Wednesday 8 May 2013

නායකත්ව පුහුණව leadership (01) සියල්ලන්ම කියවිය යුතු ලිපියක්. මම වෙනුවෙන් නොව ඔබ වෙනුවෙන්.


 අඩේ අප්පා අද උදේ පාන්දරම නැගිටලා කාගේ බෙල්ල කම්දෝ කියල හිත හිත කබ පිරුන දෙනෙතින් ලෝක ධාතුව දිහා බලන මට එක පාරටම කම්පනාවට ආවේ යකෝ මට බ්ලොගක් කියල දේකුත් තියෙනවා නේද සෑහෙන්න කාලෙකින් මොනවවත් කුරුටු ගෑවේ නැහැ නේද කියල. ඉතින් අද කොහොම හරි මේ පැත්තේ ගෑටුවේ මගේ සහෝදර බ්ලොග් වාසීන් ටික දැකබලාගන්නයි. මේ දවස් වල මට බ්ලොග් ලියන්න කියවන්න එන්නේ නැති හේතුව දන්නේ කිහිප දෙනයි නේ. ඉතින් මම එක අනෙක් අයටත් දැනගන්න එක්ක කියන්නම් කෝ. මම මගේ රැකියාව මාරුකලා. නමුත් මට හිතාගන්න බැරි මේක ප්‍රොමෝෂන් එකක ඩිමෝෂන් එකක්ද කියල කොහොම හරි ඉස්සරට වැඩිය ගානක් පොකට් එකට වැටෙන නිසා සද්ද නැතිව වැඩ ටික කරන් ඉන්නවා. කොහොම නමුත් මගේ විවේකය අඩුවෙලා කියන එකනම් පැහැදිලියි. ඒ වගේම මට දැන් කරන්න වෙලා තියෙන්නේ උදේ ඉඳන් කෑගහන එක තමයි. මොකද මම මේ වැඩ කරන ආයතනය ගොඩදුරට කරන්නේ නායකත්ව පුහුණු වැඩමුළු කැම්පස් යන්න සිලෙක්ට් වෙලා ඉන්න සිසු සිසුවියන්ට

මගේ කොටස තමයි මේ පොඩි කෙල්ලෝ කොල්ලෝ ටිකට Science & Technology  (විද්‍යාව සහ තොරතුරු තාක්ෂනය) කියන දේ එයාලගේ ඉදිරි ගමනට වැදගත් වෙන්නේ කොහොමද කියල කියල දෙන එක. අද හැමදෙනාම දන්නවා අපිට තාක්ෂනය ගැන දැනීමක් නැතිව ඉස්සරහට යන්න බැහැ කියන එක වෙන වෙන විෂයන් වලින් අපි උපාදියක් ලබාගත්තත් අපිට ලොකු තල්ලුවක් වෙනවා එහෙන් මෙහෙන් පරිගණක දැනීමක් තියෙන එක. අද කාලේ ගොඩක් ළමයි බලන්නේ පරිගණක ආශ්‍රිත රැකියාවක් ලබාගන්න පරිඝනක උපාදියක් ගන්න නමුත් ඒ සඳහා විශ්ව විද්‍යාලෙට ගිහින් තමන්ගේ අරමුණ ඉටුකරගණන් කීයෙන් කීදෙනාද? අවුරුදු 4ක විශ්ව විද්‍යාල ජීවිතය අපේ ජීවිතේ ලොකු හැරවුම් ලක්ෂයක් වෙනවා. කරන්නං වාලේ උපාදියක් කරලා ජීවිතේ අවුරුදු 4ක් නිකන් නාස්ති කරගෙන උපාදියට කොහෙත්ම සම්බන්දයක් නැති රැකියාවක් කරන උදවිය මෙහෙ අනන්ත ඉන්නවා. බොහෝදුරට අපි කැම්පස් එකේ විෂයන් තෝරාගන්නේ මොන විදියේ පදනමක් මතද?
  1. දෙමාපියන්ගේ ඉල්ලීම මත
  2. අල්ලපු ගෙදර බුවා කරන්නෙත් මේ අංශයේම රැකියාවක් නිසා 
  3. මෙවැනි උපාදියක් ලබාගැනීමෙන් ලොකු පඩියක් ලබාගත හැකි යැයි අසා ඇති නිසා 
  4. සමාජයේ පිළිගැනීමක් ඇති නිසා 

නමුත් කවදාවත් ඔයාල හිතල බලල තියෙනවද මේ කරන උපාදියෙන් තමන්ගේ අනාගතය දීප්තිමත් කරගන්න විදියක් ගැන? ඒ වගේම කවුරුවත් මේ පිලිබඳ දැනීමක් ඇති පළපුරුදු අයවලෙකුගෙන් විමසල තියෙනවාද? බොහෝ දුරට නැහැ....... බොහෝ දුරට අපි අදහස් විමසන්නේ අපිට අවවාදයක් දෙන්න තියා එයාලටවත් හරි මාර්ගය තෝරාගන්න බැරි අයවලුන්ගෙන්. මතක තියාගන්න මේ සටහන පරිඝනක උපාදිය කරන උදවියටම පමණක් නොව විශ්ව විද්‍යාලයට යන්න හිතන් ඉන්න හැම දෙනෙක් සහ දැනට රැකියාව කරන උදවිය  වෙනුවෙන්ම ලියවුන දෙයක් බව. අද කාලේ Bachelor degree එකක් කියන්නේ සාමාන්‍ය දෙයක්. අද සමාජයේ ඇති තරඟකාරී අධ්‍යාපන ක්‍රමය  තුල බොහෝ දෙනෙක් පෙළබෙන්නේ මෙම උපාදිය ගැනීමට පමණයි. මෙතනින් ඉදිරියට යන්නේ කැම්පස් අවුට් වෙච්ච පිරිසෙන් සියට 15ක් 20ක් වැනි සුළු කොටසක්.


මට මතකයි ඩුඩ් අයියගේ පොස්ට් එකක තිබුනා කවදාවත් තමන්ගේ විනෝදාංශය රැකියාව විදියට තෝරාගන්න නරකයි කියල. නමුත් මට හිතෙන්නේ ඒ දේ වැරදියි කියල. තමුන් රැකියාවක් තෝරාගන්න කලින් හොයල බලන්න ඕනේ තමන්ට මේ සඳහා හැකියාව උවමනාව උනන්දුව සහ කැපවීම කියන දේ තියෙනවද කියල. අපි බොහොමයක් දැනට රැකියාව කරන අය. නමුත් කීයෙන් කී දෙනාද උදේට නැගිටලා උනන්දුවෙන් ආසාවෙන් රැකියාවට යන්නේ. එය මුළු ප්‍රතිශතයෙන් සියට 20ක් වැනි අගයක්. ඇයි මේ අලසකම? මේ උදවියට ගෙදර ඉන්නවට පඩි දෙනවනම් කවදාවත් රැකියාවට යන්නේ නැහැ කියන එක මට ෂුවර්. ඒ අලසකම උවමනාවක් නැති කම ඇතිවෙන්නේ තමන් හිත යටින් කැමති නැහැ තමන් මේ කරන රැකියාවට. අපි උදාහරණයක් විදියට ගමු ටියුෂන් ගුරුවරයෙක්. ලංකාවේ ගුරුවරු ගත්තාම ඉන්නවා ලක්ෂගානක් මේ පොස්ටුව කියවන හැමෝටම ගුරුවරු ඉන්නවා නමුත් මේ ගුරුවරුන්ගෙන් බොහොම සුළු පිරිසක් ජනප්‍රියත්වයේ සාර්ථකත්වයේ හිනිපෙත්තටම නගිනවා. ඇයි මේ සමහර ගුරුවරු පයින් යද්දී අර ජනප්‍රිය ගුරුවරු කොළඹ ක්ලාස් ඉවර වෙලා නුවර ක්ලාස් එකට යන්නේ හෙලිකොප්ටරෙන්. සමහර උදවිය ළමයි නැතිව වේලෙද්දී අර ජනප්‍රිය ගුරුවරුන්ගේ ක්ලාස් වල ළමයින්ට ගුරුවරයව පෙන්නේ රූපවාහිනී තිරයකින්. හේතුව තමයි ඉගැන්වීම ගුරුකම කියන දේ ඒ උදවිය ඇඟේන්ම කරන දෙයක් එකට අමතර පුහුණුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. අර ළමයි නැතිව වේලෙන පන්තිවල ගුරුවරු සුදුසු කම උගත්කම් නැති අයද? නැහැ තියෙනවා සමහර විට මේ ජනප්‍රිය අයට වඩා උගත්කම ඇති. නමුත් ගුරු කම කියන එක එයාලගේ ඇඟේ නැහැ( එය ඔවුන්ට රැකියාවක් පමණයි)


මේ විදියට හැම අංශයකම ඒ සඳහා කැමැත්තක් ඇති ආසාවෙන් කරන උදවිය දවසින් දවස ප්‍රොමෝෂන් ගහනවා පඩි වැඩිවෙනවා. එකම දෙපාර්තමේන්තුවේ රැකියාව එකම දින එකම සුදුසු කම් ඇතිව පත්වෙන දෙදෙනෙක් ගෙන් එකෙක් ආව තැනම ඉන්දෙද්දී අනෙකා උසස් වීම් ලබනවා ඔයාල දැකල ඇති මෙතෙනදීත් වෙන්නේ අර කලින් කිව්ව කාරනාවම තමයි.

අපි ඉගනගැනීමට කලින් හොයල බලන්න ඕනේ කාරණාවලින් මුල් කාරණේ තමයි මම දැන් සඳහන් කලේ ඒ තමන්ට ඒ සඳහා ඇති කැමැත්ත ආසාව සහ හැකියාව. දෙවැනි කාරණේ තමයි Market Need (වෙළඳ පොළ අවශ්‍යතාවය) දැන් අපි ගමු උදාහරණයකට අපේ හර්ෂණ මලයා (රජා). ඒකා සිවිල් ඉංජෙක් මම දන්න තරමට පොඩි කාලේ ඉඳන්ම ඒ සඳහා සැලසුම් කරලා එතනට ආව කෙනෙක්. ඒවගේම රැකියා වෙළඳපොලේත් සෑහෙන්න ඉල්ලීමක් තියෙනවා සිවිල් ඉංජිනේරුවන්ට. මට හිතෙනවා මමත් වෙන්න ඕනේ කියල සිවිල් ඉංජෙක්. කරන්න පුලුවන්ද? ඔව් මොන ක්‍රමේකින් හරි උපාදිය ගන්න පුළුවන්. නමුත් සිවිල් ඉංජිනේරුවෙක් විදියට ජොබ් එකක් කිරීමේදී සෑහෙන්න ගැටළු වලට මුහුණ දෙන්න වෙනවා. මොකද ඒ මගේ කැමති අංශය නෙවෙන නිසා. අයිලාෂ් අයියා අපේ වෙනි (මාමා :P) ගමු හොඳ  කැමරා කරුවෝ. නමුත් වෘතිමය පැත්තෙන් මම ඒ විෂය ඉගෙනගැනීමට ගිහින් රැකියාවක් විදියට කරන්න පුලුවන්ද. පුළුවන් වේලෙන ස්ටූඩියෝ එකක් දාගෙන්න ඉන්න පුළුවන්. මොකද ඒ කැමරා කරණයට මගේ Passion එකක් නැති කම.

මේ විෂය හරිම කම්මැලි විෂයක්. දිගින් දිගට කියවන යද්දී එපාවෙනවා කියවන්න. මේ පැය 3ක ලෙක්චර් එකක් තමයි මම මේ සිංහලට පරිවර්තනය කරලා සරල විදියට දැම්මේ. මේ ලිපිය සම්බන්දව ඔයාලගේ අදහස් මට කියන්න කට්ටියම කැමතිනම් අපි මේ පිළිබඳව විස්තර සහිතව ලිපි දෙකතුනක් දාන්නම් 

විශේෂයෙන් මා නොමැති දිනවල ඒ පිලිබඳ විමසා බැලු දේශකයාට සහ අටම් අයියාට මාගේ හැඩහද පිරි ස්තූතිය.



Related Posts Plugin for WordPress, Blogger...