Tuesday 26 June 2012

තවත් චාටර් උන කේස් එකක්

               මේ දවස් වල ඩුබායි වලට පායන්නේ තරහ කාරයෙක්ගෙන් පලිගන්න වගෙයි. තනි ඇහැට ඇඩෙනව දවල්ට එලියට බැස්සාම. වැඩ ඇරිලා ඇවිත් බලන කොට රූම් එකේ ලයිට් නෑ, කරන්ට් එක කපල අලුත්වැඩියාවකට. මේකනම් අලුත්වැඩියාව නෙවෙයි අඬවැඩියාවක්. ඇයි යකෝ එක දිගට දවස් දෙකක් කරන්ට් එක නැතිව ඉන්නේ කොහොමද ඒසී එක දාන්නේ නැතිව. මේ සෙන්ටිග්‍රේඩ් අංශක 50 ට විතර රස්නෙයිනේ. පාන්පෝරනුවක් වගේ තැම්බෙනව.  අද ගෙදර යන්නත් කම්මැලියි. මොකද කරන්නේ කියල කියා හිතන් ඉන්නකොට ආව ගුඩේ ගුඩ් අයිඩියා එකක්. බීච් එක පැත්තේ වටයක් දාල එන්න. තනිවම බීච් එකට යනවා කියන්නේ ඔයාල දන්නවනේ... තියෙන්නේ ඉතින් ඇවිද ඇවිද කල්පනා කරන්න විතරයි. හැන්දෑවේ 6.30 ට උනත් වෙලාව රස්නේ දැනෙනවා ගොඩක්. බැහැගෙන යන ඉරෙන් එන එලිය ලස්සනට බීච් එකට වැටිලා තියෙන කොට ඇවිදින්න හිතපු මම කල්පනාකරමින් ඇවිද්ද. මගේ අතීතයේ සිදුවූ ජයග්‍රහණ පරාජයන්, කඩාවැටීම්, විනෝදවු දවස්, පවුලේ අය. ඔහොම ඉන්න අතරේදී තමයි මම මේ කියන්න යන සිද්දියයි එයට අදාල පුද්ගලයයි මතක් උනේ.

නම විදියට අපි කියමුකෝ වසා කියල. මමනම් කියන්නේ රතු මාම කියල මොකද නෑදෑකම හැදෙන්නේ  එහෙම නිසා. ඉතා මහන්සියෙන් කැපවීමෙන් ඉගනගත් රතූට විද්‍යාපීඨ විභාගයෙන් ඉහලින්ම සමත් වෙන්න හම්බ උනා. මේ දවස් වෙනකොට සිකුර හිස්මුදුනටම නැගලයි තිබ්බේ මෑන්ස්ගේ. ග්‍රහචාරය උපරිමේටම නරක වෙලා. ග්‍රහය කියනවලු අනේ වසා අපි ඉක්මනටම බදීමු අනේ කියල. (ග්‍රහය කිව්වට මේ කාන්තා පරානයක් එහෙම කිව්වේ ග්‍රහයාගේ ගැනුසතාගේ  නම කෝරලේ මහත්තය දන්නේ නැති නිසයි දන්නා කෙනෙක් ඉන්නවනම් දැනුම් දෙන්න ඕනේ  හරිද?)  

ඉතින් මෑන්ස්ගේ බලාපොරොත්තුව උනේ ඉක්මනින් රස්සාව හොයාගෙන පෙලවහ කොරගන්ට තමා. දවසගානේ දෙවියන්ට කියා කියා අපොයින්ට්මන්ට් ලෙටර් එක එනකල් මග බලන් හිටිය රතුගේ බලාපොරොත්තු මල්පල ගැන්වුන ලිපිය පියුමා විසින්  ගෙදරට දී තිබුණා. එක බලපු වෙලාවේ ඉදන් මෑන්ස්ගේ මූණ නයා මැරිච්ච අහිගුන්ටකයගේ වගේ. මුල්ම පත්වීම මොනරාගල හද්ද පිටිසර ඉස්කෝලෙකට ලැබිල තියෙන්නේ. කෙලපි තම්බි හැලප ටිකට කිව්වා වගේ...... කවුද කිව්වේ කියලද අහන්නේ???? ඒකනම් කිව්වේ මම. ඉතින් අපි කතාවට යමුකෝ.... මොනරාගල ඉඳල තියෙනවා මෑන් එක්ක ඉගෙනගත්ත ඩයල් එකක් මෑන් පොරට ලියමනක් දාල දැන්නුව නවතන් පහසුකම් හොයාගන්න විදියක් ගැන. දෙවියනේ කියල මොනරාගල පොර කැමති වෙලා තියෙනවා රතූව තමුන්ගේ ගෙදර නවත්වගන්න මොකද පොරත් ගුරුවරයෙක් නිසා මෑන්ටත් හම්බවෙලා තියෙන්නේ දුරපලාතක ඉස්කෝලයක්. ගෙදරත් කවුරුත් නැති එකේ වයසක අම්මා තාත්ත දෙන්නටවත් පාළුවක් නැතිවෙයි කියල මේකට නවතින්න ගෙදර එන්න කියල.  මේ ඉස්කෝලේ තියෙන්නේ ඔය කියන මෑන්ගේ ගමට අල්ලපු ගමේ. මම මේ කියන්නේ 1994 දී විතර සිද්ද උන දෙයක්. ඒ කාලේ දැන්වගේ ටැලිපෝන් භාවිතයක් තිබ්බේ නෑ නේ දැන්නම් හොමෝම ගාව තියෙනවා සමහරු ළඟ දෙක තුනත් තියෙනවා. ඉතින් පරණ තාලේ ක්‍රමේට ලියමනක් දාල එන දවස යාලුවට දැනුම් දීල තියෙනවා යාලුවත් කිව්වලු හරි වසා උඹ වරෙන් මම එන්නම් එක්කන් යන්න කියල.
ඉතින් කොහොමෙන් කොහොමෙන් හරි අපේ බුවා මොණරාගලටත් ආවලු ඒත් ආවේ හවස 6 ට කිට්ටුකරලලු. මොනරාගල බුවත් ඇවිත් ඉන්නවලු බස් ස්ටෑන්ඩ් එකට අපේ බුවාව ගන්න. හලෝ
හායි වලින් පස්සේ දෙන්න ආගිය තොරතුරු කතාබහකරමින් බයිසිකලය පාගනවලු. එතකොට මොනරාගල බුවා කියනවලු මෙහෙම 

මොනරාගල බුවා:  මචන් වසා උඹ අද ආව වෙලාව හරි නෑ බලපන්
හේමලයත් වැටිලනේ නැත්නම් මම හිතන් හිටියේ පොඩි පාටියක් සැට් කරන්න අහල පහල යාලුවෝ දෙතුන් දෙනෙක් කතාකරල උඹව උන්ට අඳුන්වල දෙන්න.

රතුමාමා: එකට මක් වෙනවද බන් පාටි නැතිවට ගොඩක් තුවාල වෙලාද පොරට 

මොනරාගල බුවා:කවුද?

රතුමාමා:බො
ලාගේ ළඟම නෑයෝද? 

මොනරාගල බුවා:
මොකක්ද බං????? කවුද බං????

රතුමාමා:
ඇයි
උඹ දැන් කිව්වේ හේමලය වැටිලා කියල එකයි මම ඇහුවේ තුවාල වෙලාද කියල

මොනරාගල බුවා: 

මොනරාගල බුවා: යකෝ........ හේමලයා  කියන්නේ මේ පැත්තේ හෙවනල්ලටයි බං

ආපෝ........ චාටර්....... කෑවා නෑවා නිකන් නෙවෙයි සිය කැමැත්තෙන් ඇදගෙනමයි නෑවේ. එදා ඉඳල අවුරුදු 4 ක් රස්සාව කරලා මොණරාගලින් එනකල්ම මෑන්ගේ රෙජිස්ටර් නම වෙලා තියෙන්නේ හේමලය කියන එක.  ඔය දේවල් සිද්ද වෙනකොට මම ගොඩක් පොඩියි. දැන් අහන්න එපා එහෙනම් තමුසේ කොහොමද මේක දන්නේ කියල. ඒක තමා කියන්න යන්නේ දැනට අවුරුදු 5 කට  විතර  උඩදී ලංකාවට නිවාඩු ගිහින් ඉන්නකොට මමත් සෙට් උනා පොඩි කැත වැඩකට කැත වැඩක් කිව්වේ මෑන්ගේ හදන ගෙදර ටොයිලට් වලක් කපනවා. මමත් පොඩියට සම්මාදම් උනා වැඩේට. කතාවෙන් කතාවෙන්  තමා ඔය සිද්දිය ඇදිල  එලියට ආවේ මෑන් ඕක කිව්වේ වල ගැට්ටේ
වාඩිවෙලා ඉන්න ගමන්. ඔතන හිටියා පොඩි ලූස් ඩයල් එකක් ඩස්පිය කියල තමා කියන්නේ (නම පියල්) පොරට හිනාව කොන්ට්‍රෝල් නැතිව ගැහුවා පාරක් රතුගේ පිටට උනා දේ හිතාගන්න පුළුවන් නේ.....  රතු මාමා ටොයිලට් වලේ විලිලජ්ජාවේ සන්තෝසේ බෑ මෙයා. අලුත් එකක් නිසා හොඳයි නැත්නම් ඩිටෝල් බේසමක ඔබල තියල තමා ගන්න වෙන්නේ. මෑන් ගොඩට එනකොට මම නිකමට කිව්වා හේමලය වලේ වැටුනා වාගේ කියල
රතුමාමා: %^&*&*((*(*&*&^^%^&

ප.ලි : කොහොම උනත් දැන් මෑන් ගොඩක් ප්‍රසිද්ද ටියුෂන් ගුරෙක්. ඒවගේම දකුණු පළාතේ ප්‍රසිද්ද  ප්‍රයිමරි ඉස්කෝලෙක විදුහල්පතිවරයෙක්

Ford කොම්පැනියේ CEO මහත්තයාගේ කාර් එක

විශේෂ ස්තූතිය මේ පින්තූර මට ලබාදුන්නු නරේන්ද්‍ර  මාමිට.

Sunday 24 June 2012

බේබි ආච්චිගේ වැටකොළු ආතල් එක...... අවාසනාවට ඇත්ත කතාවක්

ඔන්න අද මම ලියන්න යන්නේ මඩ කතාවක්. නමුත් ඉස්සෙල්ලම කියන්න ඕනේ මේක කාටවත් අපහසකිරීම සඳහා නොව හුදෙක් විනෝදය උදෙසා ලියන්නක් බව. දැන් මම ඔයාලව එක්කගෙන යනවා අම්බලන්ගොඩට. අම්බලන්ගොඩින් 4km  විතර ගොඩකරේට වෙලා පිහිටපු තවමත් ගැමි සුවඳ ගැමි කම රැදිච්ච ගමක්. මේ ගමට යන හේතුව කියන්නත් ඕනෙනේ.. මේ ගම තමා මගේ අම්මගේ උපන් ගම. එහෙම නැත්නම් මගේ ආච්චි අම්මල හිටියේ එහෙ තමා. ඉතින් එහෙ ගිය කාල වලදී සෙල්ලම් කිරීමට මම හොයාගෙන හිටිය ගජයෝ සෙට් එකක්. නම් කිව්වොත් කුමාර, එරංග, හෂාන් රංග ඉතින් අපි කට්ටිය එකතු උන ගමන් කරන්නේ ඉතින් හොර පොලිස් සෙල්ලම් තමා. දන්නවා ඇතිනේ කට්ටියක් පොලිසිය විදියට කට්ටියක් හොරුවිදියට. හොරු හැඟෙනවා පොලිසියට තියෙන්නේ අල්ලන්න හොයන්න හැංගුන හොරුන්ව. කැප්රෝල් තුවක්කු වලින් වෙඩිතියගනිමින් කරන්නාවූ මේ සෙල්ලම තමා නිතරම සෙල්ලම් කලේ. මොකද පොඩි කාලේ මගේ හිතේ තිබ්බ ලොකුම ආසාව තමා ලොකු වෙලා හමුදාවට බැඳෙනවා කියන එක( ඒක අදටත් ඒ විදියටම තියෙනවා) මේක ඉතින් ඒක තැනක සුළු බිම් ප්‍රමාණයක කරන්න පුළුවන් සෙල්ලමක් නෙවෙයි නේ. ඉතින් අහල පහල ගෙවල් වලයි. ගුන්දයියගේ වත්තෙයි තමා සෙල්ලම් කරන්න යොදාගන්නේ. අක්කර 10 වැඩි කුරුඳු සහ අක්‍රමවත් පොල් වගාවකින් සමන්විත ඒ වත්ත පොල් වත්තක් කියන්නත් බෑ කුරුඳු වත්තක් කියන්නත් බෑ. ඉතින් ඔහොම ඉන්න කොට මමයි හෂානුයි තමා හැම දාම පොලිස් කාරයෝ දෙන්න. අරුන් තුන් දෙනා හොරු. කුමාරයි  රංගයි මටවද වැඩිමහල් අනෙක මම ගම ගැන එච්චර දන්නේ නෑ. මොකද ගමේ ඉන්න ඔඅනේ ගම ගැන දැනගන්න. මේ 3 න් දෙනාම හැංගෙන්න හොයන්න අමාරුම තැන් වල තමා.  අපි දෙන්නත් දන්න සෙල්ලම් දාල මුන්ව අල්ලගන්නවා නමුත් දවස් ගානක ඉඳල මුන් හැන්ගෙන තැන් අපිට හොයාගන්න බෑ කළුවර වැටීගෙන එනකොට කෑගහල හූ කියල අපි අනෙක් තුන් දෙනාට දැනුම් දෙනවා(ඒක තමා සිග්නල් එක) අපිට හොයාගන්න බෑ එලියට එන්න කියල මොකද ඒ දවස් වල අපේ අම්ම මට දාල තිබුන නීතිය 6 වෙනකොට ගෙදර ඉන්න ඕනේ  කියන ඒක මොකද ඒ දවස්වල මගේ වයස අවුරුදු 8 ක් විතර ඇති. මම පහුවෙනිදා හශාට (හෂාන්ට) කිව්වා ඈ බන් මේක හරි යන කෙලියක් නෙවෙයි මුන් කොහෙද මේ හැන්ගෙන්නේ මොකද හොයන්න පුළුවන් හැම තැනම අපි හොයල බැලුව ඒක තැනක් ඇර.......... ඒ තමා බේබි ආච්චිලගේ වත්තේ බේබි ආච්චි කියන්නේ ඉරිදා පොලේ පලා ,කොහිල  විකුණන  ගෑනු කෙනෙක් උන්දැගේ වයස 70 වට  වැඩි  මිසක් අඩු නැති වෙන්නඕනේ මොකද එයාගේ පුතාගේ වයසත් අවුරුදු 35kata වැඩියි. මෑන්ගේ නම තමා රත්ත (ඇත්ත නම මම දන්නේ නෑ) මෑන් ඔය අපි කියන්නේ දෙපැත්තටම නැති අය කියල අන්න එයින් කෙනෙක් ඒ කාලෙනම් එච්චර වැටහීමක් නෑ ඕව ගැන. ඉතින් මේ අමම්යි පුතයි  තනියම ජීවත්වෙන අවුරුදු 60 ක් විතර  පරණ බාගෙට ගරා වැටිච්ච ගේ දිහාට අපි කවදාවත්ම ගිහින් නෑ ඒ මොකද කියනවනම් බේබි  ආච්චිට පොඩි උන්ව විශේෂයෙන් අපිව දිරෙව්වෙ නෑ. (ඇයිද  දන්නේ නෑ නේද සීදේවි පැටව් ටිකනේ නේද???) මම කිව්වා හෂා මුන් සුවර් එකටම හැන්ගෙන්නේ නාකි බෙබිලගේ වත්තේ තමා මොකද කුමාරගේ අම්මගේ නැන්ද තමා මේ බේබි ආච්චි. වරෙන් යන්න කියල හෂාවත් ඇදගෙන වත්තට පැන්න නගර වල වගේ තාප්ප බැඳලා නැති මේ ගෙවල්වලට මායිම් උනේ ක්‍රෝටන් සහ ඇල්බීසියා ගස් ඉතින් කොමාන්ඩෝ ගේමක් හිතට අරන් අපි දෙන්නත් පැන්න වත්තට.මගේ සකේ හරි මුන් තුන්දෙනා ඉන්නවා පිළිකන්නේ රට බිලින් ගහේ නැගල මුන් හිතුවේ නෑ අපි ඒවි කියල මොකද දැන් දවස් 3 ක් ම අපි මෙතනට ආවේ නැති නිසා බඩු මාට්ටු වැල් කොහිල වැල් වලින් අත් ගැට ගහල යන්න හදන කොටම මට ආව රට බිලින් ගෙඩියක් කන්න අදහසක් හශාට කිව්වම මූත් ඒක පයින් කැමැත්ත දුන්න. ඒත් නගින්නේ කවුද අපි දෙන්නටම ගස් නගින්න බෑ. දන්නා උන් හොරු සෙල්ලමට හරි ලිහන්න බැනේ. ඒ නිසා මම කිව්වා පොලු ගහල කඩමු කියල දෙතුන්  පාරක් දමල ගහන කොටම ඇහුන ඉස්සරහ පැත්තෙන් කවුදෝ බැනගෙන එන සද්දයක්, අපිට හිතාගනන්වත්  වෙලාවක් හම්බවෙන්න කලින් මෙන්න ඉන්නවා නාකි බේබි අපේ ඉස්සරහ. මගේ අතේ පොල්ල හශාගේ අතේ රට බිලින්. බඩුත් එක්කම හොරු මාට්ටු හිතාගන් වෙලාවක් හම්බවෙන්න කලින් ක්‍රෝටන් වැටත් කඩාගෙන අපි 5 දෙනා දිව්වා පන එපා කියල එයින් සෙල්ලම නවත්වල ගෙදර ගියේ හැමෝම හරිම හොඳ ළමයි  වගේ. නාල හවස ටීවී බලන්න සෙට්වෙලා ඉන්න කොට මට ඇහුන ඉස්සරහ පැත්තේ කවුද කතාකරන සද්දයක්.මටත් ඉතින් ඕනේ නැති කෙහෙල් මලක් නැති නිසා පොඩ්ඩක් හොට දාල බැලින්නම් මෙන්න ඉන්නවා දිලිසි දිලිසි............ කවුද? වෙන කවුරුත් නෙවෙයි අපේ නාකි බේබි. අපේ අම්මටයි ආච්චිටයි කියනවා අවනඩුව. අම්මගේ ඇස්දෙකෙන් ගින්දර විසි වෙන්න වගේ.    එච්චරටම මල පැනලද????  මල පනින්නේ නැද්ද මේ ගෑනි  කියපුවට. කිව්වේ අපි කුමාර ලව ගස් බැඳලා මමයි නීල්ගේ කොල්ලයි (හෂාන්) වහලට ගල් ගැහුවයි කියල......   කාට කියන්නද අම්මපල්ල මේ අවනඩුව අමූලික රට කෙප්පයක්නේ...... අපේ අම්ම ........... මෙහෙට වරෙන් ඇත්තද මේ කියන්නේ????   කියල අහල අනේ මට බේබි ආච්චි ඉස්සරහම ගැහුවා. මුළු රෑම  අඬ අඬ ඉඳල පහුවදාට එලි උනා කියමුකෝ. දැන් මගේ හිතේ තියෙන්නේ මේකට පලිගන්න ක්‍රමයක් ගැන. මම ගියා හෂාව හම්බවෙන්න ඌටත් නීල් මාම (උන්ගේ තාත්ත) රීප්පෙකින් ගහල තියෙන්නේ. ඌත්  හිටියේ පට්ට මලෙන් දුන් එදා දවසම වැය කරලා CID පාරක් කොහෙන්ද මෙයාට ගේමක් දෙන්න පුළුවන් කියල. රයිට්.........  වැඩේ ගොඩ නාකි බේබි නාන්න යන්නේ ගුන්දයියගේ වත්තේ පින් ලිඳට. ඒ පැත්තේ මිනිස්සු ගොඩක් නාන්නේ  එක්කෝ ගුන්දයියගේ ලිඳෙන්  නැත්නම් අපේ වත්ත පල්ලෙහා කෙලවරේ තිබ්බ ලිඳෙන් එහාරියේ වන බූටාව වැවිල තිබ්බ නිසා පිටට පේන්නත් නෑ. හෂාලගේ ගෙදර තිබ්බ වෙසක් එකට ගෙනාව වෙස් මූණු කාර්ඩ් බෝඩ්  වලින් හදපු ඔයින් දෙකකුත් සාක්කුවේ දාගෙන අපි පිටත් උනා වැඩේටදැන් ඔන්න සබන් ගැන හරියට සෙට් උනාම හෂා කට හඬ වෙනස් කරලා කෑ ගැහුවා වැටකොළු................ කියල මමත් ස්ටාර්ට් කලා වැටකොළු............. මෙහෙම මාරුවෙන් මාරුවට කෑගැහුවා මේක නාකි බේබිට රෙජිස්ටර් වෙච්ච නමක් හේතුව මම අදටවත් දන්නේ නෑ. පටන් ගත්තේ නැද්ද ජාතිය අමතන්න ශා........ ඒවගේ  සුමිහිරි මදුර චතුර විදියට ජාතිය අමතන්න JR  උන්නැහේටවත් බැරිව ඇති. එතන ලිඳ ළඟ නාන්න ඇවිත් හිටිය මිනිස්සු ඔක්කොම හිනාවෙන්න ගත්ත හූ..... කිය කිය මොකද ගමම ඉන්නේ මුන්දත් එක්ක තරහෙන් නපුරු කම නිසා
. කට්ටිය වටපිට බැලුවට නෑ කවුරුවත් පෙන්න ලැජ්ජාවටද කොහේ වතුර පනිට්ටු දෙකතුනක් නෑව බේබි ආච්චි අපිදෙන්නගේ පරම්පරාවටම දෙස් තියමින් යන්න ගියා ( අපි කියල දන්නේ නෑ දනන්වනම් එදත් කනවා නහුතෙට) අපිදෙන්නත් හෙමින් මාරුවෙලා ගෙවල් වලට ඇවිත් සූත්තර කිටියා කාටූන් ඒක  බැලුව. එදා රැ අපේ ගෙදර ආව පුෂ්පා නැන්දයි(හෂාලගේ අම්ම) ලීල නැන්දයි (කුමරලගේ අම්ම) මේ ගැන අපේ අම්මල එන්න කතා කර කර හිනා වෙනවා මම බලාගෙන. ඒත් කවුරුවත් දන්නේ නෑ මේ දේ කලේ අපි කියල. අදට ඇති දැන් ඇස්දෙකත් රිදෙනවා පාඩම් කරන්න යන්න ඕනේ නැත්නම් අපේ අම්ම මාව අච්චාරු හදයි. එහෙනම් ගිහිල්ල එන්නම් කෝරලේ මහත්තයාගේ සැබෑ අත්දැකීමක් වන මෙය ලියන්නට හිතුනේ මෙච්චර දවස් බ්ලොග් ඒක ගියා ස්ටයිල් ඒක පොඩ්ඩක් වෙනස් කරන්න හිතාගෙන. ඉතින් ඔයාල ඒ වෙනසට කැමතිද නැද්ද කියල කියලම යන්නකෝ..... මොකද මගේ සිංහල දැනුම ප්‍රමාණවත් මදියි කියල මම දන්නවා. නමුත් ඔයාලට හරවත් කියවන්න පුළුවන්, වෙනස් යමක් ඉදිරිපත් කිරීමට දරන පුංචි වෑයක්මක්  තමයි මේ. ගල් සහ මල් සියල්ල සමසේ බාරගන්නවා මොකද මගේ හැකියාව වර්දනය කරගැනීමට ඔයාලගේ උපදෙස් මට ගොඩක් වටිනවා

ප.ලි.

මෙම කතාවේ යම් තැන්වල බේබි ආච්චිව නාකි බේබි
ලෙස හඳුන්වා දී ඇත්තේ ගමේ අයව හඳුන්වන්නේ එම නමින් බැවින් සහ කතාවේ රසය පවත්වා ගැනීමටයි
ඔබසැමට ජය! කෝරලේ මහත්තය.

Wednesday 20 June 2012

2011 වඩාත්ම හිතට වදින පින්තුර [Most Powerful Images Of 2011]

* 9/11 ප්‍රහාරයෙන් තම පුතු වූ Robert David Peraza නැති වූ Robert Peraza 9/11 ස්මාරකයේ උතුරු දිය පොකුනෙහි තම පුතාගේ නම සටහන් වී ඇති තැන නිහඩතාවයේ යෙදෙන අයුරුයි ..

* මාර්තු 11 ජපානයට ඇති වූ සුනාමියෙන් පසු දිය සුළි ජපාන වෙරල තිරයෙන් ඉවත්ව යන අයුරුයි

* Hama Yuri නම් නැරබුම් නැව අඩි 1300ක් පමණ වෙරල තිරයෙන් තල්ලු වී පැමිණ එය විසින්ම ජපානයේ සුනාමියට ලක් වූ නිවාස 2 ක් මත සමබර වී ඇති අයුරුයි.

* ඇමෙරිකානු ආරක්ෂක මණ්ඩලයේ ප්‍රදානින් ධවල මන්දිරයේ කාමරයක සිට මැයි 1 දා ඔසාමා බිල්ලාඩන්ට එරෙහිව ගෙන යන මෙහෙයුමේ නව තොරතුරු දෙස අවදානය යොමු කරන අවස්ථාවයි.

* ලෝක වෙළද මද්‍යස්ථානයේ පරණ ගොඩනැගිල්ල තිබු ස්ථානයෙන් අහසට ආලෝක 2 ක් 9/11ප්‍රහාරයේ 10 වෙන සංවත්සරය අහසට යොමු කරන අයුරුයි.

* මැයි 22 වනදා Joplin, Missouri ට වූ ඇති ඉතා දරුණු tornado න් පසු වූ විනාශය එයට පෙර හා පසු ගත් පින්තුර මගින් පෙන්නුම් කරන ආකාරයයි .

* මැයි 22 වනදා Joplin, Missouri හි සිදු වූ tornado ව නිසා විනාශ වූ නිවස ඉදිරිපිට සිටින මිනිසෙක් 

චිලිහි නව අධ්‍යාපන රාමුවක් ඉල්ලා එහි සිසුන් ගෙන යන විරෝදතවයකදී පොලිස් නිලදාරියෙක් සිසුවෙකුගේ මුහුණට පහරක් එල්ල කරන අයුරුයි.

කාර්යාල සේවකයින් ඉතා විශාල ගොඩනැගිල්ලකින් පිටවීම සදහා මාර්ගයයක් සොයනු ලබන්නේ 122 කට මාරු කැද වූ නවසීලන්තයේ Christchurchහි පෙබරවාරි 22 සිදු වූ විශාල බුමිකම්පවෙන් පසුයි..

ජපානයේ ඇති වූ විශාල බුමිකම්පවෙන් හා සුනාමියෙන් පසු විනාශ වූ ජපානයේ උතුරු ප්‍රදේශයේ Natori, Miyagi නගරයේ හි කාන්තාවක් පාරෙහි අඩමින් සිටින අයුරුයි

* ලන්ඩන් හි කැරලි කෝලාහලය අතරතුර බිල්ඩිමක ඇති වූ ගින්නක් හේතුවෙන් එයින් පිටතට පනින කාන්තාවක් 

* අප්‍රේල් මස Concord, Alabama හි ඇති වූ පසු tornado න් මුළුමනින්ම විනාශ වූ තම නිවස අසල මවක් තම පුතාව සැනසීමට වෙර දරන අවස්ථාවක් 

* ඇරිසෝනාවේ Phoenix හරහා ජුලි මාසයේදී දුවිලි කුණාටුවක් හැම යන අයුරුයි.

බලාලා හොඳයිද කියල කොමෙන්ටුවක් දාලම යන්න

Wednesday 13 June 2012

නොදන්නා දෙමළෙට ගිහින් වරිගේ නසාගැනීම

අද මම ඔයාලට කියන්න යන්නේ මගේ බොක්කේ යාලුවෝ 5 දෙනාගෙන් එකෙක්ට (උදයාට) වෙච්ච හාස්ස්‍යය ජනක සිදුවීමක් ගැනයි නමුත් මෙහි අන්තර්ගතය 18+ හොඳයි කියා සිතන නිසාවෙන් ඊට අඩු  අඩුඅය සිටිනවානම්   දැන්මම ඉවත් වෙලා ගියොත් හොඳයි. ඔන්න ඉතින්  මේක කියවල මට බනින්න එපා කුනුහපරයක් වෙබ් එකට දැම්ම කියල හොඳේ ....... ඔන්න මේකයි සිද්දිය මට මතක විදියට 200.. අපි ඔක්කොටම chance එකක් හම්බ උනා එකට ලංකාවට එන්න ඒ කියන්නේ මට නුවන්ට, සහන්ට, සමීරයට,උදයාට සහ නිශාන්ට ඉතින් මේ සතුට කොහොම සමරම්දෝ කියමින් සිත සිත සිටින අතර වාරයේ අපේ සහන්ගේ ටිකිරි මොලේට  ආව ටිකිරි පැලැනක්  ක්‍රියාවට නංවන්න තීරණය කොලා සීතල නුවර එලියට ගින්දර ට්‍රිපක් යමු කියල හැමෝම එක පයින් නෙවෙයි සිව්පයින්ම කැමැත්ත දුන්නු නිසා දිනෙකුත් ෆික්ස් කොරගෙන ගෙවල් වලිනුත් කැමැත්ත ගත්ත. එක අනිවා ඩෙෆා ගන්න ඕනෙනේ මොකද මේකට සම්බන්ද වෙන්නේ පස් මහා සූරයෝ විතරක් නිසා කොහොමෙන් කොහොමෙන් හරි එකත් ලැබුනත් පොඩි පරහක් තිබුන යන්නේ මොකේද කියන එක ඇස් වහක් නෑ කටවහක් නෑ කියල සහන කිව්වා උගේ මාමගේ ලෑන්ඩ් කෲසර් කටුව ඉල්ලගන්න පුළුවන් වේවි කියල හැබැයි හොඳ වැඩිමහල් ඩ්ර්යිවර් කෙනෙක් යනවනම් විතරක් එක දෙවි කියලයි  කිව්වේ දැන් ඉතින් කාවද මේ වැඩේට උගස් තියන්නේ කියා කියා හිතන කොට මගේ කම්පනාවට ආව මගේ සහෝදර තුමා වන  හුලංගැරඩියව ඒ කිව්වේ අපේ දමිත් අයියව කොටින්ම කියනවනම් ඕක නගර සභාවේ  කුණු ලොරිය වගේ තමා ඕනේ කුණුගොඩකට අත දානවා   හිතවත් කමට මිසක් වෙන දෙකට නෙවෙයි. ඉතින් ට්‍රැක් එක පනින්නේ නැතුව කතාව කියපන් කියල  කියන්න කලින් අපි දමියාවත්  අරන් ගිහින් පෙන්වල වාහනේ ඉල්ලගත්ත දැන් වැඩේ ඔක්කොම හරි ඉතින් අපි කෂ්ටිය උදෙන්ම යන්න පිටත් උනා අපි 5 දෙනා විතරක් නිසා කරදරේකින් තොරව බෙල්ල කැඩිච්ච සිංහයෝ (දන්නවා  ඇතිනේ මොනාද කියල)  4- 5 දෙනෙක්ව පාකරමින් අපේ ගමනාන්තයට ආව. රෑත් තිතට මත් උනා.අපේ වන්දනා නඩේ ඔක්කොම හොඳ උපාසකයෝ නොවැයි ආයිබෝන්ඩ  ඔක්කොම හිටියේ  අපේ නඩේ. නිදාගෙන උදෙන්ම සිරි නරබන්න Camera ටිකත් සෙට් කොරගෙන උදෙන්ම 7ට විතර අපි ආව තේ වත්තක් කිට්ටුවට. පොටෝ ගසමින් උදයව බයිට් කරමින් ඉන්න කොට ඈත එනවා තේ කූඩ බැඳගත්ත ගෑනු ටිකක්. ගෑනු කිව්වට දෙමල ගෑනු ටිකක් අපේ උදය තනිකරම බොයිලර් කුකුළා. මු නුවන් ලඟට ලං වෙලා ඇහුව මචන් දෙමලෙන් ගුඩ් morning නංගි කියන්නේ කොහොමද කියල. වැල්ලවත්ත  ප්‍රදේශයේ ජීවත් වෙන නුවන් අපේ සෙට් එකේ දෙමල දන්නා එකම එකා. අනෙක් උන් ඔක්කොම දන්නේ වාඩා සහ පෝඩා කියන්න විතරයි. නුවණය මට ඇහැක් ගහල මූට දෙමල වචනයක් කිව්වා. උදයටත් උදේ පාන්දර මේ තේ වත්ත උගේ නමට ලියල දෙනවා කිව්වා වගේ ජොලියක් ගිහින් උඩ පැනල අතේ ඇඟිලි ටික එහෙම කඩලා උගුර පාදල සෙට් උනා වැඩේට. ඔන්න දැන් මේ මහිලාවන් ටික අපි පහුකරලා යනකොට එතන හිටි අවුරුදු 17 -18 ක් විතර වෙන (ඊට වැඩිද කියන්න මම දන්නේ නෑ අපිට වඩා වැඩිමහල් ලුක් එකක් තමා තිබ්බේ) තරුනියොන්ගේ   පැත්තට හැරුණු මු අපි ආයුබෝවන් කියන්න වගේ අත්දෙක හදාගෙන තන්ගච්චි කල්ල වෙට්ටුමා කියල ඇහුව අරුන් ටික බුල්ටෝ කාපු රිලව් ටික වගේ මූ දිහා ඔරෝල බලන කොට මූ තව කෙල්ලෙක්ටත් ඕකම කිව්වා අපිත් දන්නේ නෑනේ ඕකේ තේරුම මුගේ ඇක්ෂන් වලට හිනා වේවි ඉන්න කොට තරබාරු දෙමල කාන්තාවක් පැනපු ගමන් දෙමලෙන් කෑකෝ ගසමින් මුගේ කම්මුල පුරෝල දැවැන්ත 6 පාරක් එල්ල කලා. මම හිතන්නේ සනත් අයියාවත් ගහල නැතුව ඇති ඒවගේ ලස්සන ෂොට් එකක්. අපි කාටවත් කට අරින්න තියා හිතාගන්නවත් වෙලාවක් ලැබෙන්න කලින් ඔක්කොම ටික එකතු වෙලා මූට නෙලන්න ගත්ත අම්බා නෙලිල්ලක්. අර පිටේ බැඳලා  තිබුණු තේ කූඩයක්  ගලවාගත් එකියක් ඒක මුගේ ඔලුවේ නවල බිම දිගේ රෝල් කරලා දැම්ම. මේක අපිට බලන් ඉන්නත් බෑ මැදිහත් වෙන්නත් බෑ. මොකද අපි ගිය කියල ගෑනුන්ට ගහන්නද????? මම නුවන්ට කිව්වා නුවන් මම වාහනේ ස්ටාර්ට් කරගනන්ම් උඹල ගිහින් අරූව ඇදන් වරෙන් කියල. යන්තම් ඒ මාර සේනාවන්ගෙන් අපේ මිත්‍රය බේරාගෙන 2012 ලෝක විනසෙන් බේරෙන්නවගේ ඩ්ර්යිව් කරන් ආව ටවුන් ඒක දිහාට. නුවන් මගේ ඉස්සරහ සීට් එකේ අරුන් පිටි පස්සේ ලඟම තිබ්බ කඩේකින් අපි නැවැත්තුව සිද්ධාලේපයි ප්ලාස්ටර් ටිකකුයි ගන්න. සහනයි නිශානයයි දෙන්නා උදයව  අරගෙන කඩේට රිංගුව වෙලේ මගේ හිතට වද දුන්න ඒ ප්‍රශ්නය මම නුවන්ගෙන් ඇහුව, මොකෝ "බන් අරුන්ට උනේ උදේ පාන්දර අමු කැවිලද මට තාම හොල්මන් උන වැඩේට  යකෝ මොකක්ද ඒ වචනේ තේරුම" කියල මොකද නිකන්ම මිනිහෙක්ට කේන්ති යන්නේ නෑනේ. නුවන් හිනාවෙවී මගේ කනට කරලා කිව්වා වචනේ තේරුම ඔයාලට හිතාගන්න පුලුවන්ද මොකක්ද මොකක්ද තේරුම කියල.........?    නංගි ග....ක් ක...මුද  කියන එකයි එකේ තේරුම. හුටා ඇරිය නේද තාප්පෙටම............ :O  මට කට උත්තර නෑ එයට හේතුව ලෙස නුවන් පැවසුවේ "අරූ ඊයේ මාව බයිට් කරා අද මම දුන්න රිටන් එක" කියල "ඒත් බං මම හිතුවේ නෑ මේ මල යක්ෂණියෝ මූට ගහවි කියල" කිව්වා. උදයල එනවා දැක්ක නිසා අපි කතාව නවත්තල වාහනේට නැග්ග. "මචන් උඹට දැන් කොහොමද" කියල මම අහද්දී "විමු (my pet name ) මචන් මුන් මරාගෙන මැරෙන කොටිද කොහේ බන්, ගුඩ් මොර්නින්ග් කියල ඔහොම නෙලුවනම්, නංගි මාත් එක්ක යාලු වෙනවද කියල ඇහුවනම් අපි සෙට් එකම ඉවරයිනේ බන් එතනම" යයි කියද්දී අපි සෙට් එකට හිනාව නවත්වගන්න බැරි උනා. අදටත් මම හිතන්නේ නෑ උදයා එක දෙමල වචනයක්වත් ආසාවට කතාකරනවයි කියල.හි...... හි.....හි....     මට මේක මතක් උනේ මගේ කොම්පැනි එකේ වැඩ කරන පිලිපීන ජාතිකයෙක් මගෙන් කොහොමද කියල ඇහුවයිනුයි.

 මගේ සිංහල දැනීම පොඩ්ඩක් හොඳ මදියි කතාවේ අඩු පාඩු තියෙනවනන්ම් කියන්න. ඊළඟ කතාවේදී වැරදි හදාගන් පුළුවන් වෙන්න ඔයාලගෙන් ලැබෙන සහයෝගය ගොඩක් අගේකොට සලකනවා. සියලු දෙනාට ජය වේවා!

Sunday 10 June 2012

කෝරලේ මහත්තයට පෙම් හසුනක්

ඔන්න අද මම ඔයාලට කියන්න යන්නේ ජීවිතේ පලවෙනි වතාවට සහ අන්තිම වතාවට කෝරලේ මහත්තයට ලියුම් කඩදාසියක් හම්බ වෙච්ච තාලේ. කාගෙන්ද අහන්නේ ලලනාවකගෙන් මෙයා ලලනාවකගෙන්. මේක ලියන්න කලින් මගේ මායියව පොඩ්ඩක් දැනුවත් කලේ නැත්නම් අද මට කන්න වෙන්නේ වලව්වේ බත් නෙවෙයි පොළොවේ පස්.

                              කාල වකවානුව මතකේ හැටියටනම් 2004 වෙන්න ඕනේ ඔව් ඔව් අර සුනාමියක් ආවේ ආන්න ඒ කාලේ තමා කෝරලේ මහත්මයා තමන්ගේ දෙසැම්බර් නිවාඩුව ගතකිරීමට තමුන්ගේ ලොකු මාමලාගේ ගෙදර අම්බලන්ගොඩට ගියා. මූදු වෙරල අයිනෙමයි සුන්දර වට පිටාව මම ආව නිසා පොඩි මාමගේ දූවරු දෙන්නත් (ඒ කිව්වේ මගේ අතිජාත නෑනලා) මෙහෙට ආවා එක්කෙනෙක්ට අපි සෙලා කියමු අනෙකා ලකී ඇත්ත නම් දැම්මොත් මට ලංකාවට බහින්න කලින් ගාඩ් එකට army  එකට එවිත් ඉන්න කියන්න වෙයි කටුනායක ඔය කාලේ වෙනකොට සෙලා පොඩි පහේ පෙම් පලහිලව්වක පට ලැවිල උන්නේ මේක ගෙදරින් දැනගෙන CID  වැඩේ කොරන්න බාර දුන්නේ මට තමා. ඒ කිව්වේ class  යනකොට මුරකරන්න එතකොට සෙලා  8 වසරේ මම 10 වසරේ මම ගියාම ලොකු මාම මට අරන් දුන්න මුන්ටන් බයික් එකේ නැගල මමත් යනවා තනියම නෙවෙයි මගේ හොඳ බ්‍රැකට් එකක් ඉන්නවා හෂාන් කියල ඌත් එක්ක තමා ගියේ ඉංග්ලිෂ් class  දවසට 20   ගානේ දීල අයියෝ සල්ලි......... C  for  cat,  B for  ball  මොනා කරන්නද නෑනලා හැදුවේ මාමල, දුක් විඳින්නේ මේ අසරණ මම. ඔහොම සතියක් විතර යනකොට class  එක ඉවර වෙලා ගැල්ලමයි කෂ්ටිය ඉස්සරහින් යනවා අපි පොඩ්ඩක් පස්සට වෙන්න නිරීක්ෂණය කරමින් යනවා. එක දවසක් ඔය සෙට් සෙට් යන ගැල්ලමයි ගෙන් අපි pass  කරනවත් එක්කම කියනවා ඇහුන අරයන්නේ සෙලාගේ අයිය නේද කියල මමත් නිකන් slow  මෝෂන් හැරිලා බැලුව කටහඬ ආව දිහා කිරි හෆ්ෆේ මේ ඉන්නේ හොටු කෙලි පැටව් ටිකක්. ( එහෙම කිව්වේ මම එතකොට අවුරුදු දෙකක් මුන්ට වඩා වැඩිමහල් නේ) දකලනම් පුරුදු නෑ ලාවට හිනාවීගෙන අපිත් එන්න ආව. කෝරලේ මහත්තයා දන්නේ නැති උනාට මිනිස්සු කෝරලේ මහත්තයව දන්නවනේ හික්..... හික්..... හික්.

ඔන්න ඒ සිදුවීමට සතියකට පස්සේ මට සෙලාලව මග ඇරුන. මමත් ඉතින් ඔරේ රන් එකේ බයික් එක පැදගෙන යනවා මුන්ව හොයන්න නැත්නම් මටනේ කිරි ටොපිය හම්බ වෙන්නේ ගෙදරින්.

 ස්.....ස්....ස්...      මම බැලුව නයෙක්වත්ද කියල..   කළු මහත තාර පීප්පයක් වගේ සුන්දර යෞවනියක් පැමිණ අයියේ මනෝරි මෙන්න මේක ඔයාට දෙන්න කිව්වා කියල 45 සැරයක් විතර නවපු කොළ කැල්ලක් මගේ අතේ තියල යන්න ගියා. ඒකේ ලියල තිබුන දේ 1000 වාරයක් විතර කියවලත් මට click  උනේ නෑ. 

........ අයියේ මම ඔයාට කැමතියි හෙට මාව හම්බ වෙන්න...........

        එදා රෑ ගෙදර ගිහිල්ලත් කල්පනාකලා  පහුවෙනිදා හොරෙන්ම මම ගියා සඳහන් කරලා තිබුණු තැනට.බැලුව වට පිට ටිකක් එහාට වෙන්න ඉන්නවා ගැහැණු පරානයක් පොඩ්ඩක් ලඟට කිට්ටු කරලා බැලුව කවුද දන්නේ මොහිනීද කියල දවල් 10 විතර නිසා වෙලාව ඒ පිළිබඳවත් ගැටළුවක් තිබුණා හික් හික් හික් මේ ඉන්නේ බැබලි බැබලි ..... මට දැකල හුරු පුරුදු ගතියක් නම් නෑ නමුත් මම හිමිහිට කිට්ටු කරලා ඇහුව නංගි ඔයාද මනෝරි කියන්නේ? ඔව් අයිය නේද දිනාන්?  ඔව් ( හතිලව්වේ මේ දරුවා මගෙන් නම දැන දැනත් අහනවනේ කියල මට හිතුනා )  නංගි ඉතින් ඔයා තව මොනාද දන්නේ මගේ ගැන? අයියල ඉන්නේ රට, මේ නිවාඩු ඇවිත් ඉන්නේ. අයියගේ අම්ම මෙයා, මාමා මෙයා, අනේ....... ගුහා මෑණියන්ට  ඔප්පුවෙන්න කියල මගේ වලව් පලන්තියම දිග ඇරිය නොවැ මේ දැරිවි. ඔහොම ඉතින් ආරම්භ  උන ඉලව් ස්ටෝරි එක ගලා ගලා බසිනවා. නිකන් කැළණි ගඟෙන් මහා මුහුදට ගලනවා වාගේ. සතියකට විතර පස්සේ දවසක් මෙහෙම Love එක පාර දිගේ එල එල යන ගමනේදී........... වැටුන නේද හෙනහුරා හිඟන්නාගේ පාත්තරෙත් හිල් කරගෙන. අයියෝ සල්ලිදත් ....... වෙන කවුරුවත් නෙවෙයි.  අපේ ලොකු අයියා (ලොකු මාමගේ ලොකු පුතා) සහ පිරිවර මුගේ ගැන පොඩි හැඳින් වීමක් කලොත් මූ වැඩ කරන්නේ (CID ) එකේ ඉස්සරනම් ජොබ් එකට යන්න කලින් හූනෙක් වගේ හුලන්ගටත් ගහගෙන යනවා. මෝටර් සයිකල් වල ගියේ නෑ ගහගෙන යාවි කියල බයට. දැන් නම් පෙරහැරවල් බලන්න යන්නේ නෑ අල්ලලා replace  කරයි කියල අලියට. ඔන්න ඉතින් කතාවෙන් පිට පැන්නනේ

 මට ගැහුවා බැන්නා තරවටු කලයි කියල හිතාගත්තට මට කොරන්න දෙයක් නැහැ. මට කිව්වේ හොඳ සිංහලෙන් මෙන්න මේ වචන ටික මගේ ලඟට පැමිණ අවසර හාමුදුරුවනේ දැන් වලව්වට වැඩියනම් හොඳයි නේද පවසා කෝරලේ මහත්තයාව රැගෙන වලව්ව කර පැමිණියා දුක තමයි රන්ජනී.... එනකල්ම ඇස්වහ කටවහ යන්න දෙහි කප කප තම මූ ආවේ. සියලු රෝග නිවාරණයි කියල එදා ඉඳන් මගේ නිවාඩුව ඉවර වෙනකල්ම මට තනියම එලියට බහින්න නම් දුන්නේ නෑ. තනි වේවි කියන බයට වෙන්න ඇති. එයින් පස්සේ කෝරලේ මහත්තයට අයව හමු උනේ 2009 දී නමුත් එතකොට පමා වැඩියි ඇය පමා වැඩියි. මගෙ මායියා මට මනාපේ දීලනේ තිබුනේ දැන් නම් මලත් මයියාගෙන් පිට ලියුම් ගන්නේ නෑ  By the way මම කිව්වේ එක තම අවසන් ලියුමත් කියල මොකද ඊට පස්සේ ඉතින් ඊ මේල් ෆේස් බුක් එහෙම ආවනේ අවසාන වශයෙන් කියන්න ඕනේ මේක මට ලියන්නන හිතුනේ මගෙ මිත්‍ර දමියගේ ඉල්ලීමක් මත මම සහ අපේ සෙට් එකේ අනෙක් උන් මුහුණ දුන්නු ඉල ඇදෙන සිදුවීම් කීපයක් ඉදිරියේදීත් ලියන්න බලාපොරොත්තු වෙනවා ඒ නිසා මේකට ඔයාලගේ comments  ගොඩක් වටිනවා නම් මන:කල්පිතයි

Saturday 9 June 2012

සදාකාලික රහසක් වූ පිටසක්වල ජීවින් අරක්ගත් ඇට්ලන්ටිස් ශිෂ්ටාචාරය

පුරාණයේ පෘථිවිය මත ස්වර්ණමය කාල පරිච්ජේදයක් ගත කිරීමෙන් අනතුරුව සඳහටම විනාශ වී ගිය නැතහොත් අබිරහස්මය ලෙස වැළලී ගිය 
ශිෂ්ටාචාර අතරින් අග්‍රස්ථානයේ වැජඹෙනුයේ ඇට්ලන්ටිස්ශිෂ්ටාචාරයයි. පිළිගත හැකි භෞතික සාක්ෂි හමුනොවීමත්, ඊට පරස්පර විරෝධී ලෙස පුරාණ දාර්ශනිකයන් විසින් එබන්දක් පැවැති බවට කර ඇති ප්‍රකාශයන් නිසාත් ඇට්ලන්ටිස් ශිෂ්ටාචාරය හුදු ජනප්‍රවාදයක්ද, මිථ්‍යාවක්ද නැතහොත් යථාර්ථයක් ද යන්න තවමත් ලොවට අබිරහසක්ව පවතියි. 
ඇට්ලන්ටිස් ශිෂ්ටාචාරය පිළිබඳව මුලින්ම ලිඛිත සාක්ෂි හමුවනුයේ ප්‍ලේටෝගේ හා ප්‍ලේටෝගේ සීයා වූ ක්‍රීටේෂස්ගේ දෙබස් ඇසුරෙනි. එය ප්‍ලේටෝ සිටි කාලයට වසර නවදහසකට පෙරදී සුනාමියකින් හෝ භූමිකම්පාවකින් විනාශ වී යන ලද්දක් බව ඔවුහු සඳහන් කරති. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශ්‍රී විභූතිමත් සමුද්‍රගාමි ශිෂ්ටාචාරයක් වූ ඇට්ලන්ටිස්එකල පැවති සෙසු සියලුම ශිෂ්ටාචාරයන් තම අණසකට ගැනීමට තරම් ප්‍රබල වුවකි. අත්ලාන්තික් (ඒබතචඥදබඪජ) සාගරයේ පිහිටි, මෙම ශිෂ්ටාචාරය 'ඇට්ලන්ටිස්' යන නම  ලබාගෙන තිබුණේ සාගර පත්ලට අධිපති ඇට්ලස්දෙවියන්ගේ නම ආශිර්වාදයක් ලෙස සලකමිනි. මුල්ම ඇට්ලන්ටිස් ආදිවාසීන් ලෙස සැලකෙනුයේ මීට වසර පනස්දහසකට පමණ හෝ ඊට පෙර පෘථිවියට බට කිසියම් පිටසක්වල ජීවි විශේෂයකි. (ලිරියන් සෞරග්‍රහ මණ්ඩලයෙන් පැමිණි අයවලුන් ලෙස සැලකේ) මොවුන්  'එලොහිම්' නොහොත් 'අනුන්කායි' ලෙස හැඳින්වුණු අතර වසර අටසීයක ආයු කාලයකට හිමිකම් කියුවෝ වෙති.
(මොවුන් පිළිබඳව සැඟවුණු  වක්‍ර තොරතුරු බයිබලයේ උත්පත්ති ‍පොතේ ඇතුළත් වන අතර යෝධයන් ලෙස හඳුන්වා ඇත්තේ මෙම ඇට්ලන්ටිස් ආදිවාසීන්ය.)
ඇතැම් ජනප්‍රවාදයන්ගේ ටයිමන්වරු ලෙස ද හැඳින්වෙන අඩි 8-12 දක්වා උස්වූ මෙබඳු මනුෂ්‍ය කොට්ඨාසයක් ජීවත් වූ බවට තහවුරු කෙරෙන්නේ මෙබඳු යෝධ අස්ථි සැකිලි දුසිමක් පමණ කැණීම් හරහා මතුකර ගැනීමට හැකි වී ඇති නිසාය. ඒ පමණක්ද නොව මෙම ඇට්ලන්ටිස් ආදිවාසීන් සතු වූ සුපිරි   තාක්ෂණයද වත්මන් විද්‍යාව තුළින් පැහැදිලිි කළ නොහැකි අන්දමේ සුපිරි අධිස්වාභාවික එකක් ලෙස පිළිගැනීමට ඕනෑතරම් සාධක ඇත. කාලගුණය පවා පාලනය කිරීමේ හැකියාව මෙන්ම භෞමික ක්‍රියාකාරකම් (උදා:- ගිනිකඳු පිහිටීම්) ද තමන්ට රිසිසේ පර්යේෂාණාත්මක කටයුතු සඳහා යොදා ගැනීමේ අධිමානසික හැකියාවක් මෙම ඇට්ලන්ටිස් සතු වූ බව කියැවේ. එමෙන්ම ඔවුන්ට පළිඟු (ඛිපරඵබචතඵ) පිළිබඳව පෘථුල දැනුමක් තිබූ අතර, අවසානයේදී මෙම ශිෂ්ටාචාරය මුළුමනින්ම විනාශ වී යාමට පදනම සපයන ලද්දේ ද සීමාව ඉක්ම වූ පළිඟු භාවිතය බව කියැවේ.
ඔවුහු පළිඟු සතු වූ අද්විතීය වර්තන හැකියාව, විස්තාරය හා ගබඩාකර ගැනීමේ හැකියාව පුළුල් පරාසයක් ඔස්සේ භාවිතකරන ලදී. ශක්තිය ගබඩා කර ගැනීමටත්, සම්ප්‍රේෂණය කිරීමටත් තීව්‍රතාව පාලනය කිරීමටත්, පමණක් නොව  කිසියම් ශක්තියක් ඉතා දුරින් පිහිටි වෙනත් එබඳුම ආකාරයේ ග්‍රාහකයක් වෙත සම්ප්‍රේෂණය කිරීමටත් පළිඟු සතු හැකියාව අසීමිත ලෙස යොදාගත් මනුෂ්‍ය වර්ගයක් වෙතොත් ඒ පුරාණ ඇට්ලන්ටිස්වරුන්ය. ඒ බව තහවුරු කෙරෙන සාක්ෂි අදටද පෘථිවියේ විවිධ භෞමික ස්ථානවලින් සොයා ගනු ලැබෙයි. ඔවුන්ගේ විස්මිත නිමැවුම් වූ පිරමීඩ අතර ශක්තිය සම්ප්‍රේෂණ කරමින්, අවශ්‍ය පරිදි ශක්තිය මුදා හැරීම සිදුකරන ලද්දේද අඩි විසිපහක් පමණ උස් වූ ස්වාභාවික පළිඟු ආධාරයෙනි. විවිධාකාරයෙන් වර්ණ ගැන් වූ රතු, නිල්, රෝස, කහ , කළු පැහැති පළිඟු ආධාරයෙන්, රෝග නිවාරණය, අධිමානසික හැකියා වර්ධය, බල උත්පාදනය , ද්‍රව්‍ය ප්‍රවාහනය, අවකාශය තුළ ද්‍රව්‍ය අතුරුදන් කිරීම නැවත නැවත පුනර්ජනනය වෙමින් වසර සිය ගණනක් ජීවත් වීමේ හැකියාව හා අපට සිතාගත නොහැකි තරම් වේගයෙන් ගමන්කිරීම යානාදි එකී මෙකී නොකී සියලුම විශ්වකර්ම ක්‍රියා සිදුකිරීමට පුරාණ ඇට්ලන්ටීයවරුන් හසළ නිපුණයෝ වූහ.
නමුත් අවසානයේදී බල කාමයෙන් මුසපත් ඇට්ලන්ටීයවරුන්ගේ අතට පත් වූ පළිඟු බලය නිසා බලසම්පන්න ශිෂ්ටාචාරයක නිමාව සටහන් වූයේ, එය සාගර පත්‍ලේ සදහටම මිහිදන් කිරීමට කටයුතු සලස්වමිනි. අධික සීමාව ඉක්මවන ලෙස සුසර කරන පළිඟු නිසා යමහල් ක්‍රියාකාරී වී කඳු පර්වත දිය වී ඇට්ලන්ටීය ජනාවාසය සාගර පත්ලට ගිලා බසින ලද අතර මේ ෙදෙවෝපගත මොහොතේ සිදු වූ විනාශකාරී සංසිද්ධිය නිසා පෘථිවියේ සිරස් අක්ෂයද අද පවතින ආකාරයට 23 1/2 න් ආනත වූ බවට පිළිගැනීමක්ද වේ. මේවා හුදෙක් ජනප්‍රවාද හා මිථ්‍යා මත ලෙස බැහැර කළ නොහැක්කේ අද සිටින අපට සිතාගත නොහැකි තරම් බලසම්පන්න ජීවීන් කොටසකට පෘථීවිය කලකදී නිවහන වූ බවට ඇති භෞතික සාක්ෂි නිසාය.
උදාහරණයක් වශයෙන් අද බොහෝ ගුප්ත මතයන්ට පදනම සපයමින් සදාකාලික අබිරහසක් බවට පත්ව ඇති බර්මියුඩා ත්‍රිකෝණයේ සිදුවන ගුප්ත අතුරුදහන් වීම්වලට හේතුව වනුයේද, ඒ ප්‍රදේශයේ මුහුදේ පත්‍ලේ සැඟ වී පවතින ඇට්ලන්ටිස්
ශිෂ්ටාචාරයේ නටඹුන් විශේෂයෙන් පළිඟු නිසා බව කියවේ. මේ පළිඟු සතුව වස්තූන් අතුරුදන් කිරීමේ ගුප්ත බලයක් තිබිම මීට හේතුව වී තිබේ.
බැලු බැල්මට විශ්වාසයට ගත නොහැකි  මෙබඳු පුරාවෘතයන් හුදෙක්  මිථ්‍යා මත ලෙස බැහැර කිරීමට නොහැකි වී ඇත්තේ එබඳු දියුණු ජන කොට්ඨාසයක් ජීවත් වූ බවටත්, ඔවුන් අදින් වසර දහස් ගණනකට පෙරදී මුහුදු පත්‍ලේ සැඟ වී ගිය බවටත් ලැබි ඇති පුරාවිද්‍යාත්මක සාක්ෂි නිසාවෙනි. මින් වඩාත් ම ස්ථීරසාර සාක්ෂි සපයන ලද්දේ 1973 මැක්සින් ඈෂර් ගේ ප්‍රධානත්වයෙන් මුහුදු පත්‍ලේ සිදු කරන ලද ඇට්ලන්ටිස් ගවේෂණයයි. විද්‍යාඥයන් හැත්තෑදෙනෙකුන්ගේද, ගුරුවරුන් හා ගවේෂකයන්ගෙන්ද සමත්විත වූ මෙම කණ්ඩායම් ස්කූබා කිමිදුම්කරුවන්ට හමු වූ නටඹුන් අතර, ගඩොල් ඇතිරූ මහා මාර්ග, විශාල කුලුනු, ඒක කේන්ද්‍රීය, සර්පිලාකාර මෝස්තර, පිරමීඩ, ගෝල, ඇළ මාර්ග, ආදිය සොයා ගැනීමට ලැබූණේ වැළලීගිය දියුණු ශිෂ්ටාචාරයක සභ්‍යත්වය මොනවට විදහා දක්වමිනි.
මෙහි ඇති සත්‍යතාව තවත් තහවුරු වන්නේ එම නටඹුන් ග්‍රීක දාර්ශනික ප්‍ලේටෝ විසින් විස්තර කර ඇති ස්ථානවලින්ම හමු වීමයි.
පහත දැක්වෙනුයේ ඇට්ලන්ටිස්වරුන් සිටි බව තහවුරු කිරීමට සොයාගන්නා ලද සාක්ෂිවලින් අල්පයකි. 
1970 දී ආචාර්ය රේ බ්‍රවුන් විසින් බහාමාස්වලින් එපිට වූ සාගර පත්ලෙන් සොයා ගනු ලැබූ පිරමීඩයක් තුළ තිබි හුරුබුහුටි පිරමීඩ ඇතුළත රඳවා තිබූ අත්භූත පළිඟුවක් රැගත් ප්‍රතිමාවක් සොයා ගන්නා ලදී.  විශ්‍ලේෂණය සඳහා ෆ්ලොරීඩාවට ගෙන එන ලැබූ මෙම පළිඟුවෙන් අනාවරණය වූයේ එය සතුව ශක්තිය විස්තාරණය කිරීමේ අපූරු හැකියාවක් පවතින බවයි.
• 1960 දී බිනිනි දිවයිනෙන් එපිටදීත්, බහාමාස් හා මොරොක්කෝ රටවල් ආශ්‍රිත මුහුදු පත්ලෙනුත්
ශිෂ්ටාචාරයක බවට සැකකළ හැකි වීදී, ගොඩනැගිලි වැනි නටඹුන් සොයා ගන්නා ලදී.
මධ්‍යම අත්ලාන්තික් සාගරයේ අඩි දසදහසක් ගැඹුරින් කාමර එකොළහකින් යුතු පළිඟු පියස්සකින් යුතු වූ පිරමීඩයක් සොයා ගන්නා ලදී.
1977 දී බහාමාස්හි කේසාල්ප්‍රදේශයෙන් එපිට වූ සාගර තලයේ අඩි එකසිය පනහක් ගැඹුරින් අඩි හයසිය පනහක් උස් වූ පිරමීඩයක් සොයාගන්නා ලදී. මෙහි ඇති අත්භූතමය චමත්කාරය වූයේ ගැඹුරු සාගර පත්‍ලේ නිබඳව පවතින අඳුරු ස්වාභාවය වෙනුවට, පිරමීඩය වටාත් ඒ තුළින් ගලාගෙන යන ජලයත් දීප්තිමත් අලෝකයකින් අලෝකමත් වී තිබිමය.
පෘතුගාලයෙන් සැතපුම් හාරසියක් ඔබ්බෙන් පිහිටි ගිලීගිය නගරයක් සෝවියට් රුසියානු බෝරිස් ඇස් ටුරාවුවිසින් මෙහෙය වූ ගවේෂණ කණ්ඩායම විසින් සොයාගන්නා ලද අතර එහි තිබි අසීමිත වූ ශක්තිමත් කොන්ක්‍රීට් හා ප්ලාස්ටික්වලින් නිර්මිත ගොඩනැගිලි සොයාගන්නා ලදී.එහිදී හමුවූ විදීවලින් අනාවරණය වූයේ භාණ්ඩ ප්‍රවාහනය සඳහා තනි පීල්‍ලේ රේල්ලු භාවිතාකොට ඇති බවකි.
මීට අමතරව ඇට්ලන්ටිස්නම් වූ සුපිරි
ශිෂ්ටාචාරයක් කලක දී පෘථිවියේ බලපරාක්‍රමය විහිදුවමින් සිටි බවයි. විවිධ වූ පෞරාණික ලිඛිත සාක්ෂි ද එමටය.
ඒ හැමකින්ම ඔප්පු වනුයේ ඇට්ලන්ටිස් නම් වූ
ශිෂ්ටාචාරය ජනප්‍රවාදයක් පමණක් නොවන බවයි.
ශිෂ්ටාචාරය කෙතරම් දියුණු වුවද එහි විසුවෝ පිටසක්වල ජීවීන් වුවද, එබඳු ස්වර්ණමය යුගයක නිමාව සනිටුහන් වූයේ බලයට ගිජු වීමත්, බල කාමයෙන් මත් වීමත් නිසා යන්න වත්මන් අපටද ‍පොදු සර්වකාලීන ධර්මතාවක් බව අමුතුවෙන් කිව යුතු නැත.
පුරාණයේ පෘථිවිය මත ස්වර්ණමය කාල පරිච්ජේදයක් ගත කිරීමෙන් අනතුරුව සඳහටම විනාශ වී ගිය නැතහොත් අබිරහස්මය ලෙස වැළලී ගිය 
ශිෂ්ටාචාර අතරින් අග්‍රස්ථානයේ වැජඹෙනුයේ ඇට්ලන්ටිස් 
ශිෂ්ටාචාරයයි. පිළිගත හැකි භෞතික සාක්ෂි හමුනොවීමත්, ඊට පරස්පර විරෝධී ලෙස පුරාණ දාර්ශනිකයන් විසින් එබන්දක් පැවැති බවට කර ඇති ප්‍රකාශයන් නිසාත් ඇට්ලන්ටිස් ශිෂ්ටාචාරය හුදු ජනප්‍රවාදයක්ද, මිථ්‍යාවක්ද නැතහොත් යථාර්ථයක් ද යන්න තවමත් ලොවට අබිරහසක්ව පවතියි.

Related Posts Plugin for WordPress, Blogger...