Showing posts with label අපහාස. Show all posts
Showing posts with label අපහාස. Show all posts

Monday, 24 March 2014

ෂිට් හැපන්ස්! SHIT HAPPENS! දේව සාපය ලද මාරක ගමන-2 වන කොටස

පලවෙනි කොටස බැලුවේ නැත්නම් මෙතනින් ගිහින් බලල එන්න 


නස්තාර් වෙන්න වැදිලා හිටපු මට සිහිය එද්දී මම හිටියේ වෑන් එක ඇතුලේ. කළුවරත් වැටිලා....... සිද්ද වෙච්චි දේවල් මතකයට නගාගන්න හැදුවත් කිසිම දෙයක් හිතාගන්න බැහැ ඔලුවත් කැරකෙනවා වගෙයි චමියා පිටිපස්සේ ශීට් එකේ ඉඳන් කඳන් ඉරනවා වගේ ගොරවනවා. බීච් එකේ ගල උඩ නිදාගෙන හිටපු මම කොහොමද හොදට ආවේ. මම ඇඳුම් මාරු කරගත්තේ කොහොමද...... හිත හිත ඉන්න අතරේ මට ආයෙම නින්ද ගියා. ආපහු ඇහැරුනේ මිනිස්සු වගයක් කතාකරන සද්දෙට. කවුද මගේ ඔළුවේ මොනවද ගානවා බැලුවාම බනියා මගේ ඔලුවේ දෙහිගානවා වෙරි බහින්න. :O එළියේ වෙන්නේ මොනවද කියල බලන්න මම වාහනෙන් එලියට බැස්සා. හැරා තව මිනිස්සු දෙතුන් දෙනෙකුත් එක්ක එකතුවෙලා වාහනේ මොනවද කරනවා. මාව දැක්ක හැටියේම හැරා "බලන්න මල්ලි මේ කෙහෙල්මල තල්ලුවෙන්වත් ස්ටාර්ට් වෙන්නේ නැහැනේ..... අනෙක බැටරිය සම්පූර්ණයෙන්ම බැහැල දැන් රෑ පාරේ යන්න බැහැ ලයිට්වත් දාන්න විදියක් නැහැනේ".... මොනවදෝ කිරීමෙන් පසුව නැවත වතාවක් තල්ලු කිරීමෙන් එන්ජිම පණගැන්වීමේ නිරර්ථක උත්සහයක අපි නිරත වුනා කාලය ගතවෙද්දී එතනට තවත් මිනිස්සු එකතු වුන අතර ඒ අතර ගොඩ වෙද්දු, හොර බාස්ලා නොයෙක් අන්දමේ අදහස් ප්‍රකාශ කරන්න වුනා (වාහනේ ලෙඩේ ගැන). කිහිප දෙනෙක් හිටියේ බීමතින් බව ඔවුන් වෙතින් හැමුව නිර්මල (?) කසිප්පු සුවඳින්ම තේරුනා.

කෙසේ හෝ එතන හිටිය පුද්ගලයෙකු සමග මම ළඟ ඇති ගරාජයකට ගියේ එහි මැකෑනික්වරයා කැඳවාගෙන එන්න. මැකා වාහනය පරීක්ෂා කරන අතර තුර එතන හිටිය ඩෝපර් කෙනෙක් අසැබි වදන් වලින් බැනවදින අයුරු මට ඇහුනා ඔහු පැමිණ සිටියේ මැකාව එක්කගෙන යන්නයි. අපි ගරාජයට යනවිට මැකා සිටියේ අම්බලන්ගොඩ කොළඹ ඒසී බස් එකක මොකක්දෝ වැඩක් කරමිනුයි. අපේ තත්වය පවසා වැඩක් විදියට නොව උදව්වක් විදියට මෙය සලකා අප සමග එන ලෙස මම මැකාගෙන් ඉල්ලු පසුව තමයි ඔහු අපිත් එක්ක ආවේ. මේ පැමිණි පුද්ගලයා එම රථයේ රියදුරා බව ඔහුගේ කතාවෙන් අපිට තේරුනා. ඔහු මැකාට දොස් නගමින් කියා සිටියේ මේ හු*** කරන්න කලින් යකෝ මගේ වැඩේ ඉවර කරපන් හෙට මම පාරේ දුවන්න ඕනේ. එවිට එතනට ගිය හැරා ඔහුව සන්සුන් කිරීමට හැදුවත් ඔහු හැරාව පසකට තල්ලු කරලා දැම්මා. මේ සිදුවීම දැකීමෙන් මගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගිය අතර මා නැගිට එන අයුරින්ම ඩෝප් සීන්ට මා එන්නේ හොඳකට නෙවේ යයි අවභෝද වී මට පහර දීමට පැමිණියා. අතපය එහාට මෙහාට විසිවීමෙන් අනතුරුව ඩෝපර් බුවාව පාරේ හාන්සි කිරීමට මට හැකිවුනා.(කෝරළේ කියන්නේ නිකන්ද?)  මේ රණ්ඩුව අතර තුර මා අල්ලා ගැනීමට පැමිණි හැරාගේ කමීස කොලරයෙන් ඇල්ලු මා ඔහුව ඔසවා පසක තැබූ අතර අදටත් ඔහු එය විස්තර කරන්නේ ක්‍රෙන් එකකින් උස්සල තිබ්බා වගේයි මට තේරුනේ යයි කියමිනි. (මේකා සැහැල්ලුයි වැඩි බරක් නැහැ. අනෙක වලියකදී මාව අල්ලගන්න එන එවුන් මට පෙන්න බැහැ මොකද උන් නිසයි මට ගුටිකන්න වෙන්නේ)  මේ වන විට මැකා ඔහුගේ වැඩ කටයුතු නිම කර තිබු අතර  තාවකාලික ඇටවීමක් දැමූ බව පැවසු ඔහු විගසින් අපිට පිටත්ව යන ලෙසත් ඩෝපර් බුවා ඒ පළාතේ දාමරික පුද්ගලයෙකු බවත් ඔහු නැවත ඔහුගේ ගෝල බාලයන් සමග පැමිණීමටඉඩ ඇති බැවින් නොනවත්වා අපිට යන ලෙසත් පැවසීය.



ඒ අතර පිටුපසින් ඇසුනේ අයියේ.......... අක්කා කලන්තේ වෙලා වැ....ටු......නා යයි මල්ලිලාගේ කෑ ගැසීමයි. විගසින් දුවගොස් බනියා වත්තම් කොටගත් මා වාහනයට ගොඩවූ අතර හැරා එතන සිටි පුද්ගලයන්ට ස්තූති කිරීමෙන් අනතුරුව දුවවිත් වාහනය පණගන්වාගෙන ධාවනය කරන්නට විය. බනියා තවමත් පසුවන්නේ සිහිමද ගතියෙනි. මුහුණට වතුර ගැහුවද පලක් වූයේ නැත. වහාම හැකි ඉක්මනින් ඉස්පිරිතාලයක් කරා රැගෙන යන ලෙස මා පවසූ විට හැරා කීවේ මල්ලි මේ කට්ට කරුවලේ ලයිටුත් නැති පාරක හයියෙන් යනවා කියන්නේ වාහනේ හැප්පීමේ අවධානමක් ඇති බවයි. මොන අවධානමක් වුනත් කමක් නැහැ වාහනේට හෙණගහපුදෙන් පාගන්න පුළුවන් උපරිම පාගපන් අයි.......යේ. යැයි මම හැරාට කීවෙන් හැරාද පිස්සු බල්ලෙකු විසින් ලුහුබඳින මිනිසෙකු මෙන් වාහනය අරන් බලපිටිය රජයේ රෝහලට පැමිණියේය. බනියාව ට්‍රොලියකට දමා හදිසි අනතුරු ඒකකයට ගිය අතර ඇයව ECG පරීක්ෂණයකට ලක් කරන ලෙස දොස්තර මහතා පැවසීය.






මේ ECG රිපෝර්ට් එක එන (මට එක එන තාලේ දිරෙව්වෙ නැහැ :D )   අතරතුර මමද ක්ලාන්ත වීමට ගියෙන් චමියා වහාම පැන මා අල්වා ගත්තාය. ඇයගේ රිපෝර්ට් එක නොර්මල් බවත් රණ්ඩුව දැකීමෙන් ඇතිවූ අධික කම්පනය නිසා ඇය ක්ලාන්ත වූ බවත් දොස්තර මහතා පැවසීය. මමත් ක්ලාන්ත වන්නට ගියේ බනියා සිටි අන්දම මටද දරාගත නොහැකි වූ බැවිනි. රෑ 12 කණිසම ලබද්දී හතර වටින් රතිඥ්ඥා පත්තු වන්නට වූ අතර ඒ ජනවාරි 1 වෙනිදා උදාව බව අපිට වැටහිණි. බනියාට සේලයින් බෝතලයක් දී ඇයව රැගෙන වාහනයට ආ අපි නැවත කළුතර බලා යන්නට වූයේ ඉතා සෙමිනි. මග දිගින් දිගටම සියලුම දෙනා මට විහිලු කරන්නට වූයේ විනාඩි කිහිපයක් ඇතුලත ඩෝපර්ව බුවාව හාන්සි කල එකා ඉස්පිරිතාලේදී ECG එකක් ගන්න තාලේ දැකලා ක්ලාන්ත වීමට හේතු විමසමිනි. ඇයි යකෝ අච්චර ෆයිට් එකක් දීල කසාද බැන්ද කෙල්ල අසනීප වෙලා ඉන්නවා බලන්න පුළුවන් මොකාටද මම අහන්නේ????

ඔන්න ඔහොම පප්පල ටික යන අතරේදී සුදීක පප්පලාගේ මහා ගෙවල් හරියේ තියෙන බෙන්තර පාලමට පෙර ඇති පොලිස් මාර්ග බාධකයේ හිටපු සත් ගුණවත් පොලිස් බුවාලා ටිකත් වෑන් එකට අත දැම්මේ අද නම් කල්ල මරේ කියල හිතාගෙන වෙන්න ඇති. පොලිසිය වාහනේට අත දාද්දීම හැරා මට කිව්වා මල්ලි ඔය කිසිම දෙකට කතා කරන්න එපා. නංගිව ඔඩොක්කුවේ තියාගෙන ඉන්න. මෙතන වෙන හැම දේම මම බලාගන්නම්. හැබැයි වෙන කිසිම කෙනෙක් කටක් හොලවනව එහෙම නෙවෙයි කියලා. මොකද හැරා දන්නවා මම පොලිස් කාරයොන්ට ගොඩ වෙලාවට දානවා කියලා ලෝ ටෝක්ස්. මතකයි නේ.......  ඉතින් මේ වෙලාවේ එහෙම කතා කරන්න පුළුවන් තැනකුත් නෙවෙයි. වැරදි ගොඩක් එක්ක තමයි අපි ඉන්නේ. වාහනේ ඇතුලට ටෝච් ගහපු පොලිස් මාමලා, හා......... කට්ටිය මේ පළවෙනිදා ලයිටුත් නැතිව කොහෙද යන්නේ?????  කියල හැරාගෙන් ඇහුවා. අනේ මහත්තයෝ බලන්නකෝ වෙච්ච වැඩක් මේ ඉඳුරුව හරියේදී වාහනේ ලයිට් වැඩකරන්නේ නැතිව ගියානේ. බලන්න කෝ....... දැන් රෑ එකත් පහුවෙලා අපිට කළුතරට යන්න ඕනේ. අපි සෙට් එක හිටියනම් එළිවෙනකල් හරි ඉන්නවා මේ අපේ නංගි ඉන්නවා. එයාට අසනීප වෙලා ඉස්පිරිතාලෙත් නවත්වල ඉඳන් අරන් යන්නේ. මේ බලන්න ECG රිපෝර්ට් එක යනුවෙන් හැරා ලෝකෙම නැති දුක් ගැනවිලි ඉදිරිපත් කරන්නට විය.


එහෙම කියල බැහැනේ ඔයාල මේ කරන වැඩේ අනතුරුදායකයි. දඩයක් නම් ලියන්නම වෙනවා කියල පොලිස් මාමා කිවා. අනේ මහත්තයෝ එහෙම කරන්න එපා. මේ නංගි නැත්නම් අපි මෙහෙම යන්නේ නැහැ. අපිට මහපාරේ ඉන්න බැහැනේ එහෙම ගෑනු ළමයෙකුත් තියාගෙන. (සිරාවටම බනිය හිටියේ නැත්නම් අපි එන්නේ නැහැ) මේ වාහනේ ලෙඩේ නිසා  උදේ ඉඳන් කට්ට කනවා. මේ කතරගම ඉඳල එන්නේ. කොටින්ම කියන්න මහත්තයෝ උදේ කෑවට පස්සේ මෙතන ඉන්න කවුරුවත් කාලා නැහැ. යනුවෙන් ලෝක වැල් වටාරමක් දිගහැරිය පසු එයට සවන් දීමෙන් පොලිස් මාමලාගේ පපු කැනතු වෙඬරු මෙන් උනුවූ අතර, අන්තිමේ දඩ ගැසීම (අපෙන් ගානක් කඩාගැනීම) කෙසේ වෙතත් ඔවුන්ගේ රාත්‍රී ආහාරය සඳහා තියාගත්තයි  කී ෆ්‍රයිඩ් රයිස් දෙකකුත් (කාගෙන් හෝ ගලවපු දතක් වෙන්න ඕනේ. නැත්නම් රෑ 2ට 2.30 මොන රෑ කෑමද) අපට බලෙන්ම පිරි නැමූ අතර අපි ඒවා කාරුණිකව ප්‍රතික්ෂේප කලත් පිටිපස ශීට් එකේ සිටි පොඩි එවුන්ට එම බත් පාර්සල් දෙක දුන් පොලිස් මාමලා ලොරියක් නතර කොට එහි රියදුරුට ඉදිරියෙන් යන ලෙසත් කළුතරටම අපිව ඇරලවන ලෙසත් පැවසුවා. ඔවුන්ට මුව නොසෑහෙන්න ස්තූති කල හැරා වාහනයට ගොඩ වූයේ රටක් දිනු රජෙකු මෙන් ආඩම්බරයෙනි. (ආඩම්බර නොවී කොහොමද පොර පොලිස් කාරයොන්ටත් බිලක් දාපු එකෙක්)

ලොරිය පිටුපසින් ඉබිගමනින් ගමන්ගත් අපි තුන 3.30පමණ ආච්චිලාගේ නිවසට සේන්දු වුනා. පසුදා උදෑසන 7ට පමණ අවදි වී කීර්ති මාමත් කැටුව නාගොඩ ප්‍රදේශයේ ගරාජයකට රැගෙන ගොස් ඕල්ටර්නෙටරය නමැති අටමගලය ගලවා වෙන එකක් අළුතෙන් දැමුවෙන් ප්‍රශ්නය විසඳින. නමුත් එදින පළවෙනිදා හේතුවෙන් බාස් කාරයා වැඩිපුර ගානක් අය කලේ අද වැඩකරන්නේ වරුවයි මහත්තයෝ. නොකර බැරි කමට කරා. නැත්නම් අතවත් තියන්නේ නැහැ අද දවල් 12න් පස්සේ වැඩ වලට. කොහොමින් කොහොම හරි වාහනේ ගරාජයෙන් එලියට ගනිද්දී හවස 3නත් පහුවෙලා. මමයි, හැරායි, චමින්ද මාමයි හිටියේ තවම ඊයේ ඇඳගත්තු ඇඳුම් පිටිං. මමයි චමියයි දෙන්නා මුහුදේ ලුනු වතුර නාපු ගමන්. නිවසට පැමිණ කෑම කා නැවත කොළඹ එන්න පිටත් වීමට පෙර බනියාගේ ආච්චි අම්මා පැවසුවේ පුතේ මේ අවුරුද්ද හරිම පරිස්සමෙන්...... ඔයාලට අවුරුදු ලැබුවේ මහා හොඳම නැති විදියට. මේ වාහනේ නිසා ඔයාලට ගොඩක් කරදර වියපැහැදම් වෙන්න තියෙනවා. ඒ වගේම දුවගේ ගැනත් කල්පනාවෙන් ඉන්න එයාට සෞඛ්‍ය පැත්තෙන් බොහොම දුර්වල වෙන්න ඉඩ තියෙනවා. 

එන ගමන් ආච්චිගේ හණමිටි අදහස් යැයි ඔච්චම් කරමින් ආවත් ඊට සති දෙකකට පසු කතරගම යන විට හරකෙක් හැපී වාහනේ මූණම කුඩු වූ අතර තෙවන සතියේ ස්විෆ්ට් කාර් එකක් වැදීමෙන් වම් පස දොරද ඇතුළුව කොටසට හානි සිදුවූ අතර අතේ ලයිසම නැති බැවින් ඉන්ෂුවරන්ස් ගැනීමට නොහැකිවූයේය. (කොටින්ම කියනවනම් ඒ අවුදුද්ද ඇතුලත කිසිම විදියකින් වාහනේ ගරාජ් එකෙන් එලියට ගන්න බැරි වුනා) එමෙන්ම එම අවුරුද්ද ඇතුලත බනියාට ඇයගේ කකුලේ අමාරුව දැඩිව දැනුනු සහ  සෞඛ්‍යමය අතින් දැඩි ලෙස පීඩා විඳි වසරක් විය. ඒ විතරක්ද? කෝරළේ ගොයියට වැලිකඩ දවස් දෙකේ සංචාරය සඳහා අවස්තාව ලැබුනෙත් ඊට සතියකට විතර පස්සේ තමයි. ඔය  ජවුසන් සියල්ල නිම කිරීමෙන් පසු මා නැවත ඩුබායි පැමිණි අතර. කොම්පැනියේ නවාතැනේ සිටි බැවින් වාහනේක අවශ්‍ය තාවයක් නැති බැවිනුත් අලුත් කාර් එක විකුණා පරණ වාහන කටුවක් ලාබෙට ගෙන (ලෝභ කමට) අනිවාර්යයෙන්ම මාසෙට සැරයක් නැත්නම් දෙකක් ගරාජ් වන්දනාවේ යාමට සිදුවිය. කෙතරම් විකිණීමට තැත් කලද කිසිවෙකු හට එය විකිනීමටද එම වසර අවසන් වන තෙක් නොහැකි විය. හණමිටි අදහස් තදින් ඇදහුවේ නැති වුනත් මේ වෙච්ච සිද්දි වලින් පසුව දෙසැම්බර් 31 සහ ජනවාරි පළවෙනිදා ඉතා කල්පනා කාරීව ගෙදරට වී ගත කිරීමට මම පුරුදු වෙලා තියෙනවා. කොච්චර හිතුවත් ඔය බහුභූත කතා ඔව්ව මිත්‍යා මත කියල...... මගේම යටිහිතින් මාව පස්සට අදිනවා වගේ තේරෙනවා. ඔය මති මතාන්තර වල ඇත්ත නැත්ත කොහොම වුනත් කෝරළේ මහත්තයා පලවෙනිද නම් කරන්න කැමති ලොකුම දේ තමයි හොඳට කාල බීල නිදාගන්න එක. හික් හික් හික් 

ස්තූතිය මෙම කතාව ලිවීමට ගෝ එක දුන්නු අපේ හෙන්රි අයියට

ප.ලි. කියනන් අමතක වුනානේ මේ පහුගිය පළවෙනිදා ඉඳල මමත් අමද්‍යප ව්‍යාපාරයේ ස්වයන් පාලනයක් කරගෙන යනවා.

පින්තූරවල අයිතිය එහි මුල් හිමිකරුවන් සතුයි.

ඔන්න දැන් අපේ කාන්තා පාර්ශවය පිරිමි බොන එකට බනින්න එපා මෙහෙමයි ගෑනු උදවිය බොන්නේ.




Sunday, 23 March 2014

ෂිට් හැපන්ස්! SHIT HAPPENS! දේව සාපය ලද මාරක ගමන-1 වන කොටස

අද නම් මේ පොස්ට් එක ලියන්නේ ලියන්න හිටි දෙයක් නෙවෙයි නමුත් අපේ ඩුඩ් අයියටත් මට වගේම අකරතැබ්බයක් වෙච්ච නිසා ඒ ලියල තිබුණු ලිපියේ ඩුඩ් අයියා කියල තිබුනා ඕන්න ඔහේ උඹේ අත්දැකීමත් ලියල දාපන් කියලා. ඒ නිසයි මේ පොස්ට් එක ලියන්න හිතුනේ. මේ සිද්දිය වුනේ එකදාස් නවසිය බර ගණන්වල නම් නෙවෙයි මේ 2012 මම ඔය වැලිකඩ නිවාඩුවට යන්න ඉස්සෙල්ල. මට ඉස්සර ඉඳලම තියෙනවා මහා බරපතල සුව කරන්නට අමාරු රෝග දෙකක්. මම මේ ප්‍රථම වතාවට තමයි පොරසිද්දියේ මේ වගේ ඒ ලෙඩ දෙකක්ම තියෙනවා කියල පිළිගන්නේ. කාටවත් කියනවා එහෙම නෙවෙයි ඕන්...... පලවෙනි ලෙඩේ තමයි ලංකාවේ ඉන්න කාලේ ට්‍රිප් යන්න කොහේ හෝ ඇවිදින්න තියෙන ආසාව. දෙවැනි එක තමයි රථ ගාය. ඒ ගැන වැඩි විස්තර අවශ්‍ය නැහැනේ ඉතින් මේ ලෙඩ දෙක හින්දා වැටුණු අමාරුවක් තමයි මම මේ කියන්න යන්නේ දැන් ඉතින් අපේ ඩුඩ් අයියට වගේ නම් මතක් වෙන්නේ වාහනේක නෙවෙයි අල්මාරියකවත් යතුරක් කතාව.... හික් හික් හික් 

කොහොමින් කොහොම හරි තමුන්ටම කියල බර කරත්තයක් වත් නැති කම ලංකාවට ආවම මට සෑහෙන්න ප්‍රශ්නයක් වුනා. මොකද හතර වටේම ඉන්න පවුලේ උදවියගේ අනුග්‍රහය බලාපොරොත්තුවෙන් ඉන්න එක මට හරිම වදයක් වුනා. ඒ වගේම එහෙම වාහනයක් අරන් ගියාම ඒක අනවශ්‍ය බලපෑමක් වෙනවා හිතට. ඕකට පිලියමක් විදියට පරණ කාර් කටුවක් ගන්න ඕනේ කියා කියා හිතන් ඉන්න අතරේදී තමයි අපේ හාමිනේ පොඩ්ඩ, වෑන් එකක් ගන්න අදහස ඔලුවට දැම්මේ. මොකද වෑන් එකක ඉඩකඩ එහෙමත් තියෙනවා අනෙක වැඩි දෙනෙකුට යන්න පුළුවන් ඉතින් මේකට හරියන්න මමත් ගත්ත කියමුකෝ වැනට් එකක්. පරණයි තමයි. පරණ උනාට තමුන්ගේ තරමට එපැයි වැඩ කොරන්නත්. මේක ගන්න ඔක්කොම සැට් වෙලා තියෙද්දී අපේ හැරා ගොයියා මට කිව්වේ මල්ලි මේකේ ඕල්ටර්නේටර් එකේ අවුලක් තියෙනවා පොඩ්ඩක් මිනිහට කියන්න ඒක හදවල දෙන්න කියල මිරිස් බදිනවා වගේ ගඳක් එනවා කියලා. 

කකුල් කෙටි දෙක ටිකක් දික්වෙච්ච දවස් වල ඉඳලා සුක්කානම් කැරකුවට මොකෝ පැහැදිලිවම මගේ කාර්මික දැනුම නම් අන්තිමයි.කොටින්ම අදටත් වාහනේක ටයර් එකක්වත් මාරු කරගැනීමේ හැකියාවක් නැහැයි කියන්නේ හතර විලි ලැජ්ජාවෙන්. කොහොම හරි වාහනේ අරන් එන දවසත් ආවයි කියමුකෝ වාහනේ අරන් එන්න යන්න හැරා ගොයියට නිවාඩු තිබුනේ නැති නිසා මම හාමිනේත් එක්ක ගොහින් වාහනෙත් අරන් ආවයි කියමුකෝ. එන්න කලින් මම පෙර අයිතිකරුගෙන් ඇහුවා "අයියේ මේකේ අර ඕල්ටර්නේටර් එකේ අවුල හැදුවද" කියලා මිනිහා ගත් කටටම හෙන මැකෑනික් ටෝක් එකක් දාල කිව්වා "හරි මල්ලි එව්වා මෙව්වා අරවා ඔක්කොම හදල තියෙන්නේ දැන් ඔයාට තියෙන්නේ දුවන එක විතරයි" කියලා. කොහොම හරි අපේ සනිස්ගෘතියේ හැටියට වාහනයක් ගත්තාම යන්න ඕනේ දේවාලකට හරි පන්සලකට හරි නමුත් ඊට පහුවදා බනියගේ පුංචි ආච්චි මැරිලා වැඩකොරන (අවසන් කටයුතු) දවස. මලගේ තිබුනේ කොලොන්නාවේ. මුල් දවසේ ඉඳලා විදේශාධාර ඔක්කොම හුවමාරු වුනේ මම හරහා තමයි මළගෙදර මූල්‍ය වගකීම් පැත්ත පැටවිල තිබුනේ මගේ පිට නිසා හවස අනිවාර්යයෙන්ම මළගෙදර යන්න සිදුවුනා. 

හැබැයි මේ සිද්දිය සම්බන්ධව කිහිප දෙනෙක් නොයෙක් අදහස් ප්‍රකාස කොලත් මේ කෝරළේ ගොයියා නෙවෙයි ඔය මිත්‍යා මත ගණන් ගත්තේ. මරණේ වැඩ ඉවර කොරලත් සතියක් යනකල් ඉඩකඩක් ලැබුනේ නැහැ දේවාලෙකට යන්න. ඉතින් ඔය අතරේ තමයි දෙසැම්බර් 30 උදාවුනේ. දන්නවනේ කෝරළේ මහත්තයා කියන්නේ සමරන්න අවස්තාවක් එනකල් බලන් ඉන්න ඩයල් එකක් කියලා ඒ දවස් වල (බෝතලයක් කඩන්න). ඉතින් හාමිනේටත් බටර් පාර ගාලා පුංචි ආච්චිගේ පුතා වන චමින්ද මාමවයි, හැරායි, තව බනියගේ මල්ලිලා දෙන්නෙකුත් එක්ක යන්න පිටත් වුනා අම්බලන්ගොඩ බීච්. 30 රෑ කළුතර බනියගේ ආච්චිලාගේ ගෙදර ඉඳලා යන්න තමයි කතාවුනේ 31 පාන්දරම. පාන්දර යන තරමට වැඩිපුර බොන්නත් ඇහැකි නොවෑ. කොහොම හරි බණ්ඩාරගම පාරේ වාහනේ අරන් ඇවිත් කළුතරට කිට්ටු වෙද්දීම අපේ එවුන්ට හැදුනා සුදහ ගින්න කොත්තු කඩ දකිද්දී. මුන්ගේ කරදර කාරී ඉල්ලීම් වලින් බේරෙන්න බැරි තැන මමත් මුස්ලිම් කඩයක් අල්ලලා නැවැත්තුවා. චමින්ද මාමා බැහැලා ගිහින් රෝල්ස් වගයක් අරන් ඇවිත් හැමෝටම දුන්නා මට පලවෙනි කට කද්දීම තේරුනා පොඩි අමුතු රහක්. මම බැහැලා ගිහින් කඩෙන් ඇහුවා මේ මොන රෝල්ස් ද කියලා කඩකාරයා මගේ දිහා කින්ඩියට වගේ බලල කිව්වා ඔය හරක් මස් රෝල්ස් කියලා.

ප්‍රතිපත්තියක් විදියට හරක් මස් නොකන මට මේ සිද්දවෙච්චි දේ සෑහෙන්න අවුල් වුනා. මොකද කඩකාරයට බැනලත් වැඩක් නැහැනේ අපේ ගොසලෑවා හොයන්නෙ බලන්නෙ නැතිව අරන් ආවට. එතැනින්ම කටත් හෝදගෙන කෝපි එහෙකුත් බීලා වාහනේට නැගලා ස්ටාර්ට් කරන්න හදනවා වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැහැ. මට බැරිම තැන හැරාට රියදුරු අසුන දීල බැස්සා වැඩේ හරියන්නේ නැහැ. දැන් කළුවර වැටිලා නිසා හෙට උදේම ප්‍රශ්නය මොකක්ද කියල බලන්න තීරණය කරපු පයිලට් හැරා තල්ලු ස්ටාර්ට් එකෙන් වාහනය ආච්චිලාගේ ගෙදරට අරන් ආවා. එදා රෑත් සුදු කැටේකින් (White Diamond) සප්පායම් වෙච්චි අපි තුන්දෙනා නිදාගනිද්දි පාන්දර 3 ත් පහු. 

පහුවෙනිදා උදේ මම නැගිටින කොටත් හැරයි චමින්ද මාමයි දමාගෙන මොනවදෝ කොරනවා වාහනේබොනට් එක උස්සාගෙන. කට්ටිය ලැහැස්ති වෙලා ඉවර වෙලා ඉවරවෙද්දි ආච්චි අම්ම කියාපි පුතේ ඔයා එළවන්න එපා හැරල්ඩ්ට දෙන්න අරං යන්න. ඔයාට ඊයේ සිද්දවෙච්ච දේ අනතුරු ඇඟවීමක් වගේ දෙයක් කියලා. ඒ වෙද්දීත් හරියට වෙරි බැහැල නැතිව හිටි මම බැලුවා එකපාරටම මේ කඩන් වැටුන මරාලේ මොකක්ද කියලා. පස්සේ තමයි මට හරක් මස් රෝල්ස් එක මතක් වුනේ. අනෙක් හැමෝටම මාළු රෝල්ස් ඇවිත් මටම හරක් මස් එක හම්බවුන එකත් මම දේවාලේ නොගිහිං මළගෙදර ගිය සිදුවීමත්, හැරාට තල්ලු ස්ටාර්ට් මගින් වාහනේ පනගන්වාගන්න හැකිවීමත් මට නොහැකිවීමත් (මම තල්ලු ස්ටාර්ට් උත්සහ කොලේ නම් නැහැ) එකට ඈඳල ආච්චි අම්මා වෙනම රචනාවක් තිරගත කරනවා. වස්ලු අරකලු මේකලු. යකෝ මේක හරි මගුලක් මම ගත්ත වාහනේ මට පදින්න බැහැ. වස්........... වස් නෙවෙයි What The F***....... මාව පැත්තකට අඬගහගත්තු හැරා ඕක හරි මල්ලි....  එයාලගේ හිත හැදෙන්නත් එක්කල මෙතනින් මම එලියට අරන් පාරට ගිහින් මම ඔයාට දෙන්නම් දැන් වාදෙට යන්න එපා එයාලගේ මතවාද අපිට වෙනස් කරන්න බැරි තරම් එයාල වයසයි. යනුවෙන් මට කරුණු වටහා දුන්නු හැරා. ගේම ගොඩින් බේරාගත්තා. 

අම්බලන්ගොඩට10.30 විතර අපි යද්දී ලොකු මාමගේ පොඩි දෙන්නයි අපේ සෙලෙස්තිනා නොහොත් මගේ පොඩි නෑනාත් Ready පිට හිටියේ නාන්න යන්න. උන්දලවත් වාහනේට නග්ගවාගෙන අම්බලන්ගොඩ රට බීම හලෙන් නැවැත්තුවේ සුදු කැට දෙකක් ගන්නයි. ඒ නැවැත්තුව ටිකටත් පොඩි එවුන් කලබල කරන්න ගත්තේ ඒ පරක්කු වෙන විනාඩි පහට මුහුද පිට රට යයි කියල බයේ වගේ. යකෝ....... මේ සෙට් එක  මේ අම්බලන්ගොඩම දවස් 365 හේම ඉඳලත් හරියට හත් අවුද්දකින් නාලා නැහැ වගෙයි නාන්න තදියම. අපි මේ මෙච්චර දුර ඉඳලා මේ ආවේ මොන තරම් දැවැන්ත සැදැහැවත් වැඩක් කොරන්නද?????? මුන් මේ නාන්න හදනවා. බෝතල් ටිකත් අරන් එතන ඉන්න කඩල කාරයාගෙන් බයිට් ගණන් ගියාම තමයි මම ජීවිතේ පලවෙනි වතාවට කෑව හොඳම බයිට් එක වෙච්ච පොතුපිටින් තෙලේ බැදලා අරං ලුණු කුඩු ,මිරිස් කුඩු ඉහපු සුදුලූනු දැක්කේ චමින්ද මාමගේ ඉල්ලීම පරිදි එයිනුත් කිහිපයක් ගත්තේ වෙනසකට එක්ක. (හැබැයි අපිට නම් කන්න හම්බ වුනේ නැහැ නොබොන එවුන් කාලා ඉවර කළා)   



                           මේ තියෙන්නේ තැන. පින්තූරය ඉස්සුවේ ගූගල් දෙවි පිහිටින්
 
බීච් කිව්වොත් මම කවදත් හරිම කැමති තැනක් තමයි අම්බලන්ගොඩ පරණ පාරේ පරණ තානායම (දැන් තියෙන්නේ මෙයා නටබූන්ස් විතරයි ඒකයි පරණ කියල කිව්වේ. you know වට් අයි මීන්) පිටිපස්සේ කන්ද බැහැලා ගියාම තමයි මේ සුන්දර ස්ථානය තියෙන්නේ.ගල් දෙකකින් වටවෙලා පොකුණක් වගේ වැඩි ගැඹුරක් නැතිව හැදුන. මෙම ස්ථානයට  ඒ පළාතේ උදවියනම් කියන්නේ මුහුදු පොකුණ කියලා, අපිත් ඒ නමම කියමුකෝ...  වාහනේ තානායම් වත්තේ නවත්වල නාන එවුන් නාන්නත් බොන එවුන් බොන්නත් සැටමෝල් වුනා. අර කලින් කිව්වා සුදු ළූණු බයිට් එකෙන් අපි බිග් තුනක් කන අතරේ ඉතිරි ගෙඩි සියල්ල වාෂ්ප වුනේ පොඩි එවුන්ගේ පොඩි කමට කියමුකෝ හැක් හැක් හැක්.... හවස් වෙනකල්ම බිබී ඉන්න අතර වාරයේ මගේ මීටරේ අවුට් යන්න පටන්ගෙන තිබුනේ. හරියට වැහි කුනාටු සහිත දිනයක් සාමාන්‍ය ඇන්ටනාවකින් රූපවාහිනිය බලනකොට වගේ තමයි ඉඳල හිටලා පියවි සිහියට එනවා ආයේ අවුට්. ලොකු මාමා මේ එක විගඩමකටවත් සහභාගී නොවී හිටියේ එතන වැඩිහිටියෙක්ගේ (කෙලින් කටින් ඉන්න ) වගකීම මොනවට ගෙනහැර පාමින්. 

ඔය අස්සේ තමයි ලොකු මාමගේ පොඩි පුතා මහා හයියෙන් බෙරිහන් දෙන සද්දේ ඇහුනේ. ගෙහුං බැලින්නම් මේකා ගල් උඩ නගින්න ගොහින් ඇනගෙන ඉකිරි කටුවක්. වටවුණු උදවිය එක එක කතා කියනවා. අපොයි දෙයියනේ මේවා ඇනුනම පිළිකා හැදෙනවලු මේ ළමයට අරක කරන්න මේක කරන්න යනාදී වශයෙන් නොයෙක් අදහස් ඉදිරිපත් කොරනවා. එතන හිටපු සීයා ටයිප් වයසක මනුස්සයෙක් තමයි කිව්වේ කකුලට මූත්‍රා කරන ලෙස. එය කෙම් ක්‍රමයක් බවත් එයින් විස පැතිරීම වලක්වෙන බවත් තමයි ඒ සීයා සඳහන් කොලේ. හප්පේ පොඩි එකාගේ කකුලට චූ කරන්න එතන හිටපු හැමෝම ඉදිරිපත් වුනේ හදවත උනුවෙලා (හදවත තිබුණු තැනයි ප්‍රශ්නෙකට එන්නේ) :) කොහොම හරි පොඩි එකාව දොස්තර කෙනෙක් ලඟට අරන් ගියේ අපේ හාමිනෙයි සෙලයි, මාමයි, හැරායි එකතුවෙලා මස්සිනාලා දෙන්නයි චමින්ද මාමයි එක්ක මම බීච් එකේ හිටියා. ඒ ඉන්න ගමන් ඉතිරි කොටෙත් දෙන්නත් එක්ක අහවර කරා නමුත් ඒ වෙද්දී ලිමිට් පැනලා කියන එක මටවත් චමින්ද මාමටවත් තේරුනේ නැත්තේ වයිට් ඩයමන්ඩ් කියන්නේ තැපෑලේ වදින බීමක් හින්දා වෙන්න ඕනේ. 


හිතුවට වැඩිය පොස්ට් එක දිගවැඩි නිසා කොටස් දෙකකට කඩන්න තීරණය කොලා. බිහිසුණු සටන් ජවනිකා, සංවේදී දර්ශන, ඩෝප් සීන්,  පොලිස්කාරයින්ගේ මාළු උන්ගේ ඇඟේම තියා කැපීම. රෑ 12 කොහෙද හිටියේ මොනවද කරේ? ඇඟේ මයිල් ඉස්මයිල් වන ත්‍රාත්සජනක අත්දැකීම   දෙවැනි කොටසින් බලාපොරොත්තුවන්න. මාතෘකාව නම් ගෙඩිපිටින් හෙන්රි අයියගෙන් ඉස්සුවේ. (නොකියා) 

                               මේ ඉන්නේ කෝරළේ මහත්තයා ඒ....... කාලේ එකදාස්අටසිය බර ගනන් වල

                  මේ ගල උඩ ලැග්ග රිලව් දෙන්න වගේ ඉන්නේ හැරා සහ චමියා යන මහතුන් දෙපලයි

                               මෙන්න නාන විදිය. ස්විමිං පූල් එකක් වගේ.
                        
දෙවැනි කොටසට යන්න මෙතනින්



Saturday, 1 March 2014

බෙන්තර වැඩ මුළුව සහ ලොකු මාමා සහ ගීතා නම් ගැට+ඉස්සි



මේ ලියන්නට යන්නේ සුළු ඕපා දූපයකි. එයට හේතු පාදක වුනේ අපේ 60 පැන්නත් කොල්ලා කෙන්ජි අයියාගේ නවතම පෝස්ට් කටුව කියවීමෙන් පසුවයි. ඒ වර්ෂ 2009 අග භාගය බැව් මට යන්තමින් වාගේ මතකයි.  නිවාඩු ගොස් සිටි මා මූලිකවම අරමුණු කරේ මාගේ ජාතික හැඳුනුම් පත සකසා ගැනීමටයි. (ඇයි යකෝ මෙච්චර වයස වෙලත් අයිඩින්ටියක් නැහැයි කියන්නේ ඉපදුනු රටේ, වහ කන්න වෙන වැඩක් නේ). ඒ කටයුත්ත විගසින් කරදීමට හැකි එකම පුද්ගලා මගේ ගෞරවණීය ලොකු මාමා ජී නොහොත් මාගේ මවගේ ලොකු අයියා ඒ දිනවල කටයුතු කලේ බෙන්තර ප්‍රදේශයේ තරුණසේවා කටයුතු භාරවයි. (සූදීක අයියා දන්නවත් ඇති සමහර විට). තැන තැන රස්තියාදු ගසමින් කාලය ගතකල මට දිනක් ඔහු පැවසුවේ පුතා බෙන්තර තියෙනවා අපේ හොඳ වැඩ මුළුවක් ඔයත් එන්න. අඩුම තරමේ දෙයක් ඉගෙනගන්නවත් ඇහැකි වේවි නේ. නිකන් රස්තියාදු ගසමින් ඉන්නවාට වඩා හොඳයිනේ යනුවෙනි. නමුත් එහි යාමට මට එතරම් පිරියක් නොතිබුනේ ඒ දිනවල මාගේ ප්‍රේම පුරාවෘතය දැඩි ලෙසම ගලාගෙන යන දිනයන් වූ බැවිනි. එබැවින් ලොකු මාමාට කට් එකක් දැමීමට මගක් සොයමින් සිටි මට, පෙරම ඔහු මාගේ දෙමවුපියන්ගේද අවසරය ගෙන තිබුනෙන් මාහට කීමට දෙයක් ඉතිරි නොවීය. අම්මපා කිව්වොත් ඒ දවස් වල ගහල තිබුන ලව් මාන්දම නැත්නම් මා කිසි විටෙකවත් එවැනි සම්මන්ත්‍රණ වැඩමුළුවක් අතපසු කරන්නේ නැහැ, මී ඇස් දෙක පල්ලා ඔව්..... 

"තමුන්ට වැඩමුළුවට ඉන්න බැරිනම් ෆොටෝ ටික ගහන වැඩක්වත් කරනවකෝ" යැයි ලොකු මාමා පැවසුයේ එහි පැමිණීමට නොහැකි යැයි ඉදිරිපත් කල කණු කුණු වල ප්‍රථිපලයක් ලෙසිනි  ඔහුගේ ඉල්ලීම  හිස් මුදුනින්ම මා පිළිගත්තේ එය මට දුරකතනයෙන් මල් කැඩීමට භාධාවක් නොවනා බැවිනි. එම වැඩමුළුව පැවැත්වූයේ බෙන්තර ගාමිණි විද්‍යාලයේ බව මට යන්තමින් වාගේ මතකයි.  එහි ගිය පසු මට භාර වූ ෆොටෝ ඇල්ලිල්ලක් නම් නැතිය. යන තැනම සිටි ඉටිකිරිස් අක්කලා සෙට් එකකට මාව ඔහුගේ පුතා ලෙස හඳුන්වා දෙමින් මාව සම්මන්ත්‍රණ ශාලාවට රැගෙන යන ලෙස අක්කලාට මාව භාර දුන් ලොකු මාමා අන්තරස්ධාන විය. මල්ලි ඔයා සර් ගේ පුතාද අනේ බලන්නකෝ ඔයාගේ ලොකු....... මම අවුරුදු ගානකට කලින් ඔයාලගේ ගෙදර එද්දී ඔයා හරි පොඩියිනේ යනුවෙන් මුකුළු බස් දොඩවමින් විස්තර අසන්නට විය. මුන් මේ ෂුවර් එකටම අසන්නේ සචියා (ලොකු මාමගේ පුතා ගැන වියයුතුයි ඌ දන්නවනම් බෙල්ල එල්ලගෙන මැරෙනවා) . බලන්නකෝ මල්ලි ඔයා හරි උස ගිහින් ලොකු වෙලා, හයියෝ මේ ඇන්ටිලා සෙට් එකේ වදෙන් බේරෙන්නට බැරි විය. මටද එසේ බේරීමට කිසිම ඕනා කමක් නොතිබූ බව විලි ලජ්ජාවෙන් තොරව ප්‍රකාස කොරන්න කැමතියි. කෙසේ හෝ එම වැඩ මුළුවට සහභාගී වූවන් අතරින් මට නම මතක සෝමසිරි මැදගෙදර මහතාගේ පමණය. නමුත් සියලු දේශණ හරවත් කම්මැලි නැති අන්දමින් කරගෙන යාමට ඔවුන් සමත්වූ බවත් පැවසිය යුතුයි. 


එම උත්සවයේ සංවිධායක අක්කලාගේ නොමසුරු සංග්‍රහ (කෑම බීම) මැද කාලය ගතවනු මටනම් දැනුනෙවත් නැති තරම්ය. නමුත් ඕනෙම හොඳ වැඩක අවසන් කොටස අජපල් කිරීම අපේ ලංකාවේ සිරිතයි එනම් දේශපාලු ඩයල් මේ වගේ උත්සව වලට සහභාගී කරගැනීමයි. එම කොට්ටාශයේ විවිධ දස්කම් දැක්වූ තරුණ පිරිස් සඳහා සහතික පත් සහ සම්මාණ බෙදා දීමේ උත්සවයේ ආරාධිත අමුත්තා වූයේ දකුණු පළාත් මහ ඇමති අපේ තඩි ශාන් අංකල් සහ අපේ බෙන්තර සංවිධායිකා ගීතා කුමාරසිංහ මෙනවියයි. මෙනවිය ????? පොඩ්ඩක් ඉන්නවකෝ මැදින් පනින්නේ නැතිව. මෙනවිය කිව්ව කාරණේ කියනකල්. තවත් දේශපාලු බුවාලා රැසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්විය. නමුත් මෙහි දිරවා ගත නොහැකිම කොටස වූයේ මොවුන් පැමිණෙන්නට වුයේ වරින් වරයි. එම නිසා උත්සවයේ වැඩකටයුතු වලට භාධාවූ බව පැවසිය යුතුයි. අන්තිම මොහොතට ටිකකට කලින් එතනට සැපත් වීමට අපේ ගැට කෑල්ල ගීතා නගා සමත් විය. ඇයව පිළිගැනීමට මල් කළඹ දෙද්දී මේ.... මල් මොකටද වස...න් ත (හරිනම නෙවෙයි)  අයියේ අපිට යැයි කීවේ මාමාගේ අත මිරිකමින් බව මාගේ උකුසු නෙතින් වසන් කිරීමට නොහැකි විනි. අහෝ දුකකි තිත් ගොඩකි. ඒ සෙනග ඉදිරි පිට මාමාගේ මූණ නිකන් කෝච්චියට  අසුවූ ටොනික් පියනක්  මෙන් ඇඹරි ගියේය. අසීරුවෙන් හිනහවක් මුහුණට නගාගත් ඔහු එන්න නංගියේ ස්ටේජ් එකට යැයි ඇයව කැඳවාගෙන වේදිකාව මතට ගොඩවිය වටේ පිටේ එවුන්ට හිනහව නවත්වාගත නොහැකි වූයේ ඔවුන්ගේ වයස් පරතරය නිසයි. 

කප්ප බොරු තොගයක් වේදිකාවේ දෙසා බෑ ගී තන ගාගේ කතාව නිම වනතුරු ප්‍රේක්ෂකාගාරය බලාසිටියේ මේ ගෑනි කියන බොරුවලට කොයි මොහොතේ හෝ පොලොව පලාගෙන ඇදගෙන යයිදැයි සිතමින් බව කසුකුසු වලින් පසුව අසන්නට ලැබිණි. උත්සවය අවසානයේ සුදු අක්කලා සැට් එක දමා ඒමට මගේ හිතනම් දුන්නේ නැති අතර බලෙන් හෝ නැවත වතාවක් එවැනි වැඩමුළුවක් සංවිධානය කරවා ගැනීමට මට සිතිනි. නමුත් එය මාමාට පැවසීමට නොගියේ මගේ මුහුණ හතරැස් කරගැනීමේ අවශ්‍යතාවය ඒ දිනවල නොතිබූ නිසයි (දැනටත් නැහැ) . වාහනයට නැගගත් මොහොතේ සිට අන්දොස් මූඩ් එකේ පසුවූ ලොකු මාමා ඇමතු 
මම : මොකෝ ලොකු මාමේ අවුලෙන් වගේ ඉන්නේ. 
මාමා : නැහැ පුතා මම හිතන් ඉන්නේ හෙට අනිද්දා පැන්ෂන් ගන්න. 
මම : ඒ මොකෝ ලොකු මාමේ තාම 45යි නේද වයස?
මාමා : පිස්සුද බං උඹට??? අර ගීතාට වයස 65ත් පැනලා මම ඒ ගෑනිට අයියා වෙනවා කියන්නේ මට 75ක් වත් වෙන්න ඕනේ. බලාපන් මගේ සායම ඉවරයි. ළමයි ඔක්කොම කුටු කුටු ගානවා ඇහුන මේ සීන් එක ගැන යන ආදී වශයෙන් ගීතාගේ කැරට්ටුව දිග හැරගත්තේය. (එය මෙහි සඳහන් නොකරන්නේ සදාචාරසම්පන්න නොවන බැවිනුත් ඒ ගැන නොදන්නා කෙනෙක් ලංකාවේ සිටීම උගහට බැවිනි)
මම : ඔව්ව මොනාද ලොකු මාමේ මේ නැට්ට පිටින් අලි මැරෙන රටේ මම එහෙම ගෙදර කාටවත් මේ ගැන කියන්නේ නැහැ ඔයා බය නැතිව ඉන්නකෝ.

නමුත් ගෙදර ආවිගසම එම සිදුවීම ගෙදර උදවියගේ කනේ තියන්නට මම පසුබට වුනේ නැහැ. පවුලේ තරුණ වයසේ හැමෝම ඔහුට අනේ වසන්ත අයියේ....... යැයි කී විට හොඳවයින් වචන සැට් එකකින් සංග්‍රහ කරන්නත් මාමා අමතක කලේ නැහැ (කුනුහපර නෙවෙයි). සතියක් දෙකක් ඇතුලත ගමෙත් කනින් කොනින් මේ ආරංචිය පැතිර ගියේ ඒ අවට ගෙවල් සියල්ලේම විසුවේ ලේ ඥාතින් බැවිනි. මාමා පාරේ යනවිට පොඩි කොල්ලෝ කුරුට්ටෝ සැඟවී වසන්ත අයියේ වයස කීයදැයි විහිලු කිරීමට විය. නමුත් එම විහිළු වලට මාමා පිළිතුරු දුන්නේ වයස 60 වුනත් මම කරන්නේ  තරුණ සේවා. හිතින් තරුණයි යනුවෙනි.


ගැට+ඉස්සි = ගැටිස්සි උඩ මාතෘකාව ගැටිස්සි ලෙස වෙනස්විය යුතුබව කරුණාවෙන් සලකන්න.

බෙල්ල එල්ලගෙන මැරෙනවා අලුත්ම මැරෙන ක්‍රමයක්. සොයාගත්තේ අපේ ගෞරවණීය හුටරිකා නැගණියයි. (අපේ ඥාති පොඩි එකෙක්) මවගේ බැනුම් වලින් බේරී මව බයකිරීමට කියන්නේ අම්ම බැන්නොත් මම බෙල්ල එල්ලගෙන මැරෙනවා කියායි. ළඟදීම පේටන්ට් එකට ඉල්ලුම් කරන්නයි හිතං ඉන්නේ බෙල්ල එල්ලගෙන මැරෙන ක්‍රමේ හික් හික් හික් 

Sunday, 22 December 2013

බම්බු ගහනවා. (කොහෙද?) ඉටිකිරිස් ඉන්දියන් කෑල්ල

හප්පේ මකුණු දැල් කඩන්නම ගියා වරුවක් විතර මේ මකුළුවෝ කියන්නෙත් කැත සත්තු ජාතියක් අම්මපා...... ටික දවසක් නෑවිත් හිටියම මුන් බ්ලොගේ දැලුත් බඳිනවානේ........ ඔන්න කොල්ලනේ කෙල්ලනේ සකල සිරින් පිරි සිරි ලංකාවේ මහා රජ තුමා (දැන් ඉන්න බුවා නෙවෙයි මම කියන්නේ එකදාස් හයසිය ගණන් වල හිටපු උන්නැහේ කෙනෙක් ගැන) විසින් කෝරලේ තනතුරට පත්කළ කෝරලේ ගොයියා පොස්ටුවක් ලියන්නට බැස්ස වගයි. පහු ගිය ටිකේ ලියන්නට බැරි වුන හේතුව ටික දෙනෙක් දන්නවා නොදන්නා අයට දැනගන්නත් එක්ක ලියලම දානවා කියල හිතුවා. කෝරලේ මහත්තයට අවුරුදු බර ගානක් කොම්පැනිය වෙනුවෙන් කැඹිරීමේ ප්‍රතිපලයක් ලෙස විදේශ සංචාරයක් ලැබුනා පිණාවට. (නැතුව අපේ ලොක්ක බ්ලොගේ බලල සංතෝසෙන් එහෙම දුන්නු එකක් නෙවෙයි) ඒකත් ලැබුනේ සෙල්ලම් රටකට නෙවෙයි මට පෙන්නන බැරි කවදත් වෛරයෙන් හිතන  ඉන්දියාවටමයි. බලහල්ල කෝ ඒකෙත් හැටි............. ඉතින්  මේ ඉන්දියාවේ ගතකල දවස් 18 මට නිකන් අවුරුදු 18 වගේ දැනුනේ ඇයි කියලයි මම තාම කම්පනා කොරන්නේ. අම්මප හෝම් සික් එක කියන දේ ජීවිතේ පලවෙනි වතාවට මට හැදුනයි කියහන් කෝ.... 


කොහොමින් කොහොම හරි අවුරුදු ගානක් ඔෆිස් එකේ අයිස් ගහපුවට හරියන්න පෝරියල් එක සෙට් වුනා උදේ පාන්දර ඉඳන් රෑ 10 - 12 වෙනකල් වැඩ කොරන්න. ඒකත් නූලට තිතට කෙරෙන්න ඕනේ මොකද රජයත් සම්බන්ධ ව්‍යාපෘති යක් නිසා. ඒ හින්දා අපේ මායියා වෙනුවෙනුත් මම වෙන්කොරල තිබුනේ දවසින් විනාඩි 20ක් විතර තමයි. බැංගලෝර් නගරයේ ගුවන්තොටුපොලේ තමයි රාජකාරි කොලේ. ඒ පිලිබඳ තාක්ෂණික පැත්තෙන් පොස්ටුවක් නිවාඩු පාඩුවේ දාන්නම්. කොහොමින් කොහොම හරි කෝරලේ මහත්තයට සෙට් වුන ගෝලයෝ ටික නම් අදහන්න වටිනවා නිකන් නෙවෙයි මල් පහන් තියලා. ඇත්තටම මුන් අයිටී දෙපාර්තමේන්තුවට නෙවෙයි ප්ලේන්ටී දෙපාර්තමේන්තුවට වත් සුදුසු කම් නැති එවුන්. කොහොමින් කොහොම හරි ගිය වැඩෙත් කොරලා ගෝලයෝ ටිකත්  පුහුණු කරලා  දෙපාර්තමේන්තුවත් රාජකාරි මට්ටමේ කටයුතු වන තැනක් විදියට ස්ථාවර කොලේ හැකි ඉක්මනින් ගෙදර එන්න බලාගෙන. නමුත් කල හොඳ පස්සෙන් එලවනවා වගේ අපේ අධ්‍යක්‍ෂක වරයා ඉන්දියාවේ ප්‍රාදේශීය කලමනාකර තනතුර මගේ ඔලුව උඩින් තිබ්බා කටු ඔටුන්නක් කරලා. ඕකෙන් මේකෙන් වෙන්නේ මාසෙකට දෙකකට සැරයක් ඉන්දියා ගිහින් බඩේ අමාරුව හදාගෙන එන්නයි. මෙලෝ රහක් නැති උසස්වීමක්.

මෙන්න මේ අවස්ථාවේ තමයි මට අපේ සුදීක අයියව නිකන් දෙයියෙක් නෙවෙයි දේවාලයක් වගේ පෙනුනේ. මොකද උන්දා මුලින්ම කියල තිබුනනේ ඉන්දියාවේ කෑම කෑවොත් බඩේ අමාරුවක් ෆ්‍රී හම්බවෙනවා කියල. ඉතිං ගොඩක් දුරට කෑම එහෙමත් ගොඩක් තෝරලා බේරලා තමයි කෑවේ බිව්වේ. දවසක් නවාතැන් පලේ කෑම කාල කාල ඇතිවෙලා හිටපු එකේ පොඩි වෙනසකටත් කියල එළියෙන් මසාල තෝසේ පාරක් දාල බාබුල් එකක් එහෙම කාලා පොඩි දත් කූරක් එහෙම කටේ ගහගෙන පොඩි රවුමක් දාලා ආවා. ආව තමයි ආයෙම ඩුබායි එනකන්ම හොද වුනේ නැති ඒ වාසනාවන්ත බඩේ අමාරුව කතා කරලා වැඩක් නැහැ පිංවතුනි තත්වය සෝචනීයයි. ඉතින් අපේ උන්දැගේ වැඩෙත් එන්නේ කවද්ද එන්නේ කවදද කියා කියා කියවන එක වෙච්චි. ඉවසන් ඉන්න එකෙත් එක්තරා ලිමිට් එකක් තියෙනවනේ එහෙන් බඩේ අමාරුව වැසිකිලියෙන් හෙල්ලෙන්න දෙන්නේ නැහැ. අරහෙන් කොම්පැනි කාරයෝ එන්න දෙන්නේ නැහැ. මෙහෙන් මායියා කනක් ඇහිලා ඉන්න දෙන්නේ නැහැ. මේ තුන එක්කාහුවෙලා මගේත් අර්ශස් තද වෙලා මායියාට කියල දැම්ම මම එන්නේ නැහැ මෙහෙම ඉන්නයි කල්පනාව කියලා. 


මෙන්න බොලේ අබ පුපුරනවා වගේ අපේ මායියා කියපි නැතැයි. එහෙනම් ඕනේ බම්බුවක් ගහගන්න එකයි ඇත්තේ. ඉන්න විතරක් නෙවෙයි ඉන්දියන් එලිච්චියෙක් හොයාගෙන කසාදෙකුත් බැඳගන්න කියල. එලිච්චියෙක් කොහොම වෙතත් ගැටිස්සියෙක් හිටියනම් ඇති කසාදයක් කොරගන්න. නැද්ද මන් අහන්නේ........  අම්මප ඔච්චර ඉටි කිරිස් කෑලි ඉන්න ඉන්දියාවේ මට හරියන එකක් හොයාගන්න බැරි වෙන එකක් නැහැයි කියලත් ලාවට වගේ හිතුනා.   අපේ උන්දා මේක කියෙව්වොත් අද රෑ පිලේ තමයි නිදියන්න වෙන්නේ. එකත් බඩගින්නේ :( මේ බම්බු ගහනවා කියලා හැමෝම වගේ කියනවා ඇහුනට කීයෙන් කී දෙනාද දන්නේ මේ බම්බු ගහනවා කියන්නේ මොකක්ද කියලා. මේ ගැන කතා කරද්දී අපට මතුවෙන ගැටළු තමයි 

  1. බම්බු හෝ බම්බුව යනු මොනවාද? 
  2. ගහන්නේ කොහේද????? වෙන වෙන අදහස් එහෙම ගන්නවා එහෙම නෙවෙයි
අපේ ලංකාව කියන්නේ කෘෂිකාර්මික රටක් කිව්වොත් නිවැරදියි. මේ  වෙනකොට  නම් මේ කියමන වෙනස් කරන්න කාලේ ඇවිල්ලාදෝ.... කියලත් හිතෙනවා. කොහොම වුනත් ගොවියාට තිබිලා තියෙන්නේ ඉහල තැනක්. දැනටත් ඔය භාවිතා වෙන කුලමල සෙවීමේදීත් ගොවිගම කියන්නේ ඉහල කුලයක් ලෙසටයි සැලකෙන්නේ. ඉතිං මේ ගොවිතැනට ගොවියන් හට බෙහෙවින්ම උපකාරී වුන සතෙක් තමයි ගවයා කියල කියන්නේ. අද කාලේ වගේ හන්දි  හන්දි ගානේ හරක් මරණ කාලයක් නෙවෙයි ඒ කාලේ ඉතිං මේ ගවයා කියන සතා කියන්නේ අපේ ගැමි ජනතාවට නිකන් කප්රුකක් වගේ හිටපු සතෙක් මලාට පස්සේ හමෙනුත් වැඩගන්නවා (ඇයි බෙරහදන්න).ඉතිං මේ හරක් වුනත් අසනීප වෙනවනේ. හැමදාම එකම විදියට ඉන්නේ නැහැනේ නේද? ඉතිං මේ හරක් අසනීප වුනාම බෙහෙත් කරන්න ඕනේ වැඩියෙන්ම අසනීප වෙන්නේ හරක් පැටව් තමයි. මිනිස්සුන්ගේ වුනත් පුංචි දරුවොනේ ඉක්මනින් අසනීපවලට ගොදුරුවෙන්නේ මේ සත්තුන්ටත් ඒක පොදුයි නොවැ.


ඒ කාලේ මේ දැන් වගේ හන්දි හන්දි ගානේ පශුවෛද්‍යවරුන් හිටියේ නැහැ  දොස්තර විභාගේ අමාරු වුන උදවිය තමයි මේ පශුවෛද්‍යවරුන් වෙන්නේ කියල කතාවකුත් තියෙනවා. ඔය අපේ ගමේ ගොඩේ උදවිය පශුවෛද්‍යවරුන් හඳුන්වන්නේ  බලු දොස්තර කියන නමින්. බල්ලන්ට වෙදකම් නොකලත් බලුදොස්තරලත් අපේ සමාජේ බොහොමයක් ඉන්නවා. ඔය ස්ට්‍රයික් එකක් එහෙම කරන වෙලාවට ඔක්කොම ඉතිං බලුදොස්තරලා තමයි රෝගීන්ට.  (ඔන්න ඉතිං ට්‍රැක් එක පැන්නනේ සහෝදරයා එකනේ තමුසේ එක්ක කොරන්න බැරි.) හරි.... හරි... ඉස්සර නම් මේ සත්තුන්ට වෙදකම් කලෙත් ගමේ වෙදමහත්තයාම තමයි. සිංහල වෙදකම් කරලා තියෙන උදවිය දන්නවා ඇතිනේ සිංහල බෙහෙත් වර්ග මොනවද කියලා කසාය, කල්ක, ගුලි, (මෝදකේ නෙවෙයි) අනම් මනම් ගොඩයි. ඉතිං මේ හරක්ට මෙව්වා බොන්න කිව්වට බොන එකක්යැ..... ඒකනේ හරක් කියන්නේ මෙන්න මේ අවස්ථාවේදී සිද්ධ වෙනවා බලෙන් පොවන්න නැත්නම් සතාගේ ජීවිතේට වුනත් හානි වෙන්න පුළුවන් නේ....  හරකාගේ කකුල් අතපය බැඳලා බිම පෙරලලා සෑහෙන්න සටනක් කරලා තමයි බෙහෙත් ටික පොවන්න ඕනේ. අද කාලේ නම් කරන්නේ හරකාගේ අතපය බැඳලා බෙල්ල කපන එකනේ ඒකත් හලාල් ක්‍රමයට එතකොට හරකට රිදෙන්නේ නැහැලු. ඔන්න ඔය අවස්ථාවේදී වෙද මහත්තරු පාවිච්චි කරනවා හොඳට පදම් කරලා, මැද කොටස  සුද්ද පවිත්‍ර කරලා ගත්ත උණ බටයක්. මෙන්න මේ බටේ හරකාගේ උගුරට දාලා තමයි ලු බෙහෙත් පොවන්නේ. මේ කෙරුවාවට තමයි බම්බු ගහනවා කියලා කියන්නේ. ඉතිං හොඳින් කරන්න බැරි දෙයක් අත පය බැඳලා බිම පෙරළාගෙන බලෙන් කට අරවලා බෙහෙත් පොවන එකටයි බම්බු ගහනවා කියන්නේ. මෙය කියමනක් ආප්තෝපදේශයක් (වචනේ හරිද දන්නේ නැහැ වැරදිනම් නිවැරදි කරන්න) හැටියට ප්‍රචලිත වෙලා තියෙන විදියක් තමයි පෙනෙන්නට තියෙන්නේ. නමුත් මෙහි ඇති වරද නම් අද කාලේ තැනක් නොතැනක් නැතිව බම්බු ගැසීමයි.




මට මේ නිධාන කතාව එහෙම නැත්නම් මේ වචනේ හැදිලා තියෙන්නේ කොහොමද කියන එක දැනගන්ට ලැබුනේ වර්ෂ 2004 ලංකාවට නිවාඩුවක් ගිහින් ඉන්නකොට මට අවස්ථාවක් ලැබුනා අපේ ලොකු මාමා එක්ක  තරුණ සේවා සභාවේ තිවුන සම්මන්ත්‍රණයකට යන්න. මෙහි හිටපු දේශක මඩුල්ලේ කෙනෙක් තමයි මේ කතාව කිව්වේ ඒ වෙන කවුරුවත් නෙවෙයි සිංහල විෂය පිලිබඳ විශේෂ උපාධියක් හිමි








හසන්ත හෙට්ටිආරච්චි මහත්මයා 


මේ පොස්ට් එක ලියවෙන්නේ එදා ඒ මහත්මයා කියලා දුන්නු දැනුම නිසාවෙන්. මම ඒ පිළිබඳව හසන්ත මහත්මයාට ස්තූතිවන්ත වෙනවා.

ඔන්න දැන් බම්බු ගහන්න කලින් අපේ උදවියට ටිකක් හිතන්න වෙනවා. ඔය වචනේ ගැලපෙන උදවියත් අප අතර නැතුවාම නොවෙයි.




Saturday, 23 November 2013

මුස්ලිම් වර්ජනය සහ චෝගම් නිසා පාකිස්ථානෙට අහවල් එක දීම..........

 මේ දිනවල අපේ ඔපීසියේ ඉන්දියන් කාරයන් සැට් වෙන හැම තැනකම කතාවන්නේ. ලංකාවේ චෝගම් ගැනයි. ඒ ඉන්දියාවේ ලොකු පාජි (අයියා) එහෙම නැත්නම් සිං ගොයියා ලංකාවට පැමිණීම වර්ජනය කරපු එක ගැනයි. ඇත්තටම ඔවුන් එය දකින්නේ ලංකාවේ කණ පුරවල ගහපු පාරක් ලෙසටයි. සේරටම වැඩියෙන් මේ ගැන කියවන්නේ අල්ලපු රටේ කැරපොත්තන් වගේ ජාතියක් වන මලබාරියි. වෙන කාටත් වැඩිය *කේ අමාරුවක් මුන්ට තියෙන්නේ මුන් කොටිහිත වාදීන් නිසාද එහෙමත් නැත්නම් ප්‍රභා ගොයියා මුන්ගේ මවගේ හොර සැමියා නිසාවෙන්දයි මට සැකයක් ඇතිවේ. පසුගිය චෝගම් විගඩම ගැන නොයෙක් දෙනා නොයෙක් ආකාරයේ දේවල් කිව්වත් මා චෝගම් දකින්නේ හතර අතේ ණය වෙලා කෑව මගුලක් විදියටයි. 


අපි බලමු ලංකාවේ සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක මගුල්ගෙයක් ගන්න තාලේ. මුලින්ම කරන්නේ ගේ ටිකක් ලකෙට පිළිවෙලට හදන එකයි. රබර් පේන්ට් එකක් එහෙම දීල. ජනෙල් දොරවල් පොලිෂ් කරලා පොළොවේ ලැකර් පාරක් එහෙම ගාලා (ටයිල් නොකළ ගෙවල් වල) මේ සැරසෙන්නේ මගුල කන්නටත් වැඩිය අනෙත් පාර්ශවේ උදවියටත් නෑදෑ හිතමිතුරන්ටත් පොඩි ශෝ පාරක් දාන්න. ඉතින් දවස් ගානක් කට්ට කාලා මේ ලස්සන කරපු ගෙදර ලස්සනින් භාගයක් මගුල දවසෙම ඉවර වෙනවා. අනෙක ටික දවස් දෙකතුනකින් නැතිවෙනවා. සේරටම කලින් මැකෙන්නේ අර බිම ගෑව රතු ලැකර් ටික. අන්න ඒ වගේ. ලංකාවේ සෞභාග්‍ය ලොකු ලොකු රටවල උදවියට පෙන්වන්න කල විගඩමක් ලෙසයි මට මේ චෝගම් පෙර සූදානම දැක්කේ. ඒත් ඇතුලෙනම් වැදගත් යමක්සිද්දවුනා කියල අපේ නාඩියා කොලුවා කිව්වා.




කොහොමින් කොහොම හරි රට වටේ ණය වෙලා මගුල කෑවා වගේ නෙවෙයි ණය ගෙවන්න යද්දී තමයි *ක ඉරෙන්නේ. එතකොට තමයි අර ලෝවැඩ සඟරාවේ කවිය මතක් වෙන්නේ  "කරන කලට පව් මිහිරිය මී සේ විඳින කලට දුක් දැඩි වේ ගිනි සේ කියල". ඇත්තටම සන්ධාන ආණ්ඩුව අපේ රට සංවර්ධනය කරනවාද එහෙමත් නැත්නම් තමුන් සංවර්ධනය වෙනවාද????????? අද ඇල් පෙනෙත්තේ පටන් මෝටර් රථ දක්වා සියලු බදු වැඩිවෙලා (කරලා) 40 ගණන් වල අපේ ලොකු පුටුවල හිටපු උදවිය හාවර්ඩ් ඔක්ස්ෆර්ඩ් යවපු තමන්ගේ දරුවන්ව අමුඩ ගස්සවලා කුඹුරට බස්සලා සුදු ඒජන්තය එද්දී සුපිරි කඩ්ඩෙන් ටෝක් එක දීල සුද්දා අන්දොස් කරලා ලංකාවේ ගොවියොත් දැන් සුද්දෝ වගේ හොඳට කඩ්ඩ දන්නා උගත් මිනිස්සු කියන පණිවිඩේ රැජිනට යැව්වා කියන සීන් එක මට මතක් වෙනවා. ඇත්තටම ඒ කතාව ඇත්තක් නම් එදා ඉඳල මේ වෙනකල් දේශපාලනේ වෙලා තියෙන්නේ මවා පෑම කියන එක පැහැදිලියි. ග්ලොබෙල්ස් ගේ න්‍යාය පොරටත් වැඩිය සුපිරියට ප්‍රගුණ කරපු උදවිය තමයි අපේ කවුන්සිල් එකේ ඉන්නේ. මුන් මැරුණම දෙන්න ඕනේ දඬුවම් ගැන උපාදියක් කරන්න අපායේ යම රජාටත් ඔක්ස්ෆර්ඩ් වගේ යුනිවසිටි එකකට යන්න වෙනවා.

හැබැයි පුදුමේ කියන්නේ බදු පිට බදු ගැහුවත් එන හැම ජන්දෙන්ම සන්ධානේ දිනන එකයි. මේකට ප්‍රධාන හේතුව විදියට දකින්න පුළුවන් මේ රටේ කොන්දක් පණ තියෙන විපක්ෂයක් නැති කම රනිල් ගොයියා මලත් මූලාසනේ ඇත අරින්නේ නැති නිසා අන්තිමට වෙන්නේ එක්සත් ජාතික පක්ෂේ කිසිම පාර්ලිමේන්තු නියෝජිතයෙක් නැතිව. නායක කම විතරක් උන්දැට ඉතිරි වෙන එකයි. සෝමේ අයියල මොන ගොන් ටෝක් දැම්මත් රටේ 3වැනි බලවේගේ වෙන්නවත් උන්දලාට හැකියාවක් නැහැ. අනෙක අපේ පූජ්‍ය පක්සේ උදවිය ජන්දෙට එද්දී කිව්වේ වෙන අකටයුතු කම් වලට විරුද්ද වෙනවා. සිවුරේ පවර් එක විතරක් නෙවෙයි දේශපාලන හයියත් තියෙනවා කියන්නේ කෙලින්ම ආණ්ඩුවේ නොපනත් කම් වලට විරුද්ධ වෙන්න පුළුවන් කියන එක. ඒ වුනත් හක්ගෙඩි සැට් එක පාර්ලිමේන්තු එද්දී කිව්ව කතා ඔක්කොම උන්නාන්සේලට අමතක වෙලා තියෙන ආකාරය නම් දුකට කරුණක්. 


අනෙත් කාරණේ තමයි අපේ හැඳුනුම්පත් සෑදීම පාකිස්තානේ වගේ රටකට දෙන්න තරම් අපේ මහා උන්දැ මෝඩ වුනේ කොහොමද කියන  එක....... මම දකින විදියට මේ ලෝකේ තියෙන වැඩියෙන්ම සාපලත් (අපරාධ සිද්ධවෙන) රට තමයි පාකිස්තානේ. දිනකට පස්වතාවක් යටිගිරියෙන් දෙයියොන්ගේ ගුණ කිව්වට පැයකට වතාවක් බෝම්බයක් පිපිරෙනවා. දවසට ඉපදෙන ගානට වැඩිගානක් මැරෙනවා. අල් කයිඩා, තලෙයිබාන්, ජිහාඩ්,වහාබ් අරව මෙව්වා කියල ත්‍රස්තවාදී කන්ඩායම්ම කීයක් තියෙනවද?????? පක්කොන්ගේ රටේ උන්ගේ ජාතික හැඳුනුම් පත මම හිතන විදියට තවම ලොක්ක දැකල නැතිව ඇති. අගනුවර ඇරුනාම ගොඩක් එවුන් පාවිච්චි කරන්නේ හාල් පොතක් වගේ තියෙන පින්තූර කෑල්ලක් අලවපු හැඳුනුම් පතක්. උන්ගේ රටේ දේවල් වත් කරගන්න බැරි රටකට අපේ රටේ හැඳුනුම් පත් හදන්න බාර දෙන්නේ බත්කන අම්බරුවෙක් මිස වෙන කවුද????? ඇත්තටම අපේ ආණ්ඩුවේ දේශපාලනය නත්තල් සීයාව මාගේ මතකයට නගයි. විපක්ෂයේ කොන්ද පණ තියෙන එකෙකු ඇත්නම් ඌව බිලීබා ගැනීමට (උගේ කට වැසීමට) නම් එය කිරීමට ඇති පහසුම මග උගේ මඩිය තර කිරීමයි. ඒ වගේම චෝගම් එකට සිං කාරය පිටුපෑම නිසා සිංට රිද්දවන්නට පක්කොන්ට මේ කොන්තරාත්තුව ලොක්කා ලාබාදීල තියෙනවා කියලයි ආරංචි වෙන්නේ. 

වසර 30 පුරා දමිල ත්‍රස්තවාදයෙන් දුක් වින්ද රටක් බේරාගැනීමට හැකිවූයේ මහින්ද මහත්මයාගේ දූර කාලයේදී බව හැබෑව. ලෝකේ තියෙන භයානකම ත්‍රස්තවාදයෙන් රට මුදා ගත්ත එක ගැනත් මම ඔහුට අනෙක වාරයක් ස්තූති වන්ත වෙනවා. නමුත් මේ කරන්නට යන්නේ අහක යන නයි රෙද්ද අස්සේ දමාගැනීමක් කියල නීති ක්ෂේස්ත්‍රයේ ඉහල දැනීමක් ඇති උන්දැට තේරෙන්න ඕනේ. මොකද පකිස්තානෙට පුළුවන් කම තියෙනවා මේ කොන්ත්‍රාත්තුව හරහා මුස්ලිම් අන්තවාදින් ලොරි ගණන් මේ රටට පටවන්න. "NADRA" (National Database and Registration Authority) කියන්නේ පාකිස්තානයේ ජාතික හැඳුනුම්පත් නිකුත්කරන ආයතනයයි. පහත සඳහන් වන්නේ. ඔවුන්ගේ යෝජිත හැඳුනුම් පතක් 




මෙවැනි හැඳුනුම් පතක් තියෙන රටක ආරක්ෂක තත්වය ගැන හැඟීමක් අපිට ඇතිකරගන්න පුළුවන් මක්නිසාද යත් නවීන තාක්ෂණයෙන් නිපදවුණු මෙවැනි හැඳුනුම් පතක් හොරෙන් සෑදීම කිරීමට අසීරු දෙයක් එමෙන්ම එහි ඇති ඩේටා (දත්ත) සෑම අතින්ම ආරක්ෂිතයි. නමුත් බලන්න අද පාකිස්තානයේ තත්වය. මේ හැඳුනුම් පත තිබියදීත් එවැනි භයානක වටපිටාවක් පාකිස්තානයේ නිර්මාණය වෙලා තිබෙනවා. කෙනෙකුට සංචාරය නොකිරීම සඳහා නුසුදුසු රටවල් වල ඉහලම රැඳිලා තියෙනවා පාකිස්තානය. අනෙත් හේතුව තමයි හැකර් වරුන් යනු පාකිස්තානයේ ත්‍රස්තවාදය තරමටම පැතිරුණ භීතිකාවක්. මේ වෙනකොටත් ගොන්දීන් කියල ඇමති කෙනෙක් පාකිස්තානු සරණාගතයෝ තොග ගණන් උතුරු නැගෙනහිර පදිංචි කරනවා කියල පහුගිය දවස් වල ආරංචි වුනා. මෙතන මම කියන්නේ නැහැ හැම මුස්ලිම් කෙනාම ත්‍රස්තවාදියෙක් කියලා නමුත් 95% ත්‍රස්තවාදීන් මුස්ලිම් කියන එක හැමෝම දන්නවා. අර කාන්තා අධ්‍යාපන නිදහස ගැන බ්ලොග් එකේ  කතා කරපු පොඩි කෙල්ලව එච්චර ඉක්මනට හොයාගෙන. 


ඇයගේ පාසල් වේලාවන් ගැනත් අවභෝදයක් ලබාගෙන ඇයට වෙඩිතියන්න මේ දත්ත භාවිතා කලේ නැහැයි කියලා කාටද සහතික වෙන්න පුළුවන්???  මේ පිළිබඳව මම වැඩිදුර කතාකරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ මම ආගම්වාදියෙක් ජාතිවාදියෙක් කියෙන ලේබලය මේ ලිපිය හරහා වදිනවා කියන එක මා දන්නවා වුවත් මෙය ලිවිය යුතුයි අපේ රටේ ජනතාව මේ පිළිබඳව දැනුවත් වියයුතුයි කියන අරමුණ නිසාවෙන් මා මේ ලිපිය ලියු බව කියන්න කැමතියි. 

දමිල ත්‍රස්තවාදයෙන් බැටකාපු අපේ උදවිය දැන් ඒ කාලේ ඒ තත්වේ අමතක කරලා ජොලි දැම්මට දමිල ත්‍රස්තවාදය වගේ නෙවෙයි පුතේ මුස්ලිම් ත්‍රස්තවාදය ඇතිවුවහොත්......... ඒ සඳහා අතවනන පිරිස් අපි අතරම සිටිනවා. අනෙක මේ දිනවල යන විවිධ රැලි හලාල් විරෝධී, මුස්ලිම් විරෝධී රැලි නිසා ඒ තත්වය තවත් වැඩිදියුණු වෙලා. මම තවත් දෙයක් කියන්න කැමතියි මේ මුස්ලිම් කඩ වර්ජනය කරන්න කියන උදවියට. ඔයිට වැඩිය සේවයක් සමාජෙට,ජාතියට,ආගමට කරන්න පුළුවන් එමෙන්ම ඔබලාගේ පණිවිඩය ජනතාව 100% ක්‍රියාත්මක කරයි. සිංහල ව්‍යාපාරිකයන්ගේ සංගමයක් හදලා මුස්ලිම් කඩවල මිලට වැඩිය අඩුවෙන් වෙළදාම කලානම්. මක් නිසාද
කියනවනම් අද රටේ තියෙන ආර්ථිකයට අනුව මිනිස්සු ප්‍රායෝගිකව තමන්ගේ ආගම ජාතියට වැඩිය තමුන්ගේ පොකැට්ටුව ගැන හිතනවා. මුස්ලිම් කඩවල අඩුවට තියෙන දෙයක් නොගෙන වැඩි ගානක් දීල සිංහල කඩේකින් දෙයක් ගන්න එක ප්‍රායෝගික නැහැ. (දවසක් දෙකක් කරයි) බොදුබල සේනාව ඇතුළු (බෞද්ධ උන්නතියට) වැඩ කරණ අංශ මෙයිට වැඩිය වගකීමකින් සංවිධානයකින් යුතුව මේ වැඩේ කලානම් මෙයිට වැඩිය ප්‍රගතියක් ලබාගත හැකියි කියන එකයි මගේ අදහස. තම්බින්ගේ කූට කුමන්ත්‍රණ කියා කියා බැන බැන වැය කරන කාලේ ඉහත සඳහන් ආකාරයේ දෙයක් ක්‍රියාත්මක කලානම් ඒ මුස්ලිම් වරුන්ට යන මුදල් නවත්වන්න පුළුවන්. 

ප.ලි: මෙය ජාතිවාදී ආගම් වාදී ලිපියක් නොවන බව කරුණාවෙන් සලකන්න.

Wednesday, 20 November 2013

ස්කයිප් එකේ අයිතිකාරයා බෙල්ලේ වැල ලාගත් හේතුව (ලිලි අක්කාගේ කතා)


මේ දවස් ටිකේම මැද පෙරදිග වෙන සිදුවීමුයි ජනකයියගේ කොටුපැනීම ගැනයි කියෙව්වා අපේ උදවියට පොඩි වෙනසකටත් එක්කලා කියලා පොඩි පහේ කොමඩියක් දෙන්නයි සූජානම. කට්ටියට මතකද අපේ ලිලි අක්කව? ඔව් ඔව් අනේ අර අන්දොස් ටෝක් දෙන එක්කෙනා තමයි. ඉතින් උන්දාට වෙච්ච  අකර තැබ්බයක් ගැන තමයි මේ කියන්න යන්නේ.ලිලි අක්කලාගේ කාලේ ඉතින් මේ කොම්පීතර් තාක්ශෝනේ එහෙම තිබිලා නැහැ නොවෑ උන්දැ කියන විදියට තිබිල තිබුනා නම් අද බිල්ගේට්ටු මහත්තයා ටත් වැඩිය දීමක් උන්දැට තියෙනවලු. මට වෙලාවකට හිතෙනවා අපේ වාසනාවටදෝ කියල එහෙම නොවුනේ. මොකද කලින් වන්ගියක උන්දැ රෙජිස්ටරෙත් එඩිට් කොරන්න ගිහින් ජනේලේ (Windows) හිරවෙලා. ඉන්ජිනේරුවොම දෙන්නෙක් ට්‍රයි කොරලයි වැඩේ ගොඩදාගත්තේ. මොකද චන්දරේ අයියගේ වැදගත් ඩේටා වගේකුත් තිබ්බයි කිව්වනේ ලැප ඇතුලේ.  ඉතින් අන්න ඒ වගේ කොම්පීතර් වැඩකරුවෙක් තමයි අපේ ලිලි අක්කා කියන්නේ.



ඉතින් මේ පිට රට ඉන්න උදවියට දෙයියොන්ගෙන් ලැබුණු තෑග්ගක් වගේ තමයි SKYPE කියන්නේ. මොකද නැත්නම් කී දාහක් කියල යනවද ලංකාවේ ඉන්න හිතවතුන්ට පවුලේ උදවිය එක්කලා කතා කොරන්න. අනෙත් එක ලෝකේ වැඩිපුරම ටැලිෆෝන් ගාස්තු අය කරන්නෙත් ඔටු දේශ වලටනේ (මැදපෙරදිග). මම අහල තියෙන විදියට ඒ අටහ්රිනුත් වැඩිම වශයෙන් පාරිභෝගිකයාව හූරා උලා කන්නේ එටිසලාට් එකෙන් තමයි. ඔය දැන් යස අගේට ලංකාවෙත් රජ කොරන්නේ. ඒ ගැන කියන්න ගියොත්  වෙනමම පොස්ට් එකක් ලියන්න වෙනවා ඒ නිසා අපි හැරෙමු ලිලි අක්කගේ සීන් කෝන් එක පැත්තට. අපේ ලිලි අක්කගේත් වඩාත්ම සිත්ගත් මෘදුකාංගය තමයි ස්කයිප් කියන්නේ. උන්දැ ස්කයිප් නේම් එක හදාගෙන තියෙන්නේ තමන්ගේ දයාබර ස්වාමියාගේ නමට.  ඉතිං ලිලි අක්ක මේක හදල තියෙන්නේ කන්නාඩි දාගෙන නෙවෙයිලු. කොහොමින් කොහොම හරි චන්ද්‍රපාල කියන තැනට වැදිලා තියෙන්නේ කන්ඩපාල කියල. උන්දැ හවස් වරුවේ වැඩ ටික ඔක්කොම අහවර කොරලා උයල පිහල චන්දරේ අයියා කන්න කලින් පනුවොන්ට බෙහෙත් (විෂ්කි තමයි හොඳම බෙහෙත කියලයි චන්දරේ අයියා කියන්නේ)  බොන අතරේ ලිලි අක්කගේ සහෝදර තුමෙක් එක්ක කයියක් ගහගෙන හිටියලු. ලිලි අක්කා ස්කයිප් එකේ කතා කරන වෙලාවට අහල පහල ඉන්න එව්වෝ කන් වලට ඇබත් ගහගන්නවා කියලයි චන්දරේ අයියා කියන්නේ. මොකද ලංකාවේ ඉන්න කෙනත් එක්ක කතා කොරන්නේ ලංකාවටම ඇහෙන තරම් හයින්ලු. අපි නම් දන්නේ නැහැ චන්දරේ ගොයියා තමයි මටත් මේ බව කිව්වේ. මෙහෙම ඉන්න අතර වාරයේ මුන්දැට ආවලු රිකුවෙස්ට් එකක් හීන් සැරේ එතනට ගිහින් බලල චන්දරේ අයියට කියනවලු. 

ලිලි අක්කා : චන්දරේ මේ බලන්නකෝ කවුද මන්දා මේඩ් කෙනෙක් කොන්ටෑක්ට් එකක් එවලානේ කියලා.
චන්දරේ අයියා : ඒ මොකටද අපිට මේඩ් ලා කොන්ටෑක්ට් එවන්නේ.
ලිලි අක්කා : අනේ මන්ද මේ එවලා තියෙන්නේ උන්නා මේඩ් කියල එක්කෙනෙක්.
චන්දරේ අයියා : මොකාක්......?
ලිලි අක්කා : ඔව් අනේ ඔතන ඉඳන් කෑ ගහන්නේ නැතිව ඇවිල්ලම බලාගන්න කනේ දුම් පිරිලද කොහේ මේ මිනිහගේ සිකරට්ම බීලා 

ඔයාල මොකක්ද හිතන්නේ............ මොකක් කියලද ඒ ඇවිල්ල තිබුනේ එක???????? 








හික් හික් හික් ලිලි නෝනේ මේක උන්නා මේඩ් නෙවෙයි මලා මේඩ් හික් හික් හික්. මෙව්වා හොඳ වෙලාවට ස්කයිප් එකේ අයිතිකාරයාට ඇහෙන්නේ නැත්තේ. ඇහුනා නම් ඒ මනුස්සයා එල්ලිලා මැරෙනවා. 



කරුමේ කියන්නේ ඒ වෙලාවේ කන්නාඩි දෙක අමතක වෙලානේ ලිලි අක්ක ඉඳල තියෙන්නේ.

Wednesday, 13 November 2013

කොටුපැනීම, අම්මයි දුවයි සමග පවුල් කෑ එකා (මාතලන්ට/අපූර්විට පිළිතුරු) 18+++++


මේ පොස්ටුවේ පලවෙනි කොටස කියෙව්වේ නැත්නම් කියවලම එන්නකෝ.
අයියා පස්සෙන් ඒම (ගෘහසේවිකාවන්,ලිංගික අපයෝජන)
  පසුගිය පොස්ටුව රට යන ශ්‍රී ලාංකික කාන්තාවන්ට සිද්දවෙන දේවල් ගැනයි ලියවුනේ. මේ පොස්ටුව බොහොම ආන්දෝලනයකට ලක්වුණු පොස්ටුවක් කියල කියන්න පුළුවන්.මේ පොස්ටුවේ කොමෙන්ටුවක මා සඳහන් කල කරුණක් වෙනුවෙන් අපේ අපූර්වී සහෝදරිය මා ගැන මෙහෙම සඳහන් කරලා තිබුනා.



ඇත්තටම මම එහෙම කිව්වේ ඇයි??????? රට යන ඔක්කොම ගෑනු බඩු කියන සීල් එක ගහල නේද මු මෙහෙම කියල තියන්නේ. ඇත්තටම නැහැ මොකද රට යන ගෑනු ඔක්කොම බඩුත් නෙවෙයි පත්තිනි අම්මලත් නෙවෙයි. මම වෙන  රටවල් ගැන ඒ හැටි දැනීමක් තියෙන එකෙක් නෙවෙයි.(කොටින්ම ලංකාව ගැනවත්) ඒකට හේතුව තමයි මම බහතෝරන කාලේ ඉඳන්ම ඉඳල තියෙන්නේ ඩුබායි වල. මේ ඩුබායි, සාජා අජ්මාන්, රස් අල් ඛයිමා ප්‍රදේශ ගැන මට සෑහෙන්න තරම් දැනීමක් තියෙනවා. ඒ වගේම කලකට පෙර  රූපලාවන්‍යාගාරයක් මාගේ මව සතුව තිබුණු බැවින් ඒ ප්‍රදේශයේ සිටි ලාංකික කාන්තාවන් විශාල ප්‍රමාණයක් එහි සේවය ලබාගන්න පැමිණෙනවාත් දැක තිබෙනවා. ඒ වගේම ඒ එන කාන්තාවන් ගෙන වැඩි දෙනෙක් තමුන්ගේ ස්වාමියා ලෙස හඳුන්වා දෙන පුද්ගලයන් දවසින් දවස වෙනස් වන හැටිත් දැකල තිබෙනවා.මම කියන්නෙ නැහැ රට යන හැම ගෑනීම අනාචාරයේ හැසිරෙනවා කියලා. මොකද හොඳ ලස්සනට තමන්ගේ පාඩුවේ හම්බ කරගෙන තමගේ දරු පවුල් ජීවත් කරන ඉන්න කාන්තාවනුත් මම දැකල තියෙනවා.

මා ලියන මොනම හෝ පොස්ටුවක සඳහන් වන්නේ මා දැක ඇති, අසා ඇති දැනුම ලබා (ඉගෙන ගෙන ඇති දේවල්) පමණයි. සමහර විට මම දැකල නැති අහල නැති වුනාට ඊට වැඩිය හොඳ කාන්තාවන් පිරිසක් ඉන්න පුළුවන් නමුත් පැහැදිලි ලෙසම කනගාටුවෙන් වුනත් මම කියනවා අපිට වැඩිපුර අහන්න දකින්න ලැබෙන්නේ නරක තමයි. මම කිසිම විදියකින් ප්‍රකාශ කරන්නේ නැහැ. මේ වගේ කාන්තාවන් අනාචාරයේ යන්න හේතුව ගෑනුන්ගේ තියෙන වල් කම කියන එක. එකට මිනිස්සුත් 50% දායකත්වයක් ලබල දෙනවා අනිවාර්යයෙන්ම. අවුරුදු 40ක ගැහැනියක් අවුරුදු 20ක කොල්ලෙක් එක්ක යහන්ගත වෙන්නේ ඒ කොල්ලාගේ අනුදැනුමෙන් නෙවෙයි කියල කියන්න බැහැනේ. සිංහලෙන් කියනවනම් බබ්බු නෙවෙයි. කොල්ලත්
කැමැත්තෙන් තමයි යන්නේ. නමුත් අපි කොපමණ වාද කලත්  වැඩක් වෙන්නේ නැහැ. මම පෞද්ගලිකව  දන්නවා කොල්ලෙක් ගෑනු 20කට වැඩිය සම්බන්ධ කම් පවත්වපු. නමුත් කවුරුවත් ඒ කොල්ලාට වචනයක් කියන්නේ නැහැ  ඒ අපේ සමාජයේ හැටි. කොල්ලෝ ටිකක් සෙට් වුනත් කියන්නේ අරූ නියම බුලට් එක බලහන්කො උගේ ටැලන්ට් එක කියන එක. (ඉඳල හිටලා එකෙක් දෙන්නෙක් කියාවි අරූ බඩු කාරය කියන එක නමුත් එතැනදී වන්නේත් ගැහැණියම පහත කිරීමයි) නමුත් කෙල්ලෙක් කාන්තාවක් එක පිරිමියෙක්ගෙන් පිට ගියොත් අනිවාර්‍යයෙන්ම හංවඩු ගහනවා බඩුවක් කියලා.

ඉහත කොමෙන්ටුවේ මට දෙයක් මගහැරිලා තියෙනවා. ඇත්තටම මට ඒක දාන්න තිබුනේ මම දන්න  කියන එකෙක්ට හොයා බලල මිසක් බඳින්න දෙන්නේ නැහැයි කියන එක. නමුත් මා එයට කොමෙන්ටුව කෙටුවේ හදිස්සියෙන් ඒ නිසා මට යම්කිසි මග හැරීමක් වෙලා තියෙනවා. මම හිතනවා නැගණිය ඔයත් ඔයාගේ ඥාති සහෝදරයෙකුට හිතවත් පිරිමි යාලුවෙකුට කසාදයක් හොයද්දි විශේෂයෙන් එහෙම නම කැත වුනු කාන්තාවකට (මේකට හරියන වචනයක් මගේ ඔලුවට ආවේ නැහැ) බන්දලා දෙන්න කැමති වෙයි කියලා.  අපේ මාතලන් අයියා කියල තිබුන මේක "පෞද්ගලික පලිගැනීමක් පිණිස සහ පුරුෂාධිපත්‍ය ඉහට ගහපු. කාන්තාවන් හෙලා දකින ළිපියක්" ලෙස මම එතනදිත් කොමෙන්ටුවකින් ප්‍රකාශ කලා එහෙම එකක් ඇත්තටම නැහැ. මොකද මා මෙහි සඳහන් කරපු  උදවියගෙන් කිසිම කෙනෙක් අන්තර්ජාලය පාවිච්චි නොකරන උදවිය. අනෙක මෙහි ඔවුන්ගේ සඳහන් කරපු නම් ගම කිසිවක් ඇත්ත නම් නොවෙයි. මගේ බ්ලොගේ  දෙවනියට වැඩිම පිරිසක් බලන්නේ ඩුබායි වලින් ඒ හේතුව නිසාම මම ලියුවේ මෙහෙ ඉන්න ඒ උදවියව දන්නා කෙනෙක් බැලුවත් වටහාගන්න බැරිවෙන අන්දමින්.  තව හේතුවක් තමයි අර කොමෙන්ටුවක සඳහන් කල මා හා ප්‍රශ්නයක් ඇති කරගත් කාන්තාව ගැන පොස්ටුවේ කොතනකවත් සඳහන් වෙන්නේ නැහැ. ඒ වෙනම කතාවක්.  මාගේ මේ බ්ලොගය ලිවීමෙ අභිමාර්ථය කිසිවෙකුට අපහාස කිරීම මඩගැසීම හෝ හෙලා දැකීම නොවන බව මම පැහැදිලිවම කියන්න ඕනේ.  එසේ කිරීමෙන් මට ඇති වන කිසිඳු ලාබ ප්‍රයෝජනයක් ආත්මතෘප්තියක් නැති බැවින් එවැනි වැඩ මා, තරයේ හෙලා දකිනවා.  ඒ වගේම මාතලන් අයියා රට හිටියත් ඩුබායි, ජුමෙරා, සත්වා පැත්තේ මේ දිනවල වෙන සිද්දි ඔයා දැකල අහල නැතිව ඇති. මම එහෙ ජීවත් වෙන නිසා මට ඇහෙනවා පේනවා. බස් එකේ ට්‍රේන් එකේ කතා වෙන දේවල්. මම මේ බ්ලොග් එකේ ලියල දැම්ම මතක ඇති මම හිරේ ගිය තාලේ 

හිරකාරයෝ පස්සෙන් ගන්න වැඩ. ඇතුලේ නැත්තේ බඩු විතරද? (18 වැඩි උන් විතරක් කියවන්න) 

නිරුවත් කරලා ඇඟිලි ගහනවා? (18 වැඩි උන් විතරක් කියවන්න)

 

 

මේ වගේ පොස්ට් වලින් මම සමාජයට පණිවිඩයක් දෙන එකයි මගේ බලාපොරොත්තුව එහෙම නැතිව සමාජය නොමග යැවීම නෙවෙයි.

 


ඔන්න මම පොරොන්දුවුන පරිදි ජනකයියගේ කොටු පැනිල්ලත් මේ පොස්ටුවටම එක කරන්නම් කෝ කෙටියෙන්. මම පුරුෂාධිපත්‍ය අනුමත කරන කෙනෙක් නෙවෙයි. ඒ නිසාම අපේ ලංකාවේ පිරිමිත් අනාචාරයේ හැසිරෙන ආකාරය ගැන සිදුවීම් දෙකක් මා කෙටිකරලා ලියන්න අදහස් කරනවා. 


හැමෝටම මතක ඇතිනේ ජනකයියා මතක නැත්නම් මෙතනින් බලල එන්න. ඉතින් මේ ජනකයියට සෙට් වුනා ලංකාවේ හවුස් මේඩ් කෙනෙක් කසාදයක් බඳින වයසත් පහුකරලා හිටපු ජනකයියට මේක නිකන් ඉහේ මලක් පිපුනා වගේ වැඩක් වුනා. ඉතින් හෙමින් හෙමින් යාළු කමින් පටන් ගනිපු මේ දෙන්නගේ අමරණීය ප්‍රේම කතාව ගලාගෙන යනවා. දවසට පැය ගණන් ජෝඩුව ෆෝන් එකේමයි ඉන්නේ. සමහර වෙලාවට ස්පීකර් දාල මටයි ප්‍රසාද්ටත් හලෝ හායි කියන්න දෙනවා. සැබෑම මිහිරි කටහඬක් තමයි ඒ අක්කට තිබුනේ. ආ..... මට කියන්න අමතක වුනානේ මෙයාගේ නම තමයි මාලි. (ඇත්ත නම නෙවෙයි ඇය භාවිතා කල නම) මාලි කියන නමත් අර කුමාරි කියන නම වගේම මෙහෙ පොදු නමක්.   ඉතින් සමහර වෙලාවට කෝල් එහෙම එද්දී මායි ප්‍රසාදුයි පටන් ගන්නවා අර සින්දුව කියන්න. 

සිහින ලොවේ මිහිර මැවූ මාලි.......... කියල.

දවසක් ජනකයියට මාලිගෙන් ඇරයුමක් ලැබෙනවා මේ සම්බන්ධෙ තවත් ඉදිරි පියවරක් තියන්න. ඒ තමයි හම්බ වෙන්න එන්න කියලා. අරාබි ගෙදර ඉන්න ඔවුන්ට එලියට බහින්න ඉඩක් ලැබෙන්නේ නැහැලු නීති හරිම තදයි ලු. ඒ නිසා රෑ වෙලාවක තමයි එන්න කියල තිබුනේ. මේ වෙලාවට ඒ ප්‍රදේශයේ ටැක්සියක් හොයාගන්නත් සෑහෙන්න අමාරුයි. ඒ නිසා ජනා මගෙන් උදව් ඉල්ලුවා ඔහුව ඇරලවන්න යන්න කියල. යන්නේ කොට්ටක් පනින්න වුනත් මට ඉතින් අනුන්ගේ කෙහෙල් මලවල් වැඩක්  නැහැනේ මම කරන්නේ මගේ යාලුවට උදව්වක්. ඒ කාලේ කියන්නේ ෆිට් එකට ඕනේ වලක් බහින කාලෙනේ. ඉතින් ෆිට් එක වැඩිවෙලා පිත්තල හැන්දක් සාක්කුවේ ස්ටෑන්ඩ් බයි තියං ඉන්න තරම් ෆිට් එකක් තමයි මටත් ඒ දවස් වල තිවුනේ. මමත් ඉතින් වාහනෙත් අරගෙන සුභ නැකතින් ලව් කුරුල්ලෝ දෙන්නට උදව් කරන්න පිටත් වුනා.

අපිට එන්න කියල තිබුනේ ටිකක් රෑ වෙන්න නිසා රෑ 9 විතර වෙනකල් බියර් කෑන් දෙකක් බිබී හිටපු අපි දෙන්නා ඔන්න අසවල් ගේ ගාවටත් ආවයි කියමුකෝ. එතනට එන තාලේ කල් තියා මාලි ජනාට කියලයි තිවුනේ. කවුරු හරි එනවනම් මිස් කෝල් එකක් දෙන්න කියපු ජනා තාප්පෙන් පැනල යන්න ගියා. මම හීන් සැරේ ඉතුරු බියර් දෙකට වගකියන්න ගත්තේ තව පයක් විතර මම වෙන මොනවා කරන්නද කියල හිතමින්. ඒ අස්සේ මෝටර් සයිකලෙකින් ආව තවත් ඩයල් එකක් ගේ පැත්තට කුරුමානම් අල්ලනවා මම දැක්කා. මම හිමින් මෑන්ට කිට්ටු කරලා ඇහුව මොනවද කරන්නේ කියලා. පොර ලංකාවේ පොරක් පත්තර බෙදන එකලු ජොබ් එක. මම පොරට වාහනේට කතා කරලා අනෙත් බියර් එක දුන්නේ මොනවා වුනත් අපේ ලංකාවේ එකෙක් නේ කියලා හිතල මේ බියර් එක ටිකක් බාල වර්ගයේ බියර් එකක් 10% ඇල්කොහොල් තියෙනවා. මෙයින් දෙකක් බිව්වා කියන්නේ භාගයක් ගැහුවා වගේ වදිනවා. බියර් එක හිස් කරන අතර වාරයේ දොඩමළු වුනු මොහු (සුද්දා කියල කියමුකෝ) තමන්ගේ කෙරුම් කාර කම් කියන්නට පටන් ගත්තා. මමත් හූ මිටි තියමින් අහන හිටියේ නැත්නම් කම්මැලි කමට මට වෙන කරන්න දෙයක් නැති නිසයි. එක්වරම සුද්ද මගෙන් අහනවා මල්ලි වැඩිය ඕනේ නැහැ. ඔය ඉස්සරහ ගෙදර තියෙනවා නේද එකේ උයන්න ඉන්නේ ලංකාවේ බඩුවක් මම එකිටත් ******* බං යැයි කිවේය. 

එක වරම එය වැටහුනේ නැති බැවින් නැවත වරක් ඇසුවේ එය ක්ලියර් කරගැනීමටයි. ඒ ගෑනු කෙනාගේ නම මොකක්ද? මාලි කියල බං ඇත්ත නමක් නෙවෙයි මාලි කියලයි කියන්නේ. හික් මීයෙක් වගේ ඩයල් එකක් යැයි කීවිට මම ජනාට මිස් කෝල් එකෙක් දුන්නේ ඉක්මන් කරන ලෙස දන්වමිනුයි. ඒ වනවිටත් තලගොයෙකු මෙන් තාප්පයේ බඩගාමින් සිටියේ ජනාය. ගියපු තරම් කික් එකක් එද්දී පොරගේ මූනේ නොවූ බැවින් මා ඒ පිළිබඳව විමසීය. වැඩක් නැහැ මල්ලි යන ගමන් කියන්නම් මේ ඩයල් එක කවුදැයි අසද්දී ඔහුට සුද්දා හදුන්වා දී මා හට පැවසු දේවල් ජනාටද පවසන මෙන් කියුවේ මා හට මෙවැනි සිදුවීම් වලට මැදිහත් වීමේ උවමනාවක් නොවූ බැවිනි. ජනාද සුද්දා වෙත සියලු දේ පැවසු අතර එයට සිනහ සුන ඔහු මල්ලිලා උඹල ලොකු අමාරුවක වැටෙන්නේ. ඔය ගෑනි නොම්මර එකේ බඩුවක් එකපාරක් අස්කරලා යවල ආපහු ගෙන්නාගෙන තියෙන්නේ අරාබියගේ නාකි තාත්ත ඒ මිනිහට දැන් වයස හින්දා වැඩ පල ඔක්කොම කරව ගන්න. මේකිට කොටු නොපනින එකෙක් මේ අහල පහල නැහැ. මමත් යනවා බං තද වුනාම  ඒ වෙන කරනන් දෙයක් නැති හින්දා. අද මම ආවෙත් මේ ඒ වැඩේට තමයි. කොටින්ම කියනවනම් ඕකි  *යි කන යක්ෂනියෙක් කොල්ලෙක් අහුවුනොත් ඉවරයි. අනිවා ඌ එක්ක බුදියනවා. උඹල කසාද බැඳලත් නැති පොඩි එවුන් අහුවෙන්න එපා මේකිට යැයි පැවසීය. මේ විස්තරය ඇසීමෙන් පසු ජනාගේ මුහුණ ගල් රෝලකට අසුවූ නරියෙකුගේ මෙන් දිස්විය. සුද්දාට ස්තූති කල අපි විගසින් එතනින් පිටව ආවේ තව හිටියොත් තවත් දේවල් අහන්ට වෙන බැවිනි. එන ගමන් ජනාට දෙහි කපද්දී පොර විසින් මාගෙන් ඉල්ලා සිටියේ ප්‍රසාද් ඉස්සරහා මේ සිදුවීම කියන්නට එපා කියයි. මෙතෙක් කල් ඒ සිදුවීම අප දෙදෙනා පමණක් දන්නා සිදුවීමක් විය. ජනක යනු ඔහුගේ නමේ කොටසක් වුවත් බොහෝ දෙනා ඔහුව අමතන්නේ වෙනත් නමකින් බැවින් මේ පොස්ටුවෙන්  ඔහුගේ පෞද්ගලිකත්වයට කිසිම හානියක් නොවෙයි. 

මේ බ්ලොග් එක කියවන මැද පෙරදිග කොල්ලන්ට කියන්ට තියෙන්නේ එකම දෙයයි. ලංකාවේ ගැහැණු ඕනෙ තරම් ඉන්නවා සෙට් කරගෙනත් ඇති සමහර උදවිය නමුත් ඒ වෙනුවෙන් ෆෝන් කාර්ඩ් සඳහා තෑගී භෝග සඳහා වියදම් කරන සල්ලි ඉතුරු කරපල්ලා පස්සේ කාලෙක තමන්ගේ ඔරිජිනල් ගෑනිට සලකන්න. මොකද ඔය වටේ යන උන්ට කොච්චර කරත් වැඩක් නැහැ මතක තියෙන්නේ නැහැ නමුත් තමුන්ගේ කසාද ගෑනි කියන්නෙ තමුන්ගේ. එකත් හරියට වාහන වලට ඔරිජිනල් පාර්ට්ස් දාන්නේ නැතිව ඩුප්ලිකේට් දානවා වගේ වැඩක් අවාසි මෙන්න මේවායි 

* කල් පැවැත්මක් නැහැ 
*වගකීමක් නැහැ 
*ආරක්ෂාවක් නැහැ, 
*නාස්තිය පමණයි.
*වාහනේටත් හිතකර නැහැ (හානිදායකයි) 
*අන්තිමට අයියෝ සල්ලි කියල හිතෙනවා.  




ගහෙන් නැගල ඇත්තෙන් බැහීම. (උපුටාගැනීම සුදීක අයියා :D)

නම රොහාන් ප්‍රින්ටින් ප්‍රෙස් එකක පොඩි ප්‍රින්ටින් මැෂිමක ක්‍රියාකරුවෙක් ලෙස රැකියාව කරනු ලබයි. වයස තිස් ගානක් වුවත් එතරම් නොපෙනේ. මාගේ ඥාති සොයුරාගේ බොක්කේ ෆිට් එකක් වේ. මොහු නවාතැන් ගෙන සිටින්නේ හෝර් අල් අන්ස් නමැති පළාතේ මදක් ඇතුලට වන්නට පිහිටි විලා එකකයි.  දිනෙන් දින ඉහල නගින ජීවන බරත් එක්ක කෑම පහසුම සපයාගන්න එක ප්‍රශ්නය වෙලා තිබුනේ. මොකද කෑම සප්ලයි කරපු බලපිටියේ මෙන්ඩියා කසාදයක් බඳින්න ඕනේ කියලා ඩුබායි දාල ගියපු එකේ ප්‍රෙස් එකේ කට්ටියගෙම බඩවල් වලට පාර වැදුනා. මොකද කඩේකින් ඉන්දියන් පිටි ගුලි ගිලිනවට වැඩිය සාධාරණ ගානකට මෙන්ඩියා කෑම ටික දුන්නා. රොහාන් මොනවා නැතත් තමන්ගේ සරීර සෞඛ්‍ය ගැන ගොඩක් හිතන බුවා ජිම් එකට රිංගල හවස් වරුවේ යකඩ කන්නේ ඔය මොකක්දෝ මන්ද එකකට අවශ්‍යයි කියල. ඉතින් ජිම් ගිහිල්ල එන අතරේ තමයි බුවාට රමණි අක්කා සැට් වෙන්නේ. අරාබියගේ වාහනේ හෝදන ගමන් මේ අවුරුදු 45ක පමණ අක්කා රොහාන් එක්ක චැටක් දානවා. රෝහානුත් පැණියා නිසා ඉක්මනට අක්කව ට්‍රැක් එකට දාගන්න මිනිහට හැකියාව ලැබෙනවා. මුලින්ම පොර අක්කත් එක්ක බිස්නස් එකක් කරන්න තමයි සැට් වුනේ ඒ එකමඩේෂන් එකේ ඉන්න ලංකාවේ උන්ට රෑ කෑම සප්ලයි කරන්න  බිස්නස් එක අල්ලලා දෙන එක.


වැඩේ දැන් සරුවට නැගල යනවා. 20කට පමණ කෑම දෙනවා කියන්නේ හොඳ බිස්නස් එකක් අක්කට හැමදාම රෑට අක්කගේ ගෙදරට ගිහින් කෑම අරන් එන්නේ රොහාන් ඉතින් මේ විදියේ හොඳ ව්‍යාපාරයක් සැට් කොරල දුන්නු රොහාන් මල්ලිට අක්ක කලගුණ සලකල තියෙන්නේ යහනට අරන් ගිහිං. (මරු කාලගුණ සැලකීම) ඉතින් මේ වැඩේ නැගගෙන යද්දී අක්කට තනිවම කොරකියා ගන්න බැරි නිසා දික්කසාද වෙලා ලංකාවේ ඉන්න තමන්ගේ ලොකු දෝනියන්දව ගෙන්න ගන්නේ අරාබි මහලාට පින්සෙන්ඩු වෙලා. වීසා එකක් ගහගෙන. කොහොම පින්සෙන්ඩු වුනත් මොකෝ මාසෙකට ලක්සයක් එකහා මාරක් ලාබෙයක් තියෙන නිසා. ඉතින් කොහොම හරි දුවත් ඇවිල්ල මාසෙකින් දෙකකින් අනේ රොහාන් අයියේ  මට අර උදව්ව කරන්න කෝ මේ උදව්ව කරන්න කෝ කියා කියා මිනිහට සමීප වුනාලු.නිකන් දෙනවා ඒඩ්ස් උනත් එපා නොකියන වර්ගයේ මිනිහෙක් වෙච්ච රොහාන්ට මේ චෑන්ස් එක දෙයියෝ ටොකු ඇන ඇන දීපු එකක් වගේ වුනාලු. කොහොම හරි දවල් වරුවේ දවසක අක්කා අරාබි එකක් එලියට ගිහින් හිටපු වෙලාවේ අක්කගේ දූ පොඩ්ඩ රොහාන්ව ගෙන්නගත්තලු. පස්සේ දවසක කොහොම හරි වැඩේ අක්කටත් මාට්ටු වෙලා. අක්ක පොරට කියල තියෙන්නේ දුව එක්ක හිටියට කමක් නැහැ මාව අමතක කරන්න එපා කියන එක විතරලු. කොහොම හරි මෑතක් වෙනකල්ම රොහාන් අම්මගෙයි දූගෙයි දෙන්නගෙම සැප දුක් සොයා බලමින් ජීවත් වුනා කියලයි ආරංචිය. අපේ දමියත් ඔය ගෙවල් අස්සේ රිංගන්න ගිහින් මාට්ටුවෙච්ච නිසයි මාමා මිනිහව ගෙන්නගත්තේ ලංකාවට.






මේ සියලු දේවල් මා ලිවීමෙන් බලාපොරොත්තු වන්නේ එක දෙයයි ඒ සමාජයට යම් පණිවිඩයක් ලබා දීමත් මගේ අත්දැකීම කියවා යම් කිසි කෙනෙක් එයින් යමක් තමන්ගේ ජීවිතයට එකතුකර ගන්නවා නම් එයයි මා මේ බ්ලොගය ලිවීමෙන් බලාපොරොත්තු වන්නේ. මෙය ඔප්පු කර පෙන්වීමට නම්  කැමරාවක් අරන් සිකුරාදා පොඩි කිලෝ මීටර් 10ක පමණ වටයක් ගැහුවනම් බ්ලොග් පොස්ට් 10ට ෆොටෝ හොයා ගන්න පුළුවන් නමුත් මම හිතන්නේ එයින් ඒ මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වයට හානි වෙන නිසා එවැනි දේවල් කරනන් ඕනේ නැහැ. මෙහි සඳහන් කරුණු 100% සත්‍ය තොරතුරු  බවත් නම් ගම පමණක් මනකල්පිත බවත් සලකන්න.ඇත්තටම අපි මේ එමීරයට ආව කාලේ තිබුණු රට නෙවෙයි දැන් තියෙන්නේ. මීට අවුරුදු 19කට 20කට කලින් තිබුණු රට නෙවෙයි රට වැසියෝ වෙනස් සංස්කෘතිය වෙනස්. මිනිස්සුන්ගේ හැදියාව වෙනස්. තමන්ගේ වීසා මත හෝ සැමියාගේ විසා (Privet visa, Husband Visa) වලට සිටින අපේ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් සේවයට ගනිද්දී නවාතැන් එක්ක සහතික කරන ලද විවාහ සහතිකේ අනිවාර්ය දෙයක් කරලා තියෙන්නේ අපේ කට්ටියගේ හැදියාව උපරිම නිසා වෙන්න ඇති. මම වගකීමෙන් කියනවා ජුමෙරා ජීවත් වන ශී ලාංකික ජෝඩු වලින් 25% ඔරිජිනල් ජෝඩු ඉන්නේ. අනෙක් අය ගැන කියන්න අවශ්‍ය නැහැ. 

 

ඊළඟ ලිපියෙන් අපි බලමු ශ්‍රී ලංකා රජයෙන්. තානාපති කාර්යාලයෙන්, කොන්සල් ජෙනරාල් කාර්යාලය යනාදී රජයේ ආයතන ගෘහ සේවිකා ගැටළු ගැන දරන ප්‍රතිපත්තිය ඔවුන්ගේන් ලැබෙන සේවය කොහොමද කියන එක එතෙක් සමුගන්නම්. 

ආ...... තව දෙයක්  මට දැන් දවස් දෙකකට කලින් ස්වීප් එකක් ඇදුනනේ............................ කීයක් කියලද හිතන්නේ 

හැමෝටම තැන්කු වේවා කිව්වා මෙච්චර දුර වලව්ව අරන් ආවට. හැබැයි මටත් පුදුමයි වැඩේට.

ඔය කියන්න තියෙන ඒවා කියලම යන්න හිතේ තියං හිටිය කියල වැඩක් වෙන්නේ නැහැනේ. 

පසුගිය ලිපි:

වැන්දඹුවගේ තනිරැක්ක ජනා සහ ලංකාවේ අලුත්ම ගුවන් සේවය 

බල්ලෙකු සමග ලිංගික ඇසුරක් පැවැත්වූ තරුණිය අමාරුවේ.. 

තම්බිගේ පයිය ගලට සෙට්වුන හැටි 18+ 13+ 21+ ඕනේ කෙනෙ.. 

කසාද බැඳලා කොච්චර කාලෙකින්ද ළමයෙක් හදන්න ඕනේ????? 



Thursday, 7 November 2013

වැන්දඹුවගේ තනිරැක්ක ජනා සහ ලංකාවේ අලුත්ම ගුවන් සේවය. 18+

හ්ම්ම්ම්ම්ම් ලියන්නේ නැහැ නැහැ ලියන්න බැහැ බැහැ කියල හිත හිතඉඳලා ඕනනේ ඔහේ ඕනේ පුකක් කුණුහරපයක් නෙවෙයි  කියල ලියන්න ගත්තා දැන් වෙලාව 12 47යි 3.30 වෙන්නත් සෑහෙන්න වෙලාවක් තියෙනවා. අද මෙගේ ගෙදර උන්දා ඔව් ඔව් කෝරලේ හාමිනේ ලංකාවේ ඉඳල එනවා ආයෙම දොස්තර ගොයියා කියලා දැන් ආවට කමක් නැහැ පරිස්සමෙන් කියලා හික් හික් හික් අපේ උන්දැටත් එන්න තදියම නිසා මට සිද්ද වුනා මිහින් ලංකා එකේ ටිකට් එකක් බුක් කරන්න. මිහින් ලංකා ෆ්ලයිට් එකේ ගමන ගැන මෙහෙ උදවිය සඳහන් (Describe) කරන්නේ  79- ගරුඬ ත්‍රි රෝද රථයක යනවා වගෙයි කියලා. මම නම් දන්නේ නැහැ තාම ගිහින් නැති නිසා (යන්නත් අදහසක් නැහැ) මීට පෙර වතාවකුත් රාත්‍රී 12 එන්න තිබුණු යානය දවල් 12ට තමයි ඇවිල්ල තියෙන්නේ. සෑහෙන්න අඩුපාඩු කම් මැද වුනත් මම එක අතකින් සතුටු වෙනවා අපේ රටේ තියන දෙවන ජාත්‍යන්තර ගුවන් සේවය කියල කියන්න පුළුවන් වීම ගැන. අනේ මන්දා මගෙත් මේ පඳුරු තැලිල්ල කවදා නම් නතර වේවිද දන්නේ නැහැ

මම මේ ලියන් ආවේ මිහින් ලංකා ගුවන් සේවයේ ආරම්භය මට ආරංචි වෙච්ච තාලේ. (හයියෝ ඕකත් මහා ලොකු දෙයක්ද ලියන්න තරම්) අපි කෙලින්ම කතාවට බහිමුකෝ. මේ 2008 වසරේ මැද කාර්තුවක් හැටියට තමයි මට මතක හැටියට.  ඒ ලෙවල් ඉවර වෙලා කැම්පස් පටන්ගන්න කල් පොඩි පාර්ට් ටයිම් එකකට සෙට් වුනා. එතැනදී තමයි මට ජනකයියව හම්බවුනේ මෑන් එතන සේවය කලේ සුළු සේවකයෙකු හැටියටයි. පලවෙනි වතාවට ජොබ් එකකට ගියපු මට කැන්ටිමට කන්න ගිය වෙලාවේ සෑහෙන්න හීනමානයක් තමයි හිතේ තිබුනේ කිව්වොත් මම වැරදි නැහැ. එතන හිටපු එවුන්ගෙන් වයස අඩුම එකා වෙච්ච මට මොකක්දෝ මන්දා අවතක්සේරුවක් මා ගැනම ඇතිවුනා. හීන් සැරේ කෑම ටිකක් බෙදාගෙන පැත්තකට වෙලා කනකොට (මගේ කන නම් කොට නැහැ) ට්‍රේ එකත් අරන් මගේ ලඟින් වාඩිවුණා මනුස්සයෙක් ඇහුවා මල්ලි ඔයා ලංකාවේද කියලා. වෙලාවේ හැටියට මූඩ් අවුල් වෙලා හිටපු මට මේ මනුස්සයාගේ වචන ටිකත් ලොකු සන සීමක් වුනා. කොහොමින් කොහොම හරි දවස ගානේ දවල් කෑම පැයේදී කතාබහ කරලා ලොකු හිතවත් කමක් අපි දෙන්න අතර ගොඩනැගුනා. ජනක නැවතිලා හිටියේ කොම්පනියේම පිටිපස්සේ තිබුණු එකමඩේෂන් වල (ක්වාටස්) එක රූම් එකේ 4 දෙනෙක් ද කොහේ හිටියා. පස්සේ 6 දෙනෙක් කලා.

ජනකගේ රූම් මෙට් පොරගේ අක්කගේ පුතා ප්‍රසාද් ඒකා මගේ වයසේ එකෙක්. මිනිහත් මාත් එක්ක සෑහෙන්න ෆිට් වුනා. කෑම පැයේදී කාල ඉවරවෙලා ඔය රූම් එක පැත්තේ රවුමක් ගහලා දුමක් එහෙම බීල එන්න අපි පුරුදු වෙලා හිටියා. ලංකාවේ පිරවුම් හලක කළමනාකරුවෙකු විදියට වැඩකරලා තියෙන ජනකයියව එතනින් අයින් කරලා තියෙන්නේ. ගෑනු හුටපටෙකට. එතන ඉස්සරහ ගෙදර ඉන්න 


වැන්දබුවගෙන් තමයි මිනිහා දවල් කෑම එක අරන් තියෙන්නේ ඒ ගණන් අතරේ රෑ ඒ කාන්තාවගේ ස්වාමියා නැති අඩුවත් පුරවලා තියෙනවා. ඉතින් මේ දේ ගමේ එවුන්ට දිරවන්නේ නැති දෙයක් වෙලා තියෙනවා. මොකද ඒ ගෑනිත් හොඳ ඇහැට කනට පේන බඩුවක් ලු. තව දෙතුන් දෙනෙක්ම වෙන වෙනම මේ ගෑනි එක්ක සම්බන්ද කම් තියෙනවා කියලත් මූ දනන් ඉඳල තියෙනවා. අන්තිමට පරහට හිටලා තියෙන්නේ ඔය ගමේ වැල ගමේ කපුටන්ට කියන කතාවමයි. කොටින්ම මු හොඳ සල්ලාලයා (තේරෙන සිංහලෙන් කිව්වොත් බඩු කාරයා) ඒ ගැන පස්සේ ලියන්නම් තව කතාවකින් අරාබි ගෙවල් වලට රෑට පැනල වෙච්ච අකරතැබ්බ. 

මේ කොම්පැනියට අදටත් මම කැමති එක හේතුවක් තියෙනවා. ඒ.....  බාර් එක තියෙන්නේ හරියටම කොම්පැනිය ඉස්සරහමයි. පුහ්: බාර් කිව්වට එව්වා මේ ලංකාවේ වගේ බාර් නෙවෙයි. ඔයාලට කියන්න මෙයා ෆුඩ් සිටියට ගියා වගේ ගන්නේ මොනවද කියල හිතාගන්න බැරිතරම් සැර බීම වර්ග ඔය පල්ලෙහා තියෙන පින්තූර වල තියෙන්නේ එකේ යම් යම් එව්වා.


                                               මේ ඉන්නේ කෝරලේ මහත්තයා බෝතලේක හැඩ බල බල







ඉතින් දවසක් බෝතලය වටේ සෙට් වෙලා ජනකයි,ප්‍රසාද්,දමියයි මමයි බොන අතරේ සුපුරුදු නං දෙදවිල්ල පටන් ගත්ත ජනකයියා කියනවා 

ජනක: දමියා මල්ලි මට දැන් එපා වෙලා බං මම යනවා ලංකාවට මේ **ගේ පුතාල පඩි වැඩිකරන්නෙත් නැහැ. ම්හෙට වෙලා අනුන්ගේ ගෑනුන්ට **** ඉන්න වෙලේ මම මන් බඳීන්න ඉන්න එකී වෙන එකෙක් එක්ක පැනලා යාවි ඒ නිසා මම යනවා දැන් ඇති. අතින් හරි ටිකට් අරන් යනවා. 

දමියා: පිස්සු කියවන්න එපා ජනකයියේ ඒකි අද ගියත් එකක් හෙට ගියත් එකයි යන එකා කවදත් යනවා කීයක් හරි හම්බකරගෙන පලයන්. 

ප්‍රසාද්: මූට වැඩිවෙලා....... 

මම: යකෝ අතින් ටිකට් අරං යනවා කියන්නේ සෙල්ලම්ද කීයද මේ කාලේ ටිකට් එකක් වන් වේ වෙනවා ඩිරාම් 1800ක් විතර (60000 ආසන්නයි) 
ජනක: පිශ්ෂුද මල්ලි...........?? මේ ලංකාවේ අලුතින් එයා ලයින් එකක් දාලා එකේ සෑහෙන්න අඩුයි ලු........ 

අපි: හෑ...... මොකක්ද බං ඒ අපි කවුරුත් නොදන්නා එයා ලයින් එක (ඇත්තටම අපි දැනන් හිටියේ නැහැ මිහින් ලංකා ගැන) 
ජනක: ඇයි යකෝ අර ** ටීවී එක බලාපල්ලා.........

මම: හපෝ ඕක මම බලන්නේ නැහැනේ ඕක හූනියම් චැනල් එකනේ. දැන් මොකක්ද එයා ලයින් එකේ නම (වැඩිපුරම යන්නේ ගුරුකම් වල ඇඩ් තමයි) 

ජනක: එකනේ කියන්නේ උඹලට සමාජ දැනීම නැහැ. යකෝ මිහින්තලා එයා වේස්

දමියා: ඈ.... බං ඕක කෙලින්ම මිහින්තලේ උඩට ගොඩබාන එකක්ද?  එලවන්නේ තිස්ස රජ්ජුරුවෝ වෙන්න ඇති. හික් හික් හික්.


ජනක: නැහැ තොගේ ******** ගොඩබාන්නේ

හැබැයි මමයි දමියයි දෙන්නම ගෙදර ආවගමන්ම කල මුල්ම වැඩේ තමයි ගූගලේ එකේ මිහින්තලා එයාවේස් සර්ච් කරන එක. යන්තම් තාත්තගේ පිහිටෙන් හොයාගත්තා මිහින් ලංකා කියන එක තමයි අරූ මිහින්තලා එයා වේස් කියල පටලන් තියෙන්නේ කියලා. ගූගල් දෙයියෝයි තාත්තයි හිටියේ නැත්නම් අපිවත් වැටෙනවා අරූගේ ගණයටම වෙන කාට හරි ඔය දේ ඒ විදියටම කිව්වනම්.මේ ජනකයියගේ එක කතාවක් විතරයි. පොර මැන්ටල් වුනේ කොහොමද? පයි කන යක්ෂණි කොටු පැනල සිද්ද වෙච්ච දේවල් තව පොස්ට් දෙකතුනක්ම ලියන්න තියෙනවා. දැන් තව පැයක් තියෙන නිසා පොඩ්ඩක් ඇහැ පියාගන්නවා. එහෙනම් හැමෝටම ගුඩ් නයිට් වේවා! ගුඩ් මෝර්නින් වේවා! ගුඩ් ඊවිනින් වේවා!! තියෙන මගුලක් වේවා!!!!! කියල ඕන් මං ගියා

පසුගිය පොස්ට් එකෙන් සාර්ථක සංවාදයක් ගොඩනගාගන්න පුළුවන් වුනා. ඇත්තටම බොහොමයක් ඔවුන්ගේ අදහස් යෝජනා චෝදනා ඉතාම වැදගත් විදියට පැහැදිලිව ඉදිරිපත් කරලා තිබුනා. ඒ පිළිබඳව මම සියලුම දෙනාට ස්තූතිවන්ත වෙන අතරම පසුගිය සතියේ වලව්වට පැමිණි උන්දලා වලව්වට දීපු සම්මාන තමයි පහත පින්තූරේ තියෙන්නේ 

බල්ලෙකු සමග ලිංගික ඇසුරක් පැවැත්වූ තරුණිය අමාරුවේ....... 18+++++++

වඩ්ඩාට කෙල උන හැටි. (වඩුමහතෙක්ට උන අකරතැබ්බයක්)

නායකත්ව පුහුණව leadership (01) සියල්ලන්ම කියවිය යු...

ගල් කතාවක් 18+.වල් හිතට කෝකත් වල් තමයි..... 

ගණිකාවක් වෙත ගොස් පොලිසියෙන් මගවියදම් ගෙන පැමිණීමේ.. 

ඩුබායිවල පිලිපීන ගණිකාවෝ, කිඹුල් මස් ,ශ්‍රී ලාංකික..... 

ලෝක විනාශයට පසුවදනක් සහ ෆේස්බුක් ගණිකාවන් (18+) 

ඩුබායි රියදුරු බලපත ඔබට හීනයක්ද? මෙන්න ලේසිම මග. H........





                                          හිනා වෙලා පණ යනවා  ඕයි............... :D

Related Posts Plugin for WordPress, Blogger...