Thursday 20 June 2013

නයි කයිද රෝස් පාන්??????????????





අනේ අප්පේ කාලෙකින් ලිව්වේ නැතිව ඉඳල කෂ්ටියට මාව මතකදත් දන්නේ නෑ. මතක නැතිවෙන්නත් ඕනේ. මොකද වැස්සකටවත් වලව්වට ගොඩ උනේ නැහැනේ මම. ඒ උනාට මගේ සුහද මිතුරු පිරිසම දන්නවනේ මම මේ දවස් වල එන්නේ නැත්තේ මොකද කියල උදේ ඉඳන් රෑ වෙනකල්ම ලෙක්චර්ස්. බ්ලොගක් උනාම මේ විදියට මකුළුදැල් බැඳලා පාලුවට යන්න දෙන්නත් හොඳ නැහැනේ ගිය පාර මම දැම්ම නායකත්ව ලිපි මාලාවේ ලිපි දෙකකක් දැනටම සංස්කරණය වෙමින් තියෙනවා ඉඩක් ලැබුණු ගමන් ඒකත් දාන්නම් කෝ....... ඉතින් මේ පාර මම ලියන්නේ මේ ලඟකදී අපේ පුංචිටයි බාප්පටයි සිද්දවුනු අකරතැබ්බයක් පිළිබඳවයි.

මේ දෙන්න එංගලන්තෙට ගියේ දැනට අවුරුදු 10කට පමණ පෙර මල්ලි පොඩි කාලේ. ඉතින් පොඩි එකාට සිංහල බාශාව පිළිබඳව හරි වැටහීමක් නැහැ. කතාකරන ඒවා අහන් හිටියොත් දවසම හිනහ වෙන්න පුළුවන්. කොහොම හරි මේ දෙන්න ලඟකදී කතාවක් ගිහින් තියෙනවා මොන එයාර් ලයින් එකේද ලංකාවට එනකොට එන්න ඕනේ කියල. පුංචි කියනවලු බ්‍රිටිෂ් එයාර්වේස් එමු කියල බාප්පා කියනවලු ශ්‍රී ලන්කන් එමු කියල. ශ්‍රී ලන්කන් එකේ ඉතින් නොසෑහෙන්න බොන්නත් දෙනවනේ 
හිකිස්................. 



ඉතින් මේ දෙන්න  මෙහෙම බහින් බස් වෙනවලු 
බාප්පා:    මොනවා කරලා හරි යන්න ඕනේ ශ්‍රී ලන්කන් එකේ 

පුංචි:       අපෝ නැහැ බ්‍රිටිෂ් එකේ පහසු කම් හොඳයි 

බාප්පා:    මේ ක්‍රිෂාන්ති මමයි ගෙදර ගෘහමූලිකයා මම කියන දේ තමයි ඔයාල කරන්න ඕනේ 

පුංචි :    හරි හරි ලාල් ඔයා නම් කිව්වොත් කිව්ව එකමනේ බලන්නකෝ අක්කේ...........
 
මේ දෙන්නගේ ප්‍රශ්නේ විසඳන්න මැදිහත් වෙන්න උනේ අපේ මව්තුමියට තමයි.

ඒ අස්සේ මල්ලි අහනවා


මල්ලි : කවුද අම්මේ ගෘහ මූසලය කියන්නේ ??????????????? 



බාප්පා:      මොකක්?????????????

මල්ලි:     ක...වු....ද... ගෘහ මූසලයා කියන්නේ?????????

ඔන්න දැන් අපිට පැලෙන්න හිනහ මේ කතාවට. පස්සේ පුංචි තේරුම් කරලා දුන්න ගෙදර ප්‍රධානියාට තමයි ගෘහ මූලිකයා කියන්නේ කියල . දැන් අපේ බාප්පට කොහොමද බාප්පේ අලුත් තනතුරේ වැඩ කියල ඇහුවම හොඳවයින් දෙකතුනක් අහගන්න පුළුවන්. 

ඔන්න එහෙනම් අපි කැපුනා හැමෝටම ජයෙන් ජයම වේවා!!!!!!!



80 comments:

  1. උඹ වලව්වේ ගෘහ මූසලයා වෙච්චකොට මෙහෙම පාලුවට ගිහින් වලව්ව මූසල වෙන්න දෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. අනිවා ඩුඩ් අයියේ. මෙතන මට ලැප් එකට වාඩිවෙන්නවත් වෙලාවක් නැහැ. FB වත් එන්නේ නැහැ.

      Delete
  2. හෙහ් හෙහ්..... මෙන්න මූ ආයෙ ඇවිල්ල!

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව එහෙම නැතිව බැහැනේ අයියේ ඉඩක් ලැබෙන වෙලාවට ඔයාලගෙ සැප දුක් බලන්නත් එපැයි. :D

      Delete
  3. හෙහ් හෙහ් ගෘහ මූසලයා...

    ශ්‍රී ලංකන් එකේ ගියාට කමක්නෑ සිංහලෙන් එහෙම කතාකරනවා නෙමේ, බොන්න කෙසේ වෙතත් වතුර උගුරක්වත් ලැබෙන්නෑ එතකොට..

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක් ඒ මොකද සෙන්නයියේ. අපේ ලාංකික කම වැඩිවෙලාවත්ද? :D

      Delete
    2. අනේ උන්ගෙ ලාංකික කම..අර සිංහල කතාකරන්න බැරිකම මහත් ආඩම්බරයට කරුණක් කියලා පෙන්නන උන් තමා බහුතරයක් ඕකෙ ඉන්නෙ.

      Delete
    3. මගේ මතයනම් සිංහලයෙක් වෙලා සිංහල කතා කරන්න බැහැ කියන්නේ ලැජ්ජා වෙන්න ඕනේ දෙයක් මම බොහෝ දුරට දැකල තියෙන දෙයක් තමයි උපන් ඩා සිටම පිට රටවල් වල හැදෙන ළමයිනුත් සිංහල බැරි බැරි ගාතේ කතාකරන්න ට්‍රයි කරද්දී මේ ජීවිතේ බාගයක්ම ලංකාවේ ගෙවපු උන්දලා තමයි මේ අවුරුදු දෙක තුනක් රට ඉඳල ඇවිල්ල පුස් පාර්ට් දාන්නේ.

      Delete
  4. බොහොම කාලෙකින්නේ මලයා. ඒත් කමක් නැ. මෙහෙම හරි එන්න. දැන් ඔයත් බනියට ගෘහ මුසලයෙක් නේද?

    ReplyDelete
    Replies
    1. එකනේ අයියේ..... අනේ සමාව අයදිනවා දැන් වැඩිපුර ගැවසෙන්නේ නැති එක ගැන. අයියෝ ගම කනවා මම තාම ඒ පොස්ට් එක ගත්තේ නැහැ පෝස්ට් එක පැත්තක තියල වගකීම් බෙදාගෙන වැඩ කරනවා

      Delete
  5. මොනවා උනත් පොඩි එකා තමා අර්ථාන්විතම නම හොයා ගත්තෙ....වැඩක් දෙකක් ඇනගත්තම ගෘහ මූලිකය ඔටෝමැටිකලි ගෘහ මූසලයා වෙනවා.....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඔව් එක තීරණය වෙන්නේ පුග්ලයට අනුව තමයි. කතාවට එකඟත්වය පලකරමි

      Delete
  6. අපෝ උඹව දැක්ක කල්.

    ReplyDelete
    Replies
    1. ඒකනේ අයියන්ඩියේ කරුමේ කියන්නේ අයිස් ගහපුවට හරියන්න වැඩ හම්බ වෙලා :D

      Delete
  7. එහෙම බෙරිලා යන්න බැ කෝරලේ මලෝ..............

    ReplyDelete
    Replies
    1. ළඟදීම එන්නම්කෝ හරවත් ලිපියක් අරගෙන නායකත්ව පුහුණුව සම්බන්දයෙන්

      Delete
  8. මේ කෝරලේ කිව්වම මම හිතන් හිටියේ නාකි කෙනෙක් කියලා .
    හඃ හඃ හඃ හඃ ඔය කොයි ඉයර් ද ?
    මමනම් මේ අදමද කොහෙද කමෙන්ට් කරන්නේ .
    ලෙක්චර්ස් හොඳට අහගන්න හඃ හඃ හඃ හඃ

    ReplyDelete
    Replies
    1. නාකියි කියන්නේ නාකිමත් නැහැ 24යි. මෙහෙනම් කැම්පස් අවුට් වෙලා දිගටම එන්නකෝ

      Delete
  9. කෝරලේ එහෙනම් බිසී වෙලා ඈ!

    ReplyDelete
    Replies
    1. නැතිව නැතිව නාඩියෝ හිකිස්...........

      Delete
  10. උබත් දැන් ගෘහ මූසලයෙක් උනායින් වැඩ වැඩි වගේ..

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නැහැ දිනේෂ් අයියා ඔයාටත් ළඟදීම ඒ පොස්ට් එක හම්බවෙන්නනේ යන්නේ මගේ සුභ පැතුම් :P

      Delete
  11. හඃ හඃ හඃ

    බාප්පාගේ අලුත් තනතුර මරු

    ReplyDelete
    Replies
    1. මරුදත් අහනවා සයුරි අක්කේ හිනා කාලා මැරෙන්න හිතෙනවා

      Delete
  12. ඌට මුලිකයා කියන්න බැරි වුණාට යස අගේට ගෘහ කියන එක කියලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒක තමා යකෝ මාත් බැලුවේ

      Delete
    2. අනේ මන්දා අයියේ ඔය කිව්වහම තමයි මට එක මීටර් උනේ. කොහොම උනත් ඒකා කතාකරද්දී අහන ඉන්න ආසයි ලේ පිරිසිඳු වෙනවා

      Delete
  13. ඔක්කොම තේරුනා 'නයි කයිද රෝස් පාන්' ඇර ...හී හී...

    ReplyDelete
    Replies
    1. මේකනේ පොඩ්ඩි අක්කේ පොඩි පොඩි කෑලි වලට කඩලා දුන්නනම් කයි කියල තමයි ඕක තේරුම් කරන්න වෙන්නේ :P

      Delete
  14. ඔක්කොම තේරුනා 'නයි කයිද රෝස් පාන්' ඇර ...හී හී...

    ReplyDelete
  15. හැබැයි සමහර ගෙවල්වල ඔය කියන එකා ඉන්නවා තමා.

    ReplyDelete
    Replies
    1. මෙලෝ කමකට නැති උන් අප්පා............

      Delete
  16. උබත් ලොකු වෙලා ගෘහ මුසලයෙක් වෙයන් ...(දැනටමත් වෙලාද ?)

    ReplyDelete
    Replies
    1. අපොයි වේලාසනින්ම උනා හික් හික් හික්

      Delete
  17. පට්ට ආතල් එකක් ගත්ත මචන් මමත් සුද්දෙක් එක්ක.... ඌට සිංහල කියල දුන්න.... පට්ට ආතල් උන් සින්හල කියවද්දි.. අමු කුණුහරුප කියන්නෙ....

    ReplyDelete
    Replies
    1. එකනේ කියන්නේ සුද්ද සිංහල කියලා හික් හික් හික්

      Delete
  18. අඩේ කෝරළේ මහත්තයව දඬුකඳේ ගහන්න වටින්නෙ මෙහෙම නොලිය ඉන්නකොට.

    ReplyDelete
    Replies
    1. ලියන්න නම් ඕනේ ප්‍රසන්න අයියේ මමත් හිටියට ඉන්නේ හිතේ අමාරුවෙන් මොනවා කරන්නද මේ ජොබත් එක්ක නිදහස සම්පූර්ණයෙන්ම නැතිවෙලා

      Delete
  19. Rose pan neda?..Kali kadala..paripu eka dunot kai.
    Jayawewa.

    ReplyDelete
    Replies
    1. අම්මාපා දැන්නම් මට බොට ගහන්න හිතෙනවා බෙල්ල කඩලා යන්න. :D මෙච්චර කියලත් තාම මූට සිංහලෙන් ලියන්න බැරි හැටියක්..

      Delete
    2. ස්තුතියි ලන්කප්රිය අය්යා , සෙන්නා
      ජයවේව
      සංජීව

      Delete
    3. ඔය තියෙන්නෙ.. එළ එළ දැන් ඉතින් ඔහොම්මම ලියහන් හරිද ?

      Delete
    4. හැබෑවටම සිංහලෙන් ලියන එක හොඳයි මොකද සිංහල අඩවියක ඉංග්‍රීසියෙන් ලියද්දි මොනවද මොනවද වගේ :) මමත් ඔය ඉඳල හිටලා කරනවා වෙන මැෂින් එකකදී එහෙම හිටියොත්

      Delete
  20. බෙල්ල කැඩිලා යනකං හිනා වුනා කෝරළස්,

    ReplyDelete
  21. උඹටනං මූසල තනතුරුම දෙකයිනේ නේද.. ගෙදර වගේම වළවුවෙත්.. ගෘහ මූසල සහ වළවු මූසල..

    ReplyDelete
    Replies
    1. අනේ බං මාරයියේ මගේ නම්බුව විනාසයි............. :P

      Delete
  22. හප්පේ සෑහෙන කාලෙකින්

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නැහැ ජෝන් අයියේ වැඩ තම හේතුව

      Delete
  23. ඈ බං ගෘහ මූසලයො ‍තෝ කොහේ වහන් උනාද..!

    ReplyDelete
    Replies
    1. මේ පොඩි එවුන් එක්ක කෑගහ ගහ ඉන්නවා (ක්ලාස් එකේ)

      Delete
  24. සමහරු ගෘහ මූලික කියන එක කියන්නේ ග්‍රහ මූලික කියලා. හරිනේ ඉතින් ගෙදර ඉන්න ග්‍රහයන්ගෙන් මූලිකම ග්‍රහයානේ. මටත් හිටපු ගමන් ග්‍රාම සේවකට ග්‍රාම සූකර කියවෙනවා. වටලප්පම් වටලපපම් වෙනවා.එටිසලාට් ඇටිකෙහෙල් වෙනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. එකෙන්ත් ගන්න දෙයක් තියෙනවා. හැබැයි ඉතින් නරක කාලෙට ග්‍රහයෝ මාරු වෙනවනේ මහත්තයෝ. ඔය පුරස්නේ මටත් ඔය විදියටම තියෙනවා

      Delete
    2. මාත් ග්‍රාම සේකර, ඉටීස් අ ලැට් වගේ දේවල් නං වහරනවා.

      Delete
  25. සිංහල ලියන්න උදව්ව් කරපු හැමොටම උපහාරය

    ReplyDelete
  26. ගෘහ මූසල... ඉතින් ගෘහ මූසලයගේ කැමැත්තට ඉඩ ලැබුන ද.. ? :D

    ReplyDelete
    Replies
    1. අනිවා කටින් ගහල දිනන්න පුළුවන් එවුන් නේ අයියේ රටේ උනත් රජ කරන්නේ හික් හික් හික්

      Delete
  27. අම්මෝ. දැකපු කල්. ඇති යාන්තන්. මම හිතුවෙ වලව්ව වහන්න වෙයි කියල. කොල්ල හරියටම නම හොයාගෙනනෙ.

    ReplyDelete
    Replies
    1. එකනේ මැඩම් මම මේ දවස් වල කන්න වෙලාවක් හොයා ගන්නෙත් අමාරුවෙන් ජීවිතේ එපා වෙලා වන ගත වෙන්න හිතිලා තියෙන්නේ. :) හික් හික් පුතා කාගේද කිව්වලු හික් හික් හික්

      Delete
  28. මේ විදිහට රටවල පදිංචි වෙලා ඉන්න පොඩි උන් කතා කරනවා අහගෙන ඉන්න එකනම් හොද ජොලි වැඩක්...

    ReplyDelete
    Replies
    1. අමු හිංගල කතා කරන්නේ නදිනි අක්කේ. :D

      Delete
  29. ඒක තමයි කාලෙකින් වලව්වේ ගෘහමූසලයා :D. ඉති න්අළුත් තනතුර කෝමද ;)

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නැහැ මලේ සැප කනේ කිව්වලු. වැඩ පිට වැඩ අයිස් ගහපුවගේ පව් ගෙවනවා

      Delete
  30. කොහොම උනත් නම හරිනෙ. දැන් ඔය අලුතෙන් ඈදුන පට්ටම ඒක නේ ද? ඔහොම තමා කාටත්. කසාදෙට කලින් මගෙ මැණික, රංකඳ............... අන්තිමේ ........මූසල.....

    ReplyDelete
    Replies
    1. පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා කියන්නේ ඕකටයි :D

      Delete
  31. මගේ කමෙන්ට් එකක් ස්පෑම් වෙලා කෝරළේ....කරුණාකරලා ඒක හොයනවද? please...

    ReplyDelete
  32. මගේ කොමෙන්ට් එකත් නෑ :(

    ReplyDelete
    Replies
    1. කෝ බං නැහැනේ ස්පෑම් වලත් නැහැ

      Delete
  33. හැට දාහට මං ආවේ.. ඔන්න ඔය ලොකු බෝතල් දුසිමක් විතර ගෙනෙං බං එනකොට..

    ReplyDelete
    Replies
    1. බෝතල් නම් දැම්ම පෙට්ටියට දුසිමක්ම ලංකාවට ඇවිල්ල කරන්න දේකුත් තියෙන්න එපැයි

      Delete
    2. දුසිමක් හෙන ගහපං ලොකු ටැක්ස් එකක් ගහගන්නයි කෝරලයා හදන්නේ

      Delete
  34. බාප්පට කෙසේ වෙතත් අලුත් නම උඹට තමයි වැටෙන්නේ මලේ මේ යන විදියට....

    ReplyDelete
  35. හෙක් හෙක්.... බාප්පටත් වෙලා තියෙන වැඩක්.... පව් අප්පා...

    ReplyDelete
  36. පොලව පලාගෙන යන්න හිතෙන්න ඇති බාප්පට

    ReplyDelete
  37. නයි කයිද රෝස් පාන්,
    කතාවකට කියනවා මෙහෙම....
    "පුංචි පුංචි කෑලි වලට කඩලා දුන්නොත් නොකා ඉදියි රෝස් පාන්"

    ReplyDelete
  38. ko me korale mahaththayaa dadu kade gahalawathda? :D

    ReplyDelete

ඔයාල කොම්මෙන්ට් එකක් දාන්න වැය කරන තප්පර ගානත් ඔයාලට වැදගත් කියල මම දන්නවා එත් ඔයාලගෙන් අදහසක් මේ පිළිබඳව ලැබෙනවා කියන්නේ මට ඉදිරියටත් ලියන්න හොඳ මොර්ටිවේෂන් එකක් ලැබෙන එක. ලියන්න කල් මදිනම් තිතක් තියල යන්න එතකොට මම දන්නවා ඔබ මෙය බැලු බව. ස්තූතියි.........

Related Posts Plugin for WordPress, Blogger...