අද මට මේ කතාව ලියන්න හිතුනේ දේශාගේ ඩයරි කතාව දැකලා. මේක වෙලත් දැන් අවුරුදු 10ක් විතර වෙනවා. මාව මේ කරදරේ දැම්මේ වෙන කවුරුවත් නෙවෙයි මගේ මස්සිනා හුළං ගැරඬියා තමයි. මු ඒ දවස් වල ඔය ලස්සන ලෙදර් කවරයක් තියෙන ඩයරියක් පැන්සලකුත් එක්ක යන යන තැන අරන් යනවා ඕකා කොහොමත් සුපිරි කළා කාරයා. කෙනෙක් දිහා බලාගෙන ඒ කෙනාව පැන්සලෙන් ඒ විදියටම අඳින්න පුළුවන් හැකියාවක් පොරට තියෙනවා.
( මේ වගේ නිර්මාණ තමයි ඉතින් වැඩිපුර කලේ. කොහොමත් කළා කාමියනේ )
ඒ වගේම නිසඳැස් පුදුම විදියේ ලස්සනට ලියන්නට හැකියාවක් තියෙනවා. මොකද මිනිහා ඒ දවස් වල ඉඳන්ම ප්‍රේමයේ විරහව ද මොකක්ද කියන එක උපරිමේට විඳින පොරක්. ඒ ගැනත් නොලිව්වොත් මෙතනට අඩුපාඩුවක් වෙන නිසා ලියන්නම් කෝ.
මුන්ගේ ගෙවල් ළඟ ඉන්නවා සුදු කෙල්ලෙක් පොඩ්ඩක් ඉතින් ලස්සනයි තමයි. මූට වැඩිය අවුරුදු 4 ක් විතර බාලයි. හැබැයි තියෙන එකම පරහා මේකී කොටයි. දමියා අඩි 6 කටත් වැඩිය උසයි ඉතින් දෙන්නගේ උස පරතරේ අඩි දෙකහාමාරකට වැඩියි. තනිකරම රූකඩ කේස් එකක් තමයි මුන් දෙන්නගේ තියෙන්නේ.
කොහොම හරි අපේ මාමාගෙන් මු පොලු පාරවල් කොසු පාරවල් අනන්ත කාලා ඇති ඔය වැඩේ නිසා. කොහොම හරි කතාවේ ට්‍රැක් එක පැන්නනේ ඒකෙන් මේකෙන්. ඉතින් මු අතේ තියෙන ඩයරිය මට නිකන් නිධානයක් වගේ තමයි පෙනුනේ මු මේක පරිස්සම් කලෙත් ඒ විදියටම තමයි. කොහොම හරි අපේ ලොකු මාමගේ පිහිටෙන් මමත් හොයා ගත්තා ඩයරියක්. තරුණ සේවා සභාවෙන් දීපු එකක්. මමත් ඉතින් මේකේ එක එක කවි අනන් මනං ලිව්වා හැබැයි පරහකට තිබුනේ ලිව්වේ ඉංග්‍රීසියෙන්. දවසල් මගේ ඩයරිය බලලා දමියා කිව්වා මෙහෙම හරියන්නේ නැහැ බන් ඩයරිය තියෙන්න ඕනේ ලස්සනට මේ වගේ අකුරු නිකන් බල්ලොවත් කන්නේ නැහැනේ කියලා මමත් ඉතින් මුගෙන් ගුරුහරු කම් උපදෙස් ටිකක් පැතුවා මගේ වැඩේ ලස්සනට කරගන්න
කුමරි, සිරිකත, ඕන ඔය වගේ නානාප්‍රකාර පත්තර ගොඩක් ගෙනල්ලා දුන්නු දමියා මට ඒවගේ තියෙන කවි නිසඳැස් වගේ දේවල් ලියන්න කිව්වා. මමත් කොහොම හරි බොහොම අමාරුවෙන් අකුරු ගලපාගෙන මේ වයින් දෙකතුනක් ලිව්වා. පස්සේ මේ වැඩේ හරියන්නේ නැති නිසා දමියට කියලම තවත් කිහිපයක් ලියවා ගත්තා. ඇල්පිටියේ මාමලාගේ ගෙදරින් අපි ආවේ ලොකු මාමලාගේ ගෙදරට. එහෙත් දවස් කිහිපයක් නැවතිලා ඉන්න වෙන්නේ අම්මගේ සහෝදරයින්ගේ ගෙවල් වල දවසක් හරි හිටියේ නැත්නම් ආඩපාලි අහන්න වෙන නිසාලු අරහේ ගියා මෙහෙ ගියේ නැහැ අරව මේවා කියලා. ඉතින් අපි ලංකාවට බැස්ස ගමන් මුලින්ම කරන්නේ නෑ ගෙවල් වන්දනාවේ යන එකනේ. ආයෙම කතාවෙන් පිට පැන්නා.
මෙහෙ ආවම මට තිබුණු එකම වැඩේ අහල පහල ගෙවල් වල පොඩි උන් සෙට් එකත් එක්ක සෙල්ලම් කරන එක. දවසක් මම සෙල්ලම් කරද්දී එතන තිබුණු ඉස්කෝලේ පිට්ටනියේ. එතනට ආව අපේ ලොකුඅයියා (අර පොලිස් බුවා) සුදු මෙහෙ වරෙන් යන් අන්න තාත්තා එන්න කියනවා කියලා කතා කරා. මම පොඩ්ඩක් පුදුමෙන් බැලුවේ මොකද යකෝ මේ විදියට මු මට කතා කරන්නේ කියලා. පොඩි කුතුහලයකුත් හිතේ තියාගෙන බයිසිකලේට නැග්ගේ අර ඇහැටුල්ලගේ මූනවත් බලන්නේ නැතිව මොකද උගේ කටේ තිබ්බ කින්ඩ් හිනාව මට දැනටත් මතක් වෙද්දී කේන්ති යනවා.
ගෙදරට එද්දී ඔක්කොම සාලෙට වෙලා අපේ ආච්චි කම්මුලට අත තියාගෙන. අම්ම ඉන්නවා මූණ දෙක කරගෙන. තාත්තා නිකන් අබ අහුරක් දැම්මත් පුපුරන සයිස් එකට මූණ හදාගෙන ඉන්නවා අතේ මගේ ඩයරියත් තියාගෙන.
"මොනවද බොල මේ ලියලා තියෙන්නේ? "
මූණ හඳක් වගේලු අරක මේක වගේලු මේක අරක වගේලු...... යකෝ වයසටද මුගේ වැඩ? හප්පේ කොනක ඉඳන් බැනුම්.
මම දැනගෙන ලියපුවද කෙහෙල් මල කොහොමින් කොහොම හරි මගෙන් අගමුල හොයාගෙන දමියටත් බැනුම් අහන්න උනා නොසෑහෙන්න. එදා මෙදා තුර කවදාවත් මම නෙවෙයි ඩයරියක් පාවිච්චි කරන්නේ.
මුහුදෙ ඉන්නේ එක මාලුවද?
ReplyDeleteසත්‍ය ප්‍රේම බෘන්ග රාජයනේ
Deleteහැකැස්...
ReplyDeleteමමත් නොලියන්නෙම ඕක ගෙදර මිනිස්සුන්ට මාට්ටු වෙන හින්දා. ඇයි යකෝ එකේ තියන ඒවා දැක්කොත් හෙම වසලා හමාරයි ;)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ආයෙම රජාට යන එන මන් හම්බ වෙන්නේ නැත්තේ බ්ලොගේ දැක්කොත් තමයි. අපි ලියන ඒවා කියෙව්වොත් ගෙදර මිනිස්සු මැන්ටල් වෙනවනේ. හිකිස්.....:)
Deleteතොපි දන්නවද ගෙදර උන්ට අහු වෙන නිසා මම 9 වසරෙදි මගේ කුලුදුල් ට්‍රයි කරපු කෙල්ල ගැන ඩයරි එකක් ලිව්වා. සිංග්ලිෂ් වලින්.
Deleteඑයා කතාකරපු වචන පවා මම ලියල ඇති. (වැඩි කතාවකුත් නැහැ ඒත්)
ඒක කෙහෙද මන්ද බං. අහුවුනොත් පට්ට චා !!
අහුවෙච්ච දවසට සෑමාට මගේ ගානේ ලනුවක් එල්ලෙන්න. හිකිස්....... :D
Deleteහොඳම දේ තමයි කාටවත් අඳුර ගන්න බැරි භාෂාවකින ලියන එක.මම ඉස්කොලේ යන කාලයේ අපි යහළුවන් කිහිප දෙනෙකු එකතු වෙලා වෙනස්ම අකුරු ජාතියක් අපේ අකුරු වලට හරි යන්න හදා ගත්තා.ඒ වගේ හදා ගත්ත අකුරු වලින් ලියපු ඩයිරියක් තාමත් මගේ ළඟ තියෙනවා.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
එහෙම එකක් කරන්න මොලයක් තිබුනානම් කොච්චර එකක්ද අක්කේ? :)
Deleteහි හි හි ගයනිගෙ වැඩේ මමත් කරලා තියෙනවා. වැඩේ කියන්නෙ ඒ ඩයරිය මා ලඟ තවමත් තිබුනත් ඒකේ ලියලා තියෙන්නෙ මොනාද කියලා කියෝ ගන්න බෑ. මටම අර භාෂාව අමතක වෙලා ගිහින්..:b
Deleteඅර සීනි භාෂාව වගේද? ඒක නිකන් කෝඩඩ් ලන්වේජ් එකක් නේද?
Deleteකාටවත් මතක් උනේ නැද්ද අහන්න.. අනුන්ගේ ඩයරි කියවන්න ලැජ්ජ නැද්ද කියලා.. හි හි...
ReplyDeleteඔය කාලෙදි ඉතිං අනුකරණය කියන්නේ ඉහලින්ම කරන වැඩේනේ... නේද... හි හි
හප්පා එහෙම ඇහුවනම් මගේ නල දත් 4න් දෙකක් තුනක් වත් ගලවනවා. ඒ දවස් වල ඉඳන් මම නිතරම කරන්නේ ඔය අයියල සෙට් එක කරන දේවල්ම තමයි හැබැයි දැන් නම් උන් මම කරන දේවල් කරනවා. :)
Deleteඅපි ගහකට නැග්ගොත් එකෙත් දෙබලක් බං..........අපිටමනෙ බං වෙන්නේ......
ReplyDeleteඅනේ මන්දා කාට කියන්නද අයියෝ සල්ලි................
Deleteකෝරලේව දඬුකඳේ ගහන්න ඕන. නැතිනම් දිබි ගෝටයක්වත් දාන්න තිබුනෙ.
ReplyDeleteමගේ දඬුවම් මටම දෙන්න වගේ කල්පනාව නේද? :P
Deleteහැම අවුරුද්දම පටන් ගද්දී හොඳ ඩයරියක් හම්බුණත් ඒක ලියවෙන්නේ නැති තරම්. ඒත් මොකක් හරි වැඩකට සෙට් වුණාම ඒකේ ඕර්ගනයිසින් ඔක්කොම වගේ ලියන්න ගන්නේ ඩයරිය. ඒ වගේ වැඩකට විතරයි ඩයරිය පාවිච්චි වෙන්නේ
ReplyDeleteඩයරිය ලස්සනට පාවිච්චි කරන අයත් ඉන්නවා..... නමුත් අපේ ලංකාවේ ගොඩ දෙනෙක් පෞද්ගලිකත්වය කියන දේ දන්නේ නැහැනේ එකනේ අවුල
Deleteමමත් මේ අවුරුද්දේ ඉඳන් ඩයරියක් ලියන්න ගත්ත. සිරාවටම ඒක මාර ආතල් වැඩක්. එදා වෙන සිද්ධි ටික ලිව්වම, පස්සේ දවසක ආයේ බලද්දී මාර හැඟීමක් තියෙන්නේ.
ReplyDeleteලියල කියවද්දී තියෙන කික් එක නෙවෙයි බොල කට්ටියක් මැද්දේ ඕක කියවද්දී අහන ඉන්න ගියාම. අනෙක අහන් ඉන්න එවුනුත් සත්තුවත්තේ ඉන්න සතෙක් දිහා වගේ බලන් ඉන්නකොට සසර කල කිරෙනවා බොල
Deleteමමත් ඩයරි පාවිච්චි කරන්නෙ කවි ලියන්න තමයි හැබැහි සාමාන්‍යයෙන් ඩයරි පබ්ලික් කරන්නෙ නෑනේද
ReplyDeleteඑකෙන් පැනල වගේ මම නැති වෙලාවක නේ අල්ලාගෙන තියෙන්නේ කැත වැඩක් අදටත් ඔය ලොකු අයියලා මට කින්ඩිය දානවා ඔය සිද්දිය මුල්කරගෙන
Deleteඅපූරු චරිතයක් .හැබයි යමක් දිහා බලාගෙන ඒක චිත්‍රයට නගනවා කියන්නෙ නම් හැමෝටම කරන්න පුලුවන් දෙයක් නොවෙයි.හැබැයි විරහව වුනත් ගානකට තිබුනහම ඇති.කොයි දේ වුනත් ඕනවට වඩා ඕනම නෑනේ
ReplyDeleteඅන්තිම හරිය තමයි නැගලම යන්නේ.ආච්චිලා කම්මුලේ අත තියාගෙන ඉන්න ඇති ලෝක විනාසෙ නිව්ස් එක ආව වාගෙ
ඒක ඇත්ත මිනිහගේ තියෙන දක්ෂකම් බොහොමයක් දැන් යටවෙලා තියෙන්නේ මත වතුරටයි ගංජා කොලේටයි තමයි.
Deleteමු පස්සෙන් ගියාට ඒකි ගනන්ගන්නේවත් නැහැ.
ඊට වඩා දෙයක් මීටකලින් අහල නැහැ වගේ තමයි එයාලා හැසිරුනේ. හැබැයි මට නම් වහ කන්න හිතුනා
මම දේශකයගෙ පෝස්ට් එකට දාපු කමෙන්ට් එකේ කොටසක් මෙතන දානවා.
ReplyDeleteමමත් කාලයක් සිරාවටම ඩයරි ලිව්වා මගේ පරන ප්‍රේම පුරාණ ගැන. අර අලියා ගහන්න පන්නපු කතාවෙ මම ඒ එකක් තමයි ගාමිණීගෙ ක්වාර්ටර්ස් එකේ දාලා එන්නෙ.
පස්සෙ මම ඕවා ගිණිදෙවියන්ට පුදනවා අලුත් එකක් පටන් ගත්ත ගමං. හැබැයි අද තිබ්බා නම් ඒවා ඉංග්‍රීසි සාහිත්‍ය පෝෂනය
මාර කලා නිර්මාණ වෙනවට කිසි සැකයක් නෑ. :D
දේශකය සහ සෙන්නා වගෙ මමත් වෙනත් භාෂාවලින් ඩයරි ලියලා තියෙනවා. මමත් ඔය රුසියානු සහ ජර්මන් වලින් ඩයරි ලියලා තියෙනවා. හැබේයි රුසියන් අකුරු වලින් ඉංග්‍රීසියෙන් ලිව්වේ. ඒකෙදි ජර්මන් වගේ භාෂා ඥානයක් තිබ්බෙ නෑ. දැන් මතක නෑනෙ ඒවායින් වැඩි කොටස.
ඊට පස්සෙ ලිව්වා IPS -International Phonetic Symbols වලින්. ඔය ඩික්ෂනරි වල pronunciation දාලා තියෙන්නෙ ඒවායින්.
මේ අලුත් ටික.
අපේ ගෙදර විශේෂයෙන්ම තාත්තා නම් මගේ ඩයරිය එයාගෙ මේසෙ උඩ තිබ්බත් නෙවෙයි කියවන්නෙ. පෞද්ගලිකත්වය ගැන එයාගෙ තිබ්බෙ පුදුම ගරුත්වයක්. ඒත් අම්මා, නංගි හෙම නම් කියවන්න ඉඩ තියෙනවා.
විශේෂයෙන්ම ලියලා අවුරුදු දෙකක් යද්දි අර කලින් ලිව්ව දේ මාර බොළඳයි කියලා මට හිතෙනවා. උඹලටත් එහෙමද?
මට තාම හරිහමන් අදහසක් නැහැ ඩයරියක් ලියන්නේ කොහොමද කියන එක. මොකද ඒ කාලේ කලෙත් අර ඒ වෙලාවේ හිතට ආව ආසාවට මිසක් තේරුමක් ඇතිව නෙවෙයි.
Deleteඇත්තටම හරි බොළඳ වැඩක් තමයි මට නම් හිතෙන විදියට
ඩයරිය කියන්නේ අති පුද්ගලික දෙයක්නෙ බං..!
ReplyDeleteඒ කාලේ අවුරුදු 12 දී විටහ්ර ඔය දේ කිව්වනම් කන පලන් එන්න තිබුනා අයියේ :)
Deleteමම ලියන්න පටං ගත්තා විතරයි ගෙදරට මාට්ටු... හාහා පුරා කියල පළවෙනි පිට්ටෙම ලිව්වෙ කෙල්ලෙක් ගැන...
ReplyDeleteඒ කෙල්ලෙක් ඉන්දලානේ දුක නැහැ. මට මේ කෙල්ලෙකුත් නැතිව කොපි කැට් කරන්න ගිහින් කිට් කැට් උනේ හිකිස්......
Delete"කටේ කිරි සුවඳ වත් ගියේ නෑ.. හුහ්.. බලාපල්ලකෝ මුගේ කෙරුවාව.. ආව මෙතැන කයි ලියන්න.." :D
ReplyDeleteමං ඩයරි ලිව්ව කාලේ ලියපුවා වෙලාවකට මටවත් කියවන්න බෑ.. :D :D
හික් හික් හික් කොපි කිරිල්ල තමයි අයියේ.....
Deleteසිරාවටම මටත් ඔය ගතිය තියෙනවා. භාෂාව මොක උනත් ලියපුවා කියවන්න බැහැ
මමත් ඩයරියේ මොනවත් ලියන්නෙ නෑ... නම,ගම ලියල තියං ඉන්නවා... හැබැයි මගේ නමට එන වැදගත් ලියකියවිලි දාගෙන ඉන්නේ ඒකෙ.. නැත්නම් අමතක වෙනවා...
ReplyDeleteලියන්නේ නැතිව මොන දේ කලත් අවුලක් නැහැ. එහෙම තිබ්බම ආරක්ෂාවත් හොඳයි නේ :)
Deleteනරකද තමන්ගේම ඊ=මේල් දෙකක් තියාගෙන එකකින් අනිකට මේල් කරන එක. ආයි අල්ලනවා බොරු.
ReplyDeleteකමෙන්ට් එක දැම්මට පස්සෙ මේක දැක්කෙ. සුදීක අයිය හිතන්නෙත් මගෙ මොලෙන්මද ඇ
Deleteඒ කාලේ මොන ඉමේල්ද අයියේ ????? මේ සිද්දිය උනේ 2000 විතර
Deleteඅයියෝ ඩයරි! :P
ReplyDeleteහිකිස්.......
Deleteමම නම් ඔෆිස් එකේ වැඩ වලට පාවිච්චි කරනවා ඩයරිය, ඒක නැතුව මට අමාරුයි...ඒත් 8 වසරෙදි වගේ එකක් ලිව්ව මතකයි...
ReplyDeleteඔෆිස් එකේ වැඩ වලට පාවිච්චි කරන එක අවුලක් නැහැ ලේසි නිසා පෞද්ගලිකව තමයි අවුල
Deleteඔන්න ඕව්වට විසදුම් අපිනම් ඒ කාලෙම හොයා ගත්තා.. අන්න දේශකයගෙ එකේ කියලා ඇති..
ReplyDeleteහික් හික් හික් ඒ අයියලා මේ තේරුමක් ඇතිව ලියලනේ. අරූ කරනවට කරන්න ගිහින් තමයි මට ඔය දේ වුනේ.
Deleteමගෙ ඩයරිය තියෙන්නෙ ymail අකවුන්ට් එකක. දවසම drafts එකේ තියාගෙන අප්ඩට් කරල ෆෝන් එකෙන්ම send කරනව මේල් එකට.
ReplyDeleteමං මේ කල්පනා කලේ අද මතක් උන නිසාවත් ඒකෙ මොනව හරි ලියනවද කියල :p
හික් හික් හික් ඒ කාලේ මේල් ඇක්සස් තිබුනේ නැහැ දේශ මට. මේ දේ වුනේ 2000දී විතර. යාහු මේල් වුනත් ගන්න තිබුනේ සල්ලි ගෙවලා. ලියන්න ලියන්න මොනවා හරි
Deleteමම ඩයරියක් ලිව්වොත් ඉතිං පිටු දෙකයි නැත්තන් තුනයි!!!
ReplyDeleteනම ගම සහ ලියන්න ගත්ත දිනය එතනින් එහාට ඉවරයි
Deleteදැන් ඉතින් බනින්ට කෙනෙක් නෑනේ. ඒ හන්දා පාවිච්චි කරන්ට.
ReplyDeleteඩයරි එකක් හොඳයි තැන්, තැන් වල ඇවිදිනකොට.
හ්ම්ම්ම්ම් වටිනවා. දැන් නම් බනින්න එන්නේ නැහැ නමුත් අක්කේ දැන් පාන කියන දේ පාවිච්චි කරන්න හරි නුහුරුයි. කී බෝඩ් එකටම පුරුදු වෙලා.
Deleteඔව් බං ඒ වගේ කලාකාමියෝ හෙන රහයි ඒ දවස් වල. පෑනේන විස්කිරිංඤ චිත්‍ර අදින එක මාරම හැකියාවක්.. අපිට බෑනේ ඕවා...
ReplyDeleteමම අදටත් ඉරිසියාවේ පැලෙනවා. පොරගේ ඔය ටැලන්ට් එක මට නැති එක ගැන හිතලා.
Deleteඅරක මේක වගේලු.. මෙක අරක වගේලු .. අනේ මන්ද කෝක කෝක වගේද කියලා ... :P
ReplyDeleteදාල තියෙන චිත්තරේ නම් ලස්සනයි අපරාදේ කියන්න බෑ ..
මේකනේ ලකී. ඔය 2000දී විතර වෙච්ච සිද්දියක්. මගේ ජීවිතේ නොයෙකුත් රසවත් සිදුවීම තිබ්බත් ලියන්න බැරි හරියට මතකයක් නැහැ. ඔය එහෙන් මෙහෙන් මතක් කරලා ලිව්වේ.
Deleteඩයරි මොනවද බන්, හොරෙන් බලන වල් පත්තරයි. ප්ලේ බෝයි පොත් හිටන් මාට්ටු වෙලා තියෙනවා. ඒත් අනිත් උන්ට අහුවෙන්න තියන්න එපා කිව්වා මිසක් කවදාවත් මුකුත් කියලා නෑ. එක සැරයක් වල් පත්තරයක් ඉස්කෝලෙදි මාට්ටු වෙලා. තාත්තව එක්කන් එන්න කිව්වා. තාත්තා කිව්වා ඕවාවල වල් මුකුත් නෑනේ මැඩම් කියලා. මැඩම් තාත්තට බැන්නා ඇත්තටම ඔහේ මේ ළමයගෙ තාත්තද කියලා.
ReplyDeleteහික් හික් හික් මරුනේ මාතලන් අයියේ අපේ තාත්තලා එහෙම නැහැනේ අපේ කරුමෙට.
Deleteමමනම් ඩයරියේ ලියන්නේ මගේ ව්‍යාපාරික කටයුතුවල දේවල් පමණයි වෙන කෙනෙක් බැලුවත් තේරෙන්නේ නැහැ ඒ නිසා
ReplyDeleteඒ වගේ දේවල් වලදී අවුලක් නැහැ. මොකද ඒ බිස්නස් වැඩ වලට අනිවා ඩයරියක් තියෙන්න ඕනේ
Deleteබ්ලොග් එකත් එක්තරා විදියක ඩයරියක් වගේ නේ මලයා..
ReplyDeleteසිරාවටම අයියේ බ්ලොගේ කියන්නෙත් පබ්ලික් ඩයරියක් තමයි කිව්වත් වගේ.
Deleteනෑ නලින්. ඒක සාපේක්ෂ දෙයක් මං හිතන්නේ. මොකද සමහර බ්ලොග් වල තියන සටහන් ඩයරියක තියන සටහන් එක්ක ගැලපෙනවද? උදාහරණයකට ඩයරියක රෙසිපියක් තියෙන්න පුළුවන් ඒත් දේශපාලන ලිපි ලියන්නෙ නෑ නේ.
Deleteඒ උනාට අයියේ සමහර පෞද්ගලික බ්ලොග් අඩවිනම් ඩයරි වගේ තමයි කවි නිසඳැස් වගේ දේවල් පුරෝලා
Deletehapoi wechcha wadak
ReplyDeleteහික් හික් හික් මොනවා කරන්නද නංගි කරුමේ කියන්නේ ඕකට තමයි. :(
Deleteමං නම් ඩයරි ලියන්නේ නෑ.. මහා බෝරිං වැඩක් ඒක. මට ඇල්ලුවෙම නැති දෙයක්.
ReplyDeleteඒකත් අර නිකන් ගංජා ගැහුවා වගේ කේස් එකක් තමයි පුරුදු උනොත්
Deleteනොදන්නා දෙමළෙට හිහින් වරිගේ නහගෙන නේ බන්.
ReplyDeleteකියලා වැඩක් අයියේ අපි නැග්ගොත් පුවක් ගහෙත් ඩබලක්
Deleteමගේ කමෙන්ට් එක ස්පෑම් වෙලාද බලන්න කෝරළේ මහත්තයෝ
ReplyDeleteදැන් හරි අයියේ ඔන්න දැන් දැම්මා
Deleteඩයරියා කියන්නෙත් ඔය ඩයරිය වැඩිපුප් පාවිච්චි කරන්න ගිහිල්ල හැදෙන ලෙඩක් නොවැ :P
ReplyDeleteහරියටම හරි මලයෝ ඔය කිව්වේ ලෙඩේ හරියටම :D
Deleteහිකිස් හොදම වැඩේ ලොකු අයියාට. අහා මාත් ඩයරි ලියනවා. අපේ අම්මානම් ආසවටවත් මගේ ඩයරියක් අල්ලන්නෙ නැ. බැලුවොත් ඉතින් ඉදලා හමාරයි තමයි.
ReplyDeleteඇයි වැඩිහිටියන්ට පමණයි ඒවත් ලියල තියනවද ඒකේ...
Deleteහික් හික් අම්ම ඒක දැනගෙනමද කොහේ තමයි අල්ලන්නේ නැත්තේ.
Delete@ නලින් අයියා අපෝ.... මේ තාම පොඩි කෙල්ලෙක්
හෙහ් හෙහ් ;)
Deleteමාත් ඩයරි නම් ලියන්න පටන් ගන්නවා. ඒත් කවදාවත් ඉවර කරලා නම් නැද්ද කොහෙද?
ReplyDeleteඑකක් ඉවර වෙනකල් ලියල බලන්න :D
Deleteඅපේ class එකට ආවා වබලක් ,වබල්ක් කියන්නේ කෙල්ලෝ දෙන්නෙක් කතා කරන්නේ සීනි,වීත කියන බෂා වලින්.ඒ කලේනම් මටත් පොඩ්ඩක් පුළුවන් අපි ඉස්සර ඒ දෙන්නා කතා කරනවා බලාගෙන හිනාවෙනවා
ReplyDeleteඔය සීනි භාෂාව මමත් ඉස්සර ගන්න මාර ට්‍රයි එකක් දුන්නා අල්ලගත්තට පස්සේ ලේසියි.
Deleteහික්ස්
ReplyDeleteමම නම් දැන් ඩයරි පාවිච්චි කරන්නේ දවසේ වැඩ සැලසුම් කරගන්න විතරයි..
ඒක නම් හොඳම විදියක් ඩයරියක් පාවිච්චි කරන්න
Deleteනොදන්න ඩයරි ලිවිල්ලට ගිහින් වරිගේ නහා ගත්තා වගේ කියන්නේ ඕකට තමා :D :D
ReplyDeleteහැබැයි අනුන්ගේ ඩයරි කියවන එකනම් හොඳ දෙයක් නෙවේ නේද?
අන්න එකනේ මලේ දුක. හැබැයි ඒ කාලේ පොඩි නිසා ඉතින් මොකුත් කියන්න බැහැ
Deleteමූන හඳ වගේ කියපු එකනම් අවුලක් නෑ කියමුකෝ. අර අනිත් උපමා උපමේය මොනවද කියන එක තමයි සැක
ReplyDeleteහික් හික් හික් අනේ මන්දා අක්කේ තනිකර අරූගේ කොපිය කියන එකනම් පැහැදිලිවම කියන්න පුළුවන්
Deleteවෙන වැඩ නේද..ඩයරියක් නැතුවට ඒ වගේ එකක් වැඩේට නියමයි.
ReplyDeleteඑකනේ කියන්නේ අපි නැග්ගොත් පුවක් ගහෙත් ඩබලක් කියලා
Deleteඅන්න හරි දිනේෂ් අයියේ..... හිකිස්........
අම්මපා මුගෙ වයසටද වැඩ ඈ.....
ReplyDeleteඅනේ බොල පොඩි එකෝ...... කිව්වයි කියල හිතාගන්නවා....:P
Deleteඅප්පෝ ඩයරි ලිවිල්ල මහ විනාසයක්
ReplyDeleteසුනාමියක් වගේ තමයි බැනුම් ගංගාවයි :)මොකෝ අටමිට අහු උනාද ඩයරිය
Deleteමමත් ඩයරි ලියන්න පටන් ගන්නවා අවුරුද්ද මුල.... හැබැයි ඉතිං ඔය වැඩේ නැගල යන්නේ වැඩිම වුනොත් මාසයයි. ඊට පස්සේ ඩයරිය හිස්.... කවදාවත් එක දිගට ලියන්න බෑ.... අර කවුරු හරි බලයිද කියන බයත් තියෙනවනේ.... ඒ නිසා මේ අවුරුද්දේ ඩයරියක් ගැන හිතුවෙවත් නෑ......
ReplyDeleteඑක දිගට ලියන්න ගන්නවා කියන්නේ එක්තරා විදියක ඇබ්බැහි වීමක්
Deleteබොට හොද වැඩේ,, මම නම් ඩයිරි ලියන්නේ නැත්තේ කම්මලිකමට :D
ReplyDeleteමම නම් කොහෙත්ම ලියන්න කැමති නැහැ. ටයිප් කරනවානම් ඔන්න අවුලක් නැහැ
Deleteආනේ මං මේකට කොමන්ටුවක් දැම්මනෙ ඈ..දාලා නැද්ද
ReplyDeleteඔය ඩයරි ලියන කෙරුවාව මටත් හරි යන්නෙම නෑ නෙ කෝරලේ මහත්තයො
(කාලෙකට පස්සෙ ආවෙ ..අයියට අමතක නෑ නෙ අපිව. ආයෙ කතාව ලියන්න ගත්තා. ඒ පැත්තට ඇවිත් අඩුපාඩු හොද නරක කියලා යන්න එන්න )
හප්පේ නිෂි කාලෙකින් දැක්කේ ඉතින් කොහොමෙයි? එන්නම් එන්නම් ඇවිත් යන්න :)
Deleteමමත් 8 -9 පන්තිවල දි විතර ඩයරියක් ලිව්වා. ඉස්කෝලෙ කොල්ලොත් එක්ක කරපු කුපාඩිකම් ඔක්කොම ඒකෙ ලියලා තිබුනා. දවසක් මම කොහේද ගිහිල්ලා එනකොට අපේ තාත්තා හාන්සි පුටුවෙ දිගෑදිලා ඒක කියවනවා. හැබැයි වචනයක්වත් කිව්වෙ නෑ. මූ හදන්න පුලුවන් එකෙක් නෙමෙයි කියලා තාත්තට හිතෙන්න ඇති.
ReplyDeleteහම්මපා හැදෙන ගහ දෙපැත්තෙන් හැදෙනවා කියලා තාත්තට හිතෙන්න ඇති. මේ පාර මම ගිරිතලේ එන්න හිතන් ඉන්නේ ජුලි වල.
Delete
ReplyDeleteඕන් මමත් කෝරලේ මහත්තයාගේ වලව්වට ගොඩ වැදුනා පුංචි සටහනකුත් එක්කම. ඩයරි කථාව කියවූ මට පරණ පුංචි විහිලු කථාවක් මතක්වුනා ඒ දවස්වල අහපු... මං ඔන්න ඒකත් ඔහේ කුරුටු ගාන්නම්කෝ... (ඇතැම් විට ඔබ මෙය කලින් අහලත් ඇති.)
ඔන්න ...අයින් කරලා තිබුණු ඉතා පැරණි මගී ප්ර්වාහන නෞකාවක අබිලි වෙලා තිබුණු රාක්කෙක තිබිලා දුර්වර්ණවී තිබු පරණ දින පොතක් හමු වුනාලු නැව සුද්ද පවිත්රී කල අයෙකුට. බැලුවම ඒක අයිති වෙලා තිබිලා තියෙන්නේ වසර බර ගානකට ඉහත ඇමරිකාවේ හිටිය ඉතා රූමත් ජනප්රිටය නිලියකටලු. මෑන් දිනපොත ටිකක් පෙරලලා බලනකොට අන්තිමට වන්නට ලියලා තියෙනවාලු නැවේ ගමන ගැන පහත අයුරින් තොරතුරු;
අද අපේ දින 14 ක නෞකා චාරිකාව ඇරඹි අතර අහම්බෙන් හමු වූ නැවේ කපිතාන් මා සමග කථා කලා.
අද ගමනේ දෙවන දවස. ඈත සිටි කැප්ටන් මා දෙස අමුතු විදිහකට බලා සිටියා.
තෙවන දිනය වන අද කැප්ටන් මා හා සමග දීර්ඝ වේලාවක් කථා කරමින් සිට මා හට අයුතු යෝජනාවක් ගෙන ආ අතර මා එක හෙලාම එය ප්රහථික්ෂේප කලෙමි.
සිව් දිනය වූ අද දින කැප්ටන්ගේ යෝජනාවට මා එකඟ නොවුනහොත් නැවේ සිටින සියලුම මගීන් සහ කාර්යමණ්ඩලය වූ 450 ක් පිරිස සමඟ නෞකාව ගිල්වා දමන බවට තර්ජනය කලා.
ගමණේ පස් වැනි දිනය වන අද නෞකාවේ සිටින සියලුදෙනාටම විශේෂ දිනයක් වන අතර මා හට ඉතා සුවිශේෂී දිනයකි. ඒ අන් කිසිවක් නිසා නොව මාද ඇතුලත්ව ජීවිත 450 බේරාගැනීමට මා සමත් වීමයි....:P
එහෙමනම් ඉතින් පරණ ලිපිත් ඉඩ කඩ ලැබෙන විදිහට රසවිඳින්න; ගොඩ වෙන්නම් කීවා ඕන්....
සාදරයෙන් පිලිගනන්ව ගමේ හිතවතාව. ඉතින් බලන්නකෝ ඒ නිළිය කරලා තියෙන ශේෂ්ට කාරයභාර්ය. හික් හික් හික් නිවාඩු පාඩුවේ ගොදවදිලා කියවන්න කෝ.
Deleteමම නම් වෙලාවට ඩයරි පාවිච්චියක් නැහැ. නීකම් නාගන්න ඕන නෑනේ. අවදානම බොහොම වැඩියි, පාස්වර්ඩ් දාන්න බෑනෙ. හැබැයි දැන් ඉතින් ගූගල් කැලන්ඩර් තියෙනවනෙ.
ReplyDeleteඔන්න ඕකයි පුස්නේ ලහිරු.... පාස්වර්ඩ් තියෙනවනම් ඩයරියත් මසුරන් කිව්වා.
Deleteසු දී ක ගේ අයිඩියා එක මරැ.....D = I = A = R= Yකියන්නේ "ඩාලිං අයි ඕල්වේස් රිමේම්බර් යූ....! " ළු නේ.. මම නම් මගේ අතිශයින්ම ප්‍රයිවට් සීන් ඒකේ ලියන්නේ නෑ (ලිව්වත් short forms වලින් තමා ලින්නේ...!) නොලියා ඉන්නත් බෑ නේ....now its my habit වේලා....
ReplyDelete