අපි බලමු ලංකාවේ සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක මගුල්ගෙයක් ගන්න තාලේ. මුලින්ම කරන්නේ ගේ ටිකක් ලකෙට පිළිවෙලට හදන එකයි. රබර් පේන්ට් එකක් එහෙම දීල. ජනෙල් දොරවල් පොලිෂ් කරලා පොළොවේ ලැකර් පාරක් එහෙම ගාලා (ටයිල් නොකළ ගෙවල් වල) මේ සැරසෙන්නේ මගුල කන්නටත් වැඩිය අනෙත් පාර්ශවේ උදවියටත් නෑදෑ හිතමිතුරන්ටත් පොඩි ශෝ පාරක් දාන්න. ඉතින් දවස් ගානක් කට්ට කාලා මේ ලස්සන කරපු ගෙදර ලස්සනින් භාගයක් මගුල දවසෙම ඉවර වෙනවා. අනෙක ටික දවස් දෙකතුනකින් නැතිවෙනවා. සේරටම කලින් මැකෙන්නේ අර බිම ගෑව රතු ලැකර් ටික. අන්න ඒ වගේ. ලංකාවේ සෞභාග්‍ය ලොකු ලොකු රටවල උදවියට පෙන්වන්න කල විගඩමක් ලෙසයි මට මේ චෝගම් පෙර සූදානම දැක්කේ. ඒත් ඇතුලෙනම් වැදගත් යමක්සිද්දවුනා කියල අපේ නාඩියා කොලුවා කිව්වා.
කොහොමින් කොහොම හරි රට වටේ ණය වෙලා මගුල කෑවා වගේ නෙවෙයි ණය ගෙවන්න යද්දී තමයි *ක ඉරෙන්නේ. එතකොට තමයි අර ලෝවැඩ සඟරාවේ කවිය මතක් වෙන්නේ "කරන කලට පව් මිහිරිය මී සේ විඳින කලට දුක් දැඩි වේ ගිනි සේ කියල". ඇත්තටම සන්ධාන ආණ්ඩුව අපේ රට සංවර්ධනය කරනවාද එහෙමත් නැත්නම් තමුන් සංවර්ධනය වෙනවාද????????? අද ඇල් පෙනෙත්තේ පටන් මෝටර් රථ දක්වා සියලු බදු වැඩිවෙලා (කරලා) 40 ගණන් වල අපේ ලොකු පුටුවල හිටපු උදවිය හාවර්ඩ් ඔක්ස්ෆර්ඩ් යවපු තමන්ගේ දරුවන්ව අමුඩ ගස්සවලා කුඹුරට බස්සලා සුදු ඒජන්තය එද්දී සුපිරි කඩ්ඩෙන් ටෝක් එක දීල සුද්දා අන්දොස් කරලා ලංකාවේ ගොවියොත් දැන් සුද්දෝ වගේ හොඳට කඩ්ඩ දන්නා උගත් මිනිස්සු කියන පණිවිඩේ රැජිනට යැව්වා කියන සීන් එක මට මතක් වෙනවා. ඇත්තටම ඒ කතාව ඇත්තක් නම් එදා ඉඳල මේ වෙනකල් දේශපාලනේ වෙලා තියෙන්නේ මවා පෑම කියන එක පැහැදිලියි. ග්ලොබෙල්ස් ගේ න්‍යාය පොරටත් වැඩිය සුපිරියට ප්‍රගුණ කරපු උදවිය තමයි අපේ කවුන්සිල් එකේ ඉන්නේ. මුන් මැරුණම දෙන්න ඕනේ දඬුවම් ගැන උපාදියක් කරන්න අපායේ යම රජාටත් ඔක්ස්ෆර්ඩ් වගේ යුනිවසිටි එකකට යන්න වෙනවා.
හැබැයි පුදුමේ කියන්නේ බදු පිට බදු ගැහුවත් එන හැම ජන්දෙන්ම සන්ධානේ දිනන එකයි. මේකට ප්‍රධාන හේතුව විදියට දකින්න පුළුවන් මේ රටේ කොන්දක් පණ තියෙන විපක්ෂයක් නැති කම රනිල් ගොයියා මලත් මූලාසනේ ඇත අරින්නේ නැති නිසා අන්තිමට වෙන්නේ එක්සත් ජාතික පක්ෂේ කිසිම පාර්ලිමේන්තු නියෝජිතයෙක් නැතිව. නායක කම විතරක් උන්දැට ඉතිරි වෙන එකයි. සෝමේ අයියල මොන ගොන් ටෝක් දැම්මත් රටේ 3වැනි බලවේගේ වෙන්නවත් උන්දලාට හැකියාවක් නැහැ. අනෙක අපේ පූජ්‍ය පක්සේ උදවිය ජන්දෙට එද්දී කිව්වේ වෙන අකටයුතු කම් වලට විරුද්ද වෙනවා. සිවුරේ පවර් එක විතරක් නෙවෙයි දේශපාලන හයියත් තියෙනවා කියන්නේ කෙලින්ම ආණ්ඩුවේ නොපනත් කම් වලට විරුද්ධ වෙන්න පුළුවන් කියන එක. ඒ වුනත් හක්ගෙඩි සැට් එක පාර්ලිමේන්තු එද්දී කිව්ව කතා ඔක්කොම උන්නාන්සේලට අමතක වෙලා තියෙන ආකාරය නම් දුකට කරුණක්.
අනෙත් කාරණේ තමයි අපේ හැඳුනුම්පත් සෑදීම පාකිස්තානේ වගේ රටකට දෙන්න තරම් අපේ මහා උන්දැ මෝඩ වුනේ කොහොමද කියන එක....... මම දකින විදියට මේ ලෝකේ තියෙන වැඩියෙන්ම සාපලත් (අපරාධ සිද්ධවෙන) රට තමයි පාකිස්තානේ. දිනකට පස්වතාවක් යටිගිරියෙන් දෙයියොන්ගේ ගුණ කිව්වට පැයකට වතාවක් බෝම්බයක් පිපිරෙනවා. දවසට ඉපදෙන ගානට වැඩිගානක් මැරෙනවා. අල් කයිඩා, තලෙයිබාන්, ජිහාඩ්,වහාබ් අරව මෙව්වා කියල ත්‍රස්තවාදී කන්ඩායම්ම කීයක් තියෙනවද?????? පක්කොන්ගේ රටේ උන්ගේ ජාතික හැඳුනුම් පත මම හිතන විදියට තවම ලොක්ක දැකල නැතිව ඇති. අගනුවර ඇරුනාම ගොඩක් එවුන් පාවිච්චි කරන්නේ හාල් පොතක් වගේ තියෙන පින්තූර කෑල්ලක් අලවපු හැඳුනුම් පතක්. උන්ගේ රටේ දේවල් වත් කරගන්න බැරි රටකට අපේ රටේ හැඳුනුම් පත් හදන්න බාර දෙන්නේ බත්කන අම්බරුවෙක් මිස වෙන කවුද????? ඇත්තටම අපේ ආණ්ඩුවේ දේශපාලනය නත්තල් සීයාව මාගේ මතකයට නගයි. විපක්ෂයේ කොන්ද පණ තියෙන එකෙකු ඇත්නම් ඌව බිලීබා ගැනීමට (උගේ කට වැසීමට) නම් එය කිරීමට ඇති පහසුම මග උගේ මඩිය තර කිරීමයි. ඒ වගේම චෝගම් එකට සිං කාරය පිටුපෑම නිසා සිංට රිද්දවන්නට පක්කොන්ට මේ කොන්තරාත්තුව ලොක්කා ලාබාදීල තියෙනවා කියලයි ආරංචි වෙන්නේ.
වසර 30 පුරා දමිල ත්‍රස්තවාදයෙන් දුක් වින්ද රටක් බේරාගැනීමට හැකිවූයේ මහින්ද මහත්මයාගේ දූර කාලයේදී බව හැබෑව. ලෝකේ තියෙන භයානකම ත්‍රස්තවාදයෙන් රට මුදා ගත්ත එක ගැනත් මම ඔහුට අනෙක වාරයක් ස්තූති වන්ත වෙනවා. නමුත් මේ කරන්නට යන්නේ අහක යන නයි රෙද්ද අස්සේ දමාගැනීමක් කියල නීති ක්ෂේස්ත්‍රයේ ඉහල දැනීමක් ඇති උන්දැට තේරෙන්න ඕනේ. මොකද පකිස්තානෙට පුළුවන් කම තියෙනවා මේ කොන්ත්‍රාත්තුව හරහා මුස්ලිම් අන්තවාදින් ලොරි ගණන් මේ රටට පටවන්න. "NADRA" (National Database and Registration Authority) කියන්නේ පාකිස්තානයේ ජාතික හැඳුනුම්පත් නිකුත්කරන ආයතනයයි. පහත සඳහන් වන්නේ. ඔවුන්ගේ යෝජිත හැඳුනුම් පතක්
මෙවැනි හැඳුනුම් පතක් තියෙන රටක ආරක්ෂක තත්වය ගැන හැඟීමක් අපිට ඇතිකරගන්න පුළුවන් මක්නිසාද යත් නවීන තාක්ෂණයෙන් නිපදවුණු මෙවැනි හැඳුනුම් පතක් හොරෙන් සෑදීම කිරීමට අසීරු දෙයක් එමෙන්ම එහි ඇති ඩේටා (දත්ත) සෑම අතින්ම ආරක්ෂිතයි. නමුත් බලන්න අද පාකිස්තානයේ තත්වය. මේ හැඳුනුම් පත තිබියදීත් එවැනි භයානක වටපිටාවක් පාකිස්තානයේ නිර්මාණය වෙලා තිබෙනවා. කෙනෙකුට සංචාරය නොකිරීම සඳහා නුසුදුසු රටවල් වල ඉහලම රැඳිලා තියෙනවා පාකිස්තානය. අනෙත් හේතුව තමයි හැකර් වරුන් යනු පාකිස්තානයේ ත්‍රස්තවාදය තරමටම පැතිරුණ භීතිකාවක්. මේ වෙනකොටත් ගොන්දීන් කියල ඇමති කෙනෙක් පාකිස්තානු සරණාගතයෝ තොග ගණන් උතුරු නැගෙනහිර පදිංචි කරනවා කියල පහුගිය දවස් වල ආරංචි වුනා. මෙතන මම කියන්නේ නැහැ හැම මුස්ලිම් කෙනාම ත්‍රස්තවාදියෙක් කියලා නමුත් 95% ත්‍රස්තවාදීන් මුස්ලිම් කියන එක හැමෝම දන්නවා. අර කාන්තා අධ්‍යාපන නිදහස ගැන බ්ලොග් එකේ කතා කරපු පොඩි කෙල්ලව එච්චර ඉක්මනට හොයාගෙන.
ඇයගේ පාසල් වේලාවන් ගැනත් අවභෝදයක් ලබාගෙන ඇයට වෙඩිතියන්න මේ දත්ත භාවිතා කලේ නැහැයි කියලා කාටද සහතික වෙන්න පුළුවන්??? මේ පිළිබඳව මම වැඩිදුර කතාකරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ මම ආගම්වාදියෙක් ජාතිවාදියෙක් කියෙන ලේබලය මේ ලිපිය හරහා වදිනවා කියන එක මා දන්නවා වුවත් මෙය ලිවිය යුතුයි අපේ රටේ ජනතාව මේ පිළිබඳව දැනුවත් වියයුතුයි කියන අරමුණ නිසාවෙන් මා මේ ලිපිය ලියු බව කියන්න කැමතියි.
දමිල ත්‍රස්තවාදයෙන් බැටකාපු අපේ උදවිය දැන් ඒ කාලේ ඒ තත්වේ අමතක කරලා ජොලි දැම්මට දමිල ත්‍රස්තවාදය වගේ නෙවෙයි පුතේ මුස්ලිම් ත්‍රස්තවාදය ඇතිවුවහොත්......... ඒ සඳහා අතවනන පිරිස් අපි අතරම සිටිනවා. අනෙක මේ දිනවල යන විවිධ රැලි හලාල් විරෝධී, මුස්ලිම් විරෝධී රැලි නිසා ඒ තත්වය තවත් වැඩිදියුණු වෙලා. මම තවත් දෙයක් කියන්න කැමතියි මේ මුස්ලිම් කඩ වර්ජනය කරන්න කියන උදවියට. ඔයිට වැඩිය සේවයක් සමාජෙට,ජාතියට,ආගමට කරන්න පුළුවන් එමෙන්ම ඔබලාගේ පණිවිඩය ජනතාව 100% ක්‍රියාත්මක කරයි. සිංහල ව්‍යාපාරිකයන්ගේ සංගමයක් හදලා මුස්ලිම් කඩවල මිලට වැඩිය අඩුවෙන් වෙළදාම කලානම්. මක් නිසාද
කියනවනම් අද රටේ තියෙන ආර්ථිකයට අනුව මිනිස්සු ප්‍රායෝගිකව තමන්ගේ ආගම ජාතියට වැඩිය තමුන්ගේ පොකැට්ටුව ගැන හිතනවා. මුස්ලිම් කඩවල අඩුවට තියෙන දෙයක් නොගෙන වැඩි ගානක් දීල සිංහල කඩේකින් දෙයක් ගන්න එක ප්‍රායෝගික නැහැ. (දවසක් දෙකක් කරයි) බොදුබල සේනාව ඇතුළු (බෞද්ධ උන්නතියට) වැඩ කරණ අංශ මෙයිට වැඩිය වගකීමකින් සංවිධානයකින් යුතුව මේ වැඩේ කලානම් මෙයිට වැඩිය ප්‍රගතියක් ලබාගත හැකියි කියන එකයි මගේ අදහස. තම්බින්ගේ කූට කුමන්ත්‍රණ කියා කියා බැන බැන වැය කරන කාලේ ඉහත සඳහන් ආකාරයේ දෙයක් ක්‍රියාත්මක කලානම් ඒ මුස්ලිම් වරුන්ට යන මුදල් නවත්වන්න පුළුවන්.
ප.ලි: මෙය ජාතිවාදී ආගම් වාදී ලිපියක් නොවන බව කරුණාවෙන් සලකන්න.