Thursday 20 June 2013
නයි කයිද රෝස් පාන්??????????????
අනේ අප්පේ කාලෙකින් ලිව්වේ නැතිව ඉඳල කෂ්ටියට මාව මතකදත් දන්නේ නෑ. මතක නැතිවෙන්නත් ඕනේ. මොකද වැස්සකටවත් වලව්වට ගොඩ උනේ නැහැනේ මම. ඒ උනාට මගේ සුහද මිතුරු පිරිසම දන්නවනේ මම මේ දවස් වල එන්නේ නැත්තේ මොකද කියල උදේ ඉඳන් රෑ වෙනකල්ම ලෙක්චර්ස්. බ්ලොගක් උනාම මේ විදියට මකුළුදැල් බැඳලා පාලුවට යන්න දෙන්නත් හොඳ නැහැනේ ගිය පාර මම දැම්ම නායකත්ව ලිපි මාලාවේ ලිපි දෙකකක් දැනටම සංස්කරණය වෙමින් තියෙනවා ඉඩක් ලැබුණු ගමන් ඒකත් දාන්නම් කෝ....... ඉතින් මේ පාර මම ලියන්නේ මේ ලඟකදී අපේ පුංචිටයි බාප්පටයි සිද්දවුනු අකරතැබ්බයක් පිළිබඳවයි.
මේ දෙන්න එංගලන්තෙට ගියේ දැනට අවුරුදු 10කට පමණ පෙර මල්ලි පොඩි කාලේ. ඉතින් පොඩි එකාට සිංහල බාශාව පිළිබඳව හරි වැටහීමක් නැහැ. කතාකරන ඒවා අහන් හිටියොත් දවසම හිනහ වෙන්න පුළුවන්. කොහොම හරි මේ දෙන්න ලඟකදී කතාවක් ගිහින් තියෙනවා මොන එයාර් ලයින් එකේද ලංකාවට එනකොට එන්න ඕනේ කියල. පුංචි කියනවලු බ්‍රිටිෂ් එයාර්වේස් එමු කියල බාප්පා කියනවලු ශ්‍රී ලන්කන් එමු කියල. ශ්‍රී ලන්කන් එකේ ඉතින් නොසෑහෙන්න බොන්නත් දෙනවනේ
හිකිස්.................
ඉතින් මේ දෙන්න මෙහෙම බහින් බස් වෙනවලු
බාප්පා: මොනවා කරලා හරි යන්න ඕනේ ශ්‍රී ලන්කන් එකේ
පුංචි: අපෝ නැහැ බ්‍රිටිෂ් එකේ පහසු කම් හොඳයි
බාප්පා: මේ ක්‍රිෂාන්ති මමයි ගෙදර ගෘහමූලිකයා මම කියන දේ තමයි ඔයාල කරන්න ඕනේ
පුංචි : හරි හරි ලාල් ඔයා නම් කිව්වොත් කිව්ව එකමනේ බලන්නකෝ අක්කේ...........
මේ දෙන්නගේ ප්‍රශ්නේ විසඳන්න මැදිහත් වෙන්න උනේ අපේ මව්තුමියට තමයි.
ඒ අස්සේ මල්ලි අහනවා
මල්ලි : කවුද අම්මේ ගෘහ මූසලය කියන්නේ ???????????????
බාප්පා: මොකක්?????????????
මල්ලි: ක...වු....ද... ගෘහ මූසලයා කියන්නේ?????????
ඔන්න දැන් අපිට පැලෙන්න හිනහ මේ කතාවට. පස්සේ පුංචි තේරුම් කරලා දුන්න ගෙදර ප්‍රධානියාට තමයි ගෘහ මූලිකයා කියන්නේ කියල . දැන් අපේ බාප්පට කොහොමද බාප්පේ අලුත් තනතුරේ වැඩ කියල ඇහුවම හොඳවයින් දෙකතුනක් අහගන්න පුළුවන්.
ඔන්න එහෙනම් අපි කැපුනා හැමෝටම ජයෙන් ජයම වේවා!!!!!!!
Subscribe to:
Post Comments (Atom)
උඹ වලව්වේ ගෘහ මූසලයා වෙච්චකොට මෙහෙම පාලුවට ගිහින් වලව්ව මූසල වෙන්න දෙන්න එපා.
ReplyDeleteඅනිවා ඩුඩ් අයියේ. මෙතන මට ලැප් එකට වාඩිවෙන්නවත් වෙලාවක් නැහැ. FB වත් එන්නේ නැහැ.
Deleteහෙහ් හෙහ්..... මෙන්න මූ ආයෙ ඇවිල්ල!
ReplyDeleteනැතුව නැතුව එහෙම නැතිව බැහැනේ අයියේ ඉඩක් ලැබෙන වෙලාවට ඔයාලගෙ සැප දුක් බලන්නත් එපැයි. :D
Deleteහෙහ් හෙහ් ගෘහ මූසලයා...
ReplyDeleteශ්‍රී ලංකන් එකේ ගියාට කමක්නෑ සිංහලෙන් එහෙම කතාකරනවා නෙමේ, බොන්න කෙසේ වෙතත් වතුර උගුරක්වත් ලැබෙන්නෑ එතකොට..
හෙක් හෙක් ඒ මොකද සෙන්නයියේ. අපේ ලාංකික කම වැඩිවෙලාවත්ද? :D
Deleteඅනේ උන්ගෙ ලාංකික කම..අර සිංහල කතාකරන්න බැරිකම මහත් ආඩම්බරයට කරුණක් කියලා පෙන්නන උන් තමා බහුතරයක් ඕකෙ ඉන්නෙ.
Deleteමගේ මතයනම් සිංහලයෙක් වෙලා සිංහල කතා කරන්න බැහැ කියන්නේ ලැජ්ජා වෙන්න ඕනේ දෙයක් මම බොහෝ දුරට දැකල තියෙන දෙයක් තමයි උපන් ඩා සිටම පිට රටවල් වල හැදෙන ළමයිනුත් සිංහල බැරි බැරි ගාතේ කතාකරන්න ට්‍රයි කරද්දී මේ ජීවිතේ බාගයක්ම ලංකාවේ ගෙවපු උන්දලා තමයි මේ අවුරුදු දෙක තුනක් රට ඉඳල ඇවිල්ල පුස් පාර්ට් දාන්නේ.
Deleteබොහොම කාලෙකින්නේ මලයා. ඒත් කමක් නැ. මෙහෙම හරි එන්න. දැන් ඔයත් බනියට ගෘහ මුසලයෙක් නේද?
ReplyDeleteඑකනේ අයියේ..... අනේ සමාව අයදිනවා දැන් වැඩිපුර ගැවසෙන්නේ නැති එක ගැන. අයියෝ ගම කනවා මම තාම ඒ පොස්ට් එක ගත්තේ නැහැ පෝස්ට් එක පැත්තක තියල වගකීම් බෙදාගෙන වැඩ කරනවා
Deleteමොනවා උනත් පොඩි එකා තමා අර්ථාන්විතම නම හොයා ගත්තෙ....වැඩක් දෙකක් ඇනගත්තම ගෘහ මූලිකය ඔටෝමැටිකලි ගෘහ මූසලයා වෙනවා.....
ReplyDeleteඔව් ඔව් ඔව් එක තීරණය වෙන්නේ පුග්ලයට අනුව තමයි. කතාවට එකඟත්වය පලකරමි
Deleteඅපෝ උඹව දැක්ක කල්.
ReplyDeleteඒකනේ අයියන්ඩියේ කරුමේ කියන්නේ අයිස් ගහපුවට හරියන්න වැඩ හම්බ වෙලා :D
Deleteඑහෙම බෙරිලා යන්න බැ කෝරලේ මලෝ..............
ReplyDeleteළඟදීම එන්නම්කෝ හරවත් ලිපියක් අරගෙන නායකත්ව පුහුණුව සම්බන්දයෙන්
Deleteමේ කෝරලේ කිව්වම මම හිතන් හිටියේ නාකි කෙනෙක් කියලා .
ReplyDeleteහඃ හඃ හඃ හඃ ඔය කොයි ඉයර් ද ?
මමනම් මේ අදමද කොහෙද කමෙන්ට් කරන්නේ .
ලෙක්චර්ස් හොඳට අහගන්න හඃ හඃ හඃ හඃ
නාකියි කියන්නේ නාකිමත් නැහැ 24යි. මෙහෙනම් කැම්පස් අවුට් වෙලා දිගටම එන්නකෝ
Deleteකෝරලේ එහෙනම් බිසී වෙලා ඈ!
ReplyDeleteනැතිව නැතිව නාඩියෝ හිකිස්...........
Deleteඋබත් දැන් ගෘහ මූසලයෙක් උනායින් වැඩ වැඩි වගේ..
ReplyDeleteකියල වැඩක් නැහැ දිනේෂ් අයියා ඔයාටත් ළඟදීම ඒ පොස්ට් එක හම්බවෙන්නනේ යන්නේ මගේ සුභ පැතුම් :P
Deleteහඃ හඃ හඃ
ReplyDeleteබාප්පාගේ අලුත් තනතුර මරු
මරුදත් අහනවා සයුරි අක්කේ හිනා කාලා මැරෙන්න හිතෙනවා
Deleteඌට මුලිකයා කියන්න බැරි වුණාට යස අගේට ගෘහ කියන එක කියලා තියෙන්නේ.
ReplyDeleteඒක තමා යකෝ මාත් බැලුවේ
Deleteඅනේ මන්දා අයියේ ඔය කිව්වහම තමයි මට එක මීටර් උනේ. කොහොම උනත් ඒකා කතාකරද්දී අහන ඉන්න ආසයි ලේ පිරිසිඳු වෙනවා
Deleteඔක්කොම තේරුනා 'නයි කයිද රෝස් පාන්' ඇර ...හී හී...
ReplyDeleteමේකනේ පොඩ්ඩි අක්කේ පොඩි පොඩි කෑලි වලට කඩලා දුන්නනම් කයි කියල තමයි ඕක තේරුම් කරන්න වෙන්නේ :P
Deleteඔක්කොම තේරුනා 'නයි කයිද රෝස් පාන්' ඇර ...හී හී...
ReplyDeleteහැබැයි සමහර ගෙවල්වල ඔය කියන එකා ඉන්නවා තමා.
ReplyDeleteමෙලෝ කමකට නැති උන් අප්පා............
Deleteඋබත් ලොකු වෙලා ගෘහ මුසලයෙක් වෙයන් ...(දැනටමත් වෙලාද ?)
ReplyDeleteඅපොයි වේලාසනින්ම උනා හික් හික් හික්
Deleteපට්ට ආතල් එකක් ගත්ත මචන් මමත් සුද්දෙක් එක්ක.... ඌට සිංහල කියල දුන්න.... පට්ට ආතල් උන් සින්හල කියවද්දි.. අමු කුණුහරුප කියන්නෙ....
ReplyDeleteඑකනේ කියන්නේ සුද්ද සිංහල කියලා හික් හික් හික්
Deleteඅඩේ කෝරළේ මහත්තයව දඬුකඳේ ගහන්න වටින්නෙ මෙහෙම නොලිය ඉන්නකොට.
ReplyDelete+++++++++++
Deleteලියන්න නම් ඕනේ ප්‍රසන්න අයියේ මමත් හිටියට ඉන්නේ හිතේ අමාරුවෙන් මොනවා කරන්නද මේ ජොබත් එක්ක නිදහස සම්පූර්ණයෙන්ම නැතිවෙලා
DeleteRose pan neda?..Kali kadala..paripu eka dunot kai.
ReplyDeleteJayawewa.
අම්මාපා දැන්නම් මට බොට ගහන්න හිතෙනවා බෙල්ල කඩලා යන්න. :D මෙච්චර කියලත් තාම මූට සිංහලෙන් ලියන්න බැරි හැටියක්..
Deleteada dawasa denooo..IT Executive awit inawa..
Deleteස්තුතියි ලන්කප්රිය අය්යා , සෙන්නා
Deleteජයවේව
සංජීව
ඔය තියෙන්නෙ.. එළ එළ දැන් ඉතින් ඔහොම්මම ලියහන් හරිද ?
Deleteහැබෑවටම සිංහලෙන් ලියන එක හොඳයි මොකද සිංහල අඩවියක ඉංග්‍රීසියෙන් ලියද්දි මොනවද මොනවද වගේ :) මමත් ඔය ඉඳල හිටලා කරනවා වෙන මැෂින් එකකදී එහෙම හිටියොත්
Deleteබෙල්ල කැඩිලා යනකං හිනා වුනා කෝරළස්,
ReplyDelete++++++++++++++ තැන්කු තැන්කු
Deleteඋඹටනං මූසල තනතුරුම දෙකයිනේ නේද.. ගෙදර වගේම වළවුවෙත්.. ගෘහ මූසල සහ වළවු මූසල..
ReplyDeleteඅනේ බං මාරයියේ මගේ නම්බුව විනාසයි............. :P
Deleteහප්පේ සෑහෙන කාලෙකින්
ReplyDeleteකියල වැඩක් නැහැ ජෝන් අයියේ වැඩ තම හේතුව
Deleteඈ බං ගෘහ මූසලයො තෝ කොහේ වහන් උනාද..!
ReplyDeleteමේ පොඩි එවුන් එක්ක කෑගහ ගහ ඉන්නවා (ක්ලාස් එකේ)
Deleteසමහරු ගෘහ මූලික කියන එක කියන්නේ ග්‍රහ මූලික කියලා. හරිනේ ඉතින් ගෙදර ඉන්න ග්‍රහයන්ගෙන් මූලිකම ග්‍රහයානේ. මටත් හිටපු ගමන් ග්‍රාම සේවකට ග්‍රාම සූකර කියවෙනවා. වටලප්පම් වටලපපම් වෙනවා.එටිසලාට් ඇටිකෙහෙල් වෙනවා.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
එකෙන්ත් ගන්න දෙයක් තියෙනවා. හැබැයි ඉතින් නරක කාලෙට ග්‍රහයෝ මාරු වෙනවනේ මහත්තයෝ. ඔය පුරස්නේ මටත් ඔය විදියටම තියෙනවා
Deleteමාත් ග්‍රාම සේකර, ඉටීස් අ ලැට් වගේ දේවල් නං වහරනවා.
Deleteසිංහල ලියන්න උදව්ව් කරපු හැමොටම උපහාරය
ReplyDelete+++++++++++++++
Deleteගෘහ මූසල... ඉතින් ගෘහ මූසලයගේ කැමැත්තට ඉඩ ලැබුන ද.. ? :D
ReplyDeleteඅනිවා කටින් ගහල දිනන්න පුළුවන් එවුන් නේ අයියේ රටේ උනත් රජ කරන්නේ හික් හික් හික්
Deleteඅම්මෝ. දැකපු කල්. ඇති යාන්තන්. මම හිතුවෙ වලව්ව වහන්න වෙයි කියල. කොල්ල හරියටම නම හොයාගෙනනෙ.
ReplyDeleteඑකනේ මැඩම් මම මේ දවස් වල කන්න වෙලාවක් හොයා ගන්නෙත් අමාරුවෙන් ජීවිතේ එපා වෙලා වන ගත වෙන්න හිතිලා තියෙන්නේ. :) හික් හික් පුතා කාගේද කිව්වලු හික් හික් හික්
Deleteමේ විදිහට රටවල පදිංචි වෙලා ඉන්න පොඩි උන් කතා කරනවා අහගෙන ඉන්න එකනම් හොද ජොලි වැඩක්...
ReplyDeleteඅමු හිංගල කතා කරන්නේ නදිනි අක්කේ. :D
Deleteඒක තමයි කාලෙකින් වලව්වේ ගෘහමූසලයා :D. ඉති න්අළුත් තනතුර කෝමද ;)
ReplyDeleteකියල වැඩක් නැහැ මලේ සැප කනේ කිව්වලු. වැඩ පිට වැඩ අයිස් ගහපුවගේ පව් ගෙවනවා
Deleteකොහොම උනත් නම හරිනෙ. දැන් ඔය අලුතෙන් ඈදුන පට්ටම ඒක නේ ද? ඔහොම තමා කාටත්. කසාදෙට කලින් මගෙ මැණික, රංකඳ............... අන්තිමේ ........මූසල.....
ReplyDeleteපහු පහු වෙනකොට කොහු කොහු වෙනවා කියන්නේ ඕකටයි :D
Deleteමගේ කමෙන්ට් එකක් ස්පෑම් වෙලා කෝරළේ....කරුණාකරලා ඒක හොයනවද? please...
ReplyDeleteඔන්න දැම්මා
Deleteමගේ කොමෙන්ට් එකත් නෑ :(
ReplyDeleteකෝ බං නැහැනේ ස්පෑම් වලත් නැහැ
Deleteහැට දාහට මං ආවේ.. ඔන්න ඔය ලොකු බෝතල් දුසිමක් විතර ගෙනෙං බං එනකොට..
ReplyDeleteබෝතල් නම් දැම්ම පෙට්ටියට දුසිමක්ම ලංකාවට ඇවිල්ල කරන්න දේකුත් තියෙන්න එපැයි
Deleteදුසිමක් හෙන ගහපං ලොකු ටැක්ස් එකක් ගහගන්නයි කෝරලයා හදන්නේ
Deleteබාප්පට කෙසේ වෙතත් අලුත් නම උඹට තමයි වැටෙන්නේ මලේ මේ යන විදියට....
ReplyDeleteහෙක් හෙක්.... බාප්පටත් වෙලා තියෙන වැඩක්.... පව් අප්පා...
ReplyDeleteපොලව පලාගෙන යන්න හිතෙන්න ඇති බාප්පට
ReplyDeleteනයි කයිද රෝස් පාන්,
ReplyDeleteකතාවකට කියනවා මෙහෙම....
"පුංචි පුංචි කෑලි වලට කඩලා දුන්නොත් නොකා ඉදියි රෝස් පාන්"
ko me korale mahaththayaa dadu kade gahalawathda? :D
ReplyDelete