Monday 28 October 2013

බල්ලෙකු සමග ලිංගික ඇසුරක් පැවැත්වූ තරුණිය අමාරුවේ....... 18+++++++

මේ පොස්ටුව ලියන්නට හේතුව වුනේ අද උදේ සිදුවෙච්ච සංවාදයක් නිසා. අපි බල්ලෝ හදන්නේ මොකටද???? ආරක්ෂාවට හුරතලේට යන කරුණු වලට. ඈත අතීතයේ ඉඳලම බල්ලාට හිමිවෙලා තියෙන්නේ සුවිශේෂ තැනක් අනෙක් සතුන්ට සාපේක්ෂව. මිනිසාගේ ලඟම මිතුරා කියන අන්වර්ථ නාමයෙනුත් බල්ලන්ව හඳුන්වනවා. බල්ලන්ව ගත්තොත් බලු විශේෂ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන් ඒ වල් බල්ලන් සහ පොෂ් බල්ලන් ලෙසට. වල් බල්ලන් වල්ටේෂන් කියලත් හඳුන්වනවනේ ඒ බල්ලන් පාඩුවේ දෙන දේ කාල වෙන දේ බලන් ඉන්න ජාතියේ සත්තු නිසා ඒ ගැන කතා කොට පලක් නැත. පොෂ් බල්ලන් ගැන කතා කලොත් ජර්මන් ෂෙපර්ඩ්, ඩොබර්මන්, ෆොමනේරියන් ස්පැනියල් වර්ග, යෝක්ෂයර් ටෙරියර්, ජයන්ට් නවුෆර්, පිට්බුල්,රොට්වයලර්, ආදී එකි මෙකි නොකී සියලු උපවර්ග ඇතුලත්ය. 

මේ බල්ලන් හදන්නේ ආරක්ෂාව වෙනුවෙන් වුවත් සමහර උදවිය වෙනත් කාරණයන් උදෙසාද බල්ලන් හදනු ලබයි. ඒ තමන්ගේ තත්වය පෙන්වීමට, හුරතලය පිණිස, කාන්සිය පාළුව පිණිස, දඩයම් සඳහා, ඒ වගේම ආබාදිත පුද්ගලයන් සඳහා විශේෂයෙන් පුහුණු කරන ලද සුනඛයන් ද වන අතර අද උදේ අසන්නට ලැබුණු පුවතක් සමග එම ගොඩට තවත් කරුණක් එකතු කිරීමටයි මේ පොස්ටුවේ පරමාර්ථය. 
ලිංගික අවශ්‍යතාවයන් සඳහා. අප මේ වගේ සිදුවීම බටහිර සමාජයේ අසා ඇතත් ලංකාවේ මේවැනි සිදුවීමක් මා කන වැටුන ප්‍රථම අවස්තාව මෙයවේ. (ඇත්තෙන්ම කණගාටු දායකයි) මෙය සිදුව ඇත්තේ හෝමාගම ප්‍රදේශයේය. 


දෙමාපියන් නිවසේ නැති අවස්තාවක තරුණ දියණිය නිවසේ ඇති කල සුනඛයා සමග කම් සුව විඳ සුනඛ තෙමේගේ නොකියන එක ඇයගේ ලිංගය තුල සිරවී නැවත එයින් ගැලවී යාමට නොහැකි වී තිබෙනවා.  දෙමාපියන් නිවසට පැමිණි පසු. සිදුව ඇති දෙය දැක ඇයව වහා හෝමාගම ප්‍රදේශයේ (රෝහල සඳහන් කරන එක හරි නැහැනේ) රෝහලකට රැගෙන ඇවිත් තියෙනවා. බල්ලා සමගම ට්‍රොලියකට දමා (බල්ලෝ එක්ක ***** නම් බල්ල එක්කම තමයි ඉස්පිරිතාලේ යන්න වෙන්නේ)  රෝහල් ගත කල පසුව මේ බලු පූට්ටුවෙන්  ඇයව ගලවා ගැනීමට බල්ලාගේ දිවි තොර කිරීමට වෛද්‍යවරුන්ට සිදුවෙලා තියෙනවා. අසම්මත ඇසුරක අවසානය ඒ විදියට සටහන් වෙද්දී  ඇයගේ දෙමාපියන්ට මොන විදියේ හැඟීමක් තම දුව පිළිබඳව ඇතිවන්නට ඇතිද? ඇය ඔවුන්ට කෙසේ මුහුණ දුන්නාද ඇයගේ දෙමාපියන් මොන විදියකින් සමාජයට මුහුණ දේවිද කියන කාරණය පිටුපස අපට හිතන්නට දෙයක් ඉතුරුවෙලා තිබෙනවා. දැන් ගැහැනුන්ට දෝශාරෝපනය කරන්න කට හදාගන්න එපා ඊළඟට කියන්න යන්නේ පිරිමි ගැන..............

මේ තවත් එවැනිම සිදුවීමක් ඒ පළාතේම සිදුවෙච්ච. මාස දෙකහමාරක්  වයසැති දියණියට ලිංගික අතවර කල (පිම්) පියෙක් ගැනයි. දිනක් මව නිවසින් පිටව ගොස් නැවත පැමිණෙන විට සිඟිති දියණිය කෑමොර දී අඬන්නේ ඇයිදැයි විපරම් කරන අවස්ථාවේ. ඇය දරුවාගේ ලිංග ප්‍රදේශයෙන් රුධිරය වහනය වනු දැක තිබෙනවා. වහාම දැරියව රෝහල් ගත කල මව පොලිසියට ගොස් (පීම්)පියා ගැන පැමිනිලි කර තිබෙනවා. දැන් කූඩුවේ කියල තමයි ආරංචිමාර්ග පවසන්නේ.

අපි බලමු හේතු කිහිපයක් ඇයි මෙහෙම වෙන්නේ කියලා.

(1)  බටහිර සමාජය ගතහොත් කාන්තාවක් තමන්ගේ සහකරුවා තෝරාගන්නේ ඔහු සමග ලිංගිකව  හැසිරීමෙන් පසුවයි. ඒ ඔහුට තමාව තෘප්තිමත් කිරීමට ඇති හැකියාව ගැන සෑහීමකට පත්වීමෙනුයි (ප්‍රධාන වශයෙන්).

 * නමුත් ලංකාව තුල විවාහ දින රාත්‍රියේ මධුසමයට යන යුවලට පිරුවටක් ලබාදෙන්නේ කන්‍යාභාවය පරීක්ෂා කිරීමටයි. යම් හෙයින් එය නැතිවුවොත් එතන අවුල්ජාලයක් බවට පත්වෙනවා. (මෙතන ප්‍රශ්නයක් ඇතිවන්නේ කාන්තාවට. පිරිමියා මොනවිදියේ එකෙක් වුනත් ප්‍රශ්නයක් නැහැ)

(2)  ඔවුන් පාසල් තුලද ලිංගිකත්වය එහි ඇති වර්ගීකරණ ගැනද දැනුමක් ළමයින් හට කුඩා අවදියේ සිටම ලබාදෙනු ලබනවා.

* නමුත් අප රටේ ළමයින් ඒ සියල්ල ඉගෙන ගන්නේ කට කතා මගින්, යාළුවන් මාර්ගයෙන් (බොහෝ දුරට මිත්‍යා මත), අන්තර්ජාලයෙන්, අසභ්‍ය යැයි සම්මත වෙබ් අඩවි වලින්.

(3)  බටහිර සමාජයේ අවුරුදු 14 න් 15 පසු ලිංගිකව හැසිරෙන අතර ඔවුන් එය ප්‍රසිද්ධියේ සිදුකරනු ලබනවා.

* ලංකාවේ ඉහත වයස් ඛාණ්ඩයේ දරු දැරියන් බොහෝ දුරට තම ලිංගික ක්‍රියා (සිතුවිලි,ආශාවන්) සමාජයෙන් වසන් කොට තමන්ගේ හිත තුල තෙරපාගෙන මානසික ආතතිය වැඩිකරගන්නවා.

(3) බටහිර රටවල කොට ඇඳුම් ඇඳි කාන්තාවන් බාගෙට ඇඳුම් ඇඳි විවිද විලාසිතා අනුගමනය කරන කාන්තාවන් සුලභව දකින්න පුළුවන්. මුහුදු වෙරළකට ගියහොත් සියලුම කාන්තාවන්  බිකිනියකින් සැරසි සිටිනවා දකින්නට පුළුවන් (නිරුවත් මුහුදු වෙරලවල්ද ඇත) කලවා පේන්න කොට කලිසමක් ඇඳගෙන ගිය ගැහැණු ළමයෙකු දිහා කිසිම දිනක පිරිමියෙකු උවමනාවෙන් නොබලන්නේ එසේ බැලීමට ගියහොත් ඔවුන්ට වෙන වැඩක් කිරීමට කාලයක් නොවන බැවිනි. මන්ද සියල්ලන් සැරසී සිටින්නේ ඒ ආකාරයෙනි. 


* ලංකාවේ කොට කලිසමක් ඇඳි තරුණියකට පාරේ ගමන් කිරීමේ හැකියාවක් තිබේද? කොට සායක්??? ටයිට් ඩෙනිමක්?? හේතුව එවැනි දේවල් නිතර නොදකින තරුණයන් තම මානසික ආතතිය පිටකරන්නේ ලිංගික අපරාධයක්, අස්වාභාවික ලිංගික ක්‍රියා, තරුණියන්ටද මේ තත්වය පොදුය. ඔවුන් එය ප්‍රසිද්ධියේ නොකලත් බාලිකා පාසල් තුල මෙවැනි 


සිදුවීම් බහුලව සිදුවන බව අසන්නට දකින්නට ලැබෙනවා ඇති. මෙවැනි සිදුවීමක් ඇසුව දුටුව විට ලංකාවේ බොහෝ දෙනෙක් එම තරුණයාට/තරුණියට දෝශාරෝපනය කරන අතරම ඔවුන්ව අඳුනනවා නම් ඔවුන්ව කොන්කිරීමටත් බලනවා. 

මෙයට හොඳම උදාහරණයක් මම ඔබට ගෙන හැර දක්වන්නම්. මා වැඩ කරන ආයතන 8 න් එකක ප්‍රධාන ආදායම තමයි valet parking (වැලේ පාකින්)  වැලේ පාකින් ගැන දීර්ග පැහැදිලි කිරීමක් පසුවට කරන්නම්. දැනට හිතා ගන්න කෝ හෝටලේට වාහනෙකින් ගියාම වාහනේ දොර ඇරලා ඔයාලට ආචාර කරලා පිළිඅරගෙන ඔයාලගේ වාහනේ ගිහින් පාක් කරලා නැවත පිටවීමේදී ඔබ අතට වාහනය ගෙනත් දෙන පුද්ගලයින් කියලා. 



ඩුබායි....... අරාබි රටක්, ගොඩක් දියුණු රටක්, හරිනේ........... නමුත් මේ දියුණුව ලැබුවේ කොහොමද? අබුඩාබි සහ අනෙක් එමීර වල තෙල් තිබුනට ඩුබායි වල තෙල් ඇත්තේ නැහැ.එහෙනම් මේ අහස සූරන ගොඩනැගිලි කොහොමද ඉදිකළේ?????? කොහොමද මෙපමණ දියුණු වුනේ? ඒ වෙනත් අරාබි රටවල නැති නිදහසක් ඩුබායි වල ලබාදීමෙනුයි. කලකට පෙර එමීර 7න් දුප්පත්ම රට වුන ඩුබායි ගොඩ නැගුවේ විදේශිකයන් අදටත් මෙහි වැඩිපුර සිටින්නේ ඉන්දියන් ශ්‍රී ලාංකික ආදී ආසියාතියන් ඇර බටහිර රටවල උදවිය තමයි. ඔවුන් මෙහි ජීවත් වෙන්න, රඳවා තබාගන්න මෙහි ආයෝජනය කරන්න නම්  ඔවුන්ගේ සමාජ ක්‍රමය මෙහි තිබිය යුතු වන නිසාම නයිට් ක්ලබ්, තැබෑරුම්, ඩිස්කෝ, නිදහස් මුහුදු වෙරළවල්, ගණිකා මඩම්, සම්බාහන ආයතන, රට බීම හල් සුපිරි මහාමාර්ග ආදියෙන් ඩුබායි සමන්විත වනවා. 





විදේශිකයන් පවසන අන්දමට ඔවුන්ගේ රටවල් වලට වැඩිය සතුටෙන් ඔවුන් මෙහි ජීවත් වනවා. මෙහෙ අඳින විදියට කිසිම නීතියක් නැහැ. අපේ ඔෆිස් එකට පාරෙන් එහා පැත්තේ තිබෙන්නේ ඩුබායි මරීනා නම් ප්‍රදේශයේ බිකිනි ඇඳ දුහුල් වතින් සරසි වෙරළට යන සුද්දියන් බහුලව දැකගන් පුළුවන්. නමුත් මේ විදියට අනෙක් කිසිම මැද පෙරදිග රටක 


කිරීමට හැකියාවක් නැත්තේ ඔවුන් තදින් පාලනය වන ෂරියා නීතිය මෙවැනි දේවල් තහනම් කොට ඇති බැවිනි. (ඩුබායි වලට අල්ලපු ප්‍රාන්තය වන සාජා වල පිරිමියෙක්ටවත් කොට කලිසමක් ඇඳන් පාරේ යන්න තහනම්)

මේ තිබෙන නිදහස හේතුවෙන් අරාබි කරයේ සිව් දිගින් සංචාරකයන් ඩුබායි වලට පැමිණෙනවා. ඒ ඔවුන්ගේ රටවල නැති නිදහස මෙහිදී ලබා ගැනීමටයි. හිජාබය ඇඳ සිරුරම ආවරණය කරගෙන පැමිණෙන සවුදි, බහරේන්, කටාර්, ඕමාන්  කාන්තාවන් එය වාහනය තුල ගලවා දමා කොට කලිසමකින් සැරසී හෝටලයට පිවිසෙන විට ඔවුන් අරාබිද යුරෝපියන්ද යනුවෙන්

හඳුනාගැනීමේ හැකියාවක් නැහැ. හෝටලයේ ඇති නයිට් ක්ලබ් එකෙන් පදමට වෙරිවී එලියට එන්නේ ඇඳිවතද නැතුවයි. සමහරුන් රාත්‍රීය සඳහා සහකරුවෙක් හොයාගෙන තමන්ගේ නවාතැන් පොලට යන අතර තවත්  සමහරු වාහනය තුලදීම තමන්ගේ අවශ්‍යතාවය ඉටුකරගනී. ඔවුන්ගේ සැමියන් එහෙම නැත්නම් පිරිමින්ගේ තත්වයද මෙයට දෙවැනි නැත. විදේශීය ගණිකාවක් වෙත යන ඔවුන් එක රැයක් සඳහා අවම රුපියල් ලක්ෂ 3 වියදම් කරන අවස්ථා ඇත. (ඒ පිළිබඳව පසුව විස්තර කරන්නම් සාක්ෂි සහිතව)

දැන් අපි ආපහු හැරෙමු ලංකාව පැත්තට අරාබින්ට එහෙම කරන්න ඕනේ තරම් සල්ලි පහසුකම් තිබුනට ලංකාවේ මේ දේවල් කරන්නේ කොහොමද? නාන තොටවල් ළඟ බැල්මට් කාරයන්, කාන්තා යට ඇඳුම් හොරකන් කරන්නං (ජං* හොරු), ස්ත්‍රී දූෂකයන්, ග්‍රීස් යකුන් ඇති වීමට හේතුව වන්නේද අප සමාජ ක්‍රමයේ ඇති අඩුපාඩු නිසාම නොවන්නේද? ළදැරියන් තමන්ගේම පියවරුන් අතින් දූෂණය වන්නේ, කෙල්ලන්ට බල්ලන් සමග නිදිවැදීමට වන්නේ මේ සමාජ ක්‍රමය නිසාවෙන්ම නොවන්නේද? ඉහත සිදුවීම් දෙකේ වරද අපි කාපිට පටවන්නේද? කෙල්ල මත, කෙල්ලගේ දෙමාපියන් මත, අප සමාජ ක්‍රමය මත....... 

සමාජ ක්‍රමය මතනම් එහි වෙනසක් කිරීමට කල හැක්කේ මොනවාද?මෙවැනි දෑ අප සමාජයේ ප්‍රසිද්ධියේ කතාකරන්නේ ගොඩක් අඩුවෙන්. සමහර විට මෙම ලිපිය නිසාම සමහර උදවිය මම කුණුහරප ලියන්නෙක් විදියට හංවඩු ගහන්න පුළුවන්. නමුත් මේවා සමාජය දැනුවත් විය යුතු කරුණු කොච්චර හැංගි හොරා අහවල් වැඩේ කරත් (හැමෝම) එළිපිට උපාසකයින් වීමට තැත් කරනවා. ලංකාවේ ලිංගිකත්වයට ඇති ලැදියාව පසුගිය දිනක ගූගල් වාර්තාවෙන් පෙන්වල දුන්නා. ඒ නිසා දැන් ඔය පොරවාගෙන ඉන්න සිල්රෙද්ද අහක් කරලා මෙවැනි දෑ සමාජයෙන් තුරන් කිරීමට කාලයයි. අනාගතේ වෙනුවෙන් අපේ අනාගත දරුපරපුර වෙනුවෙන්. 

ඒ සඳහා මා විසින් පහත සඳහම් කරුණු යෝජනා කරනු ලබනවා.

1 ක්‍රමවත් ලිංගික අධ්‍යාපනයක් පාසල් තුලින් ලබාදීම 


2 ලිංගිකත්වය පිලිබඳ සමාජයේ ඇති මිත්‍යා මත පුහු මත දුරුකිරීම


3 විකෘති ලිංගික ආශාවන්ගෙන් පෙලෙන්නන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකොට පුනුරුත්තාපනය කිරීම. 


4 යම් කිසි රෝගියෙකු හෝ විකෘති මානසික අයෙකු වෙතොත් ඔවුන්ගේ තත්වය පුනුරුත්තාපනය නිසිපරිදි වෙනවාදැයි සොයාබැලීමට ක්‍රමයක් සැකසීම (පොලිසියේ ඇඟ බැඳීම හා සමාන දෙයක් සතිපත මාස්පතා සායනයට අනිවාර්‍යයෙන් පැමිණිය යුතු ක්‍රමයක්)

5 යුරෝපා රටවල පමණක් නෙවෙයි අසල් වැසි ඉන්දියාවේත් දැනට පවතින රෙඩ් ලයිට් ඒරියා වැනි ක්‍රමවේදයන් ඇතිකිරීම (මෙයින් මා යෝජනා කරනෙන් නැහැ ගණිකා වෘතිය නීති ගත කරන්න කියලා).

6 යම් කිසි විදියකින් ගණිකා වෘතිය නීතිගත කිරීම සමාජ අවශ්‍යතාවයක් නම්   ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කිරීම.(දැනට තියෙනවාට වැඩිය සමාජ රෝග එහෙම අඩුකරගණන් පුළුවන් ප්‍රවනතාවය වැඩියි. රජයෙන් යම් කිසි බලපත්‍රයක් ලබාදී   වෛද්‍ය සහතිකයක් වැනි දෙයක් මාස්පතා ඔවුන් නිසි පරීක්ෂාවට භාජනය කිරීම )

මෙවැනි ක්‍රමවත් වැඩ පිළිවෙලකින් තොරව ලිංගික නිදහස ලබාදීම යනු පනින රිලවුන්ට ඉනිමන් බැඳීමක් වන්නේය. දැන් සමහර සිල්වතුන් කෑගහන්න පුළුවන් මේ ධර්මදීපයේ ගණිකා වෘතිය නීති ගත කරන්න කීම පිළිබඳව. නමුත් මාගේ අදහසනම් මෙවැනි අපචාර ධර්මදීපය තුල සිදුවීමට වඩා ගනිකාවෘතිය නීතිගත කිරීම හොඳයි.



මෙම ලිපිය සංවාදයට විවෘතයි......  මානසික අමාරු කාරයන් හැර ඇනෝලටත් තමන්ගේ මතය ප්‍රකාශ කරන්න පුළුවන්.

පහත දැක්වෙන්නේ එවැනි වෛද්‍ය පිහිට පතන්නට වූ අවස්ථා කිහිපයක් ගූගල් දෙයියෝ තමයි පෙන්නුවේ මේ ලිපියට අදාළ පින්තූර හොයද්දි. 18++++++++








Thursday 24 October 2013

කසාද බැඳලා කොච්චර කාලෙකින්ද ළමයෙක් හදන්න ඕනේ???????????????



එක කට්ටියට මතක ඇති මගේ ගෙදර උන්දා එහෙම නැත්නම් කෝරලේ හාමිනෙත් බ්ලොග් කෙරුවාව පටන් ගත්ත කියල නමුත් පටන් ගැනීමේ ලිපිය විතරයි උන්දැට ලියන්න හම්බ වුනේ ඊට දවස් දෙකකට පස්සේ රැකියාවක් ලැබිලා යන්න සිදුවුනා. කොහොම හරි පසුගිය 4 වැනි දින මම බනියව ලංකාවට එව්වේ යම් කිසි හේතුවක් නිසා. ඒ සිදුවීම හේතුවෙන් බනියගේ නොවැම්බර් වල සිදුකරන්නට නියමිත ශල්‍යකර්මය කල් ගියා. මොකද දොස්තර සුරවීර මහතා පවසන අන්දමට මේ අවස්ථාවේ මෙවැනි දෙයක් සිදුවීම එක්තරා අන්දමක වෙස්වලාගත් වාසනාවක්ලු. කොහොමින් කොහොම හරි පිස්සු කෙල කෙල හිටිය කෝරළේ ටත් දැන් තැම්පත් වෙන්න කාලේ හරි කියන ආරංචිය මට මේ පසුගිය දිනයක හම්බවුනා. ඒ කෝරලේ වලව්වට අලුත් සාමාජිකයෙක් එන්න යන නිසා.

හ්ම්ම්ම්ම් ඒ කියනෙන් කෝරලේ ගොයියත් දැන් පියපදවිය ලබන්න ඉන්න පොරක් එහෙම නැත්නම් වෙන්න තාත්ත කෙනෙක්. කාසල් රෝහලෙන් කියල තියෙනවලු බනියට ඊළඟ දවසේ එද්දී මහත්තයවත් අරන් එන්න කියලා. මොකද එයාලගේ තියෙනවලු වැඩසටහනක් තාත්තෙක් වෙනකොට පිරිමියෙක්ව හැඩගස්සවන විදිය ගැන කියන්න. ළමයෙක් එකක් කටයුතුකරන්නේ කොහොමද ළමයෙක් රැකබලාගනෙන් කොහොමද කියන එක. නමුත් මට මේ දේ නිසා අමුතුවෙන් වෙනස් වෙන්න ඕනේ නැහැ. මොකද මගේ බිරිඳ මගේ පෙම්වතිය වෙලා ඉන්න කාලේ ඉඳල අවුරුදු බර ගානක ට්‍රේනින් එකක් මට මේ වෙන කොට ලැබිල තියෙනවා උන්දැව බලාගෙන. 



අම්මප මම නිතරම කියන්නේ. මේ වගේ සිටිවේෂන් එකක් කලින් දන්නවනම් කොම්පියුටර් ඩිග්රිය පැත්තක දාලා කරනවා මොන්ටිසෝරි ඩිප්ලෝමා එකක්. මොකද අපේ උන්දවයි ලමයවයි ආන්බාම් කොරන්න ගියාම මගේ පනයාවි. මේ ලඟදි දවසක මගේ පරණ පින්තූරයක් බුකියේ ප්‍රොෆයිල් එකට දැම්ම වෙලාවේ අපේ උන්දා කිව්වේ දැන් වෙන්න තාත්තා කෙනෙක් මේ බලහන්කෝ දාන පින්තූර වයසට ගිහිල්ල්ලත් ඇටයා වෙන්න යනවා කියල. ඔන්න බලන්න වගකිවයුතු රජයේ නිලධාරියෙකුට වෙලාතියෙන වැඩේ. මේ සිදුවීම දැනුම්දෙන්න පරක්කු වුනේ අපි බයෙන් හිටියේ කකුල නිසා දොස්තර සුරවීර මහත්තයා ළමයව නැතිකරන්න කියාවි කියන බයෙන්. නමුත් එතුමා මේ අවස්ථාවේ අපිට මෙවැනි සහනයක් ලබාදීම ගැන මම එතුමාට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම බනියගේ කලින් දොස්තර මහත්මයාගෙන් බනියව අයින් කරන් මේ දොස්තර මහත්තය ලඟට ගෙන්න පුළුවන් වුන එක ගැන සතුටු වෙනවා. මොකද ඒ දොස්තර මහත්තමය කියල තිබුනේ කකුල සනීප වෙනකම් ළමයි හදන්න බැහැයි කියල. යකාගේ කතාවක්නේ කෝරලේ වලව්වට උරුමක් කාරයෙක් ඉන්න එපයි මගෙන් පස්සේ. කොහොම වුනත් මේ දවස් වල මමයි බනියි අතර යන්නේ සීතල යුද්ධයක්. මට ඕනේ කොල්ලෙක් එයාට ඕනේ කෙල්ලෙක්ලු. කවුද දිනන්නේ කියල බලන්න වෙන්නේ තව ටික දවසකින් තමයි. මගේ 24වැනි උපන්දිනේදී මගේ ළඟ ඉන්න බැරිවුනත් බනියා මට දීපු තෑග්ග තමයි ලෝකේ තියෙන උතුම්ම තෑග්ග ඒ පිළිබඳව මම මගේ සුන්දර බිරිඳට ස්තූතිවන්ත වෙනවා. 


දැන් මට තියෙන ලොකුම පුරස්නේ මේ දුවෙක්ද  පුතෙක්ද කියන එකයි.ඒක දැනගන්නත් තව මාසයක් බලාගෙන ඉන්න ඕනෙනේ........................... හැබැයි කවුරුවුනත් තාත්තගෙම ළමයා කියල තමයි හැමෝම කියන්නේ මොකද වෙනද කෑම කන ප්‍රමාණයට වැඩිය 5 ගුණයක් දැන් බනියට කන්න වෙනවලු. ඒ කියන්නේ මම කන ප්‍රමාණයම. බලන්නකෝ එකෙත් හැටි හික්........ හික්..... හික්.......
කන තරම කොහොමද කියනවනම් බඩේ සික්ස් පැක් වන් පැක් වලට බැහැලා. ඔව්වා නම් දැන් ඉතින් වැඩක් නැහැ. කවුරු දකින්නද කවුරු බලන්නද මා දැන් මහලු වියේ........................




ඒ වගේම දුකම සීන් එක කියන්නේ. බනියට යන යන තැන විවාහ සහතිකෙයි හැඳුනුම් පතයි අරන් යන්න වෙලා. මොකද මිඩ්වයිෆ් කිව්වලු ඔයාගේ පෙනුම අවුරුදු 16 විතර ඒ නිසා නීතියට පිටින් මට කිසිදෙයක් කරන්න බැහැ කිව්වලු. කසාද බැඳපු කෙනෙක්ටනම් ප්‍රශ්නයක් නැහැ කිව්වලු මේකාගේ මූණ දැකලා. යන්තම් ශේප් වෙලා තියෙන්නේ හැඳුනුම් පතයි විවාහ සහතිකෙටයි පිංසිද්ද වෙන්න. අම්මපා ඔය කසාද සහතිකේ මගේ නම්බුව කීපාරක් බේරුවද? මතකනේ සිහින කුමරිය 9ම වැනි කොටසේ බනියගේ මාමට ඇප නැතිවුන තාලේ පොලීසිය ඉස්සරහා............. කොහොම නමුත් විවාහෙට අවුරුදු 4ක් පිරෙන්න එන මේ මොහොතේ පියපදවිය ලැබීම නම් සුදුසුයි. (හැබැයි සමහරුනම් කියනවා ඉක්මන් වැඩියි කියල)  ඇත්තටම මට මේ ලිපිය දාන්න කාලේ හරි කියල  හිතුනේ සිරා අයියගේ පොස්ට් එක දැකලා. එහෙනම් හැමෝටම ජය වේවා ඉක්මනටම හමුවෙමු තව පොස්ටුවකින් 





Monday 21 October 2013

තම්බිගේ පයිය ගලට සෙට්වුන හැටි 18+ 13+ 21+ ඕනේ කෙනෙක් කියවන්න දැනුමට හොඳයි

ඔන්න දරුවනේ අද කෝරලේ මාමා මෙච්චර දවසකට මාතෘකාව කරගත්තේ නැති දෙයක් තමයි මේ එළිපිට කතා කරන්න යන්නේ. කුණු හරප කියනවා කියල කියනවා එහෙම නෙවෙයි. මේ කතාව ලියන්න වස්තු බීජය හම්බ උනේ අද කාලේ ජනප්‍රිය බ්ලොග් කරුවෙකු වන හැලපයියගේ මෙන්න මේ පොස්ටුව දැකලා. අද උදේ අහම්බෙන් වගේ තමයි ඔය පොස්ට් කටුව දැක්කේ. උන්දැගේ මාතෘකාවම ගෙඩි පිටින් උස්සලා මමත් දැම්මා හැබැයි මේක කොපි කිරීමක් නෙවෙයි මම කරන්නේ සාධාරණ ඉල්ලීමක්. 


කාලයක් අපේ බ්ලොග් කරුවෝ එකතු වෙලා පුක කියන්නේ කුණු හරපයක් නොවන බව නොයෙකුත් තර්ක විතර්ක ඉදිරිපත් කරමින් ඔප්පු කරා. කිව්වත් වගේ කාටත් තියෙන පුකනේ ඕක. නැද්ද මං අහන්නේ....  දැන් මේ බ්ලොග් අවකාශයේ පුක කියන වචනය එළිපිට භාවිතාවෙන වචනයක්. අපේ දේශකයා ලිව්වාවූ ලිපියකට පිලිතුරු ලිපියක් ලියන හැලපයියා ඒ ගැන අපූරුවට විග්‍රහ කරමින් පයිය කියන්නේ කුණුහරපයක් නොවන බවත් මල්ලකට බවත් පෙන්වා දී තියෙනවා. ඉතින් මම හිතන විදියට පයිය කියන වචනේ කුණු හරපයක් නෙවෙයි. උන්නැහේ ඉතින් අපේ වැඩිහිටියෙක්නේ....... කතාවෙත් ඇත්තක් තියෙනවා. අද කාලේ හැම වචනෙම කුණු හරපයක් කරගෙනනේ. බඩුව,පූසා, ගොනා, මල්ලි, නංගි, පෙට්ටිය, රත්කරනවා, කෙළිනවා(ක්‍රීඩා කරනවා),  අත පාවිච්චි කරනවා, පොල් ලෙලි ගහනවා මේ තියෙන්නේ කුණුහරප කරණයට ලක්වූ නාම පද සහ ක්‍රියාපද  කිහිපයක්. අද කාලේ සමහරක් වෙලාවට කතා කරද්දී බොහොම පරිස්සමෙන් කතා කරන්න ඕනේ මොකද දවසින් දවස කුණුහරප බවට පත්වෙන වචන ප්‍රමාණය වැඩියි. ඇට කිව්වොත් හැමෝටම මතක් වෙන්නේ එක දෙයක් විතරයි. බලන්නකෝ එකෙත් හැටි වෙන වෙන දේවල් වල (පැපොල්, දොඩම්, කොස්, ඇට කොච්චර තිබුනත්  වැඩිය ඕනේ නැහැ මේ මනුස්ස සරීරේම ඇට කොච්චර තියෙනවද ඒත් වැඩි දෙනෙක්ට මතක් වෙන්නේ දෙකක් ගැන විතරයි. හික්.... හික්..... හික්...... ඒකට කියන්න තියෙන්නේ වල් හිතට කෝකත් වල් කියල) හැලපයියා කියන වචනේ හැදෙන්නේ  හැලප + අයියා අ යන්න ලොප් වෙලා තමයි හැලපයියා කියලා භාවිතා වෙන්නේ. එකට විසඳුමක් විදියට දේශකයා යෝජනා කරලා තිබුනා හැලපීයා කියන වචනය. නමුත් හැලපයියා ඒ දේට විරෝධය පල කරලා තියෙන ආකාරය  උක්ත ලිපිය කියවූ ඔබට අවබෝධ වෙන්න ඇති. ඔය ලොප් වීම හැලපයියාට විතරක් තියෙන දෙයක් නොවෙයි උදාහරණයක් ලෙස ගමුකො දිනූපයියා දිනූප + අයියා දිලීපයියා දිලීප + අයියා. ඕනෙම දෙයක් හොඳ හෝ නරක වෙන්නේ අපි ඒ දේ දිහා බලන කෝණය අනුව. මට මතකයි සර් ආතර් කොනන් ඩොයිල්ගේ The Lost World කියන පොතේ මලෝන් (Edward Malone) නමැති මාධ්‍යවේදියා පිළිකුලෙන් දකින කිනිතුල්ලෙක් මහාචාර්‍ය චැලෙන්ජර් දකින්නේ  මොනරෙක් වගේ ලස්සනට. මේ පොඩි උදාහරණයක් විතරයි. මට ඕනේ කරන්නේ ඕනෙම දෙයක් හොඳ හෝ නරක වෙන්නේ අපි ඒ දිහා බලන කෝණය අනුව.

අපේ දමියාව කට්ටියට මතක ඇතිනේ....... හුළං ගැරඬියා නොහොත් මගේ අතිජාත ඥාති සහෝදරයා. ඉතින් මිනිහටත් හිටියා දිලීප කියල යාලුවෙක් මිනිහා අපේ නැන්දලාගේ ගෙදර ආවම මගේ සෙට් එකේ හැමෝම දිලීපයියා කියද්දී මම විතරක් දිලීප..... අයියා ලෙස වචනය කඩලා තමයි මෑන්ට කතා කරන්නේ කොහොම හරි මිනිහට ඕක මීටර් වෙලා මට හොඳ වදන් වලින් පහදලා දුන්නා පයියා යනු කුණු හරපයක්  නොවන වග. මිනිහාගේම වදන් වලින් කිව්වොත් "යකෝ උඹලගේ වල් හිතට කෝකත් වල්" (ඔන්න ඔහොමයි ඔය වල් හිතට කෝකත් වල් කියන කියමන අපේ ශබ්ධකෝශයට එකතු වුනේ.  ඇත්තටම කියනවනම් එදායින් පස්සේ  මාව බයිට් කරන්න තමයි ඔය වචනේ මගේ අපායගාමී මිත්තරයෝ ටික පාවිච්චි කලේ. මේ බ්ලොග් ලෝකෙත් ඉන්නවා එහෙම එවුන්. උන් නම් කියන්න ගල් කෝරලේ කියලා. කියන එවුන් දෙන්න දන්නවා ඇතිනේ :P) 

හැමදාම අප්පා කියන්න යන කතාවට වැඩිය යාන් හෑලි තමයි කියවෙන්නේ. පඳුරු තලන එක භයානක ලෙඩක් මේක. ඉතින් ඔය දිලීපයියා මට කියල දුන්නු කතාව තමයි මම මේ කියන්න යන්නේ එහෙනම් නමෝ විත්තියෙන් කතාවට බහිමුකෝ........ හැබැයි මේ කතාව සමහරු අහලත් ඇති නැතුවත් ඇති. මේ කතාව මට මතක් උනේ හැලපයියගේ පොස්ට් එක කියවලා කොමෙන්ටුවක දාන්න තරම් දිගවැඩි නිසයි මේ පොස්ටුවක් විදියට දාන්නේ. 

ඔන්න ඉතින් සුද්දා රට කරන කාලේ මුහුදුබඩ පළාත් සම්පූර්ණයෙන්ම වගේ පාලනය පාලනය කලේ සුද්දෝ තමයි. ඉතින් මේ කාලේ අරාබි කරයෙන් මුස්ලිම් වෙළෙන්දෝ ලංකාවට ගොඩ බැහැලා වෙළහෙළදාම් කොරලා තියෙනවා. පස්සේ තමයි මෙහෙන් කරකාර බැඳලා මෙහෙම බින්න බැහැල තියෙන්නේ මොකද අරාබියෙන් ගෑනු ගන්නවට වැඩිය අපේ රටෙන් ගන්න ලේසි නිසා. මොකද අදටත් මැදපෙරදිග කසාද බඳින්න ඕනේ පිරිමින්ට සිද්ද වෙනවා ගන්න ගෑනිට ගෑනිගේ පවුලට 


දෑවැද්දක් ගෙවන්න. මේ දෑවැද්ද ගෑනිගේ ලස්සන උගත් කම වයස අනුව අඩු වැඩි වෙනවා. (මේකත් හරියට ගනුදෙනුවක් වගෙයි සල්ලි දීලා මාර්කට් එකෙන් බඩු ගේනවා වගෙයි සල්ලි දීලා ගත්තේ තමන්ට ඕනේ දෙයක් කරන්න. ඉතින් එහෙම ගෙවල ගන්න නිසාද කොහේ ෂරියා නීතියෙනුත් පිරිමින්ට ඔය ඩිවෝස් කේස් වලිදී එහෙම ලොකු ලිහිලක් දීලා තියෙනවා. මෙහෙ ගැහැණු ළමයි හදන විදිය මට නම් පෙන්නේ මසට හරක් හදනවා වගේ කන්න බොන්න දීලා උගන්වල ලොකු මහත් කරනවා ඊට පස්සේ සල්ලි අරන් මිනිහෙක්ට දෙනවා ඊට පස්සේ මැරෙනකල්ම අර මිනිහට යටත් වෙලා තමයි ඒ ගෑනිට ඉන්න වෙන්නේ) ඉතින් අපේ රටේ මේ කිසි දෙයක් නැහැනේ. ඒ දවස් වල හැටියට කාන්තා පාර්ශවයෙන් පිරිමියාට දෑවැදි ගෙවන සිරිතක්නේ තිබිලා තියෙන්නේ මම අහල තියෙන විදියට මේ විදියේ විවාහ වලට පෙළඹිලා තියෙන්නේ කුල වලින් නෙරපලා දාපු සහ පහත් යැයි සම්මත කුල වල කාන්තාවන් තමයි. (මේ ප්‍රකාශය පිළිබඳව මට වගකීමක් ගන්න බැහැ. අසා ඇති කතාවක් පමණයි. මේ ප්‍රශ්නය ගැන මම වෙනම කතා කරන්න බලාපොරොත්තු වෙනවා) සමහර විට ඇත්තත් වෙන්න පුළුවන් මොකද අදටත් අපේ කුලවත් උදවිය කුල මල හොයනවනේ කොම්පියුටර් සමාජේ ජීවත් වෙලත් අම්මපා මුන් හැදෙන්නේ නැහැනේ.   
 



ආයෙත් කතාවෙන් පිට පැන්නනේ. ඉතින් කළුතරත් බේරුවලත් අතර ප්‍රදේශයට මේ මුස්ලිම් වෙළෙන්දෙක් ආවලු වෙළඳාමේ. මේ වර්ගයේ වෙළෙන්දොන්ට යම් තරමට සිංහලත් කතාකරන්න පුළුවන් කමක් තිබුනාලු. ඒ කාලේ මොවුන්ව හඳුන්වා තියෙන්නේ තම්බි කියන නමින්. අදටත් මුස්ලිම් උදවිය තම්බි කියලා අමතන්නේ ඒ හේතුව නිසා වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මේ තම්බි වෙළඳාම් කරන්නේ අරුමෝසම් බඩු වෙළඳාමලු. ඉතින් මේ තම්බිගේ හොඳම කස්ටමර්ස්ලා වෙන්නේ අපේ බවලත් උදවිය බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. මේ තම්බිත් අරුමෝසම් බඩු ගොනියකුත් ඔලුව උඩ තබාගෙන පයින්ම යනවලු දවසේ ගාන හොයාගන්න. මෙහෙම යන තම්බිට මගදී හම්බ වෙනවලු සිංහල කතක් වන වන එනවා (වෙන මොනවා වනන්නද උකුල මිසක්) තම්බිත් අහනවලු 


"අක්ක වල්...ළලු තීනවා මුද්..දු තීනවා චී...ත්ත තීනවා අක්ක මුනා ගන්නවා........"
"කෝ බලන්න මොනවද තියෙන්නේ කියලා"
එතකොට තම්බි පොඩ්ඩක් බිමට පහත වෙලා කියනවලු "ඊනම් අක්ක මේ පයිය ගල උඩින් තීනනකෝ......"


අක්කටත් ඉතින් පුෂ්පය විකසිත වුනාලු  තමන් වගේ කුල කතකට අයුතු 

යෝජනාවක් කළා කියලා. අක්කත් පටන් ගත්තලු රෙද්ද කරේ තියං....... (වෙන මොකක්වත් නෙවෙයි බනින්න). පස්සේ තම්බිත් බොහොම වෙහෙසක් අරන් අක්කට පැහැදිලි කරලා දුන්නලු පයිය යනුවෙන් අදහස් කරන්නේ තමුන් බඩු දාගෙන එන මල්ල බව. ඉතින් ඒ පුරස්නේ එතනින් ඉවර වුනාට පයිය තිබ්බ ගල පයියාගල යනුවෙන් හඳුන්වනවලු. දැන්නම් ඒ නම පොඩ්ඩක් මොඩ් වෙලා පයාගල වෙලා. ඔයාල ගාලු පාරේ යද්දී කටුකුරුන්දත් බේරුවලත් අතර සමහර ස්ථාන වල අදටත් පයියාගල කියල සඳහන් වෙලා ඇති අයුරු දැකලා ඇති (එවැනි පින්තූරයක් හෙව්වත් කරුමෙට සෙට් උනා නැහැ ඕයි......). ඉතින් මේ වගේ හර බර වචනයක් හැදෙන්න නිධාන කතාව තමයි ඔය ඉහත කියලා තියෙන්නේ කුණු හපලයක් නෙවෙයි.

මේ කතාවෙනුත් අපිට වටහා ගණන් පුළුවන් පයිය යනු කුණු හරපයක් නොවන බව. ඉතින් මම අපේ බ්ලොග් ලෝ වාසීන්ට යෝජනා කරනවා පයිය යනු ශරීර අවයවයක් නොවන බැවින් සහ  කුණු හරපයක් නොවන බැවින් එය භාවිතා කිරීමට මැලි නොවන ලෙස.

හැලපයියාගේ තර්කය වඩාත් ශක්තිමත් කිරීමේ අදහසින් තමයි මේ පොස්ටුව දැම්මේ. ඒ වගේම පාඨක සැමගේ දැනුම වර්ධනය කොරන්න එහෙම නැතුව මේ කෝරලේ වල් කතා කියනවා කියල  එහෙම එනවා නෙවෙයි හොඳේ............................

Tuesday 8 October 2013

සඳ මත දෙවනියට පා තැබුවේ කවුරුන්ද????

පසුගිය 6 වෙනි දින යෙදී තිබුන මාගේ ජන්ම දිනය වෙනුවෙන්  පොඩි පොස්ට් කටුවක් දානවා දානවා කියල හිතන් හිටියට කොහෙද අප්පා බැරිවුනානේ තියෙන  රාජකාරිත් එක්ක. ඇත්තටම අපේ බ්ලොගර්ස්ලා  පාඨකයෝ හිත මිතුරෝ බොහොමයක් සුභ පැතුම් පණිවිඩ එවල තිබුනා. ඉතින් එව්වට ස්තූති කරලා යැව්වත් සමහර ඒවාට යවන්න බැරිවුනා ඒ නිසා මම කල්පනා කොලා මේ විදියට පොස්ට් එකකින්ම තැන්ක්ස් කොරනවා කියල. 

බොහොම විකාර විදියට පටන් ගත්තු මේ බ්ලොගේ අද වෙද්දී හිට්ස් 70000 ගානකුත් ෆලෝවර්ස්ලා 167කුත් එක්ක අවුරුදු එකහාමාරක ගමනක් මේ වෙනකොට ඇවිල්ල තියෙනවා. කිසිම අරමුණක් නැතිව ටෙස්ට් එකක් විදියට පටන් ගත්තු මේ බ්ලොගේ මුල් කාලේ ඉඳන් හිටපු උදවිය දන්නවා ඇති මුලින්ම මම කලේ මට ආව ඊමේල් ඒ විදියටම කොපි පේස්ට් කරලා බ්ලොගේට දාන එක තමයි. පස්සේ කට්ටිය මේ දේවල් බලන බව තේරුම් ගියාට පස්සේ වැරදි වැරදි පැටලී පැටලී පටන් ගත්තු පෝස්ට්  ලිවිල්ල මේ පෝස්ට් එකත් එක්ක 56ක් වෙනවා. ඉතින් අද දවස වෙද්දී මට සෑහෙන්න සතුටක් දැනෙනවා ආව ගමන් මග දිහා හැරිලා බලද්දී. සිංහල වැරදීම් ඇතිව ව්‍යාකරණ දෝෂ ඇතිව මම ලියපු අන්ඩර දෙමළ කියවපු කියවල මගේ වැරදි හදාගන්න මට උදව් උපකාර ගුරුහරු කම් ලබාදුන්නු  උදවියට මම මේ වෙලාවේ මුළු හදපතුලින්ම ස්තූති වන්ත වෙනවා. 

සමහර දැන උගත් උදවිය මඩ ගැහුව අවස්ථා ද නැත්තේම නැහැ. මම සිංහල බස හසුරවන විදියට අවමන් කරලා. නමුත් ඒ වැරදීම් ගැන අදටත් මට කිසිම ලැජ්ජාවක් නැහැ. සිංහල ඉගනීමක් නොමැතිව නිවසේදී ඉගනගත් දේ ඇසුරින් මේ අයුරින් හෝ මාගේ ලිවීමේ හැකියාව වර්ධනය කරගැනීමට හැකිවීම ගැන මම නිහතමානි ලෙස ආඩම්බර වෙනවා. 

ඔන්න හැමෝටම කිව්වා මෙපමණ දිනක් වලව්වත් එක්ක රැඳී සහය දැක්වීම  ගැන ස්තූති වන්ත වන අතරම ඉදිරියටත් අඩුපාඩු හදාගෙන බ්ලොගේ කෙරුවාව කරගෙන යන්න මට උදව් කරාවි කියන බලාපොරොත්තුව තියෙනවා. පසුගිය අවුරුද්දේ නම්, නම් වශයෙන් කියවා ස්තූති කරන්න පුළුවන් පිරිසක්  සිටි මුත් දැන් ඉන්න පිරිස වැඩිවීමත් එක්ක නම් වශයෙන් සඳහන් කිරීම යනු දැලිපිහියෙන් කිරි කෑමක් වගේ ඉලව්වක් වෙනවා. පොදුවේ සියලු දෙනාටම මාගේ හද පිරි  ස්තූතිය පුද කරනවා. 

ඉතින් මෙපමණ කල් මාත් එක්ක රැඳී  හිටියට පොඩි තෑග්ගක් දෙන්න තමයි මේ සූදානම ඒ ඔයාල නොදන්නා දෙයක් කියල දෙන්න. 


අද මම මේ සූදානම් වෙන්නේ  දැන උගත් උදවියගෙන් පොඩි පුරස්නයක් අහන්න දැන් අහන්න  එපා ඕකට උත්තරේ උඹත් දන්නේ නැද්ද කියල. අපි හැමෝම දන්නවනේ දෙවන ලෝක යුද්දයෙන් පසුව න්‍යෂ්ටික බල අරගලය පටන් ගත්තු ලෝක බලවතා වීමේ සිහිනය පෙරටු කරගත්තු රුසියාව සහ ඇමරිකාව අභ්‍යවකාශය ජය ගැනීමේ සටන ආරම්භ කලා. ඒ වගත් හැමෝම දන්නවා. ඒ තරඟයෙන් මුලින්ම අභ්‍යවකාශයට මිනිසෙක් යවන්න පුළුවන් උනේ රුසියාවට ඒ යුරී ගගාරින් කියන එකත් අපේ මේ වියත් පාඨක පිරිස දන්නවා. ඒ වගේම මුලින්ම හඳට යන්න හැකි වුනේ ඇමරිකාවට කියන එක වගේම මුලින්ම සඳ මත පා තැබූ පුද්ගලයා නීල් ආම්ස්ට්‍රෝම් මහත්මයා කියන එකත් ඔයාල දන්නවනේ... මගේ පුරස්නේ තමයි සඳ මත දෙවනියට පා තැබුවේ කවුද කියන එකයි. හැමෝටම මතක හිටින්නේ මේ ලෝකේ දෙයක් මුලින්ම කල කෙනාවනේ දෙවනියට කිසිම තැනක් නැති කාලේ මම කල්පනා කළා දෙවනියට පා තැබුවේ කවුද කියන එක ඔයාලට කියලා දෙන්න පුලුවන්නම් කියන්න බලන්න මේ තියෙන්නේ නීල් මහත්තයා සඳ මත පියවර තබන ඒ වැදගත් අවස්තාව. 





දැන් කියන්න බලන්න කවුද දෙවැනි වර සඳ මත පා තැබුව පුද්ගලයා  කියලා ???????????





.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.


දෙවැනි පියවර තිබ්බෙත් නීල් ආම්ස්ට්‍රෝම් ම  තමයි මොකද ඒ මනුස්සය අබ්බගාතයෙක් නෙවෙයිනේ  ඔය ඉන්නේ යස  අගේට දෙවැනි පියවරත් තැබීමෙන් පසුව. 



දැක්කා නේද කෝරලේ මහත්තයාගේ මොලේ.......  රජයේ වග  කිවයුතු නිලාධාරියෙක් වෙනවා කියන්නේ සෙල්ලමක්යැ බොලව්...... 
මෙය නිකන් සිටින විට මා හිතට ආ අදහසක්  පමණක් බවත් මෙයින් කිසිම පුද්ගලයෙකුට මඩ ගැහීමේ චේතනාවක් නොමැති බවත් හුදෙක් විහිළුවක් පිණිස ලිවූ පොස්ටුවක්  පමණක් බවත් ප්‍රකාස කොරමි බනින එවුන් බැනල පලයල්ලා 



Related Posts Plugin for WordPress, Blogger...