මගේ පසුගිය ලිපියේ පැවසු පරිදි ලංකාවේ ගැහැණුන්ගේ නොපනත්කම් ගැන දෙවැනි වරටත් ලියන්නට ගත්තද, මේ අවුරුද්දක් ගෙවිල අවුරුද්දක් පටන්ගන්න අලුත් අවුරුදු කටේ එවන් දෙයක් ගෝචර වෙන්නේ නැහැ කියල හිතුන නිසා මම හිතුවා අපේ යාලුවොන්ව අපේ උතුම් පුදබිමක්වන සිරිපා වන්දනාවට එක්කන් යන්න. මොකද කියන්නේ යන්න නඩේ ලැහැස්තිද? හ්ම්ම්ම්ම් ........
ඔන්න හා හා පුරා කියල ගිය අවුරුද්දේ ලංකාවට බැස්සේ සිරිපාදේ යන්න හිතාගෙනමයි. මොකද අවස්ථා ගණනාවක ගෙදර ඉන්න කාලේ මට ඔය ගමන යන්න තිබුණු චාන්ස් එක මගහැරුනා. සිරිපාද වන්දනාව ගැන එක එක කතා අහල තිබුණු මම මේවගේ කතාවකුත් අහල තිබුනා සිරිපාදේ එක පාරක් නොගිය මිනිහත් මෝඩයෙක් එකපාරකට වඩා යන මිනිහත් මෝඩයෙක් කියලා. ඒ මොකද මට මේ ගැන වටහල දුන්නේ අපේ සීයා. ඒ කියන්නේ ඉස්සරකාලේ අද වගේ ශ්රීපාදස්ථානය අවට ජනාකීර්ණ නැහැ වන ලැහැබවල් රළු පාරවල් මගින් තමයි මේ ශ්රී පාද වන්දනාවට යන්න ඕනේ උනේ හරිම දුෂ්කර කර්තවයක් තමයි මේක ඉස්සර දවස් වල හැබැයි දැන්නම් දෙවියන්ගේ පිහිටෙන් හරිම ලේසි පහසුවට තියෙනවා කියලයි සීයානම් කිව්වේ. එක පාරක් නොගිය කෙනා මෝඩයෙක් වෙන්නේ සිරිපාදේ ගැන දැනීමක් නැති නිසා. එකපාරකට වඩා යන කෙනා මෝඩයෙක් වෙන්නේ ඒ කම්කටොළු මැද මේ ගමන යන නිසා. ඒ මොන කතාව කිව්වත් 50ස් වතාවටත් වැඩිය සිරිපා කරුණා කරපු අය අපේ වැඩිහිටියෝ අතර ඉන්නවා.
මනුස්ස ජීවිතේ කොයිවෙලේද කියල කියන්න බැහැනේ. බෞද්ධයෙක් විදියට අපේ රටේම තියෙන උතුම්ම පුදබිමක් වන ශ්රී පාදය වන්දනාකරගන්න එක කොයිකටත් හොඳයි කියලයි මට හිතුනේ නිවාඩු යන්න කලින්. හැබැයි මේ අදහස ගෙවල්වලට කිව්වට පස්සෙනම් ආවේ එච්චර හොඳ ප්රතිචාරයක් නෙවෙයි. මොකද හැම වැඩිහිටියෙක්ම රටින් පිට ඉන්න අවස්තාවක මින් පෙර සිරිපාදේ නොගියපු කොඩු කාරයෝ සෙට් එකක් සිරිපාදේ යන එකට කවුරුවත් කැමති උනේ නැහැ. එයට මුල් උන තවත් හේතුවක් තිබුනා මගේ බිරිදගේ (බනියගේ) කකුලේ අසනීපය. ඇයට මෙම ගමන යාමට හැකිවෙන එකක් නැහැ කියලයි හැමෝම කිව්වේ. එවිට මා ඔවුන්ට කිව්වේ යන්නට බැරිනම් කරේ තියාගෙන හරි යනවා කියලා. අනෙක දෙබර වද තියෙනවලු හැමෝම හැදුවේ ගමන නවත්වන්න. හැබැයි සහෝදර වරුනි අපි කිව්වොත් කිව්වා දෙකක් නැහැ. මේ ගමනට සහභාගී උන වැඩිමල්ම කෙනාගේ වයස 27යි ඒ මගේ එක කුස නූපන් සහෝදරයා වන හැරා ගොයියා. අනෙක් ඔක්කොම පොඩි උන් තමයි මේ ගමන යන්න සෙට් උනේ.
මෙතනින් මීට පෙර වතාවක් සිරිපාදේ ගිය අය අතර හිටියා බනියගේ පුංචිගේ පුතෙක්වන තාරක.මේකා පොඩ්ඩක් මහදැන මුත්තෙක්. පුංචිලා පොරවයි නංගිවයි භාර දෙද්දී කිව්වේ දිනු පුතේ ඔයාගේ විශ්වාසෙට තමයි නංගිවයි මල්ලිවයි එවන්නේ කියලා. උන්දෙන්නයි ජනිතුයි(ඝාන්දී) 12, පසිඳු (මිකී) 13, අපේ නංගි 17, හසිත 22, බනියගේ අක්ක (සිඟිති) 23, බනියා 19, මම 22යි, ඔන්න ඕකයි අපේ නඩේ. කොහොම හරි බනියව ස්කොලේ ගෙනියපු වෑන් එකේ අයියම අපි සෙට් කොරගත්තා හයර් එක යන්න. මොකද හැරා කිව්වා විදියට සිරිපාදේ ගිහිං ඇවිත් ඩ්රයිව් කරන එක අමාරු නිසා.
දැන් අපේ ගෙදර නිකන් ටෙලිකොම් එක වගේ එහෙන් කෝල් මෙහෙන් කෝල් හතර වටින්ම උපදෙස්. යන්නේ කොහොමද .....කරන්නේ මොනවද.... අරව මෙව්වා වැඩ ගොඩයි. කොහොම හරි ඔතනට සෙට් වෙනවා අපේ ඉන්දුවා. පොර ජොබ් එක කරන්නේ නම් කාලතුවක්කු රෙජිමේන්තුවේ දෙවන ලුතිනන් කෙනෙක් විදියට. පොරත් දැන් නිවාඩු ඇවිත් යනගමන් මාව හම්බවෙන්න අපේ ගෙදර ඇවිත් හිටියේ. පල්ලෙහා ගෙදර නැන්දා හදිස්සියේම ඇහුව පුතේ ඔයාල කෝඩු අග්ගලා හැදුවද කියලා. හප්පේ..... තව පොඩ්ඩේන් එකත් මිස් වෙනවා යන්තම් ඉන්දුවා ඉදිරිපත් වෙලා අග්ගලා ටික හදල දුන්නා. හැබැයි එව්වනම් කෙලින්ම කාලතුවක්කු උන්ඩ වගේම තමයි. පස්සේ හොයා ගත්ත විදියට මේකා සීනි කර කරලා වැඩියෙන්. හිකිස්...යන්න පිටත් වෙද්දී සිඟා එන්න බැහැයි කිව්වා. මොකද ඒකිගේ කොල්ල ඒ කියන්නේ තාරාවා එන්න හිටියේ නමුත් එකට එන්න වෙන්නේ නැහැලු. ඒ නිසා මේකි එන්නම බැහැලු. බනියා බල කරද්දී අනේ බැහැ නංගි බබී මම ආවොත් මට එන්න වෙන්නේ කකුල් හතරෙන්. අනේ මට බැහැ ඔච්චර දුර යන්න අරව මෙව්වා සිද්දි ගොඩයි. මම හිතින් හිතාගත්ත අනේ මම සමන් දෙවියන්ගේ හාස්කම් ගැන අහල තියෙනවා දැකල නැහැ. එහෙම දෙයක් තියෙනවනම් අනිවා මෙකි අපි යන්න තප්පරයක් හරි තියල එනවා කියලා. ඒ දේ ඒ විදියටම සිද්ද උනා.
(සිඟා කියන්නේ ගත්ත තීරණයක් කවදාවත් වෙනස් කරන්නේ නැති කෙනෙක්)
කොහොමින් කොහොම හරි හවස 4 ට විතර ගෙදරින් පිටත් උන අපි. සින්දු කිය කිය බොහොම විනෝදෙන් ගමන ආවා.
රෑ 10 පමණ සිරිපාදේ පහලට ආව අපි හීන් සැරේ අපි නඩේ පොඩි උන් ටිකටත් ඇහැ ගහගෙන හීන් සැරේ සිරීපාදේ කරුනාකරනවා. පොඩි උන් ටිකත් තුන් සරණේ කවි කියන්නේ පුරුදු කාරයෝ වගේ.
වඳින්න යන අපේ අක්කට බුද්ධන් සරණේ සරණයි.............
අපේ බනියාවත් අරන් මුන් ටික නගිනවා. මගේ චන්ඩි කෙල්ල කාගේවත් සපෝර්ට් එකක් නැතිව සිරිපා කරුණා කරන ආකාරය මම බලන් හිටියේ හරිම සන්තෝසෙන්. මේ අතර වාරෙදි තමයි සිඟාට යන්න අමාරුවෙලා අත් දෙකත් උපයෝගීකරගෙන (කකුල් හතරෙන්) මේකි යන්න ගත්තේ. අයියෝ කුණු සංසාරේ කිව්වලු. මගේ ලඟට ආව හැරා. මල්ලි පේනවද කට වරද්ද ගත්ත විදියටම යන තාලේ... කියල ඇහුවාම තමයි මට මතක් උනේ මෙයා එන්න කලින් කිව්ව එව්වා. කරන්න දෙයක් නැහැනේ මගදාලා යන්නත් බැහැනේ මමයි හරි වාරු කරන මෙයාව අරන් ගියා. ඒ මදිවට අපේ උන්දා බ්ලැන්කට් වගේකුත් අරගෙන උඩ සීතල හැදෙයි කියල පිටේ බෑග් එක පුරවල එකේ බරයි අක්කගේ බරයි දෙකම තිබුනත් මට කිසිම මහන්සියක් නම් දැනුනේ නැහැ.
මගදී හම්බවෙන අයට බෙදන්න කැවිලි වර්ග නැති නිසා අපේ බනියා මොලේ කල්පනා කරලා ටොෆි පැකට් වගයක් දාගෙන ඇවිත් තිබුනා. ඒවත් බෙද බෙද අපි හීන් සැරේ උඩට කරුණා කළා. මෙතැනදී මතක් කරන්න ඕනේ වැදගත්ම දෙයක් තමයි මළුවට එකයි කියන සුරුට්ටුව. අයියෝ කුණු සංසාරේ........ ඒක බිව්ව වෙලාවේ ඉඳන් මටයි හසිතයටයි කැස්ස නවත්වගන්න බැහැ. කොහොම හරි බනියගේ ඇහැ වහල මළුවට එකයි පිටින් දාලා ගෝල්ඩ් ලීෆ් දෙකතුනක් නම් අපි දෙන්න ඉවර කළා. බනියත් දැක්කා නොදැක්ක වගේ හිටියේ. ඒ
ඔය පින්තූයේ යන්නේ දුම් රැල්ලක්ම
වෙලාවේ තිබ්බ සීතල නිසා වෙන්න ඕනේ. අපේ අය කොහොමින් කොහොම හරි ඉදිකටු පානටත් ලඟා උනා කියමුකෝ....
සීත ගඟුලේ
ඉදිකටුපානේ වතාවත් කරලා ටිකවෙලාවක් ගිමන් හැරිය අපි නැවතත් කරුනාකරන්න පටන් ගත්තා. විනාඩි පහලවකට පමණ පසුව මට යම් කිසි අඩුපාඩුවක් වගේ හිතට දැනෙන නිසා මම නිකමට හැරාට කිව්වා කට්ටියම ඉන්නවද කියල බලන්න කියලා. බැලින්නං තාරක මිසිං...... කාපන් හැලප කිව්වලු......... කෝ තාරක???? මට දෙවිලොව සිහි උනේ එද්දී පුංචි කිව්වා වචන සෙට් එක මතක් උන නිසයි. "දිනු පුතේ ඔයාව විශ්වාස කරලයි මේ දෙන්නව එවන්නේ" අයියෝ මම දැන් මොකද කරන්නේ..... අනෙක් යට හෙමින් එන ලෙස පවසා හැකිතරම් වේගයෙන් මම මහගිරිදඹේ අසලට යන්නට වූනේ මෙහි පැමිණ පුරුදු ඇති නිසාවෙන් මේකා අපිට කලින් නගින්නට ඇතැයි සිතාය . එවැනි වදන් අප එද්දී දෙතුන් විටක් තාරක පවසනු සිඟාට ඇසී ඇති බවත් ඇය කී බැවින්.විනාඩි 15ක් පමණ ඉදිරියට ගියත් මට ඔහුව දැකගත නොහැකිවූයෙන්. අධික කෝපයක් මා සිතට ආවේ අපේ නංගි සහ හසිත සමගිනි. මා ඔවුන් දෙදෙනාට පොඩි උන්ගේ වගකීම භාර දුන්නේ බනියා සහ සිඟා ගැන හෙවීමේ වගකීමට අමතරව බඩු මලු එල්ලාගෙන යෑමද මට පැවරී තිබුන බැවිනි. අසල තිබු කඩේකට ගොඩවී කෝපි එකක් බේබි සිගරට්ටුවක් අදින විට අනෙක් අයද පැමිණියෙන් හැමෝම තේ කෝපි බී විඩා හරිමින් සිටියේය. එලියට ආසන්නව සිටි මිකියා අර ඉන්නේ තාරක. "තාරක....." යයි කා ගසනු ඇසී ඒ දෙස බැලු විට අඬාගෙන පැමිණෙන පොඩි එකා දුටු විට මගේ කේන්තිය පහව ගියේ මේකාගේ මූණ දිහා බලාගෙන බැනීමට නොහැකි බැවිනි.


සිද්ධ වී ඇත්තේ ඉදිකටු පහනේදී මේකාට නින්දගොස් ඇති බැවින් නඩයෙන් මගහැරී යාමයි. එතන සිටි කරුණාවන්ත පිරිසක් සමග උඩට නැගීමට පටන්ගෙන ඇත්තේ මළුවේදී අප හා එක්වීමටයි. මේ පිළිබඳව හසිතගෙන් සහ අපේ නංගිගෙන් විමසු විට උන් දෙන්නා සිටින්නට වූයේ ඇටිකෙහෙල් කෑ උගුඩුවන් මෙනි. කෙසේහෝ පාන්දර 5ට පමණ මළුවට පැමිණීමට අපිට හැකිවිය.
මේ ඉන්නේ ගියපු සෙට් එක
ඉරසේවයේ පින්තූරද ගත් පසු උදෑසන පූජාවටද සහභාගී වී. බනියාගේ අදහසක් මත මලුවේම මදක් විවේක ගන්නට වූයේ වෙහෙස නිවා ගැනීමටයි.
වමේ රෝස පාට ජැකට් එක සිඟා, මැද මම, අයිනේ බනියා
හැරා නම් කියන්නේ ඝාන්ඳි ඉන්නේ අන්දරේ මැරුන විදියටයි කියල
පැයකට පමණ පසු අප අවදි වූයේ හැරාගේ කුන්චනාදයෙනි... හිකිස්....... නැගිටපල්ලා..... දැන් දවල් වෙලා ඉක්මනට බහිමු නැත්නම් අමාරුවෙනවා කට්ටියටම යයි පැවසු බැවින් සියල්ලන්ම ඊට අවනතව යාමට සූදානම් විය.මහගිරි දඹේ පඩි පනහක් පමණ බැසගත් පසු අප මුහුණ දුන් තවත් අසීරු අවස්තාවක් නම් බනියාගේ කකුල අමාරු වීමයි. ඇයට පඩි නැගීමට හැකිවුවත් බැසීමට නොහැක්කේ එහිදී කකුල නැවීමට සිදුවන බැවිනි. එහිදී ඇයට සහය වීමට ඉදිරිපත් වූයේ............ කවුද?????? කවුද ඉතින් ඔයාල හැමෝම දන්නා කෝරළේ ගොයියා මිසක්. මෙන්න මෙහෙමයි අපේ බනියා සිරිපාදේ බැස්සේ.කොහොම උනත් මම කිව්වා විදියටම කිලෝ මීටර් 13ක් බනියව කරෙන් අරන් ආවා.
මෙන්න මෙහෙමයි බනියා බැස්සේ
ඒ ඇවිල්ලත් මට කිසිමඅමාරුවක් නැති වෙන එක ගැන මම අදටත් පුදුම වෙනවා මොකද මීටර් 500ක් ඇවිද්දත් අමාරු මට එතරම් දුරක් බනියාවත් කරෙන් අරන් ආව එක ගැන. එද්දී නම් අනේ දිනු අයියේ එපා එපා කියා කියා ආවට මේකා ඇවිත් තියෙන්නේ ෆුල් හැපී එකේ කියල දැනගත්තේ මේ ෆොටෝ එක දැක්කමයි.
අර තියෙනවා කිව්වා දෙබර කූඩුවක්
එද්දී කිතුල්ගලින් නාල එහෙම තමයි අපේ කට්ටිය ආවේ.
මේ පින්තූරේ දැක්කම ...... මතක්වෙන්නේ නැද්ද?
මෙන්න මේකයි මූණු පොතේ තිබ්බ පින්තූරේ
මේ පොස්ටුව දැනට හිතුනු කාරණේ තමයි මේ ඊයේ පෙරේදා මගේ ෆේස් බුක් ප්රොෆයිල් පින්තූරේ ඒ තියෙන්නෙත් මෙතන ගත්ත පින්තූරයක්ම තමයි. ඔන්න මට බනින්න එපා පොස්ට් එක දිග වැඩියි කියල භාගෙට බාගයක්ම කපලයි පබ්ලිෂ් කලේ. ලියාගෙන යද්දී ලියවෙනවා අප්පා... තවත් කැපුවොත් පොස්ට් එකේ රසවත් බව අඩුවෙන නිසා තියෙන්නම ඕනේ කෑලි ටික විතරක් තියල අනෙක්ව අයින් කළා පොස්ට් දෙකකට දාන්න හිතුනේ නැත්තේ. එච්චර දිග් ගස්සන්න ඕනේ නැති නිසයි. මට මේ පොස්ට් එකෙන් ඕනේ කලේ ඔයාලට සිරිපාදේ අත්දැකීම ලබල දෙන්න. ගියේ නැති අයට දැනගන්නත්. ගිහිං තියෙන අයට මතකෙට නංවා ගන්නත් එක්කල තමයි මේ පොස්ටුව දැම්මේ.( මොකද දැන් සිරිපා සීසං එකනේ) එහෙනම් හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සල්ලිය බාගේ අතේමිටේ වැඩිපුර ගැවසෙන ශ්රී සුභ අලුත් අවුරුද්දක් වේවා!!!
හ්ම්ම්ම්ම් ලෝක විනාසේ බලාපොරොත්තුවෙන් සිටියත් එවන් දෙයක් සිදුවුනේ නැහැ නේ. නොයෙක් දෙනා විවිධා කාරයෙන් මේ ලෝක විනාසේ ගැන අර්ථකථන දුන්නා, විවිධාකාර මත ඉදිරි පත් කළා. නමුත් ඒ හැම දෙකටම මුනි වත රැක්ක මම ලෝකවිනාසේට පසු වදනක් එකතු කරන්නයි මේ යන්නේ.
ලෝක විනාසයක් වෙනවා කිව්වාම හැමෝම භය වෙනවා. ඇයි තමන් එක්රැස් කරගත් දේපල වස්තුව තමන්ගේ හිත මිතුරන් සියල්ලන්ම නැතිවෙලා යන හින්දා කෙටියෙන් කිව්වොත් සියල්ල විනාශ වෙලා යන නිසා. ප්රංශයේ මිනිස්සු කොටසක් මේ ලෝක විනාසෙන් බේරෙන්න කන්දක් පාමුලට වෙලා බලන් හිටියලු. පිට සක්වල යානයක් ඇවිත් තමන්ව ගලව ගනියි කියලා. ලංකාවේ උදවිය බෝධි පූජා තිබ්බලු ඉන්දියාවේ, පාකිස්තානේ වගේ රටවල් වලත් විවිධ ආගමික වතාවත් වල මිනිස්සු නිරත උනාලු. ලෝකේ අනෙක් රටවල් වලත් තත්වය මේකම තමයි. හැබැයි එක දෙයක්.... අපේ මිනිස්සුන්ට දෙවියෝ බුදුන් මතක් වෙන්නේ තමන්ට කරදරයක් වෙනකොට, ආපදාවක් වෙනකොට තමයි. එතකල් තමන්ගේ තියෙන අධර්මිශ්ට ජීවිත වල ඇලී ගැලී තමන්ගේ අදර්මිෂ්ට කම් වෙනසක් නැතිවම කරගෙන යනවා. මිනිස්සු ආගමට ධර්මෙට, මිනිසත් කම්, සදාචාරයට වැඩිය දුවන්නේ මුදල් මත්තේ. නමුත් මට අහන්න දෙයක් තියෙනවා. මුදල් නැතිව ජීවත් වෙන්න බැහැ තමයි. නමුත් මේ ලෝක විනාසක් වගේ තත්වයක් ඇති උනොත් මුදල් වලින් ගන්න පුළුවන් ප්රයෝජනේ මොකක්ද......? මුදල් වලට වටිනා කමක් තියෙනවද...........?
අද කාලේ මිනිස්සු මුදල් හොයන්න ජීවත් වෙනවා මිසක් ජීවත් වෙන්න මුදල් හොයන්නේ නැහැ. ඒක රටේ ඉහලම තැන ඉඳල පහලම තැන රස්සාව කරන කෙනාටත් පොදුයි. ඊයේ හදිස්සියේම මට නෙත් එෆ් එම් එකේ බැලුම්ගල වැඩසටහන අහන්න ලැබුනා. ඔය කොහේදෝ වෙබ් සයිට් එකක තිබිලා තාත්තා දැම්ම වෙලේ. එහි කියවුනේ ෆේස්බුක් ගෘප් එකක් මගින් ගණිකාවන් ලබාදෙන්නට පොරොන්දු වී විවිධ වයස් ඛාණ්ඩ වල පිරිමින්ගෙන් මුදල් ගසා කෑ කාන්තාවක් පිළිබඳවයි. ඇඳුම් අයන් කර කර හිටපු මමත් මගේ රබර් කන ඔය පැත්තට දැම්මේ ෆේස්බුක් එකේ තියෙන ඕනෙම කුනුගොඩක නරක පැත්ත ගැන අපේ ගෙවල් වලින් ඊට පස්සේ ලොකු ලෙක්චර් එකක් දෙන්නේ අපිට බැවින් ඊළඟ මොහොතේ කොහෙවත් යන කුණුගොඩක් මගේ ඔලුවට කඩන් වැටෙන නිසයි. මොකද මමත් ගොඩක් දුරට ෆේස් බුක් බදු අරන් වගේනේ ඉන්නේ. හිකිස්.........

ඉතින් මේ කාන්තාව තමන්ගේ දුරකථන අංකය මෙහි ප්රචාරය කර බොහෝ පිරිසකගේ මුදල් වංචාකොට ඇති බව දැනගන්නට ලැබුනා එක් අයෙකුගෙන් රුපියල් තිස්දාහට වඩා වැඩි මුදලක් මෙම කාන්තාව ගසා කා ඇති පැහැදිලි උනා. මැය මොඩලින් කරන කෙල්ලෙක්ට (ගණිකාවක්) රුපියක් 6000 හේ සිට ඉහලට අයකරන බව දන්වා මුදල් බැංකු ගිණුමට බැර කරවාගෙන පැමිණීමට ස්ථානයක් පවසා එහි නොගොස් මගහැර සිටීමයි කරන්නේ. දැනට කලකට ඉහත අසන්නට ලැබුනේ අද කාලේ කෙල්ලෙක්ට පාරේ බැහැල යන්න බැහැ මේ සමාජේ වරද කියලා. ගැහැණු ළමයින්ව ගෙවල් වලින් ගොඩක් දුරට පරිස්සම් කරන්නට යෙදුනේ රැවටිලිකාර කපටි මිනිස්සුන්ට අසු නොවී බේරා ගැනීමටයි. නමුත් අද දින එය පිරිමින්ටත් පොදු කාරණයක් වෙලා. අද ගෙවල් වලට තමන්ගේ පිරිමි දරුවත් පරිස්සම් කල යුතු තැනට පත්වෙලා ඉවරයි. මේවට බනින්න ඕනේ සමාජයටද? රවටිලිකාරයොන්ටද? රැවටීම් වලට අසුවන්නන්ටද? නැතහොත් සමාජ ක්රමයටද? එසේත් නැතහොත් අපි අපිටමද?


ෆේස්බුක්, බ්ලොග් මගින් සමාජයට වෙන්නේ ලොකු මෙහෙවරක්. තමන්ට රට තොට දැනගන්න. අලුත් යහළු මිත්රයන් අඳුනගන්න, තමන්ගේ මතය ප්රකාශ කරන්න, ආදී වශයෙන් (මට නම් මගේ ජීවන සහකාරිය හොයාගන්නත් කපුකම කලේ අපේ මුණු පොත තමයි) ඒ මේවගේ හොඳ පැත්ත. නරක පැත්ත අර ඉහත සඳහන් කලා වගේ රැවටිලි කාරයොන්ට අසුවීම. අපි පාවිච්චි කරන්නේ දෙපැත්ත කැපෙන කඩුවක්. ඒ බව අපි දැනගෙන අපගේ අවශ්ය තාවයට එය පාවිච්චි කරනවානම් එහි ඇති ගැටළුවක් නැහැ. නමුත් එහි අනිසි භාවිතය නිසා අපට අත්වන්නේ අනිටු ප්රතිපලයක්ම තමයි. දැන් බලන්න රුපියක් 30000ක් කියන්නේ අද සාමාන්ය කෙනෙකුගේ මාසෙක වේතනය හා සමාන දෙයක්. මාසේ දවස් 26 ක් පමණ මහන්සි වෙලා උදේ ඉඳන් රෑ වෙනකල් අතිකාල පවා කරලා. තමන්ගේ ගෙදර ඉන්න තමන්ගේ බිරිඳ දරුමල්ලෝ සියල්ලම ගැන නොහිතා තහනම් ගහෙ ගෙඩි කන්නට
මොඩලින් කරන ගණිකාවක් ලඟට යාමට ගොස් සන්තකය දියකරහරින්නට සූදානම් අයවලුන් අද කාලේ සුලභ බව මෙවැනි පුවත් තුලින් අපිට වැටහෙනවා.
ඇයි දෙයියනේ ගෙදර ඉන්න ගෑනිව දාලා මොඩලින් කරන එකක් ලඟට යන්නේ මොකද මොඩලින් කරන උන්ගේ ඒවා රත්තරන්ද? (තේරුම් ගැනීමට හැකි අයට පමණයි)
හරි බැඳපු උන්ට ගෙදර ගෑනිඉන්නවා එතකොට නොබැඳපු උන්. ඇයි යකෝ ගෙවල්වල බොලාට ප්රශ්න නැද්ද? අම්මා තාත්තට සලකන්නේ නැද්ද? තමන්ගේ බාල සහෝදර සහෝදරියන්ට පොතක් පතක් අරන් දුන්නම හෙනද? ඒ ඕනෙත් නැහැ. එහෙම වගකීමුත් නැහැ කියමුකෝ හැමදාම රෙන්ට කාර් ( Rent a car) දුවනන්ද? තමන්ගේම කියල බ්රෑන්ඩ් නිව් හරි (රිකන්ඩිශන් හරි තමන්ගේ කැමැත්ත රසය අනුව) වාහනයක් ගන්නේ නැද්ද? මම මේ කිව්වේ කසාදෙ ගැනයි. ඉතින් මෙහෙම කරන උදවියමයි පැණි හඳේ දී රෙද්දේ පැල්ලම් හොයන්නේ එතකොට උන්ගේ පැල්ලම් හොයන්නේ කවුද? ඉතින් මම අහන්නේ මෙහෙම අසහන කාරයෝ මේ ලෝකේ බිහිවෙද්දි අවුරුදු 4රේ පහේ පොඩි එකෙක්ටවත් ඉන්න දෙන්නේ නැති කාලයක් තමයි ඉස්සරහට බිහි වෙන්නේ. ස්ත්රී දූෂණ, මිනීමැරීම් දිනෙන් දින වැඩිවෙනවා. පාලකයෝ යහපත් නැහැ. අර බුදුන් දවස කොසොල් රජතුමාට පෙනුන සිහින සියල්ල සැබෑවේගන යන්නේ. අවුරුදු දහයේ දොලාහයේ පොඩි ගැහැණු ළමයි බඩවල් උස්සගෙන. ලාබාලම මවගේ වයස අවුරුදු 11ක්ද කොහේ.

ලෝක විනාසේ උනේ නැති උනාට ඒ හා සමාන දේවල් රැසක් මේ දිනවල ලංකාව පුරා අසන්නට දකින්නට ලැබෙනවා. භූමි කම්පා. ගිලාබැසීම්, නාය යෑම්, ගංවතුර සුළිසුලං, කහ වැහි, රතු වැහි, කිඹුල් වැහි, මාළු වැහි, ස්වභාවික විපත් හේතුවෙන් සිද්ද වෙන මරණ. (අම්මා මුත්තා කලෙකවත් අහපුවද? අපිට පොඩි කාලේ ඉගැන්නුවේ ලෝකේ තියෙන වාසනාවන්තම රට ලංකාව කියලා. භූමි කම්පා නැති ස්වභාවික විපත්වලින් තොර සෞම්ය දේශගුණයක් ඇති රටක් කියලා. ඇත්තටම එහෙම තිබුනා කලින් නමුත් මේ වකවානුවේ සිද්ධ වෙන දේවල් දිහා බැලුවාම කල්පනා උනේ අර පෙරහැර එන්න කලින් කසකාරයෝ එන්න වගේ සිද්දියක් තමයි මේ පසුගිය දිනවල සිදුවුනේ කියලා. මේ සටහන මම ලියන්නේ ලෝක විනාසේ උනේ නැහැයි කියල උදම් අනන පිරිසටයි. ඔය සිද්දවෙන්නේ පෙර පුහුණුවක් විතරයි. ඇත්ත දේ සැබෑ ලෝක විනාසේ ලඟාකරගන්නේ අප විසින්මයි. ඔය නාය ගිය කඳුවල ගෙවල් හදලා. වතුර බැහැලා යන්න තියෙන ස්වාභාවික මාර්ගයන් අවහිර කරලා ගස් කපලා, පසේ තිබෙන ඒ සරුබව, ඒ රඳා පැවතීමේ ගතිය නැති කල හේතුවෙන් තමයි නාය යෑම් සිද්ද වෙන්නේ. අපි සොබාදහමට හානි කරන්න, කරන්න, සොබා දහමෙනුත් අපිට කරන්නේ හානිම තමයි. ඉතිහාසය ඒවාට සාක්ෂි දේවි.
(මට හිතෙන හැටියට 2002 පමණ) රත්නපුර ප්රදේශයේ සිදුවූ නාය යෑම සහ ගංවතුර තත්වයත්. 2004 සිදුවූ සුනාමියත්, මේ දිනවල මේ සිදුවන ආපදා තත්ත්වයනුත් අපිට සොබාදහමෙන් කරන අනතුරු ඇඟවීම් කියලයි. දෙයක් උනාට පස්සේ පසුතැවෙන්නේ නැතිව ඒ දේ සිද්දවෙන්න කලින් ඒ විපත වලක්වා ගැනීම අප අනාගත පරපුරට කරන විශිෂ්ට සේවයක් වේවි. අපි අතීතයේ ජීවත් වූන හෙළයන් ගැන කයිවාරු දොඩවමින් ආඩම්බර වෙනවා, කියවනවා. නමුත් මෑත කාලයේ එහෙම කතාකරන්නට පුළුවන් ආඩම්බරෙන් කියන්න පුළුවන් කෙනෙක් ගැන ඔබගේ මතකයට නැගෙනවාද? (රණවිරුවන් හැරුණු කොට)
තමන්ගේ ආගම කුමක් උනත් (කිසිම ආගමක කියල නැහැ වැරදි දේ කරපන් පව් කරපන් කියලා. අදහන මිනිස්සු තමයි වැරදි විදියට අදහන්නේ) තමන්ගේ දිවිපෙවෙත හදාගතහොත් යන තැනකට වැඩක් කරගත්තා කියලා අන්තිම මොහොතේදීවත් සතුටුවෙන්න පුළුවන්.
පසුගිය බදාදා මම ටැක්සියකට ගොඩ උනේ එදා ට්රැෆික් එක වැඩි නිසා වාහනය ගෙදර දමා ආ නිසාවෙනුයි. ටිකදුරක් පැමිණි පසු ටැක්සි රියදුරු සිංහලෙන් කතාකිරීමට පටන්ගත් බැවින් මාද ඔහු හා කතාවට වැටින. ආගිය තොරතුරු කතා කල පසු මම ඔහුගෙන් සිංහල ඉගනගත් අන්දම ගැන විමසීමක් කලවිට. ඔහු පිළිතුරු දුන්නේ ලංකාවේ ගෑනියෙක් තමයි මම තියන් ඉන්නේ මම විතරක් නෙවෙයි ගොඩක් අපේ පකිස්තාන ජාතිකයක් තියන් ඉන්නේ ලංකාවේ ගෑනු. ලංකාවේ ගෑනු හරි ඉක්මනට අල්ලගන්න පුළුවන් යනාදී වශයෙන් හෑල්ලක් කියවාගෙන ගියේය. එවිට මට ඇති වූයේ නොසෑහෙන කලකිරීමකි. ඇයි යකෝ මෙච්චර ලංකාවේ පිරිමි ඉන්නවා. මුන් මේ පක්කො එක්ක මොන මගුලකට නිදියනවද කියාය. මම පක්කොන්ට අකමැති බව මේ බ්ලොගය බලනා අය දන්නා කරුණකි. දන්නේ නැති අය මෙතනින් බලන්නකෝ. අපි මේ පිටරැටියන් ඉස්සරහ ඔලුව කෙලින් තියන් ඉන්නේ කොහොමද කියල තමයි ඒ වෙලාවේ මට හිතුනේ. මෙහෙ ජීවත් වන සම... හරක් (සියල්ලන් නොවේ) ගෘහ සේවිකා රැකියාවන් සඳහා පැමිණෙන ශ්රී ලාංකික කාන්තාවන් ගෙවන දිවිය සැබවින්ම ජුගුප්සාජනකය.
බොහෝ දුරට මම දැක ඇති දෙයක් නම් අවුරුදු හතළිහේ හතලිස් පහේ ගැහැනුන් තියන් ඉන්නේ තමන්ගේ දරුවන් වයසේ පොඩි කොල්ලන්ය. නිවාඩු දවසක ප්රධාන වෙළඳ සංකීරණයක් (Shopping Mall) වෙත හෝ, මාර්කට් එකක් වෙත හෝ ගියවිට මෙවැනි දෑ ඕනා තරම් දැකගත හැකි වේ. ඒ ගැන මා කිසිවක් කීමට නොයන්නේ එම කාන්තාවන් ඒ තරුණයන් බලහත්කාරයෙන් රඳවාගෙන නොසිටින බැවින් සහ ඒ මොනදේ උනත් ලංකාවේ උන්නේ කියා හිතහදාගනීමට හැකි බැවිනි. ඒ මදිව බංගාලි, පකිස්තානි, මලබාරින් වෙතද ශ්රී ලාංකික කාන්තාවන් යන්නේ මුළු රටේ ජාතියේම ගෞරවය බල්ලට දමමිනි. ඉතින් මේ වගේ වෙලාවට තමයි හිතෙන්නේ අනේ වෙන විනාසයක් වෙලා මුන්වත් කුදලාගෙන පලෝ කියලා.
ප.ලි. මෙම පොස්ටුව කිසියම් ආකාරයක පෞද්ගලික මඩක් හෝ අපහාසයක් නොවන අතර. රටේ තොටේ සිදුවන දෑ සහ සිදුවීම් කල්පනාකරමින් සිටින විට මා සිතට නැගුනු පැටලුනු සිතුවිලි ගොන්නකි. මෙයින් කාගේ හෝ සිත් රිදවීමක් වෙතොත් සමාව භාජනයකට දමා දෙන ලෙස ඉල්ලා සිටිනවා.
අවසාන වශයෙන් මාගේ කිතුනු පාඨක, සහ මිතුරු ඔබ සැමට සුභ නත්තලක් වේවා කියල ප්රාර්ථනා කරනවා.
ඔන්න සෑහෙන්න කාලෙකට පස්සේ පොස්ටුවක් කොටන්න ගත්තා. හරිම කම්මැලියි වගේ දැන් පොස්ටුවක් කොටන්නත් ලියන්නේ නැතිවම ඉඳලා. අද මේ පොස්ටුව ලියන්න හේතු වුනේ හිරු අක්ක ලියල තිවූන පොස්ටුව හේතුකරගෙනයි. බැලුවේ නැති අය ඉන්නවනම් එකත් බලලම එන්නකෝ. ඇයගේ පොස්ටුවෙන් කතාවුනේ ලංකාවේ රියදුරන්ගෙන් වෙන වැරදි සහ ඇයි රට ඉඳල එන අයට ලංකාවේ එලවන්න බැරි කියන එකයි. ඒකට ප්රධානම දේ විදියට මම දකින්නේ ලංකාවේ තිබෙන මාර්ගනීති වල හිඩැස් ඇතිකම. එය වෙනස් විදියකට කියනවනම් නොසැලකිලිමත් සහ අවිචාරවත් රිය පැදවීම කියලත් කියන්න පුළුවන්.
මම කියන්නේ නැහැ ලංකාවේමිනිස්සු නීති රීති දන්නේ නැහැ කියල මොකද මේ දිනවල රියදුරු බලපතක් ගන්න ගියාම තියෙන ක්රම වේදයන් ඔවුන් අනුගමනය කරන තාක්ෂණික ක්රමයන් සියල්ල ජාතියන්තර තලයට ගැලපෙන මට්ටමේ ඒවායි. නමුත් කොතනද අඩුපාඩුව තියෙන්නේ. ඒ අපේ මිනිස්සුන්ගේ අතේ. රියදුරු පුහුණුව ලබන වෙලාවේ කියල දෙන දේවල්, නීති රීති ගිරව් වගේ කටපාඩම් කරගෙන පරීක්ෂණයට මුහුණ දීලා, බලපත්රය අතට ආවගමන් අර ඉගනගත්තු සේරම අමතකයි. මොකද මමනේ දැන් පොර..... මට ලයිසමත් තියෙනවා. ඒක හරියට අශ්වයට අන් තට්ටුවක් දුන්න වගෙයි කියලයි මට කියන්න තියෙන්නේ.
මුලින්ම රියපදවන පුද්ගලයා හිතට ගන්න ඕනේ මගේ අතේ තියෙන ජීවිත කීයක වගකීමක්ද කියන එක. තමන්ගේ වාහනය ඇතුලේ ඉන්න අයගේ පමණක් නොවෙයි. පාරේ යන අහිංසක මිනිස්සුන්ගේ ජීවිතවල වගකීම පවා තියෙන්නේ රියදුරාගේ අතෙයි. සේරටම කලින් මං කියන්නේ අපේ රියදුරන්ගේ තියෙන මේ කමකට නැති ගති දුරු කරන්න වැඩ පිළිවෙලක් යොදන්න ඕනේ කියන එකයි මහා පාරේ වැඩියෙන්ම වැරදි කරන කොටස් කිහිපයක් ඉන්නවා.
- බස් රථ රියදුරන්
- ත්රීරෝද රථ රියදුරන්
- මෝටර් සයිකල් රියදුරන්
මෙන්න මේ කියන කොටස් තුන තමයි වැඩිපුරම මාර්ග නීති කියන ඒවා කඩකරන්නේ. බස් රථ රියදුරන් ගොඩක් දුරට කරන්නේ අනෙක් බස් පරදවා මඩිය තර කරගන්න ජීවිත සියාගානක් එක්ක සෙල්ලම් කරන එකයි. ඔවුන් පාරේ බසය පදවන්නේ ෆෝමියුලා 1 රේස් එකකට සහභාගී වෙලා වගේ තමයි.
ත්රීරෝද කරුවන් කරන්නේ තමන්ගේ වාහනේ පොඩි කම දන්නා නිසා දාන්න පුළුවන් හැම අස්සෙන්ම රින්ගවල යන එකයි. බයික් පදවන්න ගැන කතා කළහොත් අද මේ පොස්ටුව කියවන ඔබ එය අතහැර දමන එකනම් මට සියට දෙසීයක් විශ්වාසය.
ඇතුලේ ඉන්නේ කවුද කියල දන්නවනේ???
දැන් තමයි මට එන්න ඕනේ මාතෘකාවට මම එන්නේ ඒ මේ එක්සත් එමීර් රාජ්යයේ (Dubai) රියදුරු බලපත්රයක් ලබාගන්නා ක්රමය ගැන කියන්නයි.
මේ තමයි පළමු පියවර ඒ තමන්ගේ අනුග්රහයකගෙන් ඒ පිළිබඳව NOC (No Objection Certificate) එහෙමත් නැත්නම් No Objection letter එකක් ලබාගන්න ඕනේ තමන් මේ රියදුරු බලපත ලබාගැනීමටැ ඔහුගේ/ඇයගේ/සමාගමේ කිසිඳු විරුද්දත්වයක් නොමැති බවට.
NOC එක ලබාගැනීමෙන් පස්සේ යන්න ඕනේ රජයේ පිළිගත් අක්ෂි සායනයකට. (Optical Shop) එතනින් අස්පරීක්ෂා කොට ඔබේ පෙනීම දුර්වලනම් ඇස් කණ්නාඩි ලබාගැනීමට සිදුවෙනවා. එතනින් ලබාදෙන පත්රිකාවත් ඔබගේ වීසා බලපත්රයේ කොපියක්, ගමන් බලපත්රයේ කොපියක්, ඔබගේ මව් රටෙහි ඔබට රියදුරු බලපතක් ඇත්නම් එහි කොපියක්ද (මෙය අවුරුදු 5කට වඩා පැරනිනම් ඔබ සහභාගී වියයුතු පන්තිවාර ගණන අඩුවෙනවා) . රැගෙන RTA (Road and Transport Authority) ලඟම තියෙන ශාකාවකට ගිහින් ලියා පදිංචි වෙන්න ඕනේ. ඔබ ඩුබාහි වාසය කරන්නෙක් නම් රියදුරු පුහුණු පාසල් වෙතින්ම එම සේවය ලබාගැනීමට පිළිවන්.
නමුත් වෙනත් එමීර වල මේ සඳහා පොලිසියේ ඒ සම්බන්ද අංශයට යාමට සිදුවෙනවා. ඒ ගිහින් තමන් අයදුම් කරන්නේ මොන වර්ගයේ ලයිසන් එකකටද කියන එක තෝරාගන්න ඕනේ සැහැල්ලු වාහන ගතහොත් එහිත් කාණ්ඩයන් දෙකක් තිබෙනවා ඔටෝ (Automatic) හෝ මැනුවල් (Manual) ඒ තමයි දෙවැනි පියවර. ඔය පහල දාලා තියෙන්නේ ඩුබායි වල පිළිගත්ත ඩ්රයිවින් ස්කූල් හතරේ ලින්ක්ස් කැමතිනම් වැඩිදුර විස්තර දැනගන්න ගිහිල්ලම බලන්නකෝ.
http://www.alahlidubai.ae/adcsite/
http://www.gmdc.ae/
http://www.edi-uae.com/home.aspx
http://www.belhasa.com/educational.html
තුන්වැනි පියවර තමයි ක්ලාස් (Class) යන එක මම කලින් සඳහන් කළා වගේ ඔබ ළඟ මව් රටේ රියදුරු බලපත ඇතිනම් ලැබෙන්නේ ක්ලාස් 20ක් පමණයි. නැතිනම් 40ක් ගතයුතුවනවා. මුලින්ම දෙන්නේ මුලසිට අගට මාර්ගනීති ගැන කියල දෙන පන්තිය. උදාහරණයක් ගත්තොත් ප්රධාන පාරක් වාහන දෙකක් අතර තියෙන්න ඕනේ පරතරය. කොපමණද? ඇත්තටම එය වේගය අනුව වෙනස් වෙනවා. සැබවින්ම තියාගන්න ඕනේ 3 second Distance (ඒ කියන්නේ තප්පර තුනක දුරක්. මොකද ඉස්සරහ වාහනේ බ්රේක් කලොත් අපේ මොලයට වැටහෙන්න තප්පරයක්,මොලෙන් විධානේ කකුලට නිකුත්කරලා කිරාත්මක වෙන්න තප්පරයක්, සහ වාහනේ නවතින්න තප්පරයක්) අනෙක් කාරණේ මාර්ග සඥාවක ( color lights) නවත්වන වාහන දෙකක් අතර තිබෙන්න ඕනේ දුර ප්රමාණය. තවත් වැදගත්ම කාරණයක් තමයි ඔබ ඔටෝ ගියර් වාහන පාවිච්චි කරනවානම් අනිවාර්යයෙන්ම කලර් ලයිට්ස් වල නියුටල් කල යුතුයි. මේ ආදී වශයෙන් අපි මේ පන්ති හඳුන්වනවා තියරි ක්ලාස් විදියට.
අනෙක් පන්ති තමයි ප්රැක්ටිකල් පන්ති එතැනදී ඔබට වාහනයේ පාර්කින් (Parking) සඳහා පුහුණුව ලැබෙනවා. පාකින්ග් වර්ග කිහිපයක් මම පහතින් දක්වන්නම්.
Parallel Parking. එහෙමත් නැත්නම් pocket parking කියලත් හඳුන්වනවා.
Angle Parking
Reverse Parking
මෙහිදී ඉතා වැදගත් කරුණක් නම් මෙය සඳහා ඔබට පැති කන්නාඩි මැද කන්නාඩියට අමතරව මෙසේ පිටිපස බැලීමත් අනිවාර්ය වීම
මෙම පුහුණුවෙන් පසුව ඔබ යොමුකරනු ලබනවා පරීක්ෂණයට. ඔබ එයින් අසමත් වුවහොත් නැවත මුලසිට පන්ති යාමට සිදුවේ. එයින් සමත් වුවහොත් ඔබ Signal Test එකට යොමුකෙරෙනවා. ඔබ අයදුම් කරනු ලැබුවේ manual බලපතක් සඳහානම් ඔබව යොමුකරනු ලබනවා Clutch Balance Test එකට.
මෙය විවිද නම් වලින් හඳුන්වනු ලබනවා. Clutch Balance Test, Hill Parking, නමුත් මා දන්න හැටියට Clutch Balance තමයි හරි වචනේ.
මෙහිදී ඔබව එක්සැමිනර් වරයා සමග පොඩි කඳුගැටයක්වෙත යවන අතර එහි මුදුනට පෙර නැවත්වීමට කියන අතර එහිදී ඔබ හෑන්ඩ් බ්රේක් ඇද වාහනය නැවත්වීමට කියන අතර එන්ජිම ක්රියා විරහිත කිරීමට සිදුවෙනවා. නැවත එන්ජිම පනගන්වා හෑන්ඩ් බ්රේක් මුදා හැර එක්සැමිනර් වරයා යන්න යයි පවසන තෙක් ක්ලච් එකෙන් සහ ඇක්සලේටර්එකෙන් වාහනය නවතා ගැනීමට සිදුවෙනවා.
මෙහිදී බිඳක් වත් වාහනය පිටුපසට නොයෑමට ඔබ වගබලාගත යුතුවන අතර. එසේ පිටුපසට ගියහොත් පරීක්ෂණයෙන් ඔබව අසමත් වෙන අතරම නැවත පන්ති වලට සහභාගී වීමට සිදුවෙනවා (ඒවාට වෙනම ගෙවන්න ඕනේ නිකන් දෙන්නේ නැහැ) එයින් ඔබ සමත් වුවහොත් ඔබව Signal Test එකට යොමුකෙරෙනවා.
Signal Test මාර්ග සංඥා පරීක්ෂණය.
මෙහිදී විවිධාකාර මාර්ග සංඥා පිළිබඳව පරීක්ෂාකර බලනවා. තියරි ක්ලාස් එකේදී මේ ඔක්කොම උගන්වන අතර. වැඩි හොඳට test එකට කලින් පාඩම් කිරීම වැදගත් වෙන අතර පෙරදී එහි අඩංගු වූයේ ප්රශ්න 10 වුවත් දැන් ප්රශ්න 35ක් අඩංගු වෙනවා. (අපි ගන්න කාලේ 10යි.) RTA එකේ සයිට් එකෙන් ඔන්ලයින් test එකකට පුරුදු වෙන්න ඕනෙනම්
මේ පින්තූරේ උඩ ඔබන්නකෝ
එයින් ඔබ සමත් වුවහොත් ඔබව යොමුකෙරෙනවා Road test එක සඳහා.
Road Test (Final Test)
මෙය ඉතා තීරණාත්මක වන අතර ඔබට රියදුරු බලපත හීනයක්ම වන්නේ මෙතනදීය. ඔබ ලබාගත් පන්ති වාර ගනන අනුව ඒවාට සහභාගී වීම සිදුවන අතර මෙහිදී ඔබට මාර්ගනීතිවලට අනුකූලව වැරදි රහිතව රිය පැදවීමට උගන්වනු ලබනවා.මෙහිදී ඔබ ඉගනගත යුතු කරුණුවලින් කිහිපයක් මා පහල සඳහන් කරනවා.
අසුන් ගත විගසම සීට් බෙල්ට් පැළඳීම
අසුන සකසා ගැනීම
පැති කන්නාඩි සහ මැද කන්නාඩිය සකසාගැනීම.
ඔබට හැරවීමට අවශ්ය නම් සංඥා ලබාදීම (Signal)
මංතීරු මාරු කිරීම (Changing traffic lanes)
මෙම ක්රියාවලිය කොටස් පහකින් සමන්විත වේ
- අනෙක් වාහන වලට දැනගැනීමට සංඥා කරන්න
- හැරවීමට අවශ්ය පස පැති කන්නාඩිය බලා වාහන නැතිබව තහවුරුකරගන්න.
- මැද කන්නාඩිය බලා වාහන නැතිබව තහවුරුකරගන්න
- Check Your Shoulder ශෝල්ඩර් චෙක් කිරීම (Blind Spot චෙක් කරනවා කියලත් කියනවා)
(මෙහිදී හිස හැරවීම අනිවාර්ය වේ)
දෙවන රූප සටහනේ සඳහන් ආකාරයට පැති කන්නාඩියට සහ මැද කන්නාඩියට නොපෙනෙන වාහන නැතැයි තහවුරුකරගන්න.
5. නැවත පැති කන්නාඩිය බලා lane එක (මංතීරුව) මාරුකරන්න.
මතක තබාගන්න ඉහත සඳහන් කරුණු ඉතා වැදගත් වන අතර ඔබගේ අවසන් පරීක්ෂණයේදී එක්සැමිනර් වරයා මේ කිව් කරුණු පිලිබඳ දැඩි අවධානයක් දෙනබව මතක තබාගන්න. කන්නාඩි බැලීමේදී ඇස් පමණක් හැරවීම නොකර සම්පූරණ හිසද හරවා ඒ දෙස බැලිය යුතුවන අතර එසේ නොවුනහොත් ඔබ අසමත් වීම අනිවාර්ය වේ.

ඉහත කිව් පිළිවෙලට තමයි ඩුබායි වල ලයිසමක් ගන්න තියෙන්නේ. මම මේ බොහොම කෙටියෙන් සඳහන් කරලා තියෙන්නේ. හරිම අමාරුයි ගණන් එක. එය ගොඩක් දුරට රැඳිලා තිබෙන්නේ දක්ෂකමට වැඩිය වාසනාව මත කියන එකයි මෙහෙ මිනිස්සු විශ්වාස කරන්නේ ඔබ කෙතරම් පළපුරුදු රියදුරෙකු උනත් මෙහිදී ෆේල් වීම අනිවාර්යයි. ඇත්තටම මෙහෙ ලයිසම අතේ තියෙනවා කියන්නේ උපාදියක් අතේ තියෙනවා වගෙයි. කොටින්ම කිව්වොත් ඕනෙම වෙලාවක ජොබ් එක ෂුවර්. රියදුරු රැකියාවට පමණක් නෙවෙයි මෙහෙ ගොඩක් රැකියාවලට රියදුරු බලපත්රය බලනවා. මම දන්නා කිහිප දෙනෙක් ඉන්නවා ලංකාවේ මුදල් වලින් රුපියල් ලක්ෂ 6කට වඩා වැය කරපු උදවිය. නමුත් තාමත් බලපත්තරේ හම්බ වෙලා නැහැ ඔවුන්ට. මෙහෙ සාමාන්යයෙන් ලයිසම ගන්න වැයකරන්න ඕනේ ලංකාවේ රුපියල් ලක්ෂ එකහමාරක් විතර මූලිකව එකපාරින් පාස් උනොත් නැත්නම් ඉතින් අර උන්නහෙලගෙම සන්තැසිය තමයි ඔහෙලටත් වෙන්නේ. හැබැයි එක දෙයක්. පරණ වාහන කටුවක් ගන්න පුළුවන් ඊට වඩා අඩුවට. හිකිස්...... මෙහෙ බලපත්තරේට ජාත්යන්තර තලයෙන් ලැබෙන්නේ ඉහල වටිනාකමක්. එකත් නොකියාම බැහැනේ. මෙහෙ නීති හරිම තදයි ඒවා ගැන මගේ ඊළඟ පොස්ටුවෙන් ලියන්නම් එතකල් හැමෝටම ජය වේවා කිව්වා.
ප.ලි. හිරු අක්කේ...... මෙන්න මෙහෙමයි පිටරටවල් වල වාහන ගෙනියන්නේ අයියා( ඔයාගේ මහත්තයා) කියන කතාව සහතික ඇත්ත. මෙහෙම ගෙනියපු කෙනෙක්ට අවනීතියට ගෙනියන්න අමාරුයි.