මේ පොස්ටුවේ පලවෙනි කොටස කියෙව්වේ නැත්නම් කියවලම එන්නකෝ.
අයියා පස්සෙන් ඒම (ගෘහසේවිකාවන්,ලිංගික අපයෝජන)
පසුගිය පොස්ටුව රට යන ශ්‍රී ලාංකික කාන්තාවන්ට සිද්දවෙන දේවල් ගැනයි ලියවුනේ. මේ පොස්ටුව බොහොම ආන්දෝලනයකට ලක්වුණු පොස්ටුවක් කියල කියන්න පුළුවන්.මේ පොස්ටුවේ කොමෙන්ටුවක මා සඳහන් කල කරුණක් වෙනුවෙන් අපේ අපූර්වී සහෝදරිය මා ගැන මෙහෙම සඳහන් කරලා තිබුනා.

ඇත්තටම මම එහෙම කිව්වේ ඇයි??????? රට යන ඔක්කොම ගෑනු බඩු කියන සීල් එක ගහල නේද මු මෙහෙම කියල තියන්නේ. ඇත්තටම නැහැ මොකද රට යන ගෑනු ඔක්කොම බඩුත් නෙවෙයි පත්තිනි අම්මලත් නෙවෙයි. මම වෙන රටවල් ගැන ඒ හැටි දැනීමක් තියෙන එකෙක් නෙවෙයි.(කොටින්ම ලංකාව ගැනවත්) ඒකට හේතුව තමයි මම බහතෝරන කාලේ ඉඳන්ම ඉඳල තියෙන්නේ ඩුබායි වල. මේ ඩුබායි, සාජා අජ්මාන්, රස් අල් ඛයිමා ප්‍රදේශ ගැන මට සෑහෙන්න තරම් දැනීමක් තියෙනවා. ඒ වගේම කලකට පෙර රූපලාවන්‍යාගාරයක් මාගේ මව සතුව තිබුණු බැවින් ඒ ප්‍රදේශයේ සිටි ලාංකික කාන්තාවන් විශාල ප්‍රමාණයක් එහි සේවය ලබාගන්න පැමිණෙනවාත් දැක තිබෙනවා. ඒ වගේම ඒ එන කාන්තාවන් ගෙන වැඩි දෙනෙක් තමුන්ගේ ස්වාමියා ලෙස හඳුන්වා දෙන පුද්ගලයන් දවසින් දවස වෙනස් වන හැටිත් දැකල තිබෙනවා.මම කියන්නෙ නැහැ රට යන හැම ගෑනීම අනාචාරයේ හැසිරෙනවා කියලා. මොකද හොඳ ලස්සනට තමන්ගේ පාඩුවේ හම්බ කරගෙන තමගේ දරු පවුල් ජීවත් කරන ඉන්න කාන්තාවනුත් මම දැකල තියෙනවා.
මා ලියන මොනම හෝ පොස්ටුවක සඳහන් වන්නේ මා දැක ඇති, අසා ඇති දැනුම ලබා (ඉගෙන ගෙන ඇති දේවල්) පමණයි. සමහර විට මම දැකල නැති අහල නැති වුනාට ඊට වැඩිය හොඳ කාන්තාවන් පිරිසක් ඉන්න පුළුවන් නමුත් පැහැදිලි ලෙසම කනගාටුවෙන් වුනත් මම කියනවා අපිට වැඩිපුර අහන්න දකින්න ලැබෙන්නේ නරක තමයි. මම කිසිම විදියකින් ප්‍රකාශ කරන්නේ නැහැ. මේ වගේ කාන්තාවන් අනාචාරයේ යන්න හේතුව ගෑනුන්ගේ තියෙන වල් කම කියන එක. එකට මිනිස්සුත් 50% දායකත්වයක් ලබල දෙනවා අනිවාර්යයෙන්ම. අවුරුදු 40ක ගැහැනියක් අවුරුදු 20ක කොල්ලෙක් එක්ක යහන්ගත වෙන්නේ ඒ කොල්ලාගේ අනුදැනුමෙන් නෙවෙයි කියල කියන්න බැහැනේ. සිංහලෙන් කියනවනම් බබ්බු නෙවෙයි. කොල්ලත්

කැමැත්තෙන් තමයි යන්නේ. නමුත් අපි කොපමණ වාද කලත් වැඩක් වෙන්නේ නැහැ. මම පෞද්ගලිකව දන්නවා කොල්ලෙක් ගෑනු 20කට වැඩිය සම්බන්ධ කම් පවත්වපු. නමුත් කවුරුවත් ඒ කොල්ලාට වචනයක් කියන්නේ නැහැ ඒ අපේ සමාජයේ හැටි. කොල්ලෝ ටිකක් සෙට් වුනත් කියන්නේ අරූ නියම බුලට් එක බලහන්කො උගේ ටැලන්ට් එක කියන එක. (ඉඳල හිටලා එකෙක් දෙන්නෙක් කියාවි අරූ බඩු කාරය කියන එක නමුත් එතැනදී වන්නේත් ගැහැණියම පහත කිරීමයි) නමුත් කෙල්ලෙක් කාන්තාවක් එක පිරිමියෙක්ගෙන් පිට ගියොත් අනිවාර්‍යයෙන්ම හංවඩු ගහනවා බඩුවක් කියලා.
ඉහත කොමෙන්ටුවේ මට දෙයක් මගහැරිලා තියෙනවා. ඇත්තටම මට ඒක දාන්න තිබුනේ මම දන්න කියන එකෙක්ට හොයා බලල මිසක් බඳින්න දෙන්නේ නැහැයි කියන එක. නමුත් මා එයට කොමෙන්ටුව කෙටුවේ හදිස්සියෙන් ඒ නිසා මට යම්කිසි මග හැරීමක් වෙලා තියෙනවා. මම හිතනවා නැගණිය ඔයත් ඔයාගේ ඥාති සහෝදරයෙකුට හිතවත් පිරිමි යාලුවෙකුට කසාදයක් හොයද්දි විශේෂයෙන් එහෙම නම කැත වුනු කාන්තාවකට (මේකට හරියන වචනයක් මගේ ඔලුවට ආවේ නැහැ) බන්දලා දෙන්න කැමති වෙයි කියලා. අපේ මාතලන් අයියා කියල තිබුන මේක "පෞද්ගලික පලිගැනීමක් පිණිස සහ පුරුෂාධිපත්‍ය ඉහට ගහපු. කාන්තාවන් හෙලා දකින ළිපියක්" ලෙස මම එතනදිත් කොමෙන්ටුවකින් ප්‍රකාශ කලා එහෙම එකක් ඇත්තටම නැහැ. මොකද මා මෙහි සඳහන් කරපු උදවියගෙන් කිසිම කෙනෙක් අන්තර්ජාලය පාවිච්චි නොකරන උදවිය. අනෙක මෙහි ඔවුන්ගේ සඳහන් කරපු නම් ගම කිසිවක් ඇත්ත නම් නොවෙයි. මගේ බ්ලොගේ දෙවනියට වැඩිම පිරිසක් බලන්නේ ඩුබායි වලින් ඒ හේතුව නිසාම මම ලියුවේ මෙහෙ ඉන්න ඒ උදවියව දන්නා කෙනෙක් බැලුවත් වටහාගන්න බැරිවෙන අන්දමින්. තව හේතුවක් තමයි අර කොමෙන්ටුවක සඳහන් කල මා හා ප්‍රශ්නයක් ඇති කරගත් කාන්තාව ගැන පොස්ටුවේ කොතනකවත් සඳහන් වෙන්නේ නැහැ. ඒ වෙනම කතාවක්. මාගේ මේ බ්ලොගය ලිවීමෙ අභිමාර්ථය කිසිවෙකුට අපහාස කිරීම මඩගැසීම හෝ හෙලා දැකීම නොවන බව මම පැහැදිලිවම කියන්න ඕනේ. එසේ කිරීමෙන් මට ඇති වන කිසිඳු ලාබ ප්‍රයෝජනයක් ආත්මතෘප්තියක් නැති බැවින් එවැනි වැඩ මා, තරයේ හෙලා දකිනවා. ඒ වගේම මාතලන් අයියා රට හිටියත් ඩුබායි, ජුමෙරා, සත්වා පැත්තේ මේ දිනවල වෙන සිද්දි ඔයා දැකල අහල නැතිව ඇති. මම එහෙ ජීවත් වෙන නිසා මට ඇහෙනවා පේනවා. බස් එකේ ට්‍රේන් එකේ කතා වෙන දේවල්. මම මේ බ්ලොග් එකේ ලියල දැම්ම මතක ඇති මම හිරේ ගිය තාලේ
හිරකාරයෝ පස්සෙන් ගන්න වැඩ. ඇතුලේ නැත්තේ බඩු විතරද? (18 වැඩි උන් විතරක් කියවන්න)
නිරුවත් කරලා ඇඟිලි ගහනවා? (18 වැඩි උන් විතරක් කියවන්න)
මේ වගේ පොස්ට් වලින් මම සමාජයට පණිවිඩයක් දෙන එකයි මගේ බලාපොරොත්තුව එහෙම නැතිව සමාජය නොමග යැවීම නෙවෙයි.
ඔන්න මම පොරොන්දුවුන පරිදි ජනකයියගේ කොටු පැනිල්ලත් මේ පොස්ටුවටම එක කරන්නම් කෝ කෙටියෙන්. මම පුරුෂාධිපත්‍ය අනුමත කරන කෙනෙක් නෙවෙයි. ඒ නිසාම අපේ ලංකාවේ පිරිමිත් අනාචාරයේ හැසිරෙන ආකාරය ගැන සිදුවීම් දෙකක් මා කෙටිකරලා ලියන්න අදහස් කරනවා.
හැමෝටම මතක ඇතිනේ ජනකයියා මතක නැත්නම් මෙතනින් බලල එන්න. ඉතින් මේ ජනකයියට සෙට් වුනා ලංකාවේ හවුස් මේඩ් කෙනෙක් කසාදයක් බඳින වයසත් පහුකරලා හිටපු ජනකයියට මේක නිකන් ඉහේ මලක් පිපුනා වගේ වැඩක් වුනා. ඉතින් හෙමින් හෙමින් යාළු කමින් පටන් ගනිපු මේ දෙන්නගේ අමරණීය ප්‍රේම කතාව ගලාගෙන යනවා. දවසට පැය ගණන් ජෝඩුව ෆෝන් එකේමයි ඉන්නේ. සමහර වෙලාවට ස්පීකර් දාල මටයි ප්‍රසාද්ටත් හලෝ හායි කියන්න දෙනවා. සැබෑම මිහිරි කටහඬක් තමයි ඒ අක්කට තිබුනේ. ආ..... මට කියන්න අමතක වුනානේ මෙයාගේ නම තමයි මාලි. (ඇත්ත නම නෙවෙයි ඇය භාවිතා කල නම) මාලි කියන නමත් අර කුමාරි කියන නම වගේම මෙහෙ පොදු නමක්. ඉතින් සමහර වෙලාවට කෝල් එහෙම එද්දී මායි ප්‍රසාදුයි පටන් ගන්නවා අර සින්දුව කියන්න.
සිහින ලොවේ මිහිර මැවූ මාලි.......... කියල.
දවසක් ජනකයියට මාලිගෙන් ඇරයුමක් ලැබෙනවා මේ සම්බන්ධෙ තවත් ඉදිරි පියවරක් තියන්න. ඒ තමයි හම්බ වෙන්න එන්න කියලා. අරාබි ගෙදර ඉන්න ඔවුන්ට එලියට බහින්න ඉඩක් ලැබෙන්නේ නැහැලු නීති හරිම තදයි ලු. ඒ නිසා රෑ වෙලාවක තමයි එන්න කියල තිබුනේ. මේ වෙලාවට ඒ ප්‍රදේශයේ ටැක්සියක් හොයාගන්නත් සෑහෙන්න අමාරුයි. ඒ නිසා ජනා මගෙන් උදව් ඉල්ලුවා ඔහුව ඇරලවන්න යන්න කියල. යන්නේ කොට්ටක් පනින්න වුනත් මට ඉතින් අනුන්ගේ කෙහෙල් මලවල් වැඩක් නැහැනේ මම කරන්නේ මගේ යාලුවට උදව්වක්. ඒ කාලේ කියන්නේ ෆිට් එකට ඕනේ වලක් බහින කාලෙනේ. ඉතින් ෆිට් එක වැඩිවෙලා පිත්තල හැන්දක් සාක්කුවේ ස්ටෑන්ඩ් බයි තියං ඉන්න තරම් ෆිට් එකක් තමයි මටත් ඒ දවස් වල තිවුනේ. මමත් ඉතින් වාහනෙත් අරගෙන සුභ නැකතින් ලව් කුරුල්ලෝ දෙන්නට උදව් කරන්න පිටත් වුනා.
අපිට එන්න කියල තිබුනේ ටිකක් රෑ වෙන්න නිසා රෑ 9 විතර වෙනකල් බියර් කෑන් දෙකක් බිබී හිටපු අපි දෙන්නා ඔන්න අසවල් ගේ ගාවටත් ආවයි කියමුකෝ. එතනට එන තාලේ කල් තියා මාලි ජනාට කියලයි තිවුනේ. කවුරු හරි එනවනම් මිස් කෝල් එකක් දෙන්න කියපු ජනා තාප්පෙන් පැනල යන්න ගියා. මම හීන් සැරේ ඉතුරු බියර් දෙකට වගකියන්න ගත්තේ තව පයක් විතර මම වෙන මොනවා කරන්නද කියල හිතමින්. ඒ අස්සේ මෝටර් සයිකලෙකින් ආව තවත් ඩයල් එකක් ගේ පැත්තට කුරුමානම් අල්ලනවා මම දැක්කා. මම හිමින් මෑන්ට කිට්ටු කරලා ඇහුව මොනවද කරන්නේ කියලා. පොර ලංකාවේ පොරක් පත්තර බෙදන එකලු ජොබ් එක. මම පොරට වාහනේට කතා කරලා අනෙත් බියර් එක දුන්නේ මොනවා වුනත් අපේ ලංකාවේ එකෙක් නේ කියලා හිතල මේ බියර් එක ටිකක් බාල වර්ගයේ බියර් එකක් 10% ඇල්කොහොල් තියෙනවා. මෙයින් දෙකක් බිව්වා කියන්නේ භාගයක් ගැහුවා වගේ වදිනවා. බියර් එක හිස් කරන අතර වාරයේ දොඩමළු වුනු මොහු (සුද්දා කියල කියමුකෝ) තමන්ගේ කෙරුම් කාර කම් කියන්නට පටන් ගත්තා. මමත් හූ මිටි තියමින් අහන හිටියේ නැත්නම් කම්මැලි කමට මට වෙන කරන්න දෙයක් නැති නිසයි. එක්වරම සුද්ද මගෙන් අහනවා මල්ලි වැඩිය ඕනේ නැහැ. ඔය ඉස්සරහ ගෙදර තියෙනවා නේද එකේ උයන්න ඉන්නේ ලංකාවේ බඩුවක් මම එකිටත් ******* බං යැයි කිවේය.
එක වරම එය වැටහුනේ නැති බැවින් නැවත වරක් ඇසුවේ එය ක්ලියර් කරගැනීමටයි. ඒ ගෑනු කෙනාගේ නම මොකක්ද? මාලි කියල බං ඇත්ත නමක් නෙවෙයි මාලි කියලයි කියන්නේ. හික් මීයෙක් වගේ ඩයල් එකක් යැයි කීවිට මම ජනාට මිස් කෝල් එකෙක් දුන්නේ ඉක්මන් කරන ලෙස දන්වමිනුයි. ඒ වනවිටත් තලගොයෙකු මෙන් තාප්පයේ බඩගාමින් සිටියේ ජනාය. ගියපු තරම් කික් එකක් එද්දී පොරගේ මූනේ නොවූ බැවින් මා ඒ පිළිබඳව විමසීය. වැඩක් නැහැ මල්ලි යන ගමන් කියන්නම් මේ ඩයල් එක කවුදැයි අසද්දී ඔහුට සුද්දා හදුන්වා දී මා හට පැවසු දේවල් ජනාටද පවසන මෙන් කියුවේ මා හට මෙවැනි සිදුවීම් වලට මැදිහත් වීමේ උවමනාවක් නොවූ බැවිනි. ජනාද සුද්දා වෙත සියලු දේ පැවසු අතර එයට සිනහ සුන ඔහු මල්ලිලා උඹල ලොකු අමාරුවක වැටෙන්නේ. ඔය ගෑනි නොම්මර එකේ බඩුවක් එකපාරක් අස්කරලා යවල ආපහු ගෙන්නාගෙන තියෙන්නේ අරාබියගේ නාකි තාත්ත ඒ මිනිහට දැන් වයස හින්දා වැඩ පල ඔක්කොම කරව ගන්න. මේකිට කොටු නොපනින එකෙක් මේ අහල පහල නැහැ. මමත් යනවා බං තද වුනාම ඒ වෙන කරනන් දෙයක් නැති හින්දා. අද මම ආවෙත් මේ ඒ වැඩේට තමයි. කොටින්ම කියනවනම් ඕකි *යි කන යක්ෂනියෙක් කොල්ලෙක් අහුවුනොත් ඉවරයි. අනිවා ඌ එක්ක බුදියනවා. උඹල කසාද බැඳලත් නැති පොඩි එවුන් අහුවෙන්න එපා මේකිට යැයි පැවසීය. මේ විස්තරය ඇසීමෙන් පසු ජනාගේ මුහුණ ගල් රෝලකට අසුවූ නරියෙකුගේ මෙන් දිස්විය. සුද්දාට ස්තූති කල අපි විගසින් එතනින් පිටව ආවේ තව හිටියොත් තවත් දේවල් අහන්ට වෙන බැවිනි. එන ගමන් ජනාට දෙහි කපද්දී පොර විසින් මාගෙන් ඉල්ලා සිටියේ ප්‍රසාද් ඉස්සරහා මේ සිදුවීම කියන්නට එපා කියයි. මෙතෙක් කල් ඒ සිදුවීම අප දෙදෙනා පමණක් දන්නා සිදුවීමක් විය. ජනක යනු ඔහුගේ නමේ කොටසක් වුවත් බොහෝ දෙනා ඔහුව අමතන්නේ වෙනත් නමකින් බැවින් මේ පොස්ටුවෙන් ඔහුගේ පෞද්ගලිකත්වයට කිසිම හානියක් නොවෙයි.
මේ බ්ලොග් එක කියවන මැද පෙරදිග කොල්ලන්ට කියන්ට තියෙන්නේ එකම දෙයයි. ලංකාවේ ගැහැණු ඕනෙ තරම් ඉන්නවා සෙට් කරගෙනත් ඇති සමහර උදවිය නමුත් ඒ වෙනුවෙන් ෆෝන් කාර්ඩ් සඳහා තෑගී භෝග සඳහා වියදම් කරන සල්ලි ඉතුරු කරපල්ලා පස්සේ කාලෙක තමන්ගේ ඔරිජිනල් ගෑනිට සලකන්න. මොකද ඔය වටේ යන උන්ට කොච්චර කරත් වැඩක් නැහැ මතක තියෙන්නේ නැහැ නමුත් තමුන්ගේ කසාද ගෑනි කියන්නෙ තමුන්ගේ. එකත් හරියට වාහන වලට ඔරිජිනල් පාර්ට්ස් දාන්නේ නැතිව ඩුප්ලිකේට් දානවා වගේ වැඩක් අවාසි මෙන්න මේවායි
* කල් පැවැත්මක් නැහැ
*වගකීමක් නැහැ
*ආරක්ෂාවක් නැහැ,
*නාස්තිය පමණයි.
*වාහනේටත් හිතකර නැහැ (හානිදායකයි)
*අන්තිමට අයියෝ සල්ලි කියල හිතෙනවා.
ගහෙන් නැගල ඇත්තෙන් බැහීම. (උපුටාගැනීම සුදීක අයියා :D)
නම රොහාන් ප්‍රින්ටින් ප්‍රෙස් එකක පොඩි ප්‍රින්ටින් මැෂිමක ක්‍රියාකරුවෙක් ලෙස රැකියාව කරනු ලබයි. වයස තිස් ගානක් වුවත් එතරම් නොපෙනේ. මාගේ ඥාති සොයුරාගේ බොක්කේ ෆිට් එකක් වේ. මොහු නවාතැන් ගෙන සිටින්නේ හෝර් අල් අන්ස් නමැති පළාතේ මදක් ඇතුලට වන්නට පිහිටි විලා එකකයි. දිනෙන් දින ඉහල නගින ජීවන බරත් එක්ක කෑම පහසුම සපයාගන්න එක ප්‍රශ්නය වෙලා තිබුනේ. මොකද කෑම සප්ලයි කරපු බලපිටියේ මෙන්ඩියා කසාදයක් බඳින්න ඕනේ කියලා ඩුබායි දාල ගියපු එකේ ප්‍රෙස් එකේ කට්ටියගෙම බඩවල් වලට පාර වැදුනා. මොකද කඩේකින් ඉන්දියන් පිටි ගුලි ගිලිනවට වැඩිය සාධාරණ ගානකට මෙන්ඩියා කෑම ටික දුන්නා. රොහාන් මොනවා නැතත් තමන්ගේ සරීර සෞඛ්‍ය ගැන ගොඩක් හිතන බුවා ජිම් එකට රිංගල හවස් වරුවේ යකඩ කන්නේ ඔය මොකක්දෝ මන්ද එකකට අවශ්‍යයි කියල. ඉතින් ජිම් ගිහිල්ල එන අතරේ තමයි බුවාට රමණි අක්කා සැට් වෙන්නේ. අරාබියගේ වාහනේ හෝදන ගමන් මේ අවුරුදු 45ක පමණ අක්කා රොහාන් එක්ක චැටක් දානවා. රෝහානුත් පැණියා නිසා ඉක්මනට අක්කව ට්‍රැක් එකට දාගන්න මිනිහට හැකියාව ලැබෙනවා. මුලින්ම පොර අක්කත් එක්ක බිස්නස් එකක් කරන්න තමයි සැට් වුනේ ඒ එකමඩේෂන් එකේ ඉන්න ලංකාවේ උන්ට රෑ කෑම සප්ලයි කරන්න බිස්නස් එක අල්ලලා දෙන එක.

වැඩේ දැන් සරුවට නැගල යනවා. 20කට පමණ කෑම දෙනවා කියන්නේ හොඳ බිස්නස් එකක් අක්කට හැමදාම රෑට අක්කගේ ගෙදරට ගිහින් කෑම අරන් එන්නේ රොහාන් ඉතින් මේ විදියේ හොඳ ව්‍යාපාරයක් සැට් කොරල දුන්නු රොහාන් මල්ලිට අක්ක කලගුණ සලකල තියෙන්නේ යහනට අරන් ගිහිං. (මරු කාලගුණ සැලකීම) ඉතින් මේ වැඩේ නැගගෙන යද්දී අක්කට තනිවම කොරකියා ගන්න බැරි නිසා දික්කසාද වෙලා ලංකාවේ ඉන්න තමන්ගේ ලොකු දෝනියන්දව ගෙන්න ගන්නේ අරාබි මහලාට පින්සෙන්ඩු වෙලා. වීසා එකක් ගහගෙන. කොහොම පින්සෙන්ඩු වුනත් මොකෝ මාසෙකට ලක්සයක් එකහා මාරක් ලාබෙයක් තියෙන නිසා. ඉතින් කොහොම හරි දුවත් ඇවිල්ල මාසෙකින් දෙකකින් අනේ රොහාන් අයියේ මට අර උදව්ව කරන්න කෝ මේ උදව්ව කරන්න කෝ කියා කියා මිනිහට සමීප වුනාලු.නිකන් දෙනවා ඒඩ්ස් උනත් එපා නොකියන වර්ගයේ මිනිහෙක් වෙච්ච රොහාන්ට මේ චෑන්ස් එක දෙයියෝ ටොකු ඇන ඇන දීපු එකක් වගේ වුනාලු. කොහොම හරි දවල් වරුවේ දවසක අක්කා අරාබි එකක් එලියට ගිහින් හිටපු වෙලාවේ අක්කගේ දූ පොඩ්ඩ රොහාන්ව ගෙන්නගත්තලු. පස්සේ දවසක කොහොම හරි වැඩේ අක්කටත් මාට්ටු වෙලා. අක්ක පොරට කියල තියෙන්නේ දුව එක්ක හිටියට කමක් නැහැ මාව අමතක කරන්න එපා කියන එක විතරලු. කොහොම හරි මෑතක් වෙනකල්ම රොහාන් අම්මගෙයි දූගෙයි දෙන්නගෙම සැප දුක් සොයා බලමින් ජීවත් වුනා කියලයි ආරංචිය. අපේ දමියත් ඔය ගෙවල් අස්සේ රිංගන්න ගිහින් මාට්ටුවෙච්ච නිසයි මාමා මිනිහව ගෙන්නගත්තේ ලංකාවට.

මේ සියලු දේවල් මා
ලිවීමෙන් බලාපොරොත්තු වන්නේ එක දෙයයි ඒ සමාජයට යම් පණිවිඩයක් ලබා දීමත් මගේ
අත්දැකීම කියවා යම් කිසි කෙනෙක් එයින් යමක් තමන්ගේ ජීවිතයට එකතුකර ගන්නවා
නම් එයයි මා මේ බ්ලොගය ලිවීමෙන් බලාපොරොත්තු වන්නේ. මෙය ඔප්පු කර පෙන්වීමට නම් කැමරාවක් අරන් සිකුරාදා
පොඩි කිලෝ මීටර් 10ක පමණ වටයක් ගැහුවනම් බ්ලොග් පොස්ට් 10ට ෆොටෝ හොයා ගන්න
පුළුවන් නමුත් මම හිතන්නේ එයින් ඒ මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වයට හානි වෙන
නිසා එවැනි දේවල් කරනන් ඕනේ නැහැ. මෙහි සඳහන් කරුණු 100% සත්‍ය තොරතුරු බවත් නම් ගම පමණක් මනකල්පිත බවත් සලකන්න.ඇත්තටම අපි මේ එමීරයට ආව කාලේ තිබුණු රට නෙවෙයි දැන් තියෙන්නේ. මීට අවුරුදු 19කට 20කට කලින් තිබුණු රට නෙවෙයි රට වැසියෝ වෙනස් සංස්කෘතිය වෙනස්. මිනිස්සුන්ගේ හැදියාව වෙනස්. තමන්ගේ වීසා මත හෝ සැමියාගේ විසා (Privet visa, Husband Visa) වලට සිටින අපේ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් සේවයට ගනිද්දී නවාතැන් එක්ක සහතික කරන ලද විවාහ සහතිකේ අනිවාර්ය දෙයක් කරලා තියෙන්නේ අපේ කට්ටියගේ හැදියාව උපරිම නිසා වෙන්න ඇති. මම වගකීමෙන් කියනවා ජුමෙරා ජීවත් වන ශී ලාංකික ජෝඩු වලින් 25% ඔරිජිනල් ජෝඩු ඉන්නේ. අනෙක් අය ගැන කියන්න අවශ්‍ය නැහැ.
ඊළඟ ලිපියෙන් අපි බලමු ශ්‍රී ලංකා රජයෙන්. තානාපති කාර්යාලයෙන්, කොන්සල් ජෙනරාල් කාර්යාලය යනාදී රජයේ ආයතන ගෘහ සේවිකා ගැටළු ගැන දරන ප්‍රතිපත්තිය ඔවුන්ගේන් ලැබෙන සේවය කොහොමද කියන එක එතෙක් සමුගන්නම්.
ආ...... තව දෙයක් මට දැන් දවස් දෙකකට කලින් ස්වීප් එකක් ඇදුනනේ............................ කීයක් කියලද හිතන්නේ
හැමෝටම තැන්කු වේවා කිව්වා මෙච්චර දුර වලව්ව අරන් ආවට. හැබැයි මටත් පුදුමයි වැඩේට.
ඔය කියන්න තියෙන ඒවා කියලම යන්න හිතේ තියං හිටිය කියල වැඩක් වෙන්නේ නැහැනේ.
පසුගිය ලිපි: