Showing posts with label අධ්‍යාපනික. Show all posts
Showing posts with label අධ්‍යාපනික. Show all posts

Sunday, 22 December 2013

බම්බු ගහනවා. (කොහෙද?) ඉටිකිරිස් ඉන්දියන් කෑල්ල

හප්පේ මකුණු දැල් කඩන්නම ගියා වරුවක් විතර මේ මකුළුවෝ කියන්නෙත් කැත සත්තු ජාතියක් අම්මපා...... ටික දවසක් නෑවිත් හිටියම මුන් බ්ලොගේ දැලුත් බඳිනවානේ........ ඔන්න කොල්ලනේ කෙල්ලනේ සකල සිරින් පිරි සිරි ලංකාවේ මහා රජ තුමා (දැන් ඉන්න බුවා නෙවෙයි මම කියන්නේ එකදාස් හයසිය ගණන් වල හිටපු උන්නැහේ කෙනෙක් ගැන) විසින් කෝරලේ තනතුරට පත්කළ කෝරලේ ගොයියා පොස්ටුවක් ලියන්නට බැස්ස වගයි. පහු ගිය ටිකේ ලියන්නට බැරි වුන හේතුව ටික දෙනෙක් දන්නවා නොදන්නා අයට දැනගන්නත් එක්ක ලියලම දානවා කියල හිතුවා. කෝරලේ මහත්තයට අවුරුදු බර ගානක් කොම්පැනිය වෙනුවෙන් කැඹිරීමේ ප්‍රතිපලයක් ලෙස විදේශ සංචාරයක් ලැබුනා පිණාවට. (නැතුව අපේ ලොක්ක බ්ලොගේ බලල සංතෝසෙන් එහෙම දුන්නු එකක් නෙවෙයි) ඒකත් ලැබුනේ සෙල්ලම් රටකට නෙවෙයි මට පෙන්නන බැරි කවදත් වෛරයෙන් හිතන  ඉන්දියාවටමයි. බලහල්ල කෝ ඒකෙත් හැටි............. ඉතින්  මේ ඉන්දියාවේ ගතකල දවස් 18 මට නිකන් අවුරුදු 18 වගේ දැනුනේ ඇයි කියලයි මම තාම කම්පනා කොරන්නේ. අම්මප හෝම් සික් එක කියන දේ ජීවිතේ පලවෙනි වතාවට මට හැදුනයි කියහන් කෝ.... 


කොහොමින් කොහොම හරි අවුරුදු ගානක් ඔෆිස් එකේ අයිස් ගහපුවට හරියන්න පෝරියල් එක සෙට් වුනා උදේ පාන්දර ඉඳන් රෑ 10 - 12 වෙනකල් වැඩ කොරන්න. ඒකත් නූලට තිතට කෙරෙන්න ඕනේ මොකද රජයත් සම්බන්ධ ව්‍යාපෘති යක් නිසා. ඒ හින්දා අපේ මායියා වෙනුවෙනුත් මම වෙන්කොරල තිබුනේ දවසින් විනාඩි 20ක් විතර තමයි. බැංගලෝර් නගරයේ ගුවන්තොටුපොලේ තමයි රාජකාරි කොලේ. ඒ පිලිබඳ තාක්ෂණික පැත්තෙන් පොස්ටුවක් නිවාඩු පාඩුවේ දාන්නම්. කොහොමින් කොහොම හරි කෝරලේ මහත්තයට සෙට් වුන ගෝලයෝ ටික නම් අදහන්න වටිනවා නිකන් නෙවෙයි මල් පහන් තියලා. ඇත්තටම මුන් අයිටී දෙපාර්තමේන්තුවට නෙවෙයි ප්ලේන්ටී දෙපාර්තමේන්තුවට වත් සුදුසු කම් නැති එවුන්. කොහොමින් කොහොම හරි ගිය වැඩෙත් කොරලා ගෝලයෝ ටිකත්  පුහුණු කරලා  දෙපාර්තමේන්තුවත් රාජකාරි මට්ටමේ කටයුතු වන තැනක් විදියට ස්ථාවර කොලේ හැකි ඉක්මනින් ගෙදර එන්න බලාගෙන. නමුත් කල හොඳ පස්සෙන් එලවනවා වගේ අපේ අධ්‍යක්‍ෂක වරයා ඉන්දියාවේ ප්‍රාදේශීය කලමනාකර තනතුර මගේ ඔලුව උඩින් තිබ්බා කටු ඔටුන්නක් කරලා. ඕකෙන් මේකෙන් වෙන්නේ මාසෙකට දෙකකට සැරයක් ඉන්දියා ගිහින් බඩේ අමාරුව හදාගෙන එන්නයි. මෙලෝ රහක් නැති උසස්වීමක්.

මෙන්න මේ අවස්ථාවේ තමයි මට අපේ සුදීක අයියව නිකන් දෙයියෙක් නෙවෙයි දේවාලයක් වගේ පෙනුනේ. මොකද උන්දා මුලින්ම කියල තිබුනනේ ඉන්දියාවේ කෑම කෑවොත් බඩේ අමාරුවක් ෆ්‍රී හම්බවෙනවා කියල. ඉතිං ගොඩක් දුරට කෑම එහෙමත් ගොඩක් තෝරලා බේරලා තමයි කෑවේ බිව්වේ. දවසක් නවාතැන් පලේ කෑම කාල කාල ඇතිවෙලා හිටපු එකේ පොඩි වෙනසකටත් කියල එළියෙන් මසාල තෝසේ පාරක් දාල බාබුල් එකක් එහෙම කාලා පොඩි දත් කූරක් එහෙම කටේ ගහගෙන පොඩි රවුමක් දාලා ආවා. ආව තමයි ආයෙම ඩුබායි එනකන්ම හොද වුනේ නැති ඒ අවාසනාවන්ත බඩේ අමාරුව කතා කරලා වැඩක් නැහැ පිංවතුනි තත්වය සෝචනීයයි. ඉතින් අපේ උන්දැගේ වැඩෙත් එන්නේ කවද්ද එන්නේ කවදද කියා කියා කියවන එක වෙච්චි. ඉවසන් ඉන්න එකෙත් එක්තරා ලිමිට් එකක් තියෙනවනේ එහෙන් බඩේ අමාරුව වැසිකිලියෙන් හෙල්ලෙන්න දෙන්නේ නැහැ. අරහෙන් කොම්පැනි කාරයෝ එන්න දෙන්නේ නැහැ. මෙහෙන් මායියා කනක් ඇහිලා ඉන්න දෙන්නේ නැහැ. මේ තුන එක්කාහුවෙලා මගේත් අර්ශස් තද වෙලා මායියාට කියල දැම්ම මම එන්නේ නැහැ මෙහෙම ඉන්නයි කල්පනාව කියලා. 


මෙන්න බොලේ අබ පුපුරනවා වගේ අපේ මායියා කියපි නැතැයි. එහෙනම් ඕනේ බම්බුවක් ගහගන්න එකයි ඇත්තේ. ඉන්න විතරක් නෙවෙයි ඉන්දියන් එලිච්චියෙක් හොයාගෙන කසාදෙකුත් බැඳගන්න කියල. එලිච්චියෙක් කොහොම වෙතත් ගැටිස්සියෙක් හිටියනම් ඇති කසාදයක් කොරගන්න. නැද්ද මන් අහන්නේ........  අම්මප ඔච්චර ඉටි කිරිස් කෑලි ඉන්න ඉන්දියාවේ මට හරියන එකක් හොයාගන්න බැරි වෙන එකක් නැහැයි කියලත් ලාවට වගේ හිතුනා.   අපේ උන්දා මේක කියෙව්වොත් අද රෑ පිලේ තමයි නිදියන්න වෙන්නේ. එකත් බඩගින්නේ :( මේ බම්බු ගහනවා කියලා හැමෝම වගේ කියනවා ඇහුනට කීයෙන් කී දෙනාද දන්නේ මේ බම්බු ගහනවා කියන්නේ මොකක්ද කියලා. මේ ගැන කතා කරද්දී අපට මතුවෙන ගැටළු තමයි 

  1. බම්බු හෝ බම්බුව යනු මොනවාද? 
  2. ගහන්නේ කොහේද????? වෙන වෙන අදහස් එහෙම ගන්නවා එහෙම නෙවෙයි
අපේ ලංකාව කියන්නේ කෘෂිකාර්මික රටක් කිව්වොත් නිවැරදියි. මේ  වෙනකොට  නම් මේ කියමන වෙනස් කරන්න කාලේ ඇවිල්ලාදෝ.... කියලත් හිතෙනවා. කොහොම වුනත් ගොවියාට තිබිලා තියෙන්නේ ඉහල තැනක්. දැනටත් ඔය භාවිතා වෙන කුලමල සෙවීමේදීත් ගොවිගම කියන්නේ ඉහල කුලයක් ලෙසටයි සැලකෙන්නේ. ඉතිං මේ ගොවිතැනට ගොවියන් හට බෙහෙවින්ම උපකාරී වුන සතෙක් තමයි ගවයා කියල කියන්නේ. අද කාලේ වගේ හන්දි  හන්දි ගානේ හරක් මරණ කාලයක් නෙවෙයි ඒ කාලේ ඉතිං මේ ගවයා කියන සතා කියන්නේ අපේ ගැමි ජනතාවට නිකන් කප්රුකක් වගේ හිටපු සතෙක් මලාට පස්සේ හමෙනුත් වැඩගන්නවා (ඇයි බෙරහදන්න).ඉතිං මේ හරක් වුනත් අසනීප වෙනවනේ. හැමදාම එකම විදියට ඉන්නේ නැහැනේ නේද? ඉතිං මේ හරක් අසනීප වුනාම බෙහෙත් කරන්න ඕනේ වැඩියෙන්ම අසනීප වෙන්නේ හරක් පැටව් තමයි. මිනිස්සුන්ගේ වුනත් පුංචි දරුවොනේ ඉක්මනින් අසනීපවලට ගොදුරුවෙන්නේ මේ සත්තුන්ටත් ඒක පොදුයි නොවැ.


ඒ කාලේ මේ දැන් වගේ හන්දි හන්දි ගානේ පශුවෛද්‍යවරුන් හිටියේ නැහැ  දොස්තර විභාගේ අමාරු වුන උදවිය තමයි මේ පශුවෛද්‍යවරුන් වෙන්නේ කියල කතාවකුත් තියෙනවා. ඔය අපේ ගමේ ගොඩේ උදවිය පශුවෛද්‍යවරුන් හඳුන්වන්නේ  බලු දොස්තර කියන නමින්. බල්ලන්ට වෙදකම් නොකලත් බලුදොස්තරලත් අපේ සමාජේ බොහොමයක් ඉන්නවා. ඔය ස්ට්‍රයික් එකක් එහෙම කරන වෙලාවට ඔක්කොම ඉතිං බලුදොස්තරලා තමයි රෝගීන්ට.  (ඔන්න ඉතිං ට්‍රැක් එක පැන්නනේ සහෝදරයා එකනේ තමුසේ එක්ක කොරන්න බැරි.) හරි.... හරි... ඉස්සර නම් මේ සත්තුන්ට වෙදකම් කලෙත් ගමේ වෙදමහත්තයාම තමයි. සිංහල වෙදකම් කරලා තියෙන උදවිය දන්නවා ඇතිනේ සිංහල බෙහෙත් වර්ග මොනවද කියලා කසාය, කල්ක, ගුලි, (මෝදකේ නෙවෙයි) අනම් මනම් ගොඩයි. ඉතිං මේ හරක්ට මෙව්වා බොන්න කිව්වට බොන එකක්යැ..... ඒකනේ හරක් කියන්නේ මෙන්න මේ අවස්ථාවේදී සිද්ධ වෙනවා බලෙන් පොවන්න නැත්නම් සතාගේ ජීවිතේට වුනත් හානි වෙන්න පුළුවන් නේ....  හරකාගේ කකුල් අතපය බැඳලා බිම පෙරලලා සෑහෙන්න සටනක් කරලා තමයි බෙහෙත් ටික පොවන්න ඕනේ. අද කාලේ නම් කරන්නේ හරකාගේ අතපය බැඳලා බෙල්ල කපන එකනේ ඒකත් හලාල් ක්‍රමයට එතකොට හරකට රිදෙන්නේ නැහැලු. ඔන්න ඔය අවස්ථාවේදී වෙද මහත්තරු පාවිච්චි කරනවා හොඳට පදම් කරලා, මැද කොටස  සුද්ද පවිත්‍ර කරලා ගත්ත උණ බටයක්. මෙන්න මේ බටේ හරකාගේ උගුරට දාලා තමයි ලු බෙහෙත් පොවන්නේ. මේ කෙරුවාවට තමයි බම්බු ගහනවා කියලා කියන්නේ. ඉතිං හොඳින් කරන්න බැරි දෙයක් අත පය බැඳලා බිම පෙරළාගෙන බලෙන් කට අරවලා බෙහෙත් පොවන එකටයි බම්බු ගහනවා කියන්නේ. මෙය කියමනක් ආප්තෝපදේශයක් (වචනේ හරිද දන්නේ නැහැ වැරදිනම් නිවැරදි කරන්න) හැටියට ප්‍රචලිත වෙලා තියෙන විදියක් තමයි පෙනෙන්නට තියෙන්නේ. නමුත් මෙහි ඇති වරද නම් අද කාලේ තැනක් නොතැනක් නැතිව බම්බු ගැසීමයි.




මට මේ නිධාන කතාව එහෙම නැත්නම් මේ වචනේ හැදිලා තියෙන්නේ කොහොමද කියන එක දැනගන්ට ලැබුනේ වර්ෂ 2004 ලංකාවට නිවාඩුවක් ගිහින් ඉන්නකොට මට අවස්ථාවක් ලැබුනා අපේ ලොකු මාමා එක්ක  තරුණ සේවා සභාවේ තිවුන සම්මන්ත්‍රණයකට යන්න. මෙහි හිටපු දේශක මඩුල්ලේ කෙනෙක් තමයි මේ කතාව කිව්වේ ඒ වෙන කවුරුවත් නෙවෙයි සිංහල විෂය පිලිබඳ විශේෂ උපාධියක් හිමි








හසන්ත හෙට්ටිආරච්චි මහත්මයා 


මේ පොස්ට් එක ලියවෙන්නේ එදා ඒ මහත්මයා කියලා දුන්නු දැනුම නිසාවෙන්. මම ඒ පිළිබඳව හසන්ත මහත්මයාට ස්තූතිවන්ත වෙනවා.

ඔන්න දැන් බම්බු ගහන්න කලින් අපේ උදවියට ටිකක් හිතන්න වෙනවා. ඔය වචනේ ගැලපෙන උදවියත් අප අතර නැතුවාම නොවෙයි.




Sunday, 8 September 2013

වඩ්ඩාට කෙල උන හැටි. (වඩුමහතෙක්ට උන අකරතැබ්බයක්)

අන්තිම පොස්ට් එක දාල සෑහෙන්න කාලයක් උනා මට බ්ලොගක් කියල එකක් තියෙනවා කියලත් මතක් උනේ මේ ඊයේ පෙරේදා. මගේ සිම් කාර්ඩ් පත නැති වෙලා තිබුන නිසා මට මගේ එකවුන්ට් එකට ලොග් වෙන්නවත් හැකියාවක් නැතිවයි තිබුනේ. ඉතින් මම හිතනවා සහෝදර බ්ලොග් වාසින් සියලු දෙනාම සුවෙන් සැපෙන් කල් ගෙවනවා කියල. 
මට අහන්න ලැබුන පොඩි කතාවක් ඔයාල එක්ක බෙදාගන්න තමයි මම අද කල්පනා කලේ. කාලෙකට පස්සේ ලියන එකේ මාගල් වගේ ලිවිල්ලට පුරුදු වෙන්න සෑහෙන්න කාලයක් යාවි.පඳුරු තැලිල්ල පැත්තකට දාලා අපි කෙලින්ම කතාවට බහිමුකො. මේ කතාව අහල ඇති අයත් ඉන්න පුළුවන් නමුත් වටිනා ආදර්ශමත් කතාවක් නිසයි ලියන්න කල්පනා කලේ.


ඔන්න එකදාස් නමසිය බර ගණන්වල (දඹදිව බ්‍රහ්මදත්ත නම් රජකෙනෙක් හිටිය කාලේ නෙවෙයි) රට නම් කැමති රටක් හිතාගන්නකෝ. ඔන්න ඔය අහවල් රටේ තිබුනලු ගෙවල් හදන කොම්පැනියක්. (ඔය ලංකාවෙත් තියෙන්නේ හැබැයි භාගෙට භාගයක් ඉන්නේ හොරු) ඉතින් මේ කොම්පැනියේ හිටියලු බොහොම අවංකව සේවය කරන වඩු මහත්තයෙක්. 
සෑහෙන්න කාලයක් තමන්ගේ වැඩ ටික අකුරටම කරගෙන හිටිය මුන්නැහේ ගැන කොම්පැනියේ ලොක්ක පවා හිටියේ සෑහෙන්න පැහැදීමකින්ලු. ඉතින් දැන් වැඩ කරලා පැන්සොන් යන කාලෙකුත් එනවනේ.... මුන්නැහේගෙත් අන්න ඒ කාලේ ලංවුනාලු. දැන් මුන්නහේ ගියාලු කොම්පැනියේ ලොකු මහත්තයා මුලිච්චි වෙන්න. 

ඉතින් ලොකු මහත්තයා හම්බවෙලා කිව්වලු තමන් මෙතෙක් කල් සේවය කළා දැන් තමන්ට තවදුරටත් සේවය කරන්න තරම් ශක්තියක් නැහැ දැන් විවේක ගන්න ඕනේ නිසා තමන්ට අස්වීම ලබාදෙන්න කියල (දෙන්න තියෙන දීමනා ටික තමයි ඔය ඉල්ලන්නේ අපි දන්නේ නැද්ද) ඉතින් ලොක්කා කිව්වලු උන්නැහේගේ වැඩ ගැන මම සෑහෙන්න සතුටුයි නමුත් අස්වෙන්න කලින් පොඩි වැඩක් තියෙනවා අන්තිම වතාවට එකත් ඉෂ්ට කොරලා දීලා යන්න කිව්වලු. දැන් මේ වඩු බාසුන්නැහේට පොඩ්ඩක් විතර නොරිස්සීමක් හිතට ආවලු ඇයි දෙයියනේ මෙච්චර වැඩ කරලා වයසට ගිහින් අස්වෙන්න යන වෙලාවෙත් වැඩක් කියද්දී අපිටත් ඉතින් මල පනිනවනේ ගෙදර යන්න ලෑස්ති වෙලා බෑග් එකත් පැක් කොරගෙන ඉන්නකොට කවුරු හරි ඇවිත් කියද්දී අනේ මේ අන්තිම වැඩෙත් කොරල පලයන් කියල. ඉතින් මුන්නහෙටත් එහෙම උනාලු ඒත් ලොක්කනේ හම්බවෙන්න තියෙන දීමනා ටික හම්බ වෙන්නේ නැහැනේ කියන දේ කලේ නැතිනම්. හොඳමයි කියලා බාසුන්නැහෙත් ආවලු.

මොකක්ද මේ බාසුන්නහෙට දීපු වැඩේ සාමාන්‍ය මට්ටමේනිවසක් තනන්න එකත් ලීවලින් (නැත්තන් ඉතින් වඩුවෙක්ට කියන්න ඕනෙද ගෙයක් හදන්න ලී වලින් නෙවෙයිනම්) ලොක්ක කිව්වලු වෙන කිසිම කෙනෙකුගේ උදව් නැතිව තමන් කැමති විදියට තමන්ගේම නිර්මාණ ශක්තියෙන් අවශ්‍ය විදියට සැලසුම් කරලා හදන්න කියල. වඩු උන්නැහේට දැන් තවත් පුෂ්පය විකසිත උනාලු (මල පැන්නලු) ඇයි යකෝ තනිවම ගෙයක් හදල නිම කරන්න කිව්වම. මොනවා කරන්නද ලොක්කගේ කීමනේ කියල සද්ද නැතිව වැඩේ කරන්න ගත්තලු. හැබැයි ඉස්සර වගේ උවමනාවකින් නෙවෙයිලු මුන්නහේ වැඩේ කොලේ. අර උඩින් පල්ලෙන් කිව්ව නිසා පොඩි මඩුවකට වැඩිය ටිකක් ලොකුවට ගේ අටවලා දැම්මලු.
ඇයි ඉතින් ඉක්මනට වැඩේ ඉවර කරන තරමට දීමනාවත් අරගෙන ඇස වෙලා යන්න පුළුවන්නේ. 

කොහොමින් කොහොම හරි වැඩේ ඉවර කොරලා ලොක්කා හම්බෙන්න ගිහින් කිව්වලු සර් ඔන්න වැඩේ ඉවරයි මේ වයසේදී මට පුළුවන් උපරිම විදියට මම ගේ හැදුවා මේක තමයි මට කොරන්න පුළුවන් උපරිමේ කියල කිව්වලු. ලොක්ක හිනාවෙලා බාසුන්නැහේට කිව්වලු ලොකු උන්නැහේ අපේ කොම්පැනියට ගොඩක් මහන්සියෙන් වැඩ කරලා තියෙනවා ඉතින්  ඒ වෙනුවෙන් අස්වෙලා යන මොහොතේ ඔයාටයි පවුලේ උදවියටයි නිවසක් ලබාදෙන්න අපි හිතුවා. ඉතින් ඒ නිවස ඔබම ගොඩනැගුවොත් ඔබේ කැමැත්තට හදාගන්න පුළුවන් නිසයි ඔබ දැන් වැඩ නිම කල නිවාස ඔබටම තැනීමට භාර දුන්නේ කියල. ඔන්න එතකොට තමයිලු වඩු උන්නැහේට තරු වීසි උනේ. ඇයි දෙවියනේ දර මඩුවක් වගේ අටවල දැම්මේ තමන්ගේම නිවස නේද.......?




මේ වගේ දේවල් වලට අපි අපේ කාර්යාලයේදී නොයෙකුත් මුහුණ දෙනවා. බෑග් පැක් එකට ලැප් එක දාලා වැඩ ඉවර වෙලා ගෙදර යන්න යද්දී මේ කොහෙවත් ඉන්න කෙනෙක් රාජකාරියක් අරන් එනවා එතකොට කාටද කේන්ති යන්නේ නැත්තේ. හැමෝම කරන්නේ මල්ලෙන් ගහල දාලා වැඩේ කරලා ඉක්මනට ගෙදර යන්නයි. මොකද උවමනාවෙන් නෙවෙයිනේ කරන්නේ. මටත් ඒ වගේ අවස්ථා වලට මුහුණ දෙන්න සිද්ද වෙලා තියෙනවා. නමුත් මේ කතාවෙන් ගන්න තියෙන ආදර්ශය තමයි වැඩක් බාරගත්තොත් මුල තිබු උනන්දුව අවසාන මොහොත දක්වාම තියගනිමින් ඒ වැඩේ නිම කරන්න කියන එකයි. මේ ලිපිය වයස් සීමාවක් නැහැ. ඕනෙම කෙනෙකුට ජීවිතේට හොඳ පාඩමක්. 


එහෙනම් ගිහින් එන්නම් මා නොමැති කාලයේ ඒ පිළිබඳව සොයා බැලු සියලුම බ්ලොග් මිතුරන්ට මගේ හද රැඳී ප්‍රණාමය.



Wednesday, 8 May 2013

නායකත්ව පුහුණව leadership (01) සියල්ලන්ම කියවිය යුතු ලිපියක්. මම වෙනුවෙන් නොව ඔබ වෙනුවෙන්.


 අඩේ අප්පා අද උදේ පාන්දරම නැගිටලා කාගේ බෙල්ල කම්දෝ කියල හිත හිත කබ පිරුන දෙනෙතින් ලෝක ධාතුව දිහා බලන මට එක පාරටම කම්පනාවට ආවේ යකෝ මට බ්ලොගක් කියල දේකුත් තියෙනවා නේද සෑහෙන්න කාලෙකින් මොනවවත් කුරුටු ගෑවේ නැහැ නේද කියල. ඉතින් අද කොහොම හරි මේ පැත්තේ ගෑටුවේ මගේ සහෝදර බ්ලොග් වාසීන් ටික දැකබලාගන්නයි. මේ දවස් වල මට බ්ලොග් ලියන්න කියවන්න එන්නේ නැති හේතුව දන්නේ කිහිප දෙනයි නේ. ඉතින් මම එක අනෙක් අයටත් දැනගන්න එක්ක කියන්නම් කෝ. මම මගේ රැකියාව මාරුකලා. නමුත් මට හිතාගන්න බැරි මේක ප්‍රොමෝෂන් එකක ඩිමෝෂන් එකක්ද කියල කොහොම හරි ඉස්සරට වැඩිය ගානක් පොකට් එකට වැටෙන නිසා සද්ද නැතිව වැඩ ටික කරන් ඉන්නවා. කොහොම නමුත් මගේ විවේකය අඩුවෙලා කියන එකනම් පැහැදිලියි. ඒ වගේම මට දැන් කරන්න වෙලා තියෙන්නේ උදේ ඉඳන් කෑගහන එක තමයි. මොකද මම මේ වැඩ කරන ආයතනය ගොඩදුරට කරන්නේ නායකත්ව පුහුණු වැඩමුළු කැම්පස් යන්න සිලෙක්ට් වෙලා ඉන්න සිසු සිසුවියන්ට

මගේ කොටස තමයි මේ පොඩි කෙල්ලෝ කොල්ලෝ ටිකට Science & Technology  (විද්‍යාව සහ තොරතුරු තාක්ෂනය) කියන දේ එයාලගේ ඉදිරි ගමනට වැදගත් වෙන්නේ කොහොමද කියල කියල දෙන එක. අද හැමදෙනාම දන්නවා අපිට තාක්ෂනය ගැන දැනීමක් නැතිව ඉස්සරහට යන්න බැහැ කියන එක වෙන වෙන විෂයන් වලින් අපි උපාදියක් ලබාගත්තත් අපිට ලොකු තල්ලුවක් වෙනවා එහෙන් මෙහෙන් පරිගණක දැනීමක් තියෙන එක. අද කාලේ ගොඩක් ළමයි බලන්නේ පරිගණක ආශ්‍රිත රැකියාවක් ලබාගන්න පරිඝනක උපාදියක් ගන්න නමුත් ඒ සඳහා විශ්ව විද්‍යාලෙට ගිහින් තමන්ගේ අරමුණ ඉටුකරගණන් කීයෙන් කීදෙනාද? අවුරුදු 4ක විශ්ව විද්‍යාල ජීවිතය අපේ ජීවිතේ ලොකු හැරවුම් ලක්ෂයක් වෙනවා. කරන්නං වාලේ උපාදියක් කරලා ජීවිතේ අවුරුදු 4ක් නිකන් නාස්ති කරගෙන උපාදියට කොහෙත්ම සම්බන්දයක් නැති රැකියාවක් කරන උදවිය මෙහෙ අනන්ත ඉන්නවා. බොහෝදුරට අපි කැම්පස් එකේ විෂයන් තෝරාගන්නේ මොන විදියේ පදනමක් මතද?
  1. දෙමාපියන්ගේ ඉල්ලීම මත
  2. අල්ලපු ගෙදර බුවා කරන්නෙත් මේ අංශයේම රැකියාවක් නිසා 
  3. මෙවැනි උපාදියක් ලබාගැනීමෙන් ලොකු පඩියක් ලබාගත හැකි යැයි අසා ඇති නිසා 
  4. සමාජයේ පිළිගැනීමක් ඇති නිසා 

නමුත් කවදාවත් ඔයාල හිතල බලල තියෙනවද මේ කරන උපාදියෙන් තමන්ගේ අනාගතය දීප්තිමත් කරගන්න විදියක් ගැන? ඒ වගේම කවුරුවත් මේ පිලිබඳ දැනීමක් ඇති පළපුරුදු අයවලෙකුගෙන් විමසල තියෙනවාද? බොහෝ දුරට නැහැ....... බොහෝ දුරට අපි අදහස් විමසන්නේ අපිට අවවාදයක් දෙන්න තියා එයාලටවත් හරි මාර්ගය තෝරාගන්න බැරි අයවලුන්ගෙන්. මතක තියාගන්න මේ සටහන පරිඝනක උපාදිය කරන උදවියටම පමණක් නොව විශ්ව විද්‍යාලයට යන්න හිතන් ඉන්න හැම දෙනෙක් සහ දැනට රැකියාව කරන උදවිය  වෙනුවෙන්ම ලියවුන දෙයක් බව. අද කාලේ Bachelor degree එකක් කියන්නේ සාමාන්‍ය දෙයක්. අද සමාජයේ ඇති තරඟකාරී අධ්‍යාපන ක්‍රමය  තුල බොහෝ දෙනෙක් පෙළබෙන්නේ මෙම උපාදිය ගැනීමට පමණයි. මෙතනින් ඉදිරියට යන්නේ කැම්පස් අවුට් වෙච්ච පිරිසෙන් සියට 15ක් 20ක් වැනි සුළු කොටසක්.


මට මතකයි ඩුඩ් අයියගේ පොස්ට් එකක තිබුනා කවදාවත් තමන්ගේ විනෝදාංශය රැකියාව විදියට තෝරාගන්න නරකයි කියල. නමුත් මට හිතෙන්නේ ඒ දේ වැරදියි කියල. තමුන් රැකියාවක් තෝරාගන්න කලින් හොයල බලන්න ඕනේ තමන්ට මේ සඳහා හැකියාව උවමනාව උනන්දුව සහ කැපවීම කියන දේ තියෙනවද කියල. අපි බොහොමයක් දැනට රැකියාව කරන අය. නමුත් කීයෙන් කී දෙනාද උදේට නැගිටලා උනන්දුවෙන් ආසාවෙන් රැකියාවට යන්නේ. එය මුළු ප්‍රතිශතයෙන් සියට 20ක් වැනි අගයක්. ඇයි මේ අලසකම? මේ උදවියට ගෙදර ඉන්නවට පඩි දෙනවනම් කවදාවත් රැකියාවට යන්නේ නැහැ කියන එක මට ෂුවර්. ඒ අලසකම උවමනාවක් නැති කම ඇතිවෙන්නේ තමන් හිත යටින් කැමති නැහැ තමන් මේ කරන රැකියාවට. අපි උදාහරණයක් විදියට ගමු ටියුෂන් ගුරුවරයෙක්. ලංකාවේ ගුරුවරු ගත්තාම ඉන්නවා ලක්ෂගානක් මේ පොස්ටුව කියවන හැමෝටම ගුරුවරු ඉන්නවා නමුත් මේ ගුරුවරුන්ගෙන් බොහොම සුළු පිරිසක් ජනප්‍රියත්වයේ සාර්ථකත්වයේ හිනිපෙත්තටම නගිනවා. ඇයි මේ සමහර ගුරුවරු පයින් යද්දී අර ජනප්‍රිය ගුරුවරු කොළඹ ක්ලාස් ඉවර වෙලා නුවර ක්ලාස් එකට යන්නේ හෙලිකොප්ටරෙන්. සමහර උදවිය ළමයි නැතිව වේලෙද්දී අර ජනප්‍රිය ගුරුවරුන්ගේ ක්ලාස් වල ළමයින්ට ගුරුවරයව පෙන්නේ රූපවාහිනී තිරයකින්. හේතුව තමයි ඉගැන්වීම ගුරුකම කියන දේ ඒ උදවිය ඇඟේන්ම කරන දෙයක් එකට අමතර පුහුණුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. අර ළමයි නැතිව වේලෙන පන්තිවල ගුරුවරු සුදුසු කම උගත්කම් නැති අයද? නැහැ තියෙනවා සමහර විට මේ ජනප්‍රිය අයට වඩා උගත්කම ඇති. නමුත් ගුරු කම කියන එක එයාලගේ ඇඟේ නැහැ( එය ඔවුන්ට රැකියාවක් පමණයි)


මේ විදියට හැම අංශයකම ඒ සඳහා කැමැත්තක් ඇති ආසාවෙන් කරන උදවිය දවසින් දවස ප්‍රොමෝෂන් ගහනවා පඩි වැඩිවෙනවා. එකම දෙපාර්තමේන්තුවේ රැකියාව එකම දින එකම සුදුසු කම් ඇතිව පත්වෙන දෙදෙනෙක් ගෙන් එකෙක් ආව තැනම ඉන්දෙද්දී අනෙකා උසස් වීම් ලබනවා ඔයාල දැකල ඇති මෙතෙනදීත් වෙන්නේ අර කලින් කිව්ව කාරනාවම තමයි.

අපි ඉගනගැනීමට කලින් හොයල බලන්න ඕනේ කාරණාවලින් මුල් කාරණේ තමයි මම දැන් සඳහන් කලේ ඒ තමන්ට ඒ සඳහා ඇති කැමැත්ත ආසාව සහ හැකියාව. දෙවැනි කාරණේ තමයි Market Need (වෙළඳ පොළ අවශ්‍යතාවය) දැන් අපි ගමු උදාහරණයකට අපේ හර්ෂණ මලයා (රජා). ඒකා සිවිල් ඉංජෙක් මම දන්න තරමට පොඩි කාලේ ඉඳන්ම ඒ සඳහා සැලසුම් කරලා එතනට ආව කෙනෙක්. ඒවගේම රැකියා වෙළඳපොලේත් සෑහෙන්න ඉල්ලීමක් තියෙනවා සිවිල් ඉංජිනේරුවන්ට. මට හිතෙනවා මමත් වෙන්න ඕනේ කියල සිවිල් ඉංජෙක්. කරන්න පුලුවන්ද? ඔව් මොන ක්‍රමේකින් හරි උපාදිය ගන්න පුළුවන්. නමුත් සිවිල් ඉංජිනේරුවෙක් විදියට ජොබ් එකක් කිරීමේදී සෑහෙන්න ගැටළු වලට මුහුණ දෙන්න වෙනවා. මොකද ඒ මගේ කැමති අංශය නෙවෙන නිසා. අයිලාෂ් අයියා අපේ වෙනි (මාමා :P) ගමු හොඳ  කැමරා කරුවෝ. නමුත් වෘතිමය පැත්තෙන් මම ඒ විෂය ඉගෙනගැනීමට ගිහින් රැකියාවක් විදියට කරන්න පුලුවන්ද. පුළුවන් වේලෙන ස්ටූඩියෝ එකක් දාගෙන්න ඉන්න පුළුවන්. මොකද ඒ කැමරා කරණයට මගේ Passion එකක් නැති කම.

මේ විෂය හරිම කම්මැලි විෂයක්. දිගින් දිගට කියවන යද්දී එපාවෙනවා කියවන්න. මේ පැය 3ක ලෙක්චර් එකක් තමයි මම මේ සිංහලට පරිවර්තනය කරලා සරල විදියට දැම්මේ. මේ ලිපිය සම්බන්දව ඔයාලගේ අදහස් මට කියන්න කට්ටියම කැමතිනම් අපි මේ පිළිබඳව විස්තර සහිතව ලිපි දෙකතුනක් දාන්නම් 

විශේෂයෙන් මා නොමැති දිනවල ඒ පිලිබඳ විමසා බැලු දේශකයාට සහ අටම් අයියාට මාගේ හැඩහද පිරි ස්තූතිය.



Saturday, 4 August 2012

ෆේස් බුක් මිතුදම. (Facebook Friendship)



ලොලේ ලොල් නේ. මේවගේ දේවල් ඔබට වෙන්නට පුළුවන් අවවාදයයි ෆේස් බුක් අනතුරු සහිතයි. ප්‍රවේසමෙන් පරිහරණය කරන්න. ලොල්


Wednesday, 1 August 2012

හිනා වෙයන් යාලු



මෙය කිසිඳු පුද්ගලයෙකුට හෝ පක්ෂයකට අපහසකිරීමේ අදහසින් නිර්මාණය කරන ලද්දක් නොව. හුදෙක් විනෝදය සඳහා පමණක් බව කරුණාවෙන් සලකන්න





























Saturday, 28 July 2012

.............................කපුවා කපෝතියි.............................




අද මම ලියන්න යන්නේ ටිකක් වෙනස්ම මාතෘකාවක්. මුලින්ම කියන්න ඕනේ මට මේ පොස්ට් එක ලියන්න හිතුනේ මගේ සම කාලීන බ්ලොග් කරුවෙකු වන අපේ මීගොඩ සහෝදරයා නොහොත් මී ගොඩයා ලියපු පොස්ට් එකක් දැකල.  කපුවා කිව්වම ඔයාලට මතක් වෙන පුද්ගලයෙක් ඉන්නවා. ඒ තමයි දේවාලේ ඉන්න කපුමහත්තය. නමුත් මේ කියන්න යන්නේ මගුල් කපුවා ගැනයි. අපි විග්‍රහ කරලා බලමු මොකක්ද මෙයාගෙන් වෙන සේවය කියල. අද කාලේනම් ඉරිදා පත්තරේ මංගල යෝජනා තීරේ දැන්වීමක් දැම්මනම් ඇති. නමුත් තාක්ශනේ එතරම් දියුණුවක් නොලබපු  ඒ කාලේ මේ කපුමහත්තයගෙන් වෙච්ච සේවය මෙපමණයි කියන්න බෑ. මොකද අද කාලේ නම් සියට 90 වක් දෙනා බඳින්නේ ආදරය කරලා එහෙම නැත්නම් තේරෙන සිංහලෙන් කිව්වොත් ලව් කරලා මේවට අපි කියන්නේ ලව් මැරෙජ් කියල අනෙක ඉතින් ඇරෙන්ජ් මැරෙජ් නේ. ඔන්න ඕක සඳහා තමා මේ කපු මහත්තය ඕනේ වෙන්නේ. ගෙදරට නාකි උන දෙන්නෙක්ව එකට එකතු කරන මේ කපු මහත්තයගෙන් වෙන්නේ සුළුපටු සේවයක්ද අම්මපා මං අහන්නේ? තමන්ට කසාද බඳින වයසේ දුවෙක් පුතෙක් ඉන්න අම්මල තාත්තල මේ කපු මහත්තයෙකුට එන්න කියල බාර දෙනවා විස්තර තමන්ගේ ළමයාගේ. කුල මල, වත ගොත, දේපල, උගත්කම, 20 වෙනි සියවසේ ඉඳලනම් පොටෝ කෑල්ලකුත් එක්ක. කපු උන්නැහෙත් මොකද කරන්නේ හොයනවා සමකුල තත්වෙට ගැලපෙන තරුණියක් හෝ තරුණයෙක්. දෑවැදි ලෙන් දේන් ඔක්කොම කතාකරන්නේ මුන්නැහෙ තමා කොටින්ම කිව්වොත් මේ මනාල දෙපාර්ශවයේ ඒජන්තයා විදියට කටයුතුකරන්නේ මුන්නහේ තමයි. ජීවිතේට දැකල ආශ්‍රය කරලා නැති, අන්නෝන්‍ය අවබෝදයකින් තොරවූ දෙදෙනෙක්ගේ ජෝඩුවක් එකතු කරන භාර ධූර කර්තවයට අතගහන්නේ සැබවින්ම එය මොහුගේ ජීවිකාව වන බැවිනි. දෙපාර්ශවයෙන්ම තෑගී භෝග, සන්තෝසම්, සහ කපු ගාස්තුව මෙහුට ලැබෙනවා, නැතුව නිකන් කොරයිද ඔය වගේ වැඩ???? මේ වැඩේ කොරන්ට හැමෝටම බෑ විශේෂ සුදුසු කම් ඕනේ ඇත්තටම කිව්වොත් ඒ කාලේ මේ රස්සාව කොරන්ට නම් අද කාලේ ලෝයර් කෙනෙක්ගේ දැනුම සුදුසු කම ඕනේ. මොකද ලෝයර් ( නීතිඥයා) කරන්නෙත් කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කොරල රටේම නැති කෙප්ප අද බාල තමන්ගේ සේවදායකයව දිනවල දෙනා එක නේ. කපු උන්නැහේ කොරන්නෙත් එකම තමා. වවාගෙන කන වෙලාවලුත් නැතුවම නෙවෙයි. ඔන්න ඉතින් ඔක්කොමත් කොරල කසාදෙත් බැන්දුවයි කියමුකෝ 






මට ඕනේ කරන තැනට එන්නේ ඔතනින් පස්සේ තමා. සමහර විට මධු සමයට පහුවෙනිදා හිටන්ම ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් මොකද නොදන්නා දෙන්නෙක්ගේ ජෝඩුවක්නේ. එකිනෙක තේරුම් ගත්තොත් හොඳයි නැත්නම් ඉතින්????? වෙන මොනවා වෙන්නද  රණ්ඩු  තමා ඉතින් එකෙත් හැටි බලන්න මෙයාලගේ රණ්ඩුවෙදී අනිවාර්යයෙන්ම කපුමහත්තයටත් බනින්න අමතක කරනේ නෑ. එතකොට තමයි කපුමහත්තයට හිතෙන්නේ '' යකෝ කසාද බැන්දේ උන්, හනිමූන් ගියේ උන් දෑවැදි ගත්තේ උන්, මගුල් කෑවේ උන්, වැඩේ දෙල් උනාම තමයි මට බනින්නේ කියල''. ''ඕක ඉතින් ලංකාවේ හැටිනේ ගණන් ගන්න එපා කපුමහත්තයෝ''.  කියල තමා කෝරලේ මහත්තයට කියන්න වෙන්නේ. ඔයාල අහල තියෙනවද මේ කපුවෙක් මලාට පස්සේ වලලපු වලට හෙන 15 වක් ගහනවා කියල. 



මොනවද දන්නවද ඒ හෙන? කසාද බැඳපු මිනිහ කියනවා අනේ මේ වගේ ගෑනියෙක් මට හොයල දුන්නු අර කැපුවට හෙන හතම ගහපිය කියල. ආ.......... එතකොට ගෑනිත් කියනවා මේ වගේ මිනිහෙක් මට හොයල කසාද බන්දුවට අර කැපුවට හෙන හතම ගහන්න ඕනේ කියල එතකොට ඔක්කොම හෙන 14 යි නේද කෝ අන්තිම එක එක තමයි භයානකම හෙනේ. 



















මෙහෙම පවුල් අසාර්ථක වෙන මිනිස්සු ගෙදරට ඇවිත් බනින්න ගත්තහම කපුවාගේ හාමිනේට (ගෑනිට) බැනුම් අහල ඇතිවෙලා කියනවා අනේ මේ වගේ මට නිරපරාදේ බැනුම් අහන්න සලස්වන මගේ මිනිහට හෙනම ගහපන් කියල. ඔන් ඔහොමයි කපුවට හෙන 15 වදින්නේ. 





කතාව හොඳයි කියල හිතෙනවනම් කොමෙන්ට් එකක් දාලම යන්නකෝ අඩුපාඩු එහෙම තියෙනවනම් කියල
 






කපුවාගේ පින්තූරය ඉස්සුවේ මෙතනින්




  

Saturday, 21 July 2012

මං එන තුරු ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ?












විශාරද ගුනදාසකපුගේ සූරීන් විසින් ගයනු ලබන මෙම ගීතය මාහට ලැබුණු ඊයක ඇමිණිලා තිබුනා අද කාලයේ සමාජ තත්වය මෙය නිසා මේ ගැන පොඩ්ඩක් කතාකරන්න ඉඩක් මගේ බ්ලොග් එකේ වෙන් කලා ගොඩක් දරුවන් තම බිරිඳගේ බසට නැවී තම ආදරණීය මවට වෙනස් කම් කිරීම ඈත අතීතයේ පටන් සිදුවන දෙයක්. අද කල මෙහි ප්‍රවනතාව ගොඩක් දුරට වැඩියි. පොඩි කාලේ ඉඳන් මෙම ගීතයට සවන් දුනමුත් මෙහි අරුත වැටහුනේ තරමක් ලොකු මහත් වූ පසුවයි. මෙලොව කිසිම ආදරයක් තමන්ගේ මවගේ ආදරය හා සමාන නැත. කොල්ලනේ........ ගැණු මෙලොව හිඟ නෑ ප්‍රතිශතයක් වශයෙන් ගත්කල පිරිමින්ට වැඩ වැඩියි. නමුත් අම්මා කියන්නේ කියන්න පුළුවන් එකම කෙනාටයි. තමන්ගේ බඩින් වදපු දරුවට මවක් ආදරය කරන තරම් කිසිම ගැහැනියකට බැහැ පිරිමියෙකුට ආදරය කරන්න. මගේ හිතවත් පවුලක් නවතන් ගෙන සිටින නිවසේ හිමිකරු මසකට ලංකාවේ මුදලින් ලක්ෂ පහ හයක වේතනයක් ලබන අයෙකි. වාහනයක් ඇත. තමන් සිටින නිවස කුලී පදනම මත ලබාදී එයිනුත් තුන් හාර ලක්ෂයක් උපයනු ලබයි. නමුත් මොහුගේ මව ජීවත් වනුයේ අරාබි ගෙවල්වල කුලීවැඩ කොට ලබංනාවූ සොච්චම් මුදලෙනි.  අපේ තරුණ පරපුරට හිතන්න දෙයක් මම මේ කියන්නේ. කවදාවත් අම්මට දුක් දෙන්න එපා එය මෙලොවදීම පඩිසන්දෙනවා. බුදුදහමේ උගන්වන පරිදි මවට පියාට සැලකීම යනු බුදුන්ට සැලකීමක් හා සමානයි. ගෙදර බුදුන් නමින් හැඳින්වෙන අම්මා වෙනුවෙන් ඔබ කොතෙක් ඔබෙන් වියයුතු යුතුකම් ඉටුකොට ඇත්දැයි කල්පනාකාර බලන්න.
  
කුඩා අප අතින් කුහුඹුවකුට හෝ හිංසාවක් පීඩාවක් වනවා දකින්නට අම්මා කැමති වුණේ නෑ.  අපි අම්මත් එක්ක ගමන් බිමන් ගියේ හරිම කැමැත්තෙන්.
බස් එකෙන් දුම්රියෙන් යන ගමන් බිමන්වල දී අපේ ජීවිතේට වටිනා අත්දැකීම් එකතු වුණා. ඇස් නොපෙනෙන අසරණයෙක්, අත පය නැති ආබාධිතයෙක්, මන්ද බුද්ධිකයෙක් ඇස ගැටෙන හැම වෙලාවකම ඒ අයට එහෙම වෙන්න හේතුවත් ඈ හෙමිහිට කියා දුන්නා. ‘පුතේ මේ, මේ, වැරැදි කළ නිසයි ඒ අය අද මේ විදිහට දුක් විඳින්නේ’
ඒ විතරක් නෙවෙයි. අසරණකමට හිනා නොවෙන්න, අසරණයන්ට පිහිට වෙන්නත් අපිට ඉගැන්නුවේ අම්මා. කාටත් වරදක් නොකර ධාර්මිකව ජීවත් වුණොත් ඒ ගුණධර්ම විසින් ම අපි ආරක්ෂා කරගන්නා බව අම්මා කියා දුන්නේ උදාහරණ ද සමඟින්.
ඕනෑ කරන පොත්පත්, ඇඳුම් පැලඳුම් අඩුවක් නැතිව අරන් දුන්නත් ඒවා අරපරිස්සම් කරගන්නා හැටි වගේ ම ලැබෙන දෙයින් සතුටු වෙන හැටිත් ඇය කියා දුන්නා. දකින දකින දේ ඉල්ලා හඬා වැටෙන්නත්, දකින දකින කෙනා අනුකරණය කරන්නටත් අප හුරු නොවුණේ ඒ නිසා. ජීවිතේ සැප සතුට වගේ. දුක හිමි වන බව, ජය පැරදුම, ලාබ අලාභ, නින්දා ප්‍රශංසා, කීර්තිය, අපකීර්තිය, මේ සියල්ල මැදහත් සිතින් විඳ දරා ගත යුතු බවත් ඉගැන්නුවේ ජීවිතේ සමහර හැල හැප්පීම් මැද අම්මා මුහුණ දුන්න හැටි කියා දෙමින්.


කවුරු හෝ කෙනෙක් පුංචි උදව්වක් කළත් කට පුරා ස්තූති කරන්නට වගේ ම කෙළෙහි ගුණ සලකන්නටත් අම්මා අමතක කළේ නෑ. අපට ශාස්තෘන් වහන්සේ වූ බුදුරජාණන් වහන්සේ කලගුණ උතුම් කොට සැලකූ බවත්, කෙනෙක් අනුන්ගෙන් උපකාර අරන් ඒ කළගුණ අමතක කළොත් නැවත උදව් අවැසි වෙලාවක එයට උපකාර වන කෙනෙකු සොයාගත නොහැකි බව උන්වහන්සේ දේශනා කළ බවත් ඇය අපට කියා දුන්නා. ඒ වගේ ම අම්මා අනුන්ට උපකාරයක් කළොත් ඒ අයගෙන් ප්‍රත්‍යුපකාර බලාපොරොත්තු වූයේ ද නෑ. අපිට මේ ජීවිතේ ගැන මුලින්ම කියල දුන්නේ අම්මා. අපේ ජීවිතයේ මුල්ම ගුරුවරයා උනෙත් අම්මා පොඩි කාලේ ඉඳන් දසමසක් කුසේතියන් හදල කවල පොවලා ලොකු මහත් කල් පස්සේ අපි  මොකද කරන්නේ සහකාරියක් අරන් යනවා නමුත්.පුවත් පතක් ගත්තොත් අපිට පේනවා ද්‍රෝහී බිරින්දන් ගැන නමුත් ජීවිතේට දැකල තියෙනවද ද්‍රෝහී උන මවක් ගැන ( මම මේ කියන්නේ හැම බිරිඳම එකයි කියන එක නෙවෙයි) නමුත් අම්මා කියන්නේ දුකේදීත් සැපේදීත් අපි ළඟ ඉන්න එකම කෙනා විතරයි වෙන කවුරු හිටියත් අතේ මිටේ තියෙනක් ඉඳීවි නැත්නම් ඔයාලව අඳුන එකක්වත් නෑ අදටත් පමා වැඩි නෑ ඔයාගේ අම්මා වෙනුවෙන් ඔයාගේ කාර්ය බහුල  දවසේ විනාඩි දහයක් පහලවක් වෙන්කරන්න මොකද ඒ දේ උනත් අපිට කරන්න තියෙන්නේ බොහොම කෙටි කලයි. ජීවත් වෙනකම් සලකන්නේ නැතිව මැරුණට පස්සේ පින්කම් කරලා වැඩක් නෑ ඉන්නකල් ඇයව සතුටෙන් තියන්න.






ස්තූතිය මෙම ලිපියෙහි පින්තූරය සහ අදහස මට ලබාදුන්  ප්‍රවීණ ලේඛිකා සුරංගි අතුකෝරල මහත්මියට.
 











Saturday, 14 July 2012

මිහිපිට සුරපුරක් වන් තැනක්










 මගේ හිතවත් පාඨකයෝ ඔක්කොටම සුබ දවසක් වේවා!  කියල කිව්වා නොකිව්වා කියල තරහ උනොත් එහෙම හරි නෑ නේ නේද.....? දීර්ග සතියකට පස්සේ පොඩි ඉඩක් ලැබුන පොඩි පොස්ට් එකක් දාන්න. පහුගිය සතියෙම හුඟක් කාර්ය බහුල වෙලා හිටියේ මගේ අලුත් ප්‍රොජෙක්ට්  එක නිසා. ඔන් ලයින් පාර්කින් මැනේජ්මන්ට් සිස්ටම්  එකක් තමා ඉන්ස්ටෝල් කරලා ටෙස්ට් කලේ. ඉතින් මම ඔයාලට කියන්න යන්නේ මගේ සොෆ්ට්වෙයාර් එක ගැනවත් සිස්ටම්  එක ගැනවත් නෙවෙයි හෝටලේ ගැනයි. මේ හෝටලේ නම තමා ඇට්ලන්ටිස්. හරිම අමුතු නමක් නේද මේ නම ඇහුව ගමන් ඔයාලගේ මතකෙට එන්නේ ඉපැරණි විශ්මිත ශිෂ්ටාචාරයක් තිබුන ඇට්ලන්ටිස් නගරය. ඒ වගේම මේ හෝටලයත් විශ්මිතයි පුදුමාකාරයි. අක්කර 40 ක භූමි ප්‍රදේශයක් පුරා පැතිරුණ මෙම හොටෙල් බිමට වර්ග අඩි 480.000 ක වතුර උයනක් (water park),  වර්ග අඩි 20,000 ක සම්මන්ත්‍රණ ශාලාවක්ද ඇතුලත් වෙනවා. මෙය හොටෙල් රෙසෝර්ට් ගණයට වැටෙන්නක්. මෙහි ඩොල්පින් බේ (Dolphin Bay) යනුවෙන් හැඳින්වෙන ජල උයනෙහි ඔබට සුරතල් ඩොල්පින් මසුන් සමග පිහිනීමට  ක්‍රීඩා කිරීමට ගැවසීමට ඉඩකඩ තිබෙනවා මෙම පහසුකම සඳහා එක් අයෙකුට ලංකාවේ රුපියල් වලින් 10000 ක් පමණ වැය කරන්නට සිද්ද වෙනවා. 





















 
එංගලන්තයේ Laing O'Rourke නමැති ඉදිකිරීමේ සමාගම විසින් ඉදිකරනු ලැබූ මෙම හෝටලය ඉදිකිරීමට වැයකළ මුදල ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක් ඉක්මවන බවට ගණන් බලා තිබෙනවා.  Solomon (Sol) Kerzner මහතා තමා මෙම දැවැන්ත මිහිපිට සුරපුරයේ හිමිකරුවන්නේ. 4 පාරක් කසාද බැඳපු කෙනෙක්ලු. (ඕප දූපයක් එහෙම කියනවා නෙවෙයි)
කාමර 1500 කින් පමණ සමන්විත මෙහි, කාමරයේ බිත්ති 4 න් එක බිත්තියක් වන්නේ විශාල ජල ටැංකියකුයි. (පින්තූර බලන්නකෝ) 

























ජීවිතයේ විඳගත හැකි සුන්දරම අද්දැකීමක් තමා ඒක. කවුද දෙවියනේ අකමැති තෝරු, මෝරු, බලයෝ, හාල් මැස්සෝ, මඩුවෝ, තල්මස්සු එහා මෙහා පීනනවා බල බල නිදාගන්න. හැබැයි කෝරලේ මහත්තයටනම් නින්ද යන එකක් නෑ ඕන් කිව්වා මොකද හදිස්සියෙවත් වීදුරුව කැඩුනොත් ඔය මෝර උන්නැහේල රූම් එකට ඒවි කියන බයට. හැක්...... හැක්...... හැක්. මේ යුගල කාමරයක් සඳහා එක රැයකට ලංකාවේ මුදලින් රුපියල් 50000 ක් පමණ වැයකරන්න සිද්ද වෙනවා. නමුත් පුදුමේ කියන්නේ ලෝකේ වටෙන්ම සංචාරකයන් එනවනේ හැමදාම අඩුම තරමින් කාමර 1000 ක් වත් පිරෙන්න.  දිනපතා වාහන දෙතුන් දාහක් පැමිණෙනවා. විවිද කාර්යයන් සඳහා සම්මන්ත්‍රණ, Water Park, ඩොල්පින් බේ නැරබීමට පැමිණෙන්නන්. මෙහි ස්ථිර කාර්ය මණ්ඩලය 2000 ඉක්මවනවා කියලයි කියන්නේ. මෙහි ඉහල පෙලේ කළමණාකරුවෙකුගේ මාසික වේතනය ශ්‍රී ලංකානු රුපියක් ලක්ෂ 45 ක් විතර ඇති. අපිට ශ්‍රී ලාංකිකයන් වශයෙන් සතුටු වෙන්න පුළුවන් එක කාරණයක් තම මෙහි කාර්ය මණ්ඩලයෙන් සියට 60 ක් ම ශ්‍රී ලාංකිකයන් වීම. ඩුබායිහි සංචාරක කර්මාන්තයේ ඉතා වැදගත් තැනක් හිමිකර ගැනීමට මෙයට හැකිවෙලා තියෙනවා. මෙහි ඇති තවත් විශේෂත්වයක් තමා මෙය ගොඩබිමක පිහිටි පොලවේ ඉදිකරලා නැති එක. පාම් අයිලන්ඩ් කියන කෘතිමව ඉදිකළ දූපතේ කෙලවරේම පිහිටා ඇති හෝටලයට යන්න හදල තියෙන පාර  මුහුද යටින් හදපු උමගක්. මංතීරු 6 ක් (යාමට සහ ඒමට) කිලෝ මීටර් 3 ක් පමණ දුර යන්න ඕනේ මේ උමග දිගේ ඇට්ලන්ටිස් හෝටලයට යන්න.ජුලර්ස් වර්න් ගේ මුහුද යටින් ලීග විසිදාහක් කියන පොත මතක් වෙනවා නේද? නමුත් මේකෙදි අපිට මුහුද පෙන්නේ නෑ මුහුද තියෙන්නේ ඝන කොන්ක්‍රීට් තට්ටුවකට උඩින් නිසා.






මේ තියෙන්නේ උඩින් දුවන මෙට්‍රෝ කොච්චි පාර හෝටලේ අමුත්තන්ටම පමණක් හදපු. පිස්සු හැදෙනවා නේද හිතන කොට තාක්ශනේ ගැන මටනම් දැනටමත් කරකැවිල්ල වගේ :P සිවිල් ඉංජිනේරු විද්‍යාවේ හාස්කම් පෙන්වන තවත් දැවැන්ත නිර්මාණයක් වෙන මෙය ජීවිතයේ වරක් දැකබලාගන්නම වටිනා තැනක්. (ඩුබායි  පැත්තේ ආවොත් ඇවිත් යන්න අමතක කරන්න එපා ( මම කිව්වේ හෝටලේ නවතින්න නෙවෙයි දැකබලාගන්න).

ලියන්න ගියොත් නම් මාගලක් වගේ දිගට ලියන්න පුළුවන්. නමුත් කාල වෙලාව මද කම නිසා අදට නවතින්නම් එහෙනම්  හැමෝටම ජය හා සතුට.




ප.ලි.  හදිස්සියේ ලිව්වේ වැරදි අඩුපාඩු එහෙම තියෙනවනම් එකවරට දහස් වාරයක් සමාව අයදිනවා



Related Posts Plugin for WordPress, Blogger...