Tuesday 2 April 2013

ඊයේ දින උපන් දිනය සැමරු මාරයා,රජා,ඇනෝවෙක් කුජීත කල අවතාර් සහ ලිලි අක්කා ගේ කතා

 
හික්.. හික්... හික්.. සුභ දවසක් වේවා කිව්වා ඔක්කොටම!. ඊයේ වගේ වැදගත් දවසක් සිහිපත් කරලා පොස්ට් එකක් දැම්මේ නැත්නම් හිතට මොකක්ද මොකක්ද වගේ. ඇත්තටම ඊයේ දීලා තිබුණු වැදගත් දිනේ කල් ගිය බව මාරයා පොස්ට් එකක් දැම්ම උනත් උන්දැගේ උපන්දිනේ කොහොමද එහෙම කල්දාන්නෙ කියලයි හැමෝම අහල තිබ්බේ. අනෙක අපේ අඩවි රජාත් ඒකාගේ තහනම් අඩවිය අපිට තහනම් කලාපයක් කළා ඊයේ දිනේට විතරක්. ඒ විතරක්ද අපේ මඩිස්ස ලියන නිශාන් මලයත් අවසන් ලියුමයි ඔබට ලියන්නේ විරහ කඳුළු රැඳී පෑනින් කියලා පොතක් පෙරලලා තිබුනා. තව පැත්තකින් අපේ අවතාර් කොහේදෝ ඉන්න මෝඩ ඇනෝවෙක් තවත් මෝඩයා කරලා කුජීත කරලා තිබුනා. ඔය එක බොරුවකටවත් අහුනොවී එඩිතරව නිර්භයව සිංහයෙක් (ලාගර් එකේ ඉන්න) වගේ හිටපු මාව වන් ෂොට් මෝඩයෙක් කලේ අපේ යසියා. උගේ මොලේ පෑදිලා දැන් හනි බනි කැරට් අල දෙකක් දීලද කොහේ. ඔයාලත් ගිහිල්ලම බලන්නකෝ මුගේ මගඩියේ තරම. බැලුව අය දන්නවා ඇති මොකක්ද ට්‍රික් එක කියලා. කිච වෙන එකේ නිකන් තනියම කිච වෙලා හරියනෙන් නැති නිසා වෙන කෙනෙකු කිච වෙච්ච දෙයක් ගැන දාලා මගේ ගරු නම්බුව (එහෙම එකක් තියෙනවද???? :O) බේරා ගන්න තමයි මේ අසරණ උත්සාහය. 



ඔන්න අපි කතාවට බහිමුකො. මම මගේ කතා තුලින් විවිධ චරිත හඳුන්වලා දීලා තියෙනවා ටිරා, දමියා, උදය වගේ මේ කතාවේ ප්‍රධාන චරිතේ පොඩ්ඩක් විශේෂ චරිතයක් දැන් අහන්න යන්නේ මොකක්ද ඔය තරම් විශේෂෙ කියලනේ. මෙයා හරි ප්‍රසිද්දයි දවසේ මෝඩ කතාව කීමට දවසේ මොකක් හරි අන්දොස් කතාවක් කිව්වේ නැත්නම් මෙයාට නින්ද යන්නේ නැහැ කියල තමයි තතු දත් ආරංචි මාර්ග කියන්නේ.  අපි මෙයාව නම් කරමු ලිලි අක්ක කියලා. පොඩ්ඩක් අන්දොස් නමක්. වැරදීමකින් හරි මේ පොස්ට් එක දැක්කොත් මම ගස් තමයි. ඉතින් අපි ට්‍රැක් එකෙන් පිට පනින්නේ නැතිව කතාවට බහිමුකෝ........

ඔන්න දවසක් හැන්දෑවේ 7 ට විතර ලිලි අක්කා එයාගේ හබියා චන්දරේ අයියත් එක්ක යනවා මේ කිට්ටුව පාත තියෙන Satwa කියන ප්‍රදේශයට ලංකාවේ එළවලු ටිකක් අරන් එන්න. මොකද මෙහෙ ඉන්දියාවෙන් එන එළවලු මෙලෝ රහක් නැහැ කියල කාල තියෙන උදවිය දන්නවා ඇති. ඉතින් මෙහෙම යනකොට ඔය පේලියට තියන රෙදි කඩ පෙළක් පහුකරගෙන තමයි මෙයාලගේ ගමන් මාර්ගය තියෙන්නේ. මේ රෙදි කඩ වලින් එකක දාල තිබිල තියෙනවා අලංකාර ගවුමක්. ඉතින් අපේ කාන්තා පාර්ශවයේ අය කොහොමත් ඇඟලුම් වලට දක්වන්නේ තද ආසාවක්නේ. ඉතින් ලිලි අක්කත් මේක හිතේ තියාගෙන ගිහින් එන ගමන් ගමන පොඩ්ඩක් බාල කරලා ගවුම බලල තියෙනවා. අපේ චන්දරේ අයියත් පොඩ්ඩක් හදිස්සි කාරයෙක්. උන්දා ලිලි අක්කට පොඩි සද්දයක් දාල තියෙනවා මෙන්න මෙහෙ එන්න යන්න පරක්කු වෙලා තියෙද්දී රෙදිත් බලන්නේ අහවල් රෙද්දකටද කියලා. ඉතින් ලිලි අක්කත් මේ ගවුමට තියෙන ආසාවට එතන පිටිපස්ස හරවන් හිටපු කෙනෙක්ගෙන් අහනවලු

 "Excuse me how much is this frock?" (සමාවෙන්න මේ ගවුමේ මිල කීයද) 

සද්දයක් නැහැලු නැවත වතාවක් සද්දේ දාල ඇහුවලු මේ කතාවම ඒත් ගණන් ගන්නෙවත් නැහැලු. ලිලි අක්කටත් දැන් පොඩ්ඩක් ඉවසීමේ සීමාව ඉක්මවා ගියාලු වැඩේ ගැන. කඩේ ඇතුලට ගිහින් මැනේජර් වගේ පෙනුන කෙනෙක්ට කිව්වලු බලන්න අර එළියේ ඉන්න සේල්ස් කොල්ල කිසි කමකට නැහැ මෙහෙමද කස්ටමර්ස්ලට සලකන්නේ මේ ඇඳුමේ ගාන කීයද කියල  3න් 4ර සැරයක් ඇහුවා ගනන්වත් ගත්තේ නැහැනේ කියල. කඩේ සේවකයෙක් විදියට මේ වගේ දෙයක් කරනවා කියන්නේ කඩේ බිස්නස් වලට හොඳ නැති නිසා, කඩේ මැනෙජර් මහත්තයත් දඩි බිඩි ගාල එලියට ඇවිත් මේ අහංකාර සේවකයා කවුද බලන්න.ඒ වෙද්දී එතනට ඇවිල්ල හිටිය චන්දරේ අයියත් වැඩේට එකතු වෙලා තියෙනවා. හුටා කාලා වරෙන්කො.............. කවුද මේ සේවකයා. 
 
                                                               

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

             ඩමියක් ඕයි........ ඩමියක්......................

එතනින් එහාට වෙච්ච දේ ඔයාලට හිතා ගන්න පුළුවන්නේ............. :D

ලිලි අක්ක දැන් හතලිස් වියත් පසුකරලා ඉන්නේ ඒ නිසා ඇස් පෙනීමේ පොඩි දුර්වලතාවයකින් පෙළෙනවා. හැබැයි ඇහුවොත් කියන්නේ මට හොඳට පේනවා බොලාට වැඩිය කියලයි.






Related Posts Plugin for WordPress, Blogger...