Saturday 28 September 2013

ෆේස් බුක් පේජ් වල නිරුවත

අපේ මාක් උන්නැහේ විසින් නිර්මාණය කරන ලද ෆේස් බුක් අඩවිය අද කාලේ තරුණ තරුණියන් අතර පමණක් නොවෙයි වැඩිහිටි පරම්පරාවද වැළඳ ගෙන පැල් බැඳගෙන පාවිච්චි කරන අඩවියක් වෙලා. නමුත් අපිට ගොඩ වෙලාවට අහන්න ලැබෙන්නේ ෆේස් බුක්   ගැන බැනුම් තමයි මොකටද ඔය කාලේකන දේවල් කරන්නේ, ඔයිට වඩා හොඳ නැද්ද පොතක් පතක් පාඩම් කලානම්. ඇත්තටම අද කාලේ කොල්ලෝ
කෙල්ලෝ ටික ෆේස් බුක් එකේ ඉන්න වෙලා පොත් එක්ක පුස්තකාලේ ගත කලානම් ඒ ලෙවල් වලට A 4 අරන් අපේ රටේ කැම්පස් වල ඉඩත් නැතිවෙනවා. මොකටද අප්පේ ඒ වගේ ජාතික අපරාධ කරන්නේ එහෙම කලොත් අනාගතේ පොල් කඩන මිනිහටත් ඩිග්රි එකක් තියේවි, නැද්ද මං අහන්නේ????. තමන්ගේ ගෙදර පොල් කඩන්න ටෙන්ඩර් දාන්න වේවි. පත්තරේ ඇඩ් දාලා තමයි පොල් කඩන කෙනෙක් ගන්න වෙන්නේ.ඔච්චර කරදර විඳින්න ඕනේ නැහැනේ ඉගන ගත්තේ නැතිවූනාම.

අද මගේ මාතෘකාව බුකියේ තියෙන ගෘප්ස් සහ පේජ් ගැනයි. අපේ බ්ලොග් කාරයෝ බොහොමයකට තමන්ගේ බ්ලොගේට ෆෑන් පේජ් (Fan Page) එකකුත් බුකියේ තියෙනවා. ඇත්තටම ඔය විහිලු තහළු අපේ දැනුමට යම් යම් දෑ අරගෙන ඔය පේජ් කෙරුවාව ආපු කාලේ ගැන නම් මට ඒ හැටි නිච්චියක් නැහැ. නමුත් ඒ දවස් වල තිබ්බ පේජ් අතරින් ඉහලින්ම ගුණාත්මක දේ අරන් ආව කට්ටියක් තමයි කජුවත්ත එක්සත් ක්‍රිකට් සමාජය, I Love My Dream Girl/ Boy.  මම හිතන්නේ මම හරි වෙන්න ඕනේ. ඊට පස්සේ සිරිය ලතා, කෙහෙල් මල්, නැව ගිලුනත් බෑන් චූන් යනාදී වශයෙන් කාලයත් එක්ක නම් වත් මතක හිටින්නේ නැති තරම් පේජ් තොගයක් අප අතරට පැමිණියා. ඇත්තටම මෙහි concept එක තමයි පින්තූරයක් මගින් යම් පණිවිඩයක්, විහිළුවක් පිරිසක් අතර බෙදා හදා ගැනීම. ඇත්තටම ඒක ගොඩක් හොඳ දෙයක් ඒ නිසාමද මන්දා මේ කෙරුවාව ගොඩක් ජනප්‍රිය උනා. එන හැම දේම ඉහමුදුනින් පිළිගන්න එක අපේ ජාතියේ හැටිනේ.




උදාහරණයක් විදියට අපේ ටයිටස් තොටවත්ත මහතා අප අතරින් සමුගත් දිනවල හැමෝම කලේ එතුමාගේ ෆොටෝ ගෙන Share කරගැනීම. ඒ අතර තිබුණු එක කියමනක් මට මතක් වෙනවා.  "ස්ටීව් ජොබ්ස් මිය ගිය ගමන් ඇපල් අයි ෆෝන් එකක් තියා කිසිම ඇපල් නිර්මාණයක් අල්ලලා නැති උන් ස්ටීව් ජොබ්ස් ගැන ශෝක පණිවිඩ ප්‍රකාශ කළා. නමුත් ටයි මාමගේ කාටුන් බලපු නැති එකෙක් නැහැ ඒ කලගුණ මතක තියෙන එවුන් මේක ශෙයා කරපල්ලා" කියලා. මේ වගේ දේවල්, පසුගිය කාලේ හලාල් කතන්දරේ, නෝ ලිමිට් වගේ සිද්දි  මතක ඇතිනේ...... සෑහෙන්න ලොකු රැල්ලක් නිර්මාණය කළා මේ ෆේස්බුක් පේජ් ටික එක්කාහු වෙලා. අපිත් දකින දකින එකට ලයික් කරලා තම තමන්ගේ වෝල් වලත් ශෙයා කරගත්තා එහෙම නේද?.

උදාහරණයක් විදියට පසුගිය සතිය ගන්න. ඒ සතිය තුල එවැනි විහිළු තහළු කොමඩි කෑලි කීයක් නම් ඔබගේ වෝල් එකේ ශෙයා කරගෙන ඇත්දැයි බලන්න. මේ විහිළු තහළු අතර තියෙනවා සමාජය දැනුවත් කිරීමේ පණිවිඩ. අර මම කලිනුත් කී පරිදි හැම එකම ශෙයා කරන අපේ ගොයියලා මෙහි අන්තර්ගතය  සැබෑවක්ද බොරුවක්ද කියලවත් හොයල බලන්නේ නැතිව තම තමන්ගේ වෝල් වල ශෙයා කරගන්නවා. මෙන්න මෙතෙනටයි මට එන්න ඕනේ මෙච්චර වෙලා මම කලේ පඳුර තලපු එක දැන් අපි කෙලින්ම බහිමුකො මාතෘකාවට.

පසුගිය සැප්තැම්බර් 3 වෙනිදා හෝමාගම හබරකඩ ප්‍රදේශයම හැඬේව්ව දවසක් කිව්වොත් මම නිවැරදියි. ඒ අසල්වැසි මළගෙදරක ඇති වූ රණ්ඩුවක් බේරන්නට ගොස් පාපතර බේබදු අමනයෙකුගේ කුරිරු කිනිසි පහරකට ලක්ව අප අතරින් සදහටම සමුගත් මුදිත මාලවික සොයුරාගේ වියෝව හේතුවෙන්. මේ පිළිබඳව සිරස ටීවී එකේ 10 විකාශයේ සඳහන් වුනේ මේ අයුරින්. මුදිත කියන්නේ කොයි වගේ කොල්ලෙක්ද කියල බලන්න ඕනෙනම් මෙතනින් ඔහුගේ ප්‍රොෆයිලයට ගිහින් බලන්න.
මිතුරන් අතර හොඳ මිතුරෙකු වූ ඔහුගේ වියෝව ගැන මිතුරන් කම්පාවන අයුරු. ඇත්තෙන්ම කනගාටුදායකයි. ඔහු අප අතරින් නික්ම ගොස් මසක්වත් ගතවෙලා නැහැ. සල්ලිත් නැහැ සනීපත් නැහැ නම් පේජ් එකේ පසුගිය 26 වැනිදා මෙන්න මේ පින්තූරේ පලවෙනවා. මෙය හුදෙක් විහිළුවක් ලෙස සැලකිය හැකිද??????

ජීවතුන් අතර සිටින පුද්ගලයෙකුට විහිළුවක් කිරීම සාධාරණීකරණය කල හැක. නමුත් මිය ගිය අයෙකු අලලා පලකරන ලද මෙවන් තුට්ටු දෙකේ තිරිසන් ප්‍රකාශයකට 98 දෙනෙක් ලයික් කරලා තියෙනවා 256ක් තමන්ගේ වෝල් වල ශෙයා කරන තියෙනවා. මෙය නොදැන නොදන්න කමට කල දෙයක් කියල කියන්න පුළුවන්. නමුත් මේ පිළිබඳව කොමෙන්ට් 33කින් දන්වා තිබිය දීත් එම චායාරූපය ඉවත් නොකරන්නේ  සල්ලිත් නැහැ සනීපත් නැහැ පේජ් එකේ ඇඩ්මින් වරයාගේ අමන කමද...... තිරිසන් කමදැයි අපිට වැටහෙන්නේ නැහැ. නමුත් මේ පිළිබඳව මට කියන්නට තියෙන්නේ. ඕනෙම මොලේ නැති හරකෙක් මොන විදියේ හරි කුණුහරපයක් හදලා දැම්ම පලියට එයට ලයික් කරමින් ශෙයා කරමින් කියා පාන්නේ තමනුත් ඒ හරක් වැඩේ තිරිසන් වැඩේ අනුමත කරන බවත් තමනුත් බත් වෙනුවට කන්නේ පිදුරු සහ තණකොළ බවත් නොවන්නේද?



අපි කිසියම් දෙයකට ලයික් කරන්නේ ශෙයා කරගන්නේ එය තමන්ගේ සිත් ගත් නිසා හෝ එය යම්කිසි විදියේ ප්‍රකාශයක් නම් උදාහරණයක් ලෙස "මම හලාල් වැඩේට විරුද්දයි". මම ඒ ප්‍රකාශය මගේ වෝල් එකේ ශෙයා කරගන්නේ මම එයට විරුද්ධ නිසා, ඒ මගේ මතයයි. මේ පිංතූරය ශෙයා කරන ඇති 256ක් වූ පිරිසටත් එයට කැමැත්ත පල කල 98 දෙනාටත් කියන්නට ඇත්තේ මේ දෙය තමන්ගේ සොයුරෙක්ට යාලුවෙක්ට සිද්ධවුනා නම් මේකේ තියෙන බරපතල කම උඹලට තේරේවි. ඇත්තටම මේ වගේ පහත් මානසික මට්ටමක් ඇති උදවියත් අපේ සමාජේ ඉන්නවා නේද කියල හිතෙද්දි ලොකු කලකිරීමක් එන්නේ සල්ලිත් නැහැ සනීපත් නැහැ      පේජ් එකේ ඇඩ්මින් ගොයියට කියන්න තියෙන්නේ. තමන්ගේ පේජ් එකේ නම සල්ලිත් නැහැ සනීපත් නැහැමොළෙත් නැහැ
කියල වෙනස් කරන අතරම තමන්ගේ ඇති අම්බරු ගතිගුණ හදාගන්න එකයි. තමන් ගේ පේජ් එකත් එක්තරා විදියේ මාධ්‍යයක් එයින් අපි ජනතාව අතර ගෙනියන්න ඕනේ, නැති දේවල් කල්පනා කරලා බලලයි ලියන්න  ඕනේ. (මේ කෝරලේ වලව්ව බ්ලොගේ උනත් යම් මාධ්‍යයක්.මා මෙහි ලියන දේවල් කියවන පිරිසක් සිටිනවා මගේ වගකීම තමයි මා ඔවුන්ට හරවත් දෙයක් ලබාදීම). ලංකාදීප පුවත් පතේ ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන හේමන්ත ද සිල්වා මහත්තයා කියපු දෙයක් මට මතක් වෙනවා. "මාධ්‍ය කියන එක වැරදි පුද්ගලයෙකුට අහුවුනොත් එය වඳුරෙකුට අසුවූ දැලිපිහියක් වන අතර එයින් ඔහු වටපිටාවේ ඉන්න එවුන්ටත් හානි කරලා අන්තිමේ තමන්ගේ බෙල්ලත් කපාගෙන තමයි නවතින්නේ". 


මුදිත මචන් මේ කාලේ ඉන්න එවුන් සංස්කෘතියක් සදාචාරයක් ඇති එවුන් නෙවෙයි. පවුලේ සැමත් මිතුරු කැලත්  කරන්නාවූ කුසල් බලයෙන් ඔබට අති උතුම් අමා මහ නිවන් සම්පත් ලැබේවා කියල කෝරලේ වලව්වේ රචකයා වන මමත් මගේ පාඨක පිරිසත් ප්‍රාර්ථනා කරනවා.










මියගිය පුද්ගලයෙකුට කරන ලද මේ අපහාසය ඔබ හෙලාදකිනවා නම් මේ පේජ් එකේ පොස්ට් එක  Report කරන්න අපිට සහය වෙන්න.

අදහස් දැක්වීමට විවෘතයි. Anonymous ලෙසටත් කොමෙන්ට් කල හැකිබවින් අසැබි වදන් පළකිරීමෙන් වලකින්න.  

66 comments:

  1. සමාජයම පිරිහිලා මලයා.. මේ යකා මේ වගේ බලු වැඩක් කරන්න ඇත්තේ ඇයි. පරණ තරහකටද? මොනව වුණත් ඒක කාලකන්නියෙකුගේම වැඩක්. නොදුටු සොයුර නිවන් සුව

    ReplyDelete
    Replies
    1. පරණ තරහක් තිබුනත් නලින් අයියේ දැනට මේ ලෝකේ නැති ඒ අහිංසකයට මේ විදියට අපහසකරා කියලා උගේ තරහ අඩුවෙනවද නලින් අයියේ????? ඔව්ව දෙමාපියන්ගේ වැරදි හොඳ නරක කියල දෙන්නේ නැතිව හදන එවුන් හැදෙන්නේ මේ වගේ තමයි

      Delete
  2. මාර සීන් එකක්නේ මේක

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නැහැ අටම් අයියේ මෙව්වට කියන්නේ බලු වැඩ කියලා

      Delete
    2. මාර සීන් කියන්නේ උඹත් මේ වගේ තමයි අටමෝ.

      Delete
  3. මුදිත සොයුරාට නිවන් සුව පතමි..!

    ReplyDelete
    Replies
    1. ඔව් රෙහානි මේ කාලකන්නි අතර ඉපදෙන්නේ නැතිව නිවන් දකින්න වාසනාව ලැබෙන්න කියල අපි ප්‍රර්ථනා කරමු

      Delete
  4. අවාසනාවට අද පරිගණක සහ අන්තර්ජාලය භාවිතා කරන්නන් අතරින් කිපදෙනෙක් මෙවැනි අධම පහත් වැඩවලට පෙළඹෙන්නේ මාද්‍ය භාවිතය පිලිබඳව මොලේ කළඳක් නැති අය විදිහට. ඒකයි ම‍ට කනගාටු...

    ReplyDelete
    Replies
    1. හරි වැටහීමක් අවභෝදයක් නොමැති කම සහ තමන්ගේ පේජ් එක ජනප්‍රිය කරගන්න දරන පහත් උත්සහයක් පමණයි. මනුස්සකම් සාරධර්ම කියන ඒවා මේ වගේ පුද්ගලයෝ ළඟ නැහැ.

      Delete
  5. මුදිත සොයුරාට නිවන් සුව පතමි..!
    මාර බලූ වැඩක් නේ කරලා තියෙන්නේ.මුන්ව report කරන්න නෙමෙ උල තියන්න ඕනේ.
    මේක විහිළුවක් වෙන්න බැ මුඩ්ඩ්ට මඩ ගහන්න කරපු වැඩක්.
    meka heta apita wennath puluwan.muddata me aparada karapu wunnta lagadima wipaka lebei.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++

      එකෙන් වෙන්නේ උන්ගේ තිරිසන් කම ප්‍රදර්ශනය වෙන එකයි.

      Delete
  6. මම නම් මුදිතව දන්නෑ ඒත් එයා මගේ girl friend ගේ යාළුවෙක් ගොඩක් හිත හොද කොල්ලෙක් කිව්වා.අපරාදේ ජීවිතේ

    ReplyDelete
    Replies
    1. මුදිත කියන්නේ කොයිවගේ කොල්ලෙක්ද කියලා බලන්න මුදිතගේ FB පිටුවට යන්න ඕනේ කොහොම හිත හොඳ කොල්ලෙක්ද කියලා බලන්න. අද මේ දේ මුදිතට වුනා හෙට ඔයාට අනිද්දා මට වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේවා report කරන්න ඕනේ FB එකට.

      Delete
  7. අර මුදිතව මරපු බේබද්දට ජාතක වෙච්ච එකෙක් වෙන්න ඇති ඔය පේජ් එක කරන්නෙ.. උගේම ජාන නිසා කෑගහනව ඇත්තෙ

    ReplyDelete
    Replies
    1. සිරාවටම යසියෝ මසුරන් කතාව.

      Delete
  8. report kola. Thamange mattamin anun genat hithanna ona. Anit aya thamanta apahasa karanawata akamaty wagema anit ayat ekata kemati netha!
    Karanda wedak netnam anunta mada nogaha nidaganna eka sapay!
    ManoJND

    ReplyDelete
  9. බ්ලොග් එකකින් මොනම හෝ වෙබ් පේජ් එකකින් කරන ෆේස්බුක් පේජ්ජුවක් ඇරෙන්න ඔය කිය්ය නම් තියන සෙට් එකම අර කිව්ව වගේ කරන්නෙ (පණිවුඩයක්-උපහාස-විහිලු) ඔය වගේ දේවල් නෙ
    අලුත්ම සීන් එක එකෙක් පෝස්ට් එකක් ශෙයර් කලාම ඔක්කොම පේජ් ඒකම ශෙයාර් කරනව . ඒ නිසා ඔය ජාතියේ එක පේජ් එකක් ලයික් කරගත්තමත් ඇති වගේ මොකද ඔක්කොගෙම යන්නෙ එකම දේ .

    අනික දැන්නම් වැඩක් තියන දෙයක් පේජ්වල යන්නෑ . තියෙන්නෙ පුංචි කාලෙ පෑන් ගහපු උන් ඉන්නවනම් ලයික් කරන්න .
    පැන්සලේ මකනෙ කාපු උන් ඉන්නවනම් ලියික් කරන්න . ඔය වගේ පොස්ට් පොටෝ එක්ක දාලනෙ .
    අනික පේජ් කියෙන් කියද පේජ් එකේ නමට අදාලව පොස්ට් දාන්නෙ .

    පේජ් වලින් නිකන් ඉන්න උන්ව හරක් කරනවද මන්ද ? ගොන් ආතල් දීල .
    නියම පෝස්ට් එක යාළු ස්තුතියි .

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දැන් ඔය පේජ් කරන එවුන් දන්නේ නැහැ දෙයක් නිර්මාණශීලීව ඉදිරිපත් කරලා කට්ටිය රඳවාගන්න. දැන් කරන්නේ ගොන් ආතල් දෙන එකයි කෝපි කරන එකයි මේ වගේ තුට්ටු දෙකේ වැඩ කරන එකයි.

      Delete
  10. ඔය මූණු පොත මහා සේප්පඩ විජ්ජාවක්. මම මාස හයකින් ගැලවුනා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මහත්තයෝ දැන් වැඩි හරියක් ඉන්නේ කිසි වැදගැම්මකට නැති කාලකන්නි

      Delete
  11. යකෝ මොකාද මේ .හෙන ගහන්ට එපැයි රිපෝර්ට් කරන්නම්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි චින්තක පිං සිද්දවෙන වැඩක්

      Delete
  12. තිරිසන්නු ටිකක් කරලා තියෙන වැඩක්. ඇයි ඇත්තටම තාමත් ඒ පේජ් එක තියෙන්නේ මන්දා.

    ReplyDelete
    Replies
    1. 7000 කට වැඩිය ලයික් තියෙන නිසා FB එකෙන් එකපාරටම පේජ් එක අයින් කරන්නේ නැහැ.

      Delete
  13. මේක නම් මහා පාහර වැඩක්.
    ඉන්න තැන් වලින් විසිවෙලා යන්න පුළුවන් තරම් පහර දෙන්න ඕන මේ බල්ලන්ට.
    මිය ගිය අයට පහර ගැසීම දැන් කලාවක් වෙලාද මන්ද..?
    මිය ගියාලින් පසු ඔහොම පහර ගහපු ලිපියක් ලගදිත් කියෙව්ව.
    එහෙම ලියන එව්වන්ට කියන්න තියෙන්නෙ තුප් නොදකින් කියල තමයි.

    ReplyDelete
    Replies
    1. හැබැයි කෙන්ජි අයියේ මේ දේ කරපු එක අහු උනොත් නම් කෑල්ලක්වත් හොයාගන්න බැරිවෙන එකනම් සහතිකයි. කලාවක් නෙවෙයි උන්ගේ පේජ් එකට සෙනග අද්දා ගන්න කරන බලු වැඩ.

      Delete
    2. හා... කෙන්ජි.........

      Delete
  14. මේක මහා තිරිසන් වැඩක් , ලෝකේ පලවෙනි වතාවටයි දැක්කේ මිනිස්සුන්ගේ දුකට අසරණකමට "කැමති (like)" මිනිස්සු ඉන්නවා.
    මෙවැනි දේ වළක්වාලීමට හැකිතරම් කටයුතු කල යුතුයි...........
    මේ ගැන මම ලියපු එකක් හැකි විටක බලන්න අසරණ සරණ

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ඉවාන් අපේ මෝඩ මිනිස්සු දෙයක් දැක්ක ගමන් ශෙයා කරගන්නවා හොයන්නේ බලන්නේ නැතිව

      Delete
  15. මේ වගේ දේවල් කරන්නෙ කොහොමත් මොළේ නැති එවුවො තමයි. මේ වගේ එකක් ෂෙයා කරන්න කලින් උනුත් හොයල බලන්න ඕන මේකෙ ඇත්ත නැත්ත මොකක්ද කියල. ඔය වගේ එවුවන්ට වැඩිකල් ඔය දේවල් කරන්න බෑ.

    ReplyDelete
    Replies
    1. එකනේ ප්‍රසන්න අයියේ අර කොල්ලගේ පවුලේ හිත මිත්‍රයන්ගේ මානසිකත්වය ගැන බිඳක්වත් හිතන්නේ නැතිවනේ මේ අවලම් වැඩේ කරලා තියෙන්නේ.

      Delete
  16. මචං,page එක report කළා කියලා අයින්කරයි කියලා හිතන්න අමාරුයි.පින්තුරේ report කලානම් සමහරවිට අයින්කරාවී.කොහොමත් ෆේස් බුක් කියන්නේ හොදට වඩා නරක තියෙන තැනක්.බේරිලා ඉන්න එකයි කලයුත්තේ...

    ReplyDelete
    Replies
    1. මේ කරුම පින්තූරේ තමයි අයින් කරවන්න ඕනේ අනෙක මේකේ ඇඩ්මින් හිවලා මෙච්චර දේවල් වෙද්දීත් ඇහැ කන පියන් ඉන්න විදියෙන් කියන්න පුළුවන් උගේ තියෙන නැහැදිච්ච කම ස්තූතියි හසරැල්

      Delete
  17. nodakin witharak mehema kalakanni....okuntanam hondak wenna honda na....
    mama ano awe baye newei mata mail ekata log wena welaweth thawa tikak type karaganna puluwan nisa

    {mama dasun(uma) }
    www.dasunuma.blogspot.com

    ReplyDelete
    Replies
    1. කාලකන්නිදත් අහනවා මලේ...... ජරා සතෙක් තනිකර

      Delete
  18. ඔය බල්ලට මනුස්සකමක් නැද්ද ඔය පින්තූරේ අයින් කරගන්න බැල්ලිගෙ පුතෙක්නේ පිස්සු ප....යා.

    ReplyDelete
    Replies
    1. බැනල වැඩක් නැහැ බැනුම් වලට හැදෙන එකෙක් නම් මෙලහකට අයින් කරලා අපි බැනල තියෙන හැටියට කම්මලේ බලල වගේ එකෙක් ඌ. කරන්න තියෙන්නේ රිපෝර්ට් කරන එක විතරයි

      Delete
  19. මල මිනිත් විකුණන් කන කාලයක්. කෝරලේ මොකද බං උඹ මේ ඇනෝ වර්ජනය කරන එකා වෙලා කවදාවත් නැතුව ඇනෝලට චාන්ස් දීලා?

    ReplyDelete
    Replies
    1. හැබෑව.... මම කොහොමත් අනොලට විරුද්ධ උනත් මේ වගේ වැඩකදී ඇනෝලත් එක්ක සාමෙන් වැඩ කරන්න තීරණය කළා මේ වැඩේට විතරක්.

      Delete
    2. කෝරලේ මහණ වෙන්නද දන්නේ නැහැ යන්නේ පිං අතේ වැඩ කරන්න පටන් අරන් තියෙන්නේ.

      Delete
  20. maricha manussayage athmetath sanasimak naha ballo karna vada nisa

    ReplyDelete
  21. මුදිත සොයුරට නිවන් සුව පතමි !!!
    සමහර වේඅවට මූනුපොතේ ලෙඩ වෙච්ච උදව්වක් බලාපොරොත්තු වෙන අයගේ පින්තූර එහෙම දාලා ශෙයාර් කරන්න ලයික් කරන්න කියලා දැකලා තියෙනවා. ඒ වගේ අයට ශෙයර් එකකින් ලයික් එකකින් කොහොම සල්ලි ලැබෙනවද මන්දා...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මධූරංග මේ මාන්දම් කාරයෝ කාටවත් උදව්වක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොවුන්ගේ යටි අරමුණ තමන්ගේ පේජ් එක ජනප්‍රිය කරගැනීමයි.

      Delete
  22. මට මේ සිදුවීම සම්බන්ධව ඇත්තේ තදබල කනගාටුවක් සහ කෝපයකි. පලමුවෙන්ම මුදිතගේ පියා මාගේ පැරණි මිතුරෙකි. මේ දරුවා කුඩා කල සිට මම හඳුනමි. අවසානයේ සාක්කියක් දෙන්නට කෙනෙක් නැති තරමට සමාජය පිරිහී ඇති බවද දැණගතිමි. අවසානයේ දෙමව්පියන්ට දරුවෙකුත් සමාජයට හොඳ යහලුවෙකුත් නැතිවිය.

    ෆේස්බුක් සමග මගේ ඇයි හොඳැයිය මම නවතා දැමුවේ වසර ගනනාවකට පෙරය. එය භාවිතාකරන්නන් බොහොමයක් සමාජ අවබෝධයක් නැති පුස්සන් කොටසක් නිසාමය.

    කංඩායමක් ලෙස එක්වී හෝ මෙයට විරෝධය දක්වා මේ පිටුව ඉවත්කර දැමීම යුතුකමකි. ඔබේ සංවේදීතාවයට මගේ උපහාරය මෙසේ සටහන් කරමි.

    ReplyDelete
    Replies
    1. මුදිත මාගේ බිරිඳගේ ඥාතිතත්වයක් ඇත. අද සමාජයේ සිටින්නේ 85% පමණ පුස්සන් බවත් ඔවුන්ගේ පුහුවැඩ වලින් අන් අයද අපහසුතාවයට පත් වෙයි

      Delete
    2. ++++++++++++++++

      Delete
  23. රිපෝට් කලා.. සමාජය ගැනනම් ඉතින් මොනවා කියල කියන්නද බං කෝරළේ.

    ReplyDelete
    Replies
    1. පිං සිද්ද වෙන වැඩක් දිනේෂ් අයියේ. කියන්න දේවල් බොහොමයක් තිබුනත් අපරාදේ කාලේ.........

      Delete
  24. මේ වගේ තුට්ටු දෙකේ පේජ් කරන්නෙ වයස අවුරුදු 20 කටත් අඩු පොඩි උන්...උන්ට මොළේ නෑ...ලයික් හිගාකන්න ඕනෙ කුණුහරුපයක් මේවගෙ දානවා...ඒවගේම ගොන් රැළ ඒවා ලයික් කරනවා ෂෙයාර් කරනවා...මේ සිදුවීම මම නම් තරයේ හෙලා දකිනවා.

    ReplyDelete
    Replies
    1. සමහර විට වෙන්න ඕනේ සිරා අයියේ. මේ ආපේ කොමෙන්ට් පෙන්න වැටි වැටිත් මේකා නෙවෙයි එකක් වත් ගණන් ගන්නේ වත් ප්‍රතිචාර දක්වන්නේවත් පෙන්නේ නැහැ කියන්න බැහැනේ අපිත් ෆෑන් පේජ් කරන එවුන් නේ බ්ලොගේට හරි.

      Delete
  25. මුදිත සොයුරණි,, ඔබට නිවන් සුව....

    ReplyDelete
  26. එම ක්‍රියාව තරයේ හෙළා දකිමි. මූණු පොතට සමු දී ඇති බැවින් report කළ නොහැකි ය. මොනවා වුණත් මිනිස්සු වුණාම මීට වඩා හිතල මතල වැඩ කළොත් තමා හොඳ.

    ReplyDelete
    Replies
    1. හිතල මාතල වැඩ කරන්න මිනිස්සු වෙන්න ඕනේ මේවගේ වැඩ කරන එවුන්ට මිනිස්සු කියන්න බැහැ දිලිනි

      Delete
  27. හ්ම්ම්.. මගෙත් මූනාපොතේ එකවුන්ට් එකක් තිබුනට මං ඔය පැත්තේ යන්නේ නෑ බං.. අනේ මංදා මේ මිනිස්සු..

    ReplyDelete
    Replies
    1. නොයන එකමයි බං හොඳ කලකිරෙන දේවල්මයි සිද්ද වෙන්නේ. බුකියේ දැන් ඉන්න තරමක් ඉන්නේ මානසික ලෙඩ්ඩු

      Delete
  28. මාත් මේ බිස්න්ස් එක හින්දා ඔය පැත්තෙ යනවා මිසක් ඔය වගේ පේජ් වල ෆොටෝ නං ෂෙයාර් කරන්නෙ නැතිම තරම්... වැඩක් නෑ නේ.. වැඩක් ඇති දෙයක්වත් , අඩුමගානේ හිනා වෙන්නවත් දෙයක් නැත්තං මොන කෙහෙල්මලකටද ඕවා ෂෙයාර් කරන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අක්කේ මුන් මේවා කරන්නේ මිනිස්සුන්ගේ ලයික් හිඟා කන්න. මට සේරටම වැඩිය තරහා මේවා ශෙයා කරන්න ඉන්න අය අතර හාමුදුරුවරුත් ඉන්නවා. අනේ කාලේ වනේ වාසේ කිව්වලු.

      Delete
  29. පොටෝ එකක් නම් දැන් පේන්නේ නැහැ.. මොකක්ද තිබ්බේ ...? මට නම් FB එපාම වෙලා ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. https://www.facebook.com/photo.php?fbid=165217133676417&set=a.162437617287702.1073741826.162425963955534&type=1&theater

      Delete
  30. මේ වගේ දේවල් ගැන කථා කිරීම තමයි උන් ලබන ජයග්‍රහණය. දැන් මල්ලිම ඌට මොනතරම් ප්‍රසිද්ධියක් අරන් දීලද මේ පොස්ට් එකෙන්. නොදැක්ක ගානට ඉන්න එක තමයි හොඳ කියන එක තමයි මගේ විශ්වාසය. සමහරු ඉන්නවා මොන විදියට හරි ප්‍රසිද්ධ වෙන්න කැමති. මොකද මේ විෂම සමාජේ ඒ වගේ එවුන්ට කැමති එවුන් ටික ගොණු කරගන්න ඉන් පස්සේ උන්ට පුළුවන් වෙන හින්දා.

    ReplyDelete
    Replies
    1. ayiya kiyana kathaawa aththa. e yaka karala thibunu baluwade dakkama balan inna bariwunaa.

      Delete
  31. තේරුනේ නැතිද මන්දා?

    ReplyDelete
    Replies
    1. https://www.facebook.com/photo.php?fbid=165217133676417&set=a.162437617287702.1073741826.162425963955534&type=1&theater
      link eka balanna ayiye ethakota thereyi kaalekin dakke moko liyanne naththe

      Delete

ඔයාල කොම්මෙන්ට් එකක් දාන්න වැය කරන තප්පර ගානත් ඔයාලට වැදගත් කියල මම දන්නවා එත් ඔයාලගෙන් අදහසක් මේ පිළිබඳව ලැබෙනවා කියන්නේ මට ඉදිරියටත් ලියන්න හොඳ මොර්ටිවේෂන් එකක් ලැබෙන එක. ලියන්න කල් මදිනම් තිතක් තියල යන්න එතකොට මම දන්නවා ඔබ මෙය බැලු බව. ස්තූතියි.........

Related Posts Plugin for WordPress, Blogger...