Saturday 22 December 2012

ලෝක විනාශයට පසුවදනක් සහ ෆේස්බුක් ගණිකාවන් (18+)



හ්ම්ම්ම්ම් ලෝක විනාසේ බලාපොරොත්තුවෙන් සිටියත් එවන් දෙයක් සිදුවුනේ නැහැ නේ. නොයෙක් දෙනා විවිධා කාරයෙන් මේ ලෝක විනාසේ ගැන අර්ථකථන දුන්නා, විවිධාකාර මත ඉදිරි පත් කළා. නමුත් ඒ හැම දෙකටම මුනි වත රැක්ක මම ලෝකවිනාසේට පසු වදනක් එකතු කරන්නයි මේ යන්නේ. 

ලෝක විනාසයක් වෙනවා කිව්වාම හැමෝම භය වෙනවා. ඇයි තමන් එක්රැස් කරගත් දේපල වස්තුව තමන්ගේ හිත මිතුරන් සියල්ලන්ම නැතිවෙලා යන හින්දා කෙටියෙන් කිව්වොත් සියල්ල විනාශ වෙලා යන නිසා. ප්‍රංශයේ මිනිස්සු කොටසක් මේ ලෝක විනාසෙන් බේරෙන්න කන්දක් පාමුලට වෙලා බලන් හිටියලු. පිට සක්වල යානයක් ඇවිත් තමන්ව ගලව ගනියි කියලා. ලංකාවේ උදවිය බෝධි පූජා තිබ්බලු ඉන්දියාවේ, පාකිස්තානේ වගේ රටවල් වලත් විවිධ ආගමික වතාවත් වල මිනිස්සු නිරත උනාලු. ලෝකේ අනෙක් රටවල් වලත් තත්වය මේකම තමයි. හැබැයි එක දෙයක්....  අපේ මිනිස්සුන්ට දෙවියෝ බුදුන් මතක් වෙන්නේ තමන්ට කරදරයක් වෙනකොට, ආපදාවක් වෙනකොට තමයි. එතකල් තමන්ගේ තියෙන අධර්මිශ්ට ජීවිත වල ඇලී ගැලී තමන්ගේ අදර්මිෂ්ට කම් වෙනසක් නැතිවම කරගෙන යනවා. මිනිස්සු ආගමට ධර්මෙට, මිනිසත් කම්, සදාචාරයට  වැඩිය දුවන්නේ මුදල් මත්තේ. නමුත් මට අහන්න දෙයක් තියෙනවා. මුදල් නැතිව ජීවත් වෙන්න බැහැ තමයි. නමුත් මේ ලෝක විනාසක් වගේ තත්වයක් ඇති උනොත් මුදල් වලින් ගන්න පුළුවන් ප්‍රයෝජනේ මොකක්ද......? මුදල් වලට වටිනා කමක් තියෙනවද...........?

අද කාලේ මිනිස්සු මුදල් හොයන්න ජීවත් වෙනවා මිසක් ජීවත් වෙන්න මුදල් හොයන්නේ නැහැ. ඒක රටේ ඉහලම තැන ඉඳල පහලම තැන රස්සාව කරන කෙනාටත් පොදුයි.  ඊයේ හදිස්සියේම මට නෙත් එෆ් එම් එකේ බැලුම්ගල වැඩසටහන අහන්න ලැබුනා. ඔය කොහේදෝ වෙබ් සයිට් එකක තිබිලා තාත්තා දැම්ම වෙලේ. එහි කියවුනේ ෆේස්බුක් ගෘප් එකක් මගින් ගණිකාවන් ලබාදෙන්නට පොරොන්දු වී විවිධ වයස් ඛාණ්ඩ වල පිරිමින්ගෙන් මුදල් ගසා කෑ කාන්තාවක් පිළිබඳවයි. ඇඳුම් අයන් කර කර හිටපු මමත් මගේ රබර් කන ඔය පැත්තට දැම්මේ ෆේස්බුක් එකේ තියෙන ඕනෙම කුනුගොඩක නරක පැත්ත ගැන අපේ ගෙවල් වලින් ඊට පස්සේ ලොකු ලෙක්චර් එකක් දෙන්නේ අපිට බැවින් ඊළඟ මොහොතේ කොහෙවත් යන කුණුගොඩක්  මගේ ඔලුවට කඩන් වැටෙන නිසයි. මොකද මමත් ගොඩක් දුරට ෆේස් බුක් බදු අරන් වගේනේ ඉන්නේ. හිකිස්......... 



ඉතින් මේ කාන්තාව තමන්ගේ දුරකථන අංකය මෙහි ප්‍රචාරය කර බොහෝ පිරිසකගේ මුදල් වංචාකොට ඇති බව දැනගන්නට ලැබුනා එක් අයෙකුගෙන් රුපියල් තිස්දාහට වඩා වැඩි මුදලක් මෙම කාන්තාව ගසා කා ඇති පැහැදිලි උනා. මැය මොඩලින් කරන කෙල්ලෙක්ට (ගණිකාවක්) රුපියක් 6000 හේ සිට ඉහලට අයකරන බව දන්වා මුදල් බැංකු ගිණුමට බැර කරවාගෙන පැමිණීමට ස්ථානයක් පවසා එහි නොගොස් මගහැර සිටීමයි කරන්නේ. දැනට කලකට ඉහත අසන්නට ලැබුනේ අද කාලේ කෙල්ලෙක්ට පාරේ බැහැල යන්න බැහැ මේ සමාජේ වරද කියලා. ගැහැණු ළමයින්ව ගෙවල් වලින් ගොඩක් දුරට පරිස්සම් කරන්නට යෙදුනේ රැවටිලිකාර කපටි මිනිස්සුන්ට අසු නොවී බේරා ගැනීමටයි. නමුත් අද දින එය පිරිමින්ටත් පොදු කාරණයක් වෙලා. අද ගෙවල් වලට තමන්ගේ පිරිමි දරුවත් පරිස්සම් කල යුතු තැනට පත්වෙලා ඉවරයි. මේවට බනින්න ඕනේ සමාජයටද? රවටිලිකාරයොන්ටද? රැවටීම් වලට අසුවන්නන්ටද? නැතහොත් සමාජ ක්‍රමයටද? එසේත් නැතහොත් අපි අපිටමද? 




ෆේස්බුක්, බ්ලොග් මගින් සමාජයට වෙන්නේ ලොකු මෙහෙවරක්. තමන්ට රට තොට දැනගන්න. අලුත් යහළු මිත්‍රයන් අඳුනගන්න, තමන්ගේ මතය ප්‍රකාශ කරන්න, ආදී වශයෙන් (මට නම් මගේ ජීවන සහකාරිය හොයාගන්නත් කපුකම කලේ අපේ මුණු පොත තමයි) ඒ මේවගේ හොඳ පැත්ත. නරක පැත්ත අර ඉහත සඳහන් කලා වගේ රැවටිලි කාරයොන්ට අසුවීම. අපි පාවිච්චි කරන්නේ දෙපැත්ත කැපෙන කඩුවක්. ඒ බව අපි දැනගෙන අපගේ අවශ්‍ය තාවයට එය පාවිච්චි කරනවානම් එහි ඇති ගැටළුවක් නැහැ. නමුත් එහි අනිසි භාවිතය නිසා අපට අත්වන්නේ අනිටු ප්‍රතිපලයක්ම තමයි. දැන් බලන්න රුපියක් 30000ක් කියන්නේ අද සාමාන්‍ය කෙනෙකුගේ මාසෙක වේතනය හා සමාන දෙයක්. මාසේ දවස් 26 ක් පමණ මහන්සි වෙලා උදේ ඉඳන් රෑ වෙනකල් අතිකාල පවා කරලා. තමන්ගේ ගෙදර ඉන්න තමන්ගේ බිරිඳ දරුමල්ලෝ සියල්ලම ගැන නොහිතා තහනම් ගහෙ ගෙඩි කන්නට


මොඩලින් කරන ගණිකාවක් ලඟට යාමට ගොස් සන්තකය දියකරහරින්නට සූදානම් අයවලුන් අද කාලේ සුලභ බව මෙවැනි පුවත් තුලින් අපිට වැටහෙනවා. 

ඇයි දෙයියනේ ගෙදර ඉන්න ගෑනිව දාලා මොඩලින් කරන එකක් ලඟට යන්නේ මොකද මොඩලින් කරන උන්ගේ ඒවා රත්තරන්ද? (තේරුම් ගැනීමට හැකි අයට පමණයි) 


හරි බැඳපු උන්ට ගෙදර ගෑනිඉන්නවා එතකොට නොබැඳපු උන්. ඇයි යකෝ ගෙවල්වල බොලාට ප්‍රශ්න නැද්ද? අම්මා තාත්තට සලකන්නේ නැද්ද? තමන්ගේ බාල සහෝදර සහෝදරියන්ට පොතක් පතක් අරන් දුන්නම හෙනද? ඒ ඕනෙත් නැහැ. එහෙම වගකීමුත් නැහැ කියමුකෝ  හැමදාම රෙන්ට කාර් ( Rent a car) දුවනන්ද? තමන්ගේම කියල බ්‍රෑන්ඩ් නිව් හරි (රිකන්ඩිශන් හරි තමන්ගේ කැමැත්ත රසය අනුව) වාහනයක් ගන්නේ නැද්ද? මම මේ කිව්වේ කසාදෙ ගැනයි. ඉතින් මෙහෙම කරන උදවියමයි පැණි හඳේ දී රෙද්දේ පැල්ලම් හොයන්නේ එතකොට උන්ගේ පැල්ලම් හොයන්නේ කවුද? ඉතින් මම අහන්නේ මෙහෙම අසහන කාරයෝ මේ ලෝකේ බිහිවෙද්දි අවුරුදු 4රේ පහේ පොඩි එකෙක්ටවත් ඉන්න දෙන්නේ නැති කාලයක් තමයි ඉස්සරහට බිහි වෙන්නේ. ස්ත්‍රී දූෂණ, මිනීමැරීම් දිනෙන් දින වැඩිවෙනවා. පාලකයෝ යහපත් නැහැ. අර බුදුන් දවස කොසොල් රජතුමාට පෙනුන සිහින සියල්ල සැබෑවේගන යන්නේ. අවුරුදු දහයේ දොලාහයේ පොඩි ගැහැණු ළමයි බඩවල් උස්සගෙන. ලාබාලම මවගේ වයස අවුරුදු 11ක්ද කොහේ. 



ලෝක විනාසේ උනේ නැති උනාට ඒ හා සමාන දේවල් රැසක් මේ දිනවල ලංකාව පුරා අසන්නට දකින්නට ලැබෙනවා. භූමි කම්පා. ගිලාබැසීම්, නාය යෑම්, ගංවතුර සුළිසුලං, කහ වැහි, රතු වැහි, කිඹුල් වැහි, මාළු වැහි, ස්වභාවික විපත් හේතුවෙන් සිද්ද වෙන මරණ. (අම්මා මුත්තා කලෙකවත් අහපුවද? අපිට පොඩි කාලේ ඉගැන්නුවේ ලෝකේ තියෙන වාසනාවන්තම රට ලංකාව කියලා. භූමි කම්පා නැති ස්වභාවික විපත්වලින් තොර සෞම්ය දේශගුණයක් ඇති රටක් කියලා.  ඇත්තටම එහෙම තිබුනා කලින් නමුත් මේ වකවානුවේ  සිද්ධ වෙන දේවල් දිහා බැලුවාම කල්පනා උනේ අර පෙරහැර එන්න කලින් කසකාරයෝ එන්න වගේ සිද්දියක් තමයි මේ  පසුගිය දිනවල සිදුවුනේ කියලා. මේ සටහන මම ලියන්නේ ලෝක විනාසේ උනේ නැහැයි කියල උදම් අනන පිරිසටයි. ඔය සිද්දවෙන්නේ පෙර පුහුණුවක් විතරයි. ඇත්ත දේ සැබෑ ලෝක විනාසේ ලඟාකරගන්නේ අප විසින්මයි. ඔය නාය ගිය කඳුවල ගෙවල් හදලා. වතුර බැහැලා යන්න තියෙන ස්වාභාවික මාර්ගයන් අවහිර කරලා ගස් කපලා, පසේ තිබෙන ඒ සරුබව, ඒ රඳා පැවතීමේ ගතිය නැති කල හේතුවෙන් තමයි නාය යෑම් සිද්ද වෙන්නේ. අපි සොබාදහමට හානි කරන්න, කරන්න, සොබා දහමෙනුත් අපිට කරන්නේ හානිම තමයි. ඉතිහාසය ඒවාට සාක්ෂි දේවි. 


(මට හිතෙන හැටියට 2002 පමණ) රත්නපුර ප්‍රදේශයේ සිදුවූ නාය යෑම සහ ගංවතුර තත්වයත්. 2004 සිදුවූ  සුනාමියත්, මේ දිනවල මේ සිදුවන ආපදා තත්ත්වයනුත්  අපිට සොබාදහමෙන් කරන අනතුරු ඇඟවීම් කියලයි. දෙයක් උනාට පස්සේ පසුතැවෙන්නේ නැතිව ඒ දේ සිද්දවෙන්න කලින් ඒ විපත වලක්වා ගැනීම අප අනාගත පරපුරට කරන විශිෂ්ට සේවයක් වේවි. අපි අතීතයේ ජීවත් වූන හෙළයන් ගැන කයිවාරු දොඩවමින් ආඩම්බර වෙනවා, කියවනවා. නමුත් මෑත කාලයේ එහෙම කතාකරන්නට පුළුවන් ආඩම්බරෙන් කියන්න පුළුවන් කෙනෙක් ගැන ඔබගේ මතකයට නැගෙනවාද? (රණවිරුවන් හැරුණු කොට)




තමන්ගේ ආගම කුමක් උනත් (කිසිම ආගමක කියල නැහැ වැරදි දේ කරපන් පව් කරපන් කියලා. අදහන මිනිස්සු තමයි වැරදි විදියට අදහන්නේ) තමන්ගේ දිවිපෙවෙත හදාගතහොත් යන තැනකට වැඩක් කරගත්තා කියලා අන්තිම මොහොතේදීවත් සතුටුවෙන්න පුළුවන්.

පසුගිය බදාදා මම ටැක්සියකට ගොඩ උනේ එදා ට්‍රැෆික් එක වැඩි නිසා වාහනය ගෙදර දමා ආ නිසාවෙනුයි. ටිකදුරක් පැමිණි පසු ටැක්සි රියදුරු සිංහලෙන් කතාකිරීමට පටන්ගත් බැවින් මාද ඔහු හා කතාවට වැටින. ආගිය තොරතුරු කතා කල පසු මම ඔහුගෙන් සිංහල ඉගනගත් අන්දම ගැන විමසීමක් කලවිට. ඔහු පිළිතුරු දුන්නේ ලංකාවේ ගෑනියෙක් තමයි මම තියන් ඉන්නේ මම විතරක් නෙවෙයි ගොඩක් අපේ පකිස්තාන ජාතිකයක් තියන් ඉන්නේ ලංකාවේ ගෑනු. ලංකාවේ ගෑනු හරි ඉක්මනට අල්ලගන්න පුළුවන් යනාදී වශයෙන් හෑල්ලක් කියවාගෙන ගියේය. එවිට මට ඇති වූයේ නොසෑහෙන කලකිරීමකි. ඇයි යකෝ මෙච්චර ලංකාවේ පිරිමි ඉන්නවා. මුන් මේ පක්කො එක්ක මොන මගුලකට නිදියනවද කියාය. මම පක්කොන්ට අකමැති බව මේ බ්ලොගය බලනා අය දන්නා කරුණකි. දන්නේ නැති අය මෙතනින් බලන්නකෝ. අපි මේ පිටරැටියන් ඉස්සරහ ඔලුව කෙලින් තියන් ඉන්නේ කොහොමද කියල තමයි ඒ වෙලාවේ මට හිතුනේ. මෙහෙ ජීවත් වන සම... හරක් (සියල්ලන් නොවේ) ගෘහ සේවිකා රැකියාවන් සඳහා පැමිණෙන ශ්‍රී ලාංකික කාන්තාවන් ගෙවන දිවිය සැබවින්ම ජුගුප්සාජනකය. 


බොහෝ දුරට මම දැක ඇති දෙයක් නම් අවුරුදු හතළිහේ හතලිස් පහේ ගැහැනුන් තියන් ඉන්නේ තමන්ගේ දරුවන් වයසේ පොඩි කොල්ලන්ය. නිවාඩු දවසක ප්‍රධාන වෙළඳ සංකීරණයක් (Shopping Mall) වෙත හෝ, මාර්කට් එකක් වෙත හෝ ගියවිට මෙවැනි දෑ ඕනා තරම් දැකගත හැකි වේ. ඒ ගැන මා කිසිවක් කීමට නොයන්නේ එම කාන්තාවන් ඒ තරුණයන් බලහත්කාරයෙන් රඳවාගෙන නොසිටින බැවින් සහ ඒ මොනදේ උනත් ලංකාවේ උන්නේ කියා හිතහදාගනීමට හැකි බැවිනි. ඒ මදිව බංගාලි, පකිස්තානි, මලබාරින් වෙතද ශ්‍රී ලාංකික කාන්තාවන් යන්නේ මුළු රටේ ජාතියේම ගෞරවය බල්ලට දමමිනි. ඉතින් මේ වගේ වෙලාවට තමයි හිතෙන්නේ අනේ වෙන විනාසයක් වෙලා මුන්වත් කුදලාගෙන පලෝ කියලා. 



ප.ලි. මෙම පොස්ටුව කිසියම් ආකාරයක පෞද්ගලික මඩක් හෝ අපහාසයක් නොවන අතර. රටේ තොටේ සිදුවන දෑ සහ සිදුවීම් කල්පනාකරමින් සිටින විට මා සිතට නැගුනු පැටලුනු සිතුවිලි ගොන්නකි. මෙයින් කාගේ හෝ සිත් රිදවීමක් වෙතොත් සමාව භාජනයකට දමා දෙන ලෙස ඉල්ලා සිටිනවා.  


අවසාන වශයෙන් මාගේ කිතුනු පාඨක, සහ මිතුරු ඔබ සැමට සුභ නත්තලක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා






103 comments:

  1. සහතික ඇත්ත කෝරලේ මලයෝ.... අපිම තමා අපේ විනාශය ලගා කර ගන්නේ. ස්වභාවධර්මයට අපි රිදවන්න රිදවන්න.... ඒකේ පල විපාක අපිටත් විදින්නට සිදු වෙනවා....බහුතරයක් මිනිස්සු මේක තේරුම් නොගන්න එකයි ප්‍රශ්නේ..... අනික මේ සමාජය දැන් විකෘති වෙලා තියෙන්නේ..... ආයේ ගොඩ එන්න නම් හැමෝටම අලුතින් හිතන්න වෙනවා.....

    ReplyDelete
    Replies
    1. "ආයේ ගොඩ එන්න නම් හැමෝටම අලුතින් හිතන්න වෙනවා" අන්න හරි සමනලී අක්කේ. අපේ මිනිස්සු ගොඩක් වෙලාවට කටයුතු කරන්නේ හැම දෙයක්ම රුපියල් සතවලින් මැනලා. නමුත් ඔවුන් කවදාවත් හිතන්නේ නැහැ එයින් ලැබෙන අනිටු ප්‍රතිපල ගැන.

      Delete
    2. කෝරාළ උන්නැහේ අපි ඉබේ පහළ වුනා කියල හිතුවොත් කතාව හරි. ඒත් එහෙම නොවන බව පේනවා. අපට අයිතිකාරයෝ නැද්ද? ඔය කිව්වට අපේ හිතට එන දේ කරනවා මිස, හරිද වැරදිද කියල කරන්න යන දේ නොකර ඉන්න බැහැනේද? අපි අනුන්ට බණ කිව්වට අපේ වැරදි කිව්වොත් වෙනස් වෙනවාද? මම මේ අපභ්‍රංෂෙ කිව්වෙ අපට කියල අපව නසනවා වගේ නිසා. මට පේන්නේ අපි ඒකට උදව් කරගන්නවා කියලයි. මීට කලිනුත් ඕකම වෙලා තියෙනවා.

      එහෙව් ලෝකෙ, ගැහැණුන්ට කියපු කතා වැරදි වගෙයි. දෙවැනියා වන ගැහැණියට ඔය කියන විදියට හැසිරීම පාලනය කල නොහැක. දරුවන් හැදීමට ගැහැණිය නොකරන දෙයක් නැත. ප්‍රශ්ණයේ මුල පොන්න පිරිමියන්ය. පොන්න රජාද ආපසු කියපු දෑ ගිල දමා ගණිකාවන් යොදා ආශ්චර්යය සොයනවා නේද? වැදගත්කම නැතිබැරිකම් හමුවේ පෑළ දොරෙන් පැන යනවා. ගැහැණුන් තම අවයව දෙන්නා සේම වසඟයටද ගනී. අන්තිමට පරදින්නේ පිරිමින් නොවේද? අසරණ වූ විට පිරිමියන්ට එතරම් වත් දෙයක් නැත.

      දරුවන් ලබන තැන පැහැරූ විට ලෙඩ රෝග පමණක් නොව පවුල් කැඩී බිඳී නන්නත්තාරේ යන්නේ, පැන යන්න ඉඩදී බෙල්ලෙන් අල්ලා ගැනීම අපම කර ගන්න නිසාද? නැත්නම් වෙන කෙනෙකුගේ ක්‍රියාවක් ද? ලෝක විනාශයද එවැනි දෙයක් ද?

      Delete
  2. ලියමන නම් බැලුවා මොනවද ලියන්නේ කියල හිතුවේ ....

    ReplyDelete
    Replies
    1. අනේ ඔන්න ඔහේ හිතන දෙයක් කියලා දාන්න. හික් හික්....

      Delete
  3. කියන්න දෙයක් නෑ කෝරලේ .ගොඩක් දේවල් මම හිතන විදිහටම තමා

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අවතාර්. සමහර වෙලාවට හිතට එන බහුභූත සිතිවිලි වල උනත් ගන්නට හරයක් තියෙනවා.

      Delete
  4. ෂහ්.... මෙයා අද ලස්සනට ලියලනේ අප්පා.... අද නම් වැරදි දෙක තුනක් ඇරෙන්න ඔක්කොම ගානට ගලපගෙන තියෙනවා.. මුල ටික නම් හොඳටම හොඳයි...

    ඇත්ත කියපං.. බනියා වැරදි හැදුවා නේද... හි හි..

    ඊයේ පෙරේදා මං ලියපු එකට සෙන්සර් අප්සට් වෙලද ඇහුවේ... ඇයි බොල මාත් ලිව්වේ මේවා ගැනම තමයි... බලන කොට මේ වගේ හිතන, කතා කරන, හරි පැත්තට යන්න දඟලන එවුන් ටිකක් හරි ඉන්නවා නේ.. ඒ කියන්නේ ඉස්සරට වඩා තරුණ පරම්පරාව හරි පැත්තට යන්න දඟලනවා කියන එක නෙවෙයිද...

    ReplyDelete
    Replies
    1. හප්පේ මට මේ පොස්ට් එක ගැන තිබුණු චකිතය දෙගිඩියාව අක්කගේ කොමෙන්ටුවෙන් පස්සේ හරි ගියා මොකද ඔය වරදක් කියන්නේ නැහැ කියන්නේ ඉතින් වැඩේ වඩේ වෙලා කියන එකනේ. හි හි හි :P
      ඇයි බනිය විතරද සිංහල දන්නේ අපි කළුද? ඒකා අද ගෙදර මම මේ ඔෆිස් එකේ උදේ ඉන්න ගමන් ලිව්වේ. :P :)

      මේකනේ අක්කේ හීනියට ඔයාට මඩක් ගහන එක මගේ හොබී එකනේ. අපි දැන්වත් හැදුනේ නැත්නම් අක්කේ හැදෙන්න කල් මදි වෙනවා. මේ දේවල් ඉස්සර ඉඳන් හිතුනත් කියන්න බයයි. ඇයි වැඩිහිටි පරම්පරාව විසින් නොසලකා හරීවි කියන බය තිබුනා. මේ මොරාල් එක ලබාදීම ගැන මමනම් පින් දෙන්නේ කැම්පස් එකට. අක්ක කියන දේ හරි අද කාලේ මේ විදියට හිතන තරුණ පිරිස් ඉන්නවා නමුත් බොහොමයක් කතාකරන්න තමන්ගේ මතය පලකරන්න බයයි. සබකෝලෙද සෙන්කෝලෙද කියලත් ඕකට කියනවනේ. :)

      Delete
  5. අහා මොනවා කියන්නද කියලා හිතුවේ. මේ ලිපියට මම පට්ට ලයික් අයියේ. කෙලින්ම බොක්කටම ඇත්ත ලියන බ්ලොග්කාරයෝ වැඩිය නෑ නේ ඉතින්. ;)
    ජය වේවා !!

    ReplyDelete
    Replies
    1. තැන්කු.... කිව්වා නංගා. එහෙම ලියන්නේ නැත්තේ එයාලගේ වරද නෙවෙයි නංගා සමාජ ක්‍රමේ. හැඩගැහිලා තියෙන ක්‍රමේ... :)

      Delete
  6. සමස්තයක් විදිහට පොස්ට් එකට එකඟයි සහෝ... ගුජුප්සාජනක නෙවෙයි මම හිතන්නේ ජුගුප්සාජනක.කෝකටත් තව කාගෙන් හරි අහලා බලන්න. තව දෙයක් කියන්නම්.. හැබැයි මට බනින්න එපා හරිද... ඔය ලංකාවේ ගෘහ සේවිකාවෝ ලංකාවේ මිනිස්සුත් එක්ක ගියොත් මොකද දන්නවද වෙන්නේ?? උන් ලංකාවට ඇවිල්ලා කියනවා "ආ මචන් , මන් ඒකිව දන්නවනේ... එකී මාත් එක්කත් හිටියනේ...ඕකි පට්ට වේ* " කියලා... ඉතින් ඊට වඩා හොඳයි පක්කොත් එක්ක යන එක.. ලංකාවේ පිරිමිත් යන්නේ සුද්දියොත් එක්කනේ.. :P

    අනිත් එක කිසිම ආගමක නරක දෙයක් කරන්න කියන්නේ නැහැ කිව්වට මුස්ලිම් ආගමේ තියනවලු තමන්ගේ ආගමට විරුද්දව එන අයව කපලා කොටලා හරි මරන්න කියලා..

    ReplyDelete
  7. ආ... අමතක උනානේ කියන්න... විකිගෙන් අහලා බලන්නකෝ..ලෝකේ අවුරුදු 6 අම්මලත් ඉන්නවා...

    ReplyDelete
  8. මේ පොස්ට් එක දිග වැඩි ඉන්දද මන්දා තව දෙයක් අමතක වුනා කියන්න.. අර ෆේස්බුක් එකේ ගැනිට අහුවුණු මිනිස්සුන්ට හොඳම වැඩේ..!!! තියන පජාත කමට ඔහොම වෙලා මදි..

    ReplyDelete
    Replies
    1. අනේ නගේ ඕක ගුජුප්සාජනක ද ජුගුප්සාජනක ද කියන එක මම හරියටම දන්නේ නැහැ. පුලුවන්නම් හොයලා දෙන්න. දන්නවනේ අයියගේ සිංහල දැනුමේ හැටි???? හිකිස්..... මේකයි නංගා... ඔයාට ඔතන අමතක වුන දෙයක් තමයි ගෘහසේවිකාවන් හැටියට එන ගොඩදෙනෙක් කසාද බැඳපු උදවිය. අදෘමල්ලෝ ඉන්න උදවිය. සමහර අයට දරුවොන්ගේත් දරුවෝ ඉන්නවා. මම අහන්නේ තමුන්ට තීත්‍යනුකූල මනුස්සයෙක් ඉන්දෙද්දී ඇයි වෙන මිනිස්සු පස්සේ යන්නේ කියන එක රට මොකක් උනත් කරන දේ වැරදියි. පිට රට උන් එක්ක යාමෙන් වෙන්නේ තමන්ගේ ආත්ම ගෞරවය විතරක් නෙවෙයි තමන්ගේ රටේ අනෙක් අයගෙත් ආත්ම ගෞරවයත් එයාල විනාස කරනවා.

      නංගි මුස්ලිම් ආගමේ තියෙන දේවලුත් මිනිස්සු හදාගෙන තියෙන්නේ තමන්ගේ වාසියට. දැන් බලන්න සුරාමේරය මජ්ජපමාදට්ටානා කියන සිල් පදේට කරලා තියෙන දෙයක්. සුරාව මදපමනින් ගත්තාට වරදක් නැහැලු. මම අනන්තවත් අහල තියෙනවා මේවා කියන්නේ විහිලුවට වෙන්න පුළුවන් නමුත් මේවා අනාගත පරම්පරාව අතට යන්නේ විකෘති වෙලා. මම සිරාගේ පොස්ට් එකේදිත් කිව්වා මුස්ලින්ම් ආගම එක්ක මගේ කිසිම තරහක් නැහැ. ඔය කිව්වා විදියේ අන්තවාදීන් තමයි මට පෙන්වන්න බැරි.


      නංගෝ අවුරුදු 6 අය හිටියට. ලංකාවේ ඉන්නේ 11හේ කෙනෙක්ලු. කොහොම වෙතත් අඩුවයසින් ගැබ්ගැනීම. ගැහැණුලමයෙකු සමග ලිංගිකව එක්වීම අයව අපචාරයේ යෙදවීමක්. ලෝකෙම නීතියට අනුව එය පැහැදිලි ලෙසම වරදක්. මෙයට ගොඩක් හේතු තියෙනවා නොදැනුවත් කම,මානසික අසහනය,දූෂණයට ලක්වීම වගේ දේවල්

      මටත් කියන්න තියෙන්නේ ඔයාට කියන්න තියෙන ටිකම තමයි. හැබැයි ඒකෙන්වත් මට්ටුවෙනවානම් ලොකු දෙයක්. :)


      Delete
    2. @කෝරලේ මල්ලි
      හරි වචනය ජුගුප්සාජනක

      Delete
    3. තැන්කු කිව්වා චන්දන අයියේ මම විසින් වරද නිවැරදි කරන ලදී

      Delete
  9. උඹ හරි මහත්තයෝ හරියටම හරි!
    අර මැද දාල තියන පොටො එකත් මාව හරියට මෙව්ව කලා :(

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා මලේ.
      මේ සිරාවට කිරිගල් පොත්ත දැක්කද? ඇස් වහගන්න නේ බං තිබ්බේ. පොඩි උන්ට මේක බලන්න එපා කියල දාලත් තියෙනවා. අයියෝ සල්ලි.

      ඔය කියන්නේ අර ලාබාල මවගේ සිද්දීයනම් පව් සිරාවටම පව් බං.

      Delete
  10. සාමාන්යයෙන් මම මෙවැනි දේ ලියවෙන පොස්ට් වලට කමෙන්ටුවක් දාන්නෙ නම් නෑ ප්‍රතිපත්තියක් හැටියට. කවුරුත් තරහා වෙන්නට එපා ඒ ගැන. මගෙ වයසෙ හැටියට ඕවට කමෙන්ට් කරන්න ගිහින් හැප්පෙන්න මට බැරි නිසායි. ඒ උනාට කොරලේ මහත්තයාගෙ මේ පොස්ට් එකට නොදා බැරි ම උනා ඔන්න. හරියටම හරි. වැදගත් යමක් ලියවිලා තියෙනවා. මේ වගේ ජරා වැඩ කරන එවුන් කොහොම හරි අල්ලලා දැඩි දඬුවම් දෙන්න ඕනෙ. අරාබිකරයේ ඉන්නා කාන්තාවන් බොහොමයක් මොන කරුමෙකට හරි මේවට ඇබ්බැහි වෙනවා. ඔබ වැනි දරුවන් අද සමජයේ ඉන්නා බව දැන ගැනීමත් සතුටක්. මෙවන් දේ පිළිකුලෙන් යුතුව හෙලා දකිමින් කටයුතු කිරීමෙන් ඒ බව පැහැඳිලියි. මේ ගුනදම් ආරක්ෂා කරමින් ඉදිරි ජීවිත යහපත් කර ගනීවී කියා සිතනවා. ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මම මීටකලිනුත් කියල තියෙන විදියට මම බලන බ්ලොග් ගැන මෙතෙක් යයි කියන්න බැහැ. නමුත් මම බ්ලොග් රෝලේ එල්ලන් ඉන්නේ මම ආසම කරන බ්ලොග් විතරයි. අනෙක් ඒවත් බලනවා. හැබැයි ගොඩක් දුරට කොමෙන්ට් කරන්නේ මගේ හිත ගියොත් විතරයි. ඒ තමයි පාඨකයාගේ අයිතිය. අනෙක යම් දේවල් තියෙනවා අපිට කොමෙන්ට් කරන්නට බැරි. ඔබගේ කතාවට මම 100% එකඟවෙනවා. අම්මපා ඔයවගේ දේවල් නිසා අසරණ මටත් ෆේස් බුක් බෑන් කළා තාත්තා විසින්. අන්න ඒ ඇබ්බැහිවෙන හේතුව තමයි හොයන්න ඕනේ මම නම් ඔව්ව පාරේදී දැක්කාම කියන්නේ නරලොව හොල්මන් කියලා. බොහොම ස්තූතියි ඔබතුමියටත්.

      Delete
  11. ලෙසටම ලියලා තියනවා මචෝ! මටත් හිතාගන්න බැරි මොක් මුන් අපේ රටේ ඉඳගෙනත් අපේ නම කාල පිට ගිහිනුත් අපේ නම කන්නේ කියලා! (ඔක්කොම නෙවෙයි)

    ReplyDelete
    Replies
    1. එකනේ මචන් මම කියල තියෙන්නේ සම හරක් කියලා. අන්න ඒ හරක් ටික අල්ලලා බෙහෙත් දෙනකල් රටත් ඉවරයි රටේ නමත් ඉවරයි. තැන්කු මචෝ...

      Delete
  12. ඔයා අහලා තියනවනේ මොඩලින් කරන ඒවායේ ඒක රත්තරන්ද කියලා .

    ඕකට හේතුව මේකයි මිනිස්සුන්ට ඕන මොඩලින් කරන ඒ අහවල් එකත් එක්ක බුදියාමට වඩා එසේ බුදියාගෙන පැමිණ අනිත් උන් සමග "මචන් මං අද අහවල් එකටත් ගැහුවා "යනුවෙන් පුරාජේරු කීමට ඇති ආසාවයි .

    අර කතාවකුත් තියෙන්නේ පොරක් ප්ලේන් එකේ යනකොට ඒක මූදට කඩාගෙන වැටුනලු ,දූපතකට ගිහින් බේරුනේ මිනිහයි ප්ලේන් එකේ ගියපු ලෝක රූප සුන්දරියි විතරයිලු,දූපතේ හිටියේ මුන් විතරලු ,කොහොමහරි ටික දොහක් යනකොට දෙන්න සෙට්ලු ,ඒත් ටික දවසක් යනකොට මිනිහා හෙන අප්සට් මූඩ්ලු,කෙල්ල ඇහුවලු :"ඇයි අනේ ඔයා අප්සට් එකේ ,ඔයාට මොනවයින්ද අඩු කියලා

    මිනිහා කීවාලු "මොනවා තිබුනත් වැඩක් තියේද ඒක කියාගන්න එකෙක් නැතුව කියලා

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් සහතික ඇත්ත තර්කානුකූලව බලන කල සිරාවටම ඇත්ත ඔයදේම නේද? ස්තූතියි හසරැල් මම පොස්ටුවෙන් බාගයක් ඉඩ අරන් පැහැදලි කරන්න හදපු දේ ඔයා එක වාක්‍යකින් කිව්වා.

      Delete
    2. හසරැල් ගෙ පැහැදිලි කිරීමත් එල......

      Delete
  13. ඒ මලඉලවු අස්සෙ ඕක නීතිගත කොරන්ටත් ඕන කියන්නෙ.. අම්මපා ලංකාවට මොකද මේ වෙන්න යන්නෙ ආ..?

    ReplyDelete
    Replies
    1. කාලේ විකාලේ වෙලා මිනිස්සුන්ගේ ඔලු විකාර වෙලා. ධර්මද්වීපයට මොකක්ද මේ වෙන්නේ කියන එකයි ගැටලුව. හැබැයි අපේ අයටනම් ඇස් ඇරෙන්න දෙයක් වෙන්නම් ඕනේ.

      Delete
  14. මිනිස්සුන්ට කොතනකින් හරි වාසියක් ගන්න ඕන්නම් ඕන මගුලක්. දැන් මාය ව ඉවර වුනාට පස්සේ දැ මේ අපි පාවිච්චි කරන කලැන්ඩරේ වැරදියී කියල දැන ලොකු කතාවක යනවා

    ReplyDelete
    Replies
    1. අපේ මිනිස්සු හැම නිතරම බලන්නේ මොනවා හරි ඇදයක් කියා කියා කල් මරන්න. ඒ නිසානේ අපේ අය හැමදාම එක තැන පල් වෙන්නේ.

      Delete
  15. ඇත්තම ඇත්ත කෝරලේ මහත්තයෝ... ලෝක විනාසෙ කියන්නෙත් ඕකටම තමයි,මිනිස්සු පිරිහෙනවා..
    සුබ නත්තලක් වේවා!!

    ReplyDelete
    Replies
    1. එකනේ ශම්මි අපේ තරුණ පරම්පරාවෙන් ටිකදෙනෙක් හරි මේ දේ තේරුම්ගත්තොත් එය අනාගතේ මෙයිට වැඩිය ටිකක් හරි හොඳ වෙනස්වෙන්න බලපාවි.

      සුභම සුභ නත්තලක් ශම්මි!!!

      Delete
  16. ඕක තමා ඇත්තම ලෝක විනාසෙ

    ReplyDelete
    Replies
    1. සිරාවටම ස්පයිඩර් උන්නැහේ....

      Delete
  17. අවුරුදු 5 පොඩි එකෙක්ටවත් අද ඉන්න නෑ. කෙල්ලො විතරක් නෙවෙ පොඩි කොල්ලොන්ටත් එහෙමයි.. ලෝකෙට සදාචාරෙ උගන්නන අපේ උන්ගෙ කෙරුවාව තමයි ඔය.

    ReplyDelete
    Replies
    1. අපේ අය ඔක්කොම නරිවාදන් කටින් විතරයි. මෙලෝ රහක් නැහැ අම්මපා.

      Delete
  18. අනේ කාලේ වනේ වාසේ කිව්වලු.

    ලෝක විනාසේ ඔහොම උනාම ගතියක් නෑ බන්. කොහොමද එකපාරටම ඇවිල්ලා හුචස් ගාලා ගියාම. දැන් බලන්න වාහන අනතුරු වලින් කී දාහක් මැරෙනවද කියලා. ඒත් ප්ලේන් එකක් කඩා වැටිලා 20ක් මැරුනොත් BBCවලත් යනවා. ඔන්න ඔහොමයි වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් ප්ලේන් එකක් කඩන වැටුනොත් ඒක ජාත්‍යන්තර තලයේ දෙයක් වෙනවනේ. මේ ලෝකේ විනාස වෙන්නේ ටික ටික අපේ ඇස් පනාපිටම. ඒත් වරද කියන්නේ අපිට ඒ දේ තේරෙන්නේ නැති එකයි.

      Delete
  19. ඇත්තම තමා.
    උන්ගේ නම නම් කැත වුනත් කමක් නෑ.රටේ නම කැත නොකර.

    ReplyDelete
    Replies
    1. අන්න එකයි මම කියන්නෙත් පමුදි.....

      Delete
  20. අපි හන්ඟන් ඉන්න ඇත්ත ඕක තමයි බං..!
    ගෘහ සේවයට යන අය නේද බං ඕය පකිස්තාන කාරයොත් එක්ක ඉන්නවයි කියන්නෙ.ෂික් මොන ලෙඩ ගේනවද දන්නෑ ලංකාවට...!

    ReplyDelete
    Replies
    1. අපි කොච්චර හංගන් ඉන්න හැදුවත් ඒ දේ ලෝකයාට පේනවා අයියේ. අපේ දරුමුනුපුරෝන්ටත් අපවාද විඳින්න වෙන්නේ මේ වගේ වැඩ නිසා.

      Delete
  21. කතාව නම් ඇත්ත සහො කොයි !@!#$ එකයි තමයි..දැනුවත් කිරිමට ස්තුතියි ඔබටත් සුබම සුබ නත්තලක් වෙවා..

    ReplyDelete
    Replies
    1. ඒක වෙනස් කරන්න අපේ පරම්පරාවේ අය හරි ට්‍රයි කරනවානම් ලොකු දෙයක්. මේ ලිපිය ඊට පොඩි අත්වැලක් විතරයි. ඔබටත් සුභම සුභ නත්තලක් වේවා සචිත්!!!

      Delete
  22. කෝරළයට තරමක් කේන්ති ගිහින් වගේ.
    ඇත්ත කතාව. ලෝක විනාසෙ කියන එක එක පාරටම වෙන දෙයක් වෙන්න බෑ.
    අර අපේ ගෑණු ගැන කියන කතාව නම් අහගෙන ඉන්නත් අප්පිරියයි කෝරළේ මහත්තයා.

    (බදාම කෝස් එක ඉවර වුනේ ඊයේ)
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. කේන්ති යනවා නෙවෙයි අයියේ එනවා. මේ වෙන දේවල් දැක්කාම. අපි විහින්ම අපේ වල කපාගන්නවා. අපේ ගෑනු ගැන කියන කතා වලට බෙල්ලේ වලදාගණන් හිතෙනවා අයියේ මේ පහුගිය දවසක වෙච්ච සිදුවීමක් තමයි මේ පොස්ටුව ලියන්න හේතු වුනේ.

      හප්පේ ලොකු දෙයක් බදාම කෝස් එක ඉවරවෙච්ච එක. දෙයියනේ කියලා අපිට පොස්ට් එකක් දෙකක් බලාගන්න පුළුවන් වෙයි. ඩුඩ් අයියට සහ පවුලටම සුභ නත්තලක් වේවා කියලා පතනවා!!!

      Delete
  23. කතාව ඇත්ත අයියා මිනිස්සුම තමයි තමන්ගේ විනාශේ ලංකරගෙන තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අනිවා මලේ කියල වැඩක් නැහැ කොච්චර කිව්වත් අපේ උන් හැදෙන එකක්යෑ....

      මලයට සුභම සුභ නත්තලක් වේවා!!!

      Delete
  24. අඩේ කෝරලේ මේ උඹද බං?
    කෙසේ වෙතත් සිද්දිය ඇත්ත ලෙසටම ලියලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අයියන්ඩි මේ මම තමයි. තැන්කු වේවා කිව්වා!!!

      Delete
  25. බුකිය සහ බ්ලොග් අයථා විදියට පරිහරණය කරන උන්ට ගහන්නම ඕනි හෙන......හුහ්....යකෝ අපේ ගෙදරිනුත් අවුල් මට onna puthe facebook....ඔය අම්මගෙ වචන වෙච්චි......:(

    ReplyDelete
    Replies
    1. ඔව් අපා මේ අපිවගේ අහිංසක ළමයින්ටත් මේ රෙද්දවල් නිසා ප්‍රශ්න නේ සහෝ නැද්ද??? :)

      Delete
  26. ඇත්ත තිත්තයි.ගැහැණු කම මුදලට පවා දිම මහා පව්කාර කමක්.මේවා බලලවත් ගැහැණු හැදිය යුතුය.දුෂණ වෙන ඒවා නවත්වන්න කලින් තමන් ඇඟ විකුණන එක නැවැත් විය යුතුය.ආදරයත් රාගයත් අතර ප්‍රශ්ණයකට වඩා මුදලත් ජිවිතයත් අතර ප්‍රශ්ණයක් වෙන මෙය තමන් ඉගෙන ගත් ධර්මය තුලින් තමන්ගේ සීමාවේ සිට මුදල් ඉපයිමට වග බලා ගන්න ඕන.මෙකත් හිඟා කෑමක්.

    මේවැනි ලිපි පත්තර වල වැටෙනවා නම් වටි.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. "මෙකත් හිඟා කෑමක්" හරියටම හරි ගයානි ඔයාගේ අන්තිම කතාව මම ලියන්නත් හදලා නොලියා හිටියේ එය ලියා දෝෂාරෝපණ වැඩි වනු ඇතැයි සිතුව බැවිනි. ආදරයත් වෙනම දෙයකි රාගයත් වෙනම දෙයකි. නමුත් මේකට සිංහලෙන් කියන්න තියෙන වචනේ මෝල් කලන්තේ කියලයි.

      Delete
  27. තමන් අදහන ධර්මයකට අවනතව ජීවත්වෙනවා නම් මිනිස්සුන්ට තියෙන ප්‍ර‍ශ්න වලින් සෑහෙන කොටසක් අඩු වේවි...

    ReplyDelete
    Replies
    1. අනිවා සිරා අයියේ...... මම කියන්නෙත් ඒ දේම තමයි. ඒ උනාට අපේ උන් නොකරන්නෙත් ඔය දේම තමයි.

      Delete
  28. කතාව ඇත්ත මලේ. මිනිස්සු ගුණ ධර්ම අතින් යන්නේ අගාධයට ම තමයි.. එහෙම පිරිහුණු මිනිසා විසින් ලෝක විනාසය ඉක්මනින්ම ලඟා කර ගන්න එක සිද්ධ වෙමින් තියන්නේ.. ක්ෂණිකව නොවුනට..

    වටිනා පොස්ටුවක්!!

    ReplyDelete
    Replies
    1. එකනේ අයියේ මම කිව්වේ අපේ අය තමන්ගේ වල කපාගන්නේ තමන් විසින්මයි. අම්ම මුත්තා කාලේවත් අහපු දේවල්ද ගිලා බැසීම්, අර වැහි මේ වැහි..... කොහොමත් වැඩි දවසක් නැහැ.

      තැන්කු වේවා කිව්වා.

      Delete
  29. කාලෙකට පස්සේ කෝරලේ මලේගෙන් සුපිරිම ලිපියක්.අපි අපිම හැදෙනවා මිසක් දැන් අපට සමාජයක් හදන්න බෑ මලේ.ඔයාටත් බනියාටත් පවුලේ සැමටත් සුබ නත්තලක් වේවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නලින් අයියේ. අනිවා අයියටත් පවුලේ සැමටත් සුභම සුභ නත්තලක් වේවා!!!

      Delete
  30. උඹ හිතුවද අපි කියවන්නේ උඹේ බොග විතරයි කියලා... මාගල් ලියන්නේ මළ වදේ... කියවන්නත් එපාය ඉතින්.. මිනිස්සුන්ගේ තියෙන ගොන් කම් වලට තාක්ෂණය පලි නෑ....

    ReplyDelete
    Replies
    1. සිරාවටම පොස්ට් එක දිග වැඩිද අයියේ? මම මේ භාගයකට වඩා කපල කොටලා දාලා තමයි පබ්ලිෂ් කලේ. අනිවා 100% ඇත්ත කතාව.

      Delete
  31. අපි මේ ප්‍රශ්නයේ මුලය වටහා ගන්නේ නැතිව පලයට දොස් නැගීමයි කරන්නේ. ඔවුන් ගෘහ සේවයට යන්නේ ඇයි? තමන්ගේ දරුපවුල වැටිලා තියෙන අගාධයෙන් ගොඩ ගන්න. එහෙම ගිහිං හිටියට ඔවුන්ටත් ලිංගික අවශ්‍යතා එනවා. මුලින් එත්දී හිතාගෙන එනවා ඇති මම නම් කාගේවත් එක්ක යන්නේ නෑ කියල. ඒත් පසුව මේ ගැන කව්රුත් නොදැන ගනී කියන විශ්වාසෙ නිසා ඔවැනි තත්ව වලට පත් වෙනවා ඇති. අනිත් එක අපි දන්නේ කොහොමද රට ඇවිත් ඉන්න සියලු දෙනා ඔය තත්ත්ව නොදැනගෙන එනවා කියල? මම අහල තියෙන විදියට අරාබි ගෘහ සේවිකාවන් හාම්පුතුන්ගේ ග්‍රහනයටත් නතු වෙනවා කියල. අපේ ලොක්කත් කොහේදී හරි කිව්වා මතකයි ගෘහ සේවේ නතර කරනවයි කියලා. ඒක හොඳ දෙයක්. මේ ප්‍රශ්ණ වල මුලය අන්න එතන. ඊයේ පෙරේදා උඩුදුම්බර දුවක තමන්ගේ මල්ලිත් අරන් වාර අවාසනා විභාගයට ගිය කතාව කියෙවේ ඇස් වලින් කඳුළු පෙරාගෙන. එයාගේ අම්මත් මේ වගේ රට ගිහිං. තාත්තා ඔවුන් හැර ගිහිං. මල්ලිලා දෙන්න බලා ගන්නේ අර දැරිය. සමහරු තමන්ගේ සැමියාගේ තාඩන පීඩන වලින් ගලවෙන්නත් මේ ක්‍රමය හොයා ගන්නවා. අනේ මන්ද ? මේ ප්‍රශ්ණ වලට මුල දුප්පත් කමම නෙවෙයි කියලයි මගේ විශ්වාසය.

    මීට් අවරුදු 13කට විතර කලින් මම ඇහුව අරාබියේ ඉන්න සිංහල කාන්තාවෝ ඔවුන්ගෙන් පහස පතාගෙන ගිය සිංහල අයෙකුට අමු කුනුහර්පයෙන් බනින ගමන් පකිස්තානු, බංගලි, ඉන්දීය මිනිස්සු ගැන හොඳ කියනවා. ඒ කතාව ඇත්ත එකක් කියල මේ ලිපිය කියෙව්වම හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. මේකයි අයියේ ප්‍රශ්න හැමෝටම තියෙනවා ප්‍රශ්න නැතිකෙනෙක් හොයන්න අමාරුයි මේ ලෝකේ. නමුත් එකම දේ තමන්ගේ පෞද්ගලික අවශ්යතාවයම විතරක් ගැන බලන එක විතරක් නෙවෙයි තමන්ගේ රටේ නම්බුවත ආරක්ෂාකරගෙන කරන වැඩක් කලානම් හොඳයි කියලයි මම කියන්නේ. මම දන්නා කොච්චර ගෑනු අය ඉන්නවද එහෙම නැති. අරාබිය බලේ නිදාගන්න එක මෙතනට මොකුත් කියන්න බැහැ මොකද එක බලහත්කාරකමක් නිසා. නමුත් සිය කැමැත්තෙන් ගිහිං රෙද්ද උස්සනවා කියන්නේ. අන්න එතනයි වරද තියෙන්නේ. ඒ අහල තියෙන කතාව සම්බ්ප්ප්ර්ණ ඇත්ත.

      Delete
  32. මේ කතාවනම් සම්පූර්ණ ඇත්ත අයියේ ගොඩාක් වටිනවා.....මමත් ඔය වගේම එකක් ලිවුවා කලින් දවසක...මටත් එපාම වෙලා තමා ලිවුවේ....


    මේ තියෙන්නේ එක තමා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මල්ලි.හැබැයි ඔයාගේ ලින්ක් එකේ මොකක් හරි අවුලක් තියෙනවා. ඕපන් වෙන්නේ නැහැ. පොඩ්ඩක් බලන්න.

      Delete
  33. සම්පූර්ණ ඇත්ත! දැන් ගොඩක් මිනිස්සු පිරිහීමේ අන්තෙටම ගිහින්.

    ReplyDelete
    Replies
    1. කවදාවත් ගොඩ එන්න බරිතරම්ම පිරිහිලා එකයි දුක.

      Delete
  34. Sahathika aththa Korale Mahaththayo...

    Behewinma sthuthi mewan lipiyak liwima gana..

    Pudgalikawa mama nam kamati na ape sinhala minissu,katawth nikarune waraddak nokara hisa namanawata..

    Ape samahara minissunta suddek kiwwoth ita eha deyak na.danin watila kyna ona deyak karai..

    Ai ape rate kanthawo wena ewunge gewl bala ganna,adum hodanna,lamayi balaganna,lat hodanda yanne..

    Ada samajaye puhu mathayk goda nagila tiyenawa,rata giyoth okkoma hari,ikmanin diyunu wenna puluwn,kisi amaruwak na,sapa kane,pen nadda oya gihin ena un athin katin ellan ena apuruwa..me lankawe idala monawa karannada,wadak tiyenawada kawada diyunu wennada..anika e wage rataka jiwath wenawa kiyanneth kochchara aadambarakda..

    Onna ohomai ape ayage godak denek hithanne.thamange gedara lat eka hoda ganda bari unta ehe gihin unge lat hodana eka nambukarai..

    Me nisama e jathin thula goda nagila tiyenne sri lankikayan gana bohoma pahath mathayak..
    E mathe goda nagena widiyata wada karala tiyenneth apimai..

    Gruha sewikawan washayen yana boho denek anthimata lankawata enne pathiwatha ahimi karagena..

    Meeka kaliyugaya..

    Me wenneth winashayn..
    Minisa minisa wisinma winasha wenawa..

    Kosol raju dakka sihina sabaa wegenai yanne.
    Hama thanaka naraka wagema hodath thiyenawa..

    Kawada hari hoda de ismathu wela wajabenawa..

    Obta jayama wewa !!!

    Jangama durakathanayen piwisuna nisa sinhala type karanna amaarui,e nisai singlish type kale..

    Kiyawimedi apahasuthawk una nam sama wenna..

    ReplyDelete
    Replies
    1. බොහොම අපූරුවට විග්‍රහ කරලා තියෙනවා සහෝදරයා මම ලියලත් අයින් කල සමහරක් කරුණු ඔබේ කොමෙන්ටුවේ අන්තර්ගතයි. හැබැයි මම මේ දේ කියන්නේ. ලංකාවේ ඉඳන් දියුණු වෙන්න බැහැයි කියල හිතන අයට. අදටත් රට ඉඳන් එන ගොඩදෙනෙක් හූල්ලන්නේ ලංකාවේ හිටිය මිනිස්සු දියුණුවෙලා තියෙන හැටි දැකල. හැමෝටම රට හරියන්නෙත් නැහැ හරියන අයත් ඉන්නවා. හරියන්නේ නැති අයත් ඉන්නවා. මම මගේ ඉදිරි ලිපියකින් මේ ගැන විග්‍රහ කරන්න බලාපොරොත්තුව ඉන්නවා සුභ නත්තලක් වේවා කිව්වා ඔබටත්.

      Delete
  35. රුපියල් 30000කින් අද කාලේ කොච්චර දේවල් කරන්න පුලුවන්ද අම්මපා. මේ යක්කුන්ට මොලේ නැති හැටි.

    අද කොළඹ කොටුවත් ගණිකාවන්ගෙන් පිරිලා කියනවනම් මහා දවල් අහිංසක කොල්ලෝ පස්සේ යනවා මම දැකලා තියනවා. ගමෙන් ආව, එහෙමත් නැත්තම් කොළඹ ඉඳන් ගමේ යන අහිංසක කොල්ලන්ගේ පඩි පැකට් එකට විදින්න තමයි උන් හදන්නේ. හැඟීම් වලට වහල් වෙලා ඔව්වට අහුවෙන උදවිය තමයි සිරාවටම වැරදි.

    ReplyDelete
    Replies
    1. හැඟීමක් කියන දේට වහල් වීමේ සතුට තියෙන්නේ බොහොම සුළු මොහොතයි. බොහොම ස්තූතියි පැතුම් පැහැදිලි කිරීමට. ගණිකාවක් ලඟට ගිහිං මම දන්නා එකෙක්ට වෙච්ච දෙයක් දාන්නම් ඉදිරි පොස්ටුවකින්.

      Delete
  36. Replies
    1. බොහොම ස්තූතියි සුදු මහත්තයෝ.

      Delete
  37. විනාසේ තමා මේ :(

    ReplyDelete
    Replies
    1. අනිවා හසිත. කලියුග කාලේ.....:(

      Delete
  38. ඔබේ කතාව නම් සහතික ඇත්ත.අපේ රට කන්නේ අපේ අයමයි. මොනවා කලත් තමන්ගේ රටේ නම්බුව තියා ගන්න ඒ අය දැන ගන්න ඕනැ. එසේම ඔබටත් සුබ නත්තලක් වේවායි පතමි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මහත්තයෝ අපේ උන්දලා ඔය දේ තේරුම්ගන්නේ නැති එකනේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඔබටත් සුභ නත්තලක් වේවා!!!

      Delete
  39. //හැමදාම රෙන්ට කාර් ( Rent a car) දුවනන්ද? තමන්ගේම කියල බ්‍රෑන්ඩ් නිව් හරි (රිකන්ඩිශන් හරි තමන්ගේ කැමැත්ත රසය අනුව) වාහනයක් ගන්නේ නැද්ද? // ලොකු වැඩිද මන්දා

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් සහලුලු කරලා තෙරුම්ගත්තට කමක් නැහැ "මම මේ කිව්වේ කසාදෙ ගැනයි" ඔන්න සරලවත් කියල තියෙනවා.

      Delete
  40. aththa kathawa me kale wena dewal ahnnath appiriyai me dewal ahanna dakinna apith maha pawak karala tahi

    ReplyDelete
  41. හොඳ ලිපියක් කෝරලේ මහත්තයා.
    ගැණු ගණිකාවන් වෙන්නේ පිරිමි උන් ලඟට යන නිසානේ.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.ඇ නමුත් මැදපෙරදිග වෙන සිද්දිය ඔය විදියට අර්තකථන කරන්න අමාරුයි. මොකද මෙහෙ අපේ ලංකාවේ ගෑනු තමයි පිරිමි පස්සේ යන්නේ.

      Delete
    2. අපෝ... අපෝ... ගැණු පිරිමින්ව දුෂණය කරනවාද මලේ?

      Delete
    3. ටහ්රමක් දුරට මම ඒ පිළිබඳව පින්තූර ටිකක් හොයනවා ඒ ටික හොයාගත්ත ගමන් පොස්ට් එකේ ඉතිරි ටික දානවා.

      Delete
  42. වෙන දෙයක් වෙන්න කියලා බලාගෙන ඉන්න තමයි තියෙන්නේ..

    ReplyDelete
  43. ගොඩක් හොඳ කාලින කතිකාවතක් තමයි කෝරලේ මහත්තයා අරඹලා තියේනනේ. ඇත්ත ඔබතුමා කියන්නේ. වෙන දෙයක් වෙන්න කියලා බලන් ඉඳලා බෑ. දැන් මේ හලාල් කේස් එකත් ලංකාවේ ආහාරවලට ගහලා. ඇස් කන් පියාගෙන ඉන්නෙ කොහොමයි මේවා දකිද්දි. මේ ලිපිය නිසා ඇස් ඇරෙනවා ඕන එකෙක්ගේ. සිංහලයගෙ නමුබුව නැති කරගෙන නන්නත්තාර කරගන්නේ සිංහල අපි විසින්මයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රති ඔබටත්. ඇත්තටම සිංහල ජාතියේ වල කපාගන්නෙත් අපේ සිංහලයන් විසින්මයි දැන් එයට තිත තැබිය යුතු කාලය පැමිණ ඇත.

      Delete
  44. obatath suba naththalak weivaa.

    ReplyDelete
  45. මුහුණු පොත ගැන නම් අනේ මන්දා කෝරලේ ..මන් ඕකේ නැනේ ඉතිං ,ඔයා කියනවා වගේ ලෝකේ විනාස කරගන්නේ මිනිස්සුම තමයි ඉතින් ..සොබා දහමට විරුද්දව යන්න යන්න සොබා දහම අපිට විරුද්ධ වෙනවා ,,"සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ " කියනවනේ

    ReplyDelete
    Replies
    1. "සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ " හරියටම හරි රෙහානි. අපේ අය කරන්නේ තමන්ගේ වල තමන් විසින් කපාගැනීමක්. ෆේස් බුකියේ හිටියට කමක් නැහැ තම තමන්ගේ සීමාවන් මත. බොහොම ස්තූතියි රෙහානි.

      Delete
  46. භූමිකම්පා, ගිනිකඳු, ගංවතුර වලින් ආයෙ අමුතුවෙන් ලොකේ විනාශ වෙන්න ඕන නැහැ.. මිනිස්සු තම තමන් ම විනාශවෙලා ඉවරයි සාරධර්ම වලින්. මැදපෙරදිග තත්වය මේ තරම් දරුණු ඇති කියලා හිතුවේ නැහැ. ඒත් මොනවා කරන්නද මල්ලි... ඒවයේ ප්‍රතිවිපාක විඳින්න වෙන්නෙත් පුද්ගලිකවමනේ.

    ReplyDelete
    Replies
    1. අනිවා සහතික ඇත්ත. මීටවද දරුණුයි මගේ ඊළඟ ලිපියෙන් පුළුල් පැහැදිලි කිරීමක් ලබාදෙන්නම් ලහිරු අයියේ. අනිවා තම තමුන් කරන දේවල් අරන් යන්න වෙන්නෙත් තමන්ටමනේ. :)

      Delete
  47. ගෑනු තමයි වැඩිහරියක් ලංකාව චාටර්ම කරන්නේ....

    ReplyDelete
  48. වැඩක් නෑ අප්පා.මට නම් තිත්තම තැනක් වෙලා ඔය මූණුපොත.

    ReplyDelete
  49. එන්න පරක්කු උනාද මන්දා මේ පැත්තට. මාත් ඔය ෆේස් බුක් එකෙන් වෙන අපචාර ගැනනම් ලිපි දෙකක් විතර ලිව්වා. හැමදේම බුද්ධිමත්වතේරුමක් ඇතුව කරනවනම්ඕනිම කෙනෙක්ට ඕනිම නරකදේකින් බේරිලා ඉන්න පුළුවන්...

    ReplyDelete
  50. බුදු අම්මෝ කි.මී. 13ක් පවුල් බර කරේ තියන් උඹ සමනල කන්ද බැස්සා කිව්වම මට නම් හිතා ගනන්වත් බෑ . . . හෙ හෙ හේ . . මගේ පවුලත් බැන්ද අලුත නම් උස්සගෙන රට වටේ යනන් ඇහැක් . . කිලෝ 50යි . . ඒකට දැන් යකෝ කිලෝම 65ක් . . . හික් හික්

    ReplyDelete
  51. මල කෙලියයි වැරදි පෝස්ට් එකකට කොමෙන්ට් එක වැටිලා තියෙන්නේ . . හෆොයි

    ReplyDelete
  52. awasanawat aththa kathawak"""""""""""""""" e wagemai ara ape lankawe ganunge kathawath, e gana katha karanna sahena hethu karana thiyenawa. lankawe pirimin diha pakkoi bangaliyoi balanneth mahama chatar widihata. welawakata un sinhala katha karana widihata, sinhala apitath adenawa,,,,,,,,,

    ReplyDelete
    Replies
    1. සිරාවටම. මෙව්වට වගකියන්න ඕනේ කවුද කියල මට නම් හිතාගන්න බැහැ

      Delete

ඔයාල කොම්මෙන්ට් එකක් දාන්න වැය කරන තප්පර ගානත් ඔයාලට වැදගත් කියල මම දන්නවා එත් ඔයාලගෙන් අදහසක් මේ පිළිබඳව ලැබෙනවා කියන්නේ මට ඉදිරියටත් ලියන්න හොඳ මොර්ටිවේෂන් එකක් ලැබෙන එක. ලියන්න කල් මදිනම් තිතක් තියල යන්න එතකොට මම දන්නවා ඔබ මෙය බැලු බව. ස්තූතියි.........

Related Posts Plugin for WordPress, Blogger...