"නමුත් අද කාලේ හැදෙන ළමයි හරි ඇඩ්වාන්ස්" මේ කියමන අපි අනන්ත අහල ඇති. ඉතින් මේ ඇඩ්වාන්ස් ළමයින් දන්නේ නැහැ අවහිරකරපු අඩවි වලට පිවිසෙන්න ප්‍රොක්සි VPN භාවිතා කළහැකි බව. දැන් කියන්න පුළුවන් කීයෙන් කීදෙනාද ඔව්වා භාවිතා කොරෙන්නේ කියල නමුත් මා විශ්වාස කරන පරිදි මෙසේ ෆේස්බුක් අවහිර කිරීම තුලින් ළමුන් ප්‍රොක්සි වැනි දෑට හුරුවීම තුල තිබෙන්නාවූ නරක පැත්ත තමයි ළමුන් මෙමගින් කාමුක අඩවි (porn sites) වැනි දෑට ඇබ්බැහිවීම තුලින් මේ වෙලා තියෙනවාට වඩා වින්නැහියක් වීමට ඉඩතියෙනවා.
ඔය වල් සයිට් ගැන කතා කරද්දී තමයි මට මතකෙට ආවේ අපේ ප්රසාව (නමෙන් කොටසයි) ප්‍රසා කියන්නේ අපේ සමාගමේ පරිගණක ක්‍රියාකරුවෙකු ලෙස වැඩට ආ පොඩි කොල්ලෙක් කොහොමින් කොහොම හරි මෑන්ව සෙට් වුනේ අපේ කාමරේට. වයසට වඩා මෝරපු මරුමුස් පෙනුමක් දිස්වුනත් මනසින් තවම පොඩි එකෙක් වගේ වුන ප්‍රසා මලයා අපි හැමෝගෙම හොඳ හිත දිනාගන්නට සමත් වුනා. පලවෙනි වතාවට පිට රටකට ඇවිත් තමන්ගේ ගෙදරින් වෙන්වෙලා තියෙන්නේ. ප්‍රසාගේ මෑණියන් කියපු පරිදි රැයක් ගෙයින් පිට ගතකරපු කොල්ලෙක් නෙවෙයිලු. අපි සැට් එක ඔය මදුවිත පාටි වාටි වලට සැටමෝල් වුනත් ප්‍රසා නෙවෙයි මෙව්වට සම්බන්ධ වුනේ. දැඩිව අමධ්‍යප ව්‍යාපාරය අනුගමනය කල ප්‍රසා අරක්කු සිගරට් දැඩිව පිළිකුල් කළා. කොල්ලෙක් විදියට කියන්න වරදක් නොතිබුනත් කිහිප දවසක් අපේ මංජු අයියට අහුවෙලා තියෙනවා පොර ඔය වැල සයිට් බලනවා. පස්සේ හොයල බැලින්නම් දැඩි ලෙසම ඒ අංශයට ඇබ්බැහිවෙලා තියෙනවා.
මෙහෙ මගේ කලින් ලිපියක සඳහන් කළා බාර්ඩුබායි (Bur Dubai) ,සත්වා (Satwa) යන නගර දෙකම ඔය ගණිකාවන්ට ගොඩක් ප්‍රසිද්ධ තැන් දෙකක්
දිනක් මෙම ඩප්පිය මාගේ අල්මාරියෙන් අතුරුදහන්ව ඇති බව නානකාමරයට යාමට පෙර මම දුටිමි. මා ඒ පිළිබඳව විපරම් කරනු ප්‍රසාද දුටු නමුත් කිසිදෙයක් පැවසුවේ නැති ඔහු මා නැවත පැමිණි පසු මට ඩප්පිය දුන්නේ කෝරළේ අයියේ තමුන්ගේ වටිනා කියන බඩු පරිස්සමට තියාගනින් එක්කෝ අල්මාරිය ලොක් කරලා පලයන්. මේ ඩප්පිය බිම වැටිලා තිබුනා මම පරිස්සමට අරන් තිබ්බා මෙන්න තියාගනින් යනුවෙන් මා අතට දී බාත්රූම් එකට ගියාය. එහි පියන විවෘත කර බැලු විට කිසිවෙන් එහි අඩංගු ආලේපය ඇඟිල්ලක් දමා රැගෙන ඇති බවත් එහි ඇති ඇඟිලිපාර සූක්ෂම ලෙස මකා දැමීමට තැත් කර ඇති බවත් දැකගත් හැකි විය. මංජු අයියාද පැමිණියෙන් මම ඔහුටද මේ ගැන පවසා සිනා සුනේ සති දෙකකට අධික කාලයක් මෙය අල්මාරියේ තිබු මුත් බිම වැටි තිබුනේ නැත. අද බිමවැටීම සහ එය ප්‍රසාටම හමුවීම අහම්බයක් ලෙස කෙලෙස සලකම්ද????? බාත්රුම් එකේ සිට ප්‍රසා පැමිණි පසු මංජු අයියා ඔහුගෙන් මේ පිළිබඳව විමසු විට බොලාට පිස්සුද මම නම් ඔය මගුල් ගත්තේ නැහැ බිම වැටිලා තිබිල මම අරන් තිබ්බා යනුවෙන් පැවසීය.
මම : ඒ කියන්නේ ප්‍රසා උඹ මේක පාවිච්චි කරේම නැද්ද?
ප්‍රසා : නැහැ බං අයියේ කී ගමනක් කියන්නද? නැහැ කියන්නේ නැති නිසා
මංජු අයියා: කෝරළේ මල්ලි ඔන්න ඕක අතහැරලා දාන්න
මම : නැහැ මංජු අයියේ මම මේ බයවුනේ මු වැරදිලා හරි ගාගෙන නම් ලෝක නස්පැත්තියක් වෙන්නේ
ප්‍රසා : ඒ මොකෝ
මම : යකෝ මේ ඩප්පියේ ඇති ව්‍යග්‍රා රෙද්දක් නැහැ මේකේ තියෙන්නේ ............. යැයි පැවසු විට මූණ කොරහක් තරමට කරගත් ප්‍රසා තොපිට හෙන ගහනවා තොපි දෙන්නටම ************* යනුවෙන් අමු තිත්ත කුනුහර්පයෙන් අපිට සංග්‍රහ කොට කාමරයෙන් එලියට ගිය ඔහු නැවත කාමරයට පැමිණියේ අප සියල්ලන්ටම නින්ද ගිය පසුවය. සතියක් පමණ යනකල් මූණ එල්ලගෙන සිටි ප්‍රසා සියල්ල මතක කර දමා නැවත අප හා මිතුරු විය.
දැන් හැමෝම කල්පනා කොරනවා ඇති නේද මොකක්ද මේ අරුම පුදුම ආලේපය ව්‍යග්‍රා කියලා හික් හික්
මගේ පරණ ලැපීගේ hinges (සරනේරු) වලට දාන්න මම ගත්තේ මේකේ කිසිම සඳහනක් නැති නිසාත් ඩප්පිය පොඩි සිද්ධාලේප ඩප්පියක් තරම් වූ නිසාත් ප්‍රසාට මේ ගැන වැඩි සැකයක් ඇතිවුනේ නැහැ. කොහොම නමුත් මේ සිද්දිය එකමඩේෂන් එක පුරා ලැව්ගින්නක් වගේ පැතිර ගියා. කොහොම හරි ඊට අවුරුද්දකට පමණ පසු ප්‍රසා කොම්පැනියෙන් අස්වෙලා යනකන්ම ප්‍රසා කියලා නම් ඔහුට කවුරුත් කිව්වේ නැහැ හැමෝම කිව්වේ ග්‍රීස්
.
ReplyDeleteබොහොම ස්තූතියි ශානු :)
Deleteහිනා වෙලා සික්ෂු හැදුනා මේ කතාව කියවලා.....ඒ මල්ලි බොලාල නම් පංකාදු යාළුවෝ තමා....
Delete:D
සික්ෂු =පික්ෂු
Deleteඋබල තමා යාළුවො අයියයෙ, අර මනුස්සය ඕක ගාගෙන බාර්ඩුබායි පැත්තෙ එහෙම ගියානම් ඒකට වහ කන්ඩනෙ වෙන්නෙ :D
ReplyDeleteඔච්චර සබ්ජෙක්ට් එකට බර මනුස්සයෙක් ව්යාග්රා කියන්නෙ පෙති වර්ගයක් කියන එක දන්නැති එකනෙ පුදුමෙ :D
එහෙනම් ඌ වහ කාල අපිට වෙඩි තියනවා. මේක ඕනේ නම් අපේ දේශා ටත් උපමා කරන්න පුළුවන්
DeleteBlack ග්‍රීස් එකේ ගඳේන්වත් එකට තේරිලා නැහැනේ හික් හික් හික්
සසියා ඒක පෙත්තක්ද බන්? ;)
Deleteපෙත්තක් පෙත්තක් එදා මංජු අයියා ඩේමෝ එකට ගත්තේ එන්හෑන්ස්මන්ට් මොකක්ද මගුලක තිබුන ක්‍රීම් එකක්
Deleteබලාපල්ලකො මූ අහන්නෙ මොකුත් නොදන්න බබා වගේ, සතියට පාරක් ෆාමසියට ගිහින් පැකට් එකක්ම අරන් යනව, මගෙන් අහනව පෙත්තක්ද කියල :D
Deleteආ මූ කියන කැත කතා ශැක්. ;)
Deleteඋබලට ඒව පාවිච්චි කරන්න හොදයි කියද්දි නේද ලැජ්ජ :D
Deleteහෙක්...හෙක්... :)
ReplyDeleteපාප මිත්‍රයෝ හික් හික් හික්
Deleteඋබ මේක ප්[අටන් අරන් තියෙන විදියට මම හිතුවේ සැහෙන්න වැදගත් ලිපියක් කියලා
ReplyDeleteපටන්ගත්ත ලිපිය මගින්ම නැවැත්තුවා රාලේ මොකද එන්න එන්න ලේ කෝප වෙන ලිපියක් දවස් ගානක් තිස්සේ ලියනවා ලියවෙන්නෙම අපහාස උපහාස රාජද්‍රෝහී ලේබලේ නිකන්ම වැඩෙන දේවල් ඒ නිසා ඔය ජේදේ විතරක් තියලා අනෙක්ව මකලා පරණ කොමඩි කෑල්ලක් දැම්මා.
Deleteමැලේ
Deleteඔහොම තමයි හැම එකක්ම පටන් ගන්නෙ වැදගත් විදියට. පහු පහු වෙනකොටයි කොහු කොහු වෙන්නෙ
රාජ් අයියා දන්නවනේ මම කොහොමත් "අ" වැදගත් මනුස්සයා කියලා හික් හික් හික්
Deleteඒක කමක් නෑ කියමු! ඒත් උඹ වැරදිලාවත් වෙන දෙයක් කියල ඌ ග්‍රීස් ගාල අහවල් වැඩේ කලානං......
ReplyDeleteඑහෙම වුනානම් රාජ් අයියේ ඌ කනවා කෑමක් ඩුබායි අමතක නොවෙන්න ඒකත් නගර සෝභිනියකගෙන් හික් හික් හික්
Deleteබොහොම වැදගත් තැනකින් පටන් අරන් වෙනමම තැනකින් ඉවර කරලා. අපරාදෙ පෝස්ට් දෙකක් දාන්න තරම් දේවල් එකක දාලා.
ReplyDeleteමුල් එක ලියන ගියානම් සුදු වෑන් කොහොම වෙතත් සුදු ඔටුවෙක් හරි එවනවා මෙහෙට මාව අතුරුදහන් කරන්න
Deleteපව් යකෝ..හැබෑටම ඔච්චර දන්න එකා දන්නේ නැද්ද එක ගාන එකක් නෙවෙයි කියලා ..?
ReplyDeleteඑකේ කිසිම තැනක සඳහනක් නැහැ ඉවාන් චයිනීස් අකුරුවලින් තියෙන්නේ ඔක්කොම අනෙක තමයි විශේෂ සුවඳක් කියලත් නැහැ මේක විශේෂයෙන් CPU fan අනං මනං වලට එන පරිගණක වලටම එන ග්‍රීස් වර්ගයක්
Deleteපටන් ගත්තු තැනින් නැතුව මෙතනින් ඉවර කල එක හොඳයි. අඩු ගානේ හිනා උණා...පව් ප්‍රසා...මට එකපාරටම ඔලුවට ආවේ දේශකයාගේ ප්රසානේ...:D:D
ReplyDeleteඔව් ඔව් දේශකයාගේ ප්‍රසා.. හැක්.. අපේ සුදීකය නං කියන්නේ ඒකා මගේ කොන්ක්‍රීට් බාස් කියල නෙ..
Deleteඒක තමයි අක්කේ :) අපේ භාෂා 3 නේ ප්‍රසා අයියද?
Deleteමමද ප්රසගේ බ්ලොග් එකට කොංක්‍රීට් බ්ලොග් එක කිව්වේ ?
Deleteඅයියෝ....... ප්‍රසා පව් නේ?
ReplyDeleteඅනේ................ පව්....:)
Deleteඅසේවනාච බාලානං...
ReplyDeleteපංඩිතානංච සේවනා :D
Deleteමේ අපි වගේ පංඩිතයො වෙන්ටැ. :D
Deleteහොඳයි පුතා අපි බාලයෝ (නාකි නෙවෙයි). හැබැයි පණ්ඩිතයොන්ට ඒ දන්ඩේ යන්න බැහැලු
Deleteඅන්න උබ හරි තොප්පිය දාගත්ත ප්‍රියෝ :D
Deleteහික් හික් හික්
Deleteපවු බොලන් අර පිස්සු යකා. ශැක් ඌ ඒ තරම්ම මෝඩයෙක්ද?
ReplyDeleteමට මතක් උනේ අර මම ලගදි දාපු ෆාමසි කෙල්ලගෙ පෝස්ට් එකේ ජගත්ව. :D
ඉල්ලගෙන නේ කෑවේ ප්‍රියා අපි මොනවා කරන්නද?
Deleteමම බලපු එකක්ද?
මෙන්න මේක.
Deleteගොඩක් උන් නම් ඉල්ලම් කියන්නෙ උදුරගෙන කන්නෙ. හි…
Deleteපව් අහිංසකයා ප්‍රියා
Deleteඑයා entrance ට වඩා exit ලෝලියෙක් හෝ හෑරුන පෑත්ත හොදයි හිතන එක්කෙනෙක් නම් ග්‍රීස් අපතේ ගියෙ නෑතුව ඈති.
ReplyDeleteමූ එලියට යන්න ඇත්තේ භූමි තෙල් ගාගන්න වෙන්න ඇති ග්‍රීස් ටික යවාගන්න. හැබැයි මේ ග්‍රීස් ගරාජ් ග්‍රීස් වලට වැඩිය වෙනස්
DeleteVaseline නෑත්නම් ග්‍රීස් !
Deleteමුගේ බොරුනේ... මූට වෙච්චි ඒවා වෙනත් නම් වලින් ලියනවා.. නැත්නම් කොහොමෙයි බඩු පොට් තියෙන තැන් හරියටම දන්නේ..
ReplyDeleteලොක්කා එන්නකෝ මේ පැත්තේ රවුමක් අද කාලේ මොන්ටිසෝරි යන එවුන් පවා දන්නවා ඔයවගේ සිම්පල් දේවල්. අනෙක මෙච්චර කාලයක් මෙහෙ ඉඳලත් ඔව්ව තියෙන හරිය දන්නේ නැහැ කියන්නේ මම රට මෝලෙක් වගේ වෙනවා. සිරාවටම මාතලන් අයිය කොහොමද දැනගත්තේ මේක මටම වෙච්ච එකක් කියලා................. ස්ස්ස්ස්ස්ස්ස්ස්
Delete@ මාතලන්..... +++++++++++++++++++++++++++
Deleteමාත් පොඩි කාලේ ඉස්කෝලෙදි මං ගුටි කැපුවා එහෙම වෙන උන්ට උනා වගේ ඇවිත් අම්මට කියනවා ;)
Deleteඅම්මපා මඩ අයියේ මම කිව්වා කියලා හිතාගනින් :@
Deleteමැවිලා පේනවා යකෝ අරූ අරක උලාගන උන්න හැටි...
ReplyDeleteහැක් හැක් හැක් ඒක මේ ක්ෂණික හිතට ආව අදහසක් නලින් අයියේ
Deleteඒක උලාගත්ත වගේයෑ යවන්න කොච්චර කට්ටක් කන්න ඕනද :D
Deleteනැහැ මලේ මේ වර්ගේ පට ගාලා යනවා බරීස් කිව්වට ගැරේජ් වල තියෙන එව්වා වගේ නෙවෙයි නිකන් moov බාම් එක තියෙන්නේ අන්න ඒ වගේ
Deleteඅද කාලෙ නම් අවුරුදු 10ක එකෙක්වත් ඔය විදියට රවට්ටන්න බෑ..උන් දන්නවා අපිට වඩා..
ReplyDeleteවැඩි කල් නැහැ මීට අවුරුදු 4ක් ඇති 2010 වගේ
Deleteඅපො හොද වෙලාවට උබ අපෙ යාලුවෙක් නොවුනෙ
ReplyDeleteඇයි ග්‍රීස් ගාවයි කියලද? හැක් හැක් හැක්
Deleteඅනේ අප්පේ පව් ඉදගෙන ඈ ..
ReplyDeleteහික් හික් හික් හික්
Deleteඕව තහනම් කරල වැඩක් නෑ... මම කලිනුත් තැනක කමෙන්ට් කළා වගේ මෙතනත් කියන්න තියෙන්නෙ මේක බෙල්ල කපන නිසා පිහි තහනම් කරනව වගේ වැඩක් කියල විතර යි.
ReplyDeleteFacebook තහනම් කලත් යනප්රමානය සියට 10ක් වත් අඩුකරගන්න පුළුවන් වේවිද කියල සැකයි
Deleteහයියෝ ප්‍රසාගෙ අස්ති දෙක.. මොනව හරි සැර දෙයක් වුනා නත් තමයි කෙලිය. මිනිහ සන්නද්ධ වෙලා බලය වර්ධනය කරගෙන යුද්දෙට යන්න හිතා ඉන්න ඇත්තෙ. :D :D
ReplyDeleteහික් හික් හික් මම මේ ඊයේ පෙරේදා ලින්ක් එක යැව්වා බුවාට කියවලද දන්නේ නැහැ පොර
Deleteග්‍රීස් ඇටයා නේද උගෙ නම....පවු බන්....කාගෙ හරි දරුවෙක්නෙ...
ReplyDeleteහයියෝ සිරා අයියා ගම කනවා ඔව් එක තමයි නම ප්‍රසිද්දියේ කිව්වාම හරි නැහැනේ ඕකා මේක බැලුවොත් වහ කාවී
Deleteමිරිස් ටිකකුත් කලවම් කරල තිබ්බ නම් හරි නෙව කෝරළේ... ඒක අහුවෙයි කියල හිතෙනව නම් සුදු ගම්මිරිස් ටිකක්වත්... :D
ReplyDeleteමෙහෙත් ඉන්නව අපි දන්න ඔය වගේ එකෙක්... අනිත් දේවල් වලට උපාසක... ඒත් ඔය වැඩේට යනවා පඩි ගත්තු ගමන්... හැබැයි මිනිහා ඒ ගැන කියනවත් එක්ක...
ඔය ගැන කයිවාරු ගහන මිනිස්සු ඇත්තටම මට පෙන්වන්න බැහැ අක්කේ. මම දැඩිව ප්‍රතිපත්තිමය විදියට විරුද්ධයි ඔය වැඩේට. හැබැයි මේක අහම්බෙන් සිද්ධ වුන දෙයක් මිසක් පලන් කරලා කල දෙයක් නෙවෙයි. ඒ වුන දේ හොඳට ගියා හැබැයි මිනිහා අර ගමන් යන එක නැවැත්තුවේ නැහැ.
Deleteඅම්මපා බං පටන් ගත්ත විදිහට මම හිතුවේ සෑහෙන බරසාර කතාවක් කියලා.. පවු බං අරූ, උඹලත් ඉතින් කලොත් ඔහොමම එකක් තමා.
ReplyDeleteආයේ අහල දිනේෂ් අයියා දන්නවනේ අපේ හැටි :)
Deleteඅස්ථියේ නෙවෙයි ගාන්න තිබ්බේ ඕක... ලීවර දන්ඩේ!!
ReplyDeleteහික් හික් හික් මම මංජු අයියටත් යැව්වා ලින්ක් එක මිනිහගේ කටට ඒ දේවල් ඒ වෙලාවේ කොහොම ආවද දන්නේ නැහැ අරුත් රට හරක වගේ ඇන්දුනා
Deleteපව් බං
ReplyDeleteමොන පවුද මස්සිනා. ඔව්ව තමයි සොමි වැඩ
Deleteමල් හතයි ඈ. ඔය වර්ගයේ එවුන් ඇණගෙනම තමයි හැදෙන්නේ.
ReplyDeleteදැන් නම් ගම් බද අහිංසක කෙල්ලෙක් බඳින්න යනවා කියලයි ආරංචිය. දැන් නම් එහෙම නැතිව ඇති කියල මම හිතනවා
Deleteබ්ලැක් ග්‍රීස් කිව්වාම කලුපාට නෙවෙයිද බං? අර උඹ දාලා තියෙන අනිත් ටින් එකේ තියෙන්නේ සුදුපාට එකක්නේ.
ReplyDeleteනැහැ අයියේ එක මේ කොම්පියුටර් සර්විස් වලට ගන්න පොඩි ප්ලාස්ටික් ඩප්පියක් මම ඔරිජිනල් එකේම පින්තූරයක් අරගෙන දාන්නම් අපේ සර්විස් සෙන්ටර් එකට ගිය වෙලාවක ඒක නොදන්නා කෙනෙක්ට කොහෙත්ම හොයන්න බැහැ ග්‍රීස් කියන එක
Deleteමරු යාලුවෝ තමා...
ReplyDeleteඅපි එහෙමයි මඩු අයියා බොක්කේ ෆිට් එක :)
Deleteමම හිතුවේ අර පුංචි ටයිගර් බාම් ඩප්පියක් කියලා. මේ වගේ මගෝඩි වැඩ ඉතිං ඔය වගේ තැන් වල වෙනවා තමයි.
ReplyDeleteඑකමඩේෂන් ලයිෆ් ඒකත් මහ අමුතුම දෙයක් අවුරුදු දෙකක් හිටිය එකෙන් ඒක වටහා ගන්න ලැබුනා. බීල එන ඩයල් වලට කරන එව්වා ලිව්වොත් මට බ්ලොග් ඒකත් වහන්න වෙනවා අයියේ
Deleteමම අරුන් දෙන්නට අරළු පෙති දුන්නෙත් ඔයවගේ බීපුවම ශක්තිය වැඩිවෙනවා කියලනෙ.
ReplyDeleteකොයි දෙන්නටද හැලපයියේ? ශක්තිය වැඩිවීම කෙසේවෙතත් වසිකිලියෙන් එලියට එන්න පණ නැතිවෙන්න ඇති හික් හික් හික්
Deleteඌට කියහන් දුරියන් ඇට තම්බලා වතුර බොන්න කියලා :)
ReplyDeleteඔය තියෙන්නේ අවුසඳ දූරියන්................... නම මතක් කරත් කටට කෙල එනවා
Deleteඅඩේ කොරලේ ගම කොහෙද බන් ????
ReplyDeleteඋපන් ගම කිරුලපණ හැබැයි සබරගමුවටයි දකුණටයි ලොකු සම්බන්ද කමක් තියෙනවා. :)
Deleteහි... හි... හරිම වැඩේ වෙලා තියෙන්නේ නේද ..
ReplyDeleteඅපි ඉතින් කරොත් ඔයවගේ කුප්ප වැඩක්මනේ :)
Deleteෆේස් බුක් තහනම් කරලා කුඩුවලට පුරුදු කරන්න තමයි කන්ටේනර් පිටින් ගෙන්නන්නේ....
ReplyDeleteමම ඔමාන් ඉන්න කාලේ හිටියා බෙනඩික් කියලා වයස 55ක විතර පොරක්. නිලක් බලන්නම ඕනේ හැමදාම. හැමෝම කතාකරන්නේ නිලන්ත කියලා. මමත් ගිය අළුත නිලන්ත අන්කල් කියලා අම්බානක බැණුම් ඇහුවා. පස්සේ තමයි දන්නේ නිලේ අන්තයට ගිහින් නිසා නිලන්ත වෙලා කියලා.
අප්පට සිරි අරූ අයියා ඔය නම ඒ දවස් වල දැනගෙන හිටියේ නැහැනේ අරූට දාන්න හික් හික් හික් කුඩු සහ බඩු ගණිකා නිවාස සහ කුඩු කන්ටේනර්
Delete