Sunday, 10 June 2012
කෝරලේ මහත්තයට පෙම් හසුනක්
ඔන්න අද මම ඔයාලට කියන්න යන්නේ ජීවිතේ පලවෙනි වතාවට සහ අන්තිම වතාවට කෝරලේ මහත්තයට ලියුම් කඩදාසියක් හම්බ වෙච්ච තාලේ. කාගෙන්ද අහන්නේ ලලනාවකගෙන් මෙයා ලලනාවකගෙන්. මේක ලියන්න කලින් මගේ මායියව පොඩ්ඩක් දැනුවත් කලේ නැත්නම් අද මට කන්න වෙන්නේ වලව්වේ බත් නෙවෙයි පොළොවේ පස්.
කාල වකවානුව මතකේ හැටියටනම් 2004 වෙන්න ඕනේ ඔව් ඔව් අර සුනාමියක් ආවේ ආන්න ඒ කාලේ තමා කෝරලේ මහත්මයා තමන්ගේ දෙසැම්බර් නිවාඩුව ගතකිරීමට තමුන්ගේ ලොකු මාමලාගේ ගෙදර අම්බලන්ගොඩට ගියා. මූදු වෙරල අයිනෙමයි සුන්දර වට පිටාව මම ආව නිසා පොඩි මාමගේ දූවරු දෙන්නත් (ඒ කිව්වේ මගේ අතිජාත නෑනලා) මෙහෙට ආවා එක්කෙනෙක්ට අපි සෙලා කියමු අනෙකා ලකී ඇත්ත නම් දැම්මොත් මට ලංකාවට බහින්න කලින් ගාඩ් එකට army එකට එවිත් ඉන්න කියන්න වෙයි කටුනායක ඔය කාලේ වෙනකොට සෙලා පොඩි පහේ පෙම් පලහිලව්වක පට ලැවිල උන්නේ මේක ගෙදරින් දැනගෙන CID වැඩේ කොරන්න බාර දුන්නේ මට තමා. ඒ කිව්වේ class යනකොට මුරකරන්න එතකොට සෙලා 8 වසරේ මම 10 වසරේ මම ගියාම ලොකු මාම මට අරන් දුන්න මුන්ටන් බයික් එකේ නැගල මමත් යනවා තනියම නෙවෙයි මගේ හොඳ බ්‍රැකට් එකක් ඉන්නවා හෂාන් කියල ඌත් එක්ක තමා ගියේ ඉංග්ලිෂ් class දවසට 20 ගානේ දීල අයියෝ සල්ලි......... C for cat, B for ball මොනා කරන්නද නෑනලා හැදුවේ මාමල, දුක් විඳින්නේ මේ අසරණ මම. ඔහොම සතියක් විතර යනකොට class එක ඉවර වෙලා ගැල්ලමයි කෂ්ටිය ඉස්සරහින් යනවා අපි පොඩ්ඩක් පස්සට වෙන්න නිරීක්ෂණය කරමින් යනවා. එක දවසක් ඔය සෙට් සෙට් යන ගැල්ලමයි ගෙන් අපි pass කරනවත් එක්කම කියනවා ඇහුන අරයන්නේ සෙලාගේ අයිය නේද කියල මමත් නිකන් slow මෝෂන් හැරිලා බැලුව කටහඬ ආව දිහා කිරි හෆ්ෆේ මේ ඉන්නේ හොටු කෙලි පැටව් ටිකක්. ( එහෙම කිව්වේ මම එතකොට අවුරුදු දෙකක් මුන්ට වඩා වැඩිමහල් නේ) දකලනම් පුරුදු නෑ ලාවට හිනාවීගෙන අපිත් එන්න ආව. කෝරලේ මහත්තයා දන්නේ නැති උනාට මිනිස්සු කෝරලේ මහත්තයව දන්නවනේ හික්..... හික්..... හික්.
ඔන්න ඒ සිදුවීමට සතියකට පස්සේ මට සෙලාලව මග ඇරුන. මමත් ඉතින් ඔරේ රන් එකේ බයික් එක පැදගෙන යනවා මුන්ව හොයන්න නැත්නම් මටනේ කිරි ටොපිය හම්බ වෙන්නේ ගෙදරින්.
ස්.....ස්....ස්... මම බැලුව නයෙක්වත්ද කියල.. කළු මහත තාර පීප්පයක් වගේ සුන්දර යෞවනියක් පැමිණ අයියේ මනෝරි මෙන්න මේක ඔයාට දෙන්න කිව්වා කියල 45 සැරයක් විතර නවපු කොළ කැල්ලක් මගේ අතේ තියල යන්න ගියා. ඒකේ ලියල තිබුන දේ 1000 වාරයක් විතර කියවලත් මට click උනේ නෑ.
........ අයියේ මම ඔයාට කැමතියි හෙට මාව හම්බ වෙන්න...........
එදා රෑ ගෙදර ගිහිල්ලත් කල්පනාකලා පහුවෙනිදා හොරෙන්ම මම ගියා සඳහන් කරලා තිබුණු තැනට.බැලුව වට පිට ටිකක් එහාට වෙන්න ඉන්නවා ගැහැණු පරානයක් පොඩ්ඩක් ලඟට කිට්ටු කරලා බැලුව කවුද දන්නේ මොහිනීද කියල දවල් 10 විතර නිසා වෙලාව ඒ පිළිබඳවත් ගැටළුවක් තිබුණා හික් හික් හික් මේ ඉන්නේ බැබලි බැබලි ..... මට දැකල හුරු පුරුදු ගතියක් නම් නෑ නමුත් මම හිමිහිට කිට්ටු කරලා ඇහුව නංගි ඔයාද මනෝරි කියන්නේ? ඔව් අයිය නේද දිනාන්? ඔව් ( හතිලව්වේ මේ දරුවා මගෙන් නම දැන දැනත් අහනවනේ කියල මට හිතුනා ) නංගි ඉතින් ඔයා තව මොනාද දන්නේ මගේ ගැන? අයියල ඉන්නේ රට, මේ නිවාඩු ඇවිත් ඉන්නේ. අයියගේ අම්ම මෙයා, මාමා මෙයා, අනේ....... ගුහා මෑණියන්ට ඔප්පුවෙන්න කියල මගේ වලව් පලන්තියම දිග ඇරිය නොවැ මේ දැරිවි. ඔහොම ඉතින් ආරම්භ උන ඉලව් ස්ටෝරි එක ගලා ගලා බසිනවා. නිකන් කැළණි ගඟෙන් මහා මුහුදට ගලනවා වාගේ. සතියකට විතර පස්සේ දවසක් මෙහෙම Love එක පාර දිගේ එල එල යන ගමනේදී........... වැටුන නේද හෙනහුරා හිඟන්නාගේ පාත්තරෙත් හිල් කරගෙන. අයියෝ සල්ලිදත් ....... වෙන කවුරුවත් නෙවෙයි. අපේ ලොකු අයියා (ලොකු මාමගේ ලොකු පුතා) සහ පිරිවර මුගේ ගැන පොඩි හැඳින් වීමක් කලොත් මූ වැඩ කරන්නේ (CID ) එකේ ඉස්සරනම් ජොබ් එකට යන්න කලින් හූනෙක් වගේ හුලන්ගටත් ගහගෙන යනවා. මෝටර් සයිකල් වල ගියේ නෑ ගහගෙන යාවි කියල බයට. දැන් නම් පෙරහැරවල් බලන්න යන්නේ නෑ අල්ලලා replace කරයි කියල අලියට. ඔන්න ඉතින් කතාවෙන් පිට පැන්නනේ
මට ගැහුවා බැන්නා තරවටු කලයි කියල හිතාගත්තට මට කොරන්න දෙයක් නැහැ. මට කිව්වේ හොඳ සිංහලෙන් මෙන්න මේ වචන ටික මගේ ලඟට පැමිණ අවසර හාමුදුරුවනේ දැන් වලව්වට වැඩියනම් හොඳයි නේද පවසා කෝරලේ මහත්තයාව රැගෙන වලව්ව කර පැමිණියා දුක තමයි රන්ජනී.... එනකල්ම ඇස්වහ කටවහ යන්න දෙහි කප කප තම මූ ආවේ. සියලු රෝග නිවාරණයි කියල එදා ඉඳන් මගේ නිවාඩුව ඉවර වෙනකල්ම මට තනියම එලියට බහින්න නම් දුන්නේ නෑ. තනි වේවි කියන බයට වෙන්න ඇති. එයින් පස්සේ කෝරලේ මහත්තයට අයව හමු උනේ 2009 දී නමුත් එතකොට පමා වැඩියි ඇය පමා වැඩියි. මගෙ මායියා මට මනාපේ දීලනේ තිබුනේ දැන් නම් මලත් මයියාගෙන් පිට ලියුම් ගන්නේ නෑ By the way මම කිව්වේ එක තම අවසන් ලියුමත් කියල මොකද ඊට පස්සේ ඉතින් ඊ මේල් ෆේස් බුක් එහෙම ආවනේ අවසාන වශයෙන් කියන්න ඕනේ මේක මට ලියන්නන හිතුනේ මගෙ මිත්‍ර දමියගේ ඉල්ලීමක් මත මම සහ අපේ සෙට් එකේ අනෙක් උන් මුහුණ දුන්නු ඉල ඇදෙන සිදුවීම් කීපයක් ඉදිරියේදීත් ලියන්න බලාපොරොත්තු වෙනවා ඒ නිසා මේකට ඔයාලගේ comments ගොඩක් වටිනවා නම් මන:කල්පිතයි
වර්ගීකරණය:
අධ්‍යාපනික,
ආදරකතා,
වැඩිහිටියන්ට පමණයි,
විහිලු තහළු,
සමාජීය
Subscribe to:
Post Comments (Atom)
korale mahaththayage pem hasuna nam kiyawannath asai........thanks.......
ReplyDeleteඅවුලක් එහෙම නෑ නේද සිරාවටම?
Deleteමතක හිටින වැඩ ෙනව... අම්මප මටනං මතක අැති කාෙලක ගෑනු ළමෙයක් ලියුමක් දීල නෑ
ReplyDeleteමටත් ඔය දුන්නමයි දේශක තුමෝ මමත් ෆුල් අන්දොස් උනා මුලින්ම. ඔබතුමාටනම් දෙන්නේ නැත්තේ ඉතින් වයස නිසාවත් කියල හිතන්න බැරියැ.....
Delete