අද නම් මේ පොස්ට් එක ලියන්නේ ලියන්න හිටි දෙයක් නෙවෙයි නමුත් අපේ ඩුඩ් අයියටත් මට වගේම අකරතැබ්බයක් වෙච්ච නිසා ඒ ලියල තිබුණු ලිපියේ ඩුඩ් අයියා කියල තිබුනා ඕන්න ඔහේ උඹේ අත්දැකීමත් ලියල දාපන් කියලා. ඒ නිසයි මේ පොස්ට් එක ලියන්න හිතුනේ. මේ සිද්දිය වුනේ එකදාස් නවසිය බර ගණන්වල නම් නෙවෙයි මේ 2012 මම ඔය වැලිකඩ නිවාඩුවට යන්න ඉස්සෙල්ල. මට ඉස්සර ඉඳලම තියෙනවා මහා බරපතල සුව කරන්නට අමාරු රෝග දෙකක්. මම මේ ප්‍රථම වතාවට තමයි පොරසිද්දියේ මේ වගේ ඒ ලෙඩ දෙකක්ම තියෙනවා කියල පිළිගන්නේ. කාටවත් කියනවා එහෙම නෙවෙයි ඕන්...... පලවෙනි ලෙඩේ තමයි ලංකාවේ ඉන්න කාලේ ට්‍රිප් යන්න කොහේ හෝ ඇවිදින්න තියෙන ආසාව. දෙවැනි එක තමයි රථ ගාය. ඒ ගැන වැඩි විස්තර අවශ්‍ය නැහැනේ ඉතින් මේ ලෙඩ දෙක හින්දා වැටුණු අමාරුවක් තමයි මම මේ කියන්න යන්නේ දැන් ඉතින් අපේ ඩුඩ් අයියට වගේ නම් මතක් වෙන්නේ වාහනේක නෙවෙයි අල්මාරියකවත් යතුරක් කතාව.... හික් හික් හික්
කොහොමින් කොහොම හරි තමුන්ටම කියල බර කරත්තයක් වත් නැති කම ලංකාවට ආවම මට සෑහෙන්න ප්‍රශ්නයක් වුනා. මොකද හතර වටේම ඉන්න පවුලේ උදවියගේ අනුග්‍රහය බලාපොරොත්තුවෙන් ඉන්න එක මට හරිම වදයක් වුනා. ඒ වගේම එහෙම වාහනයක් අරන් ගියාම ඒක අනවශ්‍ය බලපෑමක් වෙනවා හිතට. ඕකට පිලියමක් විදියට පරණ කාර් කටුවක් ගන්න ඕනේ කියා කියා හිතන් ඉන්න අතරේදී තමයි අපේ හාමිනේ පොඩ්ඩ, වෑන් එකක් ගන්න අදහස ඔලුවට දැම්මේ. මොකද වෑන් එකක ඉඩකඩ එහෙමත් තියෙනවා අනෙක වැඩි දෙනෙකුට යන්න පුළුවන් ඉතින් මේකට හරියන්න මමත් ගත්ත කියමුකෝ වැනට් එකක්. පරණයි තමයි. පරණ උනාට තමුන්ගේ තරමට එපැයි වැඩ කොරන්නත්. මේක ගන්න ඔක්කොම සැට් වෙලා තියෙද්දී අපේ හැරා ගොයියා මට කිව්වේ මල්ලි මේකේ ඕල්ටර්නේටර් එකේ අවුලක් තියෙනවා පොඩ්ඩක් මිනිහට කියන්න ඒක හදවල දෙන්න කියල මිරිස් බදිනවා වගේ ගඳක් එනවා කියලා.
කකුල් කෙටි දෙක ටිකක් දික්වෙච්ච දවස් වල ඉඳලා සුක්කානම් කැරකුවට මොකෝ පැහැදිලිවම මගේ කාර්මික දැනුම නම් අන්තිමයි.කොටින්ම අදටත් වාහනේක ටයර් එකක්වත් මාරු කරගැනීමේ හැකියාවක් නැහැයි කියන්නේ හතර විලි ලැජ්ජාවෙන්. කොහොම හරි වාහනේ අරන් එන දවසත් ආවයි කියමුකෝ වාහනේ අරන් එන්න යන්න හැරා ගොයියට නිවාඩු තිබුනේ නැති නිසා මම හාමිනේත් එක්ක ගොහින් වාහනෙත් අරන් ආවයි කියමුකෝ. එන්න කලින් මම පෙර අයිතිකරුගෙන් ඇහුවා "අයියේ මේකේ අර ඕල්ටර්නේටර් එකේ අවුල හැදුවද" කියලා මිනිහා ගත් කටටම හෙන මැකෑනික් ටෝක් එකක් දාල කිව්වා "හරි මල්ලි එව්වා මෙව්වා අරවා ඔක්කොම හදල තියෙන්නේ දැන් ඔයාට තියෙන්නේ දුවන එක විතරයි" කියලා. කොහොම හරි අපේ සනිස්ගෘතියේ හැටියට වාහනයක් ගත්තාම යන්න ඕනේ දේවාලකට හරි පන්සලකට හරි නමුත් ඊට පහුවදා බනියගේ පුංචි ආච්චි මැරිලා වැඩකොරන (අවසන් කටයුතු) දවස. මලගේ තිබුනේ කොලොන්නාවේ. මුල් දවසේ ඉඳලා විදේශාධාර ඔක්කොම හුවමාරු වුනේ මම හරහා තමයි මළගෙදර මූල්‍ය වගකීම් පැත්ත පැටවිල තිබුනේ මගේ පිට නිසා හවස අනිවාර්යයෙන්ම මළගෙදර යන්න සිදුවුනා.
හැබැයි මේ සිද්දිය සම්බන්ධව කිහිප දෙනෙක් නොයෙක් අදහස් ප්‍රකාස කොලත් මේ කෝරළේ ගොයියා නෙවෙයි ඔය මිත්‍යා මත ගණන් ගත්තේ. මරණේ වැඩ ඉවර කොරලත් සතියක් යනකල් ඉඩකඩක් ලැබුනේ නැහැ දේවාලෙකට යන්න. ඉතින් ඔය අතරේ තමයි දෙසැම්බර් 30 උදාවුනේ. දන්නවනේ කෝරළේ මහත්තයා කියන්නේ සමරන්න අවස්තාවක් එනකල් බලන් ඉන්න ඩයල් එකක් කියලා ඒ දවස් වල (බෝතලයක් කඩන්න). ඉතින් හාමිනේටත් බටර් පාර ගාලා පුංචි ආච්චිගේ පුතා වන චමින්ද මාමවයි, හැරායි, තව බනියගේ මල්ලිලා දෙන්නෙකුත් එක්ක යන්න පිටත් වුනා අම්බලන්ගොඩ බීච්. 30 රෑ කළුතර බනියගේ ආච්චිලාගේ ගෙදර ඉඳලා යන්න තමයි කතාවුනේ 31 පාන්දරම. පාන්දර යන තරමට වැඩිපුර බොන්නත් ඇහැකි නොවෑ. කොහොම හරි බණ්ඩාරගම පාරේ වාහනේ අරන් ඇවිත් කළුතරට කිට්ටු වෙද්දීම අපේ එවුන්ට හැදුනා සුදහ ගින්න කොත්තු කඩ දකිද්දී. මුන්ගේ කරදර කාරී ඉල්ලීම් වලින් බේරෙන්න බැරි තැන මමත් මුස්ලිම් කඩයක් අල්ලලා නැවැත්තුවා. චමින්ද මාමා බැහැලා ගිහින් රෝල්ස් වගයක් අරන් ඇවිත් හැමෝටම දුන්නා මට පලවෙනි කට කද්දීම තේරුනා පොඩි අමුතු රහක්. මම බැහැලා ගිහින් කඩෙන් ඇහුවා මේ මොන රෝල්ස් ද කියලා කඩකාරයා මගේ දිහා කින්ඩියට වගේ බලල කිව්වා ඔය හරක් මස් රෝල්ස් කියලා.
ප්‍රතිපත්තියක් විදියට හරක් මස් නොකන මට මේ සිද්දවෙච්චි දේ සෑහෙන්න අවුල් වුනා. මොකද කඩකාරයට බැනලත් වැඩක් නැහැනේ අපේ ගොසලෑවා හොයන්නෙ බලන්නෙ නැතිව අරන් ආවට. එතැනින්ම කටත් හෝදගෙන කෝපි එහෙකුත් බීලා වාහනේට නැගලා ස්ටාර්ට් කරන්න හදනවා වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැහැ. මට බැරිම තැන හැරාට රියදුරු අසුන දීල බැස්සා වැඩේ හරියන්නේ නැහැ. දැන් කළුවර වැටිලා නිසා හෙට උදේම ප්‍රශ්නය මොකක්ද කියල බලන්න තීරණය කරපු පයිලට් හැරා තල්ලු ස්ටාර්ට් එකෙන් වාහනය ආච්චිලාගේ ගෙදරට අරන් ආවා. එදා රෑත් සුදු කැටේකින් (White Diamond) සප්පායම් වෙච්චි අපි තුන්දෙනා නිදාගනිද්දි පාන්දර 3 ත් පහු.
පහුවෙනිදා උදේ මම නැගිටින කොටත් හැරයි චමින්ද මාමයි දමාගෙන මොනවදෝ කොරනවා වාහනේබොනට් එක උස්සාගෙන. කට්ටිය ලැහැස්ති වෙලා ඉවර වෙලා ඉවරවෙද්දි ආච්චි අම්ම කියාපි පුතේ ඔයා එළවන්න එපා හැරල්ඩ්ට දෙන්න අරං යන්න. ඔයාට ඊයේ සිද්දවෙච්ච දේ අනතුරු ඇඟවීමක් වගේ දෙයක් කියලා. ඒ වෙද්දීත් හරියට වෙරි බැහැල නැතිව හිටි මම බැලුවා එකපාරටම මේ කඩන් වැටුන මරාලේ මොකක්ද කියලා. පස්සේ තමයි මට හරක් මස් රෝල්ස් එක මතක් වුනේ. අනෙක් හැමෝටම මාළු රෝල්ස් ඇවිත් මටම හරක් මස් එක හම්බවුන එකත් මම දේවාලේ නොගිහිං මළගෙදර ගිය සිදුවීමත්, හැරාට තල්ලු ස්ටාර්ට් මගින් වාහනේ පනගන්වාගන්න හැකිවීමත් මට නොහැකිවීමත් (මම තල්ලු ස්ටාර්ට් උත්සහ කොලේ නම් නැහැ) එකට ඈඳල ආච්චි අම්මා වෙනම රචනාවක් තිරගත කරනවා. වස්ලු අරකලු මේකලු. යකෝ මේක හරි මගුලක් මම ගත්ත වාහනේ මට පදින්න බැහැ. වස්........... වස් නෙවෙයි What The F***....... මාව පැත්තකට අඬගහගත්තු හැරා ඕක හරි මල්ලි.... එයාලගේ හිත හැදෙන්නත් එක්කල මෙතනින් මම එලියට අරන් පාරට ගිහින් මම ඔයාට දෙන්නම් දැන් වාදෙට යන්න එපා එයාලගේ මතවාද අපිට වෙනස් කරන්න බැරි තරම් එයාල වයසයි. යනුවෙන් මට කරුණු වටහා දුන්නු හැරා. ගේම ගොඩින් බේරාගත්තා.
අම්බලන්ගොඩට10.30 විතර අපි යද්දී ලොකු මාමගේ පොඩි දෙන්නයි අපේ සෙලෙස්තිනා නොහොත් මගේ පොඩි නෑනාත් Ready පිට හිටියේ නාන්න යන්න. උන්දලවත් වාහනේට නග්ගවාගෙන අම්බලන්ගොඩ රට බීම හලෙන් නැවැත්තුවේ සුදු කැට දෙකක් ගන්නයි. ඒ නැවැත්තුව ටිකටත් පොඩි එවුන් කලබල කරන්න ගත්තේ ඒ පරක්කු වෙන විනාඩි පහට මුහුද පිට රට යයි කියල බයේ වගේ. යකෝ....... මේ සෙට් එක මේ අම්බලන්ගොඩම දවස් 365 හේම ඉඳලත් හරියට හත් අවුද්දකින් නාලා නැහැ වගෙයි නාන්න තදියම. අපි මේ මෙච්චර දුර ඉඳලා මේ ආවේ මොන තරම් දැවැන්ත සැදැහැවත් වැඩක් කොරන්නද?????? මුන් මේ නාන්න හදනවා. බෝතල් ටිකත් අරන් එතන ඉන්න කඩල කාරයාගෙන් බයිට් ගණන් ගියාම තමයි මම ජීවිතේ පලවෙනි වතාවට කෑව හොඳම බයිට් එක වෙච්ච පොතුපිටින් තෙලේ බැදලා අරං ලුණු කුඩු ,මිරිස් කුඩු ඉහපු සුදුලූනු දැක්කේ චමින්ද මාමගේ ඉල්ලීම පරිදි එයිනුත් කිහිපයක් ගත්තේ වෙනසකට එක්ක. (හැබැයි අපිට නම් කන්න හම්බ වුනේ නැහැ නොබොන එවුන් කාලා ඉවර කළා)
මේ තියෙන්නේ තැන. පින්තූරය ඉස්සුවේ ගූගල් දෙවි පිහිටින්
බීච් කිව්වොත් මම කවදත් හරිම කැමති තැනක් තමයි අම්බලන්ගොඩ පරණ පාරේ පරණ තානායම (දැන් තියෙන්නේ මෙයා නටබූන්ස් විතරයි ඒකයි පරණ කියල කිව්වේ. you know වට් අයි මීන්) පිටිපස්සේ කන්ද බැහැලා ගියාම තමයි මේ සුන්දර ස්ථානය තියෙන්නේ.ගල් දෙකකින් වටවෙලා පොකුණක් වගේ වැඩි ගැඹුරක් නැතිව හැදුන. මෙම ස්ථානයට ඒ පළාතේ උදවියනම් කියන්නේ මුහුදු පොකුණ කියලා, අපිත් ඒ නමම කියමුකෝ... වාහනේ තානායම් වත්තේ නවත්වල නාන එවුන් නාන්නත් බොන එවුන් බොන්නත් සැටමෝල් වුනා. අර කලින් කිව්වා සුදු ළූණු බයිට් එකෙන් අපි බිග් තුනක් කන අතරේ ඉතිරි ගෙඩි සියල්ල වාෂ්ප වුනේ පොඩි එවුන්ගේ පොඩි කමට කියමුකෝ හැක් හැක් හැක්.... හවස් වෙනකල්ම බිබී ඉන්න අතර වාරයේ මගේ මීටරේ අවුට් යන්න පටන්ගෙන තිබුනේ. හරියට වැහි කුනාටු සහිත දිනයක් සාමාන්‍ය ඇන්ටනාවකින් රූපවාහිනිය බලනකොට වගේ තමයි ඉඳල හිටලා පියවි සිහියට එනවා ආයේ අවුට්. ලොකු මාමා මේ එක විගඩමකටවත් සහභාගී නොවී හිටියේ එතන වැඩිහිටියෙක්ගේ (කෙලින් කටින් ඉන්න ) වගකීම මොනවට ගෙනහැර පාමින්.
ඔය අස්සේ තමයි ලොකු මාමගේ පොඩි පුතා මහා හයියෙන් බෙරිහන් දෙන සද්දේ ඇහුනේ. ගෙහුං බැලින්නම් මේකා ගල් උඩ නගින්න ගොහින් ඇනගෙන ඉකිරි කටුවක්. වටවුණු උදවිය එක එක කතා කියනවා. අපොයි දෙයියනේ මේවා ඇනුනම පිළිකා හැදෙනවලු මේ ළමයට අරක කරන්න මේක කරන්න යනාදී වශයෙන් නොයෙක් අදහස් ඉදිරිපත් කොරනවා. එතන හිටපු සීයා ටයිප් වයසක මනුස්සයෙක් තමයි කිව්වේ කකුලට මූත්‍රා කරන ලෙස. එය කෙම් ක්‍රමයක් බවත් එයින් විස පැතිරීම වලක්වෙන බවත් තමයි ඒ සීයා සඳහන් කොලේ. හප්පේ පොඩි එකාගේ කකුලට චූ කරන්න එතන හිටපු හැමෝම ඉදිරිපත් වුනේ හදවත උනුවෙලා (හදවත තිබුණු තැනයි ප්‍රශ්නෙකට එන්නේ) :) කොහොම හරි පොඩි එකාව දොස්තර කෙනෙක් ලඟට අරන් ගියේ අපේ හාමිනෙයි සෙලයි, මාමයි, හැරායි එකතුවෙලා මස්සිනාලා දෙන්නයි චමින්ද මාමයි එක්ක මම බීච් එකේ හිටියා. ඒ ඉන්න ගමන් ඉතිරි කොටෙත් දෙන්නත් එක්ක අහවර කරා නමුත් ඒ වෙද්දී ලිමිට් පැනලා කියන එක මටවත් චමින්ද මාමටවත් තේරුනේ නැත්තේ වයිට් ඩයමන්ඩ් කියන්නේ තැපෑලේ වදින බීමක් හින්දා වෙන්න ඕනේ.
හිතුවට වැඩිය පොස්ට් එක දිගවැඩි නිසා කොටස් දෙකකට කඩන්න තීරණය කොලා. බිහිසුණු සටන් ජවනිකා, සංවේදී දර්ශන, ඩෝප් සීන්, පොලිස්කාරයින්ගේ මාළු උන්ගේ ඇඟේම තියා කැපීම. රෑ 12 කොහෙද හිටියේ මොනවද කරේ? ඇඟේ මයිල් ඉස්මයිල් වන ත්‍රාත්සජනක අත්දැකීම දෙවැනි කොටසින් බලාපොරොත්තුවන්න. මාතෘකාව නම් ගෙඩිපිටින් හෙන්රි අයියගෙන් ඉස්සුවේ. (නොකියා)
මේ ඉන්නේ කෝරළේ මහත්තයා ඒ....... කාලේ එකදාස්අටසිය බර ගනන් වල
මේ ගල උඩ ලැග්ග රිලව් දෙන්න වගේ ඉන්නේ හැරා සහ චමියා යන මහතුන් දෙපලයි
මෙන්න නාන විදිය. ස්විමිං පූල් එකක් වගේ.
දෙවැනි කොටසට යන්න මෙතනින්
Sunday, 23 March 2014
Saturday, 1 March 2014
බෙන්තර වැඩ මුළුව සහ ලොකු මාමා සහ ගීතා නම් ගැට+ඉස්සි
මේ ලියන්නට යන්නේ සුළු ඕපා දූපයකි. එයට හේතු පාදක වුනේ අපේ 60 පැන්නත් කොල්ලා කෙන්ජි අයියාගේ නවතම පෝස්ට් කටුව කියවීමෙන් පසුවයි. ඒ වර්ෂ 2009 අග භාගය බැව් මට යන්තමින් වාගේ මතකයි. නිවාඩු ගොස් සිටි මා මූලිකවම අරමුණු කරේ මාගේ ජාතික හැඳුනුම් පත සකසා ගැනීමටයි. (ඇයි යකෝ මෙච්චර වයස වෙලත් අයිඩින්ටියක් නැහැයි කියන්නේ ඉපදුනු රටේ, වහ කන්න වෙන වැඩක් නේ). ඒ කටයුත්ත විගසින් කරදීමට හැකි එකම පුද්ගලා මගේ ගෞරවණීය ලොකු මාමා ජී නොහොත් මාගේ මවගේ ලොකු අයියා ඒ දිනවල කටයුතු කලේ බෙන්තර ප්‍රදේශයේ තරුණසේවා කටයුතු භාරවයි. (සූදීක අයියා දන්නවත් ඇති සමහර විට). තැන තැන රස්තියාදු ගසමින් කාලය ගතකල මට දිනක් ඔහු පැවසුවේ පුතා බෙන්තර තියෙනවා අපේ හොඳ වැඩ මුළුවක් ඔයත් එන්න. අඩුම තරමේ දෙයක් ඉගෙනගන්නවත් ඇහැකි වේවි නේ. නිකන් රස්තියාදු ගසමින් ඉන්නවාට වඩා හොඳයිනේ යනුවෙනි. නමුත් එහි යාමට මට එතරම් පිරියක් නොතිබුනේ ඒ දිනවල මාගේ ප්‍රේම පුරාවෘතය දැඩි ලෙසම ගලාගෙන යන දිනයන් වූ බැවිනි. එබැවින් ලොකු මාමාට කට් එකක් දැමීමට මගක් සොයමින් සිටි මට, පෙරම ඔහු මාගේ දෙමවුපියන්ගේද අවසරය ගෙන තිබුනෙන් මාහට කීමට දෙයක් ඉතිරි නොවීය. අම්මපා කිව්වොත් ඒ දවස් වල ගහල තිබුන ලව් මාන්දම නැත්නම් මා කිසි විටෙකවත් එවැනි සම්මන්ත්‍රණ වැඩමුළුවක් අතපසු කරන්නේ නැහැ, මී ඇස් දෙක පල්ලා ඔව්.....
"තමුන්ට වැඩමුළුවට ඉන්න බැරිනම් ෆොටෝ ටික ගහන වැඩක්වත් කරනවකෝ" යැයි ලොකු මාමා පැවසුයේ එහි පැමිණීමට නොහැකි යැයි ඉදිරිපත් කල කණු කුණු වල ප්‍රථිපලයක් ලෙසිනි ඔහුගේ ඉල්ලීම හිස් මුදුනින්ම මා පිළිගත්තේ එය මට දුරකතනයෙන් මල් කැඩීමට භාධාවක් නොවනා බැවිනි. එම වැඩමුළුව පැවැත්වූයේ බෙන්තර ගාමිණි විද්‍යාලයේ බව මට යන්තමින් වාගේ මතකයි. එහි ගිය පසු මට භාර වූ ෆොටෝ ඇල්ලිල්ලක් නම් නැතිය. යන තැනම සිටි ඉටිකිරිස් අක්කලා සෙට් එකකට මාව ඔහුගේ පුතා ලෙස හඳුන්වා දෙමින් මාව සම්මන්ත්‍රණ ශාලාවට රැගෙන යන ලෙස අක්කලාට මාව භාර දුන් ලොකු මාමා අන්තරස්ධාන විය. මල්ලි ඔයා සර් ගේ පුතාද අනේ බලන්නකෝ ඔයාගේ ලොකු....... මම අවුරුදු ගානකට කලින් ඔයාලගේ ගෙදර එද්දී ඔයා හරි පොඩියිනේ යනුවෙන් මුකුළු බස් දොඩවමින් විස්තර අසන්නට විය. මුන් මේ ෂුවර් එකටම අසන්නේ සචියා (ලොකු මාමගේ පුතා ගැන වියයුතුයි ඌ දන්නවනම් බෙල්ල එල්ලගෙන මැරෙනවා) . බලන්නකෝ මල්ලි ඔයා හරි උස ගිහින් ලොකු වෙලා, හයියෝ මේ ඇන්ටිලා සෙට් එකේ වදෙන් බේරෙන්නට බැරි විය. මටද එසේ බේරීමට කිසිම ඕනා කමක් නොතිබූ බව විලි ලජ්ජාවෙන් තොරව ප්‍රකාස කොරන්න කැමතියි. කෙසේ හෝ එම වැඩ මුළුවට සහභාගී වූවන් අතරින් මට නම මතක සෝමසිරි මැදගෙදර මහතාගේ පමණය. නමුත් සියලු දේශණ හරවත් කම්මැලි නැති අන්දමින් කරගෙන යාමට ඔවුන් සමත්වූ බවත් පැවසිය යුතුයි.
එම උත්සවයේ සංවිධායක අක්කලාගේ නොමසුරු සංග්‍රහ (කෑම බීම) මැද කාලය ගතවනු මටනම් දැනුනෙවත් නැති තරම්ය. නමුත් ඕනෙම හොඳ වැඩක අවසන් කොටස අජපල් කිරීම අපේ ලංකාවේ සිරිතයි එනම් දේශපාලු ඩයල් මේ වගේ උත්සව වලට සහභාගී කරගැනීමයි. එම කොට්ටාශයේ විවිධ දස්කම් දැක්වූ තරුණ පිරිස් සඳහා සහතික පත් සහ සම්මාණ බෙදා දීමේ උත්සවයේ ආරාධිත අමුත්තා වූයේ දකුණු පළාත් මහ ඇමති අපේ තඩි ශාන් අංකල් සහ අපේ බෙන්තර සංවිධායිකා ගීතා කුමාරසිංහ මෙනවියයි. මෙනවිය ????? පොඩ්ඩක් ඉන්නවකෝ මැදින් පනින්නේ නැතිව. මෙනවිය කිව්ව කාරණේ කියනකල්. තවත් දේශපාලු බුවාලා රැසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්විය. නමුත් මෙහි දිරවා ගත නොහැකිම කොටස වූයේ මොවුන් පැමිණෙන්නට වුයේ වරින් වරයි. එම නිසා උත්සවයේ වැඩකටයුතු වලට භාධාවූ බව පැවසිය යුතුයි. අන්තිම මොහොතට ටිකකට කලින් එතනට සැපත් වීමට අපේ ගැට කෑල්ල ගීතා නගා සමත් විය. ඇයව පිළිගැනීමට මල් කළඹ දෙද්දී මේ.... මල් මොකටද වස...න් ත (හරිනම නෙවෙයි) අයියේ අපිට යැයි කීවේ මාමාගේ අත මිරිකමින් බව මාගේ උකුසු නෙතින් වසන් කිරීමට නොහැකි විනි. අහෝ දුකකි තිත් ගොඩකි. ඒ සෙනග ඉදිරි පිට මාමාගේ මූණ නිකන් කෝච්චියට අසුවූ ටොනික් පියනක් මෙන් ඇඹරි ගියේය. අසීරුවෙන් හිනහවක් මුහුණට නගාගත් ඔහු එන්න නංගියේ ස්ටේජ් එකට යැයි ඇයව කැඳවාගෙන වේදිකාව මතට ගොඩවිය වටේ පිටේ එවුන්ට හිනහව නවත්වාගත නොහැකි වූයේ ඔවුන්ගේ වයස් පරතරය නිසයි.
කප්ප බොරු තොගයක් වේදිකාවේ දෙසා බෑ ගී තන ගාගේ කතාව නිම වනතුරු ප්‍රේක්ෂකාගාරය බලාසිටියේ මේ ගෑනි කියන බොරුවලට කොයි මොහොතේ හෝ පොලොව පලාගෙන ඇදගෙන යයිදැයි සිතමින් බව කසුකුසු වලින් පසුව අසන්නට ලැබිණි. උත්සවය අවසානයේ සුදු අක්කලා සැට් එක දමා ඒමට මගේ හිතනම් දුන්නේ නැති අතර බලෙන් හෝ නැවත වතාවක් එවැනි වැඩමුළුවක් සංවිධානය කරවා ගැනීමට මට සිතිනි. නමුත් එය මාමාට පැවසීමට නොගියේ මගේ මුහුණ හතරැස් කරගැනීමේ අවශ්‍යතාවය ඒ දිනවල නොතිබූ නිසයි (දැනටත් නැහැ) . වාහනයට නැගගත් මොහොතේ සිට අන්දොස් මූඩ් එකේ පසුවූ ලොකු මාමා ඇමතු
මම : මොකෝ ලොකු මාමේ අවුලෙන් වගේ ඉන්නේ.
මාමා : නැහැ පුතා මම හිතන් ඉන්නේ හෙට අනිද්දා පැන්ෂන් ගන්න.
මම : ඒ මොකෝ ලොකු මාමේ තාම 45යි නේද වයස?
මාමා : පිස්සුද බං උඹට??? අර ගීතාට වයස 65ත් පැනලා මම ඒ ගෑනිට අයියා වෙනවා කියන්නේ මට 75ක් වත් වෙන්න ඕනේ. බලාපන් මගේ සායම ඉවරයි. ළමයි ඔක්කොම කුටු කුටු ගානවා ඇහුන මේ සීන් එක ගැන යන ආදී වශයෙන් ගීතාගේ කැරට්ටුව දිග හැරගත්තේය. (එය මෙහි සඳහන් නොකරන්නේ සදාචාරසම්පන්න නොවන බැවිනුත් ඒ ගැන නොදන්නා කෙනෙක් ලංකාවේ සිටීම උගහට බැවිනි)
මම : ඔව්ව මොනාද ලොකු මාමේ මේ නැට්ට පිටින් අලි මැරෙන රටේ මම එහෙම ගෙදර කාටවත් මේ ගැන කියන්නේ නැහැ ඔයා බය නැතිව ඉන්නකෝ.
නමුත් ගෙදර ආවිගසම එම සිදුවීම ගෙදර උදවියගේ කනේ තියන්නට මම පසුබට වුනේ නැහැ. පවුලේ තරුණ වයසේ හැමෝම ඔහුට අනේ වසන්ත අයියේ....... යැයි කී විට හොඳවයින් වචන සැට් එකකින් සංග්‍රහ කරන්නත් මාමා අමතක කලේ නැහැ (කුනුහපර නෙවෙයි). සතියක් දෙකක් ඇතුලත ගමෙත් කනින් කොනින් මේ ආරංචිය පැතිර ගියේ ඒ අවට ගෙවල් සියල්ලේම විසුවේ ලේ ඥාතින් බැවිනි. මාමා පාරේ යනවිට පොඩි කොල්ලෝ කුරුට්ටෝ සැඟවී වසන්ත අයියේ වයස කීයදැයි විහිලු කිරීමට විය. නමුත් එම විහිළු වලට මාමා පිළිතුරු දුන්නේ වයස 60 වුනත් මම කරන්නේ තරුණ සේවා. හිතින් තරුණයි යනුවෙනි.
ගැට+ඉස්සි = ගැටිස්සි උඩ මාතෘකාව ගැටිස්සි ලෙස වෙනස්විය යුතුබව කරුණාවෙන් සලකන්න.
බෙල්ල එල්ලගෙන මැරෙනවා අලුත්ම මැරෙන ක්‍රමයක්. සොයාගත්තේ අපේ ගෞරවණීය හුටරිකා නැගණියයි. (අපේ ඥාති පොඩි එකෙක්) මවගේ බැනුම් වලින් බේරී මව බයකිරීමට කියන්නේ අම්ම බැන්නොත් මම බෙල්ල එල්ලගෙන මැරෙනවා කියායි. ළඟදීම පේටන්ට් එකට ඉල්ලුම් කරන්නයි හිතං ඉන්නේ බෙල්ල එල්ලගෙන මැරෙන ක්‍රමේ හික් හික් හික්
වර්ගීකරණය:
අපහාස,
කෝරලේගේ චාරිකා සටහන්,
මඩ,
විහිලු තහළු
Wednesday, 26 February 2014
ෆේස්බුක් තහනමේ අතුරු ඵලය 18+ සයිට් ද? සහ ව්‍යග්‍රා
ඔන්න මේ අවුරුද්දෙත් මෝඩයාගේ දිනය වෙනුවෙන් වැඩක් කරන්න අපේ සියඹලාන්ඩුවේ ඇත්තෝ ලැහැස්ති වෙනවලු. මේ දින වල නොකඩවා සිදුවීගෙන යන ෆේස්බුක් මරණ පෙළ හේතුවෙන් ගන්නට හැකි එකම විසඳුම ෆේස්බුක් තහනම් කිරීම ලෙස අපේ නැණවත් විෂය භාර අමාත්‍ය තුමා තීරණය කරලා තියෙනවා. හික් හික් හික්.... ඒ විතරක් නොවෙයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසන අන්දමට සාරි සල්වාර් වැනි අනතුරු දායක රෙදිපිළිද මෙරටට ආනයනය කිරීම තහනම් කිරීමටත් දැනට පාවිච්චියේ පවතින එවැනි අනතුරු දායක රෙදි පිලි රාජ සන්තක කිරීමට හෝ එය රජයේ ලියාපදිංචි කොට ලයිසමක් (ඔය ගිනි අවි වලට දෙන බලපත්‍රය වගේ) ලබාදීම පිලිබඳ දැනට සාකච්චා පවත්වන වග කෝරළේ මහත්තයට දැනගන්නට ලැබුනා හීනෙන්. අම්මපා හැමෝම බැලුවොත් කතා කොරන්නේ විශ්ව ගම්මානේ දොරටු විවර කිරීම ගැන. නමුත් මෙවැනි සියදිවි නසාගැනීම් රටේ අනාගත පරපුර විනාශ වී යාමට කිසිසේත්ම ඉඩ දිය නොහැකියි ඒ නිසා බුකිය නමැති ඒ භයානක වෙබ් අඩවිය තහනම් කලයුතුවේ එය රටේ අනාගතය වෙනුවෙන් ගන්නා මොලේ නැති ඇති තීරණයකි.
"නමුත් අද කාලේ හැදෙන ළමයි හරි ඇඩ්වාන්ස්" මේ කියමන අපි අනන්ත අහල ඇති. ඉතින් මේ ඇඩ්වාන්ස් ළමයින් දන්නේ නැහැ අවහිරකරපු අඩවි වලට පිවිසෙන්න ප්‍රොක්සි VPN භාවිතා කළහැකි බව. දැන් කියන්න පුළුවන් කීයෙන් කීදෙනාද ඔව්වා භාවිතා කොරෙන්නේ කියල නමුත් මා විශ්වාස කරන පරිදි මෙසේ ෆේස්බුක් අවහිර කිරීම තුලින් ළමුන් ප්‍රොක්සි වැනි දෑට හුරුවීම තුල තිබෙන්නාවූ නරක පැත්ත තමයි ළමුන් මෙමගින් කාමුක අඩවි (porn sites) වැනි දෑට ඇබ්බැහිවීම තුලින් මේ වෙලා තියෙනවාට වඩා වින්නැහියක් වීමට ඉඩතියෙනවා.
ඔය වල් සයිට් ගැන කතා කරද්දී තමයි මට මතකෙට ආවේ අපේ ප්‍රසාව (නමෙන් කොටසයි) ප්‍රසා කියන්නේ අපේ සමාගමේ පරිගණක ක්‍රියාකරුවෙකු ලෙස වැඩට ආ පොඩි කොල්ලෙක් කොහොමින් කොහොම හරි මෑන්ව සෙට් වුනේ අපේ කාමරේට. වයසට වඩා මෝරපු මරුමුස් පෙනුමක් දිස්වුනත් මනසින් තවම පොඩි එකෙක් වගේ වුන ප්‍රසා මලයා අපි හැමෝගෙම හොඳ හිත දිනාගන්නට සමත් වුනා. පලවෙනි වතාවට පිට රටකට ඇවිත් තමන්ගේ ගෙදරින් වෙන්වෙලා තියෙන්නේ. ප්‍රසාගේ මෑණියන් කියපු පරිදි රැයක් ගෙයින් පිට ගතකරපු කොල්ලෙක් නෙවෙයිලු. අපි සැට් එක ඔය මදුවිත පාටි වාටි වලට සැටමෝල් වුනත් ප්‍රසා නෙවෙයි මෙව්වට සම්බන්ධ වුනේ. දැඩිව අමධ්‍යප ව්‍යාපාරය අනුගමනය කල ප්‍රසා අරක්කු සිගරට් දැඩිව පිළිකුල් කළා. කොල්ලෙක් විදියට කියන්න වරදක් නොතිබුනත් කිහිප දවසක් අපේ මංජු අයියට අහුවෙලා තියෙනවා පොර ඔය වැල සයිට් බලනවා. පස්සේ හොයල බැලින්නම් දැඩි ලෙසම ඒ අංශයට ඇබ්බැහිවෙලා තියෙනවා.
මෙහෙ මගේ කලින් ලිපියක සඳහන් කළා බාර්ඩුබායි (Bur Dubai) ,සත්වා (Satwa) යන නගර දෙකම ඔය ගණිකාවන්ට ගොඩක් ප්‍රසිද්ධ තැන් දෙකක්තේරෙන සිංහලෙන් කිව්වොත් ප්‍රසිද්ධ බඩු පොට්. ප්‍රසා මාසෙකට පාරක් දෙකක් මේ දේවාල වන්දනාවේ යන විත්තිය අපේ බුද්ධි අංශ වලට තේරිලා තිබුනේ. හැබැයි මේ තැන් වලට යන්න ගත්තට පස්සේ කොල්ලගේ පැහැදිලි වෙනසක් දකින්න ලැබුනා. වැඩිය කිසිකෙනෙකු සමග වැඩි කතාබහට එන්නේ නැතිව පොර පොරගේ පාඩුවේ කාලය ගත කළා. දවසක් මට මට කතා කරපු ප්‍රසා අහනවා කෝරළේ අයියේ අර මොකක්ද බං අර උඹේ අල්මාරිය උඩ තියෙන පොඩි ඩප්පිය. මම පහුගිය දවසක යම්කිසි වැඩක් සඳහා රැගෙන ආ පොඩි ප්ලාස්ටික් ඩප්පිය ගැන තමයි මේකා මේ අහන්නේ කියලා මට තේරුනා. මටත් අමතක වෙලා තිබුන මේ ඩප්පිය මූට මතක තියෙන හැටි බලන්නකෝ මංජු අයියේ....... උඹට වැඩකට ඇති දෙයක් නෙවෙයි යැයි කියා විහිළුවක් කර එතනින් යාමට හැදුවද ප්‍රසා නැවතත් "අනේ අගේ නොකර කියහන් බං අයියේ මොනවද තියෙන්නේ" කියලා යැයි කී විට මේකාව බයිට් එකට ගැනීමට සිතු මම ඕක පොඩි එවුන්ට අවශ්‍ය දෙයක් නෙවෙයි බං ඕකට කියන්නේ ව්‍යශ්‍රා කියල උඹට ඕක අදාළ වෙන දෙයක් නෙවෙයි යැයි පැවසු විට මොහු ඒ පිළිබඳව හාර හාර තොරතුරු විමසන්නට විය. ඒ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමේ භාර ධූර කර්තව්‍ය භාරගත් මංජු අයියා ව්‍යශ්‍රා යනු මොනවාද එයින් ජනිතවන ශක්තිය පිළිබඳවත් එය අසවල් කෝෂ දෙකේ ආලේප කරගත යුතු බවත් පැයකට පසුව සෝදා දැමිය යුතු බවත් පැහැදිලි සිංහලෙන් ප්‍රසාට කියාදෙන ලද්දේ ගූගල් තොරතුරුද ගෙනහැර දක්වමිනි (ඇත්තද දන්නේ නැහැ).
දිනක් මෙම ඩප්පිය මාගේ අල්මාරියෙන් අතුරුදහන්ව ඇති බව නානකාමරයට යාමට පෙර මම දුටිමි. මා ඒ පිළිබඳව විපරම් කරනු ප්‍රසාද දුටු නමුත් කිසිදෙයක් පැවසුවේ නැති ඔහු මා නැවත පැමිණි පසු මට ඩප්පිය දුන්නේ කෝරළේ අයියේ තමුන්ගේ වටිනා කියන බඩු පරිස්සමට තියාගනින් එක්කෝ අල්මාරිය ලොක් කරලා පලයන්. මේ ඩප්පිය බිම වැටිලා තිබුනා මම පරිස්සමට අරන් තිබ්බා මෙන්න තියාගනින් යනුවෙන් මා අතට දී බාත්රූම් එකට ගියාය. එහි පියන විවෘත කර බැලු විට කිසිවෙන් එහි අඩංගු ආලේපය ඇඟිල්ලක් දමා රැගෙන ඇති බවත් එහි ඇති ඇඟිලිපාර සූක්ෂම ලෙස මකා දැමීමට තැත් කර ඇති බවත් දැකගත් හැකි විය. මංජු අයියාද පැමිණියෙන් මම ඔහුටද මේ ගැන පවසා සිනා සුනේ සති දෙකකට අධික කාලයක් මෙය අල්මාරියේ තිබු මුත් බිම වැටි තිබුනේ නැත. අද බිමවැටීම සහ එය ප්‍රසාටම හමුවීම අහම්බයක් ලෙස කෙලෙස සලකම්ද????? බාත්රුම් එකේ සිට ප්‍රසා පැමිණි පසු මංජු අයියා ඔහුගෙන් මේ පිළිබඳව විමසු විට බොලාට පිස්සුද මම නම් ඔය මගුල් ගත්තේ නැහැ බිම වැටිලා තිබිල මම අරන් තිබ්බා යනුවෙන් පැවසීය.
මම : ඒ කියන්නේ ප්‍රසා උඹ මේක පාවිච්චි කරේම නැද්ද?
ප්‍රසා : නැහැ බං අයියේ කී ගමනක් කියන්නද? නැහැ කියන්නේ නැති නිසා
මංජු අයියා: කෝරළේ මල්ලි ඔන්න ඕක අතහැරලා දාන්න
මම : නැහැ මංජු අයියේ මම මේ බයවුනේ මු වැරදිලා හරි ගාගෙන නම් ලෝක නස්පැත්තියක් වෙන්නේ
ප්‍රසා : ඒ මොකෝ
මම : යකෝ මේ ඩප්පියේ ඇති ව්‍යග්‍රා රෙද්දක් නැහැ මේකේ තියෙන්නේ ............. යැයි පැවසු විට මූණ කොරහක් තරමට කරගත් ප්‍රසා තොපිට හෙන ගහනවා තොපි දෙන්නටම ************* යනුවෙන් අමු තිත්ත කුනුහර්පයෙන් අපිට සංග්‍රහ කොට කාමරයෙන් එලියට ගිය ඔහු නැවත කාමරයට පැමිණියේ අප සියල්ලන්ටම නින්ද ගිය පසුවය. සතියක් පමණ යනකල් මූණ එල්ලගෙන සිටි ප්‍රසා සියල්ල මතක කර දමා නැවත අප හා මිතුරු විය.
දැන් හැමෝම කල්පනා කොරනවා ඇති නේද මොකක්ද මේ අරුම පුදුම ආලේපය ව්‍යග්‍රා කියලා හික් හික්
මගේ පරණ ලැපීගේ hinges (සරනේරු) වලට දාන්න මම ගත්තේ මේකේ කිසිම සඳහනක් නැති නිසාත් ඩප්පිය පොඩි සිද්ධාලේප ඩප්පියක් තරම් වූ නිසාත් ප්‍රසාට මේ ගැන වැඩි සැකයක් ඇතිවුනේ නැහැ. කොහොම නමුත් මේ සිද්දිය එකමඩේෂන් එක පුරා ලැව්ගින්නක් වගේ පැතිර ගියා. කොහොම හරි ඊට අවුරුද්දකට පමණ පසු ප්‍රසා කොම්පැනියෙන් අස්වෙලා යනකන්ම ප්‍රසා කියලා නම් ඔහුට කවුරුත් කිව්වේ නැහැ හැමෝම කිව්වේ ග්රීස්අස්ථියා (හරි වචනේ මේක නෙවෙයි) කියලා.
"නමුත් අද කාලේ හැදෙන ළමයි හරි ඇඩ්වාන්ස්" මේ කියමන අපි අනන්ත අහල ඇති. ඉතින් මේ ඇඩ්වාන්ස් ළමයින් දන්නේ නැහැ අවහිරකරපු අඩවි වලට පිවිසෙන්න ප්‍රොක්සි VPN භාවිතා කළහැකි බව. දැන් කියන්න පුළුවන් කීයෙන් කීදෙනාද ඔව්වා භාවිතා කොරෙන්නේ කියල නමුත් මා විශ්වාස කරන පරිදි මෙසේ ෆේස්බුක් අවහිර කිරීම තුලින් ළමුන් ප්‍රොක්සි වැනි දෑට හුරුවීම තුල තිබෙන්නාවූ නරක පැත්ත තමයි ළමුන් මෙමගින් කාමුක අඩවි (porn sites) වැනි දෑට ඇබ්බැහිවීම තුලින් මේ වෙලා තියෙනවාට වඩා වින්නැහියක් වීමට ඉඩතියෙනවා.
ඔය වල් සයිට් ගැන කතා කරද්දී තමයි මට මතකෙට ආවේ අපේ ප්‍රසාව (නමෙන් කොටසයි) ප්‍රසා කියන්නේ අපේ සමාගමේ පරිගණක ක්‍රියාකරුවෙකු ලෙස වැඩට ආ පොඩි කොල්ලෙක් කොහොමින් කොහොම හරි මෑන්ව සෙට් වුනේ අපේ කාමරේට. වයසට වඩා මෝරපු මරුමුස් පෙනුමක් දිස්වුනත් මනසින් තවම පොඩි එකෙක් වගේ වුන ප්‍රසා මලයා අපි හැමෝගෙම හොඳ හිත දිනාගන්නට සමත් වුනා. පලවෙනි වතාවට පිට රටකට ඇවිත් තමන්ගේ ගෙදරින් වෙන්වෙලා තියෙන්නේ. ප්‍රසාගේ මෑණියන් කියපු පරිදි රැයක් ගෙයින් පිට ගතකරපු කොල්ලෙක් නෙවෙයිලු. අපි සැට් එක ඔය මදුවිත පාටි වාටි වලට සැටමෝල් වුනත් ප්‍රසා නෙවෙයි මෙව්වට සම්බන්ධ වුනේ. දැඩිව අමධ්‍යප ව්‍යාපාරය අනුගමනය කල ප්‍රසා අරක්කු සිගරට් දැඩිව පිළිකුල් කළා. කොල්ලෙක් විදියට කියන්න වරදක් නොතිබුනත් කිහිප දවසක් අපේ මංජු අයියට අහුවෙලා තියෙනවා පොර ඔය වැල සයිට් බලනවා. පස්සේ හොයල බැලින්නම් දැඩි ලෙසම ඒ අංශයට ඇබ්බැහිවෙලා තියෙනවා.
මෙහෙ මගේ කලින් ලිපියක සඳහන් කළා බාර්ඩුබායි (Bur Dubai) ,සත්වා (Satwa) යන නගර දෙකම ඔය ගණිකාවන්ට ගොඩක් ප්‍රසිද්ධ තැන් දෙකක්
දිනක් මෙම ඩප්පිය මාගේ අල්මාරියෙන් අතුරුදහන්ව ඇති බව නානකාමරයට යාමට පෙර මම දුටිමි. මා ඒ පිළිබඳව විපරම් කරනු ප්‍රසාද දුටු නමුත් කිසිදෙයක් පැවසුවේ නැති ඔහු මා නැවත පැමිණි පසු මට ඩප්පිය දුන්නේ කෝරළේ අයියේ තමුන්ගේ වටිනා කියන බඩු පරිස්සමට තියාගනින් එක්කෝ අල්මාරිය ලොක් කරලා පලයන්. මේ ඩප්පිය බිම වැටිලා තිබුනා මම පරිස්සමට අරන් තිබ්බා මෙන්න තියාගනින් යනුවෙන් මා අතට දී බාත්රූම් එකට ගියාය. එහි පියන විවෘත කර බැලු විට කිසිවෙන් එහි අඩංගු ආලේපය ඇඟිල්ලක් දමා රැගෙන ඇති බවත් එහි ඇති ඇඟිලිපාර සූක්ෂම ලෙස මකා දැමීමට තැත් කර ඇති බවත් දැකගත් හැකි විය. මංජු අයියාද පැමිණියෙන් මම ඔහුටද මේ ගැන පවසා සිනා සුනේ සති දෙකකට අධික කාලයක් මෙය අල්මාරියේ තිබු මුත් බිම වැටි තිබුනේ නැත. අද බිමවැටීම සහ එය ප්‍රසාටම හමුවීම අහම්බයක් ලෙස කෙලෙස සලකම්ද????? බාත්රුම් එකේ සිට ප්‍රසා පැමිණි පසු මංජු අයියා ඔහුගෙන් මේ පිළිබඳව විමසු විට බොලාට පිස්සුද මම නම් ඔය මගුල් ගත්තේ නැහැ බිම වැටිලා තිබිල මම අරන් තිබ්බා යනුවෙන් පැවසීය.
මම : ඒ කියන්නේ ප්‍රසා උඹ මේක පාවිච්චි කරේම නැද්ද?
ප්‍රසා : නැහැ බං අයියේ කී ගමනක් කියන්නද? නැහැ කියන්නේ නැති නිසා
මංජු අයියා: කෝරළේ මල්ලි ඔන්න ඕක අතහැරලා දාන්න
මම : නැහැ මංජු අයියේ මම මේ බයවුනේ මු වැරදිලා හරි ගාගෙන නම් ලෝක නස්පැත්තියක් වෙන්නේ
ප්‍රසා : ඒ මොකෝ
මම : යකෝ මේ ඩප්පියේ ඇති ව්‍යග්‍රා රෙද්දක් නැහැ මේකේ තියෙන්නේ ............. යැයි පැවසු විට මූණ කොරහක් තරමට කරගත් ප්‍රසා තොපිට හෙන ගහනවා තොපි දෙන්නටම ************* යනුවෙන් අමු තිත්ත කුනුහර්පයෙන් අපිට සංග්‍රහ කොට කාමරයෙන් එලියට ගිය ඔහු නැවත කාමරයට පැමිණියේ අප සියල්ලන්ටම නින්ද ගිය පසුවය. සතියක් පමණ යනකල් මූණ එල්ලගෙන සිටි ප්‍රසා සියල්ල මතක කර දමා නැවත අප හා මිතුරු විය.
දැන් හැමෝම කල්පනා කොරනවා ඇති නේද මොකක්ද මේ අරුම පුදුම ආලේපය ව්‍යග්‍රා කියලා හික් හික්
මගේ පරණ ලැපීගේ hinges (සරනේරු) වලට දාන්න මම ගත්තේ මේකේ කිසිම සඳහනක් නැති නිසාත් ඩප්පිය පොඩි සිද්ධාලේප ඩප්පියක් තරම් වූ නිසාත් ප්‍රසාට මේ ගැන වැඩි සැකයක් ඇතිවුනේ නැහැ. කොහොම නමුත් මේ සිද්දිය එකමඩේෂන් එක පුරා ලැව්ගින්නක් වගේ පැතිර ගියා. කොහොම හරි ඊට අවුරුද්දකට පමණ පසු ප්‍රසා කොම්පැනියෙන් අස්වෙලා යනකන්ම ප්‍රසා කියලා නම් ඔහුට කවුරුත් කිව්වේ නැහැ හැමෝම කිව්වේ ග්‍රීස්
Wednesday, 29 January 2014
ස. ස. ස. රසයෙයි කුණු රසයෙයි වෙනස වටහාගන්න.
ඇත්තටම මේ පිට රට ජීවිතෙත් හරිම පුදුමාකාරයි. ඒ මොකද කියනවනම් රට එනවා කියන්නෙත් හිරේ යනවා වගේ වැඩක් නේ අපිට ඕනේ ඕනේ වෙලාවට අපිට ඕනේ ඕනේ දේවල් කරන්න බැහැ කොන්ත්‍රාත් එක අස්සන් කරලා හාමුපුතුන්ගේ පදයට නටන රූකඩ එහෙම නැත්නම් හිත පිත් නැති මැෂින් වගේ වැඩ කරලා එලියට බැහැපන් කිව්වාම අකුලාගෙන එන්න ඕනේ ජීවිතයක් තමයි මේ මැදපෙරදිග තියෙන්නේ. ශ්‍රමය හූරාකන රටවල් අතරින් පෙරමුණේ ඉන්න මැදපෙරදිග රටවල් වලට පුළුවන් වෙලා තියෙනවා කිව්වොත් මම නිවැරදියි. මෙහෙම රස්සාව කරගෙන ඉන්න අතරේ මොකක්හරි කරදරයක් අණතුරක් අසනීපයක් වෙච්චි වෙලාවට තමයි තමන් හිසට තම අතමය සෙවනැල්ල කියන සිංහල කියමන සිහියට එන්නේ.
මට මතක් වෙනවා ගිය අවුරුද්දේ මිය ගිය මා දන්නා හඳුනන තරුණයෙක් ගැන. කොපමණ දන්නා අඳුනන්න යාළු මිත්තරයෝ හිටියත් කොන්සල් කාර්යාල තානාපති කාර්යාල තිබුනත් අන්තිමට මල මිනිය යවන්න වුනේ සම්මාදම් කරලා. මේ වැඩි කල් නැහැ දැනට මාස දෙකකට වගේ ඉහත මියගිය ගුරුවරියගේ මෘතදේහය ලංකාවට යැව්වෙත් සම්මාදම් පත්‍රයක පිහිටෙන්. නමුත් සම්මාදම් කිරීමෙන්වත් එවැනි අවශ්‍යතා ඉටුකරගැනීමට නොහැකිවූ අවස්ථා අපිට අහන්න ලැබිල තියෙනවා. ඒ වගේ අවස්ථාවල පිහිට වෙන ආයතනයක් තමයි සහන සංවිධානය කියන්නේ. මෙවැනි වකවානුවක බිහිවූ මෙවැනි සමාජසේවා සංවිධානයක් අපි ඇත්ත වශයෙන්ම අගය කලයුතුවෙනවා. ඒ විතරක් නෙවයි ඔවුන් ලංකාවේ සිටින දුප්පත් දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහාත් විශාල වශයෙන් උදව් උපකාර කරනවා. නමුත් මම මේ ලිපිය ලියන්න ගත්තේ රජයේ ලියාපදිංචි සහන සංවිධානයෙන් ක්‍රියාත්මක කරන තවත් හොඳ වැඩක් ගැන තමයි මේ ලියන්න යන්නේ.
සහන සංවිධානයේ අපේ ජෝර්ජ් හෙට්ටිආරච්චි මහත්මයා, නීල් ද සිල්වා මහත්මයා, සුභාෂ් ගුණවර්ධන (අපි හැමෝම දන්නා දුකා) ඇතුළු කණ්ඩායම පෙබරවාරි 28 වෙනිදට බොහොම අපූරු සංගීත සැන්දෑවක් සූදානම් කරලා තියෙනවා.ඒ තමයි සහන සංගීත සංධ්වනිය මෙම ප්‍රසංගය රසවත් වන්නේ ඔබ අප කවුරුත් ආදරය කරන වික්ටර් රත්නායකයන් සහ විශාරද නන්දා මාලනීයන්ගේ මියුරු ගී සරින්. හෙළයේ පහල වූ ගී තරු අතර ඇති මහත් රසික ප්‍රතිචාරයක් ලබා සිටින මේ විශාරදයන් දෙපල හෙළ ගී ලොව පහල වූ ගාන්ධර්වයන් දෙදෙනෙක් ලෙස හැදින්වූවාට වරදක් නැහැ. මොවුන් දෙදෙනාගේ සුසංයෝගයෙන් නිර්මාණය වූ රම්‍ය තීර්ථය ප්‍රසංග මාලාවේ කොටසක් ලෙසින් තමයි සහන සංගීත සංධ්වනිය පැවැත්වෙන්නේ. මෙතෙක් වොන්ඩර් ලෑන්ඩ් ලෙෂර් ලෑන්ඩ් හි පැවැත්වූ කටෝර සංගීත සංදර්ශනයන්ට වඩා, රත්වූ කාන්තාරයට ඇදහැලෙන මල් වරුසාවක් මෙන් වූ මෙවැනි අරුත්බර සංගීත සැන්දෑවක් ඔබගේ සිතට සැහැල්ලුවක් වනවා ඇතැයි මා විශ්වාස කරනවා. ඇත්තටම ඔබත් හරවත් අරුත්බර සංගීතයට ඇළුම්කරන කෙනෙක් නම් ඔබ මේ අවස්තාව මග හරින එකක් නැහැ කියල මම හිතනවා.
ප්‍රසංගයට යන උදවිය ඉන්නවානම් උඩ තියෙන පින්තූරෙට කොටලා ෆේස්බුක් ඊවන්ට් පේජ් එකේ යනවයි කියල සඳහන් කොරන්නකෝ.
ප්‍රවේශ පත් ඩිරාම් 150,100,75,50
මේ තියෙන්නේ කලින් වතාවක නීලා වික්‍රමසිංහ මහත්මියගේ මාස්ටර් සර් ප්‍රසංගය වෙනුවෙන් දුකා ලියපු ලිපිය
සහන සංවිධානයේ ෆේස්බුක් පිටුවට යන්න ලෝගෝ එක උඩ ක්ලික් කරන්න

Wednesday, 15 January 2014
රටවිරු ටැලන්ට් ස්ටාර්,පබාගේ බබා පාට් සහ විදේශ සේවා නියුක්තිකයන්...............
පසුගිය දිනක ඉතාමත් උත්කර්ෂවත් ලෙස පවත්වපු රටවිරු ටැලන්ට් ස්ටාර් ගැන තමයි මේ පොඩි සටහනක් තියන්න යන්නේ.දිලාන් ඇමතිතුමාගේ මගපෙන්වීම යටතේ තමයි මේ තරඟය සංවිධානය කොරල තියෙන්නේ. අන්තිමේදී අවසන් තෑග්ග හිමිවූ වාසනාවන්තයා ඇත්තටම වාසනාවන්තයි කියල කියන්න පුළුවන් මොකද ඔහු මුදල් අගහිඟ කමකින් පෙලෙන කෙනෙක් නොවුනත් ඔහුවම තෝරලා මේ තෑග්ග දුන්නු එකයි පුදුමේ කියන්නේ. පලවෙනි වටයෙන් එලියට විසිවුනත් වයිල්ඩ් කාඩ් සංකල්පයෙන් මොහුට ඉදිරියට එන්නට හැකියාව ලැබුනේ කාගේ ආනුභාවයෙන්දැයි සොයාබැලීම වටී (නිළියකගේ සැමියෙකු වීම නිසා වෙන්නත් පුළුවන්).සැබවින්ම එම වේදිකාවේ තරඟ කල තරඟ කරුවන්ගෙන් එය ලැබීමට සුදුසු කම ඇති අය සිටියත් ඔහුට තැන ලැබුනේ ලෝකේ උතුම් රටවූ සිරි ලංකාවේ තිබෙන සුදුස්සාට සුදුසු තැන නොලැබීමේ පාරම්පරික සංස්කෘතික ක්‍රමය නිසාවෙන්දැයි නොවැටහේ. නමුත් මේ ලිපියේ අරමුණ තෑග්ග ලැබුණු පුද්ගලයා කවුද කියන එකවත් එහි සාධාරණ අසාධාරණ බව කතා කිරීමවත් නොව එම සංකල්පය ගැනම කතාබහකට ලක් කිරීමයි. මේ ලිපිය නොලීමට හිත හදන් සිටියත් ඊයේ මුහුණු පොතෙන් මේ දැක්ක පින්තූරයෙන් මම නැවත මේ ලිපිය ලිවීමට අදහස් කළා.
- ඇත්තටම මිනිස්සු රට යන්නේ මොකද?
- කවුද මේ රට යන උදවිය?
- මේ අයගෙන් රටට ඇති ප්‍රයෝජනය මොනවද?
- මොවුන් රැකියා සඳහා පිටරට යෑමේදී භාවිතා කරන ක්‍රම වේදයන් මොනවාද?
- මොවුන්ගේ සුභ සාදනය සඳහා ක්‍රියාත්මක වෙන ආයතන මොනවාද?
- එම ආයතන වලින් මොවුන්ට සේවයක් වෙනවාද (මොවුන් වෙනුවෙන් පෙනී සිටිනවාද?)
අපි මුල් කරුණු දෙක විග්‍රහ කර බැලුවහොත් තම රටේ ජීවත් වීමට ඇති අපහසුතා නිසා ජීවන බරින් මිරිකිලා බදු බරින් පීඩිත වෙලා ඉන්න දුප්පත් ජනතාව තමයි රට යන ඇත්තන්ගෙන් 90%ක ප්‍රතිශතයක් වන්නේ ඇත්තටම ලංකාවේ සිටින උදවිය හිතන දෙයක් තමයි රට යන එවුන් යන්නේ දිව්‍යලෝකේ වගේ සුරපුරයකට කියල. ඒ වගේම හම්බ වෙන්නේ ලොකු ලොකු පඩි, රට ඉඳල එනකොට ගේන ටොෆි, චොකොලට්, චුයින්ගම්, විදුලි උපකරණ අතේ කරේ පුරවපු ස්වර්ණාභරණ ආදිය තමයි මැවෙන්නේ. නමුත් සැබෑ තත්වය එසේ නෙවෙයි කියල එම අත්දැකීම ලබපු කෙනෙක් දන්නවා. අරාබි නිවසක වැඩට එන සාමාන්‍ය ගෘහසේවිකාවක් උදේ පාන්දර 4ට පමණ නැගිට ගත් පසු රෑ 11ට 12 ට නින්දට යනකම් කරනන් තියෙන වැඩ රාජකාරි මෙතන සඳහන් කලොත් මේ පොස්ට් එක එතැනින්ම ඉවර කරන්න වෙයි. මොකද ඒ කාලය ඇතුලත කරන්නට ලැබෙන රාජකාරි එතරම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. මේ රාජකාරි කාලය රාමසාන් මාස වල වෙනස් වෙනවා අරාබි උපවාස කරන නිසා. මේ වෙලාව ඇතුල තුල ඔවුන්ගෙන් කී දෙනෙක්ගෙන් ගුටිකන්න බැනුම් අසන්නට වෙනවාද? නැති බැරි කමට රට ඇවිත් බැල මෙහෙවර කලත් ඇය ශ්‍රී ලාංකික කාන්තාවක්. රැකියාවක් කලත් ජාතියක් ජන්මයක් හරි ඉතිහාසයක් නැති අරාබින්ගේ ගොදුරක් වියයුතු නැහැ කියන මතයේ මම ඉන්නවා.
පෞද්ගලික අංශය මෙසේ ක්‍රියා කරද්දී අපි මදක් අවධානය රාජ්‍ය ආයතන වන විදේශ රැකියා කාර්යංශය සහ තානාපති කොන්සල් කාර්යාල වෙත යොමු කෙරුවහොත් විදේශ ගතවීමේදී ලියාපදිංචි ගාස්තු (නිල කප්පම්)වශයෙන් 15000ක පමණ මුදලක් අයකරන අතර එය අවුරුදු දෙකෙන් දෙකට අලුත් කිරීමටත් සිදුවෙයි. මුදල් ලබාගැනීමේදී ඉතා යුහුසුළුව ක්‍රියාකරන විදේශ රැකියා කාර්යංශයේ නිලධාරීන් යම්කිසි හදිස්සියකදී කරදරයකදී එම නියුක්තිකයා හෝ නියුක්තිකාව නැවත ගෙන්වාගැනීමට අර තරම් යුහුසුළු නොවන්නේ ඇයිද යන්න විදේශ ශ්‍රමිකයන් හට ඇති ගැටලුවකි. සත්මහල් ප්‍රාසාද තනා (එම ආයතනයේ ගොඩනැගිල්ල) එහි සේවය කරන මහත්ම මහත්මීන් ඔවුන්ගේ සේවය ලබාගැනීමට පැමිණෙන පුද්ගලයින් සලකන්නේ ඔවුන්ගේ වටිනා කාලය කා දැමීමට ආ පුලන්නන් පිරිසකට මෙනි. තානාපති කොන්සල් කාර්යාලද ක්‍රියා කරන්නේ පිට කොන්දක් නැති අයවලුන් ලෙසයි. නමුත් ඔවුන් මොහොතකටවත් නොහිතන්නේ මන්ද ඔවුන්ගේ මාසික වැටුප් ලැබෙන්නේ මේ ශ්‍රමිකයන් විසින් උපයන මුදලින් බව. සැබවින්ම අනෙක් රටවල් වල තානාපති කාර්යාල ඔවුන්ගේ රටේ පුරවැසියන් ගැන දක්වන උනන්දුව කැපවීම ලංකාවේ තානාපති කාර්යාල වල නම් දකින්නට නැති බව කණගාටුවෙන් වුනත් කියන්නට වෙනවා.
රටවිරු ටැලන්ට් ස්ටාර් කියාගත් එම වැඩසටහනට වියදම් කල මුදල් විදේශ ශ්‍රමිකයන්ගේ සුභසාධනයට යොමු කාලා නම් ගරු දිලාන් පෙරේරා ඇමති තුමාටත් මෙයිට වැඩිය පිළිගැනීමක් ගරු කිරීමක් ලබාගන්න තිබුනා. නළුනිලියන් ගායක ගායිකාවන් පිරිවරාගෙන රටින් රට සංචාරය කරමින් මුදල් නාස්ති කිරීම සැබවින්ම ජාතික අපරාධයක්. ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයන් සඳහා මෙයිට වඩා විධිමත් වැඩ පිළිවෙලක් සකස් කොට ඔවුන්ට තම අවධානය ලබාදීමට කාලය ඇවිත් තිබෙනවා. අවුරුදු ගානක් තමන්ගේ දාඩිය මහන්සියෙන් හම්බ කරන්න යන එකටත් අපි රජයට බදු ගාස්තු ගෙවලයි යන්නේ. එම රජයට වගකීමක් සහ යුතුකමක් තිබෙනවා මෙම ශ්‍රමිකයන් වෙනුවෙන් පෙනී සිටින්නට. විශේෂයෙන්ම අප රටේ ගැහැණු පිරිමි බේදයක් නැතිව අඩම්තේට්ටම් වලට ලක්වෙන රටක් තමයි සවුදි අරාබිය. අප රජයට කොන්දක් පණ ඇතිව ඒවාට එරෙහිව කතා කිරීමට නොහැකි නම් තවත් ජීවිත විනාශ නොකර එවැනි රටවල් වලට අප රටේ පුරවැසියන් නොයැවීමට කටයුතු කල යුතුයි.
ප.ලි. ඇත්තටම ස්වර්ණවාහිණියේ නිවේදිකාවක් හිටියෙම නැද්ද දන්නේ නැහැ අර බබා පාර්ට් දාන පබාට නිවේදන කටයුතු සහ සභාව මෙහෙය වීම කරන්න දුන්නේ. ඇය සභාව මෙහෙයවූවාද සභාව විසින් ඇයව මෙහෙය වූවාදැයි එම වැඩසටහන නැරඹු උදවිය දකින්ට ඇති. තානාපතිට තානාධිපති ලෙසත් තවත් මෝඩ පාට් කිහිපයක් රඟදැක්වූ පබාලා වැනි උදවිය තමුන්ගේ හැකියාව දැන්වත් තේරුම් ගත යුතුයි. දෙබස් පාඩම් කොට කරන රඟපෑමට දක්ෂ වූ පමණින් නිවේදන කටයුතු (එයත් සජීවී වැඩසටහනක) කිරීමට හෝ රටක් පාලනය වන පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට තමුන් අසමත් බව ඇයට වැටහෙන්නේ නැත්තේ කුමන පාරුවේ පුවක් නිසාවෙන්දැයි කෝරලේ මහත්තයාට ඇත්තේ ගැටලුවකි.
Tuesday, 31 December 2013
හංගන් තියන්න ඕනේ ජං* ප්‍රදර්ශනයේ දැමු බෝඩිම් කෙල්ලෝ
මේ කතාව මට හදිස්සියේම මතකෙට ආවේ ජෝන් අයියගේ අක්කලව කිච කිරීමේ කතාව කියෙව්වට පස්සේ මේ සිද්දිය වෙලාඅ මේ වෙන කොට අවුරුදු බරගානක් වෙනවා. ඒ නිසා මෙය පලකරාට කමක් නැහැයි කියලා මට හිතුන නිසයි මෙය අකුරු කරන්නට අදහස් කලේ. කතාව කියන්න කලින්ම මට මෙහි සිදුවීම ගැන පොඩි ගැටළුවක් තියෙනවා. මොකද ඒ සිද්ධ වෙච්චි දේ සාධාරණද නැද්ද කියන එක පිළිබඳව. අද වෙනකල් මේ සිදුවීම ගැන දෙගිඩියාවෙන් සිටියත් අද ඒ පිළිබඳව තීරණය කිරීම ඔබට භාරයි.
අපේ පරණ ගෙදර තිබුනේ කිරුළපන සිද්ධාර්ථ පාරේ. අප රටින් පිටව සිටිනා බැවින් නිවසේ ආරක්ෂාව සලකා මගේ පියතුමා විසින් එය රැක බලාගෙන වාසය කිරීම සඳහා අපේ නැන්දා කෙනෙකුට (ටිකක් දුරින්) භාර දුන්නා. කිරුළපන පිහිටි ඔවුන්ගේ හෝටලයේ (කෑම කඩයේ) වැඩ වලටත් එය පහසුවක් වුනු බැවින්. කට්ටියට මතක ඇතිනේ මගේ අතිජාත ඥාති සහෝදරයා හුලං ගැරඬියාව. ඒ කිව්වේ අපේ දමියව ඉතිං මේ දවස් වල මේකාත් රිංගගෙන හිටියේ මේ ගෙදර තමයි. මොකද බුවාට ඉස්කෝලේ යන්න ලේසි නිසා. පස්සේ කාලෙක බුවාව ආපහු ගෙන්න ගත්තේ බීමට ඇබ්බැහිවීම නිසයි. කොහොමින් කොහොම හරි මමත් නිවාඩු ගිය දවසේ පටන් මෙහෙ තමයි කල් ගෙව්වේ. මොකද දමියා ඉන්න නිසා මටත් කිසිම පාළුවක් තිබුනේ නැහැනේ. උඩ තට්ටුවේ කාමර දෙකක් අපි දෙන්නට දීලයි තිබුනේ අපිට අපේ නිදහසේ ඉන්න. උඩ තට්ටුවට යන්න ක්‍රම දෙකක් තියෙනවා එකක් ගේ ඇතුලින් අනෙක පිටින් අපි ඉන්න දවස් වල මේ ඇතුලෙන් තියෙන මාර්ගය අපි දොර වහලා ලොක් කරලයි තිබුනේ. මොකද අපි දෙන්න හවස බොන කොට හදිසි කඩා පැනීම් ඇතිවීමට ඇති අවස්ථා අවහිර කිරීමට.
මේ ගෙදරට අල්ලපු ගෙදර විවිධ රැකියාවල් කරන ගැහැණු ළමුන්ට නවාතැන් දෙන බෝඩිමක් හැටියට පවත්වා ගෙන යනවා (අදටත්). අද කාලේ හැටියට ඉතිං අමතර ආදායමක් නැතිව ජීවත් වෙන්නත් බැහැ නොවැ. අපේ හවස් කාලය ගත වුනේ බැල්කනියේ තමයි ඒ මොකටද කියල අහන්න එපා ඕනේ විදියකට හිතාගන්න එකයි ඇත්තේ.......
ඔන්න ඉතිං වල් විදියටමනේ හිතන්නේ. ඇත්තම කාරනාව නම් එළියේ තියෙන බට පඳුරෙන් එන සුළඟ අපේ බියර් බෝතලේ සූර් ඩබල් කරන්නට අපිට උදව් කල නිසයි බොලව් අපි එළියේ බොන්නේ. අපි මේ සාන්ත දාන්ත බෝ පැල වගේ කොල්ලෝ දෙන්නෙක්. අනෙක අපේ ලයින් පාරකට සෙට් වෙන වයසේ කෙල්ලෙක් ඒ බෝඩිමේ හිටියේ නැහැ කියලත් කණගාටුවෙන් වුනත් කියන්න සිද්ධ වෙනවා. නැත්නම් ඉතිං අපි බැල්කනියෙන් හෙලවෙන එකක් නැහැ.
මොවුන් රෙදි වැල් බැඳලා තිබුනේ අපේ තාප්පෙටත් උඩින් මේ රෙදි වැල් වල කවදාවත් රෙදිනැතිව නම් දකින්නට ලැබිල නැහැ. මෙහෙම ඉන්නකොට අපේ මාමගේ දානෙත් සෙට් වුනා ඉතිං පිරිතක් කියවලාම දානේ දෙන්න තමයි කෂ්ටිය අදහස් කලේ. පිරිත්දා හාමුදුරුවරු වඩම්මපු වාහන ලේසියට ඔවුන්ගේ වත්තට දාල හැරවීම සම්බන්දයෙන් මේ ගෙදර අයිති කාර කාන්තාව නැන්දාට දෝස් මුරයක් දාල තියෙනවා. ඇය පෙන්තකොස්ත ආගම අන්තවාදීවිදියට අදහන්නියක්. අය කොහොමත් හාමුදුරුවරු හෝ බුදු දහම ගැන එතරම් ප්‍රසාදයක් දක්වපු කතක් නෙවෙයි. මේ බහින් බස් වීම කොහොම හරි සෑහෙන්න දුරදිග ගියා මොකද අපේ නැන්දා බොහොම බුදු දහමට ලැදි කාන්තාවක් කොතරම් පාඩු වුනත් අනිවාර්‍යයෙන්ම පෝය දවසට කඩේ වහලා පන්සලට සිල් සමාදම් වෙන්න යන. එදායින් මේ සිදුවීම අපි අමතක කර දමා අපි අපේ රාජකාරි වල නියලුනත් මොවුන්ගේ රෙදි වැනීමේ වෙනසක් සෑම දෙනා හටම දැකගන්නට ලැබුනා ඒ ඔවුන්ගේ සෝදපු යට ඇඳුම් (කාන්තා)
වලේ අපේ නිවස පැත්තට වෙන්න වැනීමයි. මෙය ඉතා ජුගුප්සාජනක දර්ශනයක් වුනා අපේ නැන්දනියට. සතියක් පමණ ඉවසා මේ පිළිබඳව එහි නේවාසික යුවතියන් කිහිප දෙනෙක්ටම පැවසු මුත් කිසිඳු යහපත් ප්‍රතිචාරයක් නම් ඔවුන්ගෙන් ලැබුනේ නැහැ.
දිනක් නැන්දාගේ ඔය සමිති සමාගමක මිතුරියන් පිරිසක් පැමිණි දිනක මෙය දැක, ඔවුන් ඇයගෙන් මේ පිළිබඳව විමසා අප්‍රසාදය පල කරලා තියෙනවා. එදින ක්‍රීඩා කොට අප නිවසට පැමිණෙන විට ඇය සිටියේ කෝපයෙන් පුපුරු ගසමින්. නා පිරිසිඳු වී අප පැමිණි පසු ඇය අපට පැවසුවේ කොල්ලනේ මේක බලන් ඉඳල හරියන්නෙ නැහැ මොකක් හරි කරන්න වෙනවා. මම හෙට උදේ යනවා පොලිසියට මේ ගැන ඇන්ට්‍රි එකක් දාන්න. මුන්ට ලැජ්ජාවක් නැත්නම් අපිවත් ඒක උන්ට උගන්න ඕනේ මුන්ගේ ගෙදර වුනාට මේක අපිත් එක්ක තරහටම කරන වැඩක්. නැත්නම් මීට කලිනුත් වන්න එපැයි යැයි පවසද්දී
සැමදා මැද්දෙන් පැනීමට පුරුදු වී සිටි දමියා පොඩ්ඩක් ඉන්න නැන්දේ මම මොනවා හරි ඕකට කරන්නම්. ඔය වගේ දෙකට පොලීසි ගිහින් වැඩක් නැහැ අපිටමයි ලැජ්ජාව. මේකට ක්‍රමයක් අපිම හොයමු යැයි පැවසීය. මට නම් සිතුනේ මේ දමියා ඉල්ලන් කෑමට යාමක් ලෙසටයි. පැයකට පමණ පසුව පරණ බඩු දමා ඇති කාමරයට ගිය දමියා එලියට පැමිණියේ ස්ප්‍රේ ගන් එකක්ද අත ඇතිවයි. කුස්සියට ගොස් වතුරට යම් දෙයක් දමා එයින් ස්ප්‍රේ ගන් එකට වතුර පුරවා ගෙන මාත් සමග බැල්කනියට ගිය දමියා වැලේ ඇති ඇඳුම් දෙසට එය විදින්නට විය. ලීටර් බාගයක් පමණ වූ එම බෝතලයේ වතුර හිස් වන තෙක්ම විද්ද පසු වරෙන් මල්ලි දැන් නිදාගන්න යමු යැයි පැවසීය.
පසු දින උදයේ පාන්දරම නැගිට ගත් දමියා මාවත් ඇදන් බැල්කනියට ගියේ වරෙන් උඹට පොඩි කොමඩි ෆිල්ම් එකක් පෙන්වන්න යැයි පවසමිනි. අපේ අසල් වැසියන්ගේ ගෙදර යම් කිසි කලබල ගතියක් පෙනෙන්නට තිබිණ කෑ ගැසීම් ආදියත් වරින් වර අසන්නට ලැබිණ. සියල්ලන් බාත් රූම් එකට පොරකන අයුරුත් දෙස් තැබීම් සහ ශාප කිරීම් කරන හඬත් අපිට ඇසින. "මලේ උඹ දන්නවාද මම මොනවද ඊයේ ස්ප්‍රේ කලේ කියලා" යැයි මගෙන් ඇසීය. මා නැතැයි කී විට මගේ කනට කොට කී දෙයින් මට සියල්ල වැටහිණි. ඔහු ඊයේ වතුරේ දිය කර ඇත්තේ තද ගම්මිරිස්ය එයත් තද සාන්ද්‍රනයෙන්. අනේ අර කෙල්ලොන්ගේ ..............
මේ පිළිබඳව නැන්දාටත් දිවගොස් පැවසු විට ඇයටත් සිනහව නවත්වා ගැනීමට නොහැකි විය. හදිස්සියේ වත් ඔවුන් රණ්ඩුවට ආවොත් මොකද කරන්නේ යැයි ඇසුවේ මා තරමක් බියට පත් වී සිටි බැවිනි. "උඹල බය වෙන්න එපා ඒක මම බලාගන්නම්" යැයි නැන්දා පැවසු බැවින් අපේ බිය තුරන් විය. රණ්ඩුවක් බලාපොරොත්තුවෙන් අප සිටියත් දින කිහිපයක් ගත වුවත් කිසිත් සිදු නොවූ බවත් එදිනම ඒ අලංකාර රෙදි වැල ඔවුන් ඉවත් කරගෙන ඇති බවත් දැකගන්නට ලැබිණි. මේ හේතුවෙන් අපේ හුලං ගැරඬියා (දමියා) පවුලේ වීරයෙකු බවට පත් වින. ඔහු ඒ සිදු වීම කිසිවෙකුට පවසද්දී. තාර බර සමග කොමාන්ඩෝ චිත්‍රපට කතාවක් විලස ගොතා පවසමින් එම සිදුවීම අර කාකු පිහාට්ටේ කතාව කාක්කෝ හත් දෙනෙක් වූවා මෙන් විය.
කෝරලේ වලව්වට ගොඩවැදුණු ඔබටත් සියලුම ශ්‍රී ලංකා වාසීන්ටත් සියලු යහපත් බලාපොරොත්තු ඉටුකර ගැනීමට හැකිවෙන, සියලු සිහිණ සැබෑකර ගැනීමට හැකිවෙන සුභම සුභ නව වසරක් වේවා!!!!!!!!

පලිගැනීම්,
පොඩිහිටියන්ට පමණයි.,
මඩ,
විහිලු තහළු
Sunday, 22 December 2013
බම්බු ගහනවා. (කොහෙද?) ඉටිකිරිස් ඉන්දියන් කෑල්ල
හප්පේ මකුණු දැල් කඩන්නම ගියා වරුවක් විතර මේ මකුළුවෝ කියන්නෙත් කැත සත්තු ජාතියක් අම්මපා...... ටික දවසක් නෑවිත් හිටියම මුන් බ්ලොගේ දැලුත් බඳිනවානේ........ ඔන්න කොල්ලනේ කෙල්ලනේ සකල සිරින් පිරි සිරි ලංකාවේ මහා රජ තුමා (දැන් ඉන්න බුවා නෙවෙයි මම කියන්නේ එකදාස් හයසිය ගණන් වල හිටපු උන්නැහේ කෙනෙක් ගැන) විසින් කෝරලේ තනතුරට පත්කළ කෝරලේ ගොයියා පොස්ටුවක් ලියන්නට බැස්ස වගයි. පහු ගිය ටිකේ ලියන්නට බැරි වුන හේතුව ටික දෙනෙක් දන්නවා නොදන්නා අයට දැනගන්නත් එක්ක ලියලම දානවා කියල හිතුවා. කෝරලේ මහත්තයට අවුරුදු බර ගානක් කොම්පැනිය වෙනුවෙන් කැඹිරීමේ ප්‍රතිපලයක් ලෙස විදේශ සංචාරයක් ලැබුනා පිණාවට. (නැතුව අපේ ලොක්ක බ්ලොගේ බලල සංතෝසෙන් එහෙම දුන්නු එකක් නෙවෙයි) ඒකත් ලැබුනේ සෙල්ලම් රටකට නෙවෙයි මට පෙන්නන බැරි කවදත් වෛරයෙන් හිතන ඉන්දියාවටමයි. බලහල්ල කෝ ඒකෙත් හැටි............. ඉතින් මේ ඉන්දියාවේ ගතකල දවස් 18 මට නිකන් අවුරුදු 18 වගේ දැනුනේ ඇයි කියලයි මම තාම කම්පනා කොරන්නේ. අම්මප හෝම් සික් එක කියන දේ ජීවිතේ පලවෙනි වතාවට මට හැදුනයි කියහන් කෝ....
කොහොමින් කොහොම හරි අවුරුදු ගානක් ඔෆිස් එකේ අයිස් ගහපුවට හරියන්න පෝරියල් එක සෙට් වුනා උදේ පාන්දර ඉඳන් රෑ 10 - 12 වෙනකල් වැඩ කොරන්න. ඒකත් නූලට තිතට කෙරෙන්න ඕනේ මොකද රජයත් සම්බන්ධ ව්‍යාපෘති යක් නිසා. ඒ හින්දා අපේ මායියා වෙනුවෙනුත් මම වෙන්කොරල තිබුනේ දවසින් විනාඩි 20ක් විතර තමයි. බැංගලෝර් නගරයේ ගුවන්තොටුපොලේ තමයි රාජකාරි කොලේ. ඒ පිලිබඳ තාක්ෂණික පැත්තෙන් පොස්ටුවක් නිවාඩු පාඩුවේ දාන්නම්. කොහොමින් කොහොම හරි කෝරලේ මහත්තයට සෙට් වුන ගෝලයෝ ටික නම් අදහන්න වටිනවා නිකන් නෙවෙයි මල් පහන් තියලා. ඇත්තටම මුන් අයිටී දෙපාර්තමේන්තුවට නෙවෙයි ප්ලේන්ටී දෙපාර්තමේන්තුවට වත් සුදුසු කම් නැති එවුන්. කොහොමින් කොහොම හරි ගිය වැඩෙත් කොරලා ගෝලයෝ ටිකත් පුහුණු කරලා දෙපාර්තමේන්තුවත් රාජකාරි මට්ටමේ කටයුතු වන තැනක් විදියට ස්ථාවර කොලේ හැකි ඉක්මනින් ගෙදර එන්න බලාගෙන. නමුත් කල හොඳ පස්සෙන් එලවනවා වගේ අපේ අධ්‍යක්‍ෂක වරයා ඉන්දියාවේ ප්‍රාදේශීය කලමනාකර තනතුර මගේ ඔලුව උඩින් තිබ්බා කටු ඔටුන්නක් කරලා. ඕකෙන් මේකෙන් වෙන්නේ මාසෙකට දෙකකට සැරයක් ඉන්දියා ගිහින් බඩේ අමාරුව හදාගෙන එන්නයි. මෙලෝ රහක් නැති උසස්වීමක්.
මෙන්න මේ අවස්ථාවේ තමයි මට අපේ සුදීක අයියව නිකන් දෙයියෙක් නෙවෙයි දේවාලයක් වගේ පෙනුනේ. මොකද උන්දා මුලින්ම කියල තිබුනනේ ඉන්දියාවේ කෑම කෑවොත් බඩේ අමාරුවක් ෆ්‍රී හම්බවෙනවා කියල. ඉතිං ගොඩක් දුරට කෑම එහෙමත් ගොඩක් තෝරලා බේරලා තමයි කෑවේ බිව්වේ. දවසක් නවාතැන් පලේ කෑම කාල කාල ඇතිවෙලා හිටපු එකේ පොඩි වෙනසකටත් කියල එළියෙන් මසාල තෝසේ පාරක් දාල බාබුල් එකක් එහෙම කාලා පොඩි දත් කූරක් එහෙම කටේ ගහගෙන පොඩි රවුමක් දාලා ආවා. ආව තමයි ආයෙම ඩුබායි එනකන්ම හොද වුනේ නැති ඒඅවාසනාවන්ත බඩේ අමාරුව කතා කරලා වැඩක් නැහැ පිංවතුනි තත්වය සෝචනීයයි. ඉතින් අපේ උන්දැගේ වැඩෙත් එන්නේ කවද්ද එන්නේ කවදද කියා කියා කියවන එක වෙච්චි. ඉවසන් ඉන්න එකෙත් එක්තරා ලිමිට් එකක් තියෙනවනේ එහෙන් බඩේ අමාරුව වැසිකිලියෙන් හෙල්ලෙන්න දෙන්නේ නැහැ. අරහෙන් කොම්පැනි කාරයෝ එන්න දෙන්නේ නැහැ. මෙහෙන් මායියා කනක් ඇහිලා ඉන්න දෙන්නේ නැහැ. මේ තුන එක්කාහුවෙලා මගේත් අර්ශස් තද වෙලා මායියාට කියල දැම්ම මම එන්නේ නැහැ මෙහෙම ඉන්නයි කල්පනාව කියලා.
මෙන්න බොලේ අබ පුපුරනවා වගේ අපේ මායියා කියපි නැතැයි. එහෙනම් ඕනේ බම්බුවක් ගහගන්න එකයි ඇත්තේ. ඉන්න විතරක් නෙවෙයි ඉන්දියන් එලිච්චියෙක් හොයාගෙන කසාදෙකුත් බැඳගන්න කියල. එලිච්චියෙක් කොහොම වෙතත් ගැටිස්සියෙක් හිටියනම් ඇති කසාදයක් කොරගන්න. නැද්ද මන් අහන්නේ........ අම්මප ඔච්චර ඉටි කිරිස් කෑලි ඉන්න ඉන්දියාවේ මට හරියන එකක් හොයාගන්න බැරි වෙන එකක් නැහැයි කියලත් ලාවට වගේ හිතුනා. අපේ උන්දා මේක කියෙව්වොත් අද රෑ පිලේ තමයි නිදියන්න වෙන්නේ. එකත් බඩගින්නේ :( මේ බම්බු ගහනවා කියලා හැමෝම වගේ කියනවා ඇහුනට කීයෙන් කී දෙනාද දන්නේ මේ බම්බු ගහනවා කියන්නේ මොකක්ද කියලා. මේ ගැන කතා කරද්දී අපට මතුවෙන ගැටළු තමයි
ඒ කාලේ මේ දැන් වගේ හන්දි හන්දි ගානේ පශුවෛද්‍යවරුන් හිටියේ නැහැ දොස්තර විභාගේ අමාරු වුන උදවිය තමයි මේ පශුවෛද්‍යවරුන් වෙන්නේ කියල කතාවකුත් තියෙනවා. ඔය අපේ ගමේ ගොඩේ උදවිය පශුවෛද්‍යවරුන් හඳුන්වන්නේ බලු දොස්තර කියන නමින්. බල්ලන්ට වෙදකම් නොකලත් බලුදොස්තරලත් අපේ සමාජේ බොහොමයක් ඉන්නවා. ඔය ස්ට්‍රයික් එකක් එහෙම කරන වෙලාවට ඔක්කොම ඉතිං බලුදොස්තරලා තමයි රෝගීන්ට. (ඔන්න ඉතිං ට්‍රැක් එක පැන්නනේ සහෝදරයා එකනේ තමුසේ එක්ක කොරන්න බැරි.) හරි.... හරි... ඉස්සර නම් මේ සත්තුන්ට වෙදකම් කලෙත් ගමේ වෙදමහත්තයාම තමයි. සිංහල වෙදකම් කරලා තියෙන උදවිය දන්නවා ඇතිනේ සිංහල බෙහෙත් වර්ග මොනවද කියලා කසාය, කල්ක, ගුලි, (මෝදකේ නෙවෙයි) අනම් මනම් ගොඩයි. ඉතිං මේ හරක්ට මෙව්වා බොන්න කිව්වට බොන එකක්යැ.....ඒකනේ හරක් කියන්නේ මෙන්න මේ අවස්ථාවේදී සිද්ධ වෙනවා බලෙන් පොවන්න නැත්නම් සතාගේ ජීවිතේට වුනත් හානි වෙන්න පුළුවන් නේ.... හරකාගේ කකුල් අතපය බැඳලා බිම පෙරලලා සෑහෙන්න සටනක් කරලා තමයි බෙහෙත් ටික පොවන්න ඕනේ. අද කාලේ නම් කරන්නේ හරකාගේ අතපය බැඳලා බෙල්ල කපන එකනේ ඒකත් හලාල් ක්‍රමයට එතකොට හරකට රිදෙන්නේ නැහැලු. ඔන්න ඔය අවස්ථාවේදී වෙද මහත්තරු පාවිච්චි කරනවා හොඳට පදම් කරලා, මැද කොටස සුද්ද පවිත්‍ර කරලා ගත්ත උණ බටයක්. මෙන්න මේ බටේ හරකාගේ උගුරට දාලා තමයි ලු බෙහෙත් පොවන්නේ. මේ කෙරුවාවට තමයි බම්බු ගහනවා කියලා කියන්නේ. ඉතිං හොඳින් කරන්න බැරි දෙයක් අත පය බැඳලා බිම පෙරළාගෙන බලෙන් කට අරවලා බෙහෙත් පොවන එකටයි බම්බු ගහනවා කියන්නේ. මෙය කියමනක් ආප්තෝපදේශයක් (වචනේ හරිද දන්නේ නැහැ වැරදිනම් නිවැරදි කරන්න) හැටියට ප්‍රචලිත වෙලා තියෙන විදියක් තමයි පෙනෙන්නට තියෙන්නේ. නමුත් මෙහි ඇති වරද නම් අද කාලේ තැනක් නොතැනක් නැතිව බම්බු ගැසීමයි.
මට මේ නිධාන කතාව එහෙම නැත්නම් මේ වචනේ හැදිලා තියෙන්නේ කොහොමද කියන එක දැනගන්ට ලැබුනේ වර්ෂ 2004 ලංකාවට නිවාඩුවක් ගිහින් ඉන්නකොට මට අවස්ථාවක් ලැබුනා අපේ ලොකු මාමා එක්ක තරුණ සේවා සභාවේ තිවුන සම්මන්ත්‍රණයකට යන්න. මෙහි හිටපු දේශක මඩුල්ලේ කෙනෙක් තමයි මේ කතාව කිව්වේ ඒ වෙන කවුරුවත් නෙවෙයි සිංහල විෂය පිලිබඳ විශේෂ උපාධියක් හිමි
මේ පොස්ට් එක ලියවෙන්නේ එදා ඒ මහත්මයා කියලා දුන්නු දැනුම නිසාවෙන්. මම ඒ පිළිබඳව හසන්ත මහත්මයාට ස්තූතිවන්ත වෙනවා.
කොහොමින් කොහොම හරි අවුරුදු ගානක් ඔෆිස් එකේ අයිස් ගහපුවට හරියන්න පෝරියල් එක සෙට් වුනා උදේ පාන්දර ඉඳන් රෑ 10 - 12 වෙනකල් වැඩ කොරන්න. ඒකත් නූලට තිතට කෙරෙන්න ඕනේ මොකද රජයත් සම්බන්ධ ව්‍යාපෘති යක් නිසා. ඒ හින්දා අපේ මායියා වෙනුවෙනුත් මම වෙන්කොරල තිබුනේ දවසින් විනාඩි 20ක් විතර තමයි. බැංගලෝර් නගරයේ ගුවන්තොටුපොලේ තමයි රාජකාරි කොලේ. ඒ පිලිබඳ තාක්ෂණික පැත්තෙන් පොස්ටුවක් නිවාඩු පාඩුවේ දාන්නම්. කොහොමින් කොහොම හරි කෝරලේ මහත්තයට සෙට් වුන ගෝලයෝ ටික නම් අදහන්න වටිනවා නිකන් නෙවෙයි මල් පහන් තියලා. ඇත්තටම මුන් අයිටී දෙපාර්තමේන්තුවට නෙවෙයි ප්ලේන්ටී දෙපාර්තමේන්තුවට වත් සුදුසු කම් නැති එවුන්. කොහොමින් කොහොම හරි ගිය වැඩෙත් කොරලා ගෝලයෝ ටිකත් පුහුණු කරලා දෙපාර්තමේන්තුවත් රාජකාරි මට්ටමේ කටයුතු වන තැනක් විදියට ස්ථාවර කොලේ හැකි ඉක්මනින් ගෙදර එන්න බලාගෙන. නමුත් කල හොඳ පස්සෙන් එලවනවා වගේ අපේ අධ්‍යක්‍ෂක වරයා ඉන්දියාවේ ප්‍රාදේශීය කලමනාකර තනතුර මගේ ඔලුව උඩින් තිබ්බා කටු ඔටුන්නක් කරලා. ඕකෙන් මේකෙන් වෙන්නේ මාසෙකට දෙකකට සැරයක් ඉන්දියා ගිහින් බඩේ අමාරුව හදාගෙන එන්නයි. මෙලෝ රහක් නැති උසස්වීමක්.
මෙන්න මේ අවස්ථාවේ තමයි මට අපේ සුදීක අයියව නිකන් දෙයියෙක් නෙවෙයි දේවාලයක් වගේ පෙනුනේ. මොකද උන්දා මුලින්ම කියල තිබුනනේ ඉන්දියාවේ කෑම කෑවොත් බඩේ අමාරුවක් ෆ්‍රී හම්බවෙනවා කියල. ඉතිං ගොඩක් දුරට කෑම එහෙමත් ගොඩක් තෝරලා බේරලා තමයි කෑවේ බිව්වේ. දවසක් නවාතැන් පලේ කෑම කාල කාල ඇතිවෙලා හිටපු එකේ පොඩි වෙනසකටත් කියල එළියෙන් මසාල තෝසේ පාරක් දාල බාබුල් එකක් එහෙම කාලා පොඩි දත් කූරක් එහෙම කටේ ගහගෙන පොඩි රවුමක් දාලා ආවා. ආව තමයි ආයෙම ඩුබායි එනකන්ම හොද වුනේ නැති ඒ
මෙන්න බොලේ අබ පුපුරනවා වගේ අපේ මායියා කියපි නැතැයි. එහෙනම් ඕනේ බම්බුවක් ගහගන්න එකයි ඇත්තේ. ඉන්න විතරක් නෙවෙයි ඉන්දියන් එලිච්චියෙක් හොයාගෙන කසාදෙකුත් බැඳගන්න කියල. එලිච්චියෙක් කොහොම වෙතත් ගැටිස්සියෙක් හිටියනම් ඇති කසාදයක් කොරගන්න. නැද්ද මන් අහන්නේ........ - බම්බු හෝ බම්බුව යනු මොනවාද?
- ගහන්නේ කොහේද?????
වෙන වෙන අදහස් එහෙම ගන්නවා එහෙම නෙවෙයි
ඒ කාලේ මේ දැන් වගේ හන්දි හන්දි ගානේ පශුවෛද්‍යවරුන් හිටියේ නැහැ දොස්තර විභාගේ අමාරු වුන උදවිය තමයි මේ පශුවෛද්‍යවරුන් වෙන්නේ කියල කතාවකුත් තියෙනවා. ඔය අපේ ගමේ ගොඩේ උදවිය පශුවෛද්‍යවරුන් හඳුන්වන්නේ බලු දොස්තර කියන නමින්. බල්ලන්ට වෙදකම් නොකලත් බලුදොස්තරලත් අපේ සමාජේ බොහොමයක් ඉන්නවා. ඔය ස්ට්‍රයික් එකක් එහෙම කරන වෙලාවට ඔක්කොම ඉතිං බලුදොස්තරලා තමයි රෝගීන්ට. (ඔන්න ඉතිං ට්‍රැක් එක පැන්නනේ සහෝදරයා එකනේ තමුසේ එක්ක කොරන්න බැරි.) හරි.... හරි... ඉස්සර නම් මේ සත්තුන්ට වෙදකම් කලෙත් ගමේ වෙදමහත්තයාම තමයි. සිංහල වෙදකම් කරලා තියෙන උදවිය දන්නවා ඇතිනේ සිංහල බෙහෙත් වර්ග මොනවද කියලා කසාය, කල්ක, ගුලි, (මෝදකේ නෙවෙයි) අනම් මනම් ගොඩයි. ඉතිං මේ හරක්ට මෙව්වා බොන්න කිව්වට බොන එකක්යැ.....
මට මේ නිධාන කතාව එහෙම නැත්නම් මේ වචනේ හැදිලා තියෙන්නේ කොහොමද කියන එක දැනගන්ට ලැබුනේ වර්ෂ 2004 ලංකාවට නිවාඩුවක් ගිහින් ඉන්නකොට මට අවස්ථාවක් ලැබුනා අපේ ලොකු මාමා එක්ක තරුණ සේවා සභාවේ තිවුන සම්මන්ත්‍රණයකට යන්න. මෙහි හිටපු දේශක මඩුල්ලේ කෙනෙක් තමයි මේ කතාව කිව්වේ ඒ වෙන කවුරුවත් නෙවෙයි සිංහල විෂය පිලිබඳ විශේෂ උපාධියක් හිමි
හසන්ත හෙට්ටිආරච්චි මහත්මයා
මේ පොස්ට් එක ලියවෙන්නේ එදා ඒ මහත්මයා කියලා දුන්නු දැනුම නිසාවෙන්. මම ඒ පිළිබඳව හසන්ත මහත්මයාට ස්තූතිවන්ත වෙනවා.
ඔන්න දැන් බම්බු ගහන්න කලින් අපේ උදවියට ටිකක් හිතන්න වෙනවා. ඔය වචනේ ගැලපෙන උදවියත් අප අතර නැතුවාම නොවෙයි.
Subscribe to:
Posts (Atom)

.jpg)