අන්තිම පොස්ට් එක දාල සෑහෙන්න කාලයක් උනා මට බ්ලොගක් කියල එකක් තියෙනවා කියලත් මතක් උනේ මේ ඊයේ පෙරේදා. මගේ සිම් කාර්ඩ් පත නැති වෙලා තිබුන නිසා මට මගේ එකවුන්ට් එකට ලොග් වෙන්නවත් හැකියාවක් නැතිවයි තිබුනේ. ඉතින් මම හිතනවා සහෝදර බ්ලොග් වාසින් සියලු දෙනාම සුවෙන් සැපෙන් කල් ගෙවනවා කියල.
මට අහන්න ලැබුන පොඩි කතාවක් ඔයාල එක්ක බෙදාගන්න තමයි මම අද කල්පනා කලේ. කාලෙකට පස්සේ ලියන එකේ මාගල් වගේ ලිවිල්ලට පුරුදු වෙන්න සෑහෙන්න කාලයක් යාවි.පඳුරු තැලිල්ල පැත්තකට දාලා අපි කෙලින්ම කතාවට බහිමුකො. මේ කතාව අහල ඇති අයත් ඉන්න පුළුවන් නමුත් වටිනා ආදර්ශමත් කතාවක් නිසයි ලියන්න කල්පනා කලේ.
ඔන්න එකදාස් නමසිය බර ගණන්වල (දඹදිව බ්‍රහ්මදත්ත නම් රජකෙනෙක් හිටිය කාලේ නෙවෙයි) රට නම් කැමති රටක් හිතාගන්නකෝ. ඔන්න ඔය අහවල් රටේ තිබුනලු ගෙවල් හදන කොම්පැනියක්. (ඔය ලංකාවෙත් තියෙන්නේ හැබැයි භාගෙට භාගයක් ඉන්නේ හොරු) ඉතින් මේ කොම්පැනියේ හිටියලු බොහොම අවංකව සේවය කරන වඩු මහත්තයෙක්.
සෑහෙන්න කාලයක් තමන්ගේ වැඩ ටික අකුරටම කරගෙන හිටිය මුන්නැහේ ගැන කොම්පැනියේ ලොක්ක පවා හිටියේ සෑහෙන්න පැහැදීමකින්ලු. ඉතින් දැන් වැඩ කරලා පැන්සොන් යන කාලෙකුත් එනවනේ.... මුන්නැහේගෙත් අන්න ඒ කාලේ ලංවුනාලු. දැන් මුන්නහේ ගියාලු කොම්පැනියේ ලොකු මහත්තයා මුලිච්චි වෙන්න.
ඉතින් ලොකු මහත්තයා හම්බවෙලා කිව්වලු තමන් මෙතෙක් කල් සේවය කළා දැන් තමන්ට තවදුරටත් සේවය කරන්න තරම් ශක්තියක් නැහැ දැන් විවේක ගන්න ඕනේ නිසා තමන්ට අස්වීම ලබාදෙන්න කියල (දෙන්න තියෙන දීමනා ටික තමයි ඔය ඉල්ලන්නේ අපි දන්නේ නැද්ද) ඉතින් ලොක්කා කිව්වලු උන්නැහේගේ වැඩ ගැන මම සෑහෙන්න සතුටුයි නමුත් අස්වෙන්න කලින් පොඩි වැඩක් තියෙනවා අන්තිම වතාවට එකත් ඉෂ්ට කොරලා දීලා යන්න කිව්වලු. දැන් මේ වඩු බාසුන්නැහේට පොඩ්ඩක් විතර නොරිස්සීමක් හිතට ආවලු ඇයි දෙයියනේ මෙච්චර වැඩ කරලා වයසට ගිහින් අස්වෙන්න යන වෙලාවෙත් වැඩක් කියද්දී අපිටත් ඉතින් මල පනිනවනේ ගෙදර යන්න ලෑස්ති වෙලා බෑග් එකත් පැක් කොරගෙන ඉන්නකොට කවුරු හරි ඇවිත් කියද්දී අනේ මේ අන්තිම වැඩෙත් කොරල පලයන් කියල. ඉතින් මුන්නහෙටත් එහෙම උනාලු ඒත් ලොක්කනේ හම්බවෙන්න තියෙන දීමනා ටික හම්බ වෙන්නේ නැහැනේ කියන දේ කලේ නැතිනම්. හොඳමයි කියලා බාසුන්නැහෙත් ආවලු.
මොකක්ද මේ බාසුන්නහෙට දීපු වැඩේ සාමාන්‍ය මට්ටමේනිවසක් තනන්න එකත් ලීවලින් (නැත්තන් ඉතින් වඩුවෙක්ට කියන්න ඕනෙද ගෙයක් හදන්න ලී වලින් නෙවෙයිනම්) ලොක්ක කිව්වලු වෙන කිසිම කෙනෙකුගේ උදව් නැතිව තමන් කැමති විදියට තමන්ගේම නිර්මාණ ශක්තියෙන් අවශ්‍ය විදියට සැලසුම් කරලා හදන්න කියල. වඩු උන්නැහේට දැන් තවත් පුෂ්පය විකසිත උනාලු (මල පැන්නලු) ඇයි යකෝ තනිවම ගෙයක් හදල නිම කරන්න කිව්වම. මොනවා කරන්නද ලොක්කගේ කීමනේ කියල සද්ද නැතිව වැඩේ කරන්න ගත්තලු. හැබැයි ඉස්සර වගේ උවමනාවකින් නෙවෙයිලු මුන්නහේ වැඩේ කොලේ. අර උඩින් පල්ලෙන් කිව්ව නිසා පොඩි මඩුවකට වැඩිය ටිකක් ලොකුවට ගේ අටවලා දැම්මලු.
ඇයි ඉතින් ඉක්මනට වැඩේ ඉවර කරන තරමට දීමනාවත් අරගෙන ඇස වෙලා යන්න පුළුවන්නේ.
කොහොමින් කොහොම හරි වැඩේ ඉවර කොරලා ලොක්කා හම්බෙන්න ගිහින් කිව්වලු සර් ඔන්න වැඩේ ඉවරයි මේ වයසේදී මට පුළුවන් උපරිම විදියට මම ගේ හැදුවා මේක තමයි මට කොරන්න පුළුවන් උපරිමේ කියල කිව්වලු. ලොක්ක හිනාවෙලා බාසුන්නැහේට කිව්වලු ලොකු උන්නැහේ අපේ කොම්පැනියට ගොඩක් මහන්සියෙන් වැඩ කරලා තියෙනවා ඉතින් ඒ වෙනුවෙන් අස්වෙලා යන මොහොතේ ඔයාටයි පවුලේ උදවියටයි නිවසක් ලබාදෙන්න අපි හිතුවා. ඉතින් ඒ නිවස ඔබම ගොඩනැගුවොත් ඔබේ කැමැත්තට හදාගන්න පුළුවන් නිසයි ඔබ දැන් වැඩ නිම කල නිවාස ඔබටම තැනීමට භාර දුන්නේ කියල. ඔන්න එතකොට තමයිලු වඩු උන්නැහේට තරු වීසි උනේ. ඇයි දෙවියනේ දර මඩුවක් වගේ අටවල දැම්මේ තමන්ගේම නිවස නේද.......?
මේ වගේ දේවල් වලට අපි අපේ කාර්යාලයේදී නොයෙකුත් මුහුණ දෙනවා. බෑග් පැක් එකට ලැප් එක දාලා වැඩ ඉවර වෙලා ගෙදර යන්න යද්දී මේ කොහෙවත් ඉන්න කෙනෙක් රාජකාරියක් අරන් එනවා එතකොට කාටද කේන්ති යන්නේ නැත්තේ. හැමෝම කරන්නේ මල්ලෙන් ගහල දාලා වැඩේ කරලා ඉක්මනට ගෙදර යන්නයි. මොකද උවමනාවෙන් නෙවෙයිනේ කරන්නේ. මටත් ඒ වගේ අවස්ථා වලට මුහුණ දෙන්න සිද්ද වෙලා තියෙනවා. නමුත් මේ කතාවෙන් ගන්න තියෙන ආදර්ශය තමයි වැඩක් බාරගත්තොත් මුල තිබු උනන්දුව අවසාන මොහොත දක්වාම තියගනිමින් ඒ වැඩේ නිම කරන්න කියන එකයි. මේ ලිපිය වයස් සීමාවක් නැහැ. ඕනෙම කෙනෙකුට ජීවිතේට හොඳ පාඩමක්.
එහෙනම් ගිහින් එන්නම් මා නොමැති කාලයේ ඒ පිළිබඳව සොයා බැලු සියලුම බ්ලොග් මිතුරන්ට මගේ හද රැඳී ප්‍රණාමය.
Subscribe to:
Post Comments (Atom)
වටින කතාවක්!
ReplyDeleteබොහොම ස්තූතියි :)
Deleteවටිනා කියන කතාව. අපේ උනත් ඔෆීස් වල ඉන්නේ 8.30 - 4.30 වැඩ කරලා 4.30 ටත් කලින් පැනල දුවන්න බලන් වැඩට එන උන් ටිකක්. මේකනේ වැඩේ. තනිකඩයන්ට නම් ඉන්න පුල්වන්. නමුත් බැඳපු උන් ගලගහලවත් නවත්වන්න බෑ 4හතර හතරාමාර කිට්ටු වෙද්දි. අඩු ගානේ තමන් වැඩ කරන ටයිම් එකේ ඒක දැනෙන්න වැඩ කරනව නම් ඒත් කමක් නෑ.
ReplyDeleteදුර බැහැර පළාත් වල ඉන්න උදවිය 4ත ගියේ නැත්නම් 8තවථ් ගෙදර යන්න බැහැ. ඉන්න ටිකෙවත් හරියට වැඩක් කරන්නේ නැහැනේ. එකනේ ප්‍රශ්නේ.
Deleteවටින කතාවක් තමා.. හැබැයි වඩ්ඩා අර මුලින් කිව්ව තරං හොද සේවකයෙක් නොවෙන්න ඇති.. මොකද අච්චර කාලයක් හොදට හිටියනං මේ එක වැඩකදී විතරක් මෙහෙම වෙන්න තරං වෙනසක් බලාපොරොත්තු වෙන්න අමාරුයි.. එක්කෝ ඒකා ඉස්සරත් එහෙමම වෙන්න ඇති.. පොයිය දාලා රවට්ටගෙන ඉන්න ඇති වැඩ කරන එකා කියලා...
ReplyDeleteඒ වගේම ලොක්කත් ලෝක අංකූරෙක්...
ලොක්කා නම් අංකූරෙක් තමයි ඒ ඉතින් ලොක්කන්ගේ හැටියක් නේ.... :)
Deleteවටිනා කතාවක්. හැබැයි ගේ නොම්බර එකට හැදුවනම් අනිවා කොම්පැනියේ ලොක්කා වෙන කෙනෙකුට ඒ ගේ විකුණනවා . ( මන් දන්නේ නැද්ද ලොක්කන්ගේ හැටි )
ReplyDeleteහනේ බං කෝරළේ, උඹ හිතුවට වඩා පාඨකයො දුර දිග හිතනව නේ? දිග කාලෙකින් ආයෙ ආව එක හොදයි. දිගටම ලියමු.
DeleteSilentSahan +++++++++++
Deleteඅපේ ලොක්කත් ඔය විදියමයි
අම්මප ඇත්ත සහන්
Deleteසේවකයන්ට සලකන ලොක්කෝ, ඉදල ඉදල ඇවිලා මෙතන අපිව අන්දන්ඩ , අනේ කෝරාලයෝ පල පල
Deleteහැම ලොක්කම එහෙම තමයි.
Deleteඅනේ අම්මප අනෙක් ලොක්කෝ කොහොම වෙතත් අපේ ලොක්ක ගැන කියන්න තියෙන්නේ. ලෝක විනාසේ වෙද්දී මුලින්ම මැරෙන්න ඕනේ ඕකා කියලතමයි මම නම් කියන්නේ.
Delete
Delete@ draki
ලොක්කෝ කියන්නේ නිතරම සේවකයන්ගේ උපරිමය ගන්න උපන් ජාතියක්නේ draki. සද්භාවයෙන් වැඩකට අත ගැහුවත් අන්තිම හරියට යද්දී ලාභ අලාභ බලනවා නෙවේ බැලෙනවා .. ස්තූතියි උඹලා හැමෝම දීපු සපෝර්ට් එකට පහු ගිය ටිකේ.. යන්තම් ඒ කාලේ ඇද ගත්තේ උඹලා හැමෝටම පින් සිද්ද වෙන්න..
@ S. L. මැලේ රාළ
තැන්කුයි රාලේ
@ඉවාන් පව්ලූශා
හැම ලොක්කම එකයි ප්‍රගීත්.. ඔයා ගියත් මම ගියත් කරන්නේ ඔච්චරයි..
@ අටම්
මමත් ඔය කැටගරියේ තමයි. හැබැයි මම මානුශීයයි අටම් ..:(
@ අයිලෂ් අය්යා
එහෙනං එහෙනං
@ කෝරලේ මහත්තයා
ඌ මළොත් බොට කන්න දෙන්නේ මොකාද කෝරාලයෝ ..?
@ සහන්
Deleteවෙන එකෙක් ඒවි. හැබැයි මු වගේ අවස්තාවාදියෙක් නොවෙන්න පුළුවන් එන එකා.
ඕං තිතක් තිබ්බා .
ReplyDeleteතිතත් වටිනවා ඩ්රැකී. :)
Deleteඅප්පේ කෝරලේ මල්ලීට දැන් අපිව අමතකම වේලා ගිහිං.
ReplyDeleteඅනේ නැහැ අක්කේ මේ යන විදියට ගියොත් මට මාව වත් මතක හිටියොත් පුදුමයක් :)
Deleteඅඩේ මාර වටින උපදෙසක් බං! මමත් හරිම අකමැති වැඩක් තමයි ඔක්කොම පැක් කරගෙන යන්න හදන වෙලේ ආයේ වැඩක් නිසා පැක් කරපුවා එලියට ඇදගෙන ආයේ පටන් ගන්න එක! හැබැයි දැන්නම් ඒක අත අරින්න කාලේ හරි වගේ...
ReplyDeleteමමත් මගේ ගතිය ටික ටික නැතිකරගත්තා දැන් කේන්තිය තිබුනට ඒක පෙන්වන්නේ නැහැ.
Deleteපස්ට පාඩමක්නේ මේක ... නියම ලෙසට කිය දුන්නා, තැන්කු වේවා.
ReplyDeleteහැබැයි අපිගොඩ දෙනක් වඩුවා වගේ තමා.
සහතික ඇත්ත සහෝ.......:)
Deleteමං නම් කියන්නෙ මුල් වැඩ අනාගත්තත් අන්තිම වැඩේ ලෙසටම කරන්න ඕන.. කෙනෙක් ගියාට පස්සෙ උගේ ගුණ නුගුණ කියන්නෙ මුලින් කරපු දේවල් වලට වඩා අන්තිමට කරපු වැඩේ සළකලා
ReplyDeleteඑකෙන්ම යසියා කොච්චර හොඳ කලත් අන්තිමට බලු වැඩක් උනොත් මතක තියා යන්නේ අර වැඩේ මිසක් හොඳ වැඩ නෙවෙයි නේ ඒ ලංකාවේ හැටියක්මනේ.
Deleteවයසක නිසා මොලේ පොඩ්ඩක් අවුල් වෙලා වෙන්නැති . හොඳ පාඩමක් .
ReplyDeleteහැක් හැක් හැක්..... :D
Deleteඅපිටත් ඔහොම වෙයිද බං දවසක? ඒත් දැන් මේ කතාව දන්න නිසා...
ReplyDeleteඅයියගේ හැටියට ඔයාට ඔහොම වෙයි කියල හිතන්න අමාරුයි. ලොක්කව අන්දලා මාරුවෙන ජාතියේ පොරක්නේ හෙන්රි අයිය කියන්නේ. හික් හික් හික්
Deleteලොක්ක වෑරදිනෙ අප්පා.මල පනින එක සදාරනයි
ReplyDeleteහ්ම්ම්ම්ම් ලොක්කගේ පැත්තෙන් සාදාරනවා පෙනෙන්න ඇති සහෝ එතන ප්‍රශ්නේ තියෙන්නේ එකිනෙකාගේ Point of view එකෙයි.
Deleteමම අදනේ ආවේ ඉතින් ...
ReplyDeleteලියන්න පලවෙනි එකලු මේ .. වලවුවේ .. බයෙහ් බැ .. දඩු කදෙවත් ගැහුවොත් කාරිය ..
මගේ මේ පුංචි ජොබ් කට්ටේ හැටියට කොච්චර කලත් වැඩක් නැ .. කොයි වෙලාවේ විසි වේවිද දන්නේ නැ .. එක නිසා ඕනවට වඩා කරන්නෙත් නැ .. හැබැයි දුන්න වැඩක් අතාරින්නේත් නැ ..
ඔන්න කිවුවා .. මෙන් මන් ගියා .. තරහ අවසර වලවුවේ හන්දුරුවනේ ...
වලාමයි .. කෝරලේ මහත්තයා නොවැ .. සමා අවසර ... යන්ටයි තනන්නේ ..
සාදරයෙන් පිලිගන්නවා වලව්වට.
Deleteනිවාඩු පාඩුවේ පසුගිය ලිපිත් කියවන්න කෝ.....
කරන දේ හරියට කරනවානම් ජොබ් එකේ තත්වෙන වැඩක් නැහැ පොඩි තැනක හිටියත් ඉහලට යන්න පුළුවන්.
:) හොඳා..... හොඳා ගොහිං එඥ්ඥකෝ.....
හොඳ කතාවක්. 'පුෂ්පය විකසිත වෙනවලු' ඔන්න අලුත් යමක් ඉගෙන ගත්තා. 'මල පනිනවට' වඩා කොච්චර ලස්සණද?:)
ReplyDeleteඒකනේ අක්කේ... අලුත් දේවල් මල පනිනවා කියන එක පොඩ්ඩක් පරණයි වගේ.......:)
Deleteකතාව හොදයි.
ReplyDeleteකියවගෙන යද්දී මට හිතුන එහෙම වෙයි කියල.
මම හිතන්නේ ඔයා මේක මීට කලින් අහලා ඇති.
Deleteඕනෑම දෙයක් උපරිමයෙන්ම කරන්න කියලා කියන හොඳ කතාවක්...
ReplyDeleteනැත්නම් නොකර ඉන්න ඕනේ කරන්න පුළුවන් කෙනෙක්ට කරන්න දීලා...
Deleteඒ මනුස්සයට ගේ හදාගන්න කියල සල්ලි ටිකක් දුන්නං මොකද වෙන්නෙ.
ReplyDeleteඕකට කියන්නේ ප්‍රසන්න අයියේ පොයින්ට් ඔෆ් වීව් එකේ (දැක්මේ) අවුලක්
Deleteකතාව බොහොම වටිනවා මලේ.
ReplyDeleteස්තූතියි අයියා.
Deleteමටත් එපා කරපුම දෙයක් තමයි මැෂින් ටික ෂට් කරාට පස්සේ මොකක් හරි උස්සන් දුවගෙන එනකොට
ReplyDeleteදියුණු වෙන්න ඕනේ නම් ඔය ගතිය අත ඇරපන් මල්ලියේ.
Deleteලැප් එක බෑග් එකට දාපුවාම ආයෙත් එළියට අරන් වැඩ කරන්න ගිය සතියෙන් උනා බං...මම නම් ඒ වෙලාවට තරහා ගන්නෙ නෑ....බොහොම සැහැල්ලුවෙන් හිතේ ආවේගය යටපත් කරගන්නවා...අපිට පඩි දෙන්නෙ වැඩ කරනවටනෙ කියලා හිතා ගන්නවා....
ReplyDeleteසිරා අයියගේ ක්‍රමේ හරි කියලයි මට හිතෙන්නේ මොකද ගන්න පඩියට වැඩ කරපන් කියල හාදයෙක් අපේ කොම්පැනියේ ඉන්නවා.
Deleteකරන දේ හරියට කරන්න කියල අපි ආදරුසෙට ගත්ත ඕං
ReplyDeleteජය !
ෆිට් තමයි.............:)
Deleteබොහොම අර්ථවත් කතාවක්. මාත් බැලුව උඹ මොකද නැත්තෙ කියල.
ReplyDeleteලංකාවට ගිහින් ආවට පස්සේ වැඩ ඩබල් අයියේ. තව සතියකින් වගේ ඉන්දියාත් යන්න වැටිලා තියෙනවා අපේ ඉන්දියා බ්‍රාන්ච් එකට බලමු ඉතින් එහෙට ගිහින් කොයි වගේ තත්වයක්ද මෙහෙට වඩා කල් වෙලා හම්බ වේවිද තියෙන එකත් නැති වේවිද කියල.
Deleteසාමාන්‍යයෙන් මේ වගේ පෙන්ෂන් ගන්න අගිස්සේ ඉන්න අයට අන්තිම කාලේ ඉතිරි වෙලා තියෙන නිවාඩු ගන්වන එක තමයි හරි දේ. අනිත් එක ලොක්කෝ වශයෙන් ඉගෙන ගන්න ඕන දෙයක් තියෙනවා, මිනිහෙක් ගෙදර යන්න ලැස්ති වුන වෙලාවට කරන වැඩ වල ප්‍රමිතියක් නෑ කියන එක. එනිසා වැඩ කරවගන්න ඕනේ මිනිස්සු සතුටින් ඉන්න වෙලාවල් වලට.
ReplyDeleteමොන ලොක්කද අයියේ ඔය දේ තේරුම් ගන්නේ මම ලංකාව එන්න ෆ්ලයිට් එක තියෙන්නේ 4ට 2.30ටත් ප්රෝජෙච්ට් එකක් ඉවර කරලා දීල තමයි ආවේ අපේ ලොක්කට. ඒ කරලත් හොඳක් නැහැ.
Deleteඅඩේ වටින කතාවක් නේ අරන් ආවේ..
ReplyDeleteඅනිවා මේ කතාව මටත් හිතට වැදුන නිසා තමයි පරිවර්තනය කොරලා ලිව්වේ අඩුපාඩු තියෙනවනම් ඇත්තේ මගේ පරිවර්තනයේ.
Deleteඉගෙන ගන්න සහ ජීවිතේට ලබා ගන්න දේවල් තියෙනව බොල...
ReplyDeleteහප්පේ ගාල්ලේද ගම? මටත් තියෙනවා පොඩි සම්බන්දයක් ගාලත් එක්ක. ගාලු දිස්ත්‍රික්කය කියන්නේ මම ලංකාවේ වැඩිපුරම ආසා පෙදෙසක්.
Deleteහරිම ආදරුසමත් කතාව.. කෝරලේ ඇත්තන්ට වලවුවටම වෙලා ඉන්න යහමින් නිවාඩු පාඩු ලැබේවා!
ReplyDeleteඋඹ විතරයි මලේ වැදගත් දෙයක් කිව්වේ. අනේ ඉස්සර වගේ දැන් වෙලාව තියෙනවනම් ආයේ අයිස් ගහන්නේ නැතෝ........... පෙර පව පෙර පව
Deleteමමත් හිතන්නෙ ඌ නියම වැඩ්ඩෙක් නොවේ..!මෙච්චර කල් වැඩ කරපු තැන අන්තිමට කරන වැඩේ..චා කරල දායි කියල හිතන්න බෑ හොඳ එකෙක්.
ReplyDeleteහැබැයි හොඳ පාඩමක්..!
කොහොම උනත් වෙනදේවල් වලින් ජීවිතේට පාඩමක් ඉගනගන්නවනම් ඒ ඇති. කොහොමද අපේ වෙසක් බබාට?
Deleteසෑහෙන වටින කතාවක්... මටත් ඔය වගේ දේවල් වෙලා තියෙනවා මලේ!
ReplyDeleteඅත්දැකීම් වලින් ඉගන ගන්න එක තමයි ජීවිතේ ඉගන ගන්නවා කියන්නේ අයියා
Deleteවටිනා ආදර්ශයක් තමයි...ඒත් ඉතින් අපි වැඩි දෙනෙක් ඔහොමනෙ
ReplyDeleteඒ නිසා තමයි අක්කේ මම මේ කතාව දාන්න හිතුවේ
Deleteහරිම හරි කතාව!!!!
ReplyDeleteතැන්කු කිවා :)
Delete