Tuesday 8 October 2013

සඳ මත දෙවනියට පා තැබුවේ කවුරුන්ද????

පසුගිය 6 වෙනි දින යෙදී තිබුන මාගේ ජන්ම දිනය වෙනුවෙන්  පොඩි පොස්ට් කටුවක් දානවා දානවා කියල හිතන් හිටියට කොහෙද අප්පා බැරිවුනානේ තියෙන  රාජකාරිත් එක්ක. ඇත්තටම අපේ බ්ලොගර්ස්ලා  පාඨකයෝ හිත මිතුරෝ බොහොමයක් සුභ පැතුම් පණිවිඩ එවල තිබුනා. ඉතින් එව්වට ස්තූති කරලා යැව්වත් සමහර ඒවාට යවන්න බැරිවුනා ඒ නිසා මම කල්පනා කොලා මේ විදියට පොස්ට් එකකින්ම තැන්ක්ස් කොරනවා කියල. 

බොහොම විකාර විදියට පටන් ගත්තු මේ බ්ලොගේ අද වෙද්දී හිට්ස් 70000 ගානකුත් ෆලෝවර්ස්ලා 167කුත් එක්ක අවුරුදු එකහාමාරක ගමනක් මේ වෙනකොට ඇවිල්ල තියෙනවා. කිසිම අරමුණක් නැතිව ටෙස්ට් එකක් විදියට පටන් ගත්තු මේ බ්ලොගේ මුල් කාලේ ඉඳන් හිටපු උදවිය දන්නවා ඇති මුලින්ම මම කලේ මට ආව ඊමේල් ඒ විදියටම කොපි පේස්ට් කරලා බ්ලොගේට දාන එක තමයි. පස්සේ කට්ටිය මේ දේවල් බලන බව තේරුම් ගියාට පස්සේ වැරදි වැරදි පැටලී පැටලී පටන් ගත්තු පෝස්ට්  ලිවිල්ල මේ පෝස්ට් එකත් එක්ක 56ක් වෙනවා. ඉතින් අද දවස වෙද්දී මට සෑහෙන්න සතුටක් දැනෙනවා ආව ගමන් මග දිහා හැරිලා බලද්දී. සිංහල වැරදීම් ඇතිව ව්‍යාකරණ දෝෂ ඇතිව මම ලියපු අන්ඩර දෙමළ කියවපු කියවල මගේ වැරදි හදාගන්න මට උදව් උපකාර ගුරුහරු කම් ලබාදුන්නු  උදවියට මම මේ වෙලාවේ මුළු හදපතුලින්ම ස්තූති වන්ත වෙනවා. 

සමහර දැන උගත් උදවිය මඩ ගැහුව අවස්ථා ද නැත්තේම නැහැ. මම සිංහල බස හසුරවන විදියට අවමන් කරලා. නමුත් ඒ වැරදීම් ගැන අදටත් මට කිසිම ලැජ්ජාවක් නැහැ. සිංහල ඉගනීමක් නොමැතිව නිවසේදී ඉගනගත් දේ ඇසුරින් මේ අයුරින් හෝ මාගේ ලිවීමේ හැකියාව වර්ධනය කරගැනීමට හැකිවීම ගැන මම නිහතමානි ලෙස ආඩම්බර වෙනවා. 

ඔන්න හැමෝටම කිව්වා මෙපමණ දිනක් වලව්වත් එක්ක රැඳී සහය දැක්වීම  ගැන ස්තූති වන්ත වන අතරම ඉදිරියටත් අඩුපාඩු හදාගෙන බ්ලොගේ කෙරුවාව කරගෙන යන්න මට උදව් කරාවි කියන බලාපොරොත්තුව තියෙනවා. පසුගිය අවුරුද්දේ නම්, නම් වශයෙන් කියවා ස්තූති කරන්න පුළුවන් පිරිසක්  සිටි මුත් දැන් ඉන්න පිරිස වැඩිවීමත් එක්ක නම් වශයෙන් සඳහන් කිරීම යනු දැලිපිහියෙන් කිරි කෑමක් වගේ ඉලව්වක් වෙනවා. පොදුවේ සියලු දෙනාටම මාගේ හද පිරි  ස්තූතිය පුද කරනවා. 

ඉතින් මෙපමණ කල් මාත් එක්ක රැඳී  හිටියට පොඩි තෑග්ගක් දෙන්න තමයි මේ සූදානම ඒ ඔයාල නොදන්නා දෙයක් කියල දෙන්න. 


අද මම මේ සූදානම් වෙන්නේ  දැන උගත් උදවියගෙන් පොඩි පුරස්නයක් අහන්න දැන් අහන්න  එපා ඕකට උත්තරේ උඹත් දන්නේ නැද්ද කියල. අපි හැමෝම දන්නවනේ දෙවන ලෝක යුද්දයෙන් පසුව න්‍යෂ්ටික බල අරගලය පටන් ගත්තු ලෝක බලවතා වීමේ සිහිනය පෙරටු කරගත්තු රුසියාව සහ ඇමරිකාව අභ්‍යවකාශය ජය ගැනීමේ සටන ආරම්භ කලා. ඒ වගත් හැමෝම දන්නවා. ඒ තරඟයෙන් මුලින්ම අභ්‍යවකාශයට මිනිසෙක් යවන්න පුළුවන් උනේ රුසියාවට ඒ යුරී ගගාරින් කියන එකත් අපේ මේ වියත් පාඨක පිරිස දන්නවා. ඒ වගේම මුලින්ම හඳට යන්න හැකි වුනේ ඇමරිකාවට කියන එක වගේම මුලින්ම සඳ මත පා තැබූ පුද්ගලයා නීල් ආම්ස්ට්‍රෝම් මහත්මයා කියන එකත් ඔයාල දන්නවනේ... මගේ පුරස්නේ තමයි සඳ මත දෙවනියට පා තැබුවේ කවුද කියන එකයි. හැමෝටම මතක හිටින්නේ මේ ලෝකේ දෙයක් මුලින්ම කල කෙනාවනේ දෙවනියට කිසිම තැනක් නැති කාලේ මම කල්පනා කළා දෙවනියට පා තැබුවේ කවුද කියන එක ඔයාලට කියලා දෙන්න පුලුවන්නම් කියන්න බලන්න මේ තියෙන්නේ නීල් මහත්තයා සඳ මත පියවර තබන ඒ වැදගත් අවස්තාව. 





දැන් කියන්න බලන්න කවුද දෙවැනි වර සඳ මත පා තැබුව පුද්ගලයා  කියලා ???????????





.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.


දෙවැනි පියවර තිබ්බෙත් නීල් ආම්ස්ට්‍රෝම් ම  තමයි මොකද ඒ මනුස්සය අබ්බගාතයෙක් නෙවෙයිනේ  ඔය ඉන්නේ යස  අගේට දෙවැනි පියවරත් තැබීමෙන් පසුව. 



දැක්කා නේද කෝරලේ මහත්තයාගේ මොලේ.......  රජයේ වග  කිවයුතු නිලාධාරියෙක් වෙනවා කියන්නේ සෙල්ලමක්යැ බොලව්...... 
මෙය නිකන් සිටින විට මා හිතට ආ අදහසක්  පමණක් බවත් මෙයින් කිසිම පුද්ගලයෙකුට මඩ ගැහීමේ චේතනාවක් නොමැති බවත් හුදෙක් විහිළුවක් පිණිස ලිවූ පොස්ටුවක්  පමණක් බවත් ප්‍රකාස කොරමි බනින එවුන් බැනල පලයල්ලා 



75 comments:

  1. අඩේ උපන් දිනේට මුලින්ම සුභම සුභ උපන් දිනයක් වේවා...

    ReplyDelete
  2. සුභ උපන්දිනයක් වේවා .. :)
    පොඩි ප්‍රශ්නයක්. නීල් ආම්ස්ට්‍රෝං කකුල් දෙකම එක පාරට තියලා දබොහ් ගාල රොකට් එකෙන් පැන්නා නම් මොකෝ වෙන්නේ.. එතකොට කවුද දෙවෙනියට පය තිව්වේ :P

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ලකී :)
      මෙහෙමනේ ලකී ඔය දේ හඳුන්වන්නේ මිනිසා විසින් සඳ මත තබන ලද පළමු පියවර කියලනේ වැරදිලාවත් කකුල් දෙකම තිබ්බනම් දෙවනියට ගිය පොරගේ නම තමයි ලියන්න වෙන්නේ....... hikizzzzz

      Delete
  3. සුබ උපන්දිනයක් පැතුවා !!!
    කිව්වත් වගේ කතාව ඇත්ත නේ. දෙවෙනියත් නීල් ආම්ස්ට්‍රෝන්ම තමා නෙහ් !

    ReplyDelete
    Replies
    1. ස්තූති වේවා !!!!
      ඒකනේ මධුරංග අයියේ කියන්නේ

      Delete
  4. සුබ උපන්දිනයක් වේවා !

    කෝරළේගෙ මොලේ තමයි මොලේ.

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් ප්‍රසන්න අයියේ!!!!
      එකනේ කෝරලේ පට්ටමක් දෙනවායැ නැත්නම් හික් හික් හික්

      Delete
  5. අම්මපල්ල උඹේ මොලේ තමයි මොලේ! කොහොමද බං මේ වගේ දේවල් කල්පනාවට එන්නෙ.
    හැබැයි රජෝ කාටත් කලින් හඳට-අඟහරුට ගියපු එවුන් හිටිය.
    සුභපැතුම්!

    ReplyDelete
    Replies
    1. අනේ අම්මප රාජ් අයියේ ගහල ඉන්නකොට එන වැදගත් අදහස් තමයි ඔය.
      ඒ කොහෙද???? :O
      තැන්කු කිව්වා

      Delete
  6. උපන්දිනේට සුබපැතුම යාලුවා.
    අම්මපා උඹ සුද්දගේ කාලේ හිටියනම් එහෙම ඇත්තටම ගම්මුලාදෑනි කමක් හරි කෝරළේ කමක් හරි දේනවා ....(එහෙම ඒවා තිබ්බද මන්දා )

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් මචං
      ඒකාලේ හම්බවෙච්ච පට්ටම තමයි බන් මේ රැකගෙන අරන් එන්නේ. ඒ කාලේ අද කාලේ කියල වෙනසක් නැහැ. මේ පෝස්ටුව අපේ රජතුමා දැක්කනම් මටත් ඔය අමාත්‍යංශ ලේකම් කමක් ඇමති කමක් වගේ එකක් දෙන්න බැරි නැහැ.

      Delete
  7. කෝරළේ මහත්තයට සුබ උපන් දිනයක් වේවා!!!
    අම්මපල්ල කෝරළේ මහත්තයො තෙත තැන්වල එහෙම ඉඳගන්න එපා, මොලේ පරිස්සං කරගන්න

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හැලපයියේ!!!!!!!

      කිව්වත් වගේ........ ෂොපින් බෑග් එකක්වත් ගැටගහගන්න ඕනේ. අනෙක කොහොමත් මට වතුර ඇලජික් hik hik hik

      Delete
  8. සුබ උපන්දිනයක් වේවා !!

    මලේ, උඹේ මොලේ තමයි බන් මොලේ.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අයියන්ඩි මේ ලියන එක නවත්වලද එහෙම නැත්නම් ප්‍රයිවට් ක්ලාස් පටන් ගත්තද කැමරා කරණය වෙනුවෙන්

      එකනේ කියන්නේ අයියේ ඇළක් වත් නැහැනේ දාලා හෝදලා ගන්න මේ කාන්තාරේ

      Delete
  9. සුභම සුභ උපන් දිනක් වේවා කොරලේ මහත්තයෝ. මේ හඳේ දෙවනි පියවර තිබ්බෙ නීල් ම කියලා ශුවර්ද?

    - ප්‍රියා.

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු කිව්වා ප්‍රියා!! මොකද නැත්තේ නැත්නම් වෙන කවුද?

      Delete
  10. ඇත්ත කියපං උපන්දිනේට බීපුවා තාම වැඩ නේද?

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකනේ කියන්නේ වැදගත් අදහසක් කිව්වාම වෙරි අනේ මෙහෙමත් කුරිරු ලෝකයක්

      Delete
  11. සුභ උපන් දිනයක්..!
    සිතිවිල්ල සුපිරි....!!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් කෙන්ජි අයියා.
      හික් හික් හික්

      Delete
  12. හා කෝරලේ මහත්තයා දක්ෂයි නම් මේකට උත්තර දෙන්න,
    71 උගේ පංතියේ 11 දෙනෙක් හමුදාවෙන් මැරුවාලු. ඌ පණ බයේ හැංඟිලා එදා බේරුණාලු. මේ පුතයා ඊලඟට හමුදාවට බැඳලා පංතියේ අනිත් යාළුයෝයි, සගයෝයි, සමාන්‍ය මිනිස්සුයි බිලි පූජාවට තල්ලු කළා. දැන් උගේ පංතියේ ඌ විතරයි. ඌ පට්ටම් ගත්තා, තරු පැලඳවා, දැන් ඒ මිනී උඩින් ෆැන්සෝන් එකත් ගන්නවා. එදා දෙමාපියන් නැතිවූන දරුවෝ අදත් ඕකූන්ට සාප කරනවා.
    කවුද ඌ......................
    (මෙය මඩ ගැහීමක් නොව. කරපු අලුගුත්තේරු, අමන, පාදඩ, කුපාඩි, වැඩක් හෑල්ලුවට ලක්කීරීමත්, එය ආඩම්බරයෙන් තේප්පුලන අමනයෙකුගේ සැබෑ ස්වරූපය පෙන්වීමටත් ගන්නා උත්සාහයකි.)

    ReplyDelete
    Replies
    1. කෝරලේ මහත්තයෝ මට කියන්න අමතක වුනා. ඉස්සර ඉඳලා අපේ අම්මා කොල්ලොයි බල්ලොයි ඔක්කොම එක්ක බුදියලා තියන නිසා මට තියෙන්නෙම අවජාතක ගති. මම ඉපදුනේ පාරේ ඉන්න හොරිකඩ බල්ලෙකුට ජාතක වෙලා කියලා අපේ අම්ම කිව්වා ඒ නිසා මම මේ ලියන දේවල් ගණන් ගන්න එපා.

      Delete
    2. ඉහල ඇති කොමෙන්ටුව සඳහා නම් පිළිතුර මට ඒ හැටි දැනීමක් නැහැ කියන එකයි.

      ඔබේ දෙවැනි කොමෙන්ටුව සඳහා පැවසීමට දෙයක් ඇත්තේ නැහැ. ඔබ මේ කොමෙන්ටුව පල කරන ලද්දේ කිනම් අදහසකින්දැයි මා දන්නේ නැති නමුත් මවැනි දෑ පලකිරීම සභ්‍ය නොවන බවනම් මට වැටහේ.

      Delete
    3. කොරලේ මහතාණෙනි.
      ඉහත ka Kalaya කියන කා(Ka)ගේ කොමන්ටුව තේරුම් ගන්න මෙන්න මේ ලින්ක් එකට යන්න.

      http://arugeadaviya.wordpress.com/2013/09/04/%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A-%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%A7-%E0%B6%B4%E0%B7%99%E0%B6%BB-4-%E0%B6%A0%E0%B7%9A-%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F/#comment-718

      පහත Ka Klaya කියන පු(Ka) යනු වෙනත් එකෙක් බව තේරුම් ගන්න. මේ දෙක ප්‍රොෆයිල් දෙකකි.

      Delete
    4. මේකයි හේතුව කෝරලේ මහත්තයෝ. ඇත්තටම මම දන්නේ නැහැ මගේ අම්ම අප්පා කවුද කියලා. මම අර කලින් කියලා තියන විදිහට ඉපදුන එකෙක් නිසා. ඉතින් ඔබතුමාගෙනුත් මගේ මේ අවලම් වැඩ නිසා අපහාස වුන ගරු උතුමන්ලාගෙනුත් දෙපා නැමද සමාව අයදිනවා.

      Delete
    5. මෙතන ප්‍රොෆයිල් දෙකක් තියෙන බවත් මඩ ගැහීමේ චේතනාවෙන් සිදුකරන දෙයක් ලෙසත් වැටහුනා

      Delete
  13. බලපං ඉතිං බර්ත්ඩේ එක දවසටත් කියන මෝඩ කතා ;)

    දන්නවද අපේ ගමේ කොල්ලො තමා ඊට පස්සෙ වැඩිම වතාවක් හද මත පා තැබුවේ.. හැමදාම හවසට පය තබන උනුත් ඉන්නවා..

    සුභ වේවා !

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද සෑම් අයියේ පිස්සු නෙවෙයි හැටිනේ

      මම නම් බෝතලයක් හම්බවෙන හැම පාරම හඳට නෙවෙයි අඟහරු ලෝකෙටත් ගිහින් එන්නේ.

      Delete
  14. වැටි වැටි නැගිටිමින් බ්ලොග් කලාවේ රස සොයන්න ඔබට දිරියක් ලැබේවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දයා අයියේ. ඔයාල නිසා තමයි මේ බ්ලොගේ කරගෙන යන්න දිරියක් ලැබෙන්නේ. මුලසිටම මට සහය දුන් වියත් වැඩිහිටි මිතුරෙකු ලෙස ඔබ හඳුන්වන්න පුළුවන්

      Delete
  15. නොනැවතී ලියන්න ආයු රක්ඛතු ආවඩා කියුවා ඕං අයියා...
    අනේ මංදා ඉපදිච්ච දවසෙ කේස් එකක් වගේ....?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මලයා.
      නැහැ මල්ලි පිස්සු නැහැ හැටි :D

      Delete
  16. හඳේ නැතුවට පොලවේ කකුල් දෙක ගහලා ඉන්න උඹට ජයවේවා!!!!!!!!!!

    ReplyDelete
  17. ඇත්තටම මුලින්ම හඳේ පය තියන්න හිටියේ කවුද කියලා දැනගන්න....කියවන්න....

    සඳ ගමන - Trip to the moon

    ReplyDelete
  18. සුබ උපන්දිනයක් වෙවා.
    ඉස්සරනම් මමත් ඉදල හිටල හදට යනව.හැබැයි පය තියන්නෙ නැ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දමිත් !!!!!!
      මමත් මේ හඳට ගිහින් ඉන්න වෙලාවේ ආව අදහසක් තමයි

      Delete
  19. මගේ නිගමනයෙ හැටියට මේ සද ගමනේ කථාන්දරය තනිකරම අතේ ගොතපු එකක්...නිකමට හිතන්න1967 දි මෙවැනි දෙයක් කරන්න පුලුවන් උනා නම් 2000 වෙද්දි කොළඹ - ගම්පහ බස් දුවනවා වගේ හදට යන්න එන්න පුලුවන් කම ලැබෙන්න ඕනෙ...මේ ඡායාරූප චිත්‍රාගාරයක සැකසූ කෘතිම පරිසරයක ගත්ත ඒවා කියලත් කියනවා...අපේ කොල්ලොත් ඔය සූස්තියක් එහෙම ගැහුවට පස්සෙ හදට යන්නෙ...

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නේ සිරා අයියගේ කතාවේ ඇත්තක් තියෙනවා කියල මොකද ඒ කාලේ හැටියට එහෙම දියුණුවක් තිබුනා නම් මේ වෙද්දී කොහොම වෙන්න ඕනෙද?

      Delete
  20. ඔට්ටුයි කියන්න බෑ තුන්වෙනි පියවර තිබ්බේ කවුද කියලා.

    ReplyDelete
    Replies
    1. අනේ මම නම් නෙවෙයි විචාරක මහත්තයෝ. නීල්ගේ යාලුවද?

      Delete
    2. ඇයි කෝරලේ මහත්තයෝ නීල් ආම්ස්ට්‍රෝංග් උන්නැහේ අඩි දෙකක් ගිහින් නැවතුනේ නැහැනේ. තුන්වෙනි අඩිය තිබ්බෙත් උන්නැහෙම තමා. :D

      Delete
    3. හුටා....... මමත් අහුවුනා නේද මගේම වලේ මමම වැටුනා වෙන විදියකින් කිව්වොත් මගේ නයි මාවම කයි hik hik hik

      Delete
  21. අම්මපා මම දැන් නේ දන්නෙ මගේ අතිජාත අයියන්ඩිගේ බර්ත් ඩේ තිබ්බ බව :( 
    කමක් නෑ සුභ පැතුම් හද පත්ලෙන්ම !!!
    මැණිකෙත් එක්ක සතුටින් ඉන්න දිර්ඝායු ලැබේවා ;) 

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නංගියා!!! :)
      මමත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාලටත් සතුටින් ඉන්නත් ,තම තමන්ගේ අරමුණු ඉටුකරගෙන ජීවිතේ සාර්ථක කරගන්න ලැබෙන්නත් කියලා :)

      Delete
  22. සුභ උපන් දිනයක් කෝරළේ. ඒ වුනාට ‍තෝව දීයා කාපිය අපිට අරවගේ අණ්ඩර දෙනවට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඩූඩ් අයියේ (මාමේ) !!!!!!! :D
      අයියෝ එහෙම කියනන් එපා ලෙමන් ජින් එකේ පවර් එකනේ. බනිනවානම් ජින් එකට බනින්න :P

      Delete
  23. කොහෙද යන පිස්සෙක්

    ReplyDelete
    Replies
    1. ඇත්ත කියහං...කාලක් ලග නමලා නේද මේක කෙටුවො සුදු අටමො...

      Delete
    2. අම්මපා ඔව් බං අටම් අයියේ. : D

      මොන කාලක් ක්‍රියාද ? මේකා බෝදිසත්වයෙක් වගේ පොරක් බෝතලෙකින් මෙහා බොන්නේ නැහැ. :D

      Delete
  24. උඹේ උපන් දිනේ තියෙන්න තිබ්බේ අප්‍රේල් මාසේ පළවෙනිදා! :D

    ReplyDelete
    Replies
    1. මමත් ඕක කල්පනා කළා බං කොහෙද මගේ කරුමෙට ඒ වගේ ශ්‍රේෂ්ට දිනයක උපදින්න වාසනාව නැතිවුනා :D

      Delete
  25. නියම හොයාගැනීමක් නේ. :D

    ReplyDelete
    Replies
    1. එකනේ අක්කේ දැක්කනේ මල්ලි මොළ කාරයා :D මේ පෝස්ට් එක දැක්කොත් අපේ උන්දා මාව ඩිවෝස් කරනවා නැත්නම් පිස්සන් කොටු අරන් යනවා.

      Delete
  26. මං හිටියනම් ඒ කාලේ හැටියට උඹවයි යවන්නේ මේ ඔක්කාම පැත්තක දාලා. හේහ..සුභ උපන්දිනයක් සහෝ

    ReplyDelete
    Replies
    1. අපරාදේ අයියේ මගේම කරුමේ තමයි එකනම් හිටියනම් මගේ නමත් රන් අකුරින් ඉතිහාසේ ලියවිලානේ. හික් හික් හික්.... බොහොම ස්තූතියි අයියා!!!!!

      Delete
  27. සුබ උපන්දිනයක් :D

    ReplyDelete
    Replies
    1. අලේ මගේ චූටි නංගිත් ඇවිල්ල ඉන්නේ කාලෙකින්....... තැන්කු තැන්කු කිව්වා මොකද දැන් ලියන්න අමතක වෙලාද?

      Delete
  28. කෝරළස්ට, සුභ උපන්දිනයක් වේවා! දිගටම ලියහං මස්සිනා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මස්සිනා අනිවා උඹල බලනවානම් ලියන්නම්

      Delete
  29. :DDDDD සුබ උපන්දිනයක් වේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නංගා.........:D

      Delete
  30. සුභ උපන් දිනයක් වේවා.... මටත් හිතෙන්නෙ අර සිරා අයියා කියල තියන කතාව තමයි ඇත්ත. නැත්නම් මේ වෙද්දි කටිටිය එහෙ පදිංචියට ගිහින් ඉන්න ඕනි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කා........... ඒක තමයි ඒ පිළිබඳව ලොකු පරස්පර මත ප්‍රකාශ වෙනවා

      Delete
  31. සුබ උපන්දිනයක් වේවා !!! නීල් අම්ස්ට්‍රොන්ග් හඳට ගියේ නෑ කියලත් ඔප්පු කරපු මේල් එකක් ආවා මතකයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියා .......... ඔව් ඔව් අයියේ හැමතැනම තියෙන්නේ ප්‍රෝඩාව තමයි

      Delete
  32. ඔය කතාව ඇත්තම මැනේජ්මන්ට් තියරි වලදි පළවෙනියා සහ දෙවනියා අතර වෙන්ස කියල දෙන්න භාවිත කරනව. මොකද සාමන්‍යයෙන් ඔබ ඇහුවොත් ඕන කෙනෙක් කියයි හඳට පය තිබ්බ පළවෙනිය කවුද කියල. ඇත්තටම දෙවනිය කියන්නෙ මයිකල් ඕල්ඩ්‍රින්ග් කියල කියන්න ඒ පළවෙනි උත්තරේ දන්න අයගෙන් සීයට අනූවකටම බෑ. ඒකයි ලෝකෙ පළවෙනිය වීම වටින්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්තම කතාවක් ඉන්දික අයියේ..... මේ ලෝකේ මොන දේ කලත් මුලින්ම කරන කෙනාට තමයි තැනක් තියෙන්නේ ඒකනේ කියන්නේ අපායට ගියත් පළවෙනියට යන්න කියල

      Delete
  33. සුබ පැතුම් මල්ලී... ඔයාටත් බ්ලොග් එකටත් දෙකටම! සඳ මත දෙවනි පියවර තැබුවේ කවුද කියලා ඇහුවා නම් ප්‍රශ්නේ තවත් ක්ලියර්!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි ලහිරු අයියේ ඔයත් මේ බ්ලොගේ ඉඳන් මෙගමන එන්න සහය වුන කෙනෙක් ඒ පිළිබඳව මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා අනේ ඉතින් මගේ සිංහල දැනුමෙ හැකියාව තමයි ඒ ඒවා අපි ඉස්සරහට හදාගමු.

      Delete

ඔයාල කොම්මෙන්ට් එකක් දාන්න වැය කරන තප්පර ගානත් ඔයාලට වැදගත් කියල මම දන්නවා එත් ඔයාලගෙන් අදහසක් මේ පිළිබඳව ලැබෙනවා කියන්නේ මට ඉදිරියටත් ලියන්න හොඳ මොර්ටිවේෂන් එකක් ලැබෙන එක. ලියන්න කල් මදිනම් තිතක් තියල යන්න එතකොට මම දන්නවා ඔබ මෙය බැලු බව. ස්තූතියි.........

Related Posts Plugin for WordPress, Blogger...