Thursday 1 November 2012

කෙල්ලන්ට මැදිවූ කොල්ලෙකුගේ ඉරණම.(මේවා බලල පොඩි උන් මේ විදියට හැදෙන්න එපා)


හ්ම්ම්ම් අද මම ඔයාලට කියන්න යන්නෙත් 2006 මම කළුතර නැවතිලා ඉන්න කොට උන සිද්දියක් පිළිබඳව. (මේකත් ඉතින් පොඩි මඩක් තමයි) O/L ඉවර උන හැටියේම වගේ මගේ වීසා බලපත්තරෙත් ඉවර උන නිසා මට යන්න උනා ලංකාවට. මගේ ආදරණීය පියතුමා විසින් අලුත් වීසා එකක් සඳහා අයදුම් කරනකන් මට ලංකාවට වෙලා (පොඩි ෆන් එකක් අරන්) ඉන්න කිව්වා. ඉතින් ඒ කියපු විදියටම මම ලංකාවට ආවා. නමුත් මේ පාර මාව නැවැත්තුවේ අර කලින් කතාවල කිව්ව නීපුලගේ ගෙදර. ඒ දවස්වල මම ඒකී එක්ක තරහා නැහැ. මොකද එයත් මගේ වයසේම නිසා මට පාළුවක් දැනෙන්නේ නැතිවෙන්න තමයි ඒ පියවර එයාල ගත්තේ. මොකද නීපු එක්ක මට පාඩම් කරන්නත් පුළුවන් නිසා. කොහොම හරි ආවා කියමුකෝ කළුතරටත් මෙයාලගේ ගෙවල් තියෙන්නේ කළුතර විද්‍යයාලේ  පිටිපස්සේ. ඊට වඩා කිව්වොත් තැනත් මාට්ටු.

මෙයාලගේ ගෙදරට අල්ලපු ගෙදර ඉන්නේ නිපුගේ පුංචිල 4 දෙනයි ආච්චියි සීයයි. පුංචිල කිව්වට මුන්ට වැඩි වයසක් නැති නිසා අක්කේ කියලා තමයි අපි කතා කෙරුවේ. ලොකුම අක්කට 29ක් එයා ඔය පොඩි ළමයින්ට ගෙදරට ගෙනල්ල ටියුෂන් දෙන වැඩේ තමයි කොලේ.  එයාගේ නම අපි කියමුකෝ නීලි කියලා අනෙක් අක්කල දෙන්නම වැඩ කෙරුවේ මැලිබන් එකේ (මමනම් විහිලුවට කිව්වේ මාරි වල හිල් විදිනවා වෙන්න ඇති කියලා. හැබැයි වැඩිය කියන්නේ නැහැ මොකද මුන් දෙන්න මගේ ඔලුව හිල් කරන්න හදන නිසා) බලන්නකෝ ඒකෙත් හැටි නේද? මුන් දෙන්න නරියයි දිල්කියි. බාලයා වැඩකලේ කළුතර  තියෙන  පුස්තකාල වලින් එකක එයාගේ නම අංජු. මමයි නිපුයි දෙන්න එක්ක මුන් සෙට් එකේම දත් ගලවනවා නොසෑහෙන්න. අපි ළඟ සල්ලි නැහැනේ මුන් ජොබ් කරන අයනේ. නිකන් ඉන්න වෙලාවට අපි එක්ක  සෙල්ලම් කරන්නත් එනවා නිවාඩු දවස් වල හැබැයි වැඩිමල් කෙනානම් එන්නේ නැහැ. එය ඉන්නේ පොඩ්ඩක් රැස්පට් පිට තමයි. හැබැයි ඔය සෙට් එකම මට පට්ට ආදරෙයි අදටත් එහෙම්මම තමයි, තුන්දෙනෙක්  මොකද එයාලට මල්ලිලා නැති නිසා.

කොහොම හරි දවසක් ඔය මාරි බිස්කට් කතාවක් කියලා නිපුවා නරියාට ඌරු ජුවල් තද වෙලා මේකිට කුණු බිතරෙකින් ගහලා. රිටන් එක දෙන්න. මොකද අපි දෙන්න නිතරම දිල්කිවයි නරියවයි බයිට් කරනවා.

එහෙම නිපූට බිත්තර ගහල මේ පාඩුවේ ගෙදර ගිටපු මගේ ලඟට ඇවිල්ල මේ ඉන්නේ අනෙක් එකා කියලා මගෙත් ඔලුවේ ඉඳන් හැලුවා වතුර එකක්.  ඇද්ද බොල දෙන්නට නම් හදනවට කියලා. හැමදාම අපිකලේ එයාලව චාටර් කරන එකනේ. දැන් අපි දෙන්නම චාටර් වෙලා. අපි දෙන්න හැම දාම මුන්ව චාටර් කරනවා අද අපි චාටර් උනා. දැන් සෙට් එකම වැරැන්ඩා එකට වෙලා කතාකරකර ඉන්නවා. හිනහ වේවි අපිට දුන්නු ගේම ගැන කියව කියව. මමයි නිපුවයි දෙන්න පොඩි පැලෑනක් ගැහුවා මුන්ට රිටන් එක දෙන්න. මේ ගෙවල් මන්දිරඩියෙ තියෙන ගෙවල් වලින් බාගෙට භාගයක්ම මුස්ලිම් ගෙවල්.  මමයි නිපුවා බාල්දියක් අරන් මිදුලේ ටැප් ඒක ලඟට යනකොටම නරියා ඇවිත් අපි දෙන්නව එලෙව්වා. දැන් මුන්ට ගහන්න වතුර ගන්නේ කොහෙන්ද කියලා කල්පනා කරන කොට නිපුවගේ ටිකිරි මොලේට ආව මෙන්න මේ වගේ අයිඩියා එකක් ඒ මිදුල ඉස්සරහා කානුවෙන් වතුර ගන්න එක. මමත් එකෙන්ම ඕකේ එක දුන්නා. මොකද මේ පැත්තක හිටිය මටත් ගැහුවනෙ වතුර. නිපුවා කරන්නේ අර තීන්ත බාල්දියෙන් භාගයක් විතර පුරවල අර නාල වලං පිඟන් හෝදලා එන  වතුර වලින් අරන් හෙමින් සැරේ අපේ ගේම දෙන්න ඇදුනා.පිටි පස්සෙන් එයාල ඉන්න පැත්තට කිට්ටු කෙරුව නිපුවා ගැහුව වතුර පාරට ඔක්කොම නෑවිලා ගියා. 

 අනේ ඉතින් එතන මල ගේ වගේ බනිනවා කියවනවා ඉවරයක් නැහැ පස්සේ  වැඩේ ශේප් එකක් දාගත්තා.පස්සේ තමයි මුන් දන්නේ අපි ගැහුවේ කානු වතුර කියලා. ඒත් ඊට පස්සේ වචනෙකින්වත් බැන්නේ නැහැ. ඒක තව විහිළුවක්ම උනා. ඔහොම ඉන්න කොට නිපුලට ආයෙම ඩුබායි එන්න විසා ආවා. මුන් ආවත් මාව දිගටම එහෙතියන්න කියලා අනොජි ඇන්ටි අපේ අම්මට කියලා තිබුන නිසා මම එහෙමයි හිටියේ. නිපුවා ගියාට පස්සේ ගෙදර සුරතලා උනේ මේ කෝරලේ ලොක්කා තමයි. පව් නේ පොඩි එකානේ. වැල් වටාරම් ගොඩක් ගියා. කියන්න ආව කතාව කියන්න යන්නේ දැනුයි. 

ඉතින් මේ නීලි අක්කා හොඳට ඉගනගත්ත කෙනෙක් ඩාන්සින් උනත් නියමට පුළුවන්. මෙයා යාළුවෙලා හිටිය කොල්ලා මෙයාට වඩා සල්ලි තියෙන නාකි ගෑනුකෙනෙක් බැඳලා ගෙදර බලපෑමට. නමුත් අදටත් දෙන්නට දෙන්න ආදරෙයි. මේකා බඳින්නේ නැහැ අරය නිසා. හැබැයි මේ සීන් එකෙන් පස්සේ එය ඉන්නේ පොඩ්ඩක් ඔලුව අප්සට් එකෙන් වගේ. මෙයා ළඟ තිබුන 6600 ෆෝන් එකක්. ( ෆෝන් ගන්න බැරිය ටියුෂන් සල්ලි දවසකට බරගානක් එන්නේ) ගෑනි ඔය ගැන ඉන්නේ හරිම ඔලුවෙන්. මොකද එයාලගේ පැත්තේ ගොඩක් හොඳ ෆෝන් තියෙන අය අඩුයි. මගේ ලඟත් ඒ දවස් වල තිබ්බේ  සෝනි K710 එකක්. දැන්නම් බලු බල්ලෙක් ගණන් ගන්නේ නැහැනේ ඒ ෆෝන්. නිතරම ඔය ෆෝන් ඒක කනේ තියාගෙන එහාට මෙහාට කතාකරකර යනවා මේක කරන්නේ අපිට පෙන්න මෙයාගේ තියෙන ගෙම්බර් නිසා මම වැඩිය එයා එක්ක යන්නේ නැහැ. හැබැයි එයා මගෙත් එක්ක තරහකුත් නැහැ. නමුත්  නංගිලාව පෙන්න බැහැ. කොයි වෙලාවෙත් ලොකු ටෝක් දැන් එන නිසා එයාට එයාගේ අම්මා තාත්තවත් වැඩිය කැමති නැහැ. කොහොම හරි දවසක මෙයාලා රණ්ඩු වෙලා එදා මම හිටියේ නැහැ අපේ ආච්චිලා ඇවිත් මාව එක්කන් ගිහින්. රණ්ඩුව සැරටම ගිහින්  මම ආව වෙලාවේ ඉඳන් නීලි අක්කා මට කියනවා මල්ලි තමුසේ යන්නේ එහෙම නැහැ අරුන් එක්ක මම තමුසෙවත් උස්සවනවා අරකයි මේකයි ටෝක්ස් ගොඩයි. 



ඔයාල හැමෝම දන්නවනේ ලොකු කතා පඬි කතා කෝරලේ මහත්තයත් අහන ඉන්න ලිමිට් එකක් තියෙනවා කියලා ලිමිට් ඒක පැන්න ගමන් ඒ මනුස්සයට මහත්මා ඝාන්ධිගේම පිහිටයි. උස්සන්නේ බර බලන්නද කියලා එයාට ඔරවලා මම යන්න ගියා. අපි 4 දෙනා කතාකර කර ඉන්න කොට මෙයා එහෙන් මෙහෙන් අපිට ඇහෙන්න ෆෝන් එකෙන් කියවන් යනවා. කතාකරන්නේ සෙල්ලම් පොරකටද නැහැ...... මුළු කලුතරම ප්‍රසිද්ධ රටම අඳුනන රත්තරන් ඇමතිට.  ඔව් ඔව් අර මාල......කැඩුවේ.... හැබැයි එයා එතකොට නියෝජ්‍ය ඇමතිද කොහේ. ඔව් ඔව් ඇමති තුමා උන් හතර දෙනා තමයි. කෙල්ලෝ තුන්දෙනයි එක පොඩි කොල්ලයි.  උස්සල වෙඩි තියාලා දාන්න. (ආ...... මට කියන්න අමතක උනානේ ඒ දවස් වල මෙයාගේ කොල්ල වැඩ කලේ ඔය 

ඇමතිගේ හොඳම ගෝලයෙක් විදියටලු.) දවසක අපි සෙට් එක කළුතර මුහුදේ නාන්න යන් සෙට් වෙලා එලියට බහින කොටම කියවන යනවා ඔන්න එලියට බහිනවා දැන් ඇඳන් ඉන්නේ මේ වගේ ඇඳුම්, බීච් එකට යන්නේ කියලා. දැන් මට මල මේක හැමදාම ඇහෙන එක. මෙයාගෙන් ඉගන ගන්න එනවා  සෑහෙන්න පොඩි ළමයි සෙට් එකක් අවුරුදු 7-8 කළුතර ලැයිමේ මුස්ලිම් අයගේ ළමයි. මේ දුප්පත් මිනිස්සු ඉස්සරහාත් හෙන ලොකුව දාන්නේ ෆෝන් එකෙන් දවසක් මම මෙයා කතාකර කර ඉන්න කොට නම්බර් එක ඩයල් කරා අච්චර සෙනගක් මැද්දේ මෙන්න යකෝ ෆෝන් එක කනේම රින්ග් වෙනවා. ඒ දවස් වල දැන් වගේ ෆෝන් වලින් වැඩිය කෝල්ස් ගන්නේ නැහැනේ ගණන් වැඩි නිසා. හරිම අඩුවෙන් තමයි කෝල් එකක් එන්නේ ෆෝන් එකට. මෙයා හිතන්නේ නැතිව ඇති මෙහෙම දෙයක් වෙයි කියලා. දැන් කට්ටිය හිනා වෙනවා. මෙයා කරන්නේ ආ මේ බටන් එකක් එබිලා කියලා ආයෙම කතා කරන්න ගත්තා මම ආයෙම රින්ග් කළා නරියල මෙහෙ ඉඳන් හිනාවෙන්න පටන් ගත්තා. නීලි අක්කා ආයේ පැත්ත නොබලා ගියා මට බැන බැන 



 එතන හිටපු හැමෝටම තේරුනා උනේ මොකක්ද කියලා. එදා ඉඳන් මෙය ෆෝන් එකේ ඉන්න හැම වෙලාවේම අපි කවුරු හරි රින්ග්ස් යවල බලනවා. රින්ග් වෙනවද කියල ඔය කියන දවස් වල කෝල් වෙටින්ග් තිබුනත් එකට ගෙවන්න උනා මම හිතන්නේ.  අන්තිමේදී බැරිම තැන නම්බර් එක මාරුකරලා. මම එහෙ හිටිය මාස කිහිපයේදී සිම් ගානක් පාවිච්චි කලා ගොඩක් මම හොයාගත්තා පෙළක් ඒවා බැරි උනා. හැබැයි මාත් එක්ක අදටත් තරහයි. කල වැඩේට. මම 2010 නරියාගේ වෙඩිමට ගියවෙලෙත් මගේ මූනක්වත් බැලුවේ නැහැ. 



ඔන්න ඉතින් වැල් වටාරම් සහිත දිග හෑල්ලෑවක් තමයි ලිය උනේ පොස්ට් එකක් ලියන්න කියලා ආවම. ඔයාලටත් මේ වගේ ඩයල් සෙට් වෙලා එහෙම තියෙනවද? දැනටත් බැලුවොත් ෆෝන් එක කනේලු 





74 comments:

  1. හෙ හෙ..මාර කතා තමා..මට නම් බාගෙට බාගයක් දේවල් කියවනකොට මතක් උනේ අපේ කැම්පස් එක..

    ReplyDelete
    Replies
    1. හේ හේ නඟා ඔතන සමහර දේවල් දාලා නැහැ. ඒ හිටපු කාලේ තමයි මට ලංකාවේ ජීවිතේ ගැන ඩිංගක් හරි ඇල්මක් හිතට ආවේ බඳින්න ඉස්සෙල්ල.

      Delete
  2. හිකිz.... තව ගේම් ටිකක් දෙන්න තිබුනෙ.

    ReplyDelete
    Replies
    1. දුන්න තමයි ඔක්කොම එකම පොස්ටුවට දැම්මහම ගතියක් නැහැ නොවෑ මකුළු තුමෝ.

      Delete
  3. අප්පචිචියේ නිලි අක්කා කම්බස් කරල නේ මේ කෝරලයා.. හෙහ්.. වැඩේ නං මරු ඈ. අපිට කොහේද ඕවගේ චාන්සස්. හැබැයි තිබුනනං පැය ගාණක ජීවිතයක් තමා. ටොපි කතාවක්..

    ReplyDelete
    Replies
    1. පැය ගාණක ජීවිතයක් තමා. එමොකක්ද බොලව් ඒ දේශකය ඒ පාර අපබ්‍රංස කියවනවද මන්දා. මට නම් තේරුනේ නැත බොලව්.

      Delete
    2. යකඩෝ මම කිව්වෙ මම ඔහොම අක්කල නංගිල ටිකකට මැදි උනානං වෙන දේ නොවැ..

      Delete
    3. හිකිස්..... දැන් නොවෑ තේරුනේ.....

      Delete
  4. හික්ස් පට්ට සීන් එක
    ෆෝන් එක කෙන් තියන් ඉද්දි රින්ග්ස් යන ඒක නම් හෙන කුජීත වැඩක්.

    ReplyDelete
    Replies
    1. මලේ මේ අයියා කලොත් කවද්ද හරි වැඩක් කලේ. කූජිත ලෝකයයි.

      Delete
  5. මරු වැඩේනෙ කරලා තියෙන්නෙ... හි හී..

    ReplyDelete
    Replies
    1. ලිහිණි අක්කේ පේනවනේ මලයාගේ වැඩ. වාසනා කරන්න ඕනේ මම වගේ මලයෙක් ලබන්න

      Delete
  6. ඉස්සර කී ජාතියක් ගෙවලා ගන්න උනාද කියලා මම මේ කල්පනා කළේ... CLI, Call waiting, IDD.. වාතයක්... හි හි...

    ඔය කරපු දේවල හැටියට පුදුමයි කතා කළොත් ආයිත්.. හි හි.... පවු වැඩේ අප්පා.. මට නං දුක හිතුනා... මොකක් හරි ඔලුවේ අමාරුවක් වත් ඇති....

    ReplyDelete
    Replies
    1. හප්පේ සහතික ඇත්ත අක්කේ. ඉස්සර කෝල් එකක් එනකොට දන්නේ නැහැ මොකාද කෝල් කරන්නේ කියල. කුණු සංසාරේ කියල හිතෙනවා. ඔලුවේ අමාරුව තාම තියෙනවා දැන් වැඩි වෙලා. දැන් නම් පව් කියල හිතෙනවා. මමත් දැන් ජීවිතේ ගැන ගැඹුරෙන් හිතන්න අරන්.

      Delete
  7. හික්ස්ස්ස්ස්ස්ස්ස්... මරු වැඩේ!!!! :D

    ReplyDelete
    Replies
    1. මම කලොත් ආයේ හෝදන්න දෙයක් තියනවායෑ........... :D

      Delete
  8. අනේ යකෝ... උබත් කරලා තියෙන වැඩනම්....

    ReplyDelete
    Replies
    1. මෙහෙම වැඩ නොකලානම් මේ කෝරලේ පට්ටම හම්බ වෙන්නේ නැහැ බොලව්. හිකිස්.......

      Delete
  9. කෝරලේ මහත්තයත් ලියන්නේ මාර කතා නෙ. හෙහෙහෙ.... හිනා වෙලා පන නෑ

    ReplyDelete
    Replies
    1. ඒකනේ මින්. (නම කොට කලාට කමක් නැහැ නේද) මම පෙරලුවොත් බාල්දියක් තමයි.

      Delete
  10. හප්පොච්චියේ............වලි ගුහාවක්නෙ...!!

    ReplyDelete
    Replies
    1. කෝ.. රාලේ... කියන්නේ නිකන්ද? :D

      Delete
  11. හම්මෝ, උඹලා අර කාණුවේ වතුර ගහපු එක නම් හරි නෑ බං.

    ඔහොමම නොවුනත් දැන් මිනිස්සු ෆෝන් එක පාවිච්චි කරනවා පලිහක් වශයෙන්. ඒ කියන්නෙ හිතමුකො තමන් අකමැති පුද්ගලයෙක් ඉස්සරහට එනවා කියලා. මිනිහව නොදැක්ක බව පෙන්නන්න ෆෝන් එක කනේ ගහගෙන බොරුවට කියවන එවුන් ඉන්නවා.

    එතකොට තමාව හම්බවෙන්න එක්න මිනිස්සුන්ට තමා හෙන බිසි පොර කියලා පෙන්නන්න ෆෝන් එක ඔය විදියට පාවිච්චි කරන උන් ඉන්නවා.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. හරි නැහැ තමයි ඩුඩ් අයියේ..... ඒත් ඒවා ඒ දවස් වල තේරුනේ නැහැ. මදාවි කම නේ......

      මම ෆෝන් එක ඔබ ඔබ ඉන්නවා. මැසේජ් එකක් ගහනවා වගේ. කෝල් කරන්නේ නැහැ. මම වගේ එකෙක් තව හිටියොත් අනාතයි නේ.

      ඒවානම් ලොකු කම පෙන්වන්න කරන දේවල් නේ හැබැයි කෝරලේ මහත්තයාගේ වලව්වට තාම ෆෝන් එකක් ඒජනත උන්නැහේ දුන්නේ නැහැ නොවෑ.......

      Delete
  12. දැන්වත් එයා බැඳලද අනේ...බන්දනම් ඔය ලෙඩේ හරියාවි

    ReplyDelete
    Replies
    1. ඔව් සයුරි අක්කේ. අපි ඒ දවස් වලම ඕක කිව්වා. කොහෙද තාම බැඳලා නැහැනේ.

      Delete
  13. කෝරාල සෙල්ලම් නෑනෙ බොලං...

    ReplyDelete
    Replies
    1. හිකිස්... ඒකනේ සිරා අයියේ කෝරාළ කියන්නේ. ලොල්.....

      Delete
  14. අම්මෝ...කොරළේ මහත්තයත් කරන වැඩ! :D

    ReplyDelete
    Replies
    1. පොඩි කාලෙනේ නංගා. දැන්නම් ඇල්වතුරත් නිවලයි බොන්නේ :D

      Delete
  15. ආයෙත් අහලා මේවගේ ඩයල් ඕනේ තරම් ඉන්නවා...කුනුවතුර ගහපු සීන් එකනම් මරු. අපි දවසක් ගොම්බෙට්ටක් දිය කරලා ගැහුවා ඔයවගේ රිටන් එකක් දෙන්න. හෙහ් හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. ඒකනම් සිරා.... අපිට ගැහුවොත් අපිත් ගහනවා. නැද්ද පැතුම්?

      Delete
  16. කෝරලේ මහත්තයා පොඩි කාලේ කරපු වැඩක් නිසා සමාව දෙනවා.හැබැයි දැන් කරා නම් දඬු ක‍ඳෙ ගහනවා.

    ReplyDelete
    Replies
    1. හික්.... හික්..... හික්... දැන් නම් එහෙම කොරන්නේ නැහැ. දැන් කෝරලේ මහත්තයා හරී හොඳයි............

      Delete
  17. හික්ස්....මරු මරු..... ඔලුවෙන් ඉන්න අයට ඔහොම තමා කරන්න ඕනි.... :)

    ReplyDelete
    Replies
    1. අනිවා සමනලී. මට කොහොමත් ලොකු ඔලුවෙන් ඉන්න අය පෙන්න බැහැ.

      Delete
  18. මෙහෙත් ඉන්නවා ඔහොම උඩින් යන්න දඟලන කේස් එකක්. හැබැයි කවුරුවත් ඒකිව පයිසෙකට මායිම් කරන්නේ නෑ. //මහත්මා ඝාන්ධිගේම පිහිටයි.// මොකක්ද බං මේ අලුත් පිහිට...:)

    ReplyDelete
    Replies
    1. ඒ තමයි මහත්මා ගාන්ධි න්‍යාය. ඒ යමෙක් ඔබගේ දකුණු කම්මුලට ගැසුවොත් වම කම්මුලත් ඔහුට පාන්න යනුවෙනි. හ්ම්ම්ම්.......... හැබැයි ඒකටත් ගැහුවොත්, කරන දේ මහත්මා ගාන්ධි පවසා නැති බැවින් අන්තිම කොටස මා විසින් සංශෝදනය කොට භාවිත කරමි. එයනම් දකුණු කම්මුලට ගැසුව එකා ඔබේ වම් කම්මුලටද ගැසුවොත් නැවත හැරී මෙන් මේ අන්දමට ඔහුට සලකන්න කියාය.


      http://chithula.blogspot.com/2012/09/blog-post_11.html

      චන්දන අයියේ මෙන්න මේ ලින්ක් එකේ උඩ ඉඳල තුන්වැනි පින්තූරේ බලල අදහස කියන්න කෝ........

      Delete
    2. හෙහ් හෙහ්.. ඒක හරි. :)

      Delete
    3. මේ අර කිව්වා උන්ගේ නොම්මරේ මට දෙන්නකෝ............ වලව්වට ගෙනල්ල දඬු කඳේ ගහන්න.

      Delete
  19. අතීතෙ තමයි අතීතෙ නේද ?

    ReplyDelete
    Replies
    1. අනිවා ජෝන් අයියේ. අතීතයෙන් තොර වර්තමානයක් නැහැ නොවෑ.

      Delete
  20. හේ හේ නඟා ඔතන සමහර දේවල් දාලා නැහැ. ඒ හිටපු කාලේ තමයි මට ලංකාවේ ජීවිතේ ගැන ඩිංගක් හරි ඇල්මක් හිතට ආවේ බඳින්න ඉස්සෙල්ල.


    හිතා ගත්තැහැකි මට

    ලයිසන් එක ගන්න කලින් ලර්නස් ගිය විදිහ ට්‍රයල් පැදපු විදිහ එහෙම

    උඹ හරි වාසනාවන්තයි බං

    ඵව් අර අහිංසක බනියා


    "මහන මැසිම" සහ "අටම්පහුර" ලියන ලක්මාල්



    ReplyDelete
    Replies
    1. හත් ඉලව්වේ අටම් අයියේ... එහෙම දෙයක් නැහැ බොලව් මඩ ගහන්න එපෝ....... අම්මෝ....... බ්‍රෑන්ඩ් නිව් ගත්ත වාහනෙන්ම තමයි ට්‍රයල් ගියෙත්. මම අසරණ පොඩි එකෙක් බොලව්.

      Delete
  21. නියමයි කෝරලේ මහත්තයෝ මේ අර කෙල්ල දැන් බැඳලද දන්නේ නැ....

    ReplyDelete
    Replies
    1. අපෝ තව නැහැ. බඳින එකකුත් නැහැ අර මනුස්සයාගේ පවුලත් කොයි වෙලාවක හරි කැඩෙනවා මේ හොල්මන නිසා.

      Delete
  22. හයියෝ හයියෝ............
    ඔය ෆෝන් වේටින්ග් ද බලන වැඩේ නම් මමත් කරලා තියෙනවා. දාන්න ඕනේ ඒ ගැන පෝස්ටුවක්.. :D

    ජයවේවා කෝරලේ මහත්තයෝ!

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක් හෙක්.... මේ ඉන්නේ තවත් මගේ ජාතියේ කෙනෙක්. ඔව් ඔව් දාමු දාමු අපිටත් බලන්න බැරියෑ නගාගෙ වැඩ කිඩ. :)

      Delete
  23. නුවර ප්‍රසිද්ධ ටියුෂන් සර් කෙනෙක්ට ඔහොම වුනා. මිනිහා ෆෝන් එක කනේ ගහගෙන කියෝ කියෝ ඉද්දි සෙනග මැද්දේ මහා සද්දෙන් මේක රිං වුනා නේ.. විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ...

    ReplyDelete
    Replies
    1. හිකිස්... මම වගේ කුජීත වැඩ කරන බුවෙක් අහල පහලක ඉන්න ඇති. :)

      Delete
  24. චිකේ... කෝරාළ පට්ටමට ගැලපෙන වැඩද කොරන්නෙ ඈ???
    …මරු මරු!

    ReplyDelete
    Replies
    1. හිකිස්...... මේකනේ ලහිරු....... පට්ටම ගහන්න කලින් කොරපු වැඩ තමයි ඔය. තැන්කු වේවා! :)

      Delete
  25. නිලි අක්කා වගේ ‍ෆෝන් උණ තියෙන අය අදටත් දකින්න පුළුවන්.එහෙම අයට දෙන්න පුළුවන් හොඳ ෆනිෂ්මන්ට් එකක් තමයි ඒක

    ReplyDelete
    Replies
    1. හිකිස්........... බොහොම ස්තූතියි! දයානන්ද අයියේ.

      Delete
  26. හික්ස්, පිස්සු මල හොන්තුවක්නේ

    ReplyDelete
  27. ඔන්න මම ආවා කෝරලේ මහත්තයගෙ බ්ලොග් එකට.මට තිතක් තියල යන්නත් හිතුනා.ඒත් ඉතින් මුලින්ම ආව දවස නිසා හරි නැනේ.
    ඔය වගේ පුහු ගතිගුන තියෙන අය හැමතැනම ඉන්නවා.එහෙම අයට අනුකම්පා කරන්න ඕනේ. මොකද එයාල දන්නෙ නැ එයාලට මිනිස්සු හිනා වෙනව කියලා. කලින් පොස්‍ටුත් කියෙව්ව. මන් හිතන්නෙ බ්ලොග් එකක් කියෙව්වම කෙනෙක් ගැන ගොඩක් දේවල් දැනගන්න පුලුවන්. කෝරලේ මහත්තයා වුනේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඔබතුමාගේ කොමෙන්ටුව ගොඩක් වටිනවා. මොකද බ්ලොග් ලියන කෙනෙක්ට තල්ලුවක් බලකිරීමක් වගේ වෙන්නේ එයාට හම්බ වෙන කොමෙන්ටු පාඨක අදහස්. ලියන්න දන්නේ නැති එකෙක්ව බ්ලොග් ලියන්නෙක් බවට පත්කළේ මුල ඉඳලම මාත් එක්ක ඉන්න මගේ බ්ලොග් මිතුරු කැල. කෝරලේ මහත්තයා කියන නම වැටුන හැටි මම මෙන්න මේ පොස්ටුවේ දාල ඇති. http://chithula.blogspot.com/2012/10/blog-post_6.html අනෙක ඒක මගේ වාසගමින් කොටසක්. බොහොම ස්තූතියි ඔබේ අදහස පල කලාට ඒක මගේ ඊළඟ පොස්ටුව ලියන්න හම්බ වෙන තල්ලුවක්. බ්ලොග් එකක් කියන්නේ කෙනෙකුගේ දිනපොත වගේ බ්ලොග් අවකාශයේ ගොදදෙනා මේකා පාවිච්චි කරන හැටියි වෙනස්.

      Delete
    2. "මොකද එයාල දන්නෙ නැ එයාලට මිනිස්සු හිනා වෙනව කියලා." අන්න ඒක තමයි ඒ මිනිස්සුන්ගේ හදාගන්න ඕනේ එකම දේ. :)

      Delete
  28. හික්ස් ,,,,, මාර සීන් එකනේ

    අවසරයි කෝරලේ ඇත්තෝ මමත් අද ඉදන් මේ ඉසව්වට ගෑටුවට කම්නෑනේ
    http://theachcharuptuwa.blogspot.it/

    ReplyDelete
    Replies
    1. හිකිස්........ ඒකනේ.......
      කමක් නැහැ කමක් නැහැ ඉඩ පාඩු තියෙන වෙලාවට මමත් එන්නම්කො බලන්න ඒ ඉසව්වට.:)

      Delete
  29. කෝල් චෙක් කරන වැඩේ මමත් අපේ ඔෆීසියේ එකෙක්ට කරල තියනවා.. එදා ඉදන් මිනිහා මට පේන්න කෝල්ස් ගන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. හිකිස්...... ඔය වගේ උණ තාමත් ඉන්නවා ලංකාවේ එහෙනම්

      Delete
  30. හික්.. හික්.. මාර වැඩනෙ කෝරලේ අයියා.. කරලා තියෙන්නෙ .
    කොහොම උනත් අරයට පොලව පලාගෙන යන්න හිතෙන්න ඇති නේද ෆෝන් එක කනේ තියෙද්දි රින් වෙන කොට.

    ReplyDelete
    Replies
    1. හිකිස්....... මගේ වෙලාවට නිශි නැගේ එතන කට්ටිය හිටියේ නැත්නම් මොනවයින් මොනවා වෙන්න තිබුනද දන්නේ නැහැ. එහෙනම් මාව වලලපු තැන වල පොඩි උන් සෙල්ලම් කරනවා. හිකිස්.........

      Delete
  31. අනේ මන්දා !.............
    ඔය රින්ග් කරන වැඩෙ නමි අෆිත් කරනවා ..........
    පටිට පට පට!............හි හි

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා කිව්වා සහෝටත්. :)

      Delete
  32. අයියෝ... විනාසයිනෙ බන්... චැහ්.. මාර වැඩ තමා උඹත් කරන්නෙ..

    ReplyDelete
    Replies
    1. හික් හික් හික්...... සෙන්නෝ ඕනෙවට වැඩිය ෂෝ එක මට අල්ලන්නේ නැහැ බන් කොහොම හරි ඔය වදෙන් පස්සේ පොඩ්ඩක් ගතිය අඩුවෙලාලු. ඉස්සරටමනම් සැරටම තිබුනා මම කලේ සමාජ සේවයක්නේ.

      Delete
  33. දවසක් මං ෆෝන් එකෙන් යාලුවෙක් එක්ක කතා කර කර ඉන්දැද්දි එක පාරටම එයා කියන දේවල් ඇහෙන්නෙ නැතුව ගියා. මාත් ෆෝන් එක කනේ තියාගෙනම හෙලෝ හෙලෝ කිය කියා ඉන්නකොට මෙන්න එක පාරටම ෆෝන් එක රින්ග් වෙනවා. සිග්නල් අවුලක් වෙලා යාලුවා ආයෙත් කෝල් කරලා තියෙන්නෙ. ලඟ හිටපු අය ශුවර් එකටම හිතන්න ඇති මාත් බොරුවට ෆෝන් එක කනේ තියාගෙන හිටියෙ කියල..එයාලා බලපු විදිහටම මට ඒක තේරුනා...මේ පෝස්ට් එක කියවද්දි මට මතක් උනේ ඒ කතාව. කොහොම උනත් කෝරලේ මහත්තය අර කාණු වතුරෙන් නාවපු එකනම් එච්චරහරි නෑ වගේ නේද???

    ReplyDelete
    Replies
    1. Chams සේරටම කලින් වලව්වේ 89 වැනි සාමාජිකාව විදියට ඔයාව සාදරයෙන් පිළිගනු ලබනවා. මිනිස්සු කොයි විදියට බැලුවත් ඒක අපිට නවත්වන්න බැහැ. අනෙක අපිට මේ ලෝකේ හැම කෙනෙක්වම සතුටු කරන එයාලට ඕනේ විදියට ජීවත් වෙන්නත් බැහැ. අපි බලන්න ඕනේ වැඩිම ප්‍රතිශතයක්. සතුටුවෙන විදියට වැඩිම දෙනෙක්ගෙන් හොඳ අහන ජීවත් වෙන්න. අන්න ඒ වගේ අයටයි අපි කියන්නේ යහපත් මනුස්සයෙක් හැදිච්ච කෙනෙක් හොඳ කෙනෙක් කියල.හැමෝගෙන්ම හොඳ නම ගන්න හරිම අමාරුයි මම මේ මගේ පෞද්ගලික මතය. කුණු වතුර ගහන අයිඩියා එක නිපුවගේ. මම කලේ අනුමත කල එක විතරයි ඒ දවස් වල ඔය හොඳ නරක කියන දෙක තේරුම ගන්න තරම් මොලයක් නැහැ නොවැ.

      Delete
  34. හි හි.අනේ අම්මෝ මට නම් ඔය ෆෝන් ප්‍රශ්න නෑ.මොකද පාවිච්චි කරන්නේ නෑනේ වැඩිය.

    ReplyDelete

ඔයාල කොම්මෙන්ට් එකක් දාන්න වැය කරන තප්පර ගානත් ඔයාලට වැදගත් කියල මම දන්නවා එත් ඔයාලගෙන් අදහසක් මේ පිළිබඳව ලැබෙනවා කියන්නේ මට ඉදිරියටත් ලියන්න හොඳ මොර්ටිවේෂන් එකක් ලැබෙන එක. ලියන්න කල් මදිනම් තිතක් තියල යන්න එතකොට මම දන්නවා ඔබ මෙය බැලු බව. ස්තූතියි.........

Related Posts Plugin for WordPress, Blogger...