Showing posts with label මඩ. Show all posts
Showing posts with label මඩ. Show all posts

Saturday, 1 March 2014

බෙන්තර වැඩ මුළුව සහ ලොකු මාමා සහ ගීතා නම් ගැට+ඉස්සි



මේ ලියන්නට යන්නේ සුළු ඕපා දූපයකි. එයට හේතු පාදක වුනේ අපේ 60 පැන්නත් කොල්ලා කෙන්ජි අයියාගේ නවතම පෝස්ට් කටුව කියවීමෙන් පසුවයි. ඒ වර්ෂ 2009 අග භාගය බැව් මට යන්තමින් වාගේ මතකයි.  නිවාඩු ගොස් සිටි මා මූලිකවම අරමුණු කරේ මාගේ ජාතික හැඳුනුම් පත සකසා ගැනීමටයි. (ඇයි යකෝ මෙච්චර වයස වෙලත් අයිඩින්ටියක් නැහැයි කියන්නේ ඉපදුනු රටේ, වහ කන්න වෙන වැඩක් නේ). ඒ කටයුත්ත විගසින් කරදීමට හැකි එකම පුද්ගලා මගේ ගෞරවණීය ලොකු මාමා ජී නොහොත් මාගේ මවගේ ලොකු අයියා ඒ දිනවල කටයුතු කලේ බෙන්තර ප්‍රදේශයේ තරුණසේවා කටයුතු භාරවයි. (සූදීක අයියා දන්නවත් ඇති සමහර විට). තැන තැන රස්තියාදු ගසමින් කාලය ගතකල මට දිනක් ඔහු පැවසුවේ පුතා බෙන්තර තියෙනවා අපේ හොඳ වැඩ මුළුවක් ඔයත් එන්න. අඩුම තරමේ දෙයක් ඉගෙනගන්නවත් ඇහැකි වේවි නේ. නිකන් රස්තියාදු ගසමින් ඉන්නවාට වඩා හොඳයිනේ යනුවෙනි. නමුත් එහි යාමට මට එතරම් පිරියක් නොතිබුනේ ඒ දිනවල මාගේ ප්‍රේම පුරාවෘතය දැඩි ලෙසම ගලාගෙන යන දිනයන් වූ බැවිනි. එබැවින් ලොකු මාමාට කට් එකක් දැමීමට මගක් සොයමින් සිටි මට, පෙරම ඔහු මාගේ දෙමවුපියන්ගේද අවසරය ගෙන තිබුනෙන් මාහට කීමට දෙයක් ඉතිරි නොවීය. අම්මපා කිව්වොත් ඒ දවස් වල ගහල තිබුන ලව් මාන්දම නැත්නම් මා කිසි විටෙකවත් එවැනි සම්මන්ත්‍රණ වැඩමුළුවක් අතපසු කරන්නේ නැහැ, මී ඇස් දෙක පල්ලා ඔව්..... 

"තමුන්ට වැඩමුළුවට ඉන්න බැරිනම් ෆොටෝ ටික ගහන වැඩක්වත් කරනවකෝ" යැයි ලොකු මාමා පැවසුයේ එහි පැමිණීමට නොහැකි යැයි ඉදිරිපත් කල කණු කුණු වල ප්‍රථිපලයක් ලෙසිනි  ඔහුගේ ඉල්ලීම  හිස් මුදුනින්ම මා පිළිගත්තේ එය මට දුරකතනයෙන් මල් කැඩීමට භාධාවක් නොවනා බැවිනි. එම වැඩමුළුව පැවැත්වූයේ බෙන්තර ගාමිණි විද්‍යාලයේ බව මට යන්තමින් වාගේ මතකයි.  එහි ගිය පසු මට භාර වූ ෆොටෝ ඇල්ලිල්ලක් නම් නැතිය. යන තැනම සිටි ඉටිකිරිස් අක්කලා සෙට් එකකට මාව ඔහුගේ පුතා ලෙස හඳුන්වා දෙමින් මාව සම්මන්ත්‍රණ ශාලාවට රැගෙන යන ලෙස අක්කලාට මාව භාර දුන් ලොකු මාමා අන්තරස්ධාන විය. මල්ලි ඔයා සර් ගේ පුතාද අනේ බලන්නකෝ ඔයාගේ ලොකු....... මම අවුරුදු ගානකට කලින් ඔයාලගේ ගෙදර එද්දී ඔයා හරි පොඩියිනේ යනුවෙන් මුකුළු බස් දොඩවමින් විස්තර අසන්නට විය. මුන් මේ ෂුවර් එකටම අසන්නේ සචියා (ලොකු මාමගේ පුතා ගැන වියයුතුයි ඌ දන්නවනම් බෙල්ල එල්ලගෙන මැරෙනවා) . බලන්නකෝ මල්ලි ඔයා හරි උස ගිහින් ලොකු වෙලා, හයියෝ මේ ඇන්ටිලා සෙට් එකේ වදෙන් බේරෙන්නට බැරි විය. මටද එසේ බේරීමට කිසිම ඕනා කමක් නොතිබූ බව විලි ලජ්ජාවෙන් තොරව ප්‍රකාස කොරන්න කැමතියි. කෙසේ හෝ එම වැඩ මුළුවට සහභාගී වූවන් අතරින් මට නම මතක සෝමසිරි මැදගෙදර මහතාගේ පමණය. නමුත් සියලු දේශණ හරවත් කම්මැලි නැති අන්දමින් කරගෙන යාමට ඔවුන් සමත්වූ බවත් පැවසිය යුතුයි. 


එම උත්සවයේ සංවිධායක අක්කලාගේ නොමසුරු සංග්‍රහ (කෑම බීම) මැද කාලය ගතවනු මටනම් දැනුනෙවත් නැති තරම්ය. නමුත් ඕනෙම හොඳ වැඩක අවසන් කොටස අජපල් කිරීම අපේ ලංකාවේ සිරිතයි එනම් දේශපාලු ඩයල් මේ වගේ උත්සව වලට සහභාගී කරගැනීමයි. එම කොට්ටාශයේ විවිධ දස්කම් දැක්වූ තරුණ පිරිස් සඳහා සහතික පත් සහ සම්මාණ බෙදා දීමේ උත්සවයේ ආරාධිත අමුත්තා වූයේ දකුණු පළාත් මහ ඇමති අපේ තඩි ශාන් අංකල් සහ අපේ බෙන්තර සංවිධායිකා ගීතා කුමාරසිංහ මෙනවියයි. මෙනවිය ????? පොඩ්ඩක් ඉන්නවකෝ මැදින් පනින්නේ නැතිව. මෙනවිය කිව්ව කාරණේ කියනකල්. තවත් දේශපාලු බුවාලා රැසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්විය. නමුත් මෙහි දිරවා ගත නොහැකිම කොටස වූයේ මොවුන් පැමිණෙන්නට වුයේ වරින් වරයි. එම නිසා උත්සවයේ වැඩකටයුතු වලට භාධාවූ බව පැවසිය යුතුයි. අන්තිම මොහොතට ටිකකට කලින් එතනට සැපත් වීමට අපේ ගැට කෑල්ල ගීතා නගා සමත් විය. ඇයව පිළිගැනීමට මල් කළඹ දෙද්දී මේ.... මල් මොකටද වස...න් ත (හරිනම නෙවෙයි)  අයියේ අපිට යැයි කීවේ මාමාගේ අත මිරිකමින් බව මාගේ උකුසු නෙතින් වසන් කිරීමට නොහැකි විනි. අහෝ දුකකි තිත් ගොඩකි. ඒ සෙනග ඉදිරි පිට මාමාගේ මූණ නිකන් කෝච්චියට  අසුවූ ටොනික් පියනක්  මෙන් ඇඹරි ගියේය. අසීරුවෙන් හිනහවක් මුහුණට නගාගත් ඔහු එන්න නංගියේ ස්ටේජ් එකට යැයි ඇයව කැඳවාගෙන වේදිකාව මතට ගොඩවිය වටේ පිටේ එවුන්ට හිනහව නවත්වාගත නොහැකි වූයේ ඔවුන්ගේ වයස් පරතරය නිසයි. 

කප්ප බොරු තොගයක් වේදිකාවේ දෙසා බෑ ගී තන ගාගේ කතාව නිම වනතුරු ප්‍රේක්ෂකාගාරය බලාසිටියේ මේ ගෑනි කියන බොරුවලට කොයි මොහොතේ හෝ පොලොව පලාගෙන ඇදගෙන යයිදැයි සිතමින් බව කසුකුසු වලින් පසුව අසන්නට ලැබිණි. උත්සවය අවසානයේ සුදු අක්කලා සැට් එක දමා ඒමට මගේ හිතනම් දුන්නේ නැති අතර බලෙන් හෝ නැවත වතාවක් එවැනි වැඩමුළුවක් සංවිධානය කරවා ගැනීමට මට සිතිනි. නමුත් එය මාමාට පැවසීමට නොගියේ මගේ මුහුණ හතරැස් කරගැනීමේ අවශ්‍යතාවය ඒ දිනවල නොතිබූ නිසයි (දැනටත් නැහැ) . වාහනයට නැගගත් මොහොතේ සිට අන්දොස් මූඩ් එකේ පසුවූ ලොකු මාමා ඇමතු 
මම : මොකෝ ලොකු මාමේ අවුලෙන් වගේ ඉන්නේ. 
මාමා : නැහැ පුතා මම හිතන් ඉන්නේ හෙට අනිද්දා පැන්ෂන් ගන්න. 
මම : ඒ මොකෝ ලොකු මාමේ තාම 45යි නේද වයස?
මාමා : පිස්සුද බං උඹට??? අර ගීතාට වයස 65ත් පැනලා මම ඒ ගෑනිට අයියා වෙනවා කියන්නේ මට 75ක් වත් වෙන්න ඕනේ. බලාපන් මගේ සායම ඉවරයි. ළමයි ඔක්කොම කුටු කුටු ගානවා ඇහුන මේ සීන් එක ගැන යන ආදී වශයෙන් ගීතාගේ කැරට්ටුව දිග හැරගත්තේය. (එය මෙහි සඳහන් නොකරන්නේ සදාචාරසම්පන්න නොවන බැවිනුත් ඒ ගැන නොදන්නා කෙනෙක් ලංකාවේ සිටීම උගහට බැවිනි)
මම : ඔව්ව මොනාද ලොකු මාමේ මේ නැට්ට පිටින් අලි මැරෙන රටේ මම එහෙම ගෙදර කාටවත් මේ ගැන කියන්නේ නැහැ ඔයා බය නැතිව ඉන්නකෝ.

නමුත් ගෙදර ආවිගසම එම සිදුවීම ගෙදර උදවියගේ කනේ තියන්නට මම පසුබට වුනේ නැහැ. පවුලේ තරුණ වයසේ හැමෝම ඔහුට අනේ වසන්ත අයියේ....... යැයි කී විට හොඳවයින් වචන සැට් එකකින් සංග්‍රහ කරන්නත් මාමා අමතක කලේ නැහැ (කුනුහපර නෙවෙයි). සතියක් දෙකක් ඇතුලත ගමෙත් කනින් කොනින් මේ ආරංචිය පැතිර ගියේ ඒ අවට ගෙවල් සියල්ලේම විසුවේ ලේ ඥාතින් බැවිනි. මාමා පාරේ යනවිට පොඩි කොල්ලෝ කුරුට්ටෝ සැඟවී වසන්ත අයියේ වයස කීයදැයි විහිලු කිරීමට විය. නමුත් එම විහිළු වලට මාමා පිළිතුරු දුන්නේ වයස 60 වුනත් මම කරන්නේ  තරුණ සේවා. හිතින් තරුණයි යනුවෙනි.


ගැට+ඉස්සි = ගැටිස්සි උඩ මාතෘකාව ගැටිස්සි ලෙස වෙනස්විය යුතුබව කරුණාවෙන් සලකන්න.

බෙල්ල එල්ලගෙන මැරෙනවා අලුත්ම මැරෙන ක්‍රමයක්. සොයාගත්තේ අපේ ගෞරවණීය හුටරිකා නැගණියයි. (අපේ ඥාති පොඩි එකෙක්) මවගේ බැනුම් වලින් බේරී මව බයකිරීමට කියන්නේ අම්ම බැන්නොත් මම බෙල්ල එල්ලගෙන මැරෙනවා කියායි. ළඟදීම පේටන්ට් එකට ඉල්ලුම් කරන්නයි හිතං ඉන්නේ බෙල්ල එල්ලගෙන මැරෙන ක්‍රමේ හික් හික් හික් 

Tuesday, 31 December 2013

හංගන් තියන්න ඕනේ ජං* ප්‍රදර්ශනයේ දැමු බෝඩිම් කෙල්ලෝ

මේ කතාව මට හදිස්සියේම මතකෙට ආවේ ජෝන් අයියගේ අක්කලව කිච කිරීමේ කතාව කියෙව්වට පස්සේ මේ සිද්දිය වෙලාඅ මේ වෙන කොට අවුරුදු බරගානක් වෙනවා. ඒ නිසා මෙය පලකරාට කමක් නැහැයි කියලා මට හිතුන නිසයි මෙය අකුරු කරන්නට අදහස් කලේ. කතාව කියන්න කලින්ම මට මෙහි සිදුවීම ගැන පොඩි ගැටළුවක් තියෙනවා. මොකද ඒ සිද්ධ වෙච්චි දේ සාධාරණද නැද්ද කියන එක පිළිබඳව. අද වෙනකල් මේ සිදුවීම ගැන දෙගිඩියාවෙන් සිටියත් අද ඒ පිළිබඳව තීරණය කිරීම ඔබට භාරයි.



අපේ පරණ ගෙදර තිබුනේ කිරුළපන සිද්ධාර්ථ පාරේ. අප රටින් පිටව සිටිනා බැවින් නිවසේ ආරක්ෂාව සලකා මගේ පියතුමා විසින් එය රැක බලාගෙන වාසය කිරීම සඳහා අපේ නැන්දා කෙනෙකුට (ටිකක් දුරින්) භාර දුන්නා. කිරුළපන පිහිටි ඔවුන්ගේ හෝටලයේ (කෑම කඩයේ) වැඩ වලටත් එය පහසුවක් වුනු බැවින්. කට්ටියට මතක ඇතිනේ මගේ අතිජාත ඥාති සහෝදරයා හුලං ගැරඬියාව. ඒ කිව්වේ අපේ දමියව ඉතිං මේ දවස් වල මේකාත් රිංගගෙන හිටියේ මේ ගෙදර තමයි. මොකද බුවාට ඉස්කෝලේ යන්න ලේසි නිසා. පස්සේ කාලෙක බුවාව ආපහු ගෙන්න ගත්තේ බීමට ඇබ්බැහිවීම නිසයි. කොහොමින් කොහොම හරි මමත් නිවාඩු ගිය දවසේ පටන් මෙහෙ තමයි කල් ගෙව්වේ. මොකද දමියා ඉන්න නිසා මටත් කිසිම පාළුවක් තිබුනේ නැහැනේ. උඩ තට්ටුවේ කාමර දෙකක් අපි දෙන්නට දීලයි තිබුනේ අපිට අපේ නිදහසේ ඉන්න. උඩ තට්ටුවට යන්න ක්‍රම දෙකක් තියෙනවා එකක් ගේ ඇතුලින් අනෙක පිටින් අපි ඉන්න දවස් වල මේ ඇතුලෙන් තියෙන මාර්ගය අපි දොර වහලා ලොක් කරලයි තිබුනේ. මොකද අපි දෙන්න හවස බොන කොට හදිසි කඩා පැනීම් ඇතිවීමට ඇති අවස්ථා අවහිර කිරීමට. 

මේ ගෙදරට අල්ලපු ගෙදර විවිධ රැකියාවල් කරන ගැහැණු ළමුන්ට නවාතැන් දෙන බෝඩිමක් හැටියට පවත්වා ගෙන යනවා (අදටත්). අද කාලේ හැටියට ඉතිං අමතර ආදායමක් නැතිව ජීවත් වෙන්නත් බැහැ නොවැ. අපේ හවස් කාලය ගත වුනේ බැල්කනියේ තමයි ඒ මොකටද කියල අහන්න එපා ඕනේ විදියකට හිතාගන්න එකයි ඇත්තේ.......

ඔන්න ඉතිං වල් විදියටමනේ හිතන්නේ. ඇත්තම කාරනාව නම් එළියේ තියෙන බට පඳුරෙන් එන සුළඟ අපේ බියර් බෝතලේ සූර් ඩබල් කරන්නට අපිට උදව් කල නිසයි බොලව් අපි එළියේ බොන්නේ. අපි මේ සාන්ත දාන්ත බෝ පැල වගේ කොල්ලෝ දෙන්නෙක්. අනෙක අපේ ලයින් පාරකට සෙට් වෙන වයසේ කෙල්ලෙක් ඒ බෝඩිමේ හිටියේ නැහැ කියලත් කණගාටුවෙන් වුනත් කියන්න සිද්ධ වෙනවා. නැත්නම් ඉතිං අපි බැල්කනියෙන් හෙලවෙන එකක් නැහැ. 

මොවුන් රෙදි වැල් බැඳලා තිබුනේ අපේ තාප්පෙටත් උඩින් මේ රෙදි වැල් වල කවදාවත් රෙදිනැතිව නම් දකින්නට ලැබිල නැහැ. මෙහෙම ඉන්නකොට අපේ මාමගේ දානෙත් සෙට් වුනා ඉතිං පිරිතක් කියවලාම දානේ දෙන්න තමයි කෂ්ටිය අදහස් කලේ. පිරිත්දා හාමුදුරුවරු වඩම්මපු වාහන ලේසියට ඔවුන්ගේ වත්තට දාල හැරවීම සම්බන්දයෙන් මේ ගෙදර අයිති කාර කාන්තාව නැන්දාට දෝස් මුරයක් දාල තියෙනවා. ඇය පෙන්තකොස්ත ආගම අන්තවාදීවිදියට අදහන්නියක්. අය කොහොමත් හාමුදුරුවරු හෝ බුදු දහම ගැන එතරම් ප්‍රසාදයක් දක්වපු කතක් නෙවෙයි. මේ බහින් බස් වීම කොහොම හරි සෑහෙන්න දුරදිග ගියා මොකද අපේ නැන්දා බොහොම බුදු දහමට ලැදි කාන්තාවක් කොතරම් පාඩු වුනත් අනිවාර්‍යයෙන්ම පෝය දවසට කඩේ වහලා පන්සලට සිල් සමාදම් වෙන්න යන. එදායින් මේ සිදුවීම අපි  අමතක කර දමා අපි අපේ රාජකාරි වල නියලුනත් මොවුන්ගේ රෙදි වැනීමේ වෙනසක් සෑම දෙනා හටම දැකගන්නට ලැබුනා ඒ ඔවුන්ගේ සෝදපු යට ඇඳුම් (කාන්තා) 


වලේ අපේ නිවස පැත්තට වෙන්න වැනීමයි. මෙය ඉතා ජුගුප්සාජනක දර්ශනයක් වුනා අපේ නැන්දනියට. සතියක් පමණ ඉවසා මේ පිළිබඳව එහි නේවාසික යුවතියන් කිහිප දෙනෙක්ටම පැවසු මුත් කිසිඳු යහපත් ප්‍රතිචාරයක් නම් ඔවුන්ගෙන් ලැබුනේ නැහැ.


දිනක් නැන්දාගේ ඔය සමිති සමාගමක මිතුරියන් පිරිසක් පැමිණි දිනක මෙය දැක, ඔවුන් ඇයගෙන් මේ පිළිබඳව විමසා අප්‍රසාදය පල කරලා තියෙනවා. එදින ක්‍රීඩා කොට අප නිවසට පැමිණෙන විට ඇය සිටියේ කෝපයෙන් පුපුරු ගසමින්. නා පිරිසිඳු වී අප පැමිණි පසු ඇය අපට පැවසුවේ කොල්ලනේ මේක බලන් ඉඳල හරියන්නෙ නැහැ මොකක් හරි කරන්න වෙනවා. මම හෙට උදේ යනවා පොලිසියට මේ ගැන ඇන්ට්‍රි එකක් දාන්න. මුන්ට ලැජ්ජාවක් නැත්නම් අපිවත් ඒක උන්ට උගන්න ඕනේ මුන්ගේ ගෙදර වුනාට මේක අපිත් එක්ක තරහටම කරන වැඩක්. නැත්නම් මීට කලිනුත් වන්න එපැයි යැයි පවසද්දී


  සැමදා මැද්දෙන් පැනීමට පුරුදු වී සිටි දමියා පොඩ්ඩක් ඉන්න නැන්දේ මම මොනවා හරි ඕකට කරන්නම්. ඔය වගේ දෙකට පොලීසි ගිහින් වැඩක් නැහැ අපිටමයි ලැජ්ජාව. මේකට ක්‍රමයක් අපිම හොයමු යැයි පැවසීය. මට නම් සිතුනේ මේ දමියා ඉල්ලන් කෑමට යාමක් ලෙසටයි. පැයකට පමණ පසුව පරණ බඩු දමා ඇති කාමරයට ගිය දමියා එලියට පැමිණියේ ස්ප්‍රේ ගන් එකක්ද අත ඇතිවයි. කුස්සියට ගොස් වතුරට යම් දෙයක් දමා එයින් ස්ප්‍රේ ගන් එකට වතුර පුරවා ගෙන මාත් සමග බැල්කනියට ගිය දමියා වැලේ ඇති ඇඳුම් දෙසට එය විදින්නට විය. ලීටර් බාගයක් පමණ වූ එම බෝතලයේ වතුර හිස් වන තෙක්ම විද්ද පසු වරෙන් මල්ලි දැන් නිදාගන්න යමු යැයි පැවසීය. 

 පසු දින උදයේ පාන්දරම නැගිට ගත් දමියා මාවත් ඇදන් බැල්කනියට ගියේ වරෙන් උඹට පොඩි කොමඩි ෆිල්ම් එකක් පෙන්වන්න යැයි පවසමිනි. අපේ අසල් වැසියන්ගේ ගෙදර යම් කිසි කලබල ගතියක් පෙනෙන්නට තිබිණ කෑ ගැසීම් ආදියත් වරින් වර අසන්නට ලැබිණ. සියල්ලන් බාත් රූම් එකට පොරකන අයුරුත් දෙස් තැබීම් සහ ශාප කිරීම් කරන හඬත් අපිට ඇසින. "මලේ උඹ දන්නවාද මම මොනවද ඊයේ ස්ප්‍රේ කලේ කියලා" යැයි මගෙන් ඇසීය. මා නැතැයි කී විට මගේ කනට කොට කී දෙයින් මට සියල්ල වැටහිණි. ඔහු ඊයේ වතුරේ දිය කර ඇත්තේ තද ගම්මිරිස්ය එයත් තද සාන්ද්‍රනයෙන්. අනේ අර කෙල්ලොන්ගේ ..............

 

මේ පිළිබඳව නැන්දාටත් දිවගොස් පැවසු විට ඇයටත් සිනහව නවත්වා ගැනීමට නොහැකි විය. හදිස්සියේ වත් ඔවුන් රණ්ඩුවට ආවොත් මොකද කරන්නේ යැයි ඇසුවේ මා තරමක් බියට පත් වී සිටි බැවිනි. "උඹල බය වෙන්න එපා ඒක මම බලාගන්නම්" යැයි නැන්දා පැවසු බැවින් අපේ බිය තුරන් විය. රණ්ඩුවක් බලාපොරොත්තුවෙන් අප සිටියත් දින කිහිපයක් ගත වුවත් කිසිත් සිදු නොවූ බවත් එදිනම ඒ අලංකාර රෙදි වැල ඔවුන් ඉවත් කරගෙන ඇති බවත් දැකගන්නට ලැබිණි. මේ හේතුවෙන් අපේ හුලං ගැරඬියා (දමියා) පවුලේ වීරයෙකු බවට පත් වින. ඔහු ඒ සිදු වීම කිසිවෙකුට පවසද්දී. තාර බර සමග කොමාන්ඩෝ චිත්‍රපට කතාවක් විලස ගොතා පවසමින් එම සිදුවීම අර කාකු පිහාට්ටේ කතාව කාක්කෝ හත් දෙනෙක් වූවා මෙන් විය. 



කෝරලේ වලව්වට ගොඩවැදුණු ඔබටත් සියලුම ශ්‍රී ලංකා වාසීන්ටත් සියලු යහපත් බලාපොරොත්තු ඉටුකර ගැනීමට හැකිවෙන, සියලු සිහිණ සැබෑකර ගැනීමට හැකිවෙන  සුභම සුභ නව වසරක් වේවා!!!!!!!!





Thursday, 7 November 2013

වැන්දඹුවගේ තනිරැක්ක ජනා සහ ලංකාවේ අලුත්ම ගුවන් සේවය. 18+

හ්ම්ම්ම්ම්ම් ලියන්නේ නැහැ නැහැ ලියන්න බැහැ බැහැ කියල හිත හිතඉඳලා ඕනනේ ඔහේ ඕනේ පුකක් කුණුහරපයක් නෙවෙයි  කියල ලියන්න ගත්තා දැන් වෙලාව 12 47යි 3.30 වෙන්නත් සෑහෙන්න වෙලාවක් තියෙනවා. අද මෙගේ ගෙදර උන්දා ඔව් ඔව් කෝරලේ හාමිනේ ලංකාවේ ඉඳල එනවා ආයෙම දොස්තර ගොයියා කියලා දැන් ආවට කමක් නැහැ පරිස්සමෙන් කියලා හික් හික් හික් අපේ උන්දැටත් එන්න තදියම නිසා මට සිද්ද වුනා මිහින් ලංකා එකේ ටිකට් එකක් බුක් කරන්න. මිහින් ලංකා ෆ්ලයිට් එකේ ගමන ගැන මෙහෙ උදවිය සඳහන් (Describe) කරන්නේ  79- ගරුඬ ත්‍රි රෝද රථයක යනවා වගෙයි කියලා. මම නම් දන්නේ නැහැ තාම ගිහින් නැති නිසා (යන්නත් අදහසක් නැහැ) මීට පෙර වතාවකුත් රාත්‍රී 12 එන්න තිබුණු යානය දවල් 12ට තමයි ඇවිල්ල තියෙන්නේ. සෑහෙන්න අඩුපාඩු කම් මැද වුනත් මම එක අතකින් සතුටු වෙනවා අපේ රටේ තියන දෙවන ජාත්‍යන්තර ගුවන් සේවය කියල කියන්න පුළුවන් වීම ගැන. අනේ මන්දා මගෙත් මේ පඳුරු තැලිල්ල කවදා නම් නතර වේවිද දන්නේ නැහැ

මම මේ ලියන් ආවේ මිහින් ලංකා ගුවන් සේවයේ ආරම්භය මට ආරංචි වෙච්ච තාලේ. (හයියෝ ඕකත් මහා ලොකු දෙයක්ද ලියන්න තරම්) අපි කෙලින්ම කතාවට බහිමුකෝ. මේ 2008 වසරේ මැද කාර්තුවක් හැටියට තමයි මට මතක හැටියට.  ඒ ලෙවල් ඉවර වෙලා කැම්පස් පටන්ගන්න කල් පොඩි පාර්ට් ටයිම් එකකට සෙට් වුනා. එතැනදී තමයි මට ජනකයියව හම්බවුනේ මෑන් එතන සේවය කලේ සුළු සේවකයෙකු හැටියටයි. පලවෙනි වතාවට ජොබ් එකකට ගියපු මට කැන්ටිමට කන්න ගිය වෙලාවේ සෑහෙන්න හීනමානයක් තමයි හිතේ තිබුනේ කිව්වොත් මම වැරදි නැහැ. එතන හිටපු එවුන්ගෙන් වයස අඩුම එකා වෙච්ච මට මොකක්දෝ මන්දා අවතක්සේරුවක් මා ගැනම ඇතිවුනා. හීන් සැරේ කෑම ටිකක් බෙදාගෙන පැත්තකට වෙලා කනකොට (මගේ කන නම් කොට නැහැ) ට්‍රේ එකත් අරන් මගේ ලඟින් වාඩිවුණා මනුස්සයෙක් ඇහුවා මල්ලි ඔයා ලංකාවේද කියලා. වෙලාවේ හැටියට මූඩ් අවුල් වෙලා හිටපු මට මේ මනුස්සයාගේ වචන ටිකත් ලොකු සන සීමක් වුනා. කොහොමින් කොහොම හරි දවස ගානේ දවල් කෑම පැයේදී කතාබහ කරලා ලොකු හිතවත් කමක් අපි දෙන්න අතර ගොඩනැගුනා. ජනක නැවතිලා හිටියේ කොම්පනියේම පිටිපස්සේ තිබුණු එකමඩේෂන් වල (ක්වාටස්) එක රූම් එකේ 4 දෙනෙක් ද කොහේ හිටියා. පස්සේ 6 දෙනෙක් කලා.

ජනකගේ රූම් මෙට් පොරගේ අක්කගේ පුතා ප්‍රසාද් ඒකා මගේ වයසේ එකෙක්. මිනිහත් මාත් එක්ක සෑහෙන්න ෆිට් වුනා. කෑම පැයේදී කාල ඉවරවෙලා ඔය රූම් එක පැත්තේ රවුමක් ගහලා දුමක් එහෙම බීල එන්න අපි පුරුදු වෙලා හිටියා. ලංකාවේ පිරවුම් හලක කළමනාකරුවෙකු විදියට වැඩකරලා තියෙන ජනකයියව එතනින් අයින් කරලා තියෙන්නේ. ගෑනු හුටපටෙකට. එතන ඉස්සරහ ගෙදර ඉන්න 


වැන්දබුවගෙන් තමයි මිනිහා දවල් කෑම එක අරන් තියෙන්නේ ඒ ගණන් අතරේ රෑ ඒ කාන්තාවගේ ස්වාමියා නැති අඩුවත් පුරවලා තියෙනවා. ඉතින් මේ දේ ගමේ එවුන්ට දිරවන්නේ නැති දෙයක් වෙලා තියෙනවා. මොකද ඒ ගෑනිත් හොඳ ඇහැට කනට පේන බඩුවක් ලු. තව දෙතුන් දෙනෙක්ම වෙන වෙනම මේ ගෑනි එක්ක සම්බන්ද කම් තියෙනවා කියලත් මූ දනන් ඉඳල තියෙනවා. අන්තිමට පරහට හිටලා තියෙන්නේ ඔය ගමේ වැල ගමේ කපුටන්ට කියන කතාවමයි. කොටින්ම මු හොඳ සල්ලාලයා (තේරෙන සිංහලෙන් කිව්වොත් බඩු කාරයා) ඒ ගැන පස්සේ ලියන්නම් තව කතාවකින් අරාබි ගෙවල් වලට රෑට පැනල වෙච්ච අකරතැබ්බ. 

මේ කොම්පැනියට අදටත් මම කැමති එක හේතුවක් තියෙනවා. ඒ.....  බාර් එක තියෙන්නේ හරියටම කොම්පැනිය ඉස්සරහමයි. පුහ්: බාර් කිව්වට එව්වා මේ ලංකාවේ වගේ බාර් නෙවෙයි. ඔයාලට කියන්න මෙයා ෆුඩ් සිටියට ගියා වගේ ගන්නේ මොනවද කියල හිතාගන්න බැරිතරම් සැර බීම වර්ග ඔය පල්ලෙහා තියෙන පින්තූර වල තියෙන්නේ එකේ යම් යම් එව්වා.


                                               මේ ඉන්නේ කෝරලේ මහත්තයා බෝතලේක හැඩ බල බල







ඉතින් දවසක් බෝතලය වටේ සෙට් වෙලා ජනකයි,ප්‍රසාද්,දමියයි මමයි බොන අතරේ සුපුරුදු නං දෙදවිල්ල පටන් ගත්ත ජනකයියා කියනවා 

ජනක: දමියා මල්ලි මට දැන් එපා වෙලා බං මම යනවා ලංකාවට මේ **ගේ පුතාල පඩි වැඩිකරන්නෙත් නැහැ. ම්හෙට වෙලා අනුන්ගේ ගෑනුන්ට **** ඉන්න වෙලේ මම මන් බඳීන්න ඉන්න එකී වෙන එකෙක් එක්ක පැනලා යාවි ඒ නිසා මම යනවා දැන් ඇති. අතින් හරි ටිකට් අරන් යනවා. 

දමියා: පිස්සු කියවන්න එපා ජනකයියේ ඒකි අද ගියත් එකක් හෙට ගියත් එකයි යන එකා කවදත් යනවා කීයක් හරි හම්බකරගෙන පලයන්. 

ප්‍රසාද්: මූට වැඩිවෙලා....... 

මම: යකෝ අතින් ටිකට් අරං යනවා කියන්නේ සෙල්ලම්ද කීයද මේ කාලේ ටිකට් එකක් වන් වේ වෙනවා ඩිරාම් 1800ක් විතර (60000 ආසන්නයි) 
ජනක: පිශ්ෂුද මල්ලි...........?? මේ ලංකාවේ අලුතින් එයා ලයින් එකක් දාලා එකේ සෑහෙන්න අඩුයි ලු........ 

අපි: හෑ...... මොකක්ද බං ඒ අපි කවුරුත් නොදන්නා එයා ලයින් එක (ඇත්තටම අපි දැනන් හිටියේ නැහැ මිහින් ලංකා ගැන) 
ජනක: ඇයි යකෝ අර ** ටීවී එක බලාපල්ලා.........

මම: හපෝ ඕක මම බලන්නේ නැහැනේ ඕක හූනියම් චැනල් එකනේ. දැන් මොකක්ද එයා ලයින් එකේ නම (වැඩිපුරම යන්නේ ගුරුකම් වල ඇඩ් තමයි) 

ජනක: එකනේ කියන්නේ උඹලට සමාජ දැනීම නැහැ. යකෝ මිහින්තලා එයා වේස්

දමියා: ඈ.... බං ඕක කෙලින්ම මිහින්තලේ උඩට ගොඩබාන එකක්ද?  එලවන්නේ තිස්ස රජ්ජුරුවෝ වෙන්න ඇති. හික් හික් හික්.


ජනක: නැහැ තොගේ ******** ගොඩබාන්නේ

හැබැයි මමයි දමියයි දෙන්නම ගෙදර ආවගමන්ම කල මුල්ම වැඩේ තමයි ගූගලේ එකේ මිහින්තලා එයාවේස් සර්ච් කරන එක. යන්තම් තාත්තගේ පිහිටෙන් හොයාගත්තා මිහින් ලංකා කියන එක තමයි අරූ මිහින්තලා එයා වේස් කියල පටලන් තියෙන්නේ කියලා. ගූගල් දෙයියෝයි තාත්තයි හිටියේ නැත්නම් අපිවත් වැටෙනවා අරූගේ ගණයටම වෙන කාට හරි ඔය දේ ඒ විදියටම කිව්වනම්.මේ ජනකයියගේ එක කතාවක් විතරයි. පොර මැන්ටල් වුනේ කොහොමද? පයි කන යක්ෂණි කොටු පැනල සිද්ද වෙච්ච දේවල් තව පොස්ට් දෙකතුනක්ම ලියන්න තියෙනවා. දැන් තව පැයක් තියෙන නිසා පොඩ්ඩක් ඇහැ පියාගන්නවා. එහෙනම් හැමෝටම ගුඩ් නයිට් වේවා! ගුඩ් මෝර්නින් වේවා! ගුඩ් ඊවිනින් වේවා!! තියෙන මගුලක් වේවා!!!!! කියල ඕන් මං ගියා

පසුගිය පොස්ට් එකෙන් සාර්ථක සංවාදයක් ගොඩනගාගන්න පුළුවන් වුනා. ඇත්තටම බොහොමයක් ඔවුන්ගේ අදහස් යෝජනා චෝදනා ඉතාම වැදගත් විදියට පැහැදිලිව ඉදිරිපත් කරලා තිබුනා. ඒ පිළිබඳව මම සියලුම දෙනාට ස්තූතිවන්ත වෙන අතරම පසුගිය සතියේ වලව්වට පැමිණි උන්දලා වලව්වට දීපු සම්මාන තමයි පහත පින්තූරේ තියෙන්නේ 

බල්ලෙකු සමග ලිංගික ඇසුරක් පැවැත්වූ තරුණිය අමාරුවේ....... 18+++++++

වඩ්ඩාට කෙල උන හැටි. (වඩුමහතෙක්ට උන අකරතැබ්බයක්)

නායකත්ව පුහුණව leadership (01) සියල්ලන්ම කියවිය යු...

ගල් කතාවක් 18+.වල් හිතට කෝකත් වල් තමයි..... 

ගණිකාවක් වෙත ගොස් පොලිසියෙන් මගවියදම් ගෙන පැමිණීමේ.. 

ඩුබායිවල පිලිපීන ගණිකාවෝ, කිඹුල් මස් ,ශ්‍රී ලාංකික..... 

ලෝක විනාශයට පසුවදනක් සහ ෆේස්බුක් ගණිකාවන් (18+) 

ඩුබායි රියදුරු බලපත ඔබට හීනයක්ද? මෙන්න ලේසිම මග. H........





                                          හිනා වෙලා පණ යනවා  ඕයි............... :D

Monday, 28 October 2013

බල්ලෙකු සමග ලිංගික ඇසුරක් පැවැත්වූ තරුණිය අමාරුවේ....... 18+++++++

මේ පොස්ටුව ලියන්නට හේතුව වුනේ අද උදේ සිදුවෙච්ච සංවාදයක් නිසා. අපි බල්ලෝ හදන්නේ මොකටද???? ආරක්ෂාවට හුරතලේට යන කරුණු වලට. ඈත අතීතයේ ඉඳලම බල්ලාට හිමිවෙලා තියෙන්නේ සුවිශේෂ තැනක් අනෙක් සතුන්ට සාපේක්ෂව. මිනිසාගේ ලඟම මිතුරා කියන අන්වර්ථ නාමයෙනුත් බල්ලන්ව හඳුන්වනවා. බල්ලන්ව ගත්තොත් බලු විශේෂ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන් ඒ වල් බල්ලන් සහ පොෂ් බල්ලන් ලෙසට. වල් බල්ලන් වල්ටේෂන් කියලත් හඳුන්වනවනේ ඒ බල්ලන් පාඩුවේ දෙන දේ කාල වෙන දේ බලන් ඉන්න ජාතියේ සත්තු නිසා ඒ ගැන කතා කොට පලක් නැත. පොෂ් බල්ලන් ගැන කතා කලොත් ජර්මන් ෂෙපර්ඩ්, ඩොබර්මන්, ෆොමනේරියන් ස්පැනියල් වර්ග, යෝක්ෂයර් ටෙරියර්, ජයන්ට් නවුෆර්, පිට්බුල්,රොට්වයලර්, ආදී එකි මෙකි නොකී සියලු උපවර්ග ඇතුලත්ය. 

මේ බල්ලන් හදන්නේ ආරක්ෂාව වෙනුවෙන් වුවත් සමහර උදවිය වෙනත් කාරණයන් උදෙසාද බල්ලන් හදනු ලබයි. ඒ තමන්ගේ තත්වය පෙන්වීමට, හුරතලය පිණිස, කාන්සිය පාළුව පිණිස, දඩයම් සඳහා, ඒ වගේම ආබාදිත පුද්ගලයන් සඳහා විශේෂයෙන් පුහුණු කරන ලද සුනඛයන් ද වන අතර අද උදේ අසන්නට ලැබුණු පුවතක් සමග එම ගොඩට තවත් කරුණක් එකතු කිරීමටයි මේ පොස්ටුවේ පරමාර්ථය. 
ඒ ලිංගික අවශ්‍යතාවයන් සඳහා. අප මේ වගේ සිදුවීම බටහිර සමාජයේ අසා ඇතත් ලංකාවේ මේවැනි සිදුවීමක් මා කන වැටුන ප්‍රථම අවස්තාව මෙයවේ. (ඇත්තෙන්ම කණගාටු දායකයි) මෙය සිදුව ඇත්තේ හෝමාගම ප්‍රදේශයේය. 


දෙමාපියන් නිවසේ නැති අවස්තාවක තරුණ දියණිය නිවසේ ඇති කල සුනඛයා සමග කම් සුව විඳ සුනඛ තෙමේගේ නොකියන එක ඇයගේ ලිංගය තුල සිරවී නැවත එයින් ගැලවී යාමට නොහැකි වී තිබෙනවා.  දෙමාපියන් නිවසට පැමිණි පසු. සිදුව ඇති දෙය දැක ඇයව වහා හෝමාගම ප්‍රදේශයේ (රෝහල සඳහන් කරන එක හරි නැහැනේ) රෝහලකට රැගෙන ඇවිත් තියෙනවා. බල්ලා සමගම ට්‍රොලියකට දමා (බල්ලෝ එක්ක ***** නම් බල්ල එක්කම තමයි ඉස්පිරිතාලේ යන්න වෙන්නේ)  රෝහල් ගත කල පසුව මේ බලු පූට්ටුවෙන්  ඇයව ගලවා ගැනීමට බල්ලාගේ දිවි තොර කිරීමට වෛද්‍යවරුන්ට සිදුවෙලා තියෙනවා. අසම්මත ඇසුරක අවසානය ඒ විදියට සටහන් වෙද්දී  ඇයගේ දෙමාපියන්ට මොන විදියේ හැඟීමක් තම දුව පිළිබඳව ඇතිවන්නට ඇතිද? ඇය ඔවුන්ට කෙසේ මුහුණ දුන්නාද ඇයගේ දෙමාපියන් මොන විදියකින් සමාජයට මුහුණ දේවිද කියන කාරණය පිටුපස අපට හිතන්නට දෙයක් ඉතුරුවෙලා තිබෙනවා. දැන් ගැහැනුන්ට දෝශාරෝපනය කරන්න කට හදාගන්න එපා ඊළඟට කියන්න යන්නේ පිරිමි ගැන..............

මේ තවත් එවැනිම සිදුවීමක් ඒ පළාතේම සිදුවෙච්ච. මාස දෙකහමාරක්  වයසැති දියණියට ලිංගික අතවර කල (පිම්) පියෙක් ගැනයි. දිනක් මව නිවසින් පිටව ගොස් නැවත පැමිණෙන විට සිඟිති දියණිය කෑමොර දී අඬන්නේ ඇයිදැයි විපරම් කරන අවස්ථාවේ. ඇය දරුවාගේ ලිංග ප්‍රදේශයෙන් රුධිරය වහනය වනු දැක තිබෙනවා. වහාම දැරියව රෝහල් ගත කල මව පොලිසියට ගොස් (පීම්)පියා ගැන පැමිනිලි කර තිබෙනවා. දැන් කූඩුවේ කියල තමයි ආරංචිමාර්ග පවසන්නේ.

අපි බලමු හේතු කිහිපයක් ඇයි මෙහෙම වෙන්නේ කියලා.

(1)  බටහිර සමාජය ගතහොත් කාන්තාවක් තමන්ගේ සහකරුවා තෝරාගන්නේ ඔහු සමග ලිංගිකව  හැසිරීමෙන් පසුවයි. ඒ ඔහුට තමාව තෘප්තිමත් කිරීමට ඇති හැකියාව ගැන සෑහීමකට පත්වීමෙනුයි (ප්‍රධාන වශයෙන්).

 * නමුත් ලංකාව තුල විවාහ දින රාත්‍රියේ මධුසමයට යන යුවලට පිරුවටක් ලබාදෙන්නේ කන්‍යාභාවය පරීක්ෂා කිරීමටයි. යම් හෙයින් එය නැතිවුවොත් එතන අවුල්ජාලයක් බවට පත්වෙනවා. (මෙතන ප්‍රශ්නයක් ඇතිවන්නේ කාන්තාවට. පිරිමියා මොනවිදියේ එකෙක් වුනත් ප්‍රශ්නයක් නැහැ)

(2)  ඔවුන් පාසල් තුලද ලිංගිකත්වය එහි ඇති වර්ගීකරණ ගැනද දැනුමක් ළමයින් හට කුඩා අවදියේ සිටම ලබාදෙනු ලබනවා.

* නමුත් අප රටේ ළමයින් ඒ සියල්ල ඉගෙන ගන්නේ කට කතා මගින්, යාළුවන් මාර්ගයෙන් (බොහෝ දුරට මිත්‍යා මත), අන්තර්ජාලයෙන්, අසභ්‍ය යැයි සම්මත වෙබ් අඩවි වලින්.

(3)  බටහිර සමාජයේ අවුරුදු 14 න් 15 පසු ලිංගිකව හැසිරෙන අතර ඔවුන් එය ප්‍රසිද්ධියේ සිදුකරනු ලබනවා.

* ලංකාවේ ඉහත වයස් ඛාණ්ඩයේ දරු දැරියන් බොහෝ දුරට තම ලිංගික ක්‍රියා (සිතුවිලි,ආශාවන්) සමාජයෙන් වසන් කොට තමන්ගේ හිත තුල තෙරපාගෙන මානසික ආතතිය වැඩිකරගන්නවා.

(3) බටහිර රටවල කොට ඇඳුම් ඇඳි කාන්තාවන් බාගෙට ඇඳුම් ඇඳි විවිද විලාසිතා අනුගමනය කරන කාන්තාවන් සුලභව දකින්න පුළුවන්. මුහුදු වෙරළකට ගියහොත් සියලුම කාන්තාවන්  බිකිනියකින් සැරසි සිටිනවා දකින්නට පුළුවන් (නිරුවත් මුහුදු වෙරලවල්ද ඇත) කලවා පේන්න කොට කලිසමක් ඇඳගෙන ගිය ගැහැණු ළමයෙකු දිහා කිසිම දිනක පිරිමියෙකු උවමනාවෙන් නොබලන්නේ එසේ බැලීමට ගියහොත් ඔවුන්ට වෙන වැඩක් කිරීමට කාලයක් නොවන බැවිනි. මන්ද සියල්ලන් සැරසී සිටින්නේ ඒ ආකාරයෙනි. 


* ලංකාවේ කොට කලිසමක් ඇඳි තරුණියකට පාරේ ගමන් කිරීමේ හැකියාවක් තිබේද? කොට සායක්??? ටයිට් ඩෙනිමක්?? හේතුව එවැනි දේවල් නිතර නොදකින තරුණයන් තම මානසික ආතතිය පිටකරන්නේ ලිංගික අපරාධයක්, අස්වාභාවික ලිංගික ක්‍රියා, තරුණියන්ටද මේ තත්වය පොදුය. ඔවුන් එය ප්‍රසිද්ධියේ නොකලත් බාලිකා පාසල් තුල මෙවැනි 


සිදුවීම් බහුලව සිදුවන බව අසන්නට දකින්නට ලැබෙනවා ඇති. මෙවැනි සිදුවීමක් ඇසුව දුටුව විට ලංකාවේ බොහෝ දෙනෙක් එම තරුණයාට/තරුණියට දෝශාරෝපනය කරන අතරම ඔවුන්ව අඳුනනවා නම් ඔවුන්ව කොන්කිරීමටත් බලනවා. 

මෙයට හොඳම උදාහරණයක් මම ඔබට ගෙන හැර දක්වන්නම්. මා වැඩ කරන ආයතන 8 න් එකක ප්‍රධාන ආදායම තමයි valet parking (වැලේ පාකින්)  වැලේ පාකින් ගැන දීර්ග පැහැදිලි කිරීමක් පසුවට කරන්නම්. දැනට හිතා ගන්න කෝ හෝටලේට වාහනෙකින් ගියාම වාහනේ දොර ඇරලා ඔයාලට ආචාර කරලා පිළිඅරගෙන ඔයාලගේ වාහනේ ගිහින් පාක් කරලා නැවත පිටවීමේදී ඔබ අතට වාහනය ගෙනත් දෙන පුද්ගලයින් කියලා. 



ඩුබායි....... අරාබි රටක්, ගොඩක් දියුණු රටක්, හරිනේ........... නමුත් මේ දියුණුව ලැබුවේ කොහොමද? අබුඩාබි සහ අනෙක් එමීර වල තෙල් තිබුනට ඩුබායි වල තෙල් ඇත්තේ නැහැ.එහෙනම් මේ අහස සූරන ගොඩනැගිලි කොහොමද ඉදිකළේ?????? කොහොමද මෙපමණ දියුණු වුනේ? ඒ වෙනත් අරාබි රටවල නැති නිදහසක් ඩුබායි වල ලබාදීමෙනුයි. කලකට පෙර එමීර 7න් දුප්පත්ම රට වුන ඩුබායි ගොඩ නැගුවේ විදේශිකයන් අදටත් මෙහි වැඩිපුර සිටින්නේ ඉන්දියන් ශ්‍රී ලාංකික ආදී ආසියාතියන් ඇර බටහිර රටවල උදවිය තමයි. ඔවුන් මෙහි ජීවත් වෙන්න, රඳවා තබාගන්න මෙහි ආයෝජනය කරන්න නම්  ඔවුන්ගේ සමාජ ක්‍රමය මෙහි තිබිය යුතු වන නිසාම නයිට් ක්ලබ්, තැබෑරුම්, ඩිස්කෝ, නිදහස් මුහුදු වෙරළවල්, ගණිකා මඩම්, සම්බාහන ආයතන, රට බීම හල් සුපිරි මහාමාර්ග ආදියෙන් ඩුබායි සමන්විත වනවා. 





විදේශිකයන් පවසන අන්දමට ඔවුන්ගේ රටවල් වලට වැඩිය සතුටෙන් ඔවුන් මෙහි ජීවත් වනවා. මෙහෙ අඳින විදියට කිසිම නීතියක් නැහැ. අපේ ඔෆිස් එකට පාරෙන් එහා පැත්තේ තිබෙන්නේ ඩුබායි මරීනා නම් ප්‍රදේශයේ බිකිනි ඇඳ දුහුල් වතින් සරසි වෙරළට යන සුද්දියන් බහුලව දැකගන් පුළුවන්. නමුත් මේ විදියට අනෙක් කිසිම මැද පෙරදිග රටක 


කිරීමට හැකියාවක් නැත්තේ ඔවුන් තදින් පාලනය වන ෂරියා නීතිය මෙවැනි දේවල් තහනම් කොට ඇති බැවිනි. (ඩුබායි වලට අල්ලපු ප්‍රාන්තය වන සාජා වල පිරිමියෙක්ටවත් කොට කලිසමක් ඇඳන් පාරේ යන්න තහනම්)

මේ තිබෙන නිදහස හේතුවෙන් අරාබි කරයේ සිව් දිගින් සංචාරකයන් ඩුබායි වලට පැමිණෙනවා. ඒ ඔවුන්ගේ රටවල නැති නිදහස මෙහිදී ලබා ගැනීමටයි. හිජාබය ඇඳ සිරුරම ආවරණය කරගෙන පැමිණෙන සවුදි, බහරේන්, කටාර්, ඕමාන්  කාන්තාවන් එය වාහනය තුල ගලවා දමා කොට කලිසමකින් සැරසී හෝටලයට පිවිසෙන විට ඔවුන් අරාබිද යුරෝපියන්ද යනුවෙන්

හඳුනාගැනීමේ හැකියාවක් නැහැ. හෝටලයේ ඇති නයිට් ක්ලබ් එකෙන් පදමට වෙරිවී එලියට එන්නේ ඇඳිවතද නැතුවයි. සමහරුන් රාත්‍රීය සඳහා සහකරුවෙක් හොයාගෙන තමන්ගේ නවාතැන් පොලට යන අතර තවත්  සමහරු වාහනය තුලදීම තමන්ගේ අවශ්‍යතාවය ඉටුකරගනී. ඔවුන්ගේ සැමියන් එහෙම නැත්නම් පිරිමින්ගේ තත්වයද මෙයට දෙවැනි නැත. විදේශීය ගණිකාවක් වෙත යන ඔවුන් එක රැයක් සඳහා අවම රුපියල් ලක්ෂ 3 වියදම් කරන අවස්ථා ඇත. (ඒ පිළිබඳව පසුව විස්තර කරන්නම් සාක්ෂි සහිතව)

දැන් අපි ආපහු හැරෙමු ලංකාව පැත්තට අරාබින්ට එහෙම කරන්න ඕනේ තරම් සල්ලි පහසුකම් තිබුනට ලංකාවේ මේ දේවල් කරන්නේ කොහොමද? නාන තොටවල් ළඟ බැල්මට් කාරයන්, කාන්තා යට ඇඳුම් හොරකන් කරන්නං (ජං* හොරු), ස්ත්‍රී දූෂකයන්, ග්‍රීස් යකුන් ඇති වීමට හේතුව වන්නේද අප සමාජ ක්‍රමයේ ඇති අඩුපාඩු නිසාම නොවන්නේද? ළදැරියන් තමන්ගේම පියවරුන් අතින් දූෂණය වන්නේ, කෙල්ලන්ට බල්ලන් සමග නිදිවැදීමට වන්නේ මේ සමාජ ක්‍රමය නිසාවෙන්ම නොවන්නේද? ඉහත සිදුවීම් දෙකේ වරද අපි කාපිට පටවන්නේද? කෙල්ල මත, කෙල්ලගේ දෙමාපියන් මත, අප සමාජ ක්‍රමය මත....... 

සමාජ ක්‍රමය මතනම් එහි වෙනසක් කිරීමට කල හැක්කේ මොනවාද?මෙවැනි දෑ අප සමාජයේ ප්‍රසිද්ධියේ කතාකරන්නේ ගොඩක් අඩුවෙන්. සමහර විට මෙම ලිපිය නිසාම සමහර උදවිය මම කුණුහරප ලියන්නෙක් විදියට හංවඩු ගහන්න පුළුවන්. නමුත් මේවා සමාජය දැනුවත් විය යුතු කරුණු කොච්චර හැංගි හොරා අහවල් වැඩේ කරත් (හැමෝම) එළිපිට උපාසකයින් වීමට තැත් කරනවා. ලංකාවේ ලිංගිකත්වයට ඇති ලැදියාව පසුගිය දිනක ගූගල් වාර්තාවෙන් පෙන්වල දුන්නා. ඒ නිසා දැන් ඔය පොරවාගෙන ඉන්න සිල්රෙද්ද අහක් කරලා මෙවැනි දෑ සමාජයෙන් තුරන් කිරීමට කාලයයි. අනාගතේ වෙනුවෙන් අපේ අනාගත දරුපරපුර වෙනුවෙන්. 

ඒ සඳහා මා විසින් පහත සඳහම් කරුණු යෝජනා කරනු ලබනවා.

1 ක්‍රමවත් ලිංගික අධ්‍යාපනයක් පාසල් තුලින් ලබාදීම 


2 ලිංගිකත්වය පිලිබඳ සමාජයේ ඇති මිත්‍යා මත පුහු මත දුරුකිරීම


3 විකෘති ලිංගික ආශාවන්ගෙන් පෙලෙන්නන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකොට පුනුරුත්තාපනය කිරීම. 


4 යම් කිසි රෝගියෙකු හෝ විකෘති මානසික අයෙකු වෙතොත් ඔවුන්ගේ තත්වය පුනුරුත්තාපනය නිසිපරිදි වෙනවාදැයි සොයාබැලීමට ක්‍රමයක් සැකසීම (පොලිසියේ ඇඟ බැඳීම හා සමාන දෙයක් සතිපත මාස්පතා සායනයට අනිවාර්‍යයෙන් පැමිණිය යුතු ක්‍රමයක්)

5 යුරෝපා රටවල පමණක් නෙවෙයි අසල් වැසි ඉන්දියාවේත් දැනට පවතින රෙඩ් ලයිට් ඒරියා වැනි ක්‍රමවේදයන් ඇතිකිරීම (මෙයින් මා යෝජනා කරනෙන් නැහැ ගණිකා වෘතිය නීති ගත කරන්න කියලා).

6 යම් කිසි විදියකින් ගණිකා වෘතිය නීතිගත කිරීම සමාජ අවශ්‍යතාවයක් නම්   ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කිරීම.(දැනට තියෙනවාට වැඩිය සමාජ රෝග එහෙම අඩුකරගණන් පුළුවන් ප්‍රවනතාවය වැඩියි. රජයෙන් යම් කිසි බලපත්‍රයක් ලබාදී   වෛද්‍ය සහතිකයක් වැනි දෙයක් මාස්පතා ඔවුන් නිසි පරීක්ෂාවට භාජනය කිරීම )

මෙවැනි ක්‍රමවත් වැඩ පිළිවෙලකින් තොරව ලිංගික නිදහස ලබාදීම යනු පනින රිලවුන්ට ඉනිමන් බැඳීමක් වන්නේය. දැන් සමහර සිල්වතුන් කෑගහන්න පුළුවන් මේ ධර්මදීපයේ ගණිකා වෘතිය නීති ගත කරන්න කීම පිළිබඳව. නමුත් මාගේ අදහසනම් මෙවැනි අපචාර ධර්මදීපය තුල සිදුවීමට වඩා ගනිකාවෘතිය නීතිගත කිරීම හොඳයි.



මෙම ලිපිය සංවාදයට විවෘතයි......  මානසික අමාරු කාරයන් හැර ඇනෝලටත් තමන්ගේ මතය ප්‍රකාශ කරන්න පුළුවන්.

පහත දැක්වෙන්නේ එවැනි වෛද්‍ය පිහිට පතන්නට වූ අවස්ථා කිහිපයක් ගූගල් දෙයියෝ තමයි පෙන්නුවේ මේ ලිපියට අදාළ පින්තූර හොයද්දි. 18++++++++








Monday, 21 October 2013

තම්බිගේ පයිය ගලට සෙට්වුන හැටි 18+ 13+ 21+ ඕනේ කෙනෙක් කියවන්න දැනුමට හොඳයි

ඔන්න දරුවනේ අද කෝරලේ මාමා මෙච්චර දවසකට මාතෘකාව කරගත්තේ නැති දෙයක් තමයි මේ එළිපිට කතා කරන්න යන්නේ. කුණු හරප කියනවා කියල කියනවා එහෙම නෙවෙයි. මේ කතාව ලියන්න වස්තු බීජය හම්බ උනේ අද කාලේ ජනප්‍රිය බ්ලොග් කරුවෙකු වන හැලපයියගේ මෙන්න මේ පොස්ටුව දැකලා. අද උදේ අහම්බෙන් වගේ තමයි ඔය පොස්ට් කටුව දැක්කේ. උන්දැගේ මාතෘකාවම ගෙඩි පිටින් උස්සලා මමත් දැම්මා හැබැයි මේක කොපි කිරීමක් නෙවෙයි මම කරන්නේ සාධාරණ ඉල්ලීමක්. 


කාලයක් අපේ බ්ලොග් කරුවෝ එකතු වෙලා පුක කියන්නේ කුණු හරපයක් නොවන බව නොයෙකුත් තර්ක විතර්ක ඉදිරිපත් කරමින් ඔප්පු කරා. කිව්වත් වගේ කාටත් තියෙන පුකනේ ඕක. නැද්ද මං අහන්නේ....  දැන් මේ බ්ලොග් අවකාශයේ පුක කියන වචනය එළිපිට භාවිතාවෙන වචනයක්. අපේ දේශකයා ලිව්වාවූ ලිපියකට පිලිතුරු ලිපියක් ලියන හැලපයියා ඒ ගැන අපූරුවට විග්‍රහ කරමින් පයිය කියන්නේ කුණුහරපයක් නොවන බවත් මල්ලකට බවත් පෙන්වා දී තියෙනවා. ඉතින් මම හිතන විදියට පයිය කියන වචනේ කුණු හරපයක් නෙවෙයි. උන්නැහේ ඉතින් අපේ වැඩිහිටියෙක්නේ....... කතාවෙත් ඇත්තක් තියෙනවා. අද කාලේ හැම වචනෙම කුණු හරපයක් කරගෙනනේ. බඩුව,පූසා, ගොනා, මල්ලි, නංගි, පෙට්ටිය, රත්කරනවා, කෙළිනවා(ක්‍රීඩා කරනවා),  අත පාවිච්චි කරනවා, පොල් ලෙලි ගහනවා මේ තියෙන්නේ කුණුහරප කරණයට ලක්වූ නාම පද සහ ක්‍රියාපද  කිහිපයක්. අද කාලේ සමහරක් වෙලාවට කතා කරද්දී බොහොම පරිස්සමෙන් කතා කරන්න ඕනේ මොකද දවසින් දවස කුණුහරප බවට පත්වෙන වචන ප්‍රමාණය වැඩියි. ඇට කිව්වොත් හැමෝටම මතක් වෙන්නේ එක දෙයක් විතරයි. බලන්නකෝ එකෙත් හැටි වෙන වෙන දේවල් වල (පැපොල්, දොඩම්, කොස්, ඇට කොච්චර තිබුනත්  වැඩිය ඕනේ නැහැ මේ මනුස්ස සරීරේම ඇට කොච්චර තියෙනවද ඒත් වැඩි දෙනෙක්ට මතක් වෙන්නේ දෙකක් ගැන විතරයි. හික්.... හික්..... හික්...... ඒකට කියන්න තියෙන්නේ වල් හිතට කෝකත් වල් කියල) හැලපයියා කියන වචනේ හැදෙන්නේ  හැලප + අයියා අ යන්න ලොප් වෙලා තමයි හැලපයියා කියලා භාවිතා වෙන්නේ. එකට විසඳුමක් විදියට දේශකයා යෝජනා කරලා තිබුනා හැලපීයා කියන වචනය. නමුත් හැලපයියා ඒ දේට විරෝධය පල කරලා තියෙන ආකාරය  උක්ත ලිපිය කියවූ ඔබට අවබෝධ වෙන්න ඇති. ඔය ලොප් වීම හැලපයියාට විතරක් තියෙන දෙයක් නොවෙයි උදාහරණයක් ලෙස ගමුකො දිනූපයියා දිනූප + අයියා දිලීපයියා දිලීප + අයියා. ඕනෙම දෙයක් හොඳ හෝ නරක වෙන්නේ අපි ඒ දේ දිහා බලන කෝණය අනුව. මට මතකයි සර් ආතර් කොනන් ඩොයිල්ගේ The Lost World කියන පොතේ මලෝන් (Edward Malone) නමැති මාධ්‍යවේදියා පිළිකුලෙන් දකින කිනිතුල්ලෙක් මහාචාර්‍ය චැලෙන්ජර් දකින්නේ  මොනරෙක් වගේ ලස්සනට. මේ පොඩි උදාහරණයක් විතරයි. මට ඕනේ කරන්නේ ඕනෙම දෙයක් හොඳ හෝ නරක වෙන්නේ අපි ඒ දිහා බලන කෝණය අනුව.

අපේ දමියාව කට්ටියට මතක ඇතිනේ....... හුළං ගැරඬියා නොහොත් මගේ අතිජාත ඥාති සහෝදරයා. ඉතින් මිනිහටත් හිටියා දිලීප කියල යාලුවෙක් මිනිහා අපේ නැන්දලාගේ ගෙදර ආවම මගේ සෙට් එකේ හැමෝම දිලීපයියා කියද්දී මම විතරක් දිලීප..... අයියා ලෙස වචනය කඩලා තමයි මෑන්ට කතා කරන්නේ කොහොම හරි මිනිහට ඕක මීටර් වෙලා මට හොඳ වදන් වලින් පහදලා දුන්නා පයියා යනු කුණු හරපයක්  නොවන වග. මිනිහාගේම වදන් වලින් කිව්වොත් "යකෝ උඹලගේ වල් හිතට කෝකත් වල්" (ඔන්න ඔහොමයි ඔය වල් හිතට කෝකත් වල් කියන කියමන අපේ ශබ්ධකෝශයට එකතු වුනේ.  ඇත්තටම කියනවනම් එදායින් පස්සේ  මාව බයිට් කරන්න තමයි ඔය වචනේ මගේ අපායගාමී මිත්තරයෝ ටික පාවිච්චි කලේ. මේ බ්ලොග් ලෝකෙත් ඉන්නවා එහෙම එවුන්. උන් නම් කියන්න ගල් කෝරලේ කියලා. කියන එවුන් දෙන්න දන්නවා ඇතිනේ :P) 

හැමදාම අප්පා කියන්න යන කතාවට වැඩිය යාන් හෑලි තමයි කියවෙන්නේ. පඳුරු තලන එක භයානක ලෙඩක් මේක. ඉතින් ඔය දිලීපයියා මට කියල දුන්නු කතාව තමයි මම මේ කියන්න යන්නේ එහෙනම් නමෝ විත්තියෙන් කතාවට බහිමුකෝ........ හැබැයි මේ කතාව සමහරු අහලත් ඇති නැතුවත් ඇති. මේ කතාව මට මතක් උනේ හැලපයියගේ පොස්ට් එක කියවලා කොමෙන්ටුවක දාන්න තරම් දිගවැඩි නිසයි මේ පොස්ටුවක් විදියට දාන්නේ. 

ඔන්න ඉතින් සුද්දා රට කරන කාලේ මුහුදුබඩ පළාත් සම්පූර්ණයෙන්ම වගේ පාලනය පාලනය කලේ සුද්දෝ තමයි. ඉතින් මේ කාලේ අරාබි කරයෙන් මුස්ලිම් වෙළෙන්දෝ ලංකාවට ගොඩ බැහැලා වෙළහෙළදාම් කොරලා තියෙනවා. පස්සේ තමයි මෙහෙන් කරකාර බැඳලා මෙහෙම බින්න බැහැල තියෙන්නේ මොකද අරාබියෙන් ගෑනු ගන්නවට වැඩිය අපේ රටෙන් ගන්න ලේසි නිසා. මොකද අදටත් මැදපෙරදිග කසාද බඳින්න ඕනේ පිරිමින්ට සිද්ද වෙනවා ගන්න ගෑනිට ගෑනිගේ පවුලට 


දෑවැද්දක් ගෙවන්න. මේ දෑවැද්ද ගෑනිගේ ලස්සන උගත් කම වයස අනුව අඩු වැඩි වෙනවා. (මේකත් හරියට ගනුදෙනුවක් වගෙයි සල්ලි දීලා මාර්කට් එකෙන් බඩු ගේනවා වගෙයි සල්ලි දීලා ගත්තේ තමන්ට ඕනේ දෙයක් කරන්න. ඉතින් එහෙම ගෙවල ගන්න නිසාද කොහේ ෂරියා නීතියෙනුත් පිරිමින්ට ඔය ඩිවෝස් කේස් වලිදී එහෙම ලොකු ලිහිලක් දීලා තියෙනවා. මෙහෙ ගැහැණු ළමයි හදන විදිය මට නම් පෙන්නේ මසට හරක් හදනවා වගේ කන්න බොන්න දීලා උගන්වල ලොකු මහත් කරනවා ඊට පස්සේ සල්ලි අරන් මිනිහෙක්ට දෙනවා ඊට පස්සේ මැරෙනකල්ම අර මිනිහට යටත් වෙලා තමයි ඒ ගෑනිට ඉන්න වෙන්නේ) ඉතින් අපේ රටේ මේ කිසි දෙයක් නැහැනේ. ඒ දවස් වල හැටියට කාන්තා පාර්ශවයෙන් පිරිමියාට දෑවැදි ගෙවන සිරිතක්නේ තිබිලා තියෙන්නේ මම අහල තියෙන විදියට මේ විදියේ විවාහ වලට පෙළඹිලා තියෙන්නේ කුල වලින් නෙරපලා දාපු සහ පහත් යැයි සම්මත කුල වල කාන්තාවන් තමයි. (මේ ප්‍රකාශය පිළිබඳව මට වගකීමක් ගන්න බැහැ. අසා ඇති කතාවක් පමණයි. මේ ප්‍රශ්නය ගැන මම වෙනම කතා කරන්න බලාපොරොත්තු වෙනවා) සමහර විට ඇත්තත් වෙන්න පුළුවන් මොකද අදටත් අපේ කුලවත් උදවිය කුල මල හොයනවනේ කොම්පියුටර් සමාජේ ජීවත් වෙලත් අම්මපා මුන් හැදෙන්නේ නැහැනේ.   
 



ආයෙත් කතාවෙන් පිට පැන්නනේ. ඉතින් කළුතරත් බේරුවලත් අතර ප්‍රදේශයට මේ මුස්ලිම් වෙළෙන්දෙක් ආවලු වෙළඳාමේ. මේ වර්ගයේ වෙළෙන්දොන්ට යම් තරමට සිංහලත් කතාකරන්න පුළුවන් කමක් තිබුනාලු. ඒ කාලේ මොවුන්ව හඳුන්වා තියෙන්නේ තම්බි කියන නමින්. අදටත් මුස්ලිම් උදවිය තම්බි කියලා අමතන්නේ ඒ හේතුව නිසා වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මේ තම්බි වෙළඳාම් කරන්නේ අරුමෝසම් බඩු වෙළඳාමලු. ඉතින් මේ තම්බිගේ හොඳම කස්ටමර්ස්ලා වෙන්නේ අපේ බවලත් උදවිය බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. මේ තම්බිත් අරුමෝසම් බඩු ගොනියකුත් ඔලුව උඩ තබාගෙන පයින්ම යනවලු දවසේ ගාන හොයාගන්න. මෙහෙම යන තම්බිට මගදී හම්බ වෙනවලු සිංහල කතක් වන වන එනවා (වෙන මොනවා වනන්නද උකුල මිසක්) තම්බිත් අහනවලු 


"අක්ක වල්...ළලු තීනවා මුද්..දු තීනවා චී...ත්ත තීනවා අක්ක මුනා ගන්නවා........"
"කෝ බලන්න මොනවද තියෙන්නේ කියලා"
එතකොට තම්බි පොඩ්ඩක් බිමට පහත වෙලා කියනවලු "ඊනම් අක්ක මේ පයිය ගල උඩින් තීනනකෝ......"


අක්කටත් ඉතින් පුෂ්පය විකසිත වුනාලු  තමන් වගේ කුල කතකට අයුතු 

යෝජනාවක් කළා කියලා. අක්කත් පටන් ගත්තලු රෙද්ද කරේ තියං....... (වෙන මොකක්වත් නෙවෙයි බනින්න). පස්සේ තම්බිත් බොහොම වෙහෙසක් අරන් අක්කට පැහැදිලි කරලා දුන්නලු පයිය යනුවෙන් අදහස් කරන්නේ තමුන් බඩු දාගෙන එන මල්ල බව. ඉතින් ඒ පුරස්නේ එතනින් ඉවර වුනාට පයිය තිබ්බ ගල පයියාගල යනුවෙන් හඳුන්වනවලු. දැන්නම් ඒ නම පොඩ්ඩක් මොඩ් වෙලා පයාගල වෙලා. ඔයාල ගාලු පාරේ යද්දී කටුකුරුන්දත් බේරුවලත් අතර සමහර ස්ථාන වල අදටත් පයියාගල කියල සඳහන් වෙලා ඇති අයුරු දැකලා ඇති (එවැනි පින්තූරයක් හෙව්වත් කරුමෙට සෙට් උනා නැහැ ඕයි......). ඉතින් මේ වගේ හර බර වචනයක් හැදෙන්න නිධාන කතාව තමයි ඔය ඉහත කියලා තියෙන්නේ කුණු හපලයක් නෙවෙයි.

මේ කතාවෙනුත් අපිට වටහා ගණන් පුළුවන් පයිය යනු කුණු හරපයක් නොවන බව. ඉතින් මම අපේ බ්ලොග් ලෝ වාසීන්ට යෝජනා කරනවා පයිය යනු ශරීර අවයවයක් නොවන බැවින් සහ  කුණු හරපයක් නොවන බැවින් එය භාවිතා කිරීමට මැලි නොවන ලෙස.

හැලපයියාගේ තර්කය වඩාත් ශක්තිමත් කිරීමේ අදහසින් තමයි මේ පොස්ටුව දැම්මේ. ඒ වගේම පාඨක සැමගේ දැනුම වර්ධනය කොරන්න එහෙම නැතුව මේ කෝරලේ වල් කතා කියනවා කියල  එහෙම එනවා නෙවෙයි හොඳේ............................

Saturday, 28 September 2013

ෆේස් බුක් පේජ් වල නිරුවත

අපේ මාක් උන්නැහේ විසින් නිර්මාණය කරන ලද ෆේස් බුක් අඩවිය අද කාලේ තරුණ තරුණියන් අතර පමණක් නොවෙයි වැඩිහිටි පරම්පරාවද වැළඳ ගෙන පැල් බැඳගෙන පාවිච්චි කරන අඩවියක් වෙලා. නමුත් අපිට ගොඩ වෙලාවට අහන්න ලැබෙන්නේ ෆේස් බුක්   ගැන බැනුම් තමයි මොකටද ඔය කාලේකන දේවල් කරන්නේ, ඔයිට වඩා හොඳ නැද්ද පොතක් පතක් පාඩම් කලානම්. ඇත්තටම අද කාලේ කොල්ලෝ
කෙල්ලෝ ටික ෆේස් බුක් එකේ ඉන්න වෙලා පොත් එක්ක පුස්තකාලේ ගත කලානම් ඒ ලෙවල් වලට A 4 අරන් අපේ රටේ කැම්පස් වල ඉඩත් නැතිවෙනවා. මොකටද අප්පේ ඒ වගේ ජාතික අපරාධ කරන්නේ එහෙම කලොත් අනාගතේ පොල් කඩන මිනිහටත් ඩිග්රි එකක් තියේවි, නැද්ද මං අහන්නේ????. තමන්ගේ ගෙදර පොල් කඩන්න ටෙන්ඩර් දාන්න වේවි. පත්තරේ ඇඩ් දාලා තමයි පොල් කඩන කෙනෙක් ගන්න වෙන්නේ.ඔච්චර කරදර විඳින්න ඕනේ නැහැනේ ඉගන ගත්තේ නැතිවූනාම.

අද මගේ මාතෘකාව බුකියේ තියෙන ගෘප්ස් සහ පේජ් ගැනයි. අපේ බ්ලොග් කාරයෝ බොහොමයකට තමන්ගේ බ්ලොගේට ෆෑන් පේජ් (Fan Page) එකකුත් බුකියේ තියෙනවා. ඇත්තටම ඔය විහිලු තහළු අපේ දැනුමට යම් යම් දෑ අරගෙන ඔය පේජ් කෙරුවාව ආපු කාලේ ගැන නම් මට ඒ හැටි නිච්චියක් නැහැ. නමුත් ඒ දවස් වල තිබ්බ පේජ් අතරින් ඉහලින්ම ගුණාත්මක දේ අරන් ආව කට්ටියක් තමයි කජුවත්ත එක්සත් ක්‍රිකට් සමාජය, I Love My Dream Girl/ Boy.  මම හිතන්නේ මම හරි වෙන්න ඕනේ. ඊට පස්සේ සිරිය ලතා, කෙහෙල් මල්, නැව ගිලුනත් බෑන් චූන් යනාදී වශයෙන් කාලයත් එක්ක නම් වත් මතක හිටින්නේ නැති තරම් පේජ් තොගයක් අප අතරට පැමිණියා. ඇත්තටම මෙහි concept එක තමයි පින්තූරයක් මගින් යම් පණිවිඩයක්, විහිළුවක් පිරිසක් අතර බෙදා හදා ගැනීම. ඇත්තටම ඒක ගොඩක් හොඳ දෙයක් ඒ නිසාමද මන්දා මේ කෙරුවාව ගොඩක් ජනප්‍රිය උනා. එන හැම දේම ඉහමුදුනින් පිළිගන්න එක අපේ ජාතියේ හැටිනේ.




උදාහරණයක් විදියට අපේ ටයිටස් තොටවත්ත මහතා අප අතරින් සමුගත් දිනවල හැමෝම කලේ එතුමාගේ ෆොටෝ ගෙන Share කරගැනීම. ඒ අතර තිබුණු එක කියමනක් මට මතක් වෙනවා.  "ස්ටීව් ජොබ්ස් මිය ගිය ගමන් ඇපල් අයි ෆෝන් එකක් තියා කිසිම ඇපල් නිර්මාණයක් අල්ලලා නැති උන් ස්ටීව් ජොබ්ස් ගැන ශෝක පණිවිඩ ප්‍රකාශ කළා. නමුත් ටයි මාමගේ කාටුන් බලපු නැති එකෙක් නැහැ ඒ කලගුණ මතක තියෙන එවුන් මේක ශෙයා කරපල්ලා" කියලා. මේ වගේ දේවල්, පසුගිය කාලේ හලාල් කතන්දරේ, නෝ ලිමිට් වගේ සිද්දි  මතක ඇතිනේ...... සෑහෙන්න ලොකු රැල්ලක් නිර්මාණය කළා මේ ෆේස්බුක් පේජ් ටික එක්කාහු වෙලා. අපිත් දකින දකින එකට ලයික් කරලා තම තමන්ගේ වෝල් වලත් ශෙයා කරගත්තා එහෙම නේද?.

උදාහරණයක් විදියට පසුගිය සතිය ගන්න. ඒ සතිය තුල එවැනි විහිළු තහළු කොමඩි කෑලි කීයක් නම් ඔබගේ වෝල් එකේ ශෙයා කරගෙන ඇත්දැයි බලන්න. මේ විහිළු තහළු අතර තියෙනවා සමාජය දැනුවත් කිරීමේ පණිවිඩ. අර මම කලිනුත් කී පරිදි හැම එකම ශෙයා කරන අපේ ගොයියලා මෙහි අන්තර්ගතය  සැබෑවක්ද බොරුවක්ද කියලවත් හොයල බලන්නේ නැතිව තම තමන්ගේ වෝල් වල ශෙයා කරගන්නවා. මෙන්න මෙතෙනටයි මට එන්න ඕනේ මෙච්චර වෙලා මම කලේ පඳුර තලපු එක දැන් අපි කෙලින්ම බහිමුකො මාතෘකාවට.

පසුගිය සැප්තැම්බර් 3 වෙනිදා හෝමාගම හබරකඩ ප්‍රදේශයම හැඬේව්ව දවසක් කිව්වොත් මම නිවැරදියි. ඒ අසල්වැසි මළගෙදරක ඇති වූ රණ්ඩුවක් බේරන්නට ගොස් පාපතර බේබදු අමනයෙකුගේ කුරිරු කිනිසි පහරකට ලක්ව අප අතරින් සදහටම සමුගත් මුදිත මාලවික සොයුරාගේ වියෝව හේතුවෙන්. මේ පිළිබඳව සිරස ටීවී එකේ 10 විකාශයේ සඳහන් වුනේ මේ අයුරින්. මුදිත කියන්නේ කොයි වගේ කොල්ලෙක්ද කියල බලන්න ඕනෙනම් මෙතනින් ඔහුගේ ප්‍රොෆයිලයට ගිහින් බලන්න.
මිතුරන් අතර හොඳ මිතුරෙකු වූ ඔහුගේ වියෝව ගැන මිතුරන් කම්පාවන අයුරු. ඇත්තෙන්ම කනගාටුදායකයි. ඔහු අප අතරින් නික්ම ගොස් මසක්වත් ගතවෙලා නැහැ. සල්ලිත් නැහැ සනීපත් නැහැ නම් පේජ් එකේ පසුගිය 26 වැනිදා මෙන්න මේ පින්තූරේ පලවෙනවා. මෙය හුදෙක් විහිළුවක් ලෙස සැලකිය හැකිද??????

ජීවතුන් අතර සිටින පුද්ගලයෙකුට විහිළුවක් කිරීම සාධාරණීකරණය කල හැක. නමුත් මිය ගිය අයෙකු අලලා පලකරන ලද මෙවන් තුට්ටු දෙකේ තිරිසන් ප්‍රකාශයකට 98 දෙනෙක් ලයික් කරලා තියෙනවා 256ක් තමන්ගේ වෝල් වල ශෙයා කරන තියෙනවා. මෙය නොදැන නොදන්න කමට කල දෙයක් කියල කියන්න පුළුවන්. නමුත් මේ පිළිබඳව කොමෙන්ට් 33කින් දන්වා තිබිය දීත් එම චායාරූපය ඉවත් නොකරන්නේ  සල්ලිත් නැහැ සනීපත් නැහැ පේජ් එකේ ඇඩ්මින් වරයාගේ අමන කමද...... තිරිසන් කමදැයි අපිට වැටහෙන්නේ නැහැ. නමුත් මේ පිළිබඳව මට කියන්නට තියෙන්නේ. ඕනෙම මොලේ නැති හරකෙක් මොන විදියේ හරි කුණුහරපයක් හදලා දැම්ම පලියට එයට ලයික් කරමින් ශෙයා කරමින් කියා පාන්නේ තමනුත් ඒ හරක් වැඩේ තිරිසන් වැඩේ අනුමත කරන බවත් තමනුත් බත් වෙනුවට කන්නේ පිදුරු සහ තණකොළ බවත් නොවන්නේද?



අපි කිසියම් දෙයකට ලයික් කරන්නේ ශෙයා කරගන්නේ එය තමන්ගේ සිත් ගත් නිසා හෝ එය යම්කිසි විදියේ ප්‍රකාශයක් නම් උදාහරණයක් ලෙස "මම හලාල් වැඩේට විරුද්දයි". මම ඒ ප්‍රකාශය මගේ වෝල් එකේ ශෙයා කරගන්නේ මම එයට විරුද්ධ නිසා, ඒ මගේ මතයයි. මේ පිංතූරය ශෙයා කරන ඇති 256ක් වූ පිරිසටත් එයට කැමැත්ත පල කල 98 දෙනාටත් කියන්නට ඇත්තේ මේ දෙය තමන්ගේ සොයුරෙක්ට යාලුවෙක්ට සිද්ධවුනා නම් මේකේ තියෙන බරපතල කම උඹලට තේරේවි. ඇත්තටම මේ වගේ පහත් මානසික මට්ටමක් ඇති උදවියත් අපේ සමාජේ ඉන්නවා නේද කියල හිතෙද්දි ලොකු කලකිරීමක් එන්නේ සල්ලිත් නැහැ සනීපත් නැහැ      පේජ් එකේ ඇඩ්මින් ගොයියට කියන්න තියෙන්නේ. තමන්ගේ පේජ් එකේ නම සල්ලිත් නැහැ සනීපත් නැහැමොළෙත් නැහැ
කියල වෙනස් කරන අතරම තමන්ගේ ඇති අම්බරු ගතිගුණ හදාගන්න එකයි. තමන් ගේ පේජ් එකත් එක්තරා විදියේ මාධ්‍යයක් එයින් අපි ජනතාව අතර ගෙනියන්න ඕනේ, නැති දේවල් කල්පනා කරලා බලලයි ලියන්න  ඕනේ. (මේ කෝරලේ වලව්ව බ්ලොගේ උනත් යම් මාධ්‍යයක්.මා මෙහි ලියන දේවල් කියවන පිරිසක් සිටිනවා මගේ වගකීම තමයි මා ඔවුන්ට හරවත් දෙයක් ලබාදීම). ලංකාදීප පුවත් පතේ ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන හේමන්ත ද සිල්වා මහත්තයා කියපු දෙයක් මට මතක් වෙනවා. "මාධ්‍ය කියන එක වැරදි පුද්ගලයෙකුට අහුවුනොත් එය වඳුරෙකුට අසුවූ දැලිපිහියක් වන අතර එයින් ඔහු වටපිටාවේ ඉන්න එවුන්ටත් හානි කරලා අන්තිමේ තමන්ගේ බෙල්ලත් කපාගෙන තමයි නවතින්නේ". 


මුදිත මචන් මේ කාලේ ඉන්න එවුන් සංස්කෘතියක් සදාචාරයක් ඇති එවුන් නෙවෙයි. පවුලේ සැමත් මිතුරු කැලත්  කරන්නාවූ කුසල් බලයෙන් ඔබට අති උතුම් අමා මහ නිවන් සම්පත් ලැබේවා කියල කෝරලේ වලව්වේ රචකයා වන මමත් මගේ පාඨක පිරිසත් ප්‍රාර්ථනා කරනවා.










මියගිය පුද්ගලයෙකුට කරන ලද මේ අපහාසය ඔබ හෙලාදකිනවා නම් මේ පේජ් එකේ පොස්ට් එක  Report කරන්න අපිට සහය වෙන්න.

අදහස් දැක්වීමට විවෘතයි. Anonymous ලෙසටත් කොමෙන්ට් කල හැකිබවින් අසැබි වදන් පළකිරීමෙන් වලකින්න.  

Saturday, 21 September 2013

මට Pizza Hut එකක් කන්න ආසයි බං. එද්දී අරන් වරෙන්කො...



ඔන්න ගියපාර මම ලියුවේ දේවතා එලි පොස්ටුවේ ඇතිවෙලා තිබුණු ගැටලුවට පිළිතුරු දුන් සියලු දෙනාටම ස්තූති වන්ත වන අතරම. තරුණ උදවිලගේ ආතල් කේස් දාලම හරියන්නේ නැති නිසා මම තීරණය කොලා වයසක ආතල් එකකුත් දාන්න. හික් හික් හික් ඔන්න මේ කතාව දිග හැරෙන්නේ අපේ බනියගේ පුංචි ආච්චි ගැනයි. මතක ඇතිනේ සිහින කුමරිය කියවපු අයට නැත්නම් මෙතනින් බලන්න. 

ඉතින් මේ ආච්චි උපතින් බෞද්ධයෙකු උනාට පසු කාලීනව පෙන්තකොස්ත නම් ආගම වැළඳගෙන තියෙනවා. ආගම ගැන අඳ භක්තියෙන් කටයුතු කල මේ ආච්චි තමන්ගේ ඇසිලින් කියන නමත් වෙනස් කොරලා විනීතා කියන නම දාගෙන තියෙනවා (නීත්‍යානුකූලව නෙවෙයි කට වහරට) ඉතින් මේ පල්ලියට එන උදවිය වැඩිපුර කතාකරන්නේ ඉංග්‍රීසි වලින් තමයිලු. ඉතින් මේ ආච්චිටත් හිතුනලු මෙච්චර කඩුව වනන සෙට් එකේ ඉන්න කොට තමනුත් නිකන් ඉඳල හරියන්නේ නැති බව. ඉතින් මුන්දැත් දැන් ඉංග්‍රීසි ඉගෙන ගන්න ෆුල් ට්‍රයි එක දෙනවලු.

කඩුවෙල ප්‍රදේශයේ ගුරුවරයෙක් ලඟටත් ගියාලු ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඉතින් මේ ආච්චිට ගුරුතුමා උච්චාරණය උගන්වන්න උත්සහ කරන අවස්තාවක තිබුනලු Pizza කියන වචනය 

ගුරුතුමා: මේ වචනය ශබ්ද කරන්න ආච්චියෙ පිට්සා කියලා කියන්න බලන්න .

ආච්චි : පිස්සා......

ගුරුතුමා: පිස්සා නෙවෙයි පිට්සා කියල තමයි මේක ශබ්ද වෙන්නේ      

ආච්චි : පිස්සා.......... පිස්සා....

දැන් ගුරුවරයාගේ ඉවසීමේ රතු කට්ටත් පැනගෙන එනවලු.

ගුරුතුමා: දැන් මේ අවසාන වතාව කියන්නේ මම කියන්න බලන්න පිට්සා කියලා 

ආච්චි : පිස්සා....
ගුරුතුමා:  කවුද..... වචනේ හරියට කියාගන්න බැරි ආච්චිද . එහෙම නැත්නම් ආච්චිට උගන්වන්න භාර ගත්තු මමද?

පන්තියේ සිනහා................ එදා වෙච්චි ඒ සිද්දියෙන් පස්සේ ආච්චි තීරණය කලාලු ඒ පන්තියේ ගුරුතුමා ඉංග්‍රීසි නොදන්නා බැවින් පන්ති යාම නවතා දමන්නට. 

ගෙදර ඇවිත් තමන්ගේ පුතාවෙන බගාට කියනවලු මට පිස්සා හට් එකක් කන්න ආසයි බං අද හවස උඹ වැඩ ඇරිලා එද්දී අරන් වරෙන් කියලා. 

අයියෝ Pizza..................... 





ආ...... හොඳම හරිය ලියන්න මතක් උනේ දැනුයි. මර්ලින් හිතවාදී මන්තර කාර ජනතාවට සංවේගයෙන් දැනුම් දෙන වගනම් මර්ලින් සීසන් පහෙන් ඉවර වෙන බවත් අන්තිම මොහොතේ මර්ලින් මායා කරුවෙකු බව ආතර්ට අනාවරණය වෙන බවත්. මෝඩ්රෙඩ් ගේ කඩු පහරින් ආතර් මියයන අතර මර්ලින් පිටුපසින් එල්ල කරන කඩු පහරකින් මෝගානාගේ දිවි තොරවී යයි. අවසානය ඉතාමත් සංවේදි වන අතර. මෝගානාගේ දිවි තොරවීම පිලිබඳ කනගාටුවට පත් මාරයා. (වෙන අවුද බං මේ අපේ මඩ චක්‍රවර්ති කුකරි විශාරද මාර තුමා මිසක්) ජිවිතයේ කිසි දිනක විවාහ නොවන්නටද අනගාරික දිවියක් ගතකරමින් නාගරිකව ජීවත් වන්නටද, සතියක් නොකා නොබී ඉන්න බවට ප්‍රතිඥා දී ඇත. වැඩි දුර විමසීම් මාරයාගෙනි.


දයාබර මෝගානා උපදින ආත්මෙක මාරයාගේ වී මර්ලින්ගෙන් තොර දුර ඈත රටක ඉපදීමට වාසනාව ලැබේවා. මෙයට ශෝකයට පත් කෝරලේ මහතා සහ වලව්ව.







Related Posts Plugin for WordPress, Blogger...