හික්.. හික්... හික්.. සුභ දවසක් වේවා කිව්වා ඔක්කොටම!. ඊයේ වගේ වැදගත් දවසක් සිහිපත් කරලා පොස්ට් එකක් දැම්මේ නැත්නම් හිතට මොකක්ද මොකක්ද වගේ. ඇත්තටම ඊයේ දීලා තිබුණු වැදගත් දිනේ කල් ගිය බව මාරයා පොස්ට් එකක් දැම්ම උනත් උන්දැගේ උපන්දිනේ කොහොමද එහෙම කල්දාන්නෙ කියලයි හැමෝම අහල තිබ්බේ. අනෙක අපේ අඩවි රජාත් ඒකාගේ තහනම් අඩවිය අපිට තහනම් කලාපයක් කළා ඊයේ දිනේට විතරක්. ඒ විතරක්ද අපේ මඩිස්ස ලියන නිශාන් මලයත් අවසන් ලියුමයි ඔබට ලියන්නේ විරහ කඳුළු රැඳී පෑනින් කියලා පොතක් පෙරලලා තිබුනා. තව පැත්තකින් අපේ අවතාර් කොහේදෝ ඉන්න මෝඩ ඇනෝවෙක් තවත් මෝඩයා කරලා කුජීත කරලා තිබුනා. ඔය එක බොරුවකටවත් අහුනොවී එඩිතරව නිර්භයව සිංහයෙක් (ලාගර් එකේ ඉන්න) වගේ හිටපු මාව වන් ෂොට් මෝඩයෙක් කලේ අපේ යසියා. උගේ මොලේ පෑදිලා දැන් හනි බනි කැරට් අල දෙකක් දීලද කොහේ. ඔයාලත් ගිහිල්ලම බලන්නකෝ මුගේ මගඩියේ තරම. බැලුව අය දන්නවා ඇති මොකක්ද ට්‍රික් එක කියලා. කිච වෙන එකේ නිකන් තනියම කිච වෙලා හරියනෙන් නැති නිසා වෙන කෙනෙකු කිච වෙච්ච දෙයක් ගැන දාලා මගේ ගරු නම්බුව (එහෙම එකක් තියෙනවද???? :O) බේරා ගන්න තමයි මේ අසරණ උත්සාහය.
ඔන්න අපි කතාවට බහිමුකො. මම මගේ කතා තුලින් විවිධ චරිත හඳුන්වලා දීලා තියෙනවා ටිරා, දමියා, උදය වගේ මේ කතාවේ ප්‍රධාන චරිතේ පොඩ්ඩක් විශේෂ චරිතයක් දැන් අහන්න යන්නේ මොකක්ද ඔය තරම් විශේෂෙ කියලනේ. මෙයා හරි ප්‍රසිද්දයි දවසේ
ඔන්න දවසක් හැන්දෑවේ 7 ට විතර ලිලි අක්කා එයාගේ හබියා චන්දරේ අයියත් එක්ක යනවා මේ කිට්ටුව පාත තියෙන Satwa කියන ප්‍රදේශයට ලංකාවේ එළවලු ටිකක් අරන් එන්න. මොකද මෙහෙ ඉන්දියාවෙන් එන එළවලු මෙලෝ රහක් නැහැ කියල කාල තියෙන උදවිය දන්නවා ඇති. ඉතින් මෙහෙම යනකොට ඔය පේලියට තියන රෙදි කඩ පෙළක් පහුකරගෙන තමයි මෙයාලගේ ගමන් මාර්ගය තියෙන්නේ. මේ රෙදි කඩ වලින් එකක දාල තිබිල තියෙනවා අලංකාර ගවුමක්. ඉතින් අපේ කාන්තා පාර්ශවයේ අය කොහොමත් ඇඟලුම් වලට දක්වන්නේ තද ආසාවක්නේ. ඉතින් ලිලි අක්කත් මේක හිතේ තියාගෙන ගිහින් එන ගමන් ගමන පොඩ්ඩක් බාල කරලා ගවුම බලල තියෙනවා. අපේ චන්දරේ අයියත් පොඩ්ඩක් හදිස්සි කාරයෙක්. උන්දා ලිලි අක්කට පොඩි සද්දයක් දාල තියෙනවා මෙන්න මෙහෙ එන්න යන්න පරක්කු වෙලා තියෙද්දී රෙදිත් බලන්නේ අහවල් රෙද්දකටද කියලා. ඉතින් ලිලි අක්කත් මේ ගවුමට තියෙන ආසාවට එතන පිටිපස්ස හරවන් හිටපු කෙනෙක්ගෙන් අහනවලු
"Excuse me how much is this frock?" (සමාවෙන්න මේ ගවුමේ මිල කීයද)
සද්දයක් නැහැලු නැවත වතාවක් සද්දේ දාල ඇහුවලු මේ කතාවම ඒත් ගණන් ගන්නෙවත් නැහැලු. ලිලි අක්කටත් දැන් පොඩ්ඩක් ඉවසීමේ සීමාව ඉක්මවා ගියාලු වැඩේ ගැන. කඩේ ඇතුලට ගිහින් මැනේජර් වගේ පෙනුන කෙනෙක්ට කිව්වලු බලන්න අර එළියේ ඉන්න සේල්ස් කොල්ල කිසි කමකට නැහැ මෙහෙමද කස්ටමර්ස්ලට සලකන්නේ මේ ඇඳුමේ ගාන කීයද කියල 3න් 4ර සැරයක් ඇහුවා ගනන්වත් ගත්තේ නැහැනේ කියල. කඩේ සේවකයෙක් විදියට මේ වගේ දෙයක් කරනවා කියන්නේ කඩේ බිස්නස් වලට හොඳ නැති නිසා, කඩේ මැනෙජර් මහත්තයත් දඩි බිඩි ගාල එලියට ඇවිත් මේ අහංකාර සේවකයා කවුද බලන්න.ඒ වෙද්දී එතනට ඇවිල්ල හිටිය චන්දරේ අයියත් වැඩේට එකතු වෙලා තියෙනවා. හුටා කාලා වරෙන්කො.............. කවුද මේ සේවකයා.
ඩමියක් ඕයි........ ඩමියක්......................
එතනින් එහාට වෙච්ච දේ ඔයාලට හිතා ගන්න පුළුවන්නේ............. :D
ලිලි අක්ක දැන් හතලිස් වියත් පසුකරලා ඉන්නේ ඒ නිසා ඇස් පෙනීමේ පොඩි දුර්වලතාවයකින් පෙළෙනවා. හැබැයි ඇහුවොත් කියන්නේ මට හොඳට පේනවා බොලාට වැඩිය කියලයි.
හක්ස්,, පව් අලේ අක්කියා... :D
ReplyDeleteඅක්කියා නෙවෙයි ඇන්ටි කිව්වත් වරදක් නැහැ ඔයාගේ වයසත් එක්ක බැලුවම. ඇන්ටි තමයි.... :)
Deletelili akkata wechchi deyakda bunny akkata wechchi deyakda? hak hak
ReplyDeleteලිලි අක්කා බනි අකක්ගේ නෑ වෙන කෙනෙක් තමයි වයසයි බනි අක්කට වඩා..... 40 ඇඳිරිය වැටුන කෙනෙක්.
Delete40යි නම් වයස අක්කා කියන්න බෑ තමයි,, අම්මටත් 40යි අපේ :/ ලිලි ඇන්ටියා.. :D
Deleteඒක තමයි කිව්වේ..... මමත් කාලයක් කිව්වේ ඇන්ටි කියල දැන් ඒ යෙදුම වෙනස් වෙලා වෙන නමක් කියන්නේ.
Deleteකොහොමත් ගෑනු කට්ටිය වයස අඩුවෙන් පෙන්වන්න කැමතියි නොවැ.දැන් ඔය ශම්මි වුනත් මට අක්කෙක් ඒත් කාට හරි කිව්වොත් කියන්නේ "මාස ගානකින්නේ අප්පා" කියලා :P
Deleteහිකිස්........... ඔව් ඉතින් අවුරුද්දට තියෙන්නේ මාස 12ක් විතරයි නේ නේද ශම්මි නගා...?
Deleteඅද අප්‍රේල් දෙවැනිදා නේද? :D:D
ReplyDeleteහික් හික් හික් හික් ඔව් ඔව් පළවෙනිදා වෙච්ච දේ ලැජ්ජාව වහගන්න කල දෙයක් තමයි මේ. යසියගේ ලනුව කෑව දුකට පෝස්ට් කල එකක් මේ :(
Deleteඩමියක් ගැන කියනකොට මට මතක් වෙන්නේ අර කහ ටියුබ් බල්බ දාපූ කඩයකට ගිය හාදයෙක් අමු කෙසෙල් කෑව කතාව.
ReplyDeleteහික් හික් හික් මේකට හේතුව හතලිස් ඇඳිරිය කියන්නත් පුළුවන්
Deleteවැරැදීමක් වූවා. කහ බල්බ දාපු නොව, කහ පැහැති විදුරු සහිත කණ්ඩාඩි පැලඳගත් ලෙස නිවැරදි විය යුතුය.
Deleteඑහෙම දෙයක්නම් තව ඕකේ කියනන් පුළුවන් මේ ඉල්ලං කෑමක් වගේ වැඩක් නේ.
Deleteහික්ස් හිකිස්ස්... නියම වැඩේ වෙලා තියෙන්නේ
ReplyDeleteහික් හික් හික් මේ පටන් ගැන්ම විටහ්රයි අයියේ ලිලි අක්කගේ වැඩ ලියන්න ගියොත් වෙනම බ්ලොගක් ලියන්න වෙනවා ඒ වෙනුවෙන්ම. තනි කොමිටල් එකක් වෙලාවකට.
Delete:D :D
ReplyDeleteහප්පේ මෙන්න අපේ වකා කාලෙකින්............ කොහොමද නංගි?
Deleteමම හොඳින් අයියා. ස්තූතියි. :)
Deleteගොඩක් කාර්යබහුලයි මේ දවස්වල. :/
[අනික ඉතින් අයිය පහුගිය දවස්වල දාපු පෝස්ට් (18+) නිසා අපිට කියවන්ඩ බෑ නේ... :p ]
කොහොමද? අපේ බනී අක්කියව මතක් කරා කියන්ඩෝ.. ජය!
එහෙමටයි කියන්න නරක දේවල් නැහැ අෆ්ෆා.....:) ඔයා දැන් බුකියෙනුත් අතුරු දහන් වෙලා. මමයි අක්කයි දෙන්නම කතා කලා ඒ ගැන. ඉගනගන්න වැඩ වලට මුල් තැන දෙන්න මුලින්ම.එල එල ඔයාටත් ජය වේවා!!!!
Deleteඔව් අප්පා. අතුරුදහන් වුනා. :/
Deleteකෝ විද්‍යුත් තැපැල් ලිපිනයවත් දෙන්නකෝ අපිට :P
This comment has been removed by the author.
Deleteතැන්කූ.. :D
Delete:)
Deleteඅඩේ සිරාවටම උන කේස් එකක්ද? පට්ට ගති බන්....
ReplyDeleteනම වෙනස් කරලා දැම්මට. මේ මට ගොඩක් කිට්ටු කෙනෙකුට වුන දෙයක් තව තියෙනවා. ඒවත් හෙමිහිට ලියන්නම්
Deleteඅලේ ..ලිලී අක්කා පොලව පලාගෙන ගියාද දන්නෙ නෑ..
ReplyDeleteආගිය අත හොයාගන්න බැරි උනා කියලයි චන්දරේ අයියා අපිත් එක්ක කිව්වේ. දැන් උනත් ඔය කතාව කියද්දී මල පනිනවා. හැබැයි හොඳ බයිට් එක :D
Deleteඅය්යෝ පව් ... පට්ට කතාව බං,
ReplyDeleteහික් හික් හික් වැඩේ කියන්නේ චමියෝ ඩයල් එක දැන දැන ඒ වගේ දේවල්ම ආයේ ආයේ කරන එකයි. මේ තියෙන්නේ එයාගේ එක සිද්දියක් විතරයි. අනෙක් ඒවත් හීන් සැරේ දාන්නම් කෝ.
Deleteඈහ්.. ඔච්චරටම මොන්ගල්ද බන්.. ඩමියක් අදුරන්නැති තරම්.. හපොයි ගිහිල්ලා කම්ප්ලේනුත් කරලා..
ReplyDelete( මේ, උන් ඊට පස්සෙ ඉන්දියාවෙ දෙන්නෙක් වගේ ඉන්න අති කියලා මම හිතනවා )
එයාගේ ඇස් පෙනීම පොඩ්ඩක් මදියි අයියේ. ඒකයි මේ ඇබැද්දි වලට මුල හික් හික් හික් අයියෝ සල්ලි..............
Deleteමොකෝ බං අනුගත වෙලාද ඉඳලා තියෙන්නේ ඒ වෙලේ???
ReplyDelete6න් පස්සේ පෙනෙන්නේ නැති ලෙඩක් බං. හතලිස් ඇඳිරිය. හික් හික් හික්
Deleteපව් අප්පේ ලිලි අක්කා ඊට පස්සෙ නම් රෙදි වල ගනන් අහන්න නෑ කාගෙන්වත්ම !
ReplyDeleteහික් හික් හික් දැන් ඔය කතාව වෙන කවුරු හරි ඉන්න තැන මතක් කලත් නහුතෙට මල පනිනවා. :D
Deleteපව් ලිලී. මටත් ලිලීගේ කතාවක් මතක් උනා. වෙලාවක ලියන්නම්.. ඔෆීස් එකේ ලිලී කෙනෙක්.
ReplyDeleteදාන්නකෝ මාතලන් අයියේ. හික් හික් හික් :)
Deleteඅයියෝ ලිලී,
ReplyDeleteමොකද මේ වලී..
අපිට හරි ජොලී,
දැක්කම මේ කෙලී
හික් හික් හික් දේශා ඇඬේනවා තනි ඇහැට..... :D
Deleteහහ් මට මැවිල පේනවා කතාව
ReplyDeleteහික් හික් හික් මට මතක් වෙන හැම සැරේම හිනා. සේරටම වැඩි සිද්දිය තමයි මේක මතක් කරද්දී ලිලි අක්කට යන තරහ.
Deleteපුකෙනුත් හිනා
ReplyDeleteහික් හික් හික් :)
Deleteලිලි අක්ක ට මරු වැඩේ තමා වුණේ.. ඒ වගේම උඹත් කෑවනේ යසියගේ ලණුව නේද මලයෝ
ReplyDeleteඅයියෝ ලිලි කිව්වලු :D
Deleteඇඬේනවා..... අයියේ මම ඕකව සුප් එකට ගනන්වා ඒ වෙලාවේ අහල පහලක හිටිය නම්. :( හැබැයි මමත් 10 දෙනෙක්ට විතර දුන්නා ටොපිය.
ලොල්.. :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හික් හික් හික් මම අහු උනේ නැහැනේ බොරුවට...... :)
Deleteලිලි අක්කගේ හබියට පොලව පලාගෙන වැලලෙන්න හිතෙන්න ඇති දෙයියනේ :D
ReplyDeleteහික් හික් හික් ඔව් ඔව් නිතරම කියන්නේ මේ මනුස්සයා මාව කෑවා කියන එක :)
Deleteහොක්හොක්හොක්...:D
ReplyDeleteඋඹ දන්නවද කෝරළේ එක පාරක් එක බුවෙක් (අමාරිස් අයියද මන්දා...) නයෙකුට බයවෙලා, බැලින්නං නයෙක් නෙවෙයිලු. පොලු කෑල්ලක්ලු නයෙක් වගේම පේන. මූ බය වෙච්ච පාර මේකාට ගහන්න බිම තිබිලා පොලු කෑල්ලක් අහුලගෙන. සීවරං දෙයියනේ! ඒ පොලු කෑල්ලක් නෙවෙයිලු! නයෙක්ලු, ඕයි!
හෙන්රි අමාරිස්ට වෙච්චි සිද්දි කියලා පොතක මාත් ඕක කියෙව්වා
Deleteමමත් ඔය නිශාන් මල්ලි කිව්ව පොතෙන්ම තමයි සිද්දිය දැනගත්තේ. හික් හික් හික් ඒ වගේ දේවල් බොහොම වැදගත් විදියට කරන විහිලු අද කාලේ වගේ දෙපිට කැපෙන කතාවලින් කරන කුණුහර්ප නෙවෙයි. :D
Deleteලිලී අක්කා වාෂ්ප වූවාය,එහෙම නේද උනේ
ReplyDeleteහරියට හරි ඊයේ ඩයල් එකට ආරංචි වෙලා මේ පොස්ට් එක ගැන මගේ කෑම වෙලටත් තට්ටුවෙන්න ගියේ.
Deleteඅයියෝ...............
ReplyDeleteහික් හික් හික්
Delete//මම මගේ කතා තුලින් විවිධ චරිත හඳුන්වලා දීලා තියෙනවා ටිරා, දමියා, උදය // ඇයි අර ගැරඬියා. !! :D:D
ReplyDeleteහපොයි ඕක අඳුන ගන්න බැරි වුනා ද..? චාටර් එකේ උපරිමේ.. පව් ඉතින්..
දමියා තමයි ගැරඬියා. :D
Deleteකියල වැඩක් නැහැ පොඩ්ඩක් කළුවර වැටිලා නිසා පෙනීම මදියි.
මේ කතාව නෙමෙයි ඔයාට උනයි කියපු එකත් කිව්වනම් තමයි හොඳ
ReplyDeleteයසිත්ගේ ෆ්‍රී කෝල් ගණන් පුළුවන් සොෆ්ට්වෙයා එක දාන්න ගිහින් මෝඩයා උනා. :(
Deleteමෙහෙම දේවල් වෙන්නෙ හතලිස් ඇදිරියටද බං? මගුලයි ඔච්චර කම්ප්ලේන් කරන්න දුර නොගියට මටත් ඔහොම වෙලා තියනවා..
ReplyDeleteහික් හික් හික් වයසේ වැරැද්ද අප්පා. දැන් ඉතින් පැන්සොන් ගන්නත් කිට්ටුයි නේ නදිනි අක්කා. :D
Deleteදවසක් ඔයවගේ අක්ක කෙනෙක් කඩේකදි ඩමියක හැප්පිලා. ටක් ගාල කිව්වලු 'සොරි අනේ' කියල.
ReplyDeleteහික් හික් හික් වයසට වෙන වැඩ රාජ් අයියේ
Deletesorry kiyala ayamt damiytama kewalu.
ReplyDeleteJayawewa
හික් හික් හික් :)
Deleteoඔහොම තමයි ඉතින් කවුරුත් වයසට යනවනෙ. මම නම් ඉතින් ලිලි අක්කගෙ පැත්තෙ.මොකද දැන් දහ අට පැත්තට පනින්න බැනෙ. හැබැයි ඉතින් ඩමියක් අඳුනගන්න බැරි කමක් තාම නැ.
ReplyDeleteමෙන්න මගෙ බ්ලොග් eka- http://gimannivannie.blogspot.com -
අපිටත් දවසක වෙන්නේ ඔය ටිකම තමයි මැඩම් :)
Deleteහුරේ.... කෝරලයා අහුවෙලා........ හිකිස් හික්ස්......
ReplyDeleteඅපේ එකෙකුත් දවසක් පදම් වෙලා රෙදි ගන්න ගිහින් ලේඩීස් ඩමියක හැප්පිලා "සොරි නංඟී" කිව්වලු.. මේකිගෙන් රිප්ලයි එකක් නැති හින්ද මහ හයියෙන් බැනලා.. ඒ පාර කඩේ උන් ඇවිත් මූට පැහැදිලි කරාම සූර් බැස්සලු........ හිකිස්
හිටහන් කෝ අහුවෙන්න එපා පොස්ට් ඔෆිස් එකේදී :P
Deleteඅඩේ එක නම් පට්ට චාටර් වැඩක් අරූට අරක්කු එපා වෙන්න ඇති
හැක හැක හැක...
ReplyDeleteමම නම් හැප්පිලා ඩමියකට සොරි කියලා නෑලු....
පත්තරෙත් තිබුනා උඹම තමයි හැප්පුනේ කියලා
Deleteඕං අදයි මේ කොලනියට ගොඩ වැදුනේ....හෆොයි ඩමියක් ඉන්ට්‍රස් උන තරමක්..... අයියෝ ෆයිබර්.....!
ReplyDeleteහික් හික් හික් ඔය වගේ වැඩ ඉතින් වෙනවා. මමත් එන්නම් කෝ නිවාඩු පාඩුවේ ඒ පැත්තට ගොඩ වෙන්න සාදරයෙන් පිලිගන්නවා වලව්වට මේ දවස් වල රාජකාරි පොඩ්ඩක් වැඩියි
Deleteචමහර ඩමී පනපිටින් වගේ තමයි. ඉතින් රැවටෙන එක අහන්නත් දෙයක් නෑ
ReplyDeleteඑකනේ දයා අයියේ. පව් අනේ ලිලි අක්ක දවසේ කතාව කියන එකත් එයාගේ විනෝදාංශයක් තමයි
Delete:(
ReplyDelete:( ඒ මොකෝ නංගියා?
Deleteඑදා සිංහල කොමෙන්ට් බැරුව තිබ්බේ... ඒකයි... :)
Deleteදවසක් මටත් ඔහොම උනා නෙ..හී හී ඒත් මම නම් කතාකලේ නෑ රැවටුනා විතරයි
ReplyDeleteහික් හික් හික් වැරදීම් වෙන්නේ මිනිස්සුන්ටනේ :)
Deleteඅපේ තැනත් ඉස්සර වෛද්‍ය වරියක් නිල ලකුණු කරපු ඩමියක් තියෙනවා. ඒකට මගෙ මුණුබුරා සාදු කියනවා දැක්ක ගමන්. එකෙ තට්ටෙට කියල අපි හිතන්නෙ.D;
ReplyDeleteහාමුදුරුවරු කෙනෙක් කියල හිතල වෙන ඇති.
Deleteසැමට සුබ අලුත් අවුරුද්දක් වේවා මල්ලි..!
ReplyDeleteඅයියටත් පවුලේ සැමටත් එසේම වේවා
Deleteකෝරලේ අයියට මාව අමතනද දන්නේ නෑ.සුබ අලුත් අවුරුද්දක් !
ReplyDeleteමොකද නැත්තේ මලේ දැන් ලියන්නේ එහෙම නැද්ද?
Deleteකෝරලේ මහත්තයට සුභ අළුත් අවුරුද්දක් වේවා!.
ReplyDeleteඅක්කටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා
Deleteලිලී අක්කටත් පිස්සු නැත්තම් සෝක් වගේ!!! සුභ අළුත් අවුරුද්දක් වේවා මලයෝ!
ReplyDeleteඅයියටත් පවුලේ සැමටත් සුභම සුභ නව වසරක් වේවා
Deleteදැන් අවුරුදු කෑවා ඇති මල්ලි මොනවාහරි ලියමු නේද
ReplyDeleteඔන්න අයියේ අද ලිව්වා
Deleteඅයියටත් පවුලේ සැමටත් එසේම වේවා
ReplyDelete