Thursday 24 October 2013

කසාද බැඳලා කොච්චර කාලෙකින්ද ළමයෙක් හදන්න ඕනේ???????????????



එක කට්ටියට මතක ඇති මගේ ගෙදර උන්දා එහෙම නැත්නම් කෝරලේ හාමිනෙත් බ්ලොග් කෙරුවාව පටන් ගත්ත කියල නමුත් පටන් ගැනීමේ ලිපිය විතරයි උන්දැට ලියන්න හම්බ වුනේ ඊට දවස් දෙකකට පස්සේ රැකියාවක් ලැබිලා යන්න සිදුවුනා. කොහොම හරි පසුගිය 4 වැනි දින මම බනියව ලංකාවට එව්වේ යම් කිසි හේතුවක් නිසා. ඒ සිදුවීම හේතුවෙන් බනියගේ නොවැම්බර් වල සිදුකරන්නට නියමිත ශල්‍යකර්මය කල් ගියා. මොකද දොස්තර සුරවීර මහතා පවසන අන්දමට මේ අවස්ථාවේ මෙවැනි දෙයක් සිදුවීම එක්තරා අන්දමක වෙස්වලාගත් වාසනාවක්ලු. කොහොමින් කොහොම හරි පිස්සු කෙල කෙල හිටිය කෝරළේ ටත් දැන් තැම්පත් වෙන්න කාලේ හරි කියන ආරංචිය මට මේ පසුගිය දිනයක හම්බවුනා. ඒ කෝරලේ වලව්වට අලුත් සාමාජිකයෙක් එන්න යන නිසා.

හ්ම්ම්ම්ම් ඒ කියනෙන් කෝරලේ ගොයියත් දැන් පියපදවිය ලබන්න ඉන්න පොරක් එහෙම නැත්නම් වෙන්න තාත්ත කෙනෙක්. කාසල් රෝහලෙන් කියල තියෙනවලු බනියට ඊළඟ දවසේ එද්දී මහත්තයවත් අරන් එන්න කියලා. මොකද එයාලගේ තියෙනවලු වැඩසටහනක් තාත්තෙක් වෙනකොට පිරිමියෙක්ව හැඩගස්සවන විදිය ගැන කියන්න. ළමයෙක් එකක් කටයුතුකරන්නේ කොහොමද ළමයෙක් රැකබලාගනෙන් කොහොමද කියන එක. නමුත් මට මේ දේ නිසා අමුතුවෙන් වෙනස් වෙන්න ඕනේ නැහැ. මොකද මගේ බිරිඳ මගේ පෙම්වතිය වෙලා ඉන්න කාලේ ඉඳල අවුරුදු බර ගානක ට්‍රේනින් එකක් මට මේ වෙන කොට ලැබිල තියෙනවා උන්දැව බලාගෙන. 



අම්මප මම නිතරම කියන්නේ. මේ වගේ සිටිවේෂන් එකක් කලින් දන්නවනම් කොම්පියුටර් ඩිග්රිය පැත්තක දාලා කරනවා මොන්ටිසෝරි ඩිප්ලෝමා එකක්. මොකද අපේ උන්දවයි ලමයවයි ආන්බාම් කොරන්න ගියාම මගේ පනයාවි. මේ ලඟදි දවසක මගේ පරණ පින්තූරයක් බුකියේ ප්‍රොෆයිල් එකට දැම්ම වෙලාවේ අපේ උන්දා කිව්වේ දැන් වෙන්න තාත්තා කෙනෙක් මේ බලහන්කෝ දාන පින්තූර වයසට ගිහිල්ල්ලත් ඇටයා වෙන්න යනවා කියල. ඔන්න බලන්න වගකිවයුතු රජයේ නිලධාරියෙකුට වෙලාතියෙන වැඩේ. මේ සිදුවීම දැනුම්දෙන්න පරක්කු වුනේ අපි බයෙන් හිටියේ කකුල නිසා දොස්තර සුරවීර මහත්තයා ළමයව නැතිකරන්න කියාවි කියන බයෙන්. නමුත් එතුමා මේ අවස්ථාවේ අපිට මෙවැනි සහනයක් ලබාදීම ගැන මම එතුමාට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම බනියගේ කලින් දොස්තර මහත්මයාගෙන් බනියව අයින් කරන් මේ දොස්තර මහත්තය ලඟට ගෙන්න පුළුවන් වුන එක ගැන සතුටු වෙනවා. මොකද ඒ දොස්තර මහත්තමය කියල තිබුනේ කකුල සනීප වෙනකම් ළමයි හදන්න බැහැයි කියල. යකාගේ කතාවක්නේ කෝරලේ වලව්වට උරුමක් කාරයෙක් ඉන්න එපයි මගෙන් පස්සේ. කොහොම වුනත් මේ දවස් වල මමයි බනියි අතර යන්නේ සීතල යුද්ධයක්. මට ඕනේ කොල්ලෙක් එයාට ඕනේ කෙල්ලෙක්ලු. කවුද දිනන්නේ කියල බලන්න වෙන්නේ තව ටික දවසකින් තමයි. මගේ 24වැනි උපන්දිනේදී මගේ ළඟ ඉන්න බැරිවුනත් බනියා මට දීපු තෑග්ග තමයි ලෝකේ තියෙන උතුම්ම තෑග්ග ඒ පිළිබඳව මම මගේ සුන්දර බිරිඳට ස්තූතිවන්ත වෙනවා. 


දැන් මට තියෙන ලොකුම පුරස්නේ මේ දුවෙක්ද  පුතෙක්ද කියන එකයි.ඒක දැනගන්නත් තව මාසයක් බලාගෙන ඉන්න ඕනෙනේ........................... හැබැයි කවුරුවුනත් තාත්තගෙම ළමයා කියල තමයි හැමෝම කියන්නේ මොකද වෙනද කෑම කන ප්‍රමාණයට වැඩිය 5 ගුණයක් දැන් බනියට කන්න වෙනවලු. ඒ කියන්නේ මම කන ප්‍රමාණයම. බලන්නකෝ එකෙත් හැටි හික්........ හික්..... හික්.......
කන තරම කොහොමද කියනවනම් බඩේ සික්ස් පැක් වන් පැක් වලට බැහැලා. ඔව්වා නම් දැන් ඉතින් වැඩක් නැහැ. කවුරු දකින්නද කවුරු බලන්නද මා දැන් මහලු වියේ........................




ඒ වගේම දුකම සීන් එක කියන්නේ. බනියට යන යන තැන විවාහ සහතිකෙයි හැඳුනුම් පතයි අරන් යන්න වෙලා. මොකද මිඩ්වයිෆ් කිව්වලු ඔයාගේ පෙනුම අවුරුදු 16 විතර ඒ නිසා නීතියට පිටින් මට කිසිදෙයක් කරන්න බැහැ කිව්වලු. කසාද බැඳපු කෙනෙක්ටනම් ප්‍රශ්නයක් නැහැ කිව්වලු මේකාගේ මූණ දැකලා. යන්තම් ශේප් වෙලා තියෙන්නේ හැඳුනුම් පතයි විවාහ සහතිකෙටයි පිංසිද්ද වෙන්න. අම්මපා ඔය කසාද සහතිකේ මගේ නම්බුව කීපාරක් බේරුවද? මතකනේ සිහින කුමරිය 9ම වැනි කොටසේ බනියගේ මාමට ඇප නැතිවුන තාලේ පොලීසිය ඉස්සරහා............. කොහොම නමුත් විවාහෙට අවුරුදු 4ක් පිරෙන්න එන මේ මොහොතේ පියපදවිය ලැබීම නම් සුදුසුයි. (හැබැයි සමහරුනම් කියනවා ඉක්මන් වැඩියි කියල)  ඇත්තටම මට මේ ලිපිය දාන්න කාලේ හරි කියල  හිතුනේ සිරා අයියගේ පොස්ට් එක දැකලා. එහෙනම් හැමෝටම ජය වේවා ඉක්මනටම හමුවෙමු තව පොස්ටුවකින් 





86 comments:

  1. සුභ පැතුම් කෝරලේ මහත්තයෝ. අවුරුදු 4ක් ගත්තත් වැඩිද මන්ද. අපි නං හිටියෙ මාස 2යි. අපේ පලවෙනි සංවත්සරේට මං අපේ මහත්තයට දෙන්නෙ ලෝකෙන් ලොකුම තෑග්ග.

    ReplyDelete
    Replies
    1. මිස් ෆයර් වෙනව තමා ;)

      Delete
    2. @ සිඟිති
      බනියගේ අසනීප තත්වය නිසයි මෙච්චරවත් කල් ගියේ. නැත්නම් ළමය දැන් මොන්ටිසෝරිත් යනවා. හික් හික් හික්

      @ සෑම්
      :D

      Delete
  2. සුභ පැතුම් කෝරළේ...කට්ටිය හදිස්සි කිව්වට පොඩ්ඩා උස්මහත් වෙලා එද්දි උඹත් තරුණයෙක් වගේම ඉදීවි...එදාට හිතේවි අනේ සෝයිනෙ කියලා...ජය !

    ReplyDelete
    Replies
    1. අපේ තාත්තයි මායි යද්දී අහනවා අයියයි මල්ලියිද කියල නොදන්නා එවුන් අපි දෙන්නගේ වයස පරතරේ අවුරුදු 20යි. බොහොම ස්තූතියි සිරා අයියේ.

      Delete
  3. සිරාවටම අව්රුදු 3ක් 4ක් ඉන්න එක හොදයි බන්, බැදපු ගමන් ලමයි හදන එක මෝඩ වැඩක් :D
    සුබ පැතුම් ඈ :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සසිඳු............ :)

      Delete
  4. ඒක දෙන්නගේ කැමත්ත මත තීරණය වන අතිශය පෞද්ගලික කාරනයක්..

    ReplyDelete
    Replies
    1. ඔන්න දැන් තමයි අපි දෙන්නටම හිතුනේ කාලේ හරි කියලා

      Delete
  5. මම නම් කියන්නේ අවුරුද්දක් වගේ ඉන්න ඕනේ.... අහා සුබ පැතුම කෝරලේ මහත්තයා

    ReplyDelete
    Replies
    1. මටනම් අවුලක් නැහැ අපි බැඳලා අවුරුද්දයි කියන්නේ වයිෆ්ට 19යි පොඩි වැඩියි............ හික් හික් හික්

      Delete
  6. සැප ඇතී කියා සිතෙන දවසක, හදන එක තමා හරි.. අවුරුදු දෙකක් වත් අවම සැප ගන්න එපැයි..

    සුභ වේවා. යකෝ තොට 24ද? අවුරුද්දක් වැඩිමල් අපි තාම බැදලවත් නැති දරුවෝ..

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් තැන්කු වේවා සෑම් අයියේ........... දැන් නම් කාලේ හරි වගේ ඔයාගෙත් වෙඩිමට.

      Delete
  7. සුබ පැතුම් කෝරලේ....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හසරැල් :)

      Delete
  8. බබා ලැබුනම ගොඩක් සතුටුයි. නමුත් ඒ සතුට ඉහවහ යන්නේ ඒ දරුවා කවදා හරි තාත්තේ/අප්පච්චි කියලා ඔබව අමතන දවසටයි. අන්න එදාට තමයි මම දැන් තාත්තෙක් කියන එක වඩාත් තහවුරු වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. කතාව නම් සහතික ඇත්ත විචාරක මහත්තයෝ......... දැනටමත් අපේ උන්දා මාව නාකියෙක් කරලා. :)

      Delete
  9. අම්මපා නිකන්වත් කිව්වේ නැති හැටි ...හිහි.

    බලාගෙන යනකොට අපිත් ඔහොමමනේ. මාස 2 යි වැඩිමල්. ඒ වගේම අවු. 4 කින්. ඒක නෙමේ අර දුවෙක්ද පුතෙක්ද කියලා බලන වැඩේට අසරණයාගේ කැලැන්ඩරේ බැලුවේ නැද්ද? අපිටනම් හරියටම හරි :))

    suba pathum kora malli...

    ReplyDelete
    Replies
    1. අනේ අම්මේ හඳ දැක්කා වගේ කාලෙකින් දැක්කේ.... කොහෙද අක්කේ හැංගිලා හිටියේ......... මම දන්නේ නැහැ ඔය කැලැන්ඩර් සීන් එක කිව්වත් වගේ බලන්න ඕනේ බොහොම ස්තූතියි අක්කණ්ඩි ඔයාටත් නීරෝගී දරු උපතකට සුභපතනවා :)

      Delete
  10. යකෝ මූට 24 වෙද්දී බැඳලා ලමයි හම්බුවෙන්නත් යනවා.. අපි තාම ඔය දෙකම හිතලවත් නෑ.. හරි එවුවයින් වැඩක් නෑ.. සුභ පැතුම් මලයා උඹලා දෙන්නටම.. සතුටින් ඉදපං..

    ReplyDelete
    Replies
    1. මේ ගිහින් උපදෙසක් ගන්නවා චිතු අයියාගෙන්වත්. අම්මපා මට යකා නගිනවා. තව කමෙන්ට් දාන ලස්සන හිතලවත් නෑ කියලා. ගෙම්බා :( 

      Delete
    2. හිතලා නැහැ නෙවෙයි හිතන්න කාලේ හරි කියන එකයි දැන්...... ඔය හිටිය ඇති ඉහ නිකට පැහෙන කාලේ බැඳලා වැඩක් නැතෝ........ බොහොම ස්තූතියි අයියන්ඩි................. :) ඔය දෙන්නටත් මම හදවතින්ම සුභපතනවා:)

      @ මදාරා නංගි
      ඒක තමයි මම කිව්වෙත් සීනියර් සිටිසන් වෙන්න කලින් ඉක්මන් වුනොත් හොඳයි.

      Delete
  11. සුබ පැතුම් කෝරෙලේට. මමත් හිතුවේ 16 ක විතර පොඩි කොල්ලෙක් කියලා. බලනකොට 24ක මහල්ලෙක්නේ.....:D

    හරිම සතුටුයි. කොල්ලෙක් උණත්, කෙල්ලෙක් උණත් සතුටින් බාරගන්ට. දැන් කාලේ කෙල්ලෙකුට කරන්ට බැරි වැඩක් නෑ.:)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අක්කණ්ඩි....... මට හරිම සතුටුයි ඔය මාව 16 එකෙක් කියල හිතපු එක ගැන අයියෝ...... මාව මහල්ලෙක් කියනන් එපෝ........

      ඒකනම් ඇත්ත අක්කේ කෝරලේ පවුලේ පලවෙනි දරුවා පවුලේ කියන්නේ පරම්පරාවේම...............:)

      Delete
  12. උණුසුම් සුබපැතුම් කෝරළේ.....ඕවා පාලනය කරන්න හොඳ නෑ ,වෙන විදිහට වෙන්න දෙන්න ඕන. එතකොට තමයි ජීවිතේ ලස්සන. උඹ හරි.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ඉවාන් ස්වභාවිකව වෙන්න තියෙන දේවල් ඒ විදියට වෙන්න අරින්න ඕනේ අර සිරා අයියා කියල තිබුන වගේ අන්තිමට මොන දේ තිබුනත් වැඩක් නැහැ ළමයි නැතිව.

      Delete
  13. මං කිව්වෙ ඇම්ඩෙක් කියල.. හි හි.... දැං වත් පිස්සු කෙලිල්ල නවත්තනව.. එච්චරයි කියන්න තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් අක්කේ තාත්තගෙම ලමයානේ................. ඔව් ඔව් දැන් නම් පොඩ්ඩක් තැම්පත් වෙන්න කාලේ හරි වගේ

      Delete
  14. අඩෝ උබට සහ වයිපරේට උණුසුම් සුභ පැතුම් සහ නිරෝගී දිවියට ආසිරි.... මන්ද හරිද කියල කිවුවා...


    මේ ඒක නෙමෙයි තෝ හෙන පොඩි එකෙක්නෙ.... මම හිතුවෙ අවුරුදු 35 ක් විතර ඇති කියල.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මචං...... කියන දේට වැඩිය මචං හිතේ තියෙන දේයි වැදගත් එකෙන්ම.......

      නොදකින් විතරක් ඇටිකුකුලා මාව නාකියෙක් වගේද බං පේන්නේ..........:P

      Delete
  15. බොක්කෙන්ම සුභ පැතුම් ... තාත්තා කෝරාළ වෙච්ච එකේ කොල්ලෙක්නම් පිනා හරි ජන්තු කියමු කෙල්ලෙක්නම් ලසදා හරි සිලිදී හරි දාමු .....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මැලේ රාලේ...... හික් හික් හික් ඔන්න ඔය තමයි මුලින්ම ළමයාගේ නම ගැන අයිඩියා එක මගේ ඔලුවට දැම්මේ. ඒකත් මම බාර දෙන්නම් කෝ බ්ලොගර්ස්ලා සෙට් එකටම.

      Delete
  16. ඒ කියන්නේ උබත් පියෙක් කියන එක නේද ..අප්‍රමාන සංතෝෂයි බොල ජයවේවා !!!
    ඇත්ත කියහන් උබ අවුරුදු කියෙන්ද බැන්දේ ?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි චමි අයියේ....... :)

      මට 21 වයිෆ්ට 18 ලබල දවස් ගානයි. :D

      Delete
  17. සුභම සුභ පැතුම් අයියේ බනියාටත් කියන්ඩෝ විෂ් කලා කියලා. ^_^

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නංගියා. මම ඔයාල දෙන්නත් ඉක්මනින්ම පිළිවෙලක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා :)

      Delete
  18. අඩේ උඹත් එහෙනං පියෙක් වෙනවා.. සුභ පැතුම් වේවා.. අනිවා අයිඩී එක අරන් යන්න කියපං. උඹ යන කොට උඹත් අරන් පලයං නැත්නං තෝත් බාලාපරාධකාරයෙක් වගේ පෙනේවි.. මම දන්නවනේ

    ReplyDelete
    Replies
    1. නැත්නම්........ තෑන්ක්ස් අයියා අනේ බොල මාව කොහෙද බාලාපරාධකාරයෙක් වෙන්නේ මම බැන්දේ 18 ලැබුවට පස්සේ :P අපෝ මේ කට නම්........................

      Delete
  19. ඔන්න අපිත් බොක්කෙන්ම සුබ පතනව හරිය.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දමිත් සහෝ :)

      Delete
  20. වෙන්ට පිය පදවියට සුභපැතුම්. 24ක් නේ...... 25දි දරුව ඉපදුනත් උඹට 50 වෙද්දි එයාට 25ක්. නරක නෑ!
    සෞඛ්‍ය පැත්තෙ ප්‍රශ්න තියෙද්දි ළමයෙක් ලැබෙන්න යනව කියන්නෙ උඹලගෙ නොසැලකිල්ල පෙන්වන තැනක්. අවුලක් නෑ කිව්ව හින්ද හොඳයි. නැත්තං උඹල අමාරුවෙනේ.
    මටත් එන්න කිව්ව ඔය ට්‍රේනින් එකට නං. මම නෙවේ ගියේ එක දවසක්වත්. ඒකටත් එක්ක දැං නෝනත් ලඟ නැති එකේ අම්මගෙයි තාත්තගෙයි දෙන්නගෙම වැඩ තරන්න වෙලා තියෙන්නෙ මට.
    උඹේ පෙනුම බැලුවම නං....... ‍කොල්ලෙක් ලැබුනොත්, ඌට වයස දහයක් විතර යද්දි දෙන්න අයිය මලෝ වගේ පෙනෙයි.
    දුවෙක්ද පුතෙක්ද කියල දැනගන්න නං මෙන්න මේ පෝස්ටුවෙ තියන චාට් එක දාල බලපං. මම ගණනය කල 20 දෙනෙකුගෙන් 19ක් හරියටම ආව.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රාජ් අයියේ. ඔව් ඔව් මම නාකියා වෙද්දී ළමයාට පුළුවන් මාව බලාගන්න.

      ඔන්න ඔය දේ සහතික ඇත්ත. කතාව මම එක පිලිගන්නවා.

      මටත් ඔය දේම සිද්ද වෙයිදෝ කියල බයක් තියෙනවා මෙහෙට ආවම දෙන්න එක්ක.
      මාව එච්චර පොඩියට පෙනෙන රැවුල කැපුවොත් විතරයි නැත්නම් මෙලෝ රහක් නැහැ.

      මෙන් මේක තමයි මම හොයා හොයා හිටියේ බොහොම ස්තූතියි රාජ් අයියේ.:)

      Delete
    2. කොළේ හැටියටනම් තියෙන්නේ දුවෙක්........... හ්ම්ම්ම්ම්ම් මොනවා කරන්නද කොල්ලෙක්ට පස්සේ ට්‍රයි කරලා බලන්න ඕනේ.

      Delete
  21. තවත් දරු උපතක් !
    සුබ පැතුම් කෝරලේ මහත්තයෝ !!!

    ReplyDelete
    Replies
    1. තවත් එකක් කිව්වේ මීට කලින් මට ළමයි හම්බ වෙලා නැහැ>
      තැන්ක්ස් මහත්තයෝ..................

      Delete
    2. නෑ නෑ නෑ... කෝරලේ මහත්තයාටම වගේ සයුරි අක්කටත් මේ ලඟදිම පුතෙක් උපන්නා නේ. බ්ලොග් අවකශයේ මං දන්න විදිහට දෙවෙනි දරු උපත. ඒකයි එහෙම කිව්වේ... :)

      Delete
    3. ආ...... දැනුයි මට මීටර් උනේ ඒක තමයි සයුරි කෙල්ල පැත්ත පළාතේ එන්නේ නැත්තේ බ්ලොග් ලියන්න.

      Delete
  22. නව පදවියට සුභ පැතු කෝරළේ මහත්තයා. දැන් ඉතින් දැනුම් තේරුම් ඇති වැඩිහිටියෙක්නේ. කොල්ලෙක් වුනත් කෙල්ලක් වුනත් මොකද බං? දරුවගේ පියා පිරිමියෙක් හන්දා කොල්ලෙක් වෙන්නත්, අම්මා ගැහැණියක් හන්දා කෙල්ලක් වීමටත් 50-50 චෑන්ස් එකක් තියෙනවා. :D Howat?

    ReplyDelete
    Replies
    1. මරු තර්කය! සුබ පැතුම් කෝරලේ මහත්තයා!

      Delete
    2. @ ඩුඩ් අයියා......

      බොහොම ස්තූතියි අයියේ...... ඔව් ඔව් අප්පා කොල්ලෙක්ගෙන් එකපාරට වැඩිහිටියෙක් වෙනවා කියන්නේ ක්ෂණික පරිවර්තනයක්. හ්ම්ම්ම්ම් තර්කයනම් සාධාරණයි.
      @ දිලිනි
      බොහොම ස්තූතියි :)

      Delete
  23. අපේ උණුසුම් සුභ පැතුම් කෝරළේ! දෙන්නා දෙමහල්ලන්ගෙ ගැටළුව නැති වෙන්න නිවුන් දරුවො දෙන්නෙක් (ගැහැණු, පිරිමි) හම්බ උනා නම් හරි නේද?

    ReplyDelete
    Replies
    1. අන්න ප්‍රියා නියම කතාව.... ඔන්න ඔය කතාව තමයි වටිනාම කතාව එතකොට වන් ෂොට් නොකවුට්

      Delete
    2. එහෙනම් ඉතිං කවර කතාද?
      එසේම වේවායි පතනවා! කෝරළේ වගේම කොලු පැටියෙකුයි, හාමිනේ වගේම දූ පැටියෙකුයි නිරෝගීව පවුලට එකතු වේවා!

      Delete
    3. තැන්ක්ස් මචෝ.......... මමත් නිතරම හිත හිත ඉන්නේ ඔය දේ තමයි.......

      Delete
  24. සුභ පැතුම්...!! තාතලාගේ ගැන්සියට සාදරයෙන් පිළිගමි..! (මම නම් ඉතිං නාකිය)
    මම නම් ඉතිං බැන්ද දවසෙම දරුවෙක් හදන වැඩේට බැස්ස.
    හරියටම බැදල මාස 10 න් දෙන්නගෙ දෙමවපියන්ගේ අත්වල දෙසැම්බර් 31 වෙනි දාක තිබ්බ මිනිබිරියෙක්.
    දෙවැන්න පුත්‍රයා එතනින් වැඩේ නිමි.
    හැබැයි නැවත දරුවො හදන්න බැරිවෙන මගුල් කරන්න ගියේ නැහැ.
    මම නම් දරුවො දෙන්න ලැබෙන්න ඉද්දි බිරිදගේ බඩේ දරුව දගලන්න ගත්ත දවසෙ ඉදල හැකි සෑම විටකම බඩ අත ගාමින් දරුව එක්ක කතා කරනවා,ඔහොම පයින් ගහන්න එපා පැටියෝ කියල නැළවිලි ගී පවා කිව්ව.
    දුව නම් ඒවා ටිකක් අහං ඉදල සද්දක් නැතිව නිදියනව වෙන්න ඇති.
    පුතන්ඩියට වලවිලි ගී කියද්දී නම් මගෙ කටටත් තේරුනා සැර පහරවල්.
    මම පස්සේ හිතුව නැළවිලි ගී නෙමේ යකෝ හොද බයිලා පාරක් ගහපන් වෙන්න ඇති කියල:):).
    ඔබ දෙපලට නිරෝගිමත් දරු පැටියකු ලැබේවායි පතමි....!!

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් මේ පොඩි මමත් නාකි ගැන්සියට එකතු වුනා. :)
      මමත් මෙච්චර කල් වත් අල්ලන් හිටියේ වයිපරේගේ අසනීපේ නිසා නැත්නම් කෙන්ජි අයියේ පොඩි එක පෙර පාසලුත් යනවා මේ අවුරුද්දේ :D

      මමත් එව්වා කොරන්න යන්නේ නැහැ අපි පෙර කල කී දේ අනුව ලැබෙන දෙයක් ලැබෙයි.
      අනේ අයියේ ඔයා ඒ අතින් හරි වාසනාවන්තයි මට නැහැනේ මේ කාලේදී මගේ බිරිඳ ලඟින් ඉන්න වාසනාව. ජොබ් එක දාල එන්නත් බැහැනේ. අපේ එකත් මොක නැතත් හොඳට කන්න පුළුවන් එකෙක් කියලා ආරංචියි.
      බොහොම ස්තූතියි අයියේ අයියටත් පවුලේ සැමටත් සැමදා නිරෝගිව සතුටෙන් ඉන්න ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.

      Delete
  25. දෙදෙනාටම උනුසුම් සුභ පැතුම්......නියම කාලේ බැඳලා තියෙන්නේ..නියම කාලේ දරුවොත් ලැබෙන්නේ....උඹට ඇත්තටම 24ද? අපේ දුවටත් 24යි බං.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මට මේ 24ට ලබලා දවස් 19යි. හික් හික් එහෙනම් අරූ අයියේ කියනන් බැහැ මාමේ කියල තමයි කියන්න වෙන්නේ. :)
      බොහොම ස්තූතියි (මාමේ) හික් හික් හික්

      Delete
  26. අම්මටසිලි සිලි කිව්වලු. අඩේ අප්පා කෝරල පැටියෙක් පෙන්ඩිං ඈ....මයි ඩීපස් අහවල් එක විත් හද පිරි මෙව්වා එක.

    ReplyDelete
    Replies
    1. අඩේ බං තරුවෝ......... ඔව් ඔව් ඔව් පොඩි එකා හැමෝම කියන්නේ ඉපදෙන්නත් කලින් තාත්තා වගේමයි කියලා. උඹටත් මගේ හද පිරි මෙව්වා එක බං

      Delete
  27. මමත් සුබපතනවා කෝරලේ මහත්තයාට පියෙක් වෙන එක සෙල්ලංද කොල්ලෝ....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දයා අයියේ. අම්මපා සෙල්ලන් වැඩක්ද මං අහන්නේ? හික් හික් හික්

      Delete
  28. ළමයි හදන්න වයස ගැන අයිඩියා එකක් නැතත් ගොඩක් වයසට නොයා දරුවෙක් හදන්න ඕන. බැඳපු අලුත ද කාලයක් ගිහින්ද කියන එක නෙවි ප්‍රශ්නෙ. පොඩි එකා ලොකු වෙන්න කලින් අම්මායි තාත්තායි ආච්චියි සීයයි වගේ පේන්න පටන් ගනීවි ගොඩක් කල් ගිහින් ළමයි හැදුවොත්.
    සුබපැතුම් කෝරලේ මහත්තයෝ.

    ReplyDelete
    Replies
    1. ඔය වයස කේස් එකනම් සෑහෙන්න අවුලක් තමයි මම දැකලා තියෙනවා ඒ වගේ උදවියව.
      බොහොම ස්තූතියි රොෂාන් :)

      Delete
  29. මවු පිය පදවිය ලබන්නට සුදානම් වෙන දෙදෙනාටම සුබපැතුම්.!!!!
    කෙල්ලෙක් උනොත් කෝරලේ මලයත් එක්ක වැඩියෙන් හුරතල් වෙයි, කොල්ලෙක් අම්ම එක්ක හුරතල් වෙයි. එහෙම තමයි කියල මම දන්නෙ අත්දැකීමෙන්

    ReplyDelete
    Replies
    1. මමත් අහල තියෙනවා අයියේ ඔය කතාව. බලන්න ඕනේ පොඩ්ඩා ඉපදුනාට පස්සේ තමයි. :)
      ඔයාටත් බොහොම ස්තූතියි!!!!! :)

      Delete
  30. මගේ සුබ පැතම් කෝරලේ මහත්තයෝ ,,, ඔයාගේ බිරිදට කිසිම කරදරයක් නැතුව දෙවිපිහිටෙන් නිරෝගිමත් දරු පැටියෙක් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ,, ඒ වගේම මන් ඉල්ලීමක් කරනවා ,, කවදාවත් දරුවාගේ ලගින් ඈත් වෙන්න එපා එයාව අම්මා ලග තියලා දුර ඉන්න එපා ,, ලමාකාලයේ හැම සතුටක්ම විදින්න ඉඩ දෙන්න ,, ඔයාගේ ආදරේ උණුසුම එයාට දෙන්න ,, කැමතිනම් මගේ

    http://omageheena.blogspot.co.il/2013/10/blog-post_11.html මේ ලිපිය කියවන්න ,, හැමදේටම වඩා බැදීම් වලට ආදරේ කරන්න ,, සතුටින් ඉන්න හැමදාම

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නංගි.....
      බබා හම්බ වුනාට පස්සේ මාස 6න් බනියගේ ඔපරේෂන් එක කරලා මෙහෙට ගෙන්න ගන්නවා. එයාගේ මෙඩිකල් issue එකක් නිසයි මෙහෙ ඉන්න බැරි මටත් එයාව ලංකාවේ තියල ඉන්න බැහැ පිස්සු වගේ. කන්න ගියත් ඇඳුමක් අඳින්න ගියත් ඕනෙම වෙලාවක මතක් වෙන්නේ එයාව.
      බබා හම්බ වුනාට පස්සේ කොහෙත්ම ඈතින් තියන්නේ නැහැ.

      Delete
    2. හ්ම්ම්ම් දෙවි පිහිටයි

      Delete
  31. ‍එහෙනං කොරලෙත් තාත්තෙක් වෙන්න යන්නෙ. දෙන්නටම මගෙනුත් උණුසුම් සුබ පැතුම් !
    වයස ගැන කියනවනං ඒක ඉතිං ජෝඩුවට ඕන හැටියක් තමයි. අඩු වයසෙන් කසාද බැන්දමනං ඉතිං ඕනතරං කල් තියෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ප්‍රසන්න අයියා.
      පවුල් වල උදවිය හැමෝම කියන්නේ වයස අඩුයි පස්සේ ප්‍රශ්න එනවා අරව මෙව්වා බයිලා.

      Delete
  32. එහෙනම් උඹත් තාත්තා කෙනෙක්....... ජය වේවා මචං...වගකීම වෙනුවෙන් හොඳින් කැපවීමට ශක්තිය දයිරිය ලැබේවා.....!!!!

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් මචෝ.......... එල කිරි...... අනිවා.... මේ දවස් වල වෙනදාටත් වැඩිය වැඩ කරනවා ලොක්කට පේන්න හික් හික් හික්

      Delete
  33. වගකීම් ගන්න ලැස්ති නම් ආයේ කවද වුනහම මොකෝ..සුබ පැතුම් අපෙනුත් ඔන්න .. කෙල්ලක් වුනත් කොල්ලෙක් වුනත් සතුටින් බාර ගන්න .

    ReplyDelete
    Replies
    1. අනිවා...... අපේ උන්දා නම් මටත් කලින් ලැස්ති වෙලා හිටියේ ඒ ඇතිම් මම වාසනාවන්තයි බනියා වගේ බිරිඳක් ලැබීම ගැන. බොහොම ස්තූතියි ඔබටත්. :)

      Delete
  34. මමනම් කියන්නෙ බැඳපු ගමන්ම තමා වඩාත් සුදුසු කියලා. හනිමුන් බේබි උනත් කමක් නෑ.. අපිනම් කොල්ලෙක්ද, කෙල්ලෙක්ද කියලා බැලුවෙ නෑ ඉපදෙනකම්ම...

    ඉතින් උඹලට සුබ පැතුම්.. ලෑස්ස්ති වෙලා හිටහන් නිදි මරන්න..

    ReplyDelete
    Replies
    1. මොකක්...... නිදිමරන්න??????? ඒ මොකටද???????
      මම නම් ඉන්නේ බනියව මෙහෙට ගණන් හෙට අනිද්දම පාලුයි මුළු පළාතම :)

      Delete
  35. ඕව මල්ලි සැලසුම් කරන්න බෑ. දෙන වෙලාවට ගන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. සිරාවටම අයියේ. සැලසුම් කල විදියට නෙවෙයි නේ සිද්ද වුනේ. නැත්නම් දුවෙක් වෙනුවට හම්බවෙන්න තිබුනේ පුතෙක්.... අයියෝ සල්ලි.

      Delete
  36. චූටි පැටියාගේ අම්මිටයි තාත්තිටයි සුබ පැතුම් ඔන්න...!
    අපිට නං තව අවුරුද්දක්ම ඉන්ට වෙනවා නෙව... :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රෙහානි!!! :)
      ඔයාලගේ බලාපොරොත්තුවත් ඉක්මනින් ඉටුවෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා!!!!! :)

      Delete
  37. සුබ පැතුම් කෝරලේ උන්නැහේ :)

    ReplyDelete
  38. හදවතින්ම සුභ පතනවා දෙන්නටම.පුංචි කෙල්ලක් තමයි.බාල අපරාධයක් වගේ හිතුණද දන්නේ නැ මිඩ්වයිෆ්ලට

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි අක්කේ. එහෙම තමයි නර්සින් හෝම් එකේ ඩොක්ටර් හිතල තියෙන්නෙත්. :D

      Delete

ඔයාල කොම්මෙන්ට් එකක් දාන්න වැය කරන තප්පර ගානත් ඔයාලට වැදගත් කියල මම දන්නවා එත් ඔයාලගෙන් අදහසක් මේ පිළිබඳව ලැබෙනවා කියන්නේ මට ඉදිරියටත් ලියන්න හොඳ මොර්ටිවේෂන් එකක් ලැබෙන එක. ලියන්න කල් මදිනම් තිතක් තියල යන්න එතකොට මම දන්නවා ඔබ මෙය බැලු බව. ස්තූතියි.........

Related Posts Plugin for WordPress, Blogger...