Tuesday, 2 April 2013

ඊයේ දින උපන් දිනය සැමරු මාරයා,රජා,ඇනෝවෙක් කුජීත කල අවතාර් සහ ලිලි අක්කා ගේ කතා

 
හික්.. හික්... හික්.. සුභ දවසක් වේවා කිව්වා ඔක්කොටම!. ඊයේ වගේ වැදගත් දවසක් සිහිපත් කරලා පොස්ට් එකක් දැම්මේ නැත්නම් හිතට මොකක්ද මොකක්ද වගේ. ඇත්තටම ඊයේ දීලා තිබුණු වැදගත් දිනේ කල් ගිය බව මාරයා පොස්ට් එකක් දැම්ම උනත් උන්දැගේ උපන්දිනේ කොහොමද එහෙම කල්දාන්නෙ කියලයි හැමෝම අහල තිබ්බේ. අනෙක අපේ අඩවි රජාත් ඒකාගේ තහනම් අඩවිය අපිට තහනම් කලාපයක් කළා ඊයේ දිනේට විතරක්. ඒ විතරක්ද අපේ මඩිස්ස ලියන නිශාන් මලයත් අවසන් ලියුමයි ඔබට ලියන්නේ විරහ කඳුළු රැඳී පෑනින් කියලා පොතක් පෙරලලා තිබුනා. තව පැත්තකින් අපේ අවතාර් කොහේදෝ ඉන්න මෝඩ ඇනෝවෙක් තවත් මෝඩයා කරලා කුජීත කරලා තිබුනා. ඔය එක බොරුවකටවත් අහුනොවී එඩිතරව නිර්භයව සිංහයෙක් (ලාගර් එකේ ඉන්න) වගේ හිටපු මාව වන් ෂොට් මෝඩයෙක් කලේ අපේ යසියා. උගේ මොලේ පෑදිලා දැන් හනි බනි කැරට් අල දෙකක් දීලද කොහේ. ඔයාලත් ගිහිල්ලම බලන්නකෝ මුගේ මගඩියේ තරම. බැලුව අය දන්නවා ඇති මොකක්ද ට්‍රික් එක කියලා. කිච වෙන එකේ නිකන් තනියම කිච වෙලා හරියනෙන් නැති නිසා වෙන කෙනෙකු කිච වෙච්ච දෙයක් ගැන දාලා මගේ ගරු නම්බුව (එහෙම එකක් තියෙනවද???? :O) බේරා ගන්න තමයි මේ අසරණ උත්සාහය. 



ඔන්න අපි කතාවට බහිමුකො. මම මගේ කතා තුලින් විවිධ චරිත හඳුන්වලා දීලා තියෙනවා ටිරා, දමියා, උදය වගේ මේ කතාවේ ප්‍රධාන චරිතේ පොඩ්ඩක් විශේෂ චරිතයක් දැන් අහන්න යන්නේ මොකක්ද ඔය තරම් විශේෂෙ කියලනේ. මෙයා හරි ප්‍රසිද්දයි දවසේ මෝඩ කතාව කීමට දවසේ මොකක් හරි අන්දොස් කතාවක් කිව්වේ නැත්නම් මෙයාට නින්ද යන්නේ නැහැ කියල තමයි තතු දත් ආරංචි මාර්ග කියන්නේ.  අපි මෙයාව නම් කරමු ලිලි අක්ක කියලා. පොඩ්ඩක් අන්දොස් නමක්. වැරදීමකින් හරි මේ පොස්ට් එක දැක්කොත් මම ගස් තමයි. ඉතින් අපි ට්‍රැක් එකෙන් පිට පනින්නේ නැතිව කතාවට බහිමුකෝ........

ඔන්න දවසක් හැන්දෑවේ 7 ට විතර ලිලි අක්කා එයාගේ හබියා චන්දරේ අයියත් එක්ක යනවා මේ කිට්ටුව පාත තියෙන Satwa කියන ප්‍රදේශයට ලංකාවේ එළවලු ටිකක් අරන් එන්න. මොකද මෙහෙ ඉන්දියාවෙන් එන එළවලු මෙලෝ රහක් නැහැ කියල කාල තියෙන උදවිය දන්නවා ඇති. ඉතින් මෙහෙම යනකොට ඔය පේලියට තියන රෙදි කඩ පෙළක් පහුකරගෙන තමයි මෙයාලගේ ගමන් මාර්ගය තියෙන්නේ. මේ රෙදි කඩ වලින් එකක දාල තිබිල තියෙනවා අලංකාර ගවුමක්. ඉතින් අපේ කාන්තා පාර්ශවයේ අය කොහොමත් ඇඟලුම් වලට දක්වන්නේ තද ආසාවක්නේ. ඉතින් ලිලි අක්කත් මේක හිතේ තියාගෙන ගිහින් එන ගමන් ගමන පොඩ්ඩක් බාල කරලා ගවුම බලල තියෙනවා. අපේ චන්දරේ අයියත් පොඩ්ඩක් හදිස්සි කාරයෙක්. උන්දා ලිලි අක්කට පොඩි සද්දයක් දාල තියෙනවා මෙන්න මෙහෙ එන්න යන්න පරක්කු වෙලා තියෙද්දී රෙදිත් බලන්නේ අහවල් රෙද්දකටද කියලා. ඉතින් ලිලි අක්කත් මේ ගවුමට තියෙන ආසාවට එතන පිටිපස්ස හරවන් හිටපු කෙනෙක්ගෙන් අහනවලු

 "Excuse me how much is this frock?" (සමාවෙන්න මේ ගවුමේ මිල කීයද) 

සද්දයක් නැහැලු නැවත වතාවක් සද්දේ දාල ඇහුවලු මේ කතාවම ඒත් ගණන් ගන්නෙවත් නැහැලු. ලිලි අක්කටත් දැන් පොඩ්ඩක් ඉවසීමේ සීමාව ඉක්මවා ගියාලු වැඩේ ගැන. කඩේ ඇතුලට ගිහින් මැනේජර් වගේ පෙනුන කෙනෙක්ට කිව්වලු බලන්න අර එළියේ ඉන්න සේල්ස් කොල්ල කිසි කමකට නැහැ මෙහෙමද කස්ටමර්ස්ලට සලකන්නේ මේ ඇඳුමේ ගාන කීයද කියල  3න් 4ර සැරයක් ඇහුවා ගනන්වත් ගත්තේ නැහැනේ කියල. කඩේ සේවකයෙක් විදියට මේ වගේ දෙයක් කරනවා කියන්නේ කඩේ බිස්නස් වලට හොඳ නැති නිසා, කඩේ මැනෙජර් මහත්තයත් දඩි බිඩි ගාල එලියට ඇවිත් මේ අහංකාර සේවකයා කවුද බලන්න.ඒ වෙද්දී එතනට ඇවිල්ල හිටිය චන්දරේ අයියත් වැඩේට එකතු වෙලා තියෙනවා. හුටා කාලා වරෙන්කො.............. කවුද මේ සේවකයා. 
 
                                                               

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

             ඩමියක් ඕයි........ ඩමියක්......................

එතනින් එහාට වෙච්ච දේ ඔයාලට හිතා ගන්න පුළුවන්නේ............. :D

ලිලි අක්ක දැන් හතලිස් වියත් පසුකරලා ඉන්නේ ඒ නිසා ඇස් පෙනීමේ පොඩි දුර්වලතාවයකින් පෙළෙනවා. හැබැයි ඇහුවොත් කියන්නේ මට හොඳට පේනවා බොලාට වැඩිය කියලයි.






Sunday, 17 March 2013

මුගේ වයසටද යකෝ වැඩ......?



අද මට මේ කතාව ලියන්න හිතුනේ දේශාගේ ඩයරි කතාව දැකලා. මේක වෙලත් දැන් අවුරුදු 10ක් විතර වෙනවා. මාව මේ කරදරේ දැම්මේ වෙන කවුරුවත් නෙවෙයි මගේ මස්සිනා හුළං ගැරඬියා තමයි. මු ඒ දවස් වල ඔය ලස්සන ලෙදර් කවරයක් තියෙන ඩයරියක් පැන්සලකුත් එක්ක යන යන තැන අරන් යනවා ඕකා කොහොමත් සුපිරි කළා කාරයා. කෙනෙක් දිහා බලාගෙන ඒ  කෙනාව පැන්සලෙන් ඒ විදියටම අඳින්න පුළුවන් හැකියාවක් පොරට තියෙනවා.

                        
                                                         ( මේ වගේ නිර්මාණ තමයි ඉතින් වැඩිපුර කලේ. කොහොමත් කළා කාමියනේ )

 
 ඒ වගේම නිසඳැස් පුදුම විදියේ ලස්සනට ලියන්නට හැකියාවක් තියෙනවා. මොකද මිනිහා ඒ දවස් වල ඉඳන්ම ප්‍රේමයේ විරහව ද මොකක්ද කියන එක  උපරිමේට විඳින පොරක්. ඒ ගැනත් නොලිව්වොත් මෙතනට අඩුපාඩුවක් වෙන නිසා ලියන්නම් කෝ.

මුන්ගේ ගෙවල් ළඟ ඉන්නවා සුදු කෙල්ලෙක් පොඩ්ඩක් ඉතින් ලස්සනයි තමයි. මූට වැඩිය අවුරුදු 4 ක් විතර බාලයි. හැබැයි තියෙන එකම පරහා මේකී කොටයි. දමියා අඩි 6 කටත් වැඩිය උසයි ඉතින් දෙන්නගේ උස පරතරේ අඩි දෙකහාමාරකට වැඩියි. තනිකරම රූකඩ කේස් එකක් තමයි මුන් දෙන්නගේ තියෙන්නේ. 


කිව්වට විශ්වාස  කරයිද දන්නේ නැහැ ඒ කාලේ ඉඳලා තාම මු මේ කෙල්ලට ලයින්. ඒකි එක 100 සැරයකට වැඩිය බැහැ  කියල ඇති. නමුත් මේකා නෙවෙයි ට්‍රයි එක අත අරින්නේ. (ආ... මට කියන්න අමතක උනානේ කෙල්ල කොට නිසා අපි කියන්නේ පාන් බට්ටි කියලා) මූට දිරවන්නෙම නැති වැඩේ තමයි මූ එක්ක මෙහෙම උනාට උගේ මස්සිනාලා දෙන්න වන මම එක්කයි  ඉරේෂ්  එක්කයි මේකි ඕනෙවට වඩා හිතවත් වීම. එහෙම කරන්නෙත් මූට රිද්දන්නද කියලත් වෙලාවකට හිතෙනවා.

කොහොම හරි අපේ මාමාගෙන් මු පොලු පාරවල් කොසු පාරවල් අනන්ත කාලා ඇති ඔය වැඩේ නිසා. කොහොම හරි කතාවේ ට්‍රැක් එක පැන්නනේ ඒකෙන් මේකෙන්. ඉතින් මු අතේ තියෙන ඩයරිය මට නිකන් නිධානයක් වගේ තමයි පෙනුනේ මු මේක පරිස්සම් කලෙත් ඒ විදියටම තමයි. කොහොම හරි අපේ ලොකු මාමගේ පිහිටෙන් මමත් හොයා ගත්තා ඩයරියක්. තරුණ සේවා සභාවෙන් දීපු එකක්. මමත් ඉතින් මේකේ එක එක කවි අනන් මනං ලිව්වා හැබැයි පරහකට තිබුනේ ලිව්වේ ඉංග්‍රීසියෙන්. දවසල් මගේ ඩයරිය බලලා දමියා කිව්වා මෙහෙම හරියන්නේ නැහැ බන් ඩයරිය තියෙන්න ඕනේ ලස්සනට මේ වගේ අකුරු නිකන් බල්ලොවත් කන්නේ නැහැනේ කියලා මමත් ඉතින් මුගෙන් ගුරුහරු කම් උපදෙස් ටිකක් පැතුවා මගේ වැඩේ ලස්සනට කරගන්න

කුමරි, සිරිකත, ඕන ඔය වගේ නානාප්‍රකාර පත්තර ගොඩක් ගෙනල්ලා දුන්නු දමියා මට ඒවගේ තියෙන කවි නිසඳැස් වගේ දේවල් ලියන්න කිව්වා. මමත්  කොහොම හරි බොහොම අමාරුවෙන් අකුරු ගලපාගෙන මේ වයින් දෙකතුනක් ලිව්වා. පස්සේ මේ වැඩේ හරියන්නේ නැති නිසා දමියට කියලම තවත් කිහිපයක් ලියවා ගත්තා. ඇල්පිටියේ මාමලාගේ ගෙදරින් අපි ආවේ ලොකු මාමලාගේ ගෙදරට. එහෙත් දවස් කිහිපයක් නැවතිලා ඉන්න වෙන්නේ අම්මගේ සහෝදරයින්ගේ ගෙවල් වල දවසක් හරි හිටියේ නැත්නම් ආඩපාලි අහන්න වෙන නිසාලු අරහේ ගියා මෙහෙ ගියේ නැහැ අරව මේවා කියලා. ඉතින් අපි ලංකාවට බැස්ස ගමන් මුලින්ම කරන්නේ නෑ ගෙවල් වන්දනාවේ යන එකනේ. ආයෙම කතාවෙන් පිට පැන්නා.

මෙහෙ ආවම මට තිබුණු එකම වැඩේ අහල පහල ගෙවල් වල පොඩි උන් සෙට් එකත් එක්ක සෙල්ලම් කරන එක. දවසක් මම සෙල්ලම් කරද්දී එතන තිබුණු ඉස්කෝලේ පිට්ටනියේ. එතනට ආව අපේ ලොකුඅයියා (අර පොලිස් බුවා) සුදු මෙහෙ වරෙන් යන් අන්න තාත්තා එන්න කියනවා කියලා කතා කරා. මම පොඩ්ඩක් පුදුමෙන් බැලුවේ මොකද යකෝ මේ විදියට මු මට කතා කරන්නේ කියලා. පොඩි කුතුහලයකුත් හිතේ තියාගෙන බයිසිකලේට නැග්ගේ අර ඇහැටුල්ලගේ මූනවත් බලන්නේ නැතිව මොකද උගේ කටේ තිබ්බ කින්ඩ් හිනාව මට දැනටත් මතක් වෙද්දී කේන්ති යනවා.

ගෙදරට එද්දී ඔක්කොම සාලෙට වෙලා අපේ ආච්චි කම්මුලට අත තියාගෙන. අම්ම ඉන්නවා මූණ දෙක කරගෙන. තාත්තා නිකන් අබ අහුරක් දැම්මත් පුපුරන සයිස් එකට මූණ හදාගෙන ඉන්නවා අතේ මගේ ඩයරියත් තියාගෙන.
"මොනවද බොල මේ ලියලා තියෙන්නේ? "
මූණ හඳක් වගේලු අරක මේක වගේලු මේක අරක වගේලු...... යකෝ වයසටද මුගේ වැඩ? හප්පේ කොනක ඉඳන් බැනුම්.










 

 මම දැනගෙන ලියපුවද කෙහෙල් මල කොහොමින් කොහොම හරි මගෙන් අගමුල හොයාගෙන දමියටත් බැනුම් අහන්න උනා නොසෑහෙන්න. එදා මෙදා තුර කවදාවත් මම නෙවෙයි ඩයරියක් පාවිච්චි කරන්නේ.

Monday, 4 March 2013

ගල් කතාවක් 18+.වල් හිතට කෝකත් වල් තමයි.

අද මම ඔයාලට කියන්න යන්නේ මගේ බොක්කේ යාලුවෝ 5 දෙනාගෙන් එකෙක්ට (උදයාට) වෙච්ච හාස්ස්‍යය ජනක සිදුවීමක් ගැනයි. නමුත් මෙහි අන්තර්ගතය 18+ හොඳයි කියා සිතන නිසාවෙන් ඊට අඩු  අඩු අය සිටිනවා නම්   දැන්මම ඉවත් වෙලා ගියොත් හොඳයි. ඔන්න ඉතින්  මේක කියවල මට බනින්න එපා කුනුහපරයක් වෙබ් එකට දැම්ම කියල හොඳේ 


.......  ඔන්න මේකයි සිද්දිය මට මතක විදියට 200.. අපි ඔක්කොටම chance එකක් හම්බ උනා එකට ලංකාවට එන්න ඒ කියන්නේ මට නුවන්ට, සහන්ට, සමීරයට,උදයාට සහ නිශාන්ට ඉතින් මේ සතුට කොහොම සමරම්දෝ කියමින් සිත සිත සිටින අතර වාරයේ අපේ සහන්ගේ ටිකිරි මොලේට  ආව ටිකිරි පැලැනක්. කට්ටියම එක පයින් ක්‍රියාවට නංවන්න තීරණය කොලා කියමුකෝ. මේ පැලෑන තමයි  සීතල නුවර එලියට ගින්දර ට්‍රිපක් යන එක. කට්ට කාෂ්ටක අවුවේ වේලි වේලි මැදපෙරදිග ඉන්න අපිට සීතල පැත්තකට යනවා කියන්නේ නිකන් දිවියලෝකේ ගියා වගේ තමයි. ඒ නිසා හැමෝම මේ ගමනට එකතුවෙන්න ආවේ බොහොම කැමැත්තෙන්. 

කොහොම හරි ගමනට දවසක්  ෆික්ස් කොරගෙන ගෙවල් වලිනුත් කැමැත්ත ගත්තා.ඒක අනිවා ඩෙෆා ගන්න ඕනෙනේ. මොකද මේකට සම්බන්ද වෙන්නේ අන්දොස් සෙට් එක  විතරක් නිසා. කොහොමෙන් කොහොමෙන් හරි අවසරේ ලැබුනත් පොඩි පරහක් තිබුන යන්නේ මොකේද කියන එක. මේ වෙලාවේ දෙවියෙක් නෙවෙයි යකෝ දේවාලයක් වගේ අපේ පිහිටට ආවේ සහනා. උගේ මාම පොඩ්ඩක් බර තියෙන පොරක් (i mean සල්ලි තියෙන බුවෙක්) ඉතින් පොරට ළමයි නැති නිසා මෑන් සහනට හරි ආදරෙයි. ඉතින් මු කිව්වා  උගේ මාමගේ ලෑන්ඩ් කෲසර් කටුව ඉල්ලගන්න පුළුවන් වේවි කියල. හැබැයි හොඳ වැඩිමහල් ඩ්‍රයිවර් කෙනෙක් යනවනම් විතරක් ඒක දේවි කියලයි  කිව්වේ. 
(මොකද අපේ කට්ටිය ට්‍රිප් ගිහින් වෙන අන්දොස් වැඩ කට්ටියට මතක ඇතිනේ. අපි ඔය වගේ බාල්දි පෙරලගන්න දක්ෂ බව සෑහෙන්න ප්‍රසිද්ධයි) දැන් ඉතින් කාවද මේ වැඩේට උගස් තියන්නේ කියා කියා හිතන කොට මගේ කම්පනාවට ආව මගේ ඥාති සහෝදර තුමා වන  හුලංගැරඩියව. 


ඒ කිව්වේ අපේ දමිත් අයියව කොටින්ම කියනවනම් ඕකා නගර සභාවේ කුණු ලොරිය වගේ තමා ඕනේ කුණුගොඩකට අත දානවා.   හිතවත් කමට මිසක් වෙන දෙකට නෙවෙයි. ඉතින් ට්‍රැක් එක පනින්නේ නැතුව කතාව කියපන් කියල  කියන්න කලින් අපි දමියාවත්  අරන් ගිහින් පෙන්වල වාහනේ ඉල්ලගත්ත.

 දැන් වැඩේ ඔක්කොම හරි ඉතින් අපි කෂ්ටිය උදෙන්ම යන්න පිටත් උනා අපි 5 දෙනා විතරක් නිසා කරදරේකින් තොරව බෙල්ල කැඩිච්ච සිංහයෝ (දන්නවා  ඇතිනේ මොනාද කියල)  4- 5 දෙනෙක්ව පාකරමින් මග නැවතිලා ෆොටෝ එහෙමත් අරගනිමින්.අපේ ගමනාන්තයට ආව. මේ ගමනේ මහන්සිය නිවන්න තවත් හේතුවක් උනේ අපේ උදයා. උන්නවනම් මලගෙදරක් උනත් කෙලින්ම කෝලම් මඩුවක් වෙනවා ආයේ දෙකක් නැහැ.  මල මිනියත් නැගිටලා බඩ අල්ලන් හිනහ වෙන දේවල් තමයි මු කරන්නේ කියන්නේ. කොහොම හරි අපේ නුවනයගේ හඳහනේ මොකක්දෝ ලොකු අපලයක් තිබිල වගේ එදා උදයගේ බයිට් එක උනේ නුවනා. මුට පිටිපස්සේ ඉන්න බැරි තැන සහනට කියල සීට් එක මාරුකරන් මගේ ලඟට ආව ඉස්සරහට. නැතිනම් ඉතින් අරූගේ මකර කට වැහෙන එකක්යැ. හතර වටේ කරක් ගහල යන්තම් ලස්සන නවාතැන් පොළකට සෙට් වුනා.                                                        අපේ කට්ටිය හිටියේ මතින් සහ ගමනින් දෙකෙන්ම මත්වෙලා.  රෑත් අපරාදේ කියන්න බැහැ  තිතට මත් උනා 
සෙට් එකම. අපේ වන්දනා නඩේ ඔක්කොම හොඳ උපාසකයෝ නොවැයි ආයිබෝන්ඩ  හිටියේ (මේ මම තුමා වගේ) . 


     කොහොම හරි කස්ටියම එලාම් එකතියල නිදාගත්තේ පහුවෙනිදා උදෙන්ම නැගිටින්න. කොහොම හරි උදේ නැගිටින කොටත් කට්ටියට වෙරි.කොහොමින් කොහොම හරි මේ කබරයෝ ටිකත් ඇදගෙන මේ උදෙන්ම පිටත්වෙන්නේ  ෆොටෝ ටිකක් ගහල ගෙනල්ල අපේ ඉස්කෝල වල උන් හොල්මන් කරන්න. මොකද මෙහෙ ඉන්න ගල් අරාබි,ඉන්දියන් පකිස්තාන් කාරයෝ  කවදා නුවර එලි යන්නද? උන්ට කොහොමත් අපි ගන්න ෆන් නිකන් මැජික් වගේ. නවාතැන් පොලේ හිමිකරුගේ මගපෙන්වීම මත  උදෙන්ම 7ට විතර අපි ආව තේ වත්තක් කිට්ටුවට (මතක හැටියට හාවා එලිය පැත්තට කිට්ටුව වගෙයි).  දැන් ඉතින් කට්ටිය කැමරා අටවාගෙන පොටෝ ගහනවා 

නිකන් නෙවෙයි දන්නා ශිල්ප ඔක්කොම දාලා.  උදයාගේ ගොන් වැඩ වලට බනිමින් නුවනයව  බයිට් කරමින් ඉන්න කොට ඈත එනවා තේ කූඩ බැඳගත්ත ගෑනු ටිකක්. ගෑනු කිව්වට දෙමල ගෑනු ටිකක්. අපිත් ඉතින් අර ලොකු ලොකු ප්‍රදර්ශන වලට තියෙනවා වගේ. එහෙන් මෙහෙන් මොවුන්ගේ පොටෝ කෑලි ටිකක් ගත්තේ නිකන් ලොකු ප්‍රොෆෙෂනල් පොරවල් වගේ. 

 අපි ඔවුන් සමග කතා කරන්නට හැදුවත් ඔවුන්ට සිංහල එතරම් තේරුනේ නැතිබව අපිට වැටහුනා බැවින් අපි කෙලින්ම ඉස්සරහට දැම්මේ අපේ නුවන්. මූට දෙමල වතුර වගේ නුවන් දෙමලෙන් ඔවුන්ට කතාකරල ෆොටෝ වලට පෙනිහිටියාට ස්තූති කලා.

අපේ උදය තනිකරම බොයිලර් කුකුළා. මු නුවන් ලඟට ලං වෙලා ඇහුව මචන් දෙමලෙන් ගුඩ් morning නංගි කියන්නේ කොහොමද කියල. වැල්ලවත්ත  ප්‍රදේශයේ ජීවත් වෙන නුවන් අපේ සෙට් එකේ දෙමල දන්නා එකම එකා. අනෙක් උන් ඔක්කොම දන්නේ වාඩා සහ පෝඩා කියන්න විතරයි. නුවණය මගේ දිහාට හැරිලා කින්ඩි හිනැහාවක් දාලා මට ඇහැක් ගහල මූට දෙමල වචනයක් කිව්වා. උදයටත් උදේ පාන්දර මේ තේ වත්ත උගේ නමට ලියල දෙනවා කිව්වා වගේ ජොලියක් ගිහින් උඩ පැනල අතේ ඇඟිලි ටික එහෙම කඩලා උගුර පාදල සෙට් උනා වැඩේට. ඔන්න දැන් මේ මහිලාවන් ටික අපි පහුකරලා යනකොට එතන හිටි අවුරුදු 17 -18 ක් විතර වෙන (ඊට වැඩිද කියන්න මම දන්නේ නෑ අපිට වඩා වැඩිමහල් ලුක් එකක් තමා තිබ්බේ) තරුනියොන්ගේ   පැත්තට හැරුණු මු අපි ආයුබෝවන් කියන්න වගේ අත්දෙක හදාගෙන "තන්ගච්චි කල්ල වෙට්ටුමා" කියල කිව්වා. අරුන් ටික බුල්ටෝ කාපු රිලව් ටික වගේ මූ දිහා ඔරෝල බලන කොට මූ තව කෙල්ලෙක්ටත් ඕකම කිව්වා අපිත් දන්නේ නෑනේ ඕකේ තේරුම මුගේ ඇක්ෂන් වලට හිනා වේවි ඉන්න කොට තරබාරු දෙමල කාන්තාවක් පැනපු ගමන් දෙමලෙන් කෑකෝ ගසමින් මුගේ කම්මුල පුරෝල දැවැන්ත 6 පාරක් එල්ල කලා.     


             මම හිතන්නේ සනත් අයියාවත් ගහල නැතුව ඇති ඒවගේ ලස්සන ෂොට් එකක්. අපි කාටවත් කට අරින්න තියා හිතාගන්නවත් වෙලාවක් ලැබෙන්න කලින් ඔක්කොම ටික එකතු වෙලා මූට නෙලන්න ගත්ත අම්බා නෙලිල්ලක්. අර පිටේ බැඳලා  තිබුණු තේ කූඩයක්  ගලවාගත් එකියක් ඒක මුගේ ඔලුවේ නවල බිම දිගේ රෝල් කරලා දැම්ම. මේක අපිට බලන් ඉන්නත් බෑ මැදිහත් වෙන්නත් බෑ. මොකද වැරදිලාවත් අපිට ගැහුවොත්  අපිත් ගහන්නයැ ගෑනුන්ට ?????  මම නුවන්ට කිව්වා නුවන් මම වාහනේ ස්ටාර්ට් කරගනන්ම් උඹල ගිහින් අරූව ඇදන් වරෙන් කියල.

 යන්තම් ඒ මාර සේනාවන්ගෙන් අපේ මිත්‍රය බේරාගෙන 2012 ලෝක විනසෙන් බේරෙන්නවගේ ඩ්ර්යිව් කරන් ආව ටවුන් එක දිහාට. නුවන් මගේ ඉස්සරහ සීට් එකේ අරුන් පිටි පස්සේ. ඒ කිට්ටුව තිබ්බ කඩේකින් අපි නැවැත්තුවෙ සිද්ධාලේපයි ප්ලාස්ටර් ටිකකුයි ගන්න. සහනයි නිශානයයි දෙන්නා උදයව  අරගෙන කඩේට රිංගුව වෙලේ මගේ හිතට වද දුන්න ඒ ප්‍රශ්නය මම නුවන්ගෙන් ඇහුව, මොකෝ "මට තාම හොල්මන් උන වැඩේට. මොකද බං අරුන්ට උනේ???? උදේ පාන්දර අමු කැවිලද..   මොකක්ද යකෝ ඒ කිව්ව වචනේ තේරුම" කියල මොකද නිකන්ම මිනිහෙක්ට කේන්ති යන්නේ නෑනේ. නුවන් හිනාවෙවී මගේ කනට කරලා කිව්වා වචනේ තේරුම ඔයාලට හිතාගන්න පුලුවන්ද මොකක්ද මොකක්ද තේරුම කියල.........?    


 නංගි ග....ක් ක...මුද  කියන එකයි එකේ තේරුම. හුටා ඇරිය නේද තාප්පෙටම............ :O  


මු කිව්ව දේ අහල මටත් කට උත්තර නැතිව ගියා. "ඇයි බං උඹ එහෙම දෙයක් කලේ?" උත්තර ලෙස නුවන් පැවසුවේ "අරූ ඊයේ මාව බයිට් කරා අද මම දුන්න රිටන් එක" කියල "ඒත් බං මම හිතුවේ නෑ මේ මල යක්ෂණියෝ මූට ගහවි කියල" කිව්වා. උදයල එනවා දැක්ක නිසා අපි කතාව නවත්තල වාහනේට නැග්ග. "මචන් උඹට දැන් කොහොමද" කියල මම අහද්දී "දිනු  මචං මුන් මරාගෙන මැරෙන කොටිද කොහේ බං. ගුඩ් මොර්නින්ග් කියල ඔහොම නෙලුවනම්, නංගි මාත් එක්ක යාලු වෙනවද කියල ඇහුවනම් අපි සෙට් එකම ඉවරයිනේ බංඑතනම"  

යයි කියද්දී අපි සෙට් එකට හිනාව නවත්වගන්න බැරි උනා. අදටත් මම හිතන්නේ නෑ උදයා එක දෙමල වචනයක්වත් ආසාවට කතාකරනවයි කියල.හි...... හි.....හි....     මට මේක මතක් උනේ මගේ කොම්පැනි එකේ වැඩ කරන පිලිපීන ජාතිකයෙක් මගෙන් කොහොමද කියල ඇහුවයිනුයි.


 මේ කතාව මම ලිව්වේ මම බ්ලොග් ලෝකෙට ආව අලුතම නමුත් මේකේ ගොඩක් අක්ෂර දෝෂ ලිවීමේ වැරදි එහෙම තිබුනා. මට කිහිප දෙනෙක්ගෙන් ආව ඉල්ලීමක් තමයි මේක නැවත වැරදි හදා දාන්න කියලා. ඉතින් සමහර අය මේක බලලත් ඇති. නොබලපු යට බලන්නත් එක්ක ඔන්න මම මේක නැවත වතාවක් පිළිවෙලකට ලියල දැම්මා.

Wednesday, 13 February 2013

ගණිකාවක් වෙත ගොස් පොලිසියෙන් මගවියදම් ගෙන පැමිණීමේ කතාව



කට්ටියට මතකයිනේ මම ගම්බට්ටේක්ව වස්තිකල තාලේ ඉතින් මේක කියවපු මාගේ මිත්තරයෙක් මට බැන්නා එයා මේකට එකඟ වෙන්නේ නැහැ කියල. මේ එයාට හම්බ වෙච්ච ගුණවත් පොලිස් නිලධාරින් එයාට සෙට් උනේ කොහොමද කියල කිව්ව කතාවයි. මම දාන්නම් මොකද බල්ලෝ වගේම මනුස්සකම් හඳුනන මිනිස්සුත්පොලිසියේ සේවය කරන බව දැනගැනීමට මේක හොඳ උදාහරණයක් වේවි. මේ ඔහුගේ පෞද්ගලික අත්දැකීමක්. ඒ නිසා නම ගම සඳහන් කිරීමෙන් මම වලකිනවා. මේ කතාවෙන් ගතයුතු අර්ථය ගැන මට වැටහීමක් නැතත් මේ ගැන තීරණය කිරීම මම පාඨක ඔබට භාර දෙන අතර.මම කතාව ඔහුගේම වචන වලින් දාන්නම් එහි ඇති රසය වැඩි කිරීමට.

මේ පුද්ගලයාව අපි හඳුන්වමු නිශාන් කියල (මඩිස්ස ලියන පොඩි එකා නෙවෙයි) ඊට වැඩිය නාකි පොරක්. 
මම එතකොට ජීවත් වුනේ කළුතර ප්‍රදේශයේ.මෙන් ඔහුගේ කතාව ඔහුගේම වචනයෙන්.


ඉතින් අපේ  සෙට් එකේ ඔක්කොම හිටියේ  බඩු කාරයෝ ඒ කියන්නේ අඩුම තරමේ කෙල්ලෙක් එකක් මොකක්ම හෝ දෙයක් කරපු එවුන්. හැබැයි ඔය සෙට් එකේ කෙල්ලෙක් නැතිව හිටියේ මටයි චින්තක කියල තව යාලුවෙක්ටයි විතරයි. අපි හැමදාම හවසට සෙට් වෙන්නේ යුසි වත්තේ ග්‍රවුන්ඩ් එකේ. උඹ ඒ පැත්තේ ගිහිල්ලනම් දන්නවා ඇති. වොලිබෝල් ගහල ආතලේ එකේ මලක් එහෙම ගහල තමයි හැමදාම ගෙවල්වලට යන්නේ එතකොට මම ඕලෙවල් ක්ලාස් වල උඹල ඒ දවස් වල දනගාන කොල්ලෝ  ඉතින් අපේ සෙට් එකේ හිටිය රම්බෝ අයියා කියල කොල්ලෙක් මු තමයි අපේ ලීඩර් මු තමයි ජොයින්ට් සප්ලයි කරන්නේ ජොයින්ට් එක්ක මු අරන් එනවා වැල පත්තරෙකුත් අද වගේ ඉස්සර හැම ගෙදරම ඉන්ටෙර්නෙට් තිබුනෙත් නැහැ කොම්පියුටර් තිබුනෙත් නැහැ. ෆොනුත් තිබුනේ කීයෙන් කීදෙනාටද අපිට තිබුණු එකම සොමිය තමයි පත්තර බලන එක.

ඒ අගෝස්තු ඉස්කෝලේ නිවාඩු කාලේ දවසක් මෙහෙම පත්තර බල බල ඉන්නකොට මම හිතා ගත්තා කොහොම හරි මම ආතල් එකක් ගන්නවා කියලා. පස්සේ මම කල්පනා කරලා මේකට පොටක් පාදාගන්නේ කොහොමද කියලා කතාකලා රම්බෝ අයියට. මිනිහා ඉඳල හිටලා ඔය කොළඹ දිහාවේ එනවා අත් උදවු වැඩ වලට පොර තමයි අපේ ගැන්සියේ කොළඹ ගැන හොඳම දැනීමක් තිබ්බ එකා මම කොහොම හරි දැම්ම මූට ටෝක. කොහෙන්ද මට බඩුවක් (ගණිකාවක්) සෙට් කරගන්න පුළුවන් කියල. මිනිහා මට කිව්ව පිටකොටුවේ බෝගහ ළඟ තැනක්. හැබැයි 1000ක් හමාරක් අරන් පලයන් කියලත් කිව්වා. අපේ එවුන් වදේ ගහන එකෙන් බේරෙන්න තියෙන එකම ක්‍රමේ මේක තමයි කියලයි මට හිතුනේ ඒදවස් වල වැඩිය දැනීමක් තේරීමක් නැහැනේ. බලන්නේ සෙට් එකේ තැනක් තියාගෙන ඉන්න. අපේ තාත්තා කැටයම් වැඩ කරන නිසා සල්ලි තියෙනවා අත දිහැරලා වියදම් කරන්න ඔක්හොම හරි ක්ලාස් එකක් පිටින් දාලා මම උදෙන්ම පිටත් උනා පිටකොටුවට. 

මීට කලින් තනියම ඇවිල්ල නැති කොටුව මට මහ අමුතු තැනක් උනා. ආව උනාට මට තාම අයිඩියා එකක් නැහැ කොහොමද මම බඩුවක් සෙට්කරගන්නේ කියලා. බසේකෙන් බැහැල පරණ CTB බස් ස්ටෑන්ඩ් එක පැත්තට මම ඇවිදගෙන ගියා. කඩේකින් පත්තුකරගත්ත සිගරට් එකකුත් ඇද ඇද ඉන්න අතරේ එතන තිබුන කඩේකින් රුපියල් 50කට සන්ග්ලාස් දෙකක් අරං දාගත්තේ අඳුනන කවුරුත් දකීවි කියන බයට.එතනට වෙලා කල්මරමින් ඉන්න කොට මම දැක්ක වයස 20ත් 30ත් අතර ගැහැණු කෙනෙක් එනවා හොඳට ඇඳල කරලා හිටියේ හෑන්ඩ් බෑග් එහෙකුත් කරේ දාගෙන බැලු බැල්මට පේන්නේ ඔෆිස් එකක වැඩකරන ඩයල් එකක් වගේ. මම වැඩිය ඒ පැත්ත බලන්නේ නැතිව ඉද්දි මේ ගෑනි මගේ ලඟට ආව. 
මොනවද බලන්නේ කියල මගෙන් ඇහුවා එකපාරටම. 
මම කිව්ව මොකුත් නැහැ කියල 
මේ ළඟ පොට් එකක් තියෙනවා වැඩි ගානක් නැහැ කියල කිව්වම මට තේරුනා මේ ඩයල් එකක් බව. 
"කීයද?" කියල මම ඇහුවා. 
"600" ක් කියල මේ ගෑනි ගත්කටටම කිව්වනේ. රම්බෝ අයියා කියපු දේ එකපාරට මතක් උන මම එකපාරටම ඒ ගානට කැමතිවෙන්නේ නැතිව "අපෝ බැහැ ගාන වැඩියි කියල කිව්වා. මොකද කියන්නේ 300ක්." හරි කියල ගෑනි වැඩේට කැමති උනා. එතන තිබ්බ පරණ ත්‍රීවිල් එකක් ලඟට ගිහින් එකට ගොඩවෙලා මටත් නගින්න කිව්වා කියලා යන්න ඕනේ තැන ඩ්‍රයිවර්ට කිව්වා. උන්දෙන්නගේ කතාවෙන් මට තේරුනේ ඩ්‍රයිවරුත් මුන්ගේම එකෙක් තමයි කියලා උන්දෙන්නා ආගිය තොරතුරු කතාකරමින් යන අතරේ මම ගණන් හදලා බැලුවා අද කාලේ 300ක් කියන්නේ වැඩි වටිනාකමක් නැති වුනත් 90 ගණන්වල 3000ක් විතර වටිනවා කමක් නැහැ හැමදාම නැහැනේ කියල හිතාගෙන මම සද්දනැතිව හිටියා.

මුඩුක්කු පේලියක් ලඟට ඇවිත් නවත්වපු ත්‍රීවිල් කාරයා අපිව බස්සල කිව්ව 200ක් දෙන්න කියලා. මම ඌට 200ක් දීල මේ ගෑනි එක්ක ඒ ගෙදරින් ඇතුලට ගියා හරිම අපිරිසිදු ගෙයක් ඒ ගෙදර මිනිහයි ගෑනියි ළමයි වගේකුයි හිටියා කාමරේ කුලිය මට ගෙවන්න කිව්ව ගෑනි ඇතුලට ගියා. මගේ ඔලුවේ ඉඳන් කකුල් දෙක ලඟට බලපු ඒ ගෙදර අයිතිකාරයා. මල්ලි මොකද පලවෙනි සැරේද? මීට කලින් මේ පැත්තේ දැකල නැහැ ගම කොහෙද? කළුතර.වයස කීයද කියල අහද්දීනම් මම පොඩ්ඩක් බය වුනා මම ගත්කටටම 23ක් කිව්වත් ඒ මිනිහා ඒක පිළිගත්තේ නැති විත්තිය පොරගේ හිනහාවෙන් මට තේරුනා. 

හරි මල්ලි ඔක්කොම 700ක් දෙන්නකෝ පැය දෙකක් තියෙනවා ඕනේ දෙයක් කරගන්න. 

ගාන වැඩි නැද්ද අයියේ?

යකෝ මරු කතා තමයි උඹත් අහන්නේ මේ ඒරියා එකේ තියෙන ලාබම තැන මෙතන ඕනෙනම් ගිහින් වෙන තැනකින් අහල එනවා 

එහෙම අහල දැනගන්න මටමේ පළාත ගැන එච්චර දැනීමක් නැති නිසා මට ඕනේ උනේ පුළුවන් ඉක්මනට වැඩේකරගෙන ගෙදර යන්නයි. ගෙනාව සල්ලි මෙතනට ඉවර උනත් කමක් නැහැ මොනවා උනත් මට බස් තව රුපියල් 50ගානක් අතේ තියෙනවනේ කියල හිත හදාගත්තා.
හරි මල්ලි මෙතනින් ඇතුලට යන්න කොනේම කාමරේ  කියල ඒ මිනිහා යන්න ගියා. තව කාමර තිබුනා ඒවගෙත් වැඩ යනවා කියල ඇතුලෙන් ආව සද්දෙන් මට තේරුනා.

ඇතුලට ගියගමන් කලිසම ගලවන්න කියලා ගෑනි කිව්වා. මම කලිසම ගලවද්දී මගේ අතට කොන්ඩම් එකක් දීල කිව්ව 50ක් දෙන්න කියල. එවෙලාවේදී තමයි මට මල පැන්නේ මම කිව්ව ඔක්කොම සල්ලි මම මේ ගෙදර අයිතිකාරයට දුන්නා 700ක් තව මගේ අතේ තියෙන්නේ බස් එකේ යන සල්ලි විතරයි කියලා කිව්වම ගෑනි ඇහුවා එතකොට කෝ මගේ සල්ලි කියල මම ඇහුවා ඇයි මම අරමිනිහට දුන්නේ ඒවටත් එක්ක නේද කියලා නැහැ ඒ රූම් එකේ කුලිය විතරයි කියල කිව්වම තමයි මට දෙයියෝ සිහි උනේ. එතකොට මගේ දිහා කින්ඩියට වගේ බලපු අර ගෑනි අහනවා මල්ලි රුපියල් 50න් කොහොමද ****** කියලා කමක් නැහැ ඕක දෙන්නකෝ මම අරූට කතාකරලා මගේ ගැන ඉල්ලගෙන එන්නම් ඔය එතකල් කලිසම ගලවන්නකෝ කියල ගෑනි එලියට ගියා. මමත් බලන් හිටිය විනාඩි 5ක් 10ක් මේ ගෑනි නැහැ මම කලිසම ඇඳගෙන එලියට එද්දී ගෙයි අයිතිකාරයා කියනවා මොකද මල්ලි වේලපහින්ම? මම පොරට වෙච්ච දේ කිව්වා. එතකොට හිනාවෙන්න පටන්ගත්ත මිනිහා කියනවා මල්ලි ඔය ගෑනි හෙරක් ඔයා ඒකිට අහුවුනා ඒකි සල්ලි අරන් මාරුවෙන්න ඇති. 



හයියෝ මගේ සල්ලි දැන් මොකද කරන්නේ පොලිසියට කියන්නත් බැහැ. කිව්වොත් මාට්ටුවෙන්නේ මමමයි ඒ ගෙදරින් එලියට බැස්ස මම ඇවිදගෙන ආවේ කිසිම අරමුණක් නැතිව යන්න සල්ලි නැහැ ගෙදරට කෝල් එකක්වත් දීගන්න බැහැ ගෙදර ෆෝන් නැහැනේ. මේ යුද්දේ දවස් නිසා පාරේ බැරියර් දාලා ඉස්සරහ තියෙනෙන් චෙක් පොයින්ට් එකක් මම එතන පාස් කරන යද්දී එතන හිටපු පොලිස් කාරයෙක් ඒයි ළමයා කොහෙද යන්නේ කියලා අහද්දී  මම නැවතුනා. කොහෙද යන්නේ එහෙම විස්ටහ්ර හද්දී මම අමු කෙප්පයක් ගොතලා කිව්ව ත්‍රීවිල් කාරයෙක් මට රොබරියක් දුන්න විදියට. ඒ පොලිස් පොස්ට් එකේ හිටපු මහත්වරු මට දවල්ට කන්නත් දීලා අතට රුපියල් 50 කුත් දීලා බසේඑකටත් නග්ගලා එව්වා. ඒ නිසා උඹල ලියද්දි පොඩ්ඩක් හිතල බලපන් හොන්දවගේම නරක මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවා. ඔය වෙච්ච සිද්දිය නිසා මම එක පාඩමක් ඉගන ගත්තා මොන දේ උනත් මම බඩු සබ්ජෙක්ට් එකට බහින්නේ නැහැ කියලා. 





ඔන්න ඕකයි යාලුවනේ කතාව. අද මේ පුද්ගලයා කසාද බැඳලා අවුරුදු 10ක පුතෙක් ඉන්න තාත්තා කෙනෙක් මම ඔහු ගැන දන්නා තරමින් ඉතා ආදර්ශමත්ව ජීවත් වන බවනම් කිවයුතුය. මෙහි රැකියා කරන බොහෝ දෙනෙක් අනියම් සම්බන්දකම් පවත්වාගනිමින් අභිසරු ලියන් වෙත ගියත් මොහු නොයන්නේ ඉහත කී සිද්දිය දැඩි ලෙස ඔහුගේ මනසේ කම්පනයක් වැනි යමක් ඇතිකරලීමයි සිතිය හැක.  මම මේ කතාව බ්ලොගේ පොස්ටුවක් හැටියට දමන බව කීවිට පැවසුවේ මගේ නම නොදා ගම නොදා විස්තරේ ලියපන් යනුවෙනි මේවා අදකාලේ හැදෙන උන්ට හොඳ පාඩම්.  මට නම් මෙව්වා අහල නිකන් හොල්මන් වගේ මේ කතාවේ ඔහු විසින් සඳහන්කරන ලද  කිසිම කරුණක් පිළිබඳව කෝරලේ මහතා විසින් තහවුරුකිරීමක් නොකරන අතරමේ ජේදය ගැන පමණක් වගකීම දරමි( මම කොහොමද බොල මම දන්නේ නැති දේක වගකීම ගන්නේ) අනෙක් වැදගත් කාරණය තමයි. 





Tuesday, 12 February 2013

ඩුබායිවල පිලිපීන ගණිකාවෝ, කිඹුල් මස් ,ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්

අද මම ලියන්න යන්නේ ෂෝට් ඇන්ඩ් ස්වීට් කතාවක්. කියවලම බලන්නකෝ හොඳද නැද්ද කියල.මේ හැම කතාවකට වගේම මුල් වෙලා තියෙන්නේ අපේ ඔෆිස් එක ඇතුලේ ඇතිවෙලා තියෙන රටවල් පිලිබඳ ප්‍රශ්නය.



දිනක් මා දහවල් කෑමට යන විට ටිරා (මතකයිනේ) වෑන් නම් පිලිපීන ජාතිකයෙකු සමග උණුසුම් ලෙස බහින් බස් වෙමින් සිටියහ. මේ දෙන්නා මරාගන්න යන්නේ මේ රටවල් වල ගුණ දොස් කියල. මටත් ඉතින් අල්ල කහන ගතියක් තියෙනවනේ රට ජාතිය ආගම ගැන කියද්දී ඔතනට සෙට් නොවීම ඉන්නම බැහැනේ. මමත් කන එක පැත්තකින් තියල බැස්ස ගේමට. මම වෙච්ච කතාබහ දෙබස් විදියට දාන්නම් කෝ එතකොට ඔයාලට ලෙසිවේවි කියවන්න

වැන්(Van): දැන් බලනවා තමුසෙලාගේ රටේ හරිහමන් පාරවල් තියෙනවද හයිවේ???? මොනවද මිනිස්සුන්ට තියෙන පහසුකම් බලනවා මේ රටේ ලංකාව කිව්වොත් දන්නේ ලේබර්සලා(labors) house maidsලා තමයි ප්‍රතිශතයක් විදියට අරන් බලනවා. ලොකු ඇඩ්මින් රස්සා කරන්නේ කීයෙන් කී දෙනාද?

ටිරා: ඇයි යකෝ උඹලගේ එවුන් සුපර්මාකට් වල බඩුවිකුනනවා ක්ලීනින්ග් කරනවා. මොනවද නොකරන්නේ ඒ මදිවට අහක ඉන්න බල්ලෝ පූසෝ ටිකටවත් ඉන්න දෙන්නේ නැහැ උඹ එනවද අපිට කියල දෙන්න.??????

මම: පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න ටිරා........ පොඩ්ඩක් ඉන්න...... මම උඹල දෙන්නටම වැඩි කාලයක් ඩුබායි වල ජීවත් වුන එකානේ මම කියන්නම් කවුද හරි කවුද වැරදි කියල මොකක්ද වෑන් කිව්වේ ලංකාවේ ඉන්නේ ඔක්කොම house maids ලද?

වෑන්: ඔව් බොරුද ඕනෙනම් ගිහින් බලපන්කො ජුමේරා පැත්තේ (ශ්‍රී ලාංකිකයන් වැඩිපුර සිටින පෙදෙසක්)

මම: නැහැ අපේ වැඩිම ශ්‍රමිකයන් පිරිසක් ඉන්නේ ගෘහ සේවිකාවන් තමයි. මම ඒක පිලිගන්නවා මොනවා උනත් ඒකත් රස්සාවක් වැදගත් විදියට කරන්න පුළුවන්. හැබැයි උඹලගේ ඉන්නේ ගණිකාවෝ බොරුනම් පොඩ්ඩක් බර් ඩුබායි(Bur Dubai) කරාමා (karama) සට්වා (satwa) පැත්තේ රවුමක් දාල බලපන්කො මම ඔය කිව්වේ ප්‍රධාන තැන දෙකතුනයි තව ඕනෙතරම් ඉන්නවා උඹලගෙ පිලිපීන ගෑනු තමයි  මෙහෙට HIV අරන් එන්නෙත් උඹලගෙම උන් වැඩියෙන්ම චාටර් වෙන්නෙත්  යැයි පැවසු විට වෑන්ට හීං දාඩිය දැම්මේය. නැවතත් මා කට හැදීමට පෙර එතනින් ඉවත්ව යාමට වෑන් කටයුතුකළ මුත් පසුව අපේ සමහරු ඔහුගෙන් අද රෑට කෑල්ලක් එවාපන්. ගාන කීයදැයි අසන්නට පුරුදු විය. එවන් විටක එෆ් uck අකුරෙන් පටන් ගෙන තව බොහෝ දේ දැනගැනීමට එසේ ඇසූ තැනැත්තාට හැකියාව ලැබේ.



තවද මෙම පිලිපීන ජාතිකයන් බොහොමයක් ජීවත් වන්නේ අධික මාන්යක් හිතේ තබාගෙනයි. අපේ ඔෆිසියේ රැකියාවට අලුතෙන් ආ පිළිගැනීමේ නිලධාරිනිය ගතහොත් මුල් දින කිහිපයේදී ඔෆිස් බෝයිට පවා සර් සර් කියූ ඇය සති දෙකතුනකින් ජෙනරල් මැනේජර්ටත් නම කියා කතාකරයි. එය ඔවුන්ගේ ජාතියේ ගතියයි. සුදු හමක් ඇතිබැවින් කළු හැම සහිත වුන්ව පිළිකුල් කිරීම මොවුන්ගේ ගතියයි. උදාහරණයක් ලෙස ශ්‍රී ලාංකිකයෙක් බසයේදී දුටුවත් ලේන්සුවෙන් නහය වහගැනීම මොවුන්ගේ ගතියක්ව ඇත. එවන් විටක පුද්ගලයෙකු ලක්වන පහසුතාවය මදක් හිතාබලන්න. එබැවින් මා අවස්ථාවක් ලද හැම විටම පිල්ලන්ව කපාදමමි.

තවත් දිනක කෑම වර්ග පිලිගන්දව කතාකරමින් සිටින විට මා ඔවුන්ගේ කෑම වර්ග ගැන විමසුවෙමි. එහිදී ඔවුන්ගේ ප්‍රියතම කෑම වර්ග අතරට ගෙම්බන් සර්පයන් බල්ලන් බළලුන් පමණක් නොව කිඹුලන්ද අයත් බව අසා මා විමතියට පත් අයුරු දැක. Oh: it just taste like chicken (ඒකේ රස කුකුල් මස් වගෙයි) එහිදී මා පැවසුවේ අපේ රටවල් වලනම් කිඹුලෙක් දැක්කම දුවන්නේ අපි. හැබැයි බොලාගේ රටේ උඹලව දැක්කම කිඹුල්ලු දුවනවයි කියාය. 







Monday, 4 February 2013

ගම්බට්ටෙක් වස්ති කිරීම, සහ නිදහසට පසුවදනක් (රස හඳුනන්නන්ට පමණයි)

මම මේ පොස්ටුව ලියන්න හිතුවේ අද උදේ මම කියෙව්ව ඩුඩ් අයියගේ පොස්ටුවේ ඉන්න පොලිස් බල්ලාගේ කේස් එක දැකලා. ඒ තරම් ලොකු නැතත් පොඩිපහේ එකෙක්ට කෙලෙව්ව තාලේ ගැන ලියන්න කල්පනාකලා. දැන් නම් හාවා හඳ දකින්න වගේ තමයි පොස්ට් එකක් දාන්න වෙන්නේ. ඒ වගේම බ්ලොග් බලන්න වෙන්නෙත් අපේ ලොක්කා අපිව මරව මරව වැඩ ගන්නේ හරියට ප්‍රොජෙක්ට් එක කරලා ඉවර උනාම හම්බවෙන මිලියන ගාන ඔක්කොම ඒකාගේ සාක්කුවට යනවා වගෙයි. ට්‍රැක් එකෙන් පිට පැන්නනේ පොඩ්ඩක්







ඔන්න මේ කතාවත් වෙන්නේ සුපුරුදු පරිදි අපි 
කතරගම ගිහින් එනකොටයි. ඒත් මේ ගමන ගියේ පවුලේ උදවියත් එක්කයි. මේ වන්දනාගමන සංවිධානය කලේ අපේ පොලිස් බඩා නොහොත් මගේ මාමගේ පුතයි. මේකා වැඩ කරන්නේ පොලිසියේ. තරු 3ක බුවෙක්. ඉතින් හැමෝම එක්ක කතරගම ගිහින් එද්දී තිස්ස හරියේදී පොලිස් මාර්ග භාදකයක වාහනේ නැවැත්තුවා. පරීක්ෂා කරන්න. මේකේ හිටිය 

තරමක් හිටියේ ගම් බට්ටෝ  එකම එක පොලිස් කාරයෙක් තමයි එතන ඉන්නවා දැක්කේ. ඔන්න ඉතින් කොනක ඉඳන් බල බල එනවා හැමෝගෙම හැඳුනුම් පත් පරීක්ෂා කරද්දී. මගේ ළඟ ලංකාවේ හැඳුනුම් පත නැති නිසා. මම ගමන් බලපත්‍රය ඒ නිලධාරියාට පෙන්නුවා. මම ඉස්සරහ සීට් එකේ හිටියේ ලොකු අයියත් එක්ක.

මේක වැඩක් නැහැ මම ඉල්ලුවේ අයිඩින්ටිය පාස්පෝර්ට් එක මෙහෙට වලංගු නැහැ යැයි පැවසීය. එවිට මා දැනට මා ළඟ ඇත්තේ මෙය බවත් සෑම වතාවදීම මා ලන්කාවට පැමිණෙන විට පාවිච්චි කරන්නේ මෙය බවත් අයිඩින්ටියට වැඩි වටිනාකමක් මෙහි ඇතිබවත් පැවසීය. එකපාරටම බුරාගෙන පනින්න වගේ මගේ ඇඟට කඩාපැන්න මේ ගම් බෙට්ටා.


 ඕයි......... තමුසෙට සිංහල තේරෙන්නේ නැද්ද මම ඇහුවේ අයිඩින්ටිය. පාස්පෝර්ට් එක නෙවෙයි පාස්පෝර්ට් එක දෙන්න මේක එයාපෝර්ට් එක නෙවෙයිනේ  යැයි බෙරිහන් දීමට පටන්ගත්තා. එවිට කරුණු පැහැදිලි කරදෙමින් මේකයි මම ලංකාවේ ඉන්නේ මාසෙකටත් අඩුවෙන් හැම අවුරුද්දකම මම පදිංචිය රටමයි. ඉතින් මට තාම ලංකාවේ අයිඩින්ටිය හදාගන්න හැකියාවක් නැහැ නමුත් පාස්පෝර්ට් එකටත් අයිඩින්ටියට හා සමානවම පිළිගැනීමක් තියෙනවා නේද යැයි ඇසීය.


තමුසේ එනවද ඕයි මට නීතී උගන්වන්න යැයි මාගේ කොලරයෙන් අල්ලමින් පැවසීය. එවිට එතනට මැදිහත් වූ ලොකු අයියා. මේ අයිසේ තමුසෙගෙ ලොක්කට එන්න කියනවා මෙතනට යැයි පැවසීය. එතෙක් ඔහු කවුදැයි ඔහුගේ අනන්‍යතාවය හෙළිකර නොමැති බැවින් ඔහු දෙසට රවමින් බැරක්කය දෙසට ගිය ගම් බෙට්ටා එතන සිටි ඉහල  පොලිස් නිලධාරියෙකුත් සමග කියවමින් පැමිණෙන්නට විය. ඔහු උප පොලිස් පරීක්ෂක වරයෙකු බව මා දැනගත්තේ. පසුව ලොකු අයියාගෙනුයි.

මා වෙත පැමිණි එස් අයි වරයා. මොකද තමුසෙගෙ ලොකු කම????? මේ......  ඉලන්දාරියා අපි කරන්නේ අපේ රස්සාව අයිඩින්ටිය ඉල්ලුවම අයිඩින්ටිය දෙනවා මගුල් නටන්නේ නැතිව. අනෙක තමුසේ රජයේ නිලධාරියෙකුට කතාකරන්න දන්නේ නැද්ද? ලොකු අයියා කතාකිරීමට යනවිට ඔහුව නැවත්වූ මා.... රජයේ නිලධාරියෙක් ????? කෝ.....? කොහෙද.....? කවුද.....? මම බැන්න රජයේ නිලධාරියෙක් නැහැ. යැයි පවසද්දී ඇයි යකෝ...... තෝ පොට්ට වෙලාද.....? තෝ මට කතාකලේ කොහොමද යැයි ගම්බට්ටා බෙරිහන් දෙන්නට විය. ඔහුගේ හැසිරීම් විලාශය මට කුලප්පු වූ කුළු හරකෙක් සිහියට නැංවිය.

මොකෝ තමුසේ හදන්නේ අපිත් එක්ක සෙල්ලම් කරන්නද......??? ඒ එස්.අයි වරයාගේ හඬයි. මොකද උනේ කියනවා බලන්න. යැයි කිව් විට මා සිද්දිය සැකෙවින් ඔහුට විස්තර කර දුන්නේය. හරි ළමයෝ පාස්පෝර්ට් එකට පිළිගැනීමක් තිබුනත් ඔයාට ඒ සිද්දිය මත රජයේ නිලධාරියෙක් නිල ඇඳුමක් ඇඳගත්තු කෙනක්  සමග බහින් බස් වෙන්න අවශ්‍යතාවයක් නැහැ යැයි පැවසීය. නැවතත් මා ඇසුවේ කවුද රජයේ නිලධාරියා යනුවෙනි. ඇයි ඔහේට පෙන්නේ නැද්ද මේ සිවිල් ආරක්ෂක නිලධාරියෙක් එයාට බලය තියෙනවා ඔයාගේ අයිඩින්ටිය බලන්න.

එවිට පිළිතුරු දුන් මා. "මෙහෙමනේ අංකල් එයා එයාගේ බලතල පාවිච්චි කරන්නේ නීතියට අනුකූලව නෙවෙයි. අනෙක එයා මේ කැමා කිට් එකක් ගහන් ඉන්න පලියට රජයේ නිලධාරියෙක් වෙනවා නම්, මමත් ඉතින් ඔය ගෙදර ඉන්න වෙලාවට කැමා ඇඳන් තමයි ඉන්නේ. කොහෙද මෙයාගේ නිල ඇඳුමේ සඳහන් වෙලා තියෙන්නේ මෙයා පොලිසියේද හමුදාවේද.... අඩුම ගානේ කොටියෙක්ද කියලවත් බැජ් එකක් නැහැනේ. දැන් බලන්න අඩුම තරමේ නේම් ටැග් එකවත් තියෙනවද කියල. අනෙක ලඟින් යන්න බැහැ කසිප්පු ගඳේ. එයාට කොහෙත්ම අයිතියක් නැහැ මගේ කොලර් එකෙන් අල්ලන්න එයාගේ නොදැනුවත් කම වහගන්න. යැයි පවසූ විට එස් අයි වරයාගේද සැර මදක් බාල වූ බව ඔහුගේ මුහුණින් පෙනින ඒ වෙලාවේම ගම්බට්ටාට බැරක්කයට ගොස් නිල ඇඳුම සම්පූර්ණ කරගෙන එන ලෙස පැවසීය. අනෙක් නිලධාරින්ද මේ සිදුවන දෙය දෙස බලා සිටියි.  නැවත මාවෙත හැරුණු එස්.අයි වරයා ළමයා කොයි රටේද ඉන්නේ කොයි විශ්වවිද්‍යාලෙද ඉගෙන ගන්නේ   එවිට මගේ ශිෂ්‍ය හැඳුනුම් පත ඔහු වෙත ලබාදෙමින් මා ඉගෙනගන්නේ AUS (American University Of Sharjah) බව පැවසු විට ඔහු එය වටහාගෙන ඇත්තේ වැරදි ලෙසයි. ඕස්ට්‍රේලියා.... හ්ම්ම්ම්.....
 ඔහුට වැරදුන බව දැනුනත් මා එහි වෙනසක් නොකළේ මට එයින් ඇති වැඩක් නොවූ නිසාවෙනි. මොකක්ද  ඉගෙනගන්න සබ්ජෙක්ට් එක?


මගේ ඩිග්‍රිය බැර්ස්ටර් ඔෆ් ලෝ Barrister Of Law (අධි නීතිඥ)

බවත් පවසන විට එස් අයි වරයාගේ ඇස් දෙක උඩ ගියේ සැමටම පේන්නටය. තම හැඟීම් සඟවාගනිමින් ලොකු අයියා දෙසට හැරුන ඔහු, "මිස්ටර් මොනවා කලත් දැන උගත් ළමයි නේ අඩුම තරමේ වයසටවත් වැඩිහිටියෙකුට ගරුකරන්න ඕනේ නේදැයි" ඇසු විට, එයට නක්කල් සිනහවක් දැමු ලොකු අයියා. තමුන් බණ කිව්වට උසස් නිලධාරියෙක්ට කතා කරන්නේ ඔහොමදැයි ඇසුවේ රාජකාරිහැඳුනුම් පත පෙන්වමින්ය. හයියෝ................... ඒ ගම්බට්ටාගෙයි එස් ඇයි උන්නැහෙගෙයි  මූණ මට මෙතන අඳින්න බැහැ නොවෑ........... දෙකට තුනට නැමී සැලියුට් ගසා පස්සේ ලොකු අයියගෙන් සමාව අරන් මටත් සමාවෙන්න යැයි පවසා එම සිද්දිය සමතයකට පත්කරගැනීමට හැකිවිය.




ඔන්න ඔහොමයි ඒ සිද්දිය ශේප් කරගත්තේ. එදා තමයි මම ලොජික් වලින් උපරිම ප්‍රයෝජනයක් අරන් තියෙන්නේ. මම නම් කියන්නේ 



පොලිසියේ ආදර්ශ පාටය ධම්මෝ හවේ රඛ්ඛති ධර්මචාරී කියන එක වෙනස් කොරලා අර එස් මහින්ද හාමුදුරුවොන්ගේ කවියක් තියෙන්නේ උස් තැන් දැක හැකිළෙන්නේ මිටිතැන් දැක පුප්පන්නේ කියලා. මේන් මේක තමයි හරියටම හරියන්නේ ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන්. අනෙක මම එතන බය නැතිව කතා කලේ මගේ ඇති ලොකු කමකට නෙවෙයි. මම දන්නවා මම නිවැරදියි කියල අනෙක  මම දන්නවා ලොකු අයියා ඉන්න නිසා මට කේස් නැහැයි කියලා. මම එතැනදී කිව්වේ බොරු උනත් පොලිස් කාරයන් අපහසුතාවයට පත්වුයේ. එතන සම්පූර්ණ වරද ඔවුන්ගේ අතේ බැවිනි. මම අයිඩින්ටිය හැදුවේ බඳින්න දවස් ගානක් තියෙද්දී බැන්දේ නැත්නම් මට තාමත් අයිඩින්ටියක් නැහැ. එදා දැනට අවුරුදු ගණනාවක් තිස්සේ මම ලංකාවට පැමිණි සෑම විටම සෑම අවස්ථාවේදීම පාවිච්චි කරපු ගමන්බලපත්‍රය. රටතුල වලංගු වන්නේ නැහැ යැයි කිවේ වෙරිමත නිසාද? නූගත් කම නිසාද?

ප.ලි. මෙහිදී සඳහන් කලයුතු වැදගත්ම කරුණක් වන්නේ. පොලිස් නිලධාරින් සහ ගම්බට්ටන්ගේ තත්වය මෙසේ වුවත්. ත්‍රිවිධ හමුදා නිලධාරින් අතර මෙවැනි ගති නැති බවත් (ඇතත් මටනම් හම්බවෙලා නැහැ) ඔවුන් ඉතා ආචාරශීලීව අවශ්‍ය රාජකාරිය පමණක් ඉටුකරන අයුරු මම සෑහෙන්න දැක තිබේ. එවැනි උතුම් ගති ගුණ රැගත් අපේ ත්‍රිවිධ හමුදා සොයුරු සොයුරියන්ට මේ ගෙවන නිදහස් දිනයේදී මාගේ උත්තමාචාරය.


 ලබාගත් නිදහස දෙවනිවරටත් රැකදුන් ඔවුන් දේශයේ මුරදෙවතාවන් මෙන්ය. දැනට ඔවුන්ට සලකන සැලකිල්ල යුද්දය ඇති දවස්වල මෙන් නොවේ. අප සිංහලයන්ට එවන් යුද්දයක් අප රටේ තිබුණාදැයි මතකයක් නැත. මා එහි වරදක් නොදකිමි. මක්නිසාද ඒ අපේ ලේ උරුමයෙන් රැගෙන එන දෙයකි. මුල අමතක වීම. සමරන්නා වූ නිදහස ඔවුන් මුල්කොටගෙන වඩාත් අර්ථවත් ලෙස සැමරීමට හැකිවේවා යන්න කෝරළේ මහත්තයාගේ පැතුමයි.








                   මෙන්න මෙහෙමලු යැංකි හමුදාවේ උදවිය 

                           salute එකක පින්තූර හොයද්දි ආවේ ඔන්න ඔහේ ඒකත් දාලා දැම්මා.









                                                   රසය හඳුනන උන්ට පමණයි.

Thursday, 17 January 2013

සිගරට් සහ පවුල් ජීවිතය. (18+)



කාලෙකින් කොටන්න ගත්ත නිසා ටිකක් නුහුරුයි නුහුරුයි වගේ ගණන් ගන්න එපා යාලුවනේ. මෙන්න මේකයි මම අද ඔයාලට කියන්න යන්නේ. මම අතිශය පජාත ලෙස කුජීත වෙච්ච අවස්තාවක් ගැනයි. මම මෙච්චර කල් ලිව්වේ මගේ යාලුවොන්ට වෙච්ච දේවල් නේ අද මම මට වෙච්ච අවාසනාවන්ත සිදුවීමක් ගැන ලියන්න හිතුවා. මේක ලියන්න මට හිතුනේ අපේ අත්තම්මාගේ පෙට්ට ගම ලියන ලොකු ජෝන් අයියගේ ලිපියක් දැකලා. දැකල ගොඩක් දවස් උනත් මේක ලියම්දෝ නොලියම්දෝ කියා කියා හිත හිත ඉන්න කොට අන්තිමට ඔන්න ඔහේ ලියල දානවා කියල හිතා ගත්තේ.


එය 2012 වසරේ ජනවාරි මස එක්තරා වැසිබර කාලගුනයකින් පිරි දවසක් විය. මා ගතට දැනෙන සීතල තරමක් නුහුරු වූයේ උෂ්නාදික රටක ජීවත්වන බැවින් විය යුතුයි. මේ සම්භාව්‍ය විදියට ලියන්න ගත්තට කතාව සම්භාව්‍ය නැහැ. ඒ නිසා පරණ පුරුදු විදියටම ලියන්නම් කෝ පට්ට පදිරි සීතලක් එදා තිබුනේ. සිඟිති අක්කට කියල කෝපි කෝප්පයක් වක්කරගෙන බීලා පොඩි උන් ටික සෙල්ලම් කර කර ඉන්න සාලේ පැත්තට ඔලුව දැම්මේ අපේ හාමිනේ කොහෙද ඉන්නේ කියල දැනගන්න. මොකද මම මේ දැන් සැරසෙන්නේ අපේ හාමිනේට හොරෙන් මම කරන හොර  වැඩක් කරන්න නිසා පළපුරුදු කොමාන්ඩෝ සෙබලෙක් වගේ තමයි
මම ඔත්තු බැලුවේ. අපේ උන්දැත් පොඩි උන් එක්ක සාලේ ටීවී බලනවා. කල දුටු කල වල ඉහගන්න ඕනේ කියල කියමනක් තියෙන නිසා පටස් කාලා පස්ස දොරෙන් එලියට පැනගත්ත මම. කෙලින්ම ගියේ අපේ එළියේ දර ලිප තියෙන පොඩි කුස්සි කෑල්ලට. එක දැන් පාවිච්චියට ගන්නේ නැති නිසා මකුණු දැල් බැඳිලා නිකන් හොල්මන් මන්දිරයක් වගේ තමයි තියෙන්නේ. මම හොඳින්ම දන්නවා මේ වගේ වෙලාවට මේ පැත්තට කවුරුවත් එන්නේ නැති විත්තිය. ආවත් එතන ගැටගහල ඉන්න බල්ලගෙන් මට දැනගන්න පුළුවන් ඒ පැත්තට කවුරු හරි එනවනම්.

මෙන්න උදා උනා ඒ උත්කර්ශවත් අවස්තාව මම මෙච්චර වෙලා පෙරුම් පුර පුර බලන් හිටපු. හීන් සැරේ ගිනි පෙට්ටියෙන් ඇදල ගත්ත ගිනිකූර ගහල සිගරට් එකක් පත්තුකරගෙන ආපහු පෙට්ටිය වහලේම රැඳවූයේ කාට හරි අසුවුවහොත් මාගේ රෙදි ගැලවෙන බව දන්නා නිසයි. හීන් සැරේ සිගරට්ටුව බොමින්  දුම් රැලි යවමින් කෝපි කෝප්පය තොල ගාන අතර බල්ලාගේ හැසිරීමේ වෙනසක් වූයෙන් එලියට එබී බැලුව විට මා දුටුවේ කලිසම සුලුදියෙන් තෙමන දසුනකි. මොකක්ද පින්වතුනි.........? අපේ ගෙදර උන්දා මේ පැත්තට එන බවයි. කරන්නට දෙයක් කල්පනා වූයේ නැති බැවින් දර ලිපේ කේතලයක් තබා ඇත.අළුද ඇති බව දුටූ මා සිගරට්ටුව එහි දමා අළු වලින් වැසීමට තැත් කරන විටම බනියා කුස්සියට ඇතුළු විය. අහෝ දුකකි ඉරකි තිත් ගොඩකි................... බනියාගේ මුහුණ දුටු විට මා පසුතැවිලි වූයේ ඇයි බං මේ මුහුණ මා සඳට උපමා කලේ. හඳ මෙච්චර නපුරු නැහැනේ.  යකෝ හඳ දන්නවනම් මට නඩු දානවා අපේ උන්දැට අම්බා මල පැනල. එතනින් එහාට වචනයක්වත් කතා නොකර මල්ලිවත් ඇදගෙන ගෙට ගිය ඇය එදින පුරාවටම මා හා වචනයක්වත් කතා කරේ නැත. ඕන්.


මෙච්චර ආරක්ෂක විදි විධාන දාල බිව්ව සිගරට් එක මාට්ටු වූ දුක මට දැනෙන්නට වූයේ මහමෙරක් ලෙසින්ය. තව පැත්තකින් මා පුදුම වූයේ අපේ මායියා මේ ගැන මා හා වචනයක්වත් කතා නොකළ බැවින්ය. පසුදින නිවසට පැමිණියේ මාගේ මවගේ වැඩිමහල් සහෝදරයා වන මගේ ලොකු මාමා සහ ඔහුගේ පවුලේ උදවියයි. මා ලොකු මාමාට සෑහෙන්න ගෞරව කරන බව බනියාද මැනවින් දනී. වෙනත් විදියකින් කියනවනම් ලොකු මාමා ඉස්සරහ මම දෙකේ කොලේට වැටෙනවා කියල බනිය දන්නවා. තේ පානයෙන් පසුව ආගිය තොරතුරු කතාකරමින් සිටින අතර තුර මාමා අමතා කතා කල අපේ බනියා

"මාම දන්නවද ගෙදර ඉන්න කොට කාලා පිඟාන වත් හෝදන්නේ නැති අපේ දිනු අයියා. දැන් බලන්නකෝ මට කොච්චර උදව් කරනවද කියල. ඊයේ මම බලන කොට දර ලිපේ මට නාන්න වතුර නටවනවා"
අපේ ලොකු මාමාටත් ඕනා නැති රබර් බෝලයක් නැති බැවින් ඔහුද දෑස් අයා විස්තරය අසන්නට විය.
එන පොට හොඳ නැති බව වැටහුන මා මට නෙවෙයි වගේ එතනින් මාරු වී ගියත් කන පිරෙන්න ලොකු මාමාගෙන් බැනුම් ඇසීමට සිදුවූ බව ආදරයෙන් සිහිපත් කල යුතුමය. එදා සිට අද දක්වා හැම කෙනාටම ඔය සිද්දිය බනියා කියවමින් යන්නේ ලැජ්ජාවට හෝ මම මෙම පුරුද්ද නවත්වයි කියා සිතාය. නමුත් මා ලැජ්ජා නහරය කපා දමා ගොඩක් කල් ගතවී ඇති බැවින් එවැනි දෙයක් මා හට නැති බැවින්  දුම්කොළ සමාගම බංකොලොත් වෙන්න මම කටයුතු කළා කියල හිතුවද???? එහෙම නැහැ සහෝදර වරුනි අදටත් ඒ චාරිත්‍රය එලෙසින්ම ඉටුකිරීමට මා ඇප කැප වී සිටිනා බව තමුන්නාන්සේලාට මතක් කරදෙන්න කැමතියි.



බලන්නකෝඅපි වගේ තරුන පරපුරක් සිටිනකල් ලංකා දුම්කොළ සමාගම බංකොලොත් වෙනවද කියල?



          අවවාදයයි දුම් බීම පිළිකා ඇතිකරයි. 







Related Posts Plugin for WordPress, Blogger...