කට්ටියට මතකයිනේ මම ගම්බට්ටේක්ව වස්තිකල තාලේ ඉතින් මේක කියවපු මාගේ මිත්තරයෙක් මට බැන්නා එයා මේකට එකඟ වෙන්නේ නැහැ කියල. මේ එයාට හම්බ වෙච්ච ගුණවත් පොලිස් නිලධාරින් එයාට සෙට් උනේ කොහොමද කියල කිව්ව කතාවයි. මම දාන්නම් මොකද බල්ලෝ වගේම මනුස්සකම් හඳුනන මිනිස්සුත්පොලිසියේ සේවය කරන බව දැනගැනීමට මේක හොඳ උදාහරණයක් වේවි. මේ ඔහුගේ පෞද්ගලික අත්දැකීමක්. ඒ නිසා නම ගම සඳහන් කිරීමෙන් මම වලකිනවා. මේ කතාවෙන් ගතයුතු අර්ථය ගැන මට වැටහීමක් නැතත් මේ ගැන තීරණය කිරීම මම පාඨක ඔබට භාර දෙන අතර.මම කතාව ඔහුගේම වචන වලින් දාන්නම් එහි ඇති රසය වැඩි කිරීමට.
මේ පුද්ගලයාව අපි හඳුන්වමු නිශාන් කියල (මඩිස්ස ලියන පොඩි එකා නෙවෙයි) ඊට වැඩිය නාකි පොරක්.
මම එතකොට ජීවත් වුනේ කළුතර ප්රදේශයේ.මෙන් ඔහුගේ කතාව ඔහුගේම වචනයෙන්.
ඉතින් අපේ සෙට් එකේ ඔක්කොම හිටියේ බඩු කාරයෝ ඒ කියන්නේ අඩුම තරමේ කෙල්ලෙක් එකක් මොකක්ම හෝ දෙයක් කරපු එවුන්. හැබැයි ඔය සෙට් එකේ කෙල්ලෙක් නැතිව හිටියේ මටයි චින්තක කියල තව යාලුවෙක්ටයි විතරයි. අපි හැමදාම හවසට සෙට් වෙන්නේ යුසි වත්තේ ග්රවුන්ඩ් එකේ. උඹ ඒ පැත්තේ ගිහිල්ලනම් දන්නවා ඇති. වොලිබෝල් ගහල ආතලේ එකේ මලක් එහෙම ගහල තමයි හැමදාම ගෙවල්වලට යන්නේ එතකොට මම ඕලෙවල් ක්ලාස් වල උඹල ඒ දවස් වල දනගාන කොල්ලෝ ඉතින් අපේ සෙට් එකේ හිටිය රම්බෝ අයියා කියල කොල්ලෙක් මු තමයි අපේ ලීඩර් මු තමයි ජොයින්ට් සප්ලයි කරන්නේ ජොයින්ට් එක්ක මු අරන් එනවා වැල පත්තරෙකුත් අද වගේ ඉස්සර හැම ගෙදරම ඉන්ටෙර්නෙට් තිබුනෙත් නැහැ කොම්පියුටර් තිබුනෙත් නැහැ. ෆොනුත් තිබුනේ කීයෙන් කීදෙනාටද අපිට තිබුණු එකම සොමිය තමයි පත්තර බලන එක.ඒ අගෝස්තු ඉස්කෝලේ නිවාඩු කාලේ දවසක් මෙහෙම පත්තර බල බල ඉන්නකොට මම හිතා ගත්තා කොහොම හරි මම ආතල් එකක් ගන්නවා කියලා. පස්සේ මම කල්පනා කරලා මේකට පොටක් පාදාගන්නේ කොහොමද කියලා කතාකලා රම්බෝ අයියට. මිනිහා ඉඳල හිටලා ඔය කොළඹ දිහාවේ එනවා අත් උදවු වැඩ වලට පොර තමයි අපේ ගැන්සියේ කොළඹ ගැන හොඳම දැනීමක් තිබ්බ එකා මම කොහොම හරි දැම්ම මූට ටෝක. කොහෙන්ද මට බඩුවක් (ගණිකාවක්) සෙට් කරගන්න පුළුවන් කියල. මිනිහා මට කිව්ව පිටකොටුවේ බෝගහ ළඟ තැනක්. හැබැයි 1000ක් හමාරක් අරන් පලයන් කියලත් කිව්වා. අපේ එවුන් වදේ ගහන එකෙන් බේරෙන්න තියෙන එකම ක්රමේ මේක තමයි කියලයි මට හිතුනේ ඒදවස් වල වැඩිය දැනීමක් තේරීමක් නැහැනේ. බලන්නේ සෙට් එකේ තැනක් තියාගෙන ඉන්න. අපේ තාත්තා කැටයම් වැඩ කරන නිසා සල්ලි තියෙනවා අත දිහැරලා වියදම් කරන්න ඔක්හොම හරි ක්ලාස් එකක් පිටින් දාලා මම උදෙන්ම පිටත් උනා පිටකොටුවට.
මීට කලින් තනියම ඇවිල්ල නැති කොටුව මට මහ අමුතු තැනක් උනා. ආව උනාට මට තාම අයිඩියා එකක් නැහැ කොහොමද මම බඩුවක් සෙට්කරගන්නේ කියලා. බසේකෙන් බැහැල පරණ CTB බස් ස්ටෑන්ඩ් එක පැත්තට මම ඇවිදගෙන ගියා. කඩේකින් පත්තුකරගත්ත සිගරට් එකකුත් ඇද ඇද ඉන්න අතරේ එතන තිබුන කඩේකින් රුපියල් 50කට සන්ග්ලාස් දෙකක් අරං දාගත්තේ අඳුනන කවුරුත් දකීවි කියන බයට.එතනට වෙලා කල්මරමින් ඉන්න කොට මම දැක්ක වයස 20ත් 30ත් අතර ගැහැණු කෙනෙක් එනවා හොඳට ඇඳල කරලා හිටියේ හෑන්ඩ් බෑග් එහෙකුත් කරේ දාගෙන බැලු බැල්මට පේන්නේ ඔෆිස් එකක වැඩකරන ඩයල් එකක් වගේ. මම වැඩිය ඒ පැත්ත බලන්නේ නැතිව ඉද්දි මේ ගෑනි මගේ ලඟට ආව. මොනවද බලන්නේ කියල මගෙන් ඇහුවා එකපාරටම.
මම කිව්ව මොකුත් නැහැ කියල
මේ ළඟ පොට් එකක් තියෙනවා වැඩි ගානක් නැහැ කියල කිව්වම මට තේරුනා මේ ඩයල් එකක් බව.
"කීයද?" කියල මම ඇහුවා.
"600" ක් කියල මේ ගෑනි ගත්කටටම කිව්වනේ. රම්බෝ අයියා කියපු දේ එකපාරට මතක් උන මම එකපාරටම ඒ ගානට කැමතිවෙන්නේ නැතිව "අපෝ බැහැ ගාන වැඩියි කියල කිව්වා. මොකද කියන්නේ 300ක්." හරි කියල ගෑනි වැඩේට කැමති උනා. එතන තිබ්බ පරණ ත්රීවිල් එකක් ලඟට ගිහින් එකට ගොඩවෙලා මටත් නගින්න කිව්වා කියලා යන්න ඕනේ තැන ඩ්රයිවර්ට කිව්වා. උන්දෙන්නගේ කතාවෙන් මට තේරුනේ ඩ්රයිවරුත් මුන්ගේම එකෙක් තමයි කියලා උන්දෙන්නා ආගිය තොරතුරු කතාකරමින් යන අතරේ මම ගණන් හදලා බැලුවා අද කාලේ 300ක් කියන්නේ වැඩි වටිනාකමක් නැති වුනත් 90 ගණන්වල 3000ක් විතර වටිනවා කමක් නැහැ හැමදාම නැහැනේ කියල හිතාගෙන මම සද්දනැතිව හිටියා.මුඩුක්කු පේලියක් ලඟට ඇවිත් නවත්වපු ත්රීවිල් කාරයා අපිව බස්සල කිව්ව 200ක් දෙන්න කියලා. මම ඌට 200ක් දීල මේ ගෑනි එක්ක ඒ ගෙදරින් ඇතුලට ගියා හරිම අපිරිසිදු ගෙයක් ඒ ගෙදර මිනිහයි ගෑනියි ළමයි වගේකුයි හිටියා කාමරේ කුලිය මට ගෙවන්න කිව්ව ගෑනි ඇතුලට ගියා. මගේ ඔලුවේ ඉඳන් කකුල් දෙක ලඟට බලපු ඒ ගෙදර අයිතිකාරයා. මල්ලි මොකද පලවෙනි සැරේද? මීට කලින් මේ පැත්තේ දැකල නැහැ ගම කොහෙද? කළුතර.වයස කීයද කියල අහද්දීනම් මම පොඩ්ඩක් බය වුනා මම ගත්කටටම 23ක් කිව්වත් ඒ මිනිහා ඒක පිළිගත්තේ නැති විත්තිය පොරගේ හිනහාවෙන් මට තේරුනා.
හරි මල්ලි ඔක්කොම 700ක් දෙන්නකෝ පැය දෙකක් තියෙනවා ඕනේ දෙයක් කරගන්න.
ගාන වැඩි නැද්ද අයියේ?
යකෝ මරු කතා තමයි උඹත් අහන්නේ මේ ඒරියා එකේ තියෙන ලාබම තැන මෙතන ඕනෙනම් ගිහින් වෙන තැනකින් අහල එනවා
එහෙම අහල දැනගන්න මටමේ පළාත ගැන එච්චර දැනීමක් නැති නිසා මට ඕනේ උනේ පුළුවන් ඉක්මනට වැඩේකරගෙන ගෙදර යන්නයි. ගෙනාව සල්ලි මෙතනට ඉවර උනත් කමක් නැහැ මොනවා උනත් මට බස් තව රුපියල් 50ගානක් අතේ තියෙනවනේ කියල හිත හදාගත්තා.
හරි මල්ලි මෙතනින් ඇතුලට යන්න කොනේම කාමරේ කියල ඒ මිනිහා යන්න ගියා. තව කාමර තිබුනා ඒවගෙත් වැඩ යනවා කියල ඇතුලෙන් ආව සද්දෙන් මට තේරුනා.
ඇතුලට ගියගමන් කලිසම ගලවන්න කියලා ගෑනි කිව්වා. මම කලිසම ගලවද්දී මගේ අතට කොන්ඩම් එකක් දීල කිව්ව 50ක් දෙන්න කියල. එවෙලාවේදී තමයි මට මල පැන්නේ මම කිව්ව ඔක්කොම සල්ලි මම මේ ගෙදර අයිතිකාරයට දුන්නා 700ක් තව මගේ අතේ තියෙන්නේ බස් එකේ යන සල්ලි විතරයි කියලා කිව්වම ගෑනි ඇහුවා එතකොට කෝ මගේ සල්ලි කියල මම ඇහුවා ඇයි මම අරමිනිහට දුන්නේ ඒවටත් එක්ක නේද කියලා නැහැ ඒ රූම් එකේ කුලිය විතරයි කියල කිව්වම තමයි මට දෙයියෝ සිහි උනේ. එතකොට මගේ දිහා කින්ඩියට වගේ බලපු අර ගෑනි අහනවා මල්ලි රුපියල් 50න් කොහොමද ****** කියලා කමක් නැහැ ඕක දෙන්නකෝ මම අරූට කතාකරලා මගේ ගැන ඉල්ලගෙන එන්නම් ඔය එතකල් කලිසම ගලවන්නකෝ කියල ගෑනි එලියට ගියා. මමත් බලන් හිටිය විනාඩි 5ක් 10ක් මේ ගෑනි නැහැ මම කලිසම ඇඳගෙන එලියට එද්දී ගෙයි අයිතිකාරයා කියනවා මොකද මල්ලි වේලපහින්ම? මම පොරට වෙච්ච දේ කිව්වා. එතකොට හිනාවෙන්න පටන්ගත්ත මිනිහා කියනවා මල්ලි ඔය ගෑනි හෙරක් ඔයා ඒකිට අහුවුනා ඒකි සල්ලි අරන් මාරුවෙන්න ඇති.
හයියෝ මගේ සල්ලි දැන් මොකද කරන්නේ පොලිසියට කියන්නත් බැහැ. කිව්වොත් මාට්ටුවෙන්නේ මමමයි ඒ ගෙදරින් එලියට බැස්ස මම ඇවිදගෙන ආවේ කිසිම අරමුණක් නැතිව යන්න සල්ලි නැහැ ගෙදරට කෝල් එකක්වත් දීගන්න බැහැ ගෙදර ෆෝන් නැහැනේ. මේ යුද්දේ දවස් නිසා පාරේ බැරියර් දාලා ඉස්සරහ තියෙනෙන් චෙක් පොයින්ට් එකක් මම එතන පාස් කරන යද්දී එතන හිටපු පොලිස් කාරයෙක් ඒයි ළමයා කොහෙද යන්නේ කියලා අහද්දී මම නැවතුනා. කොහෙද යන්නේ එහෙම විස්ටහ්ර හද්දී මම අමු කෙප්පයක් ගොතලා කිව්ව ත්රීවිල් කාරයෙක් මට රොබරියක් දුන්න විදියට. ඒ පොලිස් පොස්ට් එකේ හිටපු මහත්වරු මට දවල්ට කන්නත් දීලා අතට රුපියල් 50 කුත් දීලා බසේඑකටත් නග්ගලා එව්වා. ඒ නිසා උඹල ලියද්දි පොඩ්ඩක් හිතල බලපන් හොන්දවගේම නරක මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවා. ඔය වෙච්ච සිද්දිය නිසා මම එක පාඩමක් ඉගන ගත්තා මොන දේ උනත් මම බඩු සබ්ජෙක්ට් එකට බහින්නේ නැහැ කියලා.
ඔන්න ඕකයි යාලුවනේ කතාව. අද මේ පුද්ගලයා කසාද බැඳලා අවුරුදු 10ක පුතෙක් ඉන්න තාත්තා කෙනෙක් මම ඔහු ගැන දන්නා තරමින් ඉතා ආදර්ශමත්ව ජීවත් වන බවනම් කිවයුතුය. මෙහි රැකියා කරන බොහෝ දෙනෙක් අනියම් සම්බන්දකම් පවත්වාගනිමින් අභිසරු ලියන් වෙත ගියත් මොහු නොයන්නේ ඉහත කී සිද්දිය දැඩි ලෙස ඔහුගේ මනසේ කම්පනයක් වැනි යමක් ඇතිකරලීමයි සිතිය හැක. මම මේ කතාව බ්ලොගේ පොස්ටුවක් හැටියට දමන බව කීවිට පැවසුවේ මගේ නම නොදා ගම නොදා විස්තරේ ලියපන් යනුවෙනි මේවා අදකාලේ හැදෙන උන්ට හොඳ පාඩම්. මට නම් මෙව්වා අහල නිකන් හොල්මන් වගේ මේ කතාවේ ඔහු විසින් සඳහන්කරන ලද කිසිම කරුණක් පිළිබඳව කෝරලේ මහතා විසින් තහවුරුකිරීමක් නොකරන අතරමේ ජේදය ගැන පමණක් වගකීම දරමි( මම කොහොමද බොල මම දන්නේ නැති දේක වගකීම ගන්නේ) අනෙක් වැදගත් කාරණය තමයි.


















