Sunday 18 November 2012

නිරුවත් කරලා ඇඟිලි ගහනවා? (18 වැඩි උන් විතරක් කියවන්න)





හිර ගෙදරට ගෙනයන සිර කරුවන් සියලුම දෙන එකම හෝල් එකක් තුලට ගාල් කරනු ලබන අර එහි සිට එකිනෙකා වශයෙන් එලියට ගෙන සන්තක දෑ සාක්කුවෙ තිබෙනාවූ දේවල් පර්ස්, මුදල් ආදී සියලුම දෑ ඉවත් කොට රේජිස්ටරේට නම ඇතුලත් කොට ප්‍රධාන දොරටුව අසල ඇති සෝදිසි කිරීමේ කාමරය වෙත රැගෙන යන අතර එහි සේවය කරන්නේ ත්‍රිවිද හමුදා නිලධාරීන් වන අතර ඔවුන් රැඳවියන්ගේ සියලුම ඇඳුම් පැළඳුම් ඉවත් කොට සෝදිසි කිරීම් කරනු ලබයි අච්චු කරුවන්ගේ අධෝ මාර්ගයට ඇඟිල්ල පවා ගසා පරීක්ෂා කරනු ලබයි. ඒ අවුන් බංකර් ගැසීම ගැන පළපුරුදු කරුවන් වන බැවිනි. අලුත එන්නාවූ සැකකරුවන්ට එම සැලකිල්ල නැතිවීම ගැන මා දෙවියන්ට අනෙක වරක් පිංදුන්නේ මන්ද යත් යකෝ තියෙනෙත් එකයි. නෝ එන්ට්‍රි එකේ ඇඟිලි ගස්සවාගැනීම මට ආසාවක් නොවූ බැවිනි. එතනින් එලියට ගිය විට සියල්ලන්ම වාට්ටු ක්‍රමයට බෙදනු ලබයි වෙන්කරනු ලබයි. හැම වාට්ටුවකම නායකයෙක් විය වාට්ටුව හැසිරවීමට ජෙලර්ලාට සහය වීම බොහෝ දුරට මොවුන්ගේ රාජකාරිය වෙයි. මොවුත් තමන්ගේ වාට්ටුව තුල රජෙකු මෙන් ජීවත් වෙයි. වාට්ටුවේ එකෙක් බටයක් අදියි නම් ඒ මොහුවෙයි. මොහු වටා සැරිසරන ගෝලයින් පිරිසක්ද සිටින නිසා වාට්ටුව තුල අනෙක් සිරකරුවන් මොහු සමග කටගැසීමට නොයයි. 

අනෙක් මතක් කල යුතු කාරණය නම් සිරගෙය තුල භාවිතා වන වචන කනට මී පැණි වක්කරන්නාක් මෙන් වන්නේය. සිරගෙය තුලදී ඔබට විෂමාකාර චරිත දැකීමට පිළිවන. හුදෙක් අපරාදකරුවන් වැරදි කරුවන් සැක කරුවන් නීතියටය. නමුත් ඔවුන්ටත් කතාවක් ඇත. මා මෙහිදී  කරන්නේ සිරකරුවන් සුද්ද කිරීම නොව හුදෙක් සානුකම්පිතව බැලීමට සහ එය කතිකාවකට ගෙන එමටයි. එහි වූ වයස 60 පමණ සීයා කෙනෙක් වූයෙන් මම ඔහු සමග කතාවට වැටුනෙමි. ඔහුගේ පුතා ලේලිය හා එක්ව ඉඩකඩම් ගෙවල් දොරවල් සියල්ල ඔවුන් නමට ලියවාගෙන මේ අසරණ පියාව එළියේ ගරාජය තුලට දමා ඇත්තෙන් ඔහුට කෑම බීම ටිකවත් හරිහැටි ලබාදෙන්නේ නැති බවයි. දවසේ කුලියක් මලියක් කොට ලබාගන්න වූ ආදායමෙන් පොඩ්ඩක් සප්පායම් වෙන ඔහු බීමත්ව පැමිණ පුතාට හා ලේලියට බැනවැදුණ විට ඔවුන් පොලිසිය කැඳවා ඔහුව සිරගත කල බව පැවසීය. බන්ධනාගාර ගතවීමට හේතු වූයේ රුපියල් දහසේ දඩය ගෙවීමට ගෙදරින් කෙනෙකු පැමිණ නැති බැවිනි.

මා දුටු තවත් විශේෂිත චරිතයක් නම්  මුහුණේ කැපුම් කැළලක් සහිත සෝමපාලය (සැබෑ නම වගේ එකක්) ඔහුගේ වයස 56 කි. ඔහු ජීවිතෙන් අවුරුදු 40ක් පමණ හිරේ ගෙවා ඇතිබව පැවසු විට මා පුදුම විය. මුලින්ම සිදු කරන ලද කුඩා හොරකමකට දඬුවම් වශයෙන් හය මසකට සිරගත කරනු ලැබූ ඔහු නැවත එලියට පැමිණි පසු සමාජයේ සියලු දෙනාම ඔහුව කොන්කරන්නට වූයේ හොරා, හිරේ ගියපු එකා යනුවෙනි. ඔහුට රැකියාවක් ලබාගැනීමට නොහැකි විය ගමේ උන්ද රැකියාවක් නොදුන්නේ හිරේ ගොස් පැමිණි හොර දාමරිකයෙකුට
වත්ත පිටියේ කුලී වැඩක් දෙන්නට කැමති වන්නේ කවුද? එහිදී ඔහුට එම පළාතේ කසිප්පු විකුණන මුදලාලි කෙනෙකු හම්බ විය. මේ තරුණයාගේ අසරණ බව තේරුම් ගත මුදලාලි ඔහුට සරණ වීමට ඔහුට රැකියාවක් ලබා දීමට ඉදිරි පත් විය. ඒ කසිප්පු ප්‍රවාහන කටයුත්තයි. කෙසේ හෝ වරක් කසිප්පු සමග අල්ලාගත් මුදලාලිගේ පවුලේ අයෙකු වෙනුවෙන් සිරගත වීමට මොහුට සිදුවිය. ඒ කසිප්පු ඇද්දේ තමා යයි කියා තමන් පිට වරද පටවාගනිමින්ය. එය ඇසූ මා මවිත වූයේ අනෙකෙකු කල වරදකට තමන් ඉල්ලන් හිරගත වන්නේ මන්ද යනුවෙනි. එයත් එක්තරා ආදායමක් රැකියාවක් බව මා දැනගත්තේ එදාය. ඔහු එතැන් පටන් විවිද පුද්ගලයන් වෙනුවෙන් හිරගත වන්නේ ඉතා ඉහල මුදල් අය කරමිනි. වරද කරු නිදොස් කොට මෙසේ කුලියට හිරගතවී සිටින කාලය තුල ඔහුට ඔහුගේ පවුලට මුදල් ලැබෙන්නේය. (අන්න කරනවා නම් ස්වයං රැකියාව) 

මාද ඔහුගේ වතගොත අසාගත්තේ අනාගතයේදී ප්‍රයෝජනවත් වියහැකි බැවිනි. හිකිස්........ 

ඇතුලේ තිබෙන තවත් මාෆියාවක් නම් ගොටු ඇල්ලීම (......ක දීම කියලත් කියනවා) හැබැයි ජේලර්ලාට. වාට්ටුව භාර ජෙලර්ගේ හිත දිනාගත හැකි වුවහොත් තමන්ගේ තරහ කරුවන්ගේනුත් පලිගැනීමට හැකිය. එවන් දේවල්ද මා දුටුවේ වැලිකඩ තුලදීමය. සැබවින්ම ගතහොත් සිරගෙයක් යනු භාහිර ලොවෙන් වෙන්වුන තවත් ලොවකි එහි ඇතුලත සිදු වන දේවල් පිට ලොවෙන් වෙන්වී පවතින්නේ පිටස්තර ලොවත් සමග එහි ඇති සම්බඳතාවය අඩුබැවිණි. එය මෙලොව තුලම ක්‍රියාත්මක වෙන තවත් ලොවක් බඳු වෙයි. තමන්ගේ කාමරයේ සැප පුටුවක් මතට වී මෙය කියවන ඔබට එහි ඇති කටුක බව වටහා ගැනීම උගහටය. එබැවින් අවසාන වශයෙන් මට කීමට ඇත්තේ "හිරකරුවන් යනු මනුස්සයන්ය" කියන කියමන හිරගේ තාප්පයට පමණක් සීමා නොකොට දාස් ගණන් සිරකරුවන් සිරගෙවල් තුල පුරවා නොගෙන යම් කිසි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ කාලීන අවශ්‍යතාවය ගැන මතක් කරමින් සහ සිරකරුවෙක්, හිරේ ගිහින් ආපු එකෙක් යැයි  සමාජයේ හංවඩු ගැහීමේ ක්‍රමය වෙනස් කළහොත් දීර්ග කාලීනව සිරකරුවන් සිරගත වීමේ ප්‍රවනතාව අඩු වීමක් සිදුවිය හැක. මක් නිසාද යත් ඔයාල සමහර විට අහල ඇති කතාවක් එකසැරයක් හිරේ ගිය එකෙක්ට තවසැරයක් යනවා කියන්නේ නතින් කියන එක. මොකද පලවෙනි සැරේ හිරේට යන්න කලින් බයක් තියෙනවා කුතුහලාත්මක බයක් හිරේ මොනවගේද කියන්න දන්නේ නැති නිසා ගිහින් ආවට පස්සේ ඒක නැතිවෙනවා. 



ඔන්න කෝරලේ මහත්තයට හිරේ යන්න උන විදිය.


කට්ටියටම මතක ඇතිනේ බනීගේ මාමලව.......... ඉතින් මේ අය කරපු කෙනෙහිලි කම්වලට පිළිතුරු දෙන්නත් මට මට වාරයක් ලැබුනා. ගිය දෙසැම්බරයේ බනියාගේ දැඩි ඉල්ලීම මත ලංකාවට පැමිණියේ මේ පාරනම් පොඩි ට්‍රිප් දෙකතුනක් ගොස් ඇති තරම් සතුටු වෙනවා කියාය. මොකද අපි ලංකාවට බහින්නේ නිකම් ගෙදරට වෙලා ඉන්න නෙවෙයිනේ පුරා වසරක් උපන් රටින් සැතපුම් දහස් ගණනක් දුර ඉඳන් රැකියාව කොට ලැබෙන්නාවූ මසක නිවාඩු කාලය විදේශ රැකියාවක නියතු වූවෙකුට මහමෙරක් වගේ. මගේ ලොකු ආසාවක් තිබුන සිරීපාදේ යන්න දෙයියන්ගේ පිහිටෙන් එකත් කරගත්තා. අනෙක තමයි පොඩි වාහන කටුවක් අරගන්න එක මොකද පසුගිය වතාවන් වල අපි ගිය ට්‍රිප් බස් වල ගියත් බනියාට එසේ යාමට නොහැකි ඇයගේ අසනීප තත්වය නිසාවෙනි. නමුත් මේ වාහනය නිවසට පැමිණි පසු සතුරනුත් මිතුරන් වූයේ (මගේ නොව) හැමටම හොරාය. මේ පිළිබඳව කියන්නට සිදුවන්නේ කතාවට එන්ටර් වෙන්නට පොටක් පාදගන්නටය.

නිතර දෙවේලේ ඔවුන් අප නිවසට පැමිණීම ගැන මා සිතේ කිසිම මනාපයක් තිබුනේ නැත නමුත් බනියාගේ නෑදෑකම මත මට විරුද්ධ  වීමටද නොහැක. අනෙක නිවසට ආ අයෙක් එලියට දැමීම අප සිංහල ගතිසිරිත් වලට පටහැනි බැවිනි. දිනක් බලලා මල්ලෙන් එලියට පැන්නේ. දුවේ දැන් මේ ළමයා රට ගියාම වාහනේ නිකන් දිරල යනවා තමන්ගේ කෙනෙක්ට දුන්නොත් හොඳට බලාගනීවි යනුවෙනි. එදින හවස හැරාට කෝල් එකක් දුන් මා එන ලෙස පැවසුවේය. රාත්‍රී කෑම වෙලාවේදීද අර කතාවම නැවත ඇදුනු විට සියලු දෙනාම ඉදිරිපිට මම කිව්වේ අනේ මේ ඉන්නේ අපේ හැරා එයා සම්පූර්ණයෙන්ම මගේ වාහනේ බලාගනීවි යනුවෙනි. කතාව එතනින් ඉවර උනත් වැදෙන්න ඕනේ තැනට වැදුන විත්තිය නම් සියලුම දෙනාට තේරුණේය.

ඔවුන්ගේ ළමයින් පාසල් නිවාඩුව ගතකලේ අප නිවසේ බැවින් ඔවුන්ගේ පාසල් කාලය නැවත ආරම්භ වූ නිසා නැවත ගෙවල් වලට ඇරලීමට අපි කළුතර බල පිටත් වූයෙමු. මේ ගමනට මමයි බනියි සිඟයි, බනියාගේ අම්මගේ පුංචි අම්මගේ පුතෙකුත් (තවත් මාමා කෙනෙක්) සහභාගී විය. උදේ පිටත් වූවත් වාහනයේ ඇතිවූ දෝෂයක් මත අප එහි යනවිට දහවල් 1ට පමණ ඇත ඔවුන්ගේ මිදුලේ වාහනය නතරකල මා සිඟාලගේ නිවස වූ අල්ලපු ගෙදරට ගියේ වතුර බීමටයි. මා පෙරසිටම ඔවුන්ගේ නිවසින් වතුරවත් නොබොන බවට සපත කර ඇති බැවින් එහෙන් වතුරවත් බීමට නොහැක. හයියෙන් කෑගහ ගන්න ශබ්දයක් ඇසී බලන විට බනීගේ මීමා ඇයට බැනවදිමින් අයව ගෙදරින් එලිට තල්ලු කරමින් සිටියේය. ඔවුන්ට ප්‍රශ්නය වූයේ අප දෙපැයක් පමණ පරක්කු වූන එකය. එහි හරිවැරැද්ද තේරුම් කිරීමට ගිය බනියාට ඔවුන් පහර දීමට වූයේ ඇයගේ අසනීප තත්වයවත් නොසිතාය. එවිට මා එය නවත්වන ලෙස කී විට. ආ......... උඹ ලොක්කෙක්ද තව ගහනවා මොනාද කරන්නේ?????????

මගේ මේ බ්ලොග් එක කියවන ඔයාල දන්නවා ඇති මම මහත්මා ඝාන්ධි න්‍යාය අනුගමනය කරන කෙනෙක් කියල. එවිටත් මගේ ඉවසීමේ රතු කට්ට පැන තිබිණ. අනෙක මෙතෙක් දුක් කරදර විඳ ලබාගත් මගේ ආදරණීය බිරිඳට පහරදෙනු ඉවසා සිටීමට නොහැකි විය. එතන බිම වැටි තිබු පොල් ගෙඩියක් ගෙන එල්ලය බලා මීමාගේ ඔලුවට පහර දී හිතේ තිබු තරහ යන තෙක් ඇති තරම් නෙලුවේය. ඔහුගේ උදව්වට ආ අනෙකාටද එලෙසම සලකා යනන්ට යනවිට නැවතත් කුනුහර්ප කියමින් බනින්නට විය. නැවත පහරදුනහොත් මේ යකා මිය යාවියයි සැකයක් මට විය මක් නිසාද යත් ඒවිටත් ඔහුට සුළුදිය පහව ගොස් තිබු බැවිනි. 



එතන වූ දම්රෝ පුටුවක් ගෙන එයින් දමා ගැසුවත් එය ඔහුට නොවැදී බිත්තියෙහි වැදී කැඩීගියේය.එමින් ගමන් සිඟා කීවේ කාගෙන් නැතත් මුන් මගෙන් පාඩමක් ඉගන ගන්නට ඇතිබවය. මක් නිසාද යත් මෙම පවුලට සම්බන්ද වෙන්නාවු හැම බෑනෙකුටම සිදුව ඇත්තේ මොවුන්ගේ පයට පෑගී, ගසන්නාවූ පදේට නැටීමටය. නමුත් මා එයට සූදානම් නැත.

මගක් දුර ආපසු සිතට දැනුනු අදිසි සිතුවිල්ලක් මත මා චමියාට කීවේ පොලිසියට ගොස් මේ පිළිබඳව පැමිණිලි කෙරුවොත් හොඳයි නේද මාමේ යනුවෙනි. එවිට ඔවුන් කීවේ එය අනවශ්‍ය බවයි. බනියාගේ කකුල ඉදිමී ඇත්තේ තල්ලු කරන විට ඇඹරි ගොස් හෝ යම් කිසි එවැනි දෙයක් හේතුවෙනි. එය දකින විට මට නැවත ගොස් ගහන්නට තරම් කේන්තියක් හිතට දැනෙයි. කෙසේ හෝ එදින බ්‍රහස්පතින්දා දිනයක් වූ බව සඳහන් කල යුතුය. සිකුරාදා අප චමියාගේ ගෙදර ගියේ ඔහුගේ මවගේ දානයේ වැඩකටයුතු සිදු කිරීමටය. ඒ ගොස් පැමිණෙන විට අප නිවසට යාබද නිවසේ ඇන්ටි කෝල්කොට පැවසුවේ පොලිසියෙන් පැමිණ මා සෙවූ බවත් පැමිණි විගස පොලිසියට පැමිණෙන ලෙස දන්වා ගිය බවය. වැඩේ පත්තු වී ඇති බව අපිට තේරුනේ එවිටය. මා කළුතර පොලිසියට ගොස් භාරවීමට අදහස් කලත් බනියා චමියා සිඟා හැරා යන සියලුම දෙනා එයට විරුද්ධ වූ බැවින් එයට එහා දෙයක් ගැන මට සිතාගත නොහැකි විය.

පසුදින උදයේ නිවසට පැමිණි අතුරුගිරිය පොලිසියේ පොලිස් නිලධාරීන් මාව රැගෙන ගියේ කට උත්තරයක් ගැනීමට යනවා යනුවෙනි. නමුත් එතනට ගිය විට ඔවුන් පැවසුවේ මා හට වරෙන්තු නිකුත් වී ඇති බැවින් මා උසාවිය මාර්ගයෙන් බන්ධනාගාර ගත කිරීමට සිදුවෙන බවයි. කෙසේ නමුත් පැය භාගයක් යාමට පෙර අපේ සෙට් එකම එතනට විත් මා එලියට ගත හැකි ක්‍රමයක් සොයන්නට විය. කෙසේ නමුත් මට පොලිස් කුඩුව තුල නොරැඳී එලියට වී සිටීමට හැකියාව ලැබිණ. එදින සෙනසුරාද දිනක් බැවින් ඊට පසුදිනත් එහි රඳවා සඳුදා කඩුවෙල මහාධිකරණයට ඉදිරිපත් කල පසු ඇප ලබා දීම ප්‍රතික්ෂේප උනේ නඩුව ඇත්තේ කළුතර උසාවියේ බැවින් එහි ගොස් නිරාකරණය කරගන්න ලෙසයි. එදින සවස සියලුම අපරාධ කාරයන් සමග මාංචු ලා බන්ධනාගාර බසයට දමා පිස්සන් කොටුව හරහා වැලිකඩ බන්ධනාගාරයට ගෙනගියේය.



ඔන්න මගේ සිරගෙදර ජීවිතය ඇරඹුන හැටි එදින රාත්‍රී මා හට නින්දක් නොවූයේ යකෝ කවුද හිතුවේ හිරේ යන්න මේ වෙලා තියෙන දේ වත් මට හිතාගැනීමට නොහැකි බැවින් සියල්ල අවුල් ජාලාවක් විය. පසුදිනද නැවත කඩුවෙල උසාවියට රැගෙන ගිය මා. එතනින් කළුතරට මාරුකෙරින. එදින රෑ බෝවී ඇති බැවින් පසුදින උදෑසන කලුතර උසාවියට රැගෙන ආ මා හට එදින ඇප ලැබිණ. කෙසේ හෝ එම නඩුවෙන් නිදහස් වීමට ඔවුනට වන්දි ලෙස රුපියල් 7000ක මුදලක් වන්දි ලෙස ගෙවීමට සිදුවිය. යකඩෝ කලින් දන්නවනම් 7000 ට 10000 හරි ගෙවල එලියට එනවනේ. මෙච්චර කට්ටක් කන්න ඕනේ නැහැනේ. එදින හැරා පැමිණ, මලයෝ කොහොමද බං උඹට..... යැයි ඇසූවිට මා පිළිතුරු දුන්නේ අයියේ මට මතක් වෙන්නේ අන්දරේගේ අන්තිම කවිය. දන්නා අය දන්නවා ඇති නමුත් නොදන්නා අයට දැනගන්නත් එක්කලා මම ලියන්නම් කෝ

රිදී කලෙන් රන් කොතලෙන් බීපු මට

නිකන් කලේ පැන් නැතිවිය පිපාසෙට....................

(ඉතිරි දෙපදේ මට මතක නැති බැවින් දන්නා කෙනෙක් වෙතොත් ලියන මේක කාරුණිකව ඉල්ලා සිටිමි).

සිර ගෙදර සංචාරයෙන් පසු පැහැදිලි වෙනසක් මගේ සිදු විය. ඒ ඉක්මන් කෝපය බොහෝ දුරට අඩුවීමයි. මට අවුරුදු විසි ගානක් පුරාවට අඩුකරගැනීමට ක්‍රමයක් නැතිව සිටි කෝපය දැන් නම් එන්නේ නෑවිත්ම බැරි අවස්තාවකය.  සමහර විට එය අඩුවෙන්න මම හිරේ යනකන්ම ඉන්න ඇති. කෙසේ නමුත් හිරේ ගිය එක ගැන මා අදටත් දුක් නොවන්නේ මා එහි නිවැරදි බැවිනි. රුපියල් 7000ක් මට වන්දි ගෙවීමට සිදු වූවත් දුක නැත්තේ අවුරුදු ගණනනක තරහා මා පිට කල බැවිනි. අනෙක් කාරණය බ්‍රහස්පතින්දා හවස වූ රණ්ඩුව සිකුරාදා උසාවිත් දමා අපිට කිසි දැනුම් දීමකින් තොරව වරෙන්තුත් නිකුත් කර ඇති බැවිණි. සමත මණ්ඩල ප්‍රශ්න උසාවි දමා ඇත්තේ මාව හිරකිරීමට බව විනිසුරු වරයාට පවා පැහැදිලි විය ඒ ගැන පොලිසියට අවවාද කල විනිසුරු වරයා පැමිණිලි කරුවන්ට අවවාද කලේ බනියාගේ අසනීප තත්වය මත පහරදීම ගැනය.


දැනටත් මේ ප්‍රශ්නේ ඉවර නැහැ අවස්ථාවක් ආ විගසම උන් මට ගහන්නත් මම උන්ට ගහන්නත් සැරසී සිටින බැවින් කොයි මොහොතේ හෝ නැවත ප්‍රශ්නයක් ඇතිවීමට ඉඩකඩ ඇත. නමුත් මෙවර බොහෝ දුරට යන්නේ සීතල යුද්ධයක්. එනම් මොලයෙන් කරන දේවල් බැවින් වැඩි පාඩුව වන්නේ කාටදැයි අපි බලන් ඉමු. ඔන්න මගේ බ්ලොග් පාඨකයිනි බ්ලොග් ලියන්නනි මා හිත මිතුරනි. සිහින කුමරිය කතාවේ අවසානයේදී මා පොරොන්දු වූ පරිදිම මා හිරේ ගිය හේතුවත් ඒ ආකාරයත් හිරගේ ඇතුලත් විස්තරත් සඳහන් කලෙමි. දාන්නම් කිව්වා ඔන්න දැම්මා  මම ආයේ කිව්වොත් කිව්වා බොලව් කිරිගහට මෝල් ගහෙන් ඇන්නා වගේ තමයි.


(සැලකිය යුතුයි..... ගොඩක් කොටස් කපා හරින ලද්දේ රාජ්‍ය විරෝධී ඒවා බැවින් සුදු වෑන් පැහැරගැනීම් වලට ලක්විය නොහැකි බැවිනි)

Monday 12 November 2012

හිරකාරයෝ පස්සෙන් ගන්න වැඩ. ඇතුලේ නැත්තේ බඩු විතරද? (18 වැඩි උන් විතරක් කියවන්න)

මේ පොස්ටුව ලියන්න හේතුගණනාවක් තියෙනවා. පලවෙනි එක සිහින කුමරිය කතාව අවසන් කරද්දී මම උන පොරොන්දුව, දෙක මේ ඊයේ පෙරේද වැලිකඩ උන කලබල කාරී තත්වය. තුන රාජ් අයියා අද ලියල තියෙන පොස්ටුව. සැබෑ ලෙසටම විග්‍රහ කරලා තියෙනවා ඇතුලත තියෙන තත්වය. ඔව් මම මේ ලියන්නේ මම වැලිකඩ සිපිරිගෙය තුල ගෙවපු ජීවිතේ ගැන. මම ගැන දන්නා සමහරු දන්නවා ඇති මම ඉගන ගන්නේ පරිගණක ඉන්ජිනේරු උපාධියක් (Bachelor of Science in Computer Science) සඳහා අන්තිම අවුරුද්ද කියල. නමුත් එයටත් කලින් තමයි මම වැලිකඩ හිරගෙදරින් IRC උපාධිය ලබාගත්තේ කියල. ඒ ගැන මගේ හිතේ තියෙන්නේ සතුට මුසු වූ ආඩම්බර හැඟීමක්. ඇයි ඩො...... ඩබල් ඩිග්රි නේ. තොපි සද්දේ දාන්න එපා හරී...... මගේ නම වෙනස් කරා දැන් මට කියන්නේ වලව්වේ කොරා හරි........ නම ඇහුවත් ගමම බයයි ඩො............... කුඩුනම් කුඩු, බඩුනම් බඩු..... හරි..... චඃ වැරදුනා, වැරදුනා බඩු නැහැ. කුඩු විතරයි. 



ඔයාල සමහර විට අහල ඇති හිරේ ගිහින් ආව මිනිස්සු කියනවා. යකෝ එක පාරක් හිරේ ඉඳල ආව මට තව පාරක් යන එක නතින්. යකෝ හිරේ මට ගෙදර වගේ. එළියේ මොන සැපද. හිරෙනේ බොල නියම සැප කියල. ඉස්සර මේවා අහන කොට මමත් හිතුවේ මේ යක්කු මේ ෂෝ ඕෆ් කරනවා මේ පුරාජේරුවට කියවනවා කියල ඇයි යකෝ මේ නිදහසේ එළියේ ඉන්නවට වඩා කවුද කැමති කූඩුවක් ඇතුලේ ගත කරන්න. 

ඒ ඇතුලට යන්න කලින් ඇතුලට ගියාට පස්සෙනේ බොල මමත් දැක්කේ සුරපුරේ. එළියේ මොන සැපද....... ? මම හිටිය දවස් ටිකේ මම වාට්ටුව ඇතුලේ දැක්කේ නැත්තේ ශාරීරික අවශ්‍යතාවන් ඉටු කරගැනීමට කාන්තාවන් පමණයි.( ඒවාත් ඉටුකරගන්නා අන්දම ගැන නොයෙක් කතා ඇහුනත්, මා සියසින් නොදුටුව නිසා ඒවා ගැන සඳහන් කරන්නේ නැත)  අනෙක් ඔක්කොම වාට්ටුව ඇතුලෙන්ම ලබාගන්න පුළුවන් පැනඩෝල් පෙත්තේ සිට. හෙරොයින් ග්‍රෑම් එකක් දක්වා වූ සියලුම දේවල් එකම වහලක් යටින් ගන්න පුළුවන් හිර ගෙදරින් විතරයි. නමුත් එකම වෙනස වූයේ. ඒවායේ මිල අධික කමයි. ගෝල්ඩ් ලීෆ් එකක් එළියේ 22 (ගිය ජනවාරිවල) ඇතුලේ 100යි බීඩි මිටියක මිල ඇසූවිට මා ක්ලාන්ත වන සුළුවිය.( මට හරියටම මතක නැත්තේ මා වැඩි අවධානයක් යොමු නොකළ බැවින්ය.)

මුලින්ම අපි බලමු මෙවැනි දෑ සිර ගෙය තුලට ගෙන එන්නේ කොහොමද කියල ඔවුන් එය හඳුන් වන්නේ බංකර් ගැසීම යනුවෙනි. බංකර් ගහනවා....................? ඒ මොකක්ද ඒක තමයි ඔයාලට ඊළඟට මතුවෙන ප්‍රශ්නේ. මාරයා අයියා පසුගිය දිනක ලිපියක් පල කළා අපි පස්සෙන් වැඩගන්නේ නැහැ කියල. නමුත් මම එම මතයට එකඟ නැත්තේ ඔය පශ්ෂ තියෙන්නේ. එකෙන් නියම විදියට වැඩගන්නේ රැඳවියන් බැවිනි. දිනකට සිරකරුවන් දහස් ගානක් විවිධ හේතු මත උසාවියට ඉදිරිපත් කිරීමට රැගෙන යයි එවිට උසාවි කූඩුවෙන් ලැබෙන්නාවූ දෑ ඔවුන් නැවත රැගෙන යන්නේ විශේෂිත වූ ක්‍රමයකටයි. අපි බලමු ඒ කොහොමද කියල 

මුලින්ම ඕනේ කරනවා ඉරිලා නැති ෂොපින් බෑග් එකක්. ඊළඟට අපිට ගෙනියන්න අවශ්‍ය කරන දේ පොඩි ෆෝන් කට්ටක්. දුම්කොලයක්. බුලත් විටක්  ආදී දෑ......... ඉතින් ඔය ගෙනියන්න අවශ්‍ය කරන දේවල් පරිස්සමට ෂොපින් බෑග් එකේ ඔතලා. උසාවි රැඳවුම් කූඩුව තුල ඇති වැසිකිලියට ගොස් ඉතා අමාරුවෙන් පශ්චාත් භාගයට ඔබා ගැනීම තමයි කරන්නේ. එකත් හැමෝටම කරන්න බැහැ. එකටත් ඉන්නවා බංකර් ස්පෙෂලිස්ට්ලා. ඔවුන්ට ගානක් අතමිට මෙලවූ විට ඔබට අවශ්‍ය දේ ඔබට ලැබේවී. හැබැයි නෝ ගැරන්ටි නෝ වරන්ටි. මම හිතනවා දැන් මගේ හිතවත් පාඨක ජනයා අවභෝද කරගත්තා කියල බංකර් ගහන්නේ කොහොමද කියල තේරුනේ නැතිනම් නැවත වතාවක් කියවන්න.

රැඳවියන් තමන්ගේ අවශ්‍යතා පිරිමසාගන්නේ ඉතා අපූරු ආකාරයකටය. ඔබට ඇඳුමක් අයන් කිරීමට ඇතිනම් සිගරට් එකක් ලබා දෙන්න ඔබගේ ඇඳුම ලස්සනට ලොන්ඩරියෙන් කළා වගේ අයන් කරලා දෙවි. කොහොමද හිරගේ ඇතුලේ කොහෙන්ද අයන්??????? බය වෙන්න එපා එකට අපේ හිරගෙවල් ඇතුලේ ඉන්න තාක්ෂණ වේදීන් නිර්මාණය කරලා තියෙනවා කෝප්ප අයන් එක. පහල පින්තූරේ බලන්න.



මෙන්න මේ වගේ කෝප්පයකට අයිස්ක්‍රීම් භාජන වැනි ප්ලාස්ටික් භාජන දමා ගිනි දැල්වීම මගින් රත්කරගන්න කෝප්පය වතුර ඉස ගානට පදම් කරගන්න ලද  ඇඳුම මත සීරුවට තබා මදිනු ලබයි මෙයද හැමෝටම කල නොහැක්කේ පොඩ්ඩ වැරදුනොත් ඇඳුමේ පදාසයක්ම පිච්චි යන බැවිනි. එයටත් ස්පෙෂලීස්ට්ලා ඇත.


හ්ම්ම්ම් දැන් කියන්න තියෙන්නේ නිදාගන්න තියෙන පිළිවෙලයි. පන්සලේ ධර්ම ශාලාව ඔබ දැක ඇති සිතමි.





ඔය ඉහත තියන ආකාරයේ ශාලාවක් නමුත් මෙතරම් පළල නැත. (මෙම පින්තූරය දැම්මේ මට අවශ්‍ය කරන ආකාරයේ ගොඩනැගිල්ලක් සොයා ගත නොහැකි බැවින්ය) මෙහිද එක එක පලන්ති වේ. ඒ ඇති හැකි බලපුළුවන්කාර, පරණ, නවක, අබ්බ ගොබ්බ  ඩයල් යනාදී වශයෙනි. මෙයි දෙපස බිත්තියට ආසාන්න කෙලවර ඉතා සුපිරි පුද්ගලයන් සඳහා වෙයි. ඒවාට ගෙවීමටද සිදුවෙන අවස්ථා වෙයි. එමෙන්ම ඒවායේද මායිම් ඇත. එක එක කොටස් කල්ලි කණ්ඩායම් ඒවා බෙදාගෙන ඇත. 


වම්පස කෙලවරේ ඉන්නේ ඒවගේ සුපිරි පොට් (ස්පොට්) වල නිදන ඩයල් ය. 


සම්පූරණ පේලි පහක් වෙයි. බිත්ති අයින් දෙකේ දෙකයි ඔය උන්ගේ කකුල් පාමුල නිදන උනුයි. අනෙක මැද්දේ කෙලින්ම නිදන අයයි. ඔවුන්ටනම් නින්දක් ඇත්තෙම නැත. මන්ද යත් 1700කත වැඩි රැඳවියන් රංදවූ මෙම සිර මැදිරියෙහි රාතියට චූකරන්න යන උන්ම කීදෙනෙක් ඉන්නවද යන්නේ වෙන්නේ අර මැද්දේ නිදාගන්න උන්ව පාගාගෙනය. කරන්නට දෙයක් නැත ඕවර් ලෝඩ්.



මේ පහල සිටින්නේඅලුතෙන් පැමිණි. කබ්බෝය. ඔවුන්ට සිදුවන්නේ වැසිකිලියට ආසාන්නව නිදාගනීමටය.

සැබෑ තත්වය මෙහිද හරි හැටි නොපෙනේ. මක්නිසාද යත් මෙසේ නොව කෙලින් අතට හැරී නිදාගැනීමට වෙයි. ඒ සාමාන්නයෙන් ඔබ ඇඳක දිගා වුවහොත් ඔබට යන ඉඩමෙන් භාගෙටත් අඩු ඉඩප්‍රමාණයක් තමයි ඔබට ලැබෙන්නේ. තනියම ඇඳේ නිදාගෙන ඒ ඇඳත් සැප මදියි කියල හිතන අයට මේ නිදා ගැනීම හිතාගනීමටත් නොහැක. නමුත් මේ සිරකරුවෝ නිදාගනිති. මමත් එසේ කල බැවින් මාද එය දන්නේය. ඒ වෙන කල හැකි කිසිවක් නොවන බැවින්. එසේ කිරීමට සිදු විය. නමුත් මට එසේ ගතකිරීමට වූයේ මුල් දවසේ පමණි. එහිදී මට හමුවූ පුද්ගලයෙකු අපේ දමිත් අයියාගේ බොක්කක් විය. මක් නිසාද යත් ඔහු කිරුලපන  පුද්ගලයෙකු බව ආරංචි වී ඔහුව මුණගැසීමට ගොස් කතා බහ කල විට තමයි ඔහු දමියාගේ බොක්කක් බව කිව්වේ.  ඔහු මට ඔහුගේ සුපිරි පොට් එක නිදාගැනීමට ලබාදීමට තරම් කාරුණික විය. ඒද නිකම් නොව රුපියල් 10000ක් ඔහුගේ ගිණුමට බැරකරන ලෙස දන්වා සිටීමෙනි. සෙල්ලම්ද කොල්ලෝ.


දැන් ඔන්න නිදාගන්න තාලෙත් කෙටියෙන් කිව්වනේ අපි බලමු කෑම බීම කොහොමද කියල. කල්දේරම් බතක් වන මෙය සිරකරුවන් දහස් ගානකට පිළියෙළ කරන නිසාවෙන්දෝ කිසිම රහක් නැති කිරිමැටි ගුලි මෙන්ය. 



මෙය පිළියෙළ කරන්නේද විවිද වැරදි සඳහා දීර්ග කාලීනව සිරදඬුවම් විඳින රැඳවියන් විසිනි. ඔවුත් තරමක් හයි කාරයන් වෙයි. ජේලර් වරුන්ගේ පිහිටද නොමදව ලැබෙන ඔවුන් සිරගේ තුල හැසිරෙන්නේ අප්පාගේ බූදලය ලෙසින්ය. දිනකට තෙවරක් කෑම පෝලිමේ යාමට සිදුවෙයි. නැතහොත් වන්නේ බඩගින්නේ මිය යාමටය. දෙන දේ කාල වෙන දේ බලාගෙන ඉන්න තමයි තියෙන්නේ ගොඩක් අයට කන්න ලැබෙන්නේ සවාන්ය. සවාන් යනු අප තේ පිළිගන්වන ට්‍රේ එක වැනි ලොකු පින්ගානක්ය එහි හතර පස් දෙනෙකුටම එකම පිඟානට බෙදන බැවින් කන්නට වන්නේ හවුළේය. 








දැන්කියන්න යන්නේ උදේ නෑම ගැනයි. පාන්දට හයටත් පෙර ඇහැරවනු ලබන අතර නැගිට්ටේ නැත්නම් වන්නේ පොලු පාරක රස බලන්ටය. විනාඩි හතලිස් පහක් වගේ ඇතුලත සියලුම දෙන තමන්ගේ ශරීර කෘත්‍ය නිමකර පැමිණ නාන්නට පෝලිං ගැසිය යුතුය. සිමෙන්ති ටැංකි වලින් එකා වතුර බාල්දි 10 බැගින් නෑ යුතුය. ඊට වඩා නාන්නට වන්නේ බලන් ඉන්න උන්ගේ ඇස වසාය. ඉන් පසු සෑම වාට්ටුවකටම යන අයෙක්  අද නඩු ඇත්නම් ඒවාට පෙනීසිටීමට නම් කැඳවනු ලබයි මෙයටද පැමිණෙන්නේ. අච්චු කාරයන්ය. අච්චු කාරයන් යනු සිර දඬුවම් නියම වී. දඬුවන් ගෙවමින් සිටිනා අයය.

නම් ගම සඳහන් නොකලත් මේ දේ විශේෂයෙන්ම කියන්නේ අපේ ඇනෝලට මේ කිහිප තැනකම සඳහන් පෝලිං ගහනවා කියන වචනේ වරදවා වටහා ගණන් එපා හොඳේ...... හරියටම මා සිරගෙදරට පැමිණියේ මීට පෙර වතාවේ සිරකරුවන් කලබල කල දිනයේය. එය හරියටම මා පිළිගැනීමට සංවිධානය කල උත්සවයක් වැනියි මට සිතින. දුම්කොළ නැට්ටක පවා වටිනාකම සිරගෙය තුල මෙතෙක් යයි කිව නොහැක. මක් නිසාද යත් ඔවුන් ඒවායින් ලෝකල් බීඩි හදනා බැවින්ය. ලෝකල් බීඩි කියන ජාතිය අපේ කාන්තා පාර්ශවය දන්නේ නැතිව ඇති ඔවුන්ගේ දැනුම සඳහා මම එය මෙසේ අකුරු කරමි. දුම්කොළ හෝ දුම්කොළ නැටි ස්වල්පයක් ගෙන. කුඩා පත්තර කොලේක ඔතා රවුම් කර පම් කර බීමට ගනුලබයි. (ඕනෙනම් ස්වයං රැකියාවක් විදියටත් කරන්න පුළුවන් හොඳ සල්ලි තමයි අනෙක බඳින කොට ජේලර් කෙනෙක්ම හොයල බඳින්න වග බලාගන්න. සල්ලි උල්පත්) පදම් කිරීම සඳහා විනාඩි 5ක් පමණ යයි. ඇයි ගංජා ඒවත් මදි නොකියන්න තියෙනවා අවශ්‍ය එකම දේ සල්ලි තමයි.

 රාජ් අයියා කියන විදියට ජේලර්ලා දූෂිතයි ලු. මොන පිස්සුද.........? ඒ මිනිස්සුන්ටත් පුරස්න තියෙනවනේ..... දරුපවුල් ඉන්නවා. හොඳයි කියන්න බලන්න අපේ ට්‍රැපික් මාමල අතට ඔයාලම රුපියල් සීය දෙසීය දීල නැද්ද? ඒවාට කවුරුවත් මොකුත් කියන්නේ නැහැ. ජේලර්ලට බයිනවා....... ඒ අහිංසකයෝ ටික විතරමද පෙන්නේ ? ඇත්තටම මම කලින් කීව ආකාරයට අපේ ගැහැණු ළමයි අද සිට සිහින මැවිය යුත්තේ ඩොකෙක්, ඉන්ජෙක්, ලෝ බුවෙක් බැඳීමට නොව. ජේලර් කෙනෙක් බැඳගනීමටය. එළියේ රුපියල් 400ට ලබාගන්න ගෝල්ඩ් ලිෆ් පැකට්ටුව ඇතුලේ විකුනන්නේ රුපියල් 1200ක. ලාබය කීයද? 800යි. එතකොට දවසට අඩුම 10ක් ඇතුලට ගෙනිච්චොත් ශුද්ධ ලාබය කීයද? 8000යි. සේවක ගාස්තු නෑ. ලයිට් බිල් වතුර බිල් නැහැ. බිස්නස් කාරයෙක්ටත් වඩා ලාබයි. 8000 x 30 =240000යි මාසෙට මේ පඩියට අමතරව. සිගරට් වලින් විතරක්. එතකොට හෙරොයින් ගංජා අරව මේවා ගැන කොටස බලධාරියා විසින් කපා හරින ලදී. මිලියන 0.5 ක පමණ  මාසික ආදායමක් දල වශයෙන් ජේලර් මහත්තයෙක්ට සෙට් වෙනවා. ඒ විතරක්ද රජයේ ක්වාටස්. හිරගේ ඇතුලෙමනේ. ප්‍රවාහන ගාස්තු නැහැ. අවුරුද්දෙන් දෙකෙන් කොටිපතිනියක් වෙන්න පුළුවන් මේ මගේ යෝජනාව ගැහැණු ළමයි සලකා බලයි කියල මම හිතනවා


අදට මේ ලිව්වා ඇති. තවත් රසබර තොරතුරු සමගින් මම හිරේ ගිය තාලේ දැනගන්න. ගෙවපු ජීවිතේ, ගිය හේතුව ඇතුළු තොරතුරු සමගින් හමුවෙමු දෙවැනි කොටසින්. එහෙනම් හැමෝටම ජය වේවා! වෙරි නොවේවා!!!! 

එතකල් මෙන්න මේ සින්දුව අහල කොමෙන්ටුවකුත් කොටාගෙනම යන්නකෝ


දෙවන කොටස




මෙයට කෝරලේ වලව්වේ කෝරලේ මහත්තයා.



Thursday 1 November 2012

කෙල්ලන්ට මැදිවූ කොල්ලෙකුගේ ඉරණම.(මේවා බලල පොඩි උන් මේ විදියට හැදෙන්න එපා)


හ්ම්ම්ම් අද මම ඔයාලට කියන්න යන්නෙත් 2006 මම කළුතර නැවතිලා ඉන්න කොට උන සිද්දියක් පිළිබඳව. (මේකත් ඉතින් පොඩි මඩක් තමයි) O/L ඉවර උන හැටියේම වගේ මගේ වීසා බලපත්තරෙත් ඉවර උන නිසා මට යන්න උනා ලංකාවට. මගේ ආදරණීය පියතුමා විසින් අලුත් වීසා එකක් සඳහා අයදුම් කරනකන් මට ලංකාවට වෙලා (පොඩි ෆන් එකක් අරන්) ඉන්න කිව්වා. ඉතින් ඒ කියපු විදියටම මම ලංකාවට ආවා. නමුත් මේ පාර මාව නැවැත්තුවේ අර කලින් කතාවල කිව්ව නීපුලගේ ගෙදර. ඒ දවස්වල මම ඒකී එක්ක තරහා නැහැ. මොකද එයත් මගේ වයසේම නිසා මට පාළුවක් දැනෙන්නේ නැතිවෙන්න තමයි ඒ පියවර එයාල ගත්තේ. මොකද නීපු එක්ක මට පාඩම් කරන්නත් පුළුවන් නිසා. කොහොම හරි ආවා කියමුකෝ කළුතරටත් මෙයාලගේ ගෙවල් තියෙන්නේ කළුතර විද්‍යයාලේ  පිටිපස්සේ. ඊට වඩා කිව්වොත් තැනත් මාට්ටු.

මෙයාලගේ ගෙදරට අල්ලපු ගෙදර ඉන්නේ නිපුගේ පුංචිල 4 දෙනයි ආච්චියි සීයයි. පුංචිල කිව්වට මුන්ට වැඩි වයසක් නැති නිසා අක්කේ කියලා තමයි අපි කතා කෙරුවේ. ලොකුම අක්කට 29ක් එයා ඔය පොඩි ළමයින්ට ගෙදරට ගෙනල්ල ටියුෂන් දෙන වැඩේ තමයි කොලේ.  එයාගේ නම අපි කියමුකෝ නීලි කියලා අනෙක් අක්කල දෙන්නම වැඩ කෙරුවේ මැලිබන් එකේ (මමනම් විහිලුවට කිව්වේ මාරි වල හිල් විදිනවා වෙන්න ඇති කියලා. හැබැයි වැඩිය කියන්නේ නැහැ මොකද මුන් දෙන්න මගේ ඔලුව හිල් කරන්න හදන නිසා) බලන්නකෝ ඒකෙත් හැටි නේද? මුන් දෙන්න නරියයි දිල්කියි. බාලයා වැඩකලේ කළුතර  තියෙන  පුස්තකාල වලින් එකක එයාගේ නම අංජු. මමයි නිපුයි දෙන්න එක්ක මුන් සෙට් එකේම දත් ගලවනවා නොසෑහෙන්න. අපි ළඟ සල්ලි නැහැනේ මුන් ජොබ් කරන අයනේ. නිකන් ඉන්න වෙලාවට අපි එක්ක  සෙල්ලම් කරන්නත් එනවා නිවාඩු දවස් වල හැබැයි වැඩිමල් කෙනානම් එන්නේ නැහැ. එය ඉන්නේ පොඩ්ඩක් රැස්පට් පිට තමයි. හැබැයි ඔය සෙට් එකම මට පට්ට ආදරෙයි අදටත් එහෙම්මම තමයි, තුන්දෙනෙක්  මොකද එයාලට මල්ලිලා නැති නිසා.

කොහොම හරි දවසක් ඔය මාරි බිස්කට් කතාවක් කියලා නිපුවා නරියාට ඌරු ජුවල් තද වෙලා මේකිට කුණු බිතරෙකින් ගහලා. රිටන් එක දෙන්න. මොකද අපි දෙන්න නිතරම දිල්කිවයි නරියවයි බයිට් කරනවා.

එහෙම නිපූට බිත්තර ගහල මේ පාඩුවේ ගෙදර ගිටපු මගේ ලඟට ඇවිල්ල මේ ඉන්නේ අනෙක් එකා කියලා මගෙත් ඔලුවේ ඉඳන් හැලුවා වතුර එකක්.  ඇද්ද බොල දෙන්නට නම් හදනවට කියලා. හැමදාම අපිකලේ එයාලව චාටර් කරන එකනේ. දැන් අපි දෙන්නම චාටර් වෙලා. අපි දෙන්න හැම දාම මුන්ව චාටර් කරනවා අද අපි චාටර් උනා. දැන් සෙට් එකම වැරැන්ඩා එකට වෙලා කතාකරකර ඉන්නවා. හිනහ වේවි අපිට දුන්නු ගේම ගැන කියව කියව. මමයි නිපුවයි දෙන්න පොඩි පැලෑනක් ගැහුවා මුන්ට රිටන් එක දෙන්න. මේ ගෙවල් මන්දිරඩියෙ තියෙන ගෙවල් වලින් බාගෙට භාගයක්ම මුස්ලිම් ගෙවල්.  මමයි නිපුවා බාල්දියක් අරන් මිදුලේ ටැප් ඒක ලඟට යනකොටම නරියා ඇවිත් අපි දෙන්නව එලෙව්වා. දැන් මුන්ට ගහන්න වතුර ගන්නේ කොහෙන්ද කියලා කල්පනා කරන කොට නිපුවගේ ටිකිරි මොලේට ආව මෙන්න මේ වගේ අයිඩියා එකක් ඒ මිදුල ඉස්සරහා කානුවෙන් වතුර ගන්න එක. මමත් එකෙන්ම ඕකේ එක දුන්නා. මොකද මේ පැත්තක හිටිය මටත් ගැහුවනෙ වතුර. නිපුවා කරන්නේ අර තීන්ත බාල්දියෙන් භාගයක් විතර පුරවල අර නාල වලං පිඟන් හෝදලා එන  වතුර වලින් අරන් හෙමින් සැරේ අපේ ගේම දෙන්න ඇදුනා.පිටි පස්සෙන් එයාල ඉන්න පැත්තට කිට්ටු කෙරුව නිපුවා ගැහුව වතුර පාරට ඔක්කොම නෑවිලා ගියා. 

 අනේ ඉතින් එතන මල ගේ වගේ බනිනවා කියවනවා ඉවරයක් නැහැ පස්සේ  වැඩේ ශේප් එකක් දාගත්තා.පස්සේ තමයි මුන් දන්නේ අපි ගැහුවේ කානු වතුර කියලා. ඒත් ඊට පස්සේ වචනෙකින්වත් බැන්නේ නැහැ. ඒක තව විහිළුවක්ම උනා. ඔහොම ඉන්න කොට නිපුලට ආයෙම ඩුබායි එන්න විසා ආවා. මුන් ආවත් මාව දිගටම එහෙතියන්න කියලා අනොජි ඇන්ටි අපේ අම්මට කියලා තිබුන නිසා මම එහෙමයි හිටියේ. නිපුවා ගියාට පස්සේ ගෙදර සුරතලා උනේ මේ කෝරලේ ලොක්කා තමයි. පව් නේ පොඩි එකානේ. වැල් වටාරම් ගොඩක් ගියා. කියන්න ආව කතාව කියන්න යන්නේ දැනුයි. 

ඉතින් මේ නීලි අක්කා හොඳට ඉගනගත්ත කෙනෙක් ඩාන්සින් උනත් නියමට පුළුවන්. මෙයා යාළුවෙලා හිටිය කොල්ලා මෙයාට වඩා සල්ලි තියෙන නාකි ගෑනුකෙනෙක් බැඳලා ගෙදර බලපෑමට. නමුත් අදටත් දෙන්නට දෙන්න ආදරෙයි. මේකා බඳින්නේ නැහැ අරය නිසා. හැබැයි මේ සීන් එකෙන් පස්සේ එය ඉන්නේ පොඩ්ඩක් ඔලුව අප්සට් එකෙන් වගේ. මෙයා ළඟ තිබුන 6600 ෆෝන් එකක්. ( ෆෝන් ගන්න බැරිය ටියුෂන් සල්ලි දවසකට බරගානක් එන්නේ) ගෑනි ඔය ගැන ඉන්නේ හරිම ඔලුවෙන්. මොකද එයාලගේ පැත්තේ ගොඩක් හොඳ ෆෝන් තියෙන අය අඩුයි. මගේ ලඟත් ඒ දවස් වල තිබ්බේ  සෝනි K710 එකක්. දැන්නම් බලු බල්ලෙක් ගණන් ගන්නේ නැහැනේ ඒ ෆෝන්. නිතරම ඔය ෆෝන් ඒක කනේ තියාගෙන එහාට මෙහාට කතාකරකර යනවා මේක කරන්නේ අපිට පෙන්න මෙයාගේ තියෙන ගෙම්බර් නිසා මම වැඩිය එයා එක්ක යන්නේ නැහැ. හැබැයි එයා මගෙත් එක්ක තරහකුත් නැහැ. නමුත්  නංගිලාව පෙන්න බැහැ. කොයි වෙලාවෙත් ලොකු ටෝක් දැන් එන නිසා එයාට එයාගේ අම්මා තාත්තවත් වැඩිය කැමති නැහැ. කොහොම හරි දවසක මෙයාලා රණ්ඩු වෙලා එදා මම හිටියේ නැහැ අපේ ආච්චිලා ඇවිත් මාව එක්කන් ගිහින්. රණ්ඩුව සැරටම ගිහින්  මම ආව වෙලාවේ ඉඳන් නීලි අක්කා මට කියනවා මල්ලි තමුසේ යන්නේ එහෙම නැහැ අරුන් එක්ක මම තමුසෙවත් උස්සවනවා අරකයි මේකයි ටෝක්ස් ගොඩයි. 



ඔයාල හැමෝම දන්නවනේ ලොකු කතා පඬි කතා කෝරලේ මහත්තයත් අහන ඉන්න ලිමිට් එකක් තියෙනවා කියලා ලිමිට් ඒක පැන්න ගමන් ඒ මනුස්සයට මහත්මා ඝාන්ධිගේම පිහිටයි. උස්සන්නේ බර බලන්නද කියලා එයාට ඔරවලා මම යන්න ගියා. අපි 4 දෙනා කතාකර කර ඉන්න කොට මෙයා එහෙන් මෙහෙන් අපිට ඇහෙන්න ෆෝන් එකෙන් කියවන් යනවා. කතාකරන්නේ සෙල්ලම් පොරකටද නැහැ...... මුළු කලුතරම ප්‍රසිද්ධ රටම අඳුනන රත්තරන් ඇමතිට.  ඔව් ඔව් අර මාල......කැඩුවේ.... හැබැයි එයා එතකොට නියෝජ්‍ය ඇමතිද කොහේ. ඔව් ඔව් ඇමති තුමා උන් හතර දෙනා තමයි. කෙල්ලෝ තුන්දෙනයි එක පොඩි කොල්ලයි.  උස්සල වෙඩි තියාලා දාන්න. (ආ...... මට කියන්න අමතක උනානේ ඒ දවස් වල මෙයාගේ කොල්ල වැඩ කලේ ඔය 

ඇමතිගේ හොඳම ගෝලයෙක් විදියටලු.) දවසක අපි සෙට් එක කළුතර මුහුදේ නාන්න යන් සෙට් වෙලා එලියට බහින කොටම කියවන යනවා ඔන්න එලියට බහිනවා දැන් ඇඳන් ඉන්නේ මේ වගේ ඇඳුම්, බීච් එකට යන්නේ කියලා. දැන් මට මල මේක හැමදාම ඇහෙන එක. මෙයාගෙන් ඉගන ගන්න එනවා  සෑහෙන්න පොඩි ළමයි සෙට් එකක් අවුරුදු 7-8 කළුතර ලැයිමේ මුස්ලිම් අයගේ ළමයි. මේ දුප්පත් මිනිස්සු ඉස්සරහාත් හෙන ලොකුව දාන්නේ ෆෝන් එකෙන් දවසක් මම මෙයා කතාකර කර ඉන්න කොට නම්බර් එක ඩයල් කරා අච්චර සෙනගක් මැද්දේ මෙන්න යකෝ ෆෝන් එක කනේම රින්ග් වෙනවා. ඒ දවස් වල දැන් වගේ ෆෝන් වලින් වැඩිය කෝල්ස් ගන්නේ නැහැනේ ගණන් වැඩි නිසා. හරිම අඩුවෙන් තමයි කෝල් එකක් එන්නේ ෆෝන් එකට. මෙයා හිතන්නේ නැතිව ඇති මෙහෙම දෙයක් වෙයි කියලා. දැන් කට්ටිය හිනා වෙනවා. මෙයා කරන්නේ ආ මේ බටන් එකක් එබිලා කියලා ආයෙම කතා කරන්න ගත්තා මම ආයෙම රින්ග් කළා නරියල මෙහෙ ඉඳන් හිනාවෙන්න පටන් ගත්තා. නීලි අක්කා ආයේ පැත්ත නොබලා ගියා මට බැන බැන 



 එතන හිටපු හැමෝටම තේරුනා උනේ මොකක්ද කියලා. එදා ඉඳන් මෙය ෆෝන් එකේ ඉන්න හැම වෙලාවේම අපි කවුරු හරි රින්ග්ස් යවල බලනවා. රින්ග් වෙනවද කියල ඔය කියන දවස් වල කෝල් වෙටින්ග් තිබුනත් එකට ගෙවන්න උනා මම හිතන්නේ.  අන්තිමේදී බැරිම තැන නම්බර් එක මාරුකරලා. මම එහෙ හිටිය මාස කිහිපයේදී සිම් ගානක් පාවිච්චි කලා ගොඩක් මම හොයාගත්තා පෙළක් ඒවා බැරි උනා. හැබැයි මාත් එක්ක අදටත් තරහයි. කල වැඩේට. මම 2010 නරියාගේ වෙඩිමට ගියවෙලෙත් මගේ මූනක්වත් බැලුවේ නැහැ. 



ඔන්න ඉතින් වැල් වටාරම් සහිත දිග හෑල්ලෑවක් තමයි ලිය උනේ පොස්ට් එකක් ලියන්න කියලා ආවම. ඔයාලටත් මේ වගේ ඩයල් සෙට් වෙලා එහෙම තියෙනවද? දැනටත් බැලුවොත් ෆෝන් එක කනේලු 





Related Posts Plugin for WordPress, Blogger...