Monday 12 November 2012

හිරකාරයෝ පස්සෙන් ගන්න වැඩ. ඇතුලේ නැත්තේ බඩු විතරද? (18 වැඩි උන් විතරක් කියවන්න)

මේ පොස්ටුව ලියන්න හේතුගණනාවක් තියෙනවා. පලවෙනි එක සිහින කුමරිය කතාව අවසන් කරද්දී මම උන පොරොන්දුව, දෙක මේ ඊයේ පෙරේද වැලිකඩ උන කලබල කාරී තත්වය. තුන රාජ් අයියා අද ලියල තියෙන පොස්ටුව. සැබෑ ලෙසටම විග්‍රහ කරලා තියෙනවා ඇතුලත තියෙන තත්වය. ඔව් මම මේ ලියන්නේ මම වැලිකඩ සිපිරිගෙය තුල ගෙවපු ජීවිතේ ගැන. මම ගැන දන්නා සමහරු දන්නවා ඇති මම ඉගන ගන්නේ පරිගණක ඉන්ජිනේරු උපාධියක් (Bachelor of Science in Computer Science) සඳහා අන්තිම අවුරුද්ද කියල. නමුත් එයටත් කලින් තමයි මම වැලිකඩ හිරගෙදරින් IRC උපාධිය ලබාගත්තේ කියල. ඒ ගැන මගේ හිතේ තියෙන්නේ සතුට මුසු වූ ආඩම්බර හැඟීමක්. ඇයි ඩො...... ඩබල් ඩිග්රි නේ. තොපි සද්දේ දාන්න එපා හරී...... මගේ නම වෙනස් කරා දැන් මට කියන්නේ වලව්වේ කොරා හරි........ නම ඇහුවත් ගමම බයයි ඩො............... කුඩුනම් කුඩු, බඩුනම් බඩු..... හරි..... චඃ වැරදුනා, වැරදුනා බඩු නැහැ. කුඩු විතරයි. 



ඔයාල සමහර විට අහල ඇති හිරේ ගිහින් ආව මිනිස්සු කියනවා. යකෝ එක පාරක් හිරේ ඉඳල ආව මට තව පාරක් යන එක නතින්. යකෝ හිරේ මට ගෙදර වගේ. එළියේ මොන සැපද. හිරෙනේ බොල නියම සැප කියල. ඉස්සර මේවා අහන කොට මමත් හිතුවේ මේ යක්කු මේ ෂෝ ඕෆ් කරනවා මේ පුරාජේරුවට කියවනවා කියල ඇයි යකෝ මේ නිදහසේ එළියේ ඉන්නවට වඩා කවුද කැමති කූඩුවක් ඇතුලේ ගත කරන්න. 

ඒ ඇතුලට යන්න කලින් ඇතුලට ගියාට පස්සෙනේ බොල මමත් දැක්කේ සුරපුරේ. එළියේ මොන සැපද....... ? මම හිටිය දවස් ටිකේ මම වාට්ටුව ඇතුලේ දැක්කේ නැත්තේ ශාරීරික අවශ්‍යතාවන් ඉටු කරගැනීමට කාන්තාවන් පමණයි.( ඒවාත් ඉටුකරගන්නා අන්දම ගැන නොයෙක් කතා ඇහුනත්, මා සියසින් නොදුටුව නිසා ඒවා ගැන සඳහන් කරන්නේ නැත)  අනෙක් ඔක්කොම වාට්ටුව ඇතුලෙන්ම ලබාගන්න පුළුවන් පැනඩෝල් පෙත්තේ සිට. හෙරොයින් ග්‍රෑම් එකක් දක්වා වූ සියලුම දේවල් එකම වහලක් යටින් ගන්න පුළුවන් හිර ගෙදරින් විතරයි. නමුත් එකම වෙනස වූයේ. ඒවායේ මිල අධික කමයි. ගෝල්ඩ් ලීෆ් එකක් එළියේ 22 (ගිය ජනවාරිවල) ඇතුලේ 100යි බීඩි මිටියක මිල ඇසූවිට මා ක්ලාන්ත වන සුළුවිය.( මට හරියටම මතක නැත්තේ මා වැඩි අවධානයක් යොමු නොකළ බැවින්ය.)

මුලින්ම අපි බලමු මෙවැනි දෑ සිර ගෙය තුලට ගෙන එන්නේ කොහොමද කියල ඔවුන් එය හඳුන් වන්නේ බංකර් ගැසීම යනුවෙනි. බංකර් ගහනවා....................? ඒ මොකක්ද ඒක තමයි ඔයාලට ඊළඟට මතුවෙන ප්‍රශ්නේ. මාරයා අයියා පසුගිය දිනක ලිපියක් පල කළා අපි පස්සෙන් වැඩගන්නේ නැහැ කියල. නමුත් මම එම මතයට එකඟ නැත්තේ ඔය පශ්ෂ තියෙන්නේ. එකෙන් නියම විදියට වැඩගන්නේ රැඳවියන් බැවිනි. දිනකට සිරකරුවන් දහස් ගානක් විවිධ හේතු මත උසාවියට ඉදිරිපත් කිරීමට රැගෙන යයි එවිට උසාවි කූඩුවෙන් ලැබෙන්නාවූ දෑ ඔවුන් නැවත රැගෙන යන්නේ විශේෂිත වූ ක්‍රමයකටයි. අපි බලමු ඒ කොහොමද කියල 

මුලින්ම ඕනේ කරනවා ඉරිලා නැති ෂොපින් බෑග් එකක්. ඊළඟට අපිට ගෙනියන්න අවශ්‍ය කරන දේ පොඩි ෆෝන් කට්ටක්. දුම්කොලයක්. බුලත් විටක්  ආදී දෑ......... ඉතින් ඔය ගෙනියන්න අවශ්‍ය කරන දේවල් පරිස්සමට ෂොපින් බෑග් එකේ ඔතලා. උසාවි රැඳවුම් කූඩුව තුල ඇති වැසිකිලියට ගොස් ඉතා අමාරුවෙන් පශ්චාත් භාගයට ඔබා ගැනීම තමයි කරන්නේ. එකත් හැමෝටම කරන්න බැහැ. එකටත් ඉන්නවා බංකර් ස්පෙෂලිස්ට්ලා. ඔවුන්ට ගානක් අතමිට මෙලවූ විට ඔබට අවශ්‍ය දේ ඔබට ලැබේවී. හැබැයි නෝ ගැරන්ටි නෝ වරන්ටි. මම හිතනවා දැන් මගේ හිතවත් පාඨක ජනයා අවභෝද කරගත්තා කියල බංකර් ගහන්නේ කොහොමද කියල තේරුනේ නැතිනම් නැවත වතාවක් කියවන්න.

රැඳවියන් තමන්ගේ අවශ්‍යතා පිරිමසාගන්නේ ඉතා අපූරු ආකාරයකටය. ඔබට ඇඳුමක් අයන් කිරීමට ඇතිනම් සිගරට් එකක් ලබා දෙන්න ඔබගේ ඇඳුම ලස්සනට ලොන්ඩරියෙන් කළා වගේ අයන් කරලා දෙවි. කොහොමද හිරගේ ඇතුලේ කොහෙන්ද අයන්??????? බය වෙන්න එපා එකට අපේ හිරගෙවල් ඇතුලේ ඉන්න තාක්ෂණ වේදීන් නිර්මාණය කරලා තියෙනවා කෝප්ප අයන් එක. පහල පින්තූරේ බලන්න.



මෙන්න මේ වගේ කෝප්පයකට අයිස්ක්‍රීම් භාජන වැනි ප්ලාස්ටික් භාජන දමා ගිනි දැල්වීම මගින් රත්කරගන්න කෝප්පය වතුර ඉස ගානට පදම් කරගන්න ලද  ඇඳුම මත සීරුවට තබා මදිනු ලබයි මෙයද හැමෝටම කල නොහැක්කේ පොඩ්ඩ වැරදුනොත් ඇඳුමේ පදාසයක්ම පිච්චි යන බැවිනි. එයටත් ස්පෙෂලීස්ට්ලා ඇත.


හ්ම්ම්ම් දැන් කියන්න තියෙන්නේ නිදාගන්න තියෙන පිළිවෙලයි. පන්සලේ ධර්ම ශාලාව ඔබ දැක ඇති සිතමි.





ඔය ඉහත තියන ආකාරයේ ශාලාවක් නමුත් මෙතරම් පළල නැත. (මෙම පින්තූරය දැම්මේ මට අවශ්‍ය කරන ආකාරයේ ගොඩනැගිල්ලක් සොයා ගත නොහැකි බැවින්ය) මෙහිද එක එක පලන්ති වේ. ඒ ඇති හැකි බලපුළුවන්කාර, පරණ, නවක, අබ්බ ගොබ්බ  ඩයල් යනාදී වශයෙනි. මෙයි දෙපස බිත්තියට ආසාන්න කෙලවර ඉතා සුපිරි පුද්ගලයන් සඳහා වෙයි. ඒවාට ගෙවීමටද සිදුවෙන අවස්ථා වෙයි. එමෙන්ම ඒවායේද මායිම් ඇත. එක එක කොටස් කල්ලි කණ්ඩායම් ඒවා බෙදාගෙන ඇත. 


වම්පස කෙලවරේ ඉන්නේ ඒවගේ සුපිරි පොට් (ස්පොට්) වල නිදන ඩයල් ය. 


සම්පූරණ පේලි පහක් වෙයි. බිත්ති අයින් දෙකේ දෙකයි ඔය උන්ගේ කකුල් පාමුල නිදන උනුයි. අනෙක මැද්දේ කෙලින්ම නිදන අයයි. ඔවුන්ටනම් නින්දක් ඇත්තෙම නැත. මන්ද යත් 1700කත වැඩි රැඳවියන් රංදවූ මෙම සිර මැදිරියෙහි රාතියට චූකරන්න යන උන්ම කීදෙනෙක් ඉන්නවද යන්නේ වෙන්නේ අර මැද්දේ නිදාගන්න උන්ව පාගාගෙනය. කරන්නට දෙයක් නැත ඕවර් ලෝඩ්.



මේ පහල සිටින්නේඅලුතෙන් පැමිණි. කබ්බෝය. ඔවුන්ට සිදුවන්නේ වැසිකිලියට ආසාන්නව නිදාගනීමටය.

සැබෑ තත්වය මෙහිද හරි හැටි නොපෙනේ. මක්නිසාද යත් මෙසේ නොව කෙලින් අතට හැරී නිදාගැනීමට වෙයි. ඒ සාමාන්නයෙන් ඔබ ඇඳක දිගා වුවහොත් ඔබට යන ඉඩමෙන් භාගෙටත් අඩු ඉඩප්‍රමාණයක් තමයි ඔබට ලැබෙන්නේ. තනියම ඇඳේ නිදාගෙන ඒ ඇඳත් සැප මදියි කියල හිතන අයට මේ නිදා ගැනීම හිතාගනීමටත් නොහැක. නමුත් මේ සිරකරුවෝ නිදාගනිති. මමත් එසේ කල බැවින් මාද එය දන්නේය. ඒ වෙන කල හැකි කිසිවක් නොවන බැවින්. එසේ කිරීමට සිදු විය. නමුත් මට එසේ ගතකිරීමට වූයේ මුල් දවසේ පමණි. එහිදී මට හමුවූ පුද්ගලයෙකු අපේ දමිත් අයියාගේ බොක්කක් විය. මක් නිසාද යත් ඔහු කිරුලපන  පුද්ගලයෙකු බව ආරංචි වී ඔහුව මුණගැසීමට ගොස් කතා බහ කල විට තමයි ඔහු දමියාගේ බොක්කක් බව කිව්වේ.  ඔහු මට ඔහුගේ සුපිරි පොට් එක නිදාගැනීමට ලබාදීමට තරම් කාරුණික විය. ඒද නිකම් නොව රුපියල් 10000ක් ඔහුගේ ගිණුමට බැරකරන ලෙස දන්වා සිටීමෙනි. සෙල්ලම්ද කොල්ලෝ.


දැන් ඔන්න නිදාගන්න තාලෙත් කෙටියෙන් කිව්වනේ අපි බලමු කෑම බීම කොහොමද කියල. කල්දේරම් බතක් වන මෙය සිරකරුවන් දහස් ගානකට පිළියෙළ කරන නිසාවෙන්දෝ කිසිම රහක් නැති කිරිමැටි ගුලි මෙන්ය. 



මෙය පිළියෙළ කරන්නේද විවිද වැරදි සඳහා දීර්ග කාලීනව සිරදඬුවම් විඳින රැඳවියන් විසිනි. ඔවුත් තරමක් හයි කාරයන් වෙයි. ජේලර් වරුන්ගේ පිහිටද නොමදව ලැබෙන ඔවුන් සිරගේ තුල හැසිරෙන්නේ අප්පාගේ බූදලය ලෙසින්ය. දිනකට තෙවරක් කෑම පෝලිමේ යාමට සිදුවෙයි. නැතහොත් වන්නේ බඩගින්නේ මිය යාමටය. දෙන දේ කාල වෙන දේ බලාගෙන ඉන්න තමයි තියෙන්නේ ගොඩක් අයට කන්න ලැබෙන්නේ සවාන්ය. සවාන් යනු අප තේ පිළිගන්වන ට්‍රේ එක වැනි ලොකු පින්ගානක්ය එහි හතර පස් දෙනෙකුටම එකම පිඟානට බෙදන බැවින් කන්නට වන්නේ හවුළේය. 








දැන්කියන්න යන්නේ උදේ නෑම ගැනයි. පාන්දට හයටත් පෙර ඇහැරවනු ලබන අතර නැගිට්ටේ නැත්නම් වන්නේ පොලු පාරක රස බලන්ටය. විනාඩි හතලිස් පහක් වගේ ඇතුලත සියලුම දෙන තමන්ගේ ශරීර කෘත්‍ය නිමකර පැමිණ නාන්නට පෝලිං ගැසිය යුතුය. සිමෙන්ති ටැංකි වලින් එකා වතුර බාල්දි 10 බැගින් නෑ යුතුය. ඊට වඩා නාන්නට වන්නේ බලන් ඉන්න උන්ගේ ඇස වසාය. ඉන් පසු සෑම වාට්ටුවකටම යන අයෙක්  අද නඩු ඇත්නම් ඒවාට පෙනීසිටීමට නම් කැඳවනු ලබයි මෙයටද පැමිණෙන්නේ. අච්චු කාරයන්ය. අච්චු කාරයන් යනු සිර දඬුවම් නියම වී. දඬුවන් ගෙවමින් සිටිනා අයය.

නම් ගම සඳහන් නොකලත් මේ දේ විශේෂයෙන්ම කියන්නේ අපේ ඇනෝලට මේ කිහිප තැනකම සඳහන් පෝලිං ගහනවා කියන වචනේ වරදවා වටහා ගණන් එපා හොඳේ...... හරියටම මා සිරගෙදරට පැමිණියේ මීට පෙර වතාවේ සිරකරුවන් කලබල කල දිනයේය. එය හරියටම මා පිළිගැනීමට සංවිධානය කල උත්සවයක් වැනියි මට සිතින. දුම්කොළ නැට්ටක පවා වටිනාකම සිරගෙය තුල මෙතෙක් යයි කිව නොහැක. මක් නිසාද යත් ඔවුන් ඒවායින් ලෝකල් බීඩි හදනා බැවින්ය. ලෝකල් බීඩි කියන ජාතිය අපේ කාන්තා පාර්ශවය දන්නේ නැතිව ඇති ඔවුන්ගේ දැනුම සඳහා මම එය මෙසේ අකුරු කරමි. දුම්කොළ හෝ දුම්කොළ නැටි ස්වල්පයක් ගෙන. කුඩා පත්තර කොලේක ඔතා රවුම් කර පම් කර බීමට ගනුලබයි. (ඕනෙනම් ස්වයං රැකියාවක් විදියටත් කරන්න පුළුවන් හොඳ සල්ලි තමයි අනෙක බඳින කොට ජේලර් කෙනෙක්ම හොයල බඳින්න වග බලාගන්න. සල්ලි උල්පත්) පදම් කිරීම සඳහා විනාඩි 5ක් පමණ යයි. ඇයි ගංජා ඒවත් මදි නොකියන්න තියෙනවා අවශ්‍ය එකම දේ සල්ලි තමයි.

 රාජ් අයියා කියන විදියට ජේලර්ලා දූෂිතයි ලු. මොන පිස්සුද.........? ඒ මිනිස්සුන්ටත් පුරස්න තියෙනවනේ..... දරුපවුල් ඉන්නවා. හොඳයි කියන්න බලන්න අපේ ට්‍රැපික් මාමල අතට ඔයාලම රුපියල් සීය දෙසීය දීල නැද්ද? ඒවාට කවුරුවත් මොකුත් කියන්නේ නැහැ. ජේලර්ලට බයිනවා....... ඒ අහිංසකයෝ ටික විතරමද පෙන්නේ ? ඇත්තටම මම කලින් කීව ආකාරයට අපේ ගැහැණු ළමයි අද සිට සිහින මැවිය යුත්තේ ඩොකෙක්, ඉන්ජෙක්, ලෝ බුවෙක් බැඳීමට නොව. ජේලර් කෙනෙක් බැඳගනීමටය. එළියේ රුපියල් 400ට ලබාගන්න ගෝල්ඩ් ලිෆ් පැකට්ටුව ඇතුලේ විකුනන්නේ රුපියල් 1200ක. ලාබය කීයද? 800යි. එතකොට දවසට අඩුම 10ක් ඇතුලට ගෙනිච්චොත් ශුද්ධ ලාබය කීයද? 8000යි. සේවක ගාස්තු නෑ. ලයිට් බිල් වතුර බිල් නැහැ. බිස්නස් කාරයෙක්ටත් වඩා ලාබයි. 8000 x 30 =240000යි මාසෙට මේ පඩියට අමතරව. සිගරට් වලින් විතරක්. එතකොට හෙරොයින් ගංජා අරව මේවා ගැන කොටස බලධාරියා විසින් කපා හරින ලදී. මිලියන 0.5 ක පමණ  මාසික ආදායමක් දල වශයෙන් ජේලර් මහත්තයෙක්ට සෙට් වෙනවා. ඒ විතරක්ද රජයේ ක්වාටස්. හිරගේ ඇතුලෙමනේ. ප්‍රවාහන ගාස්තු නැහැ. අවුරුද්දෙන් දෙකෙන් කොටිපතිනියක් වෙන්න පුළුවන් මේ මගේ යෝජනාව ගැහැණු ළමයි සලකා බලයි කියල මම හිතනවා


අදට මේ ලිව්වා ඇති. තවත් රසබර තොරතුරු සමගින් මම හිරේ ගිය තාලේ දැනගන්න. ගෙවපු ජීවිතේ, ගිය හේතුව ඇතුළු තොරතුරු සමගින් හමුවෙමු දෙවැනි කොටසින්. එහෙනම් හැමෝටම ජය වේවා! වෙරි නොවේවා!!!! 

එතකල් මෙන්න මේ සින්දුව අහල කොමෙන්ටුවකුත් කොටාගෙනම යන්නකෝ


දෙවන කොටස




මෙයට කෝරලේ වලව්වේ කෝරලේ මහත්තයා.



131 comments:

  1. බුදු කිරි අප්පොච්චියෝ .. හරීම භයානකයි :-o

    ReplyDelete
    Replies
    1. ආයෙදත් අහල...... ඇඟ කිලිපොලා යනවා. මම හිරේ ගිය හරිය අනෙක් එකෙන් බලන්නකෝ

      Delete
  2. හම්මපා බං.. මේ කතාව කලින් දන්නේ නෑ නේ... නැත්තම් හොයා ගන්න තිබ්බා ජේලර් කෙනෙක්ම... කිසි කරදරෙකුත් නෑ නේ... මළොත් පෙන්ෂන් එක තියෙනවා.. හි හි

    ReplyDelete
    Replies
    1. හප්පේ බොල අපේ අයියට බූට් තමයි මෙහෙම ගියොත්. හිටුකෝ මම කියන්න. :P අක්කේ දැන් කරන්න තියෙන එකම දේ අයියව යාවන් ජේලර් කෙනෙක් කරන්න. දැක්කද මගේ මොලේ ඇති අදහස්

      Delete
    2. හිටු මේක අපේ මහත්තයට පෙන්නනකං

      Delete
    3. ඔව් ඔව් අක්ක කියන්නේ අපේ මහත්තය කියලනේ. මොකද නලින් අයිය කියන්නේ මගේ අදහස ගැන?

      Delete
    4. උස මදි බං කෝරළයෝ... හිරකාරයෙක් හච්චිමක් ඇරියොත් අපේ එක්කෙනා තාප්පෙන් එහා පැත්තේ ඉදියි.. හි හි....

      Delete
    5. අවුලක් නැහැනේ අනේ ඔයත් කුරු මිට්ටි වගේ එකේ ඔයා කියන්නේ අයියා කොච්චර උස වෙන්න ඕනේ කියලද? ඒක නෙවෙයි ඔයා අහල තියෙනවද ඝෝඨයිම්බර ගෙයි මහසෝනගෙයි කතාව මිටි එක අවුලක් නෙවෙයි අදම අයදුම් කරන්න අවස්ථා සීමිතයි. ලොල්.. :)

      Delete
    6. තිරස් අතට උස බලපාන්නේ නෑ හිරු.... බය වෙන්න එපා.

      Delete
  3. කැම්පස් අත ඇරලා ඇවිත් ජේලර් කෙනක් වෙන්න හිතෙනවා බං...
    ඔය හිරේ ඇතුලේ සිං කෝන් ගැන මමත් නාඩියක් කෙටුවා.....
    http://www.naadiyaonline.blogspot.com/2012/07/16.html
    කියෝලා බලපන්කො....

    ReplyDelete
    Replies
    1. බැලුවව මචං. සිරාවටම හිරකාරයෝ කියන්නෙත් අපි වගේම මනුස්සයෝ... ඒ උඹ කියල තියෙන වචනෙට මම ගොඩක් ගරු කරනවා හිරගේ කියන්නේ අපායක්. මේකේ දෙවැනි කොටසත් බලපන්

      Delete
  4. අන්න බං නියම නියම විචාරය. (සොරි කෝරලේ මහත්තයෝ) හිර ගෙදර බීඩියකට සිගරට් එකකට කර ගන්න බැරි දෙයක් නෑ. පෝලිං නැතිව ලැට් එකට යන්නත් පුළුවන්. නියමෙට දීල තියෙනවා එක් එක් ක්ෂේත්‍ර ආවරණය වෙන විදියට. නියමයි. ඔන්න ඕවනේ එළ කියන්නේ. මේ උඹ හිටියෙත් මං හිටපු කාලෙද මන්ද??? (හික්)

    ReplyDelete
    Replies
    1. මම හිටියේ ගිය ජනවාරි වල. හප්පේ....... සසර කල කිරිල විතක් නෙවෙයි මුට්ටිත් කිරිල ආවේ එලියට. මේ පාර ආවේ ගහලා. අනෙක් පාර එන්නේ මරල කියල හිතාගෙන. පස්සේ මගේ බනියා නිසා උන් බේරුනා නැත්නම් බ්ලොගේ කොටන්න වෙන්නේ හිරේ ඉඳන්. හිකිස්........... හිටිය දවස් දෙකට සෑහෙන්න අවභෝදයක් ලබාගත්තා. ඒ මොකෝ දේශක තුමෝ හිරේ ගියේ. 80 ගණන්වල වගේ තහනම් දේශන දීලද?

      Delete
    2. නෑ බං. ජේලර් යාළුවෙකුගේ ඇතුලේ තිබ්බ පාටියකට..ක්වාර්ටර්ස් වල හික්...

      Delete
    3. හත් ඉලව්වයි. බොල අපිට කොහෙන්ද ඇහුවලු. ජේලර්ලා............?

      Delete
    4. Bachelor of Science in Prison කියල පට්ටමකුත් ගහ ගෙන නෙව මේ ඉන්නේ අපේ කෝරලේ මහතා. හැක් හැක්..

      Delete
    5. හැක් හැක් හැක් එකනේ BSP,BSCS,MCSE,MCITP,CCNA ලිඳකට වැටුනොත් ගොඩගන්න කලින් මැරෙනවා. ඔය නම් සැට් එක කියන්න ගියොත්.

      Delete
    6. //හැක් හැක් හැක් එකනේ BSP,BSCS,MCSE,MCITP,CCNA ලිඳකට වැටුනොත් ගොඩගන්න කලින් මැරෙනවා. ඔය නම් සැට් එක කියන්න ගියොත්.//

      හික්ස්...

      Delete
    7. බොරුද මම කියන්නේ වැටිලා ඉන්නේ කවුද කියල කියන්නේ කොහොමද ඔය පට්ටම් සැට් එකත් එක්ක

      Delete
  5. අවුරුදු 23 කදී මාර අත්දැකීම් ලබල තියනවනේ බං. සෙල්ලන් නෑ වැඩේ.

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නැහැ චන්දන අයියේ සමහර මිනිස්සු. 46ක් වෙලත් කරලා නැති විඳලා නැති දේවල් තමයි මට වෙලා තියෙන්නේ.

      Delete
  6. ජේලර් අධිරාජ්‍යයට එස් ටි එෆ් පැමිණිම තමා මේ සේරටම මුල වුණේ..
    නියම විග්‍රහයක් කෝරලේ මලයා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලින් අයියා ලිපිය මෙතනින් ඉවර නැහැ. මේ පටන්ගැන්ම

      Delete
    2. නලීන් ++++++++++++

      ඔය ජේලර් අධිරාජ්‍යය තියනකං කවදාවත් ලංකාවේ හිරගෙවල් වලට එන එවුන්ව හදාගන්නත් බෑ, ඒවා අස්සේ ඉඳලා දෙන ගේම් නවත්තන්නත් බෑ.

      Delete
    3. අනිවා සහතික ඇත්තක්. හැබැයි ඕවා මේ කපේ හැදෙන දේවලුත් නෙවෙයි දේශපාලන හෙන්චයියෝ.

      Delete
  7. නියම ලිපියක් නේ කෝරලේ මහත්තයෝ. සමහර එවුවා දන්නෙත් අදමයි.

    ReplyDelete
    Replies
    1. හික්..... හික්..... හැමදාම නැහැ හැම තැනම නැහැ කෝරලේ වලව්වෙන් පමණයි. බොහොම ස්තූතියි මාළු යාලු.

      Delete
  8. හොඳ විස්තරයක් මචෝ. පුවවන් නම් කෙටි නොකර දීර්ඝ විස්තරයක් දාපං. මොකද මේව දැනගන්න තියන අවස්තා අඩුනේ.

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා ඒකනේ කොටස් දෙකට කඩන්න තරම් දික් කලේ එකයි විස්තර හිතට එනවා. එන වේගෙට කොටන්න බැහැ.

      Delete
  9. මමනම් අහල තිබ්බෙ පොඩි එකෙක් ගිය ගමන් පස්සට බැස්ටිය සුවර් කියලා.ඒක බොරුවක්ද ඒ කියන්නෙ?

    ReplyDelete
    Replies
    1. මචං කියන තරම් යකා කළු නැහැ බං. පට්ට පල බොරුවක්. හැබැයි කොලු වාට්ටුව කියල එකකුත් තියෙනවලු. අන්න එකට වැටුනොත් පොඩ්ඩක් කේස් කියල තමයි කිව්වේ.

      Delete
  10. ජේලර් කෙනෙක් වෙන්න ඕන කරන අවම සුදුසුකම් මොනවද? දන්නෙ නැතිකමටයි අහන්නෙ!!!! පස්ට ඈ!

    ReplyDelete
    Replies
    1. හප්පේ ලහිරු උඹට බැහැ මචෝ. මොකද දේශපාලකයෙක් වෙන්න තියෙන්න ඕනේ සුදුසුකම්ම තමයි. හොරකම් කරන්න, වංචා කරන්න, බංකර් ගහන්නත් දැනගන්න ඕනේ. හිකිස් ස්තූතියි ලහිරු

      Delete
  11. කෝරලේ මහත්තයගේ කථාව කියෙව්වම මටත් ආතීතය මතක් උනා.අර්බුදකාරි තත්වයක මටත් සිදු උනා වැලිකඩ බන්ධනාගාරයේ රාජකාරි කිරීමට.එතන වෙන සිදුවිම් දෙස බැලුවම මිනිසත් කම කියන්නේ මෙකටද කියලා හිතෙනවා.ජිවිතේ ලබපු අත්දැකිම් එක්ක කමයි මම බොහෝ දුරට කරුණුකාරණා ගලපන්නේ.යථාර්තය විග්‍රහා කිරිම සුපිරියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගයානි. මම ලියන්නේ මම දැක්ක දේවල් අහල තියෙන දේවල් අත්දැකීම් එකට එකතු කරලා මම හැමනිතරම කියන්නේ කරන්නේ වැරදීම වලින් ජීවිතේ හදාගන්න. අද ජීවිතේ ජය අරන් ඉන්නේ වැරදුන මිනිස්සුම තමයි. වරදිනවා කියන්නෙත් අත්දැකීම් ලැබීමක්. බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට. ජයවේවා කිව්වා එහෙනම්.

      Delete
  12. ඇඩෝව් සද්ද එපා හරිය...නෑ එක්කෝ ඕනි නෑ....මේ කෝරලේ අයියේ බැරිද ඔය ජේලර් පට්ටමක් මං පොඩි එකාටත් අරං දෙන්න....ඈ...

    ReplyDelete
    Replies
    1. හප්පේ තරු මලේ මොකද බැරි. මුලින්ම කරන්න තියෙන්නේ මම කතිර යුද්දෙට යන්නම්. මාව කවුන්සලේට යවන්න. බන්ධනාගාර අධිකාරි පොස්ට් එකම අරන් දෙන්නම් කෝ. හිකිස්...... ජේලර්ලා කියන්නේ පේනවනේ කැපිල්ල කොහොමද කියල. ආදායම් බඩු කාරයෝ මේ පොස්ටුව දැක්කොත් බිස්නස් කාරයෝ අත ඇරලා මුලින්ම ටැක්ස් ලිස්ට් එකට දාවී ජේලර්ලව.

      Delete
  13. අප්පට සිරි එහෙත් ලේසි නැහැ නේද බං ..උබ මක්කෙටෙයි ඔහේ පැද්දුවේ ..

    ReplyDelete
    Replies
    1. බනියගේ නෑයොන්ට නෙලලා. මල් නෙලන්න වගේ මම දන්නෙත් නැහැ ගෙදරට පොලිසියෙන් එනකල් වරෙන්තු වලට අල්ලන්න.

      Delete
  14. Replies
    1. අනිවා.... අනිවා.... තැන්කූ සහ වෙල් කම් කීවා.

      Delete
  15. අර රාජ් අයියගේ පෝස්ටුවෙත් ලින්ක් එක දුන්නොත් කෝරලේ ගොයියට පිං

    ReplyDelete
  16. හුටා ... මූ රිංගලා තියෙන තැන්,.. හිරේ ඇතුලේ බීඩියකට කරන්න බැරි දෙයක් නෑ කියල අහල තීනවා තමා,,, හුවමාරු මාද්‍යයක් විදියට බීඩි කටයුතු කරනවලු නේ

    හිරේ ගිය එකෙක් කිව්වේ

    ReplyDelete
    Replies
    1. ඒක මිසක්. මම හිතුව අයියන්දිත් ඒ පැත්තේ විසිට් එකක් දාල ඇවිත් කියල. හිකිස්.... හප්පේ සිගරට් කාර්ටූන් එකක් අරන් ඇතුලට ගියානම් කෙලින්ම ලක්ෂයක් විතර හොයන එන්න පුළුවන්.

      Delete
  17. බොහෝම වටිනා ළිපියක්.. පත්තර වල ගියත් අද පත්තර බලන පිරිස අඩුයි. ඔය ජේලර් සෙල්ලම නම් වහාම නවත්වන්න ඕන. නැත්නම් හිර ගෙදරිකින් වන යුතුකම ඉටුවෙන්නෙ නෑනේ..

    ReplyDelete
    Replies
    1. අනිවා ජේලර්ලා ඉන්නකල් කිසිම දෙයක් කරන්න බහ උන් හැසිරෙන්නේ හිරගේ අප්පාගේ බූදලේ වගේ තමයි හිරකාරයොත් කරන්න දෙයක් නැතිකමට උන්ට අවනත් වෙලා ඉන්නවා.

      Delete
  18. අම්මට කියන්න ඕනේ සික්ස් පැක්ස් තියන ජේලර් කෙනෙක්වම හොයන්න කියලා.හික්ස්... අය්යා මාර ලකී ඔය වයසට ඔහොම අද්දැකීම් ලබන්න..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. ඇතුලට ගියානං කියයි ලකී කියල!

      Delete
    2. ඒක තමයි නංගි මමත් කියන්නේ..... හිරේ කියන්නේ කෙලින්ම අපායේ වැටුනා හෑ සමානයි ඉන්න වෙන්නේ යාම පල්ලෙක් වගේ තමයි. හ්ම්ම් සික්ස් පැක්ස් ජේලර්ලා ඉතින් මවන්න වෙනවා. ඔක්කොම ඉන්නේ බඩ තඩි පස්ස තඩි හිපෝලා වගේ උන් තමයි.

      Delete
    3. ලකී කිව්වේ ඇතුලට ගිහින් යහතින් එලියට ආපු නිසා අද්දැකීම් ගොඩකුත් එක්ක..හැමෝටම ඒ වසනාව නැති හින්දා...

      Delete
    4. හික් හික් එකනම් ඇත්ත.

      Delete
  19. මෙව්වා ජීවිතේට අහලා නැති කතන්දර බන්...

    ReplyDelete
    Replies
    1. හිකිස්..... ඒකනේ හරී. මේවා දන්නා උන් කියන්නේ නැහැ. කියන උන් හරියට දන්නේ නැහැ ඒ කියන්නේ අතින් දාපුවා කියන්නේ. කවුද අද කාලේ කියන්නේ ලැජ්ජා නැතිව හිරේ ගියා කියලා. හැබැයි මම කියනවා මොකද මම ගියේ හොරකම් කරලා මිනී මරල, මංකොල්ල කාල නෙවෙන නිසා.

      Delete
  20. වටිනා ලිපියක් බං. මම කලින් කොමෙන්ට් එකක දැක්ක උඹ ඇතුලට ගියා කියල. අදනේ විස්තර ටික දැනගත්තේ. පුළුවන් තරම් විස්තර කරලා ලියපන් මචං. පත්තර වල ලිපි ලියන එකෙක්වත් ඇතුලේ හිටපු උන් නෙමේනේ. ඒ ඔක්කොටම වඩා වටිනවා කට්ට කාපු එකෙක්ගේ අත්දැකීම්. ඉක්මනට දාපන් අන්ත කෑල්ලත්.

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා මචං. දානවා පත්තර වල කතා කටින් කට යන කතානේ පදනමක් නැහැ.

      Delete
  21. හිර ගෙදර ජීවිතේ නියමෙටම කියලා තියෙනවා. අපේ සර් කෙනෙක් කියපු විදිහට නම් හාල් උයන්න කලින් හෝදන්නේ කකුලෙන් පාගලාලු. පොඩි පොඩි හිරකාරයන්ට ලොකු හිරකාරයන්ගේ හරි කරදරලු හැම පැත්තෙන්ම.

    ReplyDelete
    Replies
    1. ඔව් හසිත සහතික ඇත්ත මගේ වාසනාවට මම හිටියේ දවස් දෙකයි. නැත්නම් හප්පේ මොනවා වෙයිද දෙවියෝ තමයි දන්නේ.

      Delete
  22. අනේ අපොයි... භයානකයිනෙ.. :O

    ReplyDelete
    Replies
    1. එකනේ ශම්මි දන්නා කියන කෙනෙකුට යන්න දෙන්න එපා.

      Delete
  23. විහිළුවෙන් විහිළුවෙන් හරි ලියලා තියෙන්නෙ හොඳ ලිපියක්. උදේ ඔෆීසියේ ඉන්න අතරේ කියෙව්වට මොනවත් කොටලා යන්න බැරි උනා.. සහතික ඇත්ත මල්ලී කියන කතාව..

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා අක්කේ. කොච්චර විහිළුවෙන් කිව්වත් හිතට එන්නේ කල කිරීමක්. මොකද එතනට යන්න කියන එකෙක්ට යන්න දෙන්න හොඳ නැහැ.

      Delete
  24. හනේ බොල කෝරළයො. උඹේ වයසටද වැඩ? උඹ ආයෙ නම් එතනට යන්න හිතන්නවත් එපා. මට පේන්නෙ උඹටත් (මට වගෙ) ක්ෂණික කෝපය ඇතිවෙනවා.
    තවමත් එහෙමද? එහෙනම් අපි ඒක පාලනය කරගන්න උත්සාහ කරමු. වඩා වැදගත් ආයෙ කවදාවත් ඕවගෙ දෙයක් නොවෙන්න කටයුතු කිරීමයි.

    අර දුම්කොල නැට්ටෙන් ලෝකල් බීඩි හදන තැන පාඩම් කිරීමට කියන එක පදම් කිරීම කරලා හදපං.

    තව විස්තර ලියනකල් මේ බලාගෙන ඉන්නෙ. උම මේ හිරේ ගිය කතාව කලින් කිව්වාම මම උඹෙන් විස්තර ඉල්ලුව නේද?

    මම අර මේල් එකට රිප්ලයි කලා.

    ` henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ක්ෂණික කෝපය කියන එකනම් ඩුඩ් අයියේ. උපරිමේටම තියෙන කෙනෙක් මම. දැන් නම් ටිකක් හොඳයි. කොන්ට්‍රෝල් කරන් ඉන්නේ. ඔව් අයියේ. ඒ නිසා තමයි මම මේ ලියන්නේ. ඒ මේල් එක අපි දෙන්නම බැලුව නමුත් අයියේ ඒ මේල් එකට රිප්ලයි එක ලියන්න ඕනේ නිවාඩු පාඩුවේ.මොකද එක දිග ආන්සර් එකක් ඉක්මනින්ම උත්තර එවන්නම්.

      Delete
  25. පිස්සු හැදෙයි කිව්වලු... සමහර විස්තර ඇහුවෙත් අදමයි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ....... අනෙක් කොටසත් බලන්නකෝ....

      Delete
  26. හම්මේ...... කෝරලේ මහත්තයත් ලේසි පහසු පුද්ගලයෙක් නෙමෙයිනේ.....හික්....

    මේ විස්තර ඇහුවම නම් හිරේ කියන්නේ එලිපිට අපායක් කියලයි මට නම් හිතෙන්නේ........

    ReplyDelete
    Replies
    1. හරියටම හරි සමනලී. මිහිපිට අපායක් හිරේ ඇතුලේ වෙන දේවල් එලියට එන්නේ නැහැ කවදාවත්

      Delete
  27. මාත් ඉන්නේ හිරගෙයක් ආසන්නයේ.ඒකෙත් ඔය වගේ වැඩ හරි හරියට වෙනවා.ඒත් කිසිමදාක හීනෙන්වත් පතන්න නරකයි හිරේට යන්න ලැබේවා කියලා.

    ReplyDelete
    Replies
    1. හපෝ ඔව්. වැලිකඩ පැත්තේ එහෙම නෙවෙයිද? එහෙම නැත්නම් කළුතරද?

      Delete
  28. පොස්ට් එක දිග උනාට කමක් නෑ මේ වගේ ලිපි ඇඟ කිලිපොලාගෙන ,කකුල් පු‍ටුව උඩට අරන් බලන්නෙ. ඒ නිසා දිගට ලියමු.

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා කිව්වා වී අයියේ. මේකේ ඉතිරි කොටස ඉක්මනින්ම ලියන්නම්.

      Delete
  29. හරිම වටිනා පොස්ටුවක් නේ කොරා මල්ලි. ඔයානම් නියම බඩුවක් තමයි. මේ වයසට මෙච්චර අත්දැකීම් ගොඩක්...හිරේ ගියපු හැටි දැනගන්නත් අපි ආසාවෙන් ඉන්නවා..ඉක්මනට ලියමු එහෙනම්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් සයුරි අක්කේ ඉක්මනින්ම ලියන්නම්. වයසට ජීවත් වුනානම් අක්කේ මම අද මෙතන ඉන්නේ නැහැ. මගේ වයස වගේ දෙතුන් ගුනේක අත්දැකීම් තියෙනවා.

      Delete
    2. "කොරා" නියම නම. මමත් මුට කියන්න ෂෝර්ට් නමක් හොයා හොයා හිටියේ..හෙහ් හෙහ් හෙහ්. දැන්...."කොරා" කියනවද "කෝමා" කියනවද හ්ම්ම්ම්...?

      Delete
    3. කෝමා කිව්වත් කමක් නැහැ. කෙටි නමක් නේ.... හිකිස්......

      Delete
  30. මම මොනාද දන්නෙ හැබෑටම. මන් මොකුත් දන්නෙ නැති කෙනෙක්. හිරේටත් ගීන් බලන්න ඕනි

    ReplyDelete
    Replies
    1. අපෝ මකුළුවෝ...... මලේ සහෝදරයෙක් විදියට කියන්නේ. මලාට යන්න හදන්න එපා ජීවිතේ එතැනින්ම ඉවරයි හැදෙන උන් හැදෙනවා නැති වෙන උන් නැති වෙනවා. එක පාරක් කුඩු ෂොට් එකක් ගැහුවනම්. අන්න ඇරුනා අගාදෙට යන දොර.

      Delete
  31. විස්තර ටික හොදයි කෝරලේ... ඇතුලෙ ඉදන් ආපු මගෙ හොද බොක්කක් මහර සිදුවීම් පෙළක් මට කියලා තියෙනවා... ඒ ගැන ඉදිරි දවසක ලියන්නම්... බොලාට ඇතුලට යන්න වුනේ ඇයි හැබෑටම...

    ReplyDelete
    Replies
    1. ඇතුලට ගිය එකෙක්ම තමයි දන්නේ තොරණේ විස්තර. බොලාට කියන්නේ මම විතරයි ගියේ. ඒ යන්න වුන විස්තරේ හීන් සැරේ ලියන්නම් සමහර විට ඊළඟ පොස්ටුවෙන්.

      Delete
  32. හම්බෝ... මාරයිනේ..
    ඔය බන්කර් ගහන සීන් මම කලින් පත්තරේක දැක්කා.. අපි බොගග් චාජ් උනත් කොච්චර අමාරුවෙන්ද ඉන්නේ.. ෆෝන් දෙකක් විතර ගහගෙන කොහොම ඉන්නවද මන්දා..

    ජය..

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ...... මම ඒකනේ කිව්වේ ඒ වැඩෙත් හැමෝටම කරන්න බැහැ ඒකටත් කියල ඉන්නවා ස්පෙෂලිස්ට්ලා.

      Delete
  33. සිරාවටම කෝරලේ මහත්තය හිරේ ගියාද....අඩේ හිත ගන්නත් බෑනේ.........
    විස්තර ටික ටික නම් දැනන් හිටියට තව ටිකක් දැන ගත්ත.අපේ ලොකු තාත්තත් පොලිසියේ ලොක්කෙක් වෙලා ඉඳල දැන් ෆැන්සොන්...එයාගෙන් ඔය විස්තර ටික ටික අහගන්නව........
    බලමුකො මේකා හිරේ ඉඳන් මොනවද කරල තියෙන්නෙ කියල................

    ReplyDelete
    Replies
    1. හිකිස්..... කෝරලේ පට්ටම් ගහන එක ලේසියෙන් කොරන්න බැහැ. කටු කන්න ඕනේ කටු කන තරමට තමයි පරිනත වෙන්නේ

      Delete
  34. හම්බෝහ් ඇඩෙනවා ඇ....
    හොද වෙලාවට යන්න බලාපොරොත්තුවක් නෑ..

    ReplyDelete
    Replies
    1. ඇඬේනවදත් අහනවා. යන්න නම් එපා මලාට.......

      Delete
  35. අනිච්චේ.. දුක්කේ....... මාර අත්දැකීම තමඊ. ඊළඟ පොස්ට් එක එනකන් ඇඟිලි ගනිමි.

    ReplyDelete
    Replies
    1. අයියෝ.... කුණු සංසාරේ කියල හිතෙනවා නේද?

      Delete
  36. නිකන් පිස්සු වගේ මට.. ඉස්සෙල්ල උබේ කථාව කියපන්කෝ..

    ReplyDelete
    Replies
    1. කියන්නම් බං මේ රස්සාවත් කොරගෙන නිවාඩු පාඩුවේ එපැයි ලියන්න. ඉක්මනින්ම ලියන්නම් කෝ

      Delete
  37. පිස්සු හැදෙනවා කෝරලේ මහත්තයෝ....උඹත් හිරේ ගිහින් තියනවා ඒ කියන්නේ..අර පින්තුර වලින් විතරක් වුනත් තේරෙනවා හිර ගෙයක් කියන්නේ කොච්චර නරාවලක්ද කියලා.. සිරාවටම මටත් හිතෙනවා ජේලර් රස්සාවක් හොයා ගන්න.... ඒක නෙමෙයි කැමතියි කෝරලේ මහත්තයට හිරබත් කන්න වුන හැටි දැන ගන්න. පොරොන්දු වුනා වගේ කියනවනේ ?

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා මගේ නැහැනේ පැතුම් බොරු පොරොන්දු. බොරු මවා පෑම් කිව්වොත් කිව්වා. කාලවේලාව තමයි පොඩ්ඩක් මදි. හැබැයි ලියනවා ෂුවර් එකටම.

      Delete
  38. aththatama wadagath lipiyak api nodanna godak dewal thiyenawa hira ge athule sthuthi korale mahathayo me wage lipiyak dammata anith ekka oyage awnaka kama e ganath agayaka karanna watinawa

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි උමා. කරදර සිද්ද දෙන්නේ මිනිස්සුන්ට හිරේ යන්නෙත් මිනිස්සු දැනටත් හිරේ ඉන්නේ අපි වගේම මිනිස්සු. එකම වෙනස එයාල කල දේවල් ලංකාවේ නීතියට අනුව වරදක් නිසා එයාලට යම් යම් කාල ප්‍රමාණයෙන් හිරගේ තුල ගතකරන්න වෙලා

      Delete
  39. හිරේ ගිහින් පොටෝත් ගැහුවා ද?

    ReplyDelete
    Replies
    1. අපි ගියොත් ආයේ හිරේවත් අතඅරින්නේ නැහැ. ඒක ඇතුලෙත් මගඩියක් කරලයි එන්නේ.

      Delete
  40. බලන් ගියාම කෝරලේමහත්තයානේ පොර

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක් හෙක් ඒකනේ ජෝන් අයියේ. ඕකටත් ගියා කියන්නේ එක්තරා අත්දැකීමක් නේ

      Delete
  41. දෙවන කොටස කියවන්න බලන් ඉන්නවා.

    හැදූ අම්මට අප්පට දුකක් නොදී හොඳට ඉගෙන ගෙන සාර්තක අනාගතයකට පීයනගන්න වාසනා වේවා කියා පතනවා.

    මගෙ අක්කගෙ කොල්ල පොලිසි වලින් එහා උසාවියටත් ගියා පොලිස් කූඩුවෙන් එහා යමක් දකින්ට උනේ නැහැ

    ReplyDelete
    Replies
    1. මටත් හිරේ යන්නත් අවශ්‍ය නැහැ. වරද මගේ නෙවෙයි කියල උසාවියෙනුත් තීන්දු කලා නමුත් ප්‍රශ්නේ වරෙන්තු ඇවිල්ල උසාවිය මග හැරියා කියල. බොහොම ස්තූතියි ඔබටත්. එමෙන්ම සාදරයෙන් පිලිගන්නවා වලව්වට.

      Delete
  42. ‍මේක නම් මාරයි.. මමත් අහල නෑ මේවගේ දේවල්.. ඇත්තටම මලේ මොකටද හිරේ ගියේ..?

    ReplyDelete
    Replies
    1. බනියගේ මාමලාගේ දෑවැද්ද තමයි.

      Delete
  43. එල එල ආසාවෙන් කියෙව්වෙ යතාර්තයත් මෙකම තමයි

    ReplyDelete
    Replies
    1. අනිවා සචිත්. බොහොම ස්තූතියි.

      Delete
  44. මම බැලුවා. කොමෙන්ටුවකුත් කෙටුව ඕකතමයි හිරගෙදර සැබෑ තත්වය.

    ReplyDelete
  45. උඹ ලියලා ඉවරද කෝරලේ.... ඉතුරු ටික මම ලියන්නද?

    ReplyDelete
    Replies
    1. තව ටිකක් තියෙනවා. කමක් නැහැ ඔයත් ලියන්න

      Delete
  46. හොඳයි යාලුවා දෙවෙනි කොටසත් දාමුකෝ...!

    ReplyDelete
    Replies
    1. දාමු දාමු ඔයාල කියවනවානම් මම දාන්නම් ජය වේවා!

      Delete
  47. සිරා කෝරලේ.. අන්කල්.. මොකෝ 18+ දැම්මේ... එහෙම සින් එකක් ..නැහැනේ.. ;-)

    ReplyDelete
    Replies
    1. ඔතන තියෙන සමහර වචන පොඩි උන්ට බලන්න හොඳ නැහැ කියල මගේ රසපරීක්ෂක තුමාල කිව්වා එකයි ඒ. පොඩි උනුත් නරක වෙනවා කොලුවෝ ඇත්තටම බොල වගේ පොඩි උන් මෙව්වා බලල නෝටි ළමයි වෙනවා

      Delete
  48. අපේ හිතවත් කෝරලේ මහත්තයා තාම පස්සෙන් වැඩ ගනිමින් සිටින බව හැගෙයි..

    ReplyDelete
    Replies
    1. එම්බා දේශකය එම කතාවෙහි තේරුම කුමක්ද? :P

      Delete
    2. පහුගිය දවස් දෙකේ නිවාඩු බොල

      Delete
    3. හැක.. හැක.. කෝරලේ මහත්තයට හැම එකම ටියුම් ලයිට් නෙව... නිකං බැලුවේ හුග දවසකින් සද්දයක් නැති හින්දා..

      Delete
  49. හරිම භයානක අත්දැකීමක්නෙ. සමහරුන්ගෙ ජීවිතෙත් වෙනස් වෙනව ඒ නිසා.කෝරලේ මහත්තය ඒ අතින් වාසනාවන්තයි. ඒ විරල අත්දැකීම ඉතුරු ටිකත් ඉක්මනට දාන්න.

    ReplyDelete
    Replies
    1. තමන්ගේ ජීවිතේ යවන්නේ කොයි අතටද කියන එක තියෙන්නේ මහත්තයෝ තමන්ගේ අතේ.

      Delete
  50. ක්ෂණික කෝප්පෙ මහ භයානක දෙයක් බන්... උඹටත් මාර අත් දැකීමක්නෙ සෙට් වෙලා තියෙන්නෙ.. අනිකත් කියවන්නම්....

    ReplyDelete
    Replies
    1. අනිවා භයානක අනිටු ප්‍රතිපල එන්නේ. අත්දැකීම් මිනිසා සම්පූර්ණ කරවයි සෙන්නෝ. සාදරයෙන් පිලිගන්නවා වලව්ව පැත්තට. :)

      Delete
  51. පිෂ්ෂු පීකුදු ලු...!!

    ReplyDelete
  52. මං දාපු කමෙන්ට් එක නෑ.... :((((

    ReplyDelete
    Replies
    1. නංගි මේකට කොමෙන්ට් එකක් තිබුනේ නැහැ.

      Delete
  53. මේක දැක්කේ නැතෙයි...

    http://teamtravelers.blogspot.com/2012/11/blog-post_28.html

    ReplyDelete
    Replies
    1. දැක්කා දැක්ක ඔන්න කොමෙන්ටුවකුත් කෙටුවා

      Delete
  54. ඒ මේක සිරා අත්දැකීමක්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් දෙයියනේ........ මම ගිය ජනවාරි වල හිරේ හිටිය එක

      Delete
  55. අවසරයි කෝරලේ මහත්තයෝ, මේක නියම අත්දැකීමක් නේද? අපෝ මේක කියවපුවහම ජිවිතේ එපාවෙනවා

    ReplyDelete
    Replies
    1. හප්පේ............ කුණු සංසාරේ කියල හිතෙනවා. ඔය පැත්තේ ගිහිං දවස් දෙකක් ගතකරලා ආව මට............

      Delete

ඔයාල කොම්මෙන්ට් එකක් දාන්න වැය කරන තප්පර ගානත් ඔයාලට වැදගත් කියල මම දන්නවා එත් ඔයාලගෙන් අදහසක් මේ පිළිබඳව ලැබෙනවා කියන්නේ මට ඉදිරියටත් ලියන්න හොඳ මොර්ටිවේෂන් එකක් ලැබෙන එක. ලියන්න කල් මදිනම් තිතක් තියල යන්න එතකොට මම දන්නවා ඔබ මෙය බැලු බව. ස්තූතියි.........

Related Posts Plugin for WordPress, Blogger...