අපේ මාක් උන්නැහේ විසින් නිර්මාණය කරන ලද ෆේස් බුක් අඩවිය අද කාලේ තරුණ තරුණියන් අතර පමණක් නොවෙයි වැඩිහිටි පරම්පරාවද වැළඳ ගෙන පැල් බැඳගෙන පාවිච්චි කරන අඩවියක් වෙලා. නමුත් අපිට ගොඩ වෙලාවට අහන්න ලැබෙන්නේ ෆේස් බුක් ගැන බැනුම් තමයි මොකටද ඔය කාලේකන දේවල් කරන්නේ, ඔයිට වඩා හොඳ නැද්ද පොතක් පතක් පාඩම් කලානම්. ඇත්තටම අද කාලේ කොල්ලෝ
කෙල්ලෝ ටික ෆේස් බුක් එකේ ඉන්න වෙලා පොත් එක්ක පුස්තකාලේ ගත කලානම් ඒ ලෙවල් වලට A 4 අරන් අපේ රටේ කැම්පස් වල ඉඩත් නැතිවෙනවා. මොකටද අප්පේ ඒ වගේ ජාතික අපරාධ කරන්නේ එහෙම කලොත් අනාගතේ පොල් කඩන මිනිහටත් ඩිග්රි එකක් තියේවි, නැද්ද මං අහන්නේ????. තමන්ගේ ගෙදර පොල් කඩන්න ටෙන්ඩර් දාන්න වේවි. පත්තරේ ඇඩ් දාලා තමයි පොල් කඩන කෙනෙක් ගන්න වෙන්නේ.ඔච්චර කරදර විඳින්න ඕනේ නැහැනේ ඉගන ගත්තේ නැතිවූනාම.
අද මගේ මාතෘකාව බුකියේ තියෙන ගෘප්ස් සහ පේජ් ගැනයි. අපේ බ්ලොග් කාරයෝ බොහොමයකට තමන්ගේ බ්ලොගේට ෆෑන් පේජ් (Fan Page) එකකුත් බුකියේ තියෙනවා. ඇත්තටම ඔය විහිලු තහළු අපේ දැනුමට යම් යම් දෑ අරගෙන ඔය පේජ් කෙරුවාව ආපු කාලේ ගැන නම් මට ඒ හැටි නිච්චියක් නැහැ. නමුත් ඒ දවස් වල තිබ්බ පේජ් අතරින් ඉහලින්ම ගුණාත්මක දේ අරන් ආව කට්ටියක් තමයි කජුවත්ත එක්සත් ක්‍රිකට් සමාජය, I Love My Dream Girl/ Boy. මම හිතන්නේ මම හරි වෙන්න ඕනේ. ඊට පස්සේ සිරිය ලතා, කෙහෙල් මල්, නැව ගිලුනත් බෑන් චූන් යනාදී වශයෙන් කාලයත් එක්ක නම් වත් මතක හිටින්නේ නැති තරම් පේජ් තොගයක් අප අතරට පැමිණියා. ඇත්තටම මෙහි concept එක තමයි පින්තූරයක් මගින් යම් පණිවිඩයක්, විහිළුවක් පිරිසක් අතර බෙදා හදා ගැනීම. ඇත්තටම ඒක ගොඩක් හොඳ දෙයක් ඒ නිසාමද මන්දා මේ කෙරුවාව ගොඩක් ජනප්‍රිය උනා. එන හැම දේම ඉහමුදුනින් පිළිගන්න එක අපේ ජාතියේ හැටිනේ.
උදාහරණයක් විදියට අපේ ටයිටස් තොටවත්ත මහතා අප අතරින් සමුගත් දිනවල හැමෝම කලේ එතුමාගේ ෆොටෝ ගෙන Share කරගැනීම. ඒ අතර තිබුණු එක කියමනක් මට මතක් වෙනවා. "ස්ටීව් ජොබ්ස් මිය ගිය ගමන් ඇපල් අයි ෆෝන් එකක් තියා කිසිම ඇපල් නිර්මාණයක් අල්ලලා නැති උන් ස්ටීව් ජොබ්ස් ගැන ශෝක පණිවිඩ ප්‍රකාශ කළා. නමුත් ටයි මාමගේ කාටුන් බලපු නැති එකෙක් නැහැ ඒ කලගුණ මතක තියෙන එවුන් මේක ශෙයා කරපල්ලා" කියලා. මේ වගේ දේවල්, පසුගිය කාලේ හලාල් කතන්දරේ, නෝ ලිමිට් වගේ සිද්දි මතක ඇතිනේ...... සෑහෙන්න ලොකු රැල්ලක් නිර්මාණය කළා මේ ෆේස්බුක් පේජ් ටික එක්කාහු වෙලා. අපිත් දකින දකින එකට ලයික් කරලා තම තමන්ගේ වෝල් වලත් ශෙයා කරගත්තා එහෙම නේද?.
උදාහරණයක් විදියට පසුගිය සතිය ගන්න. ඒ සතිය තුල එවැනි විහිළු තහළු කොමඩි කෑලි කීයක් නම් ඔබගේ වෝල් එකේ ශෙයා කරගෙන ඇත්දැයි බලන්න. මේ විහිළු තහළු අතර තියෙනවා සමාජය දැනුවත් කිරීමේ පණිවිඩ. අර මම කලිනුත් කී පරිදි හැම එකම ශෙයා කරන අපේ ගොයියලා මෙහි අන්තර්ගතය සැබෑවක්ද බොරුවක්ද කියලවත් හොයල බලන්නේ නැතිව තම තමන්ගේ වෝල් වල ශෙයා කරගන්නවා. මෙන්න මෙතෙනටයි මට එන්න ඕනේ මෙච්චර වෙලා මම කලේ පඳුර තලපු එක දැන් අපි කෙලින්ම බහිමුකො මාතෘකාවට.
පසුගිය සැප්තැම්බර් 3 වෙනිදා හෝමාගම හබරකඩ ප්‍රදේශයම හැඬේව්ව දවසක් කිව්වොත් මම නිවැරදියි. ඒ අසල්වැසි මළගෙදරක ඇති වූ රණ්ඩුවක් බේරන්නට ගොස් පාපතර බේබදු අමනයෙකුගේ කුරිරු කිනිසි පහරකට ලක්ව අප අතරින් සදහටම සමුගත් මුදිත මාලවික සොයුරාගේ වියෝව හේතුවෙන්. මේ පිළිබඳව සිරස ටීවී එකේ 10 විකාශයේ සඳහන් වුනේ මේ අයුරින්. මුදිත කියන්නේ කොයි වගේ කොල්ලෙක්ද කියල බලන්න ඕනෙනම් මෙතනින් ඔහුගේ ප්‍රොෆයිලයට ගිහින් බලන්න.
මිතුරන් අතර හොඳ මිතුරෙකු වූ ඔහුගේ වියෝව ගැන මිතුරන් කම්පාවන අයුරු. ඇත්තෙන්ම කනගාටුදායකයි. ඔහු අප අතරින් නික්ම ගොස් මසක්වත් ගතවෙලා නැහැ. සල්ලිත් නැහැ සනීපත් නැහැ නම් පේජ් එකේ පසුගිය 26 වැනිදා මෙන්න මේ පින්තූරේ පලවෙනවා. මෙය හුදෙක් විහිළුවක් ලෙස සැලකිය හැකිද??????
ජීවතුන් අතර සිටින පුද්ගලයෙකුට විහිළුවක් කිරීම සාධාරණීකරණය කල හැක. නමුත් මිය ගිය අයෙකු අලලා පලකරන ලද මෙවන් තුට්ටු දෙකේ තිරිසන් ප්‍රකාශයකට 98 දෙනෙක් ලයික් කරලා තියෙනවා 256ක් තමන්ගේ වෝල් වල ශෙයා කරන තියෙනවා. මෙය නොදැන නොදන්න කමට කල දෙයක් කියල කියන්න පුළුවන්. නමුත් මේ පිළිබඳව කොමෙන්ට් 33කින් දන්වා තිබිය දීත් එම චායාරූපය ඉවත් නොකරන්නේ සල්ලිත් නැහැ සනීපත් නැහැ පේජ් එකේ ඇඩ්මින් වරයාගේ අමන කමද...... තිරිසන් කමදැයි අපිට වැටහෙන්නේ නැහැ. නමුත් මේ පිළිබඳව මට කියන්නට තියෙන්නේ. ඕනෙම මොලේ නැති හරකෙක් මොන විදියේ හරි කුණුහරපයක් හදලා දැම්ම පලියට එයට ලයික් කරමින් ශෙයා කරමින් කියා පාන්නේ තමනුත් ඒ හරක් වැඩේ තිරිසන් වැඩේ අනුමත කරන බවත් තමනුත් බත් වෙනුවට කන්නේ පිදුරු සහ තණකොළ බවත් නොවන්නේද?
අපි කිසියම් දෙයකට ලයික් කරන්නේ ශෙයා කරගන්නේ එය තමන්ගේ සිත් ගත් නිසා හෝ එය යම්කිසි විදියේ ප්‍රකාශයක් නම් උදාහරණයක් ලෙස "මම හලාල් වැඩේට විරුද්දයි". මම ඒ ප්‍රකාශය මගේ වෝල් එකේ ශෙයා කරගන්නේ මම එයට විරුද්ධ නිසා, ඒ මගේ මතයයි. මේ පිංතූරය ශෙයා කරන ඇති 256ක් වූ පිරිසටත් එයට කැමැත්ත පල කල 98 දෙනාටත් කියන්නට ඇත්තේ මේ දෙය තමන්ගේ සොයුරෙක්ට යාලුවෙක්ට සිද්ධවුනා නම් මේකේ තියෙන බරපතල කම උඹලට තේරේවි. ඇත්තටම මේ වගේ පහත් මානසික මට්ටමක් ඇති උදවියත් අපේ සමාජේ ඉන්නවා නේද කියල හිතෙද්දි ලොකු කලකිරීමක් එන්නේ සල්ලිත් නැහැ සනීපත් නැහැ පේජ් එකේ ඇඩ්මින් ගොයියට කියන්න තියෙන්නේ. තමන්ගේ පේජ් එකේ නම සල්ලිත් නැහැ සනීපත් නැහැමොළෙත් නැහැ
කියල වෙනස් කරන අතරම තමන්ගේ ඇති අම්බරු ගතිගුණ හදාගන්න එකයි. තමන් ගේ පේජ් එකත් එක්තරා විදියේ මාධ්‍යයක් එයින් අපි ජනතාව අතර ගෙනියන්න ඕනේ, නැති දේවල් කල්පනා කරලා බලලයි ලියන්න ඕනේ. (මේ කෝරලේ වලව්ව බ්ලොගේ උනත් යම් මාධ්‍යයක්.මා මෙහි ලියන දේවල් කියවන පිරිසක් සිටිනවා මගේ වගකීම තමයි මා ඔවුන්ට හරවත් දෙයක් ලබාදීම). ලංකාදීප පුවත් පතේ ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන හේමන්ත ද සිල්වා මහත්තයා කියපු දෙයක් මට මතක් වෙනවා. "මාධ්‍ය කියන එක වැරදි පුද්ගලයෙකුට අහුවුනොත් එය වඳුරෙකුට අසුවූ දැලිපිහියක් වන අතර එයින් ඔහු වටපිටාවේ ඉන්න එවුන්ටත් හානි කරලා අන්තිමේ තමන්ගේ බෙල්ලත් කපාගෙන තමයි නවතින්නේ".
මුදිත මචන් මේ කාලේ ඉන්න එවුන් සංස්කෘතියක් සදාචාරයක් ඇති එවුන් නෙවෙයි. පවුලේ සැමත් මිතුරු කැලත් කරන්නාවූ කුසල් බලයෙන් ඔබට අති උතුම් අමා මහ නිවන් සම්පත් ලැබේවා කියල කෝරලේ වලව්වේ රචකයා වන මමත් මගේ පාඨක පිරිසත් ප්‍රාර්ථනා කරනවා.
මියගිය පුද්ගලයෙකුට කරන ලද මේ අපහාසය ඔබ හෙලාදකිනවා නම් මේ පේජ් එකේ පොස්ට් එක Report කරන්න අපිට සහය වෙන්න.
අදහස් දැක්වීමට විවෘතයි. Anonymous ලෙසටත් කොමෙන්ට් කල හැකිබවින් අසැබි වදන් පළකිරීමෙන් වලකින්න.
Saturday, 28 September 2013
Wednesday, 25 September 2013
ඉස්කෝලේ ආතල්
බ්ලොග් අවකාසේ තියෙන නිමක් කොනක් නැති බ්ලොග් අඩවි අතරට අලුතින් පියඹා ආ කුරුළු සගයා. පාසල් කාලයේ රසවත් මතක පිලිබඳ ලියවුනු මේ බ්ලොගයට ඔයාලත් ගිහින් බලන්න.
කුරුළුගේ සයිබර් කූඩුව.
Saturday, 21 September 2013
මට Pizza Hut එකක් කන්න ආසයි බං. එද්දී අරන් වරෙන්කො...
ඔන්න ගියපාර මම ලියුවේ දේවතා එලි පොස්ටුවේ ඇතිවෙලා තිබුණු ගැටලුවට පිළිතුරු දුන් සියලු දෙනාටම ස්තූති වන්ත වන අතරම. තරුණ උදවිලගේ ආතල් කේස් දාලම හරියන්නේ නැති නිසා මම තීරණය කොලා වයසක ආතල් එකකුත් දාන්න. හික් හික් හික් ඔන්න මේ කතාව දිග හැරෙන්නේ අපේ බනියගේ පුංචි ආච්චි ගැනයි. මතක ඇතිනේ සිහින කුමරිය කියවපු අයට නැත්නම් මෙතනින් බලන්න.
ඉතින් මේ ආච්චි උපතින් බෞද්ධයෙකු උනාට පසු කාලීනව පෙන්තකොස්ත නම් ආගම වැළඳගෙන තියෙනවා. ආගම ගැන අඳ භක්තියෙන් කටයුතු කල මේ ආච්චි තමන්ගේ ඇසිලින් කියන නමත් වෙනස් කොරලා විනීතා කියන නම දාගෙන තියෙනවා (නීත්‍යානුකූලව නෙවෙයි කට වහරට) ඉතින් මේ පල්ලියට එන උදවිය වැඩිපුර කතාකරන්නේ ඉංග්‍රීසි වලින් තමයිලු. ඉතින් මේ ආච්චිටත් හිතුනලු මෙච්චර කඩුව වනන සෙට් එකේ ඉන්න කොට තමනුත් නිකන් ඉඳල හරියන්නේ නැති බව. ඉතින් මුන්දැත් දැන් ඉංග්‍රීසි ඉගෙන ගන්න ෆුල් ට්‍රයි එක දෙනවලු.කඩුවෙල ප්‍රදේශයේ ගුරුවරයෙක් ලඟටත් ගියාලු ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඉතින් මේ ආච්චිට ගුරුතුමා උච්චාරණය උගන්වන්න උත්සහ කරන අවස්තාවක තිබුනලු Pizza කියන වචනය
ගුරුතුමා: මේ වචනය ශබ්ද කරන්න ආච්චියෙ පිට්සා කියලා කියන්න බලන්න .
ආච්චි : පිස්සා......
ගුරුතුමා: පිස්සා නෙවෙයි පිට්සා කියල තමයි මේක ශබ්ද වෙන්නේ
ආච්චි : පිස්සා.......... පිස්සා....
දැන් ගුරුවරයාගේ ඉවසීමේ රතු කට්ටත් පැනගෙන එනවලු.
ගුරුතුමා: දැන් මේ අවසාන වතාව කියන්නේ මම කියන්න බලන්න පිට්සා කියලා
ආච්චි : පිස්සා....
ගුරුතුමා: කවුද..... වචනේ හරියට කියාගන්න බැරි ආච්චිද . එහෙම නැත්නම් ආච්චිට උගන්වන්න භාර ගත්තු මමද?
පන්තියේ සිනහා................ එදා වෙච්චි ඒ සිද්දියෙන් පස්සේ ආච්චි තීරණය කලාලු ඒ පන්තියේ ගුරුතුමා ඉංග්‍රීසි නොදන්නා බැවින් පන්ති යාම නවතා දමන්නට.
ගෙදර ඇවිත් තමන්ගේ පුතාවෙන බගාට කියනවලු මට පිස්සා හට් එකක් කන්න ආසයි බං අද හවස උඹ වැඩ ඇරිලා එද්දී අරන් වරෙන් කියලා.
අයියෝ Pizza.....................
ආ...... හොඳම හරිය ලියන්න මතක් උනේ දැනුයි. මර්ලින් හිතවාදී මන්තර කාර ජනතාවට සංවේගයෙන් දැනුම් දෙන වගනම් මර්ලින් සීසන් පහෙන් ඉවර වෙන බවත් අන්තිම මොහොතේ මර්ලින් මායා කරුවෙකු බව ආතර්ට අනාවරණය වෙන බවත්. මෝඩ්රෙඩ් ගේ කඩු පහරින් ආතර් මියයන අතර මර්ලින් පිටුපසින් එල්ල කරන කඩු පහරකින් මෝගානාගේ දිවි තොරවී යයි. අවසානය ඉතාමත් සංවේදි වන අතර. මෝගානාගේ දිවි තොරවීම පිලිබඳ කනගාටුවට පත් මාරයා. (වෙන අවුද බං මේ අපේ මඩ චක්‍රවර්ති කුකරි විශාරද මාර තුමා මිසක්) ජිවිතයේ කිසි දිනක විවාහ නොවන්නටද අනගාරික දිවියක් ගතකරමින් නාගරිකව ජීවත් වන්නටද, සතියක් නොකා නොබී ඉන්න බවට ප්‍රතිඥා දී ඇත. වැඩි දුර විමසීම් මාරයාගෙනි.
දයාබර මෝගානා උපදින ආත්මෙක මාරයාගේ වී මර්ලින්ගෙන් තොර දුර ඈත රටක ඉපදීමට වාසනාව ලැබේවා. මෙයට ශෝකයට පත් කෝරලේ මහතා සහ වලව්ව.
වර්ගීකරණය:
අත්දැකීම්,
ආගමික,
ආදරකතා,
පොඩිහිටියන්ට පමණයි.,
මඩ,
මාරයා,
විහිලු තහළු
Tuesday, 17 September 2013
බේබද්දන් ගංජා සහ දේවතා එලි
මම මේ ලිපිය දාන්න අදහසක් ආවේ අපේ සිරා කොලුවාගේ මත්පැන් පොස්ට් එක දැකලා. වෙලාවකට මේ Google වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගූ ගල් තමයි.
සැරින් සැරේ මගේ එකවුන්ට් එක බ්ලොක් වෙනවා. කොටියම කාපිය ගූගල් ලොක්කව. එකෙන් මේකෙන් වැඩක් නැහැ කතාවට බහිමුකො...............
මේ පාර වැකේෂන් එක ලංකාව ගියත් හිතුව විදියට කිසිදෙයක් කරගන්න බැරිවූනා. හිතුවෙවත් නැති විදියට තමයි එක එක රාජකාරි පැටලුනේ කොහොම උනත් එව්වත් කොරන්න එපැයි. ඉතින් අපි හැමදාම කරනවා වගේ මේ පාරත් කතරගම යන්න පිටත් උනා.වයසක් උන්දලා වෙනමයි අපේ සෙට් එක වෙනමයි. මොකද වැඩිහිටි සෙට් එක එක්ක ට්‍රිප් එකක් යනවට වැඩිය හොඳයි නිකන් ඉන්න එක. බකමූනෝ සෙට් එක වගේ තමයි අපිට ඉන්න වෙන්නේ ඒ නිස අපි වෙන වාහනේක තමයි ගියේ මේ ඉන්නේ ගිය අය
බුලයියා,බනියා මිකී, ඉදිරි පෙළ තාරක,බගා, ගාන්දි
හයිවේ එක කොච්චර බෝරින්ද කියනවනම් හැරාට නින්දත් ගිහින්.
යමින් ගමන් දනුෂ්කගේ යාළුවෙක්ව සෙට් කරගත්තා දෙබර වැව ඉන්න.වැව් මාළු ගන්නයි බගාට මොනවද ගන්න ඕනේ කියල. කොහොම හරි හවස් වෙද්දී කතරගමටත් ආවා. රෑ වෙද්දී කට්ටිය මද පමණට සප්පායම් වුනා. (මමද? මම තොලේ කටේ තියන්නේ නැහැනේ) කට්ටියම ගානට පදම් වෙද්දී චමියා සරින් සැරේ එහෙට මෙහෙට මාරුවෙනවා මම බලාගෙන. ඒත් ඉතින් බොන වෙලාවට කවුද ඔව්වා ගැන හොයන්න යන්නේ. මේකට කොහොමත් වෙරි වෙලා හිටියේ එන ගමන් අර මීගොඩ පැත්තේ ගහන සැන්ඩෝ කියන ජරා බියර් බීලා. සිරාවට කසිප්පු පරාදයි ඒක. බොන එවුන්ට වෙරි නෙවෙයි වෙරි සොරි වෙන්නේ.(කොහොමද දන්නේ කියලද අහන්නේ ලංකාවට ගිය දවසේ ගහල ඊට පහුවෙනිදා වාර්තා ගත අන්දමට කබරයා පාරක් දැම්ම නිසා)
ඔහොම කට්ටිය වෙනම බිබී ඉන්නකොට ලාල් බාප්පට ඇවිත් තියෙනවා ගංජා සුවඳක් බැලුව කොට බගා මලකුත් අදිනවලු මල සේකර කියන්නේ දැන් විස්කියි, බියරුයි, මලුයි. කොහොම හරි බගාට නහුතෙට වෙරි ඉන්නේ කොහෙද ඉන්නේ කවුද මීටර් නැහැ. අපි කට්ටිය ඌට ඕනේ මගුලක් කරගන්න කියල සින්දුවක් දාගෙන නටන්න පටන් ගත්තා. මොකද කිව්වට අහන එකෙකුත් නෙවෙයිනේ.
ඔය වම්පැත්තෙන් පෙන්නේ කෝරලේ උන්දැගේ අත නොවෑ.
කොහොමද බේබදු ෆන් එක:)
මේ වෙද්දී බගාට නන්නත්තාර වෙන්න වැදිලා ඉවරයි. මේකා නාන්න ඕනේ කියල වැටි වැටි ගිහින් නාන කාමරේ ඉඳන් කට්ටිය නටන තැනට පැන්නා එකපාරටම මෙහෙම
අයියෝ සල්ලිදත් අහනවා ගෑනු කට්ටියට ඇපත් නැහැ. ඇයි මු ජෝකා පිටින් නේ. කොහොමින් කොහොම හරි සමන් ගොයියා පොරට කලිසමක් අන්දලා පුටුවක වාඩි කළා.
ඒ කරලත් බුවාට ඉන්න බැහැ එක තැනකට වෙලාගංජා බලේ............හිකිස්
පුටුව එලිය පැත්තට හරවගත්ත බගා ටිකවෙලාවකින් තනිවම කියව කියව ඉන්න ගත්තාම අපි සෙට් එක ආයෙම නටන්න සෙට් උනා. එහෙම ඉන්දෙද්දී ටිකවෙලාවකින් මු කැලේ කඩාගෙන දුවන්න ගත්තා අඩෝ වල් ඌරෙක් අල්ලපන් අල්ලපන් කියල. අපිත් මේකා පස්සෙන් දුවන්න උනා මේකව අල්ලන්න. මේකා පොර කනවා යකෝ වල ඌරු තඩියෙක් දිව්වා බං අල්ලමු කළුවට කලුවේ මෙන්න මේ පැත්තට දිව්වේ වරෙල්ල ඕකව අල්ලමු කියල. එතකොට මගේ ලිමිට් පැනල තිබුනේ මම මූට බැනල එක්කන් ආව වරෙන් මාමේ යන්න කියල. බගාගේ ගමන නතර උනේ මෙහෙම.
අයියෝ කුණු සංසාරේ බේබදු කමනේ
කොහොම හරිඅපි මූව ඇඳකින් නිදිකරන්න හැදුවත් මූ යන්නේ ඇඳ යටට. අපිත් මූට බම්බු ගහගන්න කියල නිදාගත්තා. මොකද ඒ වෙද්දී අපිටත් මහන්සියි. පහුවෙනිදා උදේ පූජාවට යන්න පිටත් වෙද්දීත් බගාගේ වෙරි හරියට බැහැලා නැහැ. ඔන්න බේබදු කමේ රඟේ. බොනවා කියල පෙරේත කමට බිව්වම ඔහොමයි වෙන්නේ. එකත් කලවම්.
පහුවෙනිදා උදේ කල තානායම් භාර කරුගෙන් කල විමසීමකින් අනතුරුව වල් ඌරන් එම පලාතෙවත් නොමැති බවත්. බගා හඹාගොස් ඇත්තේ කැහටු බලු තඩියෙකු පසු පස බවත් හෙළිදරව් කරගන්න ලදී.
ඔන්න අපි කිරි වෙහෙරට යද්දී හම්බවුන එක්කෙනෙක් අපේ බ්ලොගර්ස්ලා සෙට් එක මතක් කරන්න කිව්වා.
දැන් තමයි මම කියන්න යන්නේ කතරගම ගමනේ විශේෂම සිද්දිය. මගේ පරණ පොස්ට් කියවල තියෙන අය දන්නවා ඇති මමයි බනියි යාළුවෙලා ගිය පලවෙනි කතරගම ගමනේ ඉඳලා හැමපාරම කිරිවෙහෙරට අඩි 12ක මල්මාලයක් පූජාකරනවා කියලා. එක අපේ චාරිත්‍රයක් වෙලාතියෙන්නේ දැන්.
මේ අපි මල්මාලේ තියල වඳිනවා
මේ ඒ මොහොතේම ගත් මාලයේ අනෙක් කෙලවරේ පිංතූරය ළඟ ආලෝක ලපයක් පේනවද?
මේ තප්පර තුන හතරකට පසු එම ලපය ඉහලට ගමන් කරමින්
ඇත්තටම මට මතකයි මීට අවුරුද්දකට විතර ඉස්සෙල්ල මඩයා දාලා තිබුනා මේ වගේම පොස්ටුවක්. මේ පින්තූර මම දැක්කේ ගෙදර ඇවිල්ල පින්තූර බලද්දී කට්ටිය කියන්නේ මේ දේවතා එලි කියල නමුත් මේ පින්තූරේ ගත්තේ පොඩි එකෙක් නිසා මට ෂුවර් එකක් නැහැ මොකද කැමරාවේ මොකක් හරි නිසා හැදිච්ච දෙයක්ද කියල තීරණය කරන එක ඔයාලට භාරයි. මොකද අපේ අයිලාෂ්,වෙනී ලොක්කා, වගේ පරිනත විශිෂ්ට කැමරා කරුවෝ බ්ලොග් ලෝකේ ඉන්න නිසයි මම මේ පොස්ට් එක දාන්න තීරණය කලේ මේ මොකක්ද කියල දැන ගන්න. මොකක් උනත් මෙය පහල සිට ඉහලට ගමන් කල බව පැහැදිලියි. මොකද ඊලංකා ෆොටෝ එකේ ආලෝක ලපය තියෙන්නේ තවත් ඉහලට වෙන්න.
එමින් ගමන් නාගෙන දෙබර වැවින් අල්ලපු ගමන් වැව් මාළුත් අරගෙනයි ආවේ.
දෙබර වැවින් මාළු ගනිමින්
මේ මාළු ටික
උඩවලවේ වැව අසල
හැබැයි අපේ වැඩිහිටි උදවිය නම් කැමති උනේ නැහැ අපි වන්දනා ගමනක් ගිහින් එන එකේ පන ගැහෙනමාළු ගෙනාව එක ගැන හැබැයි මාළු බෑග් එක ඇල්ලුව දෙන්නටම සහ සල්ලි දුන්නු මට ගෙදර එන්න කලින් කර්මය පල දුන්නා. තාරකගේ අත වාහනේ දොර වහද්දි ඉදිමෙන්නම අහුවෙලා. ධනුෂ්කට කහවත්තේදී පොලිස් දඩයක්. ඒ මදිවට ටයර් එකක කම්බි කැඩුනා ( ඒ කියන්නේ මට දඩයක්) ධනුෂ්ක එන ගමන් හරියට පසුතැවිලි වුනා ඔහුගේ කටින් වැවු මාළු ගමු කියන වචනේ පිටවුණා එක ගැන.
මේ පහල තියෙන්නේ ලංකාවේ වැකේෂන් එකේ ෆොටෝ ටිකක් ලෝඩ් වෙන අය බලන්න කෝ............
ගෙදර ඇවිත් වැව් මාළු BBQ
කටින් එකයි
පෙනේද සැදැහැවත් සිල්වත් උපාසකයෙක් :O
පිරිත් දින නිදාගත් ගාන්දියාට වුන දෙයක්
ඒ දන්ඩේ යන්න ගොස් මට උන හදියක්
ඩෝප් සීං
අන්දරේ මැරුන මොහොතේ ගත්ත පින්තූරයක්
කොහොමද රැල්ලේ සැර
වැල්ලේ වල දැමු ගාන්දි
වර්ගීකරණය:
අත්දැකීම්,
ආගමික,
ගංජා,
දේවතා එලි,
මත්ද්‍රව්‍ය,
වැඩිහිටියන්ට පමණයි
Sunday, 8 September 2013
වඩ්ඩාට කෙල උන හැටි. (වඩුමහතෙක්ට උන අකරතැබ්බයක්)
අන්තිම පොස්ට් එක දාල සෑහෙන්න කාලයක් උනා මට බ්ලොගක් කියල එකක් තියෙනවා කියලත් මතක් උනේ මේ ඊයේ පෙරේදා. මගේ සිම් කාර්ඩ් පත නැති වෙලා තිබුන නිසා මට මගේ එකවුන්ට් එකට ලොග් වෙන්නවත් හැකියාවක් නැතිවයි තිබුනේ. ඉතින් මම හිතනවා සහෝදර බ්ලොග් වාසින් සියලු දෙනාම සුවෙන් සැපෙන් කල් ගෙවනවා කියල.
මට අහන්න ලැබුන පොඩි කතාවක් ඔයාල එක්ක බෙදාගන්න තමයි මම අද කල්පනා කලේ. කාලෙකට පස්සේ ලියන එකේ මාගල් වගේ ලිවිල්ලට පුරුදු වෙන්න සෑහෙන්න කාලයක් යාවි.පඳුරු තැලිල්ල පැත්තකට දාලා අපි කෙලින්ම කතාවට බහිමුකො. මේ කතාව අහල ඇති අයත් ඉන්න පුළුවන් නමුත් වටිනා ආදර්ශමත් කතාවක් නිසයි ලියන්න කල්පනා කලේ.
ඔන්න එකදාස් නමසිය බර ගණන්වල (දඹදිව බ්‍රහ්මදත්ත නම් රජකෙනෙක් හිටිය කාලේ නෙවෙයි) රට නම් කැමති රටක් හිතාගන්නකෝ. ඔන්න ඔය අහවල් රටේ තිබුනලු ගෙවල් හදන කොම්පැනියක්. (ඔය ලංකාවෙත් තියෙන්නේ හැබැයි භාගෙට භාගයක් ඉන්නේ හොරු) ඉතින් මේ කොම්පැනියේ හිටියලු බොහොම අවංකව සේවය කරන වඩු මහත්තයෙක්.
සෑහෙන්න කාලයක් තමන්ගේ වැඩ ටික අකුරටම කරගෙන හිටිය මුන්නැහේ ගැන කොම්පැනියේ ලොක්ක පවා හිටියේ සෑහෙන්න පැහැදීමකින්ලු. ඉතින් දැන් වැඩ කරලා පැන්සොන් යන කාලෙකුත් එනවනේ.... මුන්නැහේගෙත් අන්න ඒ කාලේ ලංවුනාලු. දැන් මුන්නහේ ගියාලු කොම්පැනියේ ලොකු මහත්තයා මුලිච්චි වෙන්න.
ඉතින් ලොකු මහත්තයා හම්බවෙලා කිව්වලු තමන් මෙතෙක් කල් සේවය කළා දැන් තමන්ට තවදුරටත් සේවය කරන්න තරම් ශක්තියක් නැහැ දැන් විවේක ගන්න ඕනේ නිසා තමන්ට අස්වීම ලබාදෙන්න කියල (දෙන්න තියෙන දීමනා ටික තමයි ඔය ඉල්ලන්නේ අපි දන්නේ නැද්ද) ඉතින් ලොක්කා කිව්වලු උන්නැහේගේ වැඩ ගැන මම සෑහෙන්න සතුටුයි නමුත් අස්වෙන්න කලින් පොඩි වැඩක් තියෙනවා අන්තිම වතාවට එකත් ඉෂ්ට කොරලා දීලා යන්න කිව්වලු. දැන් මේ වඩු බාසුන්නැහේට පොඩ්ඩක් විතර නොරිස්සීමක් හිතට ආවලු ඇයි දෙයියනේ මෙච්චර වැඩ කරලා වයසට ගිහින් අස්වෙන්න යන වෙලාවෙත් වැඩක් කියද්දී අපිටත් ඉතින් මල පනිනවනේ ගෙදර යන්න ලෑස්ති වෙලා බෑග් එකත් පැක් කොරගෙන ඉන්නකොට කවුරු හරි ඇවිත් කියද්දී අනේ මේ අන්තිම වැඩෙත් කොරල පලයන් කියල. ඉතින් මුන්නහෙටත් එහෙම උනාලු ඒත් ලොක්කනේ හම්බවෙන්න තියෙන දීමනා ටික හම්බ වෙන්නේ නැහැනේ කියන දේ කලේ නැතිනම්. හොඳමයි කියලා බාසුන්නැහෙත් ආවලු.
මොකක්ද මේ බාසුන්නහෙට දීපු වැඩේ සාමාන්‍ය මට්ටමේනිවසක් තනන්න එකත් ලීවලින් (නැත්තන් ඉතින් වඩුවෙක්ට කියන්න ඕනෙද ගෙයක් හදන්න ලී වලින් නෙවෙයිනම්) ලොක්ක කිව්වලු වෙන කිසිම කෙනෙකුගේ උදව් නැතිව තමන් කැමති විදියට තමන්ගේම නිර්මාණ ශක්තියෙන් අවශ්‍ය විදියට සැලසුම් කරලා හදන්න කියල. වඩු උන්නැහේට දැන් තවත් පුෂ්පය විකසිත උනාලු (මල පැන්නලු) ඇයි යකෝ තනිවම ගෙයක් හදල නිම කරන්න කිව්වම. මොනවා කරන්නද ලොක්කගේ කීමනේ කියල සද්ද නැතිව වැඩේ කරන්න ගත්තලු. හැබැයි ඉස්සර වගේ උවමනාවකින් නෙවෙයිලු මුන්නහේ වැඩේ කොලේ. අර උඩින් පල්ලෙන් කිව්ව නිසා පොඩි මඩුවකට වැඩිය ටිකක් ලොකුවට ගේ අටවලා දැම්මලු.
ඇයි ඉතින් ඉක්මනට වැඩේ ඉවර කරන තරමට දීමනාවත් අරගෙන ඇස වෙලා යන්න පුළුවන්නේ.
කොහොමින් කොහොම හරි වැඩේ ඉවර කොරලා ලොක්කා හම්බෙන්න ගිහින් කිව්වලු සර් ඔන්න වැඩේ ඉවරයි මේ වයසේදී මට පුළුවන් උපරිම විදියට මම ගේ හැදුවා මේක තමයි මට කොරන්න පුළුවන් උපරිමේ කියල කිව්වලු. ලොක්ක හිනාවෙලා බාසුන්නැහේට කිව්වලු ලොකු උන්නැහේ අපේ කොම්පැනියට ගොඩක් මහන්සියෙන් වැඩ කරලා තියෙනවා ඉතින් ඒ වෙනුවෙන් අස්වෙලා යන මොහොතේ ඔයාටයි පවුලේ උදවියටයි නිවසක් ලබාදෙන්න අපි හිතුවා. ඉතින් ඒ නිවස ඔබම ගොඩනැගුවොත් ඔබේ කැමැත්තට හදාගන්න පුළුවන් නිසයි ඔබ දැන් වැඩ නිම කල නිවාස ඔබටම තැනීමට භාර දුන්නේ කියල. ඔන්න එතකොට තමයිලු වඩු උන්නැහේට තරු වීසි උනේ. ඇයි දෙවියනේ දර මඩුවක් වගේ අටවල දැම්මේ තමන්ගේම නිවස නේද.......?
මේ වගේ දේවල් වලට අපි අපේ කාර්යාලයේදී නොයෙකුත් මුහුණ දෙනවා. බෑග් පැක් එකට ලැප් එක දාලා වැඩ ඉවර වෙලා ගෙදර යන්න යද්දී මේ කොහෙවත් ඉන්න කෙනෙක් රාජකාරියක් අරන් එනවා එතකොට කාටද කේන්ති යන්නේ නැත්තේ. හැමෝම කරන්නේ මල්ලෙන් ගහල දාලා වැඩේ කරලා ඉක්මනට ගෙදර යන්නයි. මොකද උවමනාවෙන් නෙවෙයිනේ කරන්නේ. මටත් ඒ වගේ අවස්ථා වලට මුහුණ දෙන්න සිද්ද වෙලා තියෙනවා. නමුත් මේ කතාවෙන් ගන්න තියෙන ආදර්ශය තමයි වැඩක් බාරගත්තොත් මුල තිබු උනන්දුව අවසාන මොහොත දක්වාම තියගනිමින් ඒ වැඩේ නිම කරන්න කියන එකයි. මේ ලිපිය වයස් සීමාවක් නැහැ. ඕනෙම කෙනෙකුට ජීවිතේට හොඳ පාඩමක්.
එහෙනම් ගිහින් එන්නම් මා නොමැති කාලයේ ඒ පිළිබඳව සොයා බැලු සියලුම බ්ලොග් මිතුරන්ට මගේ හද රැඳී ප්‍රණාමය.
මට අහන්න ලැබුන පොඩි කතාවක් ඔයාල එක්ක බෙදාගන්න තමයි මම අද කල්පනා කලේ. කාලෙකට පස්සේ ලියන එකේ මාගල් වගේ ලිවිල්ලට පුරුදු වෙන්න සෑහෙන්න කාලයක් යාවි.පඳුරු තැලිල්ල පැත්තකට දාලා අපි කෙලින්ම කතාවට බහිමුකො. මේ කතාව අහල ඇති අයත් ඉන්න පුළුවන් නමුත් වටිනා ආදර්ශමත් කතාවක් නිසයි ලියන්න කල්පනා කලේ.
ඔන්න එකදාස් නමසිය බර ගණන්වල (දඹදිව බ්‍රහ්මදත්ත නම් රජකෙනෙක් හිටිය කාලේ නෙවෙයි) රට නම් කැමති රටක් හිතාගන්නකෝ. ඔන්න ඔය අහවල් රටේ තිබුනලු ගෙවල් හදන කොම්පැනියක්. (ඔය ලංකාවෙත් තියෙන්නේ හැබැයි භාගෙට භාගයක් ඉන්නේ හොරු) ඉතින් මේ කොම්පැනියේ හිටියලු බොහොම අවංකව සේවය කරන වඩු මහත්තයෙක්.
සෑහෙන්න කාලයක් තමන්ගේ වැඩ ටික අකුරටම කරගෙන හිටිය මුන්නැහේ ගැන කොම්පැනියේ ලොක්ක පවා හිටියේ සෑහෙන්න පැහැදීමකින්ලු. ඉතින් දැන් වැඩ කරලා පැන්සොන් යන කාලෙකුත් එනවනේ.... මුන්නැහේගෙත් අන්න ඒ කාලේ ලංවුනාලු. දැන් මුන්නහේ ගියාලු කොම්පැනියේ ලොකු මහත්තයා මුලිච්චි වෙන්න.
ඉතින් ලොකු මහත්තයා හම්බවෙලා කිව්වලු තමන් මෙතෙක් කල් සේවය කළා දැන් තමන්ට තවදුරටත් සේවය කරන්න තරම් ශක්තියක් නැහැ දැන් විවේක ගන්න ඕනේ නිසා තමන්ට අස්වීම ලබාදෙන්න කියල (දෙන්න තියෙන දීමනා ටික තමයි ඔය ඉල්ලන්නේ අපි දන්නේ නැද්ද) ඉතින් ලොක්කා කිව්වලු උන්නැහේගේ වැඩ ගැන මම සෑහෙන්න සතුටුයි නමුත් අස්වෙන්න කලින් පොඩි වැඩක් තියෙනවා අන්තිම වතාවට එකත් ඉෂ්ට කොරලා දීලා යන්න කිව්වලු. දැන් මේ වඩු බාසුන්නැහේට පොඩ්ඩක් විතර නොරිස්සීමක් හිතට ආවලු ඇයි දෙයියනේ මෙච්චර වැඩ කරලා වයසට ගිහින් අස්වෙන්න යන වෙලාවෙත් වැඩක් කියද්දී අපිටත් ඉතින් මල පනිනවනේ ගෙදර යන්න ලෑස්ති වෙලා බෑග් එකත් පැක් කොරගෙන ඉන්නකොට කවුරු හරි ඇවිත් කියද්දී අනේ මේ අන්තිම වැඩෙත් කොරල පලයන් කියල. ඉතින් මුන්නහෙටත් එහෙම උනාලු ඒත් ලොක්කනේ හම්බවෙන්න තියෙන දීමනා ටික හම්බ වෙන්නේ නැහැනේ කියන දේ කලේ නැතිනම්. හොඳමයි කියලා බාසුන්නැහෙත් ආවලු.
මොකක්ද මේ බාසුන්නහෙට දීපු වැඩේ සාමාන්‍ය මට්ටමේනිවසක් තනන්න එකත් ලීවලින් (නැත්තන් ඉතින් වඩුවෙක්ට කියන්න ඕනෙද ගෙයක් හදන්න ලී වලින් නෙවෙයිනම්) ලොක්ක කිව්වලු වෙන කිසිම කෙනෙකුගේ උදව් නැතිව තමන් කැමති විදියට තමන්ගේම නිර්මාණ ශක්තියෙන් අවශ්‍ය විදියට සැලසුම් කරලා හදන්න කියල. වඩු උන්නැහේට දැන් තවත් පුෂ්පය විකසිත උනාලු (මල පැන්නලු) ඇයි යකෝ තනිවම ගෙයක් හදල නිම කරන්න කිව්වම. මොනවා කරන්නද ලොක්කගේ කීමනේ කියල සද්ද නැතිව වැඩේ කරන්න ගත්තලු. හැබැයි ඉස්සර වගේ උවමනාවකින් නෙවෙයිලු මුන්නහේ වැඩේ කොලේ. අර උඩින් පල්ලෙන් කිව්ව නිසා පොඩි මඩුවකට වැඩිය ටිකක් ලොකුවට ගේ අටවලා දැම්මලු.
ඇයි ඉතින් ඉක්මනට වැඩේ ඉවර කරන තරමට දීමනාවත් අරගෙන ඇස වෙලා යන්න පුළුවන්නේ.
කොහොමින් කොහොම හරි වැඩේ ඉවර කොරලා ලොක්කා හම්බෙන්න ගිහින් කිව්වලු සර් ඔන්න වැඩේ ඉවරයි මේ වයසේදී මට පුළුවන් උපරිම විදියට මම ගේ හැදුවා මේක තමයි මට කොරන්න පුළුවන් උපරිමේ කියල කිව්වලු. ලොක්ක හිනාවෙලා බාසුන්නැහේට කිව්වලු ලොකු උන්නැහේ අපේ කොම්පැනියට ගොඩක් මහන්සියෙන් වැඩ කරලා තියෙනවා ඉතින් ඒ වෙනුවෙන් අස්වෙලා යන මොහොතේ ඔයාටයි පවුලේ උදවියටයි නිවසක් ලබාදෙන්න අපි හිතුවා. ඉතින් ඒ නිවස ඔබම ගොඩනැගුවොත් ඔබේ කැමැත්තට හදාගන්න පුළුවන් නිසයි ඔබ දැන් වැඩ නිම කල නිවාස ඔබටම තැනීමට භාර දුන්නේ කියල. ඔන්න එතකොට තමයිලු වඩු උන්නැහේට තරු වීසි උනේ. ඇයි දෙවියනේ දර මඩුවක් වගේ අටවල දැම්මේ තමන්ගේම නිවස නේද.......?
මේ වගේ දේවල් වලට අපි අපේ කාර්යාලයේදී නොයෙකුත් මුහුණ දෙනවා. බෑග් පැක් එකට ලැප් එක දාලා වැඩ ඉවර වෙලා ගෙදර යන්න යද්දී මේ කොහෙවත් ඉන්න කෙනෙක් රාජකාරියක් අරන් එනවා එතකොට කාටද කේන්ති යන්නේ නැත්තේ. හැමෝම කරන්නේ මල්ලෙන් ගහල දාලා වැඩේ කරලා ඉක්මනට ගෙදර යන්නයි. මොකද උවමනාවෙන් නෙවෙයිනේ කරන්නේ. මටත් ඒ වගේ අවස්ථා වලට මුහුණ දෙන්න සිද්ද වෙලා තියෙනවා. නමුත් මේ කතාවෙන් ගන්න තියෙන ආදර්ශය තමයි වැඩක් බාරගත්තොත් මුල තිබු උනන්දුව අවසාන මොහොත දක්වාම තියගනිමින් ඒ වැඩේ නිම කරන්න කියන එකයි. මේ ලිපිය වයස් සීමාවක් නැහැ. ඕනෙම කෙනෙකුට ජීවිතේට හොඳ පාඩමක්.
එහෙනම් ගිහින් එන්නම් මා නොමැති කාලයේ ඒ පිළිබඳව සොයා බැලු සියලුම බ්ලොග් මිතුරන්ට මගේ හද රැඳී ප්‍රණාමය.
Thursday, 20 June 2013
නයි කයිද රෝස් පාන්??????????????
අනේ අප්පේ කාලෙකින් ලිව්වේ නැතිව ඉඳල කෂ්ටියට මාව මතකදත් දන්නේ නෑ. මතක නැතිවෙන්නත් ඕනේ. මොකද වැස්සකටවත් වලව්වට ගොඩ උනේ නැහැනේ මම. ඒ උනාට මගේ සුහද මිතුරු පිරිසම දන්නවනේ මම මේ දවස් වල එන්නේ නැත්තේ මොකද කියල උදේ ඉඳන් රෑ වෙනකල්ම ලෙක්චර්ස්. බ්ලොගක් උනාම මේ විදියට මකුළුදැල් බැඳලා පාලුවට යන්න දෙන්නත් හොඳ නැහැනේ ගිය පාර මම දැම්ම නායකත්ව ලිපි මාලාවේ ලිපි දෙකකක් දැනටම සංස්කරණය වෙමින් තියෙනවා ඉඩක් ලැබුණු ගමන් ඒකත් දාන්නම් කෝ....... ඉතින් මේ පාර මම ලියන්නේ මේ ලඟකදී අපේ පුංචිටයි බාප්පටයි සිද්දවුනු අකරතැබ්බයක් පිළිබඳවයි.
මේ දෙන්න එංගලන්තෙට ගියේ දැනට අවුරුදු 10කට පමණ පෙර මල්ලි පොඩි කාලේ. ඉතින් පොඩි එකාට සිංහල බාශාව පිළිබඳව හරි වැටහීමක් නැහැ. කතාකරන ඒවා අහන් හිටියොත් දවසම හිනහ වෙන්න පුළුවන්. කොහොම හරි මේ දෙන්න ලඟකදී කතාවක් ගිහින් තියෙනවා මොන එයාර් ලයින් එකේද ලංකාවට එනකොට එන්න ඕනේ කියල. පුංචි කියනවලු බ්‍රිටිෂ් එයාර්වේස් එමු කියල බාප්පා කියනවලු ශ්‍රී ලන්කන් එමු කියල. ශ්‍රී ලන්කන් එකේ ඉතින් නොසෑහෙන්න බොන්නත් දෙනවනේ
හිකිස්.................
ඉතින් මේ දෙන්න මෙහෙම බහින් බස් වෙනවලු
බාප්පා: මොනවා කරලා හරි යන්න ඕනේ ශ්‍රී ලන්කන් එකේ
පුංචි: අපෝ නැහැ බ්‍රිටිෂ් එකේ පහසු කම් හොඳයි
බාප්පා: මේ ක්‍රිෂාන්ති මමයි ගෙදර ගෘහමූලිකයා මම කියන දේ තමයි ඔයාල කරන්න ඕනේ
පුංචි : හරි හරි ලාල් ඔයා නම් කිව්වොත් කිව්ව එකමනේ බලන්නකෝ අක්කේ...........
මේ දෙන්නගේ ප්‍රශ්නේ විසඳන්න මැදිහත් වෙන්න උනේ අපේ මව්තුමියට තමයි.
ඒ අස්සේ මල්ලි අහනවා
මල්ලි : කවුද අම්මේ ගෘහ මූසලය කියන්නේ ???????????????
බාප්පා: මොකක්?????????????
මල්ලි: ක...වු....ද... ගෘහ මූසලයා කියන්නේ?????????
ඔන්න දැන් අපිට පැලෙන්න හිනහ මේ කතාවට. පස්සේ පුංචි තේරුම් කරලා දුන්න ගෙදර ප්‍රධානියාට තමයි ගෘහ මූලිකයා කියන්නේ කියල . දැන් අපේ බාප්පට කොහොමද බාප්පේ අලුත් තනතුරේ වැඩ කියල ඇහුවම හොඳවයින් දෙකතුනක් අහගන්න පුළුවන්.
ඔන්න එහෙනම් අපි කැපුනා හැමෝටම ජයෙන් ජයම වේවා!!!!!!!
Wednesday, 8 May 2013
නායකත්ව පුහුණව leadership (01) සියල්ලන්ම කියවිය යුතු ලිපියක්. මම වෙනුවෙන් නොව ඔබ වෙනුවෙන්.
අඩේ අප්පා අද උදේ පාන්දරම නැගිටලා කාගේ බෙල්ල කම්දෝ කියල හිත හිත කබ පිරුන දෙනෙතින් ලෝක ධාතුව දිහා බලන මට එක පාරටම කම්පනාවට ආවේ යකෝ මට බ්ලොගක් කියල දේකුත් තියෙනවා නේද සෑහෙන්න කාලෙකින් මොනවවත් කුරුටු ගෑවේ නැහැ නේද කියල. ඉතින් අද කොහොම හරි මේ පැත්තේ ගෑටුවේ මගේ සහෝදර බ්ලොග් වාසීන් ටික දැකබලාගන්නයි. මේ දවස් වල මට බ්ලොග් ලියන්න කියවන්න එන්නේ නැති හේතුව දන්නේ කිහිප දෙනයි නේ. ඉතින් මම එක අනෙක් අයටත් දැනගන්න එක්ක කියන්නම් කෝ. මම මගේ රැකියාව මාරුකලා. නමුත් මට හිතාගන්න බැරි මේක ප්‍රොමෝෂන් එකක ඩිමෝෂන් එකක්ද කියල කොහොම හරි ඉස්සරට වැඩිය ගානක් පොකට් එකට වැටෙන නිසා සද්ද නැතිව වැඩ ටික කරන් ඉන්නවා. කොහොම නමුත් මගේ විවේකය අඩුවෙලා කියන එකනම් පැහැදිලියි. ඒ වගේම මට දැන් කරන්න වෙලා තියෙන්නේ උදේ ඉඳන් කෑගහන එක තමයි. මොකද මම මේ වැඩ කරන ආයතනය ගොඩදුරට කරන්නේ නායකත්ව පුහුණු වැඩමුළු කැම්පස් යන්න සිලෙක්ට් වෙලා ඉන්න සිසු සිසුවියන්ට
මගේ කොටස තමයි මේ පොඩි කෙල්ලෝ කොල්ලෝ ටිකට Science & Technology (විද්‍යාව සහ තොරතුරු තාක්ෂනය) කියන දේ එයාලගේ ඉදිරි ගමනට වැදගත් වෙන්නේ කොහොමද කියල කියල දෙන එක. අද හැමදෙනාම දන්නවා අපිට තාක්ෂනය ගැන දැනීමක් නැතිව ඉස්සරහට යන්න බැහැ කියන එක වෙන වෙන විෂයන් වලින් අපි උපාදියක් ලබාගත්තත් අපිට ලොකු තල්ලුවක් වෙනවා එහෙන් මෙහෙන් පරිගණක දැනීමක් තියෙන එක. අද කාලේ ගොඩක් ළමයි බලන්නේ පරිගණක ආශ්රිත රැකියාවක් ලබාගන්න පරිඝනක උපාදියක් ගන්න නමුත් ඒ සඳහා විශ්ව විද්‍යාලෙට ගිහින් තමන්ගේ අරමුණ ඉටුකරගණන් කීයෙන් කීදෙනාද? අවුරුදු 4ක විශ්ව විද්‍යාල ජීවිතය අපේ ජීවිතේ ලොකු හැරවුම් ලක්ෂයක් වෙනවා. කරන්නං වාලේ උපාදියක් කරලා ජීවිතේ අවුරුදු 4ක් නිකන් නාස්ති කරගෙන උපාදියට කොහෙත්ම සම්බන්දයක් නැති රැකියාවක් කරන උදවිය මෙහෙ අනන්ත ඉන්නවා. බොහෝදුරට අපි කැම්පස් එකේ විෂයන් තෝරාගන්නේ මොන විදියේ පදනමක් මතද?
- දෙමාපියන්ගේ ඉල්ලීම මත
- අල්ලපු ගෙදර බුවා කරන්නෙත් මේ අංශයේම රැකියාවක් නිසා
- මෙවැනි උපාදියක් ලබාගැනීමෙන් ලොකු පඩියක් ලබාගත හැකි යැයි අසා ඇති නිසා
- සමාජයේ පිළිගැනීමක් ඇති නිසා
නමුත් කවදාවත් ඔයාල හිතල බලල තියෙනවද මේ කරන උපාදියෙන් තමන්ගේ අනාගතය දීප්තිමත් කරගන්න විදියක් ගැන? ඒ වගේම කවුරුවත් මේ පිලිබඳ දැනීමක් ඇති පළපුරුදු අයවලෙකුගෙන් විමසල තියෙනවාද? බොහෝ දුරට නැහැ....... බොහෝ දුරට අපි අදහස් විමසන්නේ අපිට අවවාදයක් දෙන්න තියා එයාලටවත් හරි මාර්ගය තෝරාගන්න බැරි අයවලුන්ගෙන්. මතක තියාගන්න මේ සටහන පරිඝනක උපාදිය කරන උදවියටම පමණක් නොව විශ්ව විද්‍යාලයට යන්න හිතන් ඉන්න හැම දෙනෙක් සහ දැනට රැකියාව කරන උදවිය වෙනුවෙන්ම ලියවුන දෙයක් බව. අද කාලේ Bachelor degree එකක් කියන්නේ සාමාන්‍ය දෙයක්. අද සමාජයේ ඇති තරඟකාරී අධ්‍යාපන ක්‍රමය තුල බොහෝ දෙනෙක් පෙළබෙන්නේ මෙම උපාදිය ගැනීමට පමණයි. මෙතනින් ඉදිරියට යන්නේ කැම්පස් අවුට් වෙච්ච පිරිසෙන් සියට 15ක් 20ක් වැනි සුළු කොටසක්.
මට මතකයි ඩුඩ් අයියගේ පොස්ට් එකක තිබුනා කවදාවත් තමන්ගේ විනෝදාංශය රැකියාව විදියට තෝරාගන්න නරකයි කියල. නමුත් මට හිතෙන්නේ ඒ දේ වැරදියි කියල. තමුන් රැකියාවක් තෝරාගන්න කලින් හොයල බලන්න ඕනේ තමන්ට මේ සඳහා හැකියාව උවමනාව උනන්දුව සහ කැපවීම කියන දේ තියෙනවද කියල. අපි බොහොමයක් දැනට රැකියාව කරන අය. නමුත් කීයෙන් කී දෙනාද උදේට නැගිටලා උනන්දුවෙන් ආසාවෙන් රැකියාවට යන්නේ. එය මුළු ප්‍රතිශතයෙන් සියට 20ක් වැනි අගයක්. ඇයි මේ අලසකම? මේ උදවියට ගෙදර ඉන්නවට පඩි දෙනවනම් කවදාවත් රැකියාවට යන්නේ නැහැ කියන එක මට ෂුවර්. ඒ අලසකම උවමනාවක් නැති කම ඇතිවෙන්නේ තමන් හිත යටින් කැමති නැහැ තමන් මේ කරන රැකියාවට. අපි උදාහරණයක් විදියට ගමු ටියුෂන් ගුරුවරයෙක්. ලංකාවේ ගුරුවරු ගත්තාම ඉන්නවා ලක්ෂගානක් මේ පොස්ටුව කියවන හැමෝටම ගුරුවරු ඉන්නවා නමුත් මේ ගුරුවරුන්ගෙන් බොහොම සුළු පිරිසක් ජනප්‍රියත්වයේ සාර්ථකත්වයේ හිනිපෙත්තටම නගිනවා. ඇයි මේ සමහර ගුරුවරු පයින් යද්දී අර ජනප්‍රිය ගුරුවරු කොළඹ ක්ලාස් ඉවර වෙලා නුවර ක්ලාස් එකට යන්නේ හෙලිකොප්ටරෙන්. සමහර උදවිය ළමයි නැතිව වේලෙද්දී අර ජනප්‍රිය ගුරුවරුන්ගේ ක්ලාස් වල ළමයින්ට ගුරුවරයව පෙන්නේ රූපවාහිනී තිරයකින්. හේතුව තමයි ඉගැන්වීම ගුරුකම කියන දේ ඒ උදවිය ඇඟේන්ම කරන දෙයක් එකට අමතර පුහුණුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. අර ළමයි නැතිව වේලෙන පන්තිවල ගුරුවරු සුදුසු කම උගත්කම් නැති අයද? නැහැ තියෙනවා සමහර විට මේ ජනප්‍රිය අයට වඩා උගත්කම ඇති. නමුත් ගුරු කම කියන එක එයාලගේ ඇඟේ නැහැ( එය ඔවුන්ට රැකියාවක් පමණයි)
මේ විදියට හැම අංශයකම ඒ සඳහා කැමැත්තක් ඇති ආසාවෙන් කරන උදවිය දවසින් දවස ප්‍රොමෝෂන් ගහනවා පඩි වැඩිවෙනවා. එකම දෙපාර්තමේන්තුවේ රැකියාව එකම දින එකම සුදුසු කම් ඇතිව පත්වෙන දෙදෙනෙක් ගෙන් එකෙක් ආව තැනම ඉන්දෙද්දී අනෙකා උසස් වීම් ලබනවා ඔයාල දැකල ඇති මෙතෙනදීත් වෙන්නේ අර කලින් කිව්ව කාරනාවම තමයි.
අපි ඉගනගැනීමට කලින් හොයල බලන්න ඕනේ කාරණාවලින් මුල් කාරණේ තමයි මම දැන් සඳහන් කලේ ඒ තමන්ට ඒ සඳහා ඇති කැමැත්ත ආසාව සහ හැකියාව. දෙවැනි කාරණේ තමයි Market Need (වෙළඳ පොළ අවශ්‍යතාවය) දැන් අපි ගමු උදාහරණයකට අපේ හර්ෂණ මලයා (රජා). ඒකා සිවිල් ඉංජෙක් මම දන්න තරමට පොඩි කාලේ ඉඳන්ම ඒ සඳහා සැලසුම් කරලා එතනට ආව කෙනෙක්. ඒවගේම රැකියා වෙළඳපොලේත් සෑහෙන්න ඉල්ලීමක් තියෙනවා සිවිල් ඉංජිනේරුවන්ට. මට හිතෙනවා මමත් වෙන්න ඕනේ කියල සිවිල් ඉංජෙක්. කරන්න පුලුවන්ද? ඔව් මොන ක්‍රමේකින් හරි උපාදිය ගන්න පුළුවන්. නමුත් සිවිල් ඉංජිනේරුවෙක් විදියට ජොබ් එකක් කිරීමේදී සෑහෙන්න ගැටළු වලට මුහුණ දෙන්න වෙනවා. මොකද ඒ මගේ කැමති අංශය නෙවෙන නිසා. අයිලාෂ් අයියා අපේ වෙනි (මාමා :P) ගමු හොඳ කැමරා කරුවෝ. නමුත් වෘතිමය පැත්තෙන් මම ඒ විෂය ඉගෙනගැනීමට ගිහින් රැකියාවක් විදියට කරන්න පුලුවන්ද. පුළුවන් වේලෙන ස්ටූඩියෝ එකක් දාගෙන්න ඉන්න පුළුවන්. මොකද ඒ කැමරා කරණයට මගේ Passion එකක් නැති කම.
මේ විෂය හරිම කම්මැලි විෂයක්. දිගින් දිගට කියවන යද්දී එපාවෙනවා කියවන්න. මේ පැය 3ක ලෙක්චර් එකක් තමයි මම මේ සිංහලට පරිවර්තනය කරලා සරල විදියට දැම්මේ. මේ ලිපිය සම්බන්දව ඔයාලගේ අදහස් මට කියන්න කට්ටියම කැමතිනම් අපි මේ පිළිබඳව විස්තර සහිතව ලිපි දෙකතුනක් දාන්නම්
විශේෂයෙන් මා නොමැති දිනවල ඒ පිලිබඳ විමසා බැලු දේශකයාට සහ අටම් අයියාට මාගේ හැඩහද පිරි ස්තූතිය.
Subscribe to:
Posts (Atom)


















