Sunday 18 November 2012

නිරුවත් කරලා ඇඟිලි ගහනවා? (18 වැඩි උන් විතරක් කියවන්න)





හිර ගෙදරට ගෙනයන සිර කරුවන් සියලුම දෙන එකම හෝල් එකක් තුලට ගාල් කරනු ලබන අර එහි සිට එකිනෙකා වශයෙන් එලියට ගෙන සන්තක දෑ සාක්කුවෙ තිබෙනාවූ දේවල් පර්ස්, මුදල් ආදී සියලුම දෑ ඉවත් කොට රේජිස්ටරේට නම ඇතුලත් කොට ප්‍රධාන දොරටුව අසල ඇති සෝදිසි කිරීමේ කාමරය වෙත රැගෙන යන අතර එහි සේවය කරන්නේ ත්‍රිවිද හමුදා නිලධාරීන් වන අතර ඔවුන් රැඳවියන්ගේ සියලුම ඇඳුම් පැළඳුම් ඉවත් කොට සෝදිසි කිරීම් කරනු ලබයි අච්චු කරුවන්ගේ අධෝ මාර්ගයට ඇඟිල්ල පවා ගසා පරීක්ෂා කරනු ලබයි. ඒ අවුන් බංකර් ගැසීම ගැන පළපුරුදු කරුවන් වන බැවිනි. අලුත එන්නාවූ සැකකරුවන්ට එම සැලකිල්ල නැතිවීම ගැන මා දෙවියන්ට අනෙක වරක් පිංදුන්නේ මන්ද යත් යකෝ තියෙනෙත් එකයි. නෝ එන්ට්‍රි එකේ ඇඟිලි ගස්සවාගැනීම මට ආසාවක් නොවූ බැවිනි. එතනින් එලියට ගිය විට සියල්ලන්ම වාට්ටු ක්‍රමයට බෙදනු ලබයි වෙන්කරනු ලබයි. හැම වාට්ටුවකම නායකයෙක් විය වාට්ටුව හැසිරවීමට ජෙලර්ලාට සහය වීම බොහෝ දුරට මොවුන්ගේ රාජකාරිය වෙයි. මොවුත් තමන්ගේ වාට්ටුව තුල රජෙකු මෙන් ජීවත් වෙයි. වාට්ටුවේ එකෙක් බටයක් අදියි නම් ඒ මොහුවෙයි. මොහු වටා සැරිසරන ගෝලයින් පිරිසක්ද සිටින නිසා වාට්ටුව තුල අනෙක් සිරකරුවන් මොහු සමග කටගැසීමට නොයයි. 

අනෙක් මතක් කල යුතු කාරණය නම් සිරගෙය තුල භාවිතා වන වචන කනට මී පැණි වක්කරන්නාක් මෙන් වන්නේය. සිරගෙය තුලදී ඔබට විෂමාකාර චරිත දැකීමට පිළිවන. හුදෙක් අපරාදකරුවන් වැරදි කරුවන් සැක කරුවන් නීතියටය. නමුත් ඔවුන්ටත් කතාවක් ඇත. මා මෙහිදී  කරන්නේ සිරකරුවන් සුද්ද කිරීම නොව හුදෙක් සානුකම්පිතව බැලීමට සහ එය කතිකාවකට ගෙන එමටයි. එහි වූ වයස 60 පමණ සීයා කෙනෙක් වූයෙන් මම ඔහු සමග කතාවට වැටුනෙමි. ඔහුගේ පුතා ලේලිය හා එක්ව ඉඩකඩම් ගෙවල් දොරවල් සියල්ල ඔවුන් නමට ලියවාගෙන මේ අසරණ පියාව එළියේ ගරාජය තුලට දමා ඇත්තෙන් ඔහුට කෑම බීම ටිකවත් හරිහැටි ලබාදෙන්නේ නැති බවයි. දවසේ කුලියක් මලියක් කොට ලබාගන්න වූ ආදායමෙන් පොඩ්ඩක් සප්පායම් වෙන ඔහු බීමත්ව පැමිණ පුතාට හා ලේලියට බැනවැදුණ විට ඔවුන් පොලිසිය කැඳවා ඔහුව සිරගත කල බව පැවසීය. බන්ධනාගාර ගතවීමට හේතු වූයේ රුපියල් දහසේ දඩය ගෙවීමට ගෙදරින් කෙනෙකු පැමිණ නැති බැවිනි.

මා දුටු තවත් විශේෂිත චරිතයක් නම්  මුහුණේ කැපුම් කැළලක් සහිත සෝමපාලය (සැබෑ නම වගේ එකක්) ඔහුගේ වයස 56 කි. ඔහු ජීවිතෙන් අවුරුදු 40ක් පමණ හිරේ ගෙවා ඇතිබව පැවසු විට මා පුදුම විය. මුලින්ම සිදු කරන ලද කුඩා හොරකමකට දඬුවම් වශයෙන් හය මසකට සිරගත කරනු ලැබූ ඔහු නැවත එලියට පැමිණි පසු සමාජයේ සියලු දෙනාම ඔහුව කොන්කරන්නට වූයේ හොරා, හිරේ ගියපු එකා යනුවෙනි. ඔහුට රැකියාවක් ලබාගැනීමට නොහැකි විය ගමේ උන්ද රැකියාවක් නොදුන්නේ හිරේ ගොස් පැමිණි හොර දාමරිකයෙකුට
වත්ත පිටියේ කුලී වැඩක් දෙන්නට කැමති වන්නේ කවුද? එහිදී ඔහුට එම පළාතේ කසිප්පු විකුණන මුදලාලි කෙනෙකු හම්බ විය. මේ තරුණයාගේ අසරණ බව තේරුම් ගත මුදලාලි ඔහුට සරණ වීමට ඔහුට රැකියාවක් ලබා දීමට ඉදිරි පත් විය. ඒ කසිප්පු ප්‍රවාහන කටයුත්තයි. කෙසේ හෝ වරක් කසිප්පු සමග අල්ලාගත් මුදලාලිගේ පවුලේ අයෙකු වෙනුවෙන් සිරගත වීමට මොහුට සිදුවිය. ඒ කසිප්පු ඇද්දේ තමා යයි කියා තමන් පිට වරද පටවාගනිමින්ය. එය ඇසූ මා මවිත වූයේ අනෙකෙකු කල වරදකට තමන් ඉල්ලන් හිරගත වන්නේ මන්ද යනුවෙනි. එයත් එක්තරා ආදායමක් රැකියාවක් බව මා දැනගත්තේ එදාය. ඔහු එතැන් පටන් විවිද පුද්ගලයන් වෙනුවෙන් හිරගත වන්නේ ඉතා ඉහල මුදල් අය කරමිනි. වරද කරු නිදොස් කොට මෙසේ කුලියට හිරගතවී සිටින කාලය තුල ඔහුට ඔහුගේ පවුලට මුදල් ලැබෙන්නේය. (අන්න කරනවා නම් ස්වයං රැකියාව) 

මාද ඔහුගේ වතගොත අසාගත්තේ අනාගතයේදී ප්‍රයෝජනවත් වියහැකි බැවිනි. හිකිස්........ 

ඇතුලේ තිබෙන තවත් මාෆියාවක් නම් ගොටු ඇල්ලීම (......ක දීම කියලත් කියනවා) හැබැයි ජේලර්ලාට. වාට්ටුව භාර ජෙලර්ගේ හිත දිනාගත හැකි වුවහොත් තමන්ගේ තරහ කරුවන්ගේනුත් පලිගැනීමට හැකිය. එවන් දේවල්ද මා දුටුවේ වැලිකඩ තුලදීමය. සැබවින්ම ගතහොත් සිරගෙයක් යනු භාහිර ලොවෙන් වෙන්වුන තවත් ලොවකි එහි ඇතුලත සිදු වන දේවල් පිට ලොවෙන් වෙන්වී පවතින්නේ පිටස්තර ලොවත් සමග එහි ඇති සම්බඳතාවය අඩුබැවිණි. එය මෙලොව තුලම ක්‍රියාත්මක වෙන තවත් ලොවක් බඳු වෙයි. තමන්ගේ කාමරයේ සැප පුටුවක් මතට වී මෙය කියවන ඔබට එහි ඇති කටුක බව වටහා ගැනීම උගහටය. එබැවින් අවසාන වශයෙන් මට කීමට ඇත්තේ "හිරකරුවන් යනු මනුස්සයන්ය" කියන කියමන හිරගේ තාප්පයට පමණක් සීමා නොකොට දාස් ගණන් සිරකරුවන් සිරගෙවල් තුල පුරවා නොගෙන යම් කිසි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ කාලීන අවශ්‍යතාවය ගැන මතක් කරමින් සහ සිරකරුවෙක්, හිරේ ගිහින් ආපු එකෙක් යැයි  සමාජයේ හංවඩු ගැහීමේ ක්‍රමය වෙනස් කළහොත් දීර්ග කාලීනව සිරකරුවන් සිරගත වීමේ ප්‍රවනතාව අඩු වීමක් සිදුවිය හැක. මක් නිසාද යත් ඔයාල සමහර විට අහල ඇති කතාවක් එකසැරයක් හිරේ ගිය එකෙක්ට තවසැරයක් යනවා කියන්නේ නතින් කියන එක. මොකද පලවෙනි සැරේ හිරේට යන්න කලින් බයක් තියෙනවා කුතුහලාත්මක බයක් හිරේ මොනවගේද කියන්න දන්නේ නැති නිසා ගිහින් ආවට පස්සේ ඒක නැතිවෙනවා. 



ඔන්න කෝරලේ මහත්තයට හිරේ යන්න උන විදිය.


කට්ටියටම මතක ඇතිනේ බනීගේ මාමලව.......... ඉතින් මේ අය කරපු කෙනෙහිලි කම්වලට පිළිතුරු දෙන්නත් මට මට වාරයක් ලැබුනා. ගිය දෙසැම්බරයේ බනියාගේ දැඩි ඉල්ලීම මත ලංකාවට පැමිණියේ මේ පාරනම් පොඩි ට්‍රිප් දෙකතුනක් ගොස් ඇති තරම් සතුටු වෙනවා කියාය. මොකද අපි ලංකාවට බහින්නේ නිකම් ගෙදරට වෙලා ඉන්න නෙවෙයිනේ පුරා වසරක් උපන් රටින් සැතපුම් දහස් ගණනක් දුර ඉඳන් රැකියාව කොට ලැබෙන්නාවූ මසක නිවාඩු කාලය විදේශ රැකියාවක නියතු වූවෙකුට මහමෙරක් වගේ. මගේ ලොකු ආසාවක් තිබුන සිරීපාදේ යන්න දෙයියන්ගේ පිහිටෙන් එකත් කරගත්තා. අනෙක තමයි පොඩි වාහන කටුවක් අරගන්න එක මොකද පසුගිය වතාවන් වල අපි ගිය ට්‍රිප් බස් වල ගියත් බනියාට එසේ යාමට නොහැකි ඇයගේ අසනීප තත්වය නිසාවෙනි. නමුත් මේ වාහනය නිවසට පැමිණි පසු සතුරනුත් මිතුරන් වූයේ (මගේ නොව) හැමටම හොරාය. මේ පිළිබඳව කියන්නට සිදුවන්නේ කතාවට එන්ටර් වෙන්නට පොටක් පාදගන්නටය.

නිතර දෙවේලේ ඔවුන් අප නිවසට පැමිණීම ගැන මා සිතේ කිසිම මනාපයක් තිබුනේ නැත නමුත් බනියාගේ නෑදෑකම මත මට විරුද්ධ  වීමටද නොහැක. අනෙක නිවසට ආ අයෙක් එලියට දැමීම අප සිංහල ගතිසිරිත් වලට පටහැනි බැවිනි. දිනක් බලලා මල්ලෙන් එලියට පැන්නේ. දුවේ දැන් මේ ළමයා රට ගියාම වාහනේ නිකන් දිරල යනවා තමන්ගේ කෙනෙක්ට දුන්නොත් හොඳට බලාගනීවි යනුවෙනි. එදින හවස හැරාට කෝල් එකක් දුන් මා එන ලෙස පැවසුවේය. රාත්‍රී කෑම වෙලාවේදීද අර කතාවම නැවත ඇදුනු විට සියලු දෙනාම ඉදිරිපිට මම කිව්වේ අනේ මේ ඉන්නේ අපේ හැරා එයා සම්පූර්ණයෙන්ම මගේ වාහනේ බලාගනීවි යනුවෙනි. කතාව එතනින් ඉවර උනත් වැදෙන්න ඕනේ තැනට වැදුන විත්තිය නම් සියලුම දෙනාට තේරුණේය.

ඔවුන්ගේ ළමයින් පාසල් නිවාඩුව ගතකලේ අප නිවසේ බැවින් ඔවුන්ගේ පාසල් කාලය නැවත ආරම්භ වූ නිසා නැවත ගෙවල් වලට ඇරලීමට අපි කළුතර බල පිටත් වූයෙමු. මේ ගමනට මමයි බනියි සිඟයි, බනියාගේ අම්මගේ පුංචි අම්මගේ පුතෙකුත් (තවත් මාමා කෙනෙක්) සහභාගී විය. උදේ පිටත් වූවත් වාහනයේ ඇතිවූ දෝෂයක් මත අප එහි යනවිට දහවල් 1ට පමණ ඇත ඔවුන්ගේ මිදුලේ වාහනය නතරකල මා සිඟාලගේ නිවස වූ අල්ලපු ගෙදරට ගියේ වතුර බීමටයි. මා පෙරසිටම ඔවුන්ගේ නිවසින් වතුරවත් නොබොන බවට සපත කර ඇති බැවින් එහෙන් වතුරවත් බීමට නොහැක. හයියෙන් කෑගහ ගන්න ශබ්දයක් ඇසී බලන විට බනීගේ මීමා ඇයට බැනවදිමින් අයව ගෙදරින් එලිට තල්ලු කරමින් සිටියේය. ඔවුන්ට ප්‍රශ්නය වූයේ අප දෙපැයක් පමණ පරක්කු වූන එකය. එහි හරිවැරැද්ද තේරුම් කිරීමට ගිය බනියාට ඔවුන් පහර දීමට වූයේ ඇයගේ අසනීප තත්වයවත් නොසිතාය. එවිට මා එය නවත්වන ලෙස කී විට. ආ......... උඹ ලොක්කෙක්ද තව ගහනවා මොනාද කරන්නේ?????????

මගේ මේ බ්ලොග් එක කියවන ඔයාල දන්නවා ඇති මම මහත්මා ඝාන්ධි න්‍යාය අනුගමනය කරන කෙනෙක් කියල. එවිටත් මගේ ඉවසීමේ රතු කට්ට පැන තිබිණ. අනෙක මෙතෙක් දුක් කරදර විඳ ලබාගත් මගේ ආදරණීය බිරිඳට පහරදෙනු ඉවසා සිටීමට නොහැකි විය. එතන බිම වැටි තිබු පොල් ගෙඩියක් ගෙන එල්ලය බලා මීමාගේ ඔලුවට පහර දී හිතේ තිබු තරහ යන තෙක් ඇති තරම් නෙලුවේය. ඔහුගේ උදව්වට ආ අනෙකාටද එලෙසම සලකා යනන්ට යනවිට නැවතත් කුනුහර්ප කියමින් බනින්නට විය. නැවත පහරදුනහොත් මේ යකා මිය යාවියයි සැකයක් මට විය මක් නිසාද යත් ඒවිටත් ඔහුට සුළුදිය පහව ගොස් තිබු බැවිනි. 



එතන වූ දම්රෝ පුටුවක් ගෙන එයින් දමා ගැසුවත් එය ඔහුට නොවැදී බිත්තියෙහි වැදී කැඩීගියේය.එමින් ගමන් සිඟා කීවේ කාගෙන් නැතත් මුන් මගෙන් පාඩමක් ඉගන ගන්නට ඇතිබවය. මක් නිසාද යත් මෙම පවුලට සම්බන්ද වෙන්නාවු හැම බෑනෙකුටම සිදුව ඇත්තේ මොවුන්ගේ පයට පෑගී, ගසන්නාවූ පදේට නැටීමටය. නමුත් මා එයට සූදානම් නැත.

මගක් දුර ආපසු සිතට දැනුනු අදිසි සිතුවිල්ලක් මත මා චමියාට කීවේ පොලිසියට ගොස් මේ පිළිබඳව පැමිණිලි කෙරුවොත් හොඳයි නේද මාමේ යනුවෙනි. එවිට ඔවුන් කීවේ එය අනවශ්‍ය බවයි. බනියාගේ කකුල ඉදිමී ඇත්තේ තල්ලු කරන විට ඇඹරි ගොස් හෝ යම් කිසි එවැනි දෙයක් හේතුවෙනි. එය දකින විට මට නැවත ගොස් ගහන්නට තරම් කේන්තියක් හිතට දැනෙයි. කෙසේ හෝ එදින බ්‍රහස්පතින්දා දිනයක් වූ බව සඳහන් කල යුතුය. සිකුරාදා අප චමියාගේ ගෙදර ගියේ ඔහුගේ මවගේ දානයේ වැඩකටයුතු සිදු කිරීමටය. ඒ ගොස් පැමිණෙන විට අප නිවසට යාබද නිවසේ ඇන්ටි කෝල්කොට පැවසුවේ පොලිසියෙන් පැමිණ මා සෙවූ බවත් පැමිණි විගස පොලිසියට පැමිණෙන ලෙස දන්වා ගිය බවය. වැඩේ පත්තු වී ඇති බව අපිට තේරුනේ එවිටය. මා කළුතර පොලිසියට ගොස් භාරවීමට අදහස් කලත් බනියා චමියා සිඟා හැරා යන සියලුම දෙනා එයට විරුද්ධ වූ බැවින් එයට එහා දෙයක් ගැන මට සිතාගත නොහැකි විය.

පසුදින උදයේ නිවසට පැමිණි අතුරුගිරිය පොලිසියේ පොලිස් නිලධාරීන් මාව රැගෙන ගියේ කට උත්තරයක් ගැනීමට යනවා යනුවෙනි. නමුත් එතනට ගිය විට ඔවුන් පැවසුවේ මා හට වරෙන්තු නිකුත් වී ඇති බැවින් මා උසාවිය මාර්ගයෙන් බන්ධනාගාර ගත කිරීමට සිදුවෙන බවයි. කෙසේ නමුත් පැය භාගයක් යාමට පෙර අපේ සෙට් එකම එතනට විත් මා එලියට ගත හැකි ක්‍රමයක් සොයන්නට විය. කෙසේ නමුත් මට පොලිස් කුඩුව තුල නොරැඳී එලියට වී සිටීමට හැකියාව ලැබිණ. එදින සෙනසුරාද දිනක් බැවින් ඊට පසුදිනත් එහි රඳවා සඳුදා කඩුවෙල මහාධිකරණයට ඉදිරිපත් කල පසු ඇප ලබා දීම ප්‍රතික්ෂේප උනේ නඩුව ඇත්තේ කළුතර උසාවියේ බැවින් එහි ගොස් නිරාකරණය කරගන්න ලෙසයි. එදින සවස සියලුම අපරාධ කාරයන් සමග මාංචු ලා බන්ධනාගාර බසයට දමා පිස්සන් කොටුව හරහා වැලිකඩ බන්ධනාගාරයට ගෙනගියේය.



ඔන්න මගේ සිරගෙදර ජීවිතය ඇරඹුන හැටි එදින රාත්‍රී මා හට නින්දක් නොවූයේ යකෝ කවුද හිතුවේ හිරේ යන්න මේ වෙලා තියෙන දේ වත් මට හිතාගැනීමට නොහැකි බැවින් සියල්ල අවුල් ජාලාවක් විය. පසුදිනද නැවත කඩුවෙල උසාවියට රැගෙන ගිය මා. එතනින් කළුතරට මාරුකෙරින. එදින රෑ බෝවී ඇති බැවින් පසුදින උදෑසන කලුතර උසාවියට රැගෙන ආ මා හට එදින ඇප ලැබිණ. කෙසේ හෝ එම නඩුවෙන් නිදහස් වීමට ඔවුනට වන්දි ලෙස රුපියල් 7000ක මුදලක් වන්දි ලෙස ගෙවීමට සිදුවිය. යකඩෝ කලින් දන්නවනම් 7000 ට 10000 හරි ගෙවල එලියට එනවනේ. මෙච්චර කට්ටක් කන්න ඕනේ නැහැනේ. එදින හැරා පැමිණ, මලයෝ කොහොමද බං උඹට..... යැයි ඇසූවිට මා පිළිතුරු දුන්නේ අයියේ මට මතක් වෙන්නේ අන්දරේගේ අන්තිම කවිය. දන්නා අය දන්නවා ඇති නමුත් නොදන්නා අයට දැනගන්නත් එක්කලා මම ලියන්නම් කෝ

රිදී කලෙන් රන් කොතලෙන් බීපු මට

නිකන් කලේ පැන් නැතිවිය පිපාසෙට....................

(ඉතිරි දෙපදේ මට මතක නැති බැවින් දන්නා කෙනෙක් වෙතොත් ලියන මේක කාරුණිකව ඉල්ලා සිටිමි).

සිර ගෙදර සංචාරයෙන් පසු පැහැදිලි වෙනසක් මගේ සිදු විය. ඒ ඉක්මන් කෝපය බොහෝ දුරට අඩුවීමයි. මට අවුරුදු විසි ගානක් පුරාවට අඩුකරගැනීමට ක්‍රමයක් නැතිව සිටි කෝපය දැන් නම් එන්නේ නෑවිත්ම බැරි අවස්තාවකය.  සමහර විට එය අඩුවෙන්න මම හිරේ යනකන්ම ඉන්න ඇති. කෙසේ නමුත් හිරේ ගිය එක ගැන මා අදටත් දුක් නොවන්නේ මා එහි නිවැරදි බැවිනි. රුපියල් 7000ක් මට වන්දි ගෙවීමට සිදු වූවත් දුක නැත්තේ අවුරුදු ගණනනක තරහා මා පිට කල බැවිනි. අනෙක් කාරණය බ්‍රහස්පතින්දා හවස වූ රණ්ඩුව සිකුරාදා උසාවිත් දමා අපිට කිසි දැනුම් දීමකින් තොරව වරෙන්තුත් නිකුත් කර ඇති බැවිණි. සමත මණ්ඩල ප්‍රශ්න උසාවි දමා ඇත්තේ මාව හිරකිරීමට බව විනිසුරු වරයාට පවා පැහැදිලි විය ඒ ගැන පොලිසියට අවවාද කල විනිසුරු වරයා පැමිණිලි කරුවන්ට අවවාද කලේ බනියාගේ අසනීප තත්වය මත පහරදීම ගැනය.


දැනටත් මේ ප්‍රශ්නේ ඉවර නැහැ අවස්ථාවක් ආ විගසම උන් මට ගහන්නත් මම උන්ට ගහන්නත් සැරසී සිටින බැවින් කොයි මොහොතේ හෝ නැවත ප්‍රශ්නයක් ඇතිවීමට ඉඩකඩ ඇත. නමුත් මෙවර බොහෝ දුරට යන්නේ සීතල යුද්ධයක්. එනම් මොලයෙන් කරන දේවල් බැවින් වැඩි පාඩුව වන්නේ කාටදැයි අපි බලන් ඉමු. ඔන්න මගේ බ්ලොග් පාඨකයිනි බ්ලොග් ලියන්නනි මා හිත මිතුරනි. සිහින කුමරිය කතාවේ අවසානයේදී මා පොරොන්දු වූ පරිදිම මා හිරේ ගිය හේතුවත් ඒ ආකාරයත් හිරගේ ඇතුලත් විස්තරත් සඳහන් කලෙමි. දාන්නම් කිව්වා ඔන්න දැම්මා  මම ආයේ කිව්වොත් කිව්වා බොලව් කිරිගහට මෝල් ගහෙන් ඇන්නා වගේ තමයි.


(සැලකිය යුතුයි..... ගොඩක් කොටස් කපා හරින ලද්දේ රාජ්‍ය විරෝධී ඒවා බැවින් සුදු වෑන් පැහැරගැනීම් වලට ලක්විය නොහැකි බැවිනි)

102 comments:

  1. මේ පෝස්ට් එක කියෙව්වම මතක් උනේ අපි නිවාඩු දවස්වල කොල්ලෝ සෙට් එකත් එක්ක කැම්පස් එකේ ඇවිදින්න යනවා. ඒ යද්දි බෝගම්බර හිරකාරයෝ කැම්පස් එකේ වත්තේ වැඩ කරනවා.

    උන් සමහර වෙලාවට අපි ගාවට ඇවිත් "මහත්තයා, බුලත්විටක් කන්න රුපියල් 10ක් නැද්ද" කියලා අහනවා. වෙලාවකට කල්පනා වෙන්නේ මුන්ට බුලත් විට ගන්න කඩ කොහෙන්ද කියලා. අපෝ මාර විදිහට මුන් ලොන්තේ දාන්නේ.

    ReplyDelete
    Replies
    1. බුලත් විට කොහොම වෙතත් කුඩුනම් ගහනවා.බුලත් විට අරන් එන්නේ නඩු ගිහින් එන එවුන්.

      Delete
  2. ඔයා මෙහෙ නැනේ..ඉතින් සුදු වැන් වලට බය වෙන්නේ මොකටද?? කොහොම උනත් තරහා යාම අඩු වුන එක නං හොඳයි.අර මිනිස්සුන්ට මානසික ලෙඩක් ඇති,පය දෙකක් පරක්කු වුන කියලා බනීට ගහන්න..මට ගැහුවා නං ඉතින් කැරැල්ලක් තමා...හිකිස්.

    ReplyDelete
    Replies
    1. අනිවා....... ගැහුවේ රණ්ඩුවක් උන්ට ඕනේ නිසා මාව නම්මගන්න ක්‍රමයක් උන් බැලුවේ උන් අදටත් කියන්නේ උන් හිතල නැහැ මම ගහවි කියල. අනිත් එක මගේ ඇඟයි උන්ගේ ඇඟයි බලපුවාම මෝරයි හාල්මැස්සායි වගේනේ.

      Delete
  3. අෆ්ෆා... ලේසියෙන් ලබන්න බැරි අත්දැකීමක්නේ.. අනාගතේ දේශපාලනේ කරන්න හොඳ සුදුසුකමක්

    ReplyDelete
    Replies
    1. අනිවා. දේශපාලනේට මම ගියොත් මගේ චන්දෙවත් නැතිවෙනවා කොල්ලෝ.....

      Delete
  4. උබටත් මාර වෑඩක්නේ වෙලා තියෙන්නෙ .. දන්වත් ටිකක් ඉවසන්න පුරුදු වෙයන්.. ඔය වගේ අවස්තාවක ඉවසගෙන ඉන්න බෑරි විත්තියත් තේරෙනවා..

    ReplyDelete
    Replies
    1. චමි ඒ දේ මචං මම මිනිහා නිසා අත ඇරපන් පිට එකෙක් හිටියත් කරන්නේ මම කල දේම තමයි. අනෙක මගේ කෙල්ල සනීප නැහැ. දැන්නම් මචං පුළුවන් තරම් ඉවසගෙන ඉන්නේ.

      Delete
  5. රිදී කලේ රන් කොතලේ බීපු මට
    නිකම් කලේ පැන් නැතිවිය පිපාසෙට
    කොට්ට මෙට්ට ඇද ඇතිරිලි තිබුන මට
    මෙහෙමත් කල යාද පළු වීර ගස් යට

    උඹ ඉල්ලපු කවිය.....


    යකෝ උඹ හිරේ ගිය එකෙක්ද.. එන්න එපා ආයෙ අපි එක්ක සෙට්ට්වෙන්න එපා හරිය..... හි හි හී

    අඩේ මාර එක්ස්පීරියන්ස් තොගයක්නෙ උබට තියෙන්නේ.. පිස්සු හැදෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔන්න අයියේ හිරේදී වෙච්ච සිද්දි ඉතින් මම අරුන් එක්ක තරහින් ඉන්න එක අසාදාරණද? හත් ඉලව්වේ............... ගැහුවා නේද කාර්ඩ් එක. හිකිස්...........

      Delete
  6. මාරයිනේ! උඹ ගහල නිකන් හිටපු එක ඇති බං. ඒත් ආයෙනම් කලබල වෙන්නෙපා. හිරගෙදර ගැන තවත් තියෙන විස්තර ලියපං මහත්තයෝ..
    //අලුත එන්නාවූ සැකකරුවන්ට එම සැලකිල්ල නැතිවීම ගැන මා දෙවියන්ට අනෙක වරක් පිංදුන්නේ// මේකනම් සැකයි ඈ.. ඇත්ත කියහන් ගැහුවා නේද? හෙහ්.. හෙහ්.. :P

    ReplyDelete
    Replies
    1. හත් උලව්වේ මම වැලිකඩදී බයවෙච්ච එකම තැන එතන විතරයි. මගේ හැටි දැකලද මන්ද එතන හිටියේ වැඩි වයසක අනති කොල්ලෝ සෙට් එකක්. මට එලියට යන්න කිව්වේ. ජාති ජාතිත් පිං දෙනවා බන් උන්ට මම. හිකිස්.......... ලියමු ලියමු ඔයාල කියවනවානම් මම ලියන්නම්.

      Delete
  7. තමන්ගේ වයිෆ්ට ගහනවා දැක්කම මල පනින්නේ නැත්තේ මොකාටද.. ඒත් ආයේ ලංකාවට ආවම ඔය යක්කුත් එක්ක උපරිම ඉවසීමෙන් ඉඳහන් මල්ලි. මේක ඉතින් අපි කියන්න දේකුත් නෑ උඹට තියන අත්දැකීම් එක්ක.
    අර කවිය මෙහෙම නේද..
    "කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි තිබුණු මට
    මෙහෙමත් කල යාද පලු වීර ගස් යට"

    (ඔය කවිය කියල තියන්නේ රජ මාලිගාවේ ඉඳල ආපහු ගමට යන අතර වළවේ ගඟ අයිනේදී මට මතක විදිහට. ඕක කියපු ගමන් අන්දරේ මලා..)

    ආ..ඔන්න කෝරලේ නගා ගේ බ්ලොග් එක පැත්තෙත් ගියා මං.

    ReplyDelete
    Replies
    1. මං කවිය කල්පනා කරන කොට කස්ටිය කියලත් ගිහින්.. :)

      Delete
    2. ඔව් ඔව් චන්දන අයියේ. මීගොඩ අයියා කියල දුන්නා. නගා තාම ලියන්න පටන් ගන්නවා. හැබැයි ඔය කවිය කියල අවුරුද්දකට වැඩ වැඩියි මලේ නම් නැහැ. උන් ඉන්නේ නිතරම මට ගේමක් දෙන්න බලන් තමයි. නමුත් කෝරලේ කියන්නෙත් එහෙම ලෙසියකට නැවෙන පොරක් නෙවෙයි චන්දන අයියේ. බොහොම ස්තූතියි කිව්වා ජයවේවා!

      Delete
    3. //හැබැයි ඔය කවිය කියල අවුරුද්දකට වැඩ වැඩියි මලේ නම් නැහැ.//
      විකාරද බොල..! මං ඒ කතාව කිව්වේ කවිය අග මුල නොදන්නා කෙනෙක් ඉන්නවා නම් දැන ගන්න.:)
      කෝරලේ මල්ලි ඉතින් චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා!!!

      Delete
    4. බොහොම ස්තූතියි චන්දන අයියේ. කෝරලේ පට්ටම රැකගන්නට හැකි වේවා. හිකිස්......... දාන්නකෝ පොස්ට් එකක් ගොඩ දවසකින් සද්දයක්වත් නැහැ.

      Delete
  8. පොස්ට්ටු දෙපාරකට දාන්න තිබුනා දිග වැඩිද මන්දා.මුලින්ම ඔබට තුති සත්‍ය ඇත්ක් විදියටම කුරුටු ගෑවට.ඇත්ත කියන්න බය වෙන්න නම් ඕන නැ.එත් ඉතිං අපි ඇත්ත කියලා ජිවිතය අනතුරේ දැම්මම පාඩවු අපේ පවුලේ උදවියට විතරයි කොරලේ මහත්තයෝ.

    ReplyDelete
    Replies
    1. මම නම් ගයානි ඇත්ත කියන එක ඕනෙම තැනක කියනවා. අපි යමක් කල කියල කියන්න බය වෙන්න ඕනේ නැහැ. බයවෙනවානම් කරන්න නරකයි එකයි මගේ ප්‍රතිපත්තිය. දෙපාරකට දැම්මොත් අපේ පාඨකයෝ හිතයි මම හිරේ ගිය කතාව කියන්න මම මග අරිනවා කියල මට ඒගැන දුකක් නැහැ. තවත් අත්දැකීමක් පමණයි. බොහොම ස්තූතියි අදහසට.

      Delete
  9. ගිනි අවි සහ ගිනි කෙළි ... :-o මමත් කැමති කථාවක පොඩ්ඩක් ත්‍රාසය භීතිය කුතුහලය තියෙනවට... හැබැයි මේක නම් එයින් එහාට ගිය නියමම මාෆියා කථාවක් වගේ ... ඔබෙන් ඔවුන්ටත් ඔවුන්ගෙත් ඔබටත් ගුටිකෑමට නොලැබේවායි ඉතසිතින් පතමි =/ (හැබැයි බනීට ගහද්දි කෝරළේ මහත්තයා පොල් ගෙඩියෙන් ගහපු කෑල්ලට මම මාරම කැමති )

    ReplyDelete
    Replies
    1. මට ගුටි කෑමට නොලැබේව යන ප්‍රාර්ථනය මම වඩාත් අගය කරමි. ගිනි අවි සහ ගිනි කෙලි නියම වචනේ. උන්ගේ වෙලාවට අහු උනේ ලෙලි පිටින් පොල් ගෙඩියක් නැත්නම් පොර අද ඉවරයි

      Delete
  10. අප්පා...... ඔයින් ගියා මදැයි.... හැබැයි තරහ යන එක අඩු වුන එකනම් හොඳයි.... ඔය ඉක්මන් කෝපය නිසා අපිට බොහෝ දේ නැති විය හැකියි. ඉස්සරහට කල්පනාවෙන් වැඩ කරන්න.හොඳ මිනිස්සුන්ට කරදර කරන නොමිනිස්සුන්ට අනිවා ඕවට විඳවන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. මම නම් සමනලී කාටවත් කරදරයක් කරන්නේ නැතිව මගේ පාඩුවේ ජීවත් වෙන මනුස්සයෙක්. මට කරදර කලොත් හැබැයි අත අරින්නෙත් නැහැ. දැන් නම් ගොඩක් ඉවසනවා. බොහොම ස්තූතියි අවවාදයට

      Delete
  11. අර සීයගෙ කතාව ඇහුවාම නම් මොකක්ද මේ ක්‍රමය කියල හිතෙනවා නේද? තව ඇතිනෙ ඔය වගෙ.
    අර සෝමපාලගෙ ජොබ් එක ගැන නම් මම අහලා තියෙනවා. හුඟාක් කසිප්පු මුදලාලිලට ඔය වගෙ fall guys ල ඉන්නවා.

    අනේ උඹ ආයෙ නම් හිරේ විලංගුවේ වැටෙන වැඩ කරන්න එපා බං. උඹ මොන හේතුවකට වත් ඕකුන් මුන නොගැහෙනවානම් මම ඒ තරමට කැමතියි.

    උඹට කිව්වට මමත් ඔය ක්ෂණික කෝපයෙන් පීඩා විඳින එකෙක්. මමත් ඉවසලා හිරේ නොගිය අවස්ථා තීයෙනවා.. නමුත් සමහර වෙලාවට නම්...

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. අනිවා ඩුඩ් අයියේ. ඒ ක්‍රමේ එහෙම උනාට මට එක වෙලාවකට ඒ මිනිස්සු ගැන දුක හිතෙනවා. පුළුවන් ටහ්රම් ට්‍රයි කරන්නේ හිරේ නොයා ඉන්නයි ආයෙම. ලියන්නකෝ ඒ වගේ කතාවක් දෙකක් පෞද්ගලිකත්වයටත් හානි නොවෙන්න ලියන්නකෝ කොහොමත් මම ඔය ලියන ඒවා කියවන්න ආසයි නේ.

      Delete
  12. ඔහොම තමයි බං ජීවිතේ...මලපනින අවස්තා එනව තමයි හැබැයි ඉවසපු හැම අවස්තාවකම මට නම් ලැබුනෙ වාසි..!

    ReplyDelete
    Replies
    1. ඉඳල හිටලා ඉවසල මටත් ඉතින් වාසි වෙලා තියෙනවා. කලබල උන හැම වෙලාවකදීම මට වෙලා තියෙන්නේ පාඩු.

      Delete
  13. අපේ රැකියා පුහුණුවෙදි Anger Management වෙනම විෂයක් විදිහට ඉගැන්නුව. ඒත් වැඩේ කියන්නෙ තරහ ගිය වෙලාවට ඔය මොනාවත් මතකෙට එන්නෙ නැති එකනෙ. ඇරත් ඔය වගේ වෙලාවක ඉවසන්න පුළුවන් එහෙමත් කෙනෙකුට තමයි.

    තරහ යන එක අඩුකරගත්ත එක ගැන සංතෝසයි. අහල තියෙනවනෙ මේ කියමන...
    When you are angry you can make the best speech that you'll regret your entire life.

    ReplyDelete
    Replies
    1. අනිවා ඔය කියමන් නෙවෙයි සහෝ මොන දේ කලත් Anger Management ගැන Phd එකක් ගැහුවත් කේන්ති ගියාට පස්සේ ඔව්වා ඔලුවට එනවද මම අහන්නේ.

      Delete
  14. බොහොම අගෙයි.. අපේ මිනිස්සුන්ට නැතිම දෙයක් තමයි ඔය ඉවසීම කියන දේ. අන් මතයට ගරු නොකරන එක. අන් මත නොඉවසන එක. උඹේ පොස්ට් එක මල්. ඊට වඩා උඹ දෙයක් ඉගෙනගත්ත එක මල් හතයි, බුලත් අතයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මාතලන් අයියේ. ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය. :)

      Delete
    2. ඉවසන දනා රුපු යුදයට නැති කඩුව කොස් කොටන්නද කිව්වලු!

      Delete
  15. නෑදෑයෝ තමා නෑදෑයෝ.
    අපේ පැත්තෙත් ඉන්නවා සෝමපාල වගේ ඩයල්.
    හිරේ කතා නම් මරු එත් විඳින්න නම් ලැබෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. මලේ මටනම් නයෝ එපා වෙලා තියෙන්නේ අයියෝ කුණු සංසාරේ කියල හිතෙනවා.

      Delete
  16. අන්න පට්ටමට ගැලපෙන වැඩ. ඇත්ත කියන්නට එපාය. මං කතාවම ඔළුවට දාගත්තේ නෑ. ආයේ හෙට එන්නං ඒකට

    ReplyDelete
    Replies
    1. ඔන්න දැං තමා තෙරුම් බේරුම් ඇතුව කියෙව්වෙ.. බොට හොද පාඩම ඕනවට වැඩිය තරහ ගන්නවට.. නෑ මං කිව්වේ මොකක් හරි පාඩමක් ඉගෙන ගත්ත එක. අපේ අම්මා මට කියල දීල තියෙන්නේ හොදටම තරහ ආවොත් හෙමින් හුස්ම ගන්න කියල.. තත්පර ගාණක් යනකොට ආවේගය තරමක් අඩු වෙනවා. අන්න ඊට පස්සේ තමා සිහිකල්පනාවෙන් ගේමට එන්ටර් වෙන්නේ මේ ඩ්‍රැගන්. එළ කතාව..

      Delete
    2. දේශක තුමෝ අපේ කැම්පස් එකේ ප්‍රොෆෙසර් ඩේමියන් මට කිව්වා දවසක් තරහ ගියාම 1-10 ගණන් කරලා ආයෙම 10-1 ගණන් කරන්න කියල. දන්නවද උන දේ මට තවත් කේන්තිය වැඩි උනා. ලංකාව නීතියක් තියෙන රටක් නිසා උන් බේරුනා නැත්නම් දෙන්නම මරල මගේ ගෑනිට අත උස්සන්න?????? වැඩිහිටියෙක් විදියට වරදකදී කමක් නැහැ මේ පෞද්ගලික තරහ....... උන්ට ඕනේ උනේ මාව පටල ගන්න. උන්ගේ ප්ලෑන් එක හරි ගියා.

      Delete
    3. ඒක නෙව කියන්නේ... බලමු බලමු.

      Delete
  17. මාර පෝස්ට් එකක්නේ කෝරලේ මහත්තයා. නියමයි නියමයි..
    එන්න සමකය වටේ(samakaya wate)රවුමක් දාන්න

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා නලින් අයියේ.

      Delete
  18. හප්පේ...පෝස්ටුවේ දිග....!

    හොඳ පිම්මක් වගේ පැනලා තියෙන්නේ...ඔය මල පැනීම අඩුකර ගන්න තරමට හොඳයි වගේ..නැත්තම් ඉතින්...

    ReplyDelete
    Replies
    1. ඉතින් අක්කේ ඔයාලම නේද කිව්වේ දිග උනාට කමක් නැහැ ලියන්න කියල ඔන්න ලිව්වා. තරමක් දුරට අඩුකරන් ඉන්නේ අක්කේ.

      Delete
  19. මොන මගුලක්ද? මට මල පැන්න පෝස්ට් එක කියවනකොටත්. ඔය කරුමක්කාරයො ටික සදහටම අත ඇරල දාන්න. නෑදෑකම් වැඩක් නෑ. මම හිටිය නම් ගහල විතරක් අතාරින්නෙ නෑ කියලා නම් කියන්න ඕනි. ඔහොම වෙලාවක කොයි මිනිහද ඉවසන්නෙ?

    ReplyDelete
    Replies
    1. අනිවා මකුළු තුමෝ........ හම්මප මට ඔබතුමාව මතක් උනේ නැහැනේ. උනානම් භාරදෙනවා වැඩේ ගැන පුළුල් පරීස්සනයක් කොරන්න. ලංකාව නීතියක් තියෙන රටක් වෙච්ච එක ගැන උන් දෙවියෝන්ට පිං දෙන්න ඕනේ නැත්නම් උන් වලලපු තැන වල ගසුත් පැල වෙලා

      Delete
  20. කෝරළේ එල කොල්ලෙක්... සිරා වගේම තමා... ආයෙ කිව්වොත් කිව්වා...

    මටත ඔය කල්දේරම් බතේ රහ බලන්න තිබ්බා තව පොඩ්ඩේන්... කලිං හිටපු කොම්පැණියෙ වලියකදි මම එකෙක්ට මුලින් පාරක් ගැහුවා... ඊට පස්සෙ මගෙ යාලුවෙක් ඒකටම තව එකක් ගැහුවා... ඒ ෂොට් එකට උගෙ කම්මුල අස්ථි බිදගෙන කට ඇතුලට බැස්සා... ඇසින් දුටු සාක්ෂි කිසිවක් තිබුනෙ නැති නිසා දෙවැනි ෂොට් එකත් මගෙ ගිණුමටම වැටුනා... ඔය සිදුවීම තව සෑහෙන ඉදිරියට ගියා ඒ දේවල් ඉදිරි දිණයක ලියන්නම්...

    මේ දේවල් කියවලා හිරේ යන්න ආසාවෙන් හිටපු උන් එහෙම හිටියා නම් ඒ අදහස අත් ඇර ගනිල්ලා.

    ReplyDelete
    Replies
    1. තකු වේවා සිරා අයියේ. ඉතින් ඉක්මනටම ලියන්නකෝ ඔයවගේ කතා අහන්න මමනම් කොහොමත් ආසයි. දන්නා කියන එකෙක්ට හිරේට යන්න දෙන්න හොඳ නැහැ.

      Delete
  21. // මම ආයේ කිව්වොත් කිව්වා බොලව් කිරිගහට මෝල් ගහෙන් ඇන්නා වගේ තමයි.//

    ඒකනම් සක්සුදක් සේ පැහැදිලියි :)

    මට මේක කියවනකොටත් තද උන හැටියට ඔයා අරම නොගැහුවනම් තමා පුදුමේ. ඔය වගේ අයට මොළෙන් තමයි කරන දෙයක් කරන්න ඕන. තව රණ්ඩු වලටනම් පැටලෙන්න එපා ඔන්න. අනක් ගුනක්‌ නැති මිනිස්සු නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් සයුරි අක්කේ පුළුවන් තරම් මොලේ පාවිච්චි කරන්නයි දැන් තියෙන්නේ. මොකද මේවගේ හරක් එක්ක අතින් පයින් හැප්පිලා වැඩක් නැහැ.

      Delete
  22. සීයාගේ කතාව ගැන නම් හිතුනේ අනේ අපොයි පොතේ හැටියට නිතිය ක්‍රියාත්මක කරන බුරු වහන්සේලා කියල තමයි.

    අනේ අප්පේ ඔය ළමයා සැහෙන්න කරදර විඳලා . ආයේ ඔවුන් එක්ක පටලවෙන්නේ නැතුව ඉන්න . දෙන්නට දෙන්න ඉන්නවනේ .

    හිනා වෙලා ඉන්න මිනිස්සුන්ට කොපමණ දුක් මතක තියෙනවද .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි බින්දි කරදරයි ජීවිතයට හැම දාම කියන්නේ නිකන්ද?

      Delete
  23. හ: මදැයි ඔයිං ගියා. තරහ ගැන කියනව නම් සාන්තුවරුන්ට උනත් තරහ යන මට්ටමේ සීන් තියනවනේ. ඕකත් එහෙම එකක් තමයි. මං උනත් කරන්නෙ ඕක තමයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රාජ් අයියේ මම මේ කතාව ලියන්න හේතුව උනෙත් දැනටත් දෙතුන් දෙනෙක් කියනවා මම වැරදියි වැඩිහිටියෝ නිසා මොන දේ කරත් සද්ද නැතිව ඉන්නයි තිබ්බේ කියල. දැන් මට පේනවා මම ගත්ත තීරණේ වැරදි නැහැ කියල

      Delete
  24. අදයි මේ පැත්තට ආවේ එත් නියමයි. එක දිගට පොස්ට් 5ක් විතර කියෙවුවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගොදවදුනට සහ අදහස් ප්‍රකාශ කලාට. සාදරයෙන් පිලිගන්නවා වලව්වට. ආයෙම එන්නකෝ.

      Delete
  25. වැදගත් කරැනු ගොඩක් දැනගත්තේ අද...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මේ පැත්තේ ආවට. මාගේ අත්දැකීම වෙන කෙනෙකුගේ දැනුමට හේතුවීම ලොකු සතුටක් මට.

      Delete
  26. බලන් යනකොට කෝරලේ මහත්තයත් ලේසි පාසු පොරක් නොවෙයිනේ.
    ඔහොම යන් ඔහොම යන් (හිරේ නොවෙයි ඈ)
    සිහින සැබෑ වේවා!

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක් හෙක්..... එහෙම නොවුනානම් කෝරලේ පට්ටමක් හම්බ වෙන්නෙත් නැහැ නොවෑ. දැන් අපේ උසස් අධ්‍යාපන ඇමති කොච්චර කල් හිරේ හිටියද දුන්නේ උසස් අධ්‍යාපන ඇමති කම. මම හිටියේ දවස් දෙකයි නිසා. මට හම්බ උනේ කෝරලේ පට්ටමක් අවුරුද්දක් හමාරක් හිටියනම් ලොකු පට්ටමක් හම්බවෙනන් ඉඩ තිබුනා.

      Delete
  27. බලාගෙන ගිහාම මෙයා දරුණු මනුස්පයෙක් නේ ආ!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ නාදියෝ එහෙම නැතිව පුළුවන්යෑ කෝරලේ පට්ටම් කොරන්න. :)

      Delete
  28. ඒ අත්දැකීම ගන්න ලංකාවටම එන්න වුණා නේද :D

    ReplyDelete
    Replies
    1. එකනේ හසිත ලංකාවේ තියෙන දේවල් වෙන කොහෙවත් නැහැයි කියන්නේ. මොනවා කලත් උපන් බිමනේ හසිත. කොහොමත් මම ලන්කාවට ආදරෙයි.

      Delete
  29. අද තමයි කෝරලේ මහ්තතයාට සිද්ධවෙච්ච සන්තෑසිය දැනගත්තේ.. කදිරා හිරේ යවයන්න දතකට මැදන් උන්න කෝරලේමහත්තයාටම යන්න වෙයි කියලා කවුද හිතුවේ..

    ඇත්තටම සිපිරි ගෙදර අත්දැකීම් මේ කියෙව්වමයි.

    ReplyDelete
    Replies
    1. හත් ඉලව්වේ............ දයානන්ද අයියේ..... කදිරා ඇටෙව්වා උගුලේ මමත් අහු උනා නොවෑ...... මගේ අත්දැකීමක් කෙනෙකුට දැනුමට යමක් එකතුවෙනවානම් මට එය ලොකු සතුටක්.

      Delete
  30. එකත් හොඳ අත්දැකීමක් නේද? මම අහල තියෙනවා පොල් ගෙඩියක් හොරකම් කරපු කෙනෙක් අවුරුදු හිරේ ගියපු සිද්දියක්.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ දඬුවම් ක්‍රමේ ගොඩක් වෙනස්. සමහර වෙලාවට නිවැරැද්දේ හිරේ තපින්න වෙනවා.

      Delete
  31. මම කෝරලේ උනානං ඔකුන්ට ගහන්නේ ඔය ගෙදෙට්ට ගිය මුල් දවස්වලමයි , වල් බල්ලො

    ReplyDelete
    Replies
    1. හිකිස්.......... ඔව් අටම් අයියේ....... මමත් ඒ දේ නොකළ නිසා තමයි. මගේ ඔලුව උඩ නැග්ගේ. ආයේ නෝ චාන්ස්........ :)

      Delete
  32. මම උඹ උනා නම් ඔය නෙලිල්ල නෙලලා ගිහිං එතනම පොලිසියේ පැමිණිලි කරනවා මගේ බිරිඳට පහරදීමකදී ආත්මාරක්ෂාව සහ ඇගේ ආරක්ෂාව උදෙසා මේ පියවර ගත්තා කියලා. වෛද්‍ය සහතිකයක් දෙනවා වයිෆ් වෙනුවෙන් ලඟම දොස්තරගෙන් අරගත්ත. ඊට පස්සේ කොරමු කෝ..

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්න තමයි මම පොලිසි යමු කිව්වේ. කොහෙද අපේ අයත් පොඩ්ඩක් පන්ඩිතයිනේ. මම එලියට ඇවිත් කිව්වේ උන් නිසා නෙවෙයි මට හිරේ යන්න උනේ බොලා නිසයි කියල. :)

      Delete
  33. මන් පොඩි කාලේ මතකයි අපේ පැත්තේ කඩේක කොල්ලෙක් කඩේට ආව මිනිහෙක්ට පොල් ගෙඩියකින් ගැහුවා. වැදුන පාරට මිහිහා මැරුණා......කෝමාට තියෙන්නේ මාර අත්දැකීම් සමුදායක්නේ....ක්ෂණික කෝපය හෙන භයානකයි අප්පා

    ReplyDelete
    Replies
    1. දැන් ඒ කොල්ල කොහෙද ඉන්නේ? අරූගේ වෙලාව හොඳයි වෙලාවට බේරුනේ. නැත්නම් ඉතින් මම අදටත් හිරේ තමයි. අනිවා... ඔය කෝපය දැන් ගොඩක් දුරට පාලනය කරන ඉන්නේ. ඔන්න පටන් ගත්ත කෝමා කියල කෑල්ලක්..........:)

      Delete
  34. පොස්ට් එක බැලුවා. කමෙන්ට් ටික බලන්න හෙට එන්නම්.

    ඔය වගේ මිනිස්ස්සු කොහෙත් ඉන්නවා බං. ඕවයෙන් සැලෙන්න එපා. අදට වඩා හෙට හොඳයි කියනවනේ. අනික උන්ට රිද්දන්න පුළුවන් හොඳම ක්‍රමේ තමයි උඹ දියුණු වෙන එක. අතින් පයින් ගහනවට වඩා රිදෙන්නේ එතකොටයි.

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා ඔය නිවාඩු පාදුවෙලාවක වලව්වට ගොඩවැදිලා යන්නකෝ......... ඕකුන් කැමති නැත්තෙත් ඒකටයි. උන්ට බයයි.

      Delete
  35. හත්තිලව්වයි හිරේ කියන්නේ ඕනැම මිනිහෙක්ට වෙන ඕනිම හේතුවක් හින්දා කරපු වැඩක් හින්දා යන්න වෙන තැනක්නේ. ඒත් හිතන්න ඕනි හිරේ ගිය එකා නොගිය එකා මොකාද නෙවෙයි. මූ මොකක් හින්දද හිරේ ගියෙ කියන එක..නැත්නම් අහංසකයයි අපරාධකාරයයි දෙන්නම වැටෙන්නේ එකම ගොඩට....

    ReplyDelete
  36. ඉයා..හා..ඩිෂුම්.... ඩිෂුම්...දිඩිං...බිඩිං......
    කස්ඩ ෆිල්ම් එහෙක කියාදාම නළුවා වගේ..
    අර මොලෙන් යන සීතල යුද්ධයක් තියෙනවලු නේ.. කෝකටත් ටිකක් පරිස්සම් උණානං හරි..

    ReplyDelete
    Replies
    1. ආ...... මම අදයි මේ පැත්තට ආවේ..කෝ මේකෙ 18+ ඒවා මොකුත් නෑනේ..

      Delete
    2. හිකිස්..... 18+ නම මගේ බ්ලොග් එකේ කවදාවත් දන්නේ නැහැ. නමුත් මට හිතෙන විදියට මෙහි අඩංගු සමහර දේවල් පොඩි අයට බලන්න හොඳ නැහැ වගේ ඒකයි 18+ කියල දැම්මේ. නිකන් හින්දි ෆිල්ම් එකක් වගෙයි නේද? භෝහොම ස්තූතියි යාලුවා. සාදරයෙන් පිලිගන්නවා වලව්වට.

      Delete
  37. පැමිණිල්ලක් දාලා ආවනම් මොනවහරි කරගන්නත් තිබ්බා නේද? පොලිසි, උසාවි කියන්නේ මහ එපා කරපු තැන්... හැබැයි 7000ක් දීලා ඉක්මන් කෝපය අඩුකරගන්න පුළුවන් වුණ එක ලොකු දෙයක්!!!

    ReplyDelete
    Replies
    1. එකනේ ලහිරු. හප්පේ උසාවි පොලිසි යන්න නොපතන් කිව්වලු. අන්න එකයි වැදගත්ම දේ.

      Delete
  38. ම්ම්ම්...ඔන්න මමත් කෝරලේ මහත්තයගෙ වලව්වට ගොඩවැදුණා... සිහින කුමාරි අන්තිම කෑල්ලත් කියෙව්වා.. බැඳලා අවුරුදු දෙකක් වෙන්න එනවා කිව්වට බැලුවේ... තාම අයියට 23යි නේ? :P

    ReplyDelete
    Replies
    1. ඔව් නඟා 23 නම් තමයි. නමුත් 46ක ප්‍රශ්න වලට මුහුණදීලා අත්දැකීම් සහිතව තමයි ඉන්නේ. :)

      Delete
  39. ලොක්ක, උඹ ටිකක් පරිස්සමෙන් වැඩ කරපන්. උඹේ වෙලාවවත් ටිකක් බලාගනින්...

    ReplyDelete
    Replies
    1. වෙලාපත්කඩේ හැටියට ඉන්නේ සිකුරා....

      Delete
  40. මේ කොටස බැලුවට පස්සේ තමා දන්නේ මේකෙ තව කොටස් කීපයක් තියන විත්තිය ..මරු .. හිරේ යන එකත් ඉතින් කලතුරකින් ලැබෙන අද්දැකීමක් නේ . ජීවිතේට එක වතාවක් හරි අනෙක් එය නොලැබගත්ත අද්දැකීමක් ගන්ඩත් එපැයි ..

    නකල් එකක් අරන් කොයි වෙලේත් සාක්කුවේ දාලා තියා ගනිං ගේමට එකෙක් ආවොත් වැඩියෙ එපා එකක් දියං ..

    ReplyDelete
    Replies
    1. අපෝ සඳරු හිරේ යාමත් එපාම උනා කොල්ලෝ. හැබැයි මල් නම් එමටයි සල්ලි තමයි ඕනේ.
      අනිවා අනිවා මේ පාර ලංකාවට බහින්නේ සන්නාහ සන්නද්ධ වෙලා :)

      Delete
  41. අදයි මේ පැත්තට ආවේ කෝරළේ මහත්තයගේ පොස්ට් ටික බලන්න...හිමිහිට බලන්නම්..ජය

    ReplyDelete
    Replies
    1. එක හොඳා..... හීන් සැරේ බැලුවනම්.

      Delete
  42. Replies
    1. මාතෘකාව ඊයා උනාට ලියල තියෙන දේවල් එකක්වත් ඊයා නැහැ නේද සහෝ? :) මාත්රුකාවනම් කුජීතයි. ලෝල්ස්...

      Delete
  43. පොස්ට් එක මරු..මමනම් බැලුවේ මාතෘකාව නිසා අප්පා...ධම්මික අයියත් ඊයා කිවුවට ඔය බොරුවට අප්පා...හා නැද්ද....?

    ReplyDelete
    Replies
    1. සිරාවට...... සැබෑ තත්වෙනේ කියල තියෙන්නේ හොර බොරු මොකුත් නැහැ.

      Delete
  44. මුළු කතාවම කියෙව්වා හැබැයි කමෙන්ට් කීපයයි කියෙව්වේ. අර සඳරුව කියන විදියට නකල් දස්ටර් තියාගෙන ඉන්න එපා. එහෙම වුනොත් අර වෙනුවට හිරේ යන එකාට පඩි ගෙවන්න උඹටත් සිදු වෙයි. හැබැයි කොල්ලෝ අර ධම්මික සඳරුවන් කියනවා වගේ ඊයා මාතෘකාවක් තමයි උඹ දාල තියෙන්නේ. මුලින් දාලා තියෙන ෆොටෝ ඒකත් එහෙමයි.

    ReplyDelete
    Replies
    1. හිකිස්...... අයියේ මාතෘකාව ඊයා වගේ තමයි. අන්තර්ගතය එහෙම නැහැ කියල ඔයාට බැලුවාම තේරෙනවා නේද. සිරාවට ඕනෙම දෙක දෙපැත්තක් තියෙනවා. කැමති යට කැමති විදියට හිතාගන්න තමයි දැම්මේ. සඳරු කියන කතාවත් හරි අයියේ. නමුත් රටේ නීතියක් කියල දෙයක් තියෙන නිසා එහෙම කරන්නේ නැතිව ඌරාගේ මාළු ඌරාගේ පිටෙතියලමයි මම කපන්න යන්නේ.





      Delete
  45. (හැබැයි බනීට ගහද්දි කෝරළේ මහත්තයා පොල් ගෙඩියෙන් ගහපු කෑල්ලට මම මාරම කැමති )
    එල experience තොගයක්නේ කෝරළේ මහත්තයාට තියෙන්නේ.... හැබැයි කෝරළේ මහත්තයෝ මම නම උඹ වගෙ ඉසන්නේ නෑ...අයි යකෝ තමුංගේ ගෑණිට වෙන එකෙක් පහර දෙනකොට ***යෙක් වගේ බලං ඉන්න පුළුවං කාටද...? බැන්දට පස්සේ ඒ තමුංගේ වයිෆ්/.. ඊට පස්සේ එයාව සම්පූර්ණ අයිති තමුංට...(අඩුම ගානේ අම්මා/තාත්තටවත් අයිති නෑ) ඒ අතින් උඹ මාර ඉවසිල්ලක් ඉවසල තියෙනවා (අනික බනී අසනීප කාරයෙක්) ...
    .අනේමන්ද මං ටිකක් ඉමෝෂනල් උනා වැඩිද මන්ද...?

    ReplyDelete
  46. Korale mahaththaya enna thibbe bogambara paththe...ehanam thawa athdakiim godak ekathu wenawa

    ReplyDelete

ඔයාල කොම්මෙන්ට් එකක් දාන්න වැය කරන තප්පර ගානත් ඔයාලට වැදගත් කියල මම දන්නවා එත් ඔයාලගෙන් අදහසක් මේ පිළිබඳව ලැබෙනවා කියන්නේ මට ඉදිරියටත් ලියන්න හොඳ මොර්ටිවේෂන් එකක් ලැබෙන එක. ලියන්න කල් මදිනම් තිතක් තියල යන්න එතකොට මම දන්නවා ඔබ මෙය බැලු බව. ස්තූතියි.........

Related Posts Plugin for WordPress, Blogger...