Wednesday 15 January 2014

රටවිරු ටැලන්ට් ස්ටාර්,පබාගේ බබා පාට් සහ විදේශ සේවා නියුක්තිකයන්...............




පසුගිය දිනක ඉතාමත් උත්කර්ෂවත් ලෙස පවත්වපු රටවිරු ටැලන්ට් ස්ටාර් ගැන තමයි මේ පොඩි සටහනක් තියන්න යන්නේ.දිලාන් ඇමතිතුමාගේ මගපෙන්වීම යටතේ තමයි මේ තරඟය සංවිධානය කොරල තියෙන්නේ. අන්තිමේදී අවසන් තෑග්ග හිමිවූ වාසනාවන්තයා ඇත්තටම වාසනාවන්තයි කියල කියන්න පුළුවන් මොකද ඔහු මුදල් අගහිඟ කමකින් පෙලෙන කෙනෙක් නොවුනත් ඔහුවම තෝරලා මේ තෑග්ග දුන්නු එකයි පුදුමේ කියන්නේ. පලවෙනි වටයෙන් එලියට විසිවුනත් වයිල්ඩ් කාඩ් සංකල්පයෙන් මොහුට ඉදිරියට එන්නට හැකියාව ලැබුනේ කාගේ ආනුභාවයෙන්දැයි සොයාබැලීම වටී (නිළියකගේ සැමියෙකු වීම නිසා වෙන්නත් පුළුවන්).සැබවින්ම එම වේදිකාවේ තරඟ කල තරඟ කරුවන්ගෙන් එය ලැබීමට සුදුසු කම ඇති අය සිටියත් ඔහුට තැන ලැබුනේ ලෝකේ උතුම් රටවූ සිරි ලංකාවේ තිබෙන සුදුස්සාට සුදුසු තැන නොලැබීමේ පාරම්පරික සංස්කෘතික ක්‍රමය නිසාවෙන්දැයි නොවැටහේ. නමුත් මේ ලිපියේ අරමුණ තෑග්ග ලැබුණු පුද්ගලයා කවුද කියන එකවත් එහි සාධාරණ අසාධාරණ බව කතා කිරීමවත් නොව එම සංකල්පය ගැනම කතාබහකට ලක් කිරීමයි. මේ ලිපිය නොලීමට හිත හදන් සිටියත් ඊයේ මුහුණු පොතෙන් මේ දැක්ක පින්තූරයෙන් මම නැවත මේ ලිපිය ලිවීමට අදහස් කළා.


  1. ඇත්තටම මිනිස්සු රට යන්නේ මොකද?
  2. කවුද මේ රට යන උදවිය?
  3. මේ අයගෙන් රටට ඇති ප්‍රයෝජනය මොනවද?
  4.  මොවුන් රැකියා සඳහා පිටරට යෑමේදී භාවිතා කරන ක්‍රම වේදයන් මොනවාද? 
  5. මොවුන්ගේ සුභ සාදනය සඳහා ක්‍රියාත්මක වෙන ආයතන මොනවාද?
  6.  එම ආයතන වලින් මොවුන්ට සේවයක් වෙනවාද (මොවුන් වෙනුවෙන් පෙනී සිටිනවාද?)



අපි මුල් කරුණු දෙක විග්‍රහ කර බැලුවහොත් තම රටේ ජීවත් වීමට ඇති අපහසුතා නිසා ජීවන බරින් මිරිකිලා බදු බරින් පීඩිත වෙලා ඉන්න දුප්පත් ජනතාව තමයි රට යන ඇත්තන්ගෙන් 90%ක ප්‍රතිශතයක් වන්නේ ඇත්තටම ලංකාවේ සිටින උදවිය හිතන දෙයක් තමයි රට යන එවුන් යන්නේ දිව්‍යලෝකේ වගේ සුරපුරයකට කියල. ඒ වගේම හම්බ වෙන්නේ ලොකු ලොකු පඩි, රට ඉඳල එනකොට ගේන ටොෆි, චොකොලට්, චුයින්ගම්, විදුලි උපකරණ අතේ කරේ පුරවපු ස්වර්ණාභරණ ආදිය තමයි මැවෙන්නේ. නමුත් සැබෑ තත්වය එසේ නෙවෙයි කියල එම අත්දැකීම ලබපු කෙනෙක් දන්නවා. අරාබි නිවසක වැඩට එන  සාමාන්‍ය ගෘහසේවිකාවක් උදේ පාන්දර 4ට පමණ නැගිට ගත් පසු රෑ 11ට 12 ට නින්දට යනකම් කරනන් තියෙන වැඩ රාජකාරි මෙතන සඳහන් කලොත් මේ පොස්ට් එක එතැනින්ම ඉවර කරන්න වෙයි. මොකද ඒ කාලය ඇතුලත කරන්නට ලැබෙන රාජකාරි එතරම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. මේ රාජකාරි කාලය රාමසාන් මාස වල වෙනස් වෙනවා අරාබි උපවාස කරන නිසා. මේ වෙලාව ඇතුල තුල ඔවුන්ගෙන් කී දෙනෙක්ගෙන් ගුටිකන්න බැනුම් අසන්නට වෙනවාද? නැති බැරි කමට රට ඇවිත් බැල මෙහෙවර කලත් ඇය ශ්‍රී ලාංකික කාන්තාවක්. රැකියාවක් කලත් ජාතියක් ජන්මයක් හරි ඉතිහාසයක් නැති අරාබින්ගේ ගොදුරක් වියයුතු නැහැ කියන මතයේ මම ඉන්නවා. 


ඇත්තටම අප රටට විදේශ විනිමය ලැබීමේ මුල්ම සහ ලොකුම මාර්ගය තමයි විදේශ ශ්‍රමිකයන්. මහ බැංකුව රජය අය වැය සැකසීමේදී විදෙස් විනිමය කියා පෙන්වන අගයෙන් 60% ක් පමණම මේ සාමාන්‍ය ජනතාවගෙන් ලැබෙන මුදල් වන අතර. අප රටේන් අපනයන වන දේවල් පිළිබඳව මා මෙතැනදී කතා කිරීමට යන්නේ නැති වුනත්. මහාපරිමාණයෙන් අපනයනය වන දේ වන්නේ ශ්‍රමිකයන්ය. ඇත්තටම මේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජීවත් වුවත් මෙම ක්‍රියාවලිය මම මෙතැනදී වහල් ජාවාරමක් ලෙස හඳුන්වනවා. (වෙනස තිබෙන්නේ පොඩි පඩියක් ගෙවන එක විතරයි)නමුත් විදෙස් ගතවූ පසු ඔවුන්ට වැඩ කිරීමට සිදුවන්නේ වහලුන් ලෙස බව විදෙස් රැකියාවක නිරතවූවන් දන්නවා ඇති. පසුගිය දිනක ස්වර්ණවාහිනී පුවත් අතර වාරයේ පෙන්වූ ලීලා මහත්මියගේ පුවත ඔබ දුටුවා යැයි මා සිතනවා. සැබවින්ම සුරංගනා ලෝක පෙන්වා අප අහිංසක කාන්තාවන් පිට රට පරවන විදේශ රැකියා ඒජන්සි  (වහල් ඒජන්සි) කරුවන් ඔවුනට එහි යම් කිසි කරදරයක් වූ විට හැසිරෙන්නේ ඔවුන්ට එම ශ්‍රමිකයාගේ  වගකීම ඇත්තටම නැති ලෙසිනි. 


පෞද්ගලික අංශය මෙසේ ක්‍රියා කරද්දී අපි මදක් අවධානය රාජ්‍ය ආයතන වන විදේශ රැකියා කාර්යංශය සහ තානාපති කොන්සල් කාර්යාල වෙත යොමු කෙරුවහොත් විදේශ ගතවීමේදී ලියාපදිංචි ගාස්තු (නිල කප්පම්)වශයෙන් 15000ක පමණ මුදලක් අයකරන අතර එය අවුරුදු දෙකෙන් දෙකට අලුත් කිරීමටත් සිදුවෙයි. මුදල් ලබාගැනීමේදී ඉතා යුහුසුළුව ක්‍රියාකරන විදේශ රැකියා කාර්යංශයේ නිලධාරීන් යම්කිසි හදිස්සියකදී කරදරයකදී එම නියුක්තිකයා හෝ නියුක්තිකාව නැවත ගෙන්වාගැනීමට අර තරම් යුහුසුළු නොවන්නේ ඇයිද යන්න විදේශ ශ්‍රමිකයන් හට ඇති ගැටලුවකි. සත්මහල් ප්‍රාසාද තනා (එම ආයතනයේ ගොඩනැගිල්ල) එහි සේවය කරන මහත්ම මහත්මීන් ඔවුන්ගේ සේවය ලබාගැනීමට පැමිණෙන පුද්ගලයින් සලකන්නේ ඔවුන්ගේ වටිනා කාලය කා දැමීමට ආ පුලන්නන් පිරිසකට මෙනි. තානාපති කොන්සල් කාර්යාලද ක්‍රියා කරන්නේ පිට කොන්දක් නැති අයවලුන් ලෙසයි. නමුත් ඔවුන් මොහොතකටවත් නොහිතන්නේ මන්ද ඔවුන්ගේ මාසික වැටුප් ලැබෙන්නේ මේ ශ්‍රමිකයන් විසින් උපයන මුදලින් බව. සැබවින්ම අනෙක් රටවල් වල තානාපති කාර්යාල ඔවුන්ගේ රටේ පුරවැසියන් ගැන දක්වන උනන්දුව කැපවීම ලංකාවේ තානාපති කාර්යාල වල නම් දකින්නට නැති බව කණගාටුවෙන් වුනත් කියන්නට වෙනවා. 

රටවිරු ටැලන්ට් ස්ටාර් කියාගත් එම වැඩසටහනට වියදම් කල මුදල් විදේශ ශ්‍රමිකයන්ගේ සුභසාධනයට යොමු කාලා නම් ගරු දිලාන් පෙරේරා ඇමති තුමාටත් මෙයිට වැඩිය පිළිගැනීමක් ගරු කිරීමක් ලබාගන්න තිබුනා. නළුනිලියන් ගායක ගායිකාවන් පිරිවරාගෙන රටින් රට සංචාරය කරමින් මුදල් නාස්ති කිරීම සැබවින්ම ජාතික අපරාධයක්. ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයන් සඳහා මෙයිට වඩා විධිමත් වැඩ පිළිවෙලක් සකස් කොට ඔවුන්ට තම අවධානය ලබාදීමට කාලය ඇවිත් තිබෙනවා. අවුරුදු ගානක් තමන්ගේ දාඩිය මහන්සියෙන් හම්බ කරන්න යන එකටත් අපි රජයට බදු ගාස්තු ගෙවලයි යන්නේ. එම රජයට වගකීමක් සහ යුතුකමක් තිබෙනවා මෙම ශ්‍රමිකයන් වෙනුවෙන් පෙනී සිටින්නට. විශේෂයෙන්ම අප රටේ ගැහැණු පිරිමි බේදයක් නැතිව අඩම්තේට්ටම් වලට ලක්වෙන රටක් තමයි සවුදි අරාබිය. අප රජයට කොන්දක් පණ ඇතිව ඒවාට එරෙහිව කතා කිරීමට නොහැකි නම් තවත් ජීවිත විනාශ නොකර එවැනි රටවල් වලට අප රටේ පුරවැසියන් නොයැවීමට කටයුතු කල යුතුයි.





ප.ලි. ඇත්තටම ස්වර්ණවාහිණියේ නිවේදිකාවක් හිටියෙම නැද්ද දන්නේ නැහැ අර බබා පාර්ට් දාන පබාට නිවේදන කටයුතු සහ සභාව මෙහෙය වීම කරන්න දුන්නේ. ඇය සභාව මෙහෙයවූවාද සභාව විසින් ඇයව මෙහෙය වූවාදැයි එම වැඩසටහන නැරඹු උදවිය දකින්ට ඇති. තානාපතිට තානාධිපති ලෙසත් තවත් මෝඩ පාට් කිහිපයක් රඟදැක්වූ පබාලා වැනි උදවිය තමුන්ගේ හැකියාව දැන්වත් තේරුම් ගත යුතුයි. දෙබස් පාඩම් කොට කරන රඟපෑමට දක්ෂ වූ පමණින් නිවේදන කටයුතු (එයත් සජීවී වැඩසටහනක) කිරීමට හෝ රටක් පාලනය වන පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට තමුන් අසමත් බව ඇයට වැටහෙන්නේ නැත්තේ කුමන පාරුවේ පුවක් නිසාවෙන්දැයි කෝරලේ මහත්තයාට ඇත්තේ ගැටලුවකි. 




64 comments:

  1. රණවිරු රියල් ස්ටාර් තරගයනම් මන් බැලුවෙ නෑ, ඒ නිසා ඒකෙන් දිනුවෙ කව්ද කියල හරිහැටි අවබෝධයක් මට නෑ අයියේ, ඒත් ඉතින් නිලියකගෙ සැමියෙක් දිනුව කියන්නෙ අනිවාරයෙන්ම ඩිලාන්ගෙ යටිකූට්ටු වැඩක් වෙන්න ඕන...
    රණවිරු රියල් ස්ටාර් විතරක් නෙමේ, රජයෙන් තවත් කිසිම තේරුමක් නැතිව සල්ලි නාස්තිකරන ඕනතරම් දේවල් තියනව, ඒව හැකිතාක් අවම කරල අසරණ මිනිස්සුන්ට සහන සලසන්න කටයුතු කලානම් ලංකාව ඇත්තටම ආසියාවේ ආශ්චර්ය කරන්න පුලුවන්...

    ReplyDelete
    Replies
    1. මලයට පැටලිලා වගේ මේ රණවිරු නොවේ රටවිරු වෙනත් ප්‍රසංගයක්

      Delete
    2. රණවිරු නෙමෙයි බන්.. රටවිරු... එහෙම එකකුත් තිබුනා..

      Delete
    3. මල කෙලියයි පැටලිලා නේන්නම්, මේකෙ තියන ෆොටෝ ටික ගෙදර අය දකී කියල බයට ඩිග් ඩිග් ගාල කියවන් ගිහින් කමෙන්ට් කලා...අයියෝ ලැජ්ජාවෙ බෑ :( :D
      සිරාවටම මන් දැනන් හිටියෙ නෑ රටවිරු කියල එකක් තිබුන කියල, අයියල දෙන්නට ස්තූතියි ඈ කිව්වට :)

      Delete
    4. උපේක්ෂා ඇන්ටිගෙ ෆොටෝ එක දකී කියලා නේද බය උනේ?? හි හි :-D

      Delete
    5. රට විරු කියල තිබුනේ රට ඉන්න උදවිය වෙනුවෙන්ම හදපු එකක්. නමුත් කිසි පලකට නැති සල්ලි කාලය කණ වැඩසටහනක්. ෆොටෝ ටික නම් එක නේද තව ඉස්සරහට උපේක්ෂා ඇන්ටි පාර්ලිමේන්තුවටත් බිකිනියෙන් යාවිද දන්නේ නැහැ.

      Delete
    6. @ප්‍රියා ඒකයි අර අඩ නිරුවත් කෑල්ලයි දැක්කනම් මගෙ රෙදි මොකටද :D

      @කෝරලේ මහත්තය පබා බඩ කරන් එන්න තමා එහෙනම් :D

      Delete
  2. මම හිතුවේ ඩිලාන් ආවාම දෙයක් කරයි කියලා. එයත් නොම්බර එකේ බයිලා කාරයෙක්. මොකා ආවත් මාෆියාවට යටත් වෙනවා. ඒක අන්තර්ජාතික මාෆියාවක් නිසා කෙනෙක්ට එරෙහි වෙන්න අමාරුයි. ඒත් පිලිපීනය උන්ට බය නැත්නම් අපි මොකටද බය වෙන්නේ කියන කාර්ණාව එතනදි එනවා. ඒ කියන්නේ ඒ නිළධාරින් තමන්ගේ රටට, තමන්ගේ මිනිස්සුන්ට ආදරෙයි. අපේ කාළකන්නි සල්ලිවලට ආදරෙයි. ඕකයි වෙනස.

    මම නම් තානාපතිලගේ මූණටම බැනලා තියෙනවා. සක්කිලි බල්ලෝ.. මෙළෝ දෙයක් නොකරන..

    ReplyDelete
    Replies
    1. අද කාලේ තානාපති කමට එන උදවිය එන්නේ සුදුසු කම් මතට වැඩිය දැන ඇඳුනුම් කම් මත. ක්‍රියා කලයුතු ආකාරය දන්නේ නැහැ විදෙස් රාජ්‍ය එක්ක එකයි ගැටලුව. ඔය පිලිපීන තානාපති කාර්යාල හරිම තායි ඔවුන්ගේ ශ්‍රමිකයන් ගැන එවෙලේම ක්‍රියාත්මක වෙනවා.

      Delete
  3. ////අවුරුදු ගානක් තමන්ගේ දාඩිය මහන්සියෙන් හම්බ කරන්න යන එකටත් අපි රජයට බදු ගාස්තු ගෙවලයි යන්නේ. ////

    ඇග බද්ද ,,කඩවත් බද්ද අහෝසි කරලා කියලා කියන්නේ කොහොමද ..බලු බද්ද නම් අහෝසි කරලා ඇති ඒකනේ පෝරුවෙත් නග්ගලා බන්දන්නේ... අපේ රට තනිකර කනවා ,, මොකා ආවත් කනවා කාලා දැන් නැතිකරලා තියෙන්නේ..

    විදේශ සේවා එකෙන් මහලොකුවට ස්කයිප් එකෙන් පවා පැය 24 සේවය දෙනවා කියනවා ,,ඒත් කොච්චර මැදපෙරදිග යන මිනිස්සු අසරණ වෙනවද ,..කියන්න දේවල් නම් එමටයි මල්ලි... පබා ගැන නම් කතා කරලා වැඩක් නැහැ.

    ReplyDelete
    Replies
    1. බලු බද්දත් ගහන්නයි කියන්නේ යන්නේ ලින් බද්දත් ගහන්නේ අධිරාජ්‍යවාදීන් හිටියනම් හොඳයි කියල හිතෙනවා එහෙම වුනා නම් අපේ රට මීට වැඩිය සංවර්ධනය වෙලා

      Delete
  4. ඇත්ත කෝරලේ ඔය අහිංසකයො ගැන කතා කරන්න එකෙක් වත් නෑ. අර මනුස්සයා (රන්ජන් රාමනායක) ඔය දේවල් ගැන තරමක් හරි කතා කලත් ඒත් විපක්ෂෙ ඉන්නකම් විතරයි. හදීසියෙ හරි බලය ලැබිලා එයා විදේශ ඇමති උනත් එයත් ඩිලාන්ගෙ චරිතෙම තමා රඟපාන්නෙ.

    පබාලා ඩිලාන්ලා ගැන නම් කතාවත් කර වැඩක් නැත. නිශ්පල ක්‍රියාවකි…………………

    ReplyDelete
    Replies
    1. මම රංජන් ගැන කතා නොකළේ මේක දේශ පාලන කතාවක් කියල හංවඩු ගැහෙයි කියලා හිතුන නිසා. ඇත්තටම අපේ රටේ දේශපාලනය ගැන කතාකිරීම හිල් කාලෙන් දිය අදිනවා වගේ වැඩක්

      Delete
  5. ඔය කිසිදු ඉස්ටාර් කෙලියක් බලන්නේ නැත. පිත කෝපවන නිසා. ගායක ගායිකාවන් ඔවුන්ගේ ගායන හැකියාව අනුව තෝරනවානම් හොඳම ගුවන්විදුලියයි. ඇඳුමෙන්, රංගනයෙන්, අභිනයෙන් ගායකයකු හෝ ගායිකාවක මනින්නෝ අමනයෝය.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++ නියම කතාව් අවිචාරක මහත්තයෝ

      Delete
  6. කෝරාලේ,

    මුන් කරන්න ඕනා දේ නෙමේ කරන්නෙ කියන එකට මේ චොකා බයිලාව ( රට විරු අට මගලේ ) හොඳ උදාහරණයක්. රට ගිහින් තැලෙන මිනිස්සුන්ට ඕනා මේ බහුරූ කෝලම් නෙමේ.. උන්ට අඩුම ගානේ වගුරුවන දහඩියට සාපේක්ෂව සාධාරණ පඩියක් ගන්න පුළුවන් විදිහට එකඟතාවයක්වත් ඇති කරලා දෙනවනම් ඒක ලොකු සේවයක් වෙයි. ඇමතියෙක්ගෙන් වෙන්න ඕනා ඒවගේ දේවල් මිසක් මේ බූරු වැඩ නෙමේ. ඒ අතින් රන්ජන් රාමනායක විදෙස් ශ්‍රමිකයන් වෙනුවෙන් ලොකු දෙයක් කරනවා.

    විදේශ සේවා එකේ උන් ගැන නම් කියලා වැඩක් නැ. උඹ දන්නවනෙ ඕකුන් ‍රැකියාවකට රට යනකොට රක්ශණයක් කියලා විකාරයකට ලොකු ගානක් කඩා ගන්නවනේ. මම පහු ගිය ජූනි වල ඇවිත් මෙහෙන් රස්සාවක් හොයාගෙන ආයේ අගෝස්තු ල්ංන්කාවට එන්න බලාගේ ගියේ. ඒ යනකොට මගේ ඉන්ශූරන්ස එක කල්පැනලා තිබුනේ. මම කිව්වා ආපහු මාස දෙකකින් එනවා ඒකාලෙට විතරක් ගෙවන්න බැරිද කියලා. බෑ කියලා මුලු අවුරුදු දෙකටම ගෙවන්න කිව්වේ. ඔන්න ඔය වගේ තමා උන්ගෙ කෙරුවාව. ඔය උලව්වෙන් අසරණ වුන කී දෙනෙකුට පිහිට වෙලා තියනවද කියලනම් මම දන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. පිහිටවුන කිසිම කෙනෙක් අදවෙනකල් මම අහල නැහැ ම්මේ පසුගිය දවසක මෙහෙ රාජකාරි කල ගුරුවරියක් මිය ගියා අයගේ මිනිය යවන්න වුනේ දන්නා අඳුනන අය සම්මාදම් වෙලා සල්ලි දාල පසුගිය අවුරුදු 2කැ ඇතුලත එහෙම යැව්වා 3 වෙනි මිනිය දෙකම හාර්ට් කේස් අඩුම තරමින් මරුන කෙනාගේ මිනිය ලංකාවේ පවුලේ උදවියට යවන්න වත් ක්‍රමයක් නහ විදේශ සේවා එකේ එවුන් ළඟ මම මේ පාර එද්දී මට තියෙන්නේ තව මාසෙකට විතරයි කියල මාසෙකට කලින් මට රක්ශනේ ගණන් කිව්වා ඒ ගණන් ගිහිනුත් පය භාගයක් මගේ විනාස වුනා එතන වැඩකරන අය ඕපදූප කතා වෙනවා වැඩ පැත්තක දාලා

      Delete
  7. රටවිරු කියලා එකක් තියෙනවා කියලා දැන්නෙත් මැඉ දැන් කෝරළේ මහත්තයා. ඒකත් එහෙමද?

    ReplyDelete
    Replies
    1. ඔව්ව නොබලා ඉන්න ටහ්රමටම ලේ කුපිත කරගන්නේ නැතිව ඉන්න පුළුවන් ඩුඩ් අයියේ

      Delete
  8. ඔය අටමගලෙ අහම්බෙන් දවසක් දැකල තව පොඩ්ඩෙන් මට බඩත් යනව බං..!
    උඹ කියපු දේවල් සියල්ලම මටත් හිතුන ආයිබොවං..!

    ReplyDelete
    Replies
    1. මම නම් දුකටම ෂොට් එකක් ගැහුවා :)

      Delete
  9. යාලුවා !!
    ඩිලානුත් එකයි ඌ එම්බසියට එවන ගොං අමන හැත්තත් එකයි !!
    එක අතකට මුන්ගෙන් නිසි සේවය ලබාගන්න හිතන අපියි මෝඩයෝ !!! උං හරි !!

    ReplyDelete
    Replies
    1. සුදුසු කම් වලට නෙවෙයි දැන ඇඳුනුම් කම් වලටයි තැන

      Delete
  10. ඩිලාන් කියන්නෙ මිනිහෙක්ද බන්...බැදපු ගෑණු දෙන්නම ඒකව දාලා ගිහිල්ලා තියෙන්නෙ මිනිහගෙ නොහැකියාව නිසා....දීපු ඇමතිකමෙනුත් වැඩක් කරගන්න බෑ...පහුගිය කාලෙ නානසාර හාමුදුරුවොත් ඩිලාන්ගෙ සරං කෙටිය ගලවලා දැම්මා...මගේ අදහස නම් මෙයාව විපක්ෂයෙන් ඉන්දවලා රංජන් ගොයියව මේ තනතුරට පත් කලා නම් හොදයි කියලයි...ඩිලාන්ට පුලුවන් එකම දේ වාචාලයෙක් වගේ කෑගහන්න විතරයි...

    ReplyDelete
    Replies
    1. බලාගෙන සිරා අයියේ සුදු වෑන් කාරයෝ.... :) මොකෙක් වුනත් වැඩ බැරි ටාසන් කෙනෙක් කියලනම් තේරුනා

      Delete
  11. ඔන්න ආයෙත් පටන් ගත්තද අපේ උපේක්ෂා ඇන්ටිට මඩ ගහන්න..මට මොකුත් මතක නැහැ..

    ReplyDelete
    Replies
    1. පිස්සුද උමේෂ් අපේ පාඩා අහ: වැරදුනා පබා අකක්ට මඩ ගහන්න???? චි චි චි කැත වැඩක්

      Delete
  12. පව් යකෝ වොලිබෝල් ගොඩ දාන්න ගිය එකා ඒක කර ගන්න බැරුව දැන් රට විරුවෝ ගොඩ දාන්න යනවා.. උඹලා බනිනවා..

    කවුද බං මුන්ට ඡන්දෙ දුන්නේ..?? මුලින්ම ඒක හොයමුද????

    ReplyDelete
    Replies
    1. අපේ ශ්‍රී ලාංකික පුරවැසි උන්නැහේලා තමයි ඉතින්

      Delete
  13. සිංහලෙන් ටයිප් කරන්න වෙලා යනවා, ඒක නිසා ඉංග්‍රීසියෙන් ලියනවා.
    I see few issues.
    1) Most of the ppl in embassies are political appointments without any qualifications. They don't know how to resolve these issues and they don't care.
    2) Even if someone wants to act SL doesn't have enough power to do that. We really can't force saudi or UAE govs to do anything. If we don't send maids to them they will find ppl from pakisthan or bangladesh.
    3) keeping aside all the bad things Premadasa did, starting the garment industry was a good approach. Even though salaries are low and not enough, they are at least in our county, and won't have to return home dead.
    4) and most of these middle east countries are run buy backward tribes who should have been in dark ages if not for the oil money. With all their glamorous sky scrappers, they are not evolved enough to be a civilized society.

    I work in USA, and when we are getting the working visa they give us a booklet with all our rights. Employees can't treat us any different or pay us a lower salary just because we are foreigners. That's how a civilized society behaves. (USA has it's uncivilized side of invading other countries, but that's a topic for another day)

    ReplyDelete
    Replies
    1. No body get the right place in sri lanka if you need to have a better carrier you have to be relative to one of any political ***hole

      there are no democracy as they say. sri lankaa need a ruler,. a king, person who care about his nation those politicians have no backbone. they are afraid to raise there voice against arab violenceor they don't know how to talk

      Delete
  14. මුන් මුලු රටම ස්ටාර්ස්ලා කරලා තමයි නවතින්න්නේ. මේ බලන්න...සයන්ස් ඔලිම්පියාඩ් ගිහින් රණ් පදක්කම් ගෙනාපු ළමයින් හතර දෙනාට ලැප්ටොප් හතරක් දුන්නා. අනිත් පදක්කම්ලාභීන්ට කවකටු පෙට්ටියක්වත් නැහැ. පොඩි ළමයින්ට මෙහෙමද සලකන්නේ. නැත්නම් කාටවත් නොදී ඉන්න ඕන. හිස් මිනිස්සු බන්. පස්ස පැත්තේ කරගැට ආපු නිලි පඩංගුවලටයි, මඤ්ඤං ස්ටාර්ස් වලටයි කෝටි ගණන් වියදම් කරනවා.

    ReplyDelete
    Replies
    1. මහජන මුදල් නාස්තිය විතරයි මේ වගේ අයව පාර්ලිමේන්තු යවන එවුන් තමයි හරක්

      Delete
  15. ඩිලාන් චාටර් වෙලා ඉවරයි,,අර රන්ජන් නැත්නම් මැදපෙරදිග ගැන කතා කරන්න බල්ලෙක්වත් නෑ,,ලෙබනන් තානාපති නම් ඩිලාන් එක්ක ගේම කියලා ආරන්චි,,එයා කොන්ද කෙලින් තියන් වැඩලු ඉතින් ඩිලාන්ට දිරවන්නෙ නෑලු..

    ReplyDelete
    Replies
    1. රංජන් කරනවා තමයි රජයටත් වැඩිය වැඩක් තනිවම

      Delete
  16. මම නම් ඕක බලලම නෑ.. උඹ කිවුව කතාව ඇත්ත.. මැදපෙරදිග යන අය ගැන මීට වඩා හොයන්න ඕන.. ඒ මිනිස්සුන්ට වෙන දේවල් නවත්තන්න විදිහක් බලන්න ඕන.. එහෙම නැතුව ඉතින් මේ ස්‍ටාර් කලා කියලා ඇති වැඩක් තියෙනවා කියලද..

    ReplyDelete
    Replies
    1. කවදද මස්සිනා ලංකාවේ වෙන්න ඕනේ දේවල් වුනේ විකාර මිසක්

      Delete
  17. මහ විකාරයක්.. රටගිය ඇත්තෝ ඔක්කෝම විරුවන් කරන්නයි බලන්න ඕන.. නැතිව මේ බඩකඩිත්තු පඩ ෂෝ වැඩක් නෑ..

    ReplyDelete
    Replies
    1. මේකට හරියන නම තමයි කිව්වේ බඩකඩුත්තුව :D

      Delete
  18. මම නම් ඔය ස්ටාර් තරඟයක්වත් බලලා නෑ. වැඩිය ඔය ගැන තැකීමක් නෑ
    පබා ගැන නම් කතා කරලා වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං දැං ඒකිට බෝයියෙක් අයේත් ඉන්නවලු නේහ්.. හැක්..

      Delete
    2. ඔවු ඉන්නවාලු නේන්නම්..
      පබා... නල්ල මලේ බිබික්කම !

      Delete
    3. හි හි හි

      Delete
    4. පබා නේ ???

      ආහ් ඔව් ඔව් !! හොඳයි ! හොඳ ලමයෙක් !!!!

      Delete
  19. හප්පට සිරි.. රටවිරු ස්ටාර් කියල එකකුත් තිබුන ද.. දන්නෙත් දැනුයි. ඔන්න මං ටෙලිවිසෝන් එකෙන් දුරස් වුනු තරම. ඇත්තටම ඉතින් ඔහොම සෝබන වැඩ නොකෙරුවට ඒ මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් කරන්න මොන තරම් දේ තියනවා ද.. කතා විතරයි ඉතින්..

    ස්ටාර් තරඟ මුලින් බැලුවට පස්සේ එපා වුනා.. ඒවායේ තියන ඒකාකාරී බව හින්දම..

    ReplyDelete
    Replies
    1. ප්‍රසිද්දිය බලන් කරන තේරුමක් නැති වැඩ

      Delete
  20. මං ටීවී නොබලන්නෙක්මි. මෙහෙම හෝ දැනගන්නට ලැබීම සතුටකි.

    ඔය රියලිටි විතරක් නෙවෙයි, හැම රෙද්දටම නිළි කෑලි ගන්න එකනම් හෙලා දකිමි. ඔහොම ගියාම හැම දේකටම නිලියො කියන අය විතරක්.

    තව ටික දවසක් යනකොට "නිළියො නැත්නම් ලංකාවත් නෑ"

    ReplyDelete
    Replies
    1. පිස්සු කියනන් එපා ධනා නිලියෝ නැත්නම් ආණ්ඩුවත් නැහැ

      Delete
  21. ශ්‍රි ලාන්කික ක්‍රමෙට වැඩෙ වෙල නේ

    ReplyDelete
  22. රට විරුවෝ
    රට විරුවෝ
    රට විරුවෝ
    රට විරුවෝ

    ඇත්තටම රට විරුවෝ තමයි..
    ඒ මිනිස්සු රට ගිහින් ඉන්නේ ආතල ගන්න නෙවෙයි. තමන්ගේ දාඩිය මහන්සියෙන් කීයක් හරි හොයාගෙන දරුවන්ගේ ඇස් පාදන්න, ගෙයක් දොරක් හදාගන්න.. වගේ දේවල් වලට.
    ඩිලාන් මහත්තය ඇතුලු නඩය සිදුකලේ මේ මිනිස්සුන් ව විකුණගෙන කාපු එක..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. එක තමයි මම කියන්නෙත් කරන්න කොච්චර වැඩ තියෙනවද ප්‍රසිද්දිය බලන් කරන චන්ද ගුණ්ඩු

      Delete
  23. ඔන්න ඔය ගැන විවිධ කතන්දර නම් හැදිල තිබුණා අන්තර්ජාලෙ විවිධ ‍වෙබ් අඩවි වල. ඇත්තද බොරුද දන්නෙ නෑ අපිත් නිකං ඉන්න ගමන් ඒව කියෙන්වා. මේ තරු තෝරන ඒවට වැඩිය ඒවියදම් කල සල්ලි වලින් බල්ලන්ට ආප්ප කන්න දුන්නනම් ඊට හොඳයි. හැබැයි මම ඒක දැක්කෙ නෑ

    ReplyDelete
  24. ඔය රටවිරු ඉලව්වනම් බැලුවේ නැත .කොහොමත් සිරස සුපර් ස්ටාර් 1, 2, න පස්සේ කිසිම ස්ටාර් එකක් බැලුවේ නැත.

    ReplyDelete
    Replies
    1. අඬනවා කඳුළු හලනවා විකාර ගොඩයි

      Delete
  25. මුංට ඡන්දෙ දුන් එවුං විතරක් යෑ... අගමැති මහින්ද ජනපති කරමු කියල කරේ තියං ආව ජෙප්පන්ටත් ගහල පන්නන්න එපැයි...

    ReplyDelete
    Replies
    1. දේසපාලනේ ගෑවුනත් ඉවරයි ඕනෙම දෙයක්

      Delete
  26. රුපපෙට්ටිය බැලීමෙන් වෙන්වී බොහෝ කල්...

    ReplyDelete
  27. ටීවී එකක් බලපු කාලයක් මතක නෑ. අඩයි දන්න්බේ මෙහෙම එකක් තියනවා කියලා

    ReplyDelete
    Replies
    1. හත් ඉලව්වේ ලංකාවේ නෙවෙයිද ඉන්නේ

      Delete

ඔයාල කොම්මෙන්ට් එකක් දාන්න වැය කරන තප්පර ගානත් ඔයාලට වැදගත් කියල මම දන්නවා එත් ඔයාලගෙන් අදහසක් මේ පිළිබඳව ලැබෙනවා කියන්නේ මට ඉදිරියටත් ලියන්න හොඳ මොර්ටිවේෂන් එකක් ලැබෙන එක. ලියන්න කල් මදිනම් තිතක් තියල යන්න එතකොට මම දන්නවා ඔබ මෙය බැලු බව. ස්තූතියි.........

Related Posts Plugin for WordPress, Blogger...