Tuesday 4 December 2012

ඩුබායි රියදුරු බලපත ඔබට හීනයක්ද? මෙන්න ලේසිම මග. How to get Dubai Driving License





ඔන්න සෑහෙන්න කාලෙකට පස්සේ පොස්ටුවක් කොටන්න ගත්තා. හරිම කම්මැලියි වගේ දැන් පොස්ටුවක් කොටන්නත් ලියන්නේ නැතිවම ඉඳලා. අද මේ පොස්ටුව ලියන්න හේතු වුනේ හිරු අක්ක ලියල තිවූන පොස්ටුව හේතුකරගෙනයි. බැලුවේ නැති අය ඉන්නවනම් එකත් බලලම එන්නකෝ. ඇයගේ පොස්ටුවෙන් කතාවුනේ ලංකාවේ රියදුරන්ගෙන් වෙන වැරදි සහ ඇයි රට ඉඳල එන අයට ලංකාවේ එලවන්න බැරි කියන එකයි. ඒකට ප්‍රධානම දේ විදියට මම දකින්නේ ලංකාවේ තිබෙන මාර්ගනීති වල හිඩැස් ඇතිකම. එය වෙනස් විදියකට කියනවනම් නොසැලකිලිමත් සහ අවිචාරවත් රිය පැදවීම කියලත් කියන්න පුළුවන්.


මම කියන්නේ නැහැ ලංකාවේමිනිස්සු නීති රීති දන්නේ නැහැ කියල මොකද මේ දිනවල රියදුරු බලපතක් ගන්න ගියාම තියෙන ක්‍රම වේදයන් ඔවුන් අනුගමනය කරන තාක්ෂණික ක්‍රමයන් සියල්ල ජාතියන්තර තලයට ගැලපෙන මට්ටමේ ඒවායි. නමුත් කොතනද අඩුපාඩුව තියෙන්නේ. ඒ අපේ මිනිස්සුන්ගේ අතේ. රියදුරු පුහුණුව ලබන වෙලාවේ කියල දෙන දේවල්, නීති රීති ගිරව් වගේ කටපාඩම් කරගෙන පරීක්ෂණයට මුහුණ දීලා, බලපත්‍රය අතට ආවගමන් අර ඉගනගත්තු සේරම අමතකයි. මොකද මමනේ දැන් පොර..... මට ලයිසමත් තියෙනවා. ඒක හරියට අශ්වයට අන් තට්ටුවක් දුන්න වගෙයි කියලයි මට කියන්න තියෙන්නේ.


මුලින්ම රියපදවන පුද්ගලයා හිතට ගන්න ඕනේ මගේ අතේ තියෙන ජීවිත කීයක වගකීමක්ද කියන එක. තමන්ගේ වාහනය ඇතුලේ ඉන්න අයගේ පමණක් නොවෙයි. පාරේ යන අහිංසක මිනිස්සුන්ගේ ජීවිතවල වගකීම පවා තියෙන්නේ රියදුරාගේ අතෙයි. සේරටම කලින් මං කියන්නේ අපේ රියදුරන්ගේ තියෙන මේ කමකට නැති ගති දුරු කරන්න වැඩ පිළිවෙලක් යොදන්න ඕනේ කියන එකයි මහා පාරේ වැඩියෙන්ම වැරදි කරන කොටස් කිහිපයක් ඉන්නවා.
  1. බස් රථ රියදුරන්
  2.  ත්‍රීරෝද රථ රියදුරන් 
  3. මෝටර් සයිකල් රියදුරන් 
මෙන්න මේ කියන කොටස් තුන තමයි වැඩිපුරම මාර්ග නීති කියන ඒවා කඩකරන්නේ. බස් රථ රියදුරන් ගොඩක් දුරට කරන්නේ අනෙක් බස් පරදවා මඩිය තර කරගන්න ජීවිත සියාගානක් එක්ක සෙල්ලම් කරන එකයි. ඔවුන් පාරේ බසය පදවන්නේ ෆෝමියුලා 1 රේස් එකකට සහභාගී වෙලා වගේ තමයි.

ත්‍රීරෝද කරුවන් කරන්නේ තමන්ගේ වාහනේ පොඩි කම දන්නා නිසා දාන්න පුළුවන් හැම අස්සෙන්ම රින්ගවල යන එකයි. බයික් පදවන්න ගැන කතා කළහොත් අද මේ පොස්ටුව කියවන ඔබ එය අතහැර දමන එකනම් මට සියට දෙසීයක් විශ්වාසය.
                                     ඇතුලේ ඉන්නේ කවුද කියල දන්නවනේ???


දැන් තමයි මට එන්න ඕනේ මාතෘකාවට මම එන්නේ ඒ මේ එක්සත් එමීර් රාජ්‍යයේ (Dubai) රියදුරු බලපත්‍රයක් ලබාගන්නා ක්‍රමය ගැන කියන්නයි.




මේ තමයි පළමු පියවර ඒ තමන්ගේ අනුග්‍රහයකගෙන් ඒ පිළිබඳව NOC (No Objection Certificate) එහෙමත් නැත්නම් No Objection letter එකක් ලබාගන්න ඕනේ තමන් මේ රියදුරු බලපත ලබාගැනීමටැ ඔහුගේ/ඇයගේ/සමාගමේ කිසිඳු විරුද්දත්වයක් නොමැති බවට.








NOC එක ලබාගැනීමෙන් පස්සේ යන්න ඕනේ රජයේ පිළිගත් අක්ෂි සායනයකට. (Optical Shop) එතනින් අස්පරීක්ෂා කොට ඔබේ පෙනීම දුර්වලනම් ඇස් කණ්නාඩි ලබාගැනීමට සිදුවෙනවා. එතනින්  ලබාදෙන පත්‍රිකාවත් ඔබගේ වීසා බලපත්‍රයේ කොපියක්, ගමන් බලපත්‍රයේ කොපියක්, ඔබගේ මව් රටෙහි ඔබට රියදුරු බලපතක් ඇත්නම් එහි කොපියක්ද (මෙය අවුරුදු 5කට වඩා පැරනිනම් ඔබ සහභාගී වියයුතු පන්තිවාර ගණන අඩුවෙනවා) . රැගෙන RTA (Road and Transport Authority) ලඟම තියෙන ශාකාවකට ගිහින් ලියා පදිංචි වෙන්න ඕනේ. ඔබ ඩුබාහි වාසය කරන්නෙක් නම් රියදුරු පුහුණු පාසල් වෙතින්ම එම සේවය ලබාගැනීමට පිළිවන්. 


නමුත් වෙනත් එමීර වල මේ සඳහා පොලිසියේ ඒ සම්බන්ද අංශයට යාමට සිදුවෙනවා. ඒ ගිහින් තමන් අයදුම් කරන්නේ මොන වර්ගයේ ලයිසන් එකකටද කියන එක තෝරාගන්න ඕනේ සැහැල්ලු වාහන ගතහොත් එහිත් කාණ්ඩයන් දෙකක් තිබෙනවා ඔටෝ (Automatic) හෝ මැනුවල් (Manual)  ඒ තමයි දෙවැනි පියවර. ඔය පහල දාලා තියෙන්නේ ඩුබායි වල පිළිගත්ත ඩ්‍රයිවින් ස්කූල් හතරේ ලින්ක්ස් කැමතිනම් වැඩිදුර විස්තර දැනගන්න ගිහිල්ලම බලන්නකෝ.


http://www.alahlidubai.ae/adcsite/
http://www.gmdc.ae/
http://www.edi-uae.com/home.aspx
http://www.belhasa.com/educational.html

තුන්වැනි පියවර තමයි  ක්ලාස් (Class) යන එක මම කලින් සඳහන් කළා වගේ ඔබ ළඟ මව් රටේ රියදුරු බලපත ඇතිනම් ලැබෙන්නේ ක්ලාස් 20ක් පමණයි. නැතිනම් 40ක් ගතයුතුවනවා. මුලින්ම දෙන්නේ මුලසිට අගට මාර්ගනීති ගැන කියල දෙන පන්තිය. උදාහරණයක් ගත්තොත් ප්‍රධාන පාරක් වාහන දෙකක් අතර තියෙන්න ඕනේ පරතරය. කොපමණද? ඇත්තටම එය වේගය අනුව වෙනස් වෙනවා. සැබවින්ම තියාගන්න ඕනේ 3 second Distance (ඒ කියන්නේ තප්පර තුනක දුරක්. මොකද ඉස්සරහ වාහනේ බ්රේක් කලොත්  අපේ මොලයට වැටහෙන්න තප්පරයක්,මොලෙන් විධානේ කකුලට නිකුත්කරලා කිරාත්මක වෙන්න තප්පරයක්, සහ වාහනේ නවතින්න තප්පරයක්)  අනෙක් කාරණේ මාර්ග සඥාවක ( color lights) නවත්වන වාහන දෙකක් අතර තිබෙන්න ඕනේ දුර ප්‍රමාණය. තවත් වැදගත්ම කාරණයක් තමයි ඔබ ඔටෝ ගියර් වාහන පාවිච්චි කරනවානම් අනිවාර්යයෙන්ම කලර් ලයිට්ස් වල නියුටල් කල යුතුයි. මේ ආදී වශයෙන් අපි මේ පන්ති හඳුන්වනවා තියරි ක්ලාස් විදියට. 

අනෙක් පන්ති තමයි ප්‍රැක්ටිකල් පන්ති එතැනදී ඔබට වාහනයේ පාර්කින් (Parking) සඳහා පුහුණුව ලැබෙනවා. පාකින්ග් වර්ග කිහිපයක් මම පහතින් දක්වන්නම්.


Parallel Parking. එහෙමත් නැත්නම් pocket parking කියලත් හඳුන්වනවා.






Angle Parking


Reverse Parking






මෙහිදී ඉතා වැදගත් කරුණක් නම් මෙය සඳහා ඔබට පැති කන්නාඩි මැද කන්නාඩියට අමතරව මෙසේ පිටිපස බැලීමත් අනිවාර්‍ය වීම 


මෙම පුහුණුවෙන් පසුව ඔබ යොමුකරනු ලබනවා පරීක්ෂණයට. ඔබ එයින් අසමත් වුවහොත් නැවත මුලසිට පන්ති යාමට සිදුවේ. එයින් සමත් වුවහොත් ඔබ Signal Test එකට යොමුකෙරෙනවා. ඔබ අයදුම් කරනු ලැබුවේ manual බලපතක් සඳහානම් ඔබව යොමුකරනු ලබනවා Clutch Balance Test එකට.

මෙය විවිද නම් වලින් හඳුන්වනු ලබනවා. Clutch Balance Test, Hill Parking, නමුත් මා දන්න හැටියට Clutch Balance තමයි හරි වචනේ.

මෙහිදී ඔබව එක්සැමිනර් වරයා සමග පොඩි කඳුගැටයක්වෙත යවන අතර එහි මුදුනට පෙර නැවත්වීමට කියන අතර එහිදී ඔබ හෑන්ඩ් බ්‍රේක් ඇද වාහනය නැවත්වීමට කියන අතර එන්ජිම ක්‍රියා විරහිත කිරීමට සිදුවෙනවා. නැවත එන්ජිම පනගන්වා හෑන්ඩ් බ්‍රේක් මුදා හැර එක්සැමිනර් වරයා යන්න යයි පවසන තෙක් ක්ලච් එකෙන් සහ ඇක්සලේටර්එකෙන් වාහනය නවතා ගැනීමට සිදුවෙනවා. 




මෙහිදී බිඳක් වත් වාහනය පිටුපසට නොයෑමට ඔබ වගබලාගත යුතුවන අතර. එසේ පිටුපසට ගියහොත් පරීක්ෂණයෙන් ඔබව අසමත් වෙන අතරම නැවත පන්ති වලට සහභාගී වීමට සිදුවෙනවා (ඒවාට වෙනම ගෙවන්න ඕනේ නිකන් දෙන්නේ නැහැ) එයින් ඔබ සමත් වුවහොත් ඔබව Signal Test එකට යොමුකෙරෙනවා.

 Signal Test මාර්ග සංඥා පරීක්ෂණය.


මෙහිදී විවිධාකාර මාර්ග සංඥා පිළිබඳව පරීක්ෂාකර බලනවා. තියරි ක්ලාස් එකේදී මේ ඔක්කොම උගන්වන අතර. වැඩි හොඳට test එකට කලින් පාඩම් කිරීම වැදගත් වෙන  අතර පෙරදී එහි අඩංගු වූයේ ප්‍රශ්න 10 වුවත් දැන් ප්‍රශ්න 35ක් අඩංගු වෙනවා. (අපි ගන්න කාලේ 10යි.) RTA එකේ සයිට් එකෙන් ඔන්ලයින් test එකකට පුරුදු වෙන්න ඕනෙනම්

                                        මේ පින්තූරේ උඩ ඔබන්නකෝ

 එයින් ඔබ සමත් වුවහොත් ඔබව යොමුකෙරෙනවා Road test එක සඳහා



Road Test (Final Test)


මෙය ඉතා තීරණාත්මක වන අතර ඔබට රියදුරු බලපත හීනයක්ම වන්නේ මෙතනදීය. ඔබ ලබාගත් පන්ති වාර ගන අනුව ඒවාට සහභාගී වීම සිදුවන තර මෙහිදී ඔබට මාර්ගනීතිවලට අනුකූලව වැරදි රහිතව රිය පැදවීමට උගන්වනු ලබනවා.මෙහිදී ඔබ ඉගනගත යුතු කරුණුවලින් කිහිපයක් මා පහල සඳහන් කරනවා
 
අසුන් ගත විගසම සීට් බෙල්ට්  පැළඳීම  



අසුන සකසා  ගැනීම                                                               


පැති කන්නාඩි සහ මැද කන්නාඩිය සකසාගැනීම.


ඔබට හැරවීමට අවශ්‍ය නම් සංඥා ලබාදීම (Signal)            








මංතීරු මාරු කිරීම (Changing traffic lanes) 

මෙම ක්‍රියාවලිය කොටස් පහකින් සමන්විත වේ 
  1. අනෙක් වාහන වලට දැනගැනීමට සංඥා කරන්න 
  2. හැරවීමට අවශ්‍ය පස පැති කන්නාඩිය බලා වාහන නැතිබව තහවුරුකරගන්න.
  3. මැද කන්නාඩිය බලා වාහන නැතිබව තහවුරුකරගන්න


     
  4. Check Your Shoulder  ශෝල්ඩර් චෙක් කිරීම (Blind Spot චෙක් කරනවා කියලත් කියනවා)

                        
                            (මෙහිදී හිස හැරවීම අනිවාර්ය වේ)


දෙවන රූප සටහනේ සඳහන් ආකාරයට පැති කන්නාඩියට සහ මැද කන්නාඩියට නොපෙනෙන වාහන නැතැයි තහවුරුකරගන්න.


5. නැවත පැති කන්නාඩිය බලා lane එක (මංතීරුව) මාරුකරන්න.

මතක තබාගන්න ඉහත සඳහන් කරුණු ඉතා වැදගත් වන අතර ඔබගේ අවසන් පරීක්ෂණයේදී එක්සැමිනර් වරයා මේ කිව් කරුණු පිලිබඳ දැඩි අවධානයක් දෙනබව මතක තබාගන්න. කන්නාඩි බැලීමේදී ඇස් පමණක් හැරවීම නොකර සම්පූරණ හිසද හරවා ඒ දෙස බැලිය යුතුවන අතර එසේ නොවුනහොත් ඔබ අසමත් වීම අනිවාර්‍ය වේ



 ඉහත කිව් පිළිවෙලට තමයි ඩුබායි වල ලයිසමක් ගන්න තියෙන්නේ. මම මේ බොහොම කෙටියෙන් සඳහන් කරලා තියෙන්නේ. හරිම අමාරුයි ගණන් එක. එය ගොඩක් දුරට රැඳිලා තිබෙන්නේ දක්ෂකමට වැඩිය වාසනාව මත කියන එකයි මෙහෙ මිනිස්සු විශ්වාස කරන්නේ ඔබ කෙතරම් පළපුරුදු රියදුරෙකු උනත් මෙහිදී ෆේල් වීම අනිවාර්යයි. ඇත්තටම මෙහෙ ලයිසම අතේ තියෙනවා කියන්නේ උපාදියක් අතේ තියෙනවා වගෙයි. කොටින්ම කිව්වොත් ඕනෙම වෙලාවක ජොබ් එක ෂුවර්. රියදුරු රැකියාවට පමණක් නෙවෙයි මෙහෙ ගොඩක් රැකියාවලට රියදුරු බලපත්‍රය බලනවා. මම දන්නා කිහිප දෙනෙක් ඉන්නවා ලංකාවේ මුදල් වලින් රුපියල් ලක්ෂ 6කට වඩා වැය කරපු උදවිය. නමුත් තාමත් බලපත්තරේ හම්බ වෙලා නැහැ ඔවුන්ට. මෙහෙ සාමාන්‍යයෙන් ලයිසම ගන්න වැයකරන්න ඕනේ ලංකාවේ රුපියල් ලක්ෂ එකහමාරක් විතර මූලිකව එකපාරින් පාස් උනොත් නැත්නම් ඉතින් අර උන්නහෙලගෙම සන්තැසිය තමයි ඔහෙලටත් වෙන්නේ. හැබැයි එක දෙයක්. පරණ වාහන කටුවක් ගන්න පුළුවන් ඊට වඩා අඩුවට. හිකිස්......   මෙහෙ බලපත්තරේට ජාත්‍යන්තර තලයෙන් ලැබෙන්නේ ඉහල වටිනාකමක්. එකත් නොකියාම බැහැනේ. මෙහෙ නීති හරිම තයි ඒවා ගැන මගේ ඊළඟ පොස්ටුවෙන් ලියන්නම් එතකල් හැමෝටම ජය වේවා කිව්වා


ප.ලි. හිරු අක්කේ...... මෙන්න මෙහෙමයි පිටරටවල් වල වාහන ගෙනියන්නේ අයියා( ඔයාගේ මහත්තයා) කියන කතාව සහතික ඇත්ත. මෙහෙම ගෙනියපු කෙනෙක්ට අවනීතියට ගෙනියන්න අමාරුයි.  
  

109 comments:

  1. ගොඩක් මහන්සිවෙලා ලියපු ලිපියක්.. බොහොම ස්තුති මචං ගොඩක් අයට වැදගත් වෙයි..උඩින් උඩින් කියෙව්වා..නිවාඩු පාඩුවේ හොදට කියවන්න බුක් මාර්ක් කළා...

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් කිව්වා චමි. අනිවා හීන් සැරේ කියවන්නකෝ. කවුද දන්නේ මෙහෙට කාලෙකදී ආවොත් වැදගත් වෙයිද කියලා

      Delete
  2. මචෝ ඩුබායි එන්න ටිකට් එක බුක් කරපාං. මම තියෙන සේසත හරි වියදං කොරල එන්නං ඔය ලයිසම ගන්න. මමත් නොදන්න එකා උනාට ඔය 4 වැනියට කිව්ව බ්ලයින්ඩ් ටෙස්ට් එකනං කරනවා අනිවා.. දැං තමා දැනගත්තේ ඒකත් පරික්ෂණයක් කියලා... ස්තුතියි අනේ හරි වටිනවා මේවා.

    ප.ලි. - පිස්සුද යකෝ රු. 10000 ක් තිබුනම මෙහේ ලැයිසොම අතේ තමා...

    ReplyDelete
    Replies
    1. හිකිස්......... දේශක කමත් එපා උනාද? තවම ඉතිරි හරිය කිව්වේ නැහැ ඒ ටිකත් කියවලම එන එක ගැන තීරණය කොරානන් හරි.තැන්කු කිව්වා අගය කිරීමට

      හිකිස්......... ගෙදරටම ගෙනත් දෙවි ලංකාවෙ නම්

      Delete
    2. හෑ බං තව ටෙස්ට් තියෙනවැයි..

      Delete
    3. test වලට පස්සේ තමයි හොඳම හරිය. ඒක පොස්ට් එකකින්ම ඕනේ දාන්න.

      Delete
    4. බොට තාම විභගෙද???

      Delete
  3. නොදන්න දේවල් ඉගෙන ගත්තු පෝස්ටුවක් !

    ReplyDelete
  4. කෝරලේ මලය ටික දවසකට පස්සේ නේ..? වැදගත් පෝස්ටුවක්. නොදන්නා කරුණු ගොඩක් තියනවා. මෙහෙ වගේ ලේසි නෑ ලයිසන් ගන්න එක නේද.
    ක්ලච් බැලන්ස් එක ගැන මෙහෙ පැරණි ඩ්‍රයිවර් කෙනෙක් කියපු කතාවක් මතක් උනා.
    ඒ කාලේ ක්ලච් බැලන්ස් චෙක් කරලා තියන්නේ වාහනේ පස්සහ රෝදයට පිටිපස්සෙන් ගිනි පෙට්ටියක් තියල. වාහනේ ඉස්සරහට ගනිද්දී පොඩ්ඩක් වත් ගිනි පෙට්ටිය තැලෙන්න බෑ.
    මිනිහ ඇත්ත කිව්වද බොරුවට කිව්වද මන්දා..

    ReplyDelete
    Replies
    1. ටෙස්ටින් පේජ් එක මරු නේ. බුක් මාර්ක් කර ගත්තා.

      Delete
    2. පිස්සු හැදෙන්න වැඩ චන්දන අයියේ. හප්පා මිනිස්සුන්ට මෙහෙ ලයිසම ගත්ත කියන්නේ නිවන් ගියාවගෙයි. ඔය කතාව ඇත්ත වෙන්න ඕනේයන්තම් හරි පිටිපස්සට ගිය කියන්නේ ෆේල්. මම හිතන්නේ මිනිහ කියල තියෙන්නේ ඇත්ත. ඒක මෙහෙ ගවර්මන්ට් එකෙන්ම දෙන එකක්. අපිට මුහුණ දෙන්න තියෙන්නේ ඔය හා සමාන එකකට. තමන් ගැන සෑහීමකට පත්වෙන්න තමයි. ඔය පේජ් එක දීල තියෙන්නේ.

      Delete
  5. කස්ටියට හුගක් වැදගත් පෝස්‍ටුවක්....එල එල.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සිහින.........:)

      Delete
  6. හපෝ... මෙහෙ නම් ඕන කෙනෙක්ට ගතහැකි ලයිසම කියක් හරි දුන්නම. ඔය වෛද්‍ය වාර්තාත් කියක් හරි දුන්නහම ගතහැකි. ටෙස්ට් කරන්න දේකුත් නැ. ඒ හින්දම වෙන්න ඇති ඕක කවුරුත් ගනන් නොගන්නේ. කිසිම විනයක් නැතුව පාරේ වාහන ගෙනියන්නේ. ඔහෙ වගේ කටු කාගෙන ලයිසම ගත්ත නම් මෙහෙ අයටත් ඕකේ වටිනාකමක් තියේවි.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි සමනලී අක්කේ නිකන්ම වගේ හම්බ වෙන දේ වටිනා කමක් නැහැනේ. කට්ට කාලගන්න තරමට අගය වැඩියි. මිනිස්සු වැරදි කරන්න බය වෙනවා මම ඒ ගැන වැඩිපුර විස්තර ඊළඟ පොස්ටුවෙන් දාන්නම් කෝ.

      Delete
  7. අද තමයි කොරලේ මහත්තයගෙ වලව්ව පැත්තෙ ආවෙ. අපි කලින් හිටිය රටේ ( සැම්බියාවේ ) බැරල් පාකින් කියල එකක් තියෙනවා. කොච්චර ලංකාවෙ දක්ෂ උනත් ඒකෙන් ෆේල් වෙනව. මොකද ? ඒක හරියටම එයාල බලනවා. මෙහේ වගේ මුදලට කිසිම දෙයක් කරන්නෙ නෑ. නීති අකුරටම පිළිපදින්න ඕනෙ. හොඳ වැදගත් පෝස්ට් එකක් මල්ලි.

    ReplyDelete
    Replies
    1. ඔය බැරල් පාකින් ගැන තමයි මම පාර්කින් test ගැන කියද්දී කිව්වේ ඉස්සර වෙන්න ඇති ඒ බැරල් තියල තියෙන්නේ දැන් තියන්නේ ප්ලාස්ටික් කෝන්. පොඩ්ඩක්වත් වැදුනොත් ෆේල්. බොහොම සාදරයෙන් යුතුව පිලිගන්නවා ඔබව වලව්වට. එමෙන්ම බොහොම ස්තූතියි අගයකිරීමට.

      Delete
  8. //ප.ලි. හිරු අක්කේ...... මෙන්න මෙහෙමයි පිටරටවල් වල වාහන ගෙනියන්නේ අයියා( ඔයාගේ මහත්තයා) කියන කතාව සහතික ඇත්ත. මෙහෙම ගෙනියපු කෙනෙක්ට අවනීතියට ගෙනියන්න අමාරුයි. //

    මොන පිස්සුද මලයා.. අපේ මහත්තයත් මෙහේ ඩ්‍රයිව් කරන්නෙ හරක් තාලෙට තමයි..... ඒ උනාට එයා මදි නොකියන්න අනිත් උන්ට බනිනවා... හි හි

    ඔය ඔයා කියපු ටිකම මටත් කිව්වා.. හැබැයි එහෙත් ඉන්නවලු අන්තිම කැතට එලවන අය...

    මෙයාගේ ලිව්මේ වැරදි ගොඩක් අඩුවෙලා.. කොල්ලා දියුණු වෙලා ඈ... සන්තෝසෙ බැරුවා.... හි හි...

    ReplyDelete
    Replies
    1. අක්කේ වවුලගේ මගුලට ගියාම ඉන්න වෙන්නේ එල්ලිලා අපි හරියට ගිහිං බහ අනෙක් උන් යන්නේ රුයිතෙට නම් වැරදි පේනකොට දන්නා කෙනාට කේන්ති යනවා සර්ව සාදාරනයි.

      හපොයි ඉන්නවා මොකද නැත්තේ. කොහෙත් ඉන්නවා හරක්. මෙහෙ ඉන්න උන් හරක් උනාට සල්ලි කාරයෝ සල්ලි නිසා තමයි හරක් වෙලා තියෙන්නේ

      තැන්කු කිව්වා. ලියනකොට ලියන කොට පොඩ්ඩ පොඩ්ඩ හැදෙනවා. අක්කල අපේ වැරදි පෙන්වල දෙන තරමටනේ වැරදි හදාගන්න පුළුවන් වෙන්නේ. :)

      Delete
    2. අර හා පැංචි බිලොග් එක පටං ගත්තට ලියන්න එහෙම අදහසක් නැතුව ඇති නේද...

      Delete
    3. ඒකට දැන් ජොබක් හම්බ වෙලා උදෙන්ම්ම යනවා නැන්දම්මා වගේ. හවස එන්නේ පාන් කියාගන්න බැරිව. තාම ඉතින් හුරුවක් නැහැනේ අක්කේ ජොබක් කරලා. ෆෙඩෙක්ස් එකේ. ඒකට පුටුවේ වාඩිවෙලා කරන ජොබත් අමාරුයිලු. මම දැන් අවුරුදු 3ක් තිස්සේ කොරනවා ඒ ගමන්ම බ්ලොගුත් ලියනවා. හිකිස්.......

      Delete
    4. තව අනුන්ගේ බ්ලොග් වලට හොටත් දානවා. මුනූපොතේ අපි වගේ ලස්සන කොල්ලෝ එක්ක චැට් පාරකුත් දානව.. තව මොනවද Mr. CDMA??

      Delete
    5. යකඩෝ කට කට තාම ටික දෙනයි මාව අඳුනන්නේ. කොහොම උනත් මගේ ලනුව කෑවනේ. මම ටෙලිකොම් එකේ නෙවෙයි වැඩ කරන්නේ. ෆෝන් වර්ග ගැන කියන්නේ :P

      Delete
  9. උඩින් උඩින් බැලුවා. පස්සේ හෙමින් සැරේ බලන්න ඕන. ගොඩක් අයට වැදගත් වෙයි මචං මේක. මොකෝ පරක්කු ලියන්න???

    ReplyDelete
    Replies
    1. හීන් සැරේ බලන්න ඕනේ. මේක සෑහෙන්න විස්තරයක්නේ. ඔපිසියේ වැඩයි පාඩමුයි ගෙදර උන්දැට උදව් කරන්නයි ගියාම කෝ ලියන්න වෙලාවක්? හිකිස්..... මම පිටට කෝරලේ උනාට උන්දෑ මගේ උසස් නිලධාරියා නොවෑ. තැන්කු කිව්වා මචං

      Delete
  10. බොහෝ දෙනකුට ඉතාම වටින ලිපියක්. අනේ ඒත් මට මොන ලයිසන්ද කොල්ලෝ. ඒත් මේ පෝස්ටුවට ඔබෙ ගෙන ඇති වෙහෙස හිතාගන්න හැකියි.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. තැන්කු කිව්වා නලින් අයියේ. ඔව් පොඩියට රිසර්ච් පාරක් නම් දුන්න තම වැඩේ කරන්න කලින්. අපි ගන්න කාලෙට වඩා වෙනස් නේ

      Delete
  11. වටිනා ලිපියක් !

    ReplyDelete
  12. හප්පා පිස්සු පීකුදු වෙනවා ලයිසන් ගන්න විදිය කියෙව්වම.ඔකොමට කලින් මෙහෙ ලයිසන් එක අරන් ඉන්න ඕන ඊට පස්සේ වෙන රටක ලයිසන් ගැන හිතනවා.

    ReplyDelete
    Replies
    1. අනිවා මලේ මමත් මේ පාර ආවගමන් ගන්න ඕනේ ලංකාවේ ලයිසම

      Delete
  13. ඔන්න මාත් කෝරලේ වලව්වට ගොඩ වුනා , එහෙ එක්සැමිනර් ල මෙහෙ වගේ පගාව වගේ එකක් ගන්නේ නැතෙයි ? , ප්‍රශ්න 35 න් කීයක් හරි යන්න ඕනෙද ? ,
    මට නම් ඩුබායි ලැයිසොන් එපෝ..............:D :D :D

    ReplyDelete
    Replies
    1. 35 න් 30ක් කියල තමයි කියන්නේ. අනතුරු වැඩි නිසා ලයිසන් ගන්න ප්‍රමාණය වැඩි නිසා තමයි ක්‍රමවේදය දැඩි කරලා තියෙන්නේ. ඔන්න සාදරයෙන් පිලිගන්නවා වලව්වට

      Delete
  14. පිස්සු හැදෙනවානෙ බං...!
    ඒකට මෙහේ...පුහ්..! පටස් ගාල ...ලයිසොන්...!

    ReplyDelete
    Replies
    1. හිකිස්.............. මෙහෙ එහෙම බැහැනේ අයියේ ජයවේවා!

      Delete
  15. ඩුබායි ලයිසන් එක ගන්න ලේසි මගක් කිව්වම මම බැලුවෙ කෝරලේ මහත්තයා RTA එකත් එක්ක එකතු වෙලා සහනදායී පැකේජ් එකක් මගින් තැපැල් මාර්ගිකව වැඩේ දෙන්න යනවා කියලා...මේක නීත්‍යානුකූලව ගන්න ක්‍රමේ නේද? හොඳයි..හොඳයි..

    ReplyDelete
    Replies
    1. මොකද නැත්තේ අපේ පොරක් ඉන්නවා RTA එකේ කනෙනුත් රිංගන මගේ පරණ පොස්ට් වල කියල තියෙන්නේ ටිරා කියල අන්න පොර තමයි. වැඩේ පාඩුමත් නැහැ හිකිස්...... 100% නීත්‍යානුකූලයි කිසිම හොරයක් බොරුවක් නැහැ.

      Delete
  16. අඩේ ලේසි නෑනේ බං බලාගෙන ගිහාම! මෙහෙ දෙන්නේ රිවස් එකයි හිතුනොත් ක්ලච් බැලන්ස් එකයි විතරයි නේ බං!

    ReplyDelete
    Replies
    1. හිකිස්....... හැබැයි නාඩියෝ ඔය මොන කතා කිව්වත් මට තාම ලංකාවේ ලයිසම නැහැ. හිකිස්.......

      Delete
  17. ඉතා වැදගත් ලිපියක් කෝරා...

    අබුඩාබි වලනම් ඔච්චර අමාරු නෑ බන්.. ලංකාවෙ ලයිසන් එකෙන් යනවනම් ක්ලාස් හතරයි ( ලෙසන් අටයි ) රිටන් ටෙස්ට් එක, ඊට පස්සෙ රෝඩ් ටෙස්ට් එක.. මමනම් එකෙන්ම ගොඩ යන්න වාසනාවන්ත වුනා.. හැමෝම කියන්නෙ මෙහෙ ලයිසන් එක ගන්න වාසනාව තදින්ම බලපානවා කියලා. ඩුබායි කාරයා සල්ලි හම්බ කිරීමත් අරමුණු කරගෙනම වගේ සිස්ටම් එක ඩිසයින් කරලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ආ.......... එක ගැනනම් සෙන්නෝ මම හරියටම දන්නේ නැහැ. නමුත් රසල් කයිමයි සාජා වලත් ගොඩාක්ම අමාරුයි ඒක මම අත් දැකල තියෙනවා. මෙහෙනම් සෑහෙන්න ලේසි උන එක පාරින් පාස්. නමුත් සාජවල 3න් පාරක් ෆේල්. මම ලයිසන් ගණන්කොට හිටියේ ස්ටුදෙන්ට් විසා වලට නිසා. මොරාල් එක බස්සන්න එහෙම ෆේල් කරනවා කියලයි කියන්නේ. මෙහෙනම් සල්ලි ගරන්නමයි සිස්ටම් එක හදල තියෙන්නේ මුන්ගේ ලොකුම ආදායම RTA එකනේ

      Delete
    2. hihi..මරු නම...කෝරා :)

      Delete
    3. හිකිස්...... අද කාලේ රජයේ නිලධාරියෙක්ටවත් නිකන් ඉන්න නැහැ නම් පටබැඳෙනවා. ඔන්න ඕකයි තත්වේ සයුරි අක්කේ.

      Delete
    4. ඇයි බොල උඹමනෙ කිව්වෙ මම දැන් "කෝරා" කියලා..

      Delete
    5. ඒ ඉතින් හිරේ ගිය දුකටනේ. දෙකක් දාල ඉන්න වෙලාවේ (කසියා පොට් එකකට ගිහිං එමින් ගමන්)දැන් බෝල රාජකාරි වෙලාව :) අවුලක් නැහැ බන් මොනා කිව්වත් කිසි කහටක් නැහැ

      Delete
  18. ලන්කාවෙ ලයිසන් එක ගැන නම් ඉතින් කුමන කතාද?

    අපේ චූටි අක්කට, එහා ගෙදර ඉන්න අක්කට, තව නෑදෑ අක්ක කෙනෙකුට ලයිසන් තියේ. වාහනේ එලවන්න බැහැ තාම හැබැයි. ඒකෙන්ම හිතාගන්න පුලුවන්නෙ. ඩ්‍රයිවින් ස්කූල් එකේ තියෙන වාහනේ එහාට මෙහාට කරගන්න පුලුවන් උනු හැටියෙ ලයිසන් දෙනව. ලයිසන් අරන් මාසයක් විතර ගියාට පස්සෙ හැකියාව ප්‍රදර්ශනේ කරනව :D

    ReplyDelete
    Replies
    1. හිකිස්...... අපෙත් දන්නා කෙනෙක් ඉනන්ව නම සඳහන් කරන්න බැරි ඒ යක මේක බලන නිසා මිනිහටත් ලයිසන් තියෙනවා හැබැයි වාහනේ ස්ටාර්ට් කරගන්න දන්නේ නැහැ. හිකිස්........

      Delete
  19. ලංකාවේ රියදුරන් ගණන් ගන්නෙවත් නැති වැදගත් කරුණු ගොඩක් මේ පොස්ටුවේ අඩංගු වෙලා තියනවා. ඇමරිකාවේ ලයිෂන් ගන්න එකත් ලංකාවේ තරම්ම ලේසිත් නෑ අමාරුත් නෑ :) පගාවල් එහෙම මුකුත් නෑ. තමන්ගේ වාහනෙන්ම පරීක්ෂණයට ගියා, ආවා එච්චරයි. හැබැයි ඔයාලට වගේ පන්තිත් නැහැ.

    අපිටත් අනිවාර්ය දෙයක් තමයි පැරලල් පාකින්. මෙහෙදී හරියට ඒක ඕන වෙනවා. ඔට්ටුයි ලංකාවෙනම් ඕක කරන්න බෑ. ඒ මොකෝ පස්සෙන් ආපු එකා ඇවිත් පාක් කරන්න කලින් හොම්බ දාගන්නවනේ. ඒ අතින් මේ රියදුරන්ට පුදුම ඉවසීමක් තියෙන්නේ. ඕක පුරුදු වෙන දවස්වල අපි වැරදි වැරදි පැරලල් පාක් කරද්දී කිසිම හෝන් පාරක්වත් ගැහුවේ නෑ.

    අනිත් වැදගත්ම දේ "බ්ලයින් ස්පොට් චෙක්" එක. හයිවේ වල ලේන් මාරු කරද්දී ඕක නොකරොත් වැඩි කල් ජිවත් වෙන්න හම්බ වෙන්නේ නෑ කියලා ෂුවර්. ලංකාවෙත් දැන් හයි වේ එකක් තියන නිසා මේ ගැන රියදුරන් දැනුවත් කරනවානම් හොඳයි. පරික්ෂනේදී ඕක නොකලොත් අනිවාර්යෙන් ෆේල් තමා.

    ReplyDelete
    Replies
    1. අනිවා සයුරි අක්කේ පැරලල් පාකින් කරන්නේ රිවස් එකට. ලංකාවේ ඒ දේ කරන්න ගියාම මම හොඳට දැකල තියෙනවා ගොඩ දෙනෙක් අනාගන්නව මුලින්ම හොම්බ දාගෙන.

      බ්ලයින්ඩ් සපෝට් චෙක් කලේ නැත්නම් ඉතින් මාරුව ඇත ළඟ තමයි අද උදේ මේ කොමෙන්ට් එක කරන්න විනාඩි 20කට කලින් එක අරාබි වල් ඊරියෙක් නිසා මාවත් අමාරුවේ වැටෙනවා අඟලක් තියෙද්දී මම අනෙක් පැත්තට ගත්ත නැත්නම් ඉවරයි. ගොඩක් මිනිස්සු අමතක කරන දේ තමයි බ්ලයින්ඩ් සපෝට් එක කියන්නේ නමුත් එකේ වටිනාකම කියල නිමකරන්න බැහැ. ලයින් 8ට 140 ස්පීඩ් එකට එකපිට මාරු වෙනවනම් එකපිට හැම ලේන් එකකටම බලන්න ඕනේ කරදර කාරී වැඩක් වජේ පෙනුනත් අනතුරු ගොඩක් අඩුකරගන්න පුළුවන්

      Delete
    2. // එක අරාබි වල් ඊරියෙක් නිසා මාවත් අමාරුවේ වැටෙනවා අඟලක් තියෙද්දී මම අනෙක් පැත්තට ගත්ත නැත්නම් ඉවරයි.//

      හපොයි පරෙස්සමෙන් යන්න මලයා. ඕක තමා නරක. තමන් කොච්චර හොඳට ගියත් අනිත් අයගේ වැරදි නිසාත් අනතුරු වෙනවා.

      // ලංකාවේ ඒ දේ කරන්න ගියාම මම හොඳට දැකල තියෙනවා ගොඩ දෙනෙක් අනාගන්නව මුලින්ම හොම්බ දාගෙන.//

      මේකත් ඇත්ත තමා කතාව. මමනම් අදහස් කරේ ලංකාවේ පැරලල් පාක් කරන්න හිතලා වාහනේ නැවත්තුවොත් රිවස් කරන්න කලින් පස්සෙන් ආපු එකා ඇවිල්ලා හොම්බ තියා ගන්නවනේ. එයාලට කල්පනාවක් නෑ දැන් මූ රිවස් කරන්න යන්නේ, මූට ඉඩ දෙන්න ඕන කියලා :)

      Delete
    3. මගේ ඊළඟ පොස්ට් එක ඒවගේ අනතුරු ගැන තමයි අක්කේ.

      ඔව් අක්කේ මොකද ගොඩ දෙනෙක් ඒ ගැන දන්නේ නැහැ දැනගත්තත් ගණන් ගන්නේ නැහැ එකයි අවුල. පොලියියෙන් ඇල්ලුවත් වියදම් වෙන්නේ රුපියල් 500යිනෙ

      Delete
  20. එච්චර අමාරුද? එතකොට ඔය මැදපෙරදිග අනිත් රටවල?
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. අනිවා ඩුඩ් අයියේ. අනෙක් රටවල් වලනම් මෙච්චර නැහැලු. මෙහෙ ලයිසන් එකට ලෝකය පුර ලොකු පිළිගැනීමක් තියෙන්නේ ඒ නිසයි.

      Delete
    2. මම අහලා තියෙනවා (මේවා නිකං කතන්දරද දන්නෙත් නෑ) ට්‍රක් එක කන්දෙ නවත්තලා රෝදෙ පිටිපස්සෙන් ගිණිපෙට්ටියක් ඔබනවලු අඩයක් වගෙ. ඊට පස්සෙ ස්ටාට් කරලා ක්‍රමයට පික් අප් කරන්න ඕනෙලු සෙන්ටිමීටරයක්වත් පස්සට නො එන්න. ආවොත් ගිණිපෙට්ටිය තැලෙනවානෙ. ඕවා ඇත්තද බං?
      henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    3. හරියටම හරි අයියේ හැබැයි දැන් ඒ ක්‍රමේ යල් පැනලා. දැන් මුන් පාවිච්චි කරන්නේ ඊට වැඩ දියුණු ක්‍රම. පොඩ්ඩක්වත් පස්සට එන්න බැහැ ආවොත් ෆේල්. එහෙම වෙන එකත් හොඳයි මැනුවල් වාහනේක ක්ලච් බැලන්ස් එක කියන්නේ හරිම වැදගත් නේ. ඔය දේ මට හරියටම තේරුනේ කඩුගන්නාවේදී හිකිස්....

      Delete
    4. මෙහෙ නම් ටිකක් ලේසියි ඩුඩ්.

      Delete
  21. වැදගත් ලිපියක් කෝරලේ මහත්තයා...

    //තමන්ගේ වාහනය ඇතුලේ ඉන්න අයගේ පමණක් නොවෙයි. පාරේ යන අහිංසක මිනිස්සුන්ගේ ජීවිතවල වගකීම පවා තියෙන්නේ රියදුරාගේ අතෙයි//
    මේක තේරුම් ගත්ත මිනිස්සු කීයෙන් කී දෙනාද ඉන්නෙ? සමහරුන්ට සුක්කානම අතට ගත්තම අනිත් හැමදේම අමතකයි. එයාලගෙ හිතේ එහෙන් මෙහෙන් දාලා, මාර්ග නීති අමතක කරලා උපරිම වේගයෙන් ගියාම ඒක හරි ලොකු වැඩක් කියලා. මට නම් පුදුම තරහක් එන්නෙ ඒවගේ හැදියාවක් නැතුව වාහන එලවන අයත් එක්ක. ඒ වගේ මිනිස්සු හින්දා ජීවිතෙන් වන්දි ගෙවන්න වෙන්නෙ පාරේ යන අනිත් මිනිස්සුන්ට.

    ReplyDelete
    Replies
    1. වේගය කියන්නේ හරි ලොකු වැඩක් කියල හිතන අය මට්ටු වෙන්නේ අනුන දවසට තමයි. එයාල තේරුම් ගන්න කොට පරක්කු වැඩියි. මමත් ඔය වේගයට ආසකලා කෙනෙක් මම මට්ටු උන තාල් අනෙක් පොස්ට් එකෙන් ලියන්නම් කෝ......

      Delete
  22. මාර වැදගත් දේවල් ටිකක්.
    මේක කියෙව්වහමයි මතක් උනේ ලයිසන් ගන්න ඕන කියලා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි! සිරාවටම මේ මොනවා කියෙව්වත් මටත් ලංකාවේ ලයිසම නැහැ තාම.

      Delete
  23. සෑහෙන දේවල් ඉගෙනගත්ත පෝස්ටුවක්. ස්තූතියි ඔබට. ඇත්තම කියනවනම් මට තරහ යන්නෙ හරි ම අඩුවෙන්. හැබැයි පාරේ වාහනයක් එළවද්දි නම් සෑහෙන්න තරහ යනවා මටත් නොදැනි ම. ලංකාවේ නම් යන්තම් සුක්කානම කරකවන්න දැනගත්ත ම හොඳටම ඇති, හොඳ නමගිය පුහුණු ආයතනයකින් පුහුණුව ලබන ගමන්. සල්ලි අයකරන්නේ එයාලා එක්සැමිනර් මහත්තයටත් එක්කමනේ :)

    ReplyDelete
    Replies
    1. හිකිස් එක ඇත්ත ලහිරු අපේ හාමිනේනම් කියන්නේ කිලෝ මීටර් 100ත එකක් පරුස වදනක් මගේ කටින් පිටවෙනවා කියල මෙහෙදී. හැබැයි ලංකාවෙනම් මීටර් 100ට දෙකක් බැගින් වගේලු. හිකිස්..... පගාවට ඔක්කොම යටයි නේ.

      Delete
  24. පොස්ට් එක සේව් කරලා තියාගන්න ඕනේ.. ඩුබායි වල ලයිසන් එකක් ගන්න ඕනේ දවසක අය කියවන්න

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඔයත් ඉතින් මෙහෙ පදිංචියට ආව දවසක. කැරලි ඕනේ නැහැ ලේසියෙන්ම මේ වගේ දේවල් අනුගමනය කරාම ලයිසම අතේ.

      Delete
  25. අඩෝ උඹ ඉන්නෙත් ඩුබායි හරි අබුඩාබි හරිද?

    එලනේ . . .

    ReplyDelete
    Replies
    1. ඩුබායි වල තමයි දුකා දැන් අවුරුදු 21කුත් ඉවරයි මෙහෙට.

      Delete
    2. ඒ කියන්නෙ උඹ දැන් ඔටුවෙක්... :-)

      Delete
    3. ඒ වගේ තමයි. හිකිස්.......

      Delete
  26. @ දුකා
    හ්ම්ම්
    පියකරු ළමා සමාජයට තවත් එකෙක්...
    අවුරුදු 21 ක් මෙහෙටම ඉවරයි කියන්නෙ ඉතින් ෂේක් උන්නැහේ එක්ක ඒ දවස් වල වැලි කෙලියෙ සෙල්ලං කරපු කට්ටිය වෙන්ටැ..

    ReplyDelete
    Replies
    1. යකඩෝ මම එච්චරටම නාකි නැහැ බොලව්. අවුරුදු එකහමාරෙන් වගේතමයි මෙහෙට සම්ප්‍රාප්ත උනේ. ෂේක් ලොක්කගේ ලමයිනම් පොඩි ඇති.

      Delete
    2. හෝක් හෝක් හෝක්.....පව් ඈ.................

      Delete
  27. හ්ම්... කම්මැලි ගතියෙන් ලිව්වා කිව්වට හොදට මහන්සියෙන් ලියලා.වටිනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ධම්මික. කම්මැලි කමනම් ඉහටත් උඩින් තියෙනවා මට මේ දවස් වල :)

      Delete
  28. මගේ යාලුවා පළමු සැරේම ගත්තා බන් ඔය ලැයිසොම... ඌත් මට කිව්වා ඌටත් පුදුමයි කියලා... විස්තරය නම් නියමෙට තියනවා... මහන්සි වෙලා ලියලා තියෙන බව දැනෙනවා.... මම නම් ලයික්...

    ReplyDelete
    Replies
    1. එකනම් ඉතින් එයාගේ ලක් එකම තමයි සිරා අයියේ. තැන්කු කිව්වා. :)

      Delete
  29. සෑහෙන්න වටිනවා මේ කරුණු ටිකනම්.

    මෙහෙන් යවන හවුස් ඩ්‍රයිවර් වලට එහෙමත් ඕක ගන්න ඕනෙද බං? පත්තරේ ඇඩ් තියෙනවනේ සෑහෙන්න ඕකට ඉල්ලලා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඕනෙම කෙනෙක් මෙහෙ වාහනේ ගෙනියනවානම් ලයිසම ගන්න ඕනේ නැතිනම් ඩ්‍රයිවින් සීට් එකේ ඉන්දගන්නවත් දෙන්නේ නැහැ අහුඋනොත් දඩේ ලක්ෂ එකහාමාරයි. ඉලලනවා උනාට ලයිසම ගන්න බැරි උනොත් වෙන්නේ එක්කෝ ආපහු එන්න නැතිනම් ගාඩනර් වැඩේ කොරන්නයි.

      Delete
  30. අනෙ අම්මෝ අයියේ... මට නම් මේක කියවලා කලන්ත කැරකිල්ල වගේ.. මම මේ ලංකාවේ ලයිසන් එක ගන්නත් කලින් පාර ඇබ්සන්ට් දාපු එකී...

    ReplyDelete
    Replies
    1. ඒ උනාට නැඟී ලංකාවේ ලයිසන් එක ගන්න එච්චර අමාරුවෙන එකක් නැහැ. මෙහෙ තමයි අමාරු. :) කිව්වට මොකද ඩුබායිවල එකපාරින් පාස් වුනාට මමත් සාජා වල 3න් පාරක් ෆේල්. හිකිස්...........

      Delete
  31. ලගකදී ඔය පැත්තට පාත් වෙන්න ඉඩක් ලැබෙන්න ඉඩ තියනවා එත් බලාගෙන යනකොට එහෙ වාහනය එලවනවා කියන්නේ හිනයක් වගේ වෙයි වගේ... මෙහෙත් තාම ට්‍රයල් තියෙන්නේ මේ මාසේ.... අනේ මන්දා ඔන්න මමත් අලුතෙන්...

    ReplyDelete
    Replies
    1. එන්න එන්න ආව වෙලාවක් එන්නකෝ හම්බ වෙන්නත් එක්කලා. ඒත් ඉතින් මෙහෙ වාහනයක් නැතිව ඉන්නවා කියන්නෙත් පිස්සු හැදෙන වැඩක්. ගෙටම වෙලා ගෙයි ගෙම්බා වගේ තමයි එතකොට ඉන්නවෙන්නේ. කොහේ හරි යන්න ඕනෙනම් එක එකාට වැඳ වැඳ. ඔන්න දේවා ඔයාවත් සාදරයෙන් පිලිගන්නවා වලව්වට.

      Delete
  32. ෙම්‍ක ෆලෝ කරන්න අමතක වෙලා පෝස්ට් එක දැක්කෙ පරක්කු වෙලා... ඔන්න පරක්කු වෙලා හරි ආව.
    එක වැරම ලංකාවෙ ලයිසන් එකක් ගන්න එක ලාබයි.. මොකද ලංකාවෙ ලයිසන් ගන්න ඩ්‍රයිවිං පුළුවන් ඕනත් නෑනේ..??
    ඩුබායි ගිහිං ක්ලාස් හතළිහකට පලයංකෝ?????? ඔන්න මමත් ලයිසන් ගන්න ඉන්නෙ.. ඩුබායි ක්‍රමේට කෝරළේ මහත්තයගෙ ටියුෂන් එකෙන්..

    ReplyDelete
    Replies
    1. මේකයි යාන්ත්‍රිකයෝ මේ කොච්චර කිව්වත් මට ලංකාවේ ලයිසම නැතෝ තාම ගණන් බැරි උනා. හිකිස්. අනිවා අනිවා. :)

      Delete
    2. අන්න දැන් GCC ලයිසන් තියේ නම් එක දවසින් ලංකාවේ ලයිසන් එක දෙනවලු. ට්‍රයි එකක් දෙන්න.

      Delete
    3. හප්පට සිරි එහෙමද එහෙනම් දෙන්නම්කො ලොක්ක මේ සැරේ වැඩේ. තැන්කු අයියේ නිවුස් එකට

      Delete
  33. පට්ට වටිනවා මචං. ලංකාවේ මේ standard එක ගන්න බෑ. ඕවා ගෙනාපු ගමන් අපේ එවුන් ලිප්ටන් වටරවුමට ගිහින් අඩනවානේ

    ReplyDelete
    Replies
    1. ලංකාවේ හොඳ දෙයක් කරන්න හැදුවත් උද්ගෝෂණ නේ. කතාකරලා වැඩක් නැහැ. එදා ඉඳලා පාලනේ වැරැද්ද තමයි. :)

      Delete
  34. අරාබි රටවල එහෙම තදින් නීතිය ක්‍රියාත්මක කරන නිසා මිනිස්සු අතින් අනතුරු වෙනව අඩුයි. මම ඒ රටේ නිලදාරින්ට හිස නමා ගෞරව කරනවා මොකද ඔවුන් දන්නවා මිනිස් ජීවිතයක වටිනාකම.

    ReplyDelete
    Replies
    1. අනිවා මගේ ඉදිරි පොස්ටුවෙන් බලන්නකෝ මෙහෙ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. බොහොම ස්තූතියි.

      Delete
  35. වැදගත්ම පෝස්ට්ටුවක්නේ... මටත් ලයිසන් තියනවා..හැබැයි බය වුනාම පෑගෙන්නෙ බ්රේක් නෙවෙයි ඇක්සලේටරේ..ඒ නිසා අනිත් අය මාත් එක්ක යන්නෙ මරණ බයෙන්.

    ReplyDelete
    Replies
    1. හිකිස්....... ඒ දේ නිතරම වෙන්නේ එක්සයිට් උනාම ඔයාට විතරක් නෙවෙයි පළපුරුදු ඩ්‍රයිවර් ලට පවා ඔය දේ වෙනවා. නරකද වාහනෙන් එල්ලගත්තනම් බෝඩ් ලෑල්ලක් "මග මරුවා ට්‍රැවල්ස්" කියල හිකිස්......

      Delete
  36. මාත් යන්න හිතං හිටියේ..ඒ අදහස ඕං අතෑරියා...

    ReplyDelete
    Replies
    1. ඒකට මක්ක වෙනවද මාරයියේ. ඔන්න ඔහේ එන්න හැබැයි බයිසි මොටෝවට ලයිසොම ගන්න එකනම් ඒහැටි අමාරුවෙන එකක් නැහැ :)

      Delete
  37. හැපෝයි.. ඔච්චර කට්ටක් කන්න ඕනද ? එග්සැමිනර්ට තේ බොන්න කීයක්වත් දීල ගොඩ දා ගන්න බැරිද ? :P
    අදමයි වලව්ව පැත්තෙ ආවෙ :D

    ReplyDelete
    Replies
    1. මෙහෙ එක්සමිනර් කෙනෙක්ගේ පඩිය. ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 6ක් විතර වෙනවා මාසෙකට. ෆේල් කරන කෙනෙක්ට 7000ක් ඩ්‍රයිවින් ස්කූල් එකෙන් ගෙවනවා. ඉතින් ඒ මිනිස්සු පගාවට වැඩකරන්නේ නැහැ සෑහෙන්න වේතනයක් ලැබෙන නිසා

      Delete
  38. නියම පෝස්ට් එකක්. මෙහෙ කටාර් වල ටෙස්ටින් සිස්ටම් එක නම් වෙනස් මීට වඩා. ඒ එක්කම ලයිසන් එක රියාල් 2500 (40 ඩේ ෆුල් කෝස්) රියාල් 1000 (10 ඩේ කෝස්) විදියට වෙනස් වෙනවා ගාන. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 30,000 - 75,000 අතර මුදලක් යන්නේ. ඒ එක්කම කෝරලේ මලයෝ ඔය ලයිසම GCC කලාපයේම භාවිතා කරන්න පුළුවන් කියලත් ලියැවෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා. GCC එකේ ඕනෙම තැනක් ඉහල පිළිගැනීමක් තියෙන්නේ. අපේ බාප්පා UK වල පාවිච්චි කලෙත් එහෙ ලයිසන් ගන්න කලින් මෙහෙ එක.

      Delete
  39. නියමයි කොරලේ මහත්තයා.අයේ තව කෙනෙක්ට එකතු කරන්න දේයක් නැති විදියට සම්පුර්ණයි.
    මනසින් දිවියට

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගයානි. නැද්ද අදහසක් ලයිසම ගන්න.?

      Delete
    2. ලයිසම ගත්තේ හරියටම 18න්.එත් කරකවන්න එකක් තමයි තවම නැත්තේ.
      මනසින් දිවියට

      Delete
    3. හීං සැරේ ඔය පොඩි වාහනයක් බලල ගමුකො. ඔය තියෙන්නේ දැන් ගෑනු යට එලවන්න සුසුකි ස්විෆ්ට් වගේ එව්වා ඔටෝමැටික් හරිම ලේසියි එලවන්න වාහනෙත් පොඩි නිසා අවුලක් ඇත්තෙම නැහැ. පුරස්නේ ඉතින් තෙල් තමයි.

      Delete
    4. දැන් බැංකු ලෝන් දෙනවා තෙල් ගහන්න. :)

      Delete
  40. ලංකාවේ ලයිසම නැති කොල්ලෙක් ත හරියටම කීයක් යැයිද.

    ReplyDelete

ඔයාල කොම්මෙන්ට් එකක් දාන්න වැය කරන තප්පර ගානත් ඔයාලට වැදගත් කියල මම දන්නවා එත් ඔයාලගෙන් අදහසක් මේ පිළිබඳව ලැබෙනවා කියන්නේ මට ඉදිරියටත් ලියන්න හොඳ මොර්ටිවේෂන් එකක් ලැබෙන එක. ලියන්න කල් මදිනම් තිතක් තියල යන්න එතකොට මම දන්නවා ඔබ මෙය බැලු බව. ස්තූතියි.........

Related Posts Plugin for WordPress, Blogger...