Sunday 8 September 2013

වඩ්ඩාට කෙල උන හැටි. (වඩුමහතෙක්ට උන අකරතැබ්බයක්)

අන්තිම පොස්ට් එක දාල සෑහෙන්න කාලයක් උනා මට බ්ලොගක් කියල එකක් තියෙනවා කියලත් මතක් උනේ මේ ඊයේ පෙරේදා. මගේ සිම් කාර්ඩ් පත නැති වෙලා තිබුන නිසා මට මගේ එකවුන්ට් එකට ලොග් වෙන්නවත් හැකියාවක් නැතිවයි තිබුනේ. ඉතින් මම හිතනවා සහෝදර බ්ලොග් වාසින් සියලු දෙනාම සුවෙන් සැපෙන් කල් ගෙවනවා කියල. 
මට අහන්න ලැබුන පොඩි කතාවක් ඔයාල එක්ක බෙදාගන්න තමයි මම අද කල්පනා කලේ. කාලෙකට පස්සේ ලියන එකේ මාගල් වගේ ලිවිල්ලට පුරුදු වෙන්න සෑහෙන්න කාලයක් යාවි.පඳුරු තැලිල්ල පැත්තකට දාලා අපි කෙලින්ම කතාවට බහිමුකො. මේ කතාව අහල ඇති අයත් ඉන්න පුළුවන් නමුත් වටිනා ආදර්ශමත් කතාවක් නිසයි ලියන්න කල්පනා කලේ.


ඔන්න එකදාස් නමසිය බර ගණන්වල (දඹදිව බ්‍රහ්මදත්ත නම් රජකෙනෙක් හිටිය කාලේ නෙවෙයි) රට නම් කැමති රටක් හිතාගන්නකෝ. ඔන්න ඔය අහවල් රටේ තිබුනලු ගෙවල් හදන කොම්පැනියක්. (ඔය ලංකාවෙත් තියෙන්නේ හැබැයි භාගෙට භාගයක් ඉන්නේ හොරු) ඉතින් මේ කොම්පැනියේ හිටියලු බොහොම අවංකව සේවය කරන වඩු මහත්තයෙක්. 
සෑහෙන්න කාලයක් තමන්ගේ වැඩ ටික අකුරටම කරගෙන හිටිය මුන්නැහේ ගැන කොම්පැනියේ ලොක්ක පවා හිටියේ සෑහෙන්න පැහැදීමකින්ලු. ඉතින් දැන් වැඩ කරලා පැන්සොන් යන කාලෙකුත් එනවනේ.... මුන්නැහේගෙත් අන්න ඒ කාලේ ලංවුනාලු. දැන් මුන්නහේ ගියාලු කොම්පැනියේ ලොකු මහත්තයා මුලිච්චි වෙන්න. 

ඉතින් ලොකු මහත්තයා හම්බවෙලා කිව්වලු තමන් මෙතෙක් කල් සේවය කළා දැන් තමන්ට තවදුරටත් සේවය කරන්න තරම් ශක්තියක් නැහැ දැන් විවේක ගන්න ඕනේ නිසා තමන්ට අස්වීම ලබාදෙන්න කියල (දෙන්න තියෙන දීමනා ටික තමයි ඔය ඉල්ලන්නේ අපි දන්නේ නැද්ද) ඉතින් ලොක්කා කිව්වලු උන්නැහේගේ වැඩ ගැන මම සෑහෙන්න සතුටුයි නමුත් අස්වෙන්න කලින් පොඩි වැඩක් තියෙනවා අන්තිම වතාවට එකත් ඉෂ්ට කොරලා දීලා යන්න කිව්වලු. දැන් මේ වඩු බාසුන්නැහේට පොඩ්ඩක් විතර නොරිස්සීමක් හිතට ආවලු ඇයි දෙයියනේ මෙච්චර වැඩ කරලා වයසට ගිහින් අස්වෙන්න යන වෙලාවෙත් වැඩක් කියද්දී අපිටත් ඉතින් මල පනිනවනේ ගෙදර යන්න ලෑස්ති වෙලා බෑග් එකත් පැක් කොරගෙන ඉන්නකොට කවුරු හරි ඇවිත් කියද්දී අනේ මේ අන්තිම වැඩෙත් කොරල පලයන් කියල. ඉතින් මුන්නහෙටත් එහෙම උනාලු ඒත් ලොක්කනේ හම්බවෙන්න තියෙන දීමනා ටික හම්බ වෙන්නේ නැහැනේ කියන දේ කලේ නැතිනම්. හොඳමයි කියලා බාසුන්නැහෙත් ආවලු.

මොකක්ද මේ බාසුන්නහෙට දීපු වැඩේ සාමාන්‍ය මට්ටමේනිවසක් තනන්න එකත් ලීවලින් (නැත්තන් ඉතින් වඩුවෙක්ට කියන්න ඕනෙද ගෙයක් හදන්න ලී වලින් නෙවෙයිනම්) ලොක්ක කිව්වලු වෙන කිසිම කෙනෙකුගේ උදව් නැතිව තමන් කැමති විදියට තමන්ගේම නිර්මාණ ශක්තියෙන් අවශ්‍ය විදියට සැලසුම් කරලා හදන්න කියල. වඩු උන්නැහේට දැන් තවත් පුෂ්පය විකසිත උනාලු (මල පැන්නලු) ඇයි යකෝ තනිවම ගෙයක් හදල නිම කරන්න කිව්වම. මොනවා කරන්නද ලොක්කගේ කීමනේ කියල සද්ද නැතිව වැඩේ කරන්න ගත්තලු. හැබැයි ඉස්සර වගේ උවමනාවකින් නෙවෙයිලු මුන්නහේ වැඩේ කොලේ. අර උඩින් පල්ලෙන් කිව්ව නිසා පොඩි මඩුවකට වැඩිය ටිකක් ලොකුවට ගේ අටවලා දැම්මලු.
ඇයි ඉතින් ඉක්මනට වැඩේ ඉවර කරන තරමට දීමනාවත් අරගෙන ඇස වෙලා යන්න පුළුවන්නේ. 

කොහොමින් කොහොම හරි වැඩේ ඉවර කොරලා ලොක්කා හම්බෙන්න ගිහින් කිව්වලු සර් ඔන්න වැඩේ ඉවරයි මේ වයසේදී මට පුළුවන් උපරිම විදියට මම ගේ හැදුවා මේක තමයි මට කොරන්න පුළුවන් උපරිමේ කියල කිව්වලු. ලොක්ක හිනාවෙලා බාසුන්නැහේට කිව්වලු ලොකු උන්නැහේ අපේ කොම්පැනියට ගොඩක් මහන්සියෙන් වැඩ කරලා තියෙනවා ඉතින්  ඒ වෙනුවෙන් අස්වෙලා යන මොහොතේ ඔයාටයි පවුලේ උදවියටයි නිවසක් ලබාදෙන්න අපි හිතුවා. ඉතින් ඒ නිවස ඔබම ගොඩනැගුවොත් ඔබේ කැමැත්තට හදාගන්න පුළුවන් නිසයි ඔබ දැන් වැඩ නිම කල නිවාස ඔබටම තැනීමට භාර දුන්නේ කියල. ඔන්න එතකොට තමයිලු වඩු උන්නැහේට තරු වීසි උනේ. ඇයි දෙවියනේ දර මඩුවක් වගේ අටවල දැම්මේ තමන්ගේම නිවස නේද.......?




මේ වගේ දේවල් වලට අපි අපේ කාර්යාලයේදී නොයෙකුත් මුහුණ දෙනවා. බෑග් පැක් එකට ලැප් එක දාලා වැඩ ඉවර වෙලා ගෙදර යන්න යද්දී මේ කොහෙවත් ඉන්න කෙනෙක් රාජකාරියක් අරන් එනවා එතකොට කාටද කේන්ති යන්නේ නැත්තේ. හැමෝම කරන්නේ මල්ලෙන් ගහල දාලා වැඩේ කරලා ඉක්මනට ගෙදර යන්නයි. මොකද උවමනාවෙන් නෙවෙයිනේ කරන්නේ. මටත් ඒ වගේ අවස්ථා වලට මුහුණ දෙන්න සිද්ද වෙලා තියෙනවා. නමුත් මේ කතාවෙන් ගන්න තියෙන ආදර්ශය තමයි වැඩක් බාරගත්තොත් මුල තිබු උනන්දුව අවසාන මොහොත දක්වාම තියගනිමින් ඒ වැඩේ නිම කරන්න කියන එකයි. මේ ලිපිය වයස් සීමාවක් නැහැ. ඕනෙම කෙනෙකුට ජීවිතේට හොඳ පාඩමක්. 


එහෙනම් ගිහින් එන්නම් මා නොමැති කාලයේ ඒ පිළිබඳව සොයා බැලු සියලුම බ්ලොග් මිතුරන්ට මගේ හද රැඳී ප්‍රණාමය.



67 comments:

  1. වටිනා කියන කතාව. අපේ උනත් ඔෆීස් වල ඉන්නේ 8.30 - 4.30 වැඩ කරලා 4.30 ටත් කලින් පැනල දුවන්න බලන් වැඩට එන උන් ටිකක්. මේකනේ වැඩේ. තනිකඩයන්ට නම් ඉන්න පුල්වන්. නමුත් බැඳපු උන් ගලගහලවත් නවත්වන්න බෑ 4හතර හතරාමාර කිට්ටු වෙද්දි. අඩු ගානේ තමන් වැඩ කරන ටයිම් එකේ ඒක දැනෙන්න වැඩ කරනව නම් ඒත් කමක් නෑ.

    ReplyDelete
    Replies
    1. දුර බැහැර පළාත් වල ඉන්න උදවිය 4ත ගියේ නැත්නම් 8තවථ් ගෙදර යන්න බැහැ. ඉන්න ටිකෙවත් හරියට වැඩක් කරන්නේ නැහැනේ. එකනේ ප්‍රශ්නේ.

      Delete
  2. වටින කතාවක් තමා.. හැබැයි වඩ්ඩා අර මුලින් කිව්ව තරං හොද සේවකයෙක් නොවෙන්න ඇති.. මොකද අච්චර කාලයක් හොදට හිටියනං මේ එක වැඩකදී විතරක් මෙහෙම වෙන්න තරං වෙනසක් බලාපොරොත්තු වෙන්න අමාරුයි.. එක්කෝ ඒකා ඉස්සරත් එහෙමම වෙන්න ඇති.. පොයිය දාලා රවට්ටගෙන ඉන්න ඇති වැඩ කරන එකා කියලා...

    ඒ වගේම ලොක්කත් ලෝක අංකූරෙක්...

    ReplyDelete
    Replies
    1. ලොක්කා නම් අංකූරෙක් තමයි ඒ ඉතින් ලොක්කන්ගේ හැටියක් නේ.... :)

      Delete
  3. වටිනා කතාවක්. හැබැයි ගේ නොම්බර එකට හැදුවනම් අනිවා කොම්පැනියේ ලොක්කා වෙන කෙනෙකුට ඒ ගේ විකුණනවා . ( මන් දන්නේ නැද්ද ලොක්කන්ගේ හැටි )

    ReplyDelete
    Replies
    1. හනේ බං කෝරළේ, උඹ හිතුවට වඩා පාඨකයො දුර දිග හිතනව නේ? දිග කාලෙකින් ආයෙ ආව එක හොදයි. දිගටම ලියමු.

      Delete
    2. SilentSahan +++++++++++
      අපේ ලොක්කත් ඔය විදියමයි

      Delete
    3. සේවකයන්ට සලකන ලොක්කෝ, ඉදල ඉදල ඇවිලා මෙතන අපිව අන්දන්ඩ , අනේ කෝරාලයෝ පල පල

      Delete
    4. හැම ලොක්කම එහෙම තමයි.

      Delete
    5. අනේ අම්මප අනෙක් ලොක්කෝ කොහොම වෙතත් අපේ ලොක්ක ගැන කියන්න තියෙන්නේ. ලෝක විනාසේ වෙද්දී මුලින්ම මැරෙන්න ඕනේ ඕකා කියලතමයි මම නම් කියන්නේ.

      Delete

    6. @ draki

      ලොක්කෝ කියන්නේ නිතරම සේවකයන්ගේ උපරිමය ගන්න උපන් ජාතියක්නේ draki. සද්භාවයෙන් වැඩකට අත ගැහුවත් අන්තිම හරියට යද්දී ලාභ අලාභ බලනවා නෙවේ බැලෙනවා .. ස්තූතියි උඹලා හැමෝම දීපු සපෝර්ට් එකට පහු ගිය ටිකේ.. යන්තම් ඒ කාලේ ඇද ගත්තේ උඹලා හැමෝටම පින් සිද්ද වෙන්න..

      @ S. L. මැලේ රාළ

      තැන්කුයි රාලේ

      @ඉවාන් පව්ලූශා

      හැම ලොක්කම එකයි ප්‍රගීත්.. ඔයා ගියත් මම ගියත් කරන්නේ ඔච්චරයි..

      @ අටම්

      මමත් ඔය කැටගරියේ තමයි. හැබැයි මම මානුශීයයි අටම් ..:(

      @ අයිලෂ් අය්යා

      එහෙනං එහෙනං


      @ කෝරලේ මහත්තයා

      ඌ මළොත් බොට කන්න දෙන්නේ මොකාද කෝරාලයෝ ..?

      Delete
    7. @ සහන්

      වෙන එකෙක් ඒවි. හැබැයි මු වගේ අවස්තාවාදියෙක් නොවෙන්න පුළුවන් එන එකා.

      Delete
  4. ඕං තිතක් තිබ්බා .

    ReplyDelete
  5. අප්පේ කෝරලේ මල්ලීට දැන් අපිව අමතකම වේලා ගිහිං.

    ReplyDelete
    Replies
    1. අනේ නැහැ අක්කේ මේ යන විදියට ගියොත් මට මාව වත් මතක හිටියොත් පුදුමයක් :)

      Delete
  6. අඩේ මාර වටින උපදෙසක් බං! මමත් හරිම අකමැති වැඩක් තමයි ඔක්කොම පැක් කරගෙන යන්න හදන වෙලේ ආයේ වැඩක් නිසා පැක් කරපුවා එලියට ඇදගෙන ආයේ පටන් ගන්න එක! හැබැයි දැන්නම් ඒක අත අරින්න කාලේ හරි වගේ...

    ReplyDelete
    Replies
    1. මමත් මගේ ගතිය ටික ටික නැතිකරගත්තා දැන් කේන්තිය තිබුනට ඒක පෙන්වන්නේ නැහැ.

      Delete
  7. පස්ට පාඩමක්නේ මේක ... නියම ලෙසට කිය දුන්නා, තැන්කු වේවා.
    හැබැයි අපිගොඩ දෙනක් වඩුවා වගේ තමා.

    ReplyDelete
  8. මං නම් කියන්නෙ මුල් වැඩ අනාගත්තත් අන්තිම වැඩේ ලෙසටම කරන්න ඕන.. කෙනෙක් ගියාට පස්සෙ උගේ ගුණ නුගුණ කියන්නෙ මුලින් කරපු දේවල් වලට වඩා අන්තිමට කරපු වැඩේ සළකලා

    ReplyDelete
    Replies
    1. එකෙන්ම යසියා කොච්චර හොඳ කලත් අන්තිමට බලු වැඩක් උනොත් මතක තියා යන්නේ අර වැඩේ මිසක් හොඳ වැඩ නෙවෙයි නේ ඒ ලංකාවේ හැටියක්මනේ.

      Delete
  9. වයසක නිසා මොලේ පොඩ්ඩක් අවුල් වෙලා වෙන්නැති . හොඳ පාඩමක් .

    ReplyDelete
  10. අපිටත් ඔහොම වෙයිද බං දවසක? ඒත් දැන් මේ කතාව දන්න නිසා...

    ReplyDelete
    Replies
    1. අයියගේ හැටියට ඔයාට ඔහොම වෙයි කියල හිතන්න අමාරුයි. ලොක්කව අන්දලා මාරුවෙන ජාතියේ පොරක්නේ හෙන්රි අයිය කියන්නේ. හික් හික් හික්

      Delete
  11. ලොක්ක වෑරදිනෙ අප්පා.මල පනින එක සදාරනයි

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම් ලොක්කගේ පැත්තෙන් සාදාරනවා පෙනෙන්න ඇති සහෝ එතන ප්‍රශ්නේ තියෙන්නේ එකිනෙකාගේ Point of view එකෙයි.

      Delete
  12. මම අදනේ ආවේ ඉතින් ...

    ලියන්න පලවෙනි එකලු මේ .. වලවුවේ .. බයෙහ් බැ .. දඩු කදෙවත් ගැහුවොත් කාරිය ..

    මගේ මේ පුංචි ජොබ් කට්ටේ හැටියට කොච්චර කලත් වැඩක් නැ .. කොයි වෙලාවේ විසි වේවිද දන්නේ නැ .. එක නිසා ඕනවට වඩා කරන්නෙත් නැ .. හැබැයි දුන්න වැඩක් අතාරින්නේත් නැ ..

    ඔන්න කිවුවා .. මෙන් මන් ගියා .. තරහ අවසර වලවුවේ හන්දුරුවනේ ...

    වලාමයි .. කෝරලේ මහත්තයා නොවැ .. සමා අවසර ... යන්ටයි තනන්නේ ..

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා වලව්වට.
      නිවාඩු පාඩුවේ පසුගිය ලිපිත් කියවන්න කෝ.....

      කරන දේ හරියට කරනවානම් ජොබ් එකේ තත්වෙන වැඩක් නැහැ පොඩි තැනක හිටියත් ඉහලට යන්න පුළුවන්.

      :) හොඳා..... හොඳා ගොහිං එඥ්ඥකෝ.....

      Delete
  13. හොඳ කතාවක්. 'පුෂ්පය විකසිත වෙනවලු' ඔන්න අලුත් යමක් ඉගෙන ගත්තා. 'මල පනිනවට' වඩා කොච්චර ලස්සණද?:)

    ReplyDelete
    Replies
    1. ඒකනේ අක්කේ... අලුත් දේවල් මල පනිනවා කියන එක පොඩ්ඩක් පරණයි වගේ.......:)

      Delete
  14. කතාව හොදයි.
    කියවගෙන යද්දී මට හිතුන එහෙම වෙයි කියල.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඔයා මේක මීට කලින් අහලා ඇති.

      Delete
  15. ඕනෑම දෙයක් උපරිමයෙන්ම කරන්න කියලා කියන හොඳ කතාවක්...

    ReplyDelete
    Replies
    1. නැත්නම් නොකර ඉන්න ඕනේ කරන්න පුළුවන් කෙනෙක්ට කරන්න දීලා...

      Delete
  16. ඒ මනුස්සයට ගේ හදාගන්න කියල සල්ලි ටිකක් දුන්නං මොකද වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඕකට කියන්නේ ප්‍රසන්න අයියේ පොයින්ට් ඔෆ් වීව් එකේ (දැක්මේ) අවුලක්

      Delete
  17. කතාව බොහොම වටිනවා මලේ.

    ReplyDelete
  18. මටත් එපා කරපුම දෙයක් තමයි මැෂින් ටික ෂට් කරාට පස්සේ මොකක් හරි උස්සන් දුවගෙන එනකොට

    ReplyDelete
    Replies
    1. දියුණු වෙන්න ඕනේ නම් ඔය ගතිය අත ඇරපන් මල්ලියේ.

      Delete
  19. ලැප් එක බෑග් එකට දාපුවාම ආයෙත් එළියට අරන් වැඩ කරන්න ගිය සතියෙන් උනා බං...මම නම් ඒ වෙලාවට තරහා ගන්නෙ නෑ....බොහොම සැහැල්ලුවෙන් හිතේ ආවේගය යටපත් කරගන්නවා...අපිට පඩි දෙන්නෙ වැඩ කරනවටනෙ කියලා හිතා ගන්නවා....

    ReplyDelete
    Replies
    1. සිරා අයියගේ ක්‍රමේ හරි කියලයි මට හිතෙන්නේ මොකද ගන්න පඩියට වැඩ කරපන් කියල හාදයෙක් අපේ කොම්පැනියේ ඉන්නවා.

      Delete
  20. කරන දේ හරියට කරන්න කියල අපි ආදරුසෙට ගත්ත ඕං

    ජය !

    ReplyDelete
  21. බොහොම අර්ථවත් කතාවක්. මාත් බැලුව උඹ මොකද නැත්තෙ කියල.

    ReplyDelete
    Replies
    1. ලංකාවට ගිහින් ආවට පස්සේ වැඩ ඩබල් අයියේ. තව සතියකින් වගේ ඉන්දියාත් යන්න වැටිලා තියෙනවා අපේ ඉන්දියා බ්‍රාන්ච් එකට බලමු ඉතින් එහෙට ගිහින් කොයි වගේ තත්වයක්ද මෙහෙට වඩා කල් වෙලා හම්බ වේවිද තියෙන එකත් නැති වේවිද කියල.

      Delete
  22. සාමාන්‍යයෙන් මේ වගේ පෙන්ෂන් ගන්න අගිස්සේ ඉන්න අයට අන්තිම කාලේ ඉතිරි වෙලා තියෙන නිවාඩු ගන්වන එක තමයි හරි දේ. අනිත් එක ලොක්කෝ වශයෙන් ඉගෙන ගන්න ඕන දෙයක් තියෙනවා, මිනිහෙක් ගෙදර යන්න ලැස්ති වුන වෙලාවට කරන වැඩ වල ප්‍රමිතියක් නෑ කියන එක. එනිසා වැඩ කරවගන්න ඕනේ මිනිස්සු සතුටින් ඉන්න වෙලාවල් වලට.

    ReplyDelete
    Replies
    1. මොන ලොක්කද අයියේ ඔය දේ තේරුම් ගන්නේ මම ලංකාව එන්න ෆ්ලයිට් එක තියෙන්නේ 4ට 2.30ටත් ප්රෝජෙච්ට් එකක් ඉවර කරලා දීල තමයි ආවේ අපේ ලොක්කට. ඒ කරලත් හොඳක් නැහැ.

      Delete
  23. අඩේ වටින කතාවක් නේ අරන් ආවේ..

    ReplyDelete
    Replies
    1. අනිවා මේ කතාව මටත් හිතට වැදුන නිසා තමයි පරිවර්තනය කොරලා ලිව්වේ අඩුපාඩු තියෙනවනම් ඇත්තේ මගේ පරිවර්තනයේ.

      Delete
  24. ඉගෙන ගන්න සහ ජීවිතේට ලබා ගන්න දේවල් තියෙනව බොල...

    ReplyDelete
    Replies
    1. හප්පේ ගාල්ලේද ගම? මටත් තියෙනවා පොඩි සම්බන්දයක් ගාලත් එක්ක. ගාලු දිස්ත්‍රික්කය කියන්නේ මම ලංකාවේ වැඩිපුරම ආසා පෙදෙසක්.

      Delete
  25. හරිම ආදරුසමත් කතාව.. කෝරලේ ඇත්තන්ට වලවුවටම වෙලා ඉන්න යහමින් නිවාඩු පාඩු ලැබේවා!

    ReplyDelete
    Replies
    1. උඹ විතරයි මලේ වැදගත් දෙයක් කිව්වේ. අනේ ඉස්සර වගේ දැන් වෙලාව තියෙනවනම් ආයේ අයිස් ගහන්නේ නැතෝ........... පෙර පව පෙර පව

      Delete
  26. මමත් හිතන්නෙ ඌ නියම වැඩ්ඩෙක් නොවේ..!මෙච්චර කල් වැඩ කරපු තැන අන්තිමට කරන වැඩේ..චා කරල දායි කියල හිතන්න බෑ හොඳ එකෙක්.

    හැබැයි හොඳ පාඩමක්..!

    ReplyDelete
    Replies
    1. කොහොම උනත් වෙනදේවල් වලින් ජීවිතේට පාඩමක් ඉගනගන්නවනම් ඒ ඇති. කොහොමද අපේ වෙසක් බබාට?

      Delete
  27. සෑහෙන වටින කතාවක්... මටත් ඔය වගේ දේවල් වෙලා තියෙනවා මලේ!

    ReplyDelete
    Replies
    1. අත්දැකීම් වලින් ඉගන ගන්න එක තමයි ජීවිතේ ඉගන ගන්නවා කියන්නේ අයියා

      Delete
  28. වටිනා ආදර්ශයක් තමයි...ඒත් ඉතින් අපි වැඩි දෙනෙක් ඔහොමනෙ

    ReplyDelete
    Replies
    1. ඒ නිසා තමයි අක්කේ මම මේ කතාව දාන්න හිතුවේ

      Delete
  29. හරිම හරි කතාව!!!!

    ReplyDelete

ඔයාල කොම්මෙන්ට් එකක් දාන්න වැය කරන තප්පර ගානත් ඔයාලට වැදගත් කියල මම දන්නවා එත් ඔයාලගෙන් අදහසක් මේ පිළිබඳව ලැබෙනවා කියන්නේ මට ඉදිරියටත් ලියන්න හොඳ මොර්ටිවේෂන් එකක් ලැබෙන එක. ලියන්න කල් මදිනම් තිතක් තියල යන්න එතකොට මම දන්නවා ඔබ මෙය බැලු බව. ස්තූතියි.........

Related Posts Plugin for WordPress, Blogger...