Sunday 30 December 2012

ශ්‍රී පාද වන්දනා. සිරිපාදේ යමුද??????



මගේ පසුගිය ලිපියේ පැවසු පරිදි ලංකාවේ ගැහැණුන්ගේ නොපනත්කම් ගැන දෙවැනි වරටත් ලියන්නට ගත්තද, මේ අවුරුද්දක් ගෙවිල අවුරුද්දක් පටන්ගන්න අලුත් අවුරුදු කටේ එවන් දෙයක් ගෝචර වෙන්නේ නැහැ කියල හිතුන නිසා මම හිතුවා අපේ යාලුවොන්ව අපේ උතුම් පුදබිමක්වන සිරිපා වන්දනාවට එක්කන් යන්න. මොකද කියන්නේ යන්න නඩේ ලැහැස්තිද? හ්ම්ම්ම්ම් ........

ඔන්න හා හා පුරා කියල ගිය අවුරුද්දේ ලංකාවට බැස්සේ සිරිපාදේ යන්න හිතාගෙනමයි. මොකද අවස්ථා ගණනාවක ගෙදර ඉන්න කාලේ මට ඔය ගමන යන්න තිබුණු චාන්ස් එක මගහැරුනා. සිරිපාද වන්දනාව ගැන එක එක කතා අහල තිබුණු මම මේවගේ කතාවකුත් අහල තිබුනා සිරිපාදේ එක පාරක් නොගිය මිනිහත් මෝඩයෙක් එකපාරකට වඩා යන මිනිහත් මෝඩයෙක් කියලා. ඒ මොකද මට මේ ගැන වටහල දුන්නේ අපේ සීයා. ඒ කියන්නේ ඉස්සරකාලේ අද වගේ ශ්‍රීපාදස්ථානය අවට ජනාකීර්ණ නැහැ වන ලැහැබවල් රළු පාරවල් මගින් තමයි මේ ශ්‍රී පාද වන්දනාවට යන්න ඕනේ උනේ හරිම දුෂ්කර කර්තවයක් තමයි මේක ඉස්සර දවස් වල හැබැයි දැන්නම් දෙවියන්ගේ පිහිටෙන් හරිම ලේසි පහසුවට තියෙනවා කියලයි සීයානම් කිව්වේ. එක පාරක් නොගිය කෙනා මෝඩයෙක් වෙන්නේ සිරිපාදේ ගැන දැනීමක් නැති නිසා. එකපාරකට වඩා යන කෙනා මෝඩයෙක් වෙන්නේ ඒ කම්කටොළු මැද මේ ගමන යන නිසා. ඒ මොන කතාව කිව්වත් 50ස් වතාවටත් වැඩිය සිරිපා කරුණා කරපු අය අපේ වැඩිහිටියෝ අතර ඉන්නවා.

මනුස්ස ජීවිතේ කොයිවෙලේද කියල කියන්න බැහැනේ. බෞද්ධයෙක් විදියට අපේ රටේම තියෙන උතුම්ම පුදබිමක් වන ශ්‍රී පාදය වන්දනාකරගන්න එක කොයිකටත් හොඳයි කියලයි මට හිතුනේ නිවාඩු යන්න කලින්. හැබැයි මේ අදහස ගෙවල්වලට කිව්වට පස්සෙනම් ආවේ එච්චර හොඳ ප්‍රතිචාරයක් නෙවෙයි. මොකද හැම වැඩිහිටියෙක්ම රටින් පිට ඉන්න අවස්තාවක මින් පෙර සිරිපාදේ නොගියපු කොඩු කාරයෝ සෙට් එකක් සිරිපාදේ යන එකට කවුරුවත් කැමති උනේ නැහැ. එයට මුල් උන තවත් හේතුවක් තිබුනා මගේ බිරිදගේ (බනියගේ) කකුලේ අසනීපය. ඇයට මෙම ගමන යාමට හැකිවෙන එකක් නැහැ කියලයි හැමෝම කිව්වේ. එවිට මා ඔවුන්ට කිව්වේ යන්නට බැරිනම් කරේ තියාගෙන හරි යනවා කියලා. අනෙක දෙබර වද තියෙනවලු  හැමෝම හැදුවේ ගමන නවත්වන්න. හැබැයි සහෝදර වරුනි අපි කිව්වොත් කිව්වා දෙකක් නැහැ. මේ ගමනට සහභාගී උන වැඩිමල්ම කෙනාගේ වයස 27යි ඒ මගේ එක කුස නූපන් සහෝදරයා වන හැරා ගොයියා. අනෙක් ඔක්කොම පොඩි උන් තමයි මේ ගමන යන්න සෙට් උනේ.

මෙතනින් මීට පෙර වතාවක් සිරිපාදේ ගිය අය අතර හිටියා බනියගේ පුංචිගේ පුතෙක්වන තාරක.මේකා පොඩ්ඩක් මහදැන මුත්තෙක්. පුංචිලා පොරවයි නංගිවයි භාර දෙද්දී කිව්වේ දිනු පුතේ ඔයාගේ විශ්වාසෙට තමයි නංගිවයි මල්ලිවයි එවන්නේ කියලා. උන්දෙන්නයි ජනිතුයි(ඝාන්දී) 12, පසිඳු (මිකී) 13, අපේ නංගි 17, හසිත 22, බනියගේ අක්ක (සිඟිති) 23, බනියා 19, මම 22යි, ඔන්න ඕකයි අපේ නඩේ. කොහොම හරි බනියව ස්කොලේ ගෙනියපු වෑන් එකේ අයියම අපි සෙට් කොරගත්තා හයර් එක යන්න. මොකද හැරා කිව්වා විදියට සිරිපාදේ ගිහිං ඇවිත් ඩ්‍රයිව් කරන එක අමාරු නිසා. 

දැන් අපේ ගෙදර නිකන් ටෙලිකොම් එක වගේ එහෙන් කෝල් මෙහෙන් කෝල් හතර වටින්ම උපදෙස්. යන්නේ කොහොමද .....කරන්නේ මොනවද.... අරව මෙව්වා වැඩ ගොඩයි. කොහොම හරි ඔතනට සෙට් වෙනවා අපේ ඉන්දුවා. පොර ජොබ් එක කරන්නේ නම් කාලතුවක්කු රෙජිමේන්තුවේ දෙවන ලුතිනන් කෙනෙක් විදියට. පොරත් දැන් නිවාඩු ඇවිත් යනගමන් මාව හම්බවෙන්න අපේ ගෙදර ඇවිත් හිටියේ. පල්ලෙහා ගෙදර නැන්දා හදිස්සියේම ඇහුව පුතේ ඔයාල කෝඩු අග්ගලා හැදුවද කියලා. හප්පේ..... තව පොඩ්ඩේන් එකත් මිස් වෙනවා යන්තම් ඉන්දුවා ඉදිරිපත් වෙලා අග්ගලා ටික හදල දුන්නා. හැබැයි එව්වනම් කෙලින්ම කාලතුවක්කු උන්ඩ වගේම තමයි. පස්සේ හොයා ගත්ත විදියට මේකා සීනි කර කරලා වැඩියෙන්. හිකිස්...යන්න පිටත් වෙද්දී සිඟා එන්න බැහැයි කිව්වා. මොකද ඒකිගේ කොල්ල ඒ කියන්නේ තාරාවා එන්න හිටියේ නමුත් එකට එන්න වෙන්නේ නැහැලු. ඒ නිසා මේකි එන්නම බැහැලු. බනියා බල කරද්දී අනේ බැහැ නංගි බබී මම ආවොත් මට එන්න වෙන්නේ කකුල් හතරෙන්. අනේ මට බැහැ ඔච්චර දුර යන්න අරව මෙව්වා සිද්දි ගොඩයි. මම හිතින් හිතාගත්ත අනේ මම සමන් දෙවියන්ගේ හාස්කම් ගැන අහල තියෙනවා දැකල නැහැ. එහෙම දෙයක් තියෙනවනම් අනිවා මෙකි අපි යන්න තප්පරයක් හරි තියල එනවා කියලා. ඒ දේ ඒ විදියටම සිද්ද උනා. 

(සිඟා කියන්නේ ගත්ත තීරණයක් කවදාවත් වෙනස් කරන්නේ නැති කෙනෙක්)



කොහොමින් කොහොම හරි හවස 4 ට විතර ගෙදරින් පිටත් උන අපි. සින්දු කිය කිය බොහොම විනෝදෙන් ගමන ආවා. 





රෑ 10 පමණ සිරිපාදේ පහලට ආව අපි හීන් සැරේ  අපි නඩේ පොඩි උන් ටිකටත් ඇහැ ගහගෙන හීන් සැරේ සිරීපාදේ කරුනාකරනවා. පොඩි උන් ටිකත් තුන් සරණේ කවි කියන්නේ පුරුදු කාරයෝ වගේ. 









වඳින්න යන අපේ අක්කට බුද්ධන් සරණේ සරණයි.............

අපේ බනියාවත් අරන් මුන් ටික නගිනවා. මගේ චන්ඩි කෙල්ල කාගේවත් සපෝර්ට් එකක් නැතිව සිරිපා කරුණා කරන ආකාරය මම බලන් හිටියේ හරිම සන්තෝසෙන්. මේ අතර වාරෙදි තමයි සිඟාට යන්න අමාරුවෙලා අත් දෙකත් උපයෝගීකරගෙන (කකුල් හතරෙන්) මේකි යන්න ගත්තේ. අයියෝ කුණු සංසාරේ කිව්වලු. මගේ ලඟට ආව හැරා. මල්ලි පේනවද කට වරද්ද ගත්ත විදියටම යන තාලේ... කියල ඇහුවාම තමයි මට මතක් උනේ මෙයා එන්න කලින් කිව්ව එව්වා. කරන්න දෙයක් නැහැනේ මගදාලා යන්නත් බැහැනේ මමයි හරි වාරු කරන මෙයාව අරන් ගියා. ඒ මදිවට අපේ උන්දා බ්ලැන්කට් වගේකුත් අරගෙන උඩ සීතල හැදෙයි කියල පිටේ බෑග් එක පුරවල එකේ බරයි අක්කගේ බරයි දෙකම තිබුනත් මට කිසිම මහන්සියක් නම් දැනුනේ නැහැ. 

මගදී හම්බවෙන අයට බෙදන්න කැවිලි වර්ග නැති නිසා අපේ බනියා මොලේ කල්පනා කරලා ටොෆි පැකට් වගයක් දාගෙන ඇවිත් තිබුනා. ඒවත් බෙද බෙද අපි හීන් සැරේ උඩට කරුණා කළා. මෙතැනදී මතක් කරන්න ඕනේ වැදගත්ම දෙයක් තමයි මළුවට එකයි කියන සුරුට්ටුව. අයියෝ කුණු සංසාරේ........ ඒක බිව්ව වෙලාවේ ඉඳන් මටයි හසිතයටයි කැස්ස නවත්වගන්න බැහැ. කොහොම හරි බනියගේ ඇහැ වහල මළුවට එකයි පිටින් දාලා ගෝල්ඩ් ලීෆ් දෙකතුනක් නම් අපි දෙන්න ඉවර කළා. බනියත් දැක්කා නොදැක්ක වගේ හිටියේ. ඒ 


                                                    ඔය පින්තූයේ යන්නේ දුම් රැල්ලක්ම

වෙලාවේ තිබ්බ සීතල නිසා වෙන්න ඕනේ. අපේ අය කොහොමින් කොහොම හරි ඉදිකටු පානටත් ලඟා උනා කියමුකෝ....



                                                                       සීත ගඟුලේ     
                                                             
ඉදිකටුපානේ වතාවත් කරලා ටිකවෙලාවක් ගිමන් හැරිය අපි නැවතත් කරුනාකරන්න පටන් ගත්තා. විනාඩි පහලවකට පමණ පසුව මට යම් කිසි අඩුපාඩුවක් වගේ හිතට දැනෙන නිසා මම නිකමට හැරාට කිව්වා කට්ටියම ඉන්නවද කියල බලන්න කියලා. බැලින්නං තාරක මිසිං...... කාපන් හැලප කිව්වලු......... කෝ තාරක???? මට දෙවිලොව සිහි උනේ එද්දී පුංචි කිව්වා වචන සෙට් එක මතක් උන නිසයි. "දිනු පුතේ ඔයාව විශ්වාස කරලයි මේ දෙන්නව එවන්නේ" අයියෝ මම දැන් මොකද කරන්නේ..... අනෙක් යට හෙමින් එන ලෙස පවසා හැකිතරම් වේගයෙන් ම  මහගිරිදඹේ අසලට යන්නට වූනේ මෙහි පැමිණ පුරුදු ඇති නිසාවෙන් මේකා අපිට කලින් නගින්නට ඇතැයි සිතාය . එවැනි වදන් අප එද්දී දෙතුන් විටක් තාරක පවසනු සිඟාට ඇසී ඇති බවත් ඇය කී බැවින්.විනාඩි 15ක් පමණ ඉදිරියට ගියත් මට ඔහුව දැකගත නොහැකිවූයෙන්. අධික කෝපයක් මා සිතට ආවේ අපේ නංගි සහ හසිත සමගිනි. මා ඔවුන් දෙදෙනාට පොඩි උන්ගේ වගකීම භාර දුන්නේ බනියා සහ සිඟා ගැන හෙවීමේ වගකීමට අමතරව බඩු මලු එල්ලාගෙන යෑමද මට පැවරී තිබුන බැවිනි. අසල තිබු කඩේකට ගොඩවී කෝපි එකක් බේබි සිගරට්ටුවක් අදින විට අනෙක් අයද පැමිණියෙන් හැමෝම තේ කෝපි බී විඩා හරිමින් සිටියේය. එලියට ආසන්නව සිටි මිකියා අර ඉන්නේ තාරක. "තාරක....." යයි කා ගසනු ඇසී ඒ දෙස බැලු විට අඬාගෙන පැමිණෙන පොඩි එකා දුටු විට මගේ කේන්තිය පහව ගියේ මේකාගේ මූණ දිහා බලාගෙන බැනීමට නොහැකි බැවිනි. 



සිද්ධ වී ඇත්තේ ඉදිකටු පහනේදී මේකාට නින්දගොස් ඇති බැවින් නඩයෙන් මගහැරී යාමයි. එතන සිටි කරුණාවන්ත පිරිසක් සමග උඩට නැගීමට පටන්ගෙන ඇත්තේ මළුවේදී අප හා එක්වීමටයි. මේ පිළිබඳව හසිතගෙන් සහ අපේ නංගිගෙන් විමසු විට උන් දෙන්නා සිටින්නට වූයේ ඇටිකෙහෙල් කෑ උගුඩුවන් මෙනි. කෙසේහෝ පාන්දර 5ට පමණ මළුවට පැමිණීමට අපිට හැකිවිය. 















                                                            මේ ඉන්නේ ගියපු සෙට් එක

ඉරසේවයේ පින්තූරද ගත් පසු උදෑසන පූජාවටද සහභාගී වී. බනියාගේ අදහසක් මත මලුවේම මදක් විවේක ගන්නට වූයේ වෙහෙස නිවා ගැනීමටයි. 

                                  වමේ රෝස පාට ජැකට් එක සිඟා, මැද මම, අයිනේ බනියා
                                     හැරා නම් කියන්නේ ඝාන්ඳි ඉන්නේ අන්දරේ මැරුන විදියටයි කියල

පැයකට පමණ පසු අප අවදි වූයේ හැරාගේ කුන්චනාදයෙනි... හිකිස්....... නැගිටපල්ලා..... දැන් දවල් වෙලා ඉක්මනට බහිමු නැත්නම් අමාරුවෙනවා කට්ටියටම යයි පැවසු බැවින් සියල්ලන්ම ඊට අවනතව යාමට සූදානම් විය.මහගිරි දඹේ පඩි පනහක් පමණ බැසගත් පසු අප මුහුණ දුන් තවත් අසීරු අවස්තාවක් නම් බනියාගේ කකුල අමාරු වීමයි. ඇයට පඩි නැගීමට හැකිවුවත් බැසීමට නොහැක්කේ එහිදී කකුල නැවීමට සිදුවන බැවිනි. එහිදී ඇයට සහය වීමට ඉදිරිපත් වූයේ............ කවුද?????? කවුද ඉතින් ඔයාල හැමෝම දන්නා කෝරළේ ගොයියා මිසක්. මෙන්න මෙහෙමයි අපේ බනියා සිරිපාදේ බැස්සේ.කොහොම උනත් මම කිව්වා විදියටම කිලෝ මීටර් 13ක් බනියව කරෙන් අරන් ආවා.

                                                මෙන්න මෙහෙමයි බනියා බැස්සේ

 ඒ ඇවිල්ලත් මට කිසිමඅමාරුවක් නැති වෙන එක ගැන මම අදටත් පුදුම වෙනවා මොකද මීටර් 500ක් ඇවිද්දත් අමාරු මට එතරම් දුරක් බනියාවත් කරෙන් අරන් ආව එක ගැන. එද්දී නම් අනේ දිනු අයියේ එපා එපා කියා කියා ආවට මේකා ඇවිත් තියෙන්නේ ෆුල් හැපී එකේ කියල දැනගත්තේ මේ ෆොටෝ එක දැක්කමයි.



                                               අර තියෙනවා කිව්වා දෙබර කූඩුවක්



                                එද්දී කිතුල්ගලින් නාල එහෙම තමයි අපේ කට්ටිය ආවේ.








                                        මේ පින්තූරේ දැක්කම ...... මතක්වෙන්නේ නැද්ද?


                                                     මෙන්න මේකයි මූණු පොතේ තිබ්බ පින්තූරේ







මේ පොස්ටුව දැනට හිතුනු කාරණේ තමයි මේ ඊයේ පෙරේදා මගේ ෆේස් බුක් ප්‍රොෆයිල් පින්තූරේ ඒ තියෙන්නෙත් මෙතන ගත්ත පින්තූරයක්ම තමයි. ඔන්න මට බනින්න එපා පොස්ට් එක දිග වැඩියි කියල භාගෙට බාගයක්ම කපලයි පබ්ලිෂ් කලේ. ලියාගෙන යද්දී ලියවෙනවා අප්පා... තවත් කැපුවොත් පොස්ට් එකේ රසවත් බව අඩුවෙන නිසා තියෙන්නම ඕනේ කෑලි ටික විතරක් තියල අනෙක්ව අයින් කළා පොස්ට් දෙකකට දාන්න හිතුනේ නැත්තේ. එච්චර දිග් ගස්සන්න ඕනේ නැති නිසයි. මට මේ පොස්ට් එකෙන් ඕනේ කලේ ඔයාලට සිරිපාදේ අත්දැකීම ලබල දෙන්න. ගියේ නැති අයට දැනගන්නත්. ගිහිං තියෙන අයට මතකෙට නංවා ගන්නත් එක්කල තමයි මේ පොස්ටුව දැම්මේ.( මොකද දැන් සිරිපා සීසං එකනේ) එහෙනම් හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සල්ලිය බාගේ අතේමිටේ වැඩිපුර ගැවසෙන ශ්‍රී සුභ අලුත් අවුරුද්දක් වේවා!!! 








100 comments:

  1. සුබ අලුත් අවුරුද්දක් වේවා ,

    ශ්‍රී පාදය adams peak ලෙස සදහන් කිරීමනම් අනුමත නොකරමි

    ReplyDelete
    Replies
    1. සුභ අලුත් අවුරුද්දක් වේවා හසරැල්.

      adams peak කියලනේ ඉංග්‍රීසියෙන් සඳහන්වෙන්නේ ඒකයි එහෙම දැම්මේ. දැන්මම එම වරද නිවැරදි කරන්නම්. බොහොම ස්තූතියි.

      Delete
    2. ශ්‍රී පාදය adams peak උනේ මෙහෙමයි

      බයිබලයේ කියවෙනවානේ ආදම්ගේ උයනක්‌ ගැන ,ඒකෙ කියවෙනවා ආදම් එහි එක් තැනක පා සලකුණක් තැබූ වග (මම ඇසූ කතාවකි ,වැරදිනම් නිවැරදි කරන්න )ඉතින් සුද්දෝ ලංකාවට ආවම අපේ රටේ ලස්සන නිසා මේක ආදම්ගේ උයනවගේ යයි ඔවුන් හිතුවා ,එහෙමයි සමනල කන්ද adams peak උනේ ,

      ඉංග්‍රීසියෙන් අපි ශ්‍රී පාදය ඕනනම් holy foot print ලෙස හැදින්වුවොත් හරි කියල මං හිතනවා ,කන්ද නම් ඉතින් samanala peak හරි mountain of samanala විදිහට හැදින්වුවානම් හරිකියල හිතනවා

      Delete
    3. බොහොම ස්තූතියි පැහැදිලිකිරීමට. අපිවත් ඒ වරද නිවැරදි කලොත් තමයි හොඳ. ගොඩදෙනෙක් දනන් ඉන්නේ ඔය කලින් කිව්වා විදියටම නිසා මේගැන අපි කට්ටියව දැනුවත් කරන්න ඕනේ. :)

      Delete
  2. කෝරලේ වන්දනාවේ ගිහං වගේ...

    ReplyDelete
    Replies
    1. මේ ගිය අවුරුද්දේ ගිය එකක් සංජය. මේ අවුරුද්දෙත් යන්නයි හිතන් හිටියේ. කොහෙද නිවාඩුවක් සෙට් උනේ නැහැනේ. ඒ දුකටත් එක්ක තමයි මේ පොස්ට් එක දැම්මේ. ගිය දෙසැම්බර් තමයි ඔය ගමන ගියේ.

      Delete
  3. සුබ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. ශම්මි නගාටත් එසේම වේවා කිව්වා. :)

      Delete
  4. ලෝඩ් වෙන්නේ හෙන ආමාරුවෙන්... ෆොටෝ වැඩියි නේ... හි හි

    ඇ බොල කොරළයෝ ..අන්දරේ මළේ ඔහොම නෙවෙයි.. ඇත් දෙකයි කුකල් දෙකයි විහිදවා ගෙන... පෙට්ටියත් හැදුවලුනේ ඒ විදියටම ඊට පස්සේ..

    මාත් එක පාරක් ගිහින් තියෙනවා සිරීපාදේ... ආයිත් යන්න නම් ආසයි.. ඒත් බයයි.. බනියට වගේ තමයි දැං මටත්... හි හි....

    ඔච්චර පොඩි එවුන් ගොඩක් කොහොමද අප්පා ආම්බාං කරගත්තේ... අපේ අලියෝ ටිකත් ආම්බාං කරගත්තේ අමාරුවෙන්...
    අර තාරක මිස් උනාම පිස්සු නොහැදුනා ඇති... මාරෙට බය හිතෙනවා.. දැං නං ඉතිං සෙල් ‌ෆොන් තියෙනවනේ හැම එකාම අතේ.. ඒක නිසා අවුලක් නෑ....

    මූ කඩාගෙන බිඳගෙන ලියන්න ගියාම තමයි නා ගන්නේ.. හිමීට ලියපං බං මේවා පොඩ්ඩක් කියෝලා බලලා.. එක්ස්ප්‍රස් එකේ ලියාගෙන ගියා වගේම තමයි කියවන්න ගියාමත්.. හි හි....

    ReplyDelete
    Replies
    1. හප්පට සිරි එහෙමද? පොඩ්ඩක් අයින් කලානම් හරි නේද අක්කේ???

      හෆෝ ඔය වගක් දන්නේ දැන් නේ හරියටම. මේකා ඉන්නෙත් හරි අමුතු විදියකටනේ ඇස අරන් නිදි

      අපෝ මක් වෙනවද අයිය ඉන්නේ උස්සන් යයි. මහා ලොකු වයසකද 56ක් කියන්නේ :P

      මගේ කටේ බලේ තමයි අක්කේ. පොඩි ඒකා අතේ සෙල්ෆෝන් නැහැ එකාගේ වයසත් 13ක් මොන ෆෝන් ද? බය එකේ උපරිමේටම උනා.
      අර සනත්ට ආච්චි වැහුනම වගේ තමයි අක්කේ ගනන්ගන්න එපා. මම ලෙඩ ඇඳේ දවස් 4ක් ඉඳල නැගිට්ටේ අදයි. සෙලයිනුත් දුන්න ඊයේ. පොස්ට් එක අන්දොස් ඇති බෙහෙත්වලට මත්වෙලාද දන්නේ නැහැ. හිකිස්......

      Delete
  5. පට්ට පිංතුර සෙට් එකක් එක්ක ජොලිම ජොලි ලියැවිල්ලක් මලයා. එක පිංතුරෙක සිරිපාදේ සෙවනැල්ලත් හොඳට තියනවා එය දුර්ලභ පිංතුරයක්.චාරිකාව බොහොම රසවත් බව පේනවා.ඈ බං මලයෝ උඹ බාල අපරාධ කාරයෙක් නෙමේ නේද. 19න් අර බනියව අමාරුවේ දාල තියෙන්නේ... සිරා.....දෙන්නටම සුබ නව වසරක් වේවා....

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා අයියා..... ඔව් ඔව් මගේ ෆෝන් කටුවේ කැමරාව නිසා වැඩිය පැහැදිලි නැහැ. ඒ පින්තූරේ හම්බවෙන්නේ කලතුරකින්ලු. පට්ට ෆන් ට්‍රිප් එක. නැහැ නැහැ 18 පස්සේ BA නැහැනේ ඒ නිසා 18 තමයි බැන්දේ. :D අයියටත් සුභ නව වසරක් වේවා!!

      Delete
  6. සුබ අලුත් අවුරුද්දක් වේවා !

    මට තාම යන්න බැරි උනා බං. ඈ යකෝ ගියපු වාහනේ උඹලට උඩින් ලොකුවට ගහල තියෙනව //දුම්බීම තහනම් // කියල. එහෙව් වෙලත් උඹල සුරුට්ටු ගැහුවද :D

    අන්තිම පින්තූරෙ දැක්කම පට්ට ඉරිසියයි බං..

    ReplyDelete
    Replies
    1. එසේම වේවා යසිත්!!!

      යන්නම ඕනේ තැනක්නේ. ඒ ඉතින් වාහනෙනේ. අපි බිව්වේ එලියෙනේ :D

      හිකිස්..... මොනාකරන්නද බන් බැඳපන් එතකොට හරි. :D

      Delete
  7. මාත් සිරිපාදේ ගියා අවස්ථා කීපයක්ම. අද යමු කියල කතා උනා. දවස් දෙක තුනකින් ගියා.අපි නම් ගියේ හපුතලේට ගිහින් එතන ඉඳල හැටන් එකට කෝච්චියේ ඇවිත්. ඒ පරිසරය හරි සුන්දරයි. ඊට පස්සේ හවස පහට විතර නගින්න පටන් ගන්නවා. හිමින් හිමින් නැගලා වන්දනා කරලා ඉවර වෙලා ඉතිරි කාලය දොළොස් මහේ පහන ළඟ ටිකක් වෙලා ඉන්නවා. ඒ සීතල නැති කර ගන්න. ආයේ විවේක ගන්න තියන කුටියක නිදා ගන්නවා. දවසක් අපි දන්නේ නැති පොඩි කොල්ලෙක් හොඳට නිදි අපිට තුරුල් වෙලා... :)
    මට ඒ ගමන් මතක් උනා මේ ෆොටෝ දැකල. ඔය මගේ ප්‍රොෆයිල් ෆොටෝ එකේ තියන්නෙත් සිරිපාදේ ගිහින් ගත්ත ෆොටෝ එකක් කපල කොටලා හදා ගත්තු එකක්. මොකද මන්දා මේ දෙසැම්බර් කාලෙට තියන සීතලත් එක්ක මට මතක් වෙන්නෙම සිරිපාදේ.
    එක වතාවක් නම් සති අන්තේ ගිහින් කැලෙන් රිංගල උඩට යා ගත්තේ. එච්චරකට සෙනග.උදේ බලපුවම කුඹුර හෑවා වගේ ඇඟ පුරා මඩ. එදා වැස්ස දවසක්. උදේ බහිද්දී තමයි එහෙම කට්ටිය පාරට පිටින් ගිහින් තියන්නේ පාරට එහායින් ප්‍රපාත වලට අඩි දෙක තුනක් ආසන්නයෙන් කියල.
    ආයේ යන්න ඕනේ අවස්ථාවක් ලැබුනොත්. මේක කියෙව්වම ආස හිතුනා. මට පේන විදිහට අර තියන්නේ බඹර කුඩුවක් මලේ..!
    එහෙනම් සුබ අලුත් අවුරුද්දක් වේවා පවුලේ හැමෝටම..!

    ReplyDelete
    Replies
    1. එහෙම නිවාඩු පාඩුවේ යන්න තරම් විවේකයක් නැහැනේ අයියේ අපිට. කඩදාසි ලිපේ දාලා වගේ තමයි කොහේ හරි යන්නේ එන්නේ. මේ වෙලාවට තමයි හිතෙන්නේ මොනා උනත් ලංකාවේ හිටියනම් කියලා. මටත් මේ සීතල නිසා දේශගුනේ නිසා මතක් වෙන්නෙම සිරිපාදේ ගිය අවුරුද්දේ නම් මේ වෙද්දී ලංකාවේ. සිරීපාදේ කියන්නේ මහා පුදුම තැනක්. වෙන්න ඇති අයියා මමත් අහ්රියටම දන්නේ නැහැ මොන කුදුවක්ද කියල ඔයවගේ දෙකතුනක්ම තුබුනා මගදී
      අයියටත් පවුලේ හැමෝටමත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

      Delete
    2. /*සිරීපාදේ කියන්නේ මහා පුදුම තැනක්.*/ ඒක නම් ඇත්ත. අපි මගදී කොච්චර විනෝදෙන් ගියත් මලුව උඩට යනකොට ලොකු භක්තියක් ඇති වෙනවා. අනික කොච්චර සෙනග ගියා උනත් මලුව උඩ ඊට සාපේක්ෂව තදබදයක් හිටින්නෙත් නෑනේ.

      Delete
  8. ඈ බං මලුවටම එකයි ඒ තරම් අප්සෙට්ද..? ඉස්සරනම් සුපිරි ඒවා තිබ්බෙ.
    යනකොට මෙහෙන් අරන් යන්න ඕන ඊලඟට.

    මොකාද බං අර පච්චයා ..!!!

    ReplyDelete
    Replies
    1. හප්පේ....... චාටර්....... ඉස්සර වගේ නෙවෙයි අයියේ දැන් බජට් එව්වනේ. අනිවා මෙහෙන් ගෙනියන එක තමයි හොඳ.

      මොකා කිව්වා????? පච්චයා..... වීයා ගහනවා දඬුකඳේ..... කෝරලේ උත්තමයට අපහස කොලාට. ඒ ඉන්නේ මමතුමා තමයි බොල කොලුවෝ. :)

      Delete
  9. අන්තිම පොටෝ එක මං දැකලා තියෙනවා,කෝරලේ ගොයියා ඒ පොටෝ එකට මුණ දෙද්දී ගොඩාක් උත්සහ කරලා තියෙන්නේ ටැටූ එක හොදට පේන්න පොටෝ එකට මුණ දෙන්නයි ;)
    අඩේ මාත් එක පාරං සිරිපා කරුණා කරලා තියෙන්නේ ආයේ පාරක් යන්න ආසයි මේ සීසන් එකේ අනිවා යනවා
    කෝරලේ මචං ටත් කෝරලේ හාමිනේටත් සුභ නව වසරක් වේවා....!
    ජය වේවා....!!!

    ReplyDelete
    Replies
    1. ඒ බුකියේ තියෙද්ද ඉවෙන්න ඇති. මොන ටැටූ එකක්ද අනේ හැරා කිව්ව විදියට තමයි පොටෝ එකට හිටියේ :) අනිවා යන්න ඕනේ තැනක් හරිම ෆන් අයියටත් සුභ නව වසරක් වේවා!

      Delete
  10. කරුණාවයි කරුණාවයි :D

    සිරිපා කරුණාව දෙසැම්බර් මාසේ උඳුවප් පෝයෙන් පටන් ගත්තත් සාමාන්‍යයෙන් මාර්තු මාසේ මැදින් පෝය තමා සිරිපා කරුණාවට උචිතයි කියලා පිලිගැනෙන්නේ. ඒ කාලේට සාමාන්‍යයෙන් සීතල එහෙමත් එච්චර නැහැ. ඒ විතරක් නෙමේ දන්සල් එහෙමත් මදි නොකියන්න තියෙනවා.

    අපිත් එක පාරක් දෙසැම්බර් අන්තිම සිරිපා කරුණා කරලා සීතලෙන් නොසෑහෙන්න බැටකෑවා

    ReplyDelete
    Replies
    1. ඒක හරි. අපිත් එක වතාවක් කරුණා කලේ මාර්තු මුල වගේ. එතකොට නම් සීතල අඩුයි. හුඟක් අයගේ මස්පිඩු පෙරලීම් වෙනවා මං දැකල තියනවා. හසිත මල්ලිලාගේ ගිලන් රථ සේවාවේ මධ්‍යස්ථානයක් තියනවා ද සිරිපා සමයේදී ඒ මාර්ගයේ..?

      Delete
    2. සීතල තමයි හරිම ප්‍රශ්නේ. ඒ උනාට අපි යද්දී දන්සැල් එහෙම තිබුනේ නැහැ. වාරේ පටන්ගෙන දවස් 4කින් වගේ තමයි අපි ගියේ හැබැයි ඔයවගේ ප්‍රථමාධාර කණ්ඩායම් කිහිපයක් හිටියා.

      Delete
    3. @ Chandana

      අපේ අයත් හුඟක් වෙලාවට ඩියුටි යන්නේ මාර්තු පෝයට තමා අයියේ.

      Delete
    4. හසිතලා කොච්චර දවසක් ඉන්නවද එහෙ නැවතිලා.

      Delete
  11. යන්න මාර ආසාවෙන් ඉන්නේ බං .මේක දැක්කහම ඒක තවත් වැඩි උනා

    ReplyDelete
    Replies
    1. අනිවා යන්න ඕනේ තැනක්. එහෙම දැකල හරි යන එක ලොකු දෙයක්

      Delete
  12. අලේ..සිරීපාදේ..ලඟකදි යන්න බැරි උනානෙ...සිරීපාදේ ගිය වෙලාවේ මාව මතක් කලේ නැද්ද ? "ළිහිණි අක්කේ අපි ආවෝ "..කියලා ?

    ReplyDelete
    Replies
    1. යන්න එපැයි අක්කේ. අනේ අක්කෝ අමතක උනානේ.... ඊළඟ සැරේ අනිවා මතක් කරන්නම් :)

      Delete
  13. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...කෝරලේ මහත්තයෝ.........

    ReplyDelete
  14. සුබ අළුත් අවුරුද්දක් වේවා !!

    මම නම් සිරිපාදේ කරුණ කරලා තියෙන්නේ දෙපාරයි මලයෝ. මේ සැරේනම් කොහොම හරි කරුණා කරනවා කියල තමයි හිතාගෙන ඉන්නේ. ඊයේ තමයි කස්ටියක් ලෑස්ති කරගත්තේ.

    ReplyDelete
    Replies
    1. එසේම වේවා!!!
      අනිවා කරුණා කරන්න ඒ ගමනේ තියෙන්නේ අමුතුම වින්දනයක්. කට්ටියක් එක්ක යනකොට කොහොමත් විනොදයිනේ.

      Delete
  15. සුබ අළුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  16. මං තවම ගිහින් නෑ. ගිය දවසක මාත් මේ වගේ පොස්ට් එකක් බර ෆොටෝස් ටිකකුත් එක්ක දාන්නම්කෝ. ටිකක් පරක්කු වෙනවා ලෝඩ් වෙන්න. අපිලා මොබිටෙල්නේ. ඊල්ඟ සැරෙ ෆොටෝ අඩු කලොත් හොඳා. එහෙම වුනත් මරු පොස්ට් එකක්.

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා........!

    ReplyDelete
    Replies
    1. දාන්න දාන්න අපිටත් බලාගන්න. ෆොටෝ ටික එහෙම බර පාටක් පෙන්නේ නැහැ. ගොඩක් අඩුවෙන් තමයි දැම්මේ බර.

      සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

      Delete
  17. මම ගිහින් නැති එක තැනක් ඔය..දැන් නම් යන්න මයි හිත..අපුරු ෆොටෝ ටික කෝරලේ මහත්තයෝ :)
    අද තමා ආවේ :)

    ReplyDelete
    Replies
    1. යන්න නඟා යන්න ඕනෙම තැනක්. සාදරයෙන් පිලිගන්නවා වලව්වට.

      Delete
  18. මමත් එක සැරයක් නැග්ගා. බහිද්දි හරියට අමාරු උනා.ආයෙ නම් යන්න හිතෙන්නෙ නැ. නමුත් ඒ අත්දැකීම මතක් වෙද්දි ආසයි.

    ReplyDelete
    Replies
    1. ඒ බහින ක්‍රමේ අනුව තමයි වෙනස් වෙන්නේ. හරිම මිහිරි අත්දැකීමක් තමයි.

      Delete
  19. මමත් එක පාරක් කරුණා කලා! ආයේ යන්න තමා ඉන්නේ!
    සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම හොඳ වැඩක් නාඩියෝ.

      එසේම වේවා!!!

      Delete
  20. අපුරු චාරිකාවක් නේ කෝරලේ මහත්තයෝ... මේ ලිපිය කියෙව්වට පස්සෙ සිරිපා වඳින්න යන්න තියෙන ආසාව තවත් වැඩි වුණා.

    ඔන්න අයියටයි, බනී අක්කටයි සුබම සුබ නව වසරක් වේවා හොඳේ.. :)

    ReplyDelete
    Replies
    1. තැන්කු නංගා. යන්න යන්න නංගි. නංගිටත් සුභ නව වසරක් වේවා!!!

      Delete
  21. සිරීපාදේ කියන්නේ ජීවිතේ එක පාරක් හරි යන්න ඕනේ සුපිරිම ගමනක්.! මමත් දැනට දෙපාරක් කරුණා කරලා තියනවා. හැබැයි එක පාරක් මහගිරි දඹේට විතරයි. එහෙම බලනකොට එක පාරයි කරුණා කරලා තියෙන්නේ. සිරීපාදේ බහිනකොට හෙමින් බහින්නේ නැතුව පට පට ගාලා දුවගෙන බහිනකොට අමාරුවක් නෑ, ඉක්මනින් බහින පුළුවන්. ඒත් සතියක් විතර යනකම් ගෙදර ආවම කකුල් කඩිත්තුව තියනවා. අර ඉරසේවේ පින්තුර ටික නියමයි කොමා.

    ReplyDelete
    Replies
    1. අනිවා පැතුම් ඔයා ගිහින් තියෙන්නේ තවම එකපාරයි. අපරාදේ මහගිරිදඹේන් නැවතුනේ තව ටිකදුරයිනේ තියෙන්නේ. ඉරසේවේ තව පින්තූර තියෙනවා බ්ලොග් එක බර වෙන හින්දා දැම්මේ නැහැ.

      Delete
  22. අයියෝ.... මට තාම යන්න බැරි වුනා නොවැ සිරිපාදේ.... යන්න නම් හෙනම ආසාවක් තියෙනවා......ෆොටෝ ටික දැක්කම ආසාව වැඩි වුනා. මේ පාරවත් බලන්න ඕනි යන්න.....

    අම්මෝ.... ඔච්චර පොඩි සෙට් එකක් කොහොමද හලෝ එක්කන් ගියේ? අර පොඩි එකා නැති වුන වෙලේ නම් පිස්සු හැදෙන්න ඇති නේද? මාත් අහල තියෙනවා කට වරද්ද ගත්තොත් ඉවරයි කියල.

    බනියටත් නියම චාන්ස් නේද වැදෙන්නේ.... ජොලියේ පිටේ එල්ලිලා එන්න ඇති. හික්..... මම හිතන්නේ මල්ලි ඔයා හොද දෙයක් කල නිසා වෙන්නැති ඔයාට බනියව කරේ තියන් ඇවිල්ලත් මහන්සියක් නොදැනුනේ.....

    එහෙනම් දෙන්නටම සතුට පිරි සුභම සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. යන්නකෝ අක්කේ හරිම හොඳ වැඩක්.
      තාරක නැතිවුණා වෙලාවේ මම බයවුන තරමක්... ඇයි මටනේ කෙස් එක මමනේ භාරගත්තේ.
      එකනේ බනිය හරි ලක් කාරී එකනේ පෙන්නේ නැද්ද ලේනා වගේ එල්ලිලා ඉන්න තාලේ. අනිවා අක්කේ මේක මට මගේ වයිෆ්ටත් වඩා මගේ ළමයා වගේ.
      දෙන්නාම අක්කටත් සුබනවා වසරක් කියල පතනවා.

      Delete
  23. නියම සිරිපා ගමන.. සුබ අලුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දයානන්ද අයියේ. සුභ අලුත් අවුරුද්දක් වේවා!

      Delete
  24. හනේ මම කැමතිම තැනක් සිරීපාදේ මම සිරිපාදේ ගැන පෝස්ට් තුනක්ම දැම්මා ගිය අවුරුද්දේ. මම නම් දෙපාරක් ගිහින් තියනවා. ආයේ යනවා කවදාහරි.

    හැටන් පැත්තෙන් නේද ගිහින් තියෙන්නේ?ආපහු යනවනම් රත්නපුරෙන් ගියොත් මරු. මොකද කියන්නේ සෙට් වෙලා යමුද? :)

    ඔයා නම් හොඳ හස්බන්ඩේක් :ඩි

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් එක අවුරුද්දේ දෙපාරක් යන්න තියෙනවා කියන්නේ මාරම ලක් එකක් අක්කේ. අනිවා ලංකාවට ආවම යන්න. ඔව් හැටන් පැත්තෙන් තමයි ගියේ. ආ...... එහෙනම් අනෙක් සැරේ රත්නපුරේ පැත්තෙන් යමු අනිවා අක්ක එනකොට කියල එන්න අපිත් එන්නම් :)
      තැන්කු වේවා අක්කේ!!!! :)

      Delete
  25. සුන්දර මතකයක පිං බර ගමනක්.එන්න ප්‍රමාද වුයේ වැදගත් රාජකාරියක් සඳහා වෙනත් ස්ථානයකට යාමට සිදු විම නිසා.

    ඔබටත් පවුලේ සියළු ම දෙනාටත් නිදුක් නිරෝගි සුභ නව වසරක් වේවා!

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගයානි. පරක්කු උනාට මොකද ආවනේ :)
      ගයානිටත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!

      Delete
  26. වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත් කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ....මම තවමත් සිරිපාදෙ ගිහින් නෑ කෝරාළෙ...ඊළග වසරේදීවත් යන්න උත්සාහ කරනවා... බොලාගෙ චාරිකාව බොහොම සුන්දර එකක් පාටයි... ඉර සේවය දැක්කද ?

    ReplyDelete
    Replies
    1. යන්න සිරා අයියේ හරිම සුන්දර අත්දැකීමක් අනිවා යන්න මේ පටන්ගත්තේ සිරිපාද කාලේ තමයි. ඔව් ඔව් පට්ට චාරිකාව. ඔව් ඔව් ජීවිතේ පලවෙනිපාරට මම දැක්කේ හරිම ලස්සන දෙයක් ඒක.

      Delete
  27. අම්මෝ මං එක සැරයක් ගිහින් තියෙනවා.ආයේ යන්න වෙලාවක් තිබුනේ නෑ.ෆුල් ආතල් ඈ.

    ReplyDelete
    Replies
    1. යන්න ධම්මික. අනිවා අවුරුද්දපතා යන්න ඕනේ ගමනක්. හරිම විනෝද ගමනක්.

      Delete
  28. එල මං නම් තාම සිරීපාදේ ගිහින් නෑ ..... , මේ පාර වත් බලමු .
    2013 වසර කෝරලේ මහත්තයටත් පව්ලේ කස්ටියටත් සතුට සෞභාග්‍යය සපිරුණු සුභ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. අනිවා යන්න බලන්න.
      ඔබටත් එසේම වේවා!!!!

      Delete
  29. සෑහෙන්ට අමාරු උනා නෙව කෝරලේ මහත්තයෝ කියවන්න. ඇයි බොල පින්තුර ගොඩායි නෙව. බොරුවට අනේ.. නියමෙට විස්තර තියෙනවා.. අඩේ මේකා හෙන පිට්එකෙක් නෙව.. පිටි මුට්ටයක් කරේ තියන් සිරිපාදේ බැස්සයි කිව්වම. (හැක්) ඔය කට වරද්දගන්න සීන් නම් අන්නතයි.

    මාත් දැක්ක මුනු පොතේ පින්තුරේ.කරුමෙට සකර්බර්ගය මාව දවස් 30 කට බ්ලොක් කරල නේ.. ජය වේවා.. එහෙනං කෝරලේ සහ බනියා, දෙමාපියන්, බනියගේ දෙමාපියන් ඇතුලු සැමට Happy new yearයක් වේවා!

    ReplyDelete
    Replies
    1. පින්තූර නිසා පොඩ්ඩක් බර වැඩිවෙලා තමයි. තැන්කු කිව්වා. හප්පේ මගේ හාවට පිටිමුට්ටේ කිව්වාද???? වැඩේ කැතයි.. හිකිස්........ වැරදුනොත් ඉතින් සොරිම තමයි.

      අපෝ ඔය කරුමක්කාර මූනුපොතේ ඔය බ්ලොක් කිරිල්ලතමයි දිරවන්නේ නැත්තේ. දේශක ඇතුළු පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා.

      Delete
  30. අඩේ....සුබ මෙව්වා එකක් වේවා...කිව්වාම මතක් උනේ මේ සැරේ විභාගේ ඉවරවෙච්ච ගමන් යන්න ඕනි සිරීපාදේ....සිරීපාදේ කාලෙට ලයිට් දැම්මාම අපේ ගෙදරටත් පේනවා සිරීපාදේ රෑට...මාර ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් සුභ මෙව්වා එකක්ම වේවා! අනිවා මලේ යන්න ඕනෙම තැනක් තමයි සිරිපාදේ කියන්නේ. විභාගෙට ජයෙන් ජය කිව්වා.

      Delete
  31. අන්න නියම travelog එකක්. මමත් ආසම ගමනක් තමයි ඔය. ගිහින් ආවාම දවසක් විතර ඇවිදින්නෙ කක්කුට්ටා වගේ. මමත් තුන් හතර වතාවක් ගිහින් තියෙනවා. රත්නපුර පාරලු දුරම නේද?

    අර ටැටූ එක නම් එලකිරි!

    උඹටත් බනියාටත් ප්‍රීතිමත් නවවසරක් වේවා. බනියාගේ පාදයේ ආබාධය සුවවේවා!
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් සෑහෙන්න දුරක් පයින් යන්න ඕනෙනේ. මම හිතන විදියට අයියේ සිරිපාදේ යන කෙනෙක් ආයෙම යන්න ඇබ්බැහි වෙන්නෙත් ඒ ගමනට එකේ තියෙන ඔය සුන්දර බව නිසයි. ඔව් ඔව් සෑහෙන්න දුරයි කිව්වනිසයි ඔය ගිය පැත්තෙන් ගියේ. :D

      තැන්කු කිව්වා.... :)
      අයියටත් පවුලේ හැමදෙනාටම සුභම සුභ නව වසරක් වේවා!!!!

      Delete
  32. ආයුබෝවන්ඩ කෝරළේ මහත්තයෝ...

    මම මුල් වතාවටයි මේ පැත්තට ආවේ :)... මරු ගමන නේ... :D මම නන් තාම ගිහින් නෑ...මේ වාරේ දි වත් යන්න ඕනේ..

    සුබ අලුත් අවුරුද්දක් වේවා....

    ප.ලි. : මම කියෙව්වේ මේ පෝස්ට් එක විතරයි... ඉතිරි ඒවා කියවන්නම් කො වෙලාවක් ලැබුනම...

    ReplyDelete
    Replies
    1. ආයුබෝන්ඩ කිව්වා.

      සාදරයෙන් පිලිගන්නවා වලව්වට.:) ගමන නම් පංකාදු 15යි. අනිවා යන්න බලන්න ඉඩක් හදාගෙන හරි.
      ඔබටත් සුභ නව වසරක් වේවා!!!!
      හීන්සැරේ කියවන්න කෝ... හදිස්සියක් නැහැ :)

      Delete
  33. ඔන්න මමත් ගොඩ වුනා.. අලුත් වලව්වකද පරන එක්කද දන්නේ නෑ. කොහොම උනත් වලව්වක නොවෑ.. ආයෙහ් එන්නම්..

    ReplyDelete
    Replies
    1. සාදරෙන් පිලිගන්නවා පුංචි කුමාරිහාමි. වලව්වනම් පරණයි හැබැයි පෙනුම පොඩ්ඩක් වෙනස් බොහොම හොඳයි නිවාඩු පාඩුවෙලාවක ඇවිත් යන්න කෝ.....:)

      Delete
  34. //බෞද්ධයෙක් විදියට අපේ රටේම තියෙන උතුම්ම පුදබිමක් වන ශ්‍රී පාදය වන්දනා කරගන්න එක කොයිකටත් හොඳයි කියලයි මට හිතුනේ නිවාඩු යන්න කලින්.//

    ඉබ්බ උන්නැහේ දියට දැම්මම ඇන්නෑවේ කිව්ව වගේ කෝරලේත් කියන කතා. ඔය සමනළ කන්ද සිංහල උන්ගේ පුද බිමක් වුනේ ඔය ආකම් බදාගත් උන් ගස් උඩ රිළව් වගේ හිටපු කාලෙටත් කලින්. ඔය තැනට අධිපති වුන සුමන දෙවියන් නැත්නම් සමන් දෙවියන් කියන්නෙ මනු රජට. ඒකටත් අවු 30,000 කට වැඩියි. අනඟි මනසක් කියන එකයි ඔය සුමන කියන්නේ. සමන් කියන්නේ ගොත ගහපු උන්. බලෙන් රිංඟපු කට්ටිය අර සිංහල වචනේ තේරුම කිව්ව වගෙ වචන දෙකම ඇමුණුවේ නොදත් කමටයි. අර සිංහල උන් වැස්ස ලබාගන්න දෙවියන්ට කල පූජාව, අන්තිමට මැරිච්ච කෙනෙකුගේ දතක් බදාගෙන යන එකක් වුනා වගේ, අද සමනල කන්ද විතරක් නොවෙයි රට හැම සිංහල උරුමයක් ම උන්ගෙ නමට ලියාගෙන. හෙට ක්‍රිස්තියානි කාරයෝ... ඊළඟට හම්බයෝ... කෝරලය කොහොමද හොන්ඳ එළයෙක් වුනේ. අද රටට මලපෙරේතයෝ, අමනුෂ්‍යයෝ රිංඟගෙන වින කරනවා.

    ReplyDelete
    Replies
    1. මම නම් හොන්ද එලයෙක් නම් නෙවෙයි. හොඳ හෙළයෙක් තමයි. තවත් අදහසක්, මතයක් විදියට ගන්නපුළුවන් ඔහේගේ අදහස. අදහසක් ප්‍රකාශ කිරීමේදී මෙයිට වඩා. ක්‍රමවත්ව පැවසුවොත් තේරුම් ගැනීම පහසු වෙයි. පටලැවිලි ගාලක් වගේ නැතිව.

      Delete
  35. සමන් දෙයියන්ගේ කරුණාවෙන් කෝරළේ මහත්තයත් එහෙනම් සිරිපා කරුණා කරගත්තා එහෙනම්.......අනේ සාදු......සාදු.......!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අපූරු වන්දනා ගමන :)

      Delete
  36. මම ඉතින් අර ඇමති වගේ තමා. තවම සිරිපාදේ ගිහින් නැහැ..

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් ඒ උනාට වතාවක් වත් යන්න ඕනේ පුද බිමක් තමයි ශ්‍රී පාදස්ථානය කියන්නේ.

      Delete
  37. මරු සැට් එකක් නේ බන්...

    සුබ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
    Replies
    1. එකනේ. ආයේ ට්‍රිපක් සෙට්වෙනකන් තමයි සෙට් එකම බලන් ඉන්නේ. :) සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

      Delete
  38. ආස හිතෙනවා සිරිපාදෙ යන්න මෙවා දුටුවම කොරලේ මහත්තයො...
    සුභ අලුත් අවුරුද්දක් කිවිවා...

    ReplyDelete
    Replies
    1. යන්න යන්න මේ සිරිපා වාරෙනේ. :) ඔබටත් සුභ නව වසරක් වේවා.

      Delete
  39. අපිත් ගියා සිරීපාදේ....27 අපි ගියේ...

    කෝ ඉතිං අලුත් පොස්ට් එකක් දාන්න එහෙම අදහසක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. ශා.... නියමයිනේ මට මේ පාර ඒ පින නැහැ අප්පා..... දන්නා ඕනේ මල්ලියා වැඩ පිරිලා. ඔෆිස් ඉඳල ගෙදර එන්නේ බාගෙට මැරිලා. ඉඩක් ලැබුණු ගමන්ම අනිවා දැන්නම් කෝ. ඔන්ලයින් එන්නෙත් හාවා හඳ දකින්න වගේ.

      Delete
  40. බුදු අම්මෝ කි.මී. 13ක් පවුල් බර කරේ තියන් උඹ සමනල කන්ද බැස්සා කිව්වම මට නම් හිතා ගනන්වත් බෑ . . . හෙ හෙ හේ . . මගේ පවුලත් බැන්ද අලුත නම් උස්සගෙන රට වටේ යනන් ඇහැක් . . කිලෝ 50යි . . ඒකට දැන් යකෝ කිලෝම 65ක් . . . හික් හික්

    ReplyDelete
    Replies
    1. මගේ සපත්තු දෙකේ අඩිය ගියා. බැඳ අලුත් ඉතින් ඕනේ දෙකට ඔට්ටූයි නේ. :) ඕක මොකක්ද දුකා අයියේ තව කිලෝ 15නේ වැඩි. ජිම් යන්න ඕනේ නැහැ දවසට පැයක් කරේ තියන් ඇවිද්දනම් ඇති. :)

      Delete
    2. දැන් අවුරුද්දක් තිස්සේ එයාල ලංකාවේ බන් . . මේ අවුරුද්දේ අන්තිමට තමයි ආපහු එන්න ඉන්නේ

      අහ් බොලා ඉන්නේ ඩුබායි නේද?

      මම අබුඩාබි . . .

      Delete
    3. මට මේල් එකක් දාන්න. ඩුබායි එන වෙලාවක් සෙට් වෙමු අයියා. මම ඉන්නේ ජුමේරා.

      Delete
    4. කොහේටද බන් බොට ඊමේල් දන්නේ? මගේ මේල sathula@yahoo.com කතා කරපන් ෆ්‍රී වෙලාවක 050 4514671

      ඩුබායි ඉන්න බ්ලොග් කාරයෝ මීගොඩයා, රුචා, සපතේරු උන්නැහේ, දුමී අපි නිතර සෙට් වෙනවා බන් . . සමහර වෙලාවට මීගොඩය, රුචා, යොහාන්, රවී, හසිත කියන සෙට් එක හැම සිකුරාදම සෙට් වුනා. තාමත් ගොඩක් වෙලාවට වෙනවා. හෙ හෙ හේ

      Delete
  41. මුලින්ම අපිට සිරිපාදේ වන්දුවට පින්.... මමත් එකම එක පරි ගිහින් තියෙන්නේ... මේක කියවද්දී මට ඊ ගමන මටක් උන...

    ReplyDelete
    Replies
    1. සාදු කියල පින අනුමෝදන් කරගත්තා. එක පාරක් ගියා කියන්නේ ආයේ යන්න ආසා හිතෙන තැනක් තමයි සිරිපාදේ කියන්නේ.

      Delete
  42. දිග වැඩි නෑ බං. කෝරලේ මහත්තයා කිව්වට තාම හිච්චි කොල්ලෙක්නේ උඹ. උඹලා දෙන්නටම ජයෙන් ජය!

    ReplyDelete
    Replies
    1. සමහර අය ඉන්නවනේ කියවන්න කම්මැලි. :) අප්පේ..... ලෝක විනාසයක් උනේ පින්තූරේ දාලා. ඔයාටත් ජයෙන් ජයම වේවා සුභ නව වසරක් වේවා කිව්වා.

      Delete
  43. මං බබිත් ආව ආයිබෝවන්ඩ මේ පැත්තට......^_^

    ලස්සන පෝස්ටුවක්....ගොඩක් ලස්සන මතක සටහන් ඉතුරුවුන සිරිපා ගමනක්.....

    ReplyDelete
    Replies
    1. වෙල්කම් කියන්නේ නැතිවම සාදරයෙන් බබීව පිලිගන්නවා වලව්වට.
      බොහොම ස්තූතියි නංගා. අනිවා ඔය ට්‍රිප් එක ගිය දෙන්නෙක් ඇර අනෙක් ඔක්කොම දින ගණන් කරනවා මම ලංකාවට එනකල් ආයෙම සිරිපාදේ යන්න. ^_^

      Delete
  44. අඩේ. මම මේක බලලා තිබ්බෙ නෑ නේ

    ReplyDelete
    Replies
    1. කොහොමද අයියේ ට්‍රිප් එක?

      Delete
  45. //කොහොම උනත් මම කිව්වා විදියටම කිලෝ මීටර් 13ක් බනියව කරෙන් අරන් ආවා.//
    මේක දැක්කාම උබ ගැන මාර ආඩම්බරයි කෝරලේ මහත්තයෝ.... :)))

    මමත් තාම සිරිපා කරුනා කරල නෑ.. යන්න හරිම ආසාවෙන් ඉන්නෙ... ඉක්මනට ඒ හීනෙ හැබෑ කරගන්න ඕනි

    ReplyDelete
    Replies
    1. කියන්න අමතක උනානෙ.. පරක්කු වෙලා හරි සුබ පතන්න එපැයි... සුභ නව වසරක් :)

      Delete
    2. :) තැන්කු කිව්ව මලයා. මේ පාරවත් යන්න ට්‍රයි කරන්න වයස 80 80 සීයලා ආච්චිලා යද්දී අපි නොයාම ගැන අපි ගැනම ලැජ්ජා හිතෙනවා කොල්ලෝ. ඔයාටත් සුභ නව වසරක් වේවා කිව්වා.

      Delete

ඔයාල කොම්මෙන්ට් එකක් දාන්න වැය කරන තප්පර ගානත් ඔයාලට වැදගත් කියල මම දන්නවා එත් ඔයාලගෙන් අදහසක් මේ පිළිබඳව ලැබෙනවා කියන්නේ මට ඉදිරියටත් ලියන්න හොඳ මොර්ටිවේෂන් එකක් ලැබෙන එක. ලියන්න කල් මදිනම් තිතක් තියල යන්න එතකොට මම දන්නවා ඔබ මෙය බැලු බව. ස්තූතියි.........

Related Posts Plugin for WordPress, Blogger...