Monday 17 December 2012

කාන්තාරෙට ගංවතුර...... ලෝක විනාසේද මේ??????





පහුගිය පොස්ට් එකදාලත් සෑහෙන්න කාලයක් උනා මයේ හිතේ. කොහෙද වසමේ රාජකාරි තත්වේ මගේ හොම්බෙනුත් උඩට නැගල මොනවා කරන්නත් කලින් පට්ටම රැකගෙන ඉන්න එපයි. මම කලින් සැරේ පොරොන්දු උනා ලියනවා කියලා ඩුබායිවල වාහන ගෙනියන්නේ කොහොමද කියලා. මගේ ඩුබායිවල ලයිසම ගන්නේ කොහොමද කියන පොස්ටුවෙන්. නමුත් එයට උවමනා කරන කරුණු පින්තූර වගේ දේවල් තවම හරියට සැට් උනේ නැහැ එකත් හැකි ඉක්මනින්ම දානම් කෝ. 

අද උදේ පාන්දරම මම උඩ ගිහිං ඇහැරුනේ මෙන්න වහිනවා කියල අම්මා කියන සද්දෙටයි. හත් ඉලව්වේ මෙන්න හොඳටම වහිනවා නේන්නම් වෙන දවසකනම් තාත්තා නාල බාත්රූම් එකෙන් එලියට ආවාම තමයි මම නැගිටින්නේ එච්චරටම කම්මැලියි උදේට නැගිටින්න නමුත් මම වැස්සට එදා ඉඳලම ආසයි මම දන්නේ නැහැ ඇයි කියන්න සමහර විට පොඩිකාලේ ඉඳලම කාන්තාරෙට කොටුවෙලා ඉන්න නිසා වෙන්න ඇති මට වහිනවා කියන්නේ බන්ඩා කොළඹ ගියාවාගේ තමයි (මේ වචනේ කියන්නේ අම්මා) දඩිබිඩි ගාල ඇඳෙන් පැනලා බාත් රූම් එකට ගියේ ඉක්මනට වැඩට යන්න මොකද ඩුබායි වලට වහිනවා කියන්නේ හරිම අජපල් කේස් එකක් ට්‍රැෆික් එක හිරවෙනවා, පාරේ වතුර පිරෙනවා, පාරවල් ලිස්සනවා, වෙනද යන විදියට යන්න අමාරුයි. කොහොමින් කොහොම හරි බනියවයි තාත්තවයි ලෑස්තිකරගෙන එලියට බහිද්දිම තුරල් කරලා තිබුණු වැස්ස දොඹ ගෙඩි වැටෙන්න වගේ වින්ඩ්ශීල්ඩ් එකට වැටෙද්දී අයියෝ කියල කිව්වට හිතයටින්නම් පුදුම සතුටක් දැනුනේ. මොකද මේ ඩුබායිවලට වහිනවා මම දැක්කේ අවුරුදු 3කට පස්සේ ඒ වැස්සේ වරදක් නිසානම් නෙවෙයි මොකද මම නිවාඩුවට ලංකාවට එන්නේ දෙසැම්බර් වලට 


මේ පාර බනියා ඉන්න නිසා ලංකාවට එනගමන කල් දැම්ම එක ගැනත් එක පැත්තකින් සතුටක් හිතුනා. ගෙදරින් එද්දී හම්බවෙන පලවෙනි කලර් ලයිට් එකේම මගේ වාහනේ අනතුරු ඇඟවීමේ පද්දතිය ක්‍රියාත්මක උනා අනේ දිනු අයියේ හෙමින් හෙමින් පාර ලිස්සනවා නේද? (ඒ බනියාගේ සද්දේ මම ඕකට කියන්නේ ෆයර් එලාම් එක කියලා) යකඩෝ වාහනේ එලවන මට වඩා මේකා දන්නවා පාර ලිස්සනවා කියලා හිකිස්. මගේ අනුමානය හරිවගේ. සෑහෙන්න ට්‍රැෆික්........ රටේම ඉන්න හත් ඉලව් කාරයෝ ටික අද වේලාසනින්ම එලියට බැහැලා. මොකද මම වගේ හිතන එකෙක්ට ඩුබායි වල ඉන්නේ මම විතරක් නෙවෙයිනේ. ඔන්න ඔය බොලින්ග් සෙන්ටර් එකලඟ signal එකේදී බනියට කියල පොටෝ කෑලි ටිකක් ගත්තා බලන්නකෝ.















ඔය බනියවයි තාත්තවයි බස්සන්න එයාපෝර්ට් එක පැත්තට යනගමන් පින්තූර වල කොලිටිය එච්චර හරිනතිව ඇති මොකද ගත්තේ ෆෝන් කටුවෙන් නිසා. පොඩි වීඩියෝ පාරකුත් දැම්මා එකත් යටින් ඇති බලන්නකෝ. හැබැයි සද්දෙනම් අයින් කරලද කොහේ ඇත්තේ. 


                          ඔය වීඩියෝ කරද්දී වැස්ස පායලා හීන් පොදයක් තමයි තිබුනේ  ආයෙම එද්දී තමයි ලොකුවටම වැස්සට සෙට් උනේ

ඔය කැමරා කරුවා තමයි අපේ බනියා. ඔයාලට පෙනෙන්න ඇති උදේ පාන්දරම ඩොජ් කාර් එකක් ඇනගෙන මේ මිනිස්සුන්ට මොලයක් නැහැනේ ඔය පාරේ සාමාන්‍ය වේගය පයට කිලෝමීටර් 100ක් නමුත් අපිට 120 ට යන්න පුළුවන් කැමරා වදින්නේ නැහැ. හැම කිලෝමීටර් 3න් 3නටම රේඩාර් කැමරා තියෙනවා. හරියටම 121 දී වදිනවා ඒ නිසා පුළුවන් තරම් පරිස්සමෙන් තමයි යන්න ඕනේ. හැමදාම ඔය පාරේම යනවනම් ඔය අටමගල තියෙන්නේ කොහෙද කියල මතක තියාගෙන එව්වා ලඟට එද්දී ස්පීඩ් එක අඩුකරගණන් පුළුවන් නේ කියල ඔයාලට හිතෙන්න පුළුවන්. ඔව් ඇත්තටම පුළුවන්. නමුත් ප්‍රශ්නේ මේ RTA එකේ එවුන් හිඩන් කැමරා තියල තියෙන එකක් මෙව්වගෙ ෆ්ලෑෂ් එක වදින්නේ නැහැ පාර අයිනේ නවත්වල තියෙන වාහන වල පාලම උඩ නැත්නම් මොකක් හරි කනුවකට මුවාකරලා තියල තමයි ගතමන්ට් එක හොයාගන්නේ එක ඇත්තටම හොඳයි මොකද කියනවනම් ඒ නිසා තමයි මිනිස්සුන්ට විනයක් ඇතිවෙන්නේ. ( ඒ උනාට ගිය අවුරුද්දේ 5600 ඩිරාම්) දඩ ගෙවද්දීනම් RTA කාරයොන්ගේ මවුතුමියන් පවා සිහිපත් කළා අපේ කෝරලේ මහත්තයා 




කොහොම අහරි යන්තමින් ඔපිසියට ආගත්තා ප්‍රධාන පාරවල් ඔක්කොම බ්ලොක් වෙලා ඒ නිසා සොර්ට් කට් කොර කොර තමයි ආවේ. ඔෆිස් එකට ඇවිල්ල බලද්දී ගූගල් දෙවියෝ කියන විදියට ඩුබායිවල දැනට උෂ්ණත්වය සෙල්සියස් අංශක 17ක් ලු සෙල්සියෂ් අංශක 55 ට ඉඳල පුරුදු මිනිස්සුන්ට 17 ට බහිනවා කියන්නෙත් තද සීතලක් තමයි. කෝට් බෑය පැත්තකින් තියලා ජැකට් එකක් දාගෙන තමයි අද දවසම ඉන්න වෙන්නේ. දැනට සති දෙකකට කලිනුත් සෑහෙන්න වැස්සක් වැටුනා වැස්සේ හොඳ කම කොහොමද කියනවනම් මගේ අසරණ වාහන කටුවත් ලෙඩ උනා එච්චරටම වතුර ඔන්න මම ගූගල් එකෙන් ගත්ත පින්තූර ටිකක් පල්ලෙහායින් දානවා ඒ වැස්සේ 








ඔය වැස්ස හැටියට මම හිතුවා ලෝක විනාසේවත් ලංවෙලාද කියලා. හත් වලාමේ එච්චරටම තද වැස්සක් ඩුබායි කියන්නේ මේ ලෝකේ තියෙන නගර වලින් ඉතාමත්ම සුඛෝපභෝගී ලස්සන නගරයක් අහස සිඹින ගොඩනැගිලි. මංතීරු විශාල ප්‍රමානයක් සහිත මංමාවත් ඇත්තටම නෙතට රසඳුනක් වගේ නගරයක් කිව්වොත් වැරදි නැහැ. ඒ දේ කියන්නේ මම විතරක් නෙවෙයි ලෝකේ ගොඩ දෙනෙක් ඒ බව කියනවා. ඔබට ජීවත් වෙන්න අවශ්‍ය ඕනෑම විදියකට ජීවත් වෙන්න අවසර තියෙනවා. කොහොම නමුත් මේ නගර සැලසුම් කරලා තියෙනෙන් විශ්ව කර්මයද කියලත් වෙලාවකට සැකයක් එනවා නමුත් මේ නගර සැලසුමේ තියෙනවා පොඩි අඩුපාඩුවක් මොකක්ද මේ? ඒ තමයි කානුපද්දතියක් නැතිකම. ඔවුන් ඒ දෙගන එතරම් සැලකීමක් දක්වලා නැත්තේ සමහර විට මේ කාන්තාරෙට මොන වැහිද? අනෙක වැහින්නේත් අවුරුද්දකට දවස් කිහිපයයි ඒ වෙනුවෙන් අතරම් පිරිවැයක් යොදවලා කානුපද්දතියක් සකස් කිරීමේ අවශ්‍යතාවක් නැහැයි  කියල ඔවුන් හිතන්නත් ඇති නමුත් වැහි දිනවල පාරට බහිනවා කියන්නේ නම් මෙලෝ රහක් නැති වැඩක් කියල තමයි කියන්න තියෙන්නේ. කොහොම නමුත් වැස්සේ තියෙන ආතල් එකත් වෙනමම කික් එකක් තියෙන බවනම් සඳහන් නොකරම බැහැ. පොස්ට් එකනම් දිග වැඩි නැහැ දිග්වෙලා තියෙන්නේ පින්තූර නිසා.







81 comments:

  1. අප්පටසිරි ගංවතුරක් ගලලා නෙහ්. එහෙනම් ෂුවර් ලෝකේ විනාශ වෙනවා. ඉක්මනටම පඩියෙන් ඇඩ්වාන්ස් එකක්වත් ඉල්ල ගන්න ඕනා

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මධුරංග මමත් මේ අද ලොක්කට කතාකොරන්න කියල බැලුවේ. :D

      Delete
  2. මං නම් පස්ස් උඩ දාගෙන නිදාගත්ත බං... ලෑස්තිවෙලා එළියට බැස්සහම තමා දැක්කෙ.. ආ වැහැල නේ කියලා

    ReplyDelete
    Replies
    1. අපොයි මෙහෙමත් කම්මැලි කමක් කොහොමද BD පාටි එක???

      Delete
  3. ඩුබායි වලට නෙමේ ....දැන් මෙහෙටත් පැල් බැදගෙන වහිනවා....

    ReplyDelete
    Replies
    1. ලෝක විනාසේ කිට්ටු නිසා වෙන්න ඇති... :D ලංකාවට වහින කාලයක් බලල එන්න ඕනේ වැස්ස එපාවෙන්න.

      Delete
  4. ඩුබායි වල පින්තූර දැක්කම අපිටත් බන්ඩ කොලඹ ගියාවගේ තමයි..!

    ReplyDelete
    Replies
    1. මහ සයුරෙන් එතෙර ගිහින් නැතිකොට..!

      Delete
    2. ඒ උනාට අයියේ ලංකාව කොහොම බැලුවත් හොඳයි මට හිතෙන විදියට මට ලංකාවේ සල්ලි තියෙනවනම් පිටරටක් දිහා බලන් බත්වත් කන්නේ නැහැ.

      Delete
  5. ඉඳලා ඉඳලා ඔන්න අපිටත් උදේ පාන්දර ඉඳන්ම වහිනවා... ඩුබායිවලට වැස්ස නැති නිසා වතුර බැහැලා යන්න පුළුවන් විදියට පාරවල් හදන්නෙත් නැතුව ඇති. අපේ රටේ වැස්ස තියෙද්දිත් පාරවල් හදන්නෙ එහෙමනේ... පාර ගඟ වෙන්න.. පයින් යන එකාට දෙයියන්ගේම පිහිට තමා..

    ReplyDelete
    Replies
    1. අක්කේ ලංකාවේ පාරවල් හදන්නේ ආසියාවේ ආශ්චර්ය ලොවට පෙන්වන්න නේ. ඉතින් රජ තුමා හිතන්න ඇති අපේ කට්ටියට කොමාන්ඩෝ ට්‍රේනින් එකක් දෙන්න. පයින් තියා වාහනේකින්වත් යන්න බැහැලු මට දැන් නිවුස් එක ආවේ

      Delete
  6. ෂිට් අප්පා...වෙන විනාසයක් ඉක්මනට වෙනවනම් මරුනේ අප්පා....

    ReplyDelete
    Replies
    1. හැබෑටම උනොත් අපේ කට්ටිය මොනවා කරයිද මමත් මේ බලන් ඉන්නේ....

      Delete
  7. හි හි.. ඔය එන්නේ ඒ දවසවල අපේ මහත්තයගේන ආපු නිවුස්... හි හි.. ලියුම් වල තියෙනවා ඕවා ගැන... වැඩේ කියන්නේ රට යන හැමෝටම ඔය ලියන්න බැරි එක එනවද මන්දා.. අපේ මහත්තයගේ ඒ කලේ ලියුමුත් කෝරලයගේ පෝස්ට් වගේම තමයි..... හි හි

    ReplyDelete
    Replies
    1. අනේ මගේ සුදු අක්කේ කවද්ද බන් මට බනින එක නවත්වන්නේ. මම මේ සීතලේ ගැහි ගැහි ලිව්වේ පොස්ට් එක. අයියෝ..... සල්ලි දැනුත් සීතලයි. මම ලංකාවට ආව කාලෙක අයියට කියල ඔයාව මෙහෙට එක්කන් එන්න කියනවා සීතල කාලෙට එතකොට තේරෙයි සීතල :P

      Delete
  8. මම දවසක් වර්ල්ඩ් කප් ෆුට්බෝල් බලන්න ගියා. එතනට ඇවිත් හිටිය කුවේට් කාරයෙක්. මිනිහා මාර සන්තොසෙකින් වැස්සේ තෙමුනා. අවරුදු ගානකින් වැස්සක් දැක්කේ කියල.

    ReplyDelete
    Replies
    1. මමත් ඒ වගේ තමයි දැන් ඉන්නේ වැස්ස කරදර උනාට පායනවට වැඩිය හොඳයි. :)

      Delete
  9. ඉඳල හිටලා වහින ඩුබායි වැස්සට තෙමුනොත් ලෙඩ වෙයිද? කෝරලේ මහත්තයා. D;
    මම ටික දවසකට ඔහේ ගොහින් ආවා. අප්පේ, ඉවසන්න බැරි රස්නෙ නොවැ. දැනට අයියා ඉන්නවා අබුඩාබියේ බලන්න ඕනෙ එහෙත් යන්න. කොහොම උනත් පරිස්සමින් ඉන්න මලේ. වැස්ස දිනවල පාරෙ ඇක්සිඩන්ට් වැඩි නිසා.

    ReplyDelete
    Replies
    1. හප්පේ මේ වැස්සට තෙමුනොත් සතියක් ඇඳේ තමයි. එහෙනම් එන්න ඇත්තේ රස්නේ කාලෙකදී රස්නේනම් ඉවසන්නම බැහැ තමයි. අබුඩාබි එනවනම් එන්න වින්ටර් එකේදී බොහොම ස්තූතියි අක්කේ ඇක්සිඩන්ට් නම් සෑහෙන්න තියෙනවා තමයි :)

      Delete
  10. කල්ප විනාසේ ලඟ එද්දි මුරුගසං වරුසාවක් එනවලුනේ කොහොමත් .... :)
    වැස්ස හොඳයි ගෙදෙට්ට වෙලා ආතල් එකේ මූවි එකක් බල බල කෝපි එකක් බිබී ඉන්න තියෙනවා නම් .. උදේ පාන්දර සාරි පටලවාගෙන වැඩට එන්න එළියට බැහැපු ගමන් වැස්ස කඩන් වැටුනම නම් ඉතිං .. එක්සෙට්ට්‍රා එක්සෙට්ට්‍රා තමයි ... x(
    මොකක් උනත් ඔයාගේ බනියගේ කථාව ඇත්ත ..
    පාර ලිස්සන පාටයි තමයි පොටෝ කෑලි වල පේන හැටියට ..
    සෝ, සේෆ් ඩ්‍රයිවිං කෝරළේ මාමේ :D

    ReplyDelete
    Replies
    1. මමනම් කියන්නේ වැස්ස දවසට ආණ්ඩුවෙන්ම නිවාඩු අනුමත කරන්න ඕනේ කියලා. අපූ අපිටනම් තව කමක් නැහැ කාන්තා පාර්ශවය විඳින දුකක් අම්මපා. ඔව් ඔව් ඒකා ඉතින් වේගෙන් යනවට කොහෙත්ම කැමති නැහැනේ. පාරාව්ල් නිකන් බණ්ඩක්කා වගේ තැන්කු කිව්වා දුවේ. :P

      Delete
  11. මූණු පොතේ මගේ යෙහෙළියකුත් කිව්ව ඔහෙට වැස්ස කියලා... මමත් කිව්වෙ ෆොටෝ ටිකක් ගහලා දාන්නෙයි කියලා... මොකද ඉතිං ඔය පැත්තට වැස්ස හරිම කළාතුරකින් වැටෙන එකක් නොවැ...

    මමත් ඉස්සර ඉදන්ම වැස්සට හරිම ආසයි... වැස්ස දවස් වලට කෙල්ලො ඉන්න කොල්ලන්ට ෂෝයි... එක කුඩයක් යටට වෙලා කෙල්ලව තුරුල් කරන් පාරෙ ගියාට කවුරුවත් වෙනදා වගේ කැත විදියට බලන්නෙ නෑ... මොකද තදට වහිනවනෙ...

    ReplyDelete
    Replies
    1. හප්පේ මේ වැස්ස හොඳයි. 2009 වල වැස්සට දණහිසටත් උඩින් යට උනා. සාජා ඒරියා එකම අප්සැට් ගහනවා වැස්සාම කලාතුරකින් නිසා තමයි මම කිව්වේ කික් එකක් හිතට දැනෙනවා කියලා

      අපේ රෝයිටර්ලා ඒ දැක්කත් ඇති අයියේ ගිනි තියන්න. වැස්ස පෙම්වතුන්ට ආශිර්වාදයක් කියලත් කියනවනේ. හිකිස්

      Delete
  12. මං ඊයෙ රෑ හීනෙනුත් ලංකාවට භූමි කම්පාවක් ඇවිත් දැක්කා.. අපොයි මේ ලෝක විනාසෙනං අම්බ ඇණයක් අෆ්ෆා.. කාන්තාරෙට දියබිඳක් වැටෙනකොට කේම ඇද්ද් ආ.. ඔය පොටෝ වල තියෙන්නෙ ට්‍රැපික්ද ආ.. ලංකාවෙනෙ ට්‍රැෆික් තියෙන්නෙ.. කොරළේ මහත්තයට ඒව බලන්න පින නෑනේ..:(

    ReplyDelete
    Replies
    1. අප්පේ මේකා හීනෙනුත් බයවෙලා ඔහොම උනොත් බැරියෑ. හප්පේ කියල වැඩක් නැහැ. ඔය පින්තූරවල ට්‍රැෆික් නැහැ. මෙහෙ තියෙන ටහ්රම් ට්‍රැෆික් එකක් ලංකාවේ ඔක්කොම වාහන එකතු උනත් නැහැ. උදේට සාජා ඉඳල තියෙන ට්‍රැෆික් එකේ දුර කිලෝ මීටර් 40ක් විතර ඇති. චාටර්ම ටයිම් එකක් මම ජීවිතේට උදෙයි හවසයි සාජා පැත්ත බලන් මම බත්වත් කන්නේ නැහැ.

      Delete
  13. වැහැලා නේදා

    ඔය කාන්තාරේ එවුන් වැස්ස ගැන එච්ච්‍ර හිතන්නේ නෑ නේද,
    අපේ කොම්පැණියේ තියනවා ඔය අරාබි කරෙන් ගෙනල්ල අටවපු බිල්ඩින් එකක්. ඒකේ උන් වහලේ ඇණ ගහලා තිබ්බේ තහඩු වල කාණු වගේ තියන හරියේ. වැස්ස දවසට කියලා වැඩක් නෑ ආතල් එක. ගත්තට වඩා වියදම් කරලා ආය වහල හැදෙවුවා

    ReplyDelete
    Replies
    1. මෙහෙ මිනිස්සුන්ට වැස්ස ගැන කිසිම දැනීමක් නැහැ. කලොත් කරන්නේ ඔය වගේ මැටි වැඩ තමයි ඔය මිනිස්සුන්ට මොලේ නැති නිසා තමයි පිට අපිට සල්ලි ගෙවල වැඩ ගන්නේ.

      Delete
  14. මාර ආතල් ඇති වැස්සක් දතිනකොට මට නම් මේ දැනුත් එහෙමයි හොඳට වහිනවා

    ReplyDelete
    Replies
    1. හප්පා කියලා වැඩක් නැහැ ඇයිද දන්නේ නැහැ වැස්සට නිවාඩු දෙන්නේ නැත්තේ එහෙම උනානම් සැප කනේ කිව්වලු

      Delete
  15. වැස්ස වැස්සට කමක් නැ ලංකාවට එන එක පරක්කු කරන්න ඒපා.
    මනසින් දිවියට

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා ගයානි කොහොමත් ඉක්මනින් එන්න ඕනේ. බනියගේ ඔපරේෂන් එක තියෙනවනේ

      Delete
  16. මලයාගේ පොස්ට් ඒකට අද එළියක් වැටිලා බනියගේ ෆොටෝ වලින්.... :)
    මාත් ආසයි වැස්සට.... හැබැයි ඉතිං ඕනාවට වඩා වහිනකොටත් එපා වෙනවා.... අද අපිටත් උදේ ඉදන්ම වහිනවා.... පට්ටම කම්මැලියි.සීතලයි....

    ReplyDelete
    Replies
    1. එකනේ අක්කේ අපේ බනියා කියන්නෙත් සෑහෙන්න දක්ෂ හාවෙක්. :) ඕනෙවට වැඩිය වහිද්දීනම් ඉතින් අජපල් තමයි. කම්මැලියි සීතලයි උනාට අපිට බැහැනේ ගෙදරට වෙලා ඉන්න වැඩට එන්න එපැයි. :)

      Delete
  17. මම නම් ආසම ආසයි වැස්සට කෝමත්... වැස්සේ තෙමෙන්න ඇත්නම් ඊටත් වඩා ආසයි... හැබැයි වහින වෙලාවට අපේ ගෙදර දොරවල් වහනවා.. :(

    ReplyDelete
    Replies
    1. ආසයුදත් අහනවා මාරයි. මමත් ආසයි හැබැයි මෙහෙ වැස්සට තෙමුනොත් සතියක් ඇඳේ අසනීප වෙනවා. නැත්නම් ඉතින් ඔයාව බේරගන්න බැහැනේ.

      Delete
  18. මෙහෙටත් වහිනවෝ...........
    මේ පින්තූර ගත්තෙ උදේ ඉර පායන්න කළින්ද නැත්නම් මේ වැහි අඳුරද ?
    මාර ලස්සනයිනේ.. මං හිතුවෙ ඩුබායි කිව්වම වැලි දූවිලි පිරුණ රටක් කියල..

    ReplyDelete
    Replies
    1. මම වෙලාවක දාන්නම් කෝ ඩුබායි වල පින්තූර සෙට් එකක්ම කට්ටියට බලන්නත් එක්ක වැලි දූවිලි තියෙනවා හැබැයි පැත්තක. ඒවගෙන් අපිට හානියක් නැහැ. ඔය ඉඳල හිටලා වැලි කුණාටුවක් වගේ එකක් ආවොත් ඇරෙන්න වෙලාව උදේ 7ට විතර ඇති. ප්‍රශ්නේ වැහි අඳුර නිසා ඉර පායලා නැහැ.

      Delete
  19. ඔය කෝරලේල ඉන්න කොට එහෙම වෙනවා. ඒ උනාට එක දෙයක් කියන්නට ඕන. කොහේද මහලොකු ට්‍රැෆික් එකක් නෑනේ. අම්මප මේ යක්කුන්ට තේරෙන්නේ නෑනේ එහෙං මෙහෙං දාල තව ටිකක් කිට්ටුවට යන්න. අනේ එහෙම බැලුවට ලංකාව වාසනාවන්. රියදුරන් පවා වාසනාවන්

    ReplyDelete
    Replies
    1. අනේ දේශක ගොයියෝ මෙහෙ තියෙන සමහර ට්‍රැෆික් පය පහ හය ඉන්න වෙනවා. තාම දැකල නැහැ ඔය දාලා තියෙන්නේ බනියව දාන්න යද්දී ගත්ත ෆොටෝ ටික එද්දී තමයි ට්‍රැෆික් වෙනදට වැඩිය විනාඩි 20ක් ලේට් ඔෆිස් එකට මමත් ඉතින් ඔය එහෙන් මෙහෙන් දාන අයගෙන් එකෙක් තමයි

      Delete
  20. වහිද්දි නිදා ගන්නවා වෙන අය..මේ මහත්තයා ඉක්මනින් වැඩට යනවා...

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් එහෙම තමයි කෝරලේ පට්ටම රැකගන්නත් එපැයි. නිදාගන්න ආසා උනත් අපේ හාමිනේ ෆයර් එලාම් එක වගේ සද්දේ දාද්දීනම් නිදිමත කොහෙන් ගියාද නැතිවෙනවා. හිකිස්.... (කාටවත් කියනවා එහෙම නෙවෙයි)

      Delete
  21. ඩුබායි වල වැස්සේ පින්තූර දැකලම නැහැ මම මීට කලින්.මේ දවස් වල ආයේ ලංකාවටත් වැස්ස අයියා.මමත් හරිම ආසයි වැස්සට.

    ReplyDelete
    Replies
    1. මම තව දාන්නම් කෝ මේ ෆෝන් කටුවෙන් ගන්න ඒවා ක්ලියර් නැහැ එච්චර වෙන දවසක කැමරාව අරන් ගිහින්ම ගන්නකො ෆොටෝ ටිකක්. මම ලංකාවට එන එක දෙසැම්බර් මාසේකදිවත් වහින්නේ නැහැ මම එන්නේ නැති උනාම වහිනවා. කාට කියන්නද මේ අවනඩු.

      Delete
  22. ඉඳ හිට වහින වැස්ස හරි සැරයි නේ. මෙහෙත් මේ පැල් බැඳගෙන වැස්ස. අද දවසටම ඉර එළියක් දැක්කේ නෑ. අර ෆොටෝ ටිකේ නම් මං හරි සුන්දරත්වයක් දැක්කා.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ අහු උනොත් අඩුම සතියක් ඇඳේ ඉන්නවෙනවා අසනීප වෙලා මම අත්දැකීමෙන් කියන්නේ. මෙහෙත් එහෙම තමයි ඉර හොයන්නවත් නැහැ. ඔන්න ෆොටෝ ගැහුවේ අපේ බනි හාවී තමයි. :)

      Delete
  23. වහින දවසට වැඩට නොගිහිං උණු උණුවෙ තේ කෝප්පයක් බොනගමං ගේ අස්සෙ ගුලිවෙලා ඉන්න තියෙනවනං කොච්චර එකක්ද? එහෙම දවසක් දැන් කාලෙකින් ගෙවල නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා....... රස්සාවට යන්නගත්තත් හරි එහෙම දවසක් අත්විඳලා නැහැ සිරාවට.

      Delete
  24. නතර වෙලා තිබුණු වැස්ස ඔන්න අපිටත් පටන් ගත්තා

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් හැබැයි වැස්ස කියන්නේ ඇතුවත් බැරි නැතුවත් බැරි දෙයක්නේ හසිත :)

      Delete
  25. අඩේ!පව් අර ඔටුවෝ ටික පව් යකෝ!!!

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා කාලෙකින් නාගන්න ඇති. :)

      Delete
  26. ශා..අක්ක නියම කැමරමන් කෙනෙක් නෙ.. පින්තූර ටික ලස්සනයි... එහෙටයි මෙහෙටයි දෙපැත්තටම අද වැහැලා... ෂෝයි...

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් ඔව් ඔව් නංගා අක්කා කියන්නේ සෑහෙන්න ටැලන්ට් කැමරමන් කෙනෙක් තමයි. එකනේ මම කිව්වේ ලෝක විනාසේ වත්ද කියලා.

      Delete
  27. ehenam kantharetath ganwathura galala neda :D kochchara hodada

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් එකනේ සයුරි අක්කේ බලන්නකෝ එකෙත් හැටි.

      Delete
  28. ඔය ට්‍රැෆික් එකට ට්‍රැෆික් කිව්වොත් මෙහෙ එව්වට මොනා කියනන්ද... හැබෑට කොරලේ මහත්තයෝ ඩුබායි වලට වහින්නේ නැති තරම්ද...? සිරාවටම දන්නේ නෑ...

    ReplyDelete
  29. අවුරුද්දට දවසක් දෙකක් තමයි එකත් සීතල කාලේ තමයි. ඩුබායි වල ට්‍රැෆික් එක බලන්න ඕනේ නම් පල්ලෙහා ලින්ක් එක බලන්න
    https://www.google.ae/search?hl=en&sugexp=les%3Bpchsnhae&gs_rn=1&gs_ri=hp&tok=jONIED6FTdhpHGFZbIl9tg&cp=15&gs_id=yu&xhr=t&q=traffic+in+dubai&bav=on.2,or.r_gc.r_pw.r_qf.&bvm=bv.1355534169,d.bmk&bpcl=40096503&biw=1600&bih=756&um=1&ie=UTF-8&tbm=isch&source=og&sa=N&tab=wi&ei=DRjQUIn9Kc6Orge42oGwCw#um=1&hl=en&tbo=d&tbm=isch&sa=1&q=traffic+jam+in+dubai&oq=traffic+jam+in+dubai&gs_l=img.3..0.17505.18834.0.20397.6.6.0.0.0.1.211.972.1j4j1.6.0.pchsnhae..0.0...1c.1.jigD3lS9_gA&bav=on.2,or.r_gc.r_pw.r_qf.&bvm=bv.1355534169,d.aGc&fp=c5c6b6699acd62fa&bpcl=40096503&biw=1600&bih=756

    ReplyDelete
  30. හුටා.. එහෙත් හරි වැස්ස. මෙහෙත් හරි වැස්ස.
    ලෝක විනාශයක්ම නොවුනත් ඒ වගේ දෙයක්නම් මේ දවස් ටිකේදි අනිවාර්යයෙන්ම වෙනවා...

    ReplyDelete
    Replies
    1. අනිවා.... මටත් ලාවට හිතෙන දෙයක් තමයි ඔය.

      Delete
  31. උදේ open කලේ දැනුයි කියවලා ඉවර කලේ පැය 6ක්

    ReplyDelete
    Replies
    1. හෙක්.... හෙක්..... හෙක්..... ඔන්න ඔහේ කියෙව්වනේ ජෝන් අයියේ මේ දවස් වල සෑහෙන්න බිසී පාටයි නේද?

      Delete
  32. මෙහෙත් ලංකාවටම වගේ වහිනවා මගේ හිතේ :) පින්තුර ටිකත් නරක නෑ ..බනියට ගොඩින් මඩින් හෙම දෙන්ට වෙයි ඕන් :)

    ReplyDelete
    Replies
    1. මේ දවස් කොහොමත් සෑහෙන්න අප්සට් කාලයක් නේ. ඔන්න බනියා කිව්වා තැන්කු කිව්වා රෙහානි. ඔව් ඔව් උන්දැ කැමතිම දේ තමයි කල් කිරියි චෝකොලටුයි තමයි. ලාබදායි වැඩක්.

      Delete
  33. මචං ආයෙ දෙකක් නෑ මේනං ලෝක විනාසේ.. මතකනෙ ඉරවල් 2කකුත් පැව්වා.. හි හි :D
    මෙහෙත් හොඳටෝම වහිනවා කෝරලේ මහත්තයෝ
    .. නිකං වැස්සනං කමක් නැ ඕං. මෙහෙ රතු වැස්සක් කියල එකකුත් වහිනව නොවැ..
    අබුද්දස්ස කාලේ,, අබුද්දස්ස කාලෙ :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඉර දෙකෙන් පස්සේ මුරුගසන් වැසි ලෝක විනාසේද දන්නේ නැහැ. ඔව් ඔව් මටත් ආරංචියි රතු වැස්සේ කතාව. :D

      Delete
  34. කට්ටිය එළියට ඇවිත් නැටුවෙ නැතිද සතුටට.. :)
    "අකලට වැටෙන මහ වැසි නොව උතුරන්න පොද වැස්සක්ය රළු දිවි මග සරුවෙන්න" කිව්වට..අවු. 3 පස්සෙ ගංවතුර දාන්නම වැහැලා..

    ReplyDelete
    Replies
    1. නටන්න කියල හිතුවේ කොහෙද වැඩට යන්න පරක්කු වෙනවනේ. වැස්ස කියන දේ ඇතුවත් බැරි නැතුවත් බැරි දෙයක්නේ නන්ඳු :)

      Delete
  35. කිව්වත් වගේ ලෝක විනාශෙද මන්දා.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ඒක තමයි මාත් මේ සද්ද නැතිව බලන් ඉන්නේ.

      Delete
  36. ඉඳලා හිටලවත් නා ගන්න හම්බවෙන එකත් හොඳයිනේ නේද අයියේ.. ;)

    ReplyDelete
    Replies
    1. නැතිව නැතිව. ගිය අවුරුද්දේ වැස්සට නෑවට පස්සේ ඔය නෑවමයි මලේ. හඩු ගඳ එකයි පොඩ්ඩක් අඩුවෙලා තියෙන්නේ මගේ කෝට් බෑයේ. හිකිස්........

      Delete
  37. අඩේ වැස්ස දකිනකොට එන ෆන් එක කියලා වැඩක් නෑ කෝරලේ..

    මම දැනුත් වැස්සේ බෝට්ටු යවන ගමන්..

    www.katumatige.blogspot.com

    ReplyDelete
    Replies
    1. හික් හික් වැස්සේ බෝට්ටු යවන්න මම දන්නේ නැහැ හදන්න. මම කරන්නේ වාහනේ පාරට දාගෙන රවුමක් දෙකක් ගහල එන එක තමයි.

      Delete
  38. ඕක මොකක්ද කෝරලේ මල්ලි, කොළඹට විනාඩි 5ක් වැස්සොත් පාරේ යන්නේ කාර්, බස් නෙවේ බෝට්ටු

    ReplyDelete
    Replies
    1. එකනේ මම මේ ලඟකදී බුකියේ පින්තූරයක් දැක්කා ලේලන්ඩ් එක සබ්මැරීන් එකක් වගේ යන්නේ. ලොල්.....

      Delete
  39. ‍මෙහාටනම් වැහැල වැහැල දැන් ඇති වෙලා තියෙන්නේ... කොහොම උනත් වැස්ස වෙලාවට වාහනේ එළවන කොට බලාගෙන එළවපන් බන්.. පේන විදියට නම් මොටාර්සලිකල් කාරයෝ ඩුබායි වල අඩුයි වගේ..

    කොමෙන්ට් කරේ නැති උනාට පෝස්ට් ඔක්කෝම බැලුව හෝදේ... මේ දවස්වල අම්භානෙක වැඩ බන්..

    ReplyDelete
    Replies
    1. මෝටාර් සයිකල් කාරයෝ හිටියත් ඉන්නේ හෝම් ඩිලිවරි කාරයෝ තමයි හෙඩ් ලයිට් එක පොඩ්ඩක් දුන්නනම් ශේප් එකේ පාරෙන් අයින් වෙනවා. මෙහෙ හයි වේ වල අන්තිම ලයින් එකේ යන්නේ කාටවත් කරදරයක් නැහැ

      Delete
  40. මෙහෙටත් වැස්සා වතුර හිටින්නම. අන්න ඒකට එක්ක අද පට්ට මීදුම.. අඩි 10 පාර පේන්නේ නෑ. ඔය වහින වෙලේ මම හිටියේ වාහනයක් ඇතුලේ. ඇඟ සලිතවෙලා හිටියේ. ඇයි දෙයියනේ මොකාට කියන්නද? කළුවරේ හවස 7 ට විතර පාර මැද ඉස්සරහ පේන්නේ නෑ වින්ඩ් ශීල්ඩ් එකෙන්. හරියට වටේ පේන්නේ නෑ සයිඩ් ග්ලාස් වලින්. අනාථ වෙලා පාර මැද්දේ..

    ReplyDelete
    Replies
    1. හප්පේ මීදුම්,ඇ තියෙන වෙලාවට පාරේ වාහනේක යනවා කියන්නේ මරුවා සමග වාසේ වගේ තමයි. මෙලෝ රහක් නැහැ. අපි හරියට ගියත් ඉතින් අනෙක් නසරානි ෂුවර් නැහැනේ. :)

      Delete
  41. ඇයි මීට කලින් ඔය වගේ වැස්සක් ඔහෙට වැහැලම නැද්ද? නියමයි නියමයි ඩුබායි වැසි

    ReplyDelete

ඔයාල කොම්මෙන්ට් එකක් දාන්න වැය කරන තප්පර ගානත් ඔයාලට වැදගත් කියල මම දන්නවා එත් ඔයාලගෙන් අදහසක් මේ පිළිබඳව ලැබෙනවා කියන්නේ මට ඉදිරියටත් ලියන්න හොඳ මොර්ටිවේෂන් එකක් ලැබෙන එක. ලියන්න කල් මදිනම් තිතක් තියල යන්න එතකොට මම දන්නවා ඔබ මෙය බැලු බව. ස්තූතියි.........

Related Posts Plugin for WordPress, Blogger...