Saturday, 28 July 2012

.............................කපුවා කපෝතියි.............................




අද මම ලියන්න යන්නේ ටිකක් වෙනස්ම මාතෘකාවක්. මුලින්ම කියන්න ඕනේ මට මේ පොස්ට් එක ලියන්න හිතුනේ මගේ සම කාලීන බ්ලොග් කරුවෙකු වන අපේ මීගොඩ සහෝදරයා නොහොත් මී ගොඩයා ලියපු පොස්ට් එකක් දැකල.  කපුවා කිව්වම ඔයාලට මතක් වෙන පුද්ගලයෙක් ඉන්නවා. ඒ තමයි දේවාලේ ඉන්න කපුමහත්තය. නමුත් මේ කියන්න යන්නේ මගුල් කපුවා ගැනයි. අපි විග්‍රහ කරලා බලමු මොකක්ද මෙයාගෙන් වෙන සේවය කියල. අද කාලේනම් ඉරිදා පත්තරේ මංගල යෝජනා තීරේ දැන්වීමක් දැම්මනම් ඇති. නමුත් තාක්ශනේ එතරම් දියුණුවක් නොලබපු  ඒ කාලේ මේ කපුමහත්තයගෙන් වෙච්ච සේවය මෙපමණයි කියන්න බෑ. මොකද අද කාලේ නම් සියට 90 වක් දෙනා බඳින්නේ ආදරය කරලා එහෙම නැත්නම් තේරෙන සිංහලෙන් කිව්වොත් ලව් කරලා මේවට අපි කියන්නේ ලව් මැරෙජ් කියල අනෙක ඉතින් ඇරෙන්ජ් මැරෙජ් නේ. ඔන්න ඕක සඳහා තමා මේ කපු මහත්තය ඕනේ වෙන්නේ. ගෙදරට නාකි උන දෙන්නෙක්ව එකට එකතු කරන මේ කපු මහත්තයගෙන් වෙන්නේ සුළුපටු සේවයක්ද අම්මපා මං අහන්නේ? තමන්ට කසාද බඳින වයසේ දුවෙක් පුතෙක් ඉන්න අම්මල තාත්තල මේ කපු මහත්තයෙකුට එන්න කියල බාර දෙනවා විස්තර තමන්ගේ ළමයාගේ. කුල මල, වත ගොත, දේපල, උගත්කම, 20 වෙනි සියවසේ ඉඳලනම් පොටෝ කෑල්ලකුත් එක්ක. කපු උන්නැහෙත් මොකද කරන්නේ හොයනවා සමකුල තත්වෙට ගැලපෙන තරුණියක් හෝ තරුණයෙක්. දෑවැදි ලෙන් දේන් ඔක්කොම කතාකරන්නේ මුන්නැහෙ තමා කොටින්ම කිව්වොත් මේ මනාල දෙපාර්ශවයේ ඒජන්තයා විදියට කටයුතුකරන්නේ මුන්නහේ තමයි. ජීවිතේට දැකල ආශ්‍රය කරලා නැති, අන්නෝන්‍ය අවබෝදයකින් තොරවූ දෙදෙනෙක්ගේ ජෝඩුවක් එකතු කරන භාර ධූර කර්තවයට අතගහන්නේ සැබවින්ම එය මොහුගේ ජීවිකාව වන බැවිනි. දෙපාර්ශවයෙන්ම තෑගී භෝග, සන්තෝසම්, සහ කපු ගාස්තුව මෙහුට ලැබෙනවා, නැතුව නිකන් කොරයිද ඔය වගේ වැඩ???? මේ වැඩේ කොරන්ට හැමෝටම බෑ විශේෂ සුදුසු කම් ඕනේ ඇත්තටම කිව්වොත් ඒ කාලේ මේ රස්සාව කොරන්ට නම් අද කාලේ ලෝයර් කෙනෙක්ගේ දැනුම සුදුසු කම ඕනේ. මොකද ලෝයර් ( නීතිඥයා) කරන්නෙත් කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කොරල රටේම නැති කෙප්ප අද බාල තමන්ගේ සේවදායකයව දිනවල දෙනා එක නේ. කපු උන්නැහේ කොරන්නෙත් එකම තමා. වවාගෙන කන වෙලාවලුත් නැතුවම නෙවෙයි. ඔන්න ඉතින් ඔක්කොමත් කොරල කසාදෙත් බැන්දුවයි කියමුකෝ 






මට ඕනේ කරන තැනට එන්නේ ඔතනින් පස්සේ තමා. සමහර විට මධු සමයට පහුවෙනිදා හිටන්ම ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් මොකද නොදන්නා දෙන්නෙක්ගේ ජෝඩුවක්නේ. එකිනෙක තේරුම් ගත්තොත් හොඳයි නැත්නම් ඉතින්????? වෙන මොනවා වෙන්නද  රණ්ඩු  තමා ඉතින් එකෙත් හැටි බලන්න මෙයාලගේ රණ්ඩුවෙදී අනිවාර්යයෙන්ම කපුමහත්තයටත් බනින්න අමතක කරනේ නෑ. එතකොට තමයි කපුමහත්තයට හිතෙන්නේ '' යකෝ කසාද බැන්දේ උන්, හනිමූන් ගියේ උන් දෑවැදි ගත්තේ උන්, මගුල් කෑවේ උන්, වැඩේ දෙල් උනාම තමයි මට බනින්නේ කියල''. ''ඕක ඉතින් ලංකාවේ හැටිනේ ගණන් ගන්න එපා කපුමහත්තයෝ''.  කියල තමා කෝරලේ මහත්තයට කියන්න වෙන්නේ. ඔයාල අහල තියෙනවද මේ කපුවෙක් මලාට පස්සේ වලලපු වලට හෙන 15 වක් ගහනවා කියල. 



මොනවද දන්නවද ඒ හෙන? කසාද බැඳපු මිනිහ කියනවා අනේ මේ වගේ ගෑනියෙක් මට හොයල දුන්නු අර කැපුවට හෙන හතම ගහපිය කියල. ආ.......... එතකොට ගෑනිත් කියනවා මේ වගේ මිනිහෙක් මට හොයල කසාද බන්දුවට අර කැපුවට හෙන හතම ගහන්න ඕනේ කියල එතකොට ඔක්කොම හෙන 14 යි නේද කෝ අන්තිම එක එක තමයි භයානකම හෙනේ. 



















මෙහෙම පවුල් අසාර්ථක වෙන මිනිස්සු ගෙදරට ඇවිත් බනින්න ගත්තහම කපුවාගේ හාමිනේට (ගෑනිට) බැනුම් අහල ඇතිවෙලා කියනවා අනේ මේ වගේ මට නිරපරාදේ බැනුම් අහන්න සලස්වන මගේ මිනිහට හෙනම ගහපන් කියල. ඔන් ඔහොමයි කපුවට හෙන 15 වදින්නේ. 





කතාව හොඳයි කියල හිතෙනවනම් කොමෙන්ට් එකක් දාලම යන්නකෝ අඩුපාඩු එහෙම තියෙනවනම් කියල
 






කපුවාගේ පින්තූරය ඉස්සුවේ මෙතනින්




  

Saturday, 21 July 2012

මං එන තුරු ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ?












විශාරද ගුනදාසකපුගේ සූරීන් විසින් ගයනු ලබන මෙම ගීතය මාහට ලැබුණු ඊයක ඇමිණිලා තිබුනා අද කාලයේ සමාජ තත්වය මෙය නිසා මේ ගැන පොඩ්ඩක් කතාකරන්න ඉඩක් මගේ බ්ලොග් එකේ වෙන් කලා ගොඩක් දරුවන් තම බිරිඳගේ බසට නැවී තම ආදරණීය මවට වෙනස් කම් කිරීම ඈත අතීතයේ පටන් සිදුවන දෙයක්. අද කල මෙහි ප්‍රවනතාව ගොඩක් දුරට වැඩියි. පොඩි කාලේ ඉඳන් මෙම ගීතයට සවන් දුනමුත් මෙහි අරුත වැටහුනේ තරමක් ලොකු මහත් වූ පසුවයි. මෙලොව කිසිම ආදරයක් තමන්ගේ මවගේ ආදරය හා සමාන නැත. කොල්ලනේ........ ගැණු මෙලොව හිඟ නෑ ප්‍රතිශතයක් වශයෙන් ගත්කල පිරිමින්ට වැඩ වැඩියි. නමුත් අම්මා කියන්නේ කියන්න පුළුවන් එකම කෙනාටයි. තමන්ගේ බඩින් වදපු දරුවට මවක් ආදරය කරන තරම් කිසිම ගැහැනියකට බැහැ පිරිමියෙකුට ආදරය කරන්න. මගේ හිතවත් පවුලක් නවතන් ගෙන සිටින නිවසේ හිමිකරු මසකට ලංකාවේ මුදලින් ලක්ෂ පහ හයක වේතනයක් ලබන අයෙකි. වාහනයක් ඇත. තමන් සිටින නිවස කුලී පදනම මත ලබාදී එයිනුත් තුන් හාර ලක්ෂයක් උපයනු ලබයි. නමුත් මොහුගේ මව ජීවත් වනුයේ අරාබි ගෙවල්වල කුලීවැඩ කොට ලබංනාවූ සොච්චම් මුදලෙනි.  අපේ තරුණ පරපුරට හිතන්න දෙයක් මම මේ කියන්නේ. කවදාවත් අම්මට දුක් දෙන්න එපා එය මෙලොවදීම පඩිසන්දෙනවා. බුදුදහමේ උගන්වන පරිදි මවට පියාට සැලකීම යනු බුදුන්ට සැලකීමක් හා සමානයි. ගෙදර බුදුන් නමින් හැඳින්වෙන අම්මා වෙනුවෙන් ඔබ කොතෙක් ඔබෙන් වියයුතු යුතුකම් ඉටුකොට ඇත්දැයි කල්පනාකාර බලන්න.
  
කුඩා අප අතින් කුහුඹුවකුට හෝ හිංසාවක් පීඩාවක් වනවා දකින්නට අම්මා කැමති වුණේ නෑ.  අපි අම්මත් එක්ක ගමන් බිමන් ගියේ හරිම කැමැත්තෙන්.
බස් එකෙන් දුම්රියෙන් යන ගමන් බිමන්වල දී අපේ ජීවිතේට වටිනා අත්දැකීම් එකතු වුණා. ඇස් නොපෙනෙන අසරණයෙක්, අත පය නැති ආබාධිතයෙක්, මන්ද බුද්ධිකයෙක් ඇස ගැටෙන හැම වෙලාවකම ඒ අයට එහෙම වෙන්න හේතුවත් ඈ හෙමිහිට කියා දුන්නා. ‘පුතේ මේ, මේ, වැරැදි කළ නිසයි ඒ අය අද මේ විදිහට දුක් විඳින්නේ’
ඒ විතරක් නෙවෙයි. අසරණකමට හිනා නොවෙන්න, අසරණයන්ට පිහිට වෙන්නත් අපිට ඉගැන්නුවේ අම්මා. කාටත් වරදක් නොකර ධාර්මිකව ජීවත් වුණොත් ඒ ගුණධර්ම විසින් ම අපි ආරක්ෂා කරගන්නා බව අම්මා කියා දුන්නේ උදාහරණ ද සමඟින්.
ඕනෑ කරන පොත්පත්, ඇඳුම් පැලඳුම් අඩුවක් නැතිව අරන් දුන්නත් ඒවා අරපරිස්සම් කරගන්නා හැටි වගේ ම ලැබෙන දෙයින් සතුටු වෙන හැටිත් ඇය කියා දුන්නා. දකින දකින දේ ඉල්ලා හඬා වැටෙන්නත්, දකින දකින කෙනා අනුකරණය කරන්නටත් අප හුරු නොවුණේ ඒ නිසා. ජීවිතේ සැප සතුට වගේ. දුක හිමි වන බව, ජය පැරදුම, ලාබ අලාභ, නින්දා ප්‍රශංසා, කීර්තිය, අපකීර්තිය, මේ සියල්ල මැදහත් සිතින් විඳ දරා ගත යුතු බවත් ඉගැන්නුවේ ජීවිතේ සමහර හැල හැප්පීම් මැද අම්මා මුහුණ දුන්න හැටි කියා දෙමින්.


කවුරු හෝ කෙනෙක් පුංචි උදව්වක් කළත් කට පුරා ස්තූති කරන්නට වගේ ම කෙළෙහි ගුණ සලකන්නටත් අම්මා අමතක කළේ නෑ. අපට ශාස්තෘන් වහන්සේ වූ බුදුරජාණන් වහන්සේ කලගුණ උතුම් කොට සැලකූ බවත්, කෙනෙක් අනුන්ගෙන් උපකාර අරන් ඒ කළගුණ අමතක කළොත් නැවත උදව් අවැසි වෙලාවක එයට උපකාර වන කෙනෙකු සොයාගත නොහැකි බව උන්වහන්සේ දේශනා කළ බවත් ඇය අපට කියා දුන්නා. ඒ වගේ ම අම්මා අනුන්ට උපකාරයක් කළොත් ඒ අයගෙන් ප්‍රත්‍යුපකාර බලාපොරොත්තු වූයේ ද නෑ. අපිට මේ ජීවිතේ ගැන මුලින්ම කියල දුන්නේ අම්මා. අපේ ජීවිතයේ මුල්ම ගුරුවරයා උනෙත් අම්මා පොඩි කාලේ ඉඳන් දසමසක් කුසේතියන් හදල කවල පොවලා ලොකු මහත් කල් පස්සේ අපි  මොකද කරන්නේ සහකාරියක් අරන් යනවා නමුත්.පුවත් පතක් ගත්තොත් අපිට පේනවා ද්‍රෝහී බිරින්දන් ගැන නමුත් ජීවිතේට දැකල තියෙනවද ද්‍රෝහී උන මවක් ගැන ( මම මේ කියන්නේ හැම බිරිඳම එකයි කියන එක නෙවෙයි) නමුත් අම්මා කියන්නේ දුකේදීත් සැපේදීත් අපි ළඟ ඉන්න එකම කෙනා විතරයි වෙන කවුරු හිටියත් අතේ මිටේ තියෙනක් ඉඳීවි නැත්නම් ඔයාලව අඳුන එකක්වත් නෑ අදටත් පමා වැඩි නෑ ඔයාගේ අම්මා වෙනුවෙන් ඔයාගේ කාර්ය බහුල  දවසේ විනාඩි දහයක් පහලවක් වෙන්කරන්න මොකද ඒ දේ උනත් අපිට කරන්න තියෙන්නේ බොහොම කෙටි කලයි. ජීවත් වෙනකම් සලකන්නේ නැතිව මැරුණට පස්සේ පින්කම් කරලා වැඩක් නෑ ඉන්නකල් ඇයව සතුටෙන් තියන්න.






ස්තූතිය මෙම ලිපියෙහි පින්තූරය සහ අදහස මට ලබාදුන්  ප්‍රවීණ ලේඛිකා සුරංගි අතුකෝරල මහත්මියට.
 











Saturday, 14 July 2012

මිහිපිට සුරපුරක් වන් තැනක්










 මගේ හිතවත් පාඨකයෝ ඔක්කොටම සුබ දවසක් වේවා!  කියල කිව්වා නොකිව්වා කියල තරහ උනොත් එහෙම හරි නෑ නේ නේද.....? දීර්ග සතියකට පස්සේ පොඩි ඉඩක් ලැබුන පොඩි පොස්ට් එකක් දාන්න. පහුගිය සතියෙම හුඟක් කාර්ය බහුල වෙලා හිටියේ මගේ අලුත් ප්‍රොජෙක්ට්  එක නිසා. ඔන් ලයින් පාර්කින් මැනේජ්මන්ට් සිස්ටම්  එකක් තමා ඉන්ස්ටෝල් කරලා ටෙස්ට් කලේ. ඉතින් මම ඔයාලට කියන්න යන්නේ මගේ සොෆ්ට්වෙයාර් එක ගැනවත් සිස්ටම්  එක ගැනවත් නෙවෙයි හෝටලේ ගැනයි. මේ හෝටලේ නම තමා ඇට්ලන්ටිස්. හරිම අමුතු නමක් නේද මේ නම ඇහුව ගමන් ඔයාලගේ මතකෙට එන්නේ ඉපැරණි විශ්මිත ශිෂ්ටාචාරයක් තිබුන ඇට්ලන්ටිස් නගරය. ඒ වගේම මේ හෝටලයත් විශ්මිතයි පුදුමාකාරයි. අක්කර 40 ක භූමි ප්‍රදේශයක් පුරා පැතිරුණ මෙම හොටෙල් බිමට වර්ග අඩි 480.000 ක වතුර උයනක් (water park),  වර්ග අඩි 20,000 ක සම්මන්ත්‍රණ ශාලාවක්ද ඇතුලත් වෙනවා. මෙය හොටෙල් රෙසෝර්ට් ගණයට වැටෙන්නක්. මෙහි ඩොල්පින් බේ (Dolphin Bay) යනුවෙන් හැඳින්වෙන ජල උයනෙහි ඔබට සුරතල් ඩොල්පින් මසුන් සමග පිහිනීමට  ක්‍රීඩා කිරීමට ගැවසීමට ඉඩකඩ තිබෙනවා මෙම පහසුකම සඳහා එක් අයෙකුට ලංකාවේ රුපියල් වලින් 10000 ක් පමණ වැය කරන්නට සිද්ද වෙනවා. 





















 
එංගලන්තයේ Laing O'Rourke නමැති ඉදිකිරීමේ සමාගම විසින් ඉදිකරනු ලැබූ මෙම හෝටලය ඉදිකිරීමට වැයකළ මුදල ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක් ඉක්මවන බවට ගණන් බලා තිබෙනවා.  Solomon (Sol) Kerzner මහතා තමා මෙම දැවැන්ත මිහිපිට සුරපුරයේ හිමිකරුවන්නේ. 4 පාරක් කසාද බැඳපු කෙනෙක්ලු. (ඕප දූපයක් එහෙම කියනවා නෙවෙයි)
කාමර 1500 කින් පමණ සමන්විත මෙහි, කාමරයේ බිත්ති 4 න් එක බිත්තියක් වන්නේ විශාල ජල ටැංකියකුයි. (පින්තූර බලන්නකෝ) 

























ජීවිතයේ විඳගත හැකි සුන්දරම අද්දැකීමක් තමා ඒක. කවුද දෙවියනේ අකමැති තෝරු, මෝරු, බලයෝ, හාල් මැස්සෝ, මඩුවෝ, තල්මස්සු එහා මෙහා පීනනවා බල බල නිදාගන්න. හැබැයි කෝරලේ මහත්තයටනම් නින්ද යන එකක් නෑ ඕන් කිව්වා මොකද හදිස්සියෙවත් වීදුරුව කැඩුනොත් ඔය මෝර උන්නැහේල රූම් එකට ඒවි කියන බයට. හැක්...... හැක්...... හැක්. මේ යුගල කාමරයක් සඳහා එක රැයකට ලංකාවේ මුදලින් රුපියල් 50000 ක් පමණ වැයකරන්න සිද්ද වෙනවා. නමුත් පුදුමේ කියන්නේ ලෝකේ වටෙන්ම සංචාරකයන් එනවනේ හැමදාම අඩුම තරමින් කාමර 1000 ක් වත් පිරෙන්න.  දිනපතා වාහන දෙතුන් දාහක් පැමිණෙනවා. විවිද කාර්යයන් සඳහා සම්මන්ත්‍රණ, Water Park, ඩොල්පින් බේ නැරබීමට පැමිණෙන්නන්. මෙහි ස්ථිර කාර්ය මණ්ඩලය 2000 ඉක්මවනවා කියලයි කියන්නේ. මෙහි ඉහල පෙලේ කළමණාකරුවෙකුගේ මාසික වේතනය ශ්‍රී ලංකානු රුපියක් ලක්ෂ 45 ක් විතර ඇති. අපිට ශ්‍රී ලාංකිකයන් වශයෙන් සතුටු වෙන්න පුළුවන් එක කාරණයක් තම මෙහි කාර්ය මණ්ඩලයෙන් සියට 60 ක් ම ශ්‍රී ලාංකිකයන් වීම. ඩුබායිහි සංචාරක කර්මාන්තයේ ඉතා වැදගත් තැනක් හිමිකර ගැනීමට මෙයට හැකිවෙලා තියෙනවා. මෙහි ඇති තවත් විශේෂත්වයක් තමා මෙය ගොඩබිමක පිහිටි පොලවේ ඉදිකරලා නැති එක. පාම් අයිලන්ඩ් කියන කෘතිමව ඉදිකළ දූපතේ කෙලවරේම පිහිටා ඇති හෝටලයට යන්න හදල තියෙන පාර  මුහුද යටින් හදපු උමගක්. මංතීරු 6 ක් (යාමට සහ ඒමට) කිලෝ මීටර් 3 ක් පමණ දුර යන්න ඕනේ මේ උමග දිගේ ඇට්ලන්ටිස් හෝටලයට යන්න.ජුලර්ස් වර්න් ගේ මුහුද යටින් ලීග විසිදාහක් කියන පොත මතක් වෙනවා නේද? නමුත් මේකෙදි අපිට මුහුද පෙන්නේ නෑ මුහුද තියෙන්නේ ඝන කොන්ක්‍රීට් තට්ටුවකට උඩින් නිසා.






මේ තියෙන්නේ උඩින් දුවන මෙට්‍රෝ කොච්චි පාර හෝටලේ අමුත්තන්ටම පමණක් හදපු. පිස්සු හැදෙනවා නේද හිතන කොට තාක්ශනේ ගැන මටනම් දැනටමත් කරකැවිල්ල වගේ :P සිවිල් ඉංජිනේරු විද්‍යාවේ හාස්කම් පෙන්වන තවත් දැවැන්ත නිර්මාණයක් වෙන මෙය ජීවිතයේ වරක් දැකබලාගන්නම වටිනා තැනක්. (ඩුබායි  පැත්තේ ආවොත් ඇවිත් යන්න අමතක කරන්න එපා ( මම කිව්වේ හෝටලේ නවතින්න නෙවෙයි දැකබලාගන්න).

ලියන්න ගියොත් නම් මාගලක් වගේ දිගට ලියන්න පුළුවන්. නමුත් කාල වෙලාව මද කම නිසා අදට නවතින්නම් එහෙනම්  හැමෝටම ජය හා සතුට.




ප.ලි.  හදිස්සියේ ලිව්වේ වැරදි අඩුපාඩු එහෙම තියෙනවනම් එකවරට දහස් වාරයක් සමාව අයදිනවා



Wednesday, 4 July 2012

කාලය මැවූ, වෙනසක අරුමේ




එක්තරා අතකට සංවේදී චායාරූපයක්. අපි ලොකු වෙනවා කියන්නේ අපේ දෙමව්පියෝ වයසට යනවා. මේ තරම් අපිව උස මහත් කරන්න ඒ රත්තරන් අත්වලින් කොපමණ වැඩ කරලා ඇත්ද? කොපමණ දහදිය වගුරවල ඇත්ද? අපිට මොහොතකටවත් හිතෙනවද?  අඩුම තරමේ දවසකට එක පාරක්වත්.......... අනේ මේ මිනිස්සු දෙන්නා අපිව හදල වඩල අද වෙනකනුත් අපි වෙනුවෙන් කරනවා. අපෙන් මොනවද මේ දෙන්නට වෙලාතියෙන්නේ කියල.......... දවසට පැය ගණන් මූණු පොතේ නොදන්නා, ජීවිතේට දැකලවත් නැති යාලු  මිත්‍රාදීන් වෙනුවෙන් වැය කරන අපි. දවසට විනාඩි 5 ක් රෑ වෙන්න තාත්තගේ පිටේ බාම් ටිකක් ගාන්න වැය කරනවද? දෙමව්පියෝ අපිව   හදන්න විඳපු දුක තේරෙන්නේ අපිත් යන්තම් පවුල් පන්සල් වේගෙන එනකොට. ඉතින් එයාල එයාලගේ ජීවිතෙන් දශක ගණනාවක් අපිවෙනුවෙන් කැපකරලා තියෙද්දිත්, ඒ ගැන හිතන්නේ නැතිව මුග්දයන් විදියට හැසිරෙන අපි. අනේ අපේ අම්මට තාත්තට සලකන්න ඕනේ  කියල හිත කොට අපි පරක්කු වැඩි වෙන්න පුළුවන්. එයාල ජීවත් උන කාලේ වැඩියි. වෙන්න තියෙන කාලේ අඩුයි. මැරුණට පස්සේ ලෝකෙට පෙන්න බොරුවට පින් දහම්  කරලා දාන මාන දුන්නට වැඩක් නෑ. ඉන්නකල් එයාල ගැන හොයල බලන්නේ නැතිව. ලොකු ටෝක්ස් දෙනවා කියල මට බනින්න එපා මේ චායාරූපය දිහා බැලුවාම ඔයාලටම තේරෙයි මේ කෙටි පණිවිඩය මම ඔයාලට අරන් ආවේ ඇයි කියල. පන්සල් යන්න ඕනේ නෑ පින් දහම් කරන්න. මුලින්ම ගෙදරින් පටන් ගන්න. ඉලක්කම් 5 ක  පඩියක්  ඕනේ නෑ දෙමව්පියෝන්ට සලකන්න. ඔයාලගේ වචනේකිනුත් එයාලට සැනසෙන්න පුළුවන්. ඒ තමා දෙමව්පියෝ.  මූණු පොතේ ඉන්න යාලුවෝ කවුරුවත් ඉන්නවද අපිට කරදරයක් උනාම.........? නෑ ඉන්නේ අම්මයි තාත්තයි. ලෝකෙම අපි වටේ ඉඳීවි තියෙනකල්. නැති දාට පල නැති රුකකින් යන වවුලෝ වගේ ඔවුන් අපහැර යාවි. අදටත් පරක්කු නෑ.  අදම පැය විසිහතරක දවසින්, විනාඩි 5 ක් 10 ක් දෙමාපියෝ දෙන්නා වෙනුවෙන් වෙන්කරන්න. ඔයාල කොච්චර කාර්යබහුල උනත් ජීවිතේට වරදින්නේ නෑ.  පලවෙනි පේලිය විතරක් ලියල පින්තූරේ පොස්ට් කරනවා කියල හිත ආව මම ඕනෙවට  වැඩිය ඔබලාගේ වටිනා කාලය නාස්ති කලා. ඒ නිසා මම දැන් නවතින්නම්. කෝරලේ මහත්තය කිව්ව දේ හරිද වැරදිද වටිනවද නැද්ද කියල තීරණය කරන එක ඔයාලට බාරයි. ලයික්  එකක් කොමෙන්ට් එකක් දැම්ම කියල සල්ලි ගන්නේ නෑ හොඳේ හිකිස් 

හැමෝටම ජය වේවා, රාවන දෙවි පිහිටයි! 


Tuesday, 26 June 2012

තවත් චාටර් උන කේස් එකක්

          

               මේ දවස් වල ඩුබායි වලට පායන්නේ තරහ කාරයෙක්ගෙන් පලිගන්න වගෙයි. තනි ඇහැට ඇඩෙනව දවල්ට එලියට බැස්සාම. වැඩ ඇරිලා ඇවිත් බලන කොට රූම් එකේ ලයිට් නෑ, කරන්ට් එක කපල අලුත්වැඩියාවකට. මේකනම් අලුත්වැඩියාව නෙවෙයි අඬවැඩියාවක්. ඇයි යකෝ එක දිගට දවස් දෙකක් කරන්ට් එක නැතිව ඉන්නේ කොහොමද ඒසී එක දාන්නේ නැතිව. මේ සෙන්ටිග්‍රේඩ් අංශක 50 ට විතර රස්නෙයිනේ. පාන්පෝරනුවක් වගේ තැම්බෙනව.  අද ගෙදර යන්නත් කම්මැලියි. මොකද කරන්නේ කියල කියා හිතන් ඉන්නකොට ආව ගුඩේ ගුඩ් අයිඩියා එකක්. බීච් එක පැත්තේ වටයක් දාල එන්න. තනිවම බීච් එකට යනවා කියන්නේ ඔයාල දන්නවනේ... තියෙන්නේ ඉතින් ඇවිද ඇවිද කල්පනා කරන්න විතරයි. හැන්දෑවේ 6.30 ට උනත් වෙලාව රස්නේ දැනෙනවා ගොඩක්. බැහැගෙන යන ඉරෙන් එන එලිය ලස්සනට බීච් එකට වැටිලා තියෙන කොට ඇවිදින්න හිතපු මම කල්පනාකරමින් ඇවිද්ද. මගේ අතීතයේ සිදුවූ ජයග්‍රහණ පරාජයන්, කඩාවැටීම්, විනෝදවු දවස්, පවුලේ අය. ඔහොම ඉන්න අතරේදී තමයි මම මේ කියන්න යන සිද්දියයි එයට අදාල පුද්ගලයයි මතක් උනේ.

නම විදියට අපි කියමුකෝ වසා කියල. මමනම් කියන්නේ රතු මාම කියල මොකද නෑදෑකම හැදෙන්නේ  එහෙම නිසා. ඉතා මහන්සියෙන් කැපවීමෙන් ඉගනගත් රතූට විද්‍යාපීඨ විභාගයෙන් ඉහලින්ම සමත් වෙන්න හම්බ උනා. මේ දවස් වෙනකොට සිකුර හිස්මුදුනටම නැගලයි තිබ්බේ මෑන්ස්ගේ. ග්‍රහචාරය උපරිමේටම නරක වෙලා. ග්‍රහය කියනවලු අනේ වසා අපි ඉක්මනටම බදීමු අනේ කියල. (ග්‍රහය කිව්වට මේ කාන්තා පරානයක් එහෙම කිව්වේ ග්‍රහයාගේ ගැනුසතාගේ  නම කෝරලේ මහත්තය දන්නේ නැති නිසයි දන්නා කෙනෙක් ඉන්නවනම් දැනුම් දෙන්න ඕනේ  හරිද?)  

ඉතින් මෑන්ස්ගේ බලාපොරොත්තුව උනේ ඉක්මනින් රස්සාව හොයාගෙන පෙලවහ කොරගන්ට තමා. දවසගානේ දෙවියන්ට කියා කියා අපොයින්ට්මන්ට් ලෙටර් එක එනකල් මග බලන් හිටිය රතුගේ බලාපොරොත්තු මල්පල ගැන්වුන ලිපිය පියුමා විසින්  ගෙදරට දී තිබුණා. එක බලපු වෙලාවේ ඉදන් මෑන්ස්ගේ මූණ නයා මැරිච්ච අහිගුන්ටකයගේ වගේ. මුල්ම පත්වීම මොනරාගල හද්ද පිටිසර ඉස්කෝලෙකට ලැබිල තියෙන්නේ. කෙලපි තම්බි හැලප ටිකට කිව්වා වගේ...... කවුද කිව්වේ කියලද අහන්නේ???? ඒකනම් කිව්වේ මම. ඉතින් අපි කතාවට යමුකෝ.... මොනරාගල ඉඳල තියෙනවා මෑන් එක්ක ඉගෙනගත්ත ඩයල් එකක් මෑන් පොරට ලියමනක් දාල දැන්නුව නවතන් පහසුකම් හොයාගන්න විදියක් ගැන. දෙවියනේ කියල මොනරාගල පොර කැමති වෙලා තියෙනවා රතූව තමුන්ගේ ගෙදර නවත්වගන්න මොකද පොරත් ගුරුවරයෙක් නිසා මෑන්ටත් හම්බවෙලා තියෙන්නේ දුරපලාතක ඉස්කෝලයක්. ගෙදරත් කවුරුත් නැති එකේ වයසක අම්මා තාත්ත දෙන්නටවත් පාළුවක් නැතිවෙයි කියල මේකට නවතින්න ගෙදර එන්න කියල.  මේ ඉස්කෝලේ තියෙන්නේ ඔය කියන මෑන්ගේ ගමට අල්ලපු ගමේ. මම මේ කියන්නේ 1994 දී විතර සිද්ද උන දෙයක්. ඒ කාලේ දැන්වගේ ටැලිපෝන් භාවිතයක් තිබ්බේ නෑ නේ දැන්නම් හොමෝම ගාව තියෙනවා සමහරු ළඟ දෙක තුනත් තියෙනවා. ඉතින් පරණ තාලේ ක්‍රමේට ලියමනක් දාල එන දවස යාලුවට දැනුම් දීල තියෙනවා යාලුවත් කිව්වලු හරි වසා උඹ වරෙන් මම එන්නම් එක්කන් යන්න කියල.
ඉතින් කොහොමෙන් කොහොමෙන් හරි අපේ බුවා මොණරාගලටත් ආවලු ඒත් ආවේ හවස 6 ට කිට්ටුකරලලු. මොනරාගල බුවත් ඇවිත් ඉන්නවලු බස් ස්ටෑන්ඩ් එකට අපේ බුවාව ගන්න. හලෝ
හායි වලින් පස්සේ දෙන්න ආගිය තොරතුරු කතාබහකරමින් බයිසිකලය පාගනවලු. එතකොට මොනරාගල බුවා කියනවලු මෙහෙම 

මොනරාගල බුවා:  මචන් වසා උඹ අද ආව වෙලාව හරි නෑ බලපන්
හේමලයත් වැටිලනේ නැත්නම් මම හිතන් හිටියේ පොඩි පාටියක් සැට් කරන්න අහල පහල යාලුවෝ දෙතුන් දෙනෙක් කතාකරල උඹව උන්ට අඳුන්වල දෙන්න.

රතුමාමා: එකට මක් වෙනවද බන් පාටි නැතිවට ගොඩක් තුවාල වෙලාද පොරට 


මොනරාගල බුවා:කවුද?


රතුමාමා:බො
ලාගේ ළඟම නෑයෝද? 

මොනරාගල බුවා:
මොකක්ද බං????? කවුද බං????


රතුමාමා:
ඇයි
උඹ දැන් කිව්වේ හේමලය වැටිලා කියල එකයි මම ඇහුවේ තුවාල වෙලාද කියල

මොනරාගල බුවා: 













 




මොනරාගල බුවා: යකෝ........ හේමලයා  කියන්නේ මේ පැත්තේ හෙවනල්ලටයි බං

ආපෝ........ චාටර්....... කෑවා නෑවා නිකන් නෙවෙයි සිය කැමැත්තෙන් ඇදගෙනමයි නෑවේ. එදා ඉඳල අවුරුදු 4 ක් රස්සාව කරලා මොණරාගලින් එනකල්ම මෑන්ගේ රෙජිස්ටර් නම වෙලා තියෙන්නේ හේමලය කියන එක.  ඔය දේවල් සිද්ද වෙනකොට මම ගොඩක් පොඩියි. දැන් අහන්න එපා එහෙනම් තමුසේ කොහොමද මේක දන්නේ කියල. ඒක තමා කියන්න යන්නේ දැනට අවුරුදු 5 කට  විතර  උඩදී ලංකාවට නිවාඩු ගිහින් ඉන්නකොට මමත් සෙට් උනා පොඩි කැත වැඩකට කැත වැඩක් කිව්වේ මෑන්ගේ හදන ගෙදර ටොයිලට් වලක් කපනවා. මමත් පොඩියට සම්මාදම් උනා වැඩේට. කතාවෙන් කතාවෙන්  තමා ඔය සිද්දිය ඇදිල  එලියට ආවේ මෑන් ඕක කිව්වේ වල ගැට්ටේ
වාඩිවෙලා ඉන්න ගමන්. ඔතන හිටියා පොඩි ලූස් ඩයල් එකක් ඩස්පිය කියල තමා කියන්නේ (නම පියල්) පොරට හිනාව කොන්ට්‍රෝල් නැතිව ගැහුවා පාරක් රතුගේ පිටට උනා දේ හිතාගන්න පුළුවන් නේ.....  රතු මාමා ටොයිලට් වලේ විලිලජ්ජාවේ සන්තෝසේ බෑ මෙයා. අලුත් එකක් නිසා හොඳයි නැත්නම් ඩිටෝල් බේසමක ඔබල තියල තමා ගන්න වෙන්නේ. මෑන් ගොඩට එනකොට මම නිකමට කිව්වා හේමලය වලේ වැටුනා වාගේ කියල
රතුමාමා: %^&*&*((*(*&*&^^%^&


ප.ලි : කොහොම උනත් දැන් මෑන් ගොඩක් ප්‍රසිද්ද ටියුෂන් ගුරෙක්. ඒවගේම දකුණු පළාතේ ප්‍රසිද්ද  ප්‍රයිමරි ඉස්කෝලෙක විදුහල්පතිවරයෙක්



Ford කොම්පැනියේ CEO මහත්තයාගේ කාර් එක






විශේෂ ස්තූතිය මේ පින්තූර මට ලබාදුන්නු නරේන්ද්‍ර  මාමිට.


Related Posts Plugin for WordPress, Blogger...