Wednesday 20 November 2013

ස්කයිප් එකේ අයිතිකාරයා බෙල්ලේ වැල ලාගත් හේතුව (ලිලි අක්කාගේ කතා)


මේ දවස් ටිකේම මැද පෙරදිග වෙන සිදුවීමුයි ජනකයියගේ කොටුපැනීම ගැනයි කියෙව්වා අපේ උදවියට පොඩි වෙනසකටත් එක්කලා කියලා පොඩි පහේ කොමඩියක් දෙන්නයි සූජානම. කට්ටියට මතකද අපේ ලිලි අක්කව? ඔව් ඔව් අනේ අර අන්දොස් ටෝක් දෙන එක්කෙනා තමයි. ඉතින් උන්දාට වෙච්ච  අකර තැබ්බයක් ගැන තමයි මේ කියන්න යන්නේ.ලිලි අක්කලාගේ කාලේ ඉතින් මේ කොම්පීතර් තාක්ශෝනේ එහෙම තිබිලා නැහැ නොවෑ උන්දැ කියන විදියට තිබිල තිබුනා නම් අද බිල්ගේට්ටු මහත්තයා ටත් වැඩිය දීමක් උන්දැට තියෙනවලු. මට වෙලාවකට හිතෙනවා අපේ වාසනාවටදෝ කියල එහෙම නොවුනේ. මොකද කලින් වන්ගියක උන්දැ රෙජිස්ටරෙත් එඩිට් කොරන්න ගිහින් ජනේලේ (Windows) හිරවෙලා. ඉන්ජිනේරුවොම දෙන්නෙක් ට්‍රයි කොරලයි වැඩේ ගොඩදාගත්තේ. මොකද චන්දරේ අයියගේ වැදගත් ඩේටා වගේකුත් තිබ්බයි කිව්වනේ ලැප ඇතුලේ.  ඉතින් අන්න ඒ වගේ කොම්පීතර් වැඩකරුවෙක් තමයි අපේ ලිලි අක්කා කියන්නේ.



ඉතින් මේ පිට රට ඉන්න උදවියට දෙයියොන්ගෙන් ලැබුණු තෑග්ගක් වගේ තමයි SKYPE කියන්නේ. මොකද නැත්නම් කී දාහක් කියල යනවද ලංකාවේ ඉන්න හිතවතුන්ට පවුලේ උදවිය එක්කලා කතා කොරන්න. අනෙත් එක ලෝකේ වැඩිපුරම ටැලිෆෝන් ගාස්තු අය කරන්නෙත් ඔටු දේශ වලටනේ (මැදපෙරදිග). මම අහල තියෙන විදියට ඒ අටහ්රිනුත් වැඩිම වශයෙන් පාරිභෝගිකයාව හූරා උලා කන්නේ එටිසලාට් එකෙන් තමයි. ඔය දැන් යස අගේට ලංකාවෙත් රජ කොරන්නේ. ඒ ගැන කියන්න ගියොත්  වෙනමම පොස්ට් එකක් ලියන්න වෙනවා ඒ නිසා අපි හැරෙමු ලිලි අක්කගේ සීන් කෝන් එක පැත්තට. අපේ ලිලි අක්කගේත් වඩාත්ම සිත්ගත් මෘදුකාංගය තමයි ස්කයිප් කියන්නේ. උන්දැ ස්කයිප් නේම් එක හදාගෙන තියෙන්නේ තමන්ගේ දයාබර ස්වාමියාගේ නමට.  ඉතිං ලිලි අක්ක මේක හදල තියෙන්නේ කන්නාඩි දාගෙන නෙවෙයිලු. කොහොමින් කොහොම හරි චන්ද්‍රපාල කියන තැනට වැදිලා තියෙන්නේ කන්ඩපාල කියල. උන්දැ හවස් වරුවේ වැඩ ටික ඔක්කොම අහවර කොරලා උයල පිහල චන්දරේ අයියා කන්න කලින් පනුවොන්ට බෙහෙත් (විෂ්කි තමයි හොඳම බෙහෙත කියලයි චන්දරේ අයියා කියන්නේ)  බොන අතරේ ලිලි අක්කගේ සහෝදර තුමෙක් එක්ක කයියක් ගහගෙන හිටියලු. ලිලි අක්කා ස්කයිප් එකේ කතා කරන වෙලාවට අහල පහල ඉන්න එව්වෝ කන් වලට ඇබත් ගහගන්නවා කියලයි චන්දරේ අයියා කියන්නේ. මොකද ලංකාවේ ඉන්න කෙනත් එක්ක කතා කොරන්නේ ලංකාවටම ඇහෙන තරම් හයින්ලු. අපි නම් දන්නේ නැහැ චන්දරේ ගොයියා තමයි මටත් මේ බව කිව්වේ. මෙහෙම ඉන්න අතර වාරයේ මුන්දැට ආවලු රිකුවෙස්ට් එකක් හීන් සැරේ එතනට ගිහින් බලල චන්දරේ අයියට කියනවලු. 

ලිලි අක්කා : චන්දරේ මේ බලන්නකෝ කවුද මන්දා මේඩ් කෙනෙක් කොන්ටෑක්ට් එකක් එවලානේ කියලා.
චන්දරේ අයියා : ඒ මොකටද අපිට මේඩ් ලා කොන්ටෑක්ට් එවන්නේ.
ලිලි අක්කා : අනේ මන්ද මේ එවලා තියෙන්නේ උන්නා මේඩ් කියල එක්කෙනෙක්.
චන්දරේ අයියා : මොකාක්......?
ලිලි අක්කා : ඔව් අනේ ඔතන ඉඳන් කෑ ගහන්නේ නැතිව ඇවිල්ලම බලාගන්න කනේ දුම් පිරිලද කොහේ මේ මිනිහගේ සිකරට්ම බීලා 

ඔයාල මොකක්ද හිතන්නේ............ මොකක් කියලද ඒ ඇවිල්ල තිබුනේ එක???????? 








හික් හික් හික් ලිලි නෝනේ මේක උන්නා මේඩ් නෙවෙයි මලා මේඩ් හික් හික් හික්. මෙව්වා හොඳ වෙලාවට ස්කයිප් එකේ අයිතිකාරයාට ඇහෙන්නේ නැත්තේ. ඇහුනා නම් ඒ මනුස්සයා එල්ලිලා මැරෙනවා. 



කරුමේ කියන්නේ ඒ වෙලාවේ කන්නාඩි දෙක අමතක වෙලානේ ලිලි අක්ක ඉඳල තියෙන්නේ.

60 comments:

  1. මට තේරුණේ නෑ ඒ කියන්නේ ලිලී අක්කාගේ ලැප ඇතුලේ චන්දරේ අයියගේ ඩේටා කේබල් එක හිරවුණා. ඉතින් කවුද ඒක වින්ඩොව්ස් වලින් දැක්කේ. අර ඉංජිනේරුවෝ දෙන්නා වින්ඩොව්ස් වලින් ඇතුලට එබිලා බලා ඉන්න ඇති.

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ විචාරක මහත්තයෝ ලිලි අක්කගේ ඇස් පෙනීම පොඩ්ඩක් දුර්වලයි නේ ඉතිං උන්දැට මෙව්වගෙ අකරතැබ්බ සිද්ද වෙනවා නිරන්තරයෙන්ම. ඉංජෝ කියන්නේ හරිම සිල්වත් කොට්ටාශයක් නොවෑ

      Delete
    2. විචාරකගේ අද දවස තුල දුටු තවත් එළකිරි කමෙන්ට් එකක්!!!! ලැප් ඇන්ඩ් ද කේබ්ල්...හහා

      Delete
    3. minissunge nodanna kamata hina wena eka echchara hoda deyak newei boz

      Delete
  2. උන්නා මේඩ් නෙවෙයි මලා මේඩ්... :D

    ReplyDelete
  3. ඔය වගේ ගොඩක් කතා තියනව නේද හදපු? බැරැක් ඔබාමා මෙහෙ ඇවිත් GAME KADE කියල එකකින් කාල ඒකෙ සී.ඩී. තිබ්බෙ නෑ කිව්ව වගේ.

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් මේක නම සිරා වෙච්ච කතාවක් ඒක වෙද්දී මමත් එතන හිටියා කියලා තමයි තතුදත් ආරංචි මාර්ග කියන්නේ. :)

      Delete
  4. හපොයි ලිලි අක්කා. ඇති ඔහොම එකක් කියලා නතර උනා වෙන කුණුහබ්බයක් නොකියා.
    එටිසලාට් ගැනනම් කතා කරලා වැඩක් නෑ කෝරලේ. 'සර්විස් අන්තිමයි, ගාස්තු ඉහලයි'

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැහැ අන්තිම උනහපුලු සේවයක් තමයි එටිසලට් ලගේ තියෙන්නේ. මෙහෙට දැනට අවුරුදු 7 8කත කලින් ආවා ඩු කියල එකක් ඒක එන්න කලින් එටිසලට් කාරයා පිස්සු නැටුවා මිනිස්සු හූරන් කෑවා

      Delete
  5. හපොයි... මදැයි කොළා....

    ඇත්තටම ස්කයිප් එක හදපු එකානම් බුදුන් දැක නිවන් දකින්න ඕනා. මමත් ඉස්සර ඕක ඩේලි පාවිච්චි කොළානෙ.. දැන්නම් ලොගින් වෙච්ච කාලයක් මතක නෑ.. එටිසලාට කාරයා ඕක බ්ලොක් කරලා තිබිලා මේ ලඟදි නේද නිදහස් කෙරුවෙ ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මොකද ඩු එකෙන් බ්ලොක් කරලා නැති නිසා ගොඩක් දුරට මිනිස්සු ඩු එකට යන්න පටන්ගත්තා. මම දැකපු ජරාම ප්‍රොක්සි තියෙන්නේ ඇටිසැලට් ලට.

      Delete
  6. මරු සීන් එක.. කිව්වත් වගේ ස්කයිප් කාරයා එල්ලිලා මැරෙයි !

    ReplyDelete
  7. අපේ එවුවො ස්කයිප් එකෙන් කරන දේවල් දැක්කොත් ඒක කොහොමත් එල්ලෙයි තමයි.

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් එකනම් ඇත්ත ප්‍රසන්න අයියේ. :)

      Delete
  8. එළකිරි කෝරලේ මහත්තයා! උන්නා මේඩ්. සැට් උන වෙලාවක තළු මරන්න තවත් කථායක්! උඹට ජය!!!

    ReplyDelete
  9. අඩේ මං තාම ස්කයිපි කෝල් එකක් අරගෙනම නෑ කියහන්කෝ...

    චී බං මවුස් පොයින්ටරේ... ඊ තලේ පේන්න නැතුවාම නිකන් මොකක්ද මොකද වගේ..

    ReplyDelete
    Replies
    1. සිරාවටම ටෙස්ට් කොරන්නත් එක්කල මට එකක් ගනින් :D

      ඇයි බං හාවෙක් ඉන්නේ හොඳ නැද්ද?

      Delete
    2. හතර විලි ලැජ්ජාවෙ සංතෝසෙ බෑ.
      ස්ක‍යිප් එකවුන්ට් එකක් තිබ්බට මොකද මාත් තාම එක කෝල් එකක් වත් අරන් නෑ.

      Delete
    3. මාත් කෝල් අරගෙනම නෑ බං..

      Delete
    4. @ ප්‍රියා ටැස්ට් කොරන්නත් එක්කලා මට කෝල් එකක් දෙන්න.

      @ දිනේෂ්
      පොලව පැලෙන බොරු කියන්න එපා. එහෙනම් මල්ල කඩන්නේ. යාහු වලින්ද?

      Delete
  10. ඇත්තටම ස්කයිප් කියන්නේ ගුගල් දෙයියන්ගෙන් පස්සේ බිහිවෙච්ච හොඳම දෙයියෙක් තමා

    ReplyDelete
    Replies
    1. නැතිව නැතිව අද කාලේ මේක පාවිච්චි නොකරන එකෙක් නැහැනේ හොයාගන්න

      Delete
  11. මදනායක = මදන යකා කිව්වා වගේ සීන් කෝන් එකක් තමයි. පට්ට පට පට

    ReplyDelete
    Replies
    1. ඕක වෙල තියෙන්නේ කොමර්ෂල් බෑන්ක් එකට ගිය බුවෙක්ටලු නේද?

      Delete
  12. සමහර මැදපෙරදිග රටවල ස්කයිප් නැද්ද? ඒ ඇයි?

    ReplyDelete
    Replies
    1. උන්ගේ දුරකථන සමාගම් වලට අසාධාරණයක් වෙනවා කියලා.

      Delete
  13. මෙන්න කෝරලය මඩ ගහනෝ.. :)

    ReplyDelete
    Replies
    1. එකත් ඉතින් නැතිව බැහැ නොවෑ :)

      Delete
  14. ස්කයිප් දෙයියගෙ අගය දැනෙන්නෙ රට පැටවුනාම තමයි...සුලුපටු සේවයක්ද හැබෑටම මේ අය අපිට දෙන්නෙ...අනේ වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෙ ඒ ඇත්තන්ට...

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නැහැ. මගේ මගුල කලෙත් ෆේස්බුක් දෙයියෝයි ස්කයිප් දෙයියෝන්ටයි පිංසිද්ධ වෙන්න :)

      Delete
  15. අම්මපා ස්කයිප් හැදුව මනුස්පයා දෙයියෙක් ^_^ හැකිස්... :පී

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට නැගේ දිනේෂ් අයිය කියල තියෙන්නේ උන්දා කෝල් අරන් නැහැයි කියල අද වෙනකල්.

      Delete
  16. දැන්නම් ඉතින් ගූගල් හැන්ග් අවුටුත් තියනවනේ

    ReplyDelete
    Replies
    1. ඔය මොනවා ආවත් අක්කේ ස්කයිප් වලට තියෙන තැන ගන්න බැහැ.

      Delete
    2. බලන්ටකෝ තව ටික කලකින්....මයික්‍රොසොෆ්ට් කාරයා ස්කයිප් එක ගත්තට පස්සේ ටිකක් ඔලුව වැඩි වෙලා තියෙන්නේ. ෆ්‍රී වීඩියෝ කොන්ෆරන්ස් දෙන්නේ නැහැ. ඒත් ගූගල් වල ඒක පුළුවන්...

      Delete
  17. කතාවේ අන්තිම ටික නම් මට ටියුබ් වගේ මල්ලියා.
    ස්කය්ප් වැඩේ ගැන නම් කියල වැඩක් නැත.
    ඒක නොතිබුන නම් ගන්න පඩියෙන් සෑහෙන ගානක් දුරකථන බිලට.

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වේ කෙන්ජි අයියේ. අන්නේම්ඩ් (Unna med) කියල කඩලා කියවල තියෙන්නේ.

      Delete
  18. Replies
    1. හික් හික් හික් කාලෙකින් දැක්කේ

      Delete
  19. ඇත්තටම මේම මිනිස්සුත් ඉන්නවනේ ඈ :D

    ReplyDelete
  20. ඒ රික්වෙස්ට් එක එවලා තියෙන්නේ උන්නා මේඩ් තමයි බන්.

    ReplyDelete
    Replies
    1. අනේ අම්මේ මෙයා දැක්ක කල්. මම මේ අහන්න හිටියේ උන්නද මලාද කියලා.

      Delete
  21. ‍උන්නා මේඩ... හික්ස්....

    ReplyDelete
    Replies
    1. හිකිස් කියන්නේ බං හිනා කාල මැරෙනවා කියන දේවල් වලට

      Delete
  22. :D :D නියම කතාව :D

    ඊලඟ එකෙන් එන්නම් .. එතකන් ටකේ කරේ ඈ :D
    (take care)

    ReplyDelete
  23. මේක දැක්කනම් ඊළඟට බෙල්ලේ වැල දා ගන්නේ රජා! (අර වල් එකා නෙවෙයි!)

    ReplyDelete
    Replies
    1. මහා රජා .................... හික් හික් හික් එහෙම වෙනවනම් ලොකු දෙයක්

      Delete
  24. අපිටනම් ගූගල් දෙයියෝ වගේම තමයි ස්කයිප් දෙයියොත්..

    ReplyDelete
    Replies
    1. ඔය දෙක නැත්නම් මොන දෙයියෝන්ට කියන්නද? :)

      Delete
  25. ලිලි අක්ක නියමයි බං,උන්නා මේඩ්,කොහෙද හිටියෙ කියල අහන්න තිබ්බේ.

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් මම ඔය කතාව් ඊයේ ඇහුවා ඊට පස්සේ සැලකිල්ල කොහොමද කියනවානම් මට ආයේ පැත්ත පළාතේ යන්න බැරි වෙන තරමට මල පැනල ඉන්නේ.

      Delete

ඔයාල කොම්මෙන්ට් එකක් දාන්න වැය කරන තප්පර ගානත් ඔයාලට වැදගත් කියල මම දන්නවා එත් ඔයාලගෙන් අදහසක් මේ පිළිබඳව ලැබෙනවා කියන්නේ මට ඉදිරියටත් ලියන්න හොඳ මොර්ටිවේෂන් එකක් ලැබෙන එක. ලියන්න කල් මදිනම් තිතක් තියල යන්න එතකොට මම දන්නවා ඔබ මෙය බැලු බව. ස්තූතියි.........

Related Posts Plugin for WordPress, Blogger...