Wednesday 13 February 2013

ගණිකාවක් වෙත ගොස් පොලිසියෙන් මගවියදම් ගෙන පැමිණීමේ කතාව



කට්ටියට මතකයිනේ මම ගම්බට්ටේක්ව වස්තිකල තාලේ ඉතින් මේක කියවපු මාගේ මිත්තරයෙක් මට බැන්නා එයා මේකට එකඟ වෙන්නේ නැහැ කියල. මේ එයාට හම්බ වෙච්ච ගුණවත් පොලිස් නිලධාරින් එයාට සෙට් උනේ කොහොමද කියල කිව්ව කතාවයි. මම දාන්නම් මොකද බල්ලෝ වගේම මනුස්සකම් හඳුනන මිනිස්සුත්පොලිසියේ සේවය කරන බව දැනගැනීමට මේක හොඳ උදාහරණයක් වේවි. මේ ඔහුගේ පෞද්ගලික අත්දැකීමක්. ඒ නිසා නම ගම සඳහන් කිරීමෙන් මම වලකිනවා. මේ කතාවෙන් ගතයුතු අර්ථය ගැන මට වැටහීමක් නැතත් මේ ගැන තීරණය කිරීම මම පාඨක ඔබට භාර දෙන අතර.මම කතාව ඔහුගේම වචන වලින් දාන්නම් එහි ඇති රසය වැඩි කිරීමට.

මේ පුද්ගලයාව අපි හඳුන්වමු නිශාන් කියල (මඩිස්ස ලියන පොඩි එකා නෙවෙයි) ඊට වැඩිය නාකි පොරක්. 
මම එතකොට ජීවත් වුනේ කළුතර ප්‍රදේශයේ.මෙන් ඔහුගේ කතාව ඔහුගේම වචනයෙන්.


ඉතින් අපේ  සෙට් එකේ ඔක්කොම හිටියේ  බඩු කාරයෝ ඒ කියන්නේ අඩුම තරමේ කෙල්ලෙක් එකක් මොකක්ම හෝ දෙයක් කරපු එවුන්. හැබැයි ඔය සෙට් එකේ කෙල්ලෙක් නැතිව හිටියේ මටයි චින්තක කියල තව යාලුවෙක්ටයි විතරයි. අපි හැමදාම හවසට සෙට් වෙන්නේ යුසි වත්තේ ග්‍රවුන්ඩ් එකේ. උඹ ඒ පැත්තේ ගිහිල්ලනම් දන්නවා ඇති. වොලිබෝල් ගහල ආතලේ එකේ මලක් එහෙම ගහල තමයි හැමදාම ගෙවල්වලට යන්නේ එතකොට මම ඕලෙවල් ක්ලාස් වල උඹල ඒ දවස් වල දනගාන කොල්ලෝ  ඉතින් අපේ සෙට් එකේ හිටිය රම්බෝ අයියා කියල කොල්ලෙක් මු තමයි අපේ ලීඩර් මු තමයි ජොයින්ට් සප්ලයි කරන්නේ ජොයින්ට් එක්ක මු අරන් එනවා වැල පත්තරෙකුත් අද වගේ ඉස්සර හැම ගෙදරම ඉන්ටෙර්නෙට් තිබුනෙත් නැහැ කොම්පියුටර් තිබුනෙත් නැහැ. ෆොනුත් තිබුනේ කීයෙන් කීදෙනාටද අපිට තිබුණු එකම සොමිය තමයි පත්තර බලන එක.

ඒ අගෝස්තු ඉස්කෝලේ නිවාඩු කාලේ දවසක් මෙහෙම පත්තර බල බල ඉන්නකොට මම හිතා ගත්තා කොහොම හරි මම ආතල් එකක් ගන්නවා කියලා. පස්සේ මම කල්පනා කරලා මේකට පොටක් පාදාගන්නේ කොහොමද කියලා කතාකලා රම්බෝ අයියට. මිනිහා ඉඳල හිටලා ඔය කොළඹ දිහාවේ එනවා අත් උදවු වැඩ වලට පොර තමයි අපේ ගැන්සියේ කොළඹ ගැන හොඳම දැනීමක් තිබ්බ එකා මම කොහොම හරි දැම්ම මූට ටෝක. කොහෙන්ද මට බඩුවක් (ගණිකාවක්) සෙට් කරගන්න පුළුවන් කියල. මිනිහා මට කිව්ව පිටකොටුවේ බෝගහ ළඟ තැනක්. හැබැයි 1000ක් හමාරක් අරන් පලයන් කියලත් කිව්වා. අපේ එවුන් වදේ ගහන එකෙන් බේරෙන්න තියෙන එකම ක්‍රමේ මේක තමයි කියලයි මට හිතුනේ ඒදවස් වල වැඩිය දැනීමක් තේරීමක් නැහැනේ. බලන්නේ සෙට් එකේ තැනක් තියාගෙන ඉන්න. අපේ තාත්තා කැටයම් වැඩ කරන නිසා සල්ලි තියෙනවා අත දිහැරලා වියදම් කරන්න ඔක්හොම හරි ක්ලාස් එකක් පිටින් දාලා මම උදෙන්ම පිටත් උනා පිටකොටුවට. 

මීට කලින් තනියම ඇවිල්ල නැති කොටුව මට මහ අමුතු තැනක් උනා. ආව උනාට මට තාම අයිඩියා එකක් නැහැ කොහොමද මම බඩුවක් සෙට්කරගන්නේ කියලා. බසේකෙන් බැහැල පරණ CTB බස් ස්ටෑන්ඩ් එක පැත්තට මම ඇවිදගෙන ගියා. කඩේකින් පත්තුකරගත්ත සිගරට් එකකුත් ඇද ඇද ඉන්න අතරේ එතන තිබුන කඩේකින් රුපියල් 50කට සන්ග්ලාස් දෙකක් අරං දාගත්තේ අඳුනන කවුරුත් දකීවි කියන බයට.එතනට වෙලා කල්මරමින් ඉන්න කොට මම දැක්ක වයස 20ත් 30ත් අතර ගැහැණු කෙනෙක් එනවා හොඳට ඇඳල කරලා හිටියේ හෑන්ඩ් බෑග් එහෙකුත් කරේ දාගෙන බැලු බැල්මට පේන්නේ ඔෆිස් එකක වැඩකරන ඩයල් එකක් වගේ. මම වැඩිය පැත්ත බලන්නේ නැතිව ඉද්දි මේ ගෑනි මගේ ලඟට ආව. 
මොනවද බලන්නේ කියල මගෙන් ඇහුවා එකපාරටම. 
මම කිව්ව මොකුත් නැහැ කියල 
මේ ළඟ පොට් එකක් තියෙනවා වැඩි ගානක් නැහැ කියල කිව්වම මට තේරුනා මේ ඩයල් එකක් බව. 
"කීයද?" කියල මම ඇහුවා. 
"600" ක් කියල මේ ගෑනි ගත්කටටම කිව්වනේ. රම්බෝ අයියා කියපු දේ එකපාරට මතක් උන මම එකපාරටම ඒ ගානට කැමතිවෙන්නේ නැතිව "අපෝ බැහැ ගාන වැඩියි කියල කිව්වා. මොකද කියන්නේ 300ක්." හරි කියල ගෑනි වැඩේට කැමති උනා. එතන තිබ්බ පරණ ත්‍රීවිල් එකක් ලඟට ගිහින් එකට ගොඩවෙලා මටත් නගින්න කිව්වා කියලා යන්න ඕනේ තැන ඩ්‍රයිවර්ට කිව්වා. උන්දෙන්නගේ කතාවෙන් මට තේරුනේ ඩ්‍රයිවරුත් මුන්ගේම එකෙක් තමයි කියලා උන්දෙන්නා ආගිය තොරතුරු කතාකරමින් යන අතරේ මම ගණන් හදලා බැලුවා අද කාලේ 300ක් කියන්නේ වැඩි වටිනාකමක් නැති වුනත් 90 ගණන්වල 3000ක් විතර වටිනවා කමක් නැහැ හැමදාම නැහැනේ කියල හිතාගෙන මම සද්දනැතිව හිටියා.

මුඩුක්කු පේලියක් ලඟට ඇවිත් නවත්වපු ත්‍රීවිල් කාරයා අපිව බස්සල කිව්ව 200ක් දෙන්න කියලා. මම ඌට 200ක් දීල මේ ගෑනි එක්ක ඒ ගෙදරින් ඇතුලට ගියා හරිම අපිරිසිදු ගෙයක් ඒ ගෙදර මිනිහයි ගෑනියි ළමයි වගේකුයි හිටියා කාමරේ කුලිය මට ගෙවන්න කිව්ව ගෑනි ඇතුලට ගියා. මගේ ඔලුවේ ඉඳන් කකුල් දෙක ලඟට බලපු ඒ ගෙදර අයිතිකාරයා. මල්ලි මොකද පලවෙනි සැරේද? මීට කලින් මේ පැත්තේ දැකල නැහැ ගම කොහෙද? කළුතර.වයස කීයද කියල අහද්දීනම් මම පොඩ්ඩක් බය වුනා මම ගත්කටටම 23ක් කිව්වත් ඒ මිනිහා ඒක පිළිගත්තේ නැති විත්තිය පොරගේ හිනහාවෙන් මට තේරුනා. 

හරි මල්ලි ඔක්කොම 700ක් දෙන්නකෝ පැය දෙකක් තියෙනවා ඕනේ දෙයක් කරගන්න. 

ගාන වැඩි නැද්ද අයියේ?

යකෝ මරු කතා තමයි උඹත් අහන්නේ මේ ඒරියා එකේ තියෙන ලාබම තැන මෙතන ඕනෙනම් ගිහින් වෙන තැනකින් අහල එනවා 

එහෙම අහල දැනගන්න මටමේ පළාත ගැන එච්චර දැනීමක් නැති නිසා මට ඕනේ උනේ පුළුවන් ඉක්මනට වැඩේකරගෙන ගෙදර යන්නයි. ගෙනාව සල්ලි මෙතනට ඉවර උනත් කමක් නැහැ මොනවා උනත් මට බස් තව රුපියල් 50ගානක් අතේ තියෙනවනේ කියල හිත හදාගත්තා.
හරි මල්ලි මෙතනින් ඇතුලට යන්න කොනේම කාමරේ  කියල ඒ මිනිහා යන්න ගියා. තව කාමර තිබුනා ඒවගෙත් වැඩ යනවා කියල ඇතුලෙන් ආව සද්දෙන් මට තේරුනා.

ඇතුලට ගියගමන් කලිසම ගලවන්න කියලා ගෑනි කිව්වා. මම කලිසම ගලවද්දී මගේ අතට කොන්ඩම් එකක් දීල කිව්ව 50ක් දෙන්න කියල. එවෙලාවේදී තමයි මට මල පැන්නේ මම කිව්ව ඔක්කොම සල්ලි මම මේ ගෙදර අයිතිකාරයට දුන්නා 700ක් තව මගේ අතේ තියෙන්නේ බස් එකේ යන සල්ලි විතරයි කියලා කිව්වම ගෑනි ඇහුවා එතකොට කෝ මගේ සල්ලි කියල මම ඇහුවා ඇයි මම අරමිනිහට දුන්නේ ඒවටත් එක්ක නේද කියලා නැහැ ඒ රූම් එකේ කුලිය විතරයි කියල කිව්වම තමයි මට දෙයියෝ සිහි උනේ. එතකොට මගේ දිහා කින්ඩියට වගේ බලපු අර ගෑනි අහනවා මල්ලි රුපියල් 50න් කොහොමද ****** කියලා කමක් නැහැ ඕක දෙන්නකෝ මම අරූට කතාකරලා මගේ ගැන ඉල්ලගෙන එන්නම් ඔය එතකල් කලිසම ගලවන්නකෝ කියල ගෑනි එලියට ගියා. මමත් බලන් හිටිය විනාඩි 5ක් 10ක් මේ ගෑනි නැහැ මම කලිසම ඇඳගෙන එලියට එද්දී ගෙයි අයිතිකාරයා කියනවා මොකද මල්ලි වේලපහින්ම? මම පොරට වෙච්ච දේ කිව්වා. එතකොට හිනාවෙන්න පටන්ගත්ත මිනිහා කියනවා මල්ලි ඔය ගෑනි හෙරක් ඔයා ඒකිට අහුවුනා ඒකි සල්ලි අරන් මාරුවෙන්න ඇති. 



හයියෝ මගේ සල්ලි දැන් මොකද කරන්නේ පොලිසියට කියන්නත් බැහැ. කිව්වොත් මාට්ටුවෙන්නේ මමමයි ඒ ගෙදරින් එලියට බැස්ස මම ඇවිදගෙන ආවේ කිසිම අරමුණක් නැතිව යන්න සල්ලි නැහැ ගෙදරට කෝල් එකක්වත් දීගන්න බැහැ ගෙදර ෆෝන් නැහැනේ. මේ යුද්දේ දවස් නිසා පාරේ බැරියර් දාලා ඉස්සරහ තියෙනෙන් චෙක් පොයින්ට් එකක් මම එතන පාස් කරන යද්දී එතන හිටපු පොලිස් කාරයෙක් ඒයි ළමයා කොහෙද යන්නේ කියලා අහද්දී  මම නැවතුනා. කොහෙද යන්නේ එහෙම විස්ටහ්ර හද්දී මම අමු කෙප්පයක් ගොතලා කිව්ව ත්‍රීවිල් කාරයෙක් මට රොබරියක් දුන්න විදියට. ඒ පොලිස් පොස්ට් එකේ හිටපු මහත්වරු මට දවල්ට කන්නත් දීලා අතට රුපියල් 50 කුත් දීලා බසේඑකටත් නග්ගලා එව්වා. ඒ නිසා උඹල ලියද්දි පොඩ්ඩක් හිතල බලපන් හොන්දවගේම නරක මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවා. ඔය වෙච්ච සිද්දිය නිසා මම එක පාඩමක් ඉගන ගත්තා මොන දේ උනත් මම බඩු සබ්ජෙක්ට් එකට බහින්නේ නැහැ කියලා. 





ඔන්න ඕකයි යාලුවනේ කතාව. අද මේ පුද්ගලයා කසාද බැඳලා අවුරුදු 10ක පුතෙක් ඉන්න තාත්තා කෙනෙක් මම ඔහු ගැන දන්නා තරමින් ඉතා ආදර්ශමත්ව ජීවත් වන බවනම් කිවයුතුය. මෙහි රැකියා කරන බොහෝ දෙනෙක් අනියම් සම්බන්දකම් පවත්වාගනිමින් අභිසරු ලියන් වෙත ගියත් මොහු නොයන්නේ ඉහත කී සිද්දිය දැඩි ලෙස ඔහුගේ මනසේ කම්පනයක් වැනි යමක් ඇතිකරලීමයි සිතිය හැක.  මම මේ කතාව බ්ලොගේ පොස්ටුවක් හැටියට දමන බව කීවිට පැවසුවේ මගේ නම නොදා ගම නොදා විස්තරේ ලියපන් යනුවෙනි මේවා අදකාලේ හැදෙන උන්ට හොඳ පාඩම්.  මට නම් මෙව්වා අහල නිකන් හොල්මන් වගේ මේ කතාවේ ඔහු විසින් සඳහන්කරන ලද  කිසිම කරුණක් පිළිබඳව කෝරලේ මහතා විසින් තහවුරුකිරීමක් නොකරන අතරමේ ජේදය ගැන පමණක් වගකීම දරමි( මම කොහොමද බොල මම දන්නේ නැති දේක වගකීම ගන්නේ) අනෙක් වැදගත් කාරණය තමයි





87 comments:

  1. ඔයින් ගියා මදැයි...වෙන එකෙක් නම් එහෙම උගෙ කලිසමයි කමිසෙයිත් ගලවා ගන්නවා..

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් මිනිහා දැනටත් මූඩ් ගහනවා ඔය කතාව කියද්දී :)

      Delete
  2. හයියූ සල්ලි....මලයෝ බනිය සැක හිතයි මේ උඹටම වෙචිච කතාවක් කියලා........

    ReplyDelete
    Replies
    1. අපොයි නැහැ අයියේ ඒ නිසා තමයි මම ෆෝන් එකේ රෙකොර්ඩ් කලේ සාක්ෂි සහිතයි.

      Delete
  3. උගෙ වාසනාවක් තිබුන නිසා එහෙම වෙලා තියෙන්නෙ... නැත්නම් අද දනවෝ දනවෝ කියලා අතේ තියාගෙන බිබිලි වලට පිබින්න තමයි ඒ අසරණයට වෙන්නෙ..උඹ ඉන්න දිහාවෙත් ඔය සබ්ජෙක්ට් එක තියෙනවද මලේ...මුස්ලිම් රටක්
    උනත්...

    ReplyDelete
    Replies
    1. සිරාවටම අයියේ ඕක මහ වලත්ත වැඩක්. එහෙම උනානම් මේකා ඉවරයි දැනටමත් යි පාස් එකක් කරලා තියෙන්නේ. :) මෙහෙ ඩුබායි රන් වෙන්නේ ඕවගෙන් තමයි සමහර උන් ඉන්නවා නයිට් එකට ලක්ෂ 3ක් ගන්න උනුත් ඒ සුපිරිපන්තියේ උන්.

      Delete
    2. ඩුබායි මුස්ලිම් රටක් උනාට ගොඩාක් සංස්කෘති වලට විවෘත රටක්, විශේෂ්යෙන් මේකට යොමු වෙලා ඉන්නෙ පිලිපීන් ගෑණු. කොරලේගෙ ඉස්සෙල්ල පෝස්ට් එකේ කිව්ව වගේ උන්ට රස්සවෙන් හම්බවෙන ගාන මදි. ගොඩාක්ම මේක තියෙන්නෙ ඩුබායි සහ සාජා වල. අබු ඩාබි නම් ටිකක් විතර සම්ප්‍රදායිකයි...

      Delete
    3. අබු ඩාබි වලත් මුසාෆා පැත්තේ. කලීෆා සිටි පැත්තේ ඉන්නවා ඕනේ තරම්. මෙහෙ බ්ලොක් කරපු ක්ලැසිෆයිඩ් සයිට් එකක් තියෙනවා. ඒකෙන් කෝල් කරලා ගෙදරට උනත් ගෙන්වාගැනීමේ පහසු කම තියෙනවා. මුන් බ්‍රෑන්ඩ්ඩඩ් ඇඳුම් ආයිත්තම් වලට සල්ලි හොයන්නේ මේ දේවල් කරලා. කොහොම උනත් පිල්ලියොන්ට මේ දේ ගානක් නැහැ. උන් මෙහෙ කසාද බැඳලා හිටියත් ලංකාවේ කොල්ලන්ට හරිම ආසයි. මෙහෙ ඉන්න ගොඩක් තරුණ වයසේ කොල්ලෝ ස්පෙයාර් වීල් එකක් වගේ එකක් තියන් ඉන්නවා. :) ඩුබායි එහෙම ඕපන් උනේ නැත්නම් ඩුබායි වලට මේ දියුණුව ලබන්න බැහැ. මොකද මෙහෙ රටක් පවත්වන් යන් තරම් දේවල් නැහැ කෙටියෙන් කිව්වොත් අබුඩාබි කාරයට වගේ තෙල් නැහැ.

      Delete
  4. කොළඹ කපුටෝ කියන්නේ ඕකුන්ට තමා.ගෑනුත් එකයි මිනිස්සුත් එකයි. කොහොම හරි රුපියල් දාහකින් මිනිහා ලොකු පාඩමක් ඉගෙන ගත්තනේ ඒකම මදිද?.

    ReplyDelete
    Replies
    1. මාත් කිව්වේ 1000න් ගියා මදැයි කියල හැබැයි මල්ලි ඔය කියන කාලේ 1000 ට අදකාලේ 10000ක වටිනාකමක් තිබුනලු මම දන්නේ නැහැ ඇත්තද කියන්න පොරයි කිව්වේ.

      Delete
    2. ඒක බොරු කතාවක්. ඔය කියන කාලේ මට එක මාසෙක රු.9500ක් පඩි ලැබිලා තියෙනවා.

      Delete
    3. මම නම් දන්නේ නැහැ අයියේ අපේ ගොඩක් එවුන් කියන කොට අතිශෝක්තියෙන් නේ කියන්නේ. මේ කතාවේ සමහර වචන මම වෙනස් කරලා තියෙන්නේ මොකද ඒ කිව්ව දේවල් කිව්ව විදියටම දාන්න බැරි නිසා පොර වැඩ කරලා තියෙන්නේ ලංකාවේ ශෙයා මාර්කට් එකේ. මට ඉතින් ලංකාවේ තත්වේ ගැන වැඩි දැනීමක් නැති නිසා කියන දේ ඉතින් මාත් පිලිගන්නවනේ. මේකේ තියෙන කතාව ඇත්තක්ද නැද්ද කියන්න මම දන්නේ නැති නිසයි මම උඩින්ම කියල තියෙන්නේ මේ ගැන මගේ වගකීමක් නැහැ කියලා.

      Delete
  5. හි හි... මාරම සිද්ධියක්නේ.. අන්තිමට බලද්දී මුකුත් නෑ.. හැබැයි පලවෙනි වතාව ඔහොම වෙච්ච නිසාම මිනිහා හැදෙන්න ඇති. බැරිවෙලාවත් රහ වැටුන නම්..

    ReplyDelete
  6. ගත යුතු පාඩම.. හොඳ පොලිස් කියලා කට්ටියකුත් ඉන්නවා.. ( නෑ නෑ.... හිටියලු... හි හි)

    ReplyDelete
    Replies
    1. නෑ නෑ තාම ඉන්නවා...මට බොහෝවිට හමුවෙන්නෙ එහෙම අය...වගකීමෙන් කිව්වෙ...ඉන්දියානු චිත්‍ර‍පටි කොච්චර කැත විදියට ඉන්දියානු පොලීසිය චිත්‍ර‍පටිවල දැක්වූවත්...මම එහෙට ගිය වෙලෙත් මට හමුවුනා නියම පොලිස් මහත්තුරු...එකෙක් දෙන්නෙක් හින්දා තමයි දෙපාර්තමේන්තුවෙම නම කැතවෙලා තියෙන්නෙ...

      Delete
    2. 1000 වාරයක් දොවපු කිරිකලෙකට ගොම බින්දුවක් වැටුනොත් වෙන්නේ මොකක්ද? ඒ දේම තමයි පොලිසියට වෙලා තියෙන්නෙත්.

      Delete
  7. ඔයින් ගියා මදැයි කියන්නේ කොහොමද බන්... උගේ අන්තිම සතේටම හූරලනේ... හයියෝ සල්ලි....


    පොලිසියෙ විතරක් නෙමෙයි ඔය කොයිකෙත් කළු සුදු චරිත ඉන්නවා... පොලිසිය ඉතින් මාක් එක වැදුන තැනක් නිසා අවුල...

    ReplyDelete
    Replies
    1. අයියෝ සල්ලි මට උනානම් හාර්ට් ඇටයක් හැදිලා මැරෙනවා :P ඒ විතරද ලජ්ජාව????

      Delete
  8. අඩේ,, කමක් නෑ, ඔය මනුස්සයා ආයේ ඒ වගේ මැටි වැඩ කොරන්න යන එකක් නෑනේ

    ReplyDelete
    Replies
    1. මිනිහා දැන් උපාසක බයි පාස් එකක් කරලා ඉන්නේ.

      Delete
  9. සාදු සාදු ඇම්මට උගෙ.. ඌට කසාදයක් බැඳ ගන්නකම් ඉවසන්න බැරි වෙන්න ඇතිනේ..

    ගොඩක් කොල්ලො බොන්නෙ,බඩු ගහන්නෙ අනිත් කොල්ලොන්ට තමනුත් පොරක් කියල පෙන්නන්න තියෙන ගොං මානසික වින්දනේට

    ReplyDelete
    Replies
    1. යසිත් සිරාවටම හරි කතාව බං පොර කියල පෙන්වන්න ඕනේ දේවල් තියෙනවා හැබැයි මේ වගේ ඒවගෙන් පොරවෙන්න හදන එක ගැන මගෙත් විරෝධය. නමුත් ඒක උන්ගේ ඒකාලේ (90 ගණන් වල) තිබ්බ මානසිකත්වය.

      Delete
  10. හැකස්....
    මාත් විවාහ වෙනතුරු ඉන්නවා විනා ඔය වගේ නොසන්ඩාල ගමං නං යන්නෑ..
    අම්බෝ...

    ReplyDelete
  11. අඩේ! යාන්තම් මේකා බේරිලා තියෙන්නේ! තව පොඩ්ඩෙන් මොකුත් නැතිව එන්න වෙන්නේ!

    ReplyDelete
    Replies
    1. තමන්ගේ තියෙන ඒවත් නැතිවෙන්න තිබුනා. හිකිස්.......

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. අනේ අපොයි.... පොඩි කාලේ ඔයවගේ අත්දැකීම් වලට මුහුණ දෙන අය වැඩිහිටි කාලේදී ඒ දේවල් ගැන බොහොම මොලේ ඇතිව වැඩ කරනවා තමයි.... ඒ සිදුවීම ඉදිරි ජීවිතේට බාධාවක් නොකර ගෙන සතුටින් ඉන්න පුළුවන් නම් ඒක තමා ලොකුම දේ..

    ReplyDelete
    Replies
    1. මේකනේ නංගි පාඩමක් ඉගන ගන්න උන් ඉන්නේ බොහොම ටිකයි. ඔය දේ පස්සේ පන්න උන් ප්‍රතිශතය වැඩියි.

      Delete
  14. එහෙම දෙයක් වුන නිසා ඒ මනුස්සයා ඒ වගේ නරක වැඩ වලින් ඈත් වුනා. ඒක නම් එයාගේ පිනක් තමා.....

    ReplyDelete
    Replies
    1. අනිවා එයා කතෝලික ආගමේ. දෙවියන් එයා දිහා බලල වුන දෙයක් වගේ කියලයි මම කියන්නේ

      Delete
  15. මමත් මීලඟට ලියන්න යන්නෙ හොඳ පොලිස් කාරයෙක් ගැන. (වැඩේ කියන්නෙ හොඳ පොලිස් කාරයෙක් ගැන විස්තර කියන්න පොලිස් කාරයෙක්වත් නොදන්න එකයි.)

    ReplyDelete
    Replies
    1. කොහෙන්ද යියේ හොයා ගත්තේ හොඳ පොලිස්කාරයෙක්??????

      Delete
  16. ඔහොම රඟපාලා එක්ක ගිහින් සුද්ද කරන උන් ඉන්නවා කියල මමත් අහල තිබූන. කතාව ඇත්ත එහෙනම්. අර ගෙදර මෑනුත් හවුල් ඇති ඕකට.

    ReplyDelete
    Replies
    1. මමත් හිතන්නේ. අරූ මීහරකෙක්නේ. 3 wheel කාරයත් ඕකට සම්බන්ද ඇති. කොහොම උනත් ඔයවදේ හෙන පිළිකුල් වැඩක් මට.

      Delete
  17. උඹට මේකට මාතෘකාව දාන්න තිබුනෙ "ගණිකාවක් ඉස්සරහා නෝන්ඩි වීම " කියලා.. හැබැයි ඌට ඒකෙන් මාර හොඳක් වෙලා තියෙන්නෙ... නැත්නම් සමහර විට ඌ මේ වෙනකොට විනාශ වෙලා තියෙන්නත් තිබුනා..

    හොඳ පොලිස් කට්ටියට ජය වේවා !!

    ReplyDelete
    Replies
    1. ඒකත් හොඳ මාතෘකාව අයියේ. ඔව් දැන් ඌ රට කපටියා. වැඩි විස්තර දැම්මොත් ඌම කියයි මමයි පුද්ගලයා කියල මොකද මෑනුත් මේ බ්ලොග් එක බලනවා.

      Delete
  18. ඉතින් අර කොන්ඩම් එකට මොකද දන් නෑ කලේ...පුම්බල බැලුම්බෝලයක් වගේ උඩ යැව්වද දන්නෑනේ.........
    අපෝ..........කොළබ ඉන්නකොට හෙන පරිස්සම් වෙන්න ඕන......

    ReplyDelete
    Replies
    1. හප්පට සිරි ඒක මට අහන්න අමතක උනානේ... දැන් පොර හෙන කට්ටයා

      Delete
  19. හොදවෙලාවට ඇදන් ගිය ඇදුම හරි ඉතුරු උනේ බං..

    ReplyDelete
    Replies
    1. නැත්නම් එකත් ගලවල එන්නයි වෙන්නේ.

      Delete
  20. දැන් බලාගෙන යනකොට එහෙම වෙලා තියෙන්නේ හොඳ වෙලාවට. අර පරණ කාලේ පින්තුරයක් හොයාගෙන තියෙන්නේ කොහෙන්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අක්කේ... :) ගූගල් දෙයියෝන්ගෙන් තමයි

      Delete
  21. කළුතර නේද?? හරි හරි මටත් මතකයි එක හාදයෙක් හිටිය ඔය පැත්තේ නිලි අක්කලා වගයක් එක්ක සෙල්ලං දාපු, මං හිතන්නේ පොර තමා.. මිනිහත් බැදල හැබැයි දැං ලංකාවේ නෑ නෙව...හොහ් හෝහ්

    ReplyDelete
    Replies
    1. අයියණ්ඩි මට මතක් උනේ එක පාරටම කළුතර. මොකද ඔය හාදයාගේ ගම තියෙන්නේ ගාලුපාරේ කළුතරට කලින් එන ප්‍රධාන නැවතුමක. අනේ බොල උන් නාකියි අනෙක මට ඔච්චර නිදහසක් හම්බුනේ නැහැ. හොඳවෙලාවට මම පොරගේ වොයිස් කට් එක ගත්තේ නැත්නම් මුන් මාව පණපිටින් වලලයි වගේ.

      Delete
  22. මල්ලි, මේ උඹට උන දෙයක් එහෙම නෙවේ නේද?

    හික්, හැක්... හෝක්

    ReplyDelete
    Replies
    1. අයියෝ නැහැ අයියේ මම ඒ කාලේ ඉඳන්ම කරන්නේ නැති ගොඩට දාගෙන ප්‍රතිපත්ති විදියට ආරක්ශාකරන දේවල් වලින් උඩින්ම තියෙන්නේ කුඩුයි,බඩුයි (එකක් මම ඔය සබ්ජෙක්ට් එකට ඇබ්බැහි වුනොත් ගැලවෙන්න බැරිවෙනවා. සිගරට් වලට විතරයි මම ඇබ්බැහි වෙලා හිටියේ දැන් ඒකත් නැහැ.) (අනෙක හරක්මස් කන්නෙත් නැහැ) ඒ දේ මම ගැන දන්නා ඔක්කොම අය දන්නවා.

      Delete
    2. අඩේ මල්ලි උඹ සිගරට් අත්හරියද? නියමයි කොල්ලෝ මගේ ආචාරය.

      Delete
    3. මුලින් මුලින් වැඩේ අමාරුයි නමුත් මගේ උගුරේ අමාරුව අඩුවුණා එක ගැන හිතල නවත්වන් ඉන්නවා.

      Delete
  23. මදැයි ඔයින් බේරුනා...
    හොඳ පිලීසියේ අය ඉන්නවා තමයි. ඒත් ඒ අය නිකන්ම යට යන්නේ කමකට නැති හාල්පාරුවන්ගේ වැඩ හින්දා...කලින් පෝස්ට් එකෙත් මම කිව්වේ..

    ReplyDelete
    Replies
    1. එක තමයි මල්ලියා.
      පොලිසියේ විතරත් නෙවෙයි හැමතැනම ඉන්නවා.

      Delete
  24. e manussaya e wage naraka wadakin ath una ekanam loku deyak

    ReplyDelete
  25. මෙව්වා අපිට හොද පාඩම්!!! ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් තනිකඩ කොල්ලෝ පරිස්සම් වෙයල්ලා. අපිනම් පවුල් කාරයෝ නිසා අවුලක් නැහැ

      Delete
  26. සම හරක් ගත් කතුවරුන් තම අත්දැකීම් ලියන්නේ අන් අයගෙ නම් වලින්....

    ReplyDelete
    Replies
    1. ඒ අයියේ සම හරක් නේ..... මම මට වෙච්ච දේවල් ඒ විදියටම ලියල තියෙනවා. මේකේ ඒ පුද්ගලයා දුන්නු වොයිස් කට් එක මගේ ෆෝන් එකේ තියෙනවා. එක අහගෙන තමයි ලිව්වේ. මේ වගේ දෙයක් මට උනා නම් අවසානේ මේ වගේ වෙන්නේ නැහැ අයියේ. මොකද හිස්ට්‍රි එක අනුව මම ලේසියෙන් ගේමක් අතාරින එකෙක් නෙවෙයි.

      Delete
  27. own gana koyala vadak naha.inna godak un horu.....anika miniha hoda padak igena gena tiyenava.ekama godak vatinava.

    ප.ලි

    මේක ඔයාට නෙවෙයි නේද උනේ ආ....

    අපි ගියාවේ....(R)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් තව ටිකෙන් කලිසමත් නැතිවයි එන්න වෙන්නේ.



      හපොයි.... මගේ ඇඳි වතත් නැති වෙන වැඩක් තමයි මේ

      Delete
  28. ගෙවන්ඩ තිබ්බ කරුමයකින් බේරිලා පුරුවේ කරපු පිනක් පලදීලද කොහේද..එදා ඇපල් වල රහ වැටුන නම් නිශානයට අද උගේ තත්වේ ගොඩක් වෙනස් වේවි.

    (මඩිස්ස ලියන පොඩි එකා නෙවෙයි) ඊට වැඩිය නාකි පොරක්. හෙහ් හෙහ් ඒ කියන්නේ මඩියා නාකියෙක්

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් නැත්නම් කියන්න වෙන්නේ පාරුවේ පුවක් කියල තමයි.

      අපේ මඩියා එච්චරටම වයස නැහැ. පව් පොඩි එකා. හුටා මටත් ඒ වෙලාවේ කටට ආවේ නිශාන් කියන නමනේ.

      Delete
  29. හිකිස්.. හොඳ වැඩේ කාට උනත් ... ;)
    පිටකොටුව පැත්තේ බොහොම ජයට කෙරෙන මාෆියා වලින් මුල්ම තැන ගන්නේ ඕක තමයි අදටත් .. පුරුදු කාරයෝ කවදාවත් ඔය ගැට වලට අහුවෙන්නේ නෑ.. උන් ගානට වැඩේ කරගෙන එන්න දන්නවා .. ලාමක ටිං ටිං ලට තමයි ඇඳි වතත් නැති වෙන්නේ... වගකිවයුත්තෝ පේන්නේ නෑ ඇහෙන්නේ නෑ වගේ ඉන්න එකනේ ආයිබෝං ප්‍රශ්නේ

    ReplyDelete
    Replies
    1. හැබැයි ලකියෝ මම වගේ එකෙක් ගියානම් පණපිටින් එයිද ෂුවර් එකකුත් නැහැ. මේ සිද්ද වුන දේ නිසා ඒ මනුස්සයා හැදිලා ඉන්න තාලේ දැක්කම ඇත්තටම පුදුමයි. මිනිහ දැනට කරන එකම වරදි වැඩේ තමයි බොන එක ඒකත් ඉඳල හිටලා. අපිවගේ බොන්නේ නැහැ. :)

      Delete
  30. මදැයි ඔයින් ගියා අතක් පයක් නොකැඩි

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් කබ්බෙක් ගියානම් සොරි තමයි.

      Delete
  31. අනේ මන්දා CDMA කෝරලේ මේ වෙන වැඩ... මම දැකල තියනවා ඔය ඩීල් කරන ත්‍රීවීල් කාරයෝ වගේම ඩීල් එකට එන ගෑනුත්. ඉස්සර අපේ ඔෆිස් එක ඉස්සරහ හිටියේ එහෙම සෙට් එකක් රෑ 9න් පස්සේ පාර බදු අරගෙන.

    ReplyDelete
    Replies
    1. මෙහෙත් අයියා දන්නවනේ කොහොමද කියලා කරාමා වල බාර් ඩුබායි වල එහෙම 6යෙන් පස්සේ ඉන්න සෙට් දැක්කම එපා වෙනවා සසර. ඉන්ටර්නැෂනල් මාර්කට් එකක් මෙහෙ තියෙන්නේ. හැම රටවල් වලම උන්.

      Delete
    2. මෙහෙත් ඩීල් වෙනවා. ටැක්සි වලින් තමා සර්විස් එක.. ඉල්ලන තැනට ගෙනාවා. උන් ගියා.

      Delete
  32. මොනවා වුණත් පොලිසිය තවමත් හදාගත හැක.

    ReplyDelete
    Replies
    1. මමත් හිතනවා. හැබැයි ඔතන ඔය කියමන මට 100% ෂුවර් කරන්න බැරි ටොරොන් අයියා බොරු කිව්ව නිසා බේරුනා බැරිවෙලාවත් ඇත්ත කිව්වනම් අරුන් මොනවා කරයිද කියලා.

      Delete
  33. යාළුවො ඉස්සාරහ පොර වෙන්න ගියහම වෙන වැඩ.

    ReplyDelete
    Replies
    1. හික් හික් හික්.... ඔය ගංජා ගහල අරක්කු බීල පොර වෙලා..... දැන් ඉන්නේ. ආසාවට ජොලියක් දාන්න බැරිව බයිපාස් එකක් කරලා.

      Delete
    2. ඒ කවුද අප්පේ ,, මං දන්නා විදියට නම් අපේ සුදික මහත්තය නම් ඔය වගේ වැඩ කරන්නේ නෑ

      Delete
  34. බදින්න කලින් ඉතින් සැරෙන් සැරේට එක එක දේවල් අහද්දි මගේ මනුස්පයා පැනපු ගමන් කිව්වා මේ සැරෙන් සැරේට අහන්න එපා.. මම කුඩුයි බඩුයි ඇරෙන්න හැමදේම කරල තියනවා කියල...පස්සෙ සෑහෙන්න වෙලාවක් ගියා මට ඒක තේරුම් ගන්න...අර උඩ ඔයාගෙ කමෙන්ට් එක දැක්කම මට ඒක මතක් උනා..

    ReplyDelete
    Replies
    1. හරියට හරි මම කට වචනෙන් කියන්නේ ඔය විදියට තමයි නමුත් බ්ලොගේ ඒ විදියට දාන එක අර සදාචාරය කියන එකට හරි නැහැනේ. ඒ නිසා තමයි පොඩ්ඩක් සැර බාල කරලා කිව්වේ ඔය ජාති දෙකම මට හරක් මස් වගේ අප්පිරිය දෙකක්.

      Delete
  35. මේ වගේ වැඩ නියමෙට ප්ලෑන් කරලයි කරන්නේ. සමහර ගෑනු හොරකම් කරන බලාගෙනම බොරුවට ගණිකාවන් විදිහට රඟපානව.

    ReplyDelete
  36. කවුරු මොනව කිවුවත් අද ගණිකාවන්ට ලොකු ඉල්ලුමක් තියෙනව. මොකද කාන්තාවිමුක්තිවාදය කියන කාලකන්ණි මතවාදය රටට රිංගලා මේ රටේ ගෑනුන් ගොඩක් මානසිකව විකුර්ති කරල පුරුෂකරණයකට ලක්කරලයි තියෙන්නේ. මේ ගෑනුන් පිරිමින්ගෙ ලිංගික ක්‍රියා වලට හරියටම ගැලපෙන්නේ නෑ. පිරිමින්ගේ අවශ්යතා වලට ගැලපෙන ගෑනුන්ගෙනුත් වැඩි හරිය මැදිවියට ආසන්න හෝ මැදිවියත් ඉක්මවපු අය. ඒ වගේම කොටසක් විවාහක අය. මෙහෙම ගියාම ඉතිරි ටික දෙනාගෙන් තමයි පිරිමින්ගෙන් වැඩි දෙනෙකුගෙ ලිංගික අවශ්යතාවය ඉටු කරගන්න වෙන්නේ. එතනදි පොදුවේ හැමෝටම මේ සේවාව සපයන ගානක් පොදු ප්‍රවාහන සේවය වගේ ඉන්න වෙනවා. ඕකයි ඇත්ත තත්වය.

    ReplyDelete
  37. නියම පෝස්ට් එක. අලුත් කොල්ලන්ට ඉගෙන ගනන් දෙයක් තියෙනවා. සල්ලිත් දීලා ලෙඩ එහෙමත් හදා ගන්නවට වඩා දෙයියෝ දුන්නු අත්දෙකෙන් වැඩ ගන්න එක කොයි තරම් හොඳ දෙයක්ද කියලා හිතෙයි . .

    ReplyDelete
  38. He has learnt his lesson.That's a lesson for all.

    ReplyDelete

ඔයාල කොම්මෙන්ට් එකක් දාන්න වැය කරන තප්පර ගානත් ඔයාලට වැදගත් කියල මම දන්නවා එත් ඔයාලගෙන් අදහසක් මේ පිළිබඳව ලැබෙනවා කියන්නේ මට ඉදිරියටත් ලියන්න හොඳ මොර්ටිවේෂන් එකක් ලැබෙන එක. ලියන්න කල් මදිනම් තිතක් තියල යන්න එතකොට මම දන්නවා ඔබ මෙය බැලු බව. ස්තූතියි.........

Related Posts Plugin for WordPress, Blogger...