Sunday 17 March 2013

මුගේ වයසටද යකෝ වැඩ......?



අද මට මේ කතාව ලියන්න හිතුනේ දේශාගේ ඩයරි කතාව දැකලා. මේක වෙලත් දැන් අවුරුදු 10ක් විතර වෙනවා. මාව මේ කරදරේ දැම්මේ වෙන කවුරුවත් නෙවෙයි මගේ මස්සිනා හුළං ගැරඬියා තමයි. මු ඒ දවස් වල ඔය ලස්සන ලෙදර් කවරයක් තියෙන ඩයරියක් පැන්සලකුත් එක්ක යන යන තැන අරන් යනවා ඕකා කොහොමත් සුපිරි කළා කාරයා. කෙනෙක් දිහා බලාගෙන ඒ  කෙනාව පැන්සලෙන් ඒ විදියටම අඳින්න පුළුවන් හැකියාවක් පොරට තියෙනවා.

                        
                                                         ( මේ වගේ නිර්මාණ තමයි ඉතින් වැඩිපුර කලේ. කොහොමත් කළා කාමියනේ )

 
 ඒ වගේම නිසඳැස් පුදුම විදියේ ලස්සනට ලියන්නට හැකියාවක් තියෙනවා. මොකද මිනිහා ඒ දවස් වල ඉඳන්ම ප්‍රේමයේ විරහව ද මොකක්ද කියන එක  උපරිමේට විඳින පොරක්. ඒ ගැනත් නොලිව්වොත් මෙතනට අඩුපාඩුවක් වෙන නිසා ලියන්නම් කෝ.

මුන්ගේ ගෙවල් ළඟ ඉන්නවා සුදු කෙල්ලෙක් පොඩ්ඩක් ඉතින් ලස්සනයි තමයි. මූට වැඩිය අවුරුදු 4 ක් විතර බාලයි. හැබැයි තියෙන එකම පරහා මේකී කොටයි. දමියා අඩි 6 කටත් වැඩිය උසයි ඉතින් දෙන්නගේ උස පරතරේ අඩි දෙකහාමාරකට වැඩියි. තනිකරම රූකඩ කේස් එකක් තමයි මුන් දෙන්නගේ තියෙන්නේ. 


කිව්වට විශ්වාස  කරයිද දන්නේ නැහැ ඒ කාලේ ඉඳලා තාම මු මේ කෙල්ලට ලයින්. ඒකි එක 100 සැරයකට වැඩිය බැහැ  කියල ඇති. නමුත් මේකා නෙවෙයි ට්‍රයි එක අත අරින්නේ. (ආ... මට කියන්න අමතක උනානේ කෙල්ල කොට නිසා අපි කියන්නේ පාන් බට්ටි කියලා) මූට දිරවන්නෙම නැති වැඩේ තමයි මූ එක්ක මෙහෙම උනාට උගේ මස්සිනාලා දෙන්න වන මම එක්කයි  ඉරේෂ්  එක්කයි මේකි ඕනෙවට වඩා හිතවත් වීම. එහෙම කරන්නෙත් මූට රිද්දන්නද කියලත් වෙලාවකට හිතෙනවා.

කොහොම හරි අපේ මාමාගෙන් මු පොලු පාරවල් කොසු පාරවල් අනන්ත කාලා ඇති ඔය වැඩේ නිසා. කොහොම හරි කතාවේ ට්‍රැක් එක පැන්නනේ ඒකෙන් මේකෙන්. ඉතින් මු අතේ තියෙන ඩයරිය මට නිකන් නිධානයක් වගේ තමයි පෙනුනේ මු මේක පරිස්සම් කලෙත් ඒ විදියටම තමයි. කොහොම හරි අපේ ලොකු මාමගේ පිහිටෙන් මමත් හොයා ගත්තා ඩයරියක්. තරුණ සේවා සභාවෙන් දීපු එකක්. මමත් ඉතින් මේකේ එක එක කවි අනන් මනං ලිව්වා හැබැයි පරහකට තිබුනේ ලිව්වේ ඉංග්‍රීසියෙන්. දවසල් මගේ ඩයරිය බලලා දමියා කිව්වා මෙහෙම හරියන්නේ නැහැ බන් ඩයරිය තියෙන්න ඕනේ ලස්සනට මේ වගේ අකුරු නිකන් බල්ලොවත් කන්නේ නැහැනේ කියලා මමත් ඉතින් මුගෙන් ගුරුහරු කම් උපදෙස් ටිකක් පැතුවා මගේ වැඩේ ලස්සනට කරගන්න

කුමරි, සිරිකත, ඕන ඔය වගේ නානාප්‍රකාර පත්තර ගොඩක් ගෙනල්ලා දුන්නු දමියා මට ඒවගේ තියෙන කවි නිසඳැස් වගේ දේවල් ලියන්න කිව්වා. මමත්  කොහොම හරි බොහොම අමාරුවෙන් අකුරු ගලපාගෙන මේ වයින් දෙකතුනක් ලිව්වා. පස්සේ මේ වැඩේ හරියන්නේ නැති නිසා දමියට කියලම තවත් කිහිපයක් ලියවා ගත්තා. ඇල්පිටියේ මාමලාගේ ගෙදරින් අපි ආවේ ලොකු මාමලාගේ ගෙදරට. එහෙත් දවස් කිහිපයක් නැවතිලා ඉන්න වෙන්නේ අම්මගේ සහෝදරයින්ගේ ගෙවල් වල දවසක් හරි හිටියේ නැත්නම් ආඩපාලි අහන්න වෙන නිසාලු අරහේ ගියා මෙහෙ ගියේ නැහැ අරව මේවා කියලා. ඉතින් අපි ලංකාවට බැස්ස ගමන් මුලින්ම කරන්නේ නෑ ගෙවල් වන්දනාවේ යන එකනේ. ආයෙම කතාවෙන් පිට පැන්නා.

මෙහෙ ආවම මට තිබුණු එකම වැඩේ අහල පහල ගෙවල් වල පොඩි උන් සෙට් එකත් එක්ක සෙල්ලම් කරන එක. දවසක් මම සෙල්ලම් කරද්දී එතන තිබුණු ඉස්කෝලේ පිට්ටනියේ. එතනට ආව අපේ ලොකුඅයියා (අර පොලිස් බුවා) සුදු මෙහෙ වරෙන් යන් අන්න තාත්තා එන්න කියනවා කියලා කතා කරා. මම පොඩ්ඩක් පුදුමෙන් බැලුවේ මොකද යකෝ මේ විදියට මු මට කතා කරන්නේ කියලා. පොඩි කුතුහලයකුත් හිතේ තියාගෙන බයිසිකලේට නැග්ගේ අර ඇහැටුල්ලගේ මූනවත් බලන්නේ නැතිව මොකද උගේ කටේ තිබ්බ කින්ඩ් හිනාව මට දැනටත් මතක් වෙද්දී කේන්ති යනවා.

ගෙදරට එද්දී ඔක්කොම සාලෙට වෙලා අපේ ආච්චි කම්මුලට අත තියාගෙන. අම්ම ඉන්නවා මූණ දෙක කරගෙන. තාත්තා නිකන් අබ අහුරක් දැම්මත් පුපුරන සයිස් එකට මූණ හදාගෙන ඉන්නවා අතේ මගේ ඩයරියත් තියාගෙන.
"මොනවද බොල මේ ලියලා තියෙන්නේ? "
මූණ හඳක් වගේලු අරක මේක වගේලු මේක අරක වගේලු...... යකෝ වයසටද මුගේ වැඩ? හප්පේ කොනක ඉඳන් බැනුම්.










 

 මම දැනගෙන ලියපුවද කෙහෙල් මල කොහොමින් කොහොම හරි මගෙන් අගමුල හොයාගෙන දමියටත් බැනුම් අහන්න උනා නොසෑහෙන්න. එදා මෙදා තුර කවදාවත් මම නෙවෙයි ඩයරියක් පාවිච්චි කරන්නේ.

104 comments:

  1. මුහුදෙ ඉන්නේ එක මාලුවද?

    ReplyDelete
    Replies
    1. සත්‍ය ප්‍රේම බෘන්ග රාජයනේ

      Delete
  2. හැකැස්...

    මමත් නොලියන්නෙම ඕක ගෙදර මිනිස්සුන්ට මාට්ටු වෙන හින්දා. ඇයි යකෝ එකේ තියන ඒවා දැක්කොත් හෙම වසලා හමාරයි ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ආයෙම රජාට යන එන මන් හම්බ වෙන්නේ නැත්තේ බ්ලොගේ දැක්කොත් තමයි. අපි ලියන ඒවා කියෙව්වොත් ගෙදර මිනිස්සු මැන්ටල් වෙනවනේ. හිකිස්.....:)

      Delete
    2. තොපි දන්නවද ගෙදර උන්ට අහු වෙන නිසා මම 9 වසරෙදි මගේ කුලුදුල් ට්‍රයි කරපු කෙල්ල ගැන ඩයරි එකක් ලිව්වා. සිංග්ලිෂ් වලින්.

      එයා කතාකරපු වචන පවා මම ලියල ඇති. (වැඩි කතාවකුත් නැහැ ඒත්)

      ඒක කෙහෙද මන්ද බං. අහුවුනොත් පට්ට චා !!

      Delete
    3. අහුවෙච්ච දවසට සෑමාට මගේ ගානේ ලනුවක් එල්ලෙන්න. හිකිස්....... :D

      Delete
  3. හොඳම දේ තමයි කාටවත් අඳුර ගන්න බැරි භාෂාවකින ලියන එක.මම ඉස්කොලේ යන කාලයේ අපි යහළුවන් කිහිප දෙනෙකු එකතු වෙලා වෙනස්ම අකුරු ජාතියක් අපේ අකුරු වලට හරි යන්න හදා ගත්තා.ඒ වගේ හදා ගත්ත අකුරු වලින් ලියපු ඩයිරියක් තාමත් මගේ ළඟ තියෙනවා.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් කරන්න මොලයක් තිබුනානම් කොච්චර එකක්ද අක්කේ? :)

      Delete
    2. හි හි හි ගයනිගෙ වැඩේ මමත් කරලා තියෙනවා. වැඩේ කියන්නෙ ඒ ඩයරිය මා ලඟ තවමත් තිබුනත් ඒකේ ලියලා තියෙන්නෙ මොනාද කියලා කියෝ ගන්න බෑ. මටම අර භාෂාව අමතක වෙලා ගිහින්..:b

      Delete
    3. අර සීනි භාෂාව වගේද? ඒක නිකන් කෝඩඩ් ලන්වේජ් එකක් නේද?

      Delete
  4. කාටවත් මතක් උනේ නැද්ද අහන්න.. අනුන්ගේ ඩයරි කියවන්න ලැජ්ජ නැද්ද කියලා.. හි හි...

    ඔය කාලෙදි ඉතිං අනුකරණය කියන්නේ ඉහලින්ම කරන වැඩේනේ... නේද... හි හි

    ReplyDelete
    Replies
    1. හප්පා එහෙම ඇහුවනම් මගේ නල දත් 4න් දෙකක් තුනක් වත් ගලවනවා. ඒ දවස් වල ඉඳන් මම නිතරම කරන්නේ ඔය අයියල සෙට් එක කරන දේවල්ම තමයි හැබැයි දැන් නම් උන් මම කරන දේවල් කරනවා. :)

      Delete
  5. අපි ගහකට නැග්ගොත් එකෙත් දෙබලක් බං..........අපිටමනෙ බං වෙන්නේ......

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා කාට කියන්නද අයියෝ සල්ලි................

      Delete
  6. කෝරලේව දඬුකඳේ ගහන්න ඕන. නැතිනම් දිබි ගෝටයක්වත් දාන්න තිබුනෙ.

    ReplyDelete
    Replies
    1. මගේ දඬුවම් මටම දෙන්න වගේ කල්පනාව නේද? :P

      Delete
  7. හැම අවුරුද්දම පටන් ගද්දී හොඳ ඩයරියක් හම්බුණත් ඒක ලියවෙන්නේ නැති තරම්. ඒත් මොකක් හරි වැඩකට සෙට් වුණාම ඒකේ ඕර්ගනයිසින් ඔක්කොම වගේ ලියන්න ගන්නේ ඩයරිය. ඒ වගේ වැඩකට විතරයි ඩයරිය පාවිච්චි වෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඩයරිය ලස්සනට පාවිච්චි කරන අයත් ඉන්නවා..... නමුත් අපේ ලංකාවේ ගොඩ දෙනෙක් පෞද්ගලිකත්වය කියන දේ දන්නේ නැහැනේ එකනේ අවුල

      Delete
  8. මමත් මේ අවුරුද්දේ ඉඳන් ඩයරියක් ලියන්න ගත්ත. සිරාවටම ඒක මාර ආතල් වැඩක්. එදා වෙන සිද්ධි ටික ලිව්වම, පස්සේ දවසක ආයේ බලද්දී මාර හැඟීමක් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ලියල කියවද්දී තියෙන කික් එක නෙවෙයි බොල කට්ටියක් මැද්දේ ඕක කියවද්දී අහන ඉන්න ගියාම. අනෙක අහන් ඉන්න එවුනුත් සත්තුවත්තේ ඉන්න සතෙක් දිහා වගේ බලන් ඉන්නකොට සසර කල කිරෙනවා බොල

      Delete
  9. මමත් ඩයරි පාවිච්චි කරන්නෙ කවි ලියන්න තමයි හැබැහි සාමාන්‍යයෙන් ඩයරි පබ්ලික් කරන්නෙ නෑනේද

    ReplyDelete
    Replies
    1. එකෙන් පැනල වගේ මම නැති වෙලාවක නේ අල්ලාගෙන තියෙන්නේ කැත වැඩක් අදටත් ඔය ලොකු අයියලා මට කින්ඩිය දානවා ඔය සිද්දිය මුල්කරගෙන

      Delete
  10. අපූරු චරිතයක් .හැබයි යමක් දිහා බලාගෙන ඒක චිත්‍රයට නගනවා කියන්නෙ නම් හැමෝටම කරන්න පුලුවන් දෙයක් නොවෙයි.හැබැයි විරහව වුනත් ගානකට තිබුනහම ඇති.කොයි දේ වුනත් ඕනවට වඩා ඕනම නෑනේ

    අන්තිම හරිය තමයි නැගලම යන්නේ.ආච්චිලා කම්මුලේ අත තියාගෙන ඉන්න ඇති ලෝක විනාසෙ නිව්ස් එක ආව වාගෙ

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මිනිහගේ තියෙන දක්ෂකම් බොහොමයක් දැන් යටවෙලා තියෙන්නේ මත වතුරටයි ගංජා කොලේටයි තමයි.
      මු පස්සෙන් ගියාට ඒකි ගනන්ගන්නේවත් නැහැ.
      ඊට වඩා දෙයක් මීටකලින් අහල නැහැ වගේ තමයි එයාලා හැසිරුනේ. හැබැයි මට නම් වහ කන්න හිතුනා

      Delete
  11. මම දේශකයගෙ පෝස්ට් එකට දාපු කමෙන්ට් එකේ කොටසක් මෙතන දානවා.

    මමත් කාලයක් සිරාවටම ඩයරි ලිව්වා මගේ පරන ප්‍රේම පුරාණ ගැන. අර අලියා ගහන්න පන්නපු කතාවෙ මම ඒ එකක් තමයි ගාමිණීගෙ ක්වාර්ටර්ස් එකේ දාලා එන්නෙ.

    පස්සෙ මම ඕවා ගිණිදෙවියන්ට පුදනවා අලුත් එකක් පටන් ගත්ත ගමං. හැබැයි අද තිබ්බා නම් ඒවා ඉංග්‍රීසි සාහිත්‍ය පෝෂනය


    මාර කලා නිර්මාණ වෙනවට කිසි සැකයක් නෑ. :D

    දේශකය සහ සෙන්නා වගෙ මමත් වෙනත් භාෂාවලින් ඩයරි ලියලා තියෙනවා. මමත් ඔය රුසියානු සහ ජර්මන් වලින් ඩයරි ලියලා තියෙනවා. හැබේයි රුසියන් අකුරු වලින් ඉංග්‍රීසියෙන් ලිව්වේ. ඒකෙදි ජර්මන් වගේ භාෂා ඥානයක් තිබ්බෙ නෑ. දැන් මතක නෑනෙ ඒවායින් වැඩි කොටස.

    ඊට පස්සෙ ලිව්වා IPS -International Phonetic Symbols වලින්. ඔය ඩික්ෂනරි වල pronunciation දාලා තියෙන්නෙ ඒවායින්.

    මේ අලුත් ටික.

    අපේ ගෙදර විශේෂයෙන්ම තාත්තා නම් මගේ ඩයරිය එයාගෙ මේසෙ උඩ තිබ්බත් නෙවෙයි කියවන්නෙ. පෞද්ගලිකත්වය ගැන එයාගෙ තිබ්බෙ පුදුම ගරුත්වයක්. ඒත් අම්මා, නංගි හෙම නම් කියවන්න ඉඩ තියෙනවා.

    විශේෂයෙන්ම ලියලා අවුරුදු දෙකක් යද්දි අර කලින් ලිව්ව දේ මාර බොළඳයි කියලා මට හිතෙනවා. උඹලටත් එහෙමද?

    ReplyDelete
    Replies
    1. මට තාම හරිහමන් අදහසක් නැහැ ඩයරියක් ලියන්නේ කොහොමද කියන එක. මොකද ඒ කාලේ කලෙත් අර ඒ වෙලාවේ හිතට ආව ආසාවට මිසක් තේරුමක් ඇතිව නෙවෙයි.
      ඇත්තටම හරි බොළඳ වැඩක් තමයි මට නම් හිතෙන විදියට

      Delete
  12. ඩයරිය කියන්නේ අති පුද්ගලික දෙයක්නෙ බං..!

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ අවුරුදු 12 දී විටහ්ර ඔය දේ කිව්වනම් කන පලන් එන්න තිබුනා අයියේ :)

      Delete
  13. මම ලියන්න පටං ගත්තා විතරයි ගෙදරට මාට්ටු... හාහා පුරා කියල පළවෙනි පිට්ටෙම ලිව්වෙ කෙල්ලෙක් ගැන...

    ReplyDelete
    Replies
    1. ඒ කෙල්ලෙක් ඉන්දලානේ දුක නැහැ. මට මේ කෙල්ලෙකුත් නැතිව කොපි කැට් කරන්න ගිහින් කිට් කැට් උනේ හිකිස්......

      Delete
  14. "කටේ කිරි සුවඳ වත් ගියේ නෑ.. හුහ්.. බලාපල්ලකෝ මුගේ කෙරුවාව.. ආව මෙතැන කයි ලියන්න.." :D

    මං ඩයරි ලිව්ව කාලේ ලියපුවා වෙලාවකට මටවත් කියවන්න බෑ.. :D :D

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් කොපි කිරිල්ල තමයි අයියේ.....
      සිරාවටම මටත් ඔය ගතිය තියෙනවා. භාෂාව මොක උනත් ලියපුවා කියවන්න බැහැ

      Delete
  15. මමත් ඩයරියේ මොනවත් ලියන්නෙ නෑ... නම,ගම ලියල තියං ඉන්නවා... හැබැයි මගේ නමට එන වැදගත් ලියකියවිලි දාගෙන ඉන්නේ ඒකෙ.. නැත්නම් අමතක වෙනවා...

    ReplyDelete
    Replies
    1. ලියන්නේ නැතිව මොන දේ කලත් අවුලක් නැහැ. එහෙම තිබ්බම ආරක්ෂාවත් හොඳයි නේ :)

      Delete
  16. නරකද තමන්ගේම ඊ=මේල් දෙකක් තියාගෙන එකකින් අනිකට මේල් කරන එක. ආයි අල්ලනවා බොරු.

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එක දැම්මට පස්සෙ මේක දැක්කෙ. සුදීක අයිය හිතන්නෙත් මගෙ මොලෙන්මද ඇ

      Delete
    2. ඒ කාලේ මොන ඉමේල්ද අයියේ ????? මේ සිද්දිය උනේ 2000 විතර

      Delete
  17. මම නම් ඔෆිස් එකේ වැඩ වලට පාවිච්චි කරනවා ඩයරිය, ඒක නැතුව මට අමාරුයි...ඒත් 8 වසරෙදි වගේ එකක් ලිව්ව මතකයි...

    ReplyDelete
    Replies
    1. ඔෆිස් එකේ වැඩ වලට පාවිච්චි කරන එක අවුලක් නැහැ ලේසි නිසා පෞද්ගලිකව තමයි අවුල

      Delete
  18. ඔන්න ඕව්වට විසදුම් අපිනම් ඒ කාලෙම හොයා ගත්තා.. අන්න දේශකයගෙ එකේ කියලා ඇති..

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් ඒ අයියලා මේ තේරුමක් ඇතිව ලියලනේ. අරූ කරනවට කරන්න ගිහින් තමයි මට ඔය දේ වුනේ.

      Delete
  19. මගෙ ඩයරිය තියෙන්නෙ ymail අකවුන්ට් එකක. දවසම drafts එකේ තියාගෙන අප්ඩට් කරල ෆෝන් එකෙන්ම send කරනව මේල් එකට.

    මං මේ කල්පනා කලේ අද මතක් උන නිසාවත් ඒකෙ මොනව හරි ලියනවද කියල :p

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් ඒ කාලේ මේල් ඇක්සස් තිබුනේ නැහැ දේශ මට. මේ දේ වුනේ 2000දී විතර. යාහු මේල් වුනත් ගන්න තිබුනේ සල්ලි ගෙවලා. ලියන්න ලියන්න මොනවා හරි

      Delete
  20. මම ඩයරියක් ලිව්වොත් ඉතිං පිටු දෙකයි නැත්තන් තුනයි!!!

    ReplyDelete
    Replies
    1. නම ගම සහ ලියන්න ගත්ත දිනය එතනින් එහාට ඉවරයි

      Delete
  21. දැන් ඉතින් බනින්ට කෙනෙක් නෑනේ. ඒ හන්දා පාවිච්චි කරන්ට.
    ඩයරි එකක් හොඳයි තැන්, තැන් වල ඇවිදිනකොට.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම් වටිනවා. දැන් නම් බනින්න එන්නේ නැහැ නමුත් අක්කේ දැන් පාන කියන දේ පාවිච්චි කරන්න හරි නුහුරුයි. කී බෝඩ් එකටම පුරුදු වෙලා.

      Delete
  22. ඔව් බං ඒ වගේ කලාකාමියෝ හෙන රහයි ඒ දවස් වල. පෑනේන විස්කිරිංඤ චිත්‍ර අදින එක මාරම හැකියාවක්.. අපිට බෑනේ ඕවා...

    ReplyDelete
    Replies
    1. මම අදටත් ඉරිසියාවේ පැලෙනවා. පොරගේ ඔය ටැලන්ට් එක මට නැති එක ගැන හිතලා.

      Delete
  23. අරක මේක වගේලු.. මෙක අරක වගේලු .. අනේ මන්ද කෝක කෝක වගේද කියලා ... :P
    දාල තියෙන චිත්තරේ නම් ලස්සනයි අපරාදේ කියන්න බෑ ..

    ReplyDelete
    Replies
    1. මේකනේ ලකී. ඔය 2000දී විතර වෙච්ච සිද්දියක්. මගේ ජීවිතේ නොයෙකුත් රසවත් සිදුවීම තිබ්බත් ලියන්න බැරි හරියට මතකයක් නැහැ. ඔය එහෙන් මෙහෙන් මතක් කරලා ලිව්වේ.

      Delete
  24. ඩයරි මොනවද බන්, හොරෙන් බලන වල් පත්තරයි. ප්ලේ බෝයි පොත් හිටන් මාට්ටු වෙලා තියෙනවා. ඒත් අනිත් උන්ට අහුවෙන්න තියන්න එපා කිව්වා මිසක් කවදාවත් මුකුත් කියලා නෑ. එක සැරයක් වල් පත්තරයක් ඉස්කෝලෙදි මාට්ටු වෙලා. තාත්තව එක්කන් එන්න කිව්වා. තාත්තා කිව්වා ඕවාවල වල් මුකුත් නෑනේ මැඩම් කියලා. මැඩම් තාත්තට බැන්නා ඇත්තටම ඔහේ මේ ළමයගෙ තාත්තද කියලා.

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් මරුනේ මාතලන් අයියේ අපේ තාත්තලා එහෙම නැහැනේ අපේ කරුමෙට.

      Delete
  25. මමනම් ඩයරියේ ලියන්නේ මගේ ව්‍යාපාරික කටයුතුවල දේවල් පමණයි වෙන කෙනෙක් බැලුවත් තේරෙන්නේ නැහැ ඒ නිසා

    ReplyDelete
    Replies
    1. ඒ වගේ දේවල් වලදී අවුලක් නැහැ. මොකද ඒ බිස්නස් වැඩ වලට අනිවා ඩයරියක් තියෙන්න ඕනේ

      Delete
  26. බ්ලොග් එකත් එක්තරා විදියක ඩයරියක් වගේ නේ මලයා..

    ReplyDelete
    Replies
    1. සිරාවටම අයියේ බ්ලොගේ කියන්නෙත් පබ්ලික් ඩයරියක් තමයි කිව්වත් වගේ.

      Delete
    2. නෑ නලින්. ඒක සාපේක්ෂ දෙයක් මං හිතන්නේ. මොකද සමහර බ්ලොග් වල තියන සටහන් ඩයරියක තියන සටහන් එක්ක ගැලපෙනවද? උදාහරණයකට ඩයරියක රෙසිපියක් තියෙන්න පුළුවන් ඒත් දේශපාලන ලිපි ලියන්නෙ නෑ නේ.

      Delete
    3. ඒ උනාට අයියේ සමහර පෞද්ගලික බ්ලොග් අඩවිනම් ඩයරි වගේ තමයි කවි නිසඳැස් වගේ දේවල් පුරෝලා

      Delete
  27. Replies
    1. හික් හික් හික් මොනවා කරන්නද නංගි කරුමේ කියන්නේ ඕකට තමයි. :(

      Delete
  28. මං නම් ඩයරි ලියන්නේ නෑ.. මහා බෝරිං වැඩක් ඒක. මට ඇල්ලුවෙම නැති දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඒකත් අර නිකන් ගංජා ගැහුවා වගේ කේස් එකක් තමයි පුරුදු උනොත්

      Delete
  29. නොදන්නා දෙමළෙට හිහින් වරිගේ නහගෙන නේ බන්.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් අයියේ අපි නැග්ගොත් පුවක් ගහෙත් ඩබලක්

      Delete
  30. මගේ කමෙන්ට් එක ස්පෑම් වෙලාද බලන්න කෝරළේ මහත්තයෝ

    ReplyDelete
    Replies
    1. දැන් හරි අයියේ ඔන්න දැන් දැම්මා

      Delete
  31. ඩයරියා කියන්නෙත් ඔය ඩයරිය වැඩිපුප් පාවිච්චි කරන්න ගිහිල්ල හැදෙන ලෙඩක් නොවැ :P

    ReplyDelete
    Replies
    1. හරියටම හරි මලයෝ ඔය කිව්වේ ලෙඩේ හරියටම :D

      Delete
  32. හිකිස් හොදම වැඩේ ලොකු අයියාට. අහා මාත් ඩයරි ලියනවා. අපේ අම්මානම් ආසවටවත් මගේ ඩයරියක් අල්ලන්නෙ නැ. බැලුවොත් ඉතින් ඉදලා හමාරයි තමයි.

    ReplyDelete
    Replies
    1. ඇයි වැඩිහිටියන්ට පමණයි ඒවත් ලියල තියනවද ඒකේ...

      Delete
    2. හික් හික් අම්ම ඒක දැනගෙනමද කොහේ තමයි අල්ලන්නේ නැත්තේ.
      @ නලින් අයියා අපෝ.... මේ තාම පොඩි කෙල්ලෙක්

      Delete
    3. හෙහ් හෙහ් ;)

      Delete
  33. මාත් ඩයරි නම් ලියන්න පටන් ගන්නවා. ඒත් කවදාවත් ඉවර කරලා නම් නැද්ද කොහෙද?

    ReplyDelete
    Replies
    1. එකක් ඉවර වෙනකල් ලියල බලන්න :D

      Delete
  34. අපේ class එකට ආවා වබලක් ,වබල්ක් කියන්නේ කෙල්ලෝ දෙන්නෙක් කතා කරන්නේ සීනි,වීත කියන බෂා වලින්.ඒ කලේනම් මටත් පොඩ්ඩක් පුළුවන් අපි ඉස්සර ඒ දෙන්නා කතා කරනවා බලාගෙන හිනාවෙනවා

    ReplyDelete
    Replies
    1. ඔය සීනි භාෂාව මමත් ඉස්සර ගන්න මාර ට්‍රයි එකක් දුන්නා අල්ලගත්තට පස්සේ ලේසියි.

      Delete
  35. හික්ස්
    මම නම් දැන් ඩයරි පාවිච්චි කරන්නේ දවසේ වැඩ සැලසුම් කරගන්න විතරයි..

    ReplyDelete
    Replies
    1. ඒක නම් හොඳම විදියක් ඩයරියක් පාවිච්චි කරන්න

      Delete
  36. නොදන්න ඩයරි ලිවිල්ලට ගිහින් වරිගේ නහා ගත්තා වගේ කියන්නේ ඕකට තමා :D :D

    හැබැයි අනුන්ගේ ඩයරි කියවන එකනම් හොඳ දෙයක් නෙවේ නේද?

    ReplyDelete
    Replies
    1. අන්න එකනේ මලේ දුක. හැබැයි ඒ කාලේ පොඩි නිසා ඉතින් මොකුත් කියන්න බැහැ

      Delete
  37. මූන හඳ වගේ කියපු එකනම් අවුලක් නෑ කියමුකෝ. අර අනිත් උපමා උපමේය මොනවද කියන එක තමයි සැක

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් අනේ මන්දා අක්කේ තනිකර අරූගේ කොපිය කියන එකනම් පැහැදිලිවම කියන්න පුළුවන්

      Delete
  38. වෙන වැඩ නේද..ඩයරියක් නැතුවට ඒ වගේ එකක් වැඩේට නියමයි.

    ReplyDelete
    Replies
    1. එකනේ කියන්නේ අපි නැග්ගොත් පුවක් ගහෙත් ඩබලක් කියලා
      අන්න හරි දිනේෂ් අයියේ..... හිකිස්........

      Delete
  39. අම්මපා මුගෙ වයසටද වැඩ ඈ.....

    ReplyDelete
    Replies
    1. අනේ බොල පොඩි එකෝ...... කිව්වයි කියල හිතාගන්නවා....:P

      Delete
  40. අප්පෝ ඩයරි ලිවිල්ල මහ විනාසයක්

    ReplyDelete
    Replies
    1. සුනාමියක් වගේ තමයි බැනුම් ගංගාවයි :)මොකෝ අටමිට අහු උනාද ඩයරිය

      Delete
  41. මමත් ඩයරි ලියන්න පටන් ගන්නවා අවුරුද්ද මුල.... හැබැයි ඉතිං ඔය වැඩේ නැගල යන්නේ වැඩිම වුනොත් මාසයයි. ඊට පස්සේ ඩයරිය හිස්.... කවදාවත් එක දිගට ලියන්න බෑ.... අර කවුරු හරි බලයිද කියන බයත් තියෙනවනේ.... ඒ නිසා මේ අවුරුද්දේ ඩයරියක් ගැන හිතුවෙවත් නෑ......

    ReplyDelete
    Replies
    1. එක දිගට ලියන්න ගන්නවා කියන්නේ එක්තරා විදියක ඇබ්බැහි වීමක්

      Delete
  42. බොට හොද වැඩේ,, මම නම් ඩයිරි ලියන්නේ නැත්තේ කම්මලිකමට :D

    ReplyDelete
    Replies
    1. මම නම් කොහෙත්ම ලියන්න කැමති නැහැ. ටයිප් කරනවානම් ඔන්න අවුලක් නැහැ

      Delete
  43. ආනේ මං මේකට කොමන්ටුවක් දැම්මනෙ ඈ..දාලා නැද්ද

    ඔය ඩයරි ලියන කෙරුවාව මටත් හරි යන්නෙම නෑ නෙ කෝරලේ මහත්තයො

    (කාලෙකට පස්සෙ ආවෙ ..අයියට අමතක නෑ නෙ අපිව. ආයෙ කතාව ලියන්න ගත්තා. ඒ පැත්තට ඇවිත් අඩුපාඩු හොද නරක කියලා යන්න එන්න )

    ReplyDelete
    Replies
    1. හප්පේ නිෂි කාලෙකින් දැක්කේ ඉතින් කොහොමෙයි? එන්නම් එන්නම් ඇවිත් යන්න :)

      Delete
  44. මමත් 8 -9 පන්තිවල දි විතර ඩයරියක් ලිව්වා. ඉස්කෝලෙ කොල්ලොත් එක්ක කරපු කුපාඩිකම් ඔක්කොම ඒකෙ ලියලා තිබුනා. දවසක් මම කොහේද ගිහිල්ලා එනකොට අපේ තාත්තා හාන්සි පු‍ටුවෙ දිගෑදිලා ඒක කියවනවා. හැබැයි වචනයක්වත් කිව්වෙ නෑ. මූ හදන්න පුලුවන් එකෙක් නෙමෙයි කියලා තාත්තට හිතෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. හම්මපා හැදෙන ගහ දෙපැත්තෙන් හැදෙනවා කියලා තාත්තට හිතෙන්න ඇති. මේ පාර මම ගිරිතලේ එන්න හිතන් ඉන්නේ ජුලි වල.

      Delete

  45. ඕන් මමත් කෝරලේ මහත්තයාගේ වලව්වට ගොඩ වැදුනා පුංචි සටහනකුත් එක්කම. ඩයරි කථාව කියවූ මට පරණ පුංචි විහිලු කථාවක් මතක්වුනා ඒ දවස්වල අහපු... මං ඔන්න ඒකත් ඔහේ කුරුටු ගාන්නම්කෝ... (ඇතැම් විට ඔබ මෙය කලින් අහලත් ඇති.)

    ඔන්න ...අයින් කරලා තිබුණු ඉතා පැරණි මගී ප්ර්වාහන නෞකාවක අබිලි වෙලා තිබුණු රාක්කෙක තිබිලා දුර්වර්ණවී තිබු පරණ දින පොතක් හමු වුනාලු නැව සුද්ද පවිත්රී කල අයෙකුට. බැලුවම ඒක අයිති වෙලා තිබිලා තියෙන්නේ වසර බර ගානකට ඉහත ඇමරිකාවේ හිටිය ඉතා රූමත් ජනප්රිටය නිලියකටලු. මෑන් දිනපොත ටිකක් පෙරලලා බලනකොට අන්තිමට වන්නට ලියලා තියෙනවාලු නැවේ ගමන ගැන පහත අයුරින් තොරතුරු;
     අද අපේ දින 14 ක නෞකා චාරිකාව ඇරඹි අතර අහම්බෙන් හමු වූ නැවේ කපිතාන් මා සමග කථා කලා.
     අද ගමනේ දෙවන දවස. ඈත සිටි කැප්ටන් මා දෙස අමුතු විදිහකට බලා සිටියා.
     තෙවන දිනය වන අද කැප්ටන් මා හා සමග දීර්ඝ වේලාවක් කථා කරමින් සිට මා හට අයුතු යෝජනාවක් ගෙන ආ අතර මා එක හෙලාම එය ප්රහථික්ෂේප කලෙමි.
     සිව් දිනය වූ අද දින කැප්ටන්ගේ යෝජනාවට මා එකඟ නොවුනහොත් නැවේ සිටින සියලුම මගීන් සහ කාර්යමණ්ඩලය වූ 450 ක් පිරිස සමඟ නෞකාව ගිල්වා දමන බවට තර්ජනය කලා.
     ගමණේ පස් වැනි දිනය වන අද නෞකාවේ සිටින සියලුදෙනාටම විශේෂ දිනයක් වන අතර මා හට ඉතා සුවිශේෂී දිනයකි. ඒ අන් කිසිවක් නිසා නොව මාද ඇතුලත්ව ජීවිත 450 බේරාගැනීමට මා සමත් වීමයි....:P

    එහෙමනම් ඉතින් පරණ ලිපිත් ඉඩ කඩ ලැබෙන විදිහට රසවිඳින්න; ගොඩ වෙන්නම් කීවා ඕන්....

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගනන්ව ගමේ හිතවතාව. ඉතින් බලන්නකෝ ඒ නිළිය කරලා තියෙන ශේෂ්ට කාරයභාර්ය. හික් හික් හික් නිවාඩු පාඩුවේ ගොදවදිලා කියවන්න කෝ.

      Delete
  46. මම නම් වෙලාවට ඩයරි පාවිච්චියක් නැහැ. නීකම් නාගන්න ඕන නෑනේ. අවදානම බොහොම වැඩියි, පාස්වර්ඩ් දාන්න බෑනෙ. හැබැයි දැන් ඉතින් ගූගල් කැලන්ඩර් තියෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකයි පුස්නේ ලහිරු.... පාස්වර්ඩ් තියෙනවනම් ඩයරියත් මසුරන් කිව්වා.

      Delete
  47. සු දී ක ගේ අයිඩියා එක මරැ.....D = I = A = R= Yකියන්නේ "ඩාලිං අයි ඕල්වේස් රිමේම්බර් යූ....! " ළු නේ.. මම නම් මගේ අතිශයින්ම ප්‍රයිවට් සීන් ඒකේ ලියන්නේ නෑ (ලිව්වත් short forms වලින් තමා ලින්නේ...!) නොලියා ඉන්නත් බෑ නේ....now its my habit වේලා....

    ReplyDelete

ඔයාල කොම්මෙන්ට් එකක් දාන්න වැය කරන තප්පර ගානත් ඔයාලට වැදගත් කියල මම දන්නවා එත් ඔයාලගෙන් අදහසක් මේ පිළිබඳව ලැබෙනවා කියන්නේ මට ඉදිරියටත් ලියන්න හොඳ මොර්ටිවේෂන් එකක් ලැබෙන එක. ලියන්න කල් මදිනම් තිතක් තියල යන්න එතකොට මම දන්නවා ඔබ මෙය බැලු බව. ස්තූතියි.........

Related Posts Plugin for WordPress, Blogger...