Sunday 22 December 2013

බම්බු ගහනවා. (කොහෙද?) ඉටිකිරිස් ඉන්දියන් කෑල්ල

හප්පේ මකුණු දැල් කඩන්නම ගියා වරුවක් විතර මේ මකුළුවෝ කියන්නෙත් කැත සත්තු ජාතියක් අම්මපා...... ටික දවසක් නෑවිත් හිටියම මුන් බ්ලොගේ දැලුත් බඳිනවානේ........ ඔන්න කොල්ලනේ කෙල්ලනේ සකල සිරින් පිරි සිරි ලංකාවේ මහා රජ තුමා (දැන් ඉන්න බුවා නෙවෙයි මම කියන්නේ එකදාස් හයසිය ගණන් වල හිටපු උන්නැහේ කෙනෙක් ගැන) විසින් කෝරලේ තනතුරට පත්කළ කෝරලේ ගොයියා පොස්ටුවක් ලියන්නට බැස්ස වගයි. පහු ගිය ටිකේ ලියන්නට බැරි වුන හේතුව ටික දෙනෙක් දන්නවා නොදන්නා අයට දැනගන්නත් එක්ක ලියලම දානවා කියල හිතුවා. කෝරලේ මහත්තයට අවුරුදු බර ගානක් කොම්පැනිය වෙනුවෙන් කැඹිරීමේ ප්‍රතිපලයක් ලෙස විදේශ සංචාරයක් ලැබුනා පිණාවට. (නැතුව අපේ ලොක්ක බ්ලොගේ බලල සංතෝසෙන් එහෙම දුන්නු එකක් නෙවෙයි) ඒකත් ලැබුනේ සෙල්ලම් රටකට නෙවෙයි මට පෙන්නන බැරි කවදත් වෛරයෙන් හිතන  ඉන්දියාවටමයි. බලහල්ල කෝ ඒකෙත් හැටි............. ඉතින්  මේ ඉන්දියාවේ ගතකල දවස් 18 මට නිකන් අවුරුදු 18 වගේ දැනුනේ ඇයි කියලයි මම තාම කම්පනා කොරන්නේ. අම්මප හෝම් සික් එක කියන දේ ජීවිතේ පලවෙනි වතාවට මට හැදුනයි කියහන් කෝ.... 


කොහොමින් කොහොම හරි අවුරුදු ගානක් ඔෆිස් එකේ අයිස් ගහපුවට හරියන්න පෝරියල් එක සෙට් වුනා උදේ පාන්දර ඉඳන් රෑ 10 - 12 වෙනකල් වැඩ කොරන්න. ඒකත් නූලට තිතට කෙරෙන්න ඕනේ මොකද රජයත් සම්බන්ධ ව්‍යාපෘති යක් නිසා. ඒ හින්දා අපේ මායියා වෙනුවෙනුත් මම වෙන්කොරල තිබුනේ දවසින් විනාඩි 20ක් විතර තමයි. බැංගලෝර් නගරයේ ගුවන්තොටුපොලේ තමයි රාජකාරි කොලේ. ඒ පිලිබඳ තාක්ෂණික පැත්තෙන් පොස්ටුවක් නිවාඩු පාඩුවේ දාන්නම්. කොහොමින් කොහොම හරි කෝරලේ මහත්තයට සෙට් වුන ගෝලයෝ ටික නම් අදහන්න වටිනවා නිකන් නෙවෙයි මල් පහන් තියලා. ඇත්තටම මුන් අයිටී දෙපාර්තමේන්තුවට නෙවෙයි ප්ලේන්ටී දෙපාර්තමේන්තුවට වත් සුදුසු කම් නැති එවුන්. කොහොමින් කොහොම හරි ගිය වැඩෙත් කොරලා ගෝලයෝ ටිකත්  පුහුණු කරලා  දෙපාර්තමේන්තුවත් රාජකාරි මට්ටමේ කටයුතු වන තැනක් විදියට ස්ථාවර කොලේ හැකි ඉක්මනින් ගෙදර එන්න බලාගෙන. නමුත් කල හොඳ පස්සෙන් එලවනවා වගේ අපේ අධ්‍යක්‍ෂක වරයා ඉන්දියාවේ ප්‍රාදේශීය කලමනාකර තනතුර මගේ ඔලුව උඩින් තිබ්බා කටු ඔටුන්නක් කරලා. ඕකෙන් මේකෙන් වෙන්නේ මාසෙකට දෙකකට සැරයක් ඉන්දියා ගිහින් බඩේ අමාරුව හදාගෙන එන්නයි. මෙලෝ රහක් නැති උසස්වීමක්.

මෙන්න මේ අවස්ථාවේ තමයි මට අපේ සුදීක අයියව නිකන් දෙයියෙක් නෙවෙයි දේවාලයක් වගේ පෙනුනේ. මොකද උන්දා මුලින්ම කියල තිබුනනේ ඉන්දියාවේ කෑම කෑවොත් බඩේ අමාරුවක් ෆ්‍රී හම්බවෙනවා කියල. ඉතිං ගොඩක් දුරට කෑම එහෙමත් ගොඩක් තෝරලා බේරලා තමයි කෑවේ බිව්වේ. දවසක් නවාතැන් පලේ කෑම කාල කාල ඇතිවෙලා හිටපු එකේ පොඩි වෙනසකටත් කියල එළියෙන් මසාල තෝසේ පාරක් දාල බාබුල් එකක් එහෙම කාලා පොඩි දත් කූරක් එහෙම කටේ ගහගෙන පොඩි රවුමක් දාලා ආවා. ආව තමයි ආයෙම ඩුබායි එනකන්ම හොද වුනේ නැති ඒ වාසනාවන්ත බඩේ අමාරුව කතා කරලා වැඩක් නැහැ පිංවතුනි තත්වය සෝචනීයයි. ඉතින් අපේ උන්දැගේ වැඩෙත් එන්නේ කවද්ද එන්නේ කවදද කියා කියා කියවන එක වෙච්චි. ඉවසන් ඉන්න එකෙත් එක්තරා ලිමිට් එකක් තියෙනවනේ එහෙන් බඩේ අමාරුව වැසිකිලියෙන් හෙල්ලෙන්න දෙන්නේ නැහැ. අරහෙන් කොම්පැනි කාරයෝ එන්න දෙන්නේ නැහැ. මෙහෙන් මායියා කනක් ඇහිලා ඉන්න දෙන්නේ නැහැ. මේ තුන එක්කාහුවෙලා මගේත් අර්ශස් තද වෙලා මායියාට කියල දැම්ම මම එන්නේ නැහැ මෙහෙම ඉන්නයි කල්පනාව කියලා. 


මෙන්න බොලේ අබ පුපුරනවා වගේ අපේ මායියා කියපි නැතැයි. එහෙනම් ඕනේ බම්බුවක් ගහගන්න එකයි ඇත්තේ. ඉන්න විතරක් නෙවෙයි ඉන්දියන් එලිච්චියෙක් හොයාගෙන කසාදෙකුත් බැඳගන්න කියල. එලිච්චියෙක් කොහොම වෙතත් ගැටිස්සියෙක් හිටියනම් ඇති කසාදයක් කොරගන්න. නැද්ද මන් අහන්නේ........  අම්මප ඔච්චර ඉටි කිරිස් කෑලි ඉන්න ඉන්දියාවේ මට හරියන එකක් හොයාගන්න බැරි වෙන එකක් නැහැයි කියලත් ලාවට වගේ හිතුනා.   අපේ උන්දා මේක කියෙව්වොත් අද රෑ පිලේ තමයි නිදියන්න වෙන්නේ. එකත් බඩගින්නේ :( මේ බම්බු ගහනවා කියලා හැමෝම වගේ කියනවා ඇහුනට කීයෙන් කී දෙනාද දන්නේ මේ බම්බු ගහනවා කියන්නේ මොකක්ද කියලා. මේ ගැන කතා කරද්දී අපට මතුවෙන ගැටළු තමයි 

  1. බම්බු හෝ බම්බුව යනු මොනවාද? 
  2. ගහන්නේ කොහේද????? වෙන වෙන අදහස් එහෙම ගන්නවා එහෙම නෙවෙයි
අපේ ලංකාව කියන්නේ කෘෂිකාර්මික රටක් කිව්වොත් නිවැරදියි. මේ  වෙනකොට  නම් මේ කියමන වෙනස් කරන්න කාලේ ඇවිල්ලාදෝ.... කියලත් හිතෙනවා. කොහොම වුනත් ගොවියාට තිබිලා තියෙන්නේ ඉහල තැනක්. දැනටත් ඔය භාවිතා වෙන කුලමල සෙවීමේදීත් ගොවිගම කියන්නේ ඉහල කුලයක් ලෙසටයි සැලකෙන්නේ. ඉතිං මේ ගොවිතැනට ගොවියන් හට බෙහෙවින්ම උපකාරී වුන සතෙක් තමයි ගවයා කියල කියන්නේ. අද කාලේ වගේ හන්දි  හන්දි ගානේ හරක් මරණ කාලයක් නෙවෙයි ඒ කාලේ ඉතිං මේ ගවයා කියන සතා කියන්නේ අපේ ගැමි ජනතාවට නිකන් කප්රුකක් වගේ හිටපු සතෙක් මලාට පස්සේ හමෙනුත් වැඩගන්නවා (ඇයි බෙරහදන්න).ඉතිං මේ හරක් වුනත් අසනීප වෙනවනේ. හැමදාම එකම විදියට ඉන්නේ නැහැනේ නේද? ඉතිං මේ හරක් අසනීප වුනාම බෙහෙත් කරන්න ඕනේ වැඩියෙන්ම අසනීප වෙන්නේ හරක් පැටව් තමයි. මිනිස්සුන්ගේ වුනත් පුංචි දරුවොනේ ඉක්මනින් අසනීපවලට ගොදුරුවෙන්නේ මේ සත්තුන්ටත් ඒක පොදුයි නොවැ.


ඒ කාලේ මේ දැන් වගේ හන්දි හන්දි ගානේ පශුවෛද්‍යවරුන් හිටියේ නැහැ  දොස්තර විභාගේ අමාරු වුන උදවිය තමයි මේ පශුවෛද්‍යවරුන් වෙන්නේ කියල කතාවකුත් තියෙනවා. ඔය අපේ ගමේ ගොඩේ උදවිය පශුවෛද්‍යවරුන් හඳුන්වන්නේ  බලු දොස්තර කියන නමින්. බල්ලන්ට වෙදකම් නොකලත් බලුදොස්තරලත් අපේ සමාජේ බොහොමයක් ඉන්නවා. ඔය ස්ට්‍රයික් එකක් එහෙම කරන වෙලාවට ඔක්කොම ඉතිං බලුදොස්තරලා තමයි රෝගීන්ට.  (ඔන්න ඉතිං ට්‍රැක් එක පැන්නනේ සහෝදරයා එකනේ තමුසේ එක්ක කොරන්න බැරි.) හරි.... හරි... ඉස්සර නම් මේ සත්තුන්ට වෙදකම් කලෙත් ගමේ වෙදමහත්තයාම තමයි. සිංහල වෙදකම් කරලා තියෙන උදවිය දන්නවා ඇතිනේ සිංහල බෙහෙත් වර්ග මොනවද කියලා කසාය, කල්ක, ගුලි, (මෝදකේ නෙවෙයි) අනම් මනම් ගොඩයි. ඉතිං මේ හරක්ට මෙව්වා බොන්න කිව්වට බොන එකක්යැ..... ඒකනේ හරක් කියන්නේ මෙන්න මේ අවස්ථාවේදී සිද්ධ වෙනවා බලෙන් පොවන්න නැත්නම් සතාගේ ජීවිතේට වුනත් හානි වෙන්න පුළුවන් නේ....  හරකාගේ කකුල් අතපය බැඳලා බිම පෙරලලා සෑහෙන්න සටනක් කරලා තමයි බෙහෙත් ටික පොවන්න ඕනේ. අද කාලේ නම් කරන්නේ හරකාගේ අතපය බැඳලා බෙල්ල කපන එකනේ ඒකත් හලාල් ක්‍රමයට එතකොට හරකට රිදෙන්නේ නැහැලු. ඔන්න ඔය අවස්ථාවේදී වෙද මහත්තරු පාවිච්චි කරනවා හොඳට පදම් කරලා, මැද කොටස  සුද්ද පවිත්‍ර කරලා ගත්ත උණ බටයක්. මෙන්න මේ බටේ හරකාගේ උගුරට දාලා තමයි ලු බෙහෙත් පොවන්නේ. මේ කෙරුවාවට තමයි බම්බු ගහනවා කියලා කියන්නේ. ඉතිං හොඳින් කරන්න බැරි දෙයක් අත පය බැඳලා බිම පෙරළාගෙන බලෙන් කට අරවලා බෙහෙත් පොවන එකටයි බම්බු ගහනවා කියන්නේ. මෙය කියමනක් ආප්තෝපදේශයක් (වචනේ හරිද දන්නේ නැහැ වැරදිනම් නිවැරදි කරන්න) හැටියට ප්‍රචලිත වෙලා තියෙන විදියක් තමයි පෙනෙන්නට තියෙන්නේ. නමුත් මෙහි ඇති වරද නම් අද කාලේ තැනක් නොතැනක් නැතිව බම්බු ගැසීමයි.




මට මේ නිධාන කතාව එහෙම නැත්නම් මේ වචනේ හැදිලා තියෙන්නේ කොහොමද කියන එක දැනගන්ට ලැබුනේ වර්ෂ 2004 ලංකාවට නිවාඩුවක් ගිහින් ඉන්නකොට මට අවස්ථාවක් ලැබුනා අපේ ලොකු මාමා එක්ක  තරුණ සේවා සභාවේ තිවුන සම්මන්ත්‍රණයකට යන්න. මෙහි හිටපු දේශක මඩුල්ලේ කෙනෙක් තමයි මේ කතාව කිව්වේ ඒ වෙන කවුරුවත් නෙවෙයි සිංහල විෂය පිලිබඳ විශේෂ උපාධියක් හිමි








හසන්ත හෙට්ටිආරච්චි මහත්මයා 


මේ පොස්ට් එක ලියවෙන්නේ එදා ඒ මහත්මයා කියලා දුන්නු දැනුම නිසාවෙන්. මම ඒ පිළිබඳව හසන්ත මහත්මයාට ස්තූතිවන්ත වෙනවා.

ඔන්න දැන් බම්බු ගහන්න කලින් අපේ උදවියට ටිකක් හිතන්න වෙනවා. ඔය වචනේ ගැලපෙන උදවියත් අප අතර නැතුවාම නොවෙයි.




75 comments:

  1. හප්පේ මටත් බම්බු ගහන්න හිතුනා.

    ඉන්දියාව ගැන නම් කතා කරලා වැඩක් නෑ කෝරලේ. මාත් අකමැතිම රටවල් අතර පෙරමුණේම තියෙන රටක්.
    මොන කරුමයක්ද මන්දා ඉන්දියාව කිවුවත් ඇඟේ ලේ කෝප වෙනවා. ඒකට ප්‍රධානම හේතුවක් වෙන්න ඇති 'තමිල්නාඩුවෙ ජාතිවාදින්'.

    ReplyDelete
    Replies
    1. සිරාවටම තමිල් නාඩු සහ කේරළ කියන ප්‍රාන්ත දෙක නිසා තමයි මට මුළු ඉන්දියාවම නිකං අන්දොස් රටක් වගේ පේන්නේ

      Delete
    2. ඒක නම් හරියට හරි කෝරලේ. ඔය එක ප්‍රාන්තයක් දෙකක් නිසා තමා ගොඩක් අයට රටම එපා වෙලා තියෙන්නෙ.

      Delete
    3. එහෙනම් බලනකොට හැමෝම ඉඩක් ලැබුනොත් ජයලලිතා අක්කට පෝරියල් එකක් දෙන්න තමය ඉන්නෙ නේ?

      Delete
  2. බම්බු ගහනවා කියන එකේ තේරුම කලින් දැනගෙන හිටියේ නෑ..

    අදයි මේ පැත්තට ගොඩ වුනේ ...

    ReplyDelete
    Replies
    1. ඔන්න එහෙනම් අද අලුත් දෙයක් දැනගත්තානේ...:)
      සාදරයෙන් පිලිගන්නවා වලව්වට

      Delete
  3. හි හි මල්ලියා කාලෙකින් ලියලා තියෙන්නේ ෂෝයි කතාවක් ,..මේකට හරකෙක් සම්බන්ද බව අයි දන්නේ

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් ආයෙත් අහලා. ලියන්න දේවල් එන්නේ නැහැ අප්පා මේ දවස් වල අක්කේ :)

      Delete
  4. අනේ ඉන්දියාවට නම් යන්න බැහැ දෙයියෝ ඉතියෝපියා ගියත්... ( පූරුවේ පවක් පඩිසන් දෙන්ඩ තිබ්බොත් නම් ඉවරම තමයි )


    ( මගේ මෙම කමෙන්ටුවෙන් යම් ජාතියකට , ආගමකට අපහාසයක් වේ නම් ඒ ගැන සමාව )

    ReplyDelete
    Replies
    1. මට නම් ඉන්දියාව පාකිස්ථානය ගැන කතා කරන්න බහ අපහස නොවන අන්දමින්

      Delete
  5. මගේ වයිෆ් ඉංදියාවේ ඉපදුනු සිංහල කෙනෙක්. අවුරුදු 15ක් විතර එහේ ඉඳලත් තියෙනවා. වැඩිපුරම මැඩ්‍රාස්. ඒ රටට පුදුම ආසයි. ඒ ජීවන රටාවට. සරලත්වයට තමයි බොහොම කැමති. ( සාරීවලට තමයි අනිත් හේතුව.D)

    ඇයි කෝරළේ ඉංදියාවත් එක්ක තියෙන අප්සට් එක. කේරළ කාරයෝ හින්දාද?

    ReplyDelete
    Replies
    1. සරලත්වය තියෙන තැනුත් තියෙනවා නැත්තේ නැහැ මැඩ්රාස් පරිසරේ හොඳ වුනාට ජය ලලිතල එහෙම මට ප්‍රාන්තෙම එපා කරවල තියෙන්නේ.

      ඔන්න අයියට වැඩේ තේරුනා

      Delete
  6. මම ඒත් බැලුවා බොලා ඉන්දියාවට වෙලා මක්ක කරනවද කියලා...

    මම ඉන්දියාව ගැන අදහස් දැක්වීමෙන් වලකිනවා. ( සහන් දැක්කොත් අනිවා කියයි ද්වේශය ගැබ් වෙලා තියනවා කියලා. :D මොකද මට ඉන්දියාව ගැනනම් හොඳක් කියන්නම බෑ බන්.. )

    අර ප්ලේන්ටි කාරයො ටික ඉන්දියාවෙ බුවාලද ? ඇයි බන් උන් අයි ටී ඔස්තාර්ලා කියලනෙ කියන්නෙ...

    ReplyDelete
    Replies
    1. එයාර්පෝර්ට් එකේ වැඩ කලේ ආයෙම යන්න ඕනේ ඊළඟ ස්ටෙප් එක පේඩ් පාකින් සිස්ටම් එක ඉන්ස්ටෝල් කරන එක හරිම ඇණ වැඩක්

      ප්ලේන්ටී කියන නමත් උන්ට හොඳ වැඩියි. කරන විදිය step by step කියල දීලත් ලියාගන්න දීලත් මුන්ට මතක නැහැ SQL එක්ක අපේ වැඩේට අදාළ වැඩ ටික කරගන්න

      Delete
  7. ඉන්දියාව... නරකම නැහැ ලොකු රටක්.. පට්ට සංස්කෘතියක්.. මං මිනිස්සු අධ්‍යනය කරන්න කැමති ඒ නිසා මමනම් කොය් රටටත් කැමති..

    මම බෙන් බොර දියක ඉඳුවර

    ReplyDelete
    Replies
    1. අධ්‍යනය කරන්න හොඳයි ජීවත් වෙන්න නරකයි. මම කොහොමත් පෞද්ගලිකව ඉන්දියාවට කැමති නැහැ. පෙර පවකට මට යන්න වෙලා තියෙන්නෙත් එහෙටමයි

      Delete
  8. ඉන්දියාව කියන්නේ හැඳෑරිය යුතු මහා ක්ශේත්‍රයක්.එහි පුදුම හිතෙන විදියේ පරස්පරයන් තිබෙනවා.ඉන්දියාව තුල මුළු ලෝකය තිබෙනවා කියලයි මම හිතන්නෙ

    http://yakaageadaviya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඉන්දියාව නරක නැහැ ඔබේ අදහසට මම එකඟයි නමුත් ඉන්දියානුවන් කියන්නේ මහා අමුතු ජාතියක්

      Delete
  9. අර කළු පූසා කණ්ඩ වගේ මගේ දිහා බලා ඉන්නවා. පුරු පුරු ගානවද ගොරවනවද මන්දා.

    ReplyDelete
  10. http://damgune.blogspot.com/2013/12/blog-post.html
    මෙන්න මේ කතාවට මම ලියල තියෙන කමෙන්ටුව කියවන්නකො කෝරළේ මහත්තයෝ.

    ReplyDelete
    Replies
    1. හැලපයියා දීලා තියෙනවා නියම පිළිතුර (Y)

      Delete
  11. අප්පේ පුතේ ඉන්දියාවට ගැච්චුවොත් ඔහොම තමා! මමත් ගිය පාර වැඩියෙන්ම හිටියේ ටොයිලට් එකේ තමා! පුළුවන් උනොත් සවුත් ඉන්දියන් කඩයක් හොයා ගනින්. මටනං ටිකක් ඒවා ශේප්!

    ReplyDelete
    Replies
    1. කඩ ඔක්කොම වගේ සවුත් තමයි. තෝසේ එකත් එක්ක දෙන චට්නිය තමයි අවුල් වුනේ මම හිතන්නේ.

      Delete
  12. අඩේ උඩ ඉන්න විචාරකයාගෙ කතාව අහල මාත් මගේ මූසික තුඩ ඌට කිට්ටු කලා දැන් ඌ ඒක දිහාම බලං ඉන්නවා.තු තු...පළ පළ පූසා යන්ඩ..
    තාම පොඩි එකා හන්ද කොහේවත් රටකට ගිහිල්ලා නෑ.ඒ හන්ද ඉංදියාවට නෙමෙයි බලුකිස්තානෙට උනත් යන්න කැමතී.දැන් දිගටම යන්න එන්න සෙට් වෙනවනම් බිස්නස් එකක්වත් පටන් ගන්න බැරිය.
    හා ලාබයි ලාබයි....ඔරිජිනල් ඉංදියන් මනිපූර් සාරි ලාබයි ලාබයි.....

    ReplyDelete
    Replies
    1. ඔය සාරි බිස්නස් එක ගැනත් මම කම්පනා කොරා. හැබැයි ඔය ලාබයි ලාබයි කියා කියා විකුණන එකනම් මට දිරවන්නේ නැහැ :)

      Delete
  13. ඉන්දියාවට මාසෙකට පාරක් නොමිලේ යන්න හම්බෙන එකේ ඇදුම් එහෙම ගෙනාවනම් අමතර ආදායමක් හොයාගන්න තිබ්බ :D

    ReplyDelete
    Replies
    1. ඔව් කිලෝ 37ක් නිකන් අපරාදෙනේ අදහසත් නරකම නැහැ

      Delete
  14. ඉන්දියාව නම් ඉතින් ගෝවෙ තමා එල.

    ReplyDelete
  15. උමබ් මේ බම්බුවක් කියනවා . බම්බුවා කියන්නේ අපේ සෞඛ්‍ය අමාත්‍ය මයිත්‍රීපාල (මේක හරියට ලියන හැටි කියපල්ලකෝ) සිරිසේන මහත්තයාට

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ ඒ සිරාට එහෙම කියන්නේ?

      Delete
    2. මෛත්‍රී(maithree)

      Delete
  16. ගෝවා වල නම් ඉටිකිරිය.... මට මතක් උනා අපේ බොස් ඉන්දියාවෙ ගිහිල්ල වෙච්ච වින්නැහියක්...

    ReplyDelete
  17. කොටන කුකුලට කොහෙත් එකයි කියනවනේ..කෝරලේ මහත්තයත් එහෙමද අම්මප..හි හි ගනන් ගන්න එපා .මේවා කිව්ව කියල ඔන්න අපිව දඩුකදේ ගහනව එහෙම නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. හා හා කට කට අපේ මියට ඇහුනොත් කෝරලේ පට්ටම් කොහෙම වෙතත් රෑ බත් පිඟානත් නැති වෙයි. රජයේ නිලධාරියෙක්ට කුකුලා යනුවෙන් අපහස කිරීම වෙනුවෙන් මුස්තාෆා ට දින 10ක ගස් බැඳීමක් නියම කරමි. හැබැයි මාධ්‍ය වලට කියනන් ඕනේ තමුන්ම ගස් බැඳගත්තා කියලා :)

      Delete
  18. මාත් අහලා තියෙනවා ඔය බම්බු ගැහිල්ල ගැන...

    ReplyDelete
    Replies
    1. බැලුවම හලපයිය ඇරුනම ඔය දෙවනිය ඔය ගැන දන්නා

      Delete
  19. අනේ මංනං ඔය ඉන්දියාවක් ගැන දන්නෙ නෑ. මායියට සාරියක්වත් ගෙනත් දුන්නනං ෂේප් කරගන්න තිබුණ.
    බම්බු කතාවනං අදමද කොහෙද ඇහුවෙ.

    ReplyDelete
    Replies
    1. මියට කොහොම වෙතත් අපේ බ්ලොගර්ස්ලා ටික මාව සාරි වෙළෙන්දෙක් කරලා ප්‍රසන්න අයියේ :) අනෙක අපේ උන්දා සාරි අන්දින්නේ නැහැ කලිසම් විතරයි සමහර වෙලාවට මගේ ඔෆිස් කලිසමුත් අඳිනවා හික් හික් හික් මේ කොමෙන්ටුව දැක්කොත් මට වලව්ව පැත්තේ එන්න දෙන එකක් නැතෝ :)

      Delete
  20. අඩා.... දැනන් හිටියේ නැ. හිතුවෙත් නැ මෙහෙම එකක් කියලා. :)

    ReplyDelete
    Replies
    1. එකනේ නංගා මමත් 2004 වෙනකල් දැනන් හිටියේ නැහැ මමත් නිතරම භාවිතා කල වචනයක් දැන් එහෙම කියවෙන්නේ කලාතුරකින් :)

      Delete
  21. කෝරළේ ඉන්දියාවේ ගිය හන්දා යන්තම් බම්බු ගහන හැටි දැනගත්තා. ඉන්දියාව වගේ බඩේ ලෙඩ හදන තැනක් නම් මුලු ලෝකෙම තියෙනවද දන්නේ නෑ. :)

    හැබැයි කොච්චර බැලුවත් එපාවෙන්නේ නැති රටක්!!!

    ReplyDelete
    Replies
    1. වෙන කොහෙන් බඩේ අමාරුව හැදුනත් ඉන්දියාවේ එක තරම් සුපිරියට හැදෙන එකක් නැහැ අක්කේ. nonstop වැසිකිලිගත වීමට කියාපු තැන. එහෙ මිනිස්සු බද සුද්ද වෙන්න වෙනම බෙහෙත් බොන්නේ නැතිව ඇති මයේ හිතේ.

      Delete
  22. තවත් බම්බු ගහන කතාවක් තිබුණා මොකක් හරි බ්ලොග් එකක. මතක නෑ නේ මොකේද කියලා.

    ReplyDelete
    Replies
    1. හය හතරේ. හැබැයි බම්බු ගැහීම කියන්නේ මොකක්ද කියල කියලා දීල තියෙන්නේ හැලපයියා විසින් දැමු කොමෙන්ටුවක.

      Delete
  23. උන පුරුකකට අල්ලන පුන්නක්කු ප්‍රමානය (the portion of Poonac contained in a segment of bamboo) දිමත් බබ්බුවක් ගහනව කියල අහල තියනව.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් එකත් අලුත් ආරංචියක්. වෙන්න පුළුවන්.

      Delete
  24. අඩේ එතකොට මේකද මේ බම්බු ගහනවා කියන්නේ? මම හිතුවේ පිට්ටු බම්බුව ගැන මොකක් හරි එකක් කියලා

    ReplyDelete
    Replies
    1. මේක තමයි ඔරිජිනල් වර්ෂන් එක :)

      Delete
  25. මම නම් ප්‍රර්ථනා කරන්නේ ඉන්දියන් කාරයෝ හැමෝම මගේ දරුවෝ වෙන්න ඕන කියලා.

    ReplyDelete
    Replies
    1. ඒ මක්කැයි...... ඒ................?

      Delete
    2. දරුවො හම්බ වෙන්නෙ උන්ගෙ අම්මලට අහවල් එක කරාම නෙව බොල. ඒකයි. මාත් ඔය ප්‍රාර්ථනේම ඉන්න එකෙක්.

      Delete
    3. හික්ස් එහෙම බැලුවම මමත් ඒ ගනේටමනේ................... :O

      Delete
  26. මට ඔය බම්බු කෙස් එක හැලපයිය කියල දුන්න.එයාම ලින්ක් එකත් දාල තියෙනෙ.
    ඉන්දියාව ගැන නම් අපි දන්නෙ නැතො

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මම ලින්ක් එකට ගිහින් බැලුවා හැබැයි මම ඒක දැක්කේ හැලපයියා ලින්ක් එක දැම්මට පස්සේ

      Delete
  27. ඔය හැමෝටම බඩ අප්සැට් වෙනවා කියනවා ඉන්දියාවට ගියාම...ඒත් මට අප්සැට් උනේ නෑ බං...මාත් භයේ භයේ දවස් 6 ක් ඇවිද්දෙ සෙට් උනොත් ඉදලා හමාරයි කියලා...ඒ අයගෙ බත් වලට අර ගී කියන කිරි වලින් නිපදවන තෙල් වර්ගය දාන නිසයි අමුතු ගදක් වගේ දැනෙන්නෙ....නිවාඩු පාඩුවෙ චාරිකා සටහනක් විදියට ලියහං මලේ...

    ReplyDelete
    Replies
    1. ඝී..... ඒ කියන්නේ ගිතෙල් වලට. ඒ අතින් අයියට තියෙන්නේ ලකී බොක්කක් :D

      Delete
  28. ඉන්දික ඇනෝ කමෙන්ට් දාලා අහු වෙලා . මෙතන .ඉන්දික උපශාන්ත කියන සිංහයාගේ නියම බලු ගතිය එතනට ගියාම බලාගන්න පුළුවන්.

    මම මුලින්ම කමෙන්ට් කරපු ඇනෝ.මම දිගටම මේ දෙන්නගේ වැඩ දිහා බලන් හිටියා.සහන් කියන්නේ තමන්ගේ පාඩුවේ බ්ලොග් එකක් ලියාගෙන ඉන්න කෙනෙක්.තාක්ෂණික දේවල් වලට දක්ෂ කෙනෙක්.බොහෝ පැහැදිළි කිරීම් කරලා තියෙනවා ඉතාම සරළව.බලපු හැටියේ කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට.ඒවට ඕනේ කරන රූප සටහන් අන්තර්ජාලයෙන් සහ සහන් විසින් හදපු රූප දාලා තියෙනවා.රූප පිටින් ගත්තා කියල වරදක් නැහැ.ඉන්දික මෙතන දාපු රූපේ අරගෙන තියෙන්නෙත් නෙට් එකෙන්නේ.

    ඉන්දිකගේ හැසිරීම නම් පැහැදිළි.තනිකර ඉරිසියාවෙන් ඉන්න කෙනෙක් බව පැහැදිළියි සහන්ගේ බ්ලොග් එකේ නටපු පිස්සුව දැක්කම.ඉන්දිකගේ හීනමානය සහ මානසික රෝගී තත්වය ඉතාම පැහැදිළියි.මීට් පෙර අභීත එදිරිසිංහට කරපු අපහාස බ්ලොග් පුරා දැකලා ඇති ඇනෝ කමෙන්ටු මගින්.මොහු තනිකර ප්‍රෝඩා කරුවෙක්.ඉන්දික උපශාන්ත යනු මානසික බෙලහීනතාවයෙන් පෙළෙන කෙනෙක් බව පෙනේවි ඉහත ලින්ක් එකට ගියාම.වහාම මානසික ප්‍රතිකාර සදහා යොමු වන්න ඉන්දික.එය අපට මහත් අස්වැසිල්ලක්.ඔබ වැනි පුතෙකු බිහි කළ මවට නිගාවක් ඉන්දික.

    මා මුල සිට මේ සියල්ල දෙස බලා සිටි ඇනෝ වෙමි.

    ReplyDelete
    Replies
    1. කවුද බන් ඉන්දික කියන්නෙ...අර අභීතයට කියලා පුකේ ඇරගෙන, දැන් පැය හතරෙන් ගල් කපන්න පුලුවන් කියලා පොර ටෝක් දෙන එකාද....මේ ලගදි මට අභියා සෙට් වෙලා කිව්වා...එක ශත පහක් ගෙවන්නෙ නෑ....මොකද ඉන්දිකයා නකපැති එකෙක් කියලා.....

      Delete
  29. ස්තූතියි කෝරලේ මහත්තයා මම නොදන්න දෙයක තේරැම දැනගන්න සැලැස්සුවට....

    ReplyDelete
    Replies
    1. මම ඒ දන්නා දේ බෙදා ගන්න ලැබීම ගැන සතුටු වෙනවා.

      Delete
  30. ලස්සන ෆන් එකක් එක්ක නොදන්නා කතාවක් කියලා දීලා ස්තුතියි කෝරලේ මහත්තයෝ

    ReplyDelete
    Replies
    1. වලව්ව එහෙමයි බොරළුගොඩ මහත්තයෝ

      Delete
  31. අප්පේ ඉන්දියාව නං ඕනම නෑ තමා. අපේ මහත්තයත් ගිහිං හිටිය. දවසක් දෙකක් නෙවේ කෝරලේ මාස 5ක්... :( යන්න කලිනුයි ආවට පස්සෙයි ගත්ත එකම පොරොන්දුව ඕන තූත්තුකුඩියක යන්නෙ මීට පස්සෙ මාත් එක්ක කියල. ඇයි අප්පා මොන දඩුවමක් ද ඒක. කන්න නෑ හරියට කතා කරන්න නෑ. මහත්තයටත් ලංකාවට එද්දි ඉන්දියාව එපාම එපා වෙලා තමා ආවෙ. :)

    ReplyDelete
    Replies
    1. මුන් කොහෙද තව සෝමාලියා ඉතියෝපියා ගියොත්? :D

      Delete
    2. මම හිටියේ දවස් 18ක් දැන් ලබන මාසේ අන්තිම වගේ ආයෙම යනවා එතකොට නම් මාසයක් දෙකක් ඉන්න වේවි කියල තමයි මට පෙන්නේ තියෙන වැඩ එක්ක බැලුවාම. එහෙම වුනොත් නම් අබ සරණයි. :) කතා කල එක නම් කල අවුලක් නැතිව Skype පිහිටෙන් දැන් අපේ උන්දා ලබන මාසේ ලංකාවට ගියාම තමයි අවුල මට තව එපා වේවි.

      අරු අයියේ හික් හික් හික්..............

      Delete
  32. ඉන්දියාව කියන්නේ ලිට්මස් ටෙස්ට් එකක් කියලා ලෝන්ලි ප්ලැනට් කියන වෙබ් අඩවියේ කියලා තියෙනව. සමහරු ඉන්දියාවෙන් යන්නේ ආයේ එන්නේ කවදද කියලා බලාගෙන, ඒත් සමහරු ආයේ ඉන්දියාව පැත්ත බලන් බත් වත් කන්නේ නෑ. එහෙ ගිහින් පලතුරු කන්න හොඳ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ අයියේ පලතුරු කන්න හොඳ නැත්තේ????

      Delete
  33. මු ලියනවට වඩා කපලානේ... ඕනේ බම්බුවක් කියලා කියෝලා දැම්මා...

    නැද්ද සුභ ආරංචියක් තාම.. ? අන්න මීයා නම් පියෙක් වුනාලු

    ReplyDelete
    Replies
    1. කැපුවේ නැත්නම් අපේ ගෑණිට පේනවනේ. එහෙම වුනොත් කෝරලේ පට්ටම් කොහොම වෙතත් ලගින්න වෙන්නේ මහපාරේ

      ඔව් ඔව් මීයා පැටව් ගහලා. මට නම් තියෙන්නේ අප්‍රේල් වල ඉඳල මැයි වෙනකල්. එකත් හොඳයි අවුරුදුත් කාලා දන්සැල් ටිකකුත් වන්දලම එන්න පුළුවන්. හික් හික් හික්

      Delete
  34. ඕන් ඉතින් දශකයකට වගේ පසු මේ ලිපිය කියෙව්වා. මේ වගේ බ්ලොග් දැන් ලියවෙන්නේ නැති තරම් නේද?
    ඉඳල හිටලා හැලපකඩේ පැත්තේ ගිහින් එනවා පරණ වුනත් තාමත් රසවත් හැලපයක් කාල එන්න. ඒ ගමන් මේ කෝරල පොට් එක සැට් වුණා .

    ReplyDelete

ඔයාල කොම්මෙන්ට් එකක් දාන්න වැය කරන තප්පර ගානත් ඔයාලට වැදගත් කියල මම දන්නවා එත් ඔයාලගෙන් අදහසක් මේ පිළිබඳව ලැබෙනවා කියන්නේ මට ඉදිරියටත් ලියන්න හොඳ මොර්ටිවේෂන් එකක් ලැබෙන එක. ලියන්න කල් මදිනම් තිතක් තියල යන්න එතකොට මම දන්නවා ඔබ මෙය බැලු බව. ස්තූතියි.........

Related Posts Plugin for WordPress, Blogger...