Thursday 20 June 2013

නයි කයිද රෝස් පාන්??????????????





අනේ අප්පේ කාලෙකින් ලිව්වේ නැතිව ඉඳල කෂ්ටියට මාව මතකදත් දන්නේ නෑ. මතක නැතිවෙන්නත් ඕනේ. මොකද වැස්සකටවත් වලව්වට ගොඩ උනේ නැහැනේ මම. ඒ උනාට මගේ සුහද මිතුරු පිරිසම දන්නවනේ මම මේ දවස් වල එන්නේ නැත්තේ මොකද කියල උදේ ඉඳන් රෑ වෙනකල්ම ලෙක්චර්ස්. බ්ලොගක් උනාම මේ විදියට මකුළුදැල් බැඳලා පාලුවට යන්න දෙන්නත් හොඳ නැහැනේ ගිය පාර මම දැම්ම නායකත්ව ලිපි මාලාවේ ලිපි දෙකකක් දැනටම සංස්කරණය වෙමින් තියෙනවා ඉඩක් ලැබුණු ගමන් ඒකත් දාන්නම් කෝ....... ඉතින් මේ පාර මම ලියන්නේ මේ ලඟකදී අපේ පුංචිටයි බාප්පටයි සිද්දවුනු අකරතැබ්බයක් පිළිබඳවයි.

මේ දෙන්න එංගලන්තෙට ගියේ දැනට අවුරුදු 10කට පමණ පෙර මල්ලි පොඩි කාලේ. ඉතින් පොඩි එකාට සිංහල බාශාව පිළිබඳව හරි වැටහීමක් නැහැ. කතාකරන ඒවා අහන් හිටියොත් දවසම හිනහ වෙන්න පුළුවන්. කොහොම හරි මේ දෙන්න ලඟකදී කතාවක් ගිහින් තියෙනවා මොන එයාර් ලයින් එකේද ලංකාවට එනකොට එන්න ඕනේ කියල. පුංචි කියනවලු බ්‍රිටිෂ් එයාර්වේස් එමු කියල බාප්පා කියනවලු ශ්‍රී ලන්කන් එමු කියල. ශ්‍රී ලන්කන් එකේ ඉතින් නොසෑහෙන්න බොන්නත් දෙනවනේ 
හිකිස්................. 



ඉතින් මේ දෙන්න  මෙහෙම බහින් බස් වෙනවලු 
බාප්පා:    මොනවා කරලා හරි යන්න ඕනේ ශ්‍රී ලන්කන් එකේ 

පුංචි:       අපෝ නැහැ බ්‍රිටිෂ් එකේ පහසු කම් හොඳයි 

බාප්පා:    මේ ක්‍රිෂාන්ති මමයි ගෙදර ගෘහමූලිකයා මම කියන දේ තමයි ඔයාල කරන්න ඕනේ 

පුංචි :    හරි හරි ලාල් ඔයා නම් කිව්වොත් කිව්ව එකමනේ බලන්නකෝ අක්කේ...........
 
මේ දෙන්නගේ ප්‍රශ්නේ විසඳන්න මැදිහත් වෙන්න උනේ අපේ මව්තුමියට තමයි.

ඒ අස්සේ මල්ලි අහනවා


මල්ලි : කවුද අම්මේ ගෘහ මූසලය කියන්නේ ??????????????? 



බාප්පා:      මොකක්?????????????

මල්ලි:     ක...වු....ද... ගෘහ මූසලයා කියන්නේ?????????

ඔන්න දැන් අපිට පැලෙන්න හිනහ මේ කතාවට. පස්සේ පුංචි තේරුම් කරලා දුන්න ගෙදර ප්‍රධානියාට තමයි ගෘහ මූලිකයා කියන්නේ කියල . දැන් අපේ බාප්පට කොහොමද බාප්පේ අලුත් තනතුරේ වැඩ කියල ඇහුවම හොඳවයින් දෙකතුනක් අහගන්න පුළුවන්. 

ඔන්න එහෙනම් අපි කැපුනා හැමෝටම ජයෙන් ජයම වේවා!!!!!!!



Related Posts Plugin for WordPress, Blogger...