Monday 4 March 2013

ගල් කතාවක් 18+.වල් හිතට කෝකත් වල් තමයි.

අද මම ඔයාලට කියන්න යන්නේ මගේ බොක්කේ යාලුවෝ 5 දෙනාගෙන් එකෙක්ට (උදයාට) වෙච්ච හාස්ස්‍යය ජනක සිදුවීමක් ගැනයි. නමුත් මෙහි අන්තර්ගතය 18+ හොඳයි කියා සිතන නිසාවෙන් ඊට අඩු  අඩු අය සිටිනවා නම්   දැන්මම ඉවත් වෙලා ගියොත් හොඳයි. ඔන්න ඉතින්  මේක කියවල මට බනින්න එපා කුනුහපරයක් වෙබ් එකට දැම්ම කියල හොඳේ 


.......  ඔන්න මේකයි සිද්දිය මට මතක විදියට 200.. අපි ඔක්කොටම chance එකක් හම්බ උනා එකට ලංකාවට එන්න ඒ කියන්නේ මට නුවන්ට, සහන්ට, සමීරයට,උදයාට සහ නිශාන්ට ඉතින් මේ සතුට කොහොම සමරම්දෝ කියමින් සිත සිත සිටින අතර වාරයේ අපේ සහන්ගේ ටිකිරි මොලේට  ආව ටිකිරි පැලැනක්. කට්ටියම එක පයින් ක්‍රියාවට නංවන්න තීරණය කොලා කියමුකෝ. මේ පැලෑන තමයි  සීතල නුවර එලියට ගින්දර ට්‍රිපක් යන එක. කට්ට කාෂ්ටක අවුවේ වේලි වේලි මැදපෙරදිග ඉන්න අපිට සීතල පැත්තකට යනවා කියන්නේ නිකන් දිවියලෝකේ ගියා වගේ තමයි. ඒ නිසා හැමෝම මේ ගමනට කතුවෙන්න ආවේ බොහොම කැමැත්තෙන්

කොහොම හරි ගමනට දවසක්  ෆික්ස් කොරගෙන ගෙවල් වලිනුත් කැමැත්ත ගත්තා.ඒක අනිවා ඩෙෆා ගන්න ඕනෙනේ. මොකද මේකට සම්බන්ද වෙන්නේ අන්දොස් සෙට් එක  විතරක් නිසා. කොහොමෙන් කොහොමෙන් හරි අවසරේ ලැබුනත් පොඩි පරහක් තිබුන යන්නේ මොකේද කියන එක. මේ වෙලාවේ දෙවියෙක් නෙවෙයි යකෝ දේවාලයක් වගේ අපේ පිහිටට ආවේ සහනා. උගේ මාම පොඩ්ඩක් බර තියෙන පොරක් (i mean සල්ලි තියෙන බුවෙක්) ඉතින් පොරට ළමයි නැති නිසා මෑන් සහනට හරි ආදරෙයි. ඉතින් මු කිව්වා  උගේ මාමගේ ලෑන්ඩ් කෲසර් කටුව ඉල්ලගන්න පුළුවන් වේවි කියල. හැබැයි හොඳ වැඩිමහල් ඩ්‍රයිවර් කෙනෙක් යනවනම් විතරක් ඒක දේවි කියලයි  කිව්වේ. 
(මොකද අපේ කට්ටිය ට්‍රිප් ගිහින් වෙන අන්දොස් වැඩ කට්ටියට මතක ඇතිනේ. අපි ඔය වගේ බාල්දි පෙරලගන්න දක්ෂ බව සෑහෙන්න ප්‍රසිද්ධයි) දැන් ඉතින් කාවද මේ වැඩේට උගස් තියන්නේ කියා කියා හිතන කොට මගේ කම්පනාවට ආව මගේ ඥාති සහෝදර තුමා වන  හුලංගැරඩියව. 


ඒ කිව්වේ අපේ දමිත් අයියව කොටින්ම කියනවනම් ඕකා නගර සභාවේ කුණු ලොරිය වගේ තමා ඕනේ කුණුගොඩකට අත දානවා.   හිතවත් කමට මිසක් වෙන දෙකට නෙවෙයි. ඉතින් ට්‍රැක් එක පනින්නේ නැතුව කතාව කියපන් කියල  කියන්න කලින් අපි දමියාවත්  අරන් ගිහින් පෙන්වල වාහනේ ඉල්ලගත්ත.

 දැන් වැඩේ ඔක්කොම හරි ඉතින් අපි කෂ්ටිය උදෙන්ම යන්න පිටත් උනා අපි 5 දෙනා විතරක් නිසා කරදරේකින් තොරව බෙල්ල කැඩිච්ච සිංහයෝ (දන්නවා  ඇතිනේ මොනාද කියල)  4- 5 දෙනෙක්ව පාකරමින් මග නැවතිලා ෆොටෝ එහෙමත් අරගනිමින්.අපේ ගමනාන්තයට ආව. මේ ගමනේ මහන්සිය නිවන්න තවත් හේතුවක් උනේ අපේ උදයා. උන්නවනම් මලගෙදරක් උනත් කෙලින්ම කෝලම් මඩුවක් වෙනවා ආයේ දෙකක් නැහැ මල මිනියත් නැගිටලා බඩ අල්ලන් හිනහ වෙන දේවල් තමයි මු කරන්නේ කියන්නේ. කොහොම හරි අපේ නුවනයගේ හඳහනේ මොකක්දෝ ලොකු අපලයක් තිබිල වගේ එදා උදයගේ බයිට් එක උනේ නුවනා. මුට පිටිපස්සේ ඉන්න බැරි තැන සහනට කියල සීට් එක මාරුකරන් මගේ ලඟට ආව ඉස්සරහට. නැතිනම් ඉතින් අරූගේ මකර කට වැහෙන එකක්යැ. හතර වටේ කරක් ගහල යන්තම් ලස්සන නවාතැන් පොළකට සෙට් වුනා.                                                        අපේ කට්ටිය හිටියේ මතින් සහ ගමනින් දෙකෙන්ම මත්වෙලා.  රෑත් අපරාදේ කියන්න බැහැ  තිතට මත් උනා 
සෙට් එකම. අපේ වන්දනා නඩේ ඔක්කොම හොඳ උපාසකයෝ නොවැයි ආයිබෝන්ඩ  හිටියේ (මේ මම තුමා වගේ)


     කොහොම හරි කස්ටියම එලාම් එකතියල නිදාගත්තේ පහුවෙනිදා උදෙන්ම නැගිටින්න. කොහොම හරි උදේ නැගිටින කොටත් කට්ටියට වෙරි.කොහොමින් කොහොම හරි මේ කබරයෝ ටිකත් ඇදගෙන මේ උදෙන්ම පිටත්වෙන්නේ  ෆොටෝ ටිකක් ගහල ගෙනල්ල අපේ ඉස්කෝල වල උන් හොල්මන් කරන්න. මොකද මෙහෙ ඉන්න ගල් අරාබි,ඉන්දියන් පකිස්තාන් කාරයෝ  කවදා නුවර එලි යන්නද? උන්ට කොහොමත් අපි ගන්න ෆන් නිකන් මැජික් වගේ. නවාතැන් පොලේ හිමිකරුගේ මගපෙන්වීම මත  උදෙන්ම 7ට විතර අපි ආව තේ වත්තක් කිට්ටුවට (මතක හැටියට හාවා එලිය පැත්තට කිට්ටුව වගෙයි).  දැන් ඉතින් කට්ටිය කැමරා අටවාගෙන පොටෝ ගහනවා 

නිකන් නෙවෙයි දන්නා ශිල්ප ඔක්කොම දාලා උදයාගේ ගොන් වැඩ වලට බනිමින් නුවනයව  බයිට් කරමින් ඉන්න කොට ඈත එනවා තේ කූඩ බැඳගත්ත ගෑනු ටිකක්. ගෑනු කිව්වට දෙමල ගෑනු ටිකක්. අපිත් ඉතින් අර ලොකු ලොකු ප්‍රදර්ශන වලට තියෙනවා වගේ. එහෙන් මෙහෙන් මොවුන්ගේ පොටෝ කෑලි ටිකක් ගත්තේ නිකන් ලොකු ප්‍රොෆෙෂනල් පොරවල් වගේ

 අපි ඔවුන් සමග කතා කරන්නට හැදුවත් ඔවුන්ට සිංහල එතරම් තේරුනේ නැතිබව අපිට වැටහුනා බැවින් අපි කෙලින්ම ඉස්සරහට දැම්මේ අපේ නුවන්. මූට දෙමල වතුර වගේ නුවන් දෙමලෙන් ඔවුන්ට කතාකරල ෆොටෝ වලට පෙනිහිටියාට ස්තූති කලා.

අපේ උදය තනිකරම බොයිලර් කුකුළා. මු නුවන් ලඟට ලං වෙලා ඇහුව මචන් දෙමලෙන් ගුඩ් morning නංගි කියන්නේ කොහොමද කියල. වැල්ලවත්ත  ප්‍රදේශයේ ජීවත් වෙන නුවන් අපේ සෙට් එකේ දෙමල දන්නා එකම එකා. අනෙක් උන් ඔක්කොම දන්නේ වාඩා සහ පෝඩා කියන්න විතරයි. නුවණය මගේ දිහාට හැරිලා කින්ඩි හිනැහාවක් දාලා මට ඇහැක් ගහල මූට දෙමල වචනයක් කිව්වා. උදයටත් උදේ පාන්දර මේ තේ වත්ත උගේ නමට ලියල දෙනවා කිව්වා වගේ ජොලියක් ගිහින් උඩ පැනල අතේ ඇඟිලි ටික එහෙම කඩලා උගුර පාදල සෙට් උනා වැඩේට. ඔන්න දැන් මේ මහිලාවන් ටික අපි පහුකරලා යනකොට එතන හිටි අවුරුදු 17 -18 ක් විතර වෙන (ඊට වැඩිද කියන්න මම දන්නේ නෑ අපිට වඩා වැඩිමහල් ලුක් එකක් තමා තිබ්බේ) තරුනියොන්ගේ   පැත්තට හැරුණු මු අපි ආයුබෝවන් කියන්න වගේ අත්දෙක හදාගෙන "තන්ගච්චි කල්ල වෙට්ටුමා" කියල කිව්වා. අරුන් ටික බුල්ටෝ කාපු රිලව් ටික වගේ මූ දිහා ඔරෝල බලන කොට මූ තව කෙල්ලෙක්ටත් ඕකම කිව්වා අපිත් දන්නේ නෑනේ ඕකේ තේරුම මුගේ ඇක්ෂන් වලට හිනා වේවි ඉන්න කොට තරබාරු දෙමල කාන්තාවක් පැනපු ගමන් දෙමලෙන් කෑකෝ ගසමින් මුගේ කම්මුල පුරෝල දැවැන්ත 6 පාරක් එල්ල කලා.     


             මම හිතන්නේ සනත් අයියාවත් ගහල නැතුව ඇති ඒවගේ ලස්සන ෂොට් එකක්. අපි කාටවත් කට අරින්න තියා හිතාගන්නවත් වෙලාවක් ලැබෙන්න කලින් ඔක්කොම ටික එකතු වෙලා මූට නෙලන්න ගත්ත අම්බා නෙලිල්ලක්. අර පිටේ බැඳලා  තිබුණු තේ කූඩයක්  ගලවාගත් එකියක් ඒක මුගේ ඔලුවේ නවල බිම දිගේ රෝල් කරලා දැම්ම. මේක අපිට බලන් ඉන්නත් බෑ මැදිහත් වෙන්නත් බෑ. මොකද වැරදිලාවත් අපිට ගැහුවොත්  අපිත් ගහන්නයැ ගෑනුන්ට ?????  මම නුවන්ට කිව්වා නුවන් මම වාහනේ ස්ටාර්ට් කරගනන්ම් උඹල ගිහින් අරූව ඇදන් වරෙන් කියල.

 යන්තම් ඒ මාර සේනාවන්ගෙන් අපේ මිත්‍රය බේරාගෙන 2012 ලෝක විනසෙන් බේරෙන්නවගේ ඩ්ර්යිව් කරන් ආව ටවුන් එක දිහාට. නුවන් මගේ ඉස්සරහ සීට් එකේ අරුන් පිටි පස්සේ. ඒ කිට්ටුව තිබ්බ කඩේකින් අපි නැවැත්තුවෙ සිද්ධාලේපයි ප්ලාස්ටර් ටිකකුයි ගන්න. සහනයි නිශානයයි දෙන්නා උදයව  අරගෙන කඩේට රිංගුව වෙලේ මගේ හිතට වද දුන්න ඒ ප්‍රශ්නය මම නුවන්ගෙන් ඇහුව, මොකෝ "මට තාම හොල්මන් උන වැඩේට. මොකද බං අරුන්ට උනේ???? උදේ පාන්දර අමු කැවිලද..   මොකක්ද යකෝ ඒ කිව්ව වචනේ තේරුම" කියල මොකද නිකන්ම මිනිහෙක්ට කේන්ති යන්නේ නෑනේ. නුවන් හිනාවෙවී මගේ කනට කරලා කිව්වා වචනේ තේරුම ඔයාලට හිතාගන්න පුලුවන්ද මොකක්ද මොකක්ද තේරුම කියල.........?    


 නංගි ග....ක් ක...මුද  කියන එකයි එකේ තේරුම. හුටා ඇරිය නේද තාප්පෙටම............ :O  


මු කිව්ව දේ අහල මටත් කට උත්තර නැතිව ගියා. "ඇයි බං උඹ එහෙම දෙයක් කලේ?" උත්තර ලෙස නුවන් පැවසුවේ "අරූ ඊයේ මාව බයිට් කරා අද මම දුන්න රිටන් එක" කියල "ඒත් බං මම හිතුවේ නෑ මේ මල යක්ෂණියෝ මූට ගහවි කියල" කිව්වා. උදයල එනවා දැක්ක නිසා අපි කතාව නවත්තල වාහනේට නැග්ග. "මචන් උඹට දැන් කොහොමද" කියල මම අහද්දී "දිනු  මචං මුන් මරාගෙන මැරෙන කොටිද කොහේ බං. ගුඩ් මොර්නින්ග් කියල ඔහොම නෙලුවනම්, නංගි මාත් එක්ක යාලු වෙනවද කියල ඇහුවනම් අපි සෙට් එකම ඉවරයිනේ බංඑතනම"  

යයි කියද්දී අපි සෙට් එකට හිනාව නවත්වගන්න බැරි උනා. අදටත් මම හිතන්නේ නෑ උදයා එක දෙමල වචනයක්වත් ආසාවට කතාකරනවයි කියල.හි...... හි.....හි....     මට මේක මතක් උනේ මගේ කොම්පැනි එකේ වැඩ කරන පිලිපීන ජාතිකයෙක් මගෙන් කොහොමද කියල ඇහුවයිනුයි.


 මේ කතාව මම ලිව්වේ මම බ්ලොග් ලෝකෙට ආව අලුතම නමුත් මේකේ ගොඩක් අක්ෂර දෝෂ ලිවීමේ වැරදි එහෙම තිබුනා. මට කිහිප දෙනෙක්ගෙන් ආව ඉල්ලීමක් තමයි මේක නැවත වැරදි හදා දාන්න කියලා. ඉතින් සමහර අය මේක බලලත් ඇති. නොබලපු යට බලන්නත් එක්ක ඔන්න මම මේක නැවත වතාවක් පිළිවෙලකට ලියල දැම්මා.

94 comments:

  1. අඩෝ පට්ට සීන් එක.... මමත් යාපනේ ඉදිද්දි ඔහොම සීන් එකක් උනා යාලුවෙකුට.. ඌට ගැහුවෙ නෑ... බැන්න...

    ReplyDelete
  2. කැම්පස් එකේ රැග් සීසන් එක කාලෙදිත් දෙමළ - සිංහල අය අතරේ ඔය වගේ සිද්ධි සෑහෙන්න තියෙනවා, හැබැයි ගෑල්ලමයින්ට නම් ඒවා කියන්න යන්නෑ, හරි නෑනේ ...

    ReplyDelete
    Replies
    1. මේ සිද්දිය උනෙත් නොදන්නා කම නිසා. නුවන් විතරයි දෙමල දන්නේ වෙන කිසිම කෙනෙක් දන්නේ නැහැ. හැබැයි ඌ හිතලත් නැහැ අරුන් ගහවි කියලා.

      Delete
  3. නොදන්න දෙමළෙට ගිහින් වරිගෙ නහගන්නවා කියන්නේ ඕවට තමයි...

    ReplyDelete
    Replies
    1. හරියටම හරි මාතලන් අයියේ. මගේ මුල් කතාවට මම දැම්මේ ඔය නම තමයි. හිකිස්.....

      Delete
  4. එවැනිම සිනා යන එකක් මමත් අත්දුටුවා.මම එක ලියන්නම් මල්ලී.නොදන්න දේ කථා කරන්න යන කොට පරිස්සමින්.පාඩමකුත් තියෙනවා මේ සටහනේ.වැදගත් එයයි.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. එල එල අක්කේ ලියන්න. අපිටත් දැනගන්න එක්ක. මේකා විතරක් නෙවෙයි අපි එකෙක්වත් දෙමල කතාකරන්නේ නැහැ එදා කේස් එකෙන් පස්සේ.

      Delete
  5. වරිගේ නෙමේ තවත් මොනා හරි නහගන්නේ නැතුව ආපු එකම මදැයි...:D:D

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් උගේ විතරක් නවෙයි අක්කේ අපෙත් එක්කයි නැතිවෙන්නේ. :)

      Delete
  6. කාලෙකට පස්සෙ උඹේ පෝස්ටුවක් වෙලාවට කියෙව්ව. මම නං කාගෙන්වත් ඔයවගේ වචන අහගන්නෙ නෑ. මොකද මට කවුරුවත් ෂුවරු නෑ. :)

    ReplyDelete
    Replies
    1. එහෙමත් තියෙනවා අයියේ වෙලාවල්. කොච්චර යාළුවා උනත් නුවන් අදටත් කියන්නේ ඌ හිතල නෙවෙයිලු කලේ. :)

      Delete
  7. යකෝ ඔතන ගෑණු විතරක් හිතපු නිසා ගුටි කාලා බේරුනා. පිරිමි කීප දෙනෙක් හිටියානම් මිණී මැරුමක්නෙ.

    ඉගෙන ගත්තද ඊට පස්සෙ වත් පාඩමක්?

    ReplyDelete
    Replies
    1. ආයෙදත් අහනවා ඩුඩ් අයියේ.

      අදටත් අපේ සෙට් එකේ එකෙක්වත් නොදන්නා භාෂා කතාකරන්නේ නැහැ.

      Delete
  8. පව් බං

    ReplyDelete
  9. ලංකාවෙ ලොකුම ෆෝරම් ඵකට තාම ගියේ නැද්ද..දැන්ම යන්න ගිහින් රෙඡිස්ටර් වෙන්න http://justcrowd.net/

    ReplyDelete
    Replies
    1. දැන් නම් පොඩ්ඩක් බිසී නිවාඩු පාඩුවේ රවුමක් දාන්නම් කෝ.....

      Delete
  10. ඔච්චරම දරුණු වඩ නං කොරන්න නරකයි මලයෝ..

    ReplyDelete
    Replies
    1. ඔය කාලේ ඕලෙවල් කරන කාලේ වගේ අයියේ මොන හොඳ නරක තේරුමක් ද?

      Delete
  11. නුවන්ගෙන්.. උපක්‍රමශීලී පහර දීමක්..

    ReplyDelete
    Replies
    1. හික් හික් ඕකා වැඩිය කතා කරන්නේ නැහැ. හීන් නූලේ දෙන්නේ වැඩේ.

      Delete
  12. මේ පොස්ට් එක කලින් මම බැලුව මලේ. බෙල්ල ගහලා යන විහිළු බන් ඕවා.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ ඒකේ වැරදි අඩුපාඩු තියෙනව කියල. දෙතුන් දෙනෙක් කිවා එකයි හදලා දැම්මේ. කවුද දෙයියනේ දන්නේ අරූ කියන කල් ඕකේ තේරුම???? අපි එකෙක්වත් දෙමල දන්නේ නැහැ නේ.

      Delete
  13. :D :D මට නං මේකේ දෙමලෙන් ලියපු දේ තේරුණේත් නෑ. සිංහලෙන් ලියලා තිබුනදේත් තේරුනේ නෑ.කමක් නෑ.මොකක් හරි කුනුහැරුපයක් වෙන්න ඇතිනේ කියලා හිතුනා.

    ReplyDelete
    Replies
    1. ඔව් නංගෝ කුණුහපරයක් තමයි. පොඩි එවුන්ට හොඳ නැහැ දැනගන්න. :)

      Delete
  14. හරි වැඩේ තමයි.. මට හිස් තැන් පුරවගන්න තේරේන්නේ නෑ කියන්ටකෝ ඉතිං .. බලාගෙන ගියාම මමත් ඔක්කොම නරක වචන දන්නේ නෑ වගේ .. අපෝයි :/

    ReplyDelete
    Replies
    1. එකනේ ලකී ඔයාට ලකී කියන්නේ. කුනුහපර දන්නේ නැති තරමටම හොඳයි අකුරු දෙකයි දාන්න ඕනේ තේරුම එන්න. :)

      Delete
  15. Kohoma wunath wade kathai aiya... Yaluwo Guti kanakam oyala pathakata wela hitiyane....

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද නංගි ගෑනුන්ට ගහන්නද? පිරිමිනම් දෙනවා ආයේ මදිනොකියන්න.

      Delete
  16. 1. අර ඔරලෝසුව අයින් කරපං. එක්කෝ පොඩි කරපං...
    2. පරණ වුනත් ආයෙම කියෙව්වා ඈ..
    3. එතනම වැරදි නිවැරදි කොරනවා නං හොඳ නැද්ද මං අහන්නේ?

    ReplyDelete
    Replies
    1. අයියේ ඔය ඔරලෝසු අවුල එන්නේ ගූගල් ක්‍රෝම් එකෙන් අනෙක් ඒවගේ එන්නේ නැහැ.
      වැරදි හදල දැම්මේ
      කොයි වරදද?

      Delete
  17. කියවගෙන යැද්දී කලින් කියවපු ගතියක් දැනුනා.

    Moral of the Story

    භාෂාවක් ඉගෙන ගනිද්දී ඒකෙ තියෙන කුණුහරප ටික මුලින් ඉගෙන ගන්න. අපි තායිලන්ඩ් ගිය වෙලාවේ කවුරුහරි කෙනෙක් එහෙ හිටිය කොල්ලෙකුට මහත්තයා කියන වචනෙට *ත්තා කියලා උගන්වලා. ඒ කොල්ලා හැමෝටම good morning *ත්තා කියා කියා ගියා. අපි නම් එකෙන් මාර සතුටක් වින්දා.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ ඔය කුප්ප වැඩේ කරන්නෙ අපේ උන් විතරමයි...

      Delete
    2. ඔව් අයියේ වැරදි හදල ලිව්වා එකක් මේක මුලින්ම ලියුවේ මම බ්ලොග් ලියන් ආව අලුත. ඔව් ඔව් ඔය වැඩේ ලංකාවේ අපේ උන්ම තමයි කරන්නේ. හැබැයි සමහර තැන් වල චාටර් වෙනවා අපිම.

      Delete
  18. //ඥාති සහෝදර තුමා වන හුලංගැරඩියව. // යස නෑදැයෝ නේ මලේ ඉන්නේ. පිඹුරෝ, පොලොන් තෙලිස්සෝ එහෙම නැද්ද :D :D

    දරුණු ප්‍රහාරයක් නේ. අර දළු කරන කොට අතේ තියා ගන්න පිහියෙන් වත් දමලා ඇද්ද නම් තමයි වැඩේ. දෙතුන් පාරක්ම අහන කොට හිතෙන්න ඕනිම වෙලා තමයි අහන්නේ කියල. :)

    ReplyDelete
    Replies
    1. //ඥාති සහෝදර තුමා වන හුලංගැරඩියව. // යස නෑදැයෝ නේ මලේ ඉන්නේ. පිඹුරෝ, පොලොන් තෙලිස්සෝ එහෙම නැද්ද :D :D //

      +++++++++++++++++++++++++ :D

      Delete
    2. හික් හික් තව ඉන්නවා හිපෝ, ගැරඬි බඩා,කට කළුවා, රැප්ටර්(ඩයිනොසර් වර්ගයක්), වලස්සු, හරක්, පූසෝ හාවෝ ඔක්කොම ඉන්නවා ආ ගවරෙකුත් ඉන්නවා. පවුලේ හැමෝටම විශේෂිත නමක් තියෙනවා ඔය වගේ මගේ නිෂ්පාදන තමයි. හික් හික් හික්.

      හප්පේ එහෙම දේකුත් තියෙනවද? පිහිනම් ඇද්දේ නැහැ. ඇද්දා නම් අරූගේ ....... කපනවා. සිරාවට. හික් හික් හික්

      Delete
  19. පහු ගිය දවස්වල කියවපු ඩූඩ් ගෙ පෝස්ට් වලත් ඔය වගේ කතා කියෙව්වා. ඒ ඉතින් සුද්දො කියලවත් හිතා ගත්තැකි. හි හි හී හැබැයි සුද්දෝ වත් මෙහෙම ගුටි කන්න නැතුව ඇති..

    ReplyDelete
    Replies
    1. අපෝ මෙහෙ ඔය වගේ දේවල් ඕනෙතරම් වෙනවා අක්කේ. ඒවා ගොඩක් දුරට දාන්න බැරි කුණු හරප. එඩිට් කරලා දැම්මොත් කතාවේ කික් එකක් නැහැ.

      Delete
  20. හහහා... පට්ට ආතල් :) :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හික් හික් හික්. ට්ව ටිකෙන් අපිත් කෑවනම් තවත් ආතල්

      Delete
  21. නංගි උක්***ලා තමයි !

    :)

    ReplyDelete
  22. කලින් බැලුවා කෝ.මා.

    කල්ල වෙට්ටුමා... හි හි හි....

    ReplyDelete
    Replies
    1. ඔව් අකම්. කලින් පොස්ට් එක හෙන පටලැවිල්ලක් වගේ අගක් මුලක් නැහැ. වැස්සකටවත් ඉස්කෝලේ ගියේ නැති එකෙක් ලියපු එකක් වගෙයි. ඒ නිසා ආයෙම වැරදි හදලා ලියල දැම්මේ.

      Delete
  23. ඇති ඔයිං බේරුනා

    ReplyDelete
    Replies
    1. තව ටිකෙන් අපිත් කනවා අම්බානකට.

      Delete
  24. අනේ අපොයි පව් ඒ අයිය නේ... කැම්පස් වල ඔය වගේ එව්වා හරියට වෙනවා කියල යාළුවො මට කියල තියෙනවා....

    ReplyDelete
    Replies
    1. අයියෝ නංගි ඒ අයියා විතරක් නෙවෙයි තව ටිකෙන් මේ අයියත් කනවා මදි නොකියන්න.

      Delete
  25. මම නම් ඔය වැඩේට හරි බයයි.. කාගෙන්වත් අහන්නෙ නෑ වචන වෙන භාෂාවල පුලුවන් නම් එයාලට කියල දෙනවා සිංහල..

    ReplyDelete
    Replies
    1. මලාට වෙනජාතිවල උන්ට සිංහල උගන්වන්න එපා. ඒක පට්ට ඇනයක් වෙනවා.

      Delete
  26. ඇක්වයිනාස් ඉන්න කාලේ අපේ හිටියා රෝයි කියලා දෙමල කොල්ලෙක්.. සිංහල වචනයක් වත් බෑ... අපේ කොල්ලෝ ටික මූට මුලින්ම ඉගැන්නුවේ සිංහල කැණුහරුප ටික... කොල්ලා මොළකාරයා... මායි මගේ යාලුවයි දෙන්න ෆිට් නිසා ඌ ෂේප් එකේ අපි ගාවට ඇවිත් අහනවා මේකේ තේරුම මොකද්ද කියලා... අනේ මේ ලස්සන කොල්ලව අමාරුවේ දාන්නේ කොහොමද..? අපි දෙන්නා ඌට තේරුම හරියට කියනවා... හි හි... නැත්තම් රෝයිටත් වෙන්නේ ඔහොම වැඩක් තමයි... හි හි

    ReplyDelete
    Replies
    1. හික් හික් ඔහොම කිව්වට අක්කලත් දුන්නේ එහෙම නැද්ද ලනු එහෙම. ලනුවක් දුන්නට කමක් නැහැ ගුටි නොකන.

      Delete
  27. Replies
    1. ඕකම තමයි අක්කේ අපි කිව්වෙත් එදා හවස. :)

      Delete
  28. මදැයි ගුඩ් මෝනින්ග් කියන්න ගියා. තව පොඩ්ඩෙන් අරුගේ මුණ කපාගෙන එන්න වෙන්නේ

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් එකනේ රයිටර් මලේ කියන්නේ. කරුම වෙලාවට මෝල්ගසුත් පත්තුවෙනවා.

      Delete
  29. හි හික් අපි ඉස්සර මුස්ලිම් බාලිකා එක ළඟින් යනකොට කෙල්ලොන්ගෙන් ඕක හිමිහිට අහනවා . උන් මූන ඇබුල් කරගෙන යනවා ...

    ReplyDelete
    Replies
    1. එහෙම ගියානම් මොකද ලොකු අයියේ. මුන් ටික නෙලන්න ගත්තනේ කොනක ඉඳන්.

      Delete
  30. දෙමළ ටිකක් ඉගෙන ගත්තා නම් හොඳයි වගේ :D

    ReplyDelete
    Replies
    1. අනිවා හසිත. ඉගෙනගත්ත දෙයක් අපතේ යන්නේ නැහැනේ කවදාවත්ම.

      Delete
  31. මම මේ කතාව මුලින් බලලා නැහැනේ.මදැයි ඔයින් ගියා,තව පොඩ්ඩෙන් ගල් කුඩු කරගෙන එන්න වෙන්නේ හික්ස්

    ReplyDelete
    Replies
    1. හිකිස්....... ආයෙදත් අහල මල්ලි. මේ පරණම කතාවක්.

      Delete
  32. මෙහෙට ආපු කාලේ අපිත් ඔය වගේ ආතල් වැඩක් කරා ඉන්දියන් කාරයෙකුට...ඔච්චර දුර දිග ගියේ නෑ හැබැයි

    ReplyDelete
    Replies
    1. තව කේස් තියෙනවා හැබැයි කුණුහර්ප කේස් නිසා දාන්න බැහැ.

      Delete
  33. මං කෝරලයගෙ මුලින්ම කියවපු පෝස්ට් එක තමයි මේ කතාව... හී හී

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් එකේ අගක් මුලක් තේරෙන්නේ නැහැ. පැටලිලි සහගතයි. ඒ නිසා ආයෙම ලියලා දැම්මා.

      Delete
  34. ඒකනේ නොදන්න දෙමලට ගිහින් වරිගෙ නහගන්න එපා කියන්නේ..

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් දයා අයියට මතකයි නේද මුල් කතාවේ මාතෘකාව උනෙත් ඔය කියමනම තමයි.

      Delete
  35. කොරලේ හොද ඒකා වගේ ෆලෝවර් ගැජට් එකක් දානවද? නැත්තං මට මේවා මිස් වෙනවා

    ReplyDelete
    Replies
    1. දාලා තියෙන්නේ දකුණු පැත්තේ උඩ බලන්න

      Delete
  36. අනූගෙං අහලා බලන්න ඕනා කල්ල වෙට්ටු මා කියලා....

    ReplyDelete
    Replies
    1. මල්ලි කන පලාගන්නයි වෙන්නේ. කුණු හපරයක් බොල.

      Delete
  37. Mama rangana.sharjah school eke vada karanne.podi vadakata mata oyage no eka sms 1k danavada.mage no 0552602565 plz (podi IT case ekak)

    ReplyDelete
  38. අඩේ.... මට හිස්තැන පුරෝ ගන්න බැහැයි කියපියකෝ ඉතිං.... අයියෝ......

    ReplyDelete
    Replies
    1. එක අකුරයිද අඩු???

      Delete
    2. දෙකක් නැහැ අක්කේ ල ප කියන අකුරුදෙක

      Delete
    3. හපොයි ඔයින් ගියා මදැයි.....

      Delete
  39. මදෑ ඔයින් ගියා. දැන්වත් හැදුනොත් හොඳා.

    ReplyDelete
  40. ලකෆ්‍රෑන්ස් නමින් මෙතෙක් කල් අනිකුත් බ්ලොග්කරුවන්ට අපහාස වන අන්දමේ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට නොදැනුවත්වම දායක වීම ගැන ඔබ සියලු දෙනාගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටිමි. බ්ලොග් අවකාශය තුල මිතුරන් යැයි මා මෙතෙක් සිතා සිටි කතන්දර/වැප්/ඕනමැන්ටල් යන අපාය සහායක මිතුරන් නිසා මට මේ කරුමෙට දායක වීමට සිදුවිය. අදින් පසු මම ඉහත නම් කියූ උන් සමග ඇයි හොදයියක් නැත. කරුණාකර පෙර මෙන් මා පිළිගෙන මට සමාව දෙන්න....ඔබේ මිත්‍රත්වයේ හස්තය මා වෙත දිගු කරන්න.

    ජංගම දුරකථනයට දිනපතා පැමිණෙන මරණ තර්ජන නිසා බක්මහා උළෙලට සහභාගි විය නොහැක.

    ස්තූතියි,

    මම ඔබේ හිතවත් අභීත

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ අභීත අයියද ඒ බ්ලොගේ රන් කරන්නේ

      Delete
  41. යකෝ උඹලගේ හැටි දැනගෙනත් අරූ විස්වාස කලාද අනිත් එකා කිව්ව දෙමල හරිම දෙමල කියලා . . හෙ හෙ හේ

    ReplyDelete
    Replies
    1. යාලු ෆිට් එකනේ දුකා අයියේ හිකිස්........

      Delete
  42. හික්..හික් මරු වැඩේ... ඔයින් ගියා මදැයි .

    ReplyDelete
    Replies
    1. තව ටිකෙන් බෙල්ල නැතිව තමයි එන්න වෙන්නේ

      Delete
  43. Thanks කතාව අහල ඇඟේ ලේ පිරිසිදු උනා.

    ReplyDelete

ඔයාල කොම්මෙන්ට් එකක් දාන්න වැය කරන තප්පර ගානත් ඔයාලට වැදගත් කියල මම දන්නවා එත් ඔයාලගෙන් අදහසක් මේ පිළිබඳව ලැබෙනවා කියන්නේ මට ඉදිරියටත් ලියන්න හොඳ මොර්ටිවේෂන් එකක් ලැබෙන එක. ලියන්න කල් මදිනම් තිතක් තියල යන්න එතකොට මම දන්නවා ඔබ මෙය බැලු බව. ස්තූතියි.........

Related Posts Plugin for WordPress, Blogger...