Monday 4 February 2013

ගම්බට්ටෙක් වස්ති කිරීම, සහ නිදහසට පසුවදනක් (රස හඳුනන්නන්ට පමණයි)

මම මේ පොස්ටුව ලියන්න හිතුවේ අද උදේ මම කියෙව්ව ඩුඩ් අයියගේ පොස්ටුවේ ඉන්න පොලිස් බල්ලාගේ කේස් එක දැකලා. ඒ තරම් ලොකු නැතත් පොඩිපහේ එකෙක්ට කෙලෙව්ව තාලේ ගැන ලියන්න කල්පනාකලා. දැන් නම් හාවා හඳ දකින්න වගේ තමයි පොස්ට් එකක් දාන්න වෙන්නේ. ඒ වගේම බ්ලොග් බලන්න වෙන්නෙත් අපේ ලොක්කා අපිව මරව මරව වැඩ ගන්නේ හරියට ප්‍රොජෙක්ට් එක කරලා ඉවර උනාම හම්බවෙන මිලියන ගාන ඔක්කොම ඒකාගේ සාක්කුවට යනවා වගෙයි. ට්‍රැක් එකෙන් පිට පැන්නනේ පොඩ්ඩක්







ඔන්න මේ කතාවත් වෙන්නේ සුපුරුදු පරිදි අපි 
කතරගම ගිහින් එනකොටයි. ඒත් මේ ගමන ගියේ පවුලේ උදවියත් එක්කයි. මේ වන්දනාගමන සංවිධානය කලේ අපේ පොලිස් බඩා නොහොත් මගේ මාමගේ පුතයි. මේකා වැඩ කරන්නේ පොලිසියේ. තරු 3ක බුවෙක්. ඉතින් හැමෝම එක්ක කතරගම ගිහින් එද්දී තිස්ස හරියේදී පොලිස් මාර්ග භාදකයක වාහනේ නැවැත්තුවා. පරීක්ෂා කරන්න. මේකේ හිටිය 

තරමක් හිටියේ ගම් බට්ටෝ  එකම එක පොලිස් කාරයෙක් තමයි එතන ඉන්නවා දැක්කේ. ඔන්න ඉතින් කොනක ඉඳන් බල බල එනවා හැමෝගෙම හැඳුනුම් පත් පරීක්ෂා කරද්දී. මගේ ළඟ ලංකාවේ හැඳුනුම් පත නැති නිසා. මම ගමන් බලපත්‍රය ඒ නිලධාරියාට පෙන්නුවා. මම ඉස්සරහ සීට් එකේ හිටියේ ලොකු අයියත් එක්ක.

මේක වැඩක් නැහැ මම ඉල්ලුවේ අයිඩින්ටිය පාස්පෝර්ට් එක මෙහෙට වලංගු නැහැ යැයි පැවසීය. එවිට මා දැනට මා ළඟ ඇත්තේ මෙය බවත් සෑම වතාවදීම මා ලන්කාවට පැමිණෙන විට පාවිච්චි කරන්නේ මෙය බවත් අයිඩින්ටියට වැඩි වටිනාකමක් මෙහි ඇතිබවත් පැවසීය. එකපාරටම බුරාගෙන පනින්න වගේ මගේ ඇඟට කඩාපැන්න මේ ගම් බෙට්ටා.


 ඕයි......... තමුසෙට සිංහල තේරෙන්නේ නැද්ද මම ඇහුවේ අයිඩින්ටිය. පාස්පෝර්ට් එක නෙවෙයි පාස්පෝර්ට් එක දෙන්න මේක එයාපෝර්ට් එක නෙවෙයිනේ  යැයි බෙරිහන් දීමට පටන්ගත්තා. එවිට කරුණු පැහැදිලි කරදෙමින් මේකයි මම ලංකාවේ ඉන්නේ මාසෙකටත් අඩුවෙන් හැම අවුරුද්දකම මම පදිංචිය රටමයි. ඉතින් මට තාම ලංකාවේ අයිඩින්ටිය හදාගන්න හැකියාවක් නැහැ නමුත් පාස්පෝර්ට් එකටත් අයිඩින්ටියට හා සමානවම පිළිගැනීමක් තියෙනවා නේද යැයි ඇසීය.


තමුසේ එනවද ඕයි මට නීතී උගන්වන්න යැයි මාගේ කොලරයෙන් අල්ලමින් පැවසීය. එවිට එතනට මැදිහත් වූ ලොකු අයියා. මේ අයිසේ තමුසෙගෙ ලොක්කට එන්න කියනවා මෙතනට යැයි පැවසීය. එතෙක් ඔහු කවුදැයි ඔහුගේ අනන්‍යතාවය හෙළිකර නොමැති බැවින් ඔහු දෙසට රවමින් බැරක්කය දෙසට ගිය ගම් බෙට්ටා එතන සිටි ඉහල  පොලිස් නිලධාරියෙකුත් සමග කියවමින් පැමිණෙන්නට විය. ඔහු උප පොලිස් පරීක්ෂක වරයෙකු බව මා දැනගත්තේ. පසුව ලොකු අයියාගෙනුයි.

මා වෙත පැමිණි එස් අයි වරයා. මොකද තමුසෙගෙ ලොකු කම????? මේ......  ඉලන්දාරියා අපි කරන්නේ අපේ රස්සාව අයිඩින්ටිය ඉල්ලුවම අයිඩින්ටිය දෙනවා මගුල් නටන්නේ නැතිව. අනෙක තමුසේ රජයේ නිලධාරියෙකුට කතාකරන්න දන්නේ නැද්ද? ලොකු අයියා කතාකිරීමට යනවිට ඔහුව නැවත්වූ මා.... රජයේ නිලධාරියෙක් ????? කෝ.....? කොහෙද.....? කවුද.....? මම බැන්න රජයේ නිලධාරියෙක් නැහැ. යැයි පවසද්දී ඇයි යකෝ...... තෝ පොට්ට වෙලාද.....? තෝ මට කතාකලේ කොහොමද යැයි ගම්බට්ටා බෙරිහන් දෙන්නට විය. ඔහුගේ හැසිරීම් විලාශය මට කුලප්පු වූ කුළු හරකෙක් සිහියට නැංවිය.

මොකෝ තමුසේ හදන්නේ අපිත් එක්ක සෙල්ලම් කරන්නද......??? ඒ එස්.අයි වරයාගේ හඬයි. මොකද උනේ කියනවා බලන්න. යැයි කිව් විට මා සිද්දිය සැකෙවින් ඔහුට විස්තර කර දුන්නේය. හරි ළමයෝ පාස්පෝර්ට් එකට පිළිගැනීමක් තිබුනත් ඔයාට ඒ සිද්දිය මත රජයේ නිලධාරියෙක් නිල ඇඳුමක් ඇඳගත්තු කෙනක්  සමග බහින් බස් වෙන්න අවශ්‍යතාවයක් නැහැ යැයි පැවසීය. නැවතත් මා ඇසුවේ කවුද රජයේ නිලධාරියා යනුවෙනි. ඇයි ඔහේට පෙන්නේ නැද්ද මේ සිවිල් ආරක්ෂක නිලධාරියෙක් එයාට බලය තියෙනවා ඔයාගේ අයිඩින්ටිය බලන්න.

එවිට පිළිතුරු දුන් මා. "මෙහෙමනේ අංකල් එයා එයාගේ බලතල පාවිච්චි කරන්නේ නීතියට අනුකූලව නෙවෙයි. අනෙක එයා මේ කැමා කිට් එකක් ගහන් ඉන්න පලියට රජයේ නිලධාරියෙක් වෙනවා නම්, මමත් ඉතින් ඔය ගෙදර ඉන්න වෙලාවට කැමා ඇඳන් තමයි ඉන්නේ. කොහෙද මෙයාගේ නිල ඇඳුමේ සඳහන් වෙලා තියෙන්නේ මෙයා පොලිසියේද හමුදාවේද.... අඩුම ගානේ කොටියෙක්ද කියලවත් බැජ් එකක් නැහැනේ. දැන් බලන්න අඩුම තරමේ නේම් ටැග් එකවත් තියෙනවද කියල. අනෙක ලඟින් යන්න බැහැ කසිප්පු ගඳේ. එයාට කොහෙත්ම අයිතියක් නැහැ මගේ කොලර් එකෙන් අල්ලන්න එයාගේ නොදැනුවත් කම වහගන්න. යැයි පවසූ විට එස් අයි වරයාගේද සැර මදක් බාල වූ බව ඔහුගේ මුහුණින් පෙනින ඒ වෙලාවේම ගම්බට්ටාට බැරක්කයට ගොස් නිල ඇඳුම සම්පූර්ණ කරගෙන එන ලෙස පැවසීය. අනෙක් නිලධාරින්ද මේ සිදුවන දෙය දෙස බලා සිටියි.  නැවත මාවෙත හැරුණු එස්.අයි වරයා ළමයා කොයි රටේද ඉන්නේ කොයි විශ්වවිද්‍යාලෙද ඉගෙන ගන්නේ   එවිට මගේ ශිෂ්‍ය හැඳුනුම් පත ඔහු වෙත ලබාදෙමින් මා ඉගෙනගන්නේ AUS (American University Of Sharjah) බව පැවසු විට ඔහු එය වටහාගෙන ඇත්තේ වැරදි ලෙසයි. ඕස්ට්‍රේලියා.... හ්ම්ම්ම්.....
 ඔහුට වැරදුන බව දැනුනත් මා එහි වෙනසක් නොකළේ මට එයින් ඇති වැඩක් නොවූ නිසාවෙනි. මොකක්ද  ඉගෙනගන්න සබ්ජෙක්ට් එක?


මගේ ඩිග්‍රිය බැර්ස්ටර් ඔෆ් ලෝ Barrister Of Law (අධි නීතිඥ)

බවත් පවසන විට එස් අයි වරයාගේ ඇස් දෙක උඩ ගියේ සැමටම පේන්නටය. තම හැඟීම් සඟවාගනිමින් ලොකු අයියා දෙසට හැරුන ඔහු, "මිස්ටර් මොනවා කලත් දැන උගත් ළමයි නේ අඩුම තරමේ වයසටවත් වැඩිහිටියෙකුට ගරුකරන්න ඕනේ නේදැයි" ඇසු විට, එයට නක්කල් සිනහවක් දැමු ලොකු අයියා. තමුන් බණ කිව්වට උසස් නිලධාරියෙක්ට කතා කරන්නේ ඔහොමදැයි ඇසුවේ රාජකාරිහැඳුනුම් පත පෙන්වමින්ය. හයියෝ................... ඒ ගම්බට්ටාගෙයි එස් ඇයි උන්නැහෙගෙයි  මූණ මට මෙතන අඳින්න බැහැ නොවෑ........... දෙකට තුනට නැමී සැලියුට් ගසා පස්සේ ලොකු අයියගෙන් සමාව අරන් මටත් සමාවෙන්න යැයි පවසා එම සිද්දිය සමතයකට පත්කරගැනීමට හැකිවිය.




ඔන්න ඔහොමයි ඒ සිද්දිය ශේප් කරගත්තේ. එදා තමයි මම ලොජික් වලින් උපරිම ප්‍රයෝජනයක් අරන් තියෙන්නේ. මම නම් කියන්නේ 



පොලිසියේ ආදර්ශ පාටය ධම්මෝ හවේ රඛ්ඛති ධර්මචාරී කියන එක වෙනස් කොරලා අර එස් මහින්ද හාමුදුරුවොන්ගේ කවියක් තියෙන්නේ උස් තැන් දැක හැකිළෙන්නේ මිටිතැන් දැක පුප්පන්නේ කියලා. මේන් මේක තමයි හරියටම හරියන්නේ ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන්. අනෙක මම එතන බය නැතිව කතා කලේ මගේ ඇති ලොකු කමකට නෙවෙයි. මම දන්නවා මම නිවැරදියි කියල අනෙක  මම දන්නවා ලොකු අයියා ඉන්න නිසා මට කේස් නැහැයි කියලා. මම එතැනදී කිව්වේ බොරු උනත් පොලිස් කාරයන් අපහසුතාවයට පත්වුයේ. එතන සම්පූර්ණ වරද ඔවුන්ගේ අතේ බැවිනි. මම අයිඩින්ටිය හැදුවේ බඳින්න දවස් ගානක් තියෙද්දී බැන්දේ නැත්නම් මට තාමත් අයිඩින්ටියක් නැහැ. එදා දැනට අවුරුදු ගණනාවක් තිස්සේ මම ලංකාවට පැමිණි සෑම විටම සෑම අවස්ථාවේදීම පාවිච්චි කරපු ගමන්බලපත්‍රය. රටතුල වලංගු වන්නේ නැහැ යැයි කිවේ වෙරිමත නිසාද? නූගත් කම නිසාද?

ප.ලි. මෙහිදී සඳහන් කලයුතු වැදගත්ම කරුණක් වන්නේ. පොලිස් නිලධාරින් සහ ගම්බට්ටන්ගේ තත්වය මෙසේ වුවත්. ත්‍රිවිධ හමුදා නිලධාරින් අතර මෙවැනි ගති නැති බවත් (ඇතත් මටනම් හම්බවෙලා නැහැ) ඔවුන් ඉතා ආචාරශීලීව අවශ්‍ය රාජකාරිය පමණක් ඉටුකරන අයුරු මම සෑහෙන්න දැක තිබේ. එවැනි උතුම් ගති ගුණ රැගත් අපේ ත්‍රිවිධ හමුදා සොයුරු සොයුරියන්ට මේ ගෙවන නිදහස් දිනයේදී මාගේ උත්තමාචාරය.


 ලබාගත් නිදහස දෙවනිවරටත් රැකදුන් ඔවුන් දේශයේ මුරදෙවතාවන් මෙන්ය. දැනට ඔවුන්ට සලකන සැලකිල්ල යුද්දය ඇති දවස්වල මෙන් නොවේ. අප සිංහලයන්ට එවන් යුද්දයක් අප රටේ තිබුණාදැයි මතකයක් නැත. මා එහි වරදක් නොදකිමි. මක්නිසාද ඒ අපේ ලේ උරුමයෙන් රැගෙන එන දෙයකි. මුල අමතක වීම. සමරන්නා වූ නිදහස ඔවුන් මුල්කොටගෙන වඩාත් අර්ථවත් ලෙස සැමරීමට හැකිවේවා යන්න කෝරළේ මහත්තයාගේ පැතුමයි.








                   මෙන්න මෙහෙමලු යැංකි හමුදාවේ උදවිය 

                           salute එකක පින්තූර හොයද්දි ආවේ ඔන්න ඔහේ ඒකත් දාලා දැම්මා.









                                                   රසය හඳුනන උන්ට පමණයි.

106 comments:

  1. මට යන්න බැරිවෙයිද අර යැංකි හමුදාවට :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. උඹ නම් හරියන්නේ ඒකට තමයි...

      Delete
    2. කරෝල කොතැනද..රජා ඒතෑන.

      Delete
    3. මටත් යන්න ඕනා යැංකි හමුදාවට...

      Delete
    4. සිරාවට මමත් යන්න ඉන්නේ ඔය හමුදාවට හැට පැනපු උන්දලා ගන්නවද දන්නේ නැහැනේද?

      Delete
  2. ඔහොම උන තියෙන එවුන් කොහෙත් ඉන්නවා මල්ලි

    ReplyDelete
    Replies
    1. අනිවා අයියේ නිල ඇඳුමේ බලය අයථා ලෙස භාවිතා කිරීම කියන්නේ ඕකටයි.

      Delete
  3. දූෂිත පාලකයන් ඉන්න හැම රටකම තත්වේ ඕකයි ..

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් මෙව්වට පිළියම් යොදන්නේ නැහැනේ කවුරුවත්.

      Delete
  4. machan passe ennam, dan welaa naha..
    (post eke thiyena samahara ewa lankawe
    neethiyen thahanam wachan keepayak have...)

    ReplyDelete
    Replies
    1. ඒ මොනාද සහන් නීතියෙන් තහනම් වචන????

      Delete
  5. ඩුඩ් ටයි ඔයාටයි දෙන්නටම එකම සන්තැසියනේ වෙලා තියෙන්නේ....
    මගේ රට සදා දිනේවා...

    ReplyDelete
    Replies
    1. ආයෙදත් අහල නලින් අයියේ. මෙලෝ රහක් නැහැ. එකෙන්ම ලංකාව සැමදා දිනේවා.

      Delete
  6. එලම එල වැඩේ.බොරුවට පුප්පන උන්ට ඔහොම වෙලා මදි.
    පොලිසිය....ලංකාවේ අපෙ පොලිසිය...
    ජනතාවගෙ හිත දිනාගත්ත අපෙ පොලිසිය......
    ලංකාවේ........

    ReplyDelete
    Replies
    1. හික්ස් රන්දු අපේ පොලිසිය දක්ෂයි. හොඳ නිලධාරින් ඉන්නවා ඒත් මේවගේ හාල්පාරුවෝ නිසා ඔක්කොම අවුල් වෙනවා.

      Delete
  7. මොනවා වුනත් යුද්දයේ කටුකම කොටසක් ඉටු කරපු කොටසක් තමයි මේ ග්රාමරෂ්ක බලකාය. එක් කෙනෙකුගේ දෙන්නෙකුගේ අසත්පුරුෂ ගති නිසා සියල්ලම ඒ ගොඩට දාන්න නරකයි. අපිටත් මෙවැනි අය හමු වී ඇත.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි අයියේ කොතනත් වෙන්නේ ඕකනේ. මම කියන්නේ නැහැ ඔක්කොම එකයි කියල. නමුත් හමුදාවේ කිසිම කෙනෙක් මට මේවනතුරු හමුවෙලා නැහැ මෙවැනි දේවල් කරන.

      Delete
  8. නිහතමානිකම කියන එක උපරිමයෙන් තියෙන්න ඕන හමුදා පුද්ගලෙයකු තුල.ග්‍රාම අරක්ෂක භටයාගේ හැසිරිම්,රාජකාරි පිළිබඳව හරි දැනුවත් කිරීමක් සහ හරි විදියට පාලනය කිරීමට පොලිසිය සතු වගකිමකි.ඔබ විදියට හිතන පතන පුතුන් මේ ලංකාවට අවශ්‍යයි.එක්තරා ඇනෝ කෙනෙකු කියලා තිබුණු නිකන් සිට පඩි ගන්නෙ හමුදාව කියලා.කුහක සිත් ඇති අය ලංකාවේ සිටින තාක්කල් මේ රට දියුණු වන්නෙ නැත.රජයේ කාර්්‍යාල වලට ගියාම වැඩ නොකර පඩි ගන්නා කී දහාක් ඉන්නවද කියලා හිතෙනවා.රණවිරුවෙකුගෙ ජිවිතය එසේ මුදලට සම කළ හැකිද.අද වන විට මිය ගිය සහ අබාධිත ජිවිත වල වටිනාකම මැනිය හැකිද? කෝරලේ මහත්තයත් පවුලේ සියළු දෙනාටත් මාතර බෝ සමිදු පිහිට අශිර්වාදය ලැබේවා!
    අපරාදේ කතරගම ගිය විත්තිය දන්නවා නම් අපේ පැත්තටත් එන්න කියන්න තිබුණා.
    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. අවන්කයෙන්ම කියනවනම් මම පෞද්ගලිකව පොලිසියට කැමති නැහැ. මම දන්නවා හොඳ නිලධාරින් ඉන්නවා කියල නමුත් මට හම්බවෙලා තියෙන්නෙම මේ වගේ උනහපුළුවො විතරයි. නමුත් මම පැහැදිලිව කියනවා හමුදා නිලධාරීන්ගේ විනය ඒ අතින් නම් සුපිරියි කියල. අදටත් මගේ ජීවිතේදී මම සර් කියල කතාකරල තියෙන්නේ ආරක්ෂක අංශ වල සේවය කරන අයගෙන් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට පමණයි. ඒ ඔවුන් ඒ සැලකිල්ල ලැබීමට සුදුසු නිසාවෙනි. ඇනෝ හිවල්ලු කියන දේවල් ගනන්ගන්න එපා උන් කියන්නේ කොන්ද පණනැති අවලම් හැත්තක්.

      Delete
    2. මමත් පොලීසියට බින්දුවක්වත් කැමති නෑ.ඇත්තටම පොලිස්කාරයෙකුට යම් කරදරයක් වුනා කියල නිව්ස් එකක් ගියත් මට කිසිම දුකක් නෑ.මොකද පොලිස් නිලධාරියා කියන්නෙ හිංසාව ආතමය කරගත්ත කෙනෙක්.හැබැයි දෙවිවරු වගෙ අයත් ඉන්නවා.බහුතරය ගත්තොත් නම් හැම නරකක්ම සංකලනය කරල මවපු භූතයෙක් වගෙයි.අහවල් හොදදේ පොලිස්කාරයෙකුට තිබෙනව කියල කියන්න බෑ.1%කට ඇරෙන්න.1%කටත් අඩුවෙන් හොද අය ඉන්නවා

      Delete
    3. හොඳ අය ගැන මට දැනගන්න ලැබුණු විස්තරයකුත් ඔන්න මම ලිව්වා.

      Delete
  9. උඹ මේ කතාව කිව්වාම මගේ හිතේ අමාරුව පෝඩ්ඩක් විතර අඩුවුනා බං කෝරළේ මහත්තයෝ. මොකද සමාන අත්දැකීම් තියෙනකොට වේදනාවත් බෙදිලා යන නිසා වෙන්නැති. ඇත්තටම මේ වගේ දේවල් අපේ තරම් සාක්ෂරතාවයක් තියෙන රටකට නෙවෙයි, අප්‍රිකාවේ නොදියුණු රටකටවත් ගැලපෙන්නෙ නෑ.

    අර ආදර්ශ පාඨය නම් මරු බං.

    හැබැයි පොලීසියෙත් මහත්මා ගති තියෙන මිනිස්සුත් ඉඳ හිට ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. අප්පේ අප්‍රිකාවට වඩා පහත රටක් හැටියට සලකන ඉන්දියාවේත් මේ තරම් පහත පෙලේ වැඩ වෙන්නේ නැතිව ඇති.
      හිකිස්........
      අනිවා මට එහෙම මිනිස්සු ගැනත් කතාවක් පෙරේදා කෙනෙක් කිව්වා ඒකත් මම ඊළඟ පොස්ට් එකේ දාන්නම්.

      Delete
  10. තමන් දරන තනතුරේ ගෞරවය රකින්න දන්නෙ නැති අය ඒ තනතුර දරන්න සුදුසු නෑ. රාජකාරි ගෞරවය රකින්නෙ නැති අයට විරුද්ධව විනය පරීක්ෂණ කියල ජාතියක් තිබුන උනත් දැං ඒවත් නිකංම විගඩමක් වෙලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. තනතුර තියෙන්නේ මහජනයාට සේවයක් කරන්න. මු හදන්නේ අපිව සපත්තුවට පාගන්න. කමිටු ගැන නම් කියල වැඩක් නැහැ.

      Delete
  11. ඔන්න ඔය වගේ උන් ඉන්න හින්දා තමා අද නිකම්ම ගම්බට්ටා , පොලිස්කාරයා වගේ වචන අපිටත් පුරුදු වෙලා තියෙන්නේ. එහෙම කතා කරන එක නිල ඇදුමට ගෞරවයක් දෙන විදිහට හැසිරෙන නිලධාරීන්ටත් අගෞරවයක් උනත් ඒ අය අතරම ඉන්න බහුතරයගෙ හැසීරීමෙන් වැදගත් අයත් පහලට වැටිලා..

    ReplyDelete
    Replies
    1. හරියටම හරි මලයෝ පොස්ට් එකෙන්ම කියන්න ඕනේ දේ ඔයාගේ කොමෙන්ට් එකේ තියෙනවා.

      Delete
  12. අනේ කෝරලෙ මහත්තයො නූගත් උන්ට නිල ඇදුමක් හම්බ උනාම ඔහොම තමා නිල ඇඳුමෙ ගරුත්වයවත් ආරක්ශා කරගන්න දන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. ඒකට ලොකු අයියේ නූගත් කම විතරක් නෙවෙයි. මහන්තත්ව කමත් බලපානවා.

      Delete
  13. ගම්බට්ටා කියලා දාලා තිබ්බ මාතෘකාව දැකලා මං ආවේ අද නං කෝරළයට ටොක්කක් අනිනවා කියලා හිතාගෙන... මොකද ඒක ඇත්තටම ග්‍රාමාරක්ෂක කියන නිලය පහත් කරලා කතා කිරීමක් නිසා... ඒත් වෙලා තියෙන වැඩේ දැක්කම එහෙම කියපු එක සාධාරණයි කියලා හිතෙනවා...

    ඒත් කීපදෙනෙක් මෙහෙම උනත් බහුතරයක් අය ඇත්තටම යුද්ධය කාලෙදි ලොකු සේවයක් කළා.. ඒක නිසා ඇත්තටම ආමි කාරයා, පොලිස්කාරයා, ගම්බට්ටා වගේ වචන භාවිතාව අඩු කරනවා නම් හොඳයි කියලා මට හිතෙනවා... මම පෞද්ගලිකව නම් ඒ වචන පාවිච්චි කරනවා අඩුයි..

    ReplyDelete
    Replies
    1. අක්කේ අක්ක දැකල තියෙනවද මම එහෙම කතාකරනවා කවදාවත්ම???? කිසිම ආරක්ෂක අංශ සාමාජිකයෙකුට මම එහෙම කියන්නේ නැහැ, නමුත් පොලිසියට මගෙන් කිසිම සැලකිල්ලක් නැහැ.

      Delete
  14. හික්ස් නියම සිද්දිය ඔය වගේ තමා කරන්න ඕන ඕකුන්ට කට උත්තර නැති වෙන්න.ගම්බට්ටෝත් වෙලාවකට OICලා වෙන්න හදනවා.

    ReplyDelete
    Replies
    1. පොයින්ට් අල්ලලා කතාකල නිසා කට උත්තර නැතිඋනා.

      Delete
  15. හ්ම්ම්..කොහොමත් බං ලංකාවේ අපේ පොලිසිය හරිම හොඳයි වෙන නැත්නම්!

    ReplyDelete
    Replies
    1. හරියටම හරි නාඩියෝ...... මෙලෝ රහක් නැහැ.

      Delete
  16. නුසුදුසු අයට පොඩි හරි බලයක් ලැබුනම උන් හිතන්නේ අනිත් අය ඔක්කොම උන්ට වඳින්න ඕනේ කියල. පොලිසියේ ආදර්ශ පාඨයේ තේරුමවත් නොදන්නා අය කී දෙනෙක් නම් ඇද්ද ඕක අස්සේ..
    (කොහෙන්ද බං මේ ෆොටෝ හොයා ගන්නේ :D)

    ReplyDelete
    Replies
    1. කූඹියාට වතුර බිංදුවත් මහා සාගරයක්ලුනේ අයියේ. මම ඇස්දෙකෙන් දැකල තියෙනවා එහෙම උන්.
      ගූගල් දෙයියොන්ට පින්සිද්ද වෙන්න තමයි.

      Delete
  17. ඌ ගම්බට්ටෙක් නෙමේ බන් ගොම්තැම්බක්.... පාස් පෝර්ට් එක ජාත්‍යන්තරව පිළිගත් හඳුනාගැනීමේ සහතිකය.. මෙහෙත් අයිඩී එක නැතත් පාස්පෝර්ට් එක තියනවනම් පිළිගන්නවානේ..

    මලේ, උඹ ඌව කිචම කරලනෙ බන්... ඌ නිළ ඇඳුම සම්පූර්ණ කර ගත්තද නැත්නම් ගලවලා දාලා ගෙදර ගියාද දන්නෑ... :-)

    ආදර්ශ පාඨෙනම් ටක්කෙටම හරි.. උන්ටම තමා ඕකා ගැලපෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. ඒක නිසා තමයි අයියේ මට කේන්ති ගියේ. මම මේ අරාබි රටවල් වලින් 6ය 7කට ගිහින් තියෙනවා.ඒ හැම එකකදීම මට ඕනේ කලේ ලයිසන් එකයි පාස්පෝර්ට් එකයි විතරයි.

      දෙන්න තියෙන එකේ දුන්න අයියේ දොඹේන්ම. ආයෙම ආව වඳුරෙක් වගේ ඔලුව කස කස

      හිකිස්....

      Delete
  18. කියන්නට සිටි සියල්ල අන්තිම ෆොටෝ කෑල්ල නිසා අමතක විය. කියවූ බව දැනගන්නට තිතක් තබා යමි.
    .

    ReplyDelete
    Replies
    1. හොල්මන්ද පොල්කොළ තමයි කිව්වලු. බොහොම ස්තූතියි.

      Delete
  19. පොලිසියයි හමුදාවයි අතර ඔය කියන වෙනස මමත් දැකල තියනවා. විනය පැත්තෙන් ගොඩක් වෙනස්. පොලිසියට මිනිස්සුන්ගේ තියන ගෞරවය නැති වෙන්නේ ඔය උස් තැන් දැක හැකිලෙන මිටි තැන් දැක පුප්පන සීන් එක නිසා තමා ගොඩක් වෙලාවට.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි සයුරි අක්කේ මම කියන්නෙත් ඔය ටිකම තමයි.

      Delete
  20. පොඩි මිනිස්සුන්ට තමා ඕකුන්ගෙ ගෑස්..!

    ලොකු වාහනයක ගියානම් නවත්තයිද..?

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද අයියේ. අපේ හෝමාගම කෑම්ප් එක කිට්ටුව ඉන්නවා ට්‍රැෆික් බුවාලා දෙන්නෙක් බයික් එකේ යන හැම සැරේම නවත්වනවා. හැබැයි වාහන දිහා ඇහැක් ඇරලා බලන්නේ නැහැ.

      Delete
  21. මම හිතන්නේ ලංකාවේ වගේම ඉන්දියාවේ පොලීසියත් චව්වම තමා. වෙන රටක මිනිස්සුන්ගේ හිතේ පොලීසියට තියෙන සැළකිල්ල සහ ගෞරවය විහින් නැති කරගෙන තියෙන්නෙත් ඒ අයමයි. ල\ම්කාවේ ඉතින් " පොලීසිය " කිව්ව ගමන් කියන්නේ " ජරා පප්පො " කියලනේ. කතාව බොරුවක් නෙමේ. හැමතැනකම ඔය වගේමයි...

    අර සැලියුට් පින්තූරේ හරි අපූරුයිනේ...හි හි හී

    ReplyDelete
    Replies
    1. හරියටම හරි අක්කේ. ඉන්දියාවත් ලංකාවත් දෙකම එකයි. ජරා බාප්පලා කියලත් කියන්නේ. සිරාවට
      අපෝ.... ඒකත් දැක්කද? මම නෙවෙයි දැම්මේ හොඳේ..........:P

      Delete
  22. //පැ.ලි. මෙහිදී සඳහන් කලයුතු වැදගත්ම කරුණක් වන්නේ. පොලිස් නිලධාරින් සහ ගම්බට්ටන්ගේ තත්වය මෙසේ වුවත්. ත්‍රිවිධ හමුදා නිලධාරින් අතර මෙවැනි ගති නැති බවත් (ඇතත් මටනම් හම්බවෙලා නැහැ) ඔවුන් ඉතා ආචාරශීලීව අවශ්‍ය රාජකාරිය පමණක් ඉටුකරන අයුරු මම සෑහෙන්න දැක තිබේ. එවැනි උතුම් ගති ගුණ රැගත් අපේ ත්‍රිවිධ හමුදා සොයුරු සොයුරියන්ට මේ ගෙවන නිදහස් දිනයේදී මාගේ උත්තමාචාරය.//

    මට නම් ඔය එක ** බල්ලෙක් වත් පෙන්න බැහැ මල්ලි, උඹ දන්නවද දවසක් galle road එකේ බම්බලපිටිය හරියේදී කාර් එකක් wrong side එකෙන් මාව over take කරලා හරස් පාරකට හරවන්න ලෑස්ති උනා. එකා wrong side එකෙන් අව නිසා මම ඉඩ දුන්නේ නැහැ. පිටිපස්ස බලන කන්නාඩියෙන් එතකොට තමයි දැක්කේ යුහ වාහනයක් කියලා. මු මව over take පර හරස් කරලා මට පිස්තෝලයක් දික් කරලා කියනවා තොට මෙතන වෙඩි තියනවා කියලා.

    තව දවසක් සුපර් මාර්කර්ට් එකක පර්කින්ග් එකක පර්කින්ග් ස්ලෝට්ස් දෙකක් අහුවෙන්න යුහ ජීප් එකක් ගහලා, මම මුට කිවා ඔෆිසර් කරුණා කරලා වහනය එක ස්ලොට් එකක ගහන්න එතකොට මගේ කාර් එකත් පාර්ක් කරගන්න පුළුවන් කියලා. මේක කියුව විතරයි මු මට බැනල ගහන්න ආවා.

    ඔන්න උන්ගේ හැටි. යුද්දේ කරපු එක එක දෙයක් යුද්දේ කර කියල මුන්ට මේ රට ලියල දීල ද?

    ReplyDelete
    Replies
    1. මී හරක් කියන ජාතිය හැමතැනම ඉන්නවා අයියේ, හැබැයි ප්‍රතිශතයෙන් හමුදාවේ අඩුයි කියලයි මම කියන්නේ.

      Delete
    2. එකනම් එහෙම තමයි.

      Delete
    3. මට හමුවෙලා තිබෙනවා මේ රටට ගැලපෙන්නෙ හමුදා ආන්ඩුවක්ය කියන ගොන් වහන්සේලාත්.
      පාකිස්තානයෙ කතාවක් තිබෙනවා එක් පුද්ගලයෙක් බසයක යනවිට ඔහුපිටිපස්සෙන් ආ කෙනාගෙන් අහනව ඔයා වැඩකරන්නෙ හමුදාවෙද කියල
      උත්තරේ "නෑ"
      එහෙනම් පොලීසියෙද
      "නෑ"
      නෑදැයෙක්වත් හමුදාවෙ හරි පොලීසියෙද?
      " නෑ"
      දන්න අදුරන කෙනෙක්වත්
      "ඒත් නෑ" ඇයි මේ එක එක ප්‍රශ්න
      ඔයාගෙ සපත්තුවට මගෙ කකුල පෑගිලා හමුදාවට හරි පොලීසියට සම්බන්ධයක් නැත්නම් පොඩ්ඩක් කකුල එහාට ගන්නවද කියල

      Delete
    4. ඒකට නම් අපිත් එකඟ නැහැ හමුදා ආණ්ඩුවක් අපිටනම් එපා

      Delete
  23. කලබලයි කලබලයි පස්සේ හමුවෙමු

    ReplyDelete
    Replies
    1. මොකද වයිපරේ ගහන්න එලවනවා වත්ද?

      Delete
  24. පොලිසියත් එක්ක තිබුන තරහත් ගියා...

    පිස්සු පීකුදු....

    ReplyDelete
  25. නුසුදුස්සන්ට ලොකු ලොකු පදවි තානාන්තර දුන්නම ඔහොම තමයි කෝරළේ.. පොලීසියද, හමුදාවද, ගම්බට්ටද කියලා නෑ.. කටුස්සෙක්ගෙ කරේ රත්තරන් බැන්දම ඌ ඔහොම නටනවා තමයි ... පොලීසිය ගැන නම් කතා කරන්න දෙයක් නෑ ඇත්තටම ... :/

    ReplyDelete
    Replies
    1. හරියටම හරි ලකියෝ. සිරාවට.

      Delete
  26. ම්ම්ම්.... බහුතරයක් අය ඔය වගේ තමා.....ඒ නිසා හරියට තමන්ගේ සේවය කරන මිනිස්සුන්ටත් තැනක් නෑ.....
    අර ආදර්ශ පාඨය නම් එළම තමා ඈ....

    ReplyDelete
    Replies
    1. හොඳ මිනිස්සු හිටියත් මේවගේ උන් නිසා ඔක්කොම චා වෙනවා.

      Delete
  27. මචං යුද්ධෙ කාලේ මායිම් ගම් වල ග්‍රාමාරක්ෂක නිලධාරීන් ගොඩාක් ලොකු සේවයක් කළා.අනිත් එක උන් පොලිස් බුවාල තරම් චාටර් නෑ.හොද එවුන් අතරේ ඉන්නවා නේ අමුතු ජාතියේ ගොන් පාර්ට් කාරයෝ.අන්න එහෙව් ජාතියේ එකෙක් වෙන්න ඇති උඹට එදා සෙට් වෙන්න ඇත්තේ :)

    ReplyDelete
    Replies
    1. සේවය කළා හොඳ අයත් ඉන්නවා මම කියන්නේ මේ වගේ එකෙක් දෙන්නෙක් හිටිය කියන්නේ ඔක්කොගෙම නම කැත වෙනවයි කියන එකයි.

      Delete
  28. විනයක් නැති රටක කොහෙන්ද විනයක්.. තනතුරට වඩා වැදගත් හැදියාවයි.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි දයා අයියේ විනයට අමතරව නිහතමානී කමත් ඔතනට එකතුවෙන්න ඕනේ.

      Delete
  29. මං duda මාමගේ පොස්ටුවේ දාපු කමෙන්ටුවම මෙතනින් අලවනවා......... පොලිස් ලොක්කෝ කෙසේ වෙතත් ගොඩක් පොලිස් පොඩ්ඩෝ ඉන්නේ ලොකු පීඩනයකින් [පොලිස් ලොක්කොන්ගෙන් / දේශපාලුවෝන්ගෙන් ] ඒ පීඩනය තමයි බොහෝ වෙලාවට අපේ පිටින් යවන්නේ , ඔය මිනිස්සු පාරේ දූවිලි වැදි වැදි , අව්වට කරවේවි , වැස්සට තෙමි තෙමි කරන සේවයත් අපි අගය කරන්න ඕනේ , මේ මිනිස්සුන්ගේ මානසික තත්වය හොද විදියට පවත්වාගෙන යන්න වැඩ පිළිවෙලක් තිබුනොත් මේ මිනිස්සු මීට වඩා ප්‍රියමනාපව ඒ ගොල්ලන්ගේ රාජකාරිය කරාවි

    ReplyDelete
    Replies
    1. නමුත් අපිත් ඇති හැකි උදවිය නෙවෙයි නේද> යන්තම් එදා වේල හම්බකරන් කන අපිට සද්දේ දානවට වැඩිය පොඩ්ඩක් හයිරම් කාරයෙක් දළ කාරයෙක්ට සද්දේ දැම්මනම් මොකද?

      Delete
    2. පොලිස් පොඩ්ඩන්ගෙ තිබෙන්නෙ පාතාල මානසිකත්වයක්.ඔවුන් පීඩනයකින් ඉන්නව වෙන්නත් පුලුවන්.නමුත් ඔවුන් කියන්නෙ දවසෙ ආදායම පාරෙන් හොයාගන්නව කියල.මට නම් ඔය කියන කිසිම යුනිෆොර්ම් කාරයෙකුගෙන් ප්‍රශ්නයක් වෙලා නෑ.මම නම් කටගහගෙන යන්නෙ නෑ.මොකද මට නින්දාවක් මේ අය එක්ක රන්ඩු වෙන එක

      Delete
    3. කට වහන් ඉන්නවා කියන්නේ එයාලට ඒ වගේ වැඩ කරන්න අනුබල දීමක් නෙවෙයිද? මොකද දවසකට සෑහෙන්න පිරිසක් ඔවුන් නිසා අපහසු තාවයකට පත්වනවා. එකෙක්ට හරි පාඩමක් ඉගැන්නුවනම් ඒක මගේ හිතට සතුටක්

      Delete
  30. යැංකී හමුදාව ශෝක් බං... :D

    ReplyDelete
    Replies
    1. හිකිස් යන්න හිතෙන්නේ එහෙම නැද්ද දිනේෂ් අයියේ.

      Delete
  31. උස් තැන් දැක හැකිළෙන්නේ මිටිතැන් දැක පුප්පන්නේ කියන කථාව නම් මසුරන් පහයි, හැබැයි පොලිසියෙ, හමුදාවෙ කියලා නෑ කොතැනත් ඉන්නවා ගඳ ගහන උන්!

    ReplyDelete
    Replies
    1. හිකිස්.......... ඒ වගේ ගඳ ගහන උන් නිසා ඔක්කොම අබ්ලික් වෙනවා.

      Delete
  32. අපේ රටේ පොලිසිය බටහිර රටවල විතරක් නෙමේ ඩුබායි පොලිසිය තරම් වත් විනය ගරුක පොලිසියක් වෙන දවස පේන තෙක් මානෙක නෑ බන්. හරිම දුකයි ඒ ගැන හිතද්දී . . .!

    ReplyDelete
    Replies
    1. සිරාවට දුකා අයියේ අපේ පොලිසියේ දක්ෂ නිලධාරින් ඉන්නවා. නමුත් මේ හරක් වගේ උන් නිසා අර හොඳ මිනිස්සුත් නරකට හංවඩු ගැහිලයි තියෙන්නේ.

      Delete
  33. අජෝව්.. ලොක්කට මිලියන ගණන් හොයන කොට අපේ දුප්පත් කමෙන්කටු මතක නෑ.. අම්මප මුං වගේ කෝරලයෝ..

    මට පොලීසිය හා ගම්බට්ටන් ගැන (උන් මොනව කරත්) ඇත්තටම දුකක් දැනෙනවා.. දැං බලන්න උඹේ කතාවේදි ලොකු අයියා හොදට හරි බරි ගැහිලා බලං හිටියේ මිනිහට ලොක්කෙක් හින්දා අරුන් දෙන්නව සම්බොල කරන්න පුළුවන් හින්ද.. තරු 3 අයියට තරු නෙමෙයි රාජ්‍ය ලාංඡනේ ගහපු පොරක් සත්තම දැම්මනං අයියා සද්දේ දානවද නෑ... අන්න ඒකයි කියන්නේ හැම දාම වගේ මිටි තැනින් ගලනවා. ඉතිං අර ගම් බට්ටා අර කෙරුවේ පීසීගේ රාජකාරිය. ඌ පීසී ටත් සර් කියන්න ඕන.. මේක ක්‍රමයේ වැරැද්දක්.. හදාගන්න ඕන නැති කමක්.. ඔබ දන්නවනේ වෙන රටවල පොලිස් නිලධාරින් සෑහෙන්න පුහුණුවක් ලබනව, ගැටුම් කළමණාකරනය, විරෝදතා මැඩලීම, ගෞරවෙයෙන් රාජකාරි කිරීම. එහෙම දේවල් නෑ අපේ උන්ට.. ඒකයි ඒ පීඩනය කාගෙන් හෝ යවනවා. වැඩිය ඕන නෑ.. බං.. ලොක්කා කුජීත වෙන්න බැන්නොත් උඹේ මේසෙ උඩ තියෙන ඒව නේද උඹේ හයිරං බලන්න ඕන.. වැරැද්දක් තියෙනවා.. මම නං කොහොම උනත් අනුකම්පාවෙන් උන් දිහා බලන්නේ.. හැබැයි පොලිස් කාරයෙක් අම්ම තාත්ත උනත් විස්වාස කරන්න නාකයි..

    ReplyDelete
    Replies
    1. අනේ නැහැ අයියේ වෙලාවක් නැති කම තමයි වැඩේ. ඔයා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා.

      Delete
  34. හෝව් හෝව් අන්න බොගේ ඔරලෝසු ලඩිය පෝස්ට්කටුවේ මූනේ වැදිලා...

    ReplyDelete
  35. කොහොමත් පහත් තැනින් නෙ වතුර ගලන්නෙ. මේ ගොල්ලන් ඉන්නෙ ලොකු පීඩනයක. ඒ අයගෙ ගෙවීම් වෙන රටවල් එක්ක බලන කොට සොච්චමයි. ඉතින් , මේ ගිනි අව්වෙ කට්ට කකා ඉන්න එකම මදෑ. ඒ නිසා ටිකක් අනුකම්පාවෙන් බලන්න කියලයි අපි නිතරම කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. මම කියන්නේ එතන උනේ පහත් තැනින් වතුර ගැලීම විතරක්ම නෙවෙයි. බීමත් කමත් ඔය සිද්දවුන දේට මුල් උනා කියලයි මම කියන්නේ.

      Delete
    2. ඒ කතාවට මමත් එකඟයි.ඌරෙක් සිංහයෙක් එක්ක සටනට ආවම සිංහය පසු බැස්සලු.ඌර එක්ක සටන් කරන එක මදිකමක් කියල.ග්‍රාමාරක්ෂකය ඌරට උපමා කිරීමක් නොවෙයි.කෝරලේ මහත්තය වගෙ උසස් කෙනෙකුට තරම් නොවන දෙයක් මේක.තරහවෙන්න එපා මෙහෙම කිව්වට මේ වගෙ වැඩ කරන්නෙ හීනමාන තියෙන අය

      Delete
    3. එහෙමත් පරිජ්ජේදයක් තියෙනවා නේද??????

      Delete
  36. පොලිසිය... ලංකාවේ පොලිසිය...!!!

    මම දන්නා තරමින් විනය අඩුම තැනක තියෙන්නේ කොහෙත් පොලිසි.

    ReplyDelete
    Replies
    1. හිකිස්.........

      අනිවා අයියේ. :)

      Delete
  37. පොලිසි ගැන නම් එපා බොලව්... අප්පිලියයි !!!!!!!
    අඩේ මම බැලුව මුගෙ පෝස්ට් දැන් නැද්ද කියල.

    සොරි වෙනඩෝනි අදයි ෆලෝ වුනේ..

    ජය !

    ReplyDelete
    Replies
    1. සිරාවට මටනම් වමනේ යනවා. වැඩ වැඩියි සෑමා අයියේ. එල එල පරක්කුවෙලා හරි ෆලෝ එකක් දුන්නනේ.
      ජයවේවා!!!

      Delete
  38. US THAN DAKA HAKILENNE MITI THAN DAKA PUPANNE NIYAMAI EKANAM POLICE AYA VITHARAK NEMEYI GURUWARU HEDIYO HAMOMA EHEMI PUNCHI MINIHA HAMADAMA THALENAWA EKA ME LOKE HATRIYAK POLICIYA GANANAM KATHA KRALA WADAK NA ANITH EKA PANSALAKA HAMUDURUWO KENEK UNATH EHEMAI LOKU MANUSSAYATA VITHARAI SALAKANNE SAMAHARA HAMUDURU WARU DUPATH GEDARAKA MARANEKATA DANEKATAWATH WADINNE NA APE PATHTHE EHMA PANSALAK THIYENAWA

    ReplyDelete
    Replies
    1. හැබෑටම මේක සිංහලයාගේගතියක්ද කියලත් වෙලාවකට හිතෙනවා නමුත් ඔය වැඩේ මහ නිවට වැඩක්. මොකද කියනවනම්.තමුන් හැප්පෙන්න යන්න ඕනේ නැවත තමුන්ට අභියෝගයක් එල්ලකරන්න පුළුවන් කෙනෙක් එක්ක අහිංසකයොන්ට සද්දේ දාලා සිංහ වෙස් ගන්න අය තමයි ගොඩක් දුරට පොලිසියේ ඉන්නේ. ගොඩදෙනෙක් කියන විදියට ඒක මේ සමාජක්‍රමේ වැරැද්ද

      Delete
  39. පවු බන්...ඔය නිලධාරීන් ඉහළ නිලධාරීන්ගෙන්/ දේශපාලන බලවතුන්ගෙන් නිතරම තැලෙන පොඩිවෙන උදවිය නොවැ...නිලඇදුම ඇදගෙන තමන්ගෙ දරු පවුල නඩත්තු කරන්න නොවැ වෙහෙසෙන්නෙ...මට එහෙම හිතන හින්දද මන්දා..මට පොලීසියෙ ඇත්තො ගැන ඇතිවෙන්නෙ අනුකම්පාවක්...

    උස්තැන් දැක හැකිලෙන්නේ - මිටි තැන් දැක පුප්පන්නේ...ඔන්න ඔය අටමගලෙ නැවතුන දවසට තමයි ලංකාවෙ පොලෝසිය නියම තත්වෙට ගන්න පුලුවන්...

    ReplyDelete
    Replies
    1. මමත් කැමතියි හොඳ වැදගත් අවංක නිලධාරින් දකින්න. මටනම් අනුකම්පා හිතෙන්නේ නැහැ

      Delete
  40. හයියෝ... ඔය වගේ තැන්වල ඉන්න අයට හැඳුනුම්පතක් වශයෙන් පිළිගන්න පුළුවන් දේවල් ගැන අවබෝධයක්වත් දීලා නැද්ද එතකොට.... ඇත්තටම ඒ මනුස්සයා ළඟින් කසිප්පු ගඳත් ආවද කෝරළේ....

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා යාලු.... කසිප්පුද මොකක්ද කියන්න දන්නේ නැහැ. හැබැයි බාල සැර අරක්කු සුවඳක් ආවේ. ගල් හරි කසියා හරිවෙන්න ඕනේ කියල තමයි ලොකු අයියා කිව්වේ

      Delete
  41. පරක්කු වෙලා ආවට තරහ වෙන්න එපා.හැමදාම ඉන්ටනෙට් එන්න හම්බවෙන්නෙ නැතිනිසා කොමෙන්‍ටු දාන්න පරක්කු වෙනවා. පොලිසියෙ අය හරි අවස්තාවාදියි කියල දැනුනෙ අපේකාරෙක ඇක්සිඩෙන්ට් වුනු වෙලාවෙ.අපේ ගෙවල් පැත්තෙ කාලෙකින් ආවෙ නැ නේද?

    ReplyDelete
    Replies
    1. අනේ මහත්තයෝ තරහ වෙන්න එපා මම වැදගත් ලිපි කවදාවත් උඩින් පල්ලෙන් කියවන්නේ නැති කෙනෙක් සෑහෙන්න වෙලාවක් අරන් මනසට ධාරණය වනපරිදි කියවීමට අවශ්‍ය නිසා මම ඇතිතරම් වෙලා ඇතිවෙලාවක තමයි ගොඩවදින්නේ. මේදවස් වල සෑහෙන්න වැඩ suicide කරගන්න හිතිලා තියෙන්නේ මී ඇස්දෙක පල්ලා. :) පොලිස් කාරයෝ නිතරම බලන්නේ බඩ වඩාගැනීම විතරයි.

      Delete
  42. ඉතාම ගෞරවණීය විදියට රාජකාරිය කරන්න පුලුවන්කම තියෙද්දි සමහර පොලිස් නිලධාරීන් හැසිරෙන විදිය නින්දිතයි. කොහොම උනත් නීතියේ ආධිපත්‍යය මේ තරමින් වත් ‍රැකිලා තියෙන්නෙ පොලිස් නිල ඇඳුම නිසා කියලා හිතලා හිත හදාගමු, කෝරලේ පුතේ. ඒක නැතිවෙච්ච දවසට අසූව පැනපු ගෑණියෙකුටවත් පාරක යන්න බැරි වෙයිනේ.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඒ කතාව නම් අසාධාරනයි.පොලිස්නිළධාරීන්ට ලැබෙන වරප්‍රසාද වලට සාපේක්ෂව හික්මීමත් අවශ්‍යයි.නැත්නම් සිවිල් අය බල්ලො බලල්ලු ගානට වැටෙනව

      Delete
    3. අපි අනවශ්‍ය ඉලීම් කරන්නේ නැහැ රට වැසියෙකුට හිමි තැන ලැබුනාම හොඳටම ඇති. ප්‍රශ්නේ මේ ගෝතයෝ කතාකරන්න දන්නේ නැති අය.

      Delete
  43. උන්ගෙ තත්වෙ නැති කරගන්නෙත් උන්ම තමා....

    ReplyDelete
    Replies
    1. ඉල්ලං කනවා කියන්නේ ඕකටනේ අයියේ... :)

      Delete
  44. මේ කතාව මම ආසාවෙන් කියෙව්ව.හැබැයි කෝරලේ මහත්තය තමන්ගෙ ලොකුකම හිතේ තියා ගෙන අර ගම්බට්ටව මඩෝල තියෙනවා.ඇත්තටම ඒ මනුස්සයගෙ මානසික තත්වය අපි තේරුම් ගන්න ඕන.ඔය අහිංසක මිනිස්සුන්ගෙ ගම්වල සාමාන්‍ය සෙබල කියන්නෙත් ලොකුම තත්වයක්.පොඩි ලමයෙකුගෙන් ලොකුවෙලා කවුරු වෙන්නද ආස කියල ඇහුවම කියන්නෙ ග්‍රාමාරක්ෂකයෙක් වෙන්න කියල.කෝරලේ මහත්තයල වගෙ ලොකු මිනිස්සු පොරපාට් දාන්න කලින් මේ වගෙ මිනිස්සුන්ගෙ මානසිකත්වය තේරුම් ගන්න ඕන නේද?
    ඕව කළා කියල කෝරලේ මහත්තයො ඔය මිනිස්සු මඩවන්න බෑ.වෙන එකම දේ කෝරලේ මත්තයට ආතල් එකක් ලැබෙන එක විතරයි
    මම නම් හැම තරාතිරමකම අය ආශ්‍රය කරනව.ඒ හැම කෙනාගෙම මානසිකත්වය දන්නව.මම කතා කරන්නෙත් පුද්ගලයට ගැලපෙන විදියට

    කෙනෙක් මඩවනව කියන්නෙ උසස් ගතියක් නොවෙයි.

    මම මේක දැම්මෙ මේක කියවල කෝරලේ මහත්තයට යම් ප්‍රයෝජනයක් ලැබෙයි කියල.නිහතමානී කම වටිනව.පිරුණු කලේ සෙලවෙන්නෙ නෑ වගෙ.

    ReplyDelete
    Replies
    1. "තමන්ගෙ ලොකුකම හිතේ තියා ගෙන අර ගම්බට්ටව මඩෝල තියෙනවා" එහෙම කරන්න හේතුවක් තියෙනවා ඒ මිනිහා කතාකරපු තාලේ කොහෙත්ම ගැලපෙන්නේ නැහැ ගොඩක් වචන මම දාල නැහැ ඒවා බ්ලොගේ දාන්න සුදුසු නැති නිසා. අනෙක තමයි මම ඒ වෙද්දී නිකන් විශ්ව විද්‍යාල සිසුවෙක් විතරයි. අදටත් හැබැයි මගේ එහෙම ඕකු කමක් හිතට ගත්ත ගතියක් නැහැ. හැබැයි එදා ඉඳලම මගේ ගතිය එහෙම ඉන්න අයව උපරිම මඩවන එක ඒ වගේ සිද්දි කිහිපයක් තියෙනවා දිගට ලියන්න පුළුවන් තව ලියන්න බැරි කිහිපයකුත් තියෙනවා මම කාටවත් අක්රදරයක් කරන කෙනෙක්වත් එහෙම කරන්න හිතන කෙනෙක්වත් නෙවෙයි. මම කවදාවත් මගේ හැකියාවන් යුතු විදියට අසාධාරණේ වෙනුවෙන් යොදවලා නැහැ. එහෙම කරන්න අදහසකුත් නැහැ. මම කාටවත් උඹ බං බොලන් කියල වත් කතා කරන කෙනෙක් නෙවෙයි හැබැයි ඒ විදියට මට කතාකලොත් ප්‍රසිඩන්ට් උනත් කමක් නැහැ මම කතා කරන්නේ උඹ බං හෝ ඊටත් පහත් කරලයි


      මම ඒ කරන මැඩවීම උසස් කමක් විදියට හිතන්නේ නැහැ. නමුත් ඒ අසවල් පුද්ගලයා තමන් ගැන තියන් ඉන්න අධිතක්සේරුව නැතිවෙන එක මට සතුටක්.

      ඔබගේ අවවාදය හිසනමා පිලිගන්නවා මම බ්ලොග් ලිව්වට අත්දැකීම් අතින් දැනුම අතින් තවමත් පරිපූර්ණ නැහැ. එක මම පිළිගන්න කාරණයක් මේ සමාජේ ජීවත් වෙන්න ඕනේ කරන දේවල් මම තාම ඉගන ගන්නවා. ඔබගේ අවවාදයට බොහොම ස්තූතියි.

      Delete

ඔයාල කොම්මෙන්ට් එකක් දාන්න වැය කරන තප්පර ගානත් ඔයාලට වැදගත් කියල මම දන්නවා එත් ඔයාලගෙන් අදහසක් මේ පිළිබඳව ලැබෙනවා කියන්නේ මට ඉදිරියටත් ලියන්න හොඳ මොර්ටිවේෂන් එකක් ලැබෙන එක. ලියන්න කල් මදිනම් තිතක් තියල යන්න එතකොට මම දන්නවා ඔබ මෙය බැලු බව. ස්තූතියි.........

Related Posts Plugin for WordPress, Blogger...