Tuesday 2 April 2013

ඊයේ දින උපන් දිනය සැමරු මාරයා,රජා,ඇනෝවෙක් කුජීත කල අවතාර් සහ ලිලි අක්කා ගේ කතා

 
හික්.. හික්... හික්.. සුභ දවසක් වේවා කිව්වා ඔක්කොටම!. ඊයේ වගේ වැදගත් දවසක් සිහිපත් කරලා පොස්ට් එකක් දැම්මේ නැත්නම් හිතට මොකක්ද මොකක්ද වගේ. ඇත්තටම ඊයේ දීලා තිබුණු වැදගත් දිනේ කල් ගිය බව මාරයා පොස්ට් එකක් දැම්ම උනත් උන්දැගේ උපන්දිනේ කොහොමද එහෙම කල්දාන්නෙ කියලයි හැමෝම අහල තිබ්බේ. අනෙක අපේ අඩවි රජාත් ඒකාගේ තහනම් අඩවිය අපිට තහනම් කලාපයක් කළා ඊයේ දිනේට විතරක්. ඒ විතරක්ද අපේ මඩිස්ස ලියන නිශාන් මලයත් අවසන් ලියුමයි ඔබට ලියන්නේ විරහ කඳුළු රැඳී පෑනින් කියලා පොතක් පෙරලලා තිබුනා. තව පැත්තකින් අපේ අවතාර් කොහේදෝ ඉන්න මෝඩ ඇනෝවෙක් තවත් මෝඩයා කරලා කුජීත කරලා තිබුනා. ඔය එක බොරුවකටවත් අහුනොවී එඩිතරව නිර්භයව සිංහයෙක් (ලාගර් එකේ ඉන්න) වගේ හිටපු මාව වන් ෂොට් මෝඩයෙක් කලේ අපේ යසියා. උගේ මොලේ පෑදිලා දැන් හනි බනි කැරට් අල දෙකක් දීලද කොහේ. ඔයාලත් ගිහිල්ලම බලන්නකෝ මුගේ මගඩියේ තරම. බැලුව අය දන්නවා ඇති මොකක්ද ට්‍රික් එක කියලා. කිච වෙන එකේ නිකන් තනියම කිච වෙලා හරියනෙන් නැති නිසා වෙන කෙනෙකු කිච වෙච්ච දෙයක් ගැන දාලා මගේ ගරු නම්බුව (එහෙම එකක් තියෙනවද???? :O) බේරා ගන්න තමයි මේ අසරණ උත්සාහය. 



ඔන්න අපි කතාවට බහිමුකො. මම මගේ කතා තුලින් විවිධ චරිත හඳුන්වලා දීලා තියෙනවා ටිරා, දමියා, උදය වගේ මේ කතාවේ ප්‍රධාන චරිතේ පොඩ්ඩක් විශේෂ චරිතයක් දැන් අහන්න යන්නේ මොකක්ද ඔය තරම් විශේෂෙ කියලනේ. මෙයා හරි ප්‍රසිද්දයි දවසේ මෝඩ කතාව කීමට දවසේ මොකක් හරි අන්දොස් කතාවක් කිව්වේ නැත්නම් මෙයාට නින්ද යන්නේ නැහැ කියල තමයි තතු දත් ආරංචි මාර්ග කියන්නේ.  අපි මෙයාව නම් කරමු ලිලි අක්ක කියලා. පොඩ්ඩක් අන්දොස් නමක්. වැරදීමකින් හරි මේ පොස්ට් එක දැක්කොත් මම ගස් තමයි. ඉතින් අපි ට්‍රැක් එකෙන් පිට පනින්නේ නැතිව කතාවට බහිමුකෝ........

ඔන්න දවසක් හැන්දෑවේ 7 ට විතර ලිලි අක්කා එයාගේ හබියා චන්දරේ අයියත් එක්ක යනවා මේ කිට්ටුව පාත තියෙන Satwa කියන ප්‍රදේශයට ලංකාවේ එළවලු ටිකක් අරන් එන්න. මොකද මෙහෙ ඉන්දියාවෙන් එන එළවලු මෙලෝ රහක් නැහැ කියල කාල තියෙන උදවිය දන්නවා ඇති. ඉතින් මෙහෙම යනකොට ඔය පේලියට තියන රෙදි කඩ පෙළක් පහුකරගෙන තමයි මෙයාලගේ ගමන් මාර්ගය තියෙන්නේ. මේ රෙදි කඩ වලින් එකක දාල තිබිල තියෙනවා අලංකාර ගවුමක්. ඉතින් අපේ කාන්තා පාර්ශවයේ අය කොහොමත් ඇඟලුම් වලට දක්වන්නේ තද ආසාවක්නේ. ඉතින් ලිලි අක්කත් මේක හිතේ තියාගෙන ගිහින් එන ගමන් ගමන පොඩ්ඩක් බාල කරලා ගවුම බලල තියෙනවා. අපේ චන්දරේ අයියත් පොඩ්ඩක් හදිස්සි කාරයෙක්. උන්දා ලිලි අක්කට පොඩි සද්දයක් දාල තියෙනවා මෙන්න මෙහෙ එන්න යන්න පරක්කු වෙලා තියෙද්දී රෙදිත් බලන්නේ අහවල් රෙද්දකටද කියලා. ඉතින් ලිලි අක්කත් මේ ගවුමට තියෙන ආසාවට එතන පිටිපස්ස හරවන් හිටපු කෙනෙක්ගෙන් අහනවලු

 "Excuse me how much is this frock?" (සමාවෙන්න මේ ගවුමේ මිල කීයද) 

සද්දයක් නැහැලු නැවත වතාවක් සද්දේ දාල ඇහුවලු මේ කතාවම ඒත් ගණන් ගන්නෙවත් නැහැලු. ලිලි අක්කටත් දැන් පොඩ්ඩක් ඉවසීමේ සීමාව ඉක්මවා ගියාලු වැඩේ ගැන. කඩේ ඇතුලට ගිහින් මැනේජර් වගේ පෙනුන කෙනෙක්ට කිව්වලු බලන්න අර එළියේ ඉන්න සේල්ස් කොල්ල කිසි කමකට නැහැ මෙහෙමද කස්ටමර්ස්ලට සලකන්නේ මේ ඇඳුමේ ගාන කීයද කියල  3න් 4ර සැරයක් ඇහුවා ගනන්වත් ගත්තේ නැහැනේ කියල. කඩේ සේවකයෙක් විදියට මේ වගේ දෙයක් කරනවා කියන්නේ කඩේ බිස්නස් වලට හොඳ නැති නිසා, කඩේ මැනෙජර් මහත්තයත් දඩි බිඩි ගාල එලියට ඇවිත් මේ අහංකාර සේවකයා කවුද බලන්න.ඒ වෙද්දී එතනට ඇවිල්ල හිටිය චන්දරේ අයියත් වැඩේට එකතු වෙලා තියෙනවා. හුටා කාලා වරෙන්කො.............. කවුද මේ සේවකයා. 
 
                                                               

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

             ඩමියක් ඕයි........ ඩමියක්......................

එතනින් එහාට වෙච්ච දේ ඔයාලට හිතා ගන්න පුළුවන්නේ............. :D

ලිලි අක්ක දැන් හතලිස් වියත් පසුකරලා ඉන්නේ ඒ නිසා ඇස් පෙනීමේ පොඩි දුර්වලතාවයකින් පෙළෙනවා. හැබැයි ඇහුවොත් කියන්නේ මට හොඳට පේනවා බොලාට වැඩිය කියලයි.






95 comments:

  1. හක්ස්,, පව් අලේ අක්කියා... :D

    ReplyDelete
    Replies
    1. අක්කියා නෙවෙයි ඇන්ටි කිව්වත් වරදක් නැහැ ඔයාගේ වයසත් එක්ක බැලුවම. ඇන්ටි තමයි.... :)

      Delete
  2. lili akkata wechchi deyakda bunny akkata wechchi deyakda? hak hak

    ReplyDelete
    Replies
    1. ලිලි අක්කා බනි අකක්ගේ නෑ වෙන කෙනෙක් තමයි වයසයි බනි අක්කට වඩා..... 40 ඇඳිරිය වැටුන කෙනෙක්.

      Delete
    2. 40යි නම් වයස අක්කා කියන්න බෑ තමයි,, අම්මටත් 40යි අපේ :/ ලිලි ඇන්ටියා.. :D

      Delete
    3. ඒක තමයි කිව්වේ..... මමත් කාලයක් කිව්වේ ඇන්ටි කියල දැන් ඒ යෙදුම වෙනස් වෙලා වෙන නමක් කියන්නේ.

      Delete
    4. කොහොමත් ගෑනු කට්ටිය වයස අඩුවෙන් පෙන්වන්න කැමතියි නොවැ.දැන් ඔය ශම්මි වුනත් මට අක්කෙක් ඒත් කාට හරි කිව්වොත් කියන්නේ "මාස ගානකින්නේ අප්පා" කියලා :P

      Delete
    5. හිකිස්........... ඔව් ඉතින් අවුරුද්දට තියෙන්නේ මාස 12ක් විතරයි නේ නේද ශම්මි නගා...?

      Delete
  3. අද අප්‍රේල් දෙවැනිදා නේද? :D:D

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් හික් ඔව් ඔව් පළවෙනිදා වෙච්ච දේ ලැජ්ජාව වහගන්න කල දෙයක් තමයි මේ. යසියගේ ලනුව කෑව දුකට පෝස්ට් කල එකක් මේ :(

      Delete
  4. ඩමියක් ගැන කියනකොට මට මතක් වෙන්නේ අර කහ ටියුබ් බල්බ දාපූ කඩයකට ගිය හාදයෙක් අමු කෙසෙල් කෑව කතාව.

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් මේකට හේතුව හතලිස් ඇඳිරිය කියන්නත් පුළුවන්

      Delete
    2. වැරැදීමක් වූවා. කහ බල්බ දාපු නොව, කහ පැහැති විදුරු සහිත කණ්ඩාඩි පැලඳගත් ලෙස නිවැරදි විය යුතුය.

      Delete
    3. එහෙම දෙයක්නම් තව ඕකේ කියනන් පුළුවන් මේ ඉල්ලං කෑමක් වගේ වැඩක් නේ.

      Delete
  5. හික්ස් හිකිස්ස්... නියම වැඩේ වෙලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් මේ පටන් ගැන්ම විටහ්රයි අයියේ ලිලි අක්කගේ වැඩ ලියන්න ගියොත් වෙනම බ්ලොගක් ලියන්න වෙනවා ඒ වෙනුවෙන්ම. තනි කොමිටල් එකක් වෙලාවකට.

      Delete
  6. Replies
    1. හප්පේ මෙන්න අපේ වකා කාලෙකින්............ කොහොමද නංගි?

      Delete
    2. මම හොඳින් අයියා. ස්තූතියි. :)

      ගොඩක් කාර්යබහුලයි මේ දවස්වල. :/

      [අනික ඉතින් අයිය පහුගිය දවස්වල දාපු පෝස්ට් (18+) නිසා අපිට කියවන්ඩ බෑ නේ... :p ]

      කොහොමද? අපේ බනී අක්කියව මතක් කරා කියන්ඩෝ.. ජය!

      Delete
    3. එහෙමටයි කියන්න නරක දේවල් නැහැ අෆ්ෆා.....:) ඔයා දැන් බුකියෙනුත් අතුරු දහන් වෙලා. මමයි අක්කයි දෙන්නම කතා කලා ඒ ගැන. ඉගනගන්න වැඩ වලට මුල් තැන දෙන්න මුලින්ම.එල එල ඔයාටත් ජය වේවා!!!!

      Delete
    4. ඔව් අප්පා. අතුරුදහන් වුනා. :/

      කෝ විද්‍යුත් තැපැල් ලිපිනයවත් දෙන්නකෝ අපිට :P

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. තැන්කූ.. :D

      Delete
  7. අඩේ සිරාවටම උන කේස් එකක්ද? පට්ට ගති බන්....

    ReplyDelete
    Replies
    1. නම වෙනස් කරලා දැම්මට. මේ මට ගොඩක් කිට්ටු කෙනෙකුට වුන දෙයක් තව තියෙනවා. ඒවත් හෙමිහිට ලියන්නම්

      Delete
  8. අලේ ..ලිලී අක්කා පොලව පලාගෙන ගියාද දන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. ආගිය අත හොයාගන්න බැරි උනා කියලයි චන්දරේ අයියා අපිත් එක්ක කිව්වේ. දැන් උනත් ඔය කතාව කියද්දී මල පනිනවා. හැබැයි හොඳ බයිට් එක :D

      Delete
  9. අය්යෝ පව් ... පට්ට කතාව බං,

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් වැඩේ කියන්නේ චමියෝ ඩයල් එක දැන දැන ඒ වගේ දේවල්ම ආයේ ආයේ කරන එකයි. මේ තියෙන්නේ එයාගේ එක සිද්දියක් විතරයි. අනෙක් ඒවත් හීන් සැරේ දාන්නම් කෝ.

      Delete
  10. ඈහ්.. ඔච්චරටම මොන්ගල්ද බන්.. ඩමියක් අදුරන්නැති තරම්.. හපොයි ගිහිල්ලා කම්ප්ලේනුත් කරලා..

    ( මේ, උන් ඊට පස්සෙ ඉන්දියාවෙ දෙන්නෙක් වගේ ඉන්න අති කියලා මම හිතනවා )

    ReplyDelete
    Replies
    1. එයාගේ ඇස් පෙනීම පොඩ්ඩක් මදියි අයියේ. ඒකයි මේ ඇබැද්දි වලට මුල හික් හික් හික් අයියෝ සල්ලි..............

      Delete
  11. මොකෝ බං අනුගත වෙලාද ඉඳලා තියෙන්නේ ඒ වෙලේ???

    ReplyDelete
    Replies
    1. 6න් පස්සේ පෙනෙන්නේ නැති ලෙඩක් බං. හතලිස් ඇඳිරිය. හික් හික් හික්

      Delete
  12. පව් අප්පේ ලිලි අක්කා ඊට පස්සෙ නම් රෙදි වල ගනන් අහන්න නෑ කාගෙන්වත්ම !

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් දැන් ඔය කතාව වෙන කවුරු හරි ඉන්න තැන මතක් කලත් නහුතෙට මල පනිනවා. :D

      Delete
  13. පව් ලිලී. මටත් ලිලීගේ කතාවක් මතක් උනා. වෙලාවක ලියන්නම්.. ඔෆීස් එකේ ලිලී කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. දාන්නකෝ මාතලන් අයියේ. හික් හික් හික් :)

      Delete
  14. අයියෝ ලිලී,
    මොකද මේ වලී..
    අපිට හරි ජොලී,
    දැක්කම මේ කෙලී

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් දේශා ඇඬේනවා තනි ඇහැට..... :D

      Delete
  15. හහ් මට මැවිල පේනවා කතාව

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් මට මතක් වෙන හැම සැරේම හිනා. සේරටම වැඩි සිද්දිය තමයි මේක මතක් කරද්දී ලිලි අක්කට යන තරහ.

      Delete
  16. පුකෙනුත් හිනා

    ReplyDelete
  17. ලිලි අක්ක ට මරු වැඩේ තමා වුණේ.. ඒ වගේම උඹත් කෑවනේ යසියගේ ලණුව නේද මලයෝ

    ReplyDelete
    Replies
    1. අයියෝ ලිලි කිව්වලු :D

      ඇඬේනවා..... අයියේ මම ඕකව සුප් එකට ගනන්වා ඒ වෙලාවේ අහල පහලක හිටිය නම්. :( හැබැයි මමත් 10 දෙනෙක්ට විතර දුන්නා ටොපිය.

      Delete
  18. ලොල්.. :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් මම අහු උනේ නැහැනේ බොරුවට...... :)

      Delete
  19. ලිලි අක්කගේ හබියට පොලව පලාගෙන වැලලෙන්න හිතෙන්න ඇති දෙයියනේ :D

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් ඔව් ඔව් නිතරම කියන්නේ මේ මනුස්සයා මාව කෑවා කියන එක :)

      Delete
  20. හොක්හොක්හොක්...:D

    උඹ දන්නවද කෝරළේ එක පාරක් එක බුවෙක් (අමාරිස් අයියද මන්දා...) නයෙකුට බයවෙලා, බැලින්නං නයෙක් නෙවෙයිලු. පොලු කෑල්ලක්ලු නයෙක් වගේම පේන. මූ බය වෙච්ච පාර මේකාට ගහන්න බිම තිබිලා පොලු කෑල්ලක් අහුලගෙන. සීවරං දෙයියනේ! ඒ පොලු කෑල්ලක් නෙවෙයිලු! නයෙක්ලු, ඕයි!

    ReplyDelete
    Replies
    1. හෙන්රි අමාරිස්ට වෙච්චි සිද්දි කියලා පොතක මාත් ඕක කියෙව්වා

      Delete
    2. මමත් ඔය නිශාන් මල්ලි කිව්ව පොතෙන්ම තමයි සිද්දිය දැනගත්තේ. හික් හික් හික් ඒ වගේ දේවල් බොහොම වැදගත් විදියට කරන විහිලු අද කාලේ වගේ දෙපිට කැපෙන කතාවලින් කරන කුණුහර්ප නෙවෙයි. :D

      Delete
  21. ලිලී අක්කා වාෂ්ප වූවාය,එහෙම නේද උනේ

    ReplyDelete
    Replies
    1. හරියට හරි ඊයේ ඩයල් එකට ආරංචි වෙලා මේ පොස්ට් එක ගැන මගේ කෑම වෙලටත් තට්ටුවෙන්න ගියේ.

      Delete
  22. අයියෝ...............

    ReplyDelete
  23. //මම මගේ කතා තුලින් විවිධ චරිත හඳුන්වලා දීලා තියෙනවා ටිරා, දමියා, උදය // ඇයි අර ගැරඬියා. !! :D:D

    හපොයි ඕක අඳුන ගන්න බැරි වුනා ද..? චාටර් එකේ උපරිමේ.. පව් ඉතින්..


    ReplyDelete
    Replies
    1. දමියා තමයි ගැරඬියා. :D
      කියල වැඩක් නැහැ පොඩ්ඩක් කළුවර වැටිලා නිසා පෙනීම මදියි.

      Delete
  24. මේ කතාව නෙමෙයි ඔයාට උනයි කියපු එකත් කිව්වනම් තමයි හොඳ

    ReplyDelete
    Replies
    1. යසිත්ගේ ෆ්‍රී කෝල් ගණන් පුළුවන් සොෆ්ට්වෙයා එක දාන්න ගිහින් මෝඩයා උනා. :(

      Delete
  25. මෙහෙම දේවල් වෙන්නෙ හතලිස් ඇදිරියටද බං? මගුලයි ඔච්චර කම්ප්ලේන් කරන්න දුර නොගියට මටත් ඔහොම වෙලා තියනවා..

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් වයසේ වැරැද්ද අප්පා. දැන් ඉතින් පැන්සොන් ගන්නත් කිට්ටුයි නේ නදිනි අක්කා. :D

      Delete
  26. දවසක් ඔයවගේ අක්ක කෙනෙක් කඩේකදි ඩමියක හැප්පිලා. ටක් ගාල කිව්වලු 'සොරි අනේ' කියල.

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් වයසට වෙන වැඩ රාජ් අයියේ

      Delete
  27. oඔහොම තමයි ඉතින් කවුරුත් වයසට යනවනෙ. මම නම් ඉතින් ලිලි අක්කගෙ පැත්තෙ.මොකද දැන් දහ අට පැත්තට පනින්න බැනෙ. හැබැයි ඉතින් ඩමියක් අඳුනගන්න බැරි කමක් තාම නැ.

    මෙන්න මගෙ බ්ලොග් eka- http://gimannivannie.blogspot.com -

    ReplyDelete
    Replies
    1. අපිටත් දවසක වෙන්නේ ඔය ටිකම තමයි මැඩම් :)

      Delete
  28. හුරේ.... කෝරලයා අහුවෙලා........ හිකිස් හික්ස්......

    අපේ එකෙකුත් දවසක් පදම් වෙලා රෙදි ගන්න ගිහින් ලේඩීස් ඩමියක හැප්පිලා "සොරි නංඟී" කිව්වලු.. මේකිගෙන් රිප්ලයි එකක් නැති හින්ද මහ හයියෙන් බැනලා.. ඒ පාර කඩේ උන් ඇවිත් මූට පැහැදිලි කරාම සූර් බැස්සලු........ හිකිස්

    ReplyDelete
    Replies
    1. හිටහන් කෝ අහුවෙන්න එපා පොස්ට් ඔෆිස් එකේදී :P
      අඩේ එක නම් පට්ට චාටර් වැඩක් අරූට අරක්කු එපා වෙන්න ඇති

      Delete
  29. හැක හැක හැක...
    මම නම් හැප්පිලා ඩමියකට සොරි කියලා නෑලු....

    ReplyDelete
    Replies
    1. පත්තරෙත් තිබුනා උඹම තමයි හැප්පුනේ කියලා

      Delete
  30. ඕං අදයි මේ කොලනියට ගොඩ වැදුනේ....හෆොයි ඩමියක් ඉන්ට්‍රස් උන තරමක්..... අයියෝ ෆයිබර්.....!

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් ඔය වගේ වැඩ ඉතින් වෙනවා. මමත් එන්නම් කෝ නිවාඩු පාඩුවේ ඒ පැත්තට ගොඩ වෙන්න සාදරයෙන් පිලිගන්නවා වලව්වට මේ දවස් වල රාජකාරි පොඩ්ඩක් වැඩියි

      Delete
  31. චමහර ඩමී පනපිටින් වගේ තමයි. ඉතින් රැවටෙන එක අහන්නත් දෙයක් නෑ

    ReplyDelete
    Replies
    1. එකනේ දයා අයියේ. පව් අනේ ලිලි අක්ක දවසේ කතාව කියන එකත් එයාගේ විනෝදාංශයක් තමයි

      Delete
  32. Replies
    1. එදා සිංහල කොමෙන්ට් බැරුව තිබ්බේ... ඒකයි... :)

      Delete
  33. දවසක් මටත් ඔහොම උනා නෙ..හී හී ඒත් මම නම් කතාකලේ නෑ රැවටුනා විතරයි

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් වැරදීම් වෙන්නේ මිනිස්සුන්ටනේ :)

      Delete
  34. අපේ තැනත් ඉස්සර වෛද්‍ය වරියක් නිල ලකුණු කරපු ඩමියක් තියෙනවා. ඒකට මගෙ මුණුබුරා සාදු කියනවා දැක්ක ගමන්. එකෙ තට්ටෙට කියල අපි හිතන්නෙ.D;

    ReplyDelete
    Replies
    1. හාමුදුරුවරු කෙනෙක් කියල හිතල වෙන ඇති.

      Delete
  35. සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා මල්ලි..!

    ReplyDelete
    Replies
    1. අයියටත් පවුලේ සැමටත් එසේම වේවා

      Delete
  36. කෝරලේ අයියට මාව අමතනද දන්නේ නෑ.සුබ අලුත් අවුරුද්දක් !

    ReplyDelete
    Replies
    1. මොකද නැත්තේ මලේ දැන් ලියන්නේ එහෙම නැද්ද?

      Delete
  37. කෝරලේ මහත්තයට සුභ අළුත් අවුරුද්දක් වේවා!.

    ReplyDelete
    Replies
    1. අක්කටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා

      Delete
  38. ලිලී අක්කටත් පිස්සු නැත්තම් සෝක් වගේ!!! සුභ අළුත් අවුරුද්දක් වේවා මලයෝ!

    ReplyDelete
    Replies
    1. අයියටත් පවුලේ සැමටත් සුභම සුභ නව වසරක් වේවා

      Delete
  39. දැන් අවුරුදු කෑවා ඇති මල්ලි මොනවාහරි ලියමු නේද

    ReplyDelete
  40. අයියටත් පවුලේ සැමටත් එසේම වේවා

    ReplyDelete

ඔයාල කොම්මෙන්ට් එකක් දාන්න වැය කරන තප්පර ගානත් ඔයාලට වැදගත් කියල මම දන්නවා එත් ඔයාලගෙන් අදහසක් මේ පිළිබඳව ලැබෙනවා කියන්නේ මට ඉදිරියටත් ලියන්න හොඳ මොර්ටිවේෂන් එකක් ලැබෙන එක. ලියන්න කල් මදිනම් තිතක් තියල යන්න එතකොට මම දන්නවා ඔබ මෙය බැලු බව. ස්තූතියි.........

Related Posts Plugin for WordPress, Blogger...