Wednesday 13 November 2013

කොටුපැනීම, අම්මයි දුවයි සමග පවුල් කෑ එකා (මාතලන්ට/අපූර්විට පිළිතුරු) 18+++++


මේ පොස්ටුවේ පලවෙනි කොටස කියෙව්වේ නැත්නම් කියවලම එන්නකෝ.
අයියා පස්සෙන් ඒම (ගෘහසේවිකාවන්,ලිංගික අපයෝජන)
  පසුගිය පොස්ටුව රට යන ශ්‍රී ලාංකික කාන්තාවන්ට සිද්දවෙන දේවල් ගැනයි ලියවුනේ. මේ පොස්ටුව බොහොම ආන්දෝලනයකට ලක්වුණු පොස්ටුවක් කියල කියන්න පුළුවන්.මේ පොස්ටුවේ කොමෙන්ටුවක මා සඳහන් කල කරුණක් වෙනුවෙන් අපේ අපූර්වී සහෝදරිය මා ගැන මෙහෙම සඳහන් කරලා තිබුනා.



ඇත්තටම මම එහෙම කිව්වේ ඇයි??????? රට යන ඔක්කොම ගෑනු බඩු කියන සීල් එක ගහල නේද මු මෙහෙම කියල තියන්නේ. ඇත්තටම නැහැ මොකද රට යන ගෑනු ඔක්කොම බඩුත් නෙවෙයි පත්තිනි අම්මලත් නෙවෙයි. මම වෙන  රටවල් ගැන ඒ හැටි දැනීමක් තියෙන එකෙක් නෙවෙයි.(කොටින්ම ලංකාව ගැනවත්) ඒකට හේතුව තමයි මම බහතෝරන කාලේ ඉඳන්ම ඉඳල තියෙන්නේ ඩුබායි වල. මේ ඩුබායි, සාජා අජ්මාන්, රස් අල් ඛයිමා ප්‍රදේශ ගැන මට සෑහෙන්න තරම් දැනීමක් තියෙනවා. ඒ වගේම කලකට පෙර  රූපලාවන්‍යාගාරයක් මාගේ මව සතුව තිබුණු බැවින් ඒ ප්‍රදේශයේ සිටි ලාංකික කාන්තාවන් විශාල ප්‍රමාණයක් එහි සේවය ලබාගන්න පැමිණෙනවාත් දැක තිබෙනවා. ඒ වගේම ඒ එන කාන්තාවන් ගෙන වැඩි දෙනෙක් තමුන්ගේ ස්වාමියා ලෙස හඳුන්වා දෙන පුද්ගලයන් දවසින් දවස වෙනස් වන හැටිත් දැකල තිබෙනවා.මම කියන්නෙ නැහැ රට යන හැම ගෑනීම අනාචාරයේ හැසිරෙනවා කියලා. මොකද හොඳ ලස්සනට තමන්ගේ පාඩුවේ හම්බ කරගෙන තමගේ දරු පවුල් ජීවත් කරන ඉන්න කාන්තාවනුත් මම දැකල තියෙනවා.

මා ලියන මොනම හෝ පොස්ටුවක සඳහන් වන්නේ මා දැක ඇති, අසා ඇති දැනුම ලබා (ඉගෙන ගෙන ඇති දේවල්) පමණයි. සමහර විට මම දැකල නැති අහල නැති වුනාට ඊට වැඩිය හොඳ කාන්තාවන් පිරිසක් ඉන්න පුළුවන් නමුත් පැහැදිලි ලෙසම කනගාටුවෙන් වුනත් මම කියනවා අපිට වැඩිපුර අහන්න දකින්න ලැබෙන්නේ නරක තමයි. මම කිසිම විදියකින් ප්‍රකාශ කරන්නේ නැහැ. මේ වගේ කාන්තාවන් අනාචාරයේ යන්න හේතුව ගෑනුන්ගේ තියෙන වල් කම කියන එක. එකට මිනිස්සුත් 50% දායකත්වයක් ලබල දෙනවා අනිවාර්යයෙන්ම. අවුරුදු 40ක ගැහැනියක් අවුරුදු 20ක කොල්ලෙක් එක්ක යහන්ගත වෙන්නේ ඒ කොල්ලාගේ අනුදැනුමෙන් නෙවෙයි කියල කියන්න බැහැනේ. සිංහලෙන් කියනවනම් බබ්බු නෙවෙයි. කොල්ලත්
කැමැත්තෙන් තමයි යන්නේ. නමුත් අපි කොපමණ වාද කලත්  වැඩක් වෙන්නේ නැහැ. මම පෞද්ගලිකව  දන්නවා කොල්ලෙක් ගෑනු 20කට වැඩිය සම්බන්ධ කම් පවත්වපු. නමුත් කවුරුවත් ඒ කොල්ලාට වචනයක් කියන්නේ නැහැ  ඒ අපේ සමාජයේ හැටි. කොල්ලෝ ටිකක් සෙට් වුනත් කියන්නේ අරූ නියම බුලට් එක බලහන්කො උගේ ටැලන්ට් එක කියන එක. (ඉඳල හිටලා එකෙක් දෙන්නෙක් කියාවි අරූ බඩු කාරය කියන එක නමුත් එතැනදී වන්නේත් ගැහැණියම පහත කිරීමයි) නමුත් කෙල්ලෙක් කාන්තාවක් එක පිරිමියෙක්ගෙන් පිට ගියොත් අනිවාර්‍යයෙන්ම හංවඩු ගහනවා බඩුවක් කියලා.

ඉහත කොමෙන්ටුවේ මට දෙයක් මගහැරිලා තියෙනවා. ඇත්තටම මට ඒක දාන්න තිබුනේ මම දන්න  කියන එකෙක්ට හොයා බලල මිසක් බඳින්න දෙන්නේ නැහැයි කියන එක. නමුත් මා එයට කොමෙන්ටුව කෙටුවේ හදිස්සියෙන් ඒ නිසා මට යම්කිසි මග හැරීමක් වෙලා තියෙනවා. මම හිතනවා නැගණිය ඔයත් ඔයාගේ ඥාති සහෝදරයෙකුට හිතවත් පිරිමි යාලුවෙකුට කසාදයක් හොයද්දි විශේෂයෙන් එහෙම නම කැත වුනු කාන්තාවකට (මේකට හරියන වචනයක් මගේ ඔලුවට ආවේ නැහැ) බන්දලා දෙන්න කැමති වෙයි කියලා.  අපේ මාතලන් අයියා කියල තිබුන මේක "පෞද්ගලික පලිගැනීමක් පිණිස සහ පුරුෂාධිපත්‍ය ඉහට ගහපු. කාන්තාවන් හෙලා දකින ළිපියක්" ලෙස මම එතනදිත් කොමෙන්ටුවකින් ප්‍රකාශ කලා එහෙම එකක් ඇත්තටම නැහැ. මොකද මා මෙහි සඳහන් කරපු  උදවියගෙන් කිසිම කෙනෙක් අන්තර්ජාලය පාවිච්චි නොකරන උදවිය. අනෙක මෙහි ඔවුන්ගේ සඳහන් කරපු නම් ගම කිසිවක් ඇත්ත නම් නොවෙයි. මගේ බ්ලොගේ  දෙවනියට වැඩිම පිරිසක් බලන්නේ ඩුබායි වලින් ඒ හේතුව නිසාම මම ලියුවේ මෙහෙ ඉන්න ඒ උදවියව දන්නා කෙනෙක් බැලුවත් වටහාගන්න බැරිවෙන අන්දමින්.  තව හේතුවක් තමයි අර කොමෙන්ටුවක සඳහන් කල මා හා ප්‍රශ්නයක් ඇති කරගත් කාන්තාව ගැන පොස්ටුවේ කොතනකවත් සඳහන් වෙන්නේ නැහැ. ඒ වෙනම කතාවක්.  මාගේ මේ බ්ලොගය ලිවීමෙ අභිමාර්ථය කිසිවෙකුට අපහාස කිරීම මඩගැසීම හෝ හෙලා දැකීම නොවන බව මම පැහැදිලිවම කියන්න ඕනේ.  එසේ කිරීමෙන් මට ඇති වන කිසිඳු ලාබ ප්‍රයෝජනයක් ආත්මතෘප්තියක් නැති බැවින් එවැනි වැඩ මා, තරයේ හෙලා දකිනවා.  ඒ වගේම මාතලන් අයියා රට හිටියත් ඩුබායි, ජුමෙරා, සත්වා පැත්තේ මේ දිනවල වෙන සිද්දි ඔයා දැකල අහල නැතිව ඇති. මම එහෙ ජීවත් වෙන නිසා මට ඇහෙනවා පේනවා. බස් එකේ ට්‍රේන් එකේ කතා වෙන දේවල්. මම මේ බ්ලොග් එකේ ලියල දැම්ම මතක ඇති මම හිරේ ගිය තාලේ 

හිරකාරයෝ පස්සෙන් ගන්න වැඩ. ඇතුලේ නැත්තේ බඩු විතරද? (18 වැඩි උන් විතරක් කියවන්න) 

නිරුවත් කරලා ඇඟිලි ගහනවා? (18 වැඩි උන් විතරක් කියවන්න)

 

 

මේ වගේ පොස්ට් වලින් මම සමාජයට පණිවිඩයක් දෙන එකයි මගේ බලාපොරොත්තුව එහෙම නැතිව සමාජය නොමග යැවීම නෙවෙයි.

 


ඔන්න මම පොරොන්දුවුන පරිදි ජනකයියගේ කොටු පැනිල්ලත් මේ පොස්ටුවටම එක කරන්නම් කෝ කෙටියෙන්. මම පුරුෂාධිපත්‍ය අනුමත කරන කෙනෙක් නෙවෙයි. ඒ නිසාම අපේ ලංකාවේ පිරිමිත් අනාචාරයේ හැසිරෙන ආකාරය ගැන සිදුවීම් දෙකක් මා කෙටිකරලා ලියන්න අදහස් කරනවා. 


හැමෝටම මතක ඇතිනේ ජනකයියා මතක නැත්නම් මෙතනින් බලල එන්න. ඉතින් මේ ජනකයියට සෙට් වුනා ලංකාවේ හවුස් මේඩ් කෙනෙක් කසාදයක් බඳින වයසත් පහුකරලා හිටපු ජනකයියට මේක නිකන් ඉහේ මලක් පිපුනා වගේ වැඩක් වුනා. ඉතින් හෙමින් හෙමින් යාළු කමින් පටන් ගනිපු මේ දෙන්නගේ අමරණීය ප්‍රේම කතාව ගලාගෙන යනවා. දවසට පැය ගණන් ජෝඩුව ෆෝන් එකේමයි ඉන්නේ. සමහර වෙලාවට ස්පීකර් දාල මටයි ප්‍රසාද්ටත් හලෝ හායි කියන්න දෙනවා. සැබෑම මිහිරි කටහඬක් තමයි ඒ අක්කට තිබුනේ. ආ..... මට කියන්න අමතක වුනානේ මෙයාගේ නම තමයි මාලි. (ඇත්ත නම නෙවෙයි ඇය භාවිතා කල නම) මාලි කියන නමත් අර කුමාරි කියන නම වගේම මෙහෙ පොදු නමක්.   ඉතින් සමහර වෙලාවට කෝල් එහෙම එද්දී මායි ප්‍රසාදුයි පටන් ගන්නවා අර සින්දුව කියන්න. 

සිහින ලොවේ මිහිර මැවූ මාලි.......... කියල.

දවසක් ජනකයියට මාලිගෙන් ඇරයුමක් ලැබෙනවා මේ සම්බන්ධෙ තවත් ඉදිරි පියවරක් තියන්න. ඒ තමයි හම්බ වෙන්න එන්න කියලා. අරාබි ගෙදර ඉන්න ඔවුන්ට එලියට බහින්න ඉඩක් ලැබෙන්නේ නැහැලු නීති හරිම තදයි ලු. ඒ නිසා රෑ වෙලාවක තමයි එන්න කියල තිබුනේ. මේ වෙලාවට ඒ ප්‍රදේශයේ ටැක්සියක් හොයාගන්නත් සෑහෙන්න අමාරුයි. ඒ නිසා ජනා මගෙන් උදව් ඉල්ලුවා ඔහුව ඇරලවන්න යන්න කියල. යන්නේ කොට්ටක් පනින්න වුනත් මට ඉතින් අනුන්ගේ කෙහෙල් මලවල් වැඩක්  නැහැනේ මම කරන්නේ මගේ යාලුවට උදව්වක්. ඒ කාලේ කියන්නේ ෆිට් එකට ඕනේ වලක් බහින කාලෙනේ. ඉතින් ෆිට් එක වැඩිවෙලා පිත්තල හැන්දක් සාක්කුවේ ස්ටෑන්ඩ් බයි තියං ඉන්න තරම් ෆිට් එකක් තමයි මටත් ඒ දවස් වල තිවුනේ. මමත් ඉතින් වාහනෙත් අරගෙන සුභ නැකතින් ලව් කුරුල්ලෝ දෙන්නට උදව් කරන්න පිටත් වුනා.

අපිට එන්න කියල තිබුනේ ටිකක් රෑ වෙන්න නිසා රෑ 9 විතර වෙනකල් බියර් කෑන් දෙකක් බිබී හිටපු අපි දෙන්නා ඔන්න අසවල් ගේ ගාවටත් ආවයි කියමුකෝ. එතනට එන තාලේ කල් තියා මාලි ජනාට කියලයි තිවුනේ. කවුරු හරි එනවනම් මිස් කෝල් එකක් දෙන්න කියපු ජනා තාප්පෙන් පැනල යන්න ගියා. මම හීන් සැරේ ඉතුරු බියර් දෙකට වගකියන්න ගත්තේ තව පයක් විතර මම වෙන මොනවා කරන්නද කියල හිතමින්. ඒ අස්සේ මෝටර් සයිකලෙකින් ආව තවත් ඩයල් එකක් ගේ පැත්තට කුරුමානම් අල්ලනවා මම දැක්කා. මම හිමින් මෑන්ට කිට්ටු කරලා ඇහුව මොනවද කරන්නේ කියලා. පොර ලංකාවේ පොරක් පත්තර බෙදන එකලු ජොබ් එක. මම පොරට වාහනේට කතා කරලා අනෙත් බියර් එක දුන්නේ මොනවා වුනත් අපේ ලංකාවේ එකෙක් නේ කියලා හිතල මේ බියර් එක ටිකක් බාල වර්ගයේ බියර් එකක් 10% ඇල්කොහොල් තියෙනවා. මෙයින් දෙකක් බිව්වා කියන්නේ භාගයක් ගැහුවා වගේ වදිනවා. බියර් එක හිස් කරන අතර වාරයේ දොඩමළු වුනු මොහු (සුද්දා කියල කියමුකෝ) තමන්ගේ කෙරුම් කාර කම් කියන්නට පටන් ගත්තා. මමත් හූ මිටි තියමින් අහන හිටියේ නැත්නම් කම්මැලි කමට මට වෙන කරන්න දෙයක් නැති නිසයි. එක්වරම සුද්ද මගෙන් අහනවා මල්ලි වැඩිය ඕනේ නැහැ. ඔය ඉස්සරහ ගෙදර තියෙනවා නේද එකේ උයන්න ඉන්නේ ලංකාවේ බඩුවක් මම එකිටත් ******* බං යැයි කිවේය. 

එක වරම එය වැටහුනේ නැති බැවින් නැවත වරක් ඇසුවේ එය ක්ලියර් කරගැනීමටයි. ඒ ගෑනු කෙනාගේ නම මොකක්ද? මාලි කියල බං ඇත්ත නමක් නෙවෙයි මාලි කියලයි කියන්නේ. හික් මීයෙක් වගේ ඩයල් එකක් යැයි කීවිට මම ජනාට මිස් කෝල් එකෙක් දුන්නේ ඉක්මන් කරන ලෙස දන්වමිනුයි. ඒ වනවිටත් තලගොයෙකු මෙන් තාප්පයේ බඩගාමින් සිටියේ ජනාය. ගියපු තරම් කික් එකක් එද්දී පොරගේ මූනේ නොවූ බැවින් මා ඒ පිළිබඳව විමසීය. වැඩක් නැහැ මල්ලි යන ගමන් කියන්නම් මේ ඩයල් එක කවුදැයි අසද්දී ඔහුට සුද්දා හදුන්වා දී මා හට පැවසු දේවල් ජනාටද පවසන මෙන් කියුවේ මා හට මෙවැනි සිදුවීම් වලට මැදිහත් වීමේ උවමනාවක් නොවූ බැවිනි. ජනාද සුද්දා වෙත සියලු දේ පැවසු අතර එයට සිනහ සුන ඔහු මල්ලිලා උඹල ලොකු අමාරුවක වැටෙන්නේ. ඔය ගෑනි නොම්මර එකේ බඩුවක් එකපාරක් අස්කරලා යවල ආපහු ගෙන්නාගෙන තියෙන්නේ අරාබියගේ නාකි තාත්ත ඒ මිනිහට දැන් වයස හින්දා වැඩ පල ඔක්කොම කරව ගන්න. මේකිට කොටු නොපනින එකෙක් මේ අහල පහල නැහැ. මමත් යනවා බං තද වුනාම  ඒ වෙන කරනන් දෙයක් නැති හින්දා. අද මම ආවෙත් මේ ඒ වැඩේට තමයි. කොටින්ම කියනවනම් ඕකි  *යි කන යක්ෂනියෙක් කොල්ලෙක් අහුවුනොත් ඉවරයි. අනිවා ඌ එක්ක බුදියනවා. උඹල කසාද බැඳලත් නැති පොඩි එවුන් අහුවෙන්න එපා මේකිට යැයි පැවසීය. මේ විස්තරය ඇසීමෙන් පසු ජනාගේ මුහුණ ගල් රෝලකට අසුවූ නරියෙකුගේ මෙන් දිස්විය. සුද්දාට ස්තූති කල අපි විගසින් එතනින් පිටව ආවේ තව හිටියොත් තවත් දේවල් අහන්ට වෙන බැවිනි. එන ගමන් ජනාට දෙහි කපද්දී පොර විසින් මාගෙන් ඉල්ලා සිටියේ ප්‍රසාද් ඉස්සරහා මේ සිදුවීම කියන්නට එපා කියයි. මෙතෙක් කල් ඒ සිදුවීම අප දෙදෙනා පමණක් දන්නා සිදුවීමක් විය. ජනක යනු ඔහුගේ නමේ කොටසක් වුවත් බොහෝ දෙනා ඔහුව අමතන්නේ වෙනත් නමකින් බැවින් මේ පොස්ටුවෙන්  ඔහුගේ පෞද්ගලිකත්වයට කිසිම හානියක් නොවෙයි. 

මේ බ්ලොග් එක කියවන මැද පෙරදිග කොල්ලන්ට කියන්ට තියෙන්නේ එකම දෙයයි. ලංකාවේ ගැහැණු ඕනෙ තරම් ඉන්නවා සෙට් කරගෙනත් ඇති සමහර උදවිය නමුත් ඒ වෙනුවෙන් ෆෝන් කාර්ඩ් සඳහා තෑගී භෝග සඳහා වියදම් කරන සල්ලි ඉතුරු කරපල්ලා පස්සේ කාලෙක තමන්ගේ ඔරිජිනල් ගෑනිට සලකන්න. මොකද ඔය වටේ යන උන්ට කොච්චර කරත් වැඩක් නැහැ මතක තියෙන්නේ නැහැ නමුත් තමුන්ගේ කසාද ගෑනි කියන්නෙ තමුන්ගේ. එකත් හරියට වාහන වලට ඔරිජිනල් පාර්ට්ස් දාන්නේ නැතිව ඩුප්ලිකේට් දානවා වගේ වැඩක් අවාසි මෙන්න මේවායි 

* කල් පැවැත්මක් නැහැ 
*වගකීමක් නැහැ 
*ආරක්ෂාවක් නැහැ, 
*නාස්තිය පමණයි.
*වාහනේටත් හිතකර නැහැ (හානිදායකයි) 
*අන්තිමට අයියෝ සල්ලි කියල හිතෙනවා.  




ගහෙන් නැගල ඇත්තෙන් බැහීම. (උපුටාගැනීම සුදීක අයියා :D)

නම රොහාන් ප්‍රින්ටින් ප්‍රෙස් එකක පොඩි ප්‍රින්ටින් මැෂිමක ක්‍රියාකරුවෙක් ලෙස රැකියාව කරනු ලබයි. වයස තිස් ගානක් වුවත් එතරම් නොපෙනේ. මාගේ ඥාති සොයුරාගේ බොක්කේ ෆිට් එකක් වේ. මොහු නවාතැන් ගෙන සිටින්නේ හෝර් අල් අන්ස් නමැති පළාතේ මදක් ඇතුලට වන්නට පිහිටි විලා එකකයි.  දිනෙන් දින ඉහල නගින ජීවන බරත් එක්ක කෑම පහසුම සපයාගන්න එක ප්‍රශ්නය වෙලා තිබුනේ. මොකද කෑම සප්ලයි කරපු බලපිටියේ මෙන්ඩියා කසාදයක් බඳින්න ඕනේ කියලා ඩුබායි දාල ගියපු එකේ ප්‍රෙස් එකේ කට්ටියගෙම බඩවල් වලට පාර වැදුනා. මොකද කඩේකින් ඉන්දියන් පිටි ගුලි ගිලිනවට වැඩිය සාධාරණ ගානකට මෙන්ඩියා කෑම ටික දුන්නා. රොහාන් මොනවා නැතත් තමන්ගේ සරීර සෞඛ්‍ය ගැන ගොඩක් හිතන බුවා ජිම් එකට රිංගල හවස් වරුවේ යකඩ කන්නේ ඔය මොකක්දෝ මන්ද එකකට අවශ්‍යයි කියල. ඉතින් ජිම් ගිහිල්ල එන අතරේ තමයි බුවාට රමණි අක්කා සැට් වෙන්නේ. අරාබියගේ වාහනේ හෝදන ගමන් මේ අවුරුදු 45ක පමණ අක්කා රොහාන් එක්ක චැටක් දානවා. රෝහානුත් පැණියා නිසා ඉක්මනට අක්කව ට්‍රැක් එකට දාගන්න මිනිහට හැකියාව ලැබෙනවා. මුලින්ම පොර අක්කත් එක්ක බිස්නස් එකක් කරන්න තමයි සැට් වුනේ ඒ එකමඩේෂන් එකේ ඉන්න ලංකාවේ උන්ට රෑ කෑම සප්ලයි කරන්න  බිස්නස් එක අල්ලලා දෙන එක.


වැඩේ දැන් සරුවට නැගල යනවා. 20කට පමණ කෑම දෙනවා කියන්නේ හොඳ බිස්නස් එකක් අක්කට හැමදාම රෑට අක්කගේ ගෙදරට ගිහින් කෑම අරන් එන්නේ රොහාන් ඉතින් මේ විදියේ හොඳ ව්‍යාපාරයක් සැට් කොරල දුන්නු රොහාන් මල්ලිට අක්ක කලගුණ සලකල තියෙන්නේ යහනට අරන් ගිහිං. (මරු කාලගුණ සැලකීම) ඉතින් මේ වැඩේ නැගගෙන යද්දී අක්කට තනිවම කොරකියා ගන්න බැරි නිසා දික්කසාද වෙලා ලංකාවේ ඉන්න තමන්ගේ ලොකු දෝනියන්දව ගෙන්න ගන්නේ අරාබි මහලාට පින්සෙන්ඩු වෙලා. වීසා එකක් ගහගෙන. කොහොම පින්සෙන්ඩු වුනත් මොකෝ මාසෙකට ලක්සයක් එකහා මාරක් ලාබෙයක් තියෙන නිසා. ඉතින් කොහොම හරි දුවත් ඇවිල්ල මාසෙකින් දෙකකින් අනේ රොහාන් අයියේ  මට අර උදව්ව කරන්න කෝ මේ උදව්ව කරන්න කෝ කියා කියා මිනිහට සමීප වුනාලු.නිකන් දෙනවා ඒඩ්ස් උනත් එපා නොකියන වර්ගයේ මිනිහෙක් වෙච්ච රොහාන්ට මේ චෑන්ස් එක දෙයියෝ ටොකු ඇන ඇන දීපු එකක් වගේ වුනාලු. කොහොම හරි දවල් වරුවේ දවසක අක්කා අරාබි එකක් එලියට ගිහින් හිටපු වෙලාවේ අක්කගේ දූ පොඩ්ඩ රොහාන්ව ගෙන්නගත්තලු. පස්සේ දවසක කොහොම හරි වැඩේ අක්කටත් මාට්ටු වෙලා. අක්ක පොරට කියල තියෙන්නේ දුව එක්ක හිටියට කමක් නැහැ මාව අමතක කරන්න එපා කියන එක විතරලු. කොහොම හරි මෑතක් වෙනකල්ම රොහාන් අම්මගෙයි දූගෙයි දෙන්නගෙම සැප දුක් සොයා බලමින් ජීවත් වුනා කියලයි ආරංචිය. අපේ දමියත් ඔය ගෙවල් අස්සේ රිංගන්න ගිහින් මාට්ටුවෙච්ච නිසයි මාමා මිනිහව ගෙන්නගත්තේ ලංකාවට.






මේ සියලු දේවල් මා ලිවීමෙන් බලාපොරොත්තු වන්නේ එක දෙයයි ඒ සමාජයට යම් පණිවිඩයක් ලබා දීමත් මගේ අත්දැකීම කියවා යම් කිසි කෙනෙක් එයින් යමක් තමන්ගේ ජීවිතයට එකතුකර ගන්නවා නම් එයයි මා මේ බ්ලොගය ලිවීමෙන් බලාපොරොත්තු වන්නේ. මෙය ඔප්පු කර පෙන්වීමට නම්  කැමරාවක් අරන් සිකුරාදා පොඩි කිලෝ මීටර් 10ක පමණ වටයක් ගැහුවනම් බ්ලොග් පොස්ට් 10ට ෆොටෝ හොයා ගන්න පුළුවන් නමුත් මම හිතන්නේ එයින් ඒ මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වයට හානි වෙන නිසා එවැනි දේවල් කරනන් ඕනේ නැහැ. මෙහි සඳහන් කරුණු 100% සත්‍ය තොරතුරු  බවත් නම් ගම පමණක් මනකල්පිත බවත් සලකන්න.ඇත්තටම අපි මේ එමීරයට ආව කාලේ තිබුණු රට නෙවෙයි දැන් තියෙන්නේ. මීට අවුරුදු 19කට 20කට කලින් තිබුණු රට නෙවෙයි රට වැසියෝ වෙනස් සංස්කෘතිය වෙනස්. මිනිස්සුන්ගේ හැදියාව වෙනස්. තමන්ගේ වීසා මත හෝ සැමියාගේ විසා (Privet visa, Husband Visa) වලට සිටින අපේ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් සේවයට ගනිද්දී නවාතැන් එක්ක සහතික කරන ලද විවාහ සහතිකේ අනිවාර්ය දෙයක් කරලා තියෙන්නේ අපේ කට්ටියගේ හැදියාව උපරිම නිසා වෙන්න ඇති. මම වගකීමෙන් කියනවා ජුමෙරා ජීවත් වන ශී ලාංකික ජෝඩු වලින් 25% ඔරිජිනල් ජෝඩු ඉන්නේ. අනෙක් අය ගැන කියන්න අවශ්‍ය නැහැ. 

 

ඊළඟ ලිපියෙන් අපි බලමු ශ්‍රී ලංකා රජයෙන්. තානාපති කාර්යාලයෙන්, කොන්සල් ජෙනරාල් කාර්යාලය යනාදී රජයේ ආයතන ගෘහ සේවිකා ගැටළු ගැන දරන ප්‍රතිපත්තිය ඔවුන්ගේන් ලැබෙන සේවය කොහොමද කියන එක එතෙක් සමුගන්නම්. 

ආ...... තව දෙයක්  මට දැන් දවස් දෙකකට කලින් ස්වීප් එකක් ඇදුනනේ............................ කීයක් කියලද හිතන්නේ 

හැමෝටම තැන්කු වේවා කිව්වා මෙච්චර දුර වලව්ව අරන් ආවට. හැබැයි මටත් පුදුමයි වැඩේට.

ඔය කියන්න තියෙන ඒවා කියලම යන්න හිතේ තියං හිටිය කියල වැඩක් වෙන්නේ නැහැනේ. 

පසුගිය ලිපි:

වැන්දඹුවගේ තනිරැක්ක ජනා සහ ලංකාවේ අලුත්ම ගුවන් සේවය 

බල්ලෙකු සමග ලිංගික ඇසුරක් පැවැත්වූ තරුණිය අමාරුවේ.. 

තම්බිගේ පයිය ගලට සෙට්වුන හැටි 18+ 13+ 21+ ඕනේ කෙනෙ.. 

කසාද බැඳලා කොච්චර කාලෙකින්ද ළමයෙක් හදන්න ඕනේ????? 



74 comments:

  1. sampurna aththama kiyala thiyanawa mamath dubai wedakaranne

    ReplyDelete
  2. මුලින්ම කෝරලේ සුවිප් එකට බොක්කෙන්ම සුභ පැතුම්. ඉක්මනින්ම ඔය අගයට අගට තව තවත් බිංදු එක්කර ගැනීමට හැකි වේවා!. :-)

    මං නම් දකින විදියට රේප් කේස් එකකදි සහ විශේසිත සිදුවීම් වලදි හැර ඔය තුන් වෙනි පදේ කඩන සීන් වලදි වගකීම දෙන්නටම බෙදිලා යනවා හරියටම 50% ගානෙ. මොකද තනි අතින් අත්පුඩි ගහන්න බෑ.
    අර විශේස සිදුවීම් කිවුවෙ අසරණ වෙච්ච ගෑණුන්ගෙන් ප්‍රයෝජන ගන්න බලාගෙන ඉන්න උනුත් අපි අතර ඉන්නවානෙ. අන්න ඒ වගෙ උන් ගැහැණු අසරණ කරලා ප්‍රයෝජන ගන්නවනෙ හොදම උදාහරණෙ දැන් අපේ උන් පුරුදු වෙලානෙ (විදුහල්පතිවරු පවා) ලිංගික අල්ලස් ගන්න.
    මං දකින විදියට ඒ වගේ සිදුවීම් වලදි නම් වගකීම 75%ක්ම පි‍රිමියා බාර ගත යුතුයි. ඉතුරු 25% අකමැත්තෙන් උනත් අසරණ උන කාන්තාව බාර ගත යුතුයි. මොකද වන මෘගයන් ඉන්න ලෝකෙ තමන්ගෙ ආරක්ශාව සලසා ගැනීමට තරම් නුවණක් ඔහුන්ටත් තිබිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ප්‍රියා!!! :)
      හරියටම හරි කතාව ඊ ළඟ පොස්ටුව තමයි නැගල යන එක රජයේ නිලධාරින් ක්‍රියා කරන්නේ කොහොමද කියන එක

      Delete
  3. අම්ම ගහයි. මේක නිවී හැනහිල්ලේ කියන්ඩ ඕනි බොල. කියන්ඩයි කියලා ආවට මොකෝ අද දවල් ඉඳන් බඩ කැලැත්තෙනවා. මේක මේ කෙටුවෙත් බාත්රූම් එක දිහා බලාගෙන. මේක සුව කොරන් එන්නං ඈ කියවන්ඩ.

    ReplyDelete
    Replies
    1. සුදු ළූණු බික් 4 ක් විතර අඟුරු වල පුච්චලා කන්න....

      Delete
    2. අඩේ උඹ ජාපාල එහෙම බිව්වද?

      Delete
  4. වලව්වට තව තවත් සුයිප් ඇදෙන්න කියල සුබ පතනව..මටනම් කියන්න තියෙන්නෙ හොද පොස්ට් එකක් කියල තමයි.මොකද දැන් මේ වෙන දේවල් අපිට දැනගන්න ලැබෙන්නෙ හරිම අඩුවෙන්..ඉතින් මේ වගේ දෙයක් බය නැතුව කතා කරන එක මට හිතෙන විදියටනම් හොදයි..අනිත් එක ඉතින් බයවෙන්න දේකුත් නැහැනේ කෝරලේ මහත්තයනේ....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබට:)
      අපිට දැනගන්න ලැබෙන දේවල් 1% පමණ අනෙක් දේවල් ඔක්කොම වැහිලා තියෙන්නේ.
      ඔව් ඔව් කෝරලේ පට්ටමෙන් වැඩක් තියෙන්නත් එපයි.

      Delete
  5. සුභ පැතුම්.. උඹ ප්‍රශ්න එක්කම ලක්ෂපතියෙක් වෙලා.. ;)

    එක දෙයක් කියන්න කැමති. රට ගිය බහුතරයක් කෙල්ලෝ බඩු නෙවේ. ඒත් තමන්ගෙ ගමෙන් කොළඹ ඇවිත් නිදහස් සුවය විදින ගමන්ම, සැප විදින කෙල්ලේ මම අනන්ත දැකල තියෙනවා. එහෙව් එකේ ලංකාවෙ ඉදල රට ගිහින් අනේ මෙහෙ හරි නිදහස් කියල ඉගිල්ලෙන කෙල්ලෝ අනන්තවත් මාත් එක්ක කතා බහ කරල තියෙනවා. උදාහරණ සහිතව මෙහෙ කොල්ලව විවාහ ගිවිසගෙන එහෙ ගිහින්, දෙකම බැලන්ස් කරන මට්ටමේ කෙල්ලො ඉන්නවා. හැබැයි ඒ එක්කම ඒ කොල්ලත් මෙහෙ කෑලි බැලන්ස් කරන අවස්ථාද තියෙනවා. රට ගිය කොල්ලොත් එහෙමයි. එතකොට ඒ කොල්ලගෙ කෙල්ලත් මෙහෙ ඉදන් එහෙමයි.

    බොහෝ විට එයාල වරදට පෙළඹෙනවා. නැතිනම් අයිතිකාරයෝ රටින් පිට කියල දැනගෙන ඒ ඒ අයව වරදට පොළඹව ගන්න අයත් ඉන්නවා. හැම දේම ඒ ඒ කෙනාගෙ හැසිරීම මත තමා තීරණය වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් එකනේ සෑම් අයියේ :)
      දෙකම බැලන්ස් කරන එවුන් තමයි අයියේ මෙතන ප්‍රශ්නේ. මොකද මේ බැලන්ස් කිරිල්ලෙන් ජීවිත් ගානක් අන්බැලන්ස් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

      Delete
  6. මචන් අනියම් ඇසුරක් මුළින්ම පවත්තද්දී ඕනෙම කෙනෙකුට වරදකාරී හැගීමක් එනවා. දෙවෙනි තුන්වෙනි වරටත් එකම දේ වෙද්දී ඇතැම් අය එයට හුරු වෙනවා, ඇතැම් අය කොච්චර කරත් තම ආත්මය පාවා දෙන්නේ නැහැ.

    මේ සත්‍ය තේරුම් ගන්න විතරයි ඕනේ. මන් නම් කවමදාවත් මගේ ආත්මය පාවා දීලා නැහැ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ගණිකාවන් වෙනුවෙන් පෙනී ඉන්න අයම කියන දෙබිඩි කතා..බොහෝ පිරිමි කාන්තාවන්ට විමුක්තිය උදා කරන්න යන්නේ ඔවුන්ව ගණිකා සේවයේ යෙදවීමෙන්. මොන විහිළුද ... ( දී කිරට බළල්ලුත් සාක්කි කියන්නේ ඒවට බන්.. ඕවා කතා කරලා වැඩක් නැහැ මචන් .. )

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත කතාව සහන් නමුත් මේ ගණයට වැටෙන්නේ බොහොම සුළු පිරිසක් විතරයි

      ගණිකාවන් මේ සමාජයේ අවශ්‍ය දෙයක් නමුත් එම වෘතිය නීතිගත කළා කියල පිරිමින්ට විමුක්තිය උදාවෙනවානම්. මෙලහකටත් ලංකාවේ අපචාර දූෂණ ආදිය නැතිවෙන්න ඕනේ.තව ටික දවසක් යද්දී කියාවි ගණිකාවන්ට රාජ්‍ය ආරක්ෂාවත් දෙන්නයි කියලා

      Delete
  7. එහෙනං මෙයත් ලක්සෙට කොඩි දැම්මා ඈ...

    ඔය අපයෝජන කතා නම් ඉතින් අපි වැඩිය කියවන්නෑ... ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් රජෝ මමත් හීනියට පලවෙනි පඩියට අඩිය තියාගත්තා ඉතිං :)

      අනේ ඔව් පව් අනේ පොඩි එකා. කුක්කු පැටියා :P

      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
  8. මචං ඩුබායි විතරක් නෙවෙයි. යුරෝපයෙත් තත්වය මෙයමයි.. යුවල බහුතරය අනියම් සබඳතා.මං හිතනවා විදේශගත වීමත් එක්ක දැනෙන තනිකම සහ නිදහසත් එක්ක ලැබෙන ආර්තික ස්තාවර බව මේ දේවල් වලට හේතු වෙනව කියල මචං..
    මේ දේවලට නැඹුරුවක් නැති අයට ඔවුන්ගේ යාලුවන්ගෙන් එල්ල වෙන බලපෑම හරිම ප්‍රබලයි.
    දිගටම ලියපං.. බලල එකෙක් හරි හැදුනොත් එතනදි රැකෙන්නෙ රත්තරං පවුලක් මචං.

    ReplyDelete
    Replies
    1. "දැනෙන තනිකම සහ නිදහසත් එක්ක ලැබෙන ආර්තික ස්තාවර බව මේ දේවල් වලට හේතු වෙනවා"
      හරියටම හරි ප්‍රභලම තියෙනෙන් මුල් කාරනා දෙක. මොන දේ වුනත් හොයන්න කෙනෙක් නැහැ බලන්න කෙනෙක් නැහැ. රට මොකක් වුනත් ඉන්නේ අපේ මිනිස්සුමනේ. කැලේ මාරු වුනාට කොටියාගේ පුල්ලි මාරුවෙන්නේ නැහැනේ
      ". බලල එකෙක් හරි හැදුනොත් එතනදි රැකෙන්නෙ රත්තරං පවුලක් මචං"

      මචං අන්න ඒ පිනම ඇති මට පන්සල් ගියේ නැති වුනාට. මගේ මේ ලිපි පෙලේ අරමුණත් එකම තමයි

      Delete
    2. දිගටම ලියපං.
      එකෙක් හරි හැදෙයි

      Delete
  9. ස්වීප් එකට සුපැතුම්..

    මේකත් තවත් පුරුෂාධිපත්‍ය ඉහට ගහපු, ඒක පාර්ෂවික, ජීවීතය පිළිබඳ අද්දැකීම් අඩු. මිනිස් හැඟිම් ගැන අවබෝධයක් නොමැති. මේ සියළු සිඳුවීම් සිඳුවන්නේ ඒ රටේ පමණයි යන අවබෝධයෙන් සිටින. ගෘහ සේවිකාවන් ගර්හාවට ලක් කරන තවත් දිග ඇරුමක් පමණයි..

    පොඩි කොල්ලෝ තියාගෙන ඉන්න ගෑණූ ඉන්නේ ගෘහ සේවිකාවන් විතරක් නෙමෙයි. ඔහේ ඉන්න අරාබි ගෑණුත් එහෙම තියාගෙන ඉන්නවා. මෙහේ ඉන්න සල්ලිකාර ගෑණුත්, සුප්‍රසිද්ද නිළියොත් එහෙම තියාගෙන ඉන්නවා.. ඒවා මේ මුළු ළෝකෙම තියෙන දේවල්.. ඒ වගේම තමයි නාකී පිරිමි තරුණ කෙල්ලන් තියගෙන සිටීමත්. නමුත් ඒ දේවල් කෝරලේ වගේ අයට පේන්නේ නෑ..

    මේ අපහාස කරන්නේ තමන්ගෙම සහෝදරියට, පෙම්වතියට, අම්මට, කියන දේ එයාට තේරෙන්නේ නෑ.. විසේකාර කොල්ලන්ට අවවාද කරනවා වගේම.. මේ කාන්තාවන් පඩත්තල වනචර පිරිමින්ගෙන් බේරාගැනිමටත් ළිපියක් ලියාවි කියලා හිතනවා..

    මොකෝ රැකියා දෙනවා කියලා රවට්ටලා රට ගෙන්නගෙන. ඒ ගෑණු බඩ කරලා.. උපත් පාලන පෙත්තටත් ඒ ගෑණිගෙනම් සල්ලි අරගෙන, ඒ ගෑණූ තව කීප තැනක්ලට විකුණලා, ඒ ගෑණී වේස ගෑණියෙක් කරලා, පාරට දාලා,, මහත්මා ජීවීත ගත කරන,, පිරිමි සනුහරේ ගැනත් යමක් ලියාවී කියා උදක්ම බලා පොරොත්තු වෙනවා..

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් යු මාතලන් අයියේ :)

      මම හිතනවා මගේ ඊළඟ ලිපියෙන් පස්සේ ඔයාගේ අදහස වෙනස් වෙයි කියලා.

      Delete
  10. කෝරලේ....මම වසර දොලහක් පමණ හිටියේ ඕමාන්වල. මම ඩුබායිවලත් කිහිපවරක් සංචාරය කලා.....උඹ කියන දේවල් හරි. කිසි අප්සට් එකක් නැහැ. මම දන්න කෙනෙක් හිටියා ඌ දවසක් ලිස්ට් එකක් හැදුවා..හිටපු කාලය ඇතුලත 42ක් එක්ක ඌ සෙට් වෙලා තියෙනවා. මේ බොහොමයක් මමත් දන්න බැඳපු ගෑණු. මේ ගාන සහතික ඇත්ත. මේ 15-20 විතර කතාවක්. ඒ කාලෙත් මුට කාර් එකක් තිබුනා. කාර් එකක් තියෙනවානම් කරන්න බැරි දෙයක් නැහැ සිකුරාදාට.

    හැබැයි කෝරලේ මැද පෙරදිග ඉන්න සමස්ථ ශ්‍රීලාංකික ගැහැණුන්ගෙන් අඩු ප්‍රතිශතයක් නේද මෙහෙම කරන්නේ? අපිට පෙනෙන දකින ප්‍රමාණයට වඩා විශාල පිරිසක් ගෙවල්වලට වී ජීවත් වෙනවා නේද? මේ කුණුහරුප සියල්ලම වෙන්නේ සහ කරන්නේ එක කොටසක් පමණයි නේද?

    සමහර චරිත සහ මා ඇසින් දුටු දේ අලලා පොතක් ලිව්ව හැකි. ඒක කියවන්න වෙන්නේ නම් ජුන්ඩාට ප්ලාස්ටර් දාගෙන .එච්චරට වල්.

    ReplyDelete
    Replies
    1. මේ වසර 15-20ට පෙර කතාවක් ලෙස නිවැරදි විය යුතුයි. මම දන්න අම්මවයි දුවවයි තියාගෙන හිටිය එකා බර වාහන රියදුරෙක් . වයස අවු.45ක් විතර ඒ කාලෙත්. කම්පැනි එකට හොර විවාහ සහතිකයක් දීලා මේ අම්මා තමයි බිරිඳ කියලා..පස්සේ මාරාන්තික ඇක්සිඩන්ට් එකකින් අබ්බගාත උනා. සමහරක් වන්දි ලබා ගන්න (මූ සිහිවිකල් නිසා)ඇත්ත වයිෆ්ට ඉඩක් නැති උනා මේ සහතිකය නිසා. ගෙදර පවුලම අනාථ වුනා.

      Delete
    2. " කාර් එකක් තියෙනවානම් කරන්න බැරි දෙයක් නැහැ සිකුරාදාට." හරියට හරි අයියේ

      " අපිට පෙනෙන දකින ප්‍රමාණයට වඩා විශාල පිරිසක් ගෙවල්වලට වී ජීවත් වෙනවා නේ"
      මෙහෙමයි අයියේ මම මෙතන කියල තියෙනවා අවාසනාවට අපිට අහන්න ලැබෙන්නේ නරක පමණයි කියලා. හොඳට පාඩුවේ ඉන්න අයගෙ ගුණ හෝ නුගුණ ප්‍රචාරය වෙන්නේ නැත්තේ ඔවුන් ඒ ජීවත් වෙන වැදගත් කම නිසයි. වැරදි කරන ඇය ගැන තමයි ප්‍රචාරය වෙන්නේ.

      මම මෙතන කිසිම විදියකින් උත්සහ දරන්නේ නැහැ ගැහැණු විතරක් වැරදියි කියල කියන්න.

      ඒ කරපු දේවල් වලට වන්දි ගෙවීමක් ඔහුට ලැබිල තියෙනවා මේ ආත්මෙදිම. මට දුක අර අසරණ පවුල ගැන.

      Delete
  11. කථාව සම්පූර්න ඇත්ත මල්ලී. මට දුක මේ අතරේ ඉන්න අහිංසක තමන්ගේ පාඩුවේ ඉන්න අයවත් ඒ අච්චුවෙන්ම මනින එක ගැනයි.ඒක ඉතිං ලෝක ස්වභාවය. අපේ රට දියුණු වෙලා තිබුනනම් එක එකාගේ බැල මෙහෙවර කරන්න යන්න වෙන්නේ නැහැනේ.

    ReplyDelete
    Replies
    1. " අපේ රට දියුණු වෙලා තිබුනනම් එක එකාගේ බැල මෙහෙවර කරන්න යන්න වෙන්නේ නැහැනේ"

      ඊ ළඟ ලිපියේදී මම බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳව කතා කරන්නට

      Delete
    2. sampoorna aththa..budu ammo..mama awrudu 7 k dubai wala inne. lankawe gaanu wisesayen age 45-55 athara ganu ..awurudu 20-24 wage kollonoge athe ellila satwa wala natana natili. sikuradata okkomo badu tika eka room ekakata setwela bonawa..eeta passe ange andum na...kagen hari ana ganna thamai ballane.. anith eka un andina andum ..hirata hire tyre penna jeans t shirts gahala yanne.. apita wili lajjawe ba..thuh...nodakin me naki ammandila..

      Delete
    3. ඔය කතා ඉතින් අපිට අහන්න දකින්න ලැබෙන දේවල් ඉතින් මේවා කිව්වාම සමහර උදවිය පිළිගන්නේ නැහැ. ෆොටෝ දාන්න වෙනවා එහෙම කරන එක හොඳ නැහැ එව්වගෙන් පවුල් අවුල් ඇතිවෙන්න පුළුවන්

      Delete
  12. mama un andina andum gana kiwwe . un anith ratawal wala honda figger ekak thiyena kello karana style karanna gihilla.. ape rate nama kanawa..mata kee denek joke karala thiyenawada lankawe ammandila e widihata paare yanawa dakala.. mata e welawata polawa palagena yanna hithenawa.

    ReplyDelete
    Replies
    1. විශේෂයෙන් අපිව බයිට් එකට ගන්නේ ටැක්සි කාරයෝ ටයි කෝට් ගලවල දුවන්න හිතෙන්නේ.

      Delete
  13. මම ඉන්න රටෙත් මම දැකලා තියෙන ලාංකික කාන්තාවන් බහුතරයක් ගෘහ සේවිකාවන්...එ අයගෙන් අතිමහත් බහුතරයක් හොර සැමියන් සමග ඉන්නෙ....ඒකට හේතු විදියට මම දකින්නෙ...නොදන්න රටක සැමියා නැතුව ඉන්න නිසා කෘතිමව හෝ ආරක්ෂාවක් ලබා ගැනීම / ආර්ථික වශයෙන් යම් යම් සහනයන් ලබා ගත හැකි වීම...

    මේ කිසිම දෙයක් නැතත් මනදොළ පුරවා ගැනීමට වෙන උන් එක්ක යහන් ගත වෙන කේස් එහෙමත් සෑහෙන්න ඇති...මැලේ රාළයගෙන්ම අහලා බලහං...

    ReplyDelete
    Replies
    1. ".නොදන්න රටක සැමියා නැතුව ඉන්න නිසා කෘතිමව හෝ ආරක්ෂාවක් ලබා ගැනීම / ආර්ථික වශයෙන් යම් යම් සහනයන් ලබා ගත හැකි වීම"

      සමහර විට මේකත් හේතුවක් වෙන්න පුළුවන් අයියේ මෙතන හේතුගනනාවක්ම තියෙනවා නමුත් මෙතන මට මතුකරලා පෙන්වන්න ඕනේ කාරණේ ඇයි මෙතනට අපේ රටේ මිනිස්සු පත්වෙන්නේ කියන එකයි

      Delete

  14. >>ඉහත කොමෙන්ටුවේ මට දෙයක් මගහැරිලා තියෙනවා. ඇත්තටම මට ඒක දාන්න තිබුනේ මම දන්න කියන එකෙක්ට හොයා බලල මිසක් බඳින්න දෙන්නේ නැහැයි කියන එක. නමුත් මා එයට කොමෙන්ටුව කෙටුවේ හදිස්සියෙන් ඒ නිසා මට යම්කිසි මග හැරීමක් වෙලා තියෙනවා<<

    රට ඉඳලා ආපු කෙල්ලො කිව්වම වැරදි තමයි කෝරළේ. අනිත් එක ඒකට අහුවෙන්නේ උඹට ඔය අත්දැකීම් ලැබුන රටේ ගෑණු විතරකුත් නෙවෙයි, ඔය කියන ගෘහ සේවිකාවනුත් නෙවෙයි, ඔය රටෙත් හැම ගෘහ සේවිකාවමත් නෙවෙයි. ඒ නිසා අරෙහෙම සඳහන් කලාම ඒක බහුතරයකට කරන අසාධාරණයක් වෙනවා තමයි.

    ඔය විදියේ වැඩ ලංකාව ඇතුලතමත් වෙනවා. කිසිදාක රටෙන් එළියට නොගිය ගෑණු අතිනුත් වෙනවා.

    පොලිස් කාරයෝ හැම එකාම ජරා නෑ. හොඳ පොලිස් කාරයෝ ඉන්නවා කියන එක මේ ලියන මටත් පිළිගන්න අමාරුයි අපි අහන දකින් දේ වල හැටියට. නමුත් හොඳ පොලිස් කාරයෝ ඉන්නවා බං.

    එතකොට ගුරුවරු ගනිං. හැම ගුරුවරයම ළමයින්ට තිරිසන් විදියට ගහන්නේවත්, කලිසම් කපන්නෙවත්, ගවුම් වාටි ගලවන්නෙවත්, ලිංගික අල්ලස් ගන්නෙවත්, අයිස් ගහන්නෙවත් නෑ. නමුත් එහෙම නොකරන බහුතරය ගැනද අපිට අහන්න ලැබෙන්නේ, නැතිනම් එහෙම කරන සුළුතරය ගැනද?

    උඹ කියන කරුණු බොරු කියලා මම කියන්නේ නෑ. ඔය වගේ ඒවා මමත් අනන්ත අහලා තියෙනවා. නමුත් රට ඉඳලා එන ඔක්කොම ගෑණු ඔහොම නැතිබව කියවන කෙනෙකුට අමතක වෙන්න පුලුවන්. රට යන එක චරිතයට කැලලක් කියලා කෙනෙකුට නිරායාසයෙන්ම හිතෙන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. මම පිලිගන්නවා ඩුඩ් අයියේ ඒ කොමෙන්ටුවේ වැරදි අරුතක් එනවා කියල නමුත් එය කලබලෙන් කෙටි කරලා දැමීමයි මගේ වරද පොලිසියේ ඉන්නවට වැඩිය හොඳ කාන්තාවන් පිරිසක් නම් මෙහෙ ඉන්නවා අවිවාදයෙන්ම පිළිගන්න ඕනේ

      Delete
    2. I admire the way you took it dude. I mean my comment(advice).

      Delete
    3. Ooops, Congratulations for your 100,000 hits.Sorry I forgot it the first time. I was a bit carried away.

      Delete
    4. Thank dude ayiya. it's ok never mind :) thanks you once again to advice me from the very beginning till now

      Delete
  15. අහා සුබපැතුම් ලස්සේට

    අයියෝ ටයිල්

    ReplyDelete
    Replies
    1. තැන්කු කිව්වා..... !
      අහෝ ටයිල් බං

      Delete
  16. කියන්න දෙයක් නැතෝ...මාස 6 කට දින 3 බැඟින් ඩුබායි ටච් කරද්දී දකින දේ(වල්) ටික ඉතුරු මාස 6ට ඕනාවටත් වඩා වැඩියි.....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් හැබැයි ඇත්ත ඇති සැටියෙන් දැනගන්න පොඩ්ඩක් වට පිට ඇවිදින්න ඕනේ.

      Delete
  17. මගේ අදහස නම් සුදු පිරිමි හෝ සුදු ගැහැණු නැත. සිටින්නේ කළුසුදු ගැහැණු සහ පිරිමින්ය. වංචනික සිත ඇත්තා වරදට පෙළඹීම ස්ත්‍රී පුරුෂ භාවයෙන් ස්වායත්තවේ .

    ReplyDelete
    Replies
    1. අර කතාවටත් කියන්නේ සාම මිනිසෙකු තුලම දෙවියෙකු සහ තිරිසනෙකු ජීවත් වෙයි කියල.

      Delete
  18. හැබැයි කෝරලේ උඹ හැම කෙනාවම එකම මට්ටමට දාන එක වැරදියි

    ReplyDelete
    Replies
    1. ඔක්කොම එක මට්ටමට නෙවෙයි දේශා. මෙතන තියෙන්නේ අපිට බහුතරයක් අහන්න ලැබෙන්නේ නරක ආරංචි නිසා.

      Delete
  19. ලස්සෙට කොඩිත් දාලා... සුබ පැතුම් ඈ...
    අර කියපු කතා සහතික ඇත්ත ය.

    ReplyDelete
  20. ඔන්න අපෙන් සුබ පැතුම් සුවිප් එකට :DD කොහොම වුණත් කෝරලේ එක මට්ටමෙන් හැමෝම මනින්න නම් බෑ. දේශකයගෙ කතාව හරි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දිලිනි :) හොඳට ජීවත් වෙන උදවිය ගැන කිසිදෙයක් අහන්න ලැබෙන්නේ නැහැ. කටකතා පැතිරෙන්නේ නැහැ.

      Delete
  21. 1.හැමෝම එක මට්ටමට දාන්න බැරිබව හැබෑව. නමුත් උඹට සෑහෙන්න අත්දැකීම් තියනව නේ මේ ගැන. මොකද ජීවිත කාලයම වගේ මැදපෙරදිග ඉඳපු නිසා.
    2.ලිංගිකත්වය කියන්නෙ මම චකින විදියට කෙනෙකුගෙ පෞද්ගලික දෙයක්. ඒ වගේම ලිවීමේ නිදහසත් එහෙමයි. ඒවාට ප්‍රතිචාර දක්වන්නත් ඕන කෙනෙකුට පුළුවන්.
    3.මම දන්නකියන ගෘහ සේවයට ගිහිල්ල ඉන්න කාන්තාවන් කිහිප දෙනෙක් ගැන මතක් කරල බැලුව. ඒ බොහෝ දෙනෙකුගෙ තියන පොදු සාධකය තමයි ඔවුන්ට නැතිවෙන්න දෙයක් නෑ. ඉතින් ඒ වගේ උදවිය එක් රැස් වෙලා ඉන්න සමාජයක සාමාන්‍ය සමාජයක තියනවාට වැඩිය මේ දේවල් ඇතිවෙන්න පුළුවන්.
    4.ලක්ෂෙට සුභපැතුම්. උඹේ අත්දැකීම් බොහොම වටින්නෙ දීර්ඝ කාලයක් ඔය රටේ ජීවත්වන නිසා. දිගටම ලියපං.

    ReplyDelete
    Replies
    1. තමුන්ගේ පාඩුවේ ජීවත් වෙන කෙනෙක් ගැන කටකතා යන්නෙත් නැහැ. ඒ වගේම කෙනෙක් වචනයක් කියන්නෙත් නැහැ.

      ".මම දන්නකියන ගෘහ සේවයට ගිහිල්ල ඉන්න කාන්තාවන් කිහිප දෙනෙක් ගැන මතක් කරල බැලුව. ඒ බොහෝ දෙනෙකුගෙ තියන පොදු සාධකය තමයි ඔවුන්ට නැතිවෙන්න දෙයක් නෑ. ඉතින් ඒ වගේ උදවිය එක් රැස් වෙලා ඉන්න සමාජයක සාමාන්‍ය සමාජයක තියනවාට වැඩිය මේ දේවල් ඇතිවෙන්න පුළුවන්."
      හරියටම හරි කතාව මෙතනට අදාළ නොවන අය මම දැකල තියෙන්නේ ඉඳල හිටලා.

      Delete
  22. sweep eka AED da RS da ban...?

    ReplyDelete
  23. kohomath ban lankawe kumarilata h*kanne pakko apema un bangaliyo thawa oya wage eka eka eun thamai... original local eun enne na.. balapanko unge kaali... butter wage... kakule mahapata angille indala his mudunatama lewa kaagena kaagena yanna hithenawa... lankawe horikada badu wage nemei

    ReplyDelete
    Replies
    1. සේරටම කලින් තමුන්ගේ දේ අගය කරන්න පුරුදු වෙන්න ඕනේ අරාබි ගෑනු ගැන කතාකරලා වැඩක් නැහැ.

      Delete
  24. මට මොකක්දෝ හේතුවටක මේ පෝස්ට් එක මග හැරිලා ,සමාවෙන්න පරක්කු වුණාට.. මට පැහැදිළි ඔබ අදහස , එත් දෙයක් කියන්න ඕනේ , දැකපු ගමන් කියෝලා මේ කොමෙන්ට් එක ලියන්නේ ,මන් එන්නම් පසුව ,, හි හි උණුවතුර එක ලිප උඩ ,, හි හි ඇත්තමයි කෝරලේ මහත්තයෝ

    ReplyDelete
  25. ලොතරැයි දිනුමට සුබ පැතුම් .. කෝරලේ මහත්මයෝ ,, ඒ කොමෙන්ට් එක එතනදී ඔබ දාලා ඉවරයි ඒක දාපු අදහස් ඔබේ හිතේ තිබුනට අපි දකින්නේ ලියවෙච්ච දේනේ . ඒකයි මං ප්‍රශ්න කලේ, මිනිස්සුන්ගේ දේවල් ප්‍රශ්න කරලා හොයලා බලලා තර්ක කරන කෙනෙක් නෙමේ මම ,, නමුත් ඔබගේ ඒ කොමෙන්ට් එකේ අන්තර්ගතය තුල පැහදිලිව තිබ්බේ මොකක්ද කියලා ඔබට තේරෙනවනේ //

    //ඇත්තටම මට ඒක දාන්න තිබුනේ මම දන්න කියන එකෙක්ට හොයා බලල මිසක් බඳින්න දෙන්නේ නැහැයි කියන එක. නමුත් මා එයට කොමෙන්ටුව කෙටුවේ හදිස්සියෙන් ඒ නිසා මට යම්කිසි මග හැරීමක් වෙලා තියෙනවා. මම හිතනවා නැගණිය ඔයත් ඔයාගේ ඥාති සහෝදරයෙකුට හිතවත් පිරිමි යාලුවෙකුට කසාදයක් හොයද්දි විශේෂයෙන් එහෙම නම කැත වුනු කාන්තාවකට// රට ගිහින් නෙමේනේ මිනිස්සු නම කතා කරගන්නේ කොහේ හිටියත් ඒ දේවල් කරන කෙනා කරනවාමයි .. ඒක මං එදත් කිවා, ඒ වගේම මං මගේ අත්දැකීම් කීපයක් කොමෙන්ට් වලින් ඔබ සමග බෙදාගත්තා..මමත් ඉන්නේ ලංකාවේ නෙමේ අම්මා තාත්තා මා ලග නැහැ ඉතින් ඔබගේ කොමෙන්ට් එක තුල සදහන් කල ගැහැණුන් ගොඩට මාත් අයිති ඒකයි මං ප්‍රශ්න කලේ ..

    ඔයා ඔය කියපු මාලි අක්ක වගේ අය ඕනේ තරම් මෙහෙ ඉන්නවා .. සිස්ටම් එක ඔබ කිවූ විදියට වඩා දියුණුයි

    //මේ බ්ලොග් එක කියවන මැද පෙරදිග කොල්ලන්ට කියන්ට තියෙන්නේ එකම දෙයයි. ලංකාවේ ගැහැණු ඕනෙ තරම් ඉන්නවා සෙට් කරගෙනත් ඇති සමහර උදවිය නමුත් ඒ වෙනුවෙන් ෆෝන් කාර්ඩ් සඳහා තෑගී භෝග සඳහා වියදම් කරන සල්ලි ඉතුරු කරපල්ලා පස්සේ කාලෙක තමන්ගේ ඔරිජිනල් ගෑනිට සලකන්න. මොකද ඔය වටේ යන උන්ට කොච්චර කරත් වැඩක් නැහැ මතක තියෙන්නේ නැහැ නමුත් තමුන්ගේ කසාද ගෑනි කියන්නෙ තමුන්ගේ. ////

    මේ ලිපිය පුරා ඔබ කතා කරන්නේ පිට රට ඉන්න නරක ගැහැණුන්ගෙන් අහිංසක කොල්ලන්ව බේරා ගැනීමේ අරමුණින් ... මං පුලුවන් වුනොත් ඉදිරියේදී ලියන්නම් පෝස්ට් එකක්. "රට රැකියා කරන අපේ රටේ බඩුකාර අයියලා ගැන " ( බඩුව , බඩුකාරයා කියන්නේ මං අප්‍රියම කරන වචන දෙකක් ) කෝරලේ මහත්මයෝ ඔබගේ මේ දක්වා කියවූ සියළු පෝස්ට් මං අගේ කරනවා ,, මිස්ටේක් සිදුවීම අපේ මනුස්ස ගතිය මොනා කරන්නද ඒක දැන් ඉවරයි :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නංගා. ඒ ප්‍රකාශය පිළිබඳව මම කණගාටු වෙනවා නංගි නරක වැඩ කරන කෙනෙක් කොහේ හිටියත් කරනවා තමයි නමුත් ලංකාවෙන් පිට එහෙම කෙනෙකුට තියෙන නිදහස උපරිමයි.

      "ඔයා ඔය කියපු මාලි අක්ක වගේ අය ඕනේ තරම් මෙහෙ ඉන්නවා .. සිස්ටම් එක ඔබ කිවූ විදියට වඩා දියුණුයි "
      අපේ අයියල විතරක් නෙවෙයි රජයේ උසස් උදවියත් ඉන්නවා ඒ පැත්තෙන් කප් ගහපු. ඒ පිළිබඳව මම ඊ ළඟ ලිපියෙන් ලියන්නම්.

      Delete
  26. 100000ට සුබ පැතුම් ඈ, නියම ලිපියක්, ඔහෙ එන ගෑනුන්ට දස වද දීල ඇගේ කෑලිත් ගලෝගන්න එක ගැනත් ලියහන් මචන්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සසිඳු අනිවාර්යයෙන්ම ඒ ගැනත් ලියමු.

      Delete
  27. 100000 ට සුභ පැතුම් !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රෙහානි. :)

      Delete
  28. මම නම් ඉන්නෙ තනි අතින් අත්පුඩි ගහන්න බෑ කියන මතයේ. ඔය කියන විදියට ගැහැණුන් ට අනාචාරයේ හැසිරෙන්න ලංකාවේ/ වෙන රටක මිනිහෙක් ඉන්න ම එපැයි නේද? ඒ නිසා දෙගොල්ලන් ම වැරදියි කියලා මම හිතන්නෙ... 100000 ට සුභ පැතුම් මල්ලි!

    ReplyDelete
    Replies
    1. "මම නම් ඉන්නෙ තනි අතින් අත්පුඩි ගහන්න බෑ කියන මතයේ" මේ කතාවට මම 100% ක් එකඟයි.
      බොහොම ස්තූතියි අයියන්ඩි :)

      Delete
  29. සුයිප් එකට සුභ පැතුම් මලය.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අයියන්ඩි :)

      Delete
  30. සමහර වෙලාවට මේ වගේ කරුණු වල ඇතුලාන්තය දුකක් වගේම කණගාටුවක් ඒක මේ මිනිසුන්ගේ සමාජ වටපිටව වගේම සමාජය පිලිබඳ නොදැනුවත් කම

    ReplyDelete
    Replies
    1. සමාජය ගැන නොදැනුවත් කම වගේම. හිතට එන අසීමිත නිදහසත් මෙයට බලපානවා දයා අයියේ.

      Delete
  31. පළමුවෙන්ම ලක්සෙට සුබ පැතුම් කෝරලේ.

    විශේෂයෙන්ම මද පෙරදිග රැකියා සඳහා යන කාන්තාවන්ට මෙවැනි තත්වයක් උදාවන්නේ ඇයි කියා සොයා බලන්න ඕන. මටනම් හිතෙන්න 1% ක් පමණ වත් ස්ව කැමැත්තෙන් ගණිකාවක් ලෙස ජිවත් වීමට හෝ පිරිමින්ගේ ලිංගික අවශ්‍යතාවයන් සපුරාදීමේ අදහසින් මැදපෙරදිග යනවා කියලා හිතන්න බැහැ. නමුත් මද පෙරදිග රැකියා සඳහා යන කාන්තාවන් වැඩි දෙනෙක්ට සිදුවන්නේ අකමැත්තෙන් හෝ පිරිමින්ගේ ලිංගික අවශ්‍යතා සපුරා දීමට. මේ ප්‍රකාශය කිරීමට හේතු කීපයක් තියෙනවා සම්පුර්ණ විශ්‍ර සහිතව ලියන්න ගියොත් මේක කමෙන්ට් එකක් නොවේ පොස්ට් එකක් වන නිසා කාරනා දෙකක් ගැන පනමක් අවදානය යොමු කරවන්නම්.

    1. ලංකාවේ ඒජන්සි වලින් යවන කාන්තාවන් 99% පමණ යොමු කරන්නේ ඔවුන්ගේ මැදපෙරදිග ඒජන්ත වරයා වෙත. එහිදී ඔවුන් මෙම කාන්තාවන් ශාලාවල් තුල තබාගනිමින් ඔවුන්ගේ ගැනුම් කරුවන්ට විකිණීම සිදු කරනු ලබයි.

    2. මැදපෙරදිග ගෘහ සේවය සඳහා යන සියලුම කාන්තාවන්ට අනිවාර්යයෙන් උපත් පාලන එන්නත ලබා දීම.

    ඔවුන් විසින් සිදු කිරීමට යන සෙවන ලිංගික කාර්යයක් නොවේනම් උපත් පාලන එන්නත ලබාගැනීම අනිවාර්යය වන්නේ අහවල් දෙයකටද?

    ReplyDelete
    Replies
    1. තැන්කු කිව්වා.... :)

      ඔය පලවෙනි කරුණත් එක්ක මට මතක් වෙනවා වහල් සේවය ඉස්සර වෙලා තියෙන්නෙත් ඔය දේමනේ.

      හරියටම හරි ඔවුන් ලංකාවෙන් ගෑනු ගෙන්වා ගන්නේ. බොහෝ දුරට වයස අඩු අය

      Delete
  32. මේ කතා සම්පූර්ණ ඇත්ත. ලංකාවෙ ඉඳල දුබායි ආවාම ටික කාලෙකින් ගෙවල් දොරවල් අමතක වෙන ගෑණු අය ඕන තරම් ඉන්නවා(මේකට එක් හේතුවක් වෙන්නේ මැද පෙරදිග අනික් රටවලට සාපේක්ෂව එමිරේටයේ විශාල නිදහසක් තිබීම) එමිරේටයේ සමහර ලාංකීය කාන්තාවන් ඉන්නවා නිදහස් වීසා වලින් ජීවත් වෙන ඒ කියන්නේ කොහොම හරි අරාබි කාරයෙක්ට සල්ලි දීලා වීසා එකක් අරන් කුලියට කාමරයක් හොයාගෙන ජීවත්වෙන. ඒ ගොල්ලො කරන්නෙ එක එක ගෙවල් වල පැය කීපයක් දිනකට වැඩ කරන එක. විශේෂයෙන්ම යුරෝපීයයන් ඒ ක්‍රමයට කැමතියි වගේම හොඳට ගෙවනවා.(මොකද වීසා ගහලා වැඩට කෙනෙක් ගන්නවාට වඩා ලේසි නිසා) මේවැනි බොහෝ කාන්තාවන් මසකට රු. ලක්ෂ එක හමාරකට (1 1/2) වඩා හොයනවා. මේ ක්‍රමය නීති විරෝධී උනත් එමිරේටයේ මෙවැනි දේට ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන නිසා මේ ගොල්ලො මේ වැඩේ දිගටම කරගෙන යනවා.
    මේ අයත් එක්කම ගෙවල්වල කරදර නිසා පැනල වීසා/පාස්පෝර්ට් මොකුත්ම නැතුව හොරෙනම ඉන්න අයත් ඉන්නවා(ලංකාවෙ සමහර මිනිස්සුන්ගෙ තුප්පහිකම කියනවා නම් මෙහෙම හොරෙන් එකට ඉන්න අයවත් සමහර අවස්ථාවල පොලිසියට අල්ලලා දෙනවා ඩිරාම් 500ක(රු17500ක් විතර) තෑග්ගක් ලැබෙන නිසා) කොහොම හරි මේ දෙගොල්ලයි තවත් ගෙවල් වල ඉන්න ගෘහසේවිකාවන් සුළු පිරිසකුයි තමයි මේ රටේම ලංකාවෙ නම කාලා තියෙන්නෙ. පක්කෙක්ගෙන් හරි බංගලියෙකුගෙන් හරි මලබාරියෙකුගෙන් හරි ඇහුවොත් කියන්නෙ ලංකාවෙ ගෑණු ඔක්කොම බිස්නස් කරන අය කියලයි. වෙන මොනම රටක ගෑණුන්ටත් වඩා ලංකාවෙ ගෑණු තමයි අනියම් සම්බන්දකම් පවත්වන්නෙ. සමහර විට එකපාර තුන් හතර දෙනෙක් එක්ක.
    ලංකාවෙ ගෑණු පක්කන්ව අල්ලගන්නෙ සැප හොඳ නිසා ඒ කියන්නෙ නූල් පොටේ සිට ඉඳුම් හිටුම් කෑම බීම සියළු දේම පක්කො ගෑණුන්ට සපයනවා. තව පක්කන්ගෙ තඩි ඇඟවල් ලෙසම අඩු-වැඩියත් තියෙන නිසා ඒ පැත්තෙනුත් සැප හොඳයිලු. හැබැයි බහුතරයක් පක්කො අපිරිසිඳුයි. සමහරු මෙහෙ නීතියෙන් කසාද බැඳපු අයත් ඉන්නවා, නමුත් ඒක එමිරේටයට විතරයි කවදාහරි දෙන්නා තම තමන්ගෙ රටවල් දෙකට යන්නෙ මොකුත් නොවුනු ගානට(හැබැයි ලංකාවෙත් මේ කාන්තාවන්ට දරු පවුලක් තියෙනවා)
    මලබාරියො(ඉන්දියාවෙ කේරළේ පලයාලම් කතාකරන මිනිස්සු. එමිරේටයේ බහුලව ඉන්නවා) ලෝබයි. ඉන්ඩ තැනක් විතරයි උන්ගෙන් ලැබෙන්නෙ. උන් ලංකාවෙ ගෑණුන්ව කසාද බඳින්නෙත් ඉතාම කලාතුරකින්. උන්ට උවමනා ගෑණියෙක් එක්ක බුදියන්ඩ විතරයි. පෙණුමත් උගත්කමත් අතින් අනික් අයට වඩා හොඳ නිසා ලංකාවෙ ගෑණු ගොඩ දෙනෙක් මලබාරියො ආශ්‍රය කරනවා.
    ඊලඟට බංගලියො. බංගලියො කියන්නෙ(බහුතරය) එමිරේටයේ අඩුම වැටුප් වලට වැඩ කරන මිනිස්සු. මේ අතර යමක්-කමක් තියෙන වාහනයක් එහෙම තියෙන බංගලියො එක්ක තමයි ලංකාවෙ ගෑණු උදවිය සම්බන්ධ වෙන්නෙ. බංගලියන්ගෙ ගතිගුණ ටිකක් සංකීර්ණයි. සමහරු පක්කො වගේ අපිරිසිඳුයි නමුත් අත දිග ඇරල ගෑණුන්ට වියදම් කරනවා. සමහරු මලබාරියො වගේ කපටියි ලෝබයි. ලංකාවෙ ගෑණු කසාද බැඳපු අයත් ඉන්නවා.
    next

    ReplyDelete
  33. කලින් කිව්වෙ විදේශිකයන් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ලාංකික කාන්තාවො ගැන. මීට අමතරව බහුතරයක් ලාංකික පිරිමින් සමග සම්බන්ධ වෙලා ඉන්නෙ.(හැබැයි පිට වැඩ කෙරුවත් කිසිම අනියම් සම්බන්ධයක් නොපවත්වන ගෑණු උදවියත් සුළුතරයක් ඉන්නවා) විශේෂයෙන්ම කියන්න ඕනෑ කවුරුන් හෝ පිරිමින් සමඟ සම්බන්ධකම් පවත්වන ගෑණු උදවියගෙන් 99% ක්ම ලංකාවෙ දරුපවුල් තියෙන අයයි. මෙයිනුත් බහුතරයක් වයස 35-50 අතර ඉන්න අයයි. මේහොල්ලො සමහර අය ඉන්නවා වැන්ඳඹු හරි දික්කසාද වෙච්ච හරි අය. නමුත් මේ හොල්ලො බොහෝ දෙනෙක් ආශ්‍රය කරන්නෙ තමාට වඩා වයසින් බාල පිරිමින්වයි. තමන්ට ගැලපෙන කෙනෙක්ව කවදා හරි විවාහ වෙන අරමුණෙන් ආශ්‍රය කරන ගෑණු උදවිය ගැන කවදාක්වත් අහන්න ලැබෙන්නෙ නෑ. (සමහරක් ගෑණු උදවිය නම් කොල්ලන්ව බඳින්න හිතාගෙන ආශ්‍රය කරනවා ඇති නමුත් ඒ කොල්ලො අර ගෑණිගෙන්ම සල්ලි අරගෙන ලංකාවට ඇවිත් ජයට මඟුල් කාලා වෙන කෙල්ලෙක්ව බඳින අවස්ථා නම් ඉතාම සුලභයි). මේ අතර ලංකාවෙ පිරිමි කීප දෙනෙක් එකවර ආශ්‍රය කරන ගෑණු උදවියත් ඉන්නවා.
    විශේෂයෙන්ම කියන්න තියෙන්නෙ එමිරේටයේ ලංකාවෙ ගෑණු සමඟ සම්බන්ධ වෙන ලංකාවෙ කොල්ලො බහුතරයක් අඩු වැටුප් වලට රැකියා කරන අයයි. එළියෙ වැඩ කරන(Part-time jobs) ගෑණු කෙනෙක් ඒ වගේ තුන්-හතර ගුණයක් වැඩියෙන් හම්බ කරනවා. ඉතින් එහෙම ගෑණු කෙනෙකුට එහෙම කොල්ලෙක් සෙට් උනාම ගෑණි තමයි කොල්ලගෙත් වියදම් දරන්නෙ. කොටින්ම මුණගැහෙන්න එන ටැක්සියටත් සල්ලි දෙන්නෙත් ගෑණි තමයි. ඒ විතරක්ද කෑම බීමද ඇඳුම්ද සපත්තුද ඔරලෝසුද ෆෝන් කාඩ්ද මෙකී නොකී සියළු දේටම අමතරව නිවාඩුවට යද්දි ලංකාවෙ බැඳල ගෑණු දරුවො ඉන්නවා නම් ඒගොල්ලන්ට ඇඳුම් පැළඳුම් කෑම බීම විතරක් නෙමෙයි කසාද ගෑණිට රත්තරන් බඩු අරගෙන දෙන්නෙත් මෙහෙ ඉන්න හොර ගෑණි තමයි. ඒ තරමටම එමිරේටයේ ඉන්න ලංකාවෙ පිරිමි කපටියි වගේම ගෑණු මෝඩයි(වෙන මොකක් කියන්නද කියල දන්නෙ නෑ)
    සමහර ගෑණු උදවිය කොල්ලගෙ ලංකාවෙ ඉන්න පවුලෙ කට්ටියට දෙන්න බඩුත් අරන් දීල කොල්ලගෙ අතට සල්ලිත් දීලා කියනවලු ගිහිල්ලා ඩිවෝස් එක අරන් එන්න කියල. ගියා ගියාම තමයි ආයෙ හෙවිලි බොරු. මොකද ඉන්න තැනක් ලිපිනයක් මොකුත් ගෑණු කෙනා දන්නෙ නෑ. දීලා තියෙන ලිපිනයත් බොහෝවිට බොරු එකක්.
    විශේෂයෙන්ම කියන්න තියෙන්නෙ මේවා මේ විධියට සිද්ධ වෙන්නෙ කාන්තාවන්ගෙ තියෙන නූගත් කමයි මෝඩ කමයි රාගයට තියෙන ලොල් කමයි නිසා වගේම පිරිමින්ගෙ තියෙන කපටි කමයි අවස්ථාවාදී කමයි ආත්මාර්ථකාමී කමයි නිසා කියල තමයි.

    ReplyDelete
    Replies
    1. සත්‍ය කතාව. +++++++++++++++++++++++++++++ ඔබේ අදහස ලිපියේ අගය තවත් වැඩි කල කියල මම හිතනවා සමන් මහත්මයා

      Delete
  34. "නමුත් කෙල්ලෙක් කාන්තාවක් එක පිරිමියෙක්ගෙන් පිට ගියොත් අනිවාර්‍යයෙන්ම හංවඩු ගහනවා බඩුවක් කියලා."
    කවුරු කරත් වැරදිනම් වැරදියි, හරිනම් හරි.

    ReplyDelete

ඔයාල කොම්මෙන්ට් එකක් දාන්න වැය කරන තප්පර ගානත් ඔයාලට වැදගත් කියල මම දන්නවා එත් ඔයාලගෙන් අදහසක් මේ පිළිබඳව ලැබෙනවා කියන්නේ මට ඉදිරියටත් ලියන්න හොඳ මොර්ටිවේෂන් එකක් ලැබෙන එක. ලියන්න කල් මදිනම් තිතක් තියල යන්න එතකොට මම දන්නවා ඔබ මෙය බැලු බව. ස්තූතියි.........

Related Posts Plugin for WordPress, Blogger...