ඇත්තටම මේ පිට රට ජීවිතෙත් හරිම පුදුමාකාරයි. ඒ මොකද කියනවනම් රට එනවා කියන්නෙත් හිරේ යනවා වගේ වැඩක් නේ අපිට ඕනේ ඕනේ වෙලාවට අපිට ඕනේ ඕනේ දේවල් කරන්න බැහැ කොන්ත්‍රාත් එක අස්සන් කරලා හාමුපුතුන්ගේ පදයට නටන රූකඩ එහෙම නැත්නම් හිත පිත් නැති මැෂින් වගේ වැඩ කරලා එලියට බැහැපන් කිව්වාම අකුලාගෙන එන්න ඕනේ ජීවිතයක් තමයි මේ මැදපෙරදිග තියෙන්නේ. ශ්‍රමය හූරාකන රටවල් අතරින් පෙරමුණේ ඉන්න මැදපෙරදිග රටවල් වලට පුළුවන් වෙලා තියෙනවා කිව්වොත් මම නිවැරදියි. මෙහෙම රස්සාව කරගෙන ඉන්න අතරේ මොකක්හරි කරදරයක් අණතුරක් අසනීපයක් වෙච්චි වෙලාවට තමයි තමන් හිසට තම අතමය සෙවනැල්ල කියන සිංහල කියමන සිහියට එන්නේ.
මට මතක් වෙනවා ගිය අවුරුද්දේ මිය ගිය මා දන්නා හඳුනන තරුණයෙක් ගැන. කොපමණ දන්නා අඳුනන්න යාළු මිත්තරයෝ හිටියත් කොන්සල් කාර්යාල තානාපති කාර්යාල තිබුනත් අන්තිමට මල මිනිය යවන්න වුනේ සම්මාදම් කරලා. මේ වැඩි කල් නැහැ දැනට මාස දෙකකට වගේ ඉහත මියගිය ගුරුවරියගේ මෘතදේහය ලංකාවට යැව්වෙත් සම්මාදම් පත්‍රයක පිහිටෙන්. නමුත් සම්මාදම් කිරීමෙන්වත් එවැනි අවශ්‍යතා ඉටුකරගැනීමට නොහැකිවූ අවස්ථා අපිට අහන්න ලැබිල තියෙනවා. ඒ වගේ අවස්ථාවල පිහිට වෙන ආයතනයක් තමයි සහන සංවිධානය කියන්නේ. මෙවැනි වකවානුවක බිහිවූ මෙවැනි සමාජසේවා සංවිධානයක් අපි ඇත්ත වශයෙන්ම අගය කලයුතුවෙනවා. ඒ විතරක් නෙවයි ඔවුන් ලංකාවේ සිටින දුප්පත් දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහාත් විශාල වශයෙන් උදව් උපකාර කරනවා. නමුත් මම මේ ලිපිය ලියන්න ගත්තේ රජයේ ලියාපදිංචි සහන සංවිධානයෙන් ක්‍රියාත්මක කරන තවත් හොඳ වැඩක් ගැන තමයි මේ ලියන්න යන්නේ.
සහන සංවිධානයේ අපේ ජෝර්ජ් හෙට්ටිආරච්චි මහත්මයා, නීල් ද සිල්වා මහත්මයා, සුභාෂ් ගුණවර්ධන (අපි හැමෝම දන්නා දුකා) ඇතුළු කණ්ඩායම පෙබරවාරි 28 වෙනිදට බොහොම අපූරු සංගීත සැන්දෑවක් සූදානම් කරලා තියෙනවා.ඒ තමයි සහන සංගීත සංධ්වනිය මෙම ප්‍රසංගය රසවත් වන්නේ ඔබ අප කවුරුත් ආදරය කරන වික්ටර් රත්නායකයන් සහ විශාරද නන්දා මාලනීයන්ගේ මියුරු ගී සරින්. හෙළයේ පහල වූ ගී තරු අතර ඇති මහත් රසික ප්‍රතිචාරයක් ලබා සිටින මේ විශාරදයන් දෙපල හෙළ ගී ලොව පහල වූ ගාන්ධර්වයන් දෙදෙනෙක් ලෙස හැදින්වූවාට වරදක් නැහැ. මොවුන් දෙදෙනාගේ සුසංයෝගයෙන් නිර්මාණය වූ රම්‍ය තීර්ථය ප්‍රසංග මාලාවේ කොටසක් ලෙසින් තමයි සහන සංගීත සංධ්වනිය පැවැත්වෙන්නේ. මෙතෙක් වොන්ඩර් ලෑන්ඩ් ලෙෂර් ලෑන්ඩ් හි පැවැත්වූ කටෝර සංගීත සංදර්ශනයන්ට වඩා, රත්වූ කාන්තාරයට ඇදහැලෙන මල් වරුසාවක් මෙන් වූ මෙවැනි අරුත්බර සංගීත සැන්දෑවක් ඔබගේ සිතට සැහැල්ලුවක් වනවා ඇතැයි මා විශ්වාස කරනවා. ඇත්තටම ඔබත් හරවත් අරුත්බර සංගීතයට ඇළුම්කරන කෙනෙක් නම් ඔබ මේ අවස්තාව මග හරින එකක් නැහැ කියල මම හිතනවා.
ප්‍රසංගයට යන උදවිය ඉන්නවානම් උඩ තියෙන පින්තූරෙට කොටලා ෆේස්බුක් ඊවන්ට් පේජ් එකේ යනවයි කියල සඳහන් කොරන්නකෝ.
ප්‍රවේශ පත් ඩිරාම් 150,100,75,50
මේ තියෙන්නේ කලින් වතාවක නීලා වික්‍රමසිංහ මහත්මියගේ මාස්ටර් සර් ප්‍රසංගය වෙනුවෙන් දුකා ලියපු ලිපිය
සහන සංවිධානයේ ෆේස්බුක් පිටුවට යන්න ලෝගෝ එක උඩ ක්ලික් කරන්න
කියෙව්වෙමි... :)
ReplyDelete:)
Deleteඑල එල... මම ආසම ගායකයො දෙන්නෙක්...
ReplyDeleteවටිනා කියන දෙපලක්
Deleteඅපිනම් ලංකාවේ තමයි.
ReplyDeleteඅපිත් ලංකාවේ තමයි කරුමෙට පිට රටක හිටියට :)
Deleteසුබපැතුම්....
ReplyDeleteස්තූතියි ඉවාන් :)
Deleteඇත්තෙන්ම දැන් ඉන්න අද පායලා හෙට කඩා වැටෙන තරු අතරෙ මේ දෙපල පුන්සඳවල් දෙකක්.
ReplyDeleteසුභ පැතුම්. වැඩ සටහන අතිසාර්ථක වේවා!
අද ඉන්න ය මේ අයගේ අහලකින් වත් තියන්න බැහැ
Deleteසෝ එකට ටිකට් එකකුයි, රිටර්න් එයාර් ටිකට් එකකුයි එවහන් ඇවිත් යන්න..
ReplyDeleteහික් හික් හික් මහාචාර්ය තුමා මේක charity ප්‍රෝග්‍රෑම් එකක් නේ :)
Deleteමාත් ආස ගායක දෙපලක්. සහන සංවිධනයට මගෙත් ප්‍රණාමය..!!
ReplyDelete:)
Deleteසහන සංවිධානයට මාගේ ස්තුතිය...!
ReplyDeleteඇමතිය වැල් බයිලා ගගහා සොමි ගන්නවා.
දේශ පාලක උන්නැහේලා ගිය තැන ඉවරයි
Delete// තමන හසට තම අතමය සවනලල//
ReplyDeleteඅනිවා. අපි අපිම එකතු වෙලා වැඩක් කරොත් මිසක් දේශපාලුවන්ගෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බැහැ
හරියට හරි සහෝ :)
Deleteහොඳයි හොඳයි. ඔහේ ඉන්න කට්ටිය බලන්නකො එහෙනං.
ReplyDelete:) ප්‍රසන්නයියා එන්නේ නැතෙයි?
Deleteඅගයකලයුතු වැඩක්..
ReplyDeleteසහන සංවිධානයට ප්‍රණාමය :)
Deleteඑහෙම සංවිධානයක් තියෙන එක කොච්චර වටිනවද.
ReplyDeleteඅනිවා ඩුඩ් අයියේ. අපේ දුකාලගේ වැඩ තමයි
Deleteකාලාන්තරයක් අහන්ඩ පුලුවන් සිංදු ටිකක්... !
ReplyDeleteඑහෙනම්... හොදට විනෝද වෙන්ඩ ! ජය වේවා !
(Y)
Deleteවැඩේ ඉහළින්ම සාර්ථක වේවා මලයා සංවිධායක මඩුල්ලේ හැමෝටම සුබ පැතුම්.
ReplyDelete(Y)
Deleteකොහොම හරි බලන්න එනවා (හීනෙන් තමයි)
ReplyDeleteමම හිතන්නේ යු ටියුබ් එකේ දාවි :)
Deleteසංගීත සන්ද්‍යාව හොඳටම තියෙයි .... නන්දා මාලිනිය , වික්ටර් රත්නායකයන් අපේ කලා සම්පත්... වැඩේට අපෙනුත් සුබ පැතුම්...
ReplyDelete(Y) :)
DeleteAll the best & good luck !!!!
ReplyDeleteThanks Aru Ayiya :)
Deleteමාත් මේ දවස් වල මොවුන්ගේ සජීව ප්‍රසංග අහන ගමන්..
ReplyDeleteඅහල අහල ඇතිවෙන දේවල් නෙවෙයි නේ දැන් තියෙන එව්වා වගේ
Deleteමේ සත්කාර්යය සාර්ථක වේවා කියලා ඉත සිතින් පතනවා...
ReplyDeleteස්තූතියි සිරා අයියේ :)
Deleteෂා මරු ෂො එකක් වෙවි.සුභ පැතුම්
ReplyDeleteස්තූතියි දමිත්
Deleteමම මේක දැක්කා ෆේස් බුක් අඩවියෙන්.. හැබැයි දුකා ඉන්නව කියල දැනගත්තෙ අද.. සුබ පැතුම් ලංකාවෙ මිනිසුන් වෙනුවෙන් මෙහෙම එකතු වුනාට
ReplyDeleteදුකා අයියා සෑහෙන්න බැහැලා වැඩකරනවා. සමාජසේවා කටයුතු වලට ඒ පැත්තෙන් නම් හරිම ඉහලයි.
DeleteGreat to listen classics (y)
ReplyDeleteවැඩේ සාර්ථක වේවා කියල පතනවා කෝරළේ...
ReplyDeleteපරෝපකාරය බොහොම හොඳ දෙයක්.
ReplyDelete