොද දෙයක් නෙමෙයි කොල්ලෝ..... වහාම නවත්තනවා හොදයි.... තමන් ගැන හිතන්න බැරි නම් බනිය ගැනවත් හිතල......

    ReplyDelete
    Replies
    1. ඔන්න අක්කේ අක්කාගේ අවවාදය පිළිගත්තා.

      Delete
  18. ඕකේ ගඳ තමයි හලෝ අප්සට්. අනිත් එක දැක්ක නේද අර බෙලහීනතාවය ගැන උඩින් දාපු කමෙන්ට් එක..හිහි. මම බනියා උනානම් එහෙම කරන්නේ ඔයා බොනකොට මමත් බොන්න පටන්ගන්නවා. ඔයා ඒකට කැමතිද? :පි

    ReplyDelete
    Replies
    1. හපොයි අක්කේ එහෙම උනානම් මට වෙන්නේ එල්ලෙන්න බනියා මම බොනකොට බිව්වොත්. ඔව් ඔව් ඔය සයිඩ් එෆෙක්ට් තියෙනවලුනේ.......... :)

      Delete
  19. හාමිනේ මේක දැක්ක නම් තමා වැඩේ.කොහොම.් ඔය සිගරට් නම් මල ජරාව.

    ReplyDelete
    Replies
    1. උන්දා දැකල කිව්වා දැන් කවුද හරි කවුද වැරදි කියල මමයි වැරදි මම පිළිගත්තා ධම්මික

      Delete
  20. අපොයි කෝරලේ .... ඉඳ හිටලා විස්කි බ්‍රැන්ඩි පොඩ්ඩක් කටේ තොලේ ගාගත්තට කමක් නැති උනත් සිගරට් නම් මෙලෝම තේරුමක් නැති එපාම කරපු ජාතියක් ඕන් :/

    ReplyDelete
  21. දුම් බීම අනුමත නොකරමි !

    ReplyDelete
  22. මාත් කෝරළේ උන්දැගේම වයසේ නොවැ. තාම සිගරට් එකක් බීලා නැහැ. ඒක ගැන මට ආඩම්බරයි. අම්මා තාත්තටත් ආඩම්බරයි. කෝරළේ හාමිනේ අකමැති නම් අතෑරලා දාපන් කොල්ලෝ. හම්බෙන දේකුත් නැහැනේ ඕව බිව්වා කියලා. අසනීපයි, කැස්සයි, සාක්කුවේ සල්ලිවලට තට්ටු වීමයි ඇරෙන්න

    ReplyDelete
    Replies
    1. ඔන්න හසිත මම දැන් නවත්වලා තියෙන්නේ. කට්ටියම කියන්නේ නරක නිසානේ හොඳනම් බීපන් කියනවනේ.

      Delete
  23. කෝරාළ,

    ඕවා ඉතින් ජන්මෙන් එන ගති නොවැ. ඉවරයක් නැතිව දුම් බොන උන් තමයි තම්බි. උන් තමයි කුඩු කාරයෝ. ඇට වැල මිරිකන්නෙත් උන්. ලෝකෙටම ඕවා පුරුදු කලෙත් උන්. හේතුව උන් මනසින් බොහොම අස්ථාවරයි. ගැහැණු දැක්කමත් සතුන් වගේ නිසා, උන් ගෑණුන්ට බලෙන් රෙදි ඔතල මමියෝ කරල.

    මටත් නවක වදේදී බලෙන් පෙව්වා. ඒත් කවදාවත් ඕන වුනේ නෑ. බොහෝ ගති අම්ම තාත්තගෙන් එන්නෙ. හොර ගති, බලු ගති, කැත ගති අපේ ඉස්සර කට්ටිය කල ඒවා තමයි. ඒවා කරන්නම හිතෙන්නෙ ජන්මෙ තමයි. එහෙම නැත්නම්, ඇමරිකන් කාරයෝ උපායෙන් ඒවා ඇබ්බැහි කරල. රූප රාමු වලට දාල, පිනට දීල විතරක් නොවෙයි උත්තේජක දාල ඇබ්බැහි කරල පාරිභෝගිකයන් බිහි කලා.

    දුම්බීම, සුරාව, තේ, කෝපි වැනි දෑ පරාජිතකමේ ලක්ෂණ. මම දන්න එකෙක් පුදුම බීමක් බිව්වා. දවසට පැකට් දෙක තුනක් ගත්තා. මම ඌට ඇත්ත කීවා. උගේ ගති ආවේ පරංගින්ගෙන් කිව්වා. ඊට පස්සෙ බීම නැවතුනා. දුම් බීම, සුරාව, අනඟ රැඟුම් අපේ රට ආක්‍රමණය කල උන්ගෙ වැදගත් සමාජ සම්මත ක්‍රියා. නීතියෙන් නැතත් කාගෙ කාගෙත් කිල්ලෝට වල හොරට දාපු හුණු තියෙනවා.

    ඕක මානසික ප්‍රශ්ණයක්. දැඩි වෛරය, පිළිකුල, ඔය ඕන දෙයක් එපා කරන දිව්‍ය ඖෂධයක්. ඒ මානසික ප්‍රවනතා තියෙන්නෙ ගැලවීමටයි.

    ReplyDelete
    Replies
    1. අනේ පලයන් බූරුවෝ ගොන් ටෝක් නොදා. මම තොට කලිනුත් කිව්ව ගොන් ආතල් දෙන එක නවත්වපන් කියලා. කැනහිලා

      Delete
  24. හෆ්ෆෝයි.... සිගරට් ගඳ ඉවසන්න පුලූවන්ද හෆ්ෆා... :/

    ReplyDelete
    Replies
    1. ඔන්න බැරි හින්දම නැවැත්තුවා. :)

      Delete
  25. හොද වෙලාවට මට සිගරට් සහ මත්පැං වලට එච්චර ඉන්ට රෙස්ට් එකක් නෑ..
    ඒ හිංදා කිසි අවුලකුත් නෑ..
    දන්න කියන උංට කියන්නේ ඔවුව භාවිතා කරන්නත් එපා කියලා...

    ReplyDelete
    Replies
    1. ඔන්න මලේ දැන් නවත්වල තියෙන්නේ. දැන් මම බොන අහලකින්වත් යන්නේ නැහැ.

      Delete
  26. සිගරට් බීම නවත්තන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඒකට වැය වෙන මුදල ගණං හදලා බලන එක. අද පවතින මිළ ගණං වෙනස් නොවුනොත් දවසකට සිගරට් දහයක් බොන එකෙක් අවුරුදු දහයකදි ඒකට රුපියල් ලක්ෂ 9 ක් වැය කරනවා..!

    ReplyDelete
    Replies
    1. ගාමිණි අන්කල් ඔන්න වැඩේ නැවැත්තුවා. :)

      Delete
  27. සිගරට් මල ජරාවක් නෙ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ඔන්න දැන් නවත්තල තියෙන්නේ.

      Delete
  28. ඇර බනියා ඇර. කෝරළයා ලොකු මාමා ගාවින් නැට්ට කකුල් දෙක අස්සේ ගහන් දුවපු හැටි මැවිලා පේනවා. ඒ වෙලාවේ බනියගේ කට කොනකින් ගිය හිනාවත්...... යසයි බොට.

    ReplyDelete
    Replies
    1. මොකද බං ප්‍රසිද්දියේ අපහස කරන්නේ. මම පවුනේ...

      Delete
  29. මේකට නම් මම මොනවත්ම කියන්නෙ නෑ... අයිය ඇත්ත තේරුම් ගනීවි දවසක...

    ReplyDelete
    Replies
    1. තේරුම් අරන් නැවැත්තුවා නංගියා :)

      Delete
  30. නවත්තල දාපන් මෝඩයෝ . මමත් දැන් මේ පිල්ටර් එක විසිකරා විතරයි

    ReplyDelete
    Replies
    1. ඔන්න අයියේ එකත් ජයසිරි මංගලම් කිව්වලු

      Delete
  31. මමත් කාලයක් ඇබ්බැහි වෙලා හිටියා ඕකට.පස්සේ තොල් කලුවේගෙන එද්දී නවත්ත ගත්තා බොහොම අමාරුවෙන්.ඒත් දැන් මාසෙකට එකක් දෙකක් වගේ පෙවෙනවා කොහෙන් හරි.ඒක අවුලක් නැහැ කියලා හිතුන හින්දා මම ඒ ගැන හිතුවේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඇබ්බැහි උනාම හරි අප්සට්. නොබීම ඉන්න එක තමයි මලේ හොඳ. මොකද මේක බොන්නගත්තම ඇනයක් වෙනවා.

      Delete
  32. චුට්ටක් බිව්වටනම් කමක් නෑ.....ලිමිට් පන්නගන්නෙ නැතුව...ඒත් සිගරට්නම් අනුමත නොකරමි....ජන්මාන්තර වෛරයි.....

    ReplyDelete
    Replies
    1. බොන එකනම් බොන්නේ මද පමණට තමයි නංගි. සිගරට් බොන එකත් ඔන්න දැන් නවත්වල දැම්මා.

      Delete
  33. මම පොඩි කතාවක් කියන්නම්,
    දවසක් තරුණයෙක් කඩයක් අසලට වී සිගැරැට්ටුවක් උරවමින් පාරේ කොනක නතර කර තිබූ බෙන්ස් මෝටර් රථයක් දෙස ඉතා උවමනාවෙන් බලා සිටීය.
    මෙය දුටු මැදිවිය ඉක්මවූ අයෙක් ඔහුගෙන් මෙහෙම ඇසුවා.
    “ළමයා දවසකට සිගැරැට් කීයක් බොනවාද?“
    “15 ක් විතර“
    “ළමයගේ වයස දැන් කීයද“
    “35“
    “අවුරුදු කීයේ ඉදලා බොනවාද“
    “16“
    මෙම පුද්ගලයා දුරකථනයේ කැල්ක්‍යුෙල්ටරයෙන් දැනට තරුණයා වියදම් කර ඇති මුදල් ප්‍රමාණය සෙවීය.
    “ළමයා අරක්කු බොනවාද“
    “ඔව්“
    “මාසයකට බෝතල් කීයක් විතර බොනවාද ?“
    “5 ක් විතර“
    “එකත් අවුරුදු 16 ඉදලමද“
    “නෑ 18“
    නැවත ගණන් හැදීය.
    “ළමයා දැනට වියදම් කරපු මුදල් පොතේ දැම්මානම්, ඒ මුදලයි, පොලියයි එකතු කරලා ඔයාට අරවාගේ බෙන්ස් එකක් ගන්න තිබුණා නේද?“
    තරුණයා මද සිනහවක් පා,
    “ඒ බෙන්ස් එකත් මගෙ තමයි“ කීය ෴

    [co="red"]෴මම කතාවක් කියුවා ඇරුනකොට මත්ද්‍රව්‍ය භාවිත කළාට වරදක් නැහැ කියා අනුමත කළා නොව෴[/co]

    ReplyDelete
    Replies
    1. හිකිස්...... ඔය කතාවම විජය මාලියා ගැනත් තියෙනවා මම අහල තියෙන විදියට කොහොම උනත් ලස්සන කතාවක් සහෝදරි. සාදරයෙන් පිලිගන්නවා වලව්වට.

      Delete
  34. අපේ කෝරලේ මහත්තයා ඕක නම් නවතගන්න. අර මද පමණට ගන්න එකත් නැතිම කලා නම් හොඳා. අපේ තාත්තා ඉස්සර සිගරට් බීවා. මට තේරෙන කාලෙ හර්තාල් දමලා නවතා ගත්තා. වසනාවට මගෙ සහකරුවා ඔය දෙකම පාවිච්චිය නෑ. දරු තිදෙනාත් ඒවා භාවිතය නෑ. ඒක ලොකූම සැනසීමක්. බනියා හරි. ඔහොම තමා ඉන්ට ඕනෙ. D;

    ReplyDelete
    Replies
    1. ඉස්සර ඔයදෙවල් කල හැටියට මම දැන් කරන්නෙම නැහැයි කියනන් පුළුවන් බනියා දැන් බොන්න දෙන්නෙත් නැහැ. සිගරට් නැවැත්තුවේ සෑහෙන්න උත්සහයක් අරගෙන. කවදාවත් මම හිතන් හිටියේ නැහැ. මේ පොස්ට් එක ලියද්දි මේ පොස්ට් එක නිසා මගේ ජීවිතේ මේ තරම් ලොකු වෙනසක් වෙයි කියලා. ස්තූතියි ඔබතුමියටත්

      Delete
  35. මම නම් සම්පූර්න අමධ්‍යප කොල්ලා.... :)
    කෝරලෙ මහත්තය නැවැත්තුව කියල උඩ කමෙන්ට් කොරල තියන හන්ද ඔන්න බන කියන්නෑ

    ReplyDelete
    Replies
    1. මමත් එහෙමයි මලේ. හිකිස්......... උඹ තාම පොඩි එකා දැන්ම කොහේ මද්‍යප වෙන්නද???? එහෙම උනානම් හිටුවා පස්ගහන්න ඕනේ.

      Delete
  36. කෝරළේ මහත්තයා මගේ බ්ලොග් පිටුව නිරන්තරයෙන් කියවා කමෙන්ට් කරත් මට මෙහෙට ගොඩ වෙන්න වුනේ අදයි., ඒ ගැන සමාවෙන්න. හරියට බ්ලොග් කියවන්න වෙලාවක් නැතිකම මගේම වැරැද්ද. නමුත් මේ ලිපිය ගැන නම් මට සතුටු නෑ. සිගරට් බොන එකෙන් වෙන වින්නැහිය හොඳින් බලා ගන්න පුළුවන් තරුණ කාලේ එහෙම නරක පුරුදු සිදු කරලා අන්තිමේ අකාලයේ හර්ද රෝග, කොලෙස්ට්‍රෝල්, පෙනහළු රෝග හදා ගත්තු අය දැක්කම. ඔබ මේ දේවල් වලින් වැලකීම අගෙයි ! බොහොම අගෙයි

    ReplyDelete
    Replies
    1. මුලදී දරාගැනීම අමාරු උනත් පහුවෙනකොට ප්‍රශ්නයක් නැහැ.

      Delete
  37. මම කමෙන්ට් එකක් ටයිප් කල බව මතකයි.ඒත් මෙතන නෑ නෙ. :(

    කමක් නෑ.මටත් පෙන්නන්න බැරි දෙයක් සිගරට් කියන්නෙ.මට දරාගන්න බැරි හිසරදයක් එනවා ඒකට. අපේ තාත්තානම් කවදාවත් බීලා නෑ.ඒත් අපේ සීයා බිව්වා.එයා ආවාම මං ගේ පුරා බෝඩ් ගහනවා සිගරට් බීම තහනම් කියලා. පස්සෙ එයා වෙනමම තැනකට ගිහින් බිව්වලු.ඕක කරනකොට මං මොන්ටිසෝරි යනවා විතරලු හොදේ. :)

    දැන් කෝරලේ නවත්තලලු නේ.... ++++++++ ඒකට

    ReplyDelete
    Replies
    1. නැහැ අක්කේ වෙන කොමෙට් නැහැ.
      ඔන්න දැන් මම බොන්නේ නැතෝ.........

      Delete
  38. අපිනම් දුමෙන් තොර ජිවිතයක් ගත කරන්නේ. හැදියල්ලකො මම වගේ..

    ReplyDelete
  39. හම්මෝ දිග වැඩි කියෙව්වේ නැහැ .ආදීනව ගැන තියේද
    ආනිසංස ගැන තියේද දන්නේ නැහැ.

    මන් නම් නොබොමි.

    ReplyDelete
    Replies
    1. බොන්නේ නැතිව ඉන්න එක කෝකටත් හොඳයි.

      Delete
  40. කෝරලේ අයයගේ වලව්වට අපු පලවෙනි දවස ඔන්න පලවෙනි comment එක. සිගරට් බීම නවත්වපු එක නම් සතුටුයි. බොන්න නම් එපා අයෙත්

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා නංගිව. :) ඔන්න දැන් අපි හොඳ ළමයි හරිද?

      Delete
  41. ඉදල හිටල ඩ්‍රින්ක් එකක් ගද්දි බිබී හිටිය එකත් නවත්තල දාල දැන් මාස 10 ක් විතර වෙනවා... බොන්න එපා කියන්නෙත් නෑ... මොකද ඒකෙත් තිනව පොඩි මෙව්ව එකක්... ඒත් මොකටද බන්... ඉදල හිටල හඳ පැත්තෙ ගිහින් ආවට ආයෙ ඉතින් දුම්කොළ කොම්පැනි පොහොසත් කරන් නෑ මම

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් මට නම් තියෙන වාසිය තමයි මගේ තිබ්බ ජරා කැස්ස නැවතුන එක. :)

      Delete
  42. හප්පේ .. කාලෙකට පස්සෙ ආවෙ කෝරලේ මහත්තයගෙ වලව්වට..
    අපිව මතකද මන්දා ..
    මේ ඒක නෙමෙ ඇත්තටම ඔය දුම් මොන රහද..ඕ..ක් රහ කොහොම උනත් සිගරට් දුමක් ලගින් ගියත් මට හුස්ම ගන්න බෑ වගේ.. ගද..

    කොහොම උනත් දුම් බොන එක නැවත්තුවනම් හරිම් අගෙයිනෙ..

    පරක්කු වෙලා උනත් ඔන්න සුබ සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්තනා කරනවා කෝරලේ මහත්තයා..

    ReplyDelete
    Replies
    1. හප්පේ මොකද මතක නැත්තේ කොහෙන්ද පාර හොයාගත්තේ?
      බොහොම ස්තූතියි නිෂි ඔයාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!

      Delete
  43. I am late. but happy to hear that you have stopped smoking.

    ReplyDelete
    Replies
    1. It was quite difficult at the beginning. but after that I'm feeling better than before

      Delete
  44. මමත් මෙහෙ ඉද්දි පිස්සා වගේ සිගරට් බොනවා. ලංකාවේදී නෑ. එනසාල් දාපු තේ එකක් එක්ක හවසට සිගරට් එකක දුම් රැලි යවද්දී දවසෙම ගැටළු සිගරට් එකට අළු කරන්නා වගේ.. අනේ මන්දා මාත් නවත්තන්න ඕනේ. මේ 15 ඉඳලවත් නවත්තනවා.

    ReplyDelete
    Replies
    1. අන්න අයියේ නියම වැඩක් නවත්වන තරමට ලාබයි. එනසාල් තේ එකෙයි කෝපි එකෙයි අගේ කියල නිමකරන්න බැහැ.

      Delete

ඔයාල කොම්මෙන්ට් එකක් දාන්න වැය කරන තප්පර ගානත් ඔයාලට වැදගත් කියල මම දන්නවා එත් ඔයාලගෙන් අදහසක් මේ පිළිබඳව ලැබෙනවා කියන්නේ මට ඉදිරියටත් ලියන්න හොඳ මොර්ටිවේෂන් එකක් ලැබෙන එක. ලියන්න කල් මදිනම් තිතක් තියල යන්න එතකොට මම දන්නවා ඔබ මෙය බැලු බව. ස්තූතියි.........

Related Posts Plugin for WordPress, Blogger...