පලවෙනි කොටස බැලුවේ නැත්නම් මෙතනින් ගිහින් බලල එන්න
නස්තාර් වෙන්න වැදිලා හිටපු මට සිහිය එද්දී මම හිටියේ වෑන් එක ඇතුලේ. කළුවරත් වැටිලා....... සිද්ද වෙච්චි දේවල් මතකයට නගාගන්න හැදුවත් කිසිම දෙයක් හිතාගන්න බැහැ ඔලුවත් කැරකෙනවා වගෙයි චමියා පිටිපස්සේ ශීට් එකේ ඉඳන් කඳන් ඉරනවා වගේ ගොරවනවා. බීච් එකේ ගල උඩ නිදාගෙන හිටපු මම කොහොමද හොදට ආවේ. මම ඇඳුම් මාරු කරගත්තේ කොහොමද...... හිත හිත ඉන්න අතරේ මට ආයෙම නින්ද ගියා. ආපහු ඇහැරුනේ මිනිස්සු වගයක් කතාකරන සද්දෙට. කවුද මගේ ඔළුවේ මොනවද ගානවා බැලුවාම බනියා මගේ ඔලුවේ දෙහිගානවා වෙරි බහින්න. :O එළියේ වෙන්නේ මොනවද කියල බලන්න මම වාහනෙන් එලියට බැස්සා. හැරා තව මිනිස්සු දෙතුන් දෙනෙකුත් එක්ක එකතුවෙලා වාහනේ මොනවද කරනවා. මාව දැක්ක හැටියේම හැරා "බලන්න මල්ලි මේ කෙහෙල්මල තල්ලුවෙන්වත් ස්ටාර්ට් වෙන්නේ නැහැනේ..... අනෙක බැටරිය සම්පූර්ණයෙන්ම බැහැල දැන් රෑ පාරේ යන්න බැහැ ලයිට්වත් දාන්න විදියක් නැහැනේ".... මොනවදෝ කිරීමෙන් පසුව නැවත වතාවක් තල්ලු කිරීමෙන් එන්ජිම පණගැන්වීමේ නිරර්ථක උත්සහයක අපි නිරත වුනා කාලය ගතවෙද්දී එතනට තවත් මිනිස්සු එකතු වුන අතර ඒ අතර ගොඩ වෙද්දු, හොර බාස්ලා නොයෙක් අන්දමේ අදහස් ප්‍රකාශ කරන්න වුනා (වාහනේ ලෙඩේ ගැන). කිහිප දෙනෙක් හිටියේ බීමතින් බව ඔවුන් වෙතින් හැමුව නිර්මල (?) කසිප්පු සුවඳින්ම තේරුනා.
කෙසේ හෝ එතන හිටිය පුද්ගලයෙකු සමග මම ළඟ ඇති ගරාජයකට ගියේ එහි මැකෑනික්වරයා කැඳවාගෙන එන්න. මැකා වාහනය පරීක්ෂා කරන අතර තුර එතන හිටිය ඩෝපර් කෙනෙක් අසැබි වදන් වලින් බැනවදින අයුරු මට ඇහුනා ඔහු පැමිණ සිටියේ මැකාව එක්කගෙන යන්නයි. අපි ගරාජයට යනවිට මැකා සිටියේ අම්බලන්ගොඩ කොළඹ ඒසී බස් එකක මොකක්දෝ වැඩක් කරමිනුයි. අපේ තත්වය පවසා වැඩක් විදියට නොව උදව්වක් විදියට මෙය සලකා අප සමග එන ලෙස මම මැකාගෙන් ඉල්ලු පසුව තමයි ඔහු අපිත් එක්ක ආවේ. මේ පැමිණි පුද්ගලයා එම රථයේ රියදුරා බව ඔහුගේ කතාවෙන් අපිට තේරුනා. ඔහු මැකාට දොස් නගමින් කියා සිටියේ මේ හු*** කරන්න කලින් යකෝ මගේ වැඩේ ඉවර කරපන් හෙට මම පාරේ දුවන්න ඕනේ. එවිට එතනට ගිය හැරා ඔහුව සන්සුන් කිරීමට හැදුවත් ඔහු හැරාව පසකට තල්ලු කරලා දැම්මා. මේ සිදුවීම දැකීමෙන් මගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගිය අතර මා නැගිට එන අයුරින්ම ඩෝප් සීන්ට මා එන්නේ හොඳකට නෙවේ යයි අවභෝද වී මට පහර දීමට පැමිණියා. අතපය එහාට මෙහාට විසිවීමෙන් අනතුරුව ඩෝපර් බුවාව පාරේ හාන්සි කිරීමට මට හැකිවුනා.(කෝරළේ කියන්නේ නිකන්ද?) මේ රණ්ඩුව අතර තුර මා අල්ලා ගැනීමට පැමිණි හැරාගේ කමීස කොලරයෙන් ඇල්ලු මා ඔහුව ඔසවා පසක තැබූ අතර අදටත් ඔහු එය විස්තර කරන්නේ ක්රෙන් එකකින් උස්සල තිබ්බා වගේයි මට තේරුනේ යයි කියමිනි. (මේකා සැහැල්ලුයි වැඩි බරක් නැහැ. අනෙක වලියකදී මාව අල්ලගන්න එන එවුන් මට පෙන්න බැහැ මොකද උන් නිසයි මට ගුටිකන්න වෙන්නේ) මේ වන විට මැකා ඔහුගේ වැඩ කටයුතු නිම කර තිබු අතර තාවකාලික ඇටවීමක් දැමූ බව පැවසු ඔහු විගසින් අපිට පිටත්ව යන ලෙසත් ඩෝපර් බුවා ඒ පළාතේ දාමරික පුද්ගලයෙකු බවත් ඔහු නැවත ඔහුගේ ගෝල බාලයන් සමග පැමිණීමටඉඩ ඇති බැවින් නොනවත්වා අපිට යන ලෙසත් පැවසීය.
ඒ අතර පිටුපසින් ඇසුනේ අයියේ.......... අක්කා කලන්තේ වෙලා වැ....ටු......නා යයි මල්ලිලාගේ කෑ ගැසීමයි. විගසින් දුවගොස් බනියා වත්තම් කොටගත් මා වාහනයට ගොඩවූ අතර හැරා එතන සිටි පුද්ගලයන්ට ස්තූති කිරීමෙන් අනතුරුව දුවවිත් වාහනය පණගන්වාගෙන ධාවනය කරන්නට විය. බනියා තවමත් පසුවන්නේ සිහිමද ගතියෙනි. මුහුණට වතුර ගැහුවද පලක් වූයේ නැත. වහාම හැකි ඉක්මනින් ඉස්පිරිතාලයක් කරා රැගෙන යන ලෙස මා පවසූ විට හැරා කීවේ මල්ලි මේ කට්ට කරුවලේ ලයිටුත් නැති පාරක හයියෙන් යනවා කියන්නේ වාහනේ හැප්පීමේ අවධානමක් ඇති බවයි. මොන අවධානමක් වුනත් කමක් නැහැ වාහනේට හෙණගහපුදෙන් පාගන්න පුළුවන් උපරිම පාගපන් අයි.......යේ. යැයි මම හැරාට කීවෙන් හැරාද පිස්සු බල්ලෙකු විසින් ලුහුබඳින මිනිසෙකු මෙන් වාහනය අරන් බලපිටිය රජයේ රෝහලට පැමිණියේය. බනියාව ට්‍රොලියකට දමා හදිසි අනතුරු ඒකකයට ගිය අතර ඇයව ECG පරීක්ෂණයකට ලක් කරන ලෙස දොස්තර මහතා පැවසීය.
මේ ECG රිපෝර්ට් එක එන (මට එක එන තාලේ දිරෙව්වෙ නැහැ :D ) අතරතුර මමද ක්ලාන්ත වීමට ගියෙන් චමියා වහාම පැන මා අල්වා ගත්තාය. ඇයගේ රිපෝර්ට් එක නොර්මල් බවත් රණ්ඩුව දැකීමෙන් ඇතිවූ අධික කම්පනය නිසා ඇය ක්ලාන්ත වූ බවත් දොස්තර මහතා පැවසීය. මමත් ක්ලාන්ත වන්නට ගියේ බනියා සිටි අන්දම මටද දරාගත නොහැකි වූ බැවිනි. රෑ 12 කණිසම ලබද්දී හතර වටින් රතිඥ්ඥා පත්තු වන්නට වූ අතර ඒ ජනවාරි 1 වෙනිදා උදාව බව අපිට වැටහිණි. බනියාට සේලයින් බෝතලයක් දී ඇයව රැගෙන වාහනයට ආ අපි නැවත කළුතර බලා යන්නට වූයේ ඉතා සෙමිනි. මග දිගින් දිගටම සියලුම දෙනා මට විහිලු කරන්නට වූයේ විනාඩි කිහිපයක් ඇතුලත ඩෝපර්ව බුවාව හාන්සි කල එකා ඉස්පිරිතාලේදී ECG එකක් ගන්න තාලේ දැකලා ක්ලාන්ත වීමට හේතු විමසමිනි. ඇයි යකෝ අච්චර ෆයිට් එකක් දීල කසාද බැන්ද කෙල්ල අසනීප වෙලා ඉන්නවා බලන්න පුළුවන් මොකාටද මම අහන්නේ????
ඔන්න ඔහොම පප්පල ටික යන අතරේදී සුදීක පප්පලාගේ මහා ගෙවල් හරියේ තියෙන බෙන්තර පාලමට පෙර ඇති පොලිස් මාර්ග බාධකයේ හිටපු සත් ගුණවත් පොලිස් බුවාලා ටිකත් වෑන් එකට අත දැම්මේ අද නම් කල්ල මරේ කියල හිතාගෙන වෙන්න ඇති. පොලිසිය වාහනේට අත දාද්දීම හැරා මට කිව්වා මල්ලි ඔය කිසිම දෙකට කතා කරන්න එපා. නංගිව ඔඩොක්කුවේ තියාගෙන ඉන්න. මෙතන වෙන හැම දේම මම බලාගන්නම්. හැබැයි වෙන කිසිම කෙනෙක් කටක් හොලවනව එහෙම නෙවෙයි කියලා. මොකද හැරා දන්නවා මම පොලිස් කාරයොන්ට ගොඩ වෙලාවට දානවා කියලා ලෝ ටෝක්ස්. මතකයි නේ....... ඉතින් මේ වෙලාවේ එහෙම කතා කරන්න පුළුවන් තැනකුත් නෙවෙයි. වැරදි ගොඩක් එක්ක තමයි අපි ඉන්නේ. වාහනේ ඇතුලට ටෝච් ගහපු පොලිස් මාමලා, හා......... කට්ටිය මේ පළවෙනිදා ලයිටුත් නැතිව කොහෙද යන්නේ????? කියල හැරාගෙන් ඇහුවා. අනේ මහත්තයෝ බලන්නකෝ වෙච්ච වැඩක් මේ ඉඳුරුව හරියේදී වාහනේ ලයිට් වැඩකරන්නේ නැතිව ගියානේ. බලන්න කෝ....... දැන් රෑ එකත් පහුවෙලා අපිට කළුතරට යන්න ඕනේ. අපි සෙට් එක හිටියනම් එළිවෙනකල් හරි ඉන්නවා මේ අපේ නංගි ඉන්නවා. එයාට අසනීප වෙලා ඉස්පිරිතාලෙත් නවත්වල ඉඳන් අරන් යන්නේ. මේ බලන්න ECG රිපෝර්ට් එක යනුවෙන් හැරා ලෝකෙම නැති දුක් ගැනවිලි ඉදිරිපත් කරන්නට විය.
එහෙම කියල බැහැනේ ඔයාල මේ කරන වැඩේ අනතුරුදායකයි. දඩයක් නම් ලියන්නම වෙනවා කියල පොලිස් මාමා කිවා. අනේ මහත්තයෝ එහෙම කරන්න එපා. මේ නංගි නැත්නම් අපි මෙහෙම යන්නේ නැහැ. අපිට මහපාරේ ඉන්න බැහැනේ එහෙම ගෑනු ළමයෙකුත් තියාගෙන. (සිරාවටම බනිය හිටියේ නැත්නම් අපි එන්නේ නැහැ) මේ වාහනේ ලෙඩේ නිසා උදේ ඉඳන් කට්ට කනවා. මේ කතරගම ඉඳල එන්නේ. කොටින්ම කියන්න මහත්තයෝ උදේ කෑවට පස්සේ මෙතන ඉන්න කවුරුවත් කාලා නැහැ. යනුවෙන් ලෝක වැල් වටාරමක් දිගහැරිය පසු එයට සවන් දීමෙන් පොලිස් මාමලාගේ පපු කැනතු වෙඬරු මෙන් උනුවූ අතර, අන්තිමේ දඩ ගැසීම (අපෙන් ගානක් කඩාගැනීම) කෙසේ වෙතත් ඔවුන්ගේ රාත්‍රී ආහාරය සඳහා තියාගත්තයි කී ෆ්‍රයිඩ් රයිස් දෙකකුත් (කාගෙන් හෝ ගලවපු දතක් වෙන්න ඕනේ. නැත්නම් රෑ 2ට 2.30 මොන රෑ කෑමද) අපට බලෙන්ම පිරි නැමූ අතර අපි ඒවා කාරුණිකව ප්‍රතික්ෂේප කලත් පිටිපස ශීට් එකේ සිටි පොඩි එවුන්ට එම බත් පාර්සල් දෙක දුන් පොලිස් මාමලා ලොරියක් නතර කොට එහි රියදුරුට ඉදිරියෙන් යන ලෙසත් කළුතරටම අපිව ඇරලවන ලෙසත් පැවසුවා. ඔවුන්ට මුව නොසෑහෙන්න ස්තූති කල හැරා වාහනයට ගොඩ වූයේ රටක් දිනු රජෙකු මෙන් ආඩම්බරයෙනි. (ආඩම්බර නොවී කොහොමද පොර පොලිස් කාරයොන්ටත් බිලක් දාපු එකෙක්)
ලොරිය පිටුපසින් ඉබිගමනින් ගමන්ගත් අපි තුන 3.30පමණ ආච්චිලාගේ නිවසට සේන්දු වුනා. පසුදා උදෑසන 7ට පමණ අවදි වී කීර්ති මාමත් කැටුව නාගොඩ ප්‍රදේශයේ ගරාජයකට රැගෙන ගොස් ඕල්ටර්නෙටරය නමැති අටමගලය ගලවා වෙන එකක් අළුතෙන් දැමුවෙන් ප්රශ්නය විසඳින. නමුත් එදින පළවෙනිදා හේතුවෙන් බාස් කාරයා වැඩිපුර ගානක් අය කලේ අද වැඩකරන්නේ වරුවයි මහත්තයෝ. නොකර බැරි කමට කරා. නැත්නම් අතවත් තියන්නේ නැහැ අද දවල් 12න් පස්සේ වැඩ වලට. කොහොමින් කොහොම හරි වාහනේ ගරාජයෙන් එලියට ගනිද්දී හවස 3නත් පහුවෙලා. මමයි, හැරායි, චමින්ද මාමයි හිටියේ තවම ඊයේ ඇඳගත්තු ඇඳුම් පිටිං. මමයි චමියයි දෙන්නා මුහුදේ ලුනු වතුර නාපු ගමන්. නිවසට පැමිණ කෑම කා නැවත කොළඹ එන්න පිටත් වීමට පෙර බනියාගේ ආච්චි අම්මා පැවසුවේ පුතේ මේ අවුරුද්ද හරිම පරිස්සමෙන්...... ඔයාලට අවුරුදු ලැබුවේ මහා හොඳම නැති විදියට. මේ වාහනේ නිසා ඔයාලට ගොඩක් කරදර වියපැහැදම් වෙන්න තියෙනවා. ඒ වගේම දුවගේ ගැනත් කල්පනාවෙන් ඉන්න එයාට සෞඛ්‍ය පැත්තෙන් බොහොම දුර්වල වෙන්න ඉඩ තියෙනවා.
එන ගමන් ආච්චිගේ හණමිටි අදහස් යැයි ඔච්චම් කරමින් ආවත් ඊට සති දෙකකට පසු කතරගම යන විට හරකෙක් හැපී වාහනේ මූණම කුඩු වූ අතර තෙවන සතියේ ස්විෆ්ට් කාර් එකක් වැදීමෙන් වම් පස දොරද ඇතුළුව කොටසට හානි සිදුවූ අතර අතේ ලයිසම නැති බැවින් ඉන්ෂුවරන්ස් ගැනීමට නොහැකිවූයේය. (කොටින්ම කියනවනම් ඒ අවුදුද්ද ඇතුලත කිසිම විදියකින් වාහනේ ගරාජ් එකෙන් එලියට ගන්න බැරි වුනා) එමෙන්ම එම අවුරුද්ද ඇතුලත බනියාට ඇයගේ කකුලේ අමාරුව දැඩිව දැනුනු සහ සෞඛ්‍යමය අතින් දැඩි ලෙස පීඩා විඳි වසරක් විය. ඒ විතරක්ද? කෝරළේ ගොයියට වැලිකඩ දවස් දෙකේ සංචාරය සඳහා අවස්තාව ලැබුනෙත් ඊට සතියකට විතර පස්සේ තමයි. ඔය ජවුසන් සියල්ල නිම කිරීමෙන් පසු මා නැවත ඩුබායි පැමිණි අතර. කොම්පැනියේ නවාතැනේ සිටි බැවින් වාහනේක අවශ්‍ය තාවයක් නැති බැවිනුත් අලුත් කාර් එක විකුණා පරණ වාහන කටුවක් ලාබෙට ගෙන (ලෝභ කමට) අනිවාර්යයෙන්ම මාසෙට සැරයක් නැත්නම් දෙකක් ගරාජ් වන්දනාවේ යාමට සිදුවිය. කෙතරම් විකිණීමට තැත් කලද කිසිවෙකු හට එය විකිනීමටද එම වසර අවසන් වන තෙක් නොහැකි විය. හණමිටි අදහස් තදින් ඇදහුවේ නැති වුනත් මේ වෙච්ච සිද්දි වලින් පසුව දෙසැම්බර් 31 සහ ජනවාරි පළවෙනිදා ඉතා කල්පනා කාරීව ගෙදරට වී ගත කිරීමට මම පුරුදු වෙලා තියෙනවා. කොච්චර හිතුවත් ඔය බහුභූත කතා ඔව්ව මිත්‍යා මත කියල...... මගේම යටිහිතින් මාව පස්සට අදිනවා වගේ තේරෙනවා. ඔය මති මතාන්තර වල ඇත්ත නැත්ත කොහොම වුනත් කෝරළේ මහත්තයා පලවෙනිද නම් කරන්න කැමති ලොකුම දේ තමයි හොඳට කාල බීල නිදාගන්න එක. හික් හික් හික්
ස්තූතිය මෙම කතාව ලිවීමට ගෝ එක දුන්නු අපේ හෙන්රි අයියට.
ප.ලි. කියනන් අමතක වුනානේ මේ පහුගිය පළවෙනිදා ඉඳල මමත් අමද්‍යප ව්‍යාපාරයේ ස්වයන් පාලනයක් කරගෙන යනවා.
පින්තූරවල අයිතිය එහි මුල් හිමිකරුවන් සතුයි.
ඔන්න දැන් අපේ කාන්තා පාර්ශවය පිරිමි බොන එකට බනින්න එපා මෙහෙමයි ගෑනු උදවිය බොන්නේ.
Subscribe to:
Post Comments (Atom)
අන්තිම ආරංචිය හොඳයි. ඒ කිව්වේ අමධ්‍යප ආරංචිය. ඒ කියන්නේ උඹ ඩ්‍රින්ක්ස් අරන් ඉන්න වෙලාවට වලියට බර වැඩියි. ඕක එච්චර හොඳ ප්රවනතාවයක් නෙවෙයි.
ReplyDeleteඅර පොලිස් කාරයෝ දෙන්න හොඳයිනේ බං. ඇත්තටම පොලිස්කාරයෝද මනුෂ්‍යයෝය කියලා හිතෙන්නේ ඔය වගේ වෙලාවට තමයි. අර කෑම එකත් පිටිපස්ස ජනේලෙකින් හරි දුන්නනේ. අනික ඒක කොහෙන් හම්බවුනත් කමක් නෑ. ඒ වෙලාවට ක්‍රියාකරපු ආකාරය විතරක් වෙනම සිද්ධියක් හැටියට ගත්තොත් ඇත්තෙන්ම ඒ දෙන්න මනුස්සයෝ වගේ ක්‍රියා කරලා තියෙනවා.
ඕල්ටනේටර් එක දැම්මට පස්සෙ ඒ සම්බන්ධව අවුලක් ආවේ නැද්ද? මම කියන්නේ වෙච්ච අනිත් සිද්ධි නෙවෙයි. කොහොමත් බීලා එලවන්න එපා බං. ඒක කාටත් අගුණයි.
ඒ අවුරුද්ද පහු වෙලා හරි වාහනේ විකුණලා දාන්න පුලුවන් වුනාද?
එකනම් ඇත්ත මම සාමාන්‍යයෙන් බීපුවෙලාවට රණ්ඩු කරන් යන්නේ නැහැ මොකද බීල සද්දේ දානවා කියන කතාව අහන්න වෙන නිසා. හැබැයි ඒ වෙලාවට කේන්ති ගියොත් නම් ලේ හෙලවීමක් ෂුවර්. දැන් නම් ඉන්නවා පාඩුවේ හැදෙන්න එපැයි නැත්නම් පොඩි එකත් යාවි මගේ අඩිපාරේම.
Deleteඒ දෙන්න විටහ්රයි සිරාවට පොලිසියේ මනුස්සයෝ ඉන්නවා කියල මට හ්ජිතාණන් නිකමට හරි චාන්ස් එකක් දුන්නේ නැත්නම් ඔයා දන්නවනේ මට පොලිස් කාරයෝ පෙන්න බැහැ කියල
අද වෙනකල් නම් අවුකල් ආවේ නැහැ අයියේ. අවුරුදු එකහා මාරක් මම වාහනේ ගරාජ් එකේ තිබ්බ හදලා මොඩිෆයි කරන්න අවුරුදු එකහාමාරකට පස්සේ ස්තාර්ට් කරාමත් වන් ෂොට් පත්තු වුනා. ඔය ඇක්සිඩන්ට් වෙච්චි එකම වෙලාවකවත් පොඩ්ඩක් වත් බීල නෙවෙයි හිටියේ.
මෙහෙ එහද ගිය අවුරුද්දේ පෙබරවාරි වල විකුණුවා ලොකු ගානක් පාඩු කරන්. ඒකෙන් වුන එකම වාසිය අපේ හාමිනේ පොඩ්ඩ ඩ්‍රයිවින් ඉගෙනගත්ත එක විතරයි. ලංකාවේ එකනම් තාම විකුණුවේ නැහැ හැදුවේ ඔක්කොම අලුතින් දාල විකුනන්න නෙවෙයි නමුත් මේ වෙද්දී මට ලංකාවට යන් වෙලා තියෙන නිසා විකුනන්න වෙනවා මේ පාර ගිහින් විකුණන වා.
ගෑනු උදවිය බීල ඉන්න පින්තූර වෙන නැද්ද බුදු මල්ලියෙ.
ReplyDeleteඅම්මපා ඔහේගේ ලග්නේ මොකක්ද ඈ?
Deleteහැක් හැක් හැක් තියෙනවා තියෙනවා හැලපයියේ :D හැබැයි එව්වා දැක්කම බොන්නත් එපාවෙනවා :)
Deleteවිචාරක මහත්තයෝ ලග්නේ මොකක් වුනත් හැලපයියගේ ග්‍රහ දසාව නම් යන්නේ සිකුරා වගේ :)
අයියෝ හැලප... හික්ස්... ඒක කියල තියෙන කැත... වයසටද මං අහන්නෙ... :D
Deleteමටත් දැක්ක ගමන් හිනාව නවත්වාගන්න බැරි වුනා :D
Deleteඅනේද කියන්නේ ඉදගෙන හැලපයියගේ කට . එයාගේ ලග්නේ වුෂභ විය යුතුයි ,, :)
Deleteඑකක් දැකල කියවන්න එනකොට දෙවෙනි ව්කත් දාලනෙ.මමත් හෙන්රි ගොයියගෙ කතාව දැකල එකක් ලිවුව .එකත් ඔය කැල්ලෙම කෙස් එකක් තමයි http://damgune.blogspot.com/
ReplyDeleteහිටින්න මම ගොහින් බලන්නම් :)
Deleteරෙද්දක් කතා කරනවා. දැන් උඹ කියන්න හදන්නේ හරක් මස් කාපු නිසා මේ ඔක්කෝම උනාය කියලා නේ. ඒ වෙලාවට තමයි උඹලවත් මරාගෙන කන්න හිතෙන්නේ. කතරගම කොහෙද බන් දෙවියෙක්. අනෙක කී දෙනෙක් ගැන කියලා බලන්නද..? එතකොට කතරගමම හරක් මස් විකුණන හෝටල් වලට, බඩු පොට් වලට කිසි හෙනයක් නැත්තේ ඇයි. හොඳ වාහනයක් ගනින්. එතකොට දෙවියොත් ඒවා වල නැගලා යනවා.
ReplyDeleteමමත් කතරගම ගියාම කන්නෙම දඩ මස්.
Deleteනැහැ නැහැ නැහැ මාතලන් අයියේ ඒ කතාව නම් කිව්වේ ආච්චි කාරයලා මම කිව්වේ අවුරුද්දේ පළවෙනිදා චාටර් එක කෑවේ ඉස්පිරිතාලෙයි ගරාජ් එකෙයි නිසා මම ඒ අවුරුද්දෙම ඉස්පිරිතාලයි ගරාජ් ගානෙයි රස්තියාදු වෙන්නවුනා කියන එකයි මොකද ඊට කලින් කවදාවත් එහෙම ගරාජ් වන්දනාවක් කරලා තිබුනේ නැහැ. අන්තිම කතාව නම් හරියටම හරි ඊට පස්සේ ගත්ත දෙකම අළුතෙන් ගත්තේ මලාට ගැරේජ් එකක් පැත්ත පළාතේ ගියේ නැහැ
Deleteමමත් ඔය දඩ මස් කාල තියෙනවා අනෙක වැවෙන් අල්ලපු ගමන් මාළු.
උඹට තියෙන්නේ අපල නෙවෙයි මුලග්ගාය
ReplyDeleteහා හා හා... කට.... කට ඔව්ව ප්‍රසිද්දියේ කියන දේවල්ද බං????? :P
Deleteකොටස් දෙකම ඔන්න දැනුයි නිදහසේ කියෙවුවේ.. ස්වංයං වාරණය ගැන නම් සතුටුයි.. ඔය දාලා තියෙන ඒවට වැඩිය සුපිරි එවුවා තියෙනවනේ බං නෙට් එකේ.. ආයේ ඒවා දැක්කම බොන්න ඕන නෑ..
ReplyDeleteකවුරුවත් නීති දාල ඒවා වලට බං දීල ඉන්නවට වැඩිය මගේම නීතියකට යටත් වෙලා ඉන්න මම කැමතියි. අපොයි එව්වා දැම්මොත් ගූගල් කාරයා මේක වැල සයිට් එකක් කියල හංවඩු ගහවි. එච්චරටම චා......
Deleteමටත් ඔය උඹට තිබුන රෝග දෙකම තිබුන.යන්නෙත් බිබී.හැබැයි ඔය වාහන ප්‍රශ්න නම් වෙලා නැහැ.
ReplyDeleteවැලිකඩත් ගියාද....? එල ...මමත් ඉදල ආව...හෙක්...හෙක්...
අපේ අනෙක් එවුනුත් යද්දී බොනවා මට කරුමේ කියන්නේ යනකොට බොන්න වෙනෙන් නැත්තේ ඩ්‍රයිවර් වැඩේ කොරන්න ඕනේ නිසා. බැහැල තමයි මට බොන්න පුළුවන්.
DeleteWhy Not කෙන්ජි අයියා Bachelor of IRC උපාදිය මට හම්බ වුනේ කැම්පස් එකේ තර්ඩ් ඉයර් එකේදී හික් හික් හික්. මම වැලිකඩ ගැන සඳහන් කරලා තියෙන තැන මම ලින්ක් එක දාල ඇති විස්තර.
මටත් එපාම කරපු එක තමා වලියක් යන වෙලාවට එකෙක්ව පැනලා බදා ගන්න එක. ඇයි යකෝ එතකොටනම් ඉතිං අර මරාගත්ත එකත් එක්ක සෙට් වෙලා බදාගත්ත උන්ට ටොකු අනින්න තමා හිතෙන්නෙ.
ReplyDeleteඅනේ අම්මෝ කාලෙකට පස්සෙ සද්ගුණවත් පොලිස් බාප්පලා දෙන්නෙක් ගැන ඇහුවා.
අර අන්තිම ආරංචිය ගැන නම් හදවතින්ම සතුටුයි කෝරලේ. (y)
සිරාවටම ප්‍රියා මට නම් ගහගන්න එකාට වැඩිය තරහක් එන්නේ මාව අල්ල ගණන් හදන අපේ හරක් එක්ක මගේ යාලුවෙක් හිටිය දැන් ඌ කොහෙද කියලවත් දන්නේ නැහැ ඌ කරන්නේ පැනපු ගමන් බදාගන්නේ අනෙක් එකාව.
Deleteමමත් ඒ දැක්කම තමයි එහෙම එවුන් දෙන්නෙක්ව.
බොලාට වෙලා තියෙන එකේ අනික් එක මට වෙලා තියෙන්නෙ. වාහනේ ගත්ත දවසෙ ඉඳල පාරට දාන්නෙ අවුරුද්දකට හතර පස් පාරයි. ඒත් රෙපෙයාර් නං කියල වැඩක් නෑ. පරණ වාහනයක් ගත්තොත් ඉතිං වියදං තමයි. හැබැයි මේක විකුණන එකනං එච්චර ප්‍රශ්නයක් නෑ. ඔය හෙන්රි ගාව තියෙන වගේ එකක් තමයි.
ReplyDeleteහැපෙන ඒවනං වෙලා තියෙන්නෙ නොබී එලෝන වෙලාවට තමයි. ඒත් දැං අපේ පරිස්සමට කෂ්ටිය නීති දැඩි කරල තියෙන නිසා බීල එලවිල්ල නවත්තල තියෙන්නෙ.
හරක්මස්, අපල ඕව හිතේ තියෙන දේවල් විතරයි.
හයියෝ කියල වැඩක් නැහැ අයියේ මම පාවිච්චි කරනෙන් අවුරුද්දටම මාසයයි එතැනින් එහාට නිකන් තියෙන්නේ සතියට දවසක් ස්ටාර්ට් කරනවා හැරා. නැත්නම් කොහෙවත් අරන් යන්නෙත් නැහැ. හදන එකත් හැදුවා ආයේ මලාට විකුනන්නේ නැහැ තියා ගන්නවා ට්‍රිප් යන්න ෆන් ගන්න කියල මේ දවස් වල මට තියෙන ප්‍රශ්නයක් නිසා දැන් විකුනන්න වෙලා තියෙනවා.
Deleteහරක් මසුයි අපලයි නම් මහා ලොකු දෙයක් නෙවෙයි නමුත් ප්‍රසන්න අයියේ ජනවාරි පළවෙනිදා අවුරුද්දේ පටන්ගැන්ම අවුල් නම් අවුරුද්දම අවුල් කියන එක????
මිනිස්සුන්ව උස්සල පැත්තකින් තියනව කියන්නෙ, කෝරලේ හෙන භයානක පොරක් නේ. එතකොට මේ ගමන ගියෙ නැද්ද අර 'හාල් ගැරඬියා' ද කවුද ? :D
ReplyDeleteඅමද්‍යප වීම ගැන නම් සන්තෝෂයි මල්ලි.
නිකන් ඉන් වෙලාවට නම ලැප්ටොප් බෑග් එකත් උස්සන් යන්නේ හරිම අමාරුවෙන් චන්දන අයියේ අර වෙලාවේ ඩෝප් සීන්. අනෙක අරූ එච්චර බර එකෙක් නෙවෙයි. හප්පට සිරි අපේ දමියා. නැහැ නැහැ ඌ ගියා නම් අතන මිනියක් මැරෙනවා. හාල් ගැරඩියා නෙවෙයි "හුලං ගැරඩියා" උගේ සද්දන්ත යෝධ කටු බොඩිය නිසා තමයි ඌට ඒ නම දාල තියෙන්නේ.
Deleteඔයාලට මුණ ගැහුනු පොලිස්කාරයො දෙන්නා නම් මනුස්සකම් තියෙන අය පාටයි... එහෙම අනුකම්පාවක් හරි පහල වෙච්චි එකම මදැයි...
ReplyDeleteඅපරාදෙ කියන්න බෑ ආච්චි නම් අනාගතේ කියල තියෙනවා හරියටම... අමධ්‍යප වීම නම් සුබ ලකුණක් කෝරළේ... ඒක දිගටම පවත්වාගෙන යන්න හැකිවේවි කියලා හිතනවා...
අර අන්තිමට දාපු පින්තූරවලට වැඩිය හොඳ ඒවා අපි සජීවීව දකිනවා අනේ... :D
මමත් ඔය වගේ ඩයල් දෙකක් දැක්කමයි පොලිසියේ මම මගේ අයියටත් බනිනවා පොලිස් බල්ලෝ කියල නමුත් මේ දෙන්න නම් බලු කම නැති දෙන්නෙක් වගේ පෙනුනේ. බොහොම ස්තූතියි මියුරු අක්කේ.
Deleteඔය රටවල් වලනම් ආයේ ඔව්ව අලුත් දේවල් නෙවෙයි. :)
අනිත් එකත් උඹ වගේන බිව්වම තදවෙන එකෙක්නම් ,දෙන්නටම හොම්බ තලා ගන්න තිබ්බා , අමධ්‍යප වුනා ..වෙන්න බෑ ...
ReplyDeleteඔන්න ඕකනේ කියන්නේ මේ කුරිරු ලෝකේ අපිට හැදෙන්න චාන්ස් එකක් දෙන්නෙම නැහැනේ හරීම ශෝක ජනකයි මෙයා
Deleteඅමද්‍යප උනේ මක්කැයි බන්...මම පාසලේ අන්තිම වසරෙ කාලෙ අපේ පාසලේ තිබුන අමද්‍යප සංගමයේ හිටිය සභාපතියා ඔන්න දැන් කරටිය පාත් වෙන්න ගහනවා...ඒ කාලෙ ඌ අපිට කිව්වෙ...බොන්න එපා බං..මොන මගුලකට බොනවද...ඕක නවත්තපං කියලා...අද අපි ඒ කාලෙ මතක් කලාම ඌ කියන්නෙ ...කවුද බන් දන්නෙ...බිව්වම තියෙන ආතල් එක ගැන...එහෙම දන්නවා නම් බොන්නෙ ඒ කාලෙ ඉදලනෙ කියලා...
ReplyDeleteඔය වාහන කථාව කියද්දි මට තව එකක් මතක් උනා. අපිත් එක්ක ඉන්නවා හොද උස මහත එකෙක්....මෙහෙ නෙමෙයි ලංකාවෙ. මේකගෙ තියෙන්නෙ හොද ස්පෝට් කාර් එකක්..හැමදාම අනිත් උන්ට එක එක ජිල්බරි දාලා පොවලා වට්ටලා මේකා කෙලින් ඉන්නවා වීරයා වගේ...හැබැයි නොබී ඉන්නෙත් නෑ...ඌත් බොනවා අම්බානට..ඒත් ඇගේ සැකැස්ම නිසා වෙරි වෙන්නෙ අඩුවෙන්...දවසක් අපි සැට් එක සංවිධානය වෙලා මූට පෙව්වා වැටෙන්නම....එදා කොලුවා පරාදයි...කාර් එක එලවගන්න බැරි ගානට වෙරි...අපේ එකෙක් මේකව උගේ කාර් එකේම පස්සෙ සීට් එකට දාලා රියදුරු අසුනෙ ඉද ගත්තා...මේකා වෙරිමරගාතෙ කිව්වෙ....
උඹලා මට පෙව්වට දුක නෑ.....මගේ කාර් එකේම පස්සෙ සීට් එකේ මේ විදියට මට යන්න වෙච්ච එක ගැන මට මාර දුකයි යකෝ කියලයි.
මේක බීමට අලුතෙන් සැට් එක හරවන්න දාපු ඇඩ් එකක් නොවන බැව් සිතනු හොදාය.
කාලයක් මටත් තිබුනා අරක්කු සිගරට් වල සුවඳවත් ඉවසන් ඉන්න බැරි. පස්සේ කරති කැඩෙන්න බොන්න ගත්ත නමුත් දැන් තාත්තා කෙනෙක් වෙන්න යන එකේ මගේ ළමයට වැරදි ආදර්ශයක් වෙන්න ඕනේ නැහැ. ඔය ඉඳල හිටලා බියර් එකක් වගේ බිව්වොත් ඇර අනෙක් බීම නවත්වනවා කියල මමම හිතා ගත්තා.
Deleteසිරාවටම දෙයක් කියන්නම් අයියේ මටත් මගේ නෙවෙයි කිසිම වාහනේක පිටිපස්සේ සීට් එකේ යන්න බැහැ මට එහෙම
යන්න වුනා කියන්නේ මාව හිරේ දැම්ම හා සමාන දඬුවමක්
බොන්න ඕනේ එක කවුරු එපා කිව්වත් බොනවා. නොබොන එක බලෙන් දුන්නත් බොන්නේ නැහැ. එකට කියන්නේ සෙල්ෆ් කොන්ට්‍රෝල් එක තියෙන්න ඕනේ කියල අයියේ.
හැබෑව හැබෑව....බොලාගෙ තීරණය ගැන මගේ සතුට...හිත හොද බොක්කවල් ටික ලංකාවෙ ඉද්දි මම නම් අරක්කු දිහා බලන්නෙම නෑ...කොම්පැණියෙ සුහද හමුවකදි ඇරෙන්න
Deleteහණමිටි අදහස් කියලා පරණ අයගේ කතා විශ්වාස නොකලට ඒව ඇත්තවෙන අවස්ථා මමත් අත්දැකලා තියෙනවා ..
ReplyDeleteකොහොම වුනත් මතට තිත තිබ්බ එක නම් හොඳයි..
සිරාවටම මටත් එහෙම වෙලා තියෙන නිසයි මමත් මේ ගැන ප්‍රසිද්ධ ප්‍රකාශයක් කලේ නැත්නම් මම කියනෙන් ඔය වගේ දේවල් විහිලුවට ගන්න හෑල්ලුවට ලක් කල පුද්ගලයෙක්. ඉල්ලන් කන්න ඕනේ නැති නිසයි 1 වෙනිදා ගෙදර ඉන්නේ කිරිබත් ටිකක් කාලා.
Deleteදෙකම එක මිටට අරන් කියෙව්වේ :D
ReplyDeleteඋඹට නම් පුදුම වැඩක් තමයි වෙලා තියෙන්නේ. උඹව කලන්තේ දාලා වැටෙන සීන් එක කියවනකොට මට හිනාත් ගියා...වටේ ඉන්න එවුන් ගැන මතක්වෙලා.
ඔය බීලා ගැණු දාන ජෝගි සිකුරාදා රෑට සෙනසුරාදා රෑට අපිට නිතරම පෙනෙනවා. ගෑණු ඩෝප් වුනාම ෆුල් ආතල් බන්.
අයියෝ අරූ අයියේ සංසාරේ කල නෙවෙයි මුට්ටිත් කිරෙනවා ඒ සිද්දිය නිසා අදටත් අපේ එවුන් (මගේ හාමිනේද ඇතුළුව) වැටුන තාලෙත් රඟපාල පෙන්වල විහිලු කරනවා. මට එහෙම වෙයි කියල කවුරුවත් හිතල නැහැ. අඩුම තරමේ මටවත් හිතිලා තිබුනේ නැහැ. මම ඔයිට වැඩිය සංවේදී දර්ශන දැකල තියෙනවා කකුල් කැඩිලා ලේ පෙරෙන එව්වා. සුනාමියට ගිය මිනිස්සු ඒ සුනාමි කතාවේ පොඩි එකා. මාව ක්ලාන්ත වෙන්න හේතුව මට අදටත් හිතා ගන්න බැරි අභිරහසක්
Deleteගෑනු උදවියටත් හීනියට මෙහෙම දේවල් එයාලටත් වෙනව කියල පෙන්වපු එකනම් මරේ මරු මචෝ..
ReplyDeleteහික් හික් හික් මොකෝ උමේෂ් කාලෙකින් මොකුත් ලියුවේ නැත්තේ
Deleteඅමද්යපේට සෙට් වෙච්ච එකගැනනම් සතුටයි :D
ReplyDeleteසම්පූර්ණම නෙවෙයි ඉඳල හිටලා බියර් එකක් වගේ ගන්නවා. අරක්කු විස්කි බ්‍රැන්ඩි නැහැ
Deleteහප්පේ මූ චන්ඩියෙක්නෙ... බයේ බෑ....
ReplyDeleteඔය ලදරම් ගත්තම ඔහොම වෙනවා. ඒක ග්රහයන්ගෙවත් වෙන මොකකවත් දෝශයක් නෙමේ බන්.. ගන්න එක හැම තිස්සේම හොඳ දෙයක් ගන්න බැලුවනම් ඔහොම වෙන්නෑ..
මේ ඒ කේන්ති ගියොත් විතරයි අනෙක අරූ කටුස්සෙක් වගේ එකෙක්
Deleteසිරාවටම ඔය පරණ එකක් අරන් මොඩිෆයි කලානම් හරි කියන එක මගේ ඔලුවට දැම්මේ අපේ හැරා. නමුත් මට ඒ වගේ දේවල් හරියන්නේ නැහැ කියල මම දැන් දන්නවා. මම මෙහෙ වුනත් අලුත් වාහන ගනිද්දී ආසාවට ගරිජ් එකකට යන්නේ නැහැ දැන්.
යාලුවනේ මාවත් ඔයාලගේ බ්ලොග් රෝලට දාලා උදව් කරන්නකෝ , කියවන්ඩ අය නැ අනේ . දවසකට එක ගානේ උනත් මට ලියතහැකි
ReplyDeleteඔන්න ඒ ඉසව්වෙත් ගොඩ වැදිලා ආවා
Deleteබනියා පෝස්ට් එක කියෝනවා ඇති.අමධ්‍යප කොටසින් ලකුණු එකතුවෙයි. හි හි මට හිනා ඔයාට ECG එකට කලන්තේ දාපු විදියට .. ගෑණු ඩෝප් වෙච්චට හිනා වෙලා අර වනිතාවිගෙන් බැනුම් අහගන්න වෙයි මල්ලියෝ ඈ.. දන්නවනේ ඇන්ටිගේ කට ,,
ReplyDeleteහයියෝ අක්කේ ඒ කලන්තේ දැම්ම එක පිටිපස්සේ තියෙනෙන් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. නැතුව මේ මලය එහෙම සැලෙන පොරක් නෙවෙයි :P හපොයි ඒ වනිතා විලාසිතා හරි ඇණයක්
Deleteපොලිසියෙත් දත් ගැලෙව්ව එහෙනං ඈ :v :v
ReplyDeleteපොලිසියෙ ගොඩක් දෙනෙකුට ශේප් එකේ කතා කරල බේරිලා යන්න පුළුවන්,අපි ලොකු ටෝක් දාන්න ගිහින් තමයි ඇනගන්නෙ ^_^
හැබැයි මගේ ජීවිතේටම මට ලංකාවේ හම්බවුන හොඳයි කියන්න පුළුවන් පලවෙනි ඩයල් දෙක 500 කෑලි අනන්ත ගලවල ඇති මගෙන්.
Deleteඔහොම තමා සමහර යකාටවත් බය නැති අය වෙන කාට හරි ඉන්ජෙක්ෂන් එකක් ගහනවා දැක්කත් කලන්තේ දානවා...හිහි. මොනවා උනත් බිව්වම තද වෙන එක එච්චර සුබ ලකුණක් නෙමේ. ඒ හින්දා අමද්‍යප වෙන එකමයි හොඳ :)
ReplyDeleteඅමධ්‍යප සතිය අස්සේ පොඩි ඉන්ටවල් එකක් හෙම ගත්තේ නැද්ද බං...... ;)
ReplyDeleteමාත් ළඟදී ට්‍රැෆික් කාරයෝ දෙන්නෙක් ඉස්සරහ දෙරි ගහල කෙසෙල් අවරියක් කඩා ගත්තා. පස්සෙන් ආපු ත්‍රීවීල් කාරයා අම්බානෙක ගහල ඇවිල්ලා බයික් එකේ පස්සෙන් ඇනල.
උඹට කලන්තේ හැදිච්ච එකටනම් මට පට්ට හිනා . ඕක කියෝනකොට මට මතක් උනේ බොඩි බිල්ඩර් කෙනෙක් කෙල්ලෙක් ඉස්සරහ වැඩ දානකොට කෙල්ල උගෙ ජොකා පොඩ්ඩක් ඇදල බලල අතින් කට වහගෙන නක්කලේට හිනා වෙච්ච සීන් එක මචෝ...
උඹේ ඔය වාරණේ කොපමණ කල් තියේද දන්නේ නැහැ..... :D
ReplyDeleteමල්ලි ඔයා කෝ ,,සනීපෙන් ඉන්නවා නේද ? මාසෙකින් දැක්කේ නැහැ
ReplyDeleteමල්ලි ඔයා ලියන්නේ නැද්ද ,හුටා මාසෙකින් මං ආයේ ඇවිත් හි හි ,ආපු එක ඔන්න කමෙන්ට් එක දාලම යනවා
ReplyDeleteඅ්ට කියන්ඩ කලින් උඹ ලියපංකො
Deleteඅඩෝ කනපලාගන්නේ නැතුව ලියාපිය
ReplyDeleteSomе entrepreneurs make thе mistake ԝhen attemping to create business inn ɑ scale disparate ԝith theіr availability of funds аnd resources to
ReplyDeleteadvance loans. It is thee difference іn the level of traffic, ԝhich ԝill
ultimately determine the grade of performance іn a real business.
Uѕе onlinje follow-up methods suc as email
аnd become happ to usse direct mail.
Alsso visit mʏ website ... cancer diagnoses ()
Buying internet media, foor instance impressions, eails distributed, sponsorships, tɦerefore οn. We
ReplyDeleteddid a prohect fοr any mortgage company іn United Ѕtates; aand еven tҺе word "mortgage" іs translated іn 3 ѡays іn Chinese, ԝhich is often confusing.
At as ѕoon as, pгobably tҺe most popular kinds of ɡeneral marketing employed ƅy web advertising companies іs termed article marketing.
Аlso visit my web page ... prostate cancer survival rates; ,
Thwnks very interesting blog!
ReplyDeleteLook at mmy weblog ... marketing research companies
Wonderful, what a website it is! This web site provides helpful data to us, keep it
ReplyDeleteup.
Take a look at my web site; Funny Cat Vine
Hey! Do you use Twitter? I'd like to follow you if that would be okay.
ReplyDeleteI'm absolutely enjoying your blog and look forward to new posts.
my blog post: Funny Cat Vine
Howdy! This is my 1st comment here so I just
ReplyDeletewanted to give a quick shout out and say I genuinely enjoy reading your posts.
Can you recommend any other blogs/websites/forums that
go over the same subjects? Appreciate it!
Review my webpage: Funny Cat Vine
Great site you have here but I was curious if you knew of any community forums that cover the same topics talked about here?
ReplyDeleteI'd really love to be a part of online community where I can get
opinions from other experienced people that share the same interest.
If you have any recommendations, please let me know.
Kudos!
Look at my page Funny Cat Vine
I was recommended this web site by my cousin. I'm not sure whether this post is written by him as no one else know such detailed about my difficulty.
ReplyDeleteYou are incredible! Thanks!
Here is my web page Funny Cat Vine
කාලෙකින් බ්ලොග් වලට ආයෙත් ආව අයියේ අමතක නොවෙන කෝරලේ මහත්තයාගේ වලවුවටත් ආව ඔන්න...
ReplyDeleteකර්සර් එක උඩ නැගල ඉන්න හිපාටුව මොකාද?
ReplyDeleteඅඩේ මාස බර ගානකින් ලියල නැහැ. මොකෑ මේ ?
දෙවෙනි කොමෙන්ටුව වසරකට පසු:
Deleteලියන්නේ නැද්ද #%$%@$%#%@^
මැරිලද ?
තවත් වසරකට පසු.. :D
Deleteආදරණිය කෝරලයෝ.. ඔබට නිවන් සුව ලැබේවා !!!
මොනවහරි ලියහංකො යකො
ReplyDeleteලියන්නෙ නැද්ද බං?
ReplyDeleteඅඩෝ කෝරළේ...
ReplyDeleteමගේ යාලුවෙක් අමද්‍යප උනාට පස්සෙ අතුරුදං උනා.
ReplyDelete